කව් මිණි කොඬොල-කාව්‍ය iii

241. 242. මද යුදයට ල සින් රු මැදුරු වෙසෙ සින් නගන දුනුදිය සරො සින් හෙබූ රන් කුඹු විල සින් කෙළ පත් තැන ලෙ සින් ඇගෙ පියයුරු නි සින් දිලෙයි ඇය නැබකමල වෙසින් උමතු වෙති දුටු දනෝ වෙසෙසින්

241. අනංගයා යුද්ධය පිණිස කැමැත්තෙන් ක්රෝදධ සහිතව දුනුදිය නගන කල්හි ධනුස් කොටිය ‍පැමිණියා වූ තැන ‍වාගේ ඒ බිසවගේ නාභිය නමැති පත්මය විශේෂයෙන් බැබළෙයි.

242. විශේෂයෙන් රූප නමැති මන්දිවරය ශෝභන කළා වූ රන් කළ විලසින් ඒ බිසවගේ පයෝධරයන් වි‍ශිෂ්ටතාවයෙන් දර්ශිනය කළාවූ ජනයෝ නිතරම උමතුවෙති.


49 කව් මිණි කො‍. ඬොල

243. 244. සෙවන් නිය කෙ මැ ලිනි ඇගෙ තුනු රුචිනු දුල දිසි සුරතැගිලි පව ලිනි වට සිලුටු ගෙලෙ පැහැ දුල ඇගෙ රූ සිඳු තෙ ලිනි මදන රඟහල දුල උලැගි තරගෙව් යුගත බැබලිනි කසුන් වස් නලයෙක්හි සිරි දුල

243. සුදු පැහැති නිය නමැති පෙන ඇත්තා වූ ඉතා රතු ඇඟිලි නමැති පබලු දක්නට ඇත්තා වූ ඒ දේවියගේ රූප නමැති සුදුමු තලයෙන් නැගනා වූ රැළ බඳු වූ අත් දෙක බැබළිණ. 244. ඒ දේවියගේ ශරීර සෞන්දතර්ය්ෙන්යෙන් ‍බැබළුණු වටවූ. සිලුටු වූ පැහැපත් වූ ග්රී වය කාමදේව‍යාගේ (බබළන්නාවූ) නෘත්ය ශාලාවෙහි රත් රන් වස් දණ්ඩක ශෝභාවෙන් දිලි‍සිණි.

245. 246. දද වැල කෙසුරු රැඳි මිණි කො‍ඩො‍ලිති දු ලිය දෙයදර පතින් සුවි රැඳි ඇසවන් යුගෙව් විදු ලිය දිව් කෙමියෙන් ඔ රැඳි නොව මතුරු සිතැ ලිය ඇ මුව ‍ගැබ පුල්තඹර සිරි රැඳි මදන පදිනා රුවන් ඔවි ලිය

245. දත් පෙළ නමැති කේශරයෙන් රඤජිත වූ දෙතොල් නමැති පත්රියෙන් අතිශයින් විරාජමානවූ දිව නමැති කෙමියෙන් බබළන්නා වූ ඒ බිසවගේ මුවගැබ (මුඛය) පිපුනාවූ පත්මයක ශෝභාවෙන් රඤජිතවී. 246. මාණික්ය කුණ්ඩලාභරණයෙන් බැබළුණු විද්යු ල්ලතාවන් වැනි වූ ඒ බිසවගේ කන්දෙක චිත්තාලය වී; නිරතුරුවම කාම දේවයා විසින් පදිනු ලබන්නාවූ මැණික් ඔන්චිල්ලාවෝ යි.

247. 248. එ මෙහෙසියගෙ න දන නිවා තැන හොබ වන යුග නෙති’ඳු මිණි පර දන පහන් සිලුවන් තුඟු වන දන වදිනා ම දන ඇගෙ ගහනත දෙ වන හොබී නුලුපුල් සැරෙව් වොරදන කවර උවමෙක් වේද සම වන

247. ඒ දේවියගේ මනොඥ වූ ඉන්ර්ේද නීල මාණික්ය යන් පරද වන්නා වූ නෙත් දෙක ජනයන් විදින්නා වූ බබළන්නා වූ කාම දේවයාගේ නිලුපුල් ඊ සැර මෙන් ශෝභමාන වෙයි.


50 කව් මිණි කො‍. ඬොල

248. සුළං නැති තැන බැබළෙමින් පවතින්නා වූ පහන් සිලුවක් වැනි වූ උත්තුංග වූ ඇගෙ නාසයට සමාන වන්නා වූ දෙවැනි වූ කවර උපමාවක් වන්නේද ?

249. 250. කල බිඟු වැල ලෙ සින් කුසුම් දම් සුල කල දිසි බැම ‍යුවල වෙසෙ සින් ඇගෙ නිල් මුහුල මන කල රුසිරැති එ මෙහෙ සින් විදු කිඳු රැඳි ල කල බිජි නළල’ඩ සඳක් විල සින් කලබ කුලමෙන් දිලෙයි හැමකල

249. සිත්කළු වූ බිඟුවැල් ලෙසින් පෙනෙන්නා වූ බැම යුවල ඇති විශේෂයෙන් රූප ශ්රීු ඇති ඒ මෙහෙසියගේ නළල අඩ සඳක් මෙන් බැබළිණි.

250. මල් මාලා වලින් මොනවව සරසනලද ලස්සණ වූ ඒ දේවියගේ නිල්වන් කේශ විද්යු ත් කදම්බයෙනි රඤජිත වූ කාලාභ්රේ කූටය මෙන් සදහට බැබළෙයි.

251. 252. නෙතලු දන විසි කළ මුතු රන් මල් ද මින් දැගුම් රන් ලිය පළ කළ සලඹ ද මුදු වලය මින් එබිසවගෙ මන කළ නිමි සළු රන් ක මින් රුසිරුකෙලෙසින් කියමි සුලකළ සැදී කොමලඟ බරණ මෙහැමින්

251. බැලුවා වූ ජනයන් වසඟ කළා වූ ඇවිදින්නා වූ ස්වර්ණන ලතාවකගේ විලාසය ප්රසකාශ කළා වූ ඒ බිසවගේ ලස්සණ වූ රූප ශ්රිවය කොයි හැටියකින් කියම් ද ? 252. මුතුවලින්ද, රත්රන් වලින් ද, ‍මාලාදාමයෙන් ද, සලඹින්ද, මුදුවලින්ද, වළලුවලින් හා රන්කමින් නිමියා වූ සළුවලින් ද යන මේ සියලු ආභරණයෙන් ඒ දේවියගේ මොළොක් වූ ශරීරය සජ්ජිත වී.

253. 254. යුතු මද මද සිනා එයිනැ’ය සහ ප වර නුවත’ඩ බැලුම් වි සිනා ජයද්දිස නම් නර වර ලද බොලඳ බ සිනා නොවෙනස් ව හැම වර එරද සිත් ගෙන වෙසෙයි තිසිනා කම් සැපත් විඳ දවසරින වර 253. මඳ මඳ - සිනාවෙන් යුක්ත වූ අඩැසින් බැලුම් වශයෙන්ද, ළපැටි මොළකැට වචනයෙන්ද ඒ රාජයාගේ සිත නිතරම (දිනා) ගෙන ඕ තොමෝ වාසය කරයි. 51 කව් මිණි කො‍න්ඬොල

254. එහෙයින් ඒ දේවිය ‍සමග උතුම් වූ ජයද්දිසනම් රජ තුමා සියලු කල්හි නොවෙනස්ව කාම සම්පත්තිය වින්දනය කොට දවස් යවන කල්හි

255. 256. පිරු පෙරුමැති සො ඳින මවු කුස්හි පිවි තුරු මහසත් තුමා නොම ඳින දිලි රන්රුවසෙ නිර තුරු එ බිසවගෙ වොරැ ඳින නොවෙමින් කිසි අ තුරු කුසෙහි පිළිසිඳ දිලිව හැම දින වසා දසෙකඩ මසක් වන තුරු

255. බෙහෙවින් හොඳින් පුරණ ලද පාරමිතා ඇති බෝසත් තුමා ඒ බිසවගේ කුසයෙහි පිළිසිඳගෙන හැම දවස්හි ජ්වලිතව රඤජමාන වී.

256. මවු කුසයෙහි පවිත්රර වූ දීප්තිමත් වූ රන් රුවක් මෙන් නිරන්තරයෙන් කිසි අන්තරායක නොවී දසෙකඩ මසක් වනතුරු වාසය කොට

257. 258. බිහි වූ මවු කු සින් එ කුමරු සඳ තො සින් එ මහසත්හට වෙසෙ සින් පෙර’ඩමස සඳ විල සින් තුටු මවු පිය වි සින් වැඩෙමින් නොවල සින් අලිනසිත් නම් තිබූ සක සින් සොළොස් හැවිරිදි පැමිණි වයසින්

257. මවු කුසින් බිහි වූ ඒ බෝධි සත්වියාහට විශේෂයෙන් සතුටු වූ මවු පියන් විසින් යහපත් පරිදි අලීන චිත්ත යන නාමය තබන ලදී.

258. ඒ උතුම් කුමාරයා ප්රීතතියෙන් පුර පස සඳ විලසින් අනලස්ව වැඩෙමින් සොළොස් හැවිරිදි වයසට පැමිණියේය.

259. 260. කිමිදී නැණ ස යුරු නව යොවුන් සයු රෙහි සිප් මිණි බරණ එක යුරු ගිලුනෙව් වැලඳ සිරු රෙහි ගෙන පැලඳ පෙම යුරු යුවරද තන තු රෙහි බිජි ඒ කුමරු අගති සි යුරු පැමිණ සිටිනා ස‍දෙහි එපුරෙහි

259. ඒ කුමාරතෙම ඥාන නමැති සාගරයෙහි කිමිදී ශිල්ප නමැති මාණික්යා.භරණයෙන් ඒකාකාරයෙන් ගෙන ප්රේිමය පරිද්දෙන් පැලඳගෙන අගස්ති ඍෂිවරයා මෙන් බැබළුණේය.


52 කව් මිණි කො‍ බඬොල

260. අභිනව තරුණ භාවය නමැති සයුරෙහි ගිලුනාක් මෙන් ශරීරයෙහි (අභිනව යෞවනය) ආලිංගිතව යුව රජ තන තුරට පැමිණ ඒ නගරයෙහි වාසය කරන කාලයෙහි

261. 262. සුරතුරෙක වල ඳින දිව සරන්ගේ රුව රන් ලියක් මෙන් වොරැ ඳින නොම දිටු ‍දනෝ පු රුව බිසවක සහ සො ඳින දැක ‍එ මෙහෙසී රුව වෙසෙතවිඳ සිරිසැපත් ‍ නොමඳින මෙසේ උනුනට කියති සී රුව

261. සුරතුරක් වැලඳ‍ගත්තා වූ රන් ලියක් මෙන් බබළන්නා වූ බිසවක් සමග යහපත්ව බෙහෙවින් සිරිසැප විඳ වාසය කරන කල්හි

262. දෙවඟනන්ගේ රූප‍ය පෙර නුදුටු ජනයෝ ඒ බිසවගේ රූපය දැක ඔවුනොවුන්ට යහපත් පරිද්දෙන් මෙසේ කථනය කරත්.

263. 264. වෙණු හුරු වෙස් ල දිය නැත පුරඳුරු වෙ සින් සිරිසඳ එයින් නොරැ ඳිය සිඟල් ‍වූවෙන් සරො සින් මෙහු කෙරෙ සිත් ල දිය දිවඹෙක් නොව ල සින් වෙමිනැවින් සිටි බවය උරු දිය මෙතැන් අවුදෝ කියති වෙසෙසින්

263. විෂ්ණු දිව්යඳ රාජයා සූකර වේශය ‍ලැබුවේය. එහෙයින් ශ්රීි කාන්තාව (එහි) නොරඳා මේ යුවරාජයා කෙරෙහි සිත් ළැදි වෙමින් ඒකාන්තයෙන් වාසය කරන බවයි.

264. (එසේ) නැතහොත් ශක්ර්යා වේශයෙන් සිවල් වූ හෙයින් තරහෙන් දිව්යි ස්ත්රියයක් අප්රේමාදව මේ ස්ථානයට ආයේ දෝ හෝයි විශේෂයෙන් කථනය කරත්.

265. 266. නොහොත් පෙර ති යසා දසන කළ සතැ සින් අනඟට කෙළෙන් අ යසා පවසනා කල මෙලෙ සින් එදුටු රති සි යසා ඇය රුව ඇති ලෙ සින් අවුත් සිටිදෝ මෙතනජ’ යසා කෙවියතෙක් පවසාද වෙසෙසින්


53 කව් මිණි කො‍සිඬොල

265. නැතහොත් පෙර ඊශ්වරයා විසින් කාම දේවයා හට (දැවීමෙන්) අයහපතක් කළ හෙයින් සියැසින් ඒ දුටු කාමදේව ‍යාගේ ප්රිවයාව වූ) රතී නම් දෙවඟන, මේ ස්ථානයෙහි ජය ශ්රාවණය කොට අවුත් සිටීදෝ?

266. (මෙසේ) ඇසින් දුටු සත්වයයන් විසින් මේ ආකාරයෙන් ප්රපකාශ කරන කල්හි ඒ දේවියගේ රූප සෞන්ද ර්ය් දුය ඇති ‍හැටියෙන් විශේෂයෙන් කවර වියතෙක් ප්රහකාශ කෙරේ ද ?

267. 268. රුවින් දිසි මෙ ලෙ සින් හැම දන සුත තො සින් එබිසව සමඟ වෙසෙ සින් රකිනෙ’ක් මවක් විල සින් රන් රස සෙ ‍සතො සින් යුතු අයුතු වෙසෙ සින් දවස් හරණා ස‍දෙහි සක සින් සොයා විසඳති දුටුසෙ සිය සින්

267. මේ ආකාරයෙන් රූපයෙන් යුක්ත වූ ඒ බිසව සමග විශේෂයෙන් රත්රන් හා රසදිය පරිද්දෙන් සතොසින් යහපත්ව දවස් යවන කල්හි

268. ප්රීපතියෙන් දරුවන් රක්නා වූ එකම මවක් පරිද්දෙන් සියලු දෙනාගේ යුක්තායුක්තීන් විශේෂයෙන් පරීක්ෂා කොට සියැසින් දුටුවක් මෙන් විතිශ්වය කරත්.

269. 270. එ යුවරද මෙ ලෙස සින් සක්වා සතොස් කර සතගෙ දුකළෙන් නොල සින් ලෙව් දිය කුමුටු පිය කර සුරන් ලෙස සතො සින් රස ඔදය තුනු කර සැපත් විඳ දවසරිත වෙසෙ සින් පැමිණි ගිම් කල දිය රුදුරු කර

269. මේ ආකාරයෙන් ඒ යුවරාජයා අප්රගමාදව සත්වරයන්ගේ දුක් දුරු කළ හෙයින් ප්රී තියෙන් දෙවියන් පරිද්දෙන් විශේෂයෙන් සැප විඳ දවස් යවන කල්හි

270. සක්වා ලිහිණින් සතුටුකොට, ලෝ වැස්සා දිය කිමිදීමෙහි ආශා ඇති‍ කොට, අනංගයාගේ ඕජස තුනීකොට, ලෝකය රෞද්රද කොට ග්රීතෂ්ම කාලය පැමිණියේය.



54 කව් මිණි කො‍. ඬොල

271. 272. දිලුණු මල් පල ලෙන් නතු කළ කුඹු තෙ ලෙන් වන සියොත් සිකි ගොල් ලෙන් සිටිතත් වැහැර තැවු ලෙන් හසර හැර සිල් ලෙන් උන්සෙය නුකුහු ලෙන් වගල වන්වූ රිවි තැවුල් ලෙන් සැතපී බාසුර කෙ‍සර තුටු‍ ලෙන්

271. දිලුනාවූ මල් හා දළු සහිත වූ වනයෙහි කෑදැත්තන් හා මොනර සමූහයාත් සූර්ය්ු තාපය කරනකොට ගෙන සඤ්චාරය දුරු කොට සිදුරුවූ හදවතින් වෑස්සෙන්නාවුන් මෙන් වූවාහුයි.

272. තාපය කරනකොටගෙන ක්ලාන්තව අවනත කළා වූ කුම්හස්ථලයෙන් යුක්ත ව ඇතුන් සිටින කල්හි ඒ ඇතුන්ගේ සෙවනැල්ලෙහි සැකයක් නැතිව චිත්ත ප්රීතතියෙන් බාහු සූර වූ සිංහයා සන්තර්පිතවී.

273. 274. නො සැහැ සිතු පව සින් හිඳල් තුරු දළ දුල හුරු බිමට වැද විග සින් සිරු හඬ කනා රසු දුල පැනත් දී නොරි සින් දුම් බුජ ගැති උ දුල බමා ගජකැන් සරති වෙසෙ සින් එකල වන රද රුදුරු වෙස දුල

273. පිපාසය කරණකොට ගනෙ සිතු නො සෑහි ශීඝ්ර යෙන් ක්ෂාිර භූමියට ප්ර විෂ්ටව ජලයට සොඬවැල් (දී) තබා අරුචියෙන් හස්ති සමූහයෝ විශේෂයෙන් භ්ර මණය කොට හැසිරෙත්. 274. කොළ රහීත වූ වෘක්ෂැ නමැති ජටාවෙන් බබළන්නාවූ රැසි හඬ නමැති රන් කිකිණි ජාලා ඇති, බබළන්නා වූ ධූම නමැති සර්පූයන් ඇත්තාවූ වන රාජයා ඒ කාලයෙහි ඊශ්වර වේශයෙන් බැබළුණේය.

275. 276. පැනී මුව මියු ලන් වියො දුකට නො මනා මිරිඟු දැක ලෙස දලැ ලන් පියඹුන් වදන් ස මනා යත පැනෙත නොව ලන් පත් සතට ගි මනා ගමන් අවසන් නොලැබ වු ගිලන් හැමී තිරිනෙන් පවන් සු මනා

275. පැන් කැමැති වූ මුව දෙනුන් ‍හා මුවෝ මිරිඟුව ජලාසයන් පරිද්දෙන් දැක යන කල්හි (මිරිඟුව) ඈතින් (ඈතින්) පෙණෙන කල්හි ගමනෙහි අවසානයක් නොලැබ ගිලන් වූවාහුය. 55 කව් මිණි කො‍වූඬොල

276. අමනොඥ වූ වියෝග දුඃඛයට ප්රි යාම්බිකාවන්ගේ වචනයන් හා සමාන වූ, ග්රී ෂ්මයට පත් වූ සත්ව්යන් කරා ඉතා යහපත් වූ සුළං නිරිත දිගින් හැමී. (ප්රි,යාම්බිකාවන්ගේ අමනොඥ වූ වචනයන් හා සමාන වූ ග්රීයෂ්මයෙන් වියෝ දුකට පැමිණියා වූ සත්වරයන් කරා නිරිත දිගින් සුළං හැමී.

277. 278. තන රණ ගිරි හි සින් ගිමනින් තත් ලෙ වන් දිසි මුතු හරැලි විල සින් සනහන මෙන් ද වියො වන් තුනු විලට නොල සින් වනඹම සරණ වන් පිවිස සැනසෙති දනෝ වෙසෙ සින් මෙ කල් පත ඉඳු දෙසෙන් සප වන්

277. පයෝධර නමැති සවර්ණි පර්ව ත මස්තකයෙන් දෘශ්ය් වූ මුක්තාහාර නමැති ඇලි ඇත්තාවූ, වීලාසිනීන්ගේ ශරීර නමැති විලට ප්ර විෂ්ටව ජනයෝ වෙසෙසින් සැනසෙති.

278. ග්රීූෂ්මයෙන් තැවුනා වූ ලෝක වාසීන් හා වියෝවූවන් සනසන මෙන්ද වනාම්බිකාවගේ මැසිවිල්ල දුරු කිරීම පිණිස ද නැගෙනහිර දිශාවෙන් මාරුතය සහිත වූ මේඝ කාලය සම්ප්රාමප්ත වී.

279. 280. විදු සල පලු ල කල් තොබිදු සිඳු වර දුල බලා පුල් මල් මන කල් සිකි කැල කියඹු වැල දුල සුනිල් ගන ගන කල් දස වමිය ගෙන දුල දියත පත ගන වෙනෙ’ව් එම කල් හරෙව් පළවී බලා වැල දුල

279. සෙලවෙන්නාවූ විදුලිය නමැති දළුවලින් අලංකාර වූ බලාකා නමැති පිපුණු මලින් ලස්සණවූ අති නීලත්ව යෙන් ගහණ වූ ඝණ වූ වනයක් මෙන් මේඝ කාලය එවර ලෝකයට ප්රාූප්ත වී.

280. දිය බිඳු නමැති මුක්තාකලාපයෙන් බබළන්නාවූ මයුර සමූහ නමැති අලකාවලියෙන් දිලිසෙන්නාවූ, දිශා නමැති කාන්තාවගේ ග්රීමවයෙහි බැබළුණු බලාකාවලිය මුතු වැලක් මෙන් ප්ර කාශ විය.



56 කව් මිණි කො‍තුඬොල

281. 282. මෙ හිමි දුටු කැම තින් දිලි කදො කිමි වි සින් ලිය කත් ලපලු දෙය තින් වන හිස මෙ හිමි දැකැ සින් රඟමින් මල් ව තින් නික මල් මුහුල සින් සපද නද ගී ගතෙව් නිය තින් සැරුණු වැනි මිහි කතුන් නොල සින්

281. මේඝ නමැතී හිමියන් දුටුවාවූ ලතා නමැති කාන්තාවෝ කැමැත්තෙන් ලා දළු නමැති දෙයතින් නෘත්යය කරමින් මල් නමැති වස්ත්ර්යෙන් යුක්තව ඒකාන්තයෙන් ෂට්පද නාද නමැති ගීතිකා ග්රූහණය කළාක් මෙනි.

282. මිහි කත විසින් දීප්තිමත් වූ ඛාද්යොණත කෘමි ලක්ෂ ණ වූ ඇසින් මේඝ නමැති ස්වාමියා දැක වන නමැති හිසෙහි නික මල් නමැති කෙස් වැටියෙන් සැරසුනාක් වැනිය.

283. 284. ගන රදෙ’න වි සිනා දිගත නිල් කර ‍ මිනි කරන තුරු ගොස් ගො සිනා පුවළ ගනඳර සපැ මිනි දසනු දෙස නි සිනා නිසර කර දින මිනි පළ‍වි මැඩි සිය ගොසෙ’ක ලෙසිනා තඹුරු සියනුදු වැනසි නිය මිනි

283. මේඝ රාජයා ‍ඊම් වශයෙන් කරන්නා වූ තූර්ය්ුද ඝොෂා පරිද්දෙන් දිශානුදිශාවන්හි නිතරම සිය ගණන් මැඩියන් ගේ ඝෝෂාව එකාකාරයෙන් ප්රදකාශ විය.

284. දිශාන්තයන් නිල් පැහැ කරමින් මහත් වූ ඝනාන්ධනකාරය සම්ප්රා්ප්ත විය. හිරු නිසරු කොට නෙළුම් නමැති බන්ධුනන් ද නියමයෙන් විනාශ කෙළේයි.

285. 286. ගණ වත දෙසනුදෙසෙහි ගණ ගණ නිල් වන සඳල ල කල් ව ණ විය දල කඳුලින් ගණ ගණ නිල් වන සඳල ල කල් මණ මත සිකි තොස විය ගණ වන කල් ලද කඳල එ කල් වණ විය දල කඳලින් ගණ වන කල් ලද කඳල එ කල්

අර්ධන මහා යමකඃ අර්ධග චන්ර්ල ම්



57 කව් මිණි කො‍ධ ඬොල

285. දිශානුදිශාවෙහි මේඝ‍ය ඝන වන කල්හි විරහිණිය කඳුළු ජලයෙන් ගැවසී ගත්තාය. මත්ත මයුරයන්ගේ සිතෙහි ප්රී්තිය ඝන වූයේය. වනය කොළවලින් හා අලුත් පැල වලින් නොහොත් කන්දයලි වැල් සම්බන්ධ‍ වූ කොළවලින් ගැවසී ගත්තාය.

286. නිල් පැහැති මේඝය තෙම අලුත් සඳුගේ අලංකාරය දුරු කෙළේය. ඉතා නිල් වූ අලුත් හිතණ බැබළිණි මනොඥ වූ වනාන්තරය ඒ කාලයෙහි අලුත් පැළ ලැබුවේය. තනි වූ විරහිණිය කඳුළු ලද්දීය.

287. 288. වනන් සවස නල හැම විය පියයුරු දිග තුල් වැසි විය සිකින් සයොද දල පෙම විය අමවන දිය පණ හැම විය වනන් සවස නල හැම විය ලිය තුරු අග මල් දිසි විය සිකින් සියොද දල මෙ විය හැම තැන දිය මනරම් විය සාමුද්ග කපි ලක්ෂමණම් පක්ෂව පත්රදම

287. හමනය වූ වර්ෂාණ නිලය සකන්ධ යන්හි හෙවත් තදුපවාරයෙන් ගත් කල සකල ශරීරයෙහි ස්පර්ශ ය ලද්දා වූ මොනරුන්ට හා කෑදැත්තන්ට දෘඨ ප්රේරම වූයේ ය. වියෝ වූ ස්ත්රී්න් කෙරෙන් ස්වාසානිලය හැමිය. (එහෙයින්ම) සඛින් හා බන්ධුළන් සිතින් ප්රේ්මය හරණ ලද්දේ විය.

288. පයෝධරයන් හෙවත් මේඝයන් විසින් ලොව තුළ වසන ලද්දේ විය. අමා වැනි වූ සුළඟ හැමීය. ගස් වැල් මුදුනෙහි මල් දිසි විය. ලෝකයෙහි හැම තාන මනරම් විය.

289. 290. ද ල ද ර මරු දිගත පතල උ දු ල ගු ව න තුරු නි ලවී නි ල ඹ ර ඳුරු සෙගණ පතල බ හ ල ප ව න තුරු ස ලවී දු ල ස ර තුරු වගතො පතල ව ත ල දෙ ර න තුරු ද ලවී ය ල ත ර හිරු නිගය පතල මෙක ල මෙමෙන තුරු ප ලවී

289. ජලෝද්වහනය කරන්නාවූ මාරුතය දිගාන්තයන්හි විස්තෘත විය. නිල් වූ අහසෙහි අන්ධෝකාර පරිද්දෙන් මේඝය පතල විය. තාරකා සමූහයාගේ ජ්වලිත ප්රඅභාව පතල නොවූයේය. නැවත තරුණ වූ හිරු දැඩි වූ නිගාවට පත් වූවාය.



58 කව් මිණි කො‍රභඬොල

290. අහසෙහි බබළන්නාවූ තාරකා නිලීන විය. ඝන වූ මාරුතය ගස් සොලවන්නේ විය. පෘථිවිය තුළ ජලය පැතිරී ගියේය. මේඝ කාලය තෙම මේ අන්දමින් විශේෂව ප්රබකාශ වී.

291. 292. ගිනි දල මලතර ගණ කල වන සර දුප දල දස නව වැසි දිය පත යුතු වල කල වන නත ලද දල ලක නව සුනිමල රුල තර මන කල වන කල ලද දල තන නව දිසි ලිය නත මුතු පල කල වන සද ලද ලදු රස නව ගොමුත්රි කා අශ්ව පාදම් අනුලෝම ප්රපතිලෝමම්

291. මේඝ කාලයෙහි නියඟලා මල් අතර වැටුණා වූ වැසි දිය අලංකාරයෙන් යුක්තව ඇති නිර්මඟල වූ තරුණ වු රුවීන් මනකල් වූ දැකුම් කටයුතු කාන්තාවන්ගේ හස්තයෙහි මුක්තාවන් ප්ර කාශ කෙළේයි.

292. දිසාවන්හි වන විල් අලුත් දියෙන් බැබළිණි. වනය තෙම ලක්ෂතණාන්විත පත්රව භාරයෙන් නැමුණු බව ලැබුවේය. වියෝගවූ කාන්තා තොමෝ කම්පිතව (කාය චිත්ත) දරථය ලැබුවාය. වනය හී තණ ද අලුත් වූ ඕජාව ද ලැබුවේයි.

293. 294. ද ල දය විද රස නව කදඔ රණ බිම නෙ ලින් ද ල කදල දළුවෙ නව සපද රණ බිමි ලො ලින් ද ල තර විරතද නව ල ද ල ව න තුරු පෙ ළින් ද ල න කල වනද නව උ දු ල ව න තුරු ම ලින් දෙකව් කවාටම්

මේ කව අනුලෝමයෙන් ගත් කල තේරුම් මෙසේය. 292. පොළොවට ආසන්නව මේඝය වූයේය. කාන්දිලී ලතා තොමෝ අලුත් දළුවලින් බැබළෙයි. අභිනව වූ ජලාන්තරය රතු පැහැය ද වූයේය. වනාන්තර‍ය ද අලුත් කොළවලින් ලස්සණ වී.

මේ කව අනුලෝමයෙන් ගත් කල තේරුම මෙසේය. වනය ද අභිනව ‍ලක්ෂ්ණය ලැබුවේය. වියෝ වූ ස්ත්රීාන් ගේ සිත දෘඪ වූ විරක්ත භාවය ලැබුවේය. වළාවෝ ද කාල වර්ණරය ලැබුවෝය. වන විල්හි ද මේඝය වූයේය. 59 කව් මිණි කො‍කවඬොල

294. කොළොම් වනය මාරුතය කරණකොටගෙන චඤචල වීය. වනයෙහි මී මැස්සෝ (මධු) ලෝලත්වචයෙන් භ්රබමණය කළා හුයි. වනයෙහි වෘක්ෂවයෝ අලුත් දළුවලින් ද මල්වලින් ද ‍ඵල වලින්ද බැබළුණාහුයි.

295. 296. ව න නු ගණ පොද ග නව ලදල ලද වන උ දුල ව න ග දලිනු දිලි නව වියත ගන නිලිනු දුල ව න ලිදු මනො ලද නව සරසි කැල තො ලදි දුල ව න දලදු යගනු නව මෙ ලෙස දිය නෙක සෙ දුල චතුස් පත්රදම්

295. වැහි පොද ගන සැරේට (වැටීමෙන්) අපමණ වූහ. වනාග්රදය අලුත් ‍දළුවලින් බැබළිණි. වන බමරු ලැව් ගිනි දුම් නොලැබූහ. විරහිණිය ද නො අඩුව සෝ ගිනි ලැබුවා.

296. වනාන්තරය බැබළුනා වූ අලුත් දළු ලැබුවේය. අහස නීල මේඝයෙන් බැබළිණි. විල් සමූහය (තඹ පැහැයෙන්) බබළන්නාවූ ජලය ලද්දේය. මේ අන්දමින් ලෝකය නොයෙක් ආකාරයෙන් බැබළිණි.

297. 298. මේ දුටු සඳ පිවිස සල ස ර නි පිපී පිසි නි රස දිවුණු කර රඟත සල ස ර ඟ ලද දලඟ රස කර නිලද පිලි වි සල ස ර ද ලවි විල ද රස ල සි කි ලය’පිලි කි සල ස ර ල දස සදල රස මේ දෙකව් චතුරශ්ර’ ජාලම්

297. මේඝයන් දුටු කල්හි (සතුටින්) ඉපිල ගියා වූ ළය ඇති මන්ත මයුරයෝ කෙට්ටු බව දුරු කළාහු; අසල වූ පර්වලතයන්ට ප්රිවිෂ්ටව නීල වර්ණනයෙන් හා ආද්රෝ භාවයෙන් යුක්ත වූ පිල් විදහා විගුණ කොට නෘත්යට කරත්.

298. තදියෙහි ජලයෙන් මහත්ව පද්ම සමූහය නොපිපිණි. කෑදැත්තෝ අග්රට රස ඇති ජලය ලද්දාහිය. ලබන ලද ජලය ඇති පක්ෂිය සමූහය රාවය ලද්දේ විය. තිෂ්ක්රාලන්ත ප්ර භා ඇති චන්ර්ි ප තෙම රශ්මිය හැරියේය.


60 කව් මිණි කො‍‍්ඬොල

299. 300 වන කඳල දෙලෙනු දුල ගන ගුම්හි අර ගල වන කඳල දෙලෙනු දුල අසාලා එහි වන ගල වන කඳල දෙලෙනු දුල සෙබඩු ඉහි නිල ගල වන කඳල දෙලෙනු දුල රඟති අදසෙ මුදුලව ගල ගල පාදාභ්යාකස මහා යමකම් කාව්යඟ නාම ගහී චක්ර ම්

299. වනස්කන්ධමය (වනාන්තරය) ලා දළුවලින් බැබළිණි. වනය කාන්ද්ලී ජටායෙන් ලීලෝපේත විය. වියෝවූ ස්ත්රීතහු කඳුළු ජලයෙන් යුක්ත වූවාහුය. ජලයෙන් ගැවසීගත් අලුත් දළු කරණ කොට ගෙන වනය ඍජු භාවය දුරු කළේය.

300. මේඝ ගර්ජනාවෙහි කෝලාහලය අසා ච වන ඝටයෙහි සෙබඩුන් සමග මයුරයෝ සිත්වූ පරිද්දෙන්ම පිල් විදහා බැබළෙමින් පර්ව තයක් පාසා රඟ කරත්.

301. 302. ලි ය ලි ය ග තුරු තුරු වසය ලෙස හස රැස සි ය සි ය රවය දද තුරු කර වෙනෙ සමන රැස රැස පි ය පි ය න් නිර තුරු සමග මද නල රැස වි ය වි ය න බස් උතුරු පිළි තුරු සමව පළවී දියත පොද රැස ආද්යාෝම්රේඩිතම ත්රීම සූලම්

301. ලතාවක් ලතාවක් පාසාද, වෘක්ෂදයක් වෘක්ෂපයක් පාසා ද, මුදුන්වල පක්ෂීෝන් විසින් ගායනය කරන ලද තම - තමන්ගේ රාවය ජයම්පතින් විසින් නිතර කියනු ලබන්නාවූ උත්තර - ප්රදත්යුදත්තර වචන සමාන වූයේය.

302. වැහි බින්දු රැස වශ්යපයන් පරිද්දෙන් හංස සමූහයා ද, කොවුල් සමූහයා ද, වනයෙහි රැස් කොට මන්දප මාරුත රාශිය සමග එකාකාරව ලොවෙහි පළවූයේය.

303. 304. නව දල වගල කල නේ වන වි වන වන නදවි දල සර සිකි කල නව විනා වන නී වන නල වන පුවුටු කල වන නොනිවි නුනු වන නව සුවඳ හැමී දිගත මන කල නාන නාවන නුවුනේ වන සද්වජම් වි්යනක්ෂේරම්

61 කව් මිණි කො‍ ඬොල

303. අලුත් වූ ජලය වැස්ස කල්හි, හෙවත් ගලා ගිය කල්හි, ජලචරයන් හා මොනර සමූහයා ප්රී්ති විය. මනොඥ ‍වූ වාතය වනයට ප්රතවිෂ්ට වු කල්හි මනොඥ වූ, නව සුවඳ දිශාන්තයන්හි හැමූයේය.

304. නොයෙක් පැහැ ඇති පක්ෂීැහු වනයට ප්රෙවිෂ්ට වූහ. නාග වනයද, නීප වනයද අළුත් විය. නුවණ නැති විරහිණිය අස්වැසිලි නොලැබුවාය. නොයෙක් වනයෝ නාන්නාවූ ඇතුනට අභිනව නදී වැනි විය.

305. 306. වෙන සරණ එ කල පැහැ රඳන ඉඳු දුනු රතිඳු ගොව් කැල මන කල මිණි මෙවුල සහ ඔරැ දුනු විදු පෙනෙලින් ල කල බලා විදු පැහැ දුනු වගල ගිතිරොන් විලස පළකල මුතු රුවන් දමින් බඳ සුසැ දුනු

305. එකල වනයෙහි හැසිරෙන මනොඥ වූ රනිඳු ගොව් සමූහයා විදුලිය නමැති පෙන හෙල්ලෙන් ගිලිහුනා වු ලස්සණ වූ ගිනි පුපුරු විලාසය ප්රුකාශ ‍‍කෙළේය.

306. දෙව් දුන්නේ ප්ර භාව දරන්නා වූ මණිමේඛලාව හා බබළන්නා වූ බලාකාවලී හා විද්යුුල්ලතාවන්ගේ ප්ර භායෙන් ඇඳුනා වූ මුතුවැලින් හා රත්න දාමයෙන් මොනවට සැදුණු මධ්යු ප්රනදේශ ඇති

307. 308 දස වමිය නොල සින් වැසි බිඳු රළි නු දුල දලද පියයුරු පහ සින් ඉඳු සැව් පබලු පෙළ දුල මුහුදු පිය වෙසෙ සින් ගති ගුම් ගොසිනු දුල තුටු කළේ සිතැතියක විල සින් සොබන කොක්සක් පෙළින් පැහැදුල

307. දිශා නමැති කාන්තාව ඉක්මනින් මේඝ නමැති පයෝධර ස්පර්ශලයෙන් සයුරු නමැති ස්වාමියා සිත ඇත්තියක් පරිද්දෙන් වෙසෙසින් තුටු කළාය.

308. වැහි බින්දුත නමැති රැළ වලින් බබළන්නා වූ දෙව්දුනු නමැති පබලු පෙළින් බබළන්නා වූ මේඝ ගර්ජතනා නමැති සමුද්රබ ඝෝෂාවෙන් යුක්ත වූ යහපත් වූ ප්රිභාවෙන් ලස්සණ වූ කොක් නමැති සක් පෙළින්


62 කව් මිණි කො‍රභඬොල

309. 310. ලෙව් පැලඹුණු අ රද මේ ගනඳර බි යෙන් පුවළ මහ මේ සිදු රද වුසු සත් සතන නිති යෙන් සෙද පත්විය ස රද මැසිහර ඔසු නි යෙන් අගතිසිහු මුව තුළට නිව රද සරා කල් අනතුරු පැමිණි යෙන්

309. ලෝකයෙහි නිරන්තරයෙන් බැබළුණු ප්රෞරඪ වූ මහා මේඝ නමැති සාගර රාජයා සරත් කාලය නමැති අගස්ති රුසිහුගේ මුඛය තුළට නොවැළකී ඉක්මනින් පත්විය.

310. මේඝ ඝනාන්ධමකාර භිතියෙන් නිතරම වාසය කළා වූ සත්‍නමයන්ගේ සන්තානයන්හි ආමාශීහාරි ඖෂඛ ක්රකමයෙන් සරත් කාලය ඊළඟට පැමිණි හෙයින්

311. 312. ගඳ වහන පිය වන දිගලු කර නො ල සින් කුසුම් පලු ලෙලවා වන හෙල රසිනි අම විල සින් දසත දෙස නෙක වන බබළන නෙක ලෙ සින් වහනවී පිය ගඳින් හිත වන සරා සිසි සොමි දැරි වෙසෙ සින් ගුට චතුත්වඃ

311. මාරුතය තෙ‍ම ප්රිනය වන්නා වූ වන මල් පලු ලෙලවා දිශානු දිශාවෙහි (ලෝකයා හටද) හිතවන්නා වූ ප්රිරය වූ සුගන්ධලයෙන් යුක්තව නොයෙක් වනයෙහි වහනය වූයේය.

312. අමෘතාකාර වූ සුදු රැස් කරනකොටගෙන නොයෙක් ආකාරයෙන් අනලස්ව දිශාවන් ආලෝක කොට බබළන්නා වූ සරත් චන්ර්ාරයයා නොයෙක් පරිද්දෙන් විශිෂ්ට වූ සෞම්යළ භාවය දැරුවේ ය.

313. 314. සුපිපි දිසි වන සර ඇත් මදය බඳු වන රළඹ විලිවල පැහැ සර ගඳැති පුල් සත් පත් වන නිතිකොළ කෙළ ති සර තනවා ගෙන ප වන මියුරු නදයෙන් කෙරෙති තුටු සර මතැන් වෙහෙසෙති ඇවිද නල වන

313. මොනවට පිපුනාවූ, දෘශ්යිමාන වූ වන විල්හි පැහැසර වූ රැළ නමැති උත්සිල්ලාව නිතරම ක්රීවඩා කොට හංසයෝ මිහිරි නාදයෙන් හංස ධේනූන් සතුටු කෙරෙති.

63 කව් මිණි කො‍. ඬොල

314. ඇත්මද හා සමාන වූ සුවඳින් යුක්ත වූ රුක් අත්තන වනයන් කම්පා කොට ගෙන හමන වාතය හුණ වනයෙහි හැසිරි මතැතුන් වෙහෙසයි.

315. 316. මල්හි උලැහි වන ඉඟු යටෙහි බහ මින බිඟු කැල පුල් කැල වන බිඟු වැල දියැද බඳි මින මල්හී සතන වන උපුල් සැර ගනි මින නොවන සහදුම් නෙලෙව් දිසිවන වනන් කැලඹී අනඟ සපැ මින

315. අනංගයා පමණ ඉක්මවා පැමිණීම කරන්නා වූ, භෘංග සමූහයා ඇති පිපුණු (මල් ඇති) එරබදු වනය අනංගයා (සිත්) සතන්හි පත් වූ නොයෙක් විරහිණීන්ට දුම් සහිත ගින්නක් මෙන් දර්ශබනය වූයේ ය.

316. උක් ලීයෙහි බිඟු වැල නැමැති දුනු දියද බහිමින්, ඇදලා බඳිමින් උපුල් නමැති ඊ සැර ගනිමින් අනංගයා සම්ප්රාමප්ත ව විරහිණීන් කැළඹුවේ ය.

317. 318. මදමන් බිඟු ත රුනු දිලි සරන නේ සර මිනි මුතු සරෙහි ඇසු රුනු තිසර හර කරලා සර මෙද ලිය වෙත ත රුනු නන හැරලි සර සර සලෙලු සිත්සෙ උලැඟි ඇසුරුනු ගයන සිරි සිලි සරත් කල් සර නිරෝෂ්ඨම්

317. මදයෙන් මත් වූ බමරු පිපුනා වූ (මල් ඇති) විලෙහි හැසුරුණාහු ය. මෙයද තරුණ වූ කාන්තාවන් කෙරෙහි ප්රපමාණය ඉක්මවා සඤචරිත වූ සල්ලාලයන් ගේ සිත් වැනිය.

318. බබළන්නා වූ විල් නමැති නොයෙක් ස්ත්රීරහු හංස නමැති මුතුවැල කරලා පත්ම නමැති සාර වූ මුඛය විවර කොට භෘංග නාද නමැති ස්වරයෙන් සරත් කාලය නමැති ගායනශ්රි ය ඉසිලු.

319. 320. ගන හිමි වියෝ කල තිසර සුදඟර කර ලතර මිහිලිය මන කල සෙමෙලු තුරු සළු සුල කර සිකි පිල් බලා කල තුරු හර බලා කර උපුල් මලිගිය දම් බැහැර කල සැදි සපද නද ගියෙන් පිය කර


64 කව් මිණි කො‍ දඬොල

319. මේඝ නමැති ස්වාමියා වියෝ වූ කල්හි අතිශයින් තරුණ වූ ලස්සණ වූ මගී කාන්තාව මොනර පිල් හා කොක් සමූහ නමැති උත්පල දාමයන් හා මාලතී දාමයන් ඉවත ලූවාය. 320. හංසයන්ට ස්වේතාංගරාගයන් මෙන් කොට සෙවෙල් නමැති උතුරු සළුවෙන් අලංකාර වී ගෙලෙහි තාරකා නමැති මුතුහර බහා පියකරු වූ මීමැසි නද නමැති ගීයෙන් සැදී.

321. 322. යොවුන් පිරි දස ඟන මිහි ගඳ නළල කල නුරා කර මෙන් වෙස ඟන සත්පත් වෙනෙන් හෙන කල සරත් හිමි සිප ගන මතැන් කොපුලින් කල පහස දෙතමෙන් වීය එකගන වගල මදයෙන් තෙමෙනි බිඟු කල

321. යෞවන භාවයෙන් පූර්ණල වූ දිශා නමැති කාන්තාව වෙසඟනක් මෙන් අනුරාග කොට සරත් කාලය නමැති ‍ස්වාමියා චුම්ඛනය කොට ඒක ඝනව ස්පර්ශ දානය කරන්නාක් මෙන් වූයේය. ‍322. මධු ගන්ධත ඇති වාතය ලස්සණ වූ රුක් ‍අත්තන වනයෙන් එන කල මනොඥ වූ මත්ත හස්තීන්ගේ කපෝලයෙන් වැගුරුණු මද ජලයෙන් භෘංග සමූහයා තෙමෙකි.

323. 324. පැමිණ ඉති සර කල ඉති අසිරිමත් කල සැම සතන් සිත් තුටු කල පසල් නරනිඳු මන කල මෙද නී හෝ ල කල පුරඟන සහ ල කල තිදර සරසිය දිය පහන් කල උයන් දිය කෙළියෙන් සුරති කල 323. මෙසේ සරත් කාලය පැමිණ සියලු සතුන්ගේ සිත් සතුටු කෙළේය. මෙපමණෙක් ද නොවෙයි. ගංගාය, ඔය ය, දිය ඇල්ලය, විලය යන මෙතෙක් තන්හි ජලය ප්රවසන්න කෙ‍ළේය. 324. මෙ බඳු වූ ආශ්චර්ය්ගා මත් කාලයෙහි ලස්සණ වූ පඤචාල දේශයෙහි රජතෙම අලංකාර වූ පුරඟනන් සමග උයන් කෙළියෙහි හා දිය කෙළියෙහි ඇලුම් කළේ යි. 325. එ බැවින් එන ර වර ඇතොරන් සමග මැති වර සෙනගින් සපිරි වර ගිජි’ඳරා උයනට පිවිසි වර 65 කව් මිණි කො‍ඳරඬොල

325. එහෙයින් ඒ උතුම් රජ තෙම හස්ත්යාහරෝහකයන් හා මන්ත්රීූවරයන් සමග සපිරිවර සෙ‍නගින් යුක්තව ගජෙන්රා‍දියරූඪව උයනට පිවිසි කල්හි

326. සොබ ම න් දිවසර සමගින් පැ හැ සර සු රි ඳු න් නදුනුයනට වන් සි රි සර ප ව මි න් ගජ රජ පිටගින් බැ ස සර බ ල මි න් ඇවිදිත එඋයන් සි රි සර

326. සොබමන් වූ ප්රවභාස්වර වූ දෙවඟනන් කැටුව නදුන් උයනට පැමිණියා වූ ශක්රන දිව්යඑ රාජයාගේ ශ්රීු විලාසය පළ කරමින් හස්ති රාජයාගේ පෘෂ්ටාග්රශයෙන් වහා බැස ඒ උයනේ සිරිසර බලමින් ඇවිදන කල්හි

327. ම ද නල ලෙල පිපි ලියගෙහි මන කල ම ද මත් බිඟු රැල වැද නද දෙන කල ල ද ඟන රුසිරට පැරදී එම කල හ ද තනමින් සෙවි’නඬ නෙව් පළ කල

327. ඒ උයනෙහි මඳ සුළඟින් සෙලවුණා වූ පිපුණා වූ ලස්සණ වූ ලතාග්රනය (කෙසේද) මදයෙන් මත් වූ භෘංග සමූහයා ප්රලවිෂ්ටව නාද කරන කල්හි තරුණ (ළපටි) කාන්තාවන්ගේ රූප ශ්රීමයට පරාජය වී එම කාලයෙහි ශෝකයෙන් හෘදය කම්පාකරමින් හඬන්නාක් මෙන් ප්රගකාශ කෙළේය.

328. මත බිඟු මුලු වැද නද දෙන හැම සඳ ‍ලියොවිලි තුළ පියකත් පිවිසුන් සඳ ලෙල ‍විදු මේ ගැබ එක බඳ කෙරෙ සඳ තෙලෙසින් තුටු කෙළෙ දන මියු රැස සඳ

328. මත්ත භෘංග සමූහයා ප්රරවිෂ්ටව සියලු කල්හි නද දෙන්නා වූ ලතා නමැති දෝලා තුළට ප්රිමය කාන්තාවන්ගේ ප්ර විෂ්ට වූ කාලය (කෙසේ ද) ලෙ‍ලදෙන්නා වූ විදුලිය හා මේඝ ගර්භසය හා සදෘශකරයි. එකල මොනර සමූහයා ස්වකීය නාදයෙන් අනේ ප්ර කාරයෙන් කාන්තාවන් සතුටු කෙළේය.

329. නිසල නෙතින් පුරවමිනෙ’හි සිරි මත් කුසුම පෙළින් දිලි තුරුණුඹ නහ මත් වන දි ව ඹු න් සිරි පළ කර මන මත් සලෙල කැලන් දල ලොබ කොළෙ මද මත්


66 කව් මිණි කො‍්ිඬොල

329. පුරඟනන් නිසල වූ නෙතින් ඒ උ‍යනෙහි සිරිමත් වූ පුෂ්ප පංකතියෙන් බබළන්නා වූ වෘක්ෂවයන්ගේ මස්තකය වන දිව්යාං ගනාවන්ගේ විලාසය ප්රබකාශ කොට චිත්ත මදයෙන් යුක්ත ව දර්ශෙනය කරන කල්හි මදයෙන් මත්වුනා වූ සල්ලාල සමූහයා දෘඪ ලෝභ‍ය කෙළේය.

330. ර‍ තො ටි න් නව පලු උවනින් පිපි සර දි ගැ සි න් නුගිනැස් දිනමින් පැහැ සර සොබ ම න් පු ර ව මි වි ල සි න් දිව සර මෙ ලෙ සි න නරඹත එඋයන් සිරි සර

330. රතු තොල් කරන කොට ගෙන අභිනව පත්රනයන් ද, චක්ත්ර්ය කරන කොට ගෙන පිපුනා වූ නෙළුම් මල් ද, දික් වූ ඇස් කරන කොටගෙන අනුගතයන්ගේ ඇස්ද දිනමින් පැහැසර වූ, සොබමන් වූ පුරඟනන් දෙවඟනන්ගේ විලාසයෙන් මේ ආකාරයෙන් ඒ උද්යාරනයාගේ ශ්රීන සාරය දර්ශ්නය ක‍රන කල්හි,

331. ස තු ට වඩන සිවුමැලි පුර විල සින් ග ත ට පැමිණි සරතැස දැක වෙසෙ සින් නොකොට පමා නරනිඳු සඳ නොල සින් වි ල ට පිවිසි පුරඟන සහ ‍සතො සින්

331. සතුට වෙන්නා වූ සිවුමැලි වූ පුරඟනන්ගේ ශරීරයට සම්ප්රා ප්ත වූ විඩාව වෙසෙසින් දුක රජ තෙ‍ම පමා නොවී අනලස්ව පුරඟනන් හා එක්ව සතුටින් විලට පිවිසී,

332. මෙ ලෙ සි න් පුරඟන සහ රදු විල වන් වි ග සි න් වෙරලිනු’ලැගි දල දර වන් ස ම හ න් සැප ලැබ නිරිඳුගෙ අම වන් ස ල ක න් විලඹුව සතොසිනුතුළ වන්

332. මේ අන්දමින් පුරඟනන් සමග රජතුමා විලට පැමිණි වහාම රැළවලින් නැගී ආ ජලධාරාවෝ (කෙබඳු ද?) පැමිණියා වූ නරේන්ද්ර යාගේ අමෘත බඳු වූ සමහන් සැපය ලබා කම්පාවූ ශරීර ඇති තඩාකාංගනාව සතොසින් උතුළාක් මෙනි.

333. ගලත ගලා දිය තුල සිටි මන කල පුරඟන වත දැක දිය පිටු සුල කල මිනි මුතු පිය ගඳ විහිදෙන හැම කල තඹර පෙළක් දෝ බිඟු කැල සැක කල

67 කව් මිණි කො‍ බඬොල

333. කරවටක් ගිලී ජලයෙහි උන්නාවූ ලස්සණ වූ පුරඟනන්ගේ මුහුණු දැක දිය මතුයෙහි පිපියා වූ සිත්කළු වූ හැම කල සුවඳ විහිදෙන නෙළුම් මල් පෙළක් දෝ හෝයි භෘංග සමූහයා සැක කළහ.

334. පිය විසි’නිසි දලදර රැඳි තොසි නද අඟනක් තුඟු පියයුරු යුග පැහැ නද තිරිඳුගෙ අබිසෙස් මඟුලෙහි මන නද පුලුපු මලින් සැදි රත් කුඹු වෙනි නද

334. ස්වාමි (නරේන්ර්ෙ යා) විසින් ඉසින ලද ජල ධාරාවෙන් රඤ්ජිත වූ සතොසින් පිරුණු කාන්තාවකගේ ප්ර්භාවෙන් මනොඥ වූ උස් වූ පයෝධර යුග්මය (කෙබඳු ද) නරේන්ර්ත යාගේ අභිෂේක මංගලයෙහි සිත් සතුටු ගෙන දෙන්නා වූ පොල් මල් වලින් සැරසුවාවූ යහපත් වූ රන් කුඹු වැන්න.

335. ඇසින් අඳුන් දෝවන කර මන කල නරනිඳු කෙළි දෙළෙ නරඹත සුල කල පිටුදෙසි’නවුදින් අඟනක් එම කල සිඹියා උවනත සොමි සිරි පළ කල

335. මනෝඥවූ නරේන්ර්නක යා ඉතා අලංකාරවූ ක්රීයඩා ධු‍රයෙහිදී ඇසින් අඳුන් සෝදා යවා බලන කල්හි, ඒ ඇසින්ලෙහිම කාන්තාවක් පිටුපසින් අවුදින් චන්ර්ගෙන ශ්රී්ය ප්රාකාශ කළා වූ (නරේන්ර්ල යාගේ) වක්ත්ර්ය චුම්බනය කළා.

336. මෙ ලෙ සි න් දල කෙළි නුතුරණ දිය බිඳුනෙන් දෝ දුල කල අ ඟ න න් පිහිනන උඩුකුරු තන පහසින් දෝ සුල කල තෙ ද ගි න් රත් නිරිඳු කෙමෙන් සිහිල් බවට පැමිණෙම කල සු ප ස න් වම අත ගිරි අබියසට සැපත් විය මන කල

336. මේ අන්දමින් ජල ක්රීිඩාවන් උතුරන්නා වූ බබළන දිය බිඳු නිසා දෝ, උඩුකුරුව පිහිනන්නා වූ ඉතා අලංකාර වූ කාන්තාවන්ගේ තන පහසින් දෝ, එම කාලයෙහි තෙජා ගතියෙන් රත් වූ සූර්ය්වූ යා ක්රනමයෙන් සිහිල් බවට පැමිණ සුපයන්වම ලස්සණ වූ අස්ත පර්වාතයාගේ සමීපයට සම්ප්රාබප්ත වී.



68 කව් මිණි කො‍සණඬොල

337. එ ත ර සොඳුරු මනකල් තඹ පලු ලෙලවා හමන ප වන පැ ති ර වතළ තුනු සර තැස දැහැ සුදගර ගෙන ‍අම වන ප ව ර දිමුතු මුතු වැල සහ බරණ පැලඳ මනරම වන ල ත ර ගිජිඳ’රා පිරිවර සමග නිරිඳු රජ ගෙට වන

337. ඒ කාලයෙහි සුන්දපර වූ සිත්කළු වූ තාම්රළ පල්ලවයන් ලෙලවා පැතිර හමන්නා වූ සුළඟ කරනකොට ගෙන විස්තෘත වූ ශරීර ග්රීකස්මය දුරු කොට අමෘත බඳු වූ ‍ශ්වේතාංගාරය ග්රෘහණය කොට උතුම් වූ දීප්තිමත් වූ මුතු වැල සහ ‍මනෝරම්යු වු ආභරණයන් පැලඳ නරෙන්ර්කොට තෙ‍ම දැඩි තරවූ ඇතු පිට නැගී පිරිවර ජනයන් සමග රජ මාලිගයට පිවිසියේ.

338. එ ක ල නිරිඳු පිය විරතව සොඳුරු විලඹ හද තන මින ක ම ල උවන මුකුලිත කර බිඟු නද පිරිදෙව් දෙව මින වි පු ල තරග කඳුලැලි ඉස සෙවෙල් වරල උනාල මිනි ව ත ල සවස් නල නිහඬුරු ලලා හඬන වෙනි සොව මිනි

338. ඒ කාලයෙහි යහපත් වූ විල් නමැති කාන්තාව නරෙන්ර්ි නමැති ස්වාමියාගෙන් වෙන්ව හෘදය කම්පා කරමින් පත්ම නමැති වක්ත්රවය මුකුලිත කර භෘංගනාද නමැති විලාප දෙවමින් මහත් වු රැළ නමැති කඳුළු ධාරා ඉස සෙවෙල් නමැති කේශකලාපය මුදාහරිමින් පැතිර ගිය සවස සුළං නමැති සුසුම් ලලා ශෝකකරමින් හඬන්නාක් මෙනි.

339. මෙකෙමෙන් දිව පිය පිය’වර පිය වෙත පත්වත මන කල දුලවන් පැලඹර සඳවෙල ඇසවන් රතඹර පළ කල පිළිස න් වන මෙන අද කෙළි වස් නිලඹරගෙන සුල කල වැසු‍මෙන් පිළි නොහැරම බොලඳර මුලු දිය පත’ලුනු කල

339. මේ ක්ර්මයෙන් හිරු නමැති වල්ලභයා අවර පර්වලත නමැති ප්රිතයාව වෙත පත්වන කල්හි මනොඥ වූ, බබළන්නා වූ පශ්චිමාකාශයෙහි වූ සන්යාන වලාව (කෙවැනිද?) ඈ විසින් අඳින ලද රතු පිළීයක සිරිය පළ කෙළේය. රති ක්රී(ඩා පිණිස සැඟවී ගන්නාක් මෙන් මොනවට ලස්සණ වූ නීල වර්ණස වස්ත්ර්යක් ගෙන ඒ වස්ත්රවයෙන් වසා ගත්තාක් මෙන් අතුරු නැතිවම බොහෝ වූ අන්ධ‍කාරය පැතිර ගිය කල්හි

340. පැ හැ ස ර තුරුවැල මුතුහර උරතල සරසා ‍සතො සින් ම න හ ර නිල් වෙල නිල ඹර ගෙන හැඳ පිරිසිදු විල සින් ග න ඳ ර මුහුලස බැඳ පික නද ගී කියමින් වෙසෙ මින් හි ම ක ර හිමිවෙත සුරතින් නිසඟන සැරසිණි මෙලෙ සින් 69 කව් මිණි කො‍කැඬොල

340. පැහැසර වූ තාරකා වලි නමැති මුතුහර උරතලයෙහි සරසා ප්රී්තියෙන් මනහර වූ නීල වලාහක නමැති නිල් වස්ත්රතය ගෙන පිරිසිදු ආකාරයනේ හැඳ ගනඳුරු නමැති කෙස් වැටිය බැඳ කෝකිල නාද නමැති ගී කියමින් විශේෂයෙන් රාත්රි නමැති කාන්තාව චන්ර්නා නමැති ස්වාමියා වෙත කාමාභිලාෂයෙන් මෙලෙසින් සැරසිණි.

341. එ ස ඳ පතර කිරිසිඳු දලයෙන් අබිසෙස් කර මන නද නොම ද කුමුදු වන මිනි මුතු කර කර දස ගඳ’නෙලි නද අ මොද සමනවන හෙල රස පළකර දර විඳ දැහැ නද ස ර ද තරිඳු පෙර ගිරියෙහි බිජි දිලි නිස වමි කර නද

341. ඒ කාලයෙහි මහත් වූ කිරි සයුරේ ජලයෙන් අභිෂේක කොට මනෝනන්දනන වූ, බොහෝ වූ කුමුදු වනයන් පුබුදු කොට, දිශාවන් සුවඳ සුළඟින් තෙත්කොට අමෘතෝජස් සදෘශ වූ ශ්වේත රශ්මිය ව්යාමප්තකොට, ආදරය විඳ දීප්ති‍මත් වූ රාත්රිත නැමිත කාන්තාව ප්රීදතිකොට ‍සරත් චන්ර්ුළ තෙ‍ම උදය පර්වනතාග්ර යෙහි බැබළිණි.

342. එ ක ල නිරිඳු සුවඳ පැනින් නා සුදහර ගෙන නොල සින් නි ම ල මස’ටුලෙන් යුතු රස හර මෙහෙනිමකර සතො සින් වි පු ල පසඟතුරු නදකර ලියනු ගියෙන් නෙක විල සින් කොමල නළඟ රඟන රැගුම් බලා මනැස තුටු විල සින්

342. එකල රජතෙම සුවඳ පැනින් නා ශ්වේතාංගරාගයන් ගෙන පිරිසිදු මාංසයෙන් හා අවුල් පතින් යුක්ත වූ රස ආහාර සන්තෝෂයෙන් වලඳා අවසන් කර නොයෙක් පරිද්දෙන් මහත් වූ පසගතුරු නාදකොට ලයාන්විත ගීතයෙන් නෘත්යය කරන්නා වූ කොමල නළඟනන්ගේ රැගුම් නෙත් සිත් පිනවමින් බලා

343. සු ව ඳි න් පිරි බඩ ගෙන බිම සුවඳ තෙලින් පහන’ලු කල සො බ ම න් සුදතෙහි පිරිසුදු දැසමන් කොඳ පෙති ගන කල සි තැ ඟු න් වන සුපසන් බිසව’ගනක සමගින් මන කල නි රි ඳු න් සිරි යහන් මැදුර බිජි අනෙක සිරින් ල කල

343. බිම සුවඳින් පිරිබඩ ගෙන සුවඳ තෙලින් පහන් ආලෝක කරනු ලැබූ, ශෝභමාන වූ අනතඃ පුරයෙහි දැ සමන් පෙති වලින් හා කොඳ මල් පෙතිවලින් ගැවසීම කළා වූ අනේක ශ්රීරන් අලංකෘත වූ සිරියහන් ගබඩාවෙහි සිත් ඇද ගන්නා වූ ලස්සණ වූ බිසෝ අඟනක් සමග රජතෙම බැබළුණේය.


70 කව් මිණි කො‍ලසඬොල

344. ලෙසසක් පිරිසිදු සිරිකර නරනිඳු තෙද යුතු නොවි තර තිය සක් රුපු දප මැඩ කම් සැප විඳ මන මෙන් පුව තර දෙයමක් එ රැයින් පසු ගිය සඳ තුරු සිර ලගින ප තර තෙවරක් තඹ සිලු නද දී පිය පිය පහල තෙව් ල තර

344. සකක් මෙන් පිරිසිදු වූ ශ්රි යෙන් සාර වූ අප්රඩමාණ වූ තේජසින් යුක්තවූ රජතුමා ප්රොසිද්ධ වූ කාමදේවයාගේ දර්පයය මැඩ සිත් වූ පරිද්දෙන් කම් සැප විඳ ඒ රාත්රි යෙන් යාම දෙකක් ඉක්මුණු කල්හි ගස් මුදුන්හි ලගින්නා වූ කුකුළා දැඩී සිත් ඇත්තකු මෙන් තුන් වරක් ‍මහත් කොට හඬ දී පියාපත් විදහන කල්හි

345. පැසුලු සොබන රදු පොබයන ලෙස නද විදියරු නම කර නි ති දි ලි සෙ න තෙද කිරණින් සුමිතුරු සර වන පොබකර අ මි තු රු ව න ‍පර රද කොඳ වන එක ලෙස මුකුලිත කර දි න දි න දි න දිනකර කුල අප නරනිඳු සඳ පිය කර

345. පසුව (ඉක්බිති) ශෝභන වූ නරෙන්ර්් යා ප්ර බෝධ කරන පරිද්දෙන් වන්දි5භට්ටයෝ අවුත් නමස්කාර කොට (මෙසේ කීහු) නිරන්තරයෙන් බබළන්නා වූ තෙද කිරණින් යහපත් මිත්රු නමැති පත්ම වනය ප්ර බොධකොට අමිත්රබ වන්නා වූ පර රාජ නමැති කොඳ වනය මුකුලිත ‍කර සූර්ය්වනය බන්ධුන වූ ප්රිාය කරු වූ අපගේ නරෙන්ද්රෝ ත්තමයා දිනෙන් දින ජය ග්ර්හණය කෙරේවා”

346. මෙලෙස සොඳුරු පුවළ උලැඟි තියු ගී අසමින් එම සඳ අ ල ස නොවම ඇස නිදි ගැට දැහැ සහතුට වඩමින් සඳ වෙ‍සෙස ලෙසින් නැගී දහම් මතුරු නිතර කර කර සඳ අ සෙ ස ගුණඟ රැඳි මිහිපල් සිරි යහනත ඉඳිනා සඳ

346. මේ ආකා‍රයෙන් සුන්දනර වූ උල්ලංඝීත වූ සතුති ගීතයන් එකල අසමින් අලස නොවීම ඇස නිදි ගැට දුරු කොට සිතෙහි සතුට වඩවමින් විශිෂ්ඨ ලෙසින් නැගී සිට නිරන්තරයෙන් ධර්මු නමැති මන්ත්‍මියන් මෙනෙහි කොට කොට අශේෂ ගුණාංඝයෙන් රඤජිත වූ මහීපාල තුමා ශ්රීැ යහනෙහි වැඩ හිඳින කල්හි

347. එත ර අරුණු පිරිවෙස් සත් හයනෙන් බිජි ලහිරු කෙ සර පත ර උදය ගිරි රත්ගල මුදුනට පැමිණි සිරි සර විත ර නොවන තෙදහ විකුම් පළකර තම මතඟ රැ සර නිතර කිරණ ලොමු’ දම්කර මුලු ලෙව් ‍පැලඹිණි පැහැ සර


71 කව් මිණි කො‍ ලඬොල

347. එකල අරුණය, පරිවේශය මණ්ඩලය, සප්තාස්වය යන මෙයින් බැබළුණා වූ ලහිරු නමැති සිංහරාජයා මහත් වූ උදය ගිරි පර්වඹත නමැති ලෝහිතංක පර්වුත මස්තකයට පැමිණ ශ්රීි සාර වූයේ අප්රරමාණ වූ තේජාංග නමැති වික්රරමයන් ප්රවකාශ කොට අන්ධ්කාර නමැති හස්ති සමූහයා දුරුකොට නිතරම රශ්මි නමැති ලෝමයන් උද්දාම කොට ප්ර භාස්වරම මුළු ලෝකයෙහි විජෘම්හමානවී.

348. සොබ ම න් රිවි පිය රස කර වන වසනත් දෙත නිල් සර සතොසි න් සරමුව පොබකර යළි පෑ රොන් දස නග සර බිඟුස න් තියු ගී ගයමින් නිලිපුල් නෙත් හැර පැහැ සර වහසි න් බලමින් අනුරා කරනෙ’ව් පළ විය සිරි සර

348. සොබමන් වූ හිරු නමැති වල්ලභයා රශ්මි නමැති හස්තය ජලය නමැති වස්ත්රාඋන්තයට දානය කරන කල්හි විල් නමැති කාන්තාව ප්රීසතියෙන් පද්ම නමැති වක්ත්රාය ප්රටබෝධකොට නැවත සාර වූ රේණු නමැති දන්තාග්ර්යන් ප්රමකාශ කොට භෘංග නාද නමැති ස්තුති ගීතයන් ගායනා කරමින් ප්ර භාස්වර වූ නිලු පුල් නමැති ඇස්හැර කටාක්ෂි නිරීක්ෂගණයෙන් දර්ශානය කරමින් අනුරාග කරන්නාක් මෙන් සිරිසරින් පළවූයේ.

349. ගැඹරු පුවළ තකු වියරණ කව් නළු නම් ලකර ස දස මතු රු දොසත ඈ සිවු සැට කලා තෙවෙද විදු අට දස මහ රු මෙගත්සතෙහි හසළබමුණෙක් වෙමි නද සෙනෙ දස කපු රු සහල් කුස තණ මුතු ජය සක සඳුනුත් සහ දස

349. ගම්භීර වූ මහත් වූ තකීය, ව්යාදකරණය, කාව්යිය, නාටකය, අභිධාන ශාස්ත්රනය, අලංකාරය, ඡන්දදසය, මන්ත්රවය, ජ්යොනතිශ්ශාස්ත්රනය ආදී සිවු සැට කලා ද, වේදත්ර්ය, අෂ්ටා දශ විද්යාදය යන මහරු වූ මේ ග්රනන්ථර ශාස්ත්‍්යයන්හි ද නිපුණා වූ බ්රා,හ්මණයෙක් හෘදයෙහි ‍ස්නේහ කොට කපුරුය, සහල්ය, කුසතණය, මුතුය, සඳුන්ය (යන මෙයින් යුක්ත වූ) ජය සංඛය ආදර්ශ සහිත වූ;

350. මෙ මඟුල් වත් ලා අබියස සක අත පාරවා ප වර සු වි පු ල් සෙත් සැලසූ සඳ මලිගිය මල් ඉස ඉඳු වර සු පුලොල් මල් බහා සුවඳ කළ නව සිලිලෙන් නර වර සු නි ම ල් වත් දෝවන කර සිරි ගෙය තුළ වැද එම වර

350. මෙකී මංගල වස්තූන් සමීපයෙහි තබා උත්තම සංඛය පාරණයකොට විපුල වූ ශාන්තියක් කළ කල්හි දෑ සමන් මල් ඉස, ඉන්දීණවර පුෂ්ප‍යන්ද බහා සුවඳකළා වූ අභිනව ජලයෙන් නරශ්රේ ෂ්ඨයා ඉතා නිර්මල වූ මුහුණ සෝදා ශ්රීද ගෘහය තුළට පැමිණි ඒ කාලයෙහි, 72 කව් මිණි කො‍මිඬොල

351. සොබමන් රන් බඳන පිරූ සුවඳ ගිතෙල් තුළෙහි ල කල තමු ව න් තරඹා සිරි දැක යළි පන්සිල් ගෙන මන කල මන ර න් බරණින් සැරසී පුරඳර සිරිසර පළ කල නි රි ඳු න් සිහසුන වැඩ හිඳ දැහැමින් රට විමසන කල

351. ශෝභමාන වු ස්වර්ණැ භාජනයෙහි පිරුණා වූ සුවඳ ගිතෙල් තුළෙහි ලස්සණ වූ සිය මුහුණ බලා (මුහුණෙහි) ශ්රි යාව දැක නැවත මනහර වූ පන්සිල් සමාදන්ව ලස්සණ වූ ආභරණයෙන් සැරසී ශක්ර(යාගේ ශ්රීු සාරය ප්ර කාශ කළා වූ නරේන්ර් යා සිංහාසනයෙහි වැඩ හිඳ රට විමසන කල්හි,

352. ය ක ඟ ණ නදන හට දුන් ඔසු මුල ප වර රැ ක ග ණ නොයිඳ විකලින් නැති කෙලෙ’නෙ වර සැ ක ග ණ ඳු‍රට පත් වීමෙන් නොව නි වර දැ ක ග ණ සතොහු සිටිනා බව එ පුර වර

352. යක්ෂසණිය විසින් පුත්ර යාට දුන්නා වූ උතුම් බෙහෙත් මුල ආරක්ෂාර කොට නොගෙන සිහි - කල්පනා නැතිව නැති කල හෙයින් ශංකා නමැති ඝනාන්ධාකාරයට සම්ප්රාිප්ත නොවීමෙන් ආවරණයක් ‍නැතිව (දෘශ්යාමානව) ඒ නර යක්ෂරයා ඒ පුරවරයෙහි වාසය කරන බව සත්වයන් විසින් දර්ශ නය කෙට

353. හැ ම ව ර සුරිඳු ලෙස දුල නොවන සේයා න ර ව ර පසල් රජු දැක සහ තො සේයා පු ර ව ර ‍දනෝ වැද හෙව එක ලෙ සේයා එ නු ව ර පැවති බිය පවසති මෙ සේයා

353. අනලස්ව සෑම කල්හි සක්දෙව් රජ මෙන් බබළන්නා වූ නර ශ්රේ්ෂ්ඨ වූ පඤචාල නරේන්ද්ර යා සතුටින් බැහැදැක දනින් වැටී (වැඳ) ඒකාකාරයෙන් එනුවර පැවති භය මේ ආකාරයෙන් ප්රටකාශ කෙරෙත්.

354. දැ ලි කුණු වැකුණු ගතැ’තිව නොවනා වි තර පි ලි කුල් ව‍ඩන ලේ වැකි මුව යුත් ප තර මැ ලි නොව රෑ දවල් වසමින් සොහොන’ තර වි ලි නැති යකෙක් අමු මිනී මස් කයි නි තර

354. අප්ර මාණ වූ දැලි හා කුණු තැවරුනා වූ ශරීර ඇතිව, පිළිකුල් ඇති කරන්නා වු ලේ තැවරුණු මහත්වූ මුඛයක් ඇත්තාවූ, උජ්ජාරහිත යකෙක් රෑ දාවල් දෙ‍ක්හි අනලස්ව සොහොනෙහි හැසිරෙමින් නිතර අමු මිනී මස් කයි.


79 කව් මිණි කො‍සොඬොල

355. එ බැ වි න් හිමි සඳිනි, ඔබ දිවයුරු ර සිති වි ද ම න් නොකළ එම යකු බියඳුරු ල සිති නොද න න් සිස්වයෙහි පල නැති තුරු ‍ලෙ සිති දැ හැ මි න් රජ කරණු කාට ද කිවු වි සිති

355. ස්වාමීන්ර්ෙහ යාණෙනි, එබැවින් ඔබ වහන්සේ නමැති සූර්ය්ල් යාගේ රශ්මියෙන් ඉක්මතින් ඒ යක්ෂ් භය නමැති අන්ධණකාරය විධ්වංශනය නො කෙළේ නම්, ගෙඩි නැත්තා වූ ගස් ලෙසින් නොයෙක් දෙනාගෙන් (මේ නගරය) හිස්වයති. (එසේ වුනිනම්) දැහැමින් (ඔබ) රජ කර‍න්නේ කවරක් හට දැයි මෙසේ කී හෙයින්,

356. එ බ ස ට නිරිඳු සිත දළ සෝ පුරා ගෙන වි ග ස ට මැති මඬුලු රැස් කරවා රැ ගෙන වෙසෙස ට නත’වි ගෙන සැදෙවයි කියා ගෙන ස ට න ට නික්මෙ‍මින් සිවුරඟ සෙන් රැ ගෙන

356. ඒ වචනයට නරෙන්ර්ස යා සිතෙහි දැඩි‍ සෝකය පුරා ගෙන වහාම මන්ත්රීි මණ්ඩලය රැස් කරවා ගෙන විශේෂයෙන් නානා ආයුධයන් ගෙන සැරසෙවයි කියා ගෙන සටන් පිණිස චතුරංගනී සේනාව රැගෙන නික්මෙමින්

357. පි වි තු රු ඇත’සනය පිට වැඩ හිඳ නි රිඳු ප ස තු රු ගොස ලවා සිඳු ගොස ලෙස වි රිඳු සු මි තු රු ‍මැතින් සමගින් විලසින් සු රිඳු වි සි තු රු ලෙස වඩිත නරය‍කු වෙත සි රිදූ

357. පවිත්රී වූ නරෙන්ර්න යා ඇත් ආසනය මතුයෙහි වැඩහිඳ සමුද්රත ඝෝෂාව පරිද්දෙන් පසඟතුරු ගොස කරවා වීරෙන්ර් වූ, සුමිත්රය වූ, මන්ත්රිෝන් හා එක්ව සුරෙන්ර් ලීලායෙන් විචිත්රර ආකාරයෙන් ශ්රීන සමෘධව නර යක්ෂසයා වෙත යන කල්හි;

358. ගු ණ ට ගුණ නොමැති හද තුළයෙහි සො ඳුරු ප ණ ට ගත් ලොබින් ඒ නරයකු රු දුරු ක ණ ට ගොර හඬින් සෙන් කරමින් දැ දුරු වෙණ ට ‍පැමිණ දැව ඒ පුරවරට දුරු

358. හද තුළෙහි යහපත් වූ ගුණයට ප්ර ති ගුණ නැත්තා වූ රෞද්රය වු ඒ නර යක්ෂ5යා (ස්වකීය) ප්රා‍ණය කෙරෙහි ලෝභයෙන්


74 කව් මිණි කො‍ෂයඬොල

කර්ණමයට ඝෝර වූ ශබ්දයෙන් හෙවත් භයානක ශබ්දයක් කොට ගෙන සේනාව දැදුරු කරමින් දිවගොස් ඒ පුරවරයට දුරින් පිහිටි මහා වනයට සම්ප්රානප්ත වූයේ.

359. 360. ජයද්දිස නර වර පෙර කල් විල සිනා වසනා සොහොන එම වර කිසිව’දුරු නොව තො සිනා නර යකු නුදුටු වර එ පුර දන ය සිනා පැමිණ සිය නුවරටම සුප වර පවත්වා රජ කරත තො සිනා

359. ජසද්දිය නම් නරේශ්වරයා විසින් එකල්හි සොහොනෙහි වාසය කළා වූ නර යක්ෂනයා නුදුටු කල්හි ඉතා උතුම් වූ ස්වකීය නගරයටම (පෙරළා) පැමිණ,

360. ඉහත කාලයේදී; මෙන් කිසි උවදුරක් නොවී සතුටින් (යුතුව) ඒ පුරයෙහි වැසියන් යහපත් සේ පවත්වා ප්රීමතියෙන් රජ කරන කලීහි;

"https://si.wikibooks.org/w/index.php?title=කව්_මිණි_කොඬොල-කාව්‍ය_iii&oldid=5386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි