කහකුරුළු ස‍‍‍ඳෙස-කහකුරුළු වණ්නාව-v


201. බරත සතෙහි පැවතෙන පෙර කී ලෙස ම දෙනෙත යුගත දෙපසෙහි පමණ සරිව ම රඟන තාල මද්දල ගීය නොව රද ම විසිත නලඹ දුටුවන් දිව සරන් මෙ ම

අන්වය: බරත සතෙහි පැවත එන පෙර කි ලෙසට දෙනෙත යුගත දෙපසෙහි පමණ සරිවම තාල මද්දල ගීය නොවරදම රඟන තලඹ දුටුවන් දිවසරන් මෙම සිත වී.

අර්ථරය: බරත සතෙහි, භාරත සංගීත ශාස්ත්රසයෙහි; පැවත එන පැවතීගෙන එන; පෙර කී ලෙසට, පෙර ඉසිවරුන් කී ආකාරයටම; දෙනෙත, ඇස් දෙකද, යුගත, අත් දෙකද; දෙපසෙහි දෙපැත්තේද; පමණ සරිවම, එක ප්රකමාණයටම; නටවමින්; තාග මද්දල ගීය, තාලම් හා මද්දල නම් බෙර හඬද ගීයද; නොවරදම, නොවරදාවාම; රඟන, රඟ දෙන කල්හි; නලඹ දුටුවන්, ඒ නායිකාංගනාවන් දුටුවවුන්ට; මෙම දිවසරන්, මේ දිව්ය; ස්ත්රීවහුයයි; සිතුවී, සිතෙන්නේය.

විස්තරය: මෙහි නටන ස්ත්රීුන් පෙර භාරත තෘත්යු ශාස්ත්ර යෙහි දැක්වූ ක්ර්මය ඉක්මවා නොයති. දෑසත්, දෙඅතත්, දෙඋරත් සරි පමණට නටවති. එහෙත් තාලවත්, මිහිගු බෙර නාදයත් ගීයත් නොවරදවා රඟ දෙති මේ කියූ කරුණු වලින්ම නළඟනෝ එක්තරා ශාස්ත්රයයක් අනුව නැටූ බව පැවසේ.

බරතසත - භාරතාචාය්යීශයෝ නෘත්යක ශාස්ත්ර ය නිපදවූ තැනැත්තාය. භාරත ඍෂිවරයා විසින් නෘත්යච ශාස්ත්රන පිළිබ‍ඳ ග්රයන්ථයක්ද නිපද විය. ගන්ධ ර්වි වෛදය යනුද භාරත ශාස්ත්රරයයි.


                                                 කහකුරුළු සන්දේශ වර්ණරනාව 	209 

ගුත්තිල - බරත සැක හළුවෝ රඟින් දන මන වෙලුවෝ වෙසින් සුල කුළුවෝ පසෙක සිටියෝ නොයෙක් නළුවෝ

තාල - එනම් තාලමයි. එයින් සප්ත ස්වරයෙන් ඝනය නද කෙරෙයි. අද කයිතාලම, තාලම් පට යයිද කියති.දෙමළෙහි කාලම් යයි කියති. මද්දල - මදිල (සං) එනම් බෙර විශේෂ‍යකි. දෙමළෙහි මද්දලම්, යයි කියති.

විශේෂ : පිඹිනා වස් දඬු ගොස තාලම ටා වයනා මද්දල බෙර තාලම ටා රඟනා නොහැරම එම තාලම ටා ලියනා දුටුවේ තොස තාලම ටා (තිසර)

සලකව මින් සුරඹ ලෙසේ නිසැක සබා මැද පිවිසේ නොයෙක නළඹ නටත් තොසේ එදැක කෙනෙක් යද්ද කෙසේ (ගුත්තිල)

කියමනත්, නැටීමත්,. තාලයත් සමග වැයීමත් එකවිට ආ කාලය නෘත්යත චමත්කාරී වනුයේ. මෙහි එය ඇත.

202. බෙහෙද නිසි තාල දැනගෙන නිසි ලෙසට පැහැද වයන මද්දල සුද්ද නා දෙට විරොද නොව නගන අතපය හෙලන විට සබඳ බල රඟන නළඟන සිතු ලෙසට

අර්ථබය: බෙහෙද, භේදද, නිසි තාල, නිසි තාලයන්ද, නිසි ලෙසට දැනගෙන, නිසිපරිදි දැනගෙන; පැහැද වයන, පැහැදිලිව වාදනය කරන, සුද්ද මද්දල නාදෙට, පිරිසිදු 210 කහකුරුළු සන්දේශ වර්ණපනාව

මද්දළ බෙර හඬට; වි‍රොද නොව නගන විරුද්ධ නොවී ඔසවන්නා වූ; අතපය, අත්පා; හෙලනවිට, පහත හෙලන කල්හි; සබඳ! මිත්රතය! රඟන නළඟන, නටන්නාවූ නාටිකාංගනාවන්; සිතු ලෙසට බල! සිත්සේ බලන්න!

විස්තරය: එහි ඉතා පැහැදිලිව නොයෙක් තාලයට බෙර වයයි ඒ තාල නොවරදවා නළඟනෝද අත් එසවීම හා පහත් කිරීම කරති. බෙර තාලයට හා අත් උස් පහත් කිරීමද එකිනෙකට වෙනස් නොවේ.


203. තුනු රුවින් සුරඹුන් ලෙසින් මුහුලස මලින් ගවසා යුතේ මුව මදින් කොකුමෙන් සඳුන්‍ පිනිදිය ලෙවුන් තවරා ගතේ තන හසුන් ගණරන් පටින් බැඳ අබරණින් සැරසී යුතේ රස නුසුන් තෙපුලෙන් ගියෙත් නළඟන රැ‍ගුන් බල පා නෙතේ

අර්ථ ය: තුනු රුවින්, රූප‍ශෝභාවෙන්; සුරඹන් ලෙසින් දෙවඟනන් මෙන්; මුහුලස, කේශකලාපය; මලින් ගවසා යුතේ, මලින් ගවසා ගෙන; මුව මදින්, කස්තුරියෙන්ද; කොකුමෙන්, කොකුම් වලින්ද, සඳුන්, සඳුනෙන්ද; පිනිදිය ලෙවුන්, පිනිදිව ආදී ‍විලේපන වර්ගබ වලින්; ගතේ තවරා, ශරීරයේ අතපය වල තවරා ගෙන; තන හසුන්, පියයුරු නැමැති හංසයන්; ගණරන් පටින් බැඳ, ඝණ වූ රන් පටියෙන් බැඳගෙන; අභරණින් සැරසී, ආභරණයන් ගෙන් සැරසී ගෙන; රස නුසුන් තෙපුලෙන් රසවත් වචනයන්ගෙන්ද; ගීයෙන් යුතේ, ගීයෙන්ද, යුක්තව; නළඟන රැඟුන්, නාටිකාංගනාවන් රඟන රැගුම්; නෙතේ පා බල! ඇස් යොමා බලව;

විස්තරය: කහකුරුළු කවියා සරල මිහිරි වචනයෙන් මනහර වෘත්තයෙන් නළඟනන් ගැන කරන වර්ණකනය ගැන


                                                         කහකුරුළු සන්දේශ වර්ණයනාව 	211

අමුතු විස්තරයක් නැතිවාට රසිකයනට පහසුවෙන් හැගේමය. තිසර, ගිරා ආදී සන්දේශකරුවනුත් වෑත්තෑවේ හිමි යනුත් කහකුරුලුවේ එන නළඟන වැණුමට පසු නොබතියි කාට කිව හැකිද?

ඒ නළ‍ඟනෝ මලින් ගසා කේශකලාපය සාදාගෙන, කස්තුරි කොකුම් සඳුන් හා පිනිදිය ආදී විලේපන වග්ර්ු‍ අත පයේ ගා පයොධර රන් පටින් බැඳගෙන රඟ දෙන විට එය තවත් අලංකාර වන්නේ ඔවුන් මුව තුඩින් නිකුත්වන රසවත් මිහිරි ගීයෙනි, තෙපුලෙනි.

වියරණ: ලෙවුන් - විලේපන (සං) විලවුන් යයි බිඳී එයි. පසුව එයම ලෙවුන් යයි යෙදේ. විලවුන් නම් ඇසේ ගාන සුවඳ වගර්යනන්ය.

204. දිගු නෙත් අඳුනෙන් යුතේ පත්සවණතේ මිණිවළලලු ලා අත් සරණනේ සලඹින් යුතේ පටු නළලතේ කොකුමෙන් තිලක දෙත් රඟ දෙනේ සුරඹුන් යුතේ නළදිගු නෙත් දුටුවන් කෙරේ මත් පවසතේ නතනන් යුතේ දහසින් වතේ අත් කෙබදු හැකි වෙත්

අර්ථකය: දිගුනෙතේ, දික් වූ ඇස් වල; අඳුනෙත් අඳුන් වලින්ද සවණතේ පත්, කණෙහි ලපලු වලින්ද; මිණිවළලු ලා අත් යුතේ, මාණික්යතමය වළලු දැමුවා වූ අතින්ද යුක්තව; සරණතේ සලඹින් යුතේ, සලඹින් යුක්තය; පටු නළලතේ, පළල් වූ නළලෙහි; කොකුමෙන්, කොකුම් වලින්; තිලක දෙත්, තිලකයන් තබත්; සුරඹුන් යුතේ රඟදෙතේ, සුරඹුන් මෙන් නටන කල්හි; දිගුනෙතේ දුටුවන් මත් කෙරේ, දික් නෙත් ඇති ඒ අඟනුන් දුටුවන් මත් කරති. පවසතේ ඒ අඟනන් රඟ, නතනන්, අනන්ත නාගරාජයාගේ හෝ; දහසින් වතේ යුතේ, ශක්ර්යා සුදුසුය; අන් කෙබඳු, අන් කවර කෙනෙක් හෝ; හැකිවෙත්, හැකිවෙද්ද?


212 කහකුරුළු සන්දේශ වර්ණ?නාව

විස්තරය: රඟන ඒ අඟනන්ගේ දිගු නෙත්වල අඳුන්ය. සවන්වල පත්ය, අත්වල මිණි වළලුය. පා වල සලඹය. පළල් නළල් වල කොකුම් තිලකය. මෙසේ සුරඹුන් මෙත් ඔවුන් රඟ දෙන කල දුටුවන් ‍මත් නොකෙරේද? කෙරේමය ඇති එකම වරද නම් අනන්තයාත් ශක්රුයාත් හැර අනිකෙක් සමත් නොවීමය.

205. විදි මිනේ සිතියම් පටක්ගෙන පෑමෙන් නළඟන බැසේ තබමිනේ පා ලෙලදිදී අත් බරත සත නිවැරදි ලෙසේ වයමින් බෙර සුද්ද තාලත් රාගද නුගි එක ලෙසේ බලමිනේ නෙත් දහසිනේ නිමවිය හැකිද උන් ඇති ලෙසේ

අන්වය: සිතියම් පටක් ගෙන විදිමිනේ පෑමෙන් නළඟන බැසේ පා තබමිනේ අත් ලෙලදිදී බරත සත නිවැරදි ලෙසේ බෙර සුද්ද තාලත් රාග දනු ගී එකලෙසේ වයමිනේ නෙත් දහසිනේ බලමිනේ උන් ඇති ලෙසේ නිමවිය හැකිද?

අර්ථිය: සිතියම් පටක් ගෙන, සිතියම සහිත වස්ත්ර්යක් ගෙන; වදිමිනේ පෑමෙන්, විදහා පෑවාක්මෙන්; නළඟන බැසේ පාතබමිනේ, නළඟනන් බැස පාතබමින්; අත් ලෙල දිදී, අත් ලෙලවා; බරත සත නිවැරදි ලෙසේ, භාරත නාත්ය් ශාස්ත්ර යෙහි කී පරිදි නිවැරදි ලෙස; බෙර සුද්දතාලත් රාගද නුගී; බෙර හා පිරිසිදු තාලම් පටද, වයන තාලයට අනුව; ගී එකලෙසේ වයමින්, ගීයද එකලෙස වයමින්; රඟදෙන නළඟනන්ගේ සැටිය; නෙත් දහසිනේ බලමිනේ, නෙත් දහසකින් බලමිනුත්; උන් ඇති ලෙසේ උන්ගේ ඇති ස්වභාවය; නිමවිය හැකිද, නිමාකළ හැක්කේද?



                                                   කහකුරුළු සන්දේශ වර්ණ?නාව 	213 

විස්තරය: එහි රඟන කතුන් ගැන, කවියා සිතතුළ ඇති වූ හැඟීම එකවරම පැවසීමටමෙන් සිතියම් පටක්ගෙන විදහා පෑවාක් මෙනැයි කියයි. එසේ නලඟන රැගුම්හළට පිවිස පාතබමින් අත් ලෙල‍දෙවමින් නටති. එපමණක්ද නොවේ. ඔවුන් නෘත්යෙ ශාස්ත්රටයේ එන නීතිය නොවරදවා බෙරතාලම් නායදට අනුව ගී ගයමින්ය නැවටුවේ. එබඳු නළඟනන්ගේ සිත් ඇදගන්නා ශෝභාව නෙත් දෙකකින් තබා නෙත් දහසකින්වත් නිමවිය නොහැකි බව මෙයින් පවසයි.


ගුත්තිලයෙහිද

1. පෑ උදුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහසක් නුඹේයයිද,

2. පාදගම්රාගනුකොට ගත් නැටුම් සුරඟන රැසේ යයිද මේ කවෙහි එන අදහස්ම දැක්වූහ.

සිතියම් පට - එකල පැවතියේ සිතියම් පටවල්ය. විශේෂයෙන් වස්ත්ර්වල හැදි සිතියම් මින් පැවසේ. අදනට මේ කියමන චිත්රනපටියක් යයි කියනු නො අනුමානය.

රාගදනුගි - රාගයට අනුව ගීයද කියමින්, කවර රාගයකට අනුවද? බෙර සද්ද තාලම් රාගයට අනුවය.

ගුත්තිලකරුවෝ කීවේ පාදගම් රාගයට අනුව නටන බවකි.


206. පෑදිසේ රන්රූලෙසේ අත් ලෙලදිදී විදුලිය ලෙසේ සේ දිසේ පිරිසඳ ලෙසේ උවනින් දසන් පෑ මද හසේ පෑ මෙසේ රඟ නොකමසේ දිගු නුවනගින් බැල්මෙන් ලසේ මෙ‍ලෙසේ නළඟන රැසේ දුටු තවරසන් දම් කොයි ලෙසේ 214 කහකුරුළු සන්දේශ වර්ණ නාව

අන්වය: පෑ දිසේ රන්රූ ලෙසේ අත් ලෙල දිදි විදුලිය ලෙසේ මදහසේ දසන් පෑ උවනින් සේ දිසේ පිරිසඳ ලෙසේ නොකමසේ දිගු නුවනින් බැල්මෙන් ‍ලසේ මෙසේ රඟපෑ මේ ලෙසේ නළඟන රැසේ දුටු තවසරන් දම් කොයිලෙසේ?

පදාර්ථ : පෑදිසේ. පැහැයෙන් දිලෙන; රන්රූ ලෙසේ, රන්රූමෙන්; විදුලිය ලෙසේ. විදුලීයමෙන්; අත් ලෙල දිදී, අත් ලෙලදෙමින්; මඳහසේ දසන් පෑ, මදසිනාවෙන් දත් පෙන්නූ; උවනින්, මුහුනෙන්; සේදිසේ‍, සුදුපාටින් දිලෙන; පිරිසඳ ලෙසේ, පුන්සඳමෙන්; නොකමසේ, අලස නොවී; දිගුනුවතගින් ‍ලසේ බැල්මෙන්, දිගුනුවන් අගින් බැල් මෙන්ද (යුක්තව) මෙසේ රඟ පෑ, මේ ආකාරයෙන් රඟදුන්; මේ ලෙසේ නළඟන රැසේ දුටු, මේ ආකාර නළඟනන් රාශිය දැක්කා වූ; තවසරන්දම්, තවුසන්ගේ තවුස්දම්; කොයිලෙසේ, කෙ‍බඳු වේද?

විස්තරය: නළඟනන්ගේ වැනීම ගැන තවතවත් ආසාකරන කවියා මෙසේද පවසති. ඒ අඟනෝ රන් රූ ලෙසේය. අත්ලෙලදීම විදුලිය‍ ලෙසේය. මදහසින් දසන් දැක්වූ මුහුණින් සුදු පාටින් බබලන පුන්සඳසේය. ඒ අතර ලැසි බැල්මද හෙලති. මෙසේ රඟදුන් නළඟනන් දුටු තවුසන්ගේ තවුස්කම්වලට කුමක්වේදැයි අසන්නාය සිතා ගැනීමට ‍ඉඩතබති.

ගුත්තලයෙහි:- දිලි එවුන් රූසිරි නුවන්වන් බඹ උවන් දැහනින් මිදේ යයිද, ඒ රැගුම් රග දුටු නොමුලාවෙතී පවසනු කෙසේ යයිද සුරඟන රැගුමේදී පැවසූහ.

‍ ලසේ බැල්ම - එනම් නෙතගින් බලන බැල්මය. එය ස්ත්රීුන්ගේ අමුතු ලාලිත්ය යක් සේ වර්ණ නා කරති.



                                                            කහකුරුළු සන්දේශ වර්ණතනාව 	215 

207. සුරසබා මඩුවට පාබාදිසි බැස නොබාසිටි කකුට පාදේ ළෙසපබා නළඟන සුබා දුටුවන් ලොබාකර තබන පාදේ ඉනලඹා මිණි මෙවුලබා පද එසලඹා ගීතාල බේදේ දැන් නොබා නළඟන සුබා රඟදෙන සොබා දුටුවන් නො‍යාදේ

අන්වය: පබා දිසි සුර සබා මඩුවට නොබා බැසි කකුට පාදේ පබාලෙස නළඟන සුබා දුටුවන් ලොබකර තබන පාදේ ඉඩ ලඹා මිණි මෙවුලබා පද එසළඹා ගීතාල බේදේ දැන් නොබා නළඟන සබා රඟදෙන සොබා දුටුවන් නොයෙද්.

අර්ථ ය: පබාදිසි සුරසබා වෙනුවට, ප්රේභාවෙන් බබලන සුරසභා මඩුමෙන් ඇති සභා මණ්ඩපයට, නොබා බැස, නොබියව බැස; කකුට පාදේ. පෙරෙවියන්ට බඳු පා ඇති; පබාලෙස, ප්ර භාවතියදේවිය ලෙස; නළඟන සුබා, නාටිකාංගනාවන්ගේ ස්වභාව; දුටුවන් ලොබකර, දුටුදෙය ලොල් කරවා තබන ‍පාදේ, තබන පා ඇති; ඉනලඹා, ඉනෙහි එල්ලෙන; මිණි මෙවුලබා, මාණික්යන මෙඛලදාමය පහතට දමා; පද එසලඹා, පයෙහි ඒ සලඹද (නදකර) ගීතාල බේදේ, ගීතාලය භේදය (අනුව) දැන් මේ අවස්ථාවෙහිදී; වෙහි; රඟදෙන සොබා, නටන ආකාරය; දුටුවන් නොයෙදේ, දුටුවන්ට (එය අත්හැර) යන්නට නෙදේ.

විස්තරය: දැන් රඟ බිමට බට නළඟනන්ගේ රැගීමේ අවස්ථාව කවියා මෙයින් දක්වයි. පරෙවි පා වැනි පාතබා දුටුවන් සිත් ලොල් කරති. ‍ඒ සමගම ඉන බැදි මිනි මෙවුලද පා බැදි සලඹද නදදෙත්. එවිටම තාලයට අනුව ගීතයද නික්මේ, මෙබඳු රැගුම් දුටුවන් එය අතහැර යන්ටනම් ඉඩ නොලැබේ.



216 කහකුරුලු සන්දේශ වර්ණ නාව

කුකුට පාදේ - පරවි පා වැනි පා, පරෙවියන්ගේ පාද සිහින්ය. එසේම රන්වන්ය. රඟන නළඟනන්ගේ පාද එසේය.

ලෙස පබා - ප්ර භාවතිය රූපත් කතුන් සියලුදෙනාම පසුබා සිටි බව ප්ර සිද්ධය; මේ අඟනෝද එසේමය. එබැවින්ය පබාලෙසයයි කීයේ.

මෙවුලබා - මෙයට මෙවුල සොලවායයි අරුත් දිය යුතුය. බායන්නට එබඳු අරුතක් දිය නොහැකිය. එබැවින්ය පහත් කොටයයි කීයේ.

208. සුරඹුන් රූසිරෙන් ලෙසවන් නලඹුන් රඟදෙන සෙද නොවලසි නේ පදයෙන් පදයට කියමින් ගීතය ලෙලෙදුන් යුග කොමලති නේ ගණ රන් රස එක් උවමෙන් බේදය නොවමින් රඟදුන් සඳි නේ බලමින් මෙලෙසින් නළඟන රඟදී අවසන්වූවිට නොවලසි නේ


අන්වය: රූසිරෙන් සුරඹුන් වන් ලෙස සෙද නොව ලසිනේ රඟදෙන නළඹුන් පදයෙන් පදයට කියමින් ගීතය ලෙලදුන් යුග කොමලතිනේ, ගණ රන්රස එක් උවමෙන් බේදය නොවමින් රඟදුන් සදිනේ. මෙලෙසින් බලමින් නළඟන රඟදී අවසන් වූ විට නොවලසිනේ.

අර්ථනය: රුසිරෙන්, රූපශ්රීනයෙන්; සුරඹුන් වන්ලෙස, දෙවඟනන් පැමිණියාක්මෙන්; සෙද, වහා; නොවලසිනේ, ලැසි නොවී: රඟදෙන නටඹුන්, නටන අඟනන්, පදයෙන් පදයට, පියෙන් පියට; කියමින් ගීතය, ගීත‍යද කියමින්; ලෙලදුන්, ලීලෝපෙත වූ; යුග කොමලතිනේ, කෝමල යුග අත් ඇති; ගණ රන් රස, පිරිසිදු රන් හා රසදිය, එක් උව මෙන්, එක්වූවාක් මෙන්; බේදය නොවමින්, භෙදයක්


                                            කහකුරුළු සන්දේශ වර්ණඑනාව 	217 

‍ නොකොට; රඟදුන් සදිනේ, නැටුකල්හි; මෙලෙසින් බලමින්, මේ ආකාරයෙන් බලමින්; නළඟන රඟදී අවසන් වූ විට, නාටිකාංගනාවන් නටාට අවසන් වූ කල්හි; නොවලසිනේ, නොපමාව.

විස්තරය: ගණ ‍රන්රස එක්වුවමෙන් එක්වීම්වලින් රන් හා රසදිය එක්වීම ඉතාම ගැල‍ෙප්. එයද මුසු රන් නොව තනිකර රන්ය. නැටීමේදී හෝ සංගීතයේදී තාලයත් ගීතයත් වෙනස්වී‍ ගියොත් එය කමක් නැතිවන්නකි. මේ නැටීමේදී තාලයත්, ගීතයත්, නැගීමත් වෙනස්නොවී එකටම ගියබව දැක්වීමට කවියා බොහෝදුරට උත්සාහ ගත්තේද ඒ නිසාය.

විශේෂ: මෙහි මෙතෙක් කළ රඟහල වැණුම සන්දේශ වල රන නෘත්යගවර්ණෙනාවලට වඩා වෙනස් මගක් ගත්තා‍ක්සේ පෙනේ. වෘන්තද තෝරාගත්තේ දිග වෘත්තය. අදහස් හා උපමාද අමුතුවෙන් කවියාටට වැටහුණු දේය. ගුත්තිලයෙහි එන සුරඟන රැඟුම බොහෝදුරට අනුගමනය කර ඇති බව පැවසිය ‍හැකිය.

සම්මුක සුරිඳුන් මෙසේ වණිති

209. රුවිනි විරාජිත රන් කිරුළිය පැළඳ පැහැ විසුරා මිණිබන් අබරණ පැළඳ දිවස කරා තෙදගිනි යුතු පබඳ තෙනෙන පුරා දකු සම්මුක සුරිඳු සඳ

අර්ථනය: රන් කිරුළු ඉස පැළඳ, රන් ඔටුණු හිසේ පැළඳගෙන; රුවිනි විරාජිත, රූපයෙන් බබලන; පැහැවිසුරා, පැහැය විහිදෙන; මිණිබන්, මිණිබැඳී; අබරණ පැළඳ, ආභරණ පැළඳගෙන; දිවසකරා, හිරුමෙන්; පබඳ තෙදගිනි යුතු, මහත් තේජස් නැමැති ගින්නෙන් යුක්ත වූ; සුම්මුක සුරිඳු සඳ, සමන් දෙවියන්ව; තනෙත පුරා දකු, නුඹගේ ඇස පුරා බලන්න.


218 කහකුරුළු සන්දේශ වර්ණ;නාව

විස්තරය: ඒ සමන් සුරිඳු ස්වභාවයෙන්ම රූමත්ය. හිස කිරුළක් පැළඳගෙන සිටී. පැහැය විසුරුවන මැණික් බැදි ආභරණ පැළඳගෙන සිටියි. තේජසින් හිරු බඳුය. එබඳු ඒ දෙවියා නෙත් පුරා දකින්න.

210. තෙදයසසින් සුරසෙන් පිරිවර නොමින දිලි‍සිහසුන් පිට වැඩ උන් සක් සෙයින කඳකුමරුන් වෙත ගොස් සිට මන තුටින අදරබැතින් නමදුව ඒ හිමි සරන

අර්ථැය: තෙද යයසින්, තේජසින් හා යසසින්ද, නොමින පිරිවර සුරසෙන්, නොඅඩු පිරිවර වූ දිව්යෙ සේනාවෙන්ද; දිලි සිහසුන් පිට, දිලෙන සිංහාසනය මත්තේ; සක් සෙයින් වැඩ උන්; ශක්රසයාමෙන් වැඩසිටි; කඳකුමරුන් වෙත, ස්කන්ධ කුමාරයා වෙත ගොස්; මන තුටින් සිට, සතුටින් සිට; ඒ හිමි සරණ, ඒ දෙවියන්ගේ පාදය; අදර බැතින් නමදුව, ආදර භක්තියෙන් යුක්තව වඳින්න.

විස්තරය: කඳ කුමරුන් - ඊශ්වරගේ පුත්රගයෙකි. කඳ කුමරු රුහුණු රටට අධිපතියා ලෙසද මුහුණු සයක් හා අත්දොළසක් ද ඇතිසේද සලකති. කතරගම දෙවියන් නමින් මුලදී හැඳින්වූයේ මහසෙන්ය. පසුකලක හින්දු දෙවියෙක් වන ස්කන්ධල කුමාරයා මෙහි දෙවියා හැටියට ප්ර.සිද්ධ වී තිබේ.

211. රුවින් ඔරැදි එසුරිඳු උතුමග ලකු ළු නොහින් රැස් විසිර බබලන රන් කිරු ළු නිතින් කෙළෙන සතුටුව බැස රුවන් කු ළු රුවන් මියුරු සදෙනෙකු සිරි පැයි ලකු ළු

අර්ථ්ය: රුවින් ඔරැඳි, රූපයෙන් බබලන; එසුරිඳු ලකුළු, උතුමග, අලංකාරවත් ඒ දෙවියාගේ හිසෙහි; නොහින් සීමාවක් නැතිව; රැස් විසිර බබලන, රැස්විහිදී බබලන්නා වූ; රන් කිරුළු, රන්ඔටුන්න නැමැති; රුවන් කුළු,


                                              කහකුරුළු සන්දේශ වර්ණඔනාව 	219 


රුවන් පර්ව ත මුදුනින්, සතුටුව බැස; සතුටින් බැස: නිතින් කෙළෙනා, නිතර ක්රීවඩාකරන්නා වූ; ලකුළු, අලංකාරවත් වූ; රුවන් මියුරු සදෙනෙකු සිරිපැයි, රන් මොනරුන් සදෙනෙකුගේ ශොභාව පෑවේය.

විස්තරය: ඒ දෙවිඳුන්ගේ හිසමත බබලන රන් ඔටුන්න එක මොනරෙක් මෙන් නොව රන් පර්වනතයෙන් බැස ඇ රන් ‍ මොනරුන් සදෙනෙක් බඳුයයි කියයි. මොනරුන් සදෙනෙක්යයි කීයේ කුමක් සඳහාදැයි විමසිය යුතුය. මුහුනු සයක් වුවුද එක හිසක්ය ඇත්තේ. මුහුණු සයට ඔුටන්නේ මුදුන් හයක්ද වෙයි. එබැවින් විය යුතුය මෙසේ කීයේ.

වියරණ: කිරුළු, කිරීට සදින් බිඳී ආවෙකි. රුවන් කුළු, රතනකූට සදින් බීදී ආවෙකි.

212. දෙරණට පැමිණි පුරඳුරු ඉසුරු පැයි දුලේ වටකොට සුර සෙනඟ වැඩහිඳින සුවි පුලේ සැමවිය දිලෙන රන් පට සැදි නළල් තෙලේ එකවිට දිලෙන විදුකිඳු සයක සිරි දුලේ

අර්ථටය: දෙරණට පැමිණි, ‍ෙ‍පාළවට පැමිණියා වූ; පුරඳුරු ශක්රනයාගේ; උදුලේ ඉසුරු පැයි, දිමුත් ‍ෛඑශ්ර්ය්,ුලයි පැවාවූ; සුවිපුලේ සුර සෙනඟ ‍වටකොට; මහත් දිව්යමසේනාව පිරිවරා ගෙන; වැඩහිඳින, වැඩසිටින්නා වු; (ඒ දෙවියාගේ) සැමවිට දිලෙන, නිතරම බබලන; රන්පට සැදි, රන්පටකින් සැරසූවාවූ; නළල් තෙලේ, නළල් තලයෙහි; එකවිට ලෙලෙන, එකවිටම ලෙලදෙන්නා වූ; විදුකිඳු සයකි, විදුලිය පන්ති සයක; සිරිදුලේ, ස්වභාවය ඉසුළුවේය.

විස්තරය; පුරුඳුරු, පුරන්දිර: (සං) ශක්රියාට නමකි. විදු කිඳු මෙහි කිදුසඳ පන්තිය, රොදයන අරුත් පැවසේ.


220 කහකුරුළු සන්දේශ වර්ණිනාව

විශේෂ: මුහුණු සයක් ඇති බැවින් ඒ දෙවියාට නළල් තලවල්ද සයක් ඇත. එක් එක් නළලෙමහි බැදිරන් නලල් පටවල් නිසා එකවිට පහළ වූ විදුලිය පන්ති සයෙක ස්වභාව දැරූ බව මින් කියයි.

231. සහතුට වඩන මෙසුරිඳු බැම නිති දිලෙන එකවිට පහළ ‍ඉදුදුණු දොළසෙකි එමෙන සෑමවිට පුබුදු නුවනිඳුවර දැක සොබන එවකොට කෙළෙන බිගු වැල සිරි ගති නිතින

අර්ථටය: සහතුටවඩන; සතුට වර්ධ නය වන්නා වූ; නිති දිලෙන මෙසුරිනිඳු බැම, නිතර බබලන මේ දෙවියාගේ බැම එකවිට පහළ පෙනෙන, එකවිට පහළ වී පෙනෙන්නා වූ; ඉඳුදුණු දොළසෙකි එමෙන, දේදුණු දොළස හා සමානය; (එසේ නැතහොත්) සැමවිට පුබුදු, හැමකල්හි පිපි‍ තිබෙන; සොබන නෙතිදුවර දැක, ඇස් නැමැති නිලුපුල් දැක; නිතින, නිතියෙන්; වටකොට කෙළෙන, වටකරගෙන ක්රීරඩාකරන්නා වූ බිඟුවැල සිරිගති, බමරවැලක ශෝභාව ඉසුලු වේය.

විස්තරය; කඳසුරිඳුන්ට ඇස්ද දොළසකි. එහි බැමලියද දොළසකි. එයට උපමා සොයන කවියා එකවිට පෙනෙන දේදුණු දොළසක් ඇති වුවහොත් එමෙනැයි කියයි. එසේ නැතහොත් නිතර පුබුදුවී තිබෙන නෙත් නැමැති ඉන්දීැවරයන්ට පැමිණි බමර වැලක් මෙනැයිද පවසයි.

ඉදුදුණු: ඉන්ර්න්ටධනු - (සං) දේදුන්න. මෙය ශක්රරයා‍ෙග් දුන්නයයි සලකති. ඇතිනක්කේ වැසිවෙලාවටය. හිරු එළියට වැහිපොද වැටීම නිසාය මෙය ඇතිවන්නේ.

ඉඳුවර: ඉන්රී්නේ වර (සං) නිල්මහනෙල් වලට නමකි.



                                                   කහකුරුළු සන්දේශ වර්ණලනාව 	221 

214. සවත් සිරිඳුගේ නිති දිසි නෙත් දෙසය මහත් කුළුණු සයුරෙහි කෙළිමින් ලෙසය කියන් මදක් උවමට ඉදු මිණි රැසය අනත් ගෙළ මිණට සරිකල කැට ලෙසය

අර්ථ ය: සවත් සුරිඳුගේ, ස්කන්ධක කුමාරයාගේ; නිති දිසි නෙත්දෙසය, නිතර දෘශ්යිමාන වූ ඇසදොළස: මහත් කුළුණු සයුරෙහි මහත් වූ කරුණා නැමැති සාගරයෙහි; කෙළිමින් ලෙසය, ක්රීසඩාකළ මසුන් රැසක් බඳුය; මදක් උවමට; ටිකකට උපමාවශයෙන්; ඉඳුමිණි රැසය කියත්, ඉඳුමිණි රැසයයි කියතහොත්; (එය) අනත් ගෙළ මිණට, අනන්ත නාගරාජයාගේ කණ්ඨමාණික්යහයට; සරිකළ, සමාන කළා වූ; කැටලෙසය, බොරලුවක්මෙනි.

විස්තරය; කඳසුරිඳුට නෙත් දෙසයකි. එයට උපමා සොයන කවියා ඒ දෙවිදුගේම කරුණා නැමැති සාගරයෙහි සෙල්ලම් කරමින් සිටින මසුන් රැළක්යයි කියයි. එහෙත් ඉඳුනිල්මිණි වැනි යයි කිව හොත් අනන්ත නාරජුගේ ගෙළ තිබෙන මහා මාණික්යෙයට බොරලුකැටයක් සමකළාසේ නො පොහොනේය.

215. හිමිසඳ තුගු ගහන් සය රණ කුසු වැනිය තුඩුදුන් මුවක‍මල් රනහසපෙල වැනිය යෙදු ‍උමවන් ලෙව්සත වැනි කෙලෙ සිතිය කෙසර පෙළට සිරිකළ කැනහිල් වැනිය

අර්ථ ය: හිමිසඳ, ඒ දෙව් හිමියන්ගේ; තුගු ගහන්සය, උස් වූ නාසා සය; රන් අකුසු වැනිය, රන් අංකුසය වැන්නේය; (නැතහොත්) මුවකමල් තුඩුදුන්, මුව ‍පියුම තුඩුදික්කරගත්; රන‍හසපෙල තුනිය, රන්හංසන් පෙළක්මෙන්ය; ලෙවසත යෙදු උවමන්, ලෝකසත්වයා යෙදු උපමාවන්; කෙලෙසිනි වැනිය, කෙසේ වුවද කෙසරපෙළට, කේසරසිංහ පන්තියකට; සරිකළ, සමානකළ, කැනහිල් වැනිය, කැනහිලෙක් මෙනි.


222 කහකුරුළු සන්දේශ වර්ණෙනාව

විස්තරය: ඒ දෙවියන්ගේ නාසිකා පන්තිය රන්කුස වැනිය; නැතහොත් මුව පියුම තුඩුදුන් හංස‍යන් පෙළක් වැනිය. මෙස් ලෝවැසි සියලුදෙනා යෙදු උපමා නොහොබනේය.කේසර සිංහ‍යකුට කැනහිලෙක් උපමා කලාක් මෙනි.

216. තෙදින් මෙ මහසෙන් හිමි සරිවන දෙවන වෙනින් තවත් සුරිදෙක් කිම දියත වෙන උවත් දිමුත් පුන්සඳ සයකි ‍පල වන කියත් එහිත් කැලලකි අඩු වෙ දින දින

අර්ථ්ය: තෙදින්, තේජසින්; මේ මහසෙන් හිමි සරිවන, මේ මහසෙන් දෙවියන් සමානවන; දෙවන, දෙවැනි වූ; වෙනින් තවත් සුරි‍ෙඳක්, තවවෙනින් දෙවියෙක්; දියත වෙන, ජගත් නැමති මාණික්යනයෙහි කිම, කිම ඇත්තේද? දිමුත් වුවත්, ශෝභාසම්පන්න මුහුණු; පළවන පුන්සඳ සයෙකි. පිබිදී තිබෙන පුන්සඳවල් සයෙකියි; කියම් කියම් නමුත්; එහිත්, ඒ පුන් ස‍ෙඳහිත්; කැලලකි, කැලලක් ඇත්තේය; දිනදින අඩුවේ, දවසක් දවසක් පාසා අඩුවෙයි, එබැවින් ඒ ද නුසුදුසුය.

විස්තරය: මේ මහසෙන් දෙවියන්ට සමානවන තේජස් ඇති තවත් සුරිඳෙක් මේ ලෝකයෙහි තවත් නැත. මේ දෙව් හිමියන්ගේ මුහුණු සයම උපමාවක් දැක්වුවහොත් පුන්සඳවල් සයක්යයි කියයුතුය එහෙත් එයද නුසුදුසුය. හඳ දිනදින අඩුවෙයි. කැලලක්ද ඇත. මේ මුහුනුවල එබන්දක් නැත. ව්ය තිරේකා ලංකාරයයි. මෙහි උපමා උපමේය දෙකෙහි සමානකම පෙන්වා එහි ඇති වෙනසද මෙයින් පෙන්වයි.

මහසෙන්:- මෙහි මහසෙන් නමින්ද කවියා හඳුන්වන්නේ කඳකුමරුමයි. දෙදෙනා වෙනසක් නැතිව වර්ණුනාකර තිබේ. මුලදී කතරගම දෙවි නමින් ප්ර සිද්ධ වූයේ මහසෙන්ය. පසුව හින්දු දෙවියෙකු වූ කඳකුමරුද කතරගම දෙවි නමින් ප්රසකට විය.


                                               කහකුරුළු සන්දේශ වර්ණදනාව 	223 

217. දසන වසන දල දළ මුවරද දී මුත දිවූ කෙමි දුල ගෙළෙ නළ කමල පෙළ සුත මුව සුරනිඳු සරිකර කියනු සිය පත සොමි මඬලට දපණය වැනි සරි කරත

අර්ථ ය: දසන වසන දල, තොල් නැමැති පත්රව ඇති; දළ මුරරද, දත් නැමැති මකරන්දයය ඇති; දිව් කෙමි දුල, දිව නැමැති කෙමිනේ බබලන; ගෙළෙ නළ, කණ්ඨය නැමැති නාලිකාවක් ඇති; කමල පෙළ යුත, නෙළුම් මල් පන්තියෙන් යුත්; සුරනිඳු මුව, දෙවියන් මුහුණ: සියපත සරිකර කියනු, නෙළුම් මලට සමානකර කියන්නේ නනම්, සොමි මඩලට, චන්ර්යුත මණ්ඩලයට; දපණය, කැඩපත, සරිකරනු යුත, සමාන කරනු සුදුසුය.

විස්තරය: මේ දෙව් රජුගේ මුහුනට නෙළුම් මල් සමාන කර කියතහොත් එය සුදුසු නොවේ. ඒ උපමාව චන්ර්ල් මණ්ඩලයට කඩපතක් සමානකරන්නා සේ නොගැලපේමය.

218. නිතින් දිලෙන රන් ඔවිලි ලෙස සොබන සවන් දැරූ මහගු මිණිකිරණ ඔරැදිනි රුවන් කුළෙක අබියස එක විට පැමින කියන් ළහිරු දො‍ළසෙක් දිලි‍නත් එමෙන

අර්ථ්ය: රන් ඕවිලි ලෙස, රන් ඔන්චිල්ලා මෙන්; නිතින් දිලෙන, නිතියෙන් දිලෙන්නා වූ; සවන් දැරු, කන්වල පැළදි; මහඟු මිණි කිරණ, මා හැඟි වූ මැණික්වල රශ්මිය වොරැදින, බැබලිණි; රුවන් කුළෙක අබියස, රන් පර්විතයක් අසල; එකවිට පැමිණ, එකවර පැමිණ; ළහිරු දොළසක් දිලිනත්, ළහිරු දොළසක් බැබලුනොත්; එමෙන කියම්, එසේයයි කියන්නෙමි;

විස්තරය: ඒ දෙවියාගේ රන් ඔන්චිල්ලා මෙන් දිලෙන සවන් මාහැගි මැණික් අබරන වලින් බබලායයි. එයට උපමා සොයන කවියා කියන්නේ රුවන් පර්ව තයක් අසල එකවර දිලෙන ළහිරු දොළසක් ඇත්නම් එසේය කියයි. අද්භූතො පමායි. 224 කහකුරුළු සන්දේශ වර්ණමනාව

වියරණ : ඕවිලි - ඔංචිල්ලා, හෝවිලි යයිද කියති.

ඔරැදින - වොරද, වොරදී මෙහි ධාතුයි, ඔරැඳින යයි "ව" නැතිවද යෙදේ. විරාජති යන්න හා සමානයි.

219. සිරිසඳ නිතින් වසනා රන් මැදුර යුරු පුළුලුර මඬල රන ගලතල එසුර විරූ කොමල කමල වැනි පැහැපත් වූ සොඳුරු කුකුළු සිලට සමකොට පවසති කවුරු

අර්ථළය: සිරිසඳ නිතින් වසනා, ශ්රීඔ කාන්තාව නිතියෙන් වාසය කරන්නා වූ, රන් මැදුර අයුරු, මැදුරක් හා සමානවූ; එසුර විරූ, ඒ දෙවියන්ගේ: පුළුලුර මඬල, පළල් වක්ෂ සපලය, රන ගලතල, රන් ගල් තලාව් වැනිය. සොඳුරු පැහැපත්වූ, යහපත් ප්රොභාසම්පන්න වූ, කොමල කමල වැනි, කොමල කමලක් වැනි; ඒ පුළුලුර, කුකුළු සිලට සමකොට, කුකුල් සිබාවකට සමාන කොට; කවුරු පවසති, කවරෙක් පවසත්ද?

විස්තරය: ඒ සුරනිඳුගේ වක්ෂටසඵලය රන්වන්ය. පළල්ය, මෘදුය. නිතර වසන සිරිකතට මැදුරක් හා සමානය. එය කුකුල් කරඹලයකට උපමා කොට පැවසීම සුදුසු නැතැයි පවසයි.

220. කර තල සුර රජුගෙ රතැගිලි නව දැලින කිර ණ නිය කුසුම් සෙව් බිගු මිණි බරන සුර නර නදන කර ‍සව්සිරි පල දෙවන සුර තුරු අතු දොළසෙක සිරිගති සොබන

අර්ථතය: සුර රජුගේ කරතල, ඒ දෙව් රජුගේ අත්තලය; රතැගිලි නවදලින, රත් ඇගිලි නැමැති අලුත් පල්ලවයෙන්ද; නිය කිරණ කුසුම්, නියරැස් නැමැති මලින්ද; මිණි බරණ බිගුසෙව්, මැණික් ආභරණ නැමැති බඹරුන් විසින් සේවනය කරන ලද; සුරනර නදන කර, දෙවි මිනිසුන් සන්තෝෂ කොට; සව්සිරි පලබරන, සකල ශ්රීස නැමැති ඵල බරින්ද; සොබන, යහපත්; සුරතුරු, දිව්යත වෘක්ෂ යේ; අතුදොළසක, අතු දොළසක; සිරිගති, ශෝභාව දැරීය.


                                               කහකුරුළු සන්දේශ වර්ණගනාව 	225 

විස්තරය: ඒ දෙවියන්ට අත් දොළසකි. රතු ඇගිලි අලුත් ‍දළුය. නියරැස් කුසුම්ය. පැළ‍ඳ ඇති මිණි අබරණ ඒ කුසුමට පැමිණි බිඟුන්ය. එහි ඇති පල නම් දෙව් මිනිසුන් සතුටු කරදෙන සව් සිරිය. මෙසේ බලනවිට අත් දොළස කප් රුකක අතු දොළසකට සමාන බව කවියා කියයි.

221. සොබ න කලිඳු ගඟ පළකර පාන ලද පබසර කිරණ දිසි මෙසුරිඳු වසා‍ රොද නැබ පියුමට ගමනොත බිගු වැලෙව් සොඳ සුබ එවනත් සක්විති සැප සම කළද

අර්ථඑය: සොබන කලිඳු ගඟ, ශෝභනවූ කාලින්දිු ගංගා වේ ශෝභාව; පළකර පාල ලද ප්රතකාශ කර පාන්නා වූ; පබ සර කිරළු දිසි, දිලෙන රශ්මියෙන් යුක්ත වූ; මෙසුරිඳු වසා රොද, මේ දෙව් රජුගේ වසාරෝමරාජිය; නැබපියුමට ගම නොත, නැබ නැමැති පියුමට ගමන් ගත්; සොඳ බිඟු වැලෙව්, මනහර බමර වැලක් මෙන්; සක්විති සැප සමකළද, සක්විති සැපත පවා ලැබීමට; ඒ සුබ වනත්, එය ශුභ ලක්ෂ ණයක් සේ වර්ණදනා කරති;

විස්තරය: වසා රොද කළු පාටය. කාලින්දීඒ ගංගාවද කළු පාටය. එබැවින් මේ සුරිඳුගේ වසාරොද කාලින්දීය ගංගා වේ ශෝභාව පළ කරයි. එයට තවත් උපමාවක්ද කිවියා කියයි. නැබ පියුමක් මෙනි. නැබ පියුමට ගමන් ගත් බමර වැළක් මෙනිය කියායි. මෙහි අන්තිම පදය පැහැදිලි නැත. එබඳු රෝමරාජියක් ඇති අය සක්විති සැප ලබන තරම් එය ශුභ ලකුණක් කර ඇතැම් අය පවසත්ලු.

මහාමායා වර්ණැනා කරන පද්ය.චූඩාමාණියෙහි ඒ මෙහෙසියගේ තමලුසේ නිලවන් රෝමරාජිය බාල අවස්ථාව විනාශ පිණිස පැමිණි දූම කේතුවක් යයි කියයි.

තමාල නීලා නව රොමහරාජි සතස්යාී බභෞ තාමරසෙක්ෂ ණායං විවෘණවතී බාල්ය දසා විනාශ මුත්පාත ධුමාවලි රුත්ථීදතෙව.

226 කහකුරුළු සන්දේශ වර්ණකනාව

222. මනහර මෙසුරිනිඳු පුළුලුකුළ සිරි බර පුවතර රුවන් වැලිතල විලස පළ කර දිරිතර තුනු සුනෙර හටගත් හෙම් සයුර සිරි කර මෙලෙස පැවසිය හැකි වෙති කවර

අර්ථ ය: මනහර මෙසුරනිඳු, සිත් ගන්නා මේ දෙව් රජුගේ; සිරිබර පුළුලු කුළ, සිරියෙන් යුත් පළල් උකුළ, පුවතර, උතුම්වූ; වැලිතල විලස වැලිතලාවක විලාශය, පළකර, ප්රුකාශ කෙරේ. දිරිතර, ධෛය්‍්ාව්ර්ි‍සම්පන්න; සුනෙර හටගත්, මේරු පර්වැතයෙන් හටගත්; හෙම් සයුර, රන් සාගරයක් බඳුය; (මේ දෙවිඳුගේ පළල් උකුළ) සරිකර, සමානකර; කවර නම් කෙනෙක්; මෙලෙස පැවසිය හැකි, මෙසේ පැවසිය හැකිද?

වියරණ: දිරිතර - අතිශයින් ධෛය්‍්ෙ ්ර්ට‍සම්පන්න වූයේ දිරිතර නමි, අතිශයාර්ථැයෙහි "කර" තද්ධිත ප්රකත්යරයකි.

හෙම් - හෙම - (සං) රන්වලට නමි.


223. ගජනත් කනා රඹ පැල යුවලෙව් දිලෙන සිරිමත් සුරනිඳුගෙ ‍දෙවටොරය සිරිවන උවමත් යෙදූ කිවියර පොරණ කෙළෙසින සිදුහත් ගැබට ලෝකුස සම කළ ලෙසින

අර්ථහය: ගජන් අත්, ඇත්සොඬ; ‍(හෝ) පැලකනාරඹ, තරුණ රන් කෙසෙල්; යුවල එව් දිලෙන, යුවලක් මෙන් බබලන, සිරිමත් මෙ සුරිනිඳුගෙ, ශ්රී සම්පන්න මේ දෙවිඳුන්ගේ; දෙවටොරට, වටොර යුග්මයට; සිරිවන උවමක් යෙදූ, සමාන උමාවක් යෙදූ; පොරණ කිවියර, පැරණි කවියරු; කෙළෙසින, කෙළෙසී ගියාහුය; (කෙසේද?) සිදුහත් ගැබට, අබ ඇටයේ ගභීයට; ලෝකුස, ලොක කුහරය; සමකළ ලෙසින, සමාන කළාක් මෙනි.


කහකුරුළු සන්දේශ වර්ණ නාව 227

අන් ක්ර මයකින් අබ ඇටයේ කුහරයට‍ ලොකු කුහරය සමකළ නොහැකිවාක් මෙන් මේ දෙවිඳුගේ දෙවටොරට ඇත් සොඬ හෝ තරුණ රන් කෙසෙල් කිවියරු කෙසේ උපමා කළාහුද;

වියරණ: වටරො, වෘතොරු (සං) සිදුහත් සිද්ධාත්ථ2 හෝ සිද්ධාර්ථබ (පාලි සං) එනම් අබයි.

විශේෂ: උවමත් යයි එළිසමයට යෙදුවද උවමක්යයි අරුත් පැවසීමේදී යොදා ගත යුතුයි.

224. දිලෙන සොදුරු යුග දණ මඩල පැහැ පත එතුනු කරන හෙම් රැස් දොස් දවා ගත රන්උතු යුග කිබිසිනි කොට තැබුව හොත සදිසි වේද හිමි සුර නිඳුට මෙපු වත

අර්ථිය: දිලෙන, බබලන; සොඳුරු, සුන්දමර; පැහැපත, පැහැයෙන්යුත්; යුග දණමඬල, දෙදණ මඬල; ගත හෙම්, රැස් දොස් දවා, ශරීර නැමැති රන් රාශියෙහි දෝෂදවා; එතුනු කරන, තුනීකරන්නාවූ; රන් උතු යුග, රන් කෝව දෙකක්; කිබිසිනි කොය තුබුව හොත්, තැබුවේ යී නම්; මේ පුවත, මේ කතාව, සුරනිඳු හිමිට, දෙවිහිමයන්ට (දණමඬලට) සිදිසිවේද? සමාන වන්නේද?

විස්තරය: මේ දෙවියන්ගේ ශරීරය බොහෝ සෙයින් රන්මයවේ, ශරීරයෙහි පැළඳ ඇති බොහෝ රන් වල දොස් හැර පිරිසිදු කිරීමට මෙන් යටිකුරු කර තැබූ කෝවදෙකක් බදු යයි මේ දෙවිඳුන්ගේ දණමඬලට සමානයයි කීවොත් හරියාදැයි කවියා සැක කරයි.

රන් උතු යුග: මෙහි උතු නම් කටුවයි. එහෙත් රන් කෝව යයි ගත යුතු, එයද කටුවක් වැනි නිසයි.

කිඹිසිනි කොට: යටිකුරු කොට, කිබිසිනි ආදියද සලක්නන.

228 කහකුරුළු සන්දේශ වර්ණයනාව

225. පරසිඳු දියත මහසෙන් සුර රජු‍ෙ‍ග තොස පැහැබඳු රුවන් යුගදඟ වැනි යැකි කෙලෙස සිකිනිඳු කර තැඹිලි දුනුකේ කැකුළු ලෙස කොයි බඳු වීද? උවමට ඒ කියන බස

අර්ථ ය: දියත පරසිඳු, ලෝකයෙහි ප්රසසිද්ධ වු; මහසෙන් සුරරජුගෙ, මහසෙන් රජුගේ; තොස, සතුට‍ ගෙන දෙන, රුවන් පැහැබඳු රන් පැහැ‍යබඳු; යුගදඟ, ජංඝායුවල; කෙලෙස වැනියැකි; කෙසේ වැනිය හැකිද? සකිනිඳු කර, මොනරුන්ගේ ගෙළඳ, තැඹිලි දුනුකේ කකුළු ලෙස තැඹිලි හා දුනුකේ මල් කැකුළු මෙන් යයි; උපමාවට ඒ කියන බස, උපමාවට ඒ කියන වචනය; කොයිබඳුවේද?

විස්තරය: සුරනිඳුගේ රන්වන් පැහැයෙන් දිලෙන කෙණඩායුවලට උපමා සොයන කවියා උපමා කීපයක් කියා ඒ සරිවේදැයි සැක කරයි. මොණරකර, තැඹිලිමල්, දුනුකේමල් යන උපමා තුනක් සමාන වශයෙන් පැවසීය, ජංඝාවර්ණ,නාවක් කළ යුතු තැනේදී කවියන්ට එකවරට එන්නේ එණී මුවන්ගේ ජංඝා සෙන් යයි යන පරණ කීමමයි. කාව්ය ශෙකරයෙහි,

නුපුබුදු තැඹිලි මල් ඇගෙ ‍දඟ යුගට මන කල් පැරද සැඟවුණි තුල් කොලපු ඇතුළට පිවිසි ඇම කල්

යයි අමුතු උපමාවක් කීහ. මේ කවියා එයට මොණරකර හා දුනුකේ මලද එක් කිරීමෙන් තම කවීත්වාය ප්රයකට කළහ.

226. මහත් පිය පතර දිගැගිලි දල පෙලින දිමුත් බරණ ඉඳු මිණි බිඟුකැන් සරන සෙවින් නිතින් සුරනු කලහස පෙළින රැගත් රත කමල සිරි මෙසුරිඦු සරණ

                                                     කහකුරුළු ‍සන්දේශ වර්ණ නාව 	229 

අර්ථ ය: මහත් පිය පතර, මහත් වූ පාද නැමැති පතර ඇති; දිගැගිලි, දික් ඇගිලි නැමැති; දලපෙළින, පත්ර පන්තියෙන්ද; දිමුත්, දීප්තිමත්; බරණ ඉදුමිණි, ආභරණවල ඇති ඉන්ර් පතනීලමාණික්යන නැමැති; බිඟුකැන් සරණ, බමර සමූහයා හැසිරෙන; රත කමල සිරි රැගත් රතුනෙළුමක ශෝභාව දරන; එසුරනිඳු සරණ, ඒ දෙවිඳුගේ පාදය; සුරනර කැල, දෙව්මිනිස් සමූහයා, නිතින් සෙවිත්, නිතර සේවනය කරත්;

විස්තරය: මහත් පියපතර සෑම වස්තුවකම වස්තුවට අයත් ප්ර්මාණයක් තිබේ. මෙහි නෙළුමෙහි ප්රසමාණය පයේ ප්රැමාණමය.

227. රන්මිණි බරණ දැරු සවතිඳු රූ සයුර දුන්නෙත් කැලුන් සුරඹුන් කෙළිමින් අයුර මන් සන් තොසින් සිරි සඳ වසන නිරතුර බන්තන් රුවන් ‍මැදුරෙව් රුසිරෙන් සොඳුර

අර්ථනය: රන්මිණි බරණ දැරු රන් හා මාණික්යා භරණ දැරූ සවතිඳු, ක‍්ඳකුමරුගේ; රූසයුර, රූප සාගරයට, සුරඹුන් දුන් නෙත් කැලුම්, සුරඟනන් දුන්නා වූ නෙත් පහරේ කාන්තිය; කෙළිමින් අයුර, ක්රීසඩාකරන මත්ස්ය්යන් බඳුය; මන් සන්තොසින්, සිත් සතොසින්; සිරිසඳ, ශ්රී, කාන්තාව; නිරතුර වසන, නිතර වාසය කරන; සොඳුරු රුසිරෙන්, යහපත් ශෝභාවෙන්; නන් රුවන් බන්, නොයෙක් රතනයන් බැදි; මැදුරෙව් මැදුරක් මෙනි;

විස්තරය: සවතිඳුගේ රූපය සාගරයකි. සාගරයක් නම් එහි මත්ස්යයයන් සිටිය යුතුය. දෙවිඳුගේ රූපයට දෙවඟනන් යවන නෙත් කැල්මමය එහි සිටින මින්කැල, සවතිඳුළග නිතර සතොසින් සිරිකත වසයි. සවතිඳුගේ රූපය සිරි කතට විසීමටනන් රන් බරණ බැඳි මහා මන්දිමරයක්සේ යයි කවියා කියයි.

වියරණ: බන් - බඳ බැදීමෙහි ධාතුයි. කර්ම්කාරක කෘදන්තයකි.


230 කහකුරුළු සන්දේශ වර්ණකනාව

228. පසිඳු වන මෙහිමි වැජඹිනි තැන සිනි ඳු සිනිඳු ගුණෙන් විකුමෙන් කවරෙක් මෙබ ඳු මෙබඳු තෙදින් දිය දද බන්දා විරු දු විරුදු දින රුපුන් මැඩ පුම්බා විරු දු

අර්ථ ය: සිනිඳු පසිඳුවන, සිනිඳු ගුණයෙන් ප්රරසිද්ධ වූ; මෙහිමි වැජඹිනිතැන, මේ දෙවි හිමියන් වැජඹුනාවූ ස්ථානයෙහි; සිනිඳු ගුණෙන් මෘදු ගුණයෙන් විකුමෙන් වික්රදමයෙන්; කවරෙක්, කවරනම් තැනැත්තෙක්; මෙබඳු, මේ හිමියන්ට සමානවේද? මෙබඳු තෙදින්, මේ ආකාර තේජසින්; විරුදු දිය දද බන්දා, විරුද්ධරජවරුන් ජයගෙන, විරුදු දිනරුපුන්, සතුරු අසුරයන්; මැඩ, මැඩපවත්වා; විරුදු පුම්බා,විරුදාවලි ගායනා කරවා,

විස්තර: වැජඹිනිතැන - වැජඹිනි තැනයන්නෙන් වාසය කළ තැන නොගත යුතුයි. මෘදුගුණයෙන් මේ දෙවියන් ලැබූ ‍උසස් පදවිය යයි අරුත් ගත යුතුය.

විරුදුදියදද බන්දා සතුරන් ජය ගෙන ජයකොඩි නංගවායයි අරුත් පැවසිය යුතුය.

විරිඳු පුම්බා: විරිදු පිබ්බවීම නම් ගුණය ගායනා කර වීමයි. රුදු විරුදු පුම්බා - වැජඹි පුළුලුර සිරි ‍ඔලොම්බා, ආදියද සලකන්න.

විශේෂ: මෙහිද සංදෂ්ට යමක ලක්ෂිණ දක්නා ලැබේ.

229. රුසිරෙන් උතුම් මෙසුරිඳු දැක එසිරි සර විසුවෙන්අවුත් සතතින් කෙරෙ මෙසුර වර තැවෙමින් සොවින් කළුවිය වෙන් කලේ බර එලෙසින් නොවිය රැකියෙන් සතන බභ සර

අර්ථිය: රුසිරෙන් උතුම්, රූපශ්රී්යෙන් උතුම් වූ; මේ සුරිඳු, මේ දෙවිඳුගේ; සිරිසරදැක, සිරින් සරු බව දැක, අවුත් අවුදින්, සතතින්, නිතර ‍මෙසුරව‍රකෙරේ, මේ

                                                      කහකුරුළු සන්දේශ වර්ණ්නාව 	231 

දෙවිළඟ; විසූ වෙන්, වාසය කළ විෂ්ණු; සොවින් තැවෙමින්, ශෝකයෙන් තැවීමෙන් මෙන්; වෙන් කළේබර කළුවිය, විෂ්ණුහුගේ ශරීරය කළුවී ගියේය; සතත, මහා බ්රකහ්මයා, බඹසර රැකියෙන්, බ්රරහ්මචය්‍් ම්ව්ය ආරක්ෂා කළෙන්; එලෙසින් නොවීය; එ‍සේ නොව වේය;

විස්තරය; මේ දෙවියන්ගේ සම්පත්තිය කොපමණ දැයි කියන හොත් එයට ලොල්ව විෂ්ණු ළඟට විත් සිට ශෝකයෙන්මෙන් කළුවී ගියේයයි කවියා කියයි. මහාබ්රයහ්මයාත් පැමිණ ලෝභයෙන් සිටියද ඔහු කළු නොවූයේ කවදත් රකින බ්ර හ්මචරියාව නිසාලු:

කලේබර - එනම් ශරීරයයි, මෘතකලේ බර ආදිය සලකන්න.

230. ගණරන් අනඟි නවමිණි අබරණ රුව ට දරමින් සිකියඟන් නැගෙමින් සිතු ලෙස ට නගමින් සැම දද දිවි තද තෙද විහි ට රුපුසෙන් දිත දපා හළ බල පෑ ලොව ට

අර්ථසය: ගනරන් අනගි නවමිණි අබරණ, තනිරනෙන් හා නවවිධ මාණික්ය්යෙන් කරන ලද ආභරණ; රුවට දරමින් අලංකාර ලෙස දරමින්; සිතු ලෙසට, සිත් වූ පරිදි; සිකියහන් නැගෙනමින්, මොනර අසුනට නැගෙමින්; සැව්දද නගමින්, දුණුදිය නැමැති ධවජය නගමින්; තද තෙ‍ද විහිට, තද තේජස විහිදුවා; දිව, දුවගොස්, දිතරුපුසෙන්, අසුරසේනාවගේ, දපාහළ, දර්ථේය නැතිකර; ලොවට බලපෑ, ලෝකයාට බලය ප්රතකාශ කළා වූ;

විස්තරය: කතරගම සුරිඳුන් අසුරන් සමග යුදකොට ජයගත් සැටි මේ කවෙන් දක්වයි. රන් රුවන් අබරණ පැළ‍ඳගෙන මයුරාසන පිට නැගෙනමින්, දුණු දිය නැමැති කොඩි නගමින් තද තේජස විහිදුවා දුව ගොස් අසුරන් ජයගෙන ලෝකයට තම බලය ප්රිකාශ කළේය.

නවමිණි - රතන වර්ගල නවයක් මින් ‍ගැනේ. මුතු, මැණික්, වෛදුය්‍්රන්ර්ප‍,සංඛ, රන් රිදී, පබලු, මසාර ගල්ල, හා මැණික්ද යන නවයයි

232 කහකුරුළු සන්දේශ වර්ණනනාව

සැව්දද - යුද්ධයෙහිදී දුණු දිය නැගීම ස්වභාවයකි. කඳ කුමරු අසුර යුද්ධයෙහිදී කොතරම් දුරට වේගයෙන් දුණු දිය ඇද්දේද කවියා එය කොඩියක්, එසවූවාක් මෙනැයි පවසයි.

231. පවර මෙ ‍මහසෙන් හිමි සුර රජුගෙ තොස විතර නොවන සිරි තෙද නැණ විකුම් යස සතර ‍වත සහස තෙත තන තාම මිස කවර අනික් කිවියර වණති ඇති ලෙස

අර්ථඅය: තොස, සතුට ගෙදෙන, පවර, උතුම්; මෙ මහසෙන් සුර රජුගේ, මේ මහසෙන් දෙවියන්ගේ; විතර නොවන, ඉවරයක් නොවන්නා වූ; සිරි තෙද නැණ විකුම් යස, ශ්රී ය, තේජස් ඥානය, වික්රූමය හා කීර්තිය යන මේවා; සතරවත, මහා බ්රුහ්මයා, සහ‍සනෙත, ශක්ර,යා; අනතනා මිස, අනන්ත නාගරාජයා යන මේ අය හැර; අනික් කවර කිවියර, අනික් කවර නම්, කවිවරයෙක්; ඇති ලෙස වණති, ඇති සැටියේ වර්ණ්නා කරයිද, නොකරන්නේමය;

විස්තරය: කතරගම දෙවියන්ගේ ශ්රී,ය, තේජස, ඥානය, වික්ර මය හා කීර්තිය මහා බ්රමහ්ම, ශක්ර‍ හා අනන්ත නාගරාජයන මේ අය හැර අන් කවරෙකුටවත් ඇති ලෙස වර්ණගනා කිරීමට නොහැකි බව මෙයින් කවියා කියා තමන් නිදහස් වෙන්නට උත්සහා දරයි.

232. සහස කිරණවන් මෙසුරිඳු පා තඹර තසිර පැළඳ සිටගෙන පසෙක ම මිතුර මබස සිතින් සිහි කරමින් තතු නොහැර අයැදි ලෙසින් අපමේ පුවත පළකර

අර්ථිය: සහස කිරණවන්, හිරු බඳු; මෙසුරිඳු, මේ දෙවිඳුන්ගේ; පා තඹර, පා නැමැති පියුම; තසිර පැළඳ, නුඹගේ හිසින් පැළ‍ඳගෙන; (වැඳ) පසෙක සිටගෙන, එක් පැත්තක සිටගෙන; මමිතුර! මගේ මිත්රපය! මබස සිතින් නතු නොහැර සිහි කරමින්, මා මුලදී කී වචනය ඇති සැටි යේම සිහිකර; අප අයැදි ලෙසින්, අප මුලින් කී පරිදි; මේ පුවත, මේ ප්රකවෘත්තිය, පළකර, ප්රමකාශ කරන්න!


                                                කහකුරුළු සන්දේශ වර්ණ,නාව 	233 

විස්තරය: ගලගම සිට මග ගෙවා දින තුනක් ගතකර මින් පැමිණියේ මේ සුරිඳුන්ට සන්දෙටශය ඔප්පු කිරීම සඳහාය. මුල් කව් වලදී සන්‍ෙියශය ගෙන ගොස් පැවසීමට කීවා මිස සන්දෙළශය කුමක්ද යන වග නොකීවේය. දැන් සුරිඳුන්ගේ පැ වැඳ පසෙක සිටගෙන අප මුලදී කී ස‍න්දෙ.ශය ඒ සැටියේම සිහිකර අපගේ ඉල්ලීම පරිදි සැල කරන ලෙස දන්වයි.

ශ්රීය සෞභාග්යශ සකලාභිවෘද්ධි වර්ධින ජිනවර ශාසන පාලන ලෝක සංරක්ෂයණ දක්ෂගවිවක්ෂිණ ප්රකවර වික්රශම ප්ර තාප සමන්න ත ශ්රීර ෂණ්මු,ඛ දේවස්වාමින්ගේ ශ්රීෂ පාද රවින්දෘ සබඳ තාගේ මස්තකාලංකාර කෙරෙමින් සිට,

අර්ථ්ය: සබඳ! මිතුර! ශ්රීා සෞභාග්යෙ සකල අභිවෘද්ධි වර්ධ‍න, ශ්රී් සම්පතිය හා සියලුම අභිවෘද්ධින් වර්ධනනය කරන; ජිනවරශාසන පාලන, බුද්ධ ශාසලනය පාලනය කරන; ලෝක සංරක්ෂනණ, ලෝකයා ආරක්ෂාශකරන; දක්ෂ්විඤක්ෂුණ, දක්ෂක වුද විචක්ෂිණවූද, ප්රයවර, උතුම්; වික්ර ම ප්ර්තාප සමන්විත, වික්රවමයෙන් හා තේජසින් යුත්; ශ්රීච ෂණ්මුඛ දේවස්වමීන්ගේ ඒ ශ්රීන සවත් සුරිඳුන්ගේ ශ්රීෙ පාද රවීන්ද් සිරිපා පියුම; තාගේ මස්තකාලංකාර කෙරෙමින් සිට, නුඹගේ මුදුන පිහිටුවා, වඳිමින් සිට; (ඉන්පසු)

අස්න ‍මෙසේ පවසති.

234. පැහැද වෙතෙහි තෙරුවන් ගිය මුනි සරන සබඳ විමි යතිදෙකු සහ ගුණ නදන මෙසඳ ආමි හිමි වෙත එයතිඳු බසින මෙලද කියා සකි සැලකර පළමු වෙන

අර්ථ ය: තෙරුවන් වෙතෙහි පැහැද, රතන්ත්ර්යෙහි පැහැදී; මුනි සරණ ගිය, බුදුන් සරණ ගියාවූ, ගුණ නදන, ගුණයට නිධානයක් බඳු; යතිදෙකු සමග ‍සබඳ වීමි. යතින්ර්ෙ යන් වහන්සේ නමක් සමග මිත්රප වූවෙමි; මෙසඳ, මේ කාලයෙහි; එයතිඳු බසින,න ඒ යතිදුන්ගේ වචනය පරිදි; හිමි වෙත ආමි, දෙවස්වාමින් වහන්සේ වෙත ආවෙමි; මේලෙද කියා මෙසේ කියා; සකි! මිත්රවය! පළමු වෙන සැලකර! පළමුවෙන් දන්වන්න; 234 කහකුරුළු සන්දේශ වර්ණ!නාව

විස්තරය: යම් තැනකට ගියවිට ආවේ ඇයිදැයි ඇසීම සිරිතකි. මෙහි ගිය නමුත් එසේ අසන්නෙක් නැත. එහෙත් මම යතිවර‍යෙකු සමග මිත්රන උනා. ඒ යතිදු‍න්ගේ පණිවුඩයක් දැන්විම ස හා මෙහි ආවෙමි යයි පළමුවෙන් කියන ලෙස දන්වයි. උසස් කෙනෙක් ළඟට ගියවිට තමා ආවේ අසවලාගේ උවමනාවකට යයි කීවිට පණිවුඩකරු කෙරෙහි සැළ කීමක් ඇතිවේ. මෙහි යෙදවූ අයගේ නමක්. නොකියතත් යති‍ෙඳක් යයි කීවිට බුදු සසුන රකින දෙවිඳු වැඩි සැලකීමක් දක්වනවාට සැකයක් නැත.

වියරණ: ගිය, ගත යන පාලි ශබ්දයෙන් බිදී ආවකි. තහට "ය" වී තිබේ.

යති‍ෙඳකු - යති ශබ්දය භික්ෂුන් සඳහා යෙදේ. සංස්කෘතයෙන් ආවකි. පසු කලක සාමණේරවරුන් සඳහාම යතිසඳ යොදා තිබේ.

235. සව් සිරිදී කුළුණෙන් ලෙව් සත රකින දෙව් සෙනෙවී සුරිඳු වෙත සිට මන තුටින පව් දුසිරිත් මිසදිටු දුරලා නිතින ලෙව් සාසන රකිනා ලෙස අය දිමින

අර්ථ ය: සව් සිරිදි, සියලු සම්පත්දී; කුළුණෙන්, කරුණාවෙන් ලෙව්සත රකිනා ලෝකසත්ව:යා ආරක්ෂාතකරන; දෙව් සෙනෙවී සුරිඳුවෙත, දෙන සේනාපති දෙවිඳුන් සමීපයෙහි; මනතුටින සිට, සිත සතුටින් සිටගෙන; නිතින, නිතියෙන්; පව් දුසිරිත් මිසදිටු දුරලා, පව්හා දුශ්චරිතද, මිත්යානදෘෂ්ටිද දුරවා; ලෙව් සාසන රකිනා ලෙස, ලෝකය හා සාසනයද රකිනා ලෙස අයදිමින්.

විස්තරය: පළමුවෙන් තමන් ආකරුණ නොකියා ලෝයෙහි ‍ඇති වී තිබෙන මිථ්යා:දෘෂ්ටි, පව් හා දුශ්චරිත දුරුලමින් ලෝකයත් ශාසනයක් ආරක්ෂාම කරන ලෙස අයදින්නට මෙයින් කියයි.

පව්:- පස්පව් දශ අකුසල් ආදිය මෙහි පව් නමි.

                                           කහකුරුළු සන්දේශ වර්ණ නාව 	235 

දුසිරිත්:- මිනිසුන් අතර ඇති වී තිබෙන නරක හැසිරීම්.

මිසදිටු:- මිත්යානදෘෂ්ටි. වැරදි හැගීම් ආගම ගැන හා දෙවියන් ගැනද රාජ්යටගැනද ඇතිවන වැරදි හැඟීම්.


236. තරිඳු ගුණෙන් තෙදණින් යුතු සහස කර පසිඳු වීර පැරකුම් ලකිසුරු පවර ගිරිඳු වියත් සමුදුර දෙරණ හිමි කර අයදු නිතින් රකිනට සිකි යහන් සුර

අර්ථ ය: ගුණෙන් තිරිඳු, ගුණයෙන් චන්ර්ීම්යාබඳු; තෙද, අණින්; තේජසින් හා ආඥාවෙන්ද; සහස කරයුතු, හිරු හා සමාන පවර, උතුම්; පසිඳු ප්රාසිද්ධ; වීරපැරකුම් ලකිසුරු, වීර පරාක්රාම නම් ලංකාධිපතිරජතුමාය; ගිරිඳු වියත් සමුදුර දෙරණ, කඳු හෙල් අහස සාගරය සහිත, පොළෝතලයට; හිමිකර, අයිතිකර; නිතින් රකිනට, නිතර රැකීම සඳහා; සිකියහන්සුර අයදු, මොනර ආසනයක් ඇති දෙවියන්ගෙන් ආයාචනා කරව;

විස්තරය: වීර පැරකුම් ලකිසුරු - ක්රිදස්තු වර්ෂි 1482 දී රජ පැමිණි අටවැනි පැරකුම්බා ‍නොහොත් විරපරාක්රුම බාහු නරෙන්ර්තු යන් ගැනය මෙහි සඳහන් වන්නේ. කවියෙහි සඳහන් කරුණු හැර කාලය නිසිසේ දැන ගැනීම වෙන සාක්ය්. රයක් නැත. ප්ර ස්තාවනවා බලන්න.

දෙරණ හිමි කර: පොළෝතලයට හිමිකරයයි කියවුද එහි ඇති අන්සියුලදේට හිමියාවෙයි. එහෙත් මෙහි ගිරිඳු වියත් සමුදුරයයි වෙසෙසා කියයි. ඉන් කඳු හෙල් ආදී සියලුදේ සහිත පොළොවත්, එයට අයත් අහසත් ඒ අවට මුහුදත් තමන්ගේ අණසකට යටත්කරගත් සැටියක් මින් පෙනේ. අද මෙන් එදාද මුහුද පවා බෙදාගෙන තිබෙනු බව මින් පෙනේ.



236 කහකුරුළු සන්දේශ වර්ණඑනාව

237. පිරියස සිත් සිව්රග සෙන් මැති සමග සිතැඟි යෙහෙන් සිදුකර සිය නෑ සමග අභිත රුපුන් දුරුකර නිතියෙන් නොළඟ අප නිරිඳුන් රකිනට අයදු සිතුරඟ

අර්ථිය: යසසින් පිරි, කීර්තිමත්; සිව්රඟ සෙන්, චතුරංගනී සේනාවද, මැතිසමග, මැතිවරුන්ද සමගින්; සියනෑ සමග, තමනෑයන් සමගින්; සිතැගි, බලාපොරොත්තු යෙහෙන් සිදුකර, යහතින් සිදුකර ගනිමින්; නිතියෙන්, නිතර; නොළඟ, ළංවන්නට ඉඩනොදී, අබිතරුපුන් දුරුකර හිතවත් නොවූ සතුරන් දුරුකරමින්; සිතුරඟ, සිත් වූ පරිදි; අපනිරිඳුන්, අපගේ රජුව; රකිනට රැකීම සඳහා; අයදු, ඉල්ලව.

විස්තරය: කීර්තිමත් සේනාවන් හා මැතිවරුන්ද සමගින් තමන්ගේ ඥාතීන් සමගද තම අදහස් සිත් පරිදි සිදු කරගනිමින් සතුරන්ට ළංවීමට ඉඩ නොදී දුරුකර, අප රජතුමා රැකීමට ඉල්වන්ටයි මෙයින් දන්වයි.

සිවුරඟසෙන්:- එනම් ඇත්, අස්, රිය හා පාබල යන සේනා සතරයි.

238. ලත් තන තුරු අග මෙහෙසුන් හට පබඳ කිත් සිරිලක සාසන මතු රකින ලෙද පුත් රුවනත් දෙන ලෙස මහ පිනැති සොඳ කොත් අත දැරූ සුරිඳුට අයදු සකි සඳ

අර්ථ ය: තනතුරු ලත්, පදවි ලැබුවා වූ! පබඳ, ප්රිසිද්ධ වූ! අගමෙහෙසුන් හට, අගමෙහෙසියට; මතු, මතුකළ; කිත් සිරිලක සාසන කීර්තිමත් ලංකාවේ බුද්ධශාසනය; රකින ලෙස රකින පරිද්දෙන් මහ පිනැති, මහත් පින් ඇති!



                                                  කහකුරුළු සන්දේශ වර්ණයනාව 	237 

සොඳ පුත් රුවනක් දෙන ලෙස, යහපත් පුත්ර රත්නයක් ලබා දෙන ලෙස: සකිසඳ! මිත්රෙය! කොත් අත දැරූ සුරිඳුට, කුන්තා යුද්ධයක් ඇතේ ඇති සුරිඳුන්ට; අයදුව ආයාචනා කරව;

විස්තරය: ලත් තරනතුර අගමෙහෙසුන් - පෙර රජවරුන්ට බිසෝවරු බොහෝය. අනන්ත පුරවල සිය දහස් ගනන් සිටිති. එහෙත් ඔටුණු පළඳිනවිට රාජවංසික කුමාරිකාවක් අගමෙහෙසුන් තනතුරට පත් කරගත යුතුය. රාජ්ය යෙහි හිමිකම ගන්නෝ මෝ අග‍ මෙහෙසියගේ දරුවෝය එබැවින්ය. මෙහි විශේෂයෙන් අගමෙහෙසුන් තනතුර ලත් යයි දැන්වූයේය.

කිත් සිරිලක: ප්ර්බල රජවරුන් නැතැවීගිය විට රටත් සාසනයත් පිරිහෙති. රජුට දරුවන් නැතවී ගිය විට රාජ්යැයෙහි අවුල් ඇතිවේ. රට ජාතිය හා අගම කෙරෙහි හිත ඇති මහතෙරවරු ප්රයබල දෙව්වරුන්ට සන්දේශ යවා දරුන් ලබාදීමට උත්සාහ දරති. මෙහිද එසේමය.

239. අප හිමි යති සඳුගෙ සිත ඉගි සිදුව තොස දප බිඳ රුපුන් අමිතුරු දුරලා නොලස සැප සව්සිරි ආසිරි දී රකින ලෙස අප යැදුමෙන් සැළකර සුරනිඳුට තොස

අර්ථැය: අප හිමියනි සඳුගේ අපගේ ස්වාමීන් වහන්සේ වන යති උතුමා‍ෙග්; තොස, සතුට ඇතිවන පරිදි, සිතැගි සිදුව, අදහස් සඵලව; රුපුන් දප බිඳ, සතුරන්ගේ එඩි බිඳ දමා, නොලස, වහා; අමිතුරු දුරලා, සතුරන් දුරු කර; සව්සිරි සැප සකල ශ්රී, සම්පත් හා; ආසිරිදී, දීර්ඝානයුෂද දී; රකින ලෙස රකින හැටියට; තොස, සතුටින් අප යැදුමෙන්, අපගේ ඉල්ලීම පරිදි; සුරිනිඳුට සැල කර; දෙවිඳුන්ට සැල කරව.

240. වත පැමුණුනු උවදුරු දුරු කර බැහැර ගත සියුලම ‍රෝදුක් දුරලා නිතර ඉත මිතුරන් සමගිව සිතුගි සිදුකර සෙත දී අප රකිනට සැලකර මිතුර

238 කහකුරුළු සන්දේශ වර්ණ.නාව

අර්ථදය: වත පැමුණුනු උවදුරු, මුහුණේ ඇතිවී තිබෙන රෝග, බැහැර දුරකර, සුවකොට; නිතර, නිතරම; ගත සියලුම රෝදුක්, ශරීරයෙහි සියලුම රෝග; දුරලා, දුරුකොට; ඉත මිතුරන් සමගිව, හිත මිතුරන් සමග; සිතැඟි සිදු කර, සිත් අදහස් සපුරා; සෙතදී, ශාන්තිය දීමෙන්;අප රකිනට; අපව ආරක්ෂා කිරීමට; මිතුර! මිත්ර ය! සැල කරන්න!

විස්තරය: මේ සංදේශයෙහි කොටස් තුනක් ඇති බව පෙනේ. පළමුව රජුට සෙත් ශාන්ති ඉල්විය. ඉන්පසු අග බිසවට පුත් රුවනක් ඉල්විය. ඉන් පසු සංදේහ කර්තෘසගේ වතේ ගතේ රෝග දුරුකර සෙත් ශාන්ති ඉල්වයි. මෙහි යම් සැඟවුණු දෙයක් ඇතැයි හැගේ. අසනීප වලට ‍සෙත් කවි කීම අදත් පවතී. මුලින් කී කරුණු වලට දැන් කියන කාරණය ප්ර්ධාන බව හැගේ. මහනුවර කලායේ බරණගණිතයා විසින්ද මෙබඳු කුෂ්ට රෝගවලට දෙවියන් යැදි බව සඳහන්වේ. ස‍ංදේශය විචාරය බලන්න.

241. මනමෙන සතන් සව් සිරි දෙවනා නිති න සුරිඳුට සවන් සැළකර යදුව මෙලෙසි න දිව සවනත යොමුකර කුළුණු අදරි න ඔබ මහිමෙන් යස නැණ සිදුවන ලෙසි න

අර්ථහය: මනමෙන, සිත්සේ; සතන්, සත්වසයනට; නිතින, නිතියෙන්; සව්සිරි දෙවනා. සියලු සම්පත් දෙවන්නාවූ; සවත් සුරිඳුට, කඳකුමරු හට; සැලකර, දන්වා; කුළුණු අදරින, කරුණාවෙන් හා ආදරයෙන්; දිවසවනත යොමුකර, දිව්ය මය වූ කණ යොමුකොට; ඔබමහිමෙන්, ඔබගේ බලයෙන්; යසනැණ සිදුවන ලෙසින, යසස හා ඤාණයත් සිදුවන පරිදි මෙලෙසින අයදුව, මේ ලෙසින් ආයාචනා කරව.




                                                        කහකුරුළු සන්දේශ වර්ණපනාව 	239 

විස්තරය: පවසන්නා මෙපරණ වේලාවක් කළේ සන්දේශය සැලකිරීමය මේ කවියෙන් දැක්වෙන්නේ කඳ කුමරුගේ දිව සවණයොදා පවසන කරුණ මැනවින් අසා ඒ දෙවියන්ගේ මහිමයෙන් වැඩ සිදුකරදෙන ලෙස නැවත නැවතත් ආයාචනා කරන ලෙසය. උසස් අ‍යගෙන් යමක් සිදුකරගත යුතු කල්හි දැන්වීමක් වසයෙන් නොව ඉල්ලීමක් වශයෙන් කරුණු දැන්වීම ලොව සිරිති.

242. මනැණ පමන පැවසූ කිවියර බසි නි නොගෙන වරද දුට හැර පොකුරඹ ලෙසි නි වඩන කුළුණු අපවෙත සිරි දි තොසි නි රකින ලෙසට අයදුව මිතුර නොලසි නි

අර්ථ ය: කිවියර බසිනි, කවිකාරයන්ගේ වචනයෙන්; (එනම් කවීයෙන්) මනැණ පමණ, මගේ ඤාණ ශක්තියේ ප්රයමාණයට; පැවසූ, ප්රයකාශ කළ; (මේ සංදේශයෙහි) වරදදුට, වරදක් දුට‍ුයෙහි නමුත්; පොකුරඹ ලෙසිනි, නෙළුම්පත දිය සෙයින්; නොගෙන, භාර‍නොගෙන; හැර, හැරදමා; කුළුණු වඩන, කරුණාව දියුණු කරන; (ඒ දෙව්රජහට) තොසිනි, සතුටෙන්; අපවෙත සිරිදී, අපට සම්පත් දීමෙන්; රකින ලෙසට, රකින සැටියට; මිතුර නොලසිනි අයදුව, පමනොවී ඉල්ලන;

විස්තරය: පොකුරඹ - පොකුරු+ අඹ මෙහි පොකුරු යනු නෙලුම්වලට නම්, (පුෂ්කර සං) නෙලුම් කොලයෙහි වතර නොරඳා බවතට යෑම ස්වභාවයකි. එමෙන් මෙහිද ඇතිවරද පිළි නොගෙන ඉවත දමන ලෙස ඉල්වයි.

අලපත නෙලුම්පත දියත්තක් නොරදන්නා සේ, යන පිරුළද ව්යතවහාරවන්නේ මෙය ඇසුරෙනි.

243. පිරිසිදු ගුණ දිමුත් රුසිරැති තොප විසි න සිකිනිඳු යහත් සුරිඳුට අප අයදු මෙ න වැඩසිදු වන මෙහැම මතෙපුල් දන්ව මි න කුරුළිඳු යහෙන් පවතුව සහ නෑසිය න 240 කහකුරුළු සන්දේහ වර්ණරනාව

අර්ථළය: පිරිසිදු ගුණ දිමුත්, පිරිසිදු වූ ගුණයෙන් දීප්තිමත් වූ; රුසිරැති තොප විසින, රූපශ්රීුයෙන් යුත් නුඹ විසින්; අප අයද මෙන, අපගේ ඉල්ලීම පරිදි; සිකිනිඳු යහත් සුරිඳුට, මයුරාසන ඇති දෙවිඳුන්ට; (කතරගම දෙවියන්ට) වැඩ සිදුවන, අභිවෘද්ධිය සිද්ධවන්නා වූ; මෙහැම ‍මතෙපුල්, මේ සියලු මගේ වචන; දන්වමින, දැනුම්දොමින්; නෑ සියත සහ තම නැයින් සමග; කුරුලිදු යෙහෙන් පවතුව, කහකුරුලු නුඹ යෙහෙන් පවතිවා!

විස්තරය; මේ කවියෙන් සන්දේහ කර්තෘව තම දූතයාට ආශීර්වාද කරයි. සන්දේශය පවසා අවසන් හි සන්දේශ භාරක දූතයාට ආශිර්වාද කිරීම සන්දේශ කලාවෙහි අංගයකි. මෙයින්ද එය මනාව ස්පුටවෙයි.

කර්තෘ නාමය දක්වයි,

241. පීන සිරි සකල දිගුවැලි පියස ගරු පේම වඩන කඳවුරු කුලග පිවි තුරු සාමණේර යතිසඳු නිමල ගුණ දැරු හේම කුරුළු මෙ‍හෙසුන් පැවසී මියුරු

අර්ථේය: සකල සිරි පීන, සියල් සිරියෙන් පිරුණු; ගරු දිගුවැල් පියස, උතුම් දික්වැල්ල ප්ර දේශයෙහි; පිවිතුරු පවිත්ර වූ; පේමවඩන, ප්රේ මය වර්ධ්නය කරන; කඳවුරු කුලඟ, කඳවුරු කුලයෙහි; නිමල ගුණ දැරූ, උතුම් ගුණ දැරුවා වූ; සාමණේර යතිසඳු, හෙරණ යති උතුමා; මියුරු, මිහිරි වූ; මේ හේමකුරුළු හසුන්, මේ කහකුරුළු සන්දේශය; පැවසී, පැවසීය.

විස්තරය: මෙයින් සන්දේශ කර්තෘරගේ නම් ගම් ආදී සියලු තොරතුරු දැක්වෙයි. මාතර දික්වැල්ලෙහි සාමණේරයති, මෙහි කර්තෘතය. මෙතුමා ලක්දිව ප්රළසිද්ධ කඳවුරු කුලයට අයත් බවද මෙයින්ම පැවසෙයි. (ප්රපස්ථාපනාව බලන්න.)


නිමි.