එකොලොස්වෙනි කාණ්ඩය. ———

1302 පි රි ව න කි ර ණ තර පොබකළ ලෙව්ත ඹ ර පි රි ව න ව ර ණ ගුණ හස සර සර අ ඹ ර පි රි ග න හ ර ණ තඹ සම් සිසි මැඩි ගැ ඹ ර පි රි ම න ස ර ණ නමදිමු නිසි සියත ඹ ර

130‍3 බ ව ගි ම් න ව න ලෙව්ගණ තම නිමා ර ණ නෙ ව ගි ම් ක ල න අමදෙන සසුරු තා ර ණ ම න ර ම් ක ර ණ සුවිමල රසය දා ර ණ න ම දි ම් බැ ති න සදහම් සිසි සපු ර ණ

1304 දි නි සු රු බස පුබුදු සරගුණ සිල් අ මො ද පි රි සු රු දල කුළුණු දල පිස් පතල මො ද මි හි සු රු හස හසලකළ දෙන මී අ මො ද සි ත යු රු මම වඳිමි සගගණ සරස මො ද

(සෙලෙසුවම්)

මේහැල්ලේ කොට්ටාසයේ මහත්මයා ලෝකුරුවෙකුට කී කවියක්

1305 ක ට ට මගෙ කවටකම් කරණා සැටි යේ කො ට න කළ බුලත් නුඹ සෑදු වංගෙඩි යේ ව ට ට බෙදි බෙදී තිබුදැයි දැමුසැටි යේ ර ට ට මෙවග කීවොත් හොඳ නැත වැඩි යේ

ඊට ලෝකුරුවා විසින් කී පිළිතුරු කවිය.

1306 ර ට ට මම බොහොම වාගෙඩි තැනුව ඇ ත ක ව ට බසක් ඔය ඇර මම ඇසුවෙ නැ ත ව ට ට බෙදෙන්නේ මුසු ලග පටුව ඇ ත මෙ ම ට මැතිඳුනේ ඒ ගැන වරද නැ ත

වලලියැද්දෙ බණ්ඩාරතුමා වෙත මැණිකේ කෙනෙක් ලියා යැව් කවියක්

1307 වි ය ර ණ සතර නොමදත් මගෙ පාද ස න් න පෙ සෙ සි ණ බලා යලි සරදම් නොකර න් න කෙ ලෙ සි ණ කිවත් බැරි නිසිපද ගලප න් න වි ය ර ණ සතර දෙනු එනිසා දැන ග න් න


ඊට පිළිතරු වසයෙන් බණ්ඩාරතුමා ලියායැව් පිළිතුරු කවිය.

1308 වි ය ර ණ සතර නොමදන් නුඹෙ පද ය න් න වෙ සෙ සි ණ බලා මගෙ සිතු විය සුප ස න් න කෙ ලෙ සි ණ උවත් නිසිලෙස පද ගලප න් න වි ය ර ණ සතර දෙමි සකි සැක නොකර න් න





190 කව් සඟරාව

එම බණ්ඩාරතුමන් විසින් උභය භාෂාලඞ්කාර හැඟවීම සදහා පුරුෂයෙක් සහ ස්ත්රීවයෙක් රාග වසයෙන් පදෙන් පදය කියාගත් ආකාරයට කි කවියක්

1809 නි ල් උපුලෙව් නෙතුයුග කීම රතු වී (පුරුෂ) ඇ ල් යහපතට නොලදින් ඔබ සිහි වී (ස්ත්රීප) නි ල් හෙලෙපිල් කෙහෙසකි කිමවුල් වී (පුරුෂ) ක ල් කල හැටිවද සිහිනෙන් ලා වී (ස්ත්රීප)

සෙනරත් බණ්ඩාර මැති තුමාට ස්ත්රීලයාවක් විසින් ලියවා එව් කවියක්.

1310 ල ක ට ‍පසිඳු සෙනරත් බන්ඩාර සො ඳ මො ක ට සිනාවෙන් නෙද මග යමින් ඉ ඳ සැ ප ට පිහිට වෙන සොඳ ගෑණු අපිව ද දු ක ට නොබලනා එක මොන උලව්ව ද

ඊට බණ්ඩාර මැති ලියා යැව් පිළිතුරු කිය

1311 ව ට පි ය වෙ න් ට වූ කත දිසි කත කා ම ති ට සැ න සෙ න් ට දැක කදිමයි මේ ලියු ම ඉ ට මි තු ර න් ට නොකියම යනවයි කී ම හෙට එ ලි වෙ න් ට පෙර යමි මෙගමින් රෑ ම

කතළුවේ අටදාහෙ වත්තේ දොන් ප්රනදිනාන්දිස් උබයසේකර කිවිතුමා කරුණක් සඳහා කි කවි දෙකක්.

1312 ඇ ති ක ළේ නමුත් රසහර දී බෝ ම හැ ම ක ලේ සුනක කසලටමයි පේ ම සි තු ලො ලේ පුහුනු ‍කලමුත් බණ දහ ම අ ඩු කු ලේ සිරිත පරණට ගැරහී ම

1313 නො දැ රු යම් කිසිම බලයක් මෙලොව තු ලේ ල ද රු වන් ගැඬුමමයි කරන ලොකුබ ‍ලේ සො ඳු රු සිප් නොදත් අවිදුන්ට අඩුකු ලේ නි ස රු බස් කීමවද තිබෙන විදුබ ලේ ඊට තල්පේ පත්තුවේ පෙරේරා මුදලිඳු න් කී පිළිතුර කවි දෙක.

1314 දැ ඩි බ ලේ නොලැබ විසු අයට පෙම්බැ ද වැ ඩි කු ලේ අයම දුනි සතර සිප් සො ඳ දැ ඩි බ ලේ පාන බැව් උඩඟුව මෙස ඳ අ ඩු කු ලේ සිරිත දැන ගත්තේ අද ද

1315 කැ න හි ලේ පවසයෙන් පැන් බී ලා ම ලි ද මු ලේ පහරමින් යයි නුමු ලා ම ද ද පො ලේ දනෝ සිප් සොඳ ලබ ලා ම කො ල හ ලේ කරන් ගුරුණට බැන ලා ම

වැලිගම කෝරලේ පුරුෂ‍ෙයක් ස්ත්රි්යෙකුට ලියා ඇරිය කවියක්.

1316 කු න් දා දිසි සදිසි වත නුඹෙ දිලි සී ම න න් දා නම් දිවගනමෙන් බැබලී ම ඉ න් දා මෙනුඹ ලන්කර බස් තෙපලී ම කි න් දා මෙමට නොලැබෙන්නේ කිය පේ ම


දහවෙනි කාණ්ඩය 191

ඊට ස්ත්රිණ ලියා යැව් කවිය.

1317 පේ ‍ ම ගුණ වඩණ මිතුරේ සැමදා ම බෝ ම දුකින් ඉඳ තැවෙනුය මම මෙහෙ ම බෝ ම කඳුළු නෙතගින් වැගිරෙණු බෝ ම කෝ ම නමුත් ඇවිදින් බාරගණු ම ම

මාතර කෙනෙක් ගජමන් නේනට ලියා යැව් කවියක්.

1318 සි ය ල් කතුන්හට තිලකෙට සිටින ස බේ නි ම ල් සදසෙ ගුණයෙන් කරන මෙම යු බේ වි ක ල් වියම සිතු ඉඳ රැවටෙමින් ඉ බේ ද ම ල් එමි පහස ගන්නට නෝන නු බේ

මීට ගජමන් නෝනා කී පිළිතුරු කවිය.

1319 ද හ ස ගණන් මග එන යන මිනි ස් සු ද දැ හැ ස ඔවුන් සැගේ කවුරු වැ ස් සු ද ර හ ස කියන දේ කුමකට සැලැ ස් සු ද ප හ ස දවල් ඉල්ලන හිමිට පි ස් සු ද

දළුවත්තේ ජිනානන්ද උන්නාන්සේ කරෝ නමැති ඇබිත්තයාට කී වස් කවියක්


1320 ලා ම කා ඉතාමත් රුදුගුණ දර ණ බෝ ම කා ඉතා පන්සල් කැත කර ණ මේ ම කා රණා ඇති කරයා කිය ණ මූ ම කා දමයි තෙද දෙවි හූතැස් යො ණ

කරයා (කරෝ) ඊට පසුදින ක්ලාන්තවි වැටි ඉන්නවා දැක දෙවනු කී සෙත්කවිය.

1321 ප සැ දි කා නනා යුතු සෙමිගුණ දර ණ නි සැ දි මේ මනා පන්සැල්හිම වස ණ ස සැ දි නා කරෝ වෙත සෙත සලසමි ණ ය සැ දි නා කරුණු මන යක යොන් කර ණ

බුලත්ගම ස්වාමීන් ජේමිස්ද අල්විස් මැතිතුමානන්ට මකරධවජය නමැති පොතත් සමග ලියා යැව් කවිය.

1322 ද ස ත පතල යස සිරි ගුණද මැති‍ෙසා ද ම සි ත නදන මැතිඳුට අල්විස් සබ ඳ ස ත ත වහර කරණ ලෙස ගෙණ මෙස ඳ මෙපොත එවිමි නම් යුත් සොඳ මකරි ද ද

ඊ‍ට ජේමිස්ද අල්විස් මැතිතුමා විසින් ලියායැව් පිළිතුරු කවිය.

1223 ස ත ර ව ද නිතර මොක්මහ දැන් සොය න අ ද ර සෙ ද මවෙත ඇති සමිඳුන් විසි න ම ක ර ද ද නමැති පොත මට දුන් එගැ න ම සි ර බැ ද වඳිමි සිතු අදරින් සර ණ



192 කව් සඟරාව

ජේමිස් ද අල්විස් මැතිතුමා ගුණරත්න මුදලිතුමාට වීඳුරුවක් සමග ලියායැව් කවියක්.

1324 ද සැ ර වෙ නේ නොසිතා අපවෙත ඉ න් න නො වි ත ර ගු නේ ‍ඇති මුදලිඳු ගුණර ත් න අ ව ස ර දි නේ සපයා දෙන ලසෙ යු ත් ත බැ ති ක ර ග නේ සිතෙවමි විදුරු රු ත් න

ඊට පිළිතුරු වසයෙන් වීදරුව නොලැබුන වග කියා ගුණරත්න මුදලිතුමා ලියාඑව් කවිය.

1325 තෙ ද ගු ණ නැන මැතිඳු ජේමිස් මිතු රු ව න න ද ව න ලෙසෙව් පත මීස වීදුරු රු ව න අ ද ව න තුරු නොලත් දුක මෙම ලපි රු ව න ඉ ඳ ගෙ න දන් වූයේ මවිසින් ගුන රු ව න

දුන්බර කුට්ටිකන්දේ ගිනිමඩුවක් දින පියදාස සිරිසේන මහත්මයා පේදිරික් අප්පුහාමි ගැණ කී කවියක්.

1326 පු න් ස ද අයුරු තුරුමැදි කැල්මෙන් දි ස් න න න් ස ද සුපිරිවර පිරිවර දන තො ස් න පි න් බ ඳ මහරු පේද්රි ක් මැති සුපස ස් න උ න් ස ඳ මම දුටිමි සබමැද සකි අ ස් න

ඊට ඒබ්රමහම් සොයිසා වෙද මහත්මයා කී පිළිතුර කවිය

1327 පු න් සඳ අවට තාර‍සෙ දන කරතො ස් න යෙ න් ඉට මිතුරු සහ නෙක සිරිසර දි ස් න න න් රට පසිඳු පේදිරික් මැති සුපස ස් න වු න් සද රග දුටිද සකි සබමැද අ ස් න

ඊට පියදාස සිරිසේන කී කවිය

1328 මෙ ලෙ ස ට දහස් ගණනක් රැස්කර ළු ද් ද ර ස කො ට කරණ මේ මගුලය පරසි ද් ද මැ ති ඳු ට අප පේදිරික් නම්දැරු සු ද් ද ග රු කො ට පසසන්ඩ මිතුරේ නොවටි ද් ද

ඊට ඒබ්රාහම් සොයිස කී පිළිතුරු කවිය.

1320 නෙ ක ර ට පබුදනන් අතරෙහි පරසි ද් ද ලැ බ වි ට විට දෙවන දන සිත කරසු ද් ද මැ ති ඳු ට පේදිරික් නම්දැරු එක එ ද් ද ‍කෙ රු ම ට පසන් දිවිහිම් කොට ඇතිවෙ ද් ද

ගෝලයෙක් විසින් ගුරුවරයෙකුට කියනලද කවියක්.

1330 ස ර ද සදෙව් තොසකළ කොඳප පෙමහ ද ම හ ද මැදුරතුළ දිළි පහණෙව් අර ද අ ර ද අප ඇදුරු මැති නෑසිය සහ ද ස හ ද ලෙසින් නෙක සිරිසැප විඳ සැර ද



එකොළොස්වෙනි කාණ්ඩය. 193

1331

දික්වැල්ලේ පරණ ලියන ආරච්චි මහත්මයාගේ ප්ර බන්ධ යක්


මු නි න් දරා අප පෙරුම්පුරාගෙණ පෙර නූපන් කුලයකුත් නැ ත ව රි න් වරා අප වස්තුවනැතුවට අපටවැඩියෙ වන්සාදිකෙනෙක්නැ නෙ රි න් ජරනම් ගංගාවේ දිය අටපලකින් ගොස් වකවැටුනා ඇත ප ර ම් පරාවේ අගමුලසෙවවොත් තොතලේ දෙන්නන්සීරුමාරුනා

පාතගම කෙනෙක් විසින් කී කවියක.

1332 ග ම් ම ඩු වේ දායක මහතුන් ගො ල් ල ක ට දෙ ඩු වේ ‍ වෙහෙරක් කරවන ත ල් ල හැ ටි බැ ළු වේ මතුපිට වැ‍ඩනැත එ ල් ල බ ල ව ඩු වේ යට වැඩදෝ නොපෙනි ල් ල

වතුර හිග කාලයකදි ආණ්ඩුවෙන් නියමව පැන් බෙදන්නෙකුට පාතෙගම කෙනෙක්කී කවියක්.

1333 ලි ඳ ඇ තු ලේ වඩුවැඩයට බැස්කමකි ඔබි නා උ ද ය ක ලේ හයට ඇවිද් දොර හැර පැන් බෙද නා න පු රු ක ලේ පමනෙක්හට මදකුත් නොදෙ නා පො ලි ස් නි ලේ ලැබුනි ලිඳට ජානීස් යන නමි නා

කටුවානේ මුහන්දිරම් මහත්මයාට ස්ත්‍රීයෙක් කී කවියක්

1334 සො බ න ගුණ දරණ මා හිමිසද පව ර මෙ ව න තුරුම නාවෙන් අදදින ගෙද ර පෙ මි න බලබලා සිටිනෙමි මග නොහැ ර සො දි න දැනගන්න සකියෙනි එය මෙව ර

අට්ටාපි‍ටියෙදි රදල කෙනෙක් රොඩි කෙල්ලකට කී කවියක්

1335 අට්ටාපිටියෙ ඔය අසබඩ අඳුන් ව නේ හුලවලියක් දැකලා සිත සලිත උ නේ පිපුනු මලක් නම් මිස තලලා නොය නේ කැකුළු මල නිසා යඤ්ඤමු ලඳ ලිය නේ

ඊට ‍එකෙනෙහිම රොඩිකෙල්ල කී පිළිතුරු කවිය.

1336 සිසී වැසි දවස් නැත මල පිපෙ න් න ට ඔබා තන තිසරපට නැත බඳි න් න ට පිපුනු මලක්නම් නැත ඔබට දෙ න් න ට කැකුළු මල තලා පලයන් පිපෙ න් න ට

රද්දේගොඩ ලේකම් මහත්මයා සිරබාරයේ සිටිද්දී අසල වීදියේ යන ස්ත්‍ීානන්ට කි කවි (තුන්වෙනි කාණ්ඩයේ බහා තිබේ) තවත් කවි දෙකක්.)

1387 සො දා නිල් මුහුල පිට මැද හෙලා ගෙ ණ න දා තන යුවල පසකින් වෙලා ගෙ ණ ර දා උඩු මහල එම ලද මුලා වෙ ණ වි දා මද සිලි ල මා දෙස බලා සැ ණ 13

194 කව් සඟරාව

1338 පී රා වරල බැඳ යස කුසුම පටියෙ නී ආ රා එන දෙතන ලැම් මැද ලෙලවමි නී නෑ රා රැගුම් පා ගීනද පතුර මි නී පා රා බැස මෙනුඹ යනු කොහෙඳ ලඳග නී

දළුවත්තේ ජිනානන්දැ උන්නාන්සේ කොග්ගල ඔබ ගැණ කී කවියක්.

1339 ස ක් සු ග ති යේ සුනදුන් පොකුණෙව් උදු ල නෙ ක් බැ බ ලි‍ යේ අවටින් ගම් ගෙවතු පෙ ල එ ක් ස ස ලි යේ මද මරයුත් තරග වැ ල කො ක් ග ල ඔ යේ සිරි බල මෙලෙසින් විපු ල

සිවලෙක් තම මුක තිබූ මස්වැදැල්ලක් බිම තබා ගග යන ම‍සෙකු අල්ලාගන්ට ගියකල උඩයන උකුස්සෙක් මස් වැදැල්ල ඩැහැගෙන ගියේය් - යථොක්ත කරුණ සිය ඇසින් දිටුව වනමේ රජ බිසව කී කවිය.

1340 බ ඩ සහදුකට ගෙණයන මස් කැටිය ලො ලා ගො ඩ තබමින් ගගයන මසුට ලොබ වෙ ලා උ ඩ යන උකුසු ඩැහැගෙන‍ණ ගියෙ පසු නොබ ලා දැ න දැන මෝඩකම් කෙරුවද තෝ හිව ලා

ඊට සිවලා කීළු (පුදුමයකි) ‍අඳෝමයි.

1341 වනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙ ලා බැද්දේ උපන් වැදි රජෙකුට සරණ වෙ ලා නැතක් ‍ආබරණ ගගකින් එතර ක ළා මටත් වැඩිය ඇනුවනකම් බිසොත් ක ළා

පෙර රජ කෙනේක තම අමාත්යසයාත් කැටුව දඩයමේ යද්දී කඩුව නොදකැ එය රැගෙණ එන පිණිස අමාත්යයයාව මැලිගාවට යැවීය. රජ බිසව බෙරවායෙක් සමග අවකල් ක්රිියාවේ යෙදි ඉන්නවා දුටු ඇමතිතෙම කඩුව දෙමින් රජුට කී කවිය.

1342 තල් අත්තක කවුඩෙක් ඉද අඬ න් නා වෘෂභ කැකිර දැක සේවය කර න් නා කැකිර කන්ට කවු‍ඩා මිණි බඳි න් නා සැම දෙවියනේ කවුඩා කැකිර ක න් නා

අමාත්යවයා කී කරුණ තේරුම්ගත් රජතෙම කඩුව දෙවනු අමාත්යනයාට දෙමින් කී කවිය.

1343 රණමොනරිඳු රණමොනරිඳු නඬවි කඬ ව් උන්ට කැමති අතු ඉතිවල ඉගිව් ලගි ව් ඒක උනු කුනු සබඳ අප ඇග නොළව නොල ව් දෝස නැතුව උක්පත උන තැනින් නෙල ව්

බෙටිකෝ මුදියන්සේට බෙරව ස්ත්රී්යෙක් ලියා එව් කවිය.

1344 බු දි න් න ට අහර පෙර ලෙස නැත දැන ට අ ඳි න් න ට වතක් නැත හරියට ඉන ට කි ය න් න ට‍ බැරිය මට ගොස් ගෙයින් ගෙ ට නි ව න් න ට කියමි ‍මගෙ දුක මෙ ඔබ හ ට



එකොලොස්වෙනි කාණ්ඩය 195

බෙටිකෝ වලව්වේ මහත්මිනට ස්ත්රිමයාවක් ලියා යැව් කවිය.

1345 සි ල ව් වේ ‍ යෙදුනමුත් දුක මට මෙහෙ ම ත ල ව් වේ කෙනෙක්වද මම පෙර සිට ම න ල ව් වේ විඳින මාගේ මෙදුක සැ ම ව ල ව් වේ මහත්මින්ටත් කියමි ම ම

කලෝනෝනා තරුණයෙකුට ලියායැව් කවියක්.

1345 ම න මෙ න් ලිය තැනුව රාමෙව ගල පෑ ගී සු ප ස න් හිමිසඳිනි බස් පවසන රා ගි ග ල න න් සුව යොවුන් රජකල මෙම රෝ ගී හි ම බි න් සඳුන ගා දෙමි පියයුරු තෑ ගී

ඊට තරුණයා ලියා යැව් පිළිතුරු කවිය.

1347 සො මි ස ඳ ගි ම දෙ න් ට විය රිවිලෙස ත ර වා මි ද ර ද සැ ර සෙ න් ට වනි බැම ඉගි ක ර වා ත නි ඇ ඳ ම ට ඉ න් ට බැරි සිත දුක පු ර වා දෙ න ව ද ඔ හෙ එ න් ට අද ලඳුනේ අ ර වා

නම්බාපානෙදි ස්ත්රිහයෙක් සඳහා දෙදෙනෙක් කී කවියක්.

1348 බි ම් බා සිසි උවන දෙ අදර පල බි ම් බා ර ම් බා දිනු වටොර පියයුරු රණ කු ම් බා න ම් බා පාන ඔයෙ බැස සිටිනා අ ම් බා ක ම් බා යක් අරන්දි දවසක් සි ම් බා

බණ්ඩාර මහතාගේ ප්ර්බන්ධයක්.

1349 ස ඳ ක් බඳු උවන රඹ පැලයුරු වටො ර ල ද ක් ලොබ බැදත් නුඹ වැනි රුසිරු ස ර අ ත ක් ගෙලෙ ලමින් මුවසිඹ තුරුළු ක ර රැ ය ක් ඉන්ට නෙලබුනි මගෙ පවින් පෙ ර

රත්නපුරයේ සිටි රන්කිරි නමැති ස්ත්රීෙව වරකාතොට මහතා කී කවියක්.

1350 ති ව ත තඹර රැඳිවා මී බොනු කැම ති ම සි ත බමර නිතරම තී වෙත සර ති අ න ත රුසිරින් යුත් තොප දැකුම් රු තී දෙ න ත මා සමග නිති කාළහල කර තී

රූපසිංහ මහතා රන්කිරීට කී කවියක් (වරකාතොට ආරච්චි මහතායයි ඇතැම් අය කියත්.)

1351 මොනරුන් පිල් විලසින් ඉස බදිමින් මල් පුරු වා දැරු මෙ න් ඉග වැහැරුත්වීය තන රන්කැට බර වා තගො සින් රන්කිරිනම්යුත් එලඳුන් තුටු කර වා අ හ ප න් සකි මා එන්නට දෙනවානම් අර වා

එමෝනෝනා කැළණි යනවා දැක සිගේරා මහතා කී කවියක්

1352 නි ලා සු පු න් වරලෙස බැඳ සිනා වෙ තේ ග ලා ස ඳු න් පිනිදිය මැද කොදා ග තේ වි ලා ස යෙ න් මුනි වඳිනට යනා ක තේ ව ලා ම ගි න් පැන නැගි පුන්සදා යු තේ 196 කව් සඟරාව

කරවිටදී ස්ත්රීරයෝ පෙලක් ඉසනා එනවා දැක රූපසිංහ මහතා කී කවියක්

1353 සි සි ව ත ත් හසෙව් තන රුසිරැති නූ නූ දෙ න බ ස ත් ලෙලෙන බැමිනද හස මා නූ නු ව නැ ත ත් දුටොත් බැරි තරමට වා නූ ක ර වි ට ත් එමට ඉන්නන් යස ගෑ නූ

අටදහිවත්තේ සිඤ්ඤො මහත්මයා කරුණක් සඳහ‍ා අහංගමදි කී කවියක්

1354 අ හ න් ගම සවන් ගැට‍යගෙ දුව බා ල අ හ න් නට ගියෙමි බහිතෙට මනමා ල ප හ න් වෙන තුරා ඇගෙ හොර රා ල ය හ න් තුල සිටියෙ ගැමිදම් විඳ ලී ල

මෙතුමා කහවේ නොන්නි ස්ත්රීෙයො පෙලක් සමග යනවා දැක ඈට කී කවියක්.

1355 දි සි ව න උ ව න පො හොදින න ග න සඳමෙ නි දෙ න ය න සො බ න ප ර ද න දි ලෙ න නිල්මි නි ලැ ම එ න ‍ දෙ න ත රු ව නි න සැ දු න කුඹුවෙ නි පෙ ර ය න අ ග න ද න ම න බි ඳි න වෙසග නී

රත්නපුරේ සිටි මුතු හෙවත් (මුත්තු) නමැති රොඩි ස්ත්රීියට කෙනෙක් කී කවියක්.

1356 ර ත් පි යු ම් දෙතොල දස් කොඳ කැකුළු ස ම ම ත් ග ජ න් කුඹුසෙ තන නිඹපතෙවු බැ ම මු ත් ගු න ම් මෙ රොඩි කත මන මඩන පෙ ම ග ත් තු න ම් කෙනෙක් සුරසැප පතයි කි ම

ඇලැක්සැන්ඩර් ජයසේකර උන්නැහේ ලෙවනාර්දස් ගුණවර්ධපන මහත්මයාට ලියා යැව් කවි

1357 වරුස එකයි අටසීයයි හැත්තැහයට වරු සේ මාස් එකයි දිනගනනයි ඉකුත් නැතුව අස් සේ කාත් නැති වූ තනි කිරිල්ල දළුලන ලෙස බැස් සේ පාත්තරෙට වැටුනට ඇයි ඇඹුල් නැද්ද දෙස් සේ

මෙතුමාගේ මාමට සහ නැන්දාට කී කවිය.

1358 ඉඳුරුවේ හබරල දෙල්ගැට කම්මුතු කරමින් සිටි මෙ ගොර කී පිටිසර අයියලා මරවා කන බඩගෙඩියට එක්විලා මේ කී රට වටකර සමතැන බැළුවත්සකි මේසැටි ජෝඩුව අරුමය කී රටහිට එන කුමරුන්හට පෙන්වන්නට මේජෝඩුව යස එක කී

මාමාට කී කවිය.

1359 සෙ ස් බෙස් කියා කුරුකුර ගා ලියන්ට ‍නුඹ හප නා කෙ ස් ගස් පහ මගේ තිබනෙ ඊට වැඩියෙ වටි නා බ ස් බොරු ඇයි ඉද සකි නුඹ බවසන්නේ මුවෙ නා ඉ ස් සර කර කැන්ද එන්ට දෙනවද මගෙ නෑ නා




එකොලොස් වෙනි කාණ්ඩය 197

නෑනැට කී කවිය.

1360 නෑ නේ නුඹ තරහ නොවන් මේමා කවිකර එව්ව ට පෑ නේ වස නපුරු එකයි ඇස්දෙක නැතුවාට ඌ ට ඥා නේ නැති කිඹුල් මෙටයි ඉබි දෙනිගේ ඉලව් වල ට නෑ නේ නුඹ දුක් නොගනින් මම එමි නුඹ දකලා යන් ට

නැන්දාට කී කවිය.

1361 ආලේ ඇති නැන්දම්මේ ජනේරු එන අවුරුද්ද ට බුරුදර් හැම් කේජු නැතිය මෙහෙන් එවන්නට නුඹල ට මා කෙරෙ ඇති ආලෙ අහෝ බැරි මට නොකියා සිටින් ට ලාදුරු මළු දෙකක් එවන්ඩද ළුනුලා තිබා කන් ට

හේවායෙක් යුද්ධයට ගොස් සිය නිවසට පැමිණෙනාතර තම ස්ත්‍ීටාගේ හොර ප‍ුරුෂයා ඇඳයට සැඟවී ඉන්නවා දැක එවලේම ඌව දෙපළුකර ස්ත්රීර නොදකැ ඈ කරා ගොස් තී පතීවත රකීදැයි පළිවිසි ඊට ස්ත්රීඌ කී කවිය.

1362 අහස පොළෙව ඉරසඳ දෙදෙනා ප ල් ල ඇතිකළ දෙමව්පිය දරු දෙදෙනා ප ල් ල සූරියවංශ දලදා කරඬුව ප ල් ල අන් හිමි සමග විසුවේ නැත නුඹ * ප ල් ල

ඊට පුරුෂයා කී කවිය.

1363 හේවාකමට ගොස් මුනලා සිටී ද් දී ගෙණා කඩුව මේ පිලපිට තිබෙ ද් දී පිහාකැත්තෙ දෙපිටම ලේ පෙණෙ ද් දී කුමට දිවුලාද ඇඳයට ගැහෙ ද් දී


ගජමන් නෝනා කරුණක් සඳහා කරතොට නායකස්ථවිරපාදයන් වෙත ලියා යවනලද කවියක්.

1364 ස සී බසය සසගය දුකි අපි ය න් නේ රි සි අය වියෝ වීමද දුක් ව න් නේ ව සී දින අරම බල අපි අහිත න් නේ ද සී ඉන් මෙඔබ දකිනට නැත එ න් නේ

ගිරවාපත්තුව කෙරෙවු දොන් බස්තියන් ප්රනදිනන්දිස් විජයසිරි ගුණරත්න උභයසේකර මුදලිතුමාට කිරම යතිඳු විසින් යවනලද සෙත් කව් පන්තියක් සහිත ලියුමක්. මේ ලියුමේ පිට කවිය.

1365 සේ වි ත උරමැදුර විසිතුරු රමා ක ත බා සි ත හැම සතර සරසවි පමාව ත මා ඉ ත ගුණරත්න මුදලිඳු තුමා වෙ ත මෙ ප ත දෙව මිතුර ගොස් ‍වැඳ නමා ග ත


* ඇතම් අය මෙසේ කියත්.

අහස පොළෙව ඉර සඳ දෙවියන් ප ල් ල මුහුද වෙරළ ගංගා සාමින් ප ල් ල අළුත් නුවර ඇත්හාමිගෙ දල ප ල් ල අන් හිමි බසක් නැත තමුසේ හිමි ප ල් ල 198 කව් සඟරාව

ලියුම

1366 පි රි සි දු සරද සඳ කෙමි සෙවෙල දළ රැ ඳු පි රි සි දු මෙ දිය විලසය කමල සුපුබු දු පි රි සි දු විජයසිරි ගුණරත්න මුදලි දු පි රි සි දු සතර කවි හිම් පවතු නුඹ සි ඳු

1367 සි රි ස ඳු තො සි න් උරවිසු නොව තුරන් දු ව එ ක බ ඳු යෙ‍ ‍ හෙ න් යසලිය දිව පඞන් දු ව පි රි සි දු නැ ණි න් යුත් වදනිඳු ගණින් දු ව මු ද ලි දු ද නි න් නව මගෙ සිතු අලන් දු ව

1368 ව න් පෙ ර සයුර හර ගිර සපිරි හිමක රා සු න් ද ර දිමුතු යස රැස පතළ නොවින රා පි න් ස ර විජයසිරි ගුණරත්න මැතිව රා ර න් ග ර අඹර හිම්විඳ පවතු සිරිස රා

1369 පි රි ස ද විලස කුළඹර පහද වා ර ණ ගි රි පෙ ද පෙදෙස ලැබ සහ බදන වා ර ණ හ රි ල ද පහස ලද මැති දුසිරි වා ර ණ සි රි වි ඳ අහස හිමිකොට පවිතු වා ර ණ

1370 සේ ක ර හ රා කඳ කිවි බුද නුඹ ර ත් න පැ වෙ ර සැ රා දස මුව බිඳපුම ර ත් න රූ බ ර වි රා ජිත අගමැති ගුන ර ත් න මේ සු ර ව රා රැක දෙව දි හැම ර ත් න

1371

තුන් වත්හි පැහැදි බොහෝ පෙර කළා වු ඒ කුශල් දම් නිසා දැන් සිත්සේ ගිරි පාද පත්තුව ලබා ඇත්බන්දතේ හා වෙනත් සන්පත්ලත්ගරු නම්බු දෙස් වැසි තෙපුල් දත්ලෙව් සිරිත් කාරණා පින්වත්වු මැතිඳුන් විසින් මෙහි ලියා එව් කව්හි සන්තොසවි.

1372

ඉන්නාවු මෙගමින් ගොසින් මග ගෙවා පත්වි මැතින්දා කරා උන්නාවු දවසේ කතාකර ඉතා සන්තොසයෙන් මා කෙරේ දන්නා කාරණා ගල්ලැටුම්බෙහි යතින්දා හා තමුන්නාන්සේලා දෙන්නා එන්ගඑනම් පුරේ වැඩ සිටිත්වයි කී නිසා වස්සවා.

1373

කීවාවු ‍එතෙපුල් මැතින්දුගෙ අසා සිත්හි දැරූ මා කරා ආවාවු කිසියම් අනික් කෙනෙකුගේ ආරාධනා නොයිවසා ඒවා අත්හැර වස් වැසිමට දෙසූ පෝසත් ලගාවු නිසා මේවා පින් උදෙසා සොයා නිසි බසක් එව්වොත් හොඳයි ලියුමකින්

1374

ප ත ර පිරිසිඳු උබයකුල දිනු ගුණනැතින් හදතුලය සපිරු ණ නො හැ ර ලෙව් යුතු සිරිත් ඇතැඹුල ලෙසට දැන දින වසනහැම ද ප ව ර දොන් බස්තියන් ප්රිදිනන්දස් උබයසේකර නමැත්ව න සු නෙ ර ගිරිහිම පවතු පැති සව් ඉසුරු විද රජ කුළුණු ලැබ ග න

එකළොස්වෙනි කාණ්ඩය 199

1375

ස ව් ලෙ ව් දත් සුගතින්දු පුත් කිරමනම් ලත් මාවිසින්සෙත්නි සා කි ව් ක වි කී වරදක් ඇතොත් හැර නොදාස්වු කාරණා සිත්හි ලා ය ට දි ව මෙත් කරුණා පුරා අපකෙරේ සිත්පාදවා කල්කළොත් දෙ ව් බැ ව් සක්විති සම්පතුත් ලැබ යලිත් මත්තෙන් ලැබේ මොක් සැපත්

මීට දොන් බස්තියන් ප්රෙදිනාන්දිස් විජයසිරි ගුණරත්න උභයසේකර මුදලිතුමා ලියා යැව් පිළිතුරු.

1376 පෙ ර සි ට සතර සිකදම් රකිණ සිත ලෙ සේ කි වි න ට නලල තිලකෙව් හොබන නොවල සේ ය ති ඳු ට කිරම අප වෙත මියුරු කරණ සේ ව ඩි න ට යදුව විසමුව වස් යදි විල සේ

1377 බ ස් ඇසුමට පිරිලෙස අමකර සත ට දො ස් පහකොට දෙසන නොමැලිව තතුලෙස ට ඇ ස් දෙක තුටකළ අප කිරම යතිඳු ට ව ස් විසුමට අයදු සකි එන එන පුරසඳ ට

1378 නෙ ක බි ඟු න් කිවිඳු ලොබකරණ සුනිම ල ස ව් සි රි න් සුපිපි ගද හමන දිය ව ල ගු ණ ප ස න් කිරම යති සඳ හෙළ කම ල වැ ද බැ ති න් මෙපත දෙව සකිය නොපැකි ල

උරුමුත්තේ සිටිය ලොකු මහත්මයා විසින් මාතර දිසානායක මුදියන්සේට එදිරිව කියාපු වස්කවි.

1379 පි තු ස තු වතු කුඹුරු නවමේ උපුතු න් ඩ යු තු යු තු මග ‍ලාබෙය දෙවකඩු සැල සෙ න් ඩ නි ති ග තු බොරු කියා එන්ඩුව වල ක න් ඩ සි තු සි තු දනමඩිනු යුතුමය උවිඳු න් ඩ

1380 බ ඳි මි න් සි ය ල් ලොව ජය තුති කොඩි ලෙලෙ න බි ඳි ර න ර වු ල් බලිදා නොව නොක දුදු න රැ දි සි ර උ පු ල් වන් දෙවියනි ලොව බල න බැ දි ක වි තෙ පු ල් නරඹන් නඩුව ම කිය න

1381 හ දි න රො සා කියනා බොරුය නොව ක මා මෙ ග න ප සා මැද වන වනසමින් ර මා ල බ න නි සා පියනම දොන් ළුවිස් ල මා ක ර න උ සා භය සිදුකරවන් නොප මා

1382 ස න් මු ක රු පු න් බිඳ ජය තුතිඅ කොඩි ලෙ‍ල න ස න් මු ක නු ව න් දොල සැති කුමුරිඳු බෙලෙ න ස න් මු නි රු ව න් තුටුකර දොන් ළුවිස් ගැ න ස න් මු ති ක ර න් ඉලළූ වැඩ ලැබෙන මෙ න





200 කව් සඟරාව

1383 බ දි නා රො සා කරුනා නොව යකු මු ක ව මෙ ග න ප සා මැද වන ගෙන මරුව ක ව ල බ න නි සා බරනුවනින් සිරිලක ව දු ද න දො සා හැර ජයසේකර රකු ව

කොසගොඩ නිකුලස් මැන්දි අබයසිරිවර්ධයන කරුණාරත්න රාජපක්ෂෙ මුදලිතුමාට ඒබ්රොහම් සොයිසා වෙද මහත්මයා කී කවි.

1384 සි ප් නෙක සනතර දැනගන නිති ලොව පසි ඳු ලො ප් කර දුසිරි වැජඹෙති බස යුරු ලොවි දු වි ප් කුල මුදලි නිකුලස් මැන්දිස් මැති ඳු ක ප් හිමි පවතු මැතිනිය සහ සිරි නොම දු

1385 සි රි ද ර නා නොහැකි කිවිඳුනට කිය ලි ය සි රි ව ද නා දෙමින සත සිත කර හෙ ලි ය සි රි ව ඩ නා අබය මුදලිඳු සද ය ලි ය සි රි න ර නා ලෙසින මෙ දෙදන නිති දි ලි ය

1386 සො බ නා පස්ස රජ ඈ නමිනි පෑ දු ල රු පු නා ලෙස්ස සීරද ඔදරිනා බ ල ක රු නා රත්න මුදලිඳු එරජ වාස ල දි ය නා සස්න හිමිකර පවතු වී ලො ල


1387 නැ න යෙ න් ග නි සු රා තෙද දිනි සු රා යා ද න යෙ න් සු ර තු රා රුව රුපු හ රා යා ගු න යෙ න් ස ස ද රා යුරු සිරි ද රා යා ම න මෙ න් ති ර තු රා රකු සුර ව රා යා

1388 ස ත ර බස සිතසෙ අතැඹුල යුරු ද න් න ස ත ර දෙස දනන් ඇඳි නෙතදුන් වැ න් න ස ත ර නෙක ලකර සද වියරණ ද න් න ස ත ර වර සුරිඳු මුදලිඳු රැක දෙ න් න

1389 නා ක ත මු ව රැ න් දු වෙන්කලා උර පැලැ න් දු නේ ස ත සි ත බැ න් දු රන් රසාසෙ රති න් දු පූ ජි ත මු ද ලි න් දු විප්කුලේ මේ මැති න් දූ දී සෙ ත අ ම රි න් දු හිම් රකීවා තරි න් දු

මිහිරිපැන්නේ ධම්මරතන සාමින් විසින් කවට වශයෙන් කියනලද ලසයාගෙයේ තවත් කවි දෙකක්.

1390 අ ටු වේ පොල් ගෙනියයි රෑ බා ගේ දු ටු වේ පොල් උල එතනම ඌ ගේ න ටු වේ බලයෙන් කළුබල්ලා ගේ බො ටු වේ උන බැසයයි ලසයා ගේ

1391 ය න කොට ලඝ මහළු හො රා එ න කොට පිට පර හැ රා දෙ න කොට බැට තුන හත රා උ න බැසයයි වලලුක රා



එකොළොස්වෙනි කාණ්ඩය 201

පාර අතුගාමින් සිටි දෙමල ස්ත්රිුයෙකුගේ ඔහරිය කඩාවැටුනුකල තරුණයෙක් කී කවිය.

1392 ර තු රූ දෙමල අගනක් කරබා පා ර අ තු ගා සිටිනකල ඔහරිය ගිය බැහැ ර ය තු ගැ රන් කුඹුසෙ ඔප ඇගෙ තන තිස ර නෙතු දැක අහක බැළුමක් බැරිවිය මිතු ර

දෙව්නුවර විසූ රත්නාය මැතිඳු විසින් සරස්වතිය ගැණ කී කවියක්

1393 බ ඹා මුහුන සිඹ මදිවී වී අදි සී ලො බා යනෙන දුටු දුටු අය වෙත නොනි සි බ ඹා පදවි යම්කල මට වනම් නි සී අ ඹා හරිමි දුරදිම සරසවි වේ සී

කවටයෙකුගේ කවියක්.

1394 සැ න් දෑ වේ ඇවිත් සිරි සරසවි දෙදෙ න ම න් දෑ ඕයි ඉන්නේ ඔය තනි යහ න එ න් දෑ අපිත් කියලා ඇසුව මගෙ න ති න් දා බයෙන් මම හැරියෙමි උන් යෙහෙ න

බලපිටියේ දොන් චාර්ලිස් දියෙස් ජයවීර අබයසේක මහතාගේ මරණය ගැණ කතළුවේ විමලඤාණ ස්වාමීන් ලවා සදවාගත් කව් පන්තියක්

1395

මෙ සි රි ලකගණ ගාළුකෝරළ නළල තිලෙකෙව් බබල නා රූ සි රි සරයෙනි අනගරග දුටු දුටු දනන් මන් පිනව නා හැ සි රි මැති නිති නොවග දනගණ ගහණවම නෙක පෙදෙසි අ සි රි මත් ලෙස පිහිටි බලපිටි නමැති ගම්වරයෙහි ම නා

1396 ව න් සේ සක් කිරි පිරිසිදු මව් පිය දෙකු‍ලෙන් පැවතෙ න ප න් නානෙක් ලෙසිනි දුසිරි සුසිරිත රැකි පන විලසි න දො න් චාර්ලස් දියස් ද ජයවීර අබයසේකර ය න න මි න් යුත් සොඳ දනුමැති මහතෙක් වුයේය තුරු න

1397

ව සේ හිම මෙම කිතුවිසින් එක්වා දහස් අටසියානුව න ම සේ අටවෙනි සවිසිවන කුජදිනේ පැවතුන ඇති උදෑස න දෙ සේ දස පරසිදුව වැජඹුනු යසින් යුතු සොඳ උතුම් ගුණනැ න වි සේ සැනි එම තුමන් හැරගෙණ ගියේ මරුවා ඇවිත් සරො සි

1398

එ ස ද එම මහතුන්ගේ නෑසිය ඇවිත් විත් රැස්වී ගෙ නේ නො ම ද ඉකිබිඳ බිදා වරලෙස මුදා කඳුලැලි හෙලමි නේ බි මැ ද ගණවැටිවැටී පෙරලී නැගී නැගිටම සැනෙ සැ නේ ලැ ම ද අත ගස ගසාගණ හඩ හඬා වැලපූ මෙලෙසි නේ



202 කව් සඟරාව

1399

පි රි සි ටි ගු ණ යෙ ලි නේ නොකවා තුඩු ඇති අතුරු අ නේ ත ම හැ ර දු ල නි ති නේ මෙතුමා දිව් නැණ අලු රැසි නේ අ ප අ ප ලෙ ට නි වු නේ ගොරමර සැඩනල වැදි තදි නේ සැ ම තැ න අ ඳු රු වු නේ එකවිට බලපිටි තුරු විම නේ

1400 මෙ තු මග රිවි සොඳිනේ බලපිටි අහසෙහි බස් රැසි නේ මි තු සර පොබයමිනේ බබලන ලෙස නොව ඉවසමි නේ නැ තු වම කිසි කු ළු නේ ගොමරමර පලගසුරා ගති නේ සි තු ලියලත පි රු‍ නේ අප හැමගෙම දුක දුරු කඳි නේ

1401 මි ණි මු තු නි ය ම ලි නේ දලැගිලි දළ අත් අතු පෙලි නේ යු තු ව න හ ස ම ල නේ දත් දල සැණ සාකා කදි නේ පැ තු රු න ග ණ මෙ දි නේ බලපිටි මලයෙ දිලුනු සොඳි නේ මෙ තු ම ග ගෙ ල සෙ දු නේ මරණට වැද දැව්නෙය ඉති නේ

1402 පි රි සි දු හ ස රැ සි නේ දිල්පුතු බලපිටි තුරුගුව නේ සි රි ස ර යු තු නො මි‍ නේ මෙතුමන් පිරිසිද සඳු විසි නේ සි රි නැ ත ගි ය ග ම නේ මරවර ගරුනොම එත්ලෙසි නේ බැ රි ඉ ව ස නු දු කි නේ අපහද කොඳ නඳවෙද කොයි නේ

1403 ඇ ල් මැති රූ මැදුරෙහි දුටු සැ නේ නි ල් යුවලක් එක් විලසි ‍ නේ දු ල් දෙයැසිනි මෙතුමන්ගේ අ නේ බැ ල් මයි තුබුනප ඒ නැති උ නේ

1404 පු ල් රුසිරු විල පියුමක් මෙ නේ දු ල් වූ මුවයුත් මෙතුමන්‍ ගෙ නේ තු ල් මී රසබස් ලැබ බිඟුමෙ නේ ලො ල් වී දුම අප කවදා අ නේ

1405 ස ම් ප ත් ලබමින් සිටි නොපම නේ පි න් ව ත් මෙතුමානන් එකති නේ ද න් දෙ ව් ලොව මිස අපි කෙලෙසි නේ අ න් ය ම් කොතැනක දකිමුද අ නේ

1406 ඉ න් දැක්මට දොව්ලොව දිසි නේ ප න් සල් ගනිමින් දන් දෙවමි නේ පි න් රැස්කරමින් නොක් විලසි නේ මි න් මත්තබවත් පතනෙමු අ නේ

1407 පියෝ නනා සිටී එතුමන් මල දව ස වියෝ ගනා වැලපීමෙකි මෙකී ලෙ ස සියෝ මනා සෙනිකර කළමනා කි ස ගියෝ තනා ගුණ සිත් සිහිකර අති ස





එකළොස්වෙනි කාණ්ඩය 203

කොග්ගල ගුරුතුමා තමන් ගැන කියාගත් සෙත්කවි. තුන්වෙනි කාණ්ඩයෙහි කව් හා සම්බන්ධසයි.

1408

පු ර ස ඳු කිරිණා පතල කිරි පිරි‍ලාරෙක මැලිමල වලලල උලෙල සුනිම ල් ව න් සු ර සි ඳු තුළෙහි දලෙල දල දර දවල ක ම ල හෙළමුල උලිඳුකර ගිර තු ල් ව න් ප ර සි ඳු යසස මෙමුලුලොව පළක ළෙ ක විල ස සුවිපුල බැලැති ‍ත‍ලතදෙවිම ල් ව න් පි රි සි ඳු පොළඹවමිණි සි රි වි දු අහස පොළව මෙරගිර හිමිව දෙවිඳුතුම පු ල් ව න්


1409

සු ල ක ළ කි රු ල සිරස නිල්මිණි ගිරග රගන මොනරිඳු සදිසිය වෙසෙ සේ ම ල ව ල ව ර ල විදුලි වැලලෙස සුනිලල කළඹකුල සිරිලිය නොවෙම වෙ සේ ප ල ක ළ න ල ල ගහනකළ හසරදෙක මුහුන කමල පෙම් තුඩෙක ලෙ සේ ඔ ල මො ල ප බ ල පබල විරදු මල් සිඳිනි ලගම මුව ලෙස සුවකිරව දකුණු පෙදෙ සේ

1410

ත ණ නි ල් දෙබැම මෙඔබේ තුනු වි ල් සුපිපි දෙනෙත නිල්පුල් දෙබිඟු වැල සන්තු ල් ලේ හැ ම ක ල් යු ව ල ස ව ණා සි රි ක ල් නැත පදිනා සුරකල් නැබ විලසින් දි ල් ලේ ම න ක ල් පබල දරසේ රතු තො ල් සගල බබල සුරතල් කෙළෙයනිති පිත්ලො ල් ලේ සු වි ස ල් තෙදැති නි ල ග වි ය වු ල් නැතුවට මුවයුග තොල් කරව සුබමංග ල් ලේ

පෙර රජ කෙනෙකුට නැකතියෙක් නඩුවක් පැමිනිලි කරපු හැටි. 1411 හි මි ස ද සමවන්න අපහට කරපු අනඩු ඔබ හැර කියමි කාට දෙවෙ නී ගු ණ ම ද මෙගම් මුදලි අප අත වරද නැතුව මසකට වරක් බැගින් අවෙ නී ම ද ම ද කියා මෙහෙම දඩ අයකරතිය නිබද කඩනොව දවස්යවෙති එවෙ නී බ ල කො ද දිලිඳු අයට රජු අර එයින් මෙවග ඇතිහැටි ඇසුව මැනවි බුවෙ නි






204 කව් සඟරාව

1412

මෙ ලෙ සි න් සියළු නුවර ‍ස තො සින් බලා ඇවිද වැසියන් අනඩු ඉවරකර වා දි වි හි ම් තියෙන තුරුම නොකරන් නොකොට පැමිනි දෙටුවන් යොදති කියවුතර වා ර ජු ගෙ න් පැමිනි සියළු වැ ඩ ග න් නට සෙනග ඇතිනම් බැහැර නොහැර කර වා දෙ වි ය න් ඇඳින ව ස ව කි ය මි න් නිරිඳු වැඩම සිහනේ ඉරා ඉඳිත තිර වා

රජෙක් පිටිසර බද පලාතකට පැමිණිවිට පුරාණ සිරිත් ගැණ නැකතියෙක් කී කවියක්.

1413

ල ග මෙ න් ඇ සෙ නු සමග තුරඟු න් නි රි ඳු වඩින න ළු ව න් පෙරට ගරුව ල සි නේ සැ ර සු න් ඉවර කරව ද ර පැ න් රැගෙණ තබව කැ න න් තඩද ගෙනෙව ල සි නේ මු ව තැ න් ගෙයට දෙවන වියදන් එහිම ත බ ව ද ඩ ය න් ඇද්ද බලව ල සි නේ පි ට ග න් වලින් එවන පැ හි ඳුන් හනික ගෙනෙන විලසින් සෙබලු හරුව ල සි නේ

සෙසෝරිස් ද ආබ්රෙලව් මහතා විසින් කොළඹ අතපත්තු මුදලිතුමාවෙත ලියායැව් ලියමනක පිට කවියක්

1414 මු ද ලි තු මා අතපත්තුවේ කොලොම්පු ර ගි ම න නි මා සාලාවේ ඉඳින ව ර සි ර ස න මා ගොස් ලංවී පාතඹ ර ක ඳු ලු යො මා වැඳලා මෙ පත දි ව ර

පුයිඅප්පුගේ අඹුවට කළුතර හාමු ලියායැව් කවියක්.

1415 ර ති ප ති ලි ය ලෙ සා තු නු රු සි රෙ න් ද ල ඳ සි ත සි ති නු ඹ ඇ සා නි දි නැ ත කු න් ද ඇ ද ප ති ප ති න ල හ සා න ගි මි න් බැ න් ද ද ද ඇ ති ඇ ති නු ඹ නි සා ල දෙ ම ට වි න් ද ව ද

බබා හාමුගේ දෝනියන්ට එක්තරා මුදලි කෙනෙක් කී කවි. (අටදාහේවත්තේ සිඤ්ඤො මහත්මයා කහවේ නොන්නොට කි කවියයි ඇතැම් අය කියත්.)

1416 අ ව ට‍ දිනකරණ නුඹෙ මුන සඳව ගේ ද ව ‍ට මින් සළුව ලෙලදේය තුනු ඉ ගේ ප ව ට ඉපදිලා අප විඳින අර ද ගේ කු ම ට බැළුවාද යටසින් මූන ම ගේ

1417 ර න් කැට සදිසි පියයුරු බානෙන් බා න ව න් තෙම රතදරය කරමින් සක් පා න දෙ න් නට සිතේ මැල්නම් සිඹිනම මූ න ය න් නට අවසරද කිය දැන් මට නෝ න


එකොලොස්වෙනි කාණ්යෙ 205

1418 ඤාණ බස් දි දි සලෙලුන් ගෙන්න න් නෝ නේනු කින්ද මවෙතට නුඹ කිය නො න් නෝ මහණවෙච්ච අය කව්රුන් අඳුන න් නෝ මූන ඉම්බාට සුද මැකෙදැයි නො න්‍ නෝ

1419 කෑ ව ට අහර පිදුරට ළූ ගිණිවා ගේ රා ගෙ ට හඬන කඳුලෙනි ඉද සිතුලා ගේ සී ම ට ඔහොමකර යනමුතු වෙනදී ගේ මී ය ට මරළු බලලුට කෙලියක් වා ගේ

1420 ග ජ තු න් ඉඳින එකසර කෙසරිඳු බලැ ති කො ත ර න් සහ උවත් තනකබළු නුබුදි ති මි හි ඟු න් කුලෙන් යුතු උතුමෝ අබිමනැ තී දි වි හි ම් කොට කැත රතිකන් නොමකර තී

අඹගහවත්තේ ඉන්ද්රා සහවර ඤාණ සාමින්ගේ මරණය ගැන කෙනෙක් කී කවියක්.

1421 තෙ රි ඳු මහසුප් ලෙසින් මුණි සද සසුන එලිකළ ලොවග ප ත් ය ති ඳු අඹගහවත්තෙ ඉඳුසබ සතිනි යුත් දෙසදෙසිහි ප ත් පි රි ඳු වන් මුණවසින් දෙදහස් සතරසිය නිසිනමය ප ත් ප සි ඳු නමවෙනි මසට ‍දසවනක කිවිදිනෙහි විය මරණ ප ත්

‍මේ මරණය සඳහා එතුමන්ගේ ගෝලයෙක් වන සුමංගල උන්නාන්සේ විසින් කියනලද කව් පන්තියක්.

1422 ස ක නරනිඳු ව සි නා දහසෙක අටසිය හතේදි ය සේ ම ක ර රැසට පැ මි නා දහඅටවෙනිවු කි වි දව සේ ස ව ස හටය ප ම නා දන කැල පල කරමින් අනි සේ ඉ ඳු සබතෙර ව ර නා පරලොව වැඩි අපහැර විග සේ

1423 ම ර මු ණි ස සු න ස රේ සොඳලෙස දිසිහස් රජ අයු රේ මි තු රු මො න ර මෙ යු රේ දස දෙස පූවර්තොර ගුණැති ස රේ ගැ ඹු ර ත ප ද ස ත රේ සමුදුර් කැළමෙව් සුපැන මෙ රේ ඉ ඳු ස බ තෙ ර ප ව රේ දකිනව ලබමුද කවර ව රේ

1424 නුවනින සුරතුරුත ල් පරසිඳු නුවනිනි ඉඳුවර තු ල් වදනිනි අයුරු කම ල් මනහර වදනිනි සරසවි තු ල් තෙද ඉනි දිවයුරු ක ල් උරසර සියසිය සැදු වෙනක ල් ඉඳු සබතෙර මනක ල් මරණට අ න පැමිනිය මනක ල්

1425

පි වි තු රු සි ල් ක ඳ යෙ න් දුටු දුටුදන සිත් අලවමි නේ මො කැ දු රු මු ණි ඳු ස සු න් නුඹ මැද දිසි පරි සිසි ලෙසි නේ නි ර තු රු සු ද න කැ ල න් වැඩසිටි කුසලෙහි යොදවමි නේ අ පැ දු රු ඉ ඳු ස බ ස න් තෙරවර පර‍ලොව වැඩියෙ අ නේ

1426

කු ළු නැ ති ම ව ලෙ සි නා අපහට නිති බුදුබන ලෙසි නේ සු මි තු රු මු දු බ සි නා සෙ දලෙස ඔවදන් දුන් තුටි නේ ඉ ඳු ස බ තෙ ර ය සි නා බියකැ මරුමුව තුල වැදු නේ මෙ ම ස ඳ කො යි ලෙ සි නා සිතැතිව අප සැනසෙමුද අ නේ 206 කව් සඟරාව

1427 ලක්දිව දද අ යු රූ බික්සගනට තිලෙකෙවි සොදු රූ ඉදුසබ අප ඇ ඳු රු තෙරවර නායක පදවි දැ රූ ඉක්මනයෙන් මමරූ අඬගගහණ ගියෙ මොනක අයු රූ බෝසත් ගුනැතිසරූ මෙමසඳ සැනසෙමු කොයි අයු රූ

මාතර සිරිසද්දම්මාචරිය ඤාණින්ර්ෙම සහ සාමින් වවනලද මහනෙල් අල සොරු ගෙනගියාට කී වස්කවියක්.

1428 තු න් ව තා වකදි ඉතා වෙහෙසවම පොකුනක් බි න්දවා පි න් සි තා වැව් උපුල් අල ඉඟුලු සොරා නො ම ර න්දවා තු න් නෙ තා සුතවන් කොතා යුද දෙවියනනේ තෙදහි න්දවා දැ න් මෙ තා බල පා උපා පිටු පෙන්නවන් ඔද බි න්දවා

මේ සාමින් විසින් මීයෙකුට කී තවත් කවියක්.

1429 ‍නො ව නා නෙතද මීයා දබරයකු ව ගේ පු ද නා පහනෙ වැ‍ටි ‍කති මුනිසාය ල ගේ මෙ දි නා උදුරලන බැර වස් දෙවි ඔබ ගේ කු ම නා ඇරුම බල වැඩකල මීයා ගේ

රත්නායක මැතිඳු විසින් හේනක අගලක් කප්පවා පොල් සිටවූ කළ සතුරන් රෑ ඇවිත් අගල කඩා දැම්මාට නාවටුනේ ගණිතයා සාදාදුන් වස් කවියක්.

1430 කල් ස ර දන පොල්වැව්මට ඉනිවැට පැත්තක බැ න් දා ගල් ස රි කර වෙර වැඩුමට පැත්තක මැටියෙන් බැ න් දා ඔල් ව ර රුදු සොරු එකතුව සැනිදින රෑවිත් බි න් දා කල් ව ර තව වෙන්න පලමු දෙනවයි මරුහට කැ න් දා

පුරාණ සින්දුවක්.

දිනක් සහරාජවත කළ විරුදුකීමෙහි දක්ෂයවූ මුන්කොටුවේ රාල ඕලන්දද ආණ්ඩුවේ මුලාදැනියෙක්වන සූරිය මුත්තායියා සභ වකදි සම්මුකව ස්තුතියක් කිවුම්වස් නම ඇසුසඳ මෙසේකීය. මාගේ හරි නාමය ප්ර්න්සිස්කුස් පව්ලස්ය, දැනට ව්ය්වහාර නාමය සූරිය මුත්තයියාය කීය. මුන්කොටුවේ රාල ඒ නාම දෙකම එකට එකතු කොට කී සින්දුව

ප්රමන්සිස්කුස් පව්නිලිස් මැතිඳුසඳ සූරිය මුත්තයියා - මැතිඳු සඳ.. 1 සිනිඳු දුහුල් ඇද සෝමපබාකර - සූසැට බරණ සැරසී, මිණි මෙවර - කනක රජත මිණිමුතු රස්නාකර - දෙමල සයුර බබලාපු නිසාකර - ප්රින්සිස්කුස් පව්ලස් මැතිඳුසඳ ෴ 2 රූසිරු සුතතඹු සුරගන සේදි - කීකරු දැසිදැස් ගවමහිසාදි - වී සරු කෙත්වත් කිරිවැදි පිදි - තවසරි සරසැප පුරසිරි සේදි - ප්රින්සිස්කුස් පව්ලස් මැතිඳු සඳ෴ 3 මිහිපිට මෙ කොලොම්පුරඹර සිරිනා - සරිකොට පවසම් දස සත නයනා - මෙකලට දිළිඳුන් දුක් දුරුකරණා තිලොවට යුව ලෙක සිතුමිණි රුවණා - ප්රාන්සිස්කුස් පව්ලස් මැතිඳුසඳ ෴

4 අමරපුරසෙසැපතින් සරුසාරේ - පතරකොළොම්පුර සමු දුර තිරේ - පවර සෙට්ටි මුදලිදු උඩියාරේ - නදිර කුමරු රැකදෙන් හැමවාරේ - ප්රකන්සිස්කුස් පව්ලස් මැතිඳුසඳ සූරිය මුත්තයියි ෴

(සින්දුව කියා නිමවුන කෙනෙහිම සන්තෝසව තුටු පඬුරු වසයෙන් පතාසියයක් දුන්නේයයි කියති)

- (මතු සම්බන්ධ යි) - දොලොස්වෙනි කාණ්ඩය ———

එකොළොස්වෙනි කාණ්ඩයේ මිහිරිපැන්නේ ධම්මරතන සාමින් විසින් කවට වසයෙන් ලියනලද ලසයාගයේ තවත් කවි දෙකක්.

1431 ප ල් ලා කැලේ සිට ආ මුගෙ මු ත් තා ඉ ල් ලා කෑමට බොහොම උග ත් තා පො ල් ලා දෙපයේ කගිගිරි නල ත් තා එ ල් ලා හොර ගෙඩියයි මුගෙ මු ත් තා

1432 රෑ ට රැගෙන හොර පොල් උල අ තේ යා ඊ ට ඔබින බත්පිහියා ප තේ යා දෙ වු ර පි ට ට පොල් ඇඳුතු හ තේ යා මු ඳු න ට අඹන් රටදෙල් මලු ප තේ යා

කැස්බෑවේ සිට බොරලැස්ගමුවට ලියා එව් කවියක්

1433 නා ර ටි සයකි බොරලැස්ගමුවේ උ න් ට රෑ වැ ටි බැද සිටිති කුනින් අල්ල න් ට ඕ වි ටි බතලමුත් කති පණරැකග න් ට දි ය රො ටි තනා දෙති උන්ගේ නාකි න් ට

මෝඩයින් ගැන රූපසිංහ මහතා කී කවි දෙකක්.

1434 ගුරුන් දෙමව්පිය සහ සිල්වත් අය රදලමුදලි නාඳුනන එකා තමාට ගම්බිම් එමටතියෙද්දි ගග ඉවුරේ ගේ තනන එකා තමාගෙ මිදුලේ තිස්සෙදෙවේලේ යන්ට මාවත තිබූ එකා තමට ලත් අඹු කෙනෙකුටදිලා නිසන්සලව ඇවිදිනා එකා

1435

ගං ගා ව අස ගෙවල් වතුපිටි වවා රැකඋන් ද නා ට ත් ත ණ් හා ව කර ලොව කතුන්හට සෙනේ වඩවන ද නා ට ත් ලං කා ව කරවන රජුන්හට බලපාමි කී ද නා ට ත් ඇ න් නෑ ව වෙයි මෙවැනි ගොන් මරි මෝඩ තකතිරු ද නා ට ත්

එකොළොස්වෙනි කාන්ඩයේ කවියෙ අනිත් කවිය.

1436

ල ද රු තපස් වෙසක් රැගෙණ බලිදිටු රජු ඉස පොඩිත ර කු රි රු යකීනි රුදිර උරා දිවිසුන් කළ තෙද ඇත පෙ ර රු දු රු මෙවන් තෙදබල ඇති පුල්වන් සුරිඳුනි ගරුත ර න පු රු මෙසොරු ගල්වැට කැඩු ගිනිහෙන ලන් ඔවුන් ගෙද ර






208 කව් සඟරාව

සබරගමු දිසාවේ ශ්රීසපාදේ සහ පැල්මඩුල්ලේ විහාරන්ථානයේ නායක පදවිය දැරූ සමඞ්ගල මෙධඞ්කර මහාස්ථවිරයන් වහන්ස් විසින් දොළොස්වල දිසාමහතාගේ මරණය සහ ආදාහනය ගැනත් කී කව් තුනක්

1437

ප සැ ස් මුනිරද වසින් දෙදහස් තෙසිය එකසුවසට පැමි නා දි යැ ස් දුනුරැස් පැමින සත්දන තෙතිස් පැයෙදි කිවිදි නා දොලොස් වල මහ දිසාපතිසඳු සබරගම් පුරඹරෙහි තෙවු නා එ සි ස් මරු පතිඳුගේ මුව සුව ගැසි පරලොව පත්වු නා

1438

ස බ ර ගම් පුරඹර උදාවී දොළොස්වල මහ දිසාප ති ස ඳ නි ත ර සපුරිස් කුමුදු පොබකර තිලින කිරණින් වැජඹෙනාස ඳ වි ත ර නොව නවගුණැති රළුකුළු මහත්වරු පනිදා විසින්න ද ඉ ව ර කරවිය වියමියෙන් සිප සිරුරු මඩලෙහි ආයු සද සෙ ඳ

1439

එ ව ර එපුරෙහි වසන ඉන්ග්රී සි ලන්සි සිංහල දෙමළ මැතිව රු එ පු ර වර එජන්ත දිඟුපති සමග විත්මහ සෙනග පිරිවැ රු ස යු ර ගොඩපත් ලෙසින් මහසෙන් ගලා ගොස් තද දෙමින් වෙඩිතු රු එ ව ර මළකඳ සරහමින් ගෙන ගොසින් ගිනිදි දැව්ය මෙම යු රු

සර් හෙන්රි වෝඩ් උතුමන්වහන්ස්ට කී ශ්ලොකයක්

1440

ලක්දිව් බප්වැනි නේසිරින් යුතු නිමල් මන්තොස් රුවීන් පන්සැරා දත් නෙක්සත් මනමෙන් නතින් පසිඳුවන් එක්දත් විලසපෑ නිතින් දෙව් රුක්පත් විලසින් තිළින් යදිදනන් මනතොස් පිරූ එක් සිතින් සර් වොඩ් නම් උතුමන් සුරින්දූ බලයෙන් රක්සාකෙරේවා නිතින්

නාරම්ගොඩ බටුවත්තේ අප්පුහාමි කී කවි දෙකක්.

1441 ගින්නකි දාඩියකි තද ගිමන් වැස්ස කී තුඹසකි නාගයෙකි එහි වසන කඩියෙ කී දිවියෙකි යකෙකි ඒ ගසබැදි දෙබරය කි එ ගස සෙවන සිටිනා උපත කිය ස කී

1442 උඩින් ගජතාය කැගුනොත් වනසා ය ලි‍ඳේ පනිදාය වැටුනොත් ඌ කා ය අතකින් කරැලක අතකින් දඬුබෑ ය මරණ තුණ නොදන මින‍ිසෙක් පැනිකෑ ය

රූණ හාමිනේ විසින් වැලිතර වතුරේගම හාමුඳුරුවන්ට ලියා යැව් කවියක්.

1443 නෙ ක මුනි ගුණ දරණ වතුරේ ගම තුම නා දැ ක ගණ පින් ලබනු ලෙස මසිතුවිය ම නා එ ක දවසක් සමිඳු දුටුවොත් යුවලැසි නා ල ක රජ ඉසුරු සැකනොව ලැබුවා ලෙසි නා


දොලොස්වෙනි කාණ්ඩය 209

මීට වතුරේගම හාමුදුරුව්න ලියායැව් පිළිතුරු කවිය.

1444 නෙක රටවල ඇවිද මා දැකපු විසිතු රූ එ ක මුවකින් වනා නිමවනු බැරි අයු රූ මෙක තට සරි ලියක් මම නුඳුටිමි මිතු රූ ල ක රජ හිමිනම් අද දෙමි නෙක ඉසු රු

පුයිඅප්පුගේ නගා වියපැමිණි ඉන්නාකල ඈට ආලය බැඳ උන් “රූපසිංහ මහතාට” දොඩන්කන්දේ අප්පු ලියා යැව් කවිය. දියාගල අප්පුටයයි ඇතැම් අය කියත්.

1445 තො සේ ගුණ වඩන රන් රන් වරාම ල රැ සේ එ බිඟු එති රොන්ගන්ට වි ලො ල ග ‍ සේ බඹරු ඇවිදින් සිටිති නොපැකි ල කෙ සේ උපත නෙළුමට රත් වරාම ල

මීට (රූපසිංහ මහතා) දියාගල අප්පුගේ පිළිතුර කවිය.

1446 දි න ක ර ලා රන්සොමිසේ ගත බඹ ලා ම ල පි පි ලා බඹරුන් රොණට එති බ ලා නු ඹ රැ ක ලා මලට එන බඹරු නවත ලා දෙ න් නෙ ල ලා ඔය රන්වන් මල්කැකු ලා

හතරවෙනි කාණ්ඩයේ අනිත් කවිය් (රූපසිංහ)


1447 උ නා නා ගතට පහතින් වත අඳි නා උ නා නා වරල පිටිකර හෙලා ගෙ නා මෙ නානා ට කෙන් අගනෙක් නැත මෙදි නා නොනානා ලියන් බල ගන්ත්ර සිටි නා

ජුලියස් අප්පු නැමැති වඩුවා යතුනැටයක් ගැන මිත්රතයෙකුට ලියා ඇරිය කවියක්.

1448

ස තෙ ක් මෙ ලො ව ඇත කකුල් ඔහුට නැත අතක එකක් ඇත දැනග න් නේ ඇ සු ත් තනුන් නැත නාස එහුට නැත සියගත පනනැත ඇවිදි න් නේ පි යෙ ක් ඔහුගෙ ඇත ඔහුගෙ අතේ ඉද බුඳින කෙනේහිම පහර න් නේ ‍දො ස ක් මොකද මට නොදනෙහි මා අත මා අත් ඇරලා පසුවෙන් න්

මීට පිළිතුරු කවිය.

1449

ස ර ණ උතුම් අපෙගව්තම සාමිගෙ සරණයි සැමටම දිනෙන්දි නේ ද ර ණ දුකක් උඹ කියා තිබුන හැටි දැනගත්තෙමි මම සොඳ ලෙසි නේ උ ර ණ නොවන් මගෙ ගුණවත් සොහොයුරු වෙනසක් නැතුවම පව‍සන් නේ ක ර ණ නොයෙක් වැඩ‍ කරලා දෙන්නට බුඳදින එන්නෙමු අපි දෙන් නේ 14 210 කව් සඟරාව

මුනමල් ලියකින් තනාතිබුන අතකොළුවක් ගැන ජානිස් වඩුරාළ ජුලිස් වඩුරාළට ලියා යැව් කවියක්.

1450

උ ව න ත කුසුමන් දඬුගෙණ දරුවෙක් තැනුවෙමි මම සන් තෝසයකි න් වෙ න නැ ත ඔහු මිස මාගේ සුරතේ පිරිමි පුතාමයි ඒකා දැ න් ඉ න ව ත කෑමද බීමද සරිකර දුනි මට සෑසන දෙවිපිහිටෙ න් පි න ඇ ත මපුතුට සරණක්කරලා දුන්නොත් පුළුවන්අන්දමකි න්

ජූලියස් වඩුරාල වෙනුවට රූපසිංහ මහතා කී ලිළිතුරු

1451

ගමේ නයිදෙගේ දුවෙක් ඉන්නවලු බාහො‍ම තලාලා හැදුව ලු ගල්ලූණුකර ඇගෙ ඇග තැනුවා ලු ඇඳිවත් පැළඳුම් කිසි නැති ලු බොරදිය පොවලා පන දුන්නා ලු වැඩපල කෙරුම හපනී ලු දිගෙක යන්නට හොඳ හිතේ ලු කොලුවෙක් විමසා ඇවිදි ලු

1452 හො ද කොලුවෙක් විමසා දිග ගියකො ට ත ද ලෙස මගෙ ගෙන අල්ලා ඉලිය ක ට ව ද දී කටේ තෙල් ගාගතිය වමත ට හො ද කොලුවා වත් ඔළුවට දේය බැ ට

කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දේවාලය සොමිපයේ තිබූ නූග වෘක්ෂාය ගැන ගජමන් නෝනා කී කව් දෙක්ක මෙය ඇලපාත කිවිඳුයැයි ඇතම් අය කියත්

1453

සකල සිරින් සු වි පු ල් ල මාදම් පා පුර තුල්ල දේවාලයෙට අසල්ල සැදිසොබ න් දසදිග අතු වි හි දි ල් ල ලෙලදෙන පත් ගනනිල්ල නදදෙන විහග සියල්ල තුති ගොසයෙන් යනඑනදන නොවමැල්ල සුරිඳුන් වැඳ නොපැකිල්ල වැස ඉද ගිම් සැනසිල්ල කරති නිති න් මෙලෙසට දුටු සතලොල්ල වන මා නුග සෙවනැල්ල සුරිඳුන්ට තනිවැල්ල මිහිකත දු න්

1454

සපිරුනු නෙක ඉසුරෙන් ද මාදම්පා මෙනමින්ද දෙව් විමනය අවටින්ද සැදි සොබ නා දසදිග නැමි අතුයෙන්ද ලෙලදෙන සුනිල පතින්ද නදදෙන විහඟනොමින්ද තුත් ගොසිනා යන එන දන මනනත්ද සුරිදුන් වැද සතුටින්ද වැසි ඉද ගිම් සැනසින්ද කර නිති නා මෙලෙස සූසැදි මනන්ද වන මහ නුගය නමින්ද තනිවැල් සුරිඳුට නන්ද පැන නැගු නා




දොළොස්වෙනි කාණ්ඩය 211

පස්වෙනි කාණ්ඩයේ ඇලපාත මුදලිතුමා දෙනපිටියෙ වැවගැන කී කවි හා සම්බන්ධ යි.

1455

දුටු දුටු දන මනනන්ද වඩන සුපිපි කුසුමන්ද ඇඹුල උපුල අරවින්ද වනසු රැ සා මද මද එන පවතීන්ද දසදිග විහිදී සුගන්ද ගෙනයති බිඟු මකරන්ද නද සල සා තැන තැන රැඳි සේරුන්ද පැස්බොර විල් ලිහිනීන්ද දිය කැදෑ තුඩුවන්ද බුදිති ම සා සොඳ සොද රුවැති මෙයින් ද දෙනපිටි වැවැ දකිමින්ද සහතොසයෙන් මිතුරින් ද නාමු බැ සා

1456

එ ජල මතෙහි අනුකුල සෙවළ වරලගන නීල සුපිපි සරසෙ වත ලිල නිළුපුලැ සා අදර තඹර පෙති දෑල තිසර දෙතන තුගු තුල බමර නැමැති මිණිමාල ගෙලෙ සර සා තරගපෙලැති රැලි ලිල පැළද සිලිල් සුදු සේල ලිහිණි මෙවුල් ඉගකෝල නොම ගව සා මෙලෙය සුසැදි සුවිසාල නෙපිටි වැව කමලාල ලියසෙ දනෝ සිතු ආල වෙති සුදි ස

1457

මෙස කියන වැවට සමීප බබලන බුදුරුව දිප දුසිරි අඳුරු දුරලාප සැදී දෙමහ ල් බිතුයෙහි සිතියම් රූප රහතුන් සහදෙවි රූප ජූතක බමුණු අරුප ඇඳි මෙම තු ල් දෙපසෙහි තොරණ සමීප එළුමල් එල්වා පුප කින්කිනිබැදි දදකීප ලෙලෙති ලක ල් මෙලෙසට සූසැදි මනාප යුත් වෙහෙරට මාදම්ප මල්සිඳහැර දස පැප වඳිමුව ලො ල්

මිහිරිපැන්නේ ධම්මරතන උන්නාන්සේ විසින් සෙන්කඩගල නුවර පල්ලේ කම්පහේ අදිකාරම් මහත්මයාට ලියායැව් එළු ශ්ලෝක ලිවිමක්

1458 සිරි උර බීත රැ න් දු ලෙව් යදින් දුක් පසි න් දු විරිදු කිරි මැ ති න් දු දජ මැඩිමේ මිහි න් දු පඬි රුවන මැතින්දු නිත්හි රැක්මෙන් උවි න් දු සැරදනොවතුරන්දු සව්සිරින්සේ දමි න් දු

1459 සක නිරිඳු වසින් ඒ එක්දහස් සත්සියක් හා විසිනව වන වස්හි පින්පතක් සාදවලා වැඩසිටින අපේ දෙයියන්වහන්සේට දැක්වූ සද අගතොපසත් වීමෙන් දිවස් ලා වදාරං




212 කව් සඟරාව

1460 සිරිගණ පිළිරුවෙත් දන් පහන් ඈ පියුම් වස් සිරි උරතුරන් රැන්දු නම් නිදුල්නා විකුම්සි සිරිලක අගපත්වූ දෙව්තුමානන්වහන්සේ සිරිමහ කරුණාවෙන් එක් ගමක් දී වදාළා

1461 වදහළ පණතින් පින්වත් මැතින්දා විසින් වී අඩ මුනක බිමදුන්නා තමය් ඊට පස්සේ යකවල ලියනාකම්හී වැඩේ ලත් පවීට්ටු යකෙකු විලස සිත්හී සත් ගුණක් නු වෙසෙස්නෙත්

1462 එම රදල විසින් ඒ ගොය්තැනේ බාරදිලා වැඩකළ අයට නෙක් රොස් පරොස් බස් කියාලා බලයට උඳුරාගත්තා තමය් ඒ නියා මේ අනඩුව නොසොයන්නේ කින්ද පින්වත් මැතින්දා

1463

මේ ආකර බැවින් එතැන්හි පිළිරූ ගාවා පුදා මල් පහන් උන්නෝතින් පණයන්ටවෙයි කඩිනමින් සුනක්බත්ව සාමත්වෙලා ඒ සන්දා පිළිමෙ වඩා‍ගන අපේ ඉන්නාරටේ යන්ටවත් පින්වත්වූ මහාවාසලින් අවස‍රේ ඉල්වා ලැබේනම් හොඳයි.

බදුලු ඔයේ පාලම නිමවුන දින එය බැලුම්වස් ගිය දිවිතොටවෙල රටේ මහතාගේ අයදුම සඳහා මැදවෙල වෙහෙර විසූ කිරිබත්වෙල සුනන්අභිධාන ස්ථවිරය්න කී එළු ශ්ලෝක.

1464 පිරිතිරි සැපතින් නෙක් නන්රුව්න සල්පිළින් යුත් උරිනුර පැහැරී නන් දෙස් දනන් නින් නිවස්නා ගජරිය හ‍යසෙන් හා සෝ බළන්ගෙන සැදුම් ලත් බදුළු නුවර නම් යුත්වූ මහත් ඒ පුරෙක් වි

1465 තරුනද පැවතීමෙන් ගී නදින් නන් දෙදෙන් හා ලකල මෙපුර දැන් කල්හි සිරින් සව් නොහිම්වු මඩලීසුරු ‍තුමෙක් මෙන් නෙක් විකුම් ලෙව්හි දක්වා පැමිනි මැතිතුමෙක් ජේ. බේලි නම් යුත් උතුම්වූ

1466 බැන්දු දික් යහගේ යසස් දද නිමල් සිනිඳු යදින් දුක සියල් රැන් දු වෙන් ලක පුළුල් උර තුමුල් බින්දු රුපුන්මන් යෙහෙන් ඉ න් දු වන් පෙර දුල් පහන් මුවලකල් කැන්දු සතුන් සිත්නුවන් ල න් දු සිත් රුසිරෙන් පිනෙව් දන සියල් ඇන්දූ විකුම් සිත් තුලේ

1467 මෙත් සිත් යුත් දනාවත් මහත් මෙ මැතිඳුන් සිත්සේ තමන් එක් දින ක් මින් සක් නෙත් බලමින් තමන්රට සිය්ල සිත්හි යොද මේ ලෙසි ‍න් නෙක් ලෙස් නෙත් සුදිලි තිරාකල් යෙහෙන් ලෙව්මන් නුවන් වී සතො ස් යත් එත් වයි කළහොත් මහා පාලමක්මෙලෙස් යෙදි කම් සිය ල්



දෙළොස්වෙනි කාණ්ඩය 213

1468 මෙ රට තුළ නිවාසි නන්සිරින් ලෝ පසස්නා මැතිවරණ මහතුන්ටත් සද්දනන්ටත් සුදිස්නා කියමින් මෙ බුදුල්ලේ පාලමක් මේ ඔයේ එක් තැනෙක කළහොතින් ඒ ලෝවැඩෙක්මයි විසෙස්වු

1469 ඉති තතු පවසා ඒ සව්දෙනාගෙන් බොහෝවු එකතුකර මුදල් රැස්වත් නියායෙන් මනාලෙස් මහතුට කියමින් කැප්ටන් ග්‍රෙහැම් යය් නමින් යුත් සදන ලෙස පටන්ගත්තේ තවත් නෙක් දනන් හා

1470 පබල වරණයන්ගෙන් හා ගැලීන් නෙක් ‍විලාසෙන් පහන දැව දඬුත් ගෙන්වා පුරා සිත් නියායෙන් දෙගොඩ සිට බොහෝ උස් ලෙස් එමේන් දික් පලල් ලෙස් කරණ වැඩ පටන් ගත්තේ නොවී සිත්හි ලස් බැව්

1471 උතුරු අටසියක් හා එකදහස් සත් පණස්වූ වසෙහි වැඩ සියල්ලත් පාලමේ නෙක් ලෙසින්ව නිමකර බැබලි දැන් රන්හෙයක්සේ තිබේනා මෙහෙම අරුමයක් විස්කම් කළා දෝ හැංගන්නේ

412 මෙලකතුළ නොයෙක් තන්හි සැදූ පාලමුත් දැන් මෙයට නොසම වන්නේයයි නැනැත්තෝ කියන්නෙත් මෙලෙස අසිරිමත්වූ දේ දකින්ටත් ලැබෙන්නේ පෙරකළ පිනකින්මයි මේ අපේ එක් මහත්වු

1473

ස සි රි පිරි සොද මෙලකතුළ දිලි බදුළු පුරවර පැමින මනමෙ න අ සි රි තය අණ නුවන දස දෙස පතළකර දන ඇසුරුකරග න දු සි රි දුරුකර මෙරටතුල සැම සතට නෙක සිරි දෙවිය අපම න නෙ සි රි සර දැරුනදන මෙමහතු සරණනොවයය් සිතුමුගෙලෙසි න

1474

මි තු රු දන මන කුමුදු පොබයන සරද පිරිසද අයුරු සසොබ න ස තු රු දද දන වරණ එඩිමැඩ තුමුල එකෙසර කෙසර රදුමෙ න රු සි රු මුවරද සදිසි පැනසර ගණිදු සොමිගුණ තරිදු විලසි න සො ඳු රු ගුණදැරු පවර මෙ මහතු රකිනලෙස අයදිමුව සිරිඳු න

වැලිතලප ගැන ඔදානිස් රබන්ගුරා කී කවි දෙකක්.

1475

කැකුළු සහල් පි ටි යෙ න් ද වටකර ඔළු ඇට මෙන් ද තම්බා කඩපිරිමෙ න් ද සුරැකිව තබා යෙහෙ න් එ කිතුල් පැලි හ කු රෙ න් ද මදක් සීනි ස ම ග න් ද සැදිගා ක කා ර මි න් ද ලණු වැටෙනා පදිම න් තිවග දෙදුරු ස ම ගි න් ද එක එක පමණ යසින් ද බැද සුන්කර ග නි මි න් ද එකතුව සැම දෙයි න් බදුනක ලා ‍ ස තො සි න් ද සමකර යස විලසින් ද එදවස පසුව ගො සි න් ද ගනිමින් නැවත තොසි න්



214 කව් සඟරාව

1476 කැබලිව සැතින් ක පා ම රබකැන් සමග ක ද ම ලොව සතහට සො ඳ කෑම අසනුව නෑණැති සිය ල් උදය ‍ උදය සැ ම දා ම වළදා උණු පැ න් බීම ස ත සි න් වෙ ර පි ණ වා ම මියුරු දෙයකි විපු ල් වැලිතලපය යන නාම පැවසූය පෙරැදුරු ස ැ ම වා පිත් සමන කෙරීම කදිමට වේ නිරවු ල් තකිරග කිරග කිදෙන් ද දොමිකිටි කිටි තකකුන්ද කිටිතක තක්කිට කින්ද ජෙනාකිට ගුදිත ගුද න්

අම්බරාවත්තේ උන්නාන්සේ ඇබිත්තයා සොයා මහනුවර යන්ට ලෑස්තිවී ඉන්නවා දුටු කොග්ගල කිවිතුමා කී වස් කවි දෙකක්.

1477 බි න්නවා දන් දොඩවනා කට කබර ඇති දම්බරා ව ත්තේ ඉ න්නවා දැන් යන්ට කොර්ණේලිස් සොයා මහනුවර පැ ත්තේ ඉ න්නවා දෙව් ලියන් සමගින් සිරි සැපත විද යහන ම ත්තේ ගෙ න්නවා දෙන් විබීසන දෙව් තුමනි කොර්ණේලිස් මෙවැ ත්තේ

1478 ක බ ර තො‍ෙල් තිබෙන සිනා තෙරගේ දම්බර ව ත්තේ ද බ ර අරන් යන්ට ගියා කොර්ණේලිස් මෙ වැ ත්තේ ස බ ර ගමුවෙ අණ පවතින දෙවිඳු අවැස්ලා නි ත්තේ බ ඹ ර සැරෙන් ඔහු එලවා ලවන් ඔබට පින් ඇ ත්තේ

උපදේශයක්.

1479

වැ ඩි ය ක් කර නොව කුමාර පදමට බීලා අවුදින් විඳින සැපා හ රි ය ක් කිවත් වැරැද්දටම ගෙණඅල්ලාගෙණ බිමබියෙයි සපා මේ එ ක් දවසක් විඳිනවදේ වෙරි‍සි‍ඳෙනතුරා ගැලවෙන්ට උපා බේ බ ද්දෙක් හට පාවා දෙන‍කත නරකද මුදේ ලන්ට ක පා

සබේ විදානේ සිමේ නමැත්තාගේ ගේ කොහේ‍දැයි ඇසූවිට කඹුරුගමු‍වේ කෙනෙක් කි කවියක්.

1480 ම ට පුළුවන් සිමේ සිටිනා තැන කී ම තු ට වඩවන තල් අරඹේ කඩ ලග ම බ ට හිර දිසා පතිඳුගෙ හුණුවැටයි ඉ ම හි ට ගන උතුර බැලුවම ඇත ගේ පෙනු ම

ජයසූරිය මහතා විසින් ‍බේරුවලදී යොන්තරුණයෙකුට කී කවියක්

1481 එ ල් ලා ගෙ ලෙ තැ ල් ල ඔහරිය ලා තදි නී ඉ ල් ලා බ ඩු ම ල් ල ගෙණ කඩයට පැමි නී කෙ ල්ලා ‍යො න් ක ල් ල රතිමායම් නිපු නී අ ල් ලා නො ව මෙ ල් ල මදයුදයට හිතු නී

කරුණක් සඳහා දොඩම්පේ බණ්ඩාර මහතා විසින් කී වස් කවියක්.

1482

ක ළු යු න කා හෙර උකුමැණිකා ළු වි සා හ ර කා විදිනා එක්කා ‍ය නෙ නු දැ කා දනයින්නොයෙකා මග අතර රැ කා ඉඳිකොල්ලකා න පු රු දු කා දෙවමින්තරෙකා මුගෙ බෙල්ලවිකා මහසොහොන් ප ල සැ නෙ කා කඳ සු රි දු න කා පපු‍කැවුතු ක කා දම අකාමි කා දොළොස්වෙනි කාණ්ඩය 215

වැව් බැම්මක් කැඩීමට කුංකුනාවේ ස්වාමීන් විසින් කී කවියක්.

1483 වි ස ල් ස ස ල් ගලගල නද මනාරැ ල සු පු ල් උ පු ල් ගිලි රොණවුල් සලාදු ල අ වු ල් කො වු ල් නදදෙති අඹ උරා ප ල ස ක ල් ල ක ල් මහවැව බල වරා ව ල

යථොක්ත බැම්ම ප්රලකෘතිමත් කිරීමට මෙතුමාම නැවත කී කවියක්.

1484 ප සැ ස් මුනිඳු වදහළ දහමට පැහැ දේ ප සැ ස් කරපු මුකවෙටි හුණු පොල නොමැ දේ ද හ ස් ගණන් නෑසිය සමග වැව බැ ‍ඳේ අ පො ස් කරපු පින්කම බැරි අඳිනු ස ‍ඳේ

අටදහිවත්තේ උබයසේකර මුදලිතුමා ඇත්දත් වටාපත් මිටක් සම්බන්ධලව තුවක්කුගලවත්තේ විහාරාධිපතිව වැඩ විසූ ධම්මස්ස්යාිභිධාන මහා ස්ථවිර පාදයන් වෙත ලියා යැව් ලියුමක්.

මෙතුමාට දුම්බර උන්නාන්සේ යයි ද කියත්. ලියුමෙ පිට කවිය.

1485 පි රි ස ඳ විලස බබලන සසුන අම්බ ර නෙ ක බ ඳ ගුණ ණෙමිණිබැඳි සයුර ගම්බි ර හැ ම ස ඳ අප කෙරෙහි සිතු පැවති පෙම්බ ර ප ද වැ ඳ මෙ පත දෙව යතිසඳුට දුම්බ ර

1486 පසුගිය දවසේ යාපත්වොල මේ සිටිද්දි යතිඳු අපට දුන්නාවු වටාපත් මිටෙ කම් ඉවරකර තිබෙන්නා ඒ නුඹත් ඊට ඕනෑ ‍කොතෙහි වැඩ නිමානැත්තෙන් පමාවෙයි ටිකක්කල්

1487 අතපසුව ගියෙන් දැන් මේ වැඩෙදි මෙතෙක්කල් නොසැලකිලිමක් සන්දා නොවේමැය් සමින්දේ මහලගොඩ යතින්දෑගේ විහා‍රේ මසත්වු ඉඩමක නඩුවක් බේරුම් නොවී තිබ්බ සන්දාය්

1488 ඒ කී හබෙන් ජය ලැබීසිතුසේ නොබෝද දැන් ඒ යතින් ඔබ වැඩේ යෙදිලා සිටින්නේ ඒ කම් සියල්ල්ම නිමාගිය එක් සැනේකින් දීලා එවන්නෙමි ඉතින් ‍නොමයෙයි ‍වඩාකල්

ඩී. ඇස්. මුතුකුමාණි මහත්මයා විසින් වාදයක් පිළිබඳ කරුණකදි කියනලද කවියක්.

1489 අ ග වා වනවාස බව ගම් විසුම් ක ර ද ග වා කියා විසුමන් සැති මුළා ක ර ස ග වා තිබුනු වනසික පද පතළ ක ර බ ග වා සසුන වනසති දැන් පාස ක ර





216 කව් සඟරාව

දික්වැල්ලේ සිරි‍දියස් ගුරුත්මාගේ ප්රකබන්ධයක්.

1490 ම හ ක ළු දායෙ ගෙණ මහ යකදා අ න් ඩ ම හ ක ‍ළු දමින් බැඳගණ මහ බලුව න් ඩ ම හ ක ළු වැදි නැතුව ආ අල්ලා ක න් ඩ ම හ ක ළු බනවලට බැහැ ඔය අන් දෙ න් ඩ

මේකත් එම සිරිදියස් ගුරුතුමන්ගේම ප්රනබන්ධයකි.

1491 බ ත් ටික කෑමට ඇත ගුණ ආ රි ය ව ත් පිලිවෙත රැකුමට නැත වී රි ය ම ත් තට දිනිතොත් සිදුවෙන කා රි ය ඇ ත් තට සගබත ගැන කට නා රි ය ‍‍‍‍‍‍‍ මෙම සිරිදියෙස් ගුරුතුමන් විසින් ලියුමක ඇරපු කවි දෙකක්.

1492 සු බ ය අත්තමක් කරතොත් මෙලත බි මා නි බ ය වත්ය කියනා දැන දැනට හැ මා උ බ ය රත්න සමියෙල් නම් බාස් තු මා නු ඹ ය පත්ව මේ හසුන් දෙන් නොපී ප මා

1493 ක ට මින තවුස් උරගිඳු හා මසාකො ට ර ට දන අතර නොදා‍ඩන මෙන් සැමාවි ට සි ට වන බෙහෙත දත් කැක්කුම නිමාව ට ම ට දෙන ලෙසට අයදිමි මිතු තුමාහ ට

මීට පිළිතුරු වශයෙන් එම බාස් විසින් එවන ලද කවි දෙක.

1494 ග ල හා කඳ කුමරු වහනවි දම් දර ණ ප ල හා තුවටු ගණ සොමිපුත් හිමිතුරෙ ණ ව ල හා තද ගතිය අඹරා පදම දැ ණ ද ල හා තමබු අඩමදැටක් පමණ ගෙ ණ

1495 මැ ඩි ය මුනිඳු පිරූ පරාමිතාව සිහිකරණ කල ට ගෙ ඩි ය හොඳට අදිනෙයි සකි ලොකුගසකින් කඩුවු එවි ට ත ඩි ය කිපි ගත්තු කෙනෙක් කර නාදය ගෙණලේකො ට දැ ඩි ය සිදෙනතුරු බඳිමින් තබනු දතේ වෑයාහ ට

1496 ප තු රු රැගෙණ මදුර කතා පල සුස මිරිකා ප න් ස තු රු අයගෙ බැසීම සහ කිරියත් සිහිකර ප න් උ තු රු වමින් එවුන් කිිය පමණට එක්කර ප න් මි තු රු මිතුරු රදවුනෙන් කනේ මේක ගා ප න්

1497 ර ද වු න් ගෙණ ආ යමෙකුට මුල කී ඔසු කළ හො ත් ත ද යෙ න් මොර දිදි හඩා වැඩී දෙරණ පෙරළෙ ත් ම ද කි න් කල් උතුම් තලින් පොදක් කනේ ලුවහො ත් බි‍ දෙ මි න් රද උන්ගෙ සිරස මියුරුවදන් තෙපල ත්

දික්වැල්ලේ සිරිසියස් ගුරුතුමන්ගේ ප්රිබන්ධ දෙකක්.

1498 බා ල ක් නොහොත් මඟුලක් දෙන තැනක රැ දි වා ලෙ ක් මිසක් වැඩකර කන මුදල් නො දී ආ ලෙ ක් වෙමින් වෙන කිසියම් කෙනෙක් රැ ඳී වේ ල ක් හැර දෙවේලක් කෑවොත් වරු දී

දොළොස්වෙනි කාණ්ඩය 217

1499 දෙ න් න පළමු පාවාලා දුවනිය නී එ න් න දුන්නොත් බෑනා ගෙදරට පෙමි නී ග න් න මිල පසුව බඩු දුන්නා සෙයි නී වෙ න් න උනේ නැත්නම් පොත කියමි ගි නී

දික්වැල්ලේ සිරදියස් ගුරුතුමන් විසින් කොළඹ ලක්මිණිපහන් කතුතුමානන් ‍ෙවත යවනලද ලියමනක කවියක්.

1500 ග ම් බි ම් ගව මහිස් මිනිමුතු දන ග හ නේ ර ම් ක ම් පුලුල් උරතල කළ මල් ය හ නේ ඇ ම් ද ම් රුවන් කතුතුම ලක්මිණි ප හ නේ හි ම්‍ හෙ ම් ගල් පවතු රුපුකැල කර ද හ නේ

සිඤ්ඤො බාස් මැතිතුමාගේ ප්රවබන්ධයක්

1501 බ ඳි තො ත් ගුණැති ලියෙකුට කල් බැ දි ම ය අ ඳි තො ත් තමා යස ගුණ ලොව ඇ දී ම ය ඉ ඳි තො ත් මහරු පඬිදනවෙත ඉ ඳී ම ය වි ඳි තො ත් මෙලොව කව්නලු රස වි ඳි ම ය

සිඤ්ඤො බාස් මහත්මයා විසින් කෙනෙකු සාදාදිමක් මෙන්න

1502

ය ද් දි දවසෙක ගැල්පදවමින් මහ මහබද්දේ දන වන ද රු ණු යු ද් දේ ලෙස ගෙණ දඬුමුගුරු අවිනාවි කිසිවිලස දොසකට කරු ය ද් දේහි ගුරුගෙ දාමිත්ට යෙදුවද ගැන අපද දුක් ලය පි රුණු වෙ ද් දි සලව ඉදුනුනම් තෙවිකුම් බල තිසාවද දැන් දි රුණු

මේ කවිය කැන්ටිමක් ලග සිටිය බේබද්දෙක් විසින් ලියනලදි.

1503 වි ස් තර මෙමට එළුකර කීම බරිම ය බැ ස් සා ‍සොමි බිමට ආ සේම එලිවි ය ඉ ස් කාගරේ ලගදි ම දිටු දිගැ සි ය ඇ ස් දෙකපල්ලා දහසක් වටිය ඉඟටි ය

මේ කවිය දොඩම් පහල කෙනෙක් කීවාලු

1504 පි ල් ල මැලිවිල්ල කවදත් සුදි න වා පි ල් ල නැති කොනෙන් හාළුත් පැහි න වා ගො ල් ල වැඩිවෙලා උඹලගෙ උඩය න වා එ ල් ල උනදාට අප්පට ........... න වා

මේ කවිය මිනිරන් පතලයක බාස්කෙනෙක් විසින් කීවාලු

1505 න ටු ව ද ගිලි පවන් රත් රුවනින් බැබ ලී දු ට ව ද න මන ආලකරවන ගවුන්රැ ලි ගො ටු ව ද මල සේම පටකුඩයක් ඉස ලී දු ට ව ද මුදලාලි යනසැටි රදාගෙ ලි




218 කව් සඟරාව

පොඩිකාලේදි රජගෙදරක වාල්කමට පත්ව සිටි එයින් තුරන්වී කලක් රටගොස් සිටලා පොහොසතෙක්වී එරජගෙටම දෙවනු පැමිනි රාජදූතිකාවක් සරණපා‍වාගෙණ ඉන්පසු තමාගේ අරීචන්ර්ි යයි යන පොඩිකාලේ තිබුනු නාමය ප්රපකාශ වෙන ලෙසට මේ කවි කිවාලු

1506 නුබ බාලේ මම බොහොදුක් වි න් දා ය අතරකදි මම රජ සප වි න් දා ය ඇදින නොවෙයි නෑදිය කල්බැ න් දා ය ඇදිනගන් ලදේ මම අරිව න් දා ය

කෙනෙක් රෝගාතුරුව ඉදගණ ඒ වේදනාව ඉවසාගත නොහි වසකාලා මැරෙණ අදහසින් තම මිත්රගයෙකු වෙත මේ කවිය ලියා යැවුවාලු

1507 දි රස වදන් පවසා මට සිටිය පෙ ර යස ගුණ දරණ පින්වත් මනකල් මිතු ර මන් වැසි අය විඳින දුක නරඹා මෙව ර තියෙන තැනින් සපයාදෙන් මෙසිව්කු ර

මිට පිළිතුර කවිය මෙසේයි

1508 මි ත රා මගෙන් ඉල්ලා තිබෙන සිව්කු ර කැ ව රා මියෙයි ඉන් කිම දෙලොව නැතස ර ත වෙ රා පැමිණි රෙසි‍ඳෙන ඔසු ගෙණ පව ර නො හැ රා කරුණු සැපවෙයි‍ දෙලොව මනහ ර

උඩරට බෙහෙත් වට්ටෝරු කවි දෙකක්.

1509 ත රු ණි ය ති වගේ මම දුන්දෑ සිත ලා හැ ම ණි ය කිය උනේ හරි තාල වැරදි ලා අ ටි ණි ය එකට සිදගත් මෙ ඔහසු මනක ලා ගැ බි ණි ය හටදුනෙත් දරු බිහිවේ නුමු ලා

1510 ල ඳු න් රතොට වන් පලලිය කොට තු ට බ ඳු න් හි ලා යුස මිරිකා පෙරාසි ට උ ඳු න් තබා පානයකළහොත් සතු ට වෙ දු න් ගෙන් මොකද කම මුහරෝගය ට

කර්තාු නාම නොදන්නා බණට එකග කවියක්.

1511 ත ණ තු ණ ව ණා තණයට වින්න පණුව නේ ත ණ තු ණ ව ණා සිව්පා බයට පත්වු නේ ත ණ තු ණ න ණා පලකෑදිය පියවද නේ ත ණ තු ණ වි ණා සිම්පා බයකුත් නො පෙ නේ

මේ කවියට දික්වැල්ලේ දොන් සාමුවෙල් මුතුමැණි කාව්ය්සිංහ මහත්මයා විසින් මෙහි පෙණෙන සන්නය ලියලලදි.





දොළොස්වෙනි කාණ්ඩය 219

තනතුන, කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා යන තෘෂ්ණාත්රමයා ප ධානකොට ( 108 ) එකසිඅටක් ප්ර,භෙදවු තෘෂ්ණාවන් ගේ හේතු ප්රරත්යොයන්; වනා, සෑදෙනලද රූපවේදනා, සංඥා, සංඛාරා විඤ්ඤාන යයි කියලද ස්කන්ධ පංකය දරා තනයට වින්න, ඒ තෘෂ්ණාවන් නමැති අවුලෙන් පටලැවි සංසාර මහාර්ණරණවයෙහි උප්පාදස්ථීිත භංග වසයෙන් සැරසන්නනාවු; පනු‍වනේ. ඒ ප්රා්ණින් සිව්අපාබයට, නරකත යක් ප්රේවත අසුරනිකායයි කියනලද සතර අපාභයට, පත්වූනේ, පැමිණෙනතැනැත්තෝවුයේ; එ තන තුනවිනා, ඒ තෘෂ්ණාත්රතයෙන් වෙන්ව නොව ඒ තෘෂ්ණා‍ව‍ෙ‍ග් ආධාර ප්රනත්ය, හේතුකොටගෙණමය; තනා, නාන ප්රතකාර ප්රගභේද ඇතිවන්නාවු; ඒ තනතුන, තෘස්ණාත්රණය නමැති අකුලත්ව,ය; අපොල, ආස්ඵෝටනකොට හෙවත් හනගස් මිටි ගල්වලා ගසා අපුල්ලන මෙන් ඒ මේ අතගසාලා, කෑ ඛාදනයකළා වූ හෙවත් නැව ඉපදිමට හේතුවු එකී කාමාදි ආශ්රඅවයන් මුලෝච්ඡන්න වසයෙන් බෝධි ද්රැමමමූලයෙහිදි අනුභවකළාවු; දියපිය, ජගත් පිතෲ වු හෙවත් ලෝක සත්ව යන් කෙ‍රේ පතළ මහාකරුණාවේන ආද්රළවූ ප්රාදයවන්ත භාවයක් දැරවා වූ අපගේ ගැලවුම්කාරයානන් වන නව අරහාදි අනොපමෙය්යු ගුණ භරණ විභූසිත බුදුපියානන්වහන්සේගේ; වදනේ. වචනයෙහි හෙවත් නවලෝකෝත්තර ශ්රීර සද්ධර්මායෙහි ඒ තෘෂ්ණාත්රදයෙන් උපදින ලද චේතනාවකින් මෙහෙයන ලද ලෝභ ද්වේෂ මෝහාදියකින් යුක්තව කරණලද පාපක්රිුයාවක බලයෙන් සතර අපායෝත්පත්තියකට සත්වකය්න පැමිනෙනු මිස ඒ තෘෂ්ණාත්ර යෙන් වෙන්ව කරණ ලද ක්රිපයාවක බලයෙන් සතර අපාය උන්නතියකට සත්වෘයෝ පැමිණෙතැයි ඒ සද්ධර්මපයේ නොපෙනෙනනේය හෙව්ත දේශනාකර නැත්තේය.

විජයවික්ර්ම සෙනෙවිරත්න අතපත්තු මුදලිඳුගේ මරණය සම්බන්ධප ප්රයබන්ධමයක්.

1512

නි ජ ය කුල කිරිසයුර නිතොරම සරද පිරිසද විලස රු ති දා වි ජ ය කොඩි දසදෙසෙක ලෙස නැගු කොමල රුසිරෙන් පොරණ ර ති දා වි ජ ය වික්රදම සෙනෙවිරත්නපත්තුවේ අග මුදලි මැ ති දා බ ජ ය කෙලෙ සුරපුරය නෙකසිරි පැහැරගොස් සියමිතුරුසැ ති දා

ලිවේරා මුදලිඳුගේ මරණය සම්බන්ධි ප්ර්බන්ධැයක්

1513 බ ඹ ලි ය මුවේ නිතොර සිරි උරෙනි සි ලී මෙ ම ලි යු පදේ මුල තෙගණග වනීති සි ලි කි ය ලි ය මනා නමදැරු ගුණයට රි සි ලි මු ද ලි දු තුමා නැතිදුක බැරිය ඉව සි ලි

1514 ප ළ ක ළ විකුම් නෙක ගෙලරද මැති හ මු වේ දු ල ක ළ යසින් දියතුළ එකලෙසක මු වේ ලෙ ළ ක ළ දිගුන් නිති සොමිගු ‍කොඳ සු මු වේ ලො ළ ක ළ දනින් දුක දුරුකර ගදි ස මු වේ







220 කව් සඟරාව

1515 ලෙ ව් සි ත සතොස්කළ මුදුවිලසම හැ සි රා ස ව ස ත උගත් වියතුන් පියකළ සු සි රා සි ව් ව ත පිය පුතුගෙ ඔදහළ තුනුරු සි රා දෙ ව් ව ත ලෙසින් සියකොඳ කර කර වි සි රා

1516 දි සි ය මෙතුන් වියු සිව්පද අගයු නි ය සි ටි ය කුරන් එකෙ‍කක් ගෙන නමග ති ය වි ජ ය විකුම් අතපත්තුවෙ අගැම ති ය වෙ දි ය කොතැන්හි දකිනෙමි කර රු ති ය

1517 සි සි යු ර ගුණ නැණිනි දිඩදෙව් කුරා ව න් සි රි ස ර උර මුව සරසවි සදා ව න් සි රි බ ර අතපත්තු මුදලිඳු පෙමා ව න් සි රි සු ර පුරැ දැකුම් මට වාසනා ව න්

දුනුවිල මැතිඳුගේ මරණය ගැනයි.

1518 දු දු ල ස ස රැ සි න් දිසි සිරිලක මැ ද් දේ නු ව න දැ රු ව ද න් හිමි විලසම සු ද් දේ වි පු ල මැ ති න මි න් පෙර සිව්කුරු ල ද් දේ ල ත ර දු ක දෙ මි න් රුදු මරුමුව වැ ද් දේ

           සරම් මුදලිදුගේ මරණය

1519 දි රි යු ත් අ රි ඳු තු රු පා යට කමල ඇ ස පි රි කි ත් ත රි ඳු ස රු පා තෙද තියුණු රැ ස සි රි ස ත් ගි රි ඳු තු රු පා දිසි අනග වෙ ස සි රි ල ක් නි රි ඳු තු රු පා විසු දහස ලෙ ස

1520 සි සි පිරිනිරි වරදඩ මෙත් මන අතු ර දි සි මුල පස්ගෙනෙ පෙරවද සබද ක ර නි සි ලෙස නම ලැබූ මුදලිඳුතුම පව ර නැ සි ගිය දුක හරිනෙමු අපි කවරව ර

1521 ද න ග න පෙදෙස් බස් ‍සහ ලෙව්සිරින් උතු ම් ද ග යෙ න යදින් තුටුකළ සුරතුරෙක උව ම් තැ න තැ න කියෙව් තුතිගෙස දසදිගත නොහී ම් ගු ණ ග න මෙ මැතිඳුගෙ මම කොයිලෙසක කිය ම්

1522 අ ග කව් තුණග යෙදිසිටි වර්ණිනෙක ගෙ න ල ග කර බැලූ සදෙහි හැගෙනා පරපුරෙ න ව ග දැන සඅටි පවර මුදලිඳු සිරිවඩ න ස ග සුරතුරු විනා අපි දකිනෙමු කොත න

පුරාතන කවියක්.

1523 ම ම් බාං ගෙ ණැති පැවිරුවෙමි කොල් ළූ වැ ල් බාං ලෙසට මීයෝ කපත් ළූ තු න් බාං ගෙණැති ඇරියයි බළල් ළූ ඉ න් බාං එකෙක් නාපුය හිවල් ළූ




දොළොස්වෙනි කාණ්ඩය 221

විජේරාම මහතා විසින් ස්ත්රිනයෙකුට යවනලද කවියක්

1524 ක තා විරත මම තනියහන නිදි ක ල පු තා කළු ඇවිත් මල්සැර විද ල ක ල හි තා දැරිය බැරි මුහුකරන කොල හ ල ව තා වක් ඇවිත් යනු මවෙත පිය ක ල

පුරාතන බෙහෙත් කවියක්.

1525 පො ල් ම ල් කිතුල් මල් රුක්මල් රේනු යු ගා ගා ග න රත් සඳුන් පිනිදිය කපුරු යු ගා ප නෙ න් දවා නයිසැව සමගින් මෙර ගා බා නෙ න් බැඳිලෙසට වෙයි දෙනු හුනුසම ගා

දික්වැල්ලේ පසුගිය‍කාලේකදි සිද්ධඋනු විසකුරුසප්පයාගේ වාදය ගැන මුලට කී කවි දෙකකයි.

සිඤ්ඤො බාස් උන්නැහේ විසින්යයි කියති

1526 ම ව ට රසඇති බොජුන් ඇයිදැයි කටුකබෝජන පුරුදු බැවි නේ අ ප ට එහෙමට හැකිද කියමින් මාළු සහ බත් බුදින නිති නේ ප වි ට නෙක තද මසරුකම සහ තවත් තකතිරු අමන බැවි නේ ති ව ට විසකුරු සපෙක් මෙ පියස විය නොදනුද සුදනී නේ

1527 බි න් න බොරු ගම් සබාවට ගොස් කියති දහමේ කළ එ පා ඇ න් නැ වට තව මහණ රුවකුත් රැගෙන එහි දිරියට ප පා පැ න් න පොලගෙකු ලෙසින් යමකදි මදක් රොසවුව කන ස පා මෙ න් න මෙ ලකුණුවලින් සුදනනි දැනගණුව විසකුරු ස පා

මීට පිළිතුරු වසයෙන් විසකුරුසපා වෙනුවට දොන් අල්ලිස් විජේරාම මහතා විසින් කියන්නට යෙදුනු පිළිතුරු කවිදෙකයි.

1528 කැ ඩු න විසදළ හුඟක් අළුතදි පංචවිස්තික විසදුමක් හැ ර ලැ බු න සම්මාදම් මුදල් විගපත්ව විස විහිදෙමින් සියනව ර ර ද න ඉඳියේ ආර පියසෙහි තුඹස්වැල සැපිනියන් සිහික ර අ ම න ඇන්නැ පවිටු විසකුරු සපෙක ඇතිබව දුටිමි සැක හැ ර

1529 පෝ ය දන දුන්නාම පව් සිදුවෙයි කියා එය වලක ලා සී ය විකලව පංචවිස්තික උගුලකුත් තව අටව ලා සෝ ය එකතුව ගත්ත සම්මාදම් මුදල් සුග සිහිවෙ ලා පා ය යන ලෙස ඉන්නඋන් කව්රුද කියන් සබඳිනි බ ලා

දික්වැල්ලේ විසු දොන් තෙදෝරිස් විජේරාම ගුරුතුමා විසින් පන්තනික්කුජ්ජ්නිය වාදේ ගැණ කී කියමක්

1580 පි න් ව ත් තේ නම සිහිකළ කල ගිණියම වැදි හද ට ද න් ග ත් තේ බොරු පලවල ඒක නිසාමයි හනික ට මි න් ම ත් තේ මෙහෙම ඉලපි ලියමන් එව්වොතින් ලග ට ව ම් පැ ත් තේ බැද්දගෙ දිව කඩාවැටෙයි මහපොළව ට


222 කව් සඟරාව

මේ කවිය ‍ජෝන් කවිතිලක උන්නැහේ විසින් කියන ලදි

1531 සා දේ කමටම හීරළුරාලේ මෙනුඹත් ලඟසිටියා නොවෙ දැ යි කී දේ ඔරලෝසුව ගැන මෙනුඹට‍ කදිමට තේරුම් ඇති නැද් දැ යි වා දේ කොයිහැටිමුත් අර තරමට බොරුපලවන්නට සෑහේ දැ යි සෑ දේ වැඩ මෙහෙමත් මහණුන්හට බුදුසසුනත් සෙද විනසන් දැ යි

මේ කිවියත් එම කවිතිලක උන්නැහේමයි

1532 ද න් න කියවත් නොමැති සමෙලද තවත් තකතිරු එගිහි රො ත් තේ ව න් න නැත දදකමට දොඩවන මිදිගමත් යලි එ අවිය ත් තේ බි න් න බොරු තළුගසා පලවන තෙරිඳුදායි යන එපොල්ව ත් තේ මෙ න් න මෙකි අය සමග ඉදගනි සියන සඟ හැම හාමදෙන එපැ ත් තේ

මේ කවිය විජේරාම මහතා විසින් කියන ලදි.

1533 කා සි ටිකක් තිබුනට මැදලා රා ල වා සි ඇතුව කොල්ලන් අරහන බා ල පෑ සි තවත් කවි කීවොත් ඔයලී ල සී සි බොහොම කැතවෙයි මුගමින් පා ල

දියේ දාන වෙඩිල්ලක්.

1534 ගරි හර බඹ ක ලා කඩදාසියක අකු ලා දියපිට ලු ක ලා නැගෙයි තරුසේ දියෙන් බබ ලා

පරණ කවියක්

1535 ර ත් ස ර යුරු වතැති නෙතු නිලි පු ලේ තු ලේ නෙ ත් සැ ර විද මෙමට කළ වියවු ලේ බ ලේ ව ත් ස ර සිඹගන්ට මෙග සිතු පි ලේ තැ ලේ අ ත් හැ ර ගන්ට බැරිල‍ඳෙ තිගෙ ලො ලේ ම ලේ

පුරාතන ප්රසබන්ධි දෙකක්.

1536 මාතර ග‍ඟේ ඉන්නා කිඹුලිගෙ පැ ටි යා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැ ටි යා යනා එන ඔරු පාරු නවතාගන සි ටි යා මිණි නොකයි මාතර කිඹුලිගෙ පැ ටි යා

1537 මන් බාලේ ඇතිකළ තලගොයි පැ ටියා මට තනියට මිදුලේ කෙළ කෙළසි ටියා මරුවෙක් ඇවිත් මරුවෙහෙසින් අරන් ගියා නිවන්පුරේ දැකපන් තලගොයි පැ ටියා

විජේරාම මහතා විසින් කී කවි සතරක්

1538 ති ලි ය කර දිලෙන මා මන කොඳ ම ලි ය සි ලි ය සොමි සරද හිමිසද සොමි සි ලි ය මැ ලි ය නොව මවෙත බැඳ තද බඳ ඇ ලි ය ප ලි ය තව මදිද ගත්තා පෙර ක ලි ය

1539 උ න් ප නේ පණසෙ පෙර පහස වි ඳ වි ඳ වෙ න් උ නේ මිසක යලි මිහිමි ස ඳ හ ඳ ම න් අ නේ කරපු දොස නොවෙමි අ ද ල ද ල න් උ නේ එ දුක පෙර පවෙක ත ද බ ද

දොළොස්වෙනි කාණ්ඩය 223

1540 අ ද ලො ලි යා සිටි වෙන් නොව කොඳ ම ලි ය ම ද න ලි යා මින බැනබැන නොවි සි ලි ය ර න ලො ලි යා පැන එති ගැනුමට ප ලි ය ව ල කෙ ලි යා නොයෙදෙද මින්මතු ක ලි ය

1541 අ ට අ ට අ ටා‍ රති සරඹෙට ය ප ලි ය තු ට කො ට වි ටා‍ මිට හල සැර මිසි ලි ය අ ට අ ට සෙ ටා සොහොවුරු ලියසේ ය ලි ය සි ට න ට කොටා කුට ගියෙ කිම දුලද ලි ය

ස්කෝලේ යන අතරමගදි ලමයෙක් විසින් මග යන තරුණියක් දැකලා තවත් ලගසිටි ලමයෙකුට කියාදුන්නු කවියක්

1542 ව ත ක එලිය බල පිරිසඳ හරණ සු බා ද ත ක පමණ බල මුතු පසුකරණ දු බා වෙ ත ක විනි මදැක දැක ඉන්න සිතුලො බා ක ත ක අරුම බල සකි අර යන සුල බා

වත්තල කොනෙක් විසින් 1879 පෙබරවාරි මස හරියේදි තමන්ගේ අසරණකම කියා සිටිය අන්දම

1543

ස ර ද සද කොඳ කපුරු මුතුහර හරණ යස දසදිග බිතැදි සො ද සු හ ද දන මන කුමුදු තදකර නිබද ලකඹර දිලෙන පුන්ස ඳ වි ‍රො ද රුපු මත ගජන් එඩි කුඹුනිය නියෙන් පලනා කෙසර ර ද සැ ර ද සැම්සොන් රාජපක්ෂ බිදත් උතුම් වාසල මුදලි ස ද

1544 බෝ ස ත් තුමෙනි සැම්සොන් රාජපස බිඳ න හා ම ත් වෙමින් මාගේ දරු සතර දෙ න කෝ බ ත් තාත්තේ බඩගිණි යන හඬි න කී දු ක් එබ සැලකරණෙම් වැඳ සර න

1545 පි ණ් වත් සාමිදරුවෝ මතු බුදුවෙ න් ඩ පි ණ් දිලා ඔබට වැඩකරගන ඉ න් ඩ ක ණ් කානම් කමක්වත් වත්තක ඉ න් ඩ දු ණ් නෝතින් හොඳයි දරුවන් රැකග න් ඩ

1546 ම ම් පෙ ර කළ පවින් පිහිටක් එම ලෙස ට වෙ න් න ට බැරිය සිතොතොත් සුරදුමෙනි සෙ ට ක න් න ට දුක්නැතුව පින්පඬියක් අප ට දෙ න් න ට වත් හොඳයි පණටික රැකගන් ට

එසේම තවෙකක්

1547 දි ග ත රා ඉබු කුඹතෙලේ තම කින් සඳුන් දුන් සැමතැ නා ගු ණ ස රා සැම්සොන් ද ආබ්රෙෙව් විජයගුණරත්නය ය නා මැ ති ව රා රාජපක්ෂආ වාසල මුදලිඳුන් වෙත සැපමි නා ක ර ද රා වැඳ අඩදතීන් ඉඳ දොව ලීවුම මේ දෝතී නා

1548 පැ මි ණෙ මි නා දිලිඳු ඇතු මවෙත දින දි න රු දු රු ව නා දලතුඩුවලිනි ඇන ඇ න ම ද රු ග නා වෙහෙසයි විලස පණය න මැ ති ඳු ගු ණා සිතු සිහනදය දුනමැ න

දහතුන්වෙනි කාණ්ඩය . ———

1549

ය ව් සිරිපිරි තිරි දෙව්මුරුගණ සැම තුර්තනගොස් නද පතුරණ දවසයි පෙ ව් කිරි අමයුරු දම් රස රණරම් මුනිඳු දහම් වපුරණ දවසයි දෙ ව් ලොව නරලොව නාලොව සව්ලොව සතන් වඳින පුදනා දවසයි ස ව් කෙලෙසුන් මුලුපුට සිද බුදුවු ගවෙසා කොත්සව් නම් දවසයි

රාජාධි රාජසිංහ රජතුමානෝ දිනක් වෙස පෙරජ විරිදුකාරයෙක් සේ රබාන ගෙණ අදිකාරම් ආදි නිලමේවරු රැස්ව උන් සභාවකට පැමින කී විරිදුවක්.

1550 දි ය ය ට තිබු කටුව සේම මතුවට පවති ඤ් ඤ යි න යා ට ගුරුලිඳු විලසට සතුරට මුන දෙ ඤ් ඤ යි ඇ තා ට සිහනදය ලෙසට රබාන හඬව ඤ් ඤ යි දැ ත ට ගෙණ රබන් දෙක්ක සිරිලකවට ය ඤ් ඤ යි

මෙය අසා සිටි අදිකාරම් නිලමෙවරු රාජයයි දැන බියපත්ව එක්ෂෙඤනෙන් නැගිට සිරිත් ප්රිකාර බැහැදක දේවයන්වහන්සේ සමාවී වදාල මැනවයි ඇයද සි‍ටියෝය.

කීර්ත ශ්රීා රාජසිංහ රජ දිනක් දහවල් වෙනතුරු නිසා උන් තම බිසව දැක කී කවියක්.

1551 තු රු හි ස තද කරණ තැන තැන සැව්ල න් ද ව න බැ ස තඹර බිඟුගෙණ යන මකර න් ද දි ය ඇ ස උදා වූ රන්රද ගිර ගි න් ද මි යු ලැ ස නැඟුටු කිම තව තිගෙ සැප නි න් ද

සංඝයාකෙණෙක් වීබද්දේ ආරච්චි මහතාට ලියා ඇරිය කවියක්

1552 ස ක වසින් එක්දහස් සත්සිය සුසාලිස් වරුසය යෙ දි ම ක ර අටවිසි බාග එ දුරුතු අවරැසේ වක දිනේ දි නැ ක ත උත්රාසලට හවරැස් සමග ගුජ හෝරව යෙ දි මොක ද නොදැනේ මහපොලව කම්පාඋනේ රෑ දිනේ දි

ඊට වීබැද්දේ ආරච්චි මහතා විසින් ලියා යවන ලද පිළිතුරු කවිය.

1553

උ තු ම් මුණිඳුගෙ සස්න පැවිදිව සඟුන් අනදර කරණු දැක ලා ර ටු න් රවටා නය පොලීකර ගණිති වස්තුව මුලින් සිද ලා ක තු න් තනතුරු නිති සොයා ගොස් කරණ කැතකම් සිවුරු කර ලා මෙ ව න් අනදර නියා මිහිකත පැනනැගුනි මහපොළව වෙව ලා

සිංහල රජ්ජුරු‍වන්ගේ කවටයෙක් වූ මුංකොටුවේ රාල දිනක් ලෝකුරුවාට කී කවියක්.

1554 කු පා ඩමට සළඹක් ගෙණ කි රු වා එ පා කියද්දි පාලග මැ රු වා වි පා ක නැති තව බොහොදේ කෙ රු වා එ පා එන්ට සබයට ලෝකු රු වා

ඊට ලෝකුරුවා විසින් කී පිළිතුරු කවි දෙකක්.

1555 අඹේ මොටද කන්නේ රස නැ ත් න ම් කුඹේ මොටද කොඩි නැගුවේ නැ ත් න ම් තිඹේ මොටද වී ඇමුණක් නැ ත් න ම් සබේ මොටද ලොකුරුවා නැ ත් න ම්


දහතුන්වෙනි කාණ්ඩය 225

1556 ම හ න වෙලා ගෙන් ගෙට බත් හිඟු වා එ හෙ ම කොටම අඹුදරුන් තැනු වා මෙ ‍ හෙ ම නිගාකර දෙලොව රැවටු වා කො හො ම කීද සිරළු මුන් කොටු වා

දිනක් ලෝකුරුවා පිළිමතලව්වේ මහ අධිකාරම් නිලමේ වලව්වේ නොසිටිය බැව් ප්රකකාශ කෙරුම්වස් කි කවියක්

1567 පාන්කන්දබිම තිබුනට පාන නැතුව එලිය ඇ ද් ද බාන් කෙන්ද උඩ තිබුනට වස්සෝ කරල ගනි ද් ද දැතමුතුවෝ ගෙදර නැතුව කොල්ලෝ මට ඇයි කි ද් ද ගෑනු බවේ උපන්නාට ලෝකුරුවා උන් දනි ද් ද

පෝ‍හන් කෙහෙල්පනාල දිසාපති තුමා විසින් තලමලක් සම්බන්ධව කී උඩැක්කි කවියක්.

1558 උනම්බු බෝවල ගම් සතරට මැද කිරින්ද අසබඩ ගග සෑදු නා ගම්පල නාරන්විට කොබ්බෑවල අන්ග මන දේවිට සැදු නා මන්දාරම් කර වැස්සක් වැසලා දුමහිද ඝෝසා බැන නැගු නා දහීරේ තලමල කහටපිටිය මැද පෝරතොට කිට්ටුව පිපු නා

මෙතුමාගේ තවත් ප්රිබන්ධටයක්.

1559 උනම්බුවේ බන්ඩාගේ ව ල ව් වේ බන්ගුලැලි ඇදලා එක ඉ ල ව් වේ රෑන ගිරව් උඩ ඉගිලෙන ත ල ව් වේ පිපුනිය තලමලක් ලෙව්කේ ව ල ව් වේ

මෙතුමාගේ තවත් ප්රවබන්ධයක්

1560 ගම්පල වෙලේ වෙලමැද්දේ කටු ඉඹු ලා අළුත් නුවර දේවාලේ මිරු කැ ලා ගැටඹේ තොටේ නිතරම පදිනා අඟ ලා කටුගස්තොට ගලපිට සිටියයි කිඹු ලා

ගහලගම්බඩ හේ‍න් නෙලන ස්ත්රීඹන් දැක දුනුවිල ගජනායක නිලමේ කී කවියක්.

1561 සි න් සේල රැලි අල්ලා දනින් උ ඩ කෝ න් කොටන වන්ගෙ‍ඩි සේම ඉගබ ඩ කී න් කියා නිලයෝ යති කඩින් ක ඩ හේ න් නෙලති අඟනෝ ගහලගම්බ ඩ

යටවර ‍රටේ මැතිතුමා හට මිත්රබයෙක් කී කවියක්

1562

සු පි රි සිසිවු උබයකුලයෙන් පසිඳු යටවර නම් ද රා සු සි රි දැරු සොඳ විපුල ගරුවන් තනතුරක් ලත් ඔබට සොඳු රා ස සි රි බර සුබ සරණ අත්වෙය පසිඳු යසසිරි මනහ රා පැ ති රි දසදෙස ඔබගෙ ගුණ සැම සැරද සිරිවිඳ දියතු රා

ඊරියගම පුංචිබන්ඩාර මහත්මයා කී කවියක්.

1563 අ ර න ත් පිපි කුසුම් සුවඳින් වන දි ‍ල්ම පො ර න ත් පැවති අගනෝ කරතිය ඇල්ම උ ර න ත් වෙලා පරුවත කොනකින් බැල්ම ස ර න ත් ඔබගෙ සරනයි පනයත ක ල්ම


226 කව් සඟරාව මෙතුමා විසින් ඊරියගමදි රා කලයක් ඉස උඩ තබාගෙණ එන තරුණ ස්ත්රිොයෙකුට කි කවියක්.

1564 එ ල්ලෙ න නෙරි නරුව සුරතිනි දර න් නේ ම ල් ල න වරල ගෝඩා වෙනි තොම න් නේ දැ ල් එ න කැකුළු තෙන මා දෙස බල න් නේ බෙ ල්ලෙ න් උඩ වෙරිය ඔය එන ලඳු න් නේ

කහවේ නොන්නී තරුණ අවස්ථාවේදි ඇගේ පියාට අටදාහේවත්තේ සිඤ්ඤෝ මහත්මයා කී කවියක්.

1565 දි ඩ ත ර වන් මහරාලේ බානව ට තු ඩ බො රු වන් බස් මම නොකියමි කප ට වැ ඩ ක රු වන් සමග අරියොත් දර දිය ට බ ඩ ද රු වන් වෙයි තමුසෙගෙ දුව හොර ට

ඊට හම්බන්කාර ගෑනියෙකුට ගල්මන්ගොඩ සිල්වා මහත්මයා නුවරදි ලියා ඇරිය කවියක්

1566 ත ල සුම් තල මිසිරි කිතුලක කෙඳිසේ මා මු නු ම් මුක්කුම ගිරවිගෙ තුඩසේ මා ‍අ ඩි යු ම් ඉඩයුම් පෙත්තක රුවසේ මා නා නු ම් නී නුම් එක්වෙන සැටී කොහො මා

ඊට හන්බන්කාර ගෑණි කෙනෙකුට කියා සාදවා සිල්වා මහත්යාට එව් පිළිතුරු කවිය.

1567 අයියා සිල්වා දොරෝ අහපන් වදන් මෙ ම අඩුත්ත වීඬුලේ ඉන්නෙමි දැක දැක ම පුරුසන් රාවු වේලෙනකි යන සැමදා ම නානුම් නීනුම් එක්වෙමුකෝ සිතුසේ ම

තේරුම් කවි තුනක්.

1568 නොනා නා විලට ගොස් නැමි නැමි යේ උනා වරල එක අතකින් බඳි ‍ යේ රසකර සදා ලොව සැමටම බෙදා යේ නොනා නා විලේ නම කිය සකි යේ

1569 පි නා නා ග නා මහවැලිගග සොබ නා උ නා නා ම නා කෙහෙ ජලපිට කෙලි නා ම නා නා පි නා නානා සැටි අග නා ය නා නා ග නා රුව බලමුව නෙති නා

1570 ඉසේ කමත්කර කොන්ඩේ බඳි න් නේ ඉස එලියෙයි පය ගේකයි ලගි න් නේ ඉසේ නොවෙයි කකුලේ පන තියෙ න් නේ කකුලෙන් වපුල බිජු තොරා එව න් නේ

නාගුළුගන්තොට ස්ත්රීොයවකට කිරිබත්ගොඩ පබිලීස් වෙදමහත්මයා කී කවියක්.

1571 බ න් ඩි බුන්ඩි ලොකුවෙනකොට ගෑනු න් නේ ව න් ඩි කන්වලටමයි උන් හැසිරෙ න් නේ දැ න් ඩි පිරිමි මග යන එන බලමි න් නේ බොන් ඩි ල තමයි නැගුළුගම වනස න් නේ දහතුන්වෙනි කාණ්ඩය 227

මෙතුමා විසින් අරන්ගල නමැති ගමේ සිඤ්ඤයිගේ දුවට කී කවියක්

1572 සු ර න් උමතු කරවන සලෙළුන් අ ටි ය ත ර න් වැළද ගැන්මට සිනිඳු ඉග ටි ය අ ර න් සලෙලො දුටුවම යන්ට ව ටි ය අ ර න් ගල සිටය කත සිරිකත ව ටි ය

වැල්ලම්පිටිය ‍පලාතෙන් වෙළදාම් සඳහා එන තරුණ ස්ත්රිතයාවගේ අවකල්ක්රිටයාවක් දැක මෙතුමා කී තවත් කවියක්

1573 සෙ ල් ලා පිල්වලදි ගැටතෙන මිරික න් නා අ ල් ලා බිසි කියා කොළුරැල කොඳුර න් නා අ ල් ලා ගේතුළදි යොන් කොල්ලෙක් ඇ න් නා වැ ල් ලා පිටියෙ අබිසරි ලියො වැඩිවෙ න් නා

ඊරියගම පුංචිබන්ඩා මහතා විසින් කෙනෙකුට කරුනක් සඳහා ලියා ඇරිය කවියක්.

1574 සොඳ සි ත ස දා දවසැර ඉඳ අපි දෙ න් නේ ත ද සි ත ය දා අප සිහියට නැත එ න් නේ හ ද ව ත නොදා කොහොමද නුඹ පසුවෙ න් නේ සු ද නැත මෙදා දී කිර මීහරකු න් නේ

ඊට පිළිතුරු වසයෙන් ලියා එව් කවිය.

1576 එ ක් ක දුවන පාලටුවද කෝදා ගොඩ පොල්ව ත්‍ තේ ව ක් ක ගසා අතකින් වසනා පිනිදිය ව ත් තේ උ ක් ක නොගෙන බොරු පවසන ගලගම නායකමු ත් තේ ම ක් ක ර ලද නායක කම් අතුර ලියට ඇදග ත් තේ

නුවර බෝවල රන්හාමිගේ කවියක්

1576 ක ව ර ක ල ද ගලපිට මල් පිලෙ න් නේ ක ව ර ක ල ද මෙර සුලගට වැනෙ න් නේ ක ව ර ක ල ද මුහුදේ ‍දුම් නැගෙ න් නේ ක ව ර ක ල ද අපි එකතැනට සිටි න් නේ

ඊට පිළිතුර කවිය.

1577 වැ ල් ගියෙ නම් ගලපිට මල් පිපෙ යි බො ල න් අ තු ගියෙ නම් මෙර සුලගට වැනෙ යි බො ල න් නැ ව් ගියෙ නම් මුහුදේ දුම් නැගෙ යි බො ල න් හිත ඇත් නම් දෙන්න අපි සමගි වේ යි බො ල න්

කර්තෘබ නම නොදත් ඉතා පුරාණ කවියක්.

1578

කොත්මලේ කොටගෙපිටිය සහ ඌරුපැල්ලේ ගමගෙදර රා සත්තට කුමරිඳු වාසලය කෙරුවේ පැල්ලේගම ඒ මහ ගෙද රා රාසෙට කුමරිඳු ඔටුනු පැලන්දා ලකතුළ රජකම ලැබ නොහැ රා ගත්තර නාමය පටබැඳ තැබුවේ කොත්මලෙ වැසියන්හට නිත රා



228 කව්සඟරාව

පන්සලට නිතර යනෙන කොළුරැලකට අප්පුසිඤ්ඤො කී අවවාදයක්

1579 ම් කි ය න ‍ෙමපද අසමින් තොප සි ල් ලා නි ති යෙ න පන්සලට පැනලා නුදුව ල් ලා බැ ති යෙ න කියන බොරුබස් සිත නොගනි ල් ලා රු ති යෙ න පන්සලට කිසිකල නොය ල් ලා

රිචඩ් කරුණාතිලක කටුකැලේ පොඩිනෝනාට කී කවියක්.

1580 අ න් ද ම් ඉරන්දම් යන්තම් දනිම් න ම් ය න් ත ම් කාන්දම් ඉනවට වෙලිම් න ම් අ න් ද ම් ඇති දෙදෙනා සගවා ගනිම් න ම් වෙ න් ඩ ම් ගස්සවමි මල්වර උනෙම් න ම්

මෙතුමා විසින් පොඩිනෝනාට ලියා අරින ලද ලියමනක පිට කවියක්

1581 ප ඬි රජ සග ගිහි වැද වැඳ පින් ග න් න වැ ඩි දලදා මහනුවරයි වැඩ ට න් න වැ ඩි කටුනැති නමුත් කටුකලයේ ඉ න් න පොඩි නෝනට මෙහසුන ගොස් දීප න් න

දිනක් කල්ළුඅජ්ජා, පිල්ළුඅජ්ජා නමැති මෝ‍ඩයෝ දෙදෙනෙක් තලමලක් පිපි නොයෙක් කවිවරයින් කවි සාදනවා දැක යහළුව අපි දෙදෙනාත් කවියක් සාදමුය කියා. කෙනෙක් පළමු පදය කීය. අනිත් අය දෙවෙනි පදය කීය. ඊට පසු ගමේ කවිවරයෙක් කරා ගොස් අනිත් දෙපදය සාදවා කවිය සම්පූර්ණන කර ගත්තාළු.

ඒ මෙසේයි.

1582 එ ගො ඩ හ ගොඩේ තලමලකුත් පිපි ජ් ජා මෙ ගො ඩ හ ගොඩට ඒ තලමල පෙනි ජ් ජා ගමේ කවිකරයාගේ දෙපදය. එක පදයක් කිවේ කල්ළු අ ජ් ජා අනික් පදය කීවේ පිල්ළු අ ජ් ජා

ගල්මන්ගොඩ අර්නෝලිස් ද සිල්වා මහත්මයා මහනුවර කටුකැලේ පොඩිනෝනා වෙතයවනලද ලියමනක පිට කවියක්.

1583 දැඩිකටු ඇතඅ වනයට ගොස් නුඹ මෙ දි න අඩිගහනා කෝවිලදැක එහි ‍තිබෙ න වැඩි කොලහල නොකර අඩියක් ගසාගෙ න පොඩිනෝනට දීපන් සකි මෙලියම න

මිහිරිපැන්නේ ධම්මරතන උන්නාන්සේ විසින් කරුණක් සඳහා කෙනෙකුට ලියා යැව් කවියක්.

1584 දුකට නොපිහිටන්නාවු සිපත් ගෙයි තිබෙ න් නේ කවටකමට ලෝකේ කොස් කොටන්වෙයි කි න් නේ ‍එමලෙස කිසියම් ආදරයක් දැන් නො න් නේ පනගියකොට දෝහෝ යම් උදව්වක් ලැබෙ න් නේ




දහතුන්වෙනි කාණ්ඩය 229

මිහිරිපැන්නේ ධම්මරතන උන්නාන්සේගේ මේ කවිය ලෙස ගරු. ජේමිස් ද අල්විස් මැතිතුමා කෙනෙකුට ලියායැව් ශ්ලොක දෙකක්.

1585 යු ද ට පි හි ට නැත්තාවු සිපත් ගෙයි තිබෙන්නේ ක ව ට ක ම ට ලෝකේ කොස් කොටන්ටෙයි කියත්ළූ එ ලෙ ස දු ක ට නැත්තාවු උදව්වක් ලැබෙන්නේ ම රු ගෙ මු ව ට වන්නාවු කලේදෝ මැතින්දේ

1586 එ ත කො ට ලැබෙනා යම්සේ උදව්වක් කෙසේ යත් ම ල කො ට බොරගැස්මක් සේ පෙනේ ඉන් නිසා මම් මො න ව ට අදදින් වෙන්නා උදවු බැව් පතන්නෙම් මැ ති ඳු ට මෙපවත් දන්නා වැඳීමෙන් මෙ පත් දෙන්

දොන් බාරොන් ප්රාදිනාන්ඩස් උබ‍යසේකර මැතිතුමා විසින් ඉඩම් අරගලයක් සඳහා ගරු ජේමිස් ද අල්විස් මැතිතුමා වෙත ලියා එව් කි දෙකක්.

1587 ම රු තු ලේ වන්න අපෙ වැඩි මහළු සැ ම පෙ ර ක ලේ සිටම තැන්පත්කරපු බී ම හ ද තු ලෙ ගුනක් කිසිනැතියෙක් අරු ම ක ර බ ලේ අලද පොල් ඉස්දා බොහො ම

1588 ලො කු ක ම ක් කරපු හැටි සතහට පෙ න් නා කි ස ක ම ක් නැතුව අපහට දුක්දෙ න් නා ඔ බ උ ද ක් හිතට ගෙණ මැති වග ද න් නා හො ඳ දෙ ය ක් කියන් කරනට මග පෙ න් නා

ඊට දැනමුතු වසයෙන් මෙතුමා ලියා යැව් කවි දෙක.

1589 ම රු තු ලේ වන්න වැඩිවිය සිටි පොර න මැ ති ත ලේ වැලළු බිම ඔදවැඩි බැවි න බ ත ල ලේ බොහොම සරුවේ හිතාගෙ න ද ද පෙ ලේ නොදැන කළ පවිටුකම් ගැ න

1590 කො ල හ ලේ වැඩිය නොමකර කඩිනමි න ස බ තු ලේ සිටින කෙනෙකුට නඩු දැනෙ න නි සි බ ලේ දෙවා පැමිණිල්ලක් කර න ලෙ ස මැ ලේ මේ පතදි පවසන් ගොසි න

කොස්ගොඩ පඤ්ඤාසාර ස්වාමීන් විසින් ගරු: ජේමිස් ද අල්විස් මැතිතුමා වෙත ලියා යැව් කවියක්.

1591 පි වි තු රු යස රැසින් පෑ ඉසුරු සේ ක රා ම මි තු රු එ ජේමිස් අල්විස් මැතිඳු ක රා එ න තු රු මවෙත එව්බස නෙවුම කඉ ක රා ප ස තු රු මෙ පත දෙව ගොස් සරණ නම ක රා

ගරු: ජේමිස් ද අල්විස් මැතිතුමාගේ ප්රතබන්ධයක්.

1592 සකිය මෙනුඹ ගොස් මේ පත් අරන් දැන් මකා ලා සපිරි ගුණ ජුවානිස් අප්පුහාමිට දී ලා එන විලස කියාලත් නාවෙ කිම්දැයි අසා ලා දුක සැපද සොයාලා එන් බොහෝ ආවඩා ලා


230 කව් සඟරාව

නාකියෙක් තරුණ ගෑණියෙකුට කී කවියක්


1593 ර න් කැ ට සදිසි එන පොඩි පියයරු බා න ල න් කො ට අදර රතදර කරමින් පා න දෙ න් න ට සිතේ මැලිනම් සිඹිනට මූ න ය න් න ට අවසරය දෙනවද මට නෝ න

ධම්මතිලක ස්තවිරයන්වහන්සේ දායකයෙකුගේ නොසැලකීම ගැණ කී කවියක්.

1694 අ ස ල කම් පමණ නොතකා වෙයි මෙහෙ ම ව ස ල කම් කරණ අයහට වන උරු ම ක ස ල කම් මුසා තෙපලා රැවටී ම නොසැල කුම් තමයි තමුසෙගෙ සැමදා ම

මුන්වහන්සේ විසින් ධජයක් ගැණ කී කවියක්.

1595 පි රි මහ කුළුනු අපමුනිරද පෙර දව ස පි රි නිවි පුතුගෙ සෑයෙහි සුසඅමනම් ය ස පි රි සිදු වතක් බිදියෙන් කර සිත සතො ස පි රි නුඹ දද විසල්පුරයට වැඩි දව ස

වැලිතොට අමාරිස් ද සොයිසා ගුරුන්නාන්සේ මහත්මයා සැම්සොන් රාජපක්ෂ් මුදලිතුමාට කී කවියක්.

1596 උ ර සි ර ල න් දු සරසවි මුවතුල රැ න් දු න ම ප ර සි න් දු සැම්සොන් රද පස ඉ න් දු අ ග මු ද ලි න් දු අදිකරනෙහි පරසි න් දු රැ ක දෙ ති ඉ න් දු බඹහරි කඳකුමරි න් දු

මෙතුමා විසින් කී දොස් කවියක්. විහාරයක වඩුකමක් ගැණ

1597 දිග පුළුලට පමණක් මිමි ගත්තා ම ගත යතිඳුගෙ ගණකම ගන‍නේ කොහො ම නැත එය කළ වඩුකම හරියනනේ ම සැක ඇත පෙණෙනුය කාටත් බැළුවා ම

කොග්ගල ගුරුතුමා ලක්මිණිපහන් පත්රමයත් සමග ජෝන් ප්රේණරා මහතට ලියා යැව් කවියක්.

1598 ද න් න නෙක සතර රත්නය අම පා න ව න් න ම හද කිරිසයුරට සද පා න වැ න් න ජෝන් පෙරේරා අබිදන් පා න මෙ න් න මැතිසඳුට දෙත ලක්මිණි පා න

මෙතුමාගේ සරදම්බලියාගය ඉල්ලා එව් කෙනෙකුට ලියා ඇරිය කවියක්

1599 සි ව් ව න කත රඳන උරමුව තිවට ලි ය ක ව් ස ත සිතසෙ දත් මෑතිඳුනි කරදො ලි ය එ ව් ප ත නිසා වෙ‍හෙසට බැළුමත් ය ලි ය කො යි අ ත ගියාදෝ නැත සරදම් බ ලි ය


දහතුන්වෙනි කාණ්ඩය 231

සරදම්යාගය සමග මර්තේලිස් අප්පුහාමිට කෙනෙක් ලියා එව් කවියක්

1600 පු න් න සඳසෙ ගුණයුතු මැතිඳුනි මා ගේ උ න් න නෙසත දැන කොග්ගල යති වේ ගේ ග න් න දිනුම කළ සොඳ සරදම් යා ගේ මෙ න් න ඔබට බැලුමට අද රෑ බා ගේ

බුලත්ගම ස්ථවිරයන්වහනසේගෙන් කෙනෙක් සසදාව ඉල්ලා ලියා යැව් කවියක්.

1601 සරද සද කැතෙව් දිග පතල යසසි නී සපිරි බුලත්ගම නැනයුත් යතිසදි නි දානයකර මෙ සිව්පද මුල සිව්කු‍ෙ නි වරද හැර පොතක් එව මැනව කුළුනෙ නී

ධම්මතිලක මහාස්ථවිරයන්වහන්සේ වවනලද උක්ගස් කන ලේන්නුන්ට කී වස්කවියක්.

1602 ක න වා ලේන්නු උක්ගස් ‍මෙහි වැවෙ න එ න වා දැමුවත් අල්ලාගෙන ගොසි න ඇ තු වා නම් ඔබගෙ අනුහස් මහසෝ න එ ල වා එවොත් මැනවිය උන් විගසකි න

මෙතුමා කරුණක් සඳහා කී කවියක්

1603 වැ ටී දත් හැකිලි දෙකපොල ම නා ව නා ක ටී බිද නැමි පියයුරු ව නා ව නා වැ ටී වැටි තරුණ ලිය දැක තැ නා තැ නා නැ ටී අනග කියමින් ඩෙන් ඩෙ නා ඩෙ නා

මිහිරිපැන්නේ ධම්මරතන සාමින්ට නෑමට වතුර ඇද දුන් බබයට කී කවියක්.

1604 ද ත් න න් කෙළි කවට මේ බබයා අප ට වි ත් පැ න් අරන් දි නෑවිය සිතුලෙස ට සි ත් ස න් ‍තොසින් ඒ වෙනුවට දවාල ට බ ත් පැ න් වලින් සලකනු වෙනදට හොඳට ට

මෙතුමාගේ ප්රපහෙලිකා කවියක්.

1605 ඉ සු රු නෙ ති න් බැළු ගෙදරට ගියොත් තො පා ඉ සු රු ග ම න් යයි තොගෙ පිට අඩ මා පා ඉ සු රු මු ලි න් හැර බඩු කී ගමට අ පා ඉ සු රු න දි න් මුව දැක ගෙට යයි නෝ පා

දිනක් කොල්ලො රැලක් පන්සලට විත් දුවපනිනවා දැක මෙතුමා කී කවියක්.

1606 කො ල් ල න් ඇවිත් පන්සල ඇතුලට වැදි ලා බ ල් ල න් විලස හොඳටම කෑකෝ ගා ලා පෙ ල් ල න් දමා ඇද පුටු ටික පොඩිකර ලා ලෙ ල් ල න් කරපු වෙනදේ නොදැනම මූ ලා



232 කව් සඟරාව

බෞද්ධ සංග්ර්හව නමැති පොත් දෙකක් සමග ධර්මාසේන මහතා මර්තේලිස් අප්පුහාමිට ලියා යැව් කවියක්

1607 පු න් න සොමි රැසසෙ යස ගුණ දරමි න් න ඉ න් න වෙණ අගන උරතිනි ලොබයෙ න් න දු න් න මල් සදිසි රුසිරැති සුපස න් න ඔ න් න මෙ පොත්දෙක මැතිදුනි පිළිග න් න

කාර්ලින් ද අල්විස් මහත්මයා කී වස්කවියක්.

1608 නි ති බලා උන්නු හෙරලි ගෙඩිදෙක ඇරලා පැසෙ න් ඩ ග ති කඩා හොරු ඊයේ රෑ සූකර මස් බුදි න් ඩ අ ති සාර බඩුකඩඩුත්තු උන ගිණියම් දෙමින් උ න් ඩ නැ ති වෙයන් ඉරුදෙවියනි මතුවත් අපි හෙරලි ක න් ඩ

මෙතුමා කොස් සම්බන්ධනව කී තවත් කවි දෙකක්.

1609 ග ස් පුරාම පලදා නොවනවා මි ස කු ස් පුරාම කෑවත් මනවඬන තො ස ම ස් නෙරාම බබලා ගත වෙමින් ය ස කො ස් සමාන රසයක් තිබෙද දියකු ස

1610 වැ ර ලි ඇදි අපට මේ කළු හර දර න පෙ ර ලි නැතුව බුදිතෝත හොඳ වඩපිරෙ න කැ ර ලි මස් වැඩී ග බල වැඩිකර න හෙ ර ලි සරි දෙයක් කෝ මේ මුළුදෙර න

මෙතුමාගේ තවත් කවියක්.

1611 වැ ස් ස ට පින්නකට නොතෙමා මනාකොට ට ප ස් ස ට කර තිබා කොස් නැති අවාරෙ ට නි ස් ස ට පොල් හා තම්බා දවාල ට කො ස් ඇ ට වැනි රසයක් කෝ සැබෑව ට

ගම්පල ඔයෙ නානා තරුණ ස්ත්රී යෙකුට සයනේරිස් ද සිල්වා මහතා කී කවි දෙකක්.

1612 ති ස ක ලි ය සි රි න් බිඹුදර සඳ උව නා නි සැ ක තු ගු ග හ න් රණකුස තිසර ත නා ලි යෙ ක දැ ක මෙ දැ න් ගම්පල ඔයෙ නා නා ම ත ක නැ ති ව උ න් ගැමිදම් මතක් උ නා

1613 ලෙ සා දිව අගන උනමින් නිල්වර ල ග සා තනපටින් යටකර තෙනමඩ ල බැ සා ඔයෙ නාන ල‍ඳෙ මෙතිගෙ තුනුවි ල ග සා ගෙණ මසුන් කයි කොඩනැගිය බො ල

කුන්තුනාවේ හාමුදුරුවන්ගේ වස්කවියක්.

1614 හ ත් අ ට ව රේ හොරකම් එලි උනා ති රේ ම ත් ත ට දු රේ වැටෙතියි කිව් අවිචි නි රේ අ ත් පි ට ම රේ කටිමින් ගෙට වෙලා හි රේ ග ත් ත ට ගි රේ වැදගන් දෙවි රාමසැ රේ


දහතුන්වෙන් කාණ්ඩය 233

පන්උදුරණ ස්ත්රිඩයො දැක මහළු පුයිඅප්පු කී කවියක්.

1615 පා ට හොදයි රතුවට සැමතැනම පෙ නේ ඊ ට වැඩියි දොඩනා රස වදන් අ නේ කා ට උනත් නොතෙරා ගැණිමමයි ගු නේ මී ට වඩා ඔබිනා ලිය නැතැයි දැ ‍ නේ


මේ කවිය කියා නිමවෙනවත් සමගම ඉන් එක් ස්ත්රී යාවක් කී පිළිතුරු කවිය.

1616 පා ට පෙනෙයි රකුසෙකු ලෙස සොහොන් ප ලේ ඊ ට වැඩියි රළුගති කී කවියෙ බො ලේ මූ ට ලියෙක් කිසිකල නොම‍කෙරේ ලො ලේ මෝ ට තගේ ගැගපිය ගොස් ගෙදර බො ලේ

මො‍රතොට යතිඳු සාමනේර අවස්ථා‍වයෙහිදි පිඬුසිගීමට තණ කෙතක් මැදින් යනකල නියරට නැමි තිබුන තණකරල් දෙපැත්තට බේරා යනාතර දාන වේලාව ආසන්නවු බැවින් දායකියින් තෙරුවන්වහනසේගේ ප්රටමාදවීම විචාල කල්හි මේ කවිය කීය.

1617 ස රු ව ත් කෙතක් බිජු වපුලේ පැලවෙ න් ඩ මැ රු ව ත් බැරිය දුටුදෙය නොකියා ඉ න් ඩ බො රු ව ක් නොවේ මට ජාතියෙ කඹුර න් ඩ ව රු ව ක් පොරේ තණදෙක හරවා ග න් ඩ

‍ ගගලපැල උඳුරාගත් සොරෙකුට කී කවියක්.

1618 ව න් නට බැරිය සුරිඳුනි හොරුගෙ ර ගේ පා න් වෙන තුරුම රැකවල් නිතර ව ගේ හී න් පැල ගහල උඳුරාගත්තු අ ගේ යො හො න් කළු කුමරු ඇටබිඳ හරින් උ ගේ

ගොයම් සොරෙන් කපාගෙණ ගිය ස්ත්රීියෙකුට කෙනෙක් කී කවියක්.

1619 ක ර ල් කපා ගෙණ ගියෙ හාමිනේ ම ට ව හ ල් වී ජාති ජාතියෙ උපදින් ට මෙ ක ල් පුදමි තෙල් මල් අපෙ මුණිඳුන් ට මෝ ල් පාරකුත් දෙමි ලැබුනොත් මෙම ට

‍‍ජෝන් අබය‍කෝන් විජයවික්රමම සේනානායක මුදලිතුම මීගමුවේදි විසිතුර ගිරයක් මි‍ලේට ගෙණ වලව්වේ මහත්මයාට ගිරෙත් සමග ලියා යැව් කවිය.

1620 න දි ය ට බැස කෝපු තොටලග පිය සොල වා බු දි න ට බුල්ත සහ පුවකුත් සිතුඑල වා ක දි ම ට ගොස් සිටිය රසගදැක කඩගා වා රි දි ය ට ගතිමි පියඹට දෙන ලෙස ගිර වා





234 කව් සඟරාව

මෙතුමා විසින් ගිරාගම සෙනෙවිරත්න දියවඩන නිලමේ වෙත ලියා යවන ලද කවියක්.

1621

සෙ න් ක ඩ ග ල නු ව රේ පිහිටි මුණි මැදුරද රැක නිත රේ පි න් ක ඩ නෙ ක ර ති රේ සැදැහැ සිතකින් මුණි සසුන කෙ රේ පැ න් ව ඩ ව න එ දු රේ දරණ එ ගිරාගම මැති පව රේ න න් වැ ඩ ක ර මෙ ව රේ දිලේවා රිවිමෙන් ලකඅඹ රේ

මෙතුමා විසින් තත්ගුරුවු මාවැල්ලේ ධම්මානන්ධද යතීන්ර්කඅඹයානන්ගේ මරණය සඳහා කී කවියක්.

1622 අ නු හ ස් පතල කරමින් ලොව සුවිපු ල් ලේ වෙ නු වෙ ස් අරන් විසුලෙස පෙර නොපැකි ල් ලේ දි නු ප ස් මරුන් අපැදුරු යති මාවැ ල් ලේ ම නු වෙ ස් අතැර ගොස් මටවිය ලතැවි ල් ලේ

මහබ්රුහ්මයා ඉස කොටනවායයි දිනක් ස්ත්රීලයක් කතාවෙන විට මෙතුමා කී විහිළු කවියක්.

1623 හ රි සු බා ලියන්නේ හිස එක නම ළූ ර ති ලො බා අගණ හිස ගනනක් නැති ළූ හි මි ල බා දෙන්නටන් කොටනා හැටි ළූ ම හ බ ඹා කරන්නේ ඇයි ඔය විහි ළූ

මෙතුමා දිනක් අයිසැක්පිනතු පාදිලි උන්නාන්සේට උනරෝගයක වැලඳී මදක් අසනීපවී සිටිනාතර ළුනුලාපු ලූල්මාළුත් සමග මේ කවිය ලියා යැවිය.

1624 ගො ස් අද සල්ගාදු නිවසට නුඹ යා ළූ ‍තො ස් කර කිය එව්වේ ලූලගෙ ළුනුමා ළූ හි ස් දෙක නමා පින් තුතිකර සිය ළූ දො ස් උන නැතිවෙළු කෑවිට ගුණවේ ළූ

ගරු ජේමිස් ද අල්විස් මහතා විසින් කරුණක් සඳහා කී කවිදෙකක්

1625 න න් බෙ ල සුල බෙදිමට මාවත ක් කු ව න් ක ල අහර පැසවන ගිනි මැල ක් කු ඉ න් දු ල සදිසි ලෝ පරසිදු තෙල ක් කු සි න් හ ල අපට අවසදයකි අර ක් කු

1626 අ ප ට වඩා වැදගත් මහතුනුත් බො ත සි ත ට නැගෙණ දුකඳුරු සැම ලයි ඉව ත ග ත ට‍ පැමිණි රෝදුක් සම නැතිකර ත ස ත ට මෙහෙම බෙහෙතක් නැත මුළු දිය ත

ඊට බටුවන්තුඩාවේ පඬිතුමා විසින් ගරු ‍ජේමිස් අල්විස් මහතා වෙත ලියා යැව් කවියක්.

1627 අ ප ට වඩා වැදගත් නම් රා නොබො ත සි ත ට සුරාවෙන් නිති ගෙණ‍දෙයි උම ත ග ත ට පැමිනි රෝදුක් සැම් වැඩිකර ත දු ක ට ඔහොම බොහෙතක් නැත මුළු දිය ත


දහතුන්වෙනි කාණ්ඩය 235

ජෝන් කවිතිලක මහතා නාපානදි කී කවියක්.

1628 නාපානින් විත් නෙලනා රත්න න් ගේ නාටක ගෑණු ගොල්ලක් කර ඉඟිබි න් ගේ තා එන මට සිනාසුන නැතුවම ස න් ගේ නාමෙටවත් නැතුවද සැමියෝ මු න් ගේ

මෙතුමාගේ තවත් ප්රමබන්ධයක්.

1929 පු න් සො මි යු රේ ඔදකළ සකි දලනි න් දු බ න් ය ස හ රේ පින් පියයරු දිගු ල න් දු වෙ න් ස ර උ රේ රැඳු යතිඳුට එනැති න් දු දෙ න් ම මි තු රේ මෙය වැඳ පර අරවි න් දු

සංඝයා නමක් විසින් එව් තැග්ගක් පිළිගෙණ කරුණාරත්න මහත්මයා ද ලියා යැව් කව් දෙකක්

1630 ද ර න තැ න බ ර ණ සි ල් ක දි න නියති නී ත ද න ගු න ව ඩ ණ දෙ ව් න ද න යතිඳු නී තු ලි න ම න න ය ණ ‍එ ව් පෙ මි න ඔබති නී ත ටි න ගෙ න ක ර ණ තු ති ව ද න ගනුමැ නී

1631 කි තු මු තු හ ර ගෙ ල ස ර ස ර පැලැ න් දු සි තු සි තු යු ර ක ළ හ ර ස ර මුනි න් දු ගැ තු යු ර ව ර බ ල ත ර ස ර ගුනි න් දු ඉ තු සි තු ව ර ක ල හැ ර හැ ර යති න් දු

පානදුරේ කම්මල්ගොඩේ ගෙදරක රාමඤ්ඤ නිකායේ උන්නාන්සේලා කාර්ලින් අල්විස් උන්නැහේලාගේ ලව්වට පින්ඩපාත වැඩිවේලේ තම්බාපු වැලිකොස් ඇට පූජාකළවිටක අසතුටු වසයෙන් වලව්වෙන් ලැබුනේ වැලිකොස් ඇටයයි කියා ඊට පසු සිරිත් වශයෙන් පින්ඩපාතයට නොවැඩිය නිසා කාර්ලින් ද අල්විස් මහතා උන්නාන්සේලාට ලියා යැව් කව් සතරක ලියමනේ පිට කව.

1632

ද න් ක ලේ දසබල දහම් දෙසමින් සතන් සිත් පහදවාගෙ ණ ක න් ම ලේ ගාවා මගෙයි වස් සිටින යති‍ඳෙක් අතට සැකවි ණ ප ස් ස ලේ ඇති සියලු කටයුතු එකක්වත් අත්නොහැර තවසි මෙ න්බොලේ මේ ලියුම දී වර ලැබුනෝත උත්තරත් අරගෙ ණ

ලියුම.

1663 ස ති ය ක් පිඬු සිගා වඩිනා‍කොට නොහැරම එක ගේක ට ද ව ස ක් පමනක් ඇවිදින් යලි නාවේ අපෙ ගෙදර ට කි සි ව ක් ගෙයි ඉඳුන දෙයක් නොතිබුනුවෙන් පුදනලසෙ ට හ ද දු ක් වි දුන් සින්දාදෝ තම්බපු වැලිකොස් ඇ ට

1664 න ඹා තිබු වැලිකොස් ඇට දුන් සින්දා වැඩි එකල ට අ ඹා වක් සදා මෙ ගම පතල කළා මිසක් සැම ට ස ඹා කරණට පිඬු යෙදු දවස් හයත් සිරිත ලෙස ට එ ඹා මහනනි ඇයි ආයෙත් නාවේ අපෙ ගෙදර ට


236 කව් සඟරාව

1635 බෝ ලෙ සි න් අයද පිළිතුරු එවන මෙ ණ මෙ ලෙ සි න් ලියා එව්වේ සැක නොගෙ ණ කා වි ය න් බඳින වල් අඹ පැල නස ණ කා ර් ලි න් ද අල්විස් නමැති ම විසි ණ

අල්ප දයන්නා නමැති විහිළු නමක් ඇති නක්ශාස්ත්රැකාරයාට කාර්ලින් ද අල්විස් මහතා කී කවි දෙකක්.

1636 අ ල් ප අකුර ගැණ බැළුකල අපෙ මෙ සින්හල හෝඩි යේ ක ල් ප වසක් හිනහවෙන්ට එකක් තියෙන්නම් යෝදි යේ සි ල් ප පොදිය උසට පිටේ බැඳගෙණ ඇවිදන විදි යේ අ ල් ප දයන්නක් වැඩිපුර තිබේය මාතර හෝඩි යේ

1637 තු ට් ටු ව අත මුට්ටුව මාතර සිට ඇවිදි න් නේ ගැ ට් ටු සමග සොටමුත් ලැබ කටමැත දෙඩුමෙ න් නේ ර ට් ටු පුදන තුට්ටුව නැති වී නුඹ වගසි න් නේ ඔ ට් ටු කරමි මට්ටුවෙලයි පානදුරෙන් ය න් නේ

මෙතුමා විසින් අල්ප දයන්නාගේ වෛස්යාි ස්ත්රිුට කී කවියක්.

1638 සි ල් ප කි සි ත් එළු වියරණ නොමදැන කිසිවක් ලකේ ට අ ල් ම ක මි න් උගතුන් හා වාදෙට පැනයන අගේ ට සි ල් ප බ වි න් නැමි ඉන්නන මෙන් පිට කුදු උනු වකේ ට අ ල් ප ද ය න් නටත් ඕක පෑවද ‍අනේ උඹෙ විසේ ට

පානදුරේ නැසිගිය ප්රෙයද්රිතක් මුහන්දිරම් මහත්මයාගේ දුව තෙලගපාත රණසිංහ මහතා කසාද බඳින දින තොරණෙ ගැසීමට ජෝන් බ්ලොක් ඉන්ස්පැක්ටර් මහතා සාදා දුන් කවියක්.

1639 පු න් සො මි යු රු කුමරී ගුණතිලක සසොබ නා සෙ න් පි රි වැ රු කුමරු සරණෙට එන බැවි න ම න් බැ ඳි එ ග රු මහතුන් කැදවන බැවි න න න් සි රි දැ රු සුමගුල් හලට යන තැ න

කාර්ලින් ද අල්විස් මහත්මයා විසින් ඊට සරදම් වසයෙන් කි කවියක්

1640 කු ම ර යි කුමරිගෙයි මගුලට සොබාම නේ හො ද හ යි ලිවිලින් බ දලා ගෙන තා නේ නෙ ර ළු යි තළුයි එල්ලා සැරු කනු ගා නේ ගෙ ඩි ගෙ යි තිබුනි කයියක් පැපිලියා නේ

ඉලන්ගන්කෝන් මහ මුදලිතුමා බටුවන්තුඩාවේ පඬිතුමා වෙත පොතක් එවමින් එහි යම් දොසක් තිබේනම් කිවමැනවයි කියා එව්කල එය බලා පොතත් සමග ලියා යැව් කවියක්.

1641

ඉ ති න් හිමිසද ලකර වියරණ දෝස ටිකටික තිබෙ න් නා එ යි න් කව් හිමියන්ට කිසියම් දොසයක් නැති බම හැගෙ න් නා අ නු න් දොස් කීමෙන් කරුණු කිම මැතිසඳුනි ලෝ පස න් නා මෙ යි න් සැලකර එවුවේ බටවන්තුඩාවේ කිවි න් නා



දහතුන්වෙනි කාණ්ඩය 237

සියනෑකෝරලේ උඩහපත්තුවේ දෙමටදෙනි කඳුගමේ මිනිරන් පතලයක් කඩා වැටීමෙන් අටදෙනෙක් මරුමුවට පත් උන බව අසා එය බලන්ට ගිය වේවැල්දෙනියේ ලජයවර්ධුන මහත්මයා කී කවිතුන.

1642

ස ක ව සි න් රද සකවසින් යේසුස් දහස් අටසිය සැටක් ව න ම හ රැ සි න් සත්බාග රිවිගතගොස්තු ඔස විසිඑක්දිනේව න සො මි ම සි න් පුර නිකිනි ‍විසෙනිය නිතිද සිත රිකලත්රතනදි න ගි රි හි සි න් පෙර රිවි උදාවි සුවිසිපැය කිවි හෝරාව යෙ න

1643

උ තු රු දිඟුපති අලකමදපුර විලස සව්සිරි සැපති දනයු ත් හ ම රු සියනෑකෝරලේ උඩුගහ නමැති පත්තුවට ඇතුල ත් සො ඳු රු පියකරු දෙමටදෙනි කඳු ගමෙහි හාරා තිබුන එමහ ත් ගැ ඹු රු පිනිරන් වහලෙහි වැඩ කළ අටදෙනෙක් මරුමුවට වියප ත්

1644

මෙලෙසි නෙහි එක මොහොතතුල අටදෙනෙකුහට පත්විය ම රා එ දි සි සැමදෙන හඬා වැලපෙති මහත් සොවිගීන් සිත් පු රා සු වි සි රියනක් යටට ‍සාරා නවදෙනෙක් වැඩකරණ අත රා එ කි සි මෙක් පෙර නොසිතු විලසට ඉවුර බිඳගොස් වැටුති නොහැ රා

කරුණක් සඳහා මිහිරිපැන්නේ ධම්මරතන උන්නාන්සේ අන්රිිඳගොස් මැන්දිස් අභයවර්ධසන ගුණසේකර මුදලිතුමා වෙත ලියා යැව් ශ්ලෝක සතරක්


1645 ගුණමකු මිනිසෙක් මා එකක සිත් රොස් කමක්වි බොරුවට නඩුවක් කීවා අනේ මේ කලේ දි නඩුනැති එමසන්දා ඇත්ත සැන්ගී දිනාළූ මෙමට විය පරාදේ ඒ නිසා දුක් බොහෝමයි

1646 කොහොම වෙත නුමුත් දැන් මා විසින් වූ පරාදේ සුළු ඇපලට ඉල්ලාලා තිබෙන්නේ නිසා ඒ පිනැති මැතිතුමානෝ මාකෙරේ මෙන් පවත්වා පිහිටවෙන ලෙසින් ඉල්ලා සිටිම අත්මුදුන් දී

1647 ඇ ලෙ න මිනැස් අන්ද්රිවස් මැන්දිස් අ බ ය පි ඩ න ගුන සිරස්මිනි නමදර සු බ ය රු හු න අග මුදලිතුම පදසර ලො බ ය මු දු න පලද පවසමි මගෙ දුකුවී බ ය

1648 සුළු ඇපලට ඉල්ළූවා මිසක් දෙන්ට පෙත්සන් මුදල් නොමැති සන්දා කල් පමාවී තිබෙන්නේ මුදලිසුරු තුමන්ගේ මෙත් රැසින් දැන් මෙදුක්ගිම් නිවන ලෙස විඳින්නේ අත්මුද්න්හි තබාලා





238 කව් සඟරාව

සර් හෙන්රි වොඩි උතුමානන් වහන්සේට සෙනෙවිරත්න මහතා කී ස්තුති ශ්ලෝකය.

1649

ලක්දිව් බප්වැනි‍නේසිරින් යතු නිමල් මන්තොස් රුවින් පැන්සැරා දන්නෙක් සත් මණමෙන් නැතින් පසිඳුවන් එක්දත්විලස්පෑනිතින් දෙව්රුක් පත් විලසින් තිලින් යදිදනන් මන්තොස් පිරූ එක්සිතින් සර්වොඩ් නම් උතුම්න සුරින්ඳු බලයෙන් රක්සා කෙරේවා නිතින්

සබරගමුදිසාවේද, ශ්රීබපාදේද, පැල්මඩුල්ලේ විහාරේද, නායක පදවිය ලත් සුමංගල මේධඞ්කර මහා ස්ථවිරයන් වහනසේ විසින් දොලොස්වල දිසාමහතාගේ මරණය සහ අදාහනය ගැණ ප්රවබන්ධේකළ කවි තුනක්.

1650 ප සැ ස් මුනිරද විසින් දෙදහස් තෙසිය එකසූවසට පැමි නා දි යැ ස් දුනුරැස් පැමිනි සත්දින තෙතිස් පැයෙදි කිවි දි නා දො ලො ස් වල මහ දිසාපති සදු සබරගම් පුරඹරෙහි තෙවු නා එ සි ස් මරු පනිඳුගේ මුවසුව ගැසී පරලොව පත්උ නා

1651

ස බ ර ගම් පුරඹර උදාවි දොලොස්වල මහදිසාපති ස ඳ ති ත ර සපුරිස් කුමුද පොබකර තිලින කිරනින් වැජඹෙනා ස ඳ වි ත ර නොමවන ගුනැති රළුකුළු මහත් මරු පනිදා විසින් න ද ඉ ව ර කරවිය සියටියෙන් සිජ සිරුරු මඬලෙහි ආයු සඳ සෙ ද

1652

එවර එපුරෙහි වසන ඉන්ග්රීයසි ලන්සි සිංහල දෙමල මැතිව රු එපුර වර ඒජන්ත දිඟුපති සමගවිත් මහසෙනග පිරිවැ රු සයුර ගොඩපත් ලෙසින් මහසෙන් ගලාගොස් නදදෙමින් වෙඩිතු රු එවර මලකද සරසමින් ගෙන ගොසින් ගිනිදි දැවු මෙම යු රු

කනුමුල්දෙනි වෙහෙර විසූ කිරම ධම්මාරාම යතිතුමන් විසින් සබරගමමුදිසාවේද, ශ්රීුපාදේද, පැල්මඩුල්ලේ විහා‍ෙර්ද නායකපදවියලත් සුමංගල මේධඞ්කර මහ ස්ථවිරයන් වහන්සේට ලියා යැව් කව් ‍පන්තියක්

1653

සරද සඳ තුරු සුපිරි මුවරද කෙලෙස ගෙල නල සෙවල දලපෙ ල සරද සඳ කෙමි සුපිරිසිඳු ගුණ සුවඳ පිපි යස කමල දියවි ල සරද සඳ සෙවි ‍සමිඳු පෙද සපරගමු දෙස සමග සමන ල සරද සඳ ලෙස නොමද සිරිලැබ හොබවමින් සසුනඹර සුවිම ල

1654 ප සි ඳු තරග පෙල හරගිර පාරද පිපි කුමු දු - පිරි ත රි ඳු අමර ගගරලහෙල නීරද සුර ගිජ දු පු බු දු ප‍ඬෙර දලතුරුවැල සාරද මහ දෙවි දු - සිරි මෙ බ දු සුපිරිසිදු කිතුමුහාරද දිගඹු සැ දු

1655 ස ත ර තෙ පු ල් සින්හ තෙල හදරණ පාතුල සරු -- විදු ස ත ර සි ය ල් පඬිවරහට සුරපා කල බදු රු ස ත ර සු සි ල් කඳ රැගණ සතපා හල නපු රු -- රුදු ස ත ර අ වු ල් කුරු මිසදිටු පිනිපාබල කෙස රු





දහතුන්වෙනි කාණ්ඩය 239

1656 අනත සො ය න පරපන නසනා නොව පැහැ දි ලා - මෙම අනත ක ර ණ සත මැඩහරිනා නිසි අන දි ලා අනත ස ර ණ යදි තුටුකරණ රිසි දෙය දි ලා - හැම අනත ම හ ණ ගන පහදවනා පිරිකර දි ලා

1657

ස ත ර සයුර පැනසර නැවිනා පරතෙර පැමි නා - ලොව වි ත ර නොමැති සත වෙත කරණ සිත අඩුනොව නා නි ත ර සතර පස පෙරසුළුනා තෙර ලෙස ලබ නා - තව ප ත ර සපර දෙස සිරිසරනැ ලැබ වැඩ වස නා

සින්දුවක්.

1658 සිරිසර දර උවිදා - රැක දෙව - මේ දන්කර යතිදා - සිරිලක විසු පෙරදා - දසමුව - දසබිදි සහ සමුදා -

සුරිදා බස සිය මුදුනෙන් පිලිගෙන - මුනිදා හසුනැස විලසින් පුර කින් බින්ද අසුර ඔද

බැන්ද විජය දද, තෙදියත දිගකු යටගේ බබලන - බගසුර අත මතුරා - මග බැස - යනකල ඉසුරා කරා -

කරවා ලොබා අඹු වෙස් ගෙන තමවෙත - මරවා හැරතිය ඇසහට කල සෙත - උන්න දුමිඳුවෙත - දුන්න රැගෙණ සිත - බිය නොව වසවතුගේ ගමනට

යුග සතරට සොබනා - මලිගිය - සපුවද කස මලිනා - සදලා නිමි ලෙස, පැහැයෙන් වෙන වෙන-

බබලා රජසිරි විඳිමින් විඳමින් වැජඹෙන, තැන්ග ගුරුළුපිට අන්ග ඇවිලි සිට, දන හිනිදල පුතුගේ පහකල.

උරහිඳු වටකරලා - මෙරගිර - ගෙන කිරිසිදු අලල - ‍වලදා අමරස, සමගින් සුරකල - පැලදා කොතඹුරු -

ගනිමින් පැහැදුල, පත්තු ලොවට යස පැන්නු ‍සතුරු රැස, මතු බුදුවන මරුගේ මැඩ.

- ( මතුසම්බන්ධගයි. ) -

"https://si.wikibooks.org/w/index.php?title=කව්_සඟරාව_-_vi&oldid=5805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි