කාලිංග බොධි ජාතක කාව්‍ය-කාව්‍ය i

1. පිරි වන රුවිනි නද කුල පරපුරෙනි සිටි මද

     සතර වන 	වන'මොද

වඳිම් මුනි රජ සයුර සිරි ලද

2. සරණ සිදු විදුදර හරණ ගිම් අව නො විතර කරන සුදු කෙළවර වඳිම් සදහම් බැතින් ගඟ සුර

3. දිය මත පත් පතළ ගුණෙන් යුතු වන ඉදු නල මුවරද සසිරි කළ වඳිම් සඟ ගණ වන් තඹුරු කැල

4. තිලෝ ගුරු ලෙව් ගුරු

     සමර ගුරු කද 	කඳ ගුරු
     සුරගුරු 	අසුරු ගුරු
     මෙ මුරු ලෙව් සත රකිති 	නිරතුරු

5. පෙර අප මුනි සඳා

     බෝසත් කලෙහි 	නොමඳා
     පෑ ගුණෙක 	පැහැඳා
     කියම් හෙළු කර කලිඟු බෝ 	දා

6. සිරි ලක පළමු වෙන

     පත් විජය නිරිඳු 	පටන
     සැම නරනිඳුන් 	ගෙන
     ලබා නෙක සව් ඉසුරු 	නො පමණ

7. සළු අබරණ වඩන

    නිලම කර - ගෙන 	පැවතෙන
    සුපිරිසුදු 	කුලයෙන
    පහළ මැතිදෙක් සුරිඳු සම 	වන

(2) 8. මොඩරුවිල නම් යුත් ඇත් අස් අනගි බරණන් දැසි දස් ගම් බිමුත් බැන්ද පට සඟ පවර නම් යුත්

9. රිවි කුල මුදුන් වන විමලදම් නරනිඳුගෙන ලැබ ඉසුරු මෙ කියන වස සුරගුරු විලස වෙසෙසින

10. එ මැතිහට දා වූ රුසිරෙන් සිරි සඳා වූ ගුණ පිරි සඳා වූ කුමරියක් වූ මන නඳා වූ

11. දෙගුරුන් කිරි මුහුදු ඔද කළ සපිරි සඳ ලෙද වැඩෙමින් එ සඳ සොඳ සපිරි නව යොවුනෙන් වසන සඳ

12. කළ සතුරු ඉළු 1 හළු හස වූ යුග'ග අඟ 3 සිළු දස දිග කළ එක'ලු තෙදැ'ති නොපමණ ඉතා නද රළු

13. රිවි කුල ‍කොත් පබද නරනිඳු සීහ මහ රද දැක එ සඳ පෙම් බැඳ ගෙන්වා නෙක ඉසුරු දී සොඳ

14. රුවින් අග බැවිනුත් සුපිරිසුදු කුල බැවිනුත් ඉසුරුමත් බැවිනුත් කෙළේ මෙහෙසුන් තනතුරට පත්

15. එ නිරිඳු සඳුන් තුර වැලදී ගන රන් ලිය යුර දවසැ'ර පෙමිනි තර වසන සඳ හිමිසඳුගෙ සිත යුර

1 මුලු 2 යුගහ 3 සිලු (3)

16. එ රදහට දා කර කුමරකු වදා මනහර වැස රද මැදුර තුර නොබෝ කල් පසු වෙමිනි ගිය වර

17. සිදුරුවාණා බඳ වර යටිනුවර මන නඳ සව් සිරි පිරි නොමඳ නමින් එ පිළිමතළව්වෙහි සොඳ

18. ලක කුලෙක නො ම සරි උබය කුල යුරු සක කිරි දුටු සත වඩන පිරි නිබඳ උරතල වසන සඳ සිරි

19. දිය වඩන නිලමෙට නරනිඳු බස ම මුල් කොට යළි ඒ කුල'ඹ තුට සරණ පාවා ලැබී නිසි ‍කොට

20. වසන සඳ එ දෙදෙන උපන් අයගෙන් සසොබන ලඹදර සදිසි වන වීය මැතිදෙක් නැණින් අග වන

21. ඒ මැති සත් සයුර පත් නැණ නැවින් පරතෙර සිය කුල මැදුර තුර දිලී ගෙමිණක් ලෙසින් පුවතර

22. තම කුල සදිසි වන කුල‍'ඟනක රුවින'ඟ වන සරණ පාවා ගෙන වසන කල සව් ඉසුරු විඳිමින

23. සවිතු කුල'ඹර මැද දිලෙනා සපිරි සඳ ලෙද රුවිනි සරි මදරද බෙලෙන් බලදෙව් කුමර එක ලෙද

(4) 24. සරසවි සිරි දෙදෙන මුව උරමැදුර නිතියෙන වසනා සිතු පෙමින සියලු නරනිඳු මුදුන් මල් වන

25. දස දම් නොකළ සිහ වෙරි'බු කුඹු බිඳ හැරි සිහ කිත් සිරි රාජ සිහ වීය නිරි‍ෙඳක් අයුරු නරසිහ

26. ඒ රද සිරි මනා වනත හොත් ඇති ලෙසිනා නත කිව් ගුරු විනා කවර කවි‍ෙඳක් වෙ ද සමනා

27. ඒ නිරිඳුට, සොඳුරු 1 දුක් ගෙන ඒමැති වී සුරු ලැබ නොපමණ ඉසුරු අවනිතල වන් විලස සුරගුරු

28. සිව් තුන් කෝරළෙත් සත් කෝරළ දිසාවත් තව නොමින් නිලමත් සමග මෙපුරෙහි අදිකාරමුත්

29. විලසින් තම මුතුන් ලබා මැහැගි මතැතුන් දිගු පළ කර නිකුත් වසන සඳ දිය රැගෙන වියතුන්

30. එ මැති සඳ දඹ තුර හටගත් සුවංකුර යුර ලක සත පිනෙන් පෙර උපනි කුමරෙක් මැතිඳු එකයුර

31. එ මැති මන නන්දා පුර දියවක තරින්දා සිපිරි විලසින්දා වැඩී සව් සිරි විඳ නොමන්දා

1 දුග් ගැන (5) 32. මෙ මැති සඳ වන අග ලොව සව් සත පැමිණ අග විලසින් වියෝවග කෙළේ යව්වන ලියන් මන දඟ

33. මෙ මැති සඳ සිරිමත පැහැපත් උවන පියුමත දුටු වරඟනන් නෙත නොමඳ බිඟු පෙළ කෙළින් නොනැවත

34. මෙ මැති සඳ බුහුටි ලිය නෙත් කැලුම් දැවැටී කොපුලතෙහි පිහිටී විලස දැළි ‍රොද පෙනිණි සතුටී

35. මෙ ලෙසින් යොවුන් වර මෙ මැති උතුමා පැනසර විලසින් සුවංකර නොමඳ ජය කුති ලැබ වසන වර

36. තිලක කළ එකසත් තෙඳින් හර දළසක යුත් යදින් කළ පෝසත් බිමින් නැගි සුර තුරෙක සිරි ගත්

37. නැණින් යුරු මුහුණත් සතරින් 1 කුඹුයොනෙක යුත් ලියන් කළ කුල්මත් රුවින් පෙර මද අසිරි ඇරගත්

38. පිළිමල් වරණ සිහ දස රජ දම් නොකළ සිහ විකුම් සරි නරසිහ පවර නම් රාජාදි රජසිහ

39. නිරිඳුන් හැම දිනා ඇසුරු කෙළෙන් පෙමිනා කරුණා දහසිනා කර ම රජ කුමරුවකු සිරිනා

1 කුඹුසෙනෙක යුත් (6)

40. මෙලක වෙන මැති හට ලබනුව සිතනු උගහට රජ ඉසුරු සම කොට ලැබී සව් සිරි මෙ අග මැතිහට

41. සළු වඩන නිලමෙත් සැතපෙන මැදුරෙ නිලමෙත් අරමුදලේ මහත් එ වන්නකු නිලමේ ද සිරිමත්

42. මඩුවෙහි ලේකමුත් දළඳා මැදුරෙ සිරිමත් දිය වඩන නිලමෙත් උපුල්වන් සුර විමනෙ නිලමෙත්

43. තුරඟ හල නිලමේ ද කෝරළ තුනෙ දිසාව ද දෙනුවර රට දෙක ද සත් කෝරළේ මහ දිසාව ද

44. මෙ පුරෙහි අසිරිමත් ලැබ මහ අදිකාරමුත් නැණින් වී අග පත් මැතින් නළලෙහි තිලක එකයුත්

45. විජය සුන්දර වර සෙනෙවිරත් වන පුවතර අබයකොන් පඬිවර මුදලි නමකුත් ලබා මනහර

46. නෙක රුපු මන් ඇවිසි තම පා යුගට කළ බිසි කටයුතු හැර නොනිසි පවර සෙංකඩගල පුරෙහි විසි

47. මේ අග මැතින්දේ තද විකුමට උවින්දේ තෙද හස දිනින්දේ විජය සිරි පුළුලුර වැලැන්දේ

(7) 48. බදකුඹු නම් කෙළෙක මේ කුළ වැසි වලාවෙක සිතුමිණ නම් ගලෙක මෙමැති තිළිණට කවර උවමෙක

49. මෙ මැතිඳු හට ළකල අවනත නුවූ රුපු කැල යහන් හැර තිළි තුළ සයන කළො බිම කටු ළැහැබ්වල

50. මේ මැති අම වදන සැපත් වන බව නො ම දැන කලඹා පෙර කිරණ වෙහෙස ලදුවෝ සුරෝ අපමණ

51. කිවි දිලිඳු ගන'ඳර මෙ මැතිඳු සඳ සහසකර දී තිළිණ සිය කර හළේ දුරු කර නොහැර එක වර

52. මෙ මැති මුව නොකිලිටි විසූ සඳ සඳ අට දිටි විදු බඹසර පිහිටි යෙන් විනා කළු වුවා 1 වෙනු හැටි

53. සිරි සඳ ඇම දිනේ විසුවෙන් මොහු'ර වීමෙන් දියබඳ එ සොවිනේ දදා කළු වූ වැන්න එයිනේ

54. මනහර මෙ මැති සඳු යසටත් නො ම සම ව සඳු යළි පැරද මුව සඳු සෙවී දළසක අස බරණ සඳු

55. මෙ මැතිඳුගෙ යස රැස දස දිග පැතිර එක ලෙස වෙනු විය ලෙස දළැස සිරිදු සැක හළෙ මහා යුග ඇස

1 වන් (8) 56. උදා මේ මැතිඳු සඳ යස රැස් පැතිර යන සඳ රුප'ඹු නෙත් නිමිසඳ වැහිණි අනුබඳ කඳුළු පිනි සෙද

57. මෙ මැතිඳුගෙ යුග පද නිය කිරණ'ගස් නි ගිලිද රුපු ජය බියැ'ර තද නිබඳ මොක් සිරි අසිරි සැප ලද

58. දිඹුල මල් පිපෙතත් රිවි සඳ දෙරණැ'විදිතත් දියෙන් ගිනි නැ‍ෙඟතත් මෙ මැති සඳ කී බසක් බොරු තැන්

59. හස විදු කෙලෙස හර කිරි සිඳු උවිඳු නිරතුර උසුලා ඉඳිනෙ තිර පතා දෝ යස රැස මෙ මැති වර

60. නිති සොඳුරු වර කත දැක රිසි නොයන නෙත සිත මෙම මැතිඳුගෙ දිමුත තුනු රුසිරි නම් කවුරු පවසත

61. මෙ මැතිඳු පබන්දේ කොමල කර අරවින්දේ තිළිණ මකරන්දේ රැගෙන තුටු වී බිතු කිවින්දේ

62. මේ ලක තුර නොහැර සපිරි කුදිටන් නො ම හැර නෙරපා දමා දුර කෙළේ ලක හැම මඟුල් ගෙය යුර

63. මෙ මුළු සක්වළ වට බැලුවත් දෙරණ දසතට මේ අග මැතිඳුහට ඇද්ද සරි වන කෙනෙක් මෙ කලට


(9) 64. නොයෙක් දෙස වදිමින ජය ගෙන රුපුන් නසමින අසුර සෙන් විලසින මෙලක පත් ඉංගිරිසි අතුරෙන

65. පත් මහ නිලයකට සෙබළෙක් සමත් විකුමට මෙ මැති දුටු පමණට බිය ව ගිනි දුටු වෙඩරු විලසට

66. හද තුළ හුණු වෙලා ගත ඩහ දියෙන් තෙමිලා බලියක් දැමූ තුලා වැටිණි සිහි නැති වෙමිනි ඇදලා

67. නො ගෙන කියි අවියක් නො කියා රුදුරු තෙපුලක් මේ සැටි ගත් ජයක් ඇද්ද ඇසුවා කලක් මෙතුවක්

68. තෙවළා බුදු වදන දැන ගෙන අසා වෙසෙසින පැවත ම එම ලෙසින කරයි පින් කම් නිබඳ නොමදින

69. නිති දුසිරි පැහැරී සිත තුළ කුසල් සපිරී දහමට වී පිරී ලබමි බුදු බව පතා ඉදිරී

70. නිති පසඟ සීලය පොහො දින අටඟ සීලය වෙමින් සිත ආලය රකියි මෙ මැතිඳු නො කර ලීලය

71. දෙසූ අප දසඹුල් බණ'සා වෙමිනි සිත ලොල් මුදු සොඳ පට ලුහුල් පිදී මෙ මැතිඳු නො වීමෙන් ලොල්


(10) 72. සඟුන් වස් වස්වා නිති දන් දී සතොස්වා පිරිකර නොලස්වා කටින දුනි නොපමණ සලස්වා

73. මුනි දළඳා හිමිට මිණි මුතු අනගි සළු පට දැසි දස් ගම් එමට පිදී නොපමණ තෙසින තුටු කොට

74. කලදෝ ලෝ රනින තනවා පිළිම නොපමණ බර පැන් දී නොමින කෙරෙව්වෙය නෙක වෙහෙර තැන තැන

75. සත් දිනක් ඇතුළත ලියවා එ ජාතක පොත බර පැන් දී අනත කෙළේ පින්කම් මෙ මැති නො නැවත

76. තව නොමින් බණ පොත් ලියවා දෙමින් නෙක වත් සඟ ගණට පැනවත් පිදී සතොසින් මෙ මැති සිරිමත්

77. මෙ මැති කළ පින් රැස කියතොත් අනත ගුරු මිස එක මුවෙන් නො ව ලස කෙලෙස මම පවසම් ද ඇති ලෙස

78. තෙවළා දම් පසැස් ලියවූ කියවූ අනුසස් දැන අත'ඹුලෙක ලෙස් මෙ මැති සඳ වඩවමිනි සිත තොස්

79. බුදු වසිනි දෙදහස තුන් සිය තෙවිසි වන වස සපැමිණි මීන රැස විසි බාග වූ දිනෙහි දියඇස


(11) 80. බඹ සුර නර මුදුන් සිය යුග සරණ සර දුන් දෙසූ අප මුනිඳුන් දහම් අතුරෙන් ලොවට සෙත දුන්

81. මෙ අග මැති කුලුණෙන දහමක් ගැඹුරු එළුවෙන කවි කර කියන මෙන කෙළෙත් ආරාදනා සතොසින

82. ඒ අයැදුම රැගෙන සග මොක් සිරි ලබන මෙන මෙ මා නැණ පමණින කියන බුදු ගුණ අසව් වෙසෙසින

83. නණැති පඩිවර පෙර බුදු ගුණ නුදුටු කෙළවර කිවයි නොකර'නදර දුටත් වරදක් ඉතා නොසමර

84. 1මුනිඳු ගුණ කපකුදු කිවත් 2නො ගෙවයි මුනිසඳු එ වන් මහ ගුණ බුදු කෙසේ පවසා ලද්ද කිවි ඉදු

85. ඒ වැනි ගුණ සතර පවසමි මසිතු වැර සැර නෙළුඹැසිනි තුසර හමුනන්ට කරනා තැනෙ'ක යුර

86. සතර ගුණ වා මඟ නො ම දුටු සෙයින් මුල අග බුදු ගුණ කිමි රඟ බැලුම් හිඳි කටු මලින් එක රඟ

87. බඹ සුර නා තැනක් පිදු මිණි කිරුළු රැස් තෙක් මුනි සඳුට දැසියක් පිදූ කුඩු පූ වුව ද කිලුටෙක් 1 මුනි ගුණ 2 නො ගෙවන

(12) 88. එලෙසින් බැතිනි සිත් මුනි සඳු ගුණ ලොව'ග පත් ම නැණ පමණින් ලත් කීම වරදෙක් නැත විනා සෙත්

89. මුනි ගුණ නීරදින බිඳක් ගත් මෙන් කෙසගින ම සුළු නැණ පමණින කියමි බුදු ගුණ අසව් වියතුන

90. තුන් ලොවට වූ ගුරු දකිමින් මුනිඳු දිවකුරු අප බෝසත් සොඳුරු තමා අත පත් නිවන් කර දුරු

91. සව් සතට කුලුණෙන මතු බුදු බව ලබන මෙන වැඳ ඒ මුනි සරණ නියත විවරණ එදා ඇරගෙන

92. ගොර තර සසර වැද සතට වැඩ වේ නම් සොඳ තිරය වත් වැඳ ඉඳ මඳක්වත් පසු නො වී මෙන් හද

93. සතෙකුට වැඩ නො වෙත සුර පුරෙහිවත් නො වසත මෙලෙස ඒ මහසත සැපත් නෙක යදි දන ගණට දෙත

94. ඉස් ඇස් මස් රුදිර පිය සුත සමග පියසර දන් දෙමිනි ‍ලොබ හැර මෙලෙස පෙරුමන් පුරා සත්සර

95. ලොව පහළ වෙසෙසින සුවිසි මුනිඳු දකිමින ගෙන නියත විවරණ පෙරූ පෙරුමන් ඉවර වූ තැන


(13) 96. ගොසිනිපිද සග පුර විඳ සුර ඉසුරු මනහර බුදු වෙන්ට කර තිර නැමඳ බඹ සුර ගොස් අයැදී වර

97. නරඹා පස් බැලුම් දිව සිරි නො කොට සඳහම් බුදු බවට කර පෙම් චුත ව දිව ගත් කර අතුරුදම්

98. 1 ලොව පෙර බඹ උපතින් පැමිණි සොඳ නර වර මහ සම්මත නම් මන නඳ පර පුර නො හැර ම පැවතා එක බඳ තිර සර රිවි කුල කිරුළ'ග මිණ ලෙද

99. එයින් පසු ව ලොව සුර නර කළ ගැති නමින් පවර මහමන් දතු සිති පති තෙදින් නොපටු හස යුග'න'ග දින පති උතුන් තිලොව සුදෝවුන් නම් මිහි පති