කව් මිණි කොඬොල-කාව්‍ය vi

602. 603. සිරි දුල කුම රුවන් ඉන් මෙයින් කිය මින එනු දැක එයකු ම රුවන් බයෙක් නැත මට සිත මින මොහු නම් අබි රුවන් කුමරුට පිටු ල මින පිය වළා එන කෙනෙක සු රුවන් උනී නර‍යකු ඉවත බල මින

602. සිරියෙන් බබළන්නාවූ කුමාරයන් එනු දැක මාරයා වැනිවූ ඒ යක්ෂ යා මේ පුද්ගලයා නම් පිය රජු වළක්වා එන්නාවූ අභීරුකවූ සූරයෙකි.

603. එයින් මෙයින් හෙවත් ඒක මේක කියමින් ද, මට භයක් නැත්තේයයි සිතමින්ද කුමාරයාහට පිටු පාමින් ඉවත බලමින් නරයකු උන්නේය.

604. 605. කුමරිඳු එවිග සින් යකු ද එම ස ඳිනා ඔහු බලා උන් පෙදෙ සින් එ පවත් බලා සො ඳිනා අවුදින් තොවල සින් ලෙසට බිය ව දිනා නිසකවම සිටී සදෙහි සක සින් ඉතිකියයිබලයසනොමැ ඳිනා

604. උතුම්වූ කුමාරයා ඒ විගසින් ඒ ‍යක්ෂමයා බලා උන්නා වූ ප්රතදේශයෙන් අනලස්ව අවුදින් නිසකවම යහපත්ව සිටිය කල්හි,

605. යක්ෂියාද ඒ ඇසිල්ලෙහි (ඔහුගේ) ඒ පැවැත්ම යහපත් සේ බලා බලය හා යසස නොදැන (සිටි කුමාරයා) බිය වන ආකාරයන් මෙසේ කියයි.


121 කව් මිණි කො‍ කඬොල

606. 607. පිරි සිටිනා ම සිදු දිලෙනා රළු නෙ තින් උර තෙලින් පිරි පිරි සිදු මිනී මස් කන නිය තින් දිගු බා ඇ පර සිදු මා වෙත සිත රු තින් කුමරිඳුනි, අඟ පසඟ සුවි සිද කවුරු නම් එද පණට කැම තින්

606. පිරී සිටින්නාවූ රැවුළෙන්ද, සම්පූර්ණ වූ පිරිසිදු වූ උර තලෙන්ද, දිගු අත් අදීවූ ඉතා පිරිසිදුවූ අග පසඟින් ද යුක්තවූ ප්රකසිද්ධ වූ කුමරිඳුනි,

607. ක්රෑදර වූ නේත්ර්යෙන් දිලිසෙන්නාවූ නියතින් මිනී මස් කන්නාවූ මා සමීපයට සිත රුතින් පණට ආහාවෙන් යුක්තව කවර නම් සත්වනයෙක් ඒ ද ?

608. 609. දනිතොත් නොව ලසා ඉන් නො දත් තො වි සින් මෙ මගෙ තතු ඇති වි ලසා ආවයි සිතමි ම වි සින් සැපතට නොව ලසා තොප කවුද? කෙ දෙ සින් අයෙක් ම වෙතට ඒ ද කෙලෙසා අවුද කියවයි කිටුය සක සින්

608. විද්යාාමාන පරිද්දෙන් මේ මාගේ තත්වකය නොවළහා දතිතොත්, සම්පත් විඳීමට අනලස්වූ අයෙක් (කවර) පුද්ගලයෙක් කොයි ලෙසකින් මෙ වෙතට ඒ ද ?

609. ඒ හෙයින් (මා ගැන) නොදන්නා වූ තෝ විසින් ආගමන කරනු ලැබුවේයයි මම කල්පනා කරමි. තොප කවුද? කිනම් දිශාවකින් ආයෙහිදැ යි යහපත් කියවයි කීයේය.

610. 611. එ බසට අලින සිත් මිනී මස් බ දිනා රද කුමර සඳ දැඩි සිත් පෝරිසාදය ල දිනා ඕහට නොව අ සත් ‍ තගෙ අගුණ සො ඳිනා ඇති එතතු මෙලෙසින්ම පව් සිත් නොදැනආවයි නොසිත මෙ දිනා

610. ඒ වචනයට අලින සිත් නම්වූ දැඩි ‘සිත් ඇති රාජ කුමාරෙන්ර්ා යා ඒ යක්ෂඑයාට අහිත නොවී ඇති ඒ තත්විය මේ ආකාරයට ම ප්රෙකාශ කරයි.

611. මිනී මස් කන්නාවූ පෝරිසාදය, තාගේ හෘදයෙහි ජනිත වූ අවගුණයන් හොඳින් නොදැන මේ (අද) දවසෙහි ආවයි නොසිතව.


122 කව් මිණි කො‍ මඬොල 612. 613. සබවසත් රු තිනා ඉන් ම සිරුර මසා දිවි මෙන් රකින නි තිනා බුදිමින් නොවී ක මසා ම පිය රද වෙ තිනා ම පිය රදුගෙ මසා ආමි දිවි දෙන කැමති සි තිනා හරුව ගනුදෙනු ලෙසින් වි මසා

612. සැබෑ වචන‍යත් කැමැත්තෙන් නිතින් ජීවිතය මෙන් රක්ෂාි කරන්නාවූ මාගේ පිය රජ්ජු‍රුවන් වෙතින් ජීවිත දානය (කිරීමේ) කැමැති සිතින් ආවෙමි.

‍613. එහෙයින් මගේ ඇඟ මස් පමා නොවි අනුභව කරමින් මාගේ පියරජ තුමාගේ මාංසයට ගනු දෙනු ලෙසින් විමසා ගනුව.

614. 615. රළු ගුණ යකු වි සින් එසෙවුවත් තො පෙ මින් එ සඳ පවසති මෙ ලෙ සින් පිය දිවි සිලව් කර මින් තොප මුහුණෙහි ලෙ සින් ආ බව දැඩි ක මින් දනිමි රද කුමර බැව් වෙසෙසින් ‍ නොසිතියැකි දෙයක වෙන පිරි මින්

614. රුදුරු ගුණ ඇත්තාවූ යක්ෂ් තෙම ඒ කාලයෙහි මේ ආකාරයෙන් පවසයි. තොපගේ මුහුණෙහි ලෙසින් රජ කුමරෙකු බැව් වෙසෙසින් දනිමි.

615. එසේ වුවත් යුෂ්මත්හු ප්රේ්මයෙන් පියාගේ ජීවිතය වෙනුවට තමන්ගේ ජීවිතය දානය කරමින් දැඩිකමින් ආ බව අන්යු පුරුෂයන් විසින් නොසිතිය හැකි කරුණකි.

616. 617. එ බැස’සු අලින සිත් යමෙකුට දෙ ගු රුවන් කුමරිඳු වඩා ඔද සිත් කෙනෙක් කොදහැර තෙරුවන් පොරිසාදය, දු සිත් එ බැවින් නිස රුවන් අසව කියමින් මෙසේ පවිසින් ම දිවි පිදු බව නොවේ ගරුවන්

616. ඒ වචන ඇසුවාවූ අලින සිත් කුමරිඳු සිත ඔද වඩා; දුෂ්ට සිත් අති පෝරිසාදය, (මා කියන්නක්) අසවයි කියමින් මේ ආකාරයෙන් ප්ර්කාශ කරයි.

617. යම් කිසි පුද්ගලයෙකුට තෙරුවන් හැරුණු විට දෙ මාපියන් වැනිවූ කෙනෙක් කොයින්ද ? එ බැවින් නිසරුවූ මාගේ ජීවිතය පුරා කළ බව (එනම්) ගුරු වන්නේ නොවෙයි.

123 කව් මිණි කො‍්මඬොල

618. 619. එක ලෙසකින් කි යත යළි කුමරිඳු නි සින් මවු පියන් රැකි සුවි යත පවසයි තොපුල් මෙ ලෙ සින් ලැබ යස කිත් දි යත දත් තෙක් මා වි සින් තිදස සිරි ලැබ සෙත් පුරට යත ‍පවෙක් නො‍කළේ පමණ රහසින්

618. එක් ආකාරයකින් කියත හොත් මවු පියන් රක්ෂා් කළාවූ (සුවියත්වූ) සත්පුරුෂ තෙමේ ලෝකයෙහි යසස් කිර්තීන් ලබාගෙන, දිව්යව සම්පත් විඳි නිවන් පුරයට ගමන් කරයි.

619. නැවත උතුම් වූ කුමාරයා මේ අන්දමින් සුදුසු බස් පවසයි. ම විසන් දැනගත් දා සිට රහසින්වත් පවක් නොකරන ලද්දේය.

620. 621. ඉන් මරණෙහි ම තින් දිවිලද සව් ස තය දුකෙන් නොවිඳිමි එක තින් මරුට පිදුනා නිය තය මත්තට බිය කි තින් මෙ ලොවැ’ති සර්ව ව නය වන සෙ ‍කරුණක් නො මැතම වෙ තින් එමෙන් නස්නා බව ද සිරි තය

620. එහෙයින් මරණින් මත්තෙහි ඒකාන්තයෙන් දුකක් නොවිඳිමි. එසේ හෙයින් මතු කාලයෙහි භයක් ඇති වන පරිදි වූ කරුණක් මා අතින් සිදුවී නැත.

621. ජීවිතය ලද්දා වු සකල සත්ව යන් මාරයාට පූජා වීම (මරු මුවට පැමිණීම) නියමයක්ය මේ ලොවෙහි ඇත්තා වූ සකල වස්තුන්ම විනාශය වන බව ද (ධර්ම.තාවයි.) ලෝක ස්වභාවයයි.

622. 623. ජාතිය ජරා වය එ බැවින් සැරි සරා රෝ මරණ සහ මෙලො වය ඇවිදිනා සඳ නි සරා නැවතත් පර ලො වය මරණට අව සරා සසරුනට මේ සිරිත් සැබ වය පෙණුනු දා නැත ගණන් සසරා

622. ඉපදුමද, දිරුම ද, ලෙඩ ද, මරණය ද, නැවතත් පර ලොව ද යන මේ මොවුන්ගේ ධර්මපතාව සසර සැරිසරණවුන්ට (පැමිණීම) සත්යම යි.



124 කව් මිණි කො‍බමඬොල

623. එහෙයින් සසර සැරිසරා ඇවිදින කාලයෙහි නිසරුවූ මරණයට අවසර දුටුවා වූ ජාතීන්ගේ සංසාර විෂයෙහි ගණන් නැත.

624. 625. ඉන් හැර ද මෙ වරා ඉන් කුරිරු යක් රද මරහුගෙන් නැත ඉ වරා තට බාරය මසිරු රද බිය වුන හැම වරා කුරිරු දෙය නිම රද උගෙන් ගැලවුම් වේද ක වරා කරව කියමින් බසින් මිහි රද

624. එහෙයින් මේ වාරය හැරියෝද, මරහුගෙන් ඉවරයක් නැත. භයවූ සියලු වාරයන්හි ඒ මාරයාගෙන් කවර ගැලවීමක් වන්නේද? නෙවේමැයි.

625. එසේ හෙයින් කුරිරුවූ යක් රජුනි, අද මාගේ ශරීරය තට භාරවිය. නොවරදවා කුරිරු දේ ‍කරවයි මිහිරිවූ වචන‍යන් කියමින්,

626. 627. මෙ සිරුර නස මිනා එ සදෙහි තොප පෙ මින් දෙව කිවොත් තො මෙපමිනා මිහිරි මස් අනුබෙවෙ මින් මෙ තුරින් පනි මිනා ම පිය රද කිය මින් ම දිවි දෙමි තොප නමට දැ මිනා ගිය ඉඟිය වර කරව දැහැ මින්

626. මේ සිරුර නසමින් දෙවයි මෙ පමණක් ‍ම තොප කිවහොත් මේ (නුග) රුකෙන් පැන තොපගේ නාමයට මාගේ ජීවිතය දැහැමින් (කැප වශයෙන්) දෙන්නෙමි.

627. එකල්හි තොප ප්රේජමයෙන් මධුර මාංශයන් අනුභව කරමින් මාගේ පිය රජතුමා කියමින් ගිය (ඉඟිය) පොරොන්දුව සුදුසු පරිද්දෙන් ඉවර කරව.

628. 629. මෙසේ එ කුමරු සඳ පිය රද කර ඉ වත් අබිරු වදනින් කි සඳ මෙ තැන් ආ මොහු බල වත් පැහැදී එ යකු සඳ මහ සතෙක පින් වත් නැණින් සලකයි මෙ මෙන් එම සඳ අහෝ ඉන් නොදිරාය කෑ වත්



125 කව් මිණි කො‍ මඬොල

628. මේ අන්දමින් ඒ උතුම් කුමාරයා අභීත වචනයෙන් කී විට ඒ යකුගේ සිත පැහැදී එම කාලයෙහි ඥානයෙන් මේ අන්දමින් සලකා බලයි.

629. පිය රජ්ජුරුවන් ඉවත් කොට මෙ තැනට ආවා වූ මේ කුමාරයා බලවන්ත වූ පුණ්ය වන්ත වූ මහ සත්වැයෙක, එසේ හෙයින් (මෙතුමා) අනුභව කෙ‍ළේ නමුත් පිණි නොවේ. පුදුමයෙකි,

630. 631. එයිනු’පා මවි සින් තොපිය රද මුදු වන කර මොහු යවමි නොල සින් සිතින් ආවෙද මේ වන එ තර යක් වෙසෙ සින් අපටත් සැතැති වන මෙසේ තෙපලයි වදන් සක සින් බවෙක් ඇත්නම් වෙනස් නොම වන

630. එහෙයින් මා විසින් උපායක් කොට අනලස්ව මේ කුමාරයා (මෙ තැනින්) පිටත් කර යවමි යි ඒ නර යක්ෂවයා විශේෂයෙන් මෙ අකාරයෙන් යෝග්ය් වූ වචනයෙන් ප්රයකාශ කරයි.

631. තොපගේ පිය රජතුමා (මරණයෙන්) මුදවන සිතින් මේ වනයට ආයේවේද? අපටත් වෙනස් නොවන්නා වූ හිත ඇති වන බවක් ඇත්නම්,

632. 633. වැ මේ වන තු රද තොප කෙළෙද එලෙ සින් දර රැසක් ගෙන සෙවෙ රද මා නොවෙහෙසී සිතො සින් ගිනි කරව නිව රද ගිනි රැසෙහි වෙසෙ සින් කියා මෙ උපා නැවත යක් රද තොප මරාගෙන බහා නොලසින්

632. දැන් මේ වනයට වැදී විර්ය්මරාය පරිද්දෙන් දර රැසක් (එක්කොට) ගෙන නොවරදවා ගිනි දල්වව යි මේ උපාය කියා යක්ෂග රාජයා නැවත ද,

633. තොප එලෙසින් කෙලේ නම් මා නොවෙහෙසී සන්තෝෂයෙන් තොප මරාගෙන විශේෂයෙන් ගිනි මැලයෙහි අතලස්ව බහා,




126 කව් මිණි කො‍ ශඬොල

634. 635. යළි තොප මස් නො මින් එ නර යක් මෙ මවී අඟුරු පිට ලා දව මින් ස‍දෙහි කුමරුද පෙ මවී කපමින් සැත් ල මින් කෙසර පොර්වක ස මවී මෙ මා කන්නේවේද ළපෙමින් මදක්වත් සිතු බියක් නො මවී

634. නැවත තොපගේ මස් බොහෝසෙයින් අඟුරු පිට තබා පුලුස්සමින් සැත්වලින් කප - කපා හෘදය ප්රේිමයෙන් මේ මා විසින් කනු ලබන්නේ වේව?

635. ඒ නර යක්ෂේයා මේ වචන කී කල්හි කුමාරයා ද ප්රේ ම ඇතිව, කේසර සිංහ පෝතකයෙක් මෙන් ස්වල්පයක්වත් සිතෙහි බියක් නැතිව,

636. 637. සෙද වන දෙකක් කර එ සඳ යකු මෙ ලෙ සින් සිඳ බිඳ දරද ‍එක් කර සිතයි සිත තුළ රහ සින් ගිනි ලා මදක් කර නුවණින් උපදෙ සින් සිටිය සඳ එයකුට මතක් කර බෙලෙන් දැඩි සිත් කමින් වෙසෙසින්

636. වහා වනය (දෙකක්කර) දෙවනත් කොට සිඳ - බිඳ දරද රැස් කොට ස්වල්ප ප්රයමාණයක් ගිනි ලා ඒ යක්ෂ යා හට මතක් කොට සිටි කල්හි,

637. ඒ කාලයෙහි යක්ෂන තෙම සිත තුළ රහසින් මේ ආකාරයෙන් ඥානයෙන් ද, ‍උපදේශයෙන් ද බලයෙන් ද විශේෂයෙන්ම දෘඪ වූ චිත්තයෙන් ද (යුක්තවන්නා වූ)

638. 639. සියලට පුරිස’ තුන් මෙතෙක් කල් මවි සින් සී රදෙක මේ විය තුන් මරණ’බිතයෙක් මෙලෙ සින් මරණට නොබන තුන් නුදුටිමි කිසි ලෙ සින් ලොවෙහි මොහු මිස නොමැත වියතුන් සිතා ලොමු දම් නගා වෙහෙසින්

638. මේ දක්ෂැයා සකල පුරුෂ හස්තීන්ට සිංහ රාජයෙක. මරණයට භය නොවන්නා වූ උතුම් වූ සමතෙක් මොහු හැර ලොවෙහි නැත.



127 කව් මිණි කො‍තුඬොල

639. මෙතෙක් කල් මම මේ කුමාරයා වාගේ මරණයට භය නැත්චතෙක් කිසි ආකාරයකින් නුදුටිමි යි සිතා වෙසෙසින් ලොමුදැහැගෙන,

640. 641. විසිතුරු රන් රු වන් ඔහුගෙ සිත කැල තුම පැහැපත් ඒ කුමරු වන් වෙමින් කරනා ඇම තුම දිලි තඹරෙව් උ වන් දැක කර දන පැ තුම බලා ඒ යකු ඉඳිත ඔද වන් යදින යදිනෙව් නොවී සත් තුම

640. විසිතුරු රන් රුවක් සේ පැහැපවත් වූ ඒ කුමාරයා ගේ නෙළුම්මලක් මෙන් දීප්තිමත්ව ඔද වැඩී ගිය මුහුණ බලා ඒ යකු ඉන්නා කල්හි,

641. ඒ යක්ෂ යාගේ සිත කැලඹෙමින් කරන්නාවූ සිතිවිල්ල (සිතේ වේදනා සහිත අවස්ථාව) දැක, ධනය ප්රානර්තලථනා කරමින් යඥා කරන්නාවූ යාචක‍යකු මෙන් සත්වෝත්තම තෙම මෙසේ කීවේය.

642. රුදුරු කම් නිව රද කරන පසිදුව යක් රද දෙයෙයි හැම ද රද බලා ඉඳිනේ ඉතින් කව රද

642. රුදුරු කම් නොවරදවා ප්රනසිද්ධ ලෙස කරන්නාවු යක් රජුනි සියලු දර රැසද දායන්නේ ය. තව තවත් (ඉතින්) බලා ඉන්නේ කවර කාරණයක්ද?

643. තො ප ට අයිති මේ මැසිරුර ගති මින් සි ත ට හැ‍ගෙන ලෙස මස් කොට ලව මින් නොකොට පමා ගින්නෙහි ලා දම මින් ස තු ට වෙමින් කව කී සඳ එහි මින්

643. තොපහට අයිති වූ මේ (මාගේ) ශරීරය ගෙන සිත්වූ පරිද්දෙන් මස් කොට ගෙන නොපමාව ගින්නෙහි පුලුස්සා ගෙන ප්රීාති වෙමින් අනුභව කර වයි ඒ ස්වාමිහු කී කල්හි,

644. කු දි ට එ යකු එ වදනසා වෙසෙ සින් ස තු ට වෙමින් පවසයි යළි මෙලෙ සින් දැ මි ට සතගෙ සබවස රැකි නොල සින් ලො ව ට පත‍ළ යස’සැක එක විල සින්

128 කව් මිණි කො‍ටුඬොල

644. පිළිකුල් අදහස් ඇති ඒ යක්ෂලයා ඒ වචනයන් වෙසෙසින් අසා ප්රීමතිවෙමින් නැවත මේ ආකාරයෙන් පවසයි. සැබෑ වචනය නොපමාව රැක්කා වූ ධාර්මික සත්වරයන්ගේ එකාකාරයෙන් ම ලෝ වැසියන් අතර පතළා වූ කීර්තිය ඇත.

645. දිර තර නග වන් පිරි පුන් ගු නැති පර සිදු තොප වැනි කුමරකු පි නැති විර සිරි කලඹා කළහොත් එ නැති සිර සය සත් කඩකට වන සෙ නැති

645. පර්වසතයක් මෙන් ස්ථිර වූ ධෛර්ය් අ යද, පරිපූර්ණ වූ ගුණයන්ද, ඇත්තාවූ, ප්ර සිද්ධ වූ තොප වැනි පින්වත් කුමරකුගේ වීර ශ්රියය කළඹා ඔහු විනාශ කෙළේ නම් හිස සත් කඩක් වීමට හෙන ඇත්තේය. (හෙන පහර වැදී මාගේ හිස සත් කඩක්ව පැ‍ළීයන්නේය.)

646. එබැවින් තොප වැනි කුමරෙකු ම වි සින් මර මි න් අනුබව ක‍රනේ කෙලෙස සින් නිකරුන් වන කරදර‍යකු වෙසෙ සින් කුමරුන් හට පැවසූ සඳ මෙලෙ සින්

646. එහෙයින් තොප වැනිවූ කුමරකු මම කෙලෙසින් මරා කම්ද විශේෂයෙන් නිෂ්කාරණ වන්නා වූ හිර හැරයක් මේ අන්දමින් කුමාරයාහට පැවසූ කල්හි,

647. එ සේ හරින සඳ තවසින් ලො ලවා බො‍ සේ මෙ වැනි දර ගොඩකුත් නෙ ලවා රැ සේ දිලෙන අඟුරැති ගිනි ද ලවා මෙ සේ යතන කළ බව කිම බ ලවා

647. තා විසින් ආශාවෙන් ඒ ආකාරයෙන් අත්හරින කල්හි මෙ වැනි විශාල දර ගොඩ රැස්කරවා ‍රශ්මියෙන් බබළන්නාවූ (ගිනි) අඟුරු ඇති ගින්න දල්වා මේ ආකාරයෙන් යත්න කෙළේ කුමටද! බලව.

648. එ බ ස ට නර යකු කුමරෙනි, ගරු තර තො ප පි ට ගියහොත් සිත බිය වැද තර වෙ සෙ ස ට මගෙ යස පළ වෙයි ලොව තර එ ලෙ ස ට උපදෙස් සැලකීම සිත තර


129 කව් මිණි කො‍සිඬොල

648. නර යක්ෂනයා ඒ වචනයට (මෙසේ පිළිතුරු දෙයි) ඉතා ගරුවූ කුමාරයිනි, තොප සිතෙහි මහත් වූ භයක් ඇති වී පිට ගියහොත් මාගේ කීර්තිය විශේෂයෙන් ලොව තුළ පතළ වේයයි ඒ ආකාරයෙන් සිතෙහි අදහසක් සලකා බැලුවෙමි.

649. එබස’ස මින් ගුණ යුතු කුමරි න්දා දන’දස දැරු උතුමන් පෙර න න්දා ඇඟමය දුන්නෙන් සසව උප න්ඳා සඳ සස ලප තොපෙනෙද සක් ඇ න්දා

649. ගුණවත් වූ කුමාර තෙම ඒ වචන අසමින් පුරාණ කාලයෙහි නොයෙක් ජාතිවලදී දානාධ්යතශය දැරුවා වූ උතුමන් සාව උපන් කල්හි ඇඟ මස් (දන්) දුන් හෙයින් ශක්රන දෙවෙන්ර්රු යා චන්ර්හි යා කෙරෙහි සක ලාඤඡනය ඇන්ද බව නොපෙනෙන්නේද?

650. එ තැ න් ප ට න් ඉඳු තුරු පිරිවර දර ලෙ ව න් වි සි න් බැවහර විය සස දර ද ති න් ල දි න් සොඳ දෙය දෙය අණ දර ප ස න් ම ද න් අදහස සෙද හද දර

650. එතැන් පටන් තාරකාවන්ගේ පිරිවැරීම දරන්නා වූ චන්ර්ර යා සසදර යයි ලෝක වාසින් විසින් ව්ය්වහාර වූයේය. කැමැත්තෙන් දානය කළා වූ දානය කරණකොට ගෙන අණ දරන්නාවූ යහපත් දෙයක්ම දෙන්නේය.

651. 652. කුමරිඳු සඳ වි සින් පෝරිසාදක වන මෙසේ පවසයි වෙසෙ සින් මම නම් පණිඳු සම වන එ යක් රද නො ල සින් තො කුමර දිනිඳු වන සතොස් වී යළි කියයි මෙලෙසින් මිදුණු බව මේ ලොව අසම වන

651. උතුම් කුමාරයා විසින් විශේෂයෙන් මේ ආකාරයෙන් පවසන කල්හි ඒ යක්ෂ් රාජ තෙ‍ම අනලස්ව ප්රී්ති වී නැවත මේ ලෙසින් කියයි.

652. පෝරිසාදක නම් වන්නාවූ ‍මම වනාහි රාහු හා සමානය. යුෂ්මතාහු හිරු බඳුය. (මගෙන් ඔබ) ගැලවුණු බව මේ ලෝකයෙහි අසමාන වූ කරුණකි.


130 කව් මිණි කො‍පෝඬොල

653. 654. තොප මිස අන් අ යක් තොප දෙගුරු ඇ සියන් මෙ මට අසුවුණු බිලි යක් සමඟ සැම රට වැ සියන් විතරක් වත් පැ යක් මිතුරු දැසි දැ සියන් නොයා දෙමි තුති කර එ නර යක් සහ වෙසේ දුක් නොවී කිසියන්

653. ඔබ හැර මෙමා බිල්ලක් වශයෙන් අසුවුණු අන් අයෙක් හට පැයක් පමණවත් යාමට අවකාශයක් නොදෙමැයි ඒ නර යක්ෂඅයා තුති කොට,

654. ඔබේ මවු පිය ආදී වූ ස්වකීයයන් සහිතව රට වැසියන්ද, මිත්රුයන්ද, දාස - දාසීන්ද, සමග කිසියම් දුකක් නොවී වාසය කරව.

655. 656. මෙ ඈ දන නොම දීන එ සදෙහි මහසත් දින මිනි තඹුරු කැල උදයග දින රස එබසු’දයට අර මිනි පොබවන මෙන් සො ඳින දෙස නා රැස පළ කර මිනි නදන කරවයි යනවසර දින පිස ඔහු රුදුර’දුරු නො මිනි

655. සූර්ය්යාසදයෙහි නෙළුම් මල් සමූහය පිපෙන්නාක් මෙන් මේ ආදී ජනයන් යහපත් සේ බෙහෙවින් තුටු ‍කරවයි. ගමනට අවසර දුන්නේය.

656. එකල මහ බෝසත් ‍නමැති සූර්ය්. ෙයා රසවූ ඒ වචන නමැති උදය ගිරට නැගෙමින් දේශනා නමැති රශ්මීන් පළ කොට ඒ යක්ෂයයාගේ රුදුරු බව නමැති අන්ධමකාරය නොමින් පහකොට,

657. 658. හි න් කොට ඔහු දිවි පව තින ය ලි ඔහු පිහිටා ගු ණයේ අ න් සත් නොනසා එක තින ඇ ලි පැසිරිව නොපම ණයේ පි න් රැස් කරනා සෙ නි තින වි ලි ව පසෙක සිටිතැ නයේ ප න් සිල් පිහිටුවෙන් මතින දි ලි නැණසින් එම සැ නයේ

657. ඒ යක්ෂුයාගේ දිවි පැවතුම (කාලය) හිමිකොට ඒකාන්තයෙන් අන්යත සත්ව්යන් නොනසා නිතින් පින් රැස් කරන පරිද්දෙන් මෛත්රී)යෙන් යුක්තව පන්සිල්හි පිහිටුවන ලද හෙයින්,


131 කව් මිණි කො‍හිඬොල

658. නැවත ඒ යක්ෂෙයා ගුණයේ පිහිටා බොහෝ සෙයින් එකඟ භාවයෙන් යුක්තව විලියෙන් පසෙක්හි සිටි කල්හි දිලිනැණ ඇසින් එකෙණෙහි

659. 660. වි ම ස න අප මහසත් සඳ සෙය නොපෙණෙන්නේය ඇසට ය කු ව න විලසය කෙලෙසද බි ය නොම ‍වන්නෙය මිනි සට ර තු ව න මදටෙ’ව් යුග සඳ නු ය ලකුණක් මේ විල සට නෙහෙලන පිය ඇත ඇම සඳ අ ය යකුවන්නෙද? කෙලෙසට

659. යක්ෂඇයකු වන ආකාරය කොයි ලෙසද? අප බෝසතාණන වන්සේ විමංසනය කරත්. දෙ ඇස රත් පැහැති මදටිය වැනියහ. සියලු කල්හි නොහෙලන්නා වූ ඇසිපිය ඇත. 660. නෙතට සෙවනැල්ල නො පෙණෙන්නේ ය. (එසේම) මනුෂ්යාල හට බිය නොවන්නේ ය. මෙලෙසට ලකුණක් පෙනෙන්ට නැත්තා වූ අයෙක් කවර ආකාරයකින් යකෙක් වේද?

661. මෙ ය කු නොවෙයි මිනිසෙක් මය සැ ල කු සිතින් නොවළැක් මය නොයෙ කු ත් කරුණා දැක මය ත ව කු මරුන් සලකත් මය

661. මෙතෙම යක්ෂසයෙක්‍ නොවේ. මනුෂ්යයයෙක්යයි සැලකු සිතින් නොනැවතියේ මත්තෙහිත් නොයෙකුත් කරුණු දැකීම කුම‍රයෝ සලකා බලති.

662. අ ප පි ය රදුට බෑ තුන් කුමරුන් පො රණ ය කි ණි ය විසින් ගෙනගිය බව සහ අ රණ සැ ක බි ය නැතිව දෙදෙනෙක් කා කර ම රණ එ ක පි ය පුතෙක් කොට රැක බැව් කිටුන රණ

662. අපි පිය රජතුමා හට සහෝදරවූ කුමාර‍යන් තිදෙනෙක් පෙර කල යක්ෂකණියක් විසින් වනයට ගෙනගිය බවද, එයින් කුමරුන් දෙදෙනෙකු සැක - බිය නැතිව මරා කා එක කුමාරයකු ප්රිටය පුත්ර යකු කොට රැකි බැව් ද මනුෂ්ය යෝ කිවූ හ.

663. එ බැ වි න් මුමුව සහ අප පිය රද උ වන ස ම ගි න් තුනු ලකුණු විමසුවත් දෙ වන ස ම ව න් බවයි පවසති ඇත්තෝ නු වන ‍ මො හු න න් එකුමරුය සැබවින් බොරු නො වන

132 කව් මිණි කො‍ෙඬාල

663. එසේ හෙයින් මොහුගේ මුහුණ හා අප පිය රජ්ජුරුවන්ගේ මුහුණ ශරීර ලක්ෂමණයන් හා එක් කොය විමසුවත් (සසඳා බැලුවත්) සටහන් දෙකම සමාන යයි නැණවත්හු පවසති. සැබවින් මේ යක්ෂඅයා නම් ඒ කුමාරයාය. බොරු නොවන්නේය.

664. සිතා මෙලෙස මහසත් ස‍ ඳ නොවල සින කතා කරති යකු හා ඉති සිය බ සින පතා යක් විකුම් සිටි බැව් තොප වි සින ඉතාමත් නොමොබි රජ කුලයට පස සින

664. මහ බොහෝසතාණන් වහන්සේ නොපමාව මේ ආකාරයෙන් සිතා මෙසේ ප්රි ය වචනයෙන් යක්ෂනයා සමග කථා කරති. යුෂ්මත්හු විසින් යක්ෂ වික්රිමය පතා සිටීම උතුම් වූ රාජ කුලයට අතිශයින්ම නොහොබි.

665. තොපනත් මපිය රදහට වැඩි මහලු වන බැහැනන් මයයි දැනගනු මෙමට පිළි වන එබැවින් සිට පුරට ගොස් පළකර නු වන දැහැමින් අබිසේකයට පැමිණි දෙ වන

665. යුෂ්මත්හු නම් මාගේ පිය රජ්ජුරුවන්ට වැඩිමහල් වු සහෝදරයාම යයි දැන ගැනීම මට පිළි‍වන, ඒ නිසා සිය නගරයට ගොස් නුවණ පළකර දැහැමින් දෙවන්නා වූ අභිෂේක මංගලයට සම්ප්රාිප්තව,

666. රද පිළිපල්න කරමින් හැම ලෙව් ස තන නද කරවමින් රකිමින් ලෙස සිය යු තන විඳ සිරි සැපත් නොම ඉඳ අස්නෙහි ර තන තද අකුසල් විඳිනු කිම වසමින් මෙ තන

666. රාජ්යව පරිපාලනය කරමින් සකල ලෝක සත්වයා සතුටු කරවිමින් ස්වකීය පුත්රුයන් ලෙස රක්ෂා කරමින් සිරි සැපත් විඳ මැණික් අසුනෙහි වැඩ නොහිඳ මේ වනයෙහි වාසය කරමින් ද අකුසල් විඳින්නේ කුමටද?

667. මෙලෙසින් පියුසු සඳ අප මහසත් වි සින වෙසසින් පොරි සාද පවසයි මේ ලෙ සින යකඹුන් ඇකෙහි ඇතිවුනු කිරි බී තො සින මට දැන් තොප කියනු කිම මිනි සැසි තො සින


කව් මිණි කො‍ෙඬාල 139

657. අපගේ බෝසතාණන් වහන්සේ මෙලෙසින් පැවසූ කල්හි පෝරිසාදයා විශේෂයෙන් මේ ආකාරයෙන් පවසයි. සතුටින් කිරි බොමින් යකිණියගේ ඇකයෙහි, වැඩුනාවු මට ඔබ මනුෂ්යතයෙකැයි වචනයෙන් කියන්නේ කවර කරුණක් නිසාද?

668. එසේ පැවසූ මුත් තොප අනුවණ ක මින කෙසේ මෙ මම අදහමි සැබැවයි පෙ මින මෙසේ එයකු සිටි සඳ නොම අදහ මින විසේ සබව අඟවනු මහතු දැහැ මින

668. ඔබ අනුවණකමින් ඒ ආකාරයෙන් කීයේ නමුත් කවර ලෙසකින් කවර ආකාරයකින් මම ප්රේබමයෙන් සත්යනය යයි අදහම්ද? මේ ආකාරයෙන් ඒ යක්ෂඩයා (කුමාරයාගේ වචනය) පිළිනොගෙන සිටි කල්හි මහත්ම වූ බෝසතාණන් වහන්සේ ධර්මගයෙන් විශේෂ‍භාවය ඇගවීම සඳහා,

669. පසැස් විලස නොහැරම තෙ කලෙහි ක රුණු දිවස් නැණින් දක්නට හැකි යස ද රුණු තවුස් තුමෙක් ඇත සුනිමල ගුණ පි රුණු එදෙස් යමු කියා කැඳවාගෙන සැ රුණු

669. (අතීත - වර්ත මාන - අනාගත යන ) කාල ක්ර යෙහි කරුණු නොවළහාම බුදු කෙනෙකු‍න් මෙන් දිවස් නැණින් දක්නට හැකි වූ කීර්ති දරන්නා වූ සුනිමල ගුණ පිරුණු තවුස් තුමෙක් ඇත්තේය. ඒ ප්රකදේශයට යමු කීයා එක්කොටගෙන යාමට සැරසුණේය.

670ත 671. මෙලෙසින් යකු ස මග දෙපුතු පිය න දිනා එ සඳ කුමරු වන මග සිහ වග වලස් හි දිනා තවසිඳු පත් සු මග මෙ වෙනෙහි ඇවි දිනා මෙසේ කිවු උන් දැකම දුර මග කරුණු කිම්දැයි කීය‍ සො දිනා

670. මේ ආකාරයෙන් යක්ෂෙයා සමඟ කුමාරයාද වනමග එනකල්හි යහපත් මාර්ගකයට පැමිණියා වු උතුම් වූ තාපසයා දුර මාර්ගයයෙහිද (දුරදීම) කුමාරයා හා යක්ෂ යා දර්ශගනය කොටම මේ ආකාරයෙන් කීයේය.

671. ප්රී තියෙන් පිය - පුත් දෙදෙනා සිංහ - ව්යාීඝ්රට - වලස් ආදී සතුන් වාසය කරන්නා වූ මේ වනයෙහි ඇවිදින්නා වූ කාර ණය කිමදැයි යහපත්ව විමසුවේය.


134 කව් මිණි කො‍ෙඬාල

672. 673 නෑ බව හැඟෙව් සඳ දරු කු‍මරෙනි, තො සින් පොරි සාද යකු එම සඳ තොපි පුරට යව නොල සින් කි බව කුමර සඳ එක අත් බැව වෙ සින් අදහමින් නිසකව තමන් සඳ දෙකක් වී ඉපදුනිමි වෙසෙ සින්

672. නෑ බව (තාපසයා) හැඟවූ කල්හි පෝරිසාද නම් යක්ෂ යා උතුම් වු කුමාරයා විසින් ඒ කාලයෙහි කී වා අදහස සිය සිතින් නිසැකව අදහමින්,

673. පුත්රෙ කුමාරයිනි, යුෂ්මතා නගරයට සතුටින් නොපමාව ගමනය කරව, එකම ආත්ම භාවයෙහි විශේෂයෙන් වේශ‍යෙන් දෙකක්ව ඉපදුනෙමි.

674. 675. එබැවින් රජ සැ පින් කියමින් එ තව සිදු කම්පල නැතැයි අකැ පින් ළඟම පැවිදිව තප සිඳු මෙ වනම ඉඳ කැ පින් කර අනෙක පින් සිදු තව බෙවෙන් මම කරමි නෙක පින් එහි ම විසු සඳ ලෙසින් පිරිසිඳු

674. එහෙයින් නුසුදුසු වූ රාජ්ය සම්පත්තියෙන් කම්පල නැත්තේ යයි සුදුසු පරිද්දෙන් මේ වනාන්තරයෙහිම හිඳ තාපසභාවයෙන් යුක්තව මම නොයෙක් පින් කරමි.

675. මෙසේ කියමින් ඒ උතුම් තාපසයා සමීපයෙහි ම පැවිදි වී තපසින් සමෘද්ධව නොයෙක් පින් සිදු කොට සිත් වූ පරිද්දෙන් ඒ වනයෙහිම විසුවේය.

676. 677. තවසු වෙතිනව සර සොබමන් එකරුණු අස මින රැගෙන කුමරිඳු පැන සර නෙක ගම් වෙත දන ‍ළපෙ මින බිය නොවමින් කෙ සර ගනි මින් මහ පඬුරු නො මින ලෙසින් එත සියපුරට සිරි සර දිවෙමින් පෙර මඟට ‍ෙප මින

676. තාපසයාණන් ගෙන් අවසර ඇරගෙන ප්රපඥාසාර වූ උතුම් කුමාරයා භය නොවී කේසර සිංහයකු පරිද්දෙන් ශ්රීව සාර වු ස්වකීය නගරයට එන කල්හි,

677. සොබමන් වූ ඒ කාරණය අසමින් සමීපයෙහි වූ නොයෙක් ගම්වල ජන සමූහයා චිත්ත ප්රේඒමයෙන් මහත් වූ පඬුරු ගනිමින් බොහෝ සෙයින් පෙර මගට ප්රේයමයෙන් දිව අවුත්,


කව් මිණි කො‍ෙඬාල 135

678. 679. අප හිමි කුමරිඳු මන කල් කම් මරු අප වෙත නොල සින් සප මිණියෙන් මෙපුර'ද කල් වන් පමණින් තද සරො සින් අප හැම කළ පින් පෙර කල් පින් සර අප හිමි තෙද සින් සප ල විය අහො නොව කල් බුන් ව පලා ගිය විග සින්

678. මනකල් වූ අපගේ ස්වාමි කුමාරෙන්ර් ිනයා අද ලස්සණ වූ මේ නගරයට සපැමිණි හෙයින් පෙර කල අප හැම දෙන විසින් කරන ලද පින් කල් නොයවාම සපල විය. පුදුමයෙකි.

679. කර්මප නමැති මාරයා අනලස්ව තද කොපයෙන් අප කෙරෙහි ප්රරවිෂ්ඨ වූ පමණින් පින්සරු වූ අපගේ ස්වාමින්ගේ තේජස් නමැති කඩුවෙන් බුන්ව වහා පලා ගියේය.

680. 681. මෙලෙසින් තියු ගී කිය මින් සමග සියලු ‍සෙන් හස දින තුටුමන් දියුණුව වඩ මින් මහඟු පඬුරු ගෙන නොම දින දෙවියන් යැද යැද නම මින් දියග කුමරු හට වොරැ දින කුමරුන් හට ආ වඩ මින් නෙරඟ පිදුම් කෙළේ න දින

680. මේ ආකාරයෙන් තුති ගී කියමින් සතුටු සිත දෙගුණ කොට වඩමින් දේවතාවන්ට නමස්කාරකොට යැද යැද කුමාරයන්ට ආයුවර්ධුනය කරමින්,

681. එ දවස් හි සියලු සේනා එක්ව ‍බොහෝ සෙයින් මහාර්ග වූ පඬුරු රැගෙන බබළන්නා වූ, ලෝකයෙහි අග්ර් වූ කුමාරයා හට නොයෙක් අන්දමේ පූජාවන් ප්රීනතියෙන් කෙළේය.

682. 683. ඇත් අස් රිය සෙන් න දිනේ රැස් වූ සෙන් සහ ‍ළපෙ මින වෙත් ලස් සපැමිණ සො දිනේ දොස් නු කුමරිඳු දැහැ මින පත්වීස් මය දුටුස දිනේ ‍විස්මාදන තෙක තර මින ලත් ඇස් මදි සිතු එ දිනේ ගොස් වාසල තුළට පැ මින

682. ඇත්ය, අස්ය, රියය, පාබළ සේනාවය යන මොවුන් ගේ නාදෙයන් ශීඝ්රසව සමීපයට යහපත්ව සපැමිණ දුටු කල්හි පුදුමයට පැමිණියා වූ ජනයෝ (අප විසින්) ලබන ලද ඇස් මදි යයි එදින සිතු‍වෝය. 683. ළපෙමින් රැස් වූ සේනාව සමග නිර්දෝෂ වූ (යක්ෂවයාගෙන්) දෝෂයක් නුවු උතුම් කුමාරයා ධර්ම යෙන් ජනයා බොහෝ සෙයින් විස්මයට පමුණුවමින් ගොස් වාසල තුළට පැමිණ, 136 කව් මිණි කො‍ෙඬාල

684. 685. දකිමින් දෙගුරුන් සුභ දින එපවත් අසමින් නොල සින වඳිමින් අබියස ‍සිටි දින පියකත් නැ‍ගනිද විග සින සුපසන් එදෙදෙන නොම දින වෙතවුත් බැස හෙව වෙසෙ සින කුමරුන් සිඹ සැනසු සො දින වැඳසිත් තුටු වූ අසෙ සින

684. යහපත් වූ සිතින් යුතුව, දෙමවු පියන් දකිමින් වැඳ සමිපයෙහි සිටි කල්හි බොහෝසෙයින් මොනවට සතුටු වූ ඒ (මවුපිය) දෙදෙන කුමාරයන් සිඹ සොඳින් සැනසුහ.

685. ඒ පුවත අසමින් අප්ර(මාදව ප්රි්ය කාන්තාවද, නැගනියද වහා සමීපයට පැමිණ වෙසෙසින් බිම වැටී වැඳ බෙහෙවින් ප්රී තියට පැමිණියාහුය.

686. 687. දුක හළ සුරනව එ ‍ මසේ පුත, අලින සිත් වන එක ලෙස තුති කර පෙ මසේ කුමරිඳුනි, පැහැපත් වන නික සල නිරිඳුන් අ මසේ පොරි සාද නම් වන දුක් සැප දෙක අසති මෙසේ යකුගෙ ගොරමුව තුළට පත් වන

686. එකී ආකාරයට දුක් දුරලුවා වූ දෙවියන්ට ප්රේ්මය පරිද්දෙන් එක සේ ප්ර්ශංසා කොට කලිෂට නුවූ රජතුමෝ අමාවක් පරිද්දෙන් මෙසේ සැපදුක් දෙක විචාරති.

687. අලින සිත් නම් වූ පැහැපත් වන්නා වූ පුත්ර්වූ උතුම් කුමරුවනි, පොරිසාද නම් වූ යක්ෂඳයාගේ ඝෝර වූ මුඛය තුළට පැමිණෙන්නා වූ,

688. 689. තොප කවර වෑ යම් මෙලෙස පුළුවුන් සඳ කෙළෙද? මිදෙනා ‍සේ යම් මෙ අප මහසත් එම සඳ කීවොද? උපා යම් එ යකු යයි කෙලෙ සඳ කෙනෙක් දන්නා නුවණ මා යම් සිතන්නේ නැණවතුන් දුටු සඳ

688. ඔබ (යකුගෙන්) මිදෙන පරිද්දෙන් යම් කිසි වෑයමක් කෙළෙහිද? (නැතහොත්) මායම් නුවණ දන්නා කෙනෙක් යම් උපායක් කීවේද?

689. එකල මේ අන්දමින් ප්රදශ්න කරන ලද්දා වූ මේ අපගේ මහාස්ත්වො ත්තමයා (මෙසේ කියයි) ඥාන වන්තයන් (ඒ පුද්ගලයා) දුටු කල්හි ඔහු යක්ෂ්යෙකැයි සිතන්නේ කෙලෙසද?

කව් මිණි කො‍ෙඬාල 137

690 691. ඔබ බෑණනු කෙ නෙක් පවසා මෙ ලෙ සිනා නොමගෙන ගියෙද?යකි නෙක් ඇති තතුද ඇම ලෙ සිනා ඒ කුමරුගෙ ලකු නෙක් කියමින් නොල සිනා දිටිමි විඳිනා මිසෙක දුකු නෙක් පසෙක සිටි සඳ කුමරු තොසිනා

690. යක්ෂදණියක් විසින් ඔබ වහන්සේ ගේ සහෝදර කෙනෙක් ගෙන නොයන ලද්දේද? නොයෙක් දුක් විඳින පමණ මුන් ඒ කුමරුගෙ ලකුණෙක් දර්ශ නය කෙළෙමි.

691. මේ ආකාරයෙන් පවසා සියලු ලෙසින් ඇති තතු ද අනලස්ව කියමින් කුමාරයා ප්රීශතියෙන් පසෙක සිටි කල්හි,

692. විකු - මැති එම නරනිඳු සඳ නි සින් මෙම - ගති ඇත්නම් ගොස් අප වි සින් දැක - රුති ලෙස එමු ‍යන අදහ සින් අග - මැති හට පවසා මෙම ලෙ සින්

692. සුදුසු පරිද්දෙන් වික්ර මයෙන් යුක්ත වූ ඒ නරේන්ර්් කයා (ඔහුගේ) මේ කියන ලද ගති ඇත්තේ නම් (එහි) ගොස් අප විසින් රුචි වූ පරිද්දෙන් දැක එමුයයි අදහසින් මේ ආකාරයෙන් අගමැතිහට පවසා,

693. සිව් - රග සෙන් රැස්කර නොල සිනී දෙව් - රද මෙන් බැස යන තිද සනී ලැව් - පස තුරු නදයෙන් වෙසෙ සිනී සිව් - මැලි රද නික්මුණි සතො සිනී

693. අප්ර මාදව චිතුරංගිනී සේනාව රැස්කොට දෙව් ලොවින් බැසයන්නා වූ දෙව්රද මෙන් විශේෂයෙන් නාද කරන නලද පඤ්චාංගික තූර්ය නාදයෙන් සුකුමාල වූ රජතුමා සතුටින් නික්මුණි.

694. නොල - සින් එම පෙදෙසට වදි මිනා දිවැ - සින් යුතු තවසිඳු දකි මිනා පැද - කුන් කොට සෙත් සහ ‍ළපෙ මිනා නිරි - ඳුන් සිටි සඳ ඔද වඩ මිනා

694. අනලස්ව එම පෙදෙසට පිවිසෙමින් දිවැසින් යුතු උතුම් තාපසයා දකිමින් ප්රතදක්ෂිපනාකොට හෘදය‍ ප්රේ මයෙන් සිවුරඟ සේනාව සමග රජතුමා ප්රීේතිය වර්ධිනය කරමින් සිටි කල්හි, 138. කව් මිණි කො‍ෙඬාල

695. 696. වෙනෙ වැසි ඇම ද වස් නරනිඳුනි, නර වර වැනි අනේ ගුණ මිණි වස් ‍පොරිසාද මෙ තවුස් වර නවසිඳු යුතු දි වස් සොහොවුරු වන ප වර ඉති පියසි නිරිඳු හඟවනු වස් තොප බැහැණනුය කරව සැකිවර

695. හැමදාම වනයෙහි වාසය කරන්නා වූ අනේක ගුණ නමැති මාණික්යසයන්ට වාසස්ථානයක් වැනි වූ දිව්යය ඥානයෙන් යුක්ත වූ තාප‍සෙන්රෙජත යා රජතුමාට ඇඟවීම පිණිස මෙසේ පැවසුවේය.

696. නරයන් අතුරෙන් ශ්රේ ෂ්ඨ වූ රජතුමනි, මේ පෝරිසාද නම් තාපසවරයා උතුම් වූ සොහොයුරු වූ ඔබේ (වැඩිමහල්) සහෝදරයාය. (සිතෙහි කුකුසක් ඇතිනම්) (සැකය හමාර කරව.)

697. 698 තොප බැහැණනු වන මොහු වෙනසක් නො කොට කුමර තිදෙනෙක් පෙර වන වැඩුවෙන් යකිණි දරු කොට යකිණෙක් රුදුරු වන යක් මැයි සැක නො කොට ගෙන ගියෙද උන'තුරෙන් තුන් වන වෙනේ විසි තරමස'නු බව කොට

697. ඔබේ (වැඩි මහලු) සහෝදරයන් තිදෙනෙක් පෙර කල රුදුරුවූ වන යකිනියක් ගෙන ගියේද? ඔවුන් අතුරින් තුන්වැනි වූ,

698. මේ පෝරිසාද තාපසයා වෙනසක් නොකොට යකිණිය දරු‍වකුකොට ඇති දැඩි කළ හෙයින් යක්ෂායෙක්මයයි සැක නොකොට මිනිමස් කමින් වනයෙහි වාසය කෙළේය.

699. 700. එතවසිදු මෙලෙ සින් හිමි සඳිනි, ගරු තර ඇති තතු කීවෙන් වෙස සින් ඔබ අයිති වන පුව තර නරනිඳු එ විග සින් රට රකිනුව නි තර නැමද සොහොවුරු තවුස් සතොසින් වැඩිය මැනවැයි යදුම් ‍කෙළෙතර

699. ඒ තාපසතුමා ‍මෙලෙසින් විශේෂයෙන් ඇති තතු කී හෙයින්, එකෙණෙහි රජතුමා සොහොයුරු තාපසයාට සතුටින් නමස්කාරකොට,



කව් මිණි කො‍ෙඬාල 139

700. අතිශයින් ගරු වූ ස්වාමින්ර්ස් යාණෙනි, ඔබට අයත් වූ ප්ර සිද්ධ වූ රට නිතර රකිනු පිණිස වැඩිය මැනවැයි සථිර වශයෙන්ම අයැද සිටියේය.

701. 702. එබසයට තවුස් සඳ ජයද්දිස නිරි ඳුන් නොකමැති වෙමින් එස සඳ එබසසා තවසිඳු දුන් සැපත වන හැම සඳ තම උයනෙහි රැ දුන් දුහග රැකුමෙහි වසමි කී සඳ වනසෙ ඉති යළි කෙළේ අයැදුන්

701. ඒ වචනයට තාපසවරයා එවිට අකැමැති වී සියලු කාලයෙහි සුව ගෙන දෙන්නා වූ ධුතාංගයන් රක්ෂාාකොට මේ වනයෙහි වාසයකරමියි කී කල්හි,

702. ජයද්දිස නරේන්ර්ා යා (සහෝදර) තපස්වරයා විසින් කියන ලද ඒ වචනය අසා තම උයනෙහි නවතින පරිද්දෙන් නැවත මෙසේ ආයාචනා කළේය.

703. 704. ම බෑණෙනි සුප සන් එසේ කල ම වි සින් ඔබ රජය නොව ඉව ‍ සන් සිටු පස දනය නොල සින් අග රැක වැඩ ව සන් එලවනුයෙන් තො සින් යෙහෙක සුමඟුල් උයන මද සන් දෙලෝ තුති වැඩ වැඩෙයි වෙසෙසින්

703. සුපසන් වූ මාගේ සහෝදරයාණෙනි, ඔබ වහන්සේ මේ රාජ්යවය නොඉවසන්නේ නම්, මන්දග වූ ශබ්ද අති නොහොත් මාගේ දර්ශමනය ඇති යහපත් වූ මගුල් උයනෙහි අංග (ධූතාංග) රක්ෂ ණය කොට යෙහෙන් වැඩ විසූ මැනවි.

704. එසේ වූ කල්හි මවිසින් සිවුපස දානය අනලස්ව ප්රී‍තියෙන් පැමි‍ණවීමෙන් වෙසෙසින් දෙලොවෙහි ස්තූතිජ ‍සංඛ්යාදත අන්ථිපය වැඩෙයි.

705. ඉන් තව හිමි ස ඳිති සිත කුළුණු කර නොම ඳිනි මට වැඩ වන ලෙ ඳිනි වැඩිය මැනවැයි කෙළෙන් අය දිති




140 කව්මිණි කො‍ෙඬාල

705. එහෙයින් තාපස ස්වාමීන්ර්ි යාණෙනි, බෙහෙවින් සිතෙහි කරුණාකොට මට වැඩවන පරිද්දෙන් වැඩිය මැනවයි ආරාධනය කළ හෙයින්,

706. සොබමන් පොරිසාද නම් තවසිදු තො සිනි නිරිඳුන් යැදුම පිළිගෙන කුළුණු මැන සිනි එනමෙන් යුහුව නික්මී සිටිය අව සිනි මහසෙන් පිරිවරා ගෙන සොඳුරු විල සිනි

706. සොබමන් වූ පොරිසාද නම් වූ තපස්වර තෙමේ සතුටින් රජතුමාගේ යාඥාව කරුණාන්ථිත චිත්තයෙන් පිළිගෙන ඉක්මනින් ආගමනය කරන පරිද්දෙන් යහපත් ආකාරයෙන් මහ‍සෙන් පිරිවරාගෙන උන්නා වූ ආවාසයෙන් නික්මි.

707. සුහද ගුණැති තව සිඳු සහ නොවති වර පැහැද සිය පුරට එත නරනිඳු ප වර දෙමැද මඟ තුරෙහි තව වන සහ නු වර නිබඳ සිටි දෙ ගිරි බිත නරඹා එ වර

707. කෙළවරක් නොවන්නා වූ ගුණ ඇත්තා වූ යහපත් හදවතක් ඇති තාපසෙන්ර් දෙයා සමග පැහැද උතුම් වූ රජතුමා සිට පුරට එන කල්හි තපෝවනය හා නුවර යන දෙකට මැද මගතුරෙහි නිබඳ සිටියා වූ පර්වවත හිත්ති දෙක එවර ‍බලා,

708. එයැසුරු කර වැවක් බඳවා නිසි ලෙ සිනි පිවිතුරු නෙක කුඹුරු බිම් කරවා තො සිනි සිරිදැරු කුලන් දහසක් ඒ ගම නි සිනි නිරතුරු වසන ලෙස සලසා නොවල සිනි

708. එය ආශ්රගයකොට සුදුසු පරිද්දෙන් වැවක් බඳවා සතුටින් පවිත්රබ වූ නොයෙක්. කුඹුරු බිම් කරවා ඒ ග්රාුමයෙහි යෝග්යබ පරිද්දෙන් (සිරි දරු පවුල් දහසක්) සිටු කුල දහසක් නිරතුරු වාසය කරන පරිද්දෙන් නොපමාව සලස්වා,.

709. සුලුකල් මස දැමූ නිගමය යන න මිනී මනකල් මහ ගමක් කරවා යළි පෙ මිනී හැමකල් තවසුනට සැප විලසට දෙ මිනී එමකල් නිරිඳු සඳ සිය නුවරට පැ මිනී



කව් මිණි කො‍ෙඬාල 141

709. චුලල කම්මාස දම්ම නියම් ගමය යන ලස්සන විශාල ගමක් කරවා නැවත ප්රේ මයෙන් සියලු කාලයෙහි තාපසයන්ට කැප වූ පරිද්දෙන් දෙමින් එකල්හි රජතුමා සිය නුවරට පැමුණුණේය.

710. සුමගුල් උයන පන්සල් කරවා ල මිනි සුවිපුල් පෙළහරින් තව සිඳු කැඳව මිනි හැමකල් එහි වසන ලෙස සලසා ල මිනි අමතුල් සුරස බොජුන ද දෙවමින් නො මිනි

710. යහපත් වූ මගුල් උයනෙහි, (සුමංගලොද්යාදනයෙහි) පන්සල් කරවා දෙමින් ඉතා මහත් වූ පෙරහරින් තවසිඳු කැඳවමින් හැමදා ඒ උද්යානනයෙහි වාසය කරන පරිද්දෙන් සලස්වාලමින් අමාවක් වැනි සුරස බොජුන් ද බෙහෙවින් දෙමින්.

711. සොබමන් එතව සිඳුහට නිති සිවු ප සිනි උවටන් සකස්වා කරවා බැති ලෙ සිනි සුපසන් ජයද්දිස නරනිඳු දිලි ය සිනි වෙසෙසින් කම් ලෙසින් කලුරිය කෙළෙ නි සිනී

711. ශෝභන වූ ඒ තාපසේන්ර්ි යා හට නිතරම භක්තියෙන් යුක්තව සිවුපසයෙන් මනාලෙස උපස්ථාන කරවා කීර්තියෙන් බැබළෙමින් ඉතා ප්ර්සන්න වූ ජයද්දිස රජතුමා විශේෂයෙන් යෝග්යර ලෙස කම් වූ පරිද්දෙන් කලුරිය කළේය.

712. 713. අප මුනිඳු දින මිනි අනතුරු දැරූය යස් බව'ඳුරු විදාහල මිනි බුදුහු යුත් මහ අනු යස් ඉති මෙ දා දෙස මිනි දෙසු‍වෝය සිවු යස් නිම්පෙර පර සඳ ගළප මිනි දුක්, සමුද, නිරොද, මගයනුස්

712. අපගේ මුනීන්ර්ෙසු නමැති සූර්ය්් යා සංසාර නමැති අන්ධ කාරය විධවංශනය කොට හරිමින් මේ ආකාරයෙන් මේ ජයද්දිස ජාතකය දේශනා කරමින් පූර්ව පාර සන්ධීෙන් ගළපමින් නිම කළ සේක.

713. ඉක්බිති කීර්ති ධර වූ බුදුන් වහන්සේ අනුසාසනා මාර්ගියෙන් යුක්ත වූ උත්කෘෂ්ට වූ දුකඃඛ සත්යරය, සමුදය සත්යාය, නිරෝධ සත්යනය, මාර්ග සත්ය්ය යන චතුස් සත්යූයන් දේශනා කළ සේක.



142 කව් මිණි කො‍ෙඬාල

714. 715. සතර සත් කෙළ වර පිය රදහු එස මය දෙගුරුන් පිසු එතෙර වර දැන් සුදෙවුන් නිරිඳු මය බව, දුක් කර ඉ වර මවු බිසව එස මය සොවාන් පල පිහිටියේ එම වර මෙ කල මහමායා බිසව මය

714. චතුස් සත්යු (දේශනාව) ගේ කෙළවර දෙමවුපියන් පෝෂ්යය කළා වු ඒ ස්ථවිරෝත්තමයා සසර දුක් ඉවර කර, එම මොහොතතෙහි සෝවාන් ඵලයෙහි පිහිටි‍යේ ය.

715. ඒ කාලයෙහි පියරජතුමා මෙකල ශුද්ධෝන නරේන්ර්ාන්යාමය. ඒ කාලයෙහි මවු බිසව මෙකල මහාමයා ‍බිසවමය.

716. 717. වන මැද විසු එ වර ‍ පොරි සාදක එ කල දිවැසැති තවසු නම් වර යකු නම් දනන් බිය කල නුවරණ'ග පත් ප වර දැන් මසසුන ල කල මෙසැරියුත් තෙරිඳුමය මේ වර අඟල් මල් තෙරිඳුමය මන කල

716. එකල වන මැද වාසය කළාවූ දිවැස් ඇත්තා වූ උතුම් වූ තාපසයා නම් මේ කාලයෙහි ඥානයෙන් අග්රමප්රා ප්ත වූ උතුම් මේ ශාරිපුත්රය ස්ථවිරෝත්තමයායි.

717. එකල ජනයන් භය කළා වූ පෝරිසාදක යක්ෂ යා නම් මෙකල මාගේ ශාසනය බබළන්නා වු අංගලිමාල ස්ථවිරොත්තමයායි.

718. 719. වැල පූ නොම නි මය රණලියෙව් ල කලා නැගණියෝ නම් එ ස මය වුසු ගුණ දහම් රැ ‍ කලා ඉදු බෙලෙනි නොස මය මෙහෙසි නම් එ කලා උපුල්වන් තෙරනිය මෙස මය ‍යසෝදර දේවිය මෙ කලා

718. එකල නිමක් නැතිව (අපමණ ලෙස) වැලපුණු නැගනියෝ නම් මේ කාලයහි ඍද්ධි බලයෙන් අසම වූ උත්පල වර්ණස නම් ස්ථිවිරිය.

719. ඒ කාලයෙහි සවර්ණල ලතාවක් මෙන් අලංකාරව ගුණ දහම් රක්ෂානකරමින් විසූ මෙහෙසිය නම් මේ කාලයෙහි යසෝදර දේවීය.


කව් මිණි කො‍ ෙඬාල 143

720. එදා රළු දැඩි සිතු යකු වෙත ගිය නොබා සිතු කුමරු නම'ලින සිතු බුදු වූ මම් මැයි දෙසී සෙල සිතු

720. ඒ කාලයෙහි රෞද්රුවූ දෘඪ සිත් ඇත්තා වූ යක්ෂනයා වෙත සිතෙහි බියක් නැතිව ගියා වූ අලිනචිත්ත කුමාරයා නම් බුද්ධත්වයට පැමිණියා වූ ‍මම වෙම් යැයි සිත් වූ පරිද්දෙන් දේශනා කළ සේක.

721. බඹසුර දිත් ගුරුළු ‍නා ලොව ද නුඹ දර මහමෙර සයුර සක් කුළ ගිරි ද හිම දර දසතර සියලු සක්වල මෙලක සිරි දර හැම සර කැල මෙපින් අනුමෝවච් අ දර

721. බ්රනහුමය, සුරය, දෛත්යවය, ගරුඩය, නාලොවෙහි ද හසෙහිද, පොළොවෙහිද, මහ මෙරෙහිද. සයුරෙහිද, සප්ත කූට පර්වයතයන්හිද, හිමාලය පර්වවතයෙහිද, දේශාන්තර‍යන්හිද, සකල චක්රවවාටයන්හිද ශ්රීබ ලංකාවෙහිද, සියලු දිව්යය සමූහයා මේ පින් ආදරයෙන් අනුමෝදන් වෙත්වා.

722. බවග පටන් මහ නිරය ද මේ දැ තරේ සමග සතන් මෙත් කර උනුනු නා ‍ තරේ නොලග දුකින් විඳ සව් සිරි නොවා තරේ පවග සැපෙන් සැනසෙව් සිත් පුරා තරේ

722. භවාග්ර ය පටන් මහ නිරය ද යන මේ දෙක අතරෙහි සියලු සත්වයෝ උනුනුත් අතරෙහි මෙත් කොට දුකින් දුරුව අන්තරාය නොවි සකල ශ්රී වින්දසනය කොට නිර්වාරණ සම්පත්තියෙන් සිත් පුරා තිර ලෙසින් සැනසෙත්වා.

723. රජ මැතිඳුන් සිත් දැහැමට නතු වේවා කලට සොඳින් වැසි වැස සස් පල වේවා සියලු සතුන් සුව මුදු බැව් යුතු වේවා මුනිඳු සසුන් බෝ කල් සුදිළුම් වේවා

723. රජ, මැතිඳුන්ගේ සිත් දහමට නතු වේවා, සුදුසු කලට හොඳින් වැසි වැස ශෂ්යම වැඩේවා. සියලු සත්වයෝ සුවයෙන් හා මෘදු භාවයෙන් යුක්ත වෙත්වා. බුදුන් වහන්සේගේ ශාසනය බොහෝ කාලයක් (මුලුල්ලේ) මොනවට බැබළේවා.


144 කව් මිණි කො‍ෙඬාල

724. හැම කවු පදත දෙය කුරු මහඟු මිණැ තිවා කළක වූ තෙවිසිතුරු සත් සියය පෙමැ තිවා නිසිකවු මිණි කො‍ෙඬාල යන පසිඳු නැම තිවා ලොව කවු කැල කණත හොබවමිනි පව තීවා

724. සියලු කාව්යසයන්ගේ පදාන්තයෙහි දෙ අකුරු නැමති (අකුරු දෙක බැගින් ඇති) මාහාර්ඝ මාණික්යයයන්ගෙන් යුක්ත කොට ප්රෙරමාන්විත කරන ලද කව් සත් සිය විසි තුනකින් යුක්ත වූ සුදුසු වූ කව් මිණි කො‍ෙඬාල (කාව්යෙ මණි කුණ්ඩලාභරණ) යන ප්ර්සිද්ධ නාමයන් ඇති (මේ කාව්ය ය) ලෝක‍යෙහි කවි සමුහයාගේ කන් ‍ෙහාබවමින් පවතීවා.

"https://si.wikibooks.org/w/index.php?title=කව්_මිණි_කොඬොල-කාව්‍ය_vi&oldid=5389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි