කහකුරුළු සඳෙස-කහකුරුළු වණ්නාව-ii
51. සලා දුලා මහ සමුදුර දුල්ලේය
වෙලා පලා වුත් රළ වැනි වැල්ලේය
කලා පිලා නොව යන නැවු ගොල්ලේය
බලා පලා යව තන්ගලු වැල්ලේය
අර්ථපය: සලා දුලා, සුලියෙන් උදුල වූ; මහ සමුදුර, මහා සාගරය දුල්ලේය, බබලන්නේය; රළ පලාවුත්, තරංග වේගයෙන් අවුත්; වෙලා වැනි; වෙරළට එක් වූවාක් වැනි; වැල්ලේය. (සුදු) වැලිය; කලාපිලා නොව, කල කෝලාහයක් නැතිව; යන ගමන් කන්නා වූ; නැව් ගොල්ලේය; නැව් සමූහය ය; බලා (මේවා) බලා; තන්ගලු වැල්ලේය, තන්ගලු වැල්ලෙන්; පලා යව; වහා ගමන් කරව!
වියරණ: දුලා - දුල්ලේ යන පද දෙකම උජවලිත ශබ්දයෙන් බිඳුණු උදුල් සඳ අසුරෙන් ඇති වී තිබේ.
කලා පිලා, ව්ය්වහාර ශබ්දයකි. සැලයෙහි 38 වැනි කවේද - කලාපිලානොව ඇල් ගෙවි කෙළින ඉන, දැන් කල බල නොවී යන්න හා සමානයි.
52. ලොල්ලේ කමල් කල් වෙන් අලලන නිර ද පල්ලේ එ සිට මුතුරැස නැගෙනමින් විහි ද දුල්ලේ වෙරළ රැස්වූ වැනි වුත් එස ද වැල්ලේ මන්කඩින් ගොස් වන තුරට වැ ද 92 කහකුරුළු සන්දේශ වර්ණයනාව
අර්ථලය: කමල් කල් ලොල්ලේ, සිරිකතට ලොල්ව; වෙන්, විෂ්ණු; නිරද අලලන, සයුර කලඹන කල්හි; පල්ලේ සිටි මුතුරැස පතුලේ තිබුණු මුතු සමූහය; විහිද නැගෙමින්: විසිරී මතුවෙමින්; එසඳ අවුත්, එකල්හි පැමින, දුල්ලේ වෙරළ, බබලන වෙරළෙහි; රැස් වූ වැනි, රැස් වූවාක් බඳු, වැල්ලේ මන් කඩින් ගොස්, වැල්ලේ මංකඩ නම් ස්ථාන යෙන්; ගොස්, ගමන් කොට; වනතුරට වැද, වනයට පිවි සෙව!
විශේෂ: විෂ්ණු ශ්රීව කාන්තාවට ලෝභයෙන් කිරි සයුර කළඹුවේය. එකල වස්තු දහහතරක් පහළ විය. යනු පුරාණ පොත්හි එන කතාවකි.
ලක්ෂ්මි පාරිජාතක සුරාං ධන්වනතරී චන්දිමා ගාවං කාමනුධෙස් සුරාසුරගජො රම්හාදිදෙවාංගනා අශ්ව සසප්ත මුඛේවිෂං හරිදනුං සෙඬඛා මෘතංචා මුඛධෙ රත්නානීභ වතු දීශ ප්රහතිදීනං - කුප්න්තුවෝ මංගලම්
විස්තරය: වැල්ලේ මංකඩ මුතු ගැන ප්රකසිද්ධියක් ඉසුලු බව මින් පෙනේ. විෂ්ණු සයුර කැළඹූ දින පතුලේ තුබුණු විසිරී වෙරළට රැස් වූ වාක් මෙනැයි කීයේ ඒ නිසාය. මෙහිදී කවියාට සිහිවූයේ අලුත් උපමාවක් නොව හුරු පුරුදු උපමාමය.
වියරණ: නීරද, මෙහි කවියේ මත් සමවීමට නිරද වවි ගත යුතුයි. නී නම් නදීහුය. නීන්ගේ රද - නීරද යයි සමස් යොදනු අලලත, 'ත' ප්ර ත්යහය කාලය හඟවයි. දෙසුන් රිවි මුදුනත, කියත ඔහු මෙතෙපල ආදිය සලකන්න.
53. තුරු මුදුනේ ලිය ලවනේ කුසු මැල්ලා මද නලිනේ ගෙන එමිනේ සුව දැල්ලා සිහි ලසිනේ දැහැ ගිමනේ ගත පුල්ලා නුඹ වඩනේ තුරු සෙවනේ සුවි පුල්ලා
කහකුරුළු සන්දේශ වර්ණතනාව 93
අර්ථ ය: තුරු මුදුනේ, ගස් මුදුන්හි; ලියවනේ, හටගන්නා වූ; කුසු මැල්ලා, මල් කැකුළු වල; සුවදැල්ලා, සුවඳ; මද නලිනේ, මද සුළඟින්; ගෙන එමිනේ, ගෙන එන; සිහිලසිනේ, සිසිලන් (සිසිල් සුළඟින්) ගත පුල්ලා ගිමනේ දැහැ, ගතපුරා ගමන් දුරුකොට; සුවි පුල්ලා එවනේ, මහත් ඒ වනයෙහි; තුරු සෙවනේ, ගස් සෙවනෙහි; නුඹ වඩනේ; නුඹ යන්න;
විස්තරය: වැල්ලේ මන් කඩින් නික්මුනු හේම කුරුලුට හමු වනුයේ වන රොදකි. එහි සුවඳ මද නලින් ගත පුරා වෙහෙස නිවා තුරු සෙවනේ යන්නැයි කියයි.
54. කඩා කමින් නිතියෙන් ළපලු මන රඟා වඩා සුතන් සා මුව කෙළෙන තුරු අගා විඩාව තොප එහි පැමිණෙන වේය සුභා කුඩා තොට මදක් කල් හිඳුව සිතු රඟා
අර්ථ ය: නිතියෙන්, නිතරම; මන රඟා, සිත් ගන්නා; ළපලු, ලා දළු; කඩා කමින්, කඩාගෙන කමින්; සුතන් වඩා. දරුවන් වඩාගෙන; සාමුව කෙළින, වඳුරන් (ශාඛාමෘග) ක්රීහඩා කරන; තුරු අගා. ගස් මුදුන් වලින්; තොප, නුඹ; විඩාව, වෙහෙසව; එහි පැමිණෙන, ඒ ස්ථානයට යන කල්හි; සුභා වේය, ප්රකමාද වේ; (එහෙයින්) සිතු රඟා, සිත් සේ; කුඩා තොට කුඩා තොටනම් තැන, මදක් කල්, ටික වේලාවක් හිඳුව, නතර වෙව!
වියරණ: සාමුව - ශාඛාමෘග - හනම් වඳුරු වර්ගායේ සතුන්ය. සුඟාවේය ප්රාමාදවේ. සුනංගු වෙනවා ආදී වශයෙන් ව්ය වහාරයෙහි එයි දෙමළ වචනයකි.
55. එයිනික් බිති තොප යන කල වැද ගුවන වෙයිසිත් අටි දුටු එහි මින් රළ කෙළෙන එහි නොරඳා ගොස් තන්ගලු මෝදරින වෙයි තොපහට ගිම් නිවුමට කෙඬාල් වන
94 කහකුරුළු සන්දේශ වර්ණවනාව
අර්ථ ය: එයිනික් බිති, ඉන් පසුව; ගුවන වැද තොප යනකල, අහසට නැග නුඹ යන කල්හි; එහි කෙළෙන, ඒ ස්ථානයෙහි ක්රී;ඩා කරන; මින් රළ දුව, මාලු රෑන දුටුවොත්, සිත් අටි වෙයි, සිත්හි එහි නැවතීමට අදහස් ඇති වේ, එහි නොරඳා, එතැන නොරැඳි; තන්ගලු මෝදරින ගොස්, තන්ගලු මෝදරින් ගොස්; තොපහට නුඹට; ගිම් නිවුමට, වෙහෙස නිවා ගැනීමට; කඩොල් වන වෙයි, කඩොල් වනයකත් වේ;
විශේෂ: අනික් සන්දේශකරුවන් තම දූතයන්ට කළ ගමන් වර්ණෂනාවන්හිදී ඒ වර්ණරනා කරන තැන තමනුත් සිටි හැටියට ඉතා පැහැදිලිව කියති. එහෙත් මෙහි එසේ නොව මෙතනින් ගියවිට මේනම් තැනක් හමුවෙයි. එතැන් නතර වෙව! ආදී ක්රතමයෙන් සන්දේශ කර්තෘව දූතයා නිකුත් වූ මුල් තැනම සිටගෙන කරන වර්ණාසවක විලාසය මෙහි බොහෝ දුරට ලැබේ.
56. ලෙවන් නිති කරන පව් කම්හි නොව මැලී නොමින් දැල් හෙළති මස් ලොබයෙන් නියැලී යමින් සිට දුටුව තිලකුණු සිහිවෙ කලී පෙරුන් කල් එළිය දැක යන්න නොව මැලී
අර්ථනය: ලෙවන්, ලෝ වැසියන්; නිති කරන පව් කම්හි, නිතරම කරන පව්කම්වල; නොවමැලී, මැලි නොවී; මස් ලොබයෙන් නියැලී, මසට ලොල්වඤ නොමින්, පමණක් නැතිව; දැල් හෙළති, දැල් හෙළත්; යමින් සිට දුටුව, නුඹ යන ගමන් ඒ දුටුවොත්; එකලී, එකල්හි; තිලකුණු සිහිව, ත්රිදලක්ෂණය සිහි කොට; පෙරුන් කල් එළිය දැක, පෙරුන් කල් එළිය නම් ස්ථානය දැක; නොවමැලී යාගන්න, මැලි නොවී ගමන් කරන්න;
විස්තරය: පෙරුන් කල් එලිය මසුන් මැරීමට ප්රළසිද්ධ ස්ථානයක් බව මින් පැවසේ, ලෙවන් නිතිකරන පව් කම් නම් පස්පව්ය. ඉන් පළමුවැන්න සතුන් මැරීමයි. ඒ දුටු
කහකුරුලු සන්දේශ වර්ණවනාව 95
ඔබට කළ යුතු අන් දෙයක් නැත. මෙය ලෝකස්වභාවයකි යයි සිතා සිත සනාසාගනු වස් ත්රිතලක්ෂණ භාවනාව සිහි කරන්නට යයි කියයි.
තිලකුණු: එනම් අනිත්ය , දුක්ඛ, අනාත්ම යන සංසාරයෙහි ලක්ෂණ තුනයි. මෙබඳු යමක් දුටුකල අද පවා සාමාන්යන ජනායෝ අනේ, අනිච්චේ, දුක්ඛේ සංසාරේයයි කියති. එය මේ රටේ අවුරුදු දහස් ගණනක් පැවැති බෞද්ධ පරිසරය ඇති වූවකි.
57. නුඹේ සිය සතුන් දැක එහි පැළ ඹෙන්න ලොබේ සිතින් ලිය වෙත සිතු නො හෙලන්න ගැබේ වන තුරින් පලරස විඳ පන්න දඹේ පොකුණ දැක රැකවට යා ගන්න
අර්ථපය: නුබේ අහසෙහි; සිය සතුන් දැක, තම කුලයට අයත් සතුන් දැක; එහි ඒ ස්ථානයෙහි; පැළඹෙන්න, සතුටු වන්න; ලොබේ සිතින්, ලොභ අදහසින්; ලියවෙන, තම කුල කතුන් වෙත; සිතු නො ඇලෙන්න, සිත් නො අලවන්න! වන ගැබේ තුරින්, වනගැබ තුළින්; පලරසවිඳපන්න, ගෙඩිකා රස විඳින්න දබේ පොකුණ දැක දබේ පොකුණ නම් ස්ථානය දැකලා; රැකවට යාගන්න, රැකවනම් ගමට ගමන් කරන්න.
වියරණ: පැලඹෙන්න, පැළඹ තුටුවීමෙහි තු ධාතුයි.
යාගන්න - යන් යනු අදහසයි. ගන් ධාතුවෙන් යා ධාතුවේ අදහසම තවත් ප්ර:කට කෙරේ. මෙබඳු ක්රිීයාවලට සිංහලයෙහි උප පද ආක්ඛ්යාමතය යි කියති. බලා ගන්න. නිදාගන්න. ආදී සියගණන් නිදසුන් සලකන්න.
58. විහිදා පියා නිලඹර යන කල එයි නී සුසදා දිලෙන, වලු බර ගින් තුරු රැසි නී පැහැදා සිලිල් පිට කෙළිමින් රළ පෙනු නී කහඳා මෝදරින් යව මිතුර නොල සි නී
96 කහකුරුළු සන්දේශ වර්ණුනාව
අර්ථ ය: පියා විහිදා, පියාපත් විහිදුවා; එයිනි, ඒ දබේ පොකුණෙන්; නිලඹර යන කල, නිල් අහසෙහි යන විට; වලු බරගින් සුසදා දිලෙන, වලුබරින් සැදී නැමී දිලෙන අතු ඇති; ගින්තුරු රැසිනි, ගින් ගස් රාශියද; පැහැද සිලිල් පිට කෙළි, පැහැදී දිය මතුපිට ක්රීරඩා කරන; මින් රළ මසුන් කැලද, පෙනිනී, පෙනේය; මිතුර! (එබඳුවූ) කහඳාමෝදරින්, කහඳාමෝදරනම් ස්ථානයෙන්; නොලසිනී යව! පමානොවී ගමන් කරව!
විශේෂ: මේ කවියා කහකුරුල්ලාට නිතරම මසුන් ගැන සඳහන් කරයි. කහඳා මෝදරින් එසේ මසුන් ක්රීුඩා කරන සැටි බලන්නට කියයි.
59. දිනිඳු රැසින් නොතැවී යන එන සත ට තුරු පෙදෙසින් සුසැදුනි එහි මග දෙපි ට නල පහසින් සිහිලස විඳ විඳ සතු ට සවස ගොසින් වදුනිල්ලා වට වන ට
අර්ථගය: දිනිඳු රැසින්, හිරු රැසින්; නොතැවී, පීඩා නොවී, යන එන සතට, යන එන සත්වයන්ට; එහි ඒ ස්ථානයෙහි; මග දෙපිට, මාර්ග යෙහි දෙපසම; තුරුපෙදෙසින්, ගස් සහිත ප්රථදේශයන්ගෙන්; සුසැදුණි, සැදුනේ විය; නල පහසින්, සුළඟ වැදීමෙන්; සිහිලස, සිසිල, සතුට විඳ විඳ, සතුටින් විඳිමින්; ගොසින්. ගොස්; සවස, සවස්වරුවෙහි; නිල්ලාවට වනට, තිල්ලාව නම් වනලැහැබට; වදු, පිවිසෙව!
වියරණ: දිනිඳුරැස, දිනට ඉඳු - ඉනිඳු දිනිඳුගේ රැස් දිනිඳු රැස් යි විබත් සමස් යොදන්න. සුසැදුණි සු පූර්වය සද සැදුම්හි ධාතුයි. නිරුත් සාහික ක්රි්යායි. පහන නිවිණි ආදිය සලකන්න. ඉණ විකරණය යෙදේ.
60. යනෙන සතන් නිතියෙන් සැතපෙන සෙයි නේ නිවන කන් ලකළ කළ අම්බලම පෙ නේ නදන තුරු එවෙන වන පසෙක සිට ග නේ එදින නරඹ ලැගුමට නිසි තුරක් වෙ නේ
කහකුරුළු සන්දේශ වර්ණඉනාව 97
අර්ථ ය: යනෙන සතන්, යන එන සත්වයන්; නිතියෙන්, නිතරම; සැතපෙන සෙයිනේ, විඩා සංසිඳුවන ලෙසින්; නිවනකන්, එනම් ස්ථානයෙහි; ලකල කළ, අලංකාර ලෙස කළා වූ, අම්බලම පෙනේ, නවාතැන පෙනෙන්නේය. නදන තුරු, මනහර ගසින් යුත්; එවෙත වන, ඒ අසල වනයෙහි; පසෙක සිටගනේ, පැත්තක නැවතී; එදින, ඒ දිනයෙහි; ලැගුමට නිසිතුරක්, ලැගුම් ගැනීමට නිසි ගසක්; වෙනේ, වනයෙහි; නරඹ, බලව!
වියරණ: අම්බලම, අම්බලම් යන දෙමළ වචනයෙන් සිංහලට ආවකි. මෙකල තානායම් මෙන් මගීන් පයින් ගමන් කළ එකල මං අසබඩ අම්බලම් බොහෝ තිබුණ බව අපේ ස්නදේශයන්ගෙන් පෙනේ.
ලැගුමට: ලග ලැගීමෙහි ධාතුයි, අද ආවාසය යන නම වෙනුවට පෙර පැවතියේ ලැගුම් ගෙය යනුයි, ලගියි, ලගිති වශයෙන් වරනැගේ නිවනකන්, මෙය ස්ථානයක් විය යුතුය. නිවනගිම් යයි මුද්රි්ත පොතේ දැක්වුවද අපට ලැබුනු සෑම පිටපතකම ලැබුණේ නිවනකන් යන්නය. 47 වැනි කවේද, නිවාකන් වෙහෙර යයි ද යෙදුනේය. එයද සැලකිය යුතු.
61. සැපසේ පිවිසි එහි පලතුරෙක මන මෙනි තොපසේ ලියෙක සමගිව ලැග රෑ යෙහෙනී නොලයේ අරුණු රැස් එනු දැක පෙර දිගිනී තමසේ නොවී ලැගි නිවසින් යව එදිනී
අර්ථ ය: සැපසේ පිවිස, සුවසේ වනයට වැදී; එහි, ඒ වනයෙහි; පලතුරෙක, ගෙඩි ඇති ගසෙක, මන මෙනී, සිත්ව පරිදි; තොපසේ ලියෙක සමගිව; නුඹගේ ජාතියට අයත් කතක් සමග; රෑ, රාත්රිලය; යෙහෙනී ලැග, නිදුකික් වැස; පෙර දිගිනි, නැගෙනහිරින්; නොලෙස්, නොපමාව; අරුනු රැස් එනු දැක, ළහිරු රැස් එනු දැකලා; තමසේ නොවී, අලස නොවී; එදින ලැගි නිවෙසින්, එදා නැවතී සිටි තැනින්; යව, ගමන් කරව!
98 කහකුරුළු සන්දේශ වර්ණ,නාව
විස්තරය: කහ කුරුල්ලා පළමු වෙන් ලැග්ගේ පොළොන්මාරු වෙහෙරෙහි කෝන් ගසකය. මෙයින් පැවසෙන්නේ දෙවැනි දින ලැග්ග ස්ථානයයි. තිල්ලාවට වනෙහි ගසෙකය දෙවැනි දින ලැගියේ. මෙහි කියයුතු විශේෂයෙක් ඇත. ලගින්නට කියන්නේ හුදකලාව නොව තම කුලයේ කතක් සමගයි. එහෙත් එබඳු කතක් සොයා ගැනීම පහසු නො වෙන වා ඇත. මිනිසුන් මෙන් හෝ අනික් තිරිසන් සතුන් මෙන් නොව පක්ෂීහු වසන්නේ ජෝඩු වශයෙනි. අමුතුවෙන් පැමිණෙන්නෙකුට එහි ඉඩක් නැත. කවියා කළ නියමය කුමක් වුවද එය කෙසේ ඉටු වේදැයි සැක සහිතය.
වියරණ: නොලසේ - පමානොවී, ලස යියි යෙදෙනුයේ අලස ශබ්දයේ ස්වරලෝපයෙනි. එහෙත් එහි මුල් අදහස වෙනස් වී යෙදේ. ලැසි ගමන ආදිය සලකන්න.
තමසේ නොවී: අමුතු යෙදුමකි. කම්මැලි නොවී යයි අරුත් ගත යුතුය?
62. තෙර සිටි රුපු රජුන් එනු ලක නොහැර ඉඩ කළ වැටි පවුරුසේ පෙනෙනුය සයුර බඩ එහි සිටි ගිරිකුළන් දැක සිතු පසු නො මැඩ කළ මැටි මෝදරින් මමිතුර තුටුව වැඩ
අර්ථැය: තෙරසිටි, එතෙර සිටියා වූ; රුපු රජුන්. සතුරා රජවරුන්; ලක එනු, ලංකාවට ඊමට; ඉඩ නොහැර, ඉඩක් නොදී; සයුරබඩ කළ, මුහුදු අයිනේ කළා වූ, වැටිපවුරුසේ, වැටි හා ප්රාඉකාරසේ; පෙනෙනුය, පෙනෙන්නේය; එහි සිටි ගිරිකුළන්, එහි පිහිටියා වූ කඳුමුදුන්; දැක, දැකලා; සිතු බැසුම් මැඩ, සිත පසු බැසීම මදිනයකරගෙන; කළ මැටිමෝදරින් එනම් ස්ථානයෙන්; මමිතුර! මගේ මිත්රගය! තුටුව වැඩ; සතුටින් යව!
කහකුරුළු සන්දේශ වර්ණ නාව 99
විස්තරය: කළ මැටි මෝදර සයුර බඩ කඳු තිබේ. ඒවා සතුරු රජුන්ට ලක්දිවට ඒම වලක්වනු සඳහා කළ වැටි ප්රා කාර සේය. ඒවා දකින කහකුරුලු ගේද සිත පසු බසී. එසේ නොපසු බැස යන ලෙස ඔහුට මෙයින් කියයි.
63. එන ගොල්ලේ මුවරල බලමින් සිටිය සිව් මැල්ලේ සිරුරැති ළදඟන කැටිය දැක ලොල්ලේ උන්වෙත නොලැගෙනු වටිය ගල් මුල්ලේ නොරඳා ඉන් යා යටිය
අර්ථමය: ගොල්ලේ එන, රංචුවට එන්නා වූ, මුවරළ, මුවරංචු; බලමින් සිටිය, බලමින් සිටියා වූ; සිව්මැල්ලේ සිරුරු ඇති, සුකුමාර ශරීර ඇති; ළඳගන කැටිය, බොළඳ අඟනුන් රාශිය; දැක, බලා; ලොල්ලේ, ලොල්ව; උන්වෙත ඒ අඟනුන් වෙත; නොගැලගෙනු වටිය, නොසිටීම සුදුසුය; ගල්මුල්ලේ නොරඳා, එනම් ගමේ නොනැවතී; ඉන් යා යටිය, ඒ ගමින් යනු කැමැති වෙව!
වියරණ: කැටිය - දකුණු පළාතේ හා උඩරට පළාත් වලද ව්ය වහාර වන ශබ්දයකි. රාශිය, සමූහය යනු තේරුම් ගෙන දේ.
යායටිය - යා+අටිය. ය ආගම වීමෙන් යායටියයි සෑදේ.
64. සොඳුරා අවට සිටි තුරුලිය වල කුමු ද නොහැරා රැගෙන විත් කළ වැනි තොපට පු ද ඉඳුරා පෙනෙයි දවලව ලුණු කැටි එස ඳ ගැඹුරා කල බලා ලුණුවට යව සබ ඳ
අථීය: අවට සිටි, හාත්පස තිබෙන; සොදුරා තුරුලියවල, මනහර ගස් වැල් වල; කුමුද, කුසුම්; නොහැර ගෙනවිත්, අත් නොහර ගෙනැවිත්; තොපට පුද කල වැනි; නුඹට පූජා කළාක් මෙන්; එසඳ, එකල්හි ඉඳුරා ලුණු කැටි පෙනේ, ලුණු කැටිය හරියටම පෙනේ; සබඳ! මමිතුර! ගැඹුරා කල බලා, එනම් ස්ථානය බලා; ලුනණුවට යව, ලුණාව නම් ගමට පිවිසෙව. 100 කහකුරුළු සන්දේශ වර්ණලනාව
විස්තරය: ලුණාව යන නමින්ම එහි ලුණු ඇති බව හැගේ. ලුණු කැටිය සුදු පාටය. අවට ඇති ගස්ලියවල මල් එකතු කොට තොපට පුද කළාක් මෙනි. එහි සුද ලුණාවට පිවිසීමට පෙර ගැඹුරාකල නම් ස්ථානයක් බැලීමට කියයි. මෙය විමසිය යුතු තැනකි. ගැඹුරා කල යන්න ස්ථාන නාමයක් ලෙස ද බොහෝ කලක් බලා යයි එලිසමය රැකීමට යෙදුවක් ද කියා පැහැදිලි නැත.
වියරණ: මල් යන අරුත්හි කුමුදු සදක් යෙදුණු තැනක් ගැන අපට නොවැටහේ. එහෙත් මෙහි යොදා තිබේ කුමුදු සද කුමුදු මල් හි ප්රටසිද්ධය.
65. පිහිද පැසෙන එහිකෙන් වත් වලට වැදේ දැන පමණින් බුදුමින් නිසි තැන ක හිදේ එහි තැන තැන ලිය ගී දනු අසා ඉදේ යව නොලසින් දුටු මන නුවන් බැෙඳ්
අර්ථොය: එහි, ඒ ස්ථානයෙහි, පිහිද පැසෙන, පීදී පැසෙන කෙත් වත් වලට වැදේ, කෙත් වතු වලට වැදී; නිසිතැනක හිදේ, සුදුසු තැනක හිඳ, පමණින් දැන, ප්ර මාණය දැනගෙන බුදිමින්, කමින්; එහි ඒ කෙත් වතුවල; තැන තැන, තැන් තැන්වල; ලිය ගී දනු, කතුන් ගේ ගීත දනුව; අසා හිදේ, ඒ අසමින් සිට; දුටු දන, දක්නා වූ මිනිසුන්ගේ; මන නුවන්, සිත් නැමැති ඇස්, බැඳ, බැඳගෙන; නොලසින් යව, පමා නොවී යව!
විස්තරය: ලියගී, කෙත්වතු වල ගෙවිලියෝ ගී කියමින් හැසිරෙති. මෙහිද ගීතද යයි කියේ ගෙවිලියන් ගේ ගීත නාදයයි.
66. යකුන් විසින් යුද කළ දින සිරුරු මැඩ ලෙසින් වගුළ රතු විය බින් පැහැය මැඩ මසින් ගොඩව ගිය වැනි ඒ බැවුල් කඩ යමින් බලන් කුරුලිඳු ඒ උයන් කඩ
කහකුරුළු සන්දේශ වර්ණවනාව 101
අර්ථ ය: යකුන් විසින් යුද කළ දින, යකුන් විසින් යුද්ධ කළ දින යෙහි; සිරුරු මැඩ වගුළ ලෙයින්, සිරුරු මිරිකා වැගුරුනු ලෙයින්; බින් පැහැය මැඩ, පොළොවේ වර්ණ ය යටපත් කොට; රතු විය, රතු පාට විය; ඒ බැවුල්කඩ, ඒ බැබිල කඩ; නම් ස්ථානය; මසින් ගොඩවගිය වැනි, මස් වලින් ගොඩ වී ගියාක් බඳුය; කුරුලිඳු, කුරුල්ලාණෙනි! ඒ උයන් කඩ, එනම් ස්ථානය, යමින් බලන්, ගමන් කරමින් බලනු මැනවි.
විස්තරය: උයන් කඩ නම් ස්ථානය ගොඩැලි සහිතය. පොළොවද රතු පාටය. එය අන් දෙයක් නිසා නොව පෙර මෙහි යුද වැදුණු යකුන්ගේ ලෙයින් රතු වී යියි කවියා සලකයි.
67. මනකල් නිමල් පැහැදුල් සුදු පුලින තල තුරු මුල් තුමුල් මුව මුල් කෙළන ගජ කැල පිපිමල් කැකුල් එහි ලොල් බමණ බිගු වැල බලලොල් එකල් සුවිපුල් වැලිපටන් විල
අර්ථමය: මනකල්, යහපත්; නිමල්, පිරිසිදු; සුදුපැහැ දුල්, සුදු පැහැයෙන් දිලෙන, පුලිනතල, වැලිතලාය; තුරුමුල්, ගස් මුල්; තුමුල්, විශාල; මුවමුල්, මුවරංචුය; කෙළන, ක්රීමඩා කරන; ගජකැල, ඇත්රංජුය; පිපි, පිපුණා වූ; මල් කැකුල්, මල් කැකුලුය. එහි, ඒ මල් වල; බමණ, හැසිරෙන; ලොල් බිඟුවැල, ලෝලවූ බමර සමූහයාය. එකල්, එකල්හි, සුවිපුල්, විශාල වූ; වැලිපටන්විල, එනම් ස්ථානය, ලොල් බල! ආශාවෙන් බලව!
විස්තරය: වැලිපටන් විල වර්ණ නාවෙන් කවියා පවස්නනේ එය වනයක් ලෙසය, එහි ඇතුන් හා මුවන් ද සිටි බව කියයි. මේ කවෙහි ශබ්ද රසයත් අථි රසයත් නො පිරිහී චමත්කාරත්වය හොඳින් පිළිබිඹු වේ.
වියරණ: මුල්සඳ - මුලය, සමූහය, හේතුව ආදී නොයෙක් අරුත්හි යෙදේ.
102 කහකුරුළු සන්දේශ වර්ණ.නාව
68. ගෙණ් අඳුරු මෙන් ගජරළ පලින් පල මෙනේ විදුලි මුව මී පොර පෙලින් පෙල ඉනේ තුනු ගිමන් හැර සිහි ලැලින් ලෙල පෙනේ එලිය දකුණත් පස තමලු විල
අර්ථ ය: ගනේ අඳුරුමෙන්, තද කළුවරමෙන්, පලින් පල, තැනින් තැන; ගජරද, ඇත් රංචුය; පලින්, පල, රංචුවෙන් රංචුව, මුව මී පොර, මුවන්ගේ හා මීමුන්ගේ පොර; විදුලි මෙන්, විදුලිය සේ වේගවත්ය; ලෙල සිහිලැලින්, ලීලොපෙත සිසිල් පවනින්; තුනු ගිමන් හැර, ශරීරයෙහි වෙහෙස නිවා ගනුව! දකුණත් පස, එයින් දකුණු පැත්තේ; තමලුවිල, තමලගුවිල්; එළිය පෙනේ, එළිය පෙනෙයි.
විස්තරය: එහි තැනින් තැන ගජ කැලය. උන් ඝණ අඳුර එක් වී තිබෙන්නා සේය. රංචුවක් රංචුවක් පාසාම මුව මීමුන් ගේ පොරය. ඒ පොරවල වේගය විදුලිය මෙන්ය. එහි සිහිල් ජලයද වේ. ඉන් ගිම් නිවා ගන්නැයි කියති. ඉන් දකුණ තමළුවිල් එළිය පෙනේ.
තමලුවිල් එළිය, වෙල් එළිය ආදී තැන්වල මෙන් ව්යෙවහාරයෙහි එන්නකි. විල අවට පෙදෙස ගස් කොළන් නැති හෙයින් එළිය වැටී ඇත. ඒ නිසාය විල් එළිය යයි කියන්නේ. තමාළුවිල, මෙය දැන් තමාඩුව යයි ව්යිවහාරවන බව දැනගන්නට ලැබුනේය. තමාඩුවිල යයි ද කියති.
විශේෂ: සැලයෙහි එන ගනේ මිණි බැබලි කිරණෙව් රත පාය ආදී කවහා බොහෝ දුරට ශබ්දයෙන් සමානකම් පෙනේ.
වියරණ: පලින් පල, පෙළින් පලෙ යන දෙතැනම වීප්සා වෙහි ශබ්ද ද්විත්වයයි.
කහකුරුළු සන්දේශ වර්ණවනාව 103
69. ගල් මත් තේ හිඳ වුත් එළි බැස නිතින පිල් සත් තේ විදහා රඟන මියුරන කල් නැත්තේ යයි නොසිතා බල යෙහෙන මල් පෙත්තේ මග බැස යව කෙළි ලොලන
අර්ථපය: ගල් මත්තේ හිඳවුත්, කඳු මත සිටඅවුත්; නිතින එලි බැස, නිතර එළියට අවුත්; පිල් සත්තේ විදහා, පිල් නැමැති සත් දිගහැර; රඟන, නටන්නා වූ; මියුරන, මොනරුන්; කල් නැත්තේ යයි නොසිතා, වේලා මඳයයි නොසිතා; යෙහෙන බල, හොඳින් බලව! ඉන්පසුව කෙළි ලොලෙන, ක්රීමඩා ආශාවෙන්; මල් පෙත්තේ, මග බැස යව! මල් පෙත්ත නම් ස්ථානයේ මගට බැස යන්න!
වියරණ: පිල් සත්තේ, පිච්ච, සදින් පිල් යයිද, ඡත්ර! සදින් සත්, යයිද බිදේ. ශබ්ද දෙකක් බිදී එක්වීමෙන් සෑදුණු ශබ්ද සිංහල භාෂාවේ දක්නට ලැබේ. දම් කුඩ, සම්කඩ ආදිය මෙනි. ද්විභේදී ශබ්ද නම් මේවාය.
70. මලිනා එනා නලිනා සුවඳ මනහර ගිමනා උනා ගතිනා යන කල එවර සිටිනා මනා තුරිනා එහි ගඟ දෙතෙර පෙනෙනා දිනා ගොසින් අම්බලන් තෙර
අර්ථනය: එහි ගඟ දෙතෙර, එහි ගෙඟ් ඉවුරු දෙකේම; සිටිනා මනා තුරිනා, ඇති මනහර ගස්වල; මලිනා එනා, මල් වලින් එන; මනහර සුවඳ නලිනා, සුන්දර වූ, සුවද ඇති සුළඟින්; එවර, ඒ කල්හි ගතිනා ගිමනා උනා, සිරුර ගම්නිවා; යන කල, යන විට; දිනාපෙනෙන, ජයගෙන පෙනෙන්නාවූ, අම්බලම්තෙර, එනම් ස්ථානයට; ගොසිනා, ගොස්;
71. තසිත ලෙසින් ගංතෙර සිට සිලිල් ලැබ කැමත සිලිල් සනසා එ ගඟට එළඹ එවෙත තිබෙන දා ගැබ වැඳ සිතින් සුබ නැවත එවළ ගිය ගඟ බඩ සිරි නරඹ
104 කහකුරුළු සන්දේශ වර්ණඑනාව
අර්ථ ය: තසිත ලෙසින්, නුඹගේ අදහස් පරිදි; ගංතෙර සිට, ගං ඉවුරේ, නැවතී; සිලිල් ලැබ, සිසිල ලබාගෙන; කැමත, කැමැති නම්; එගඟට එලඹ, ඒ ගඟට ගොස්: සිලිල් සනසා, සිහිල් ජලයනා; සුබසිතින්, හොඳ අදහසින; එවෙත තිබෙන; ඒ අසල ඇති; දාගැබ වැඳ, චෛත්ය ය ද වැඳ; නැවත ඉන්පසු; ඒ වළ ගිය ගඟබඩ, ඒ වළවේ ගඟ අසල,සිරි නරඹ, ශෝබාව බලන්න!
විස්තරය: අම්බලන් තොටින් මුහුදට වැටෙන්නේ වළවේ ගඟය. මෙහි දැක්වෙන්නේද එයයි. ඒ අසල චෛත්යැයක්ද තිබුණු බව මෙහි දැක්වේ. එවළ ගිය ගඟ යියි කීයේ වළවේ ගඟටය.
තවද, ජලප්රවවාහ හරිත සුවිසුද්ධ අති මනෝමර වාලුකා තලයෙන් හා විකිර්ණකස්ථිත දාම වල්ලරි සුපුෂ්පිත කුසුම ශ්රෙවණින් ජනිත ජලභරිත සතත විරාජිත නාග මෘග මනුජ ශත නිසෙවිත වියනන්දී සමාන ඒ නදී ශ්රේජණියගේ මේද එක් වර්ණවනා කථනයෙක, තා ශ්රේවණය කර!
අර්ථජය: තවද, තවත්; ජලප්රාවාහ භරිත, ගලා බස්නා දිය දහර ඇති; සුවිසුද්ධ, අතිශයින් පවිත්රන වූ; අති මනෝහර, අතිශයින් සිත් ගන්නා වූ; වාලුකා තලයෙන් හා, වැලිතලාවෙන් හා; විකිර්ණ ස්ථිත, විසිරී සිටි, දෘම වලලිරී ගස්වැල් වල; සුපිස්පිත, මනාව පිපුණාවූ; කුසුම ශ්රේිණින්, මල් පෙලින්; ජනිත, හටගත්; ජල හරිත, ජලය ඇති; සතතවිරාජිත, නිතියෙන් දිලෙන; නාග මෘග මනුජ, නාගය, මෘගය, මනුෂය යන මොවුන්; ශත නිසෙවිත, සිය ගණන් සෙවුනාලද; වියන්නදී සමාන, අහස් ගඟ හා සමාන වූ; ඒ නදී ශ්රේනණියගේ, ඒ ගංඟා වෙහි; මේද, මේ කියනු ලබන්නේද; එක් වර්ණවනා කථනයෙක, එක් වර්ණ,නාවෙකි. (එයද) තා ශ්රතවණය කර! නුඹ අසන්න!
කහකුරුළු සන්දේශ වර්ණ.නාව 105
වළවේ ගඟ වණ්නාර්ණ ව
72. පෙර ගිරි හසින් හුණු මෙන් දිසි සිසි කිරණ ගිරි සිර සින් නිති සිහිලැල් වැහෙන මෙන
අර්ථ ය: පෙර ගිරි හිසින්, පෙරදිග නැමැති පර්වාතය මුදුනින්; දිසි සිසිකිරණ. දෘශ්යලමාන වූ, සඳ රැස්; හුණු මෙන් වැටුනාක් මෙන්; ගිරි සිරසින්, කඳු මුදුනින්; නිති, නිතියෙන්; සිහිලැල්; සිහිල් ජලධාරා; වැහෙන මෙන, වහනය වන්නාක් මෙනි!
73. සමන් ගිරි මුඳුන මුනිරජු වැඩිය දිනේ සමන් සුරිඳු බැතියෙන් සිරි පා දොවනේ එයින් ගිරි මුඳුන සිට වුත් වගුළ පැනේ සෙයින් සිතෙයි දුට ඒ ගඟ සිරි නොමිනේ
අර්ථනය: නොමිනේ, අපමණ; ඒ ගඟ සිරිදුට, ඒ ගගේ ශෝභාව දුටුවොත්; මුනිරජ, බුදුරජාණන් වහන්සේ; සමන් ගිරි මුඳුන, සමනළ කඳු මුදුනට; වැඩිය දිනේ, වැඩි දිනයෙහි; සමන් සුරිඳු, සුමන දිව්යඳරාජයා; බැතියෙන්, භක්තියෙන්; සිරිපා දොවනේ. මුනිඳුන් සිරිපා සෝදන කල්හි; එයින්, ඒ දෙවු තැනින්; ගිරි මුදුන සිටවුත්, කදු මුදුන සිට පැමිණ; වගුළ පැනේ, වැගුරුණු පැන් සෙයින්; සිතෙයි, සිතේ;
විස්තරය: වළවේ ගෙඟ් ශෝභාව දුටු ඔබට මෙසේ සිතෙයි, සමන් ගිරි මුදුනට මුනිඳුන් වැඩිදා සුමන දෙව්රජ භක්තියෙන් මුන් පා දෙවූ කළ ඒ පැන් ගිරි මුදුනේ සිට පැමිණියා මෙනි.
සමන් සුරිඳු : සමනළ ගිරට හා සපරගමු ප්රුදේශයට අධිපතියා ලෙස සලකන දෙවියෙකි. බුදුරදුන් පළමුව මහියංගනයට වැඩි කල කේශ ධාතු ලැබ මහියංගන චෛත්ය ය කර කැළණි වැඩි තුන්වැනි ගමනේදී ආරාධනාකොට සමනළට වැඩමවා කඳු මුදුනේ සිරිපා පිහිට විය. බුදුන්ගෙන් බණ අසා සෝවාන් වුවෙකැයි සලකනු ලැබේ. සපරගමු මහ සමන් දේවාලයෙහි මොහුගේ නම ලක්ෂ්මණ යයි සඳහන් වේ.
106 කහකුරුළු සන්දේශ වර්ණ නාව
පා දොවනේ: තමන් නිවසට පිදිය යුත්තෙක් පැමිණි කල පා සේදීම පෙරදිග සිරිතකි. පෙර ඉන්දියාවේ ඍෂිවරයන් අතරද, බුද්ධ කාලයෙහි බෞද්ධයන් අතරද මෙය පැවතිණි. අද ලංකාවේ පවා ගෙවල් වලට භික්ෂුන් ආගමික කටයුතු වලට වැඩමවන විට පා දෙවීම කරනු ලැබේ.
74. සෑදී එහි ගං තෙරේය යුග තෙරේය සිටි මින් තුගු තුරේය තුරු සිරේයය පිපි මල් රොන් සිරේය නොම හැරේය එන ගඟුලැල් කෙරේය සුදු කෙරේය
අර්ථඟය: එහි යුගතෙරේය ගන් තෙරේය, ඒ ගඟ දෙ බඩ; සැදි, සැදුනාවූ; තුගු ගුරේය,තුරු සිරේය, උස් ගස් මුදුන් වල ; සිටිමින්, පිහිටමින්; පිපි මල් ෙරාන්, පිපිනා වූ මල් රේණු; නොම හැරේය ඉසිරේය, නොනැවතීම, ඉසිරෙන්නේය; (ඒ මල් රොන්) එන ගඟුලැළි ගලා බසිනා ගෙඟ් දිය පහර, කරේයි, සුදු කෙරේය, සුදුපාට කෙරේ;
වියරණ: යුග තෙර - ගං දෙතෙර, යුග ශබ්දය යුවල සහ අරුත්හි යෙදේ. මේ කවෙහි සමාන ශබ්ද යෙදීම නිසා ශබ්දාලංකාරයත් සමග අනුප්රාිස රසයද ඇතිවී තිබේ.
75. වැද එහි ගිරි කුළේය නොපැ කිළේය ගඟු ලැළි ඇද හැළේය ගොස කෙළේය අස මින් සිකි වළේය හිඳ ලොලේය මේ ගොසයයි කළේය රඟ කෙළේය
අර්ථොය: එහි, ඒ ගෙඟහි; ගිරි කුළේය වැද, ගල්පර වල වැදී; නොපැකිළේය, පැකිළ නොවී; ගොස කළ, හඩ නැංගාවූ; ගඟුලැලි, ගං දිය පාරවල්, ඇද හැලේය, කඩා වැටේ; වළයේය, කැලයෙහි; සිකි, මොනරුන්; ලොලේය හිඳ, ලොල්ව හිඳ, (ආශාවෙන් සිට අස අසා) මේ ගොසයි, අහස ගොරවන හඬයයි; කළේය රඟ කෙළේය, නැටුවා හුය!
කහකුරුළු සන්දේශ වර්ණනනාව 107
වියරණ: නොපැකිල: පැකිල, පැකිලීමෙහි ධාතුයි, පයේ පැකිල වැටුනේය ආදිය සලකන්න;
76. නිති හෙන ගඟුලැලීය සිහි ලැලීය බබලන සුදු වැලීය පැහැ දිලිය ගජ රළ සහ ගැලීය මුව මුලීය හැම කල් එහි වෙළීය දිය කෙළීය
අර්ථකය: සිහිලැලීය, සිහිලැල් ඇති, නිතිහෙන ගඟුලැලීය, නිතර වැහෙන ගඟුලැලීය; පැහැදිලිය බබලන, පැහැදිලිව දිලෙන, සුදුවැලීයි, සුදුවැලිය, ගජරළ සහ ගැලීය, ඇත් රංජුවහා එක් වුණු, මුවරැස්ලීය, මුවරංචුව, එහි ඒ ගඟ, හැමකල්, හැමදාම; වෙලීය දිය කෙළීය, වෙලි දිය කෙළිති;
විස්තරය: දෙපස සුදු වැලිතලා ඇති ඒ ගඟ සිහිල් ජලයෙහි ඇත් රළ හා එකට එක්වුණු මුව රළද නිතර එකට දිය කෙළින බව මින් පැවසේ,
77. එගඟ වෙත් පිපෙන නිතයෙන් නාරි ලතා ඉගිල වුත් සිසිල් පිට වැගිරෙනු කෙවතා සුරඟන වුත් එවෙත තුරු වෙලප හිඳ ගතා පැන කෙලිත් සිතෙයි දුටු එගඟ නිතිපතා
අර්ථකය: නිතියෙන්, නිතර; එගඟ වෙත්, ඒ ගඟ අසල පිපෙන, පිපෙන්නා වු; නාරිලතා, නාරිලතා නම් මල් වර්ගඑය; ඉගිල වුත්ත, සුළගින් ඉගිලී අවුත්; සිලිල් පිට වැගිරෙනු, ජලය මතුපිට වැගිරීම; කෙවෙතා, කවරෙක් වණයිද? සුරගනවුත්, දිව්යලවනිතාවෝ අවුත්; එගඟ තුරු වෙළෙපහිඳගතා, ඒ ගඟ අසබඩ දෙබල් වල හිඳ ගෙන; නිති පතා, නිතරම; පැනකෙළිත් සිතෙයි, ගඟට පැන ජල ක්රීහඩා කරති යියි සිතෙයි;
විස්තරය: ගඟ අසල ගස්වල වෙළී ගිය නාරිලතා වැල් වේ. ඒවායෙහි මල් සුළඟත් ඇවිත් ගඟට වැටේ. එය සුරඟනන් ඇවිත් ගස් අතුවල සිට ගඟට පැන දිය කෙළින්නා සේයයි කිවියා කල්පනය කරයි.
108 කහකුරුළු සන්දේශ වර්ණ නාව
නාරිලතා: ගැහැණු රූපයක හැඩය ඇතිමල් වර්ගහයකි. අද දක්නට ඇති ගෝනුසු පරෙවි මල් සේය. හිමාලයෙහි මේ වගර්යද තිබේ යයි විශ්වාස කරති. එහෙත් මේ කවියා කියන හැටියට නම් වළවේගන් ඉවුරේ නාරිලතා වැල් තිබුණු බව පෙනේ.
වියරණ: වෙළෙප: විටප ශබ්දයෙන් බිඳි ආවකි. වෙළෙප නම් අතු බෙදී ගිය දෙබල් වැනි තැන්ය.
78. දෙතෙර තිබෙන වළු බර නෙරළු තුරු වළා පැතිර ගඟ ලෙලෙන පිළිබිඹුව දුටු කලා නිතර දිය කෙළින ලිය රුසි රැති දැකලා වැතිර එන උරග බව නැයිඳු සිරි සුලා
අථර්ය : දෙතෙර තිබෙන, තිර දෙකේ තිබෙන්නා වූ, වලු බර, පල බරවූ; නෙරළු තුරු වල, පොල් ගස්වල; ගඟ පැතිර පෙනෙන, ගගේ පැතිරී පෙනෙන; පිළිබිඹුව දුටු කලා, ප්ර තිබිම්බය දුටු කල්හි; නිතර දිය කෙළින, නිතරම ජල ක්රීබඩා කරන: රුසිරැති ලිය දැකලා, රූප ශ්රීම ඇති අඟනුන් දැක, වැතිර එන, වැතිරී එන; උරඟබඩ නැයිඳු, උරග භවනයෙහි නාරජුගේ; සිරි ඉසුලා, ශෝභාව දරයි.
79. පිහිනා යනෙන මියුලැස් මුහුල හුණු වි ට සැකිනා බලා සෙවෙලැයි මින් කෙළ සතු ට බුදිනා ලොබින් වෙත පත් දැන ඇති රඟ ට බියෙනා හැකිල දුවනා වැනි ඉපිල පි ට
අර්ථනය: පිහිනා යනෙන, පිහින මින් යන එන; මියුලැස් මුහුල, අඟනුන් ගේ කේශකලාපය; හුණු විට, දියපිට විසිරී ගිය කල්හී; සැකිනා බලා, සැකයෙන් බලා; සෙවලැයි, සෙවල යයි; මින්, මත්ස්ය යෝ සතුට කළෙ, සතුටු කළේය; බුදිනා ලොබින්, බුදින ආශාවෙන්; මින්කැල වෙත පත්දැන, මාලු රැළ ළඟට පැමිණි බව දැන; එවිට එකල්හි; බියෙනා හැකිල, බියෙන් හැකිලී; ඇති රඟට; හැකිතාක් වේගයෙන්; ඉපිළ එපිට දුවනා වැනි; පිහිනා ඈතට දුවන්නාක් මෙනි;
කහකුරුළුව සන්දේශ වර්ණානාව 109
විස්තරය: දියෙහි පිහිනන අඟනුන්ගේ කේශ කලාපය දියේ මතු පිට ඉහිරී ගියවිට දිය සෙවලයයි මින් කැල සතුටු වෙති. ඉන් පසු ඔවුහු එය කෑමට ළං වෙති. මසුන් ළං වුණු බව දැන බියෙන් හැකිල හැකිතාක් වේගයෙන් පිහිනමින් ඈතට දුවන්නා මෙනැයි කවියා කල්පනය කරයි.
වියරණ: මියුලැස්, මෘගක්ෂී (සං) මුවඟනුන්ට බඳු ඇස් ඇත්තේ නුයි මියුලැසි නම්.
ඇතිරඟට: ව්ය්වහාර ශබ්දයකි. ඇතිරඟට බැලුවා. ඇති රඟට නෑවා ආදිය සලක්නන.
80. වෙසෙස එගඟ බැස කෙළනා කළූන් නේ කෙලෙස එකමුවෙන් රූසිරි වනව් නේ තිදස සුරඟනන් ඇසි පිය නොහෙන් නේ වෙනස නම් තිබෙන එපමණෙකි දන් නේ
අර්ථ ය: වෙසෙස විශේෂයෙන්; එගඟ බැස කෙළනා ඒ ගඟට බැස ක්රී ඩා කරන්නා වූ කළුන්නේ කාන්තාවන්ගේ; රූ සිරි, රූප ශෝභාව; එක මුවකින්, එක් කටකින්, වනන්නේ කෙලෙස, වර්ණ,නා කරන්නේ කොයි ලෙසද? තිදස සුරඟරනන්, තව්තිසා දෙව්ලවො සුර අඟනෝ; ඇසි පිට නො හෙන්නේ, ඇසිපියනොහෙලන්නාහුය; තිබෙන වෙනෙස නම් ඒ සුරඟනන්ගේ තිබෙන වෙනසනම්; දන්නේ එපණකි, දන්නේ එපමණක්ය.
විස්තරය: මේ අදහසම සැලයෙමි රහල් හිමියෝ "ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන" යයි පැවසූහ.
181. ලොල් කර එගඟ ඉවුරස නිතියෙන් කෙළ න මල් සර යුද දිනූ රුසිරැති ලඳ සොබ න ලොල් කරඔවුන් වෙත ගිය බැරි වෙයි ගම න කල් නොයවා යන ලෙස නරඹන් බැති න
110 කහකුරුලු සන්දේශ වර්ණයනාව
අර්ථනය: එගඟ ඉවුරස, ඒ ගංඉවුරෙහි; ලොල්කර නිතයෙන් කෙළනා, අශාවෙන් නිතර ක්රී ඩා කරන; මල් සර යුද දිනු, අනංග යුද්ධය පවා ජයගත්; සොබන, ශෝභමාන වූ; රුසිරැති ලඳ, රූපශ්රීකයෙන් යුත් අඟනන්ය; ලොල් කර ආහා උපදවා එවුන් වෙත ගිය, ඔවුන් ළඟට ගියහොත්; ගමන බැරිවෙයි, ගමන නොහැකි වෙයි; (එබැවින්) කල් නොයවා යන ලෙස, ඉක්මනින් යන ලෙස, බැතින, බැතියෙන් නරඹන් ඔවුන් බලන්න,
විස්තරය: මල්සර යුද දිනු, වළවේ ගෙඟහි ජලස්නානය කරන අඟනෝ අනංගයා පවා යුදකොට ජයගත්තාක් මෙන් රූප ශෝභාවෙන් බබලති. ලක්ෂණ අය අතර අනංගයා තරම් තවත් කෙනෙක් නැත. එහෙත් මේ අඟනෝ අනංගයාටත් වඩා ලක්ෂණ බව යුද දිනූ යන්නෙන් පවසයි.
කවි සමයෙහි අනංගයා ඉතා ප්රඩසිද්ධය. මල්සර යයි පවසන්නේ අරවින්ද, අශෝක, චුත, නවමල්ලිකා, නීලොතපල යන මල් හි පසක් ඇති හෙයිනි. එක් එක් හීයෙන් මොහනය තාපනය, පෝෂණය ආදී අවස්තාවන් ඇති කරති. පෘථිතිය නිමිතිකර ගෙන ධ්යා යනයට සම වැදී සිටි ඊශ්වරයාට විද්ද හීය නිසා කිපුණු අනංගයා තමාගේ නළලේ ගිනි පිටකරවන ඇසින් ගිනි සැරයක් පවා දැවීය යනු ද කථාවකි " පෙරමල වියාවන් රුසිරෙන් මනදන" යයි කියේද හෙයිනි.
82. මිතුර එගඟ සිරි නරඹා සිතු ලෙස ට එතර ගනින් ඉවුරස සිට පළමු කො ට කතරගම සුරිඳු සිහිකරගෙන එවි ට අඹර දිසි මැදුර තුර එළඹෙන එවි ට
අර්ථදය: මිතුර! මිත්ර ය! එගග සිරි සිතුලෙසට නරඹා ඒ ගඟේ ශෝභාව සිත්සේ බලා; ගඟින් එතර, ගඟින් එතරවී; පළමුකොට ඉවුර සිට, පළමුවෙන් ඉවුරේ සිටගෙන; එවිට එකල්හි; කතරගම සුරිඳු සිහිකරගෙන, කතරගම දෙවියන් සිහි කරගෙන; දිසි පෙනෙන්නා වූ; අඹර මැදුර කුස, අහස් නැමැති මන්දිරය තුළය; එළඹෙව, යව;
කහකුරුළු සන්දේශ වර්ණපනාව 111
විස්තරය: ගඟින් එතර වූ හැටියේම කතරගම දෙවියන් සිහිකිරීමට කියයි. වළවේ ගෙඟ් පටන් සන්මුඛ සුරිඳුන්ට අයත් ප්රකදේශයයි. එබැවින්ය එසේ කීයේ. සිරිපා යනවිට සමන් දෙවිඳු සිහිකරන්නාක් මෙන් යම් ප්රයදේශයකට යන විට ඒ ප්රපදේශය භාර දෙවියො සිහි කිරීම සිරිතකි.
අඹර දිසි මැදුර යයි කීයේ යම් කිසි මන්දිරයක් සඳහා නොවේ. එබඳු මන්දිරයකට පිවිසියේ නම් එහි තොරතුරු කිය යුතය. එහි එබන්දක් නැත. එබැවින් අහසට විය යුතුයි මෙසේ කීවේ.
83. නිලවේ පැමිණ යන කල තොප සිතු ලෙසි නේ නිලවේ බඳ කෙත් වල පැල ගොටම පෙ නේ ඇල වේ පැසී සිටි කෙත් පෙල රතට පෙ නේ වලවේ කොහොඹ ගහ වැටියද බල සොදි නේ
අර්ථ ය: තොප සිතු ලෙසිනේ, නුඹ අදහස පරිදි; නිලමේ පැමිණ යන කල, නිල් අහසට පැමිණ යන කල්හි; නිලවීනි බද, නිතර නිල් පැහැය ඇති; කෙත් වල කුඹුරුවල; පැල ගොයම පෙනේ, ගොයම් පැල පෙනේ; පැසී ඇලවී සිටි, පැසී නැමී සිට; කෙත් පෙල, කුඹුරු පන්තිය; රතට පෙනේ, රත් පැහිටය පෙනේ; වළවේ, වලවේ ගගේ, කොහොඹ ගහ වැටියද, එනම් වැටියද; සොදිනේ බල, හොදින් බලව!
විස්තරය: දෙවැනි පදයේ නිලමේ යනු නිලවී කියාද තුන් වැනි පදයේ ඇලවේ යන්න ඇලවී කියාද අරුත් ගැනීමේදී යොදා ගත යුතුයි.
සැලයෙහි, පැසී නැමී කරල් රත් හැල් සහ ලා න වඩින මැනවි මහ වෙල මැද වෙරලා න
වියරණ: නිලවේ, නිල් මග, එනම් අහසයි
84. පැසී තිබෙන කෙත් වත් වල හිඳින නි තී නිසි ව ඇල් ගෙවිලිය ලිය ගී කිය තී ඇසී සවණ අම මෙන් සිතු ඇලීය තී හැසී නොව ඔවුන් වෙත සිතු යනුව යු තී 112 කහකුරුළු සන්දේශ වර්ණ නාව
පදාර්ථ: නිති පැසී තිබෙන කෙත්වත්වල හිඳින, නිතර පැසී ඇති කෙත් වතු වල ඉන්නා වූ; ඇල් ගෙවිලිය, ඇල්ගෙවියෝ; නිසිව ලිය් ගීකියති, නිසි පරිදි මිහිරි ගීත කියති. සවණ ඇසී ඒ ගීතයම කණට ඇසී; අම මෙන් අමාව මෙන්; සිතු ඇලී යති, සිත් ඇල වේ; ඔවුන් වෙත, ඒ අගනුන් කෙරෙහි; සිත් හැසී නොව, සිත් වසඟ නොවී; යනුව යුතී යෑම හොඳය;
විස්තර : ලියගී - ලයාන්විත ගීත, ලයනම් තානමයි
85. මන රත් රත ලවන දිලි බිඹු පල මේන් ද බඳිමින් වරල ගවසා මල් පටියෙන් ද අඟනන් එහි සරණ මද යුද අටි යෙන් ද බලමින් පලයව මැදගම කුරු ලින් ද
අර්ථනය: මත රන් රත ලවන, පැහැපත් රතු තොල්; දිලි බිඹුපල මෙන්(ද) දිලෙන බිමබළුල මෙන්ය; වරමල් ගවසා, කෙශකලාපයෙහි මල් ගවසා; පටියෙන්ද බඳිමින් පටිවලින්ද බදිමින්; මදයුද අටියෙන්, අනංගයා හා යුද කර පරදවන අටියෙන් මෙන්; එහි සරන අඟනන්ද, ඒ ගමෙහි හැසිරෙන අඟනුන්ද; බලමින්, බල බලා කුරුලින්ද, කුරුල්ලාණෙනි! මැදගම පලයව! මැදගමින් වහා යව!
විස්තරය: බිඹුඵල- බිමබළු, (සං) කෙවක්කාය යි කියති. කවීන්ට අඟනුන්ගේ රතු තොල් බොහෝ සෙයින් පෙනුනේ බිඹුඵල මෙනි. මේ ගෙඩිවගර්යෝ පෙර ජනප්රුයි වි පවතින්නට ඇත. බදිමින් වරල ගවසා මල් පටියෙන්ද, හිසෙහි මල් පැලදීම පෙර පටන්ම කතුන්ගේ සිරිතකි. අදත් එසේය.
86. ලැබදි ගා මිතුර නිතියෙන් වැඩ හිඳු ව යන මගා තොපට කිසි දුක් නොව සිදු ව ඇති රඟා එවෙත බලමින් පෙම් සිඳු ව මහලිගා තැන්න දැක අටරට වඳු ව
කහකුරුළු සන්දේශ වර්ණඅනාව 113
අර්ථ ය: මිතුර! මිත්ර ය! යනමගා, යන මාර්ග යෙහි; තොපට, නුඹට, කිසි දුක් නොම සිදුව, කිසියම් දුකක් සිදු නොවී; දිගාලැබ, දීර්ඝා යු ලැබ; නිතයෙන් වැඩ ඉඳුව නිතර වාසය කරන්න; පෙම් සිඳුව, පෙම් සාගරයවී, එවෙත ඇති රඟා බලමින්, ඒ අසල ඇතිතාක් බලමින්; මහලිගා තැන්න දැක; එනම් ස්තානයද දැක; අටරට වදුව, අටරට පෙදෙසට පිවිසෙව!
විස්තරය: සන්දේශය ගෙන යන අතර මගදී කළ ආශිර්වාදයක් ගැන අනික් සන්දේශ පොත් වල සොයා ගැනීම අපහසුය. එහෙත් මෙහි මේ කවෙන් ඒ දූතයාට සෙත් පැතූසැටි බලන්න!
87. උදුල තුඟු තුරඟ සාමුව පතිත වර වගුල පල පුලින තොපහට එවන සුර විසුල නිල් මිණෙව් පුදකොට සිතෙයි තිර එවල සකින් බලමින් කර පියා සර
අර්ථසය: උදුල, බබලන; තුගුතුරග, උස්ගස් මුදුන් අග; සාමුන පනින වර; වඳුරන් පනින කල්හි; පල වගුළ පුලින, ගෙඩි ඉසුරුණු වැලිලතාව; තොපහට, නුඹට; එවන සුර, ඒ වන නැමැති දෙවියා; පුදකොට විසුල පූජාකොට විසුරුවා හැරි; නිල් මිණෙව්, නිල් මැණික් මෙන්; තිර සිතෙයි, ස්ථිරව, සකින්, මිතුර! එවන බලමින් ඒ වනය බලමින්; පියාසරකර, ඉගිල්ලී යව.
විස්තරය: අතු අග වඳුරන් පනින කල්හි වටී විසිරී ගිය ගෙඩි ඇතිවැලි තලාව වනදේවතාව විසින් පූජා කොට විසුරුවා හැරි නිල් මැණික් මෙනැයි පවසති. මින් හැෙඟනුයේ මෙය හුදෙක් වර්ණතනා පිණිසම කියුවක් ලෙස නො ව මේ පෙදෙසේ මැණික් ඇති බවය.
88. නොහැර එක්ක සමගිව පැටි පැටව් ගෙ න දුරැර දුක්ක එළිබැස ගජමද මුම න නොවිය හැක්ක අත රක් ගණ කුළු සෙයි න අහර බොක්ක එළි දැක වඩිමින් යෙහෙ න
114 කහකුරුළු සන්දේශ වර්ණ.නාව
අර්ථබය: සමගිව, සමගි වී, පැටිපැටව්. ලොකු කුඩා පැටවුන්, නොහැර එක්කගෙන, අත නොහර එක්කරගෙන, දුක්කදුරැර, දුක්දුරු කර, ගජමද මුමන, මද වැහෙන ඇතුන්; අතරක් නොවිය හැක්ක, අතරක් නැති; ගණකුළු සෙයින, ඉතා ඝන පර්ව්ත කූටයන්මෙොනේ, එළිබැස වනයෙන් එළියට බැස යන; අහර බොක්ක එලි දැක, එනම් ස්තානය දැක; යෙහෙන් වඩිමින්, සැපසේ යමින්;
විස්තරය: වල් ඇත්තු වනයෙන් එළියට එනවිට පැටවුන් අත නොහැර තම මුලින් එක්කරගෙන යති. වනයෙහි තැන් තැන් වලින් යාම අලියාට විශාල නිසා අපහසුය. එබැවින් ඇත්තු පෙලට යති. අතරක් නැතිව පෙළට යන ඇත් පේලිය කවියාට පෙනෙන්නේ අතරත ඉඩක් නැති කැලයෙන් එලියට එන ඝන වූ ගිරිකුළු මෙන්ය. මින් අහර බොක්ක පෙදෙස ඇතුන්ගෙන් ගහණ බව පැවසේ, .
වියරන: මුමන, මුම මී මීමෙහි ධාතුයි මීමි ඇස්දරතෝ (මුවදෙව්දා)
89. පිවිස යනෙන සත ගත ගිම් නිවා හල පැහැස සිලිල් සියපත් නිති යෙන් ල කල මගස තිබෙන නෙළුපත්විල බැස එ කල පවස නිවා ඉන් නැගි යා ගන් පු වල
අර්ථනය: ලිවිස යනෙන, ඒ ප්‍ීමෙද්ශයට ඇතුල්ව යන එන; සතගත, සත්වයන්ගෙන්, හරීහයෙහි; ගිම්නිවාහළ, දාහය නිවා හැරී; නිතියෙන්, නිතර; පැහැස සිසිල්, පැහැපත් ජලයෙන්ද; සියපත්, නෙළුම් මලින්ද; ලකල, අලංකාර වූ; මගසතිබෙන, මාර්ගයේ අසල තිබෙන්නාවූ; නෙළුපත්විල, එනම් විලට බැස බැහැලා එකල, එකල්හි; පවසනිසා, පිපාසය සන්සිඳුවා පුවල! උතුම් කුරුල්ලාණෙනි! ඉන්නැගී යාගන්, ඉන් නැගී යව;
කහකුරුළු සන්දේශ වර්ණ නාව 115
90. පොරණ සිට පැවති සිරිතකි එයින් එ ක කරන අය නිබඳ රජගෙට සුන් ගමෙ ක සිටින නිලම ලත් අය අය මුදල දැ ක පැමිණ සිටුව ආයම්පල මද කලෙ ක
අර්ථණය: නිබද රජගෙට අයකරනු, නිත්යහයෙන්ම රජ ගෙට බදු ගැනීම, පෙරණ සිට පැවති සිරිතකි, පෙරසිට පැවතගෙන එන සිරිතක් ය; එයින් එක සුන් ගමෙක, මේ ඉන් හක් සුන්කම් ගන්නා ගමකි; නිලමලත් අය සිටින, නිලය ලැබූ අය සිටින, අය මුදල දැක, බදු අයකරන නිලධාරීන් දැක; මදකලෙක, ටික වේලාවක්; ආයම්පල පැමිණ සිටුව, ආදායම් පෙලේ පැමිණ සිටින්න!
විස්තරය: මිනිසුන්ගේ රජගෙට බදු ගැනීම පෙර සිට පැවතෙන සිරිතකි. එසේ ආදයම එකතු කරන නිල ලත් අය සිටින මේ සුන්ගම් යන්නෙන්ද හැඳින්වේ. එහි බදු ගෙවන තැන ආයම් පොල (ආදායම්) නමින් පැවසේ, අය ගම, ආදියද සලක්න.
වියරණ: ආයම්: ආදායම් (දැන්) මෙහිද වෘත්තය රැකීමට හෝ ව්යරවාහාර පරිදි හෝ මෙසේ දැක්විණ. දෙමළ වචනයකි. සුන්ගම්: සුංකාගාම (පාලි) දෙමළ සුන්ගම්
91. වෙසෙසා එයින් යන කල තොප පෙර මගට සතොස වෙමින් මිහිකත් පිය විලි අතුට විලසා ලවණ රැස දවලට දිලෙන විට විමසා බලා යව මහ ලේ වාය තුට
අර්ථලය: වෙසෙසා, විශේෂයෙන්; එයින්, ඒ ආයම් පලින්; තොප පෙර මගට යන කල, නුඹ ඉදිරි මගට යන කල්හි; සතොස වෙමින්, සන්තෝස වෙමින්, මිහිකත්, මහී කාන්තාව විසින්; අතුට, අතුරුවන ලද, පිය විලි විලසා. පාවාඩ විලසින්, ලවන රැස, ලුණු කැටිය; දවලට දිලෙනවිට, සුදු පාටින් බබලන කල්හි; තුට, සතුටින්; මහ ලේවාය විමසා බලා, මහ ලේවාය විමසා බලාගෙන; යව, ඉන් ගමන් කරව; 116 කහකුරුළු සන්දේශ වර්ණ නාව
92. මනහරන් රුවින් දිලිසෙන දිව සරන් රහා සිහිඟින් දෙතන උසුලා වැහැර ගිය රඟා නිතියෙන් එහි සරණ අඟනන් බලා රඟා කොහොලන් කලින් මමිතුර වඩිනු සිතු රඟා
අර්ථලය: මනරන්, රුවින්, මහර රූපයෙන්; දිලිසෙන, බබලන; දිවයසරන් රඟා, දිවකතුන් බඳු; සිහිඟින් දෙතන උසුලා, සිහින් ඉගෙන් දෙපියුයුරු දරා; වැහැර ගිය රඟා. වැහැරී ගියාක් බඳු; නිතියෙන් එහි සරණ, නිතර එහි හැසිරෙන; අඟනන් රඟා බලා, අඟනුන්ගේ විලාසට දැක; මමිතුර! මගේ මිත්රඟය! කොහොලන් කලින්, එනම් ස්ථානයෙන්; සිතු රඟා සිත්පරිදි! වඩිනු, යනු මැනවි!
වියරණ: සිහිඟින්, සිහින් ඉඟින් යන්න කවියේ මත් රැකීමට මෙසේ යෙදී තිබේ. සහි නිඟ ශබ්දයක් මිස සිහින ශබ්දයක් නැත.
93. නිබඳ සැලිය පවතින් ගිම් නිවා කළ ඉපිළ පිළිය කෙළි මින් රළ පිරි සිසිල නොව හැකිලිය එහි මුව මී පොර වතළ මලල එළිය සිරි දැක සිතු දයා කළ
අර්ථඑය: නිබඳ සැලිය පවනින්, නිතර හැමුවාවූ සුළඟින්; ගිම්නාව කළ, දාහය නිවුවාවූ; ඉපිළ ඉපිළ කෙළි, ඉල්පි ඉලිප්පී ක්රීටඩා කරන; මින් රළ පිරි, මසුන් සමූහයාගෙන් පිරුනාවූ; සිලිල, ජලය ඇති; හැකිලිය නොව, නොහැකිලී; එහි, ඒ තැන, මුව මී, මුවන් හා මීමුන්ද, පොර වතළ. පොර වැටුනාවූ; මලල එළිය සිරි දැක, එනම් ගමේ ශෝභාව දැක; සිතු දයා කළ, සිතේ දයාව උපදව!
විස්තරය: කළ: යන්න එළිසමයට යෙදුවද යෙදිය යුත්තේ කර කියායි
94. අසල්ව එහි සැදි මඩ මෙහි සිතු ලෙසව සිහිල් කර ගීමන් වඩිමින් දොල වෙතට කිඹුල් කැල එදුටු මුනිගුණ මතුරු කොට සිලිල් සන සමින් එතරව යව එපිට
කහකුරුළු සන්දේශ වර්ණකනාව 117
අර්ථ ය: එහි අසල්ව සැදි, ඒ ස්ථානයෙහි අසල සැදුවා වූ, මඩමෙහි, මඩමේ සිතු ලෙසට සිත් වූ පරිදි; ගිමන් සිහිල් කර, ගිම් නිවා; දොල වෙතට වඩිමින්; දොළ සමීපයට යමින්; කිඹුල් කැල එදුටු, කිඹුල් සමූහයා දුටුවහොත්; මුනිගුණ මතුරු කොට, මුනිගුණ සිහිකර මිතුරා; සිසිල් සනසමින්, සිහිල් පැන් බී (එයින්) එපිට යව, ඈත ගමන් කරව!
විස්තරය: මලල එළියෙන් නිකුත් වීමට පළමුව එහි ඇති මඩම (අම්බලම) ගැන කහකුරුල්ලාට යමක් නොකියාම නොහැකි විය; එබැවින් එහි නතරව ගිම් නිවා අසල ඇති දොළ වෙතටද යන ලෙස දක්වයි. එහි කිඹුලන් ඇත. ඔවුන් දුටුහොත් මුනිගුණ මන්ත්ර ය මතුරා යන ලෙස දන්වයි.
95. සුනිල්ලේ දිලෙන තුරුලිය මඩුල් ලේ වදුල්ලේ කෙළින බුදිමින් ළපල් ලේ අසල්ලේ එමග බල මුව මුළුල් ලේ ඇසිල්ලේ ගොසින් බල සකි අදල් ලේ
අර්ථලය: සුනිල්ලේ දිලෙන, ඉතා නිල් පාටින් දිලිසෙන තුරුලිය මඩුල්ලේ, ගස්වැල් ගොමුවල; වදුල්ලේ, වදුලෙහි; ළපල්ලේ බුදුමින් කෙළෙන, ළපලු බුදිමින් ක්රීලඩා කරන; එමග අසල්ලේු, ඒ මග අසල, මුව මුළු බල, මුව රංචු බලව! ඇස්ලේ ගොසින් මොහොතින් ගොස්; සකි,මිතුර! අදල්ලේ බල! අදල්ල බලන්න!
96. නුරා අටිය කරවන නෙත් රූ කැටිය කිරා පැටිය කළ වැනි තන යුග දිටිය දරා මැටිය හිදි කර ලද ලිය සිටිය වරා විටිය සැනෙකින් වදු කර අටිය
අර්ථවය: නෙතේ නුරා අටිය කරවන, දුටුවන්ගේ ඇස් ඇලීමට ආශා කරවන; රූ කැටිය, රූප රාශියය; කිරා පැටිය කළ වැනි, බර කිරා එකතු කළාක් බදු; තන යුග, පියවුරු යුවලන්; දරා උසුලමින්; වැටිය හිදිකර සිටිය, වැටි හිඳි කරමින් සිටියා වූ; ලඳලිය, බොළඳ අගනුන්; දිටිය, දුට හැකි; සැනෙකින්, මොහොතකින්, අටිය කර, ආශා කර; වරා වටිය වදු, වරාවටිය නම් ගමට පිවිසෙව! 118 කහකුරුළු සන්දේශ වර්ණ,නාව
විස්තරය : කහකුරුළු සන්දේශ කරු අඟනුන්ගේ වර්ණුනාවක් කරන්නේ අමුතු උත්සාහයක් ගෙන නොවේ. ගිරාකරුට අඩ වසන් ඇති අඟනුන් ගැන නිතර සිහිවිය. මෙහි පොකුණු වල හා ගංඟාවල නාන කතුන් මිස අන් තැනක අඟනුන් ගැන නො වැණිය. එහෙත් දැක්විමට මෙන් අමුතු නවතාවයකින් වවරාවිටියේ අඟනුන් වර්ණුනා කරයි. ඔවුන්ගේ පියොවුරු බර කිරා එක්කළාක් මෙනැයි කීමෙන් අදහස් කළේ ඒවායෙහි ඇති විශාලත්වයයි.
මැටිය හිඳිකර: මෙයින් එහි අඟනුන් වළන් හැදීම වැනි මැටි කර්මා න්තයක් කළ බව පැවසේ.
වියරණ: නුරා, අනුරාග (සං) මුල ස්වරය නැතිවී ගිය හැටි සලකන්න. රාග, රා වෙග, වේ. ආදියෙහි මෙන් තදහව වීමේදී ගකාරය ලොප්වේ;
පැටිය කළ: පැටි සද නිපන් සඳකි.
97. සිහිලැල් පවන් විඳ විඳ යන කළ නැව ත තුගුතල් තුරු සුසැදුණු දෙතෙර පැහැප ත මනකල් එවෙත සැනකින් පිවිසි නො නැව ත මදකල් සිට සැන සෙන කිරිඳිහොය වෙ ත
අර්ථ්ය: සිහිලැල් පවන් විඳ විඳ, සිහිල් සුළඟ විඳිමින්; නැවත යන කල, නැවත යන කල්හි; තුගුතල් තුරු, උස් තල් ගස්වලින්; සුසැදුණු, සැදුනා වූ; දෙතෙර පැහැපත, දෙවුර හොබන්නේය; මනකල්, සිත් කළු; එවෙන, ඒ දල් වනයෙහි; සැනෙකින් පිවිස, වහා වැදී; නොනැවත, නොනැවතී; කිරිදිහොය වෙත, එනම් ඔය අසල; මදකල් සිට. ටික වේලාක් නැවතී; සැනසෙන! සැනසෙන්න!
වියරණ: විඳ විඳ, මිශ්‍ර ක්රිලයාවකි,පූර්ව ක්රිේයා ද්විත්ව වූ විට ලැබෙනුයේ මිශ්ර් ක්රිඳයාවකි. මින් යනු මිශ්රර ක්රිකයාවට හිමි ප්රරත්ය යයි.
කහකුරුළු සන්දේශ වර්ණවනාව 119
98. මුතු පට වටවන් තුට පුලිනට බැස සිට සිලිලට බැස සොදි නේ සුදුකොට ගත තුට ගිමනට එම විට එතරට ගොස් සිට සිතු ලෙසි නේ එම විට සහ තැට පිහිටට ෙතාපහට සිහිකොට සුරිඳුට තිනෙත් තෙ නේ තිහවට සිත තුට සවසට ලැගුමට වෙහෙරට වදිනට යව එදි නේ
අර්ථටය: මුතුපට වන්තුට, මුතු පටක් සේ සතුට ගෙන දෙන; පුලිනට බැස සිය, වැලිතලා වට බැස සිට; සිලිලට බැස, ජලයට බැස; සොදිනේ ගත සුදු කොට, හොඳින් සිරුර ශුද්ධ කරගෙන; තුට, සතුටින්, සිතුලෙසිනේ, සිත් පරිදි; එම විට, එකල; ගිමනට, ගිමන් හැරීමට; එතරට ගොස් සිට, ඔයේ අනික් තීරයට ගොස් නැවතී; එමවිට, එකල් හි තොප හට නුඹට; සහතුට, තුටුසහිතව; පිහිටට, පිහිටවීමට, තිනෙන් තෙන්, ඊශ්වර දෙවිඳු සිහි කොට; සිතතුට සවසට ලැගුමට, සතොසින් සවස ලැගුම් ගැනීමට; වෙහෙරට වදිනව, වෙහෙරට ඇතුල්වීමට සිතා, එදිනේ තිහවට යව, එදා තිස්සමහාරාමයට යන්න!
විස්තරය: අර්ථතයට වඩා ධවනිය ගැන සලකා ශබ්දය සැර සීමට කවියා ගත් වෙහෙස මේ කවෙන් මනාව පෙනේ. මේ කවේ සතැනක එළිසමය යෙදී ඇත. ඉන් පස් තැනක "ට" යන්නෙනි.
තිහව තිස්සමහාරාම වෙහෙරට පිවිසෙන කහකුරුළු අදහස් දෙකක් ඇතිව පිවිසෙයි. එකක් වැඳීමය. අනික එදින ලැගුම් ගැනීමය. නිකුත් වීමෙන් පසු තුන්වන රැය ගත කළේ තිහවය. ගොඨාභය රජුගේ පුත්රැ මාගම රජ කළ කාවන් තිස්ස මහීපාලයන් විසින් මෙහි වෙහෙර කරවූ බව පෙනේ. ගැමුණු රජතුමා උපන් නේද මෙහිමය.
120 කහකුරුළු සන්දේශ වර්ණරනාව
99. සපැමිනා රිවිකුල මනා සුරිඳුන් මෙනා නිරිඳුන් දිනා මතු එනා සගමොක් මනා සිතු අදරිනා සලකා ගෙනා වඩමිනා අප මුනිඳු නා දාධාතුව ගෙනා බැඳ වූ මනා බබලනා මහ සෑමනා සිට බලමිනාවෙත සැපැ මිනා
අන්වය: හනා රිවිකුල සැපමිනා, සුරිඳුන් මෙනා නිරිඳුන් දිනා මතු එනා මනා සග මොක් අදරිනා සලකා ගෙනා, ගෙනා අප මුනිඳුනා ධාතුව වඩමිනා බැඳ වූ බබලනා මනා මහ සෑ වෙත සපැමිනා සිට බලමිනා,
අර්ථනය: මනා රිවිකුල සපැමිනා, යහපත් සූයර්යම වශයෙන් පැවතෙමින්; සුරිඳුන් මෙනා නිරිඳුන් දිනා, ශක්රමයා මෙන් සතුරු රජුන් දිනාගෙන; මතුරනා මනා සග මොක්, මතු ඇතිවන දිව්යම සැප හා නිවන් සැප; අදරිනා සලකාගෙන, ආදරයෙන් සලකාගෙන; ගෙනා, ගොනා වා වූ; අප මුනිඳු නා දාතුව; අප මුනිරජුන්ගේ ධාතුව; වඩමිනා, තැන්පත් කරමින්; බැඳ වූ මනා මහ සෑ වෙත, බැන්ද වූ මනහර මහ චෛත්යයය ළඟට; සැපැමිනා, පැමිණ: සිට, නතරව; බලමිනා, බලමින්;
විස්තරය: සූර්ය්ය් වශයෙහි රජෙක් තිස්ස මහා රාමයෙහි සෑය කරවූ බව මේ කවෙන් කියයි. ලක්දිව බුදුසසුන් පිහිට වූ පසු තිස්ස මහාරාමය ගැන සඳහන් වන්නේ දෙවන පෑතිස් රජ කරවූ බෝධි රෝපණය නිසාය. රජතුමා බෝධියක් පිහිටුවා එහි කාල ප්රාබසාද නමින් පහයක් ද කරවූ බව මහා වංශය හා බෝධි වංශයද කියයි. වෙහෙරක් කර වූ බව සඳහන් නොවේ. වෙහෙරට පසුව අගාමික ව්යාිපාරයන්හි යෙදුණු රජෙක් විසින් කරවීයයි සිතිය හැකිය.
රිවිකුල: සූර්යු වංශයට අයත් රජවරරුය ලක්දිව රජය කරවූයේ. එසේ හෙයින් රිවි කුලයයි කීයේ. සූර්යර පුත්ර වෛවස්වත මනුගෙන් පැවතෙන රජවරු සූර්ය වංශ නමින් ප්රවකටවිය. ශාක්යර, කෝලිය හා ඔක්කාක වශයෙන්ද, ලම්බකණී, මයුර්ය්් ආදී හේද වලටද, බිඳී ගියේ සූයර්ය, වංශයමය. ලක්දිව විජයගෙන් පැවත ගෙන එන රජවරුද සූයර්යය වංශයට අයත් වූයේ ඒ නිසාය.
කහකුරුළු සන්දේශ වර්ණයනාව 121
100. ගුණදරා බඹ සුරතරා නිතියෙන් පුරා පුද කරන නිරතුරු ලක නුරා ලිය මත දරා කිරුළ'ග අරා බබලමින් විසිතුරු මමිතුරා තගෙ නෙත පුරා එහි නොමහැර සිට බලා විසිතුරු තොසපුරා නිවනත් කරා එම නම කරා සිටි සෙඳහි එ අතුරු
අර්ථසය: ගුණදරා බඹ සුරතරා, ගුණ දරන දිව්යය බ්ර හ්ම මනුෂ්යූයන් විසින්; නිතියෙන්, නිතර; පුරා පුද කරන, මහත් පුද පූජා කරන; නිරතුරු, නිතර; ලක අනුරාලිය, ලක්දිව් නැමැති අනුරාග වත් කාන්තාවන්ගේ; මත දරා, හිස් මත්තෙහි දරමින්; කිරුළු අග අරා, අලංකාර ඔටුන්න මුඳුනට නැඟ; බබලමින්, බබලමින්; එහි, ඒ සෑයෙහි විසිතුරු, අලංකාරය; මමිතුරා, මගේ මිත්ර ය! නොමහැර සිට, නොහර සිට; තගෙ නෙත් පුරා, නුඹට ඇතිතාක්; බලා,තොස පුරා, සතුටින් නිවන අත්කරා, නිවන් සැප අත්කර දෙන, එම නම කරා; ඒ සෑය වැඳ; සිටි සෙඳහි, සිටි කල්හි; ඒ අතුරු, ඒ අතර ;
විස්තරය; කවියා මෙයින් තිස්ස මහාරාමයේ සෑය වර්ණසනා කරයි. නිති බඹ සුර නරන් නිති පුද කරන ඒ වෙහෙර අනුරාගවන් ලංකා නැමැති කාන්තාවගේ හිස මත දරා සිටි කිරුළෙහි මුදුනේ බබලන චන්ද්රණයා බඳුයයි පවසති.