කාලිංග බොධි ජාතක කාව්‍ය-කාව්‍ය v
සරා කල් වැනුම්
400. සරත් සිරින් මුළු දියත පහන් වී දිමුත් සුපුන් සිසි කැලුම් පහන් වී නිසිත් සුපිපි මල් ගඳට පහන් වී දිමුත් බමන බිගු දැක නො පහන් වී
401. අටිය වඩන තුරු හිමි ගත සිප ගෙන තුටිය වෙමින් අතු ඇකයෙහි තැන තැන සිටිය අමා බිතු ගී රැව් බැණ බැණ දිටිය එ මලිගිය ලීය ඔහු වෙසෙ සින
වසත් කල් වැනුම්
402. කුසුම් රොනින් ලෙව් තවරා තවරා නොමින් කොවුල් ගණ මිහිරා මිහිරා සිකින් අඬන පිල් අඹරා අඹරා මුවන උදම් විය සිතරා සපුරා
403. ගදෑ තුන් මද වහනය කරවමිනා 1ළදලින් සමඬුලු සදමින් 2 නොමිනා 3 බමරුන් ගුම් ගන්වා එක ලෙසිනා තඹරන් වෙත රොන් රැස් ගන්වමිනා
404. සපු සල් වන තුර බිඟු නද කරවා වියොකල් වමියන් යළි එක් කරවා සිය කල් මත් කොට මන දොළ පුරවා තව කල් පිය සහ වනයා කරවා
405. මෙලෙසින් වසත් කල ස පැමිණි සෙඳහි දිය තුළ මදු රද දූ කොමල තම දෙමව්පිය වනට ගිය කල
406. විසිතුරු කුසුම් ගෙන මල්දමක් අමුනා ගෙන තම හිස පැලඳ ගෙන අසපුවෙන් නික්මෙමින් සතො සින
407. තමා තුනු කැලුමින් වනතර එ කළු කරමින් ලෙම පුල්ලිය වමින් බිඟුන් රැව් තුටු වදන් අසමින් 1 උදලින් 2 කරමින් 3 මෙය ධර්මප්ර දීපිකා වේ "මල් පල්ලෙන් සාමඬුලු සදමින්" යන්න කවියට නැගූ අයුරුයි. (52) 408. කුසුම'තුරෙන් වැහෙන මුවරඳ රොන් තවර ගෙන බිඟු කැල බමවමින නො ලස ගොස් ඒ කුමරි සසොබන
409. ගඟ'ස තිබු වැල්ලේ හිනි පෙති පෙළක් තුල්ලේ සුසැදි මල් පල්ලේ නොමඳ රැව් දෙන බිඟුන් ලොල්ලේ
410. අඹ තුරෙක නැෙඟමින පළන් මල්දම ගෙන'තින ගඟ දියට දමමින යේය විසූ අසපුවට සැම දින
411. මෙ ලෙසින් එක් දිනෙක දැමූ සඳ මල් සුඹුළු වෙක ගඟ පසලෙහි එ වක කලිඟු කුමරිදු නාන නො වැලක
412. ගිලෙමින් දිය අතුර මතු වන සෙඳහි මනහර මල් සුඹුළ නො ම හැර දැවටියේ ගොස් මතෙහි ඔහු සිර
413. එ සෙඳහි කුමර වර මල් සුඹුළ දැක මනහර ගෙතූ යයි තවසර1 සිතා එ ස ෙඳහි නොමඳ පෙම කර
414. වසත් මඳ නල වැද කුපිත ගඳ මතැතෙකු ලෙද ගොඩ නැග එ යුවරද ගියේ ගඟ දිගෙ උමතු වී සෙඳ
415. මුතු රැස මෙන් දිලෙන පුලිනතල පිට බබළන උඩු ගං බලා යන සෙඳහි කුමරිඳු වෙසෙස දිටි වන
තවසර 1"මේ නවයෝගෙහි සිටි ළදැරියක අනතමැ යි" ධ. ප්රු 298 (53)
වසත් වන සිරි
416. කොමල නව පල්ලන් දිවි ලලා මුව පොල්ලන් සමග නොපැ කිල්ලන් දිටී කෙළිනා මුව සියල්ලන්
417. සතොස වෙමින් සෙබඩුන් කර ළඟයා දියැස ලොබින් පිල් විදහා තඟයා දෙපස සිටින මොනරුන් රඟ රඟයා නොලස ගියේ කුමරිඳු මඟ මඟයා
418. සාරන් නට දෙරණ වැද තැන තැන පොඩිය මීරන් ගතෙහි තවරා උකු ඇන දැඩීය ඕරන් කර දුවන පාමින් තම එඩිය ඌරන් බල බලා කුමරිඳු මඟ වැඩිය
419. දිලී දළ දළින් පොර ඇන නො වී පෙමා පිළී මල් වෙමින් තුඟු තුරු බිඳැර දමා අලී කෙණෙර සහ කෙළ ගිලි මද සතමා බැලී කුමරු මදැ'තුන් මග'ස නෙත් යොමා
420. දිගා වෙමින් වන'තුර හිඳ සේ සේයා ළඟා කර වලින් සත නො ව කම සේයා රඟා බුදින පිඹුරන් මඟ දෙපසේයා මඟා කුමරු වැඩි තුර තුර හිඳ සේයා
421. නොලස් වයස සිස් නො ව සපිරුණ වැඩියේ පලස් වල් සහස් වූ නිල් කළු වැඩියේ දෙපස් දෙ ඇස් දිස් වම හඬ'සා දැඩියේ අපුස් වලස් රැස් දැක කෙලෙස ද වැඩියේ
422. පෑ අන් දලු කැටීය නොව පැටීය වේගෙන් යන සැටිය විදු සැටීය ලාමින් හඬ ගැටීය සහ පැටීය ගෝනුන් එන සැටීය ඔහු දිටීය
423. බිඳමී වැතිරිලාය නො ව මුළාය එතමී මඩ තලාය ඇඟ ගලාය නොනැමී හෙන වළාය බිඳ හෙළාය වනමී කැල බලාය ඔහු පලාය
(54) 424. ආ යම් සතුන් යා නො ම දී එක අඩිය කාවුන් ඇට කුලල් සපුරා බඩ වැඩිය පෑවන් තරු යුගැ'ස පා සිටි මඟ දැඩීය දීයන් බලා කුමරිඳු බිය නො ව වැඩිය
425. විදමින් පිල් සෙබඩුන් ළං කරමින් දිගු හඬලා දෙපසින් මඟ රඟමින් සිටි සිකි කැත් රඟ දැකලා මතයොන් යුරු රුසිරෙන් දිලි කුමරුන් වර ළකලා වතනන් සිරි නො ලසින් මඟ මඟමින් ගියේ එකලා
426. පිපි නන් තුරු කුසුමින් පැණි බී ඉන් බඩ සපුරා විලිකුන් පල පලමින් රතු තුඩ'ගින් බිම වගුරා සුත'ඹුන් සහ තුර තුර උන් ගිරවුන් සිරි නො හැරා බලමින් ඒ කුමරුන් ගියෙ විලසින් පෙර පස'රා
427. අඳිමින් ඳුන් දිවි සම් ඉස බඳිමින් දළ සොඳුරූ බුදිමින් පල පලමින් නෙක දපමින් දිව මිතුරූ කෙලෙසුන් මැඩ අහසින් ගොස් අමරන් කළ අසිරූ තැන තැන් පස ඉඳුරන් දැමූ තවසුන් දිටි කුමරු
428. ඇඳ ගෙන රිටි සුබුළු තලා බැඳ සිකි පිල් වරල දුලා සද මිනි සිරියෙලින් තලා මැද වන එන සබරු බලා
429. රත් ගල් තල මත පිවිසා සිය සුත'ඹුන් සහ නො ලසා රඟන කිඳුරු නද සහසා ගියේ කුමරු එ අස අසා
430. මතු වන මඟුලට තොස් සේ මිහි කත දැන නො ව ලස් සේ ලු පියවිළි වැලි රැස් සේ ගියේ කුමරු මඟ ඔස් සේ
431. පිය සහ තම සතුටින්නේ තුරු හිස මත සැදෙමින්නේ දෙපසා මග නො ලසින්නේ නද'සා ගියෙ කොවුලන්නේ
(55)
432. පුන් උස් තන හස බැම වැල බමරු
ගුම් බස් වන උවනත පිපි තඹුරු
වන් ඇස් යුරු ගඟ කොඳ හස පැතුරු
මින් ඇස් ලා බලනෙ'ව් යන කුමරු
433. නිල් සා ගත සිර දද සත් තෙපුලා ලොල් වන රන රඹ දිසි වූ යුවලා මල් වන ඉඳුවර නෙත් කැල් උදුලා කල් වන දිටි යන කුමරුන් එ කලා
434. දෙල් මොර සිඳුවර ඇට රඹ කරඹා සල් කර බිජු පුර අඹ දොඹ පතඹා නිල් පර කළු හර සමදර කිර'ඹා ලොල් කර කුමරිඳු වන'තුර නරඹා
435. පබඳ එ හිමි සුබ මඟුලට මතු වන
පැහැද වන'ඹ මඟ දෙපසෙහි තැන තැන
විලඳ ඉසපු මෙන් බබළන වෙසෙසින
කරඳ කුසුම් වැගුරුණු දිටි කුමරුන
436. පළ හෙළ සසිනිඳු වැලි තල මැඩ ගෙන ගඟි'හළ යන කල එ කුමරු නො ලසින පෙරකල කී මදු රදු දූ සසො බන මනකල ගඟ අස සුපිහිටි වෙසෙ සින
437. බිමට සැපත් නිල් වෙල සිරි පාලා ගඟට නැමුණු අඹ තුරෙක නැගීලා කනට මියුරු කී ගීය අසාලා මුලට එ තුරු කුමරිඳු එලඹීලා
438. නිල් ගන ගැබ දිසි විදුලිය විලසේ නිල් දල ගැප් මැද බබලන නො ලසේ කල් සුර වැනි ඒ කුමරිය වෙසෙසේ ලොල් කර දැක කුමරිඳු සඳ විගසේ
439. එ කමරු නිල් නෙත් කැන් බිඟු යුවලා ඇ සොඳුරු උවනත දිසි පිපි කමලා පියකරු ලෙස පිහිටා ලොමු'දහැ ලා අමයුරු කොට ඇසූ මෙලෙසින් තෙපලා
(56) 440. අඹ තුරු තුරු එළි කර තුනු රැසිනා දිව සරු සිදු විදුදර යන නිතිනා වන තුරු එකලා ව ම මේ ඉඳිනා තොපි කවුරු ද පැවසූ සඳ පෙමිනා
441. පවර එ කුමරිය ඔහු කී බස'සා බමර රැවට දිනූ නදයෙන් නො ලසා මනර ලියකි කී විට නො ව වෙනසා කුමර මෙසේ යළි පැවසිය නො ලෙසා
442. පසන් පැහැති තුනු තොප නර ලිය නම් ගසින් බසිව කිව්වෙය නො ව වැලැකුම් පෙමින් බසක් වත් නො කියා කිසියම් එයින් නො බැසි සඳ කුමරිඳු කර පෙම්
443. සොඳුර ම තොප මවනා සඳ සිව'තන සිසිර මඬල තිබු සොමි ගුණ ගනිමින් සුනෙර ගිරෙන් මනරම් පැහැ ඇරැගෙන තිසර යුග කරන වත 1 විලිනැරගෙන
444. නොහොත් සුපිපි රන් පියුම් තුනක් ගෙන ඉනුත් එකක් ගෙන දෙකට ඉරා ගෙන තවත් උපුල් මල් යුවලක් ඇරැගෙන දිමුත් හොපලු කිසලෙහි මෙළෙකක් ගෙන
445. රැගෙන ළහෙල්මැල්ලෙහි තිබූ සිහිලස රවන බමර පුල් 2 ලෙළ ලියගෙක කුස මවන සෙඳහි මෙ දෙයින් මේ දිගු ඇස කුමන කරුණ හද කෙළෙ තද ගල ලෙස
446. මෙලෙසින් කී සඳ එ කලිඟු කුමරු අසමින් කුමරිය ඒ බස සොඳුරු නො බසිම් මම කැත් දුවකැයි මහරු සතොසින් ඈ කී බස'සා කුමරු
447. මම ද එ කැත් කුල අග කුමරෙක් වන කිසඳ කුමරි තෙ පුලින් කැත් නො ම වන මෙසඳ කියව කැත් මායම් කී තැන පැහැද කුමරු කැත් මායම් කියමින
1 පිලිහැරගෙන 2 ලෙව් (57) 448. කුමරිඳු කියමින් මායම් එමසේ ගසිනිඳු බැස ළං වූ සඳ විගසේ සසිනිඳු කොමලන අල්වා නොලසේ ගොසිනිදු මලිගිය ලැහැබෙක පිවිසේ
449. පලු දල යහන තුට ඉඳුවා කුමරි ඊ පිට වසනැ'ඳි සිනිඳු පට පැහැර දමමින් වහා පෙම් කොට
450. යළි කුමරිඳු දිලිය දිගු නිල් වරල් සෙවෙලිය නෙතු යුග නිලු පුලිය පහස සපිරුණු දලින් බැබළිය
451. ලවන් රතු උපුලිය දසන් කොඳ පෙළිනුදුලිය තන රන හස දිලිය උවන දිසි පිපි පියුම් ළකලිය
452. බැම යුග බිඟු වැලිය ඇගෙ තුනු විලෙහි නොමැලිය කුමරිඳු සඳ ගිලිය තිබූ වියොගින් එදා දුරලිය
453. කෙළිනසඳ' වල කෙළි පියූ නෙතු යුග වී විළි යහ මුව රත කමලි කුමරු සිඹ සිඹ නො වී සිතුමැලි
454. බී ලවන'ම රසේ සිඹ සිඹ උවන එකසේ පිරි තන රන හසේ දෙකර දවටා තෙරපි නොලසේ
455. අචල කෙළි පැලඹී තුබු අබිනවය නො තිබී හළ සෙඳහි 1 එය බී වෙහෙස වී තද ඇතුනු කැළඹී
1 එයඹී (58) 456. ගත ලොමු ඩා සෙලිය දෙනෙතෙහි කඳුළු උතුළිය නලින් ලෙළ රන ලිය විලස සියල'ඟ නොමඳ වෙවුලිය
457. මෙ ලෙසින් වෙහෙසිලා සිටිනා කුමරි දැකලා එ කුමරිඳු එකලා කුමරි කැඳවා ගඟට බැසලා
458. සිහිල'ඹ පොවලා සිය තුනු යලි තෙමලා සුරත'ග නිවාලා සුපිපි කුසුමෙහි බිඟු නොහාලා
459. කෙළි රැගෙන මුවරඳ ලිය ලැහැබ තුළකට වැද කුමරිඳු එහි ම හිඳ යැවී කුමරිය අසපුවට සෙද
460. ඇය අසපුවට වැද සිටිනා සඳෙහි පෙර ලෙද පලා පල ගෙන සොඳ දෙමව්පිය ආ සෙඳහි මන නඳ
461. කුමරි මවු පිය හට මෙසේ පවසයි කර තුට මහ කලිඟු රද හට පුත්වූ ගුණ ඇති නොමඳ මොනවට
462. සුළු කලිඟු කුමරිඳු තම බෑ රදුට බයෙනුදු යුව රද සිරි පුරුදු බැහැර හැර විත් මෙවන පිරිසිදු
463. වැස තවුස් වෙස් ගෙන ඇවිදින සෙඳහි මේ වන හොවැළ දී දකිමින මෙමා සමගම අවුත් නොලසින
(59)
464. දකිනට ඔබ දෙදෙන
කලිඟු කුමරිඳු සතුටින
මෙහි ඔබ නැති බැවින
බියෙන් නෑවිත් සිටියි කී තැන
465. එකල මදු නරනිඳු සමගින් බිසව ගුණ බඳු ගෙන්වා එ කුමරිඳු අසා තොරතුරු ඔහුගෙ කුලෙනුදු
466. සම කුල වූ නිසා නරනිඳු වඩා සතොසා කුමරුට නොව ලසා එහි ම හිඳිනා ලෙසට සලසා
467. ගඟ බල ඇති තැනක් බලා සොඳ සුබ මොහොතක් මදු රද වී පසක් කුමරි පාවා දෙන සෙ නොලසක්
468. සොඳ සුවඳ තොයිනා කුමරි නාවා සොබනා අනගි තුනු බරණා රැගෙන සරසා ඔවුන් විසිනා
469. හිස කොඳ පටිනි බැඳ දිගු යුග නෙතෙහි අඳුනැඳ දිලි යුග සවන් සොඳ තබා ගන රන් තෝඩු පැහැ බඳ
470. ගෙලෙ දිමුතු මුතු හර ලා මිණි වළලු යුග කර සුදු සිනුදු පැහැ සර වතෙක හඳවා ඉතා මනහර
471. මිණි ගිගිරි ලා පද නළල දී තිලක මුව මද විලසින් එ සිරි සඳ මෙලෙස කුමරිය සරා මවු සඳ
(60)
472. දැක්වූ සඳ රදුට
සතොසින් නිරිඳු එම විට
අඬ ගා කුමරිඳුට
විවා පාවා දුතිය තිර කොට
473. යළි කුමරි ද කුමරු වෙන් නො ව රන් රසෙක යුරු දවසැර පෙමිනි ගරු වසන සඳ ඒ දෙදෙන පියකරු
474. ගිය සඳ නොබෝ කල කුමරිගෙ කුසෙහි මනකල දරු ගැබෙක් වූ කල දරු දොළදුක් ලකුණු ඒ කල
475. කුමරිඳු නොස සමග දින දින වැඩී සිහිනි'ඟ සුදුමැලි ව සියල'ඟ ගියේ වෙසෙසින් සඳ රැසෙ'කරන
476. කුමරුට තිවට'ඟන මුව කමල තල් වැට ගෙන පවනෙ'ව් දෙන එයින සුසුම් මඳ මඳ වැඩිනි දින දින
477. කම් කෙළි නොරිසි විය නිබඳ නිදි මත බෝ විය දෙනෙත පුඬු කළු විය ඇඹුල් පල රස ඉතා රිසි විය
478. එ සෙඳහි එ යුවරද සමගින් ඇවිද මදු රද පලා පල ගෙන සොඳ 1දෙවයි ඒ කුමරියට මත තඳ
479. මෙලෙසින් ඒ දිගැස සපිරුණ සෙඳහි දස මස තුඟු ව සිටි ගඟ රැස මොහොතකින් වැදූ පුතෙකු වන තොස
1දෙවැනි (61) 480. එ කුමරුට සත් මස සපිරුණ සෙඳහි නො ව ලස කලිඟු රදුගෙ සස තබා නම් ඔහු මුතුගෙ වන තොස
481. එ කුමරු දිනෙන් දින වැඩෙමින් විලස රුව රන මවුපියන් දෙමුතුන සතුටු සිඳු කුමුදමින් වෙසෙසින
482. දක්වා දසන් අග හස කර බොළඳ මන රඟ තවරා රජස් ඇඟ කෙළී කුමරිඳු දෙමව්පිය ළඟ
483. මුව පොලුන් සමගින කෙළ කෙළ එවෙන තැන තැන තුටු කර වන සුරන වැඩෙන නව සඳ මෙන් දිනෙන් දින
484. එම කුමරුගෙ සොබොන රතැ'ඟිලී දලින 1වොරදින සැදි සොඳ නිය රොනින සම පතුල් යුග කමල විලසින
485. නො අඩු වැඩි විතරට රතිඟුල් පලසෙ මොනවට ඔහු රතැ'ඟිලි ලෙසට ඇද්ද උවමක් වෙතින් කියනට
486. ඔහු දඟ යුගාවන් සිරි නූ දඟ මිගාවන් නොවසන ළඟාවන් විළින් උන් දුවනා රඟා වන්
487. එ කුමරු දන යුගට
රත සිඳු බුබුළු මොනවට
නැසී යන සනිකට
කෙසේ පැවසිය හැකිද සරි කොට
1 ඔරදින
(62) 488. මට සිලිටු වටොරට රන් රඹ යුගෙක සම කොට කියනට නොව නිවට නො සරි වේ මය නිසර දෙයකට
489. ඔහු සොඳුරු සිහිනිග දුනු මිට සේය වියොවන කියනට සිතට හැඟ නොනිසි 1 වෙයි ඉගු 2 වැලෙක නූඅග
490. වසා රොද සොබනා නැබ පියුමට ම බසිනා බිගු වැල විලසිනා 3 කිය අඟුරුය මැසිය ඔවුනා
491. සොබන ඔහු පුළුලුර සිරි සඳ වසන නිරතුර රන්ගිරි තලෙක යුර නොනිසි කියනට ගලෙක කරදර
492. නො නැමී සිට දෙදණ පිරිමැද යුගත සසොබන සදිසි රන් උරඟුන නොවේ උන් තද විසැති සපුවන
493. ළකල ගෙල තෙහිරුති දිලි රන් බෙරෙක සිරි ගසති දොර දොර ගෙන ගසති එයින් සමකර කියනු සරි නැති
494. දළ කෙසර දළ දල මුව කමල දිවි කෙමි දුල හැකිල යන සඳ කල කෙලෙස පැවසිය හැකි ද කර තුල
495. සොබන තුගු ගහනට පහන් සිළ සම කරනට වහ නිවෙයි සුළඟට එයින් කිය නො ව හැකිය උවමට
1 වෙය 2 වැලෙ කනු අග 3 කියතු (63) 496. ඔහු දිගු යුග නයන නිල් මිණි යුගෙක සරිවන තියනට සෙල් බැවින නොනිසි යයි ඒ උවම වෙසෙසින
497. සුනිල් ඔහු දෙබැමට ඉඳු දුනු දෙපිල සමකොට මඳක් වත් කියනට බැරිය මැකෙනා බැවින් සනිකට
498. රන් වන් උණු ලොමින 1 වොරඳන නලල සසොබන උවමක් කර කියන දෙයක් නැත තුන් ලොවෙහි වෙසෙසින
499. කුමරිඳු ගේ ළකල දිගු නිල් නළල පැහැ දුල බඹට වත් කර දුල දෙයක් නැත පවසන්නට තිලොතුළ
500. ඒ කුමරු වෙසෙසින දෙතිසක් පුරිස් ලකුණෙන බබළන තුනු සොබන කෙසේ පැවසිය හැකි ද නොලසින