කාලිංග බොධි ජාතක කාව්‍ය-කාව්‍ය iii

201. නිසි කොට පිපි නිල් ක‍ටරොළු මල් තුල කැටි කොට විදහා නිල් ඇස් පිල් කැල නද කොට රඟ දෙන මොනරුන් හැම කල මුතු පට වැනි වැලි තල සැදි පළ හෙළ

202. එ වෙහෙර විසිතුරු ඇති ලෙස කියනට බඹසර සුර ගුරු කිවිඳු ද බර දිට ලඹදර කුඹුයොත් වත් මිස මඳකට කවියර පොහොසත් නො වෙතිය වැනුමට

203. ඒ වෙහෙර පිළිගෙන දම් වැසි වහර කරමින සතර බඹ විහරින නොබෝ කල් මුනි එ තැන වසමින

204. විනෙ දනයින් නිසා වඩවා කුලුණ දහසා දුටත් සිත් සනසා දෙරණ පත් කප් තුරක් විලසා

205. ගම් රට දනව්වල වැසි සඳ එ මුනි දසබල දකිනට මුනි නිමල සැවැත් නුවරෝ වෙමින් සිත් ලොල

206. ගඳ දම් මල් පහන් රැගෙන මුනි කර සඳහන් අසනට අම දහම් ගොසින් මුනිඳුන් නො දැක නො පහන්

207. ගෙ ගිය පුද හැමා කඳකිළි දොරටුව ලමා කම් නැති ලෙස දමා ගියෝ ගෙවලට දනෝ සැවොමා

‍ (27) 208. යළි මුනිඳු වෙහෙරට වැඩි සඳ අනඳ තෙරිඳුට සුදත් සිටු නම කොට සැල කෙළේ ඒ කරුණ මෙලෙසට

209. හිමි සඳිනි මනහර මුනිඳු මෙ වෙහෙර නැති වර පුදයට එන නො හැර දනො හැම කලකිරෙනි නො විතර

210. එ බැවින් යනි සඳින වෙහෙරින් මුනිඳු වැඩි තැන පුද ලබනට ඔබින තැනක් කර දුන මැනවි අනුදැන

211. කළ අයැදුම නිසා අනඳ මහ තෙර නො ලසා ළඟට වැඩ පසැ'සා එ වග සැල කළ ස‍ෙඳහි සකසා

212. එවිට අප මුනි සඳ බඹ ගොස පහළ කර නඳ ඇයි අනඳය, මෙ සඳ තැනෙක් වත් ඇත ලබන නිසි පුද

213. එ බස'සා යති සඳ පුදට නිසි වත් කවර ද ඇසුවෙන් මුනිඳු සඳ වදාළේ මේ ලෙසට නිවරද

214. සිරුරු සෑ එක් වන පරිබෝ සෑය යුග වන උදෙසික සෑය තෙ වන මුනිඳු වදහළ ස‍දෙහි මෙලෙසින

215. එ විට එ යතිඳු සඳ ඔබ දිවමන් වසන සඳ මෙ තුන් තැන සිතු ලෙද කරනු හැකි දැයි පිළිවිසිය සඳ


(28) 216. එ බස'සා මුනි වර මිසක් මුනි පිරිනිවි වර සිරුරු වන සෑ කර ගන්ට පොහොසත් නො වේ ලොව'තර

217. සෑය උදෙසික වන සිද වෙයි සිතු පමණින මුනි පවා සුපුදන බෝදි දුම ඇති තැනත් පුද වන?

218. මෙසේ අප මුනි සඳ වදාළෙන් ඒ යති සඳ ඔබ වෙහෙර නැති ව ද පුදන ලෙස ආ දනෝ හැම සඳ

219. මහ බෝ රදුන් ගෙන බිජුවටක් ගෙන අවුදින දෙව්රම නුදුරු තැන රෝපණය කරමෝ ද ඇසු තැන

220. එ සඳ හිමි සතරා කරවයි එ ලෙස ඉඳුරා එ කල මා නිතරා වසන ලෙස වෙයි වෙහෙර නො හැරා

221. මෙ ලෙසට සමු රැගෙන අනඳ උතුමා සතොසින විසාකා සමගින සුදත් එ කොසොල් රදහු ආ තැන

222. සුදන කරවා රැස දෙව්රම දොරටු අබියස කසළ කුණු හැර පිස බිමක් සඳවා සුපිරිසිදු ලෙස

223. මුගලන් තෙරිඳුහට මෙ පුවත කියා නොලසට වැඩලා බෝ මැඩට බෝ පලක් ගෙන දෙවයි කී විට


(29) 224. එ යතිඳු එ බස'සා මෙ ගැබ විදුලිය විලසා නැගී සෙද අහසා ගොසින් මහ බෝ මැඩට පිවිසා

225. තුවටුවෙන් ගිලිහෙන පලක් සිවුරෙන් පිළිගෙන මකුළු දැල දා යන කෙණෙහි ගෙනැවිත් අනඳහට දුන

226. පිළිගෙන අනඳ තෙර රන් සැළක් යන සිල් කර ගඳ කලලින් සපුර සදන්නට රදු අතට දුන් වර

227. එ විට රදු විසිනා සිටුවතොත් මා අතිනා නැවත අන් නරනා විසින් අනදර කරති සිතිනා

228. අනේපිඬු සිටු හට දිනිය බිජු රෝපණයට එ සිටු ගෙන එම විට බැහූ සඳ තම අතින් සැළයට

229. එ කෙණෙහි සිටි සැමට පෙනි පෙනී නෙත් තුටු කොට නගුලි'සක් පමණට අංකුරය සැංගේය සනිකට

230. පනස් රියනක් උස නැගී විහිදී සිව් දෙස කලදෝ කඳක් ලෙස සැදූ ඉඳුනිල් මිණි රුකෙක ලෙස

231. අතු පස බෙදිලා කිසල පෙළ ලිය ලාලා සතන පිනවාලා විලස මහ බෝ ලොවට පාලා


(30) 232. සිටි සඳ දුමින්දා කෝසල නම් නිරින්දා එ සිය අට කින්දා රිදී රන් කළ කුසුම් ඉන්දා

233. රිදී කළ පෙළෙකින බෝ මැඩ වටා තබමින රුවන් වැලි ඉසිමින කළේ පවුරක් සුරැකි වන මෙන

234. නොයෙක් පුද පෙරහැර කරමින් දනන් නොවිතර පසැස්හට තුති කර සිටිය සඳ දුම රදුට පෙම්කර

235. යළි අනඳ තෙර තුම එලඹ මුනි සඳු වෙතට ම පෙර බෝ මැඩේ දී ම බුදු ව සමවත් වැදුන විලස ම

236. අද මේ බෝ මුලට වැඩෙ'හි පිට දී වැඩ සිට සමවත් මැද සතුට කළොත් පෙළහර යෙහෙකි යදි විට

237. එවිට'ප හිමි සුගත් බෝ මුල දි පත් සමවත් කරනට ලෙස පුවත් දරන්නට නිසි බිමෙක් වෙන නැත්

238. වී සඳ අප සුගත අනඳ මහ තෙර නො නැවත මෙ තැනට පැමිණි සත සතුටු වන ලෙස පා කුලුණු මෙන

239. මේ බිමට හොබිනා සුදුසු යම් සම වතිනා පෙළහර කරමිනා වැඩිය මැනවයි අයැදි සඳිනා


(31) 240. පිළිගෙන එ අයැදුම මුනිඳු වැඩ බෝ මුලට ම එදා රෑ තුන් යම් වැදී සමවත් දියත කළ පෙම

241. යළි අනඳ තෙර තුම රජු සහ දනන් සැමට ම තව තව පුද බොහොම කරන මෙන් පැවසීය නො හැරම

242. අනඳ තෙර සමිඳු පිහිටු බැවින් දුම රදු අනඳ නම් බෝ රදු කියා තුන් ලොව වීය පරසිදු

243. එ සඳ එක් දවසෙක මහත් සඟ ගණ නො වැලැක රැස් වී ඉඳ නිසැක දම් සබා අබතුරෙහි දෙ පසෙක

244. ඈ වත්නී අනඳ ‍තෙරිඳු යැද සිත සුපැහැද දිවමත් ව මුනි සඳ සිටය දී බෝ පුදක් කෙළෙ සොඳ

245. අනඳ තෙර පියකරු ගුණ ඇති කෙනෙක අම යුරු කිය කියා යතිවරු සිටින සඳ දම් සෙබෙහි විසිතුරු

246. සිව් මුව විමන තුල ගඳකිළි තුළෙහි මන කල වැඩ හිඳින දසබල එ බස දිව සවනතට වන් කල

247. දැන් මේ මහ සඟන පවසන අනඳ තෙර ගුණ පෙර පෑ නොයෙක් ගුණ මෙ සඟ නො ම දනිතිය වෙසෙසින


(32) 248. එ සඳ සැම දිය සෙට මෙ මා ගොස් දම් සබයට ඒ බස ම මුල් කොට අනඳ තෙර ගුණ කියමි පළ කොට

249. සිතා මුනි සසොබන නැගී සිට සිරි සයතින බඹ සුර මුදුන් වන දෙසිය සොළසක් ලකුණු 1 වොරඳින

250. සිරි පතුල මනහර දෙරණතට දිගු කළ වර මහිරා නැගි එ වර තඹර මත සිට මුනිඳු සිරි බර

251. බඳුවද කළඹ තුල පැහැ ඇති සිනිඳු මන කල දෙපට හඳනය දුල වඩා තෙ මඬුලු වසා දසබල

‍252. දිලි රන් ගිරි අවට විදුලිය දැවැටි විලසට පටී දා මොනවට රැගෙන බැඳලා දෙපට සරි කොට

253. රන් තොරණ මඟ තඳ රන් පලසකින් වැසූ ලෙද වට බල වන් පබඳ පෙරව සිවුරෙන් වසා බුදු බඳ

254. කුදිටු ඉබු කුඹු බිඳ රත් ගල් ගුහාවක ඉඳ නිකුත් සී රද ලෙද සුවඳ ගඳ කිළි තුළෙන් මන තඳ

255. නික්මුණු සඳ මුනිඳු රන් වන් බඳින් පැහැ විදු මහත් බුදු රැස් කඳු දියත පතළේ ඉතිරි පිරිසිදු

1 ඔරැදින (33) 256. ඉඳු නිල් පැහැ ලෙසේ නිලුපුල් කලඹ විලසේ කස මල් විසුරු සේ සුනිල් බුදු රැස් විහිදි එක සේ

257. කිනිහිරි මල් රැසක් සපු මල් සමඟ සහසක් පෑ විසුරු විලසක් දිවී රන් වන් කැලුම් දිගු තෙක්

258. බඳුවද කුසුම් ගෙන සඳ වෙල වසා ලන මෙන සුරන් රැස් සසොබන දිවී දස දිග සුරතු කරමින

259. සැඩ නල වැද කිරණ ඉගිලී දිය පතළ මෙන සුර ගඟ සිසි කිරණ අයුරු සුදු රැස් දිවි අපමණ

260. ගන කල මිහි වතළ රනිඳු ගොව් පැහැ පසු කළ මදට වන් රැස් කැළ දිවි රැලි රැලි දිදී නො පැකිළ

261. මනහර කොට සදන මලස්නෙක සිරි පසු වන සිතියම් කඩක් මෙන දිවී පබසර කැලුම් අපමණ

262. එක ම බුදු සිරුරෙන සයක් වෙන වෙන මෙ ලෙසින රැස් කඳඹ හරිමින සියලු ලොව කර මඟුල් ගෙය මෙන

263. නැගි නැගි මිහි නලින පියුම් මත මත සසොබන සිරි පතුල් තබමින කෙමෙන් දම් සබ තුළට වැඩෙ'දින


(34) 264. කරන ලොව පුස්නේ උන් සඟ මැද පහස්නේ සැදූ බුදු අස්නේ මෙතෙහි වැඩ හිඳ මුනිඳු තොස්නේ

265. වැඩ උන් මුනිඳු සුර පොබයා පවර සඟ සර නරඹා කුලුණු කර දම් සබා තුර සුවඳ පිඬු කර

266. බඹ ගොසිනි මන නඳ මහණෙනි, තොපි මෙ තැන ඉද පළමු අප එන සඳ කිනම් පුවතක් කිව්ද සිත බැඳ

267. ඇසූ සඳ අප මුනි උන් මහ සහන අතරෙනි යතිදෙක් ගුණ ගිහිනි නැගිට විත් ඉද වැඳ අඩ දණිනි

268. මන'සන මන සෙදා යුග කර තඹර සුසදා සිරි පා යුග වැදා සැල කළේ මේ ලෙසින් යතිදා

269. තෙ කල් දත් මුනි සඳ අපි හැම මෙහි රැස් ව ඉඳ අනඳ තෙර කළ සොඳ කිය කියා උන්නෙමු බෝ පුද

270. එ බස'සා දස බල පමණක් නො වෙයි මේ කල අනඳ තෙර පෙර කල රැගෙන පිරිවර සතර දිව් තල

271. කළේ මය බෝ පුද දැන් මතු කරපු මේ පුද අරුමදැයි මේ ලෙද දෙසූ සඳ අප මුනිඳු දිය නඳ


(35) 272. අසනුව ඒ සිරිත ලොබ කර එයති තම සිත අයැදි වර නො නැවත මුනිඳු සඳ දැක් වී ඉකුත් වන

273. පෙරුම් සමතිස් සිඳු මෙර මතිනි අලළා මුදු ‍අම දහම් පිරිසිදු රැගෙන දෙන මෙන් සතට මුනි සඳු

274. සිනිඳු මුදු නද වන කොවුලන් නදට වෙසෙසින සිය දහස් ගුණයෙන වඩා මුනි දෙසුමට පටන් ගෙන

275. සපිරුණු සිරි නො හිම් දඹදිව් තලෙහි මනරම් කලිඟු රට වන'තුම් විය නුවරෙක් දන්ත පුර නම්

276. එ පුර සිරි බලනට නා රද ඇවිත් තුටු කොට දරණා ලා වට කොට සිටින වැනි තුඟු පවුර හැම විට

277. කිරණ දුව එ පුරට එන සඳ ඇ රැක වරණට සිඳු කඩෙක කඩ කොට එවූ වැනි දිය අගල එහි වට

278. කලදෝ යට'ග දිලි දද රැස එ පුර මනකලි ගුරුළු මුළු නුබ ගිලි සමුදුරෙන් ගත් උරඟු සිරිසිලි

279. දකුණු කුඹු දළ උස් සමර වර වන තද රොස් හික්මෙන මෙන් තවුස් වනනු බැරි එහි සිටි වරණ රැස්


(36) 280. එ පුරෙහි සරණ දුල සමරෙහි ඇලුම් හය පෙළ නුබ මිණි රැස් විපුල වැසූ කුර රොන් රැසින් හැම කල

281. රිය සක් නද සතුට ‍ එ පුර ඉසුරෙන් වැඩි කොට දින ඉඳුරු පුරයට කියා ඉඬලන වැන්න හැම විට

282. එ පුර මිණි බිතු වෙත රඟන වර වර දිගු නෙත පිළිබිඹු එයිනි පත උගන්නා වැනි රැඟුම් සුර කත

283. අසුරන්ට එක සරි රුපු වන වරණ කේසරි උරයෙන් උර පැහැරි සිටිත බලසෙන් එ පුර තුර පිරි

284. නිල් මිණි මදුරුවල සී මැදුරු පත් පුර කල වත් සඳට සැක කළ වෙන්වූ සක්වා යුවල එම කල

285. පුරඹුන් වස ලෙසේ වෙමැයි හැර ලප සතොසේ ඇර දළසක අසේ නිබඳ විසු වැනි තරිඳු නොලසේ

286. ලවනත සඳුන් වන රත් රුසිරි හඳුන් වන සලෙළුන් වන නදන සරත එහි ලියූ සුර ලඳුන් වන

287. රත් නීල් මිණි තොරණ රැස් වේ ම‍ෙඟහි සපිරුණ අබිසරු ලිය සරන උරණ සහ තුඩු වේය විගසින


(37) 288. සඳ රා' සුර මුවට පත් විට අඳුරු හරිනට කොත'ග බැඳ රන් පට ගිය සෙ දිලෙ රන් රිදී දද පට

289. නිල් මුහුළු දල සර තන වදන රන හස සර සසල සක් දල සර නො හැර සිරි ගති එ පුර සර සර

290. මී අඹ පල දිමුතු බී රස ඉඳ වෙලෙප් මතු නද දෙන යුතු සමතු ගණන් නැත එහි සැදි උයන් වතු

291. නෙක යුද ජය රැගත් විකුමෙන් සදිසි සතරත් එ පුරෙහි අසිරිමත් විය නි‍ිරි‍ෙඳක් කලිඟු නම් යුත්

292. එ රද දස දහමින් ලෙව් කෙත වරණ කරමින් යස බිජු වපුරමින් රකියි කරුණා සිලිල් පුරමින්

293. එ නරනිඳු සුර තුර වෙලෙප් අත් දලැගිලි තර අතුල් මල් මිණි වර රොතින් තුටු කෙළෙ දද'ලි නිරතුර

294. ඔහු තෙද අග රුදුරු වැද ඇවිල රුපු වන ගරු යස දුම ලොව සපිරු ස‍ෙඳහි උනඹුවො වරල් මිදු යුරු?

295. ඔහු බල සෙන් ළතර නො පහළ ඇද්ද රුපු පුර යුගත'ග මහ සයුර කො තැන රැල නො පහළෙ ද දියතුර


(38) 296. එ රද දස දහමින සත සිත සතුටු කරමින අග බිස සමගින වසන සඳ රජ ඉසුරු විඳිමින

297. රිවි කුල'ඹර මැදේ සේ පත් තිරිඳු දිනිදේ ඒ නරනිඳු ලෙදේ වූහ දෙදෙනෙක් කුමරු එ ස‍ෙඳ්

298. ඒ දෙදෙන අතුරෙන දෙටු කුමරිඳුන් සසොබන මහ කලිඟු යයි යන නමින් පසිඳු ව විසී සතො සින

299. කුමරුට බාල වන සුළු කලිඟු යයි කියමින නම් තබා වෙසෙසින පෙමින් වැඩෙනා ස‍සෙඳහි එ දෙදෙන

300. සිව් වේද දැන ගත් බමුණෙක් නැණින් අග පත් කුමරුන්ගෙ සිරිමත් බලා සියල'ඟ ලකුණු පැහැපත්