කව්සිළුමිණ-කව්සිළුමිණ-xiv

501 අර්ථ:- ප්ර තිබිම්බ විලාසයෙන් (ඇතුළට) වැදුනු රිවිරජහට නඟන ලද ඡත්රායන් සහස්රවයන්ගේ ශ්රීමසාරය විඳින්නා (=ලබන්නා) වූ විචිත්රඡ පද්මයෙන් (රඳනා=) හොබනා- (විල්)

විස්තර:- විලෙහි දහස්ගණන් පියුම් පිපී තිබේ. එය පිළිබිඹු ලෙසින් විලතුළට වන් හිරුරජුට නැඟූ සේසත් වැනි ය. 502 අර්ථ:- හස්ති නමැති මෙඝයෙහි ගර්ජයනයෙන් සලිලතලය නමැති වෛදූර්යතලයෙහි (දුනු=) උපන් රත්නාඬ්කුර සහස්රියන්ගේ ශ්රීිය තාමරසකුඩ්මලයන්ගෙන් (අළ=) එළවූ - (විල්)

විස්තර:- ‘වෙරළුතල’ නම් විදුර නම් පර්වලතයෙහි තටභූමිය යි. (=තැන්න යි) එහි මෙඝගර්ජිනයෙන් රත්නාඬ්කුර උපදී ල. ඒ උපදනේ වෛදූර්ය මාණික්යක යි. අනෙක් මාණික්ය් නො වේ. ‘ වෛදූර්ය’ යනු වයිරෝඩි’ නමින් ප්රිසිද්ධ කෘෂ්ණපීත වර්ණ.වත්, බළල්ඇස් වැනි මැණික් වෙසෙසයි. ‘විදූර’ පර්ව්තයෙහි බහුල ව ලැබෙන හෙයින් වෛදූර්ය නම් වේ. මේ විල්හි සිලිල්තල විදුරපර්විත තටය වැනි ය. තඹරු කැකුළු වෛදූර්යරත්නාඬ්කුර වැනි ය. වෛදූර්යරත්නාඬ්කුර ඉපදීමට මෙඝගර්ජරනය වුව මනා ය. මේ පියුම්කැකුළු නමැති වෛදූර්ය රත්නාඬ්කුර ඉපදීමට හෙතු වූයේ හස්ති නමැති මෙඝයෙහි ගර්ජනය යි මෙහි කියන ලදී. මහාකවි කාලිදාසයෝ ද මෙඝධ්වනියෙන් රත්නාඬ්කුර උපදනා බව, “තයා දුහිත්රාෙ සුතාරං සවිත්රී ස්ඵුරත් ප්රිභාමණ්ඩලයා චකාසෙ, විදූභූමිර්නවමෙඝශබ්දා දුද්භිත්නයා රත්නශලාකයෙව” (කුමාර 1-24)

[ විදුරභූමිය අභිනව මෙඝශබ්දයෙන් හටගත් රත්න ශලාකාවකින් (=රුවන්කූරකින්) බබලන්නාක් මෙන් මවු (මෙනා) තොමෝ පැතිරෙණ කාන්තිමණ්ඩල ඇති ඒ දුව (=උමාව) කරණ කොට අත්යරර්ථයෙන් බැබලුනී ය] යනුවෙන් කීහ. මෙහි ‘වෙරළුතල’ යි ගැණුනේ කාලිදාසයන්ගේ විදුරභූමිය යි. “වෛදූර්ය භූමිඃ” යි ද පාඨාන්තරයකි. ‘වෛදූර්ය’ යන්න ‘වෙරළු’ යි සිංහලයට ගන්නා ලදී. “වෙරළුමිණි හටගන්නේ විදුර නම් පර්ව තයට නුදුරු කාමභූතික සීමාව අනුව තිබෙන ආකාරයෙකැ”යි භොජරාජයෝ (යු. ක.ත 120 පිටුව) කියති. කුමාරසම්භව ටීකාකාර මල්ලිනාථයෝ ‘කාමභූතික’ යන්න ‘කාකතාලිය’යි ගණිති. රුවන් ඉපදීමට හෙතු වූ ‘බල’ නම් අසුරයෙකුගේ නාදයෙන් පළමුවරට වෛදූර්යමණි උපනැයි ද, පසුව ඒ නාදයට අනුරූප වූ මෙඝනාදයෙන් ද ඒ මැණික් උද්භින්න වන්නට වනැ යි ද භොජරාජයෝ (යු. ක. ත 121 පිටුව) කියති. වෛදූර්යමාණික්යර මිස අනික් මැණික් මෙඝධ්වනියෙන් නූපදනා බව මෙයින් නිශ්චිත වේ එහෙත් සසදාවත්කාරයෝ අනික් මැණික් ද මෙඝගර්ජනනයෙන් උපදනා සේ දකිති. සසදාවතෙහි- 33.“සිඳි හුනු වෙරළු - තෙලෙ මිණිමෙවුල් වමියන්, අචලමහමේගිගුමෙන් - හපුන් අකුරෙව් වැජැඹී”

89. “අද වන් හැල්කෙත් - නරතුරු ගිරාකැල තුඩු, නැත ද ගගනගුම් පළ කළ - වෙරළුතෙලෙහි රුවනකුරු”

යන ගී වලින් ඒ බව හඟවති. “වෙරළුමිණිමුවා මහල්තෙලෙහි සිඳී වැටුනු මිණිමෙවුල් කැබලි ක්රී.ඩා නැති මහාමෙඝගර්ජලනයෙන් හැප්ස ගිය (=මතු වූ) අඬ්කුර වැනි ය” යනු පළමුවැනි (33) ගීයෙහි අදහස යි. රන් රිදී ආදී සප්තරත්න ම මෙවුල්හි තිබිය හැකි ය. ඒ හැම ම මේ ගිගුමෙන් හැප්සෙන සේ දැක්වීම අයුතු ය. අනික් ගීයෙහි දී ගිරාතුඩු මහමේ නැති වත් හැප්සුනු රුවනකුරු මෙන් දකිති. රතු වූ ගිරා තුඩු රතු මැණික් වැනි විය යුතු ය. රතුමැණික් මෙඝගර්ජ නයෙන් උද්භින්න වන බවක් කොතැනක වත් සඳහන් නො වේ. සසදාකරුවන්ගේ වෙරළු මිණිතලය ද සැලකිය යුතු තැනකි. 33 වැනි ගීයෙහි දී ‘වෙරළුතලැ’යි ගත්තේ ප්ර.සාදයන්හි වෙරළුමිණියෙන් කළ තට්ටුව යි. වෙරළු මිණිමුවාතලයෙහි මහමේගිගුමෙන් රුවනකුරු උපදිතැ යි ඔවුන් සිතූ බවත් විදුරපර්වුතාසන්නභූමිය වෙරළුතලය යි නො සැලකූ බවත් හැඟේ. සසදාකාරයන්ට මේ අවුල වූයේ කව්සිළුමිණෙන් මිස යුක්තිකල්පතරු, වෘහත්සංහිතා ආදියෙන් මේ පිළිබඳ විස්තරය නො උගත් හෙයින් විය යුතු ය. ගී දෙකෙහි ම යෙදුනු ‘වෙරළුතල’ යන්න ද සසදාවත්කාරයන් කව්සිළුමිණෙන්ම මේ අදහස ගත් බවට වැදගත් සාක්ය්ද සයකි. කාලිදාසයන්ගේ යථොක්ත ශ්ලොකය දැක යෙදූවක් නම් වෙරළුතල’යන්න නො ව ‘වෙරළුබිම’ යන්න ම යොදනු නිසැක ය. කව්සිළුමිණිකාර මහාකවීශ්වරයෝ මෙය අන්යවකාව්ය යක යන්තමින් කියූවකින් නො ව නියම තැනින් ම උගත්හ යනු නිසැක ය. යුක්තිකල්පතරුව ද ඔවුන්ට ඉතා පුහුණු බව හස්ත්ය වලක්ෂකණ දැක්වූ පද්යතවලින් ම පැහැදිලි වේ. මේ වනාහී සසදාවත්කාරයන් විසින් කව්සිළුමිණෙන් අදහස් ගන්නට ගොස් වරදවා ගත් තැනකි. සිය කුඩා කවෙහි දෙපලකම මේ අදහස යෙදිමෙන් හැඟෙන්නේ මෙය සසද‍ාවත්කරුවන්ගේ සිතට ඉතා කා වැදී තිබුනක් බව ය.

503 අර්ථ:- මෙසේ ශ්රී සාර වූ (විලඹු=) විල්ජලය දෝ හෝ නොහොත් විල්නමැති කාන්තාව තරඬ්ග නමැති හස්තය (වටා=) කරකවා නටමින් ඔබ දක්නා (මෙනෙන්=) අදහසින් තාමරස නමැති මුඛයෙන් බමරහඬ නමැති ගී කියන්නාක් මෙනි.

විස්තර:- මේ ගීය ද සසදාවත්කරුවන් සිත් ගත්තකි. ඒ බව ඔවුන්ගේ 149 “රිවි හිමිහු කෙරෙනා - අලුනලසිකිහු දක්මින්, තරගන නගා රහ ඔත - වන් විලඹුවෝ සතොසින්” යන ගීයෙහි වීතියාර්ධමයෙන් පැහැදිලි වේ.

504 අර්ථ:- මෙසේ කියත් ම නරනිඳු තෙමේ අන්තඃපුරස්ත්රීැසහස්ර යන් කැඳවා (ගෙණ) මකරන්දනභාර ඇති තරඬ්ග මාරුතයෙන් සැනහෙමින් (=පිණා යමින්) ඒ විල්තෙරට පැමිණියේ ය.

505 අර්ථ:- බාල අශොකපල්ලව හා මල් ද (දී=) දමා (මුහුලු=) ධම්මිල්ලය (=කෙශකලාපය) මුහුලු කර (=කැකුළක් කර - බැඳ) කුඬ්කුමාඬ්ගරාග තැවරීම කළ, ඉතා රතු වස්ත්ර යෙන් රැඳුනා වූ (වමියෝ)

506 අර්ථ:- දීප්තිමත් මුතු සේ නිර්ම ල වැලිතලාවට පැමිණි කාන්තාවෝ ක්ෂීගරර්ණමවයෙහි රඳනා (=තිබෙන) ප්රකවාලලතාපඬ්ක්තිය කියලූ.

විස්තර:- කාන්තාවෝ දියට බසින්ට පෙර අශොක දළු හා මල් ද දමා කොණ්ඩය මුදුන් කොට බැඳ ගත්හ. ඇ‍ඟෙහි කොකුම් ගා රතු වස්ත්ර් හැන්දහ. එසේ සැරසී සුදු වැලිතලාවෙහි හුන් ඔහු කිරියුරෙහි තිබෙන පබළුලිය පෙළක් වැනි වූහ. දියකෙළියට සැරසෙන්නත් රතුදුහුල් ඇඳ මල් ගවසා මුහුල බඳින බව සිරිරහල් මාහිමියෝ ද කියති. (කා. ශෙ 7 – 30)


507 අර්ථ:- එතර ප්රිකයාවන් සජ්ජිත ව බසිනවිට (විලෙහි) දිය තීර සීමාව (පනුත්=) පැන යන කල්හි විල නමැති යහළු ස්ත්රීව තොමෝ ප්රාභාවතීකාන්තාවගේ සමාගමයෙන් සතුටින් උතුරා ගියාක් වැනි ය.

විස්තර:- එහි කාන්තාවෝ බොහෝ වූහ. ඔවුන් දියට බසින විට මියර පැන ගියේ ය. එය ප්රොභාවතියගේ සමාගමයෙන් අධික සන්තොෂයට පැමිණි විල් යෙහෙළියන්ගෙත් සන්තොෂය උතුරා යාම වැනි ය.

508 අර්ථ:- ප්රහභාවතියගේ (ගලත=) ගෙල (=බෙල්ල) ගිලෙනවිට දෘශ්යැමාන වූ සෞම්යළ වූ වක්ත්රඋය හා (මිණිමුතු=) පිපුනු පියුමෙහි ශ්රීකය හා (දෙක අතරෙහි) වෙනසක් භෘඬ්ගරාජිය (මීමැසිපෙළ) නො දත්හ.

වික්තර:- පබවත කරවටක් දියට බැස මුහුණ පමණක් පෙණෙන සේ සිටින විට ඇගේ මුහුණ හා පියුම් ද අතර වෙනසක් භෘඬ්ගයන්ට නො පෙණින. ඇගේ මු‍ෙවන් ද පියුම් සුවඳ විහිදෙයි. එහෙයින් එය සැබෑ පියුමක් ම ය යි සිතා භෘඬ්ගයෝ ඊට ද ආහ.

509 අර්ථ:- පයොධරයන්ගෙන් පහරණ ලද චඤ්චල වූ විල්දිය (බිජු=) භජනය කළ (වැලහි=) වෙලායෙහි (=ඉවුරෙහි) සපුසල් ගස්හි සෙවනැලි පුරපියන්ට නාගභීතිය ඉපිදවී ය.

වික්තර:- විල්ඉවුරෙහි සපුසල්ගස්හි සෙවනැලි දියෙහි පෙණේ. විල්දිය සෙලවෙන කල ඒ සෙවනැලි ද සෙලවෙයි. පුරපියෝ ඒ දැක සැබෑ නයිනැ යි සිතා බිය වූහ.

බිජු’ යනු ‘බජ’ දයින් සිද්ධ යි. එයින් ම සිද්ධ වන ‘බුජු’ යන රූපය ද මේ අර්ථයෙහි යෙදේ.

510 අර්ථ:- කලක් තොමෝ පයොධර (තො=) ජලය (උකහත=) උත්කර්ෂම (අධික=) කරණ කල්හි ඌර්ධ්වමුඛ ව පීනත් ම (ඇගේ) මුඛය පද්මයකැ යි (සිතා) භෘඬ්ගයන් එන විට කිමඳැ (ගනගැබ=) වැසිවලාකුළක් තුළ විදුලිය පෑවා ය.

විස්තර:- කතක පිහිනන විට, ඇගේ පියොවුරු මහත් හෙයින්, ජලය අධික වී ය. ජලය අධික වීමේ හේතුව දත් ඕ තොමෝ උඩුතැලි ව පිහිනන්ට වන. භෘඬ්ගයෝ ඇගේ මුහුණ දැක පියුමකැ යි රැවටුනහ. පුබුදු පියුම අසල පියුම්කැකුළු ද දක්නා හෙයින් සැකයට ද ඉඩක් නැති වී ය. පියොවුරු පියුම්කැකුළු වැනි ය. (මුව. 59) එහෙයින් ඹහු මුහුණ කරා පියඹා ආහ. කාන්තා තොමෝ කිමින්දා ය. රන්වන් වූ ඕතොමෝ එකල්හි වැසිවලාකුළක් තුළ වූ විදුලියක් වැනි වූවා ය. ‘උකහත’ යන්නෙහි අර්ථය නම් ‘අධික කරණ කල්හි, නොහොත් ඇද ගන්නා කල්හි’ යනු යි.

511 අර්ථ:- වරලස මිදූ කාන්තාවක ඣම්පාප්ර දානය කරණ (=උඩ පනින) කල්හි හාත්පස (හිවි=) උස් වූ ජලය තෙමේ පත්රණභාර ඇති කෙමියෙහි (=කර්ණිකාවෙහි) බමරුන් ආකුල වූ (=ගැවසුනු) ශ්වෙතමහාපද්මයක ශ්රීහය (=ආකාරය) ලදී.

විස්තර:- කාන්තාවක් දියට බැස උඩ පනිමින් සිටියා ය. ඈ අවට මතු ව රළ නැඟී ගිය දිය සුදු මහපියුමක් මෙන් වී ය. ඕතොමෝ ඒ පියුමෙහි මහකෙමිය වැනි වූවා ය. ඇගේ කෙස් කලබ කෙමියෙහි වැහූ බමරුන් මෙන් පෙණින. ‘කෙමිය’ නම් පියුමෙහි මැද පියුම්ඇට තිබෙන අවයවය යි.

512 අර්ථ:- නිරිඳු ලං ව එත් ම කතකගේ මල්දළු සිරි සහිත මුහුලස (දියෙහි) ගැලෙත් ම එය අත්හැරි බිඟුපෙළ ප්රිකටව වූ අතට රැවටුනාහු ය.

විස්තර:- රජු ලං ව එන විට කාන්තාවන් දියෙහි ගැලුනා ය. ඇගේ ධම්මිල්ලයෙහි වූ මල්හි වසා හුන් බමරපෙළ, එය දිය යට ගැලෙනවිට ම, එයින් ඉගිළී ගියහ. ඕතොමෝ අත මතු කළා ය. එය දුටු බිගුපෙළ ඒ රත් පියුමකැයි රැවටී එ වෙත පියාඹා ගියහ.

513 අර්ථ:- ප්රිපයයා විසින් විහිදුවන (=ඉසින) ලද හස්තයන්ත්රයජලය ඇති ප්රි:යාවකගේ පයෝධරයෝ නරෙන්ර්සිනයාගේ අභිෂෙකමඬ්ගලයෙහි පුලුපු දුන් (=පොල්මල් දැමූ) රන්කලස් වැනි වූහ.

විස්තර:- පියොවුරු රන් කලස වැනි ය. ඊට අතින් ඉසි ජලය කලසෙහි දැමූ පොල්මල් වැනි ය. (පැරණි සන්නය සසඳනු)

514 අර්ථ:- (දියපිය=) ජගත් පිතෘහු (=රජු) විසින් කලකට විදින ලද දියබිඳු තනයෙහි ගෑ කොකුම් ගෙණ වැටෙන කල්හි පහරණ ලද හස්තිකුම්භයෙන් ගිලිහෙන රුධිරාර්ද්රට (=ලේ වැකුනු) මුතු පෑ ය.

විස්තර:- පයොධර යුග්මය ඇත්කුඹ වැනි ය. පියොවුරෙන් වැටෙන කොකුම් මුසු දියබිඳු පහර දෙනලද ඇත්කුඹකින් ගලන ලේ තැවරුණු ගජමුතු ඇට වැනි ය. සිරි රහල්මාහිමියෝ ද මෙය කීහ. (පරෙවි19)

515 අර්ථ:- ඇසෙහි (මුත්=) සේදීමෙන් දුරු වූ අඳුන් ද, ඔෂ්ඨයෙහි (=තොලෙහි) (මුත්=) දුරු වූ සුරත (=ඉතා රත) ද ධොත (=සේදුනු) වක්ත්රෙය ද (රජු) බලන කල්හි කලක් තොමෝ පිටිපස දෙසින් (වැළහෙමින්=) සැඟවෙමින් අවුත් එ නිරිඳු (වැලැලූ=) වැලඳ ගත්තා ය.

විස්තර:- නො මනහර මුහුණ ප්රිනයයන්ට දැක්වීමට කාන්තාවෝ නො සතුටු වෙත්. ඇසෙහි ගෑ අඳුනුත් තොලෙහි රතත් පත්රත ලෙඛාත් මුහුණ මනහර වීමට හෙතු ය. ස්නානයෙහි දී ඇසෙහි අඳුන් හා තොලෙහි රත ද මුහුණෙ හි පත්රටලෙඛාද නැති වෙ යි. රජ එක් කතකගේ එබඳු මුහුණ බලමින් සිටියේ ය. කාන්තාව සැරසිලි නැති සිය මුහුණ රජුට දැක්වීමට නො කැමති ව පිටි පසින් අවුත් එතුමා වැලඳ ගත්තා ය.

516 අර්ථ:- ඒ පුර ප්රිමයාවන්ගේ සුනීලනෙත්රම ද සුරක්ත ඔෂ්ඨය ද (පැහැ=) වර්ණඒය (පියත=) දුරු කරත් ම තරඬ්ගයෙන් උල්ලඬ්ඝිත වූ (=උස් වූ) නිලුපුල් ද තාමරස (=රත්පියුම්) ද උඩුකුරු වීම ලද්දාක් වැනි ය.

විස්තර:- රළබිඳුම් නිසා එසෙවී ගිය නිලුපුල් හා තඹරු ද කෙබඳු ද? ඒ පුරපියන්ගේ නෙත්හි හා තොල්හි ද සුනිල්පැහැ හා සුරත් පැහැ ද දුරු වනු දැක සතුටින් උඩුකුරු (=කෙළින්) වූවන් වැනි ය. මුලදී පුරපියන්ගේ නෙත්පැහැයෙන් නිලුපුල් ද තොල්පැහැයෙන් තඹරු ද පැරදී සිටියේ ය. පැරදුනුවන් යටිකුරු වීම-කර බා ගැණුම්-සිරිත ය. දැන් ඒ නෙත් හා තොල් සේදීමෙන් දුර්වැණ වී ය. නිලුපුල් හා තඹරු සිය සතුරන් ට තමන් ඉදිරියෙහි දී ම වූ විපත ද එයින් තමන්ට වූ ජය ද දැක සතුටු ව හිස එසෙ වූවන් වැනි වූහ. මේ සිංහල මහාකවීශ්වරයෝ දහවල් නිලුපුල් පුබුදු වන සේ දකිති. මොවුන්ට පෙර සිටි සිංහල මහාකවිකුමාරදාසයෝ ද (ජානකීභරණ 1 – 39 ) පසු ව සිටි සිරි රහල් මාහිමියෝ ද (කා. ශෙ 5 – 22) වෙනත් සිංහලකවීහු ද මානෙල් දහවල් පිබිදෙන සේ වර්ණජනා කළහ. එහෙත් සංස්කෘත කවීන්ගේ නිලුපුල් පිපෙන්නේ රාත්රිනයෙහි ම ය. (රඝු 3 – 36) කවිසමය දක්වමින් කවිකල්පලතා වෙහි (40 වැනි පිටුවෙහි) ද කාව්යා නුශාසනයෙහි (7 වැනි පිටුවෙහි) ද දිවාකාලයෙහි නීලොත්පලාදීන්ගේ විකාශය වර්ණානා නො කට යුතු ය යි කියන ලදී. ධර්මකීර්තිසංඝරාජයන් ද සංස්කෘත කවීන්ගේ මතය ම ගත් බව සද්ධර්මාලලඬ්කාරයෙහි (665 වැනි පිටෙහි) පෙණෙන වාක්යවකින් හැගේ. මෙසේ කවීන් අතර නීලොත්පලවිකසන කාලය පිළිබඳ මතභෙදයක් පැවති බව මෙයින් පෙණේ.

517 අර්ථ:- දීඝාක්ෂිභයක නරෙන්ර්ව මයාගේ අංශස්ථලය (=උරහිස) නමැති ඣම්පාට්ටාලය‍ට නැ‍ඟෙන විට රොමොද්ගමය කරණ කොට ගෙණ (උර=) වක්ෂඟය තෙමේ පාදස්පර්ශ ය ද (පිය=) පාදය උරඃ ස්පර්ශණය ද නො ම ලදී.

විස්තර:- ‘දොඹ’ නම් ඣම්පාව (=පැනීම) යි. ‘අටහලු’ යනු උස් කොට සාදන ලද ගෘහ හෝ මැසි වෙසෙස් ය. දියට පනිනු සඳහා බැඳ තිබෙන අටහලුව ‘දොඹටහලු’ නමි. රජුගේ අංශකූටය දොඹටහල්ලක් වැනි ය. කාන්තාවන් එහි නැඟුනා ය. ප්රිරය‍ාස්පර්ශයය නිසා රජුගේ ඇඟෙහි රොමොද්ගමය වී ය. උරෙහි (=ලපැත්තෙහි) ලොම් අධික ය. එහි ලොම් කෙළින් සිටි හෙයින් එය කාන්තාවගේ පාදයෙහි ස්පර්ශහය හෝ පාදය එහි ස්පර්ශ්ය හෝ නො ලද්දේ ය.


518 අර්ථ:- නිරිඳුගේ කණට ලං වූ, (සිය) මුවෙන් ලන ලද ජලධාරාව කරණ කොට ගෙණ එක් කලක් තොමෝ රහස් දඬුවෙන් (=මෙනෙ) සිය සිතෙහි (සමරහු=) අනඬ්ගයා (=රාගය) කියන්නියක මෙනි.

විස්තර:- කාන්තාවක් කටට දිය ගෙ‍ණ රජු දෙසට විද්දා ය. ඒ දියදහර රජුගේ කණට ලං වී ය. එවිට එය ඇගේ සිතෙහි පවත්නා රාගය කීමට ගත් රහස් යටක් වැනි වී ය. රහස්යට 224 වැනි ගීයෙහි දී විස්තර කරණ ලදී.


519 අර්ත:- මුවරඳ ගෙණ පබවතගේ ධොත වූ (=සේදුනු) කපොල පත්ර (=කම්මුලෙහි වූ පත්ර=ලෙඛා) සදන කල්හි මුව නමැති පියුමට (ඇවිසි=) වැහූ බිඟුපෙළ (අත්ගෙල්=) අත්පහර කා ශ්රානන්ත (=වෙහෙස) නො වූහ.

විස්තර:- පබවතගේ මුව පියුමක් වැනි ය. පද්මසුගන්ධයය ද ස්වාභාවයෙන් ම එහි තිබේ. නැත්තේ මුවරඳ ය. අන් පියුම් වලිව් මුවරඳ ගෙණ එය සරසන විට ඒ අඩුව ද නැත් වෙයි. බමරු මුවරඳ ගෙණ එය දැක පියුමකැ යි සිතා රොන් ගැණුමට පියඹා එති. පබවත අතින් ගසා උන් එලවයි. එහෙත් බමරු නැවත නැවත ද එත්. අත් පහරින් උන්ට වෙහෙසක් නො වී ය. වූයේ නම් උන්ගේ ගමන නැවතෙයි. නො නැවතුනේ නුවු හෙයිනි.

520 අර්ථ:- දියෙහි මණ්ඩල (දුන්=) ඇති කළ බමරුන් (අවල=) ගැවසි ගත් කුඬ්කුමාඬ්ගරාග කරන කොට ගෙණ ක්රීේඩ‍ාවෙන් ශ්රාින්ත වූ විල ඉතා රතු වූ ඇස් (ලා=) යොදා නරවීරයා බලා මෙනි.

විස්තර:- කතුන් ඇග ගෑ කොකුමඟරා සේදී දියෙහි මණ්ඩල ව තිබේ. එහි සුවඳට බමරු ද අවුත් ගැවසෙති. එ බඳු බමරුන් වැසූ කොකුමඟරාමඬුලු ක්රිසඩාවෙන් වෙහෙසට පත් විලෙහි ඇස් වැනි ය. වෙහෙස වූවන්ගේ ඇස් රතු වෙයි බමරුන් වැහූ තැන ඇසෙහි කෘෂණමණ්ඩලය වැනි ය.

පුරඟනන්ගේ දිය කෙළියෙන් වෙහෙසුනු විල රජු දෙස බලන්නේ තමාගේ දුකට පිහිට ලබන අටියෙනි.

521 අර්ථ:- දිවාකරයා (අදවේ=) අජවීථියට පත් කල්හි ග්රීාෂ්මය කරණ කොට මෙඝයට වැදුනු (පෑදුම්හු=) පර්ජඅන්ය යා (=ඉන්ර්ාන්යා) (දෙනෙමින්=) පරදවමින් කුසරජතෙමේ නෙළුම්පත්වදුලට වැදුනේ ය.

විස්තර:- කුසරජතෙමේ අන්තඃපුරස්ත්රීදන් දිය කෙළින අතර නෙළුම්කොළගාලට වැදී සිට ගත. එවිට කුසරජ ග්රීරෂ්මය නිසා වැසිවලාකුළට වැදුනු ඉන්ද්ර.යා වැනි වී ය. ඉන්ද්රායා කළු ය. කුසරජ ද එබඳු ය. වැහිවලාකුළ හා දිය ද එක වැනි ය.

‘අදවේ’ යනු චන්ර්ළ හසූර්යයන්ගේ ගමනමාර්ග‍යෙහි එක් කොටසකි. එය මුල, පුවසළ, උතුරුසළ යන නැකැත් තුණට ඇතුළත් වේ. මේ කොටසට සූර්යයා පැමිණි විට ග්රී්ෂ්ම කාලය වේ. අජවීථිආදිය පිළිබඳ විස්තර සාරත්ථරදීපනියෙහි 220 වැනි පිටුවෙහි හා ලොකප්පදීපිකසාරයෙහි 186 වැනි පිටුවෙහි ද පෙණේ.

‘පැදුම්’ යනු ‘පජ්ජ්න්න’ යන පාලි වචනයෙන් එන්නකි. එය ‘පර්ජමන්ය ’ යන සංස්කෘත වචනයට සමාන ය. පර්ජින්යඑ ශබ්දය ඉන්ර්යාර-මෙඝ පර්යාය ය. ඉන්ර්86 යා මෙඝාධිපති ය. ‘පැදුම්’ යන්නට ‘ප්රෙද්යුදම්න’ ය යි පුරාණසන්නයෙහි අර්ථ දෙතත් ඒ වැරදි ය. ‘ප්රතද්යුනම්න’ යනු ශ්රී කෘෂණයාහට දා ව රුක්මණිය කුස උපන් අනඬ්ගයාගේ නම ය. (436 වන ගීය ද බලනු) ‘දෙනමින්’ යනු ‘දන-දිනුම්හි’ දයින් සිද්ධ යි.

කුසරජු පබවත වැලඳගැණීම.

522 අර්ථ:- (නැසී=) සැඟවී පොකුරුපත් (නෙළුම්කොළ) අතුරෙහි සිටි කුසරජු දකිමින් එක් කාන්තාවක් (බැමහවු=) භ්රෑළහාව කොට (අන් ඇතොරන් කැන්=) අනික් අන්තඃපුරස්ත්රී සමූහයා වෙත පැමිණියා ය.

විස්තර:- ‘බැමහවු’ කිරීම නම් බැම බිඳුමයි. නොහොත් බැමින් ඉඟි පෑමයි. ඒ කත කුසරජු දැක බිය ව රවා බැලීමෙන් බැමහවු කළා ද? නැතහොත් පබවත ඒ සමීපයෙහි සිටිනබව කුසරජුට ඇඟවීමට බැමින් ඉඟි කළා ද? යනු නො හැ‍ඟේ. ඒ දෙකින් කුමකට වුවත් බැමහවු විය හැකි ය.

523 අර්ථ:- කුසරජ තෙමේ අයස්කාන්තයට (=කාන්දේමට) ලොහ (=යකඩ) කැබැල්ලක් මෙන් දුව ගොස් සෞම්ය= වූ චන්ර්ඇෙ මණ්ඩලයෙහි ද ග්ර්හණය (ඔත=) බැහූ (=සඳමඬල අල්ලා ගත්) රාහු අසුරෙන්ර් ද යා මෙන් කාන්තාව වැලඳ ගත්තේ ය.

විස්තර:- ‘රාහු’ යනු චන්ර්= හග්ර)හණයෙහි දී පෘථිවිඡායාවට ද, සූර්යග්ර්හණයෙහි දී සූර්යයමණ්ඩලය වසන චන්ර්ලා මණ්ඩලයට ද පුරාතනයන් තැබූ නමකි. චන්ර්් දසූර්යග්රලහණ සිදු වන්නේ රාහු නම් අසුරයෙකු විසින් හිරු සඳු ගිලීමෙනැ යි පුරාතනයන් සිතූ හෙයින් වස්තු දෙකට ම එක ම නම යෙදින. චන්ර්ුරා-පෘථිවි-සූර්යය යන වස්තු තුණ එක එල්ලෙහි සිටිකල චන්ර් ග්ර‍හණය ද, සූර්යය- චන්ර්වට - පෘථිවි යන පිළිවෙළින් සිටිකල සූර්යග්රඳහණය ද සිදු වේ. චන්ර් ු ග්ර-හණය පුරපසළොස්වක් දවසක ද, අනෙක අමාවක් දිනයක ද වෙයි.

524 අර්ථ:- අහෝ! දියරකුසෙක් මා අල්ලා ගත්තේ ය යි කියමින් එ කෙණෙහි බොහෝ බියට පැමිණි පබවත් තොමෝ ඔහුගේ (සිපුම්පහසැ=) ආලිඬ්ගන (=වැලඳ ගැණීම්) ස්පර්ශනයෙහි සැකයට පැමිණියා ය.

විස්තර:- කුසරජු නො අඳුනන නමුත් එතුමාගේ ස්පර්ශැය පබවතට පුරුදු ය. දියරකුසෙක් තමා අල්ලා ගත්තේ ය යි මුල දී කී නමුත්, කුසරජුගේ ස්පර්ශරය දැනුනු හෙයින් එය දියරකුසෙකුගේ නො ව කුසරජුගේ ස්පර්ශුය විය යුතු ය යි එහි සැක කළා ය.

525 අර්ථ:- පුල්පියුම්විල්හු (පියුම්=) පද්මාව (=සිරිකත) හැසි- රෙති යි ජනතෙමේ (යේ=) කිය යි. මෙ වැනියන්හට මේ (පුල් පියුම්විල=) නො තන් වි ස්ථාන නො වේ යයි (හැඟැ=) සලකා කුසරජ බව දැන ගත්තා ය.

විස්තර:- ‘පුල්පියුම්විල්හි සිරිකත හැසිරෙති යි. එබඳු තැන දියරකුසන් විසිය නො හැකි ය. එහෙයින් මා අල්ලාගත්තේ දියරකුසෙක් නො වේ. ඔහුගේ ස්පර්ශඑයද කුසරජුගේ වැනි ය. එහෙයින් හේ කුසරජ ම ය” යි පබවත නිශ්චය කර ගත්ත‍ා ය.

පබවත නික්මීම

526 අර්ථ:- තැනින් තැන (මුළු) බැඳැ=) සමූහ බන්ධහනය කොට (=රැස් ව) දිය කෙළිනා ප්රළමදාජන තෙමේ නරනිඳු (කොවා=) කුපිත කොට යාත්රාස ග්ර හණය කළ පබවත සමග ගමන් ගත්තේ ය.

විස්තර:- ‘කොවා’ යනු ‘කෝ-කිපීමෙහි’ දයින් සිද්ධ ප්ර්යොජ්ය පූර්වවක්රිසයා යි.

527 අර්ථ:- ප්රිභාවතී කාන්තාවන්ගේ ඒ වචන (වදන්මඟැ=) කණෙහි හෙත් (=වැටෙත්)ම (මිලී=) මැලවී ගියා වූ වක්ත්රදයන්හි විලාසය (කෙබඳු ද?) මුකුලිත වූ පියුම්වනය පෑවාක් මෙනි.

විස්තර:- පබවතගේ ඒ වචන ඇසුනු කෙණෙහි ම සෙසු කාන්තාවෝ බියපත් වූහ. ඔවුන්ගේ මුහුණු දුර්වසර්ණා වී ය. හැකිළී ගිය පියුම්රැසක් මෙන් නිශ්ශොභ වී ය.

‘මිලි’ යනු ‘මලා-මැලවීමෙහි’ දයින් සිද්ධ පූර්ව ක්රිැයාපද යි. “පිලින් නෙලෙන් උලැගි බැලි මිලී යා” යන සිදත්සඟරා උදාහරණයෙහි ද මේ පදය යෙදින.

528 අර්ථ:- පියාවුරු කරණ කො‍ට උතුරා ගිය ජලය (වළඟ=) කෘශ වූ අඬ්ගය (=ඉඟැටිය) පිරිමැද (=ස්පර්ශණ‍ කර) මඳ වන කල්හි ප්ර භාවතී කාන්තාවගේ (වන=) වියොගයෙන් වූ භීතියෙන් යහළු වූ විල් නමැති කාන්තාව (වහළ එව්=) වෑරුණා වැනි ය.

විස්තර:- පබවතගේ පියොවුරුමඬල ඉතා මහත් ය. එය විල්දියෙහි එබුනු විට විලෙහි දිය උතුරා ගියේ ය. ඇගේ ඉඟැටිය ඉතා සිහින් ය. පබවත විලෙන් ගොඩට එන විට විල්දිය ඇගේ සිහින් ඉ‍ඟෙහි වැදී අඩු වී ය. එයින් විල්කත වෑරුණාක් වැනි වූවා ය. කුමක් නිසා ද? පබවතගේ වියොගයෙන් වූ බිය නිසා ය. බිය පත් වූවන් වෑරෙණු නොයෙක් විට පෙණෙන්නකි.

මෙයින් වැණුනේ විල නො ව පබවත ම ය. පබවතගේ පියොවුරු ඉතා විශාල බව හා ඉඟැටිය ඉතා සිහින් බවත් අතිශයොක්තියෙන් වර්ණිත ය.

529 අර්ථ:- (දැහැ=) (විල) හැර තීරයට යන පබවත සමඟ මහත් රළ දිව ගණුත් ම (=දිවනවිට) විල් නමැති කාන්තාතොමෝ වියොගදුඃඛය (නො හොයිමෙන්=) නො ඉවසීමෙන් ගමන් (ඔත්=) බැහුවා (=කළා) මෙනි.

වික්තර:- ගොඩට එන පබවත අනුව රළපෙළ ද දිවී ය. එය වනාහී ප්රයභාවතියගෙන් වියෝ වීමෙන් වන දුක නො ඉවසීමෙන් තඩාගකාන්තාව ද ඇය අනුව ගමන් කරන්නා වැනි ය. ‘නො හොයිමෙන්’ යනු ‘නො’ පූර්ව ‘හය’ නොහොත් ‘හොය’ දයින් භාවයෙහි ඊම් ප්රෙත්යනය ව සිද්ධ වූ ‘නො හොයිම්’ සදින් සිද්ධ ය. ‘හය’ හෝ ‘හොය’ ධාතුව ඉවසීමෙහි වැටෙන ‘සහ’ ධාතු වෙන් බිඳුනකි. “න උස්සහිස්සාමි” යන්නට “නො හොයනෙම්” යි (ධ.ගැ 173 – 13) ද, “න විසහාමි” යන්නට “නො හොයෙම්” යි (ධ.ගැ 242 – 10)ද කළ අර්ථකථනයන්හි ඒ ධාතුවෙන් සිද්ධ පද යෙදින. සසදාවතෙහි 38, 60 වැනි ගී වලද මේ ධාතුවෙන් සිද්ධ “නො හෙයි’ යන රූපය යෙදුනු නමුත් එක් මුද්රි්ත පොතක ‘නො හියී’, ‘නො හෙයි’ යන පාඨ ද, අනෙකක ‘නො හියැ’ යන පාඨයද පෙණේ. ‘නො හියැ’යි යොදන සසදාවත්විවරණකාරයෝ “පිටපත් වනාහි ‘හොයි’, ‘හෙයි’, ‘හැයි’, ‘හයි’ යන විසින් පාඨය විවිධ කොට දක්වන” බව කියති. කව්සිළුමිණෙහි හෝ ධම්පියාඅටුවාගැටපදයෙහි හෝ එ බඳු විවිධපාඨ නැත. එහෙයින් “නො හොයිමෙන්” යන්න ම ශුද්ධ පාඨය යි නිශ්චය කළ හැකිය. සසදාවතෙහි ඒ දෙපලෙහි ශුද්ධපාඨය හා එහි ධාතුවත් මෙයින් ම නිශ්චය කර ගත හැක්ක.

530 අර්ථ:- පබවතගේ පාදතලය වෙරල (සදත=) සරසන කල්හි විල් නමැති කාන්තා තොමෝ බිම (ඇපිළැ=) හැපී (හී=) වැටී (ගුගුරා=) හඬා තරඬග නමැති හස්තයෙන් (ඇය=) වැලඳ ගන්නියක මෙනි.

විස්තර:- පබවත ඉවුරට නැගෙන විට ම රළ පෙළ ද පොළොවෙහි හැපී ශබ්ද කෙළේ ය. එය විල්අඟන පබවත් වියෝදුකින් පොළොවෙහි හැපී අඬා ඇගේ දෙපය (තරඬ්ග) හස්තයෙන් බදා ගන්නාක් වැනි ය. ‘ඇපිළැ’ යනු ‘අපුළ’ දයින් සිද්ධ යි.

531 අර්ථ:- මාගේ ස්වාමියා මේ යක්ෂලයාලු! ඔහු විඳින්නී (=ලබන්නී) ප්රයභාවතී ලු! නිශාකරයා (=සඳු)ගේ හා අන්ධ කාරයෙහි සමගි බවෙක් (කො=) කොහි ද? (ගොවළුයෙ=) ගොෂ්පදයෙහි හංසයන්ගේ (ඉස්බුම්=) විශ්රා මයෙක් (=නවාතැන් ගැන්මක්) කොහි ද?

විස්තර:- මේ පබවතගේ කීමකි. සඳ හා අඳුර ද එක තැන නො පවතී. ‘ගොවළු’ නම් ගෙරින්ගේ කුරය වැදීමෙන් වූ ඉතා කුඩා වළ යි. එබඳු වළක හංසයෝ නො වසත්. එමෙන්ම මේ යක්ෂකයා හා ප්රයභාවතී වූ ම‍ාගේ සමාගමයෙක් විය නො හැකිය. ‘විඳිති’ යනු ‘විඳු’ දයින් ‘නා’ පස හා ස්ත්රී)අර්ථයෙහි ඊප්රනත්ය ය ද වී සිද්ධ යි. ‘විඳින කර්තෘු හෝ විඳින කර්මකය’ යන අර්ථ එයින් ගත හැකි ය. ‘පබවත් ඔහු විඳිනී’ යි අන්වය සේ ගත හොත් “ප්ර භාවතී තොමෝ ඔහු විඳින්නී ය (=විඳින කර්තෘි ය)”යි අර්ථ කිය හැකි ය. එවිට ‘නා’ පස කර්තෘනකාරක වේ. “ඔහු (විසින්) විඳිනී පබවත් ය”යි අන්වය වුවොත් “ඔහු විසින් විඳිනු ලබන්නී (විඳීමට කර්මඅය වන්නී) පබවත් ය”යි අර්ථ කිය හැකි ය. එවිට ‘නා’ පස කර්මපකාරකයෙහි ය. ‘ඉස්බුම්’ යනු ‘ඉසිබු’දයින් භාවයෙහි ‘උම්’ප්රනත්යිය වී සිද්ධයි.

532 අර්ථ:- (=ඉති) මෙසේ කියමින් පබවත සියනුවරට (ගමින් ඔතවරැ=) යාමට බට කල්හි අමාත්යඉසමූහතෙමේ ප්රිතිපාදනය (=ඇය හරවා ගැන්ම) පිණිහ අවවාද වශයෙන් මෙය කී ය. 533 අර්ථ:- දඔදිව්තෙලෙහි නරෙන්ර්න් බෘන්ර්ප (=සමූහ)යන්ගේ කිරීටකූටයෙහි පිහිටියා වූ තොපගේ ස්වාමී වූ කුසරජුගේ වරණ නමැති (දියටඔ=) ජයස්ථම්භය නරඹව. විස්තර:- කුසරජුගේ පය සෙසු රජුන්ගේ කිරුළු මතුයෙහි පිහිටි බව කීමෙන් සෙසු රජුන් කුසරජුගේ පාමුල හිස තබා වඳින බව දක්වති. කුසරජු අධිරාජ්‍ේ ෙයකු බව ද එයින් ම හඟවති.

534 අර්ථ:- හිමියාගේ රසභාවය දුඹුළු හිඳුනු (=හටගත් තෙම්පරාදු කළ) සුභාෂිත වචන නමැති ඔජස කන් නමැති දෙ අතින් (අදමින්=) වළඳිමින් ශ්රී ය (සම්පත්) විදුම (තොප=) ඔබට (ලගනේ=) සුදුසු ය.

විස්තර:- ‘රසහවු’ 1 වැනි සර්ගෙයෙහි 2වැනි ගීයෙහි දී විස්තර කරණ ලදී. ව්ය ඤජන මනහර වන්නේ දුහුන්තෙලින් දුඹුළු කැවූ (=තෙම්පරාදු කළ) කල්හි ය. එසේ ම වචන ද මනහර වන්නේ රසභාවයෙන් යුක්ත වූ විට ය. එහෙයින් රසභාව වනාහී වචනයන්ට තෙම්පරාදුවක් වැනි ය. ‘හුන්’ යනු ‘හුඳ’ (උඳ) දයින් සිද්ධ අතීතකෘදන්තයි.ඒ දය ඉඳීමෙහි (=හට ගැණීමෙහි) වැටේ. “බුලත් නො කෑමෙන් මැලි හුන් දත් ඇති වීමෙන්” (සද්ධර්මමරත්නාවලී - බහුභාණ්ඩික තෙරුන්ගේ වස්තුව) යන තන්හි ද මේ ‘හුන්’ යන්න පෙණේ. “සෙවෙල් හිඳී එන්නේ” (බු .ස තීර්ථකදනය) “මෙඝජලයෙහි ගැලීමෙන් සිඳීගිය සෙවලෙක්” (බු.ස ජටිලදමනය) යන පාඨයන්හි ඒ දයෙහි පූර්වලක්රි්යා රූපය යෙදින. ‘අදමින් යනු ‘අද’ දයින් සිද්ධ යි. 288 වන ගීතය බලනු.

535 අර්ථ:- දීර්ඝාහක්ෂී හු (=කාන්තාවෝ) දෙවබ්ර හ්මයන් නො යැද (=යාඥා නො කොට) ම (අනික්) ධර්මදයෙක්හි නො හැසිර ම ප්රි්යයන්ට කළ උපචාරයෙන් (=සත්කාරයෙන්) (දිගැ=) දීර්ඝම කාලයෙක්හි ස්වර්ගනශ්රීෙය හා (සියෝ=) යුක්ත වෙත්.

විස්තර:-දෙවිඹබුන් යැදුම හෝ වැඳුම් දෙව්ලොව ඉපදීමට හෙතුවකැයි බෞද්ධධර්ම යෙහි නො පැවසෙයි. මේ ඇමතියෝ අබෞද්ධයෝ ය. එහෙයින් එසේ කියති. දෙව්ලොව ඉපදීමට හෙතුවන්නේ ධර්මෙචර්යාවයි. එනම් දන් දීම, සිල්රැකුම ආදිය යි. පියනට උවසර කිරීම ද ධර්මරචර්යාවකි. එනම්: පතිව්රවතභාවය යි. ස්වාමිපුරුෂයාහට කටයුතු කර සත්කාර සමමාන කරණ, පරපුරුෂයන් නො පතන, ස්ත්රීමහු පතිව්රොතාවෝ යි. අනික් ධර්මරචර්යාවක් නැතත් පතිව්රමතගුණමාත්රරයෙන් ම දෙව්ලොව ඉපදිය හැකි ය. ඒ බව ලතාවිමානවස්තුවෙන් ස්ඵුට වේ. එහෙයින් එය බුද්ධධර්ම්යට විරුද්ධ නො වේ. බ්රා හ්මණධර්මෙයෙහි පරිදි වුවත් හුදු පතිව්රරත ගුණයෙන් මොක්ෂනසම්පත්තිය ලැබිය නො හැකි ය. මොක්ෂු ලැබීමට ඉවහල් වන්නේ භාවනානු යොගයෙන් ඇතිකර ගත් යථාභූතඥානය යි. මොක්ෂුය සදාකාලික ය. මොක්ෂතයට පැමිණියෙක් දීර්ඝතකාලයක් එහි සිට පෙරළා දෙව්ලෝ මිනිස්ලෝ ආදියට නො පැමිණේ. එහෙයින් මෙහි ‘සඟමොක්’ යන්න අපාඨයකි.

536 අර්ථ:- ජම්බුද්වීපයෙහි (හවු=) සියලු නරෙන්ර්ැමියෝ තොප හිමියා (=කුසරජු) ගේ පාදයන්ට ම (වටනෝ=) උපස්ථාන කරන්නෝ ය. (පිළි=) නැවත ඔහු (මුත්=) හැර මේ ලෝකයෙහි තොපගේ මනදොළ පොෂණය කරන්නෙක් (කො=) කවරේ ද?

විස්තර:- දඹදිව සියලු රජහු කුසරජුගේ පා සෙවීම කරති. එහෙයින් කුසරජු නො සතුටු කර හැර ගිය ඔබගේ සිවාමියා වන්නට කිසිම රජෙක් නිර්භ ය නො වේ. ඔබ ද නිකම් රජෙකුට නො ව අධිරාජයෙකුට බිසෝ වීමට සුදුසු ය. එහෙයින් කුසරජු හැර අනෙක් රජෙක් ඔබගේ මනදොළ පුරන්නට සමර්ථ නො වේ. දඹදිව අධිරජයාහට ලෙව්හි අනික් රජවරු ද බුහුමන් කරති. එහෙයින් දඹදිව තබා එයින් පිටත ද ඔබගේ මනදොළ පුස්නෙක් නැත.

‘වටනෝ’ යනු උපස්ථානයෙහි වැටෙන ‘’වට’ දයින් කර්තෘය කාරක ‘න’ ප්ර්ත්යවය වී සිද්ධ ‘වටන’ සදින් ප්රෘථමාවිභක්තිබහුවචන ‘ඕ’ ප්රතත්ය‍ය වී සිද්ධ යි. ‘වටනෝ’ යි එක ම පිටපතෙක්හි එයි. අනෙක් හැම පිටපත්හි එන්නේ ‘වටනේ’ යන එකවචනරූපය යි.

537 අර්ථ:- මහාත්මයන්ගේ ප්ර’ශංසා කරණ යහපත් ගුණ මිස විලාසයෙන් (=රූපයෙන්) කිම? (=කවර ප්රායෝජන ද?) ප්රි.ය වූ ගන්ධසය ඇති පළොල්මලෙහි මෙන් කිණිහිරිමලෙහි බුහමන් කිමෙක් ද?

විස්තර:- පළොල්මල සුවඳින් යුක්ත වුවත් ශොභමාන නො වේ. කිණිහිරිමල සුවඳ නැතත් වර්ණකප්රශකර්ශායෙන් ‍ෙශාභමාන ය. සුගන්ධායපෙක්ෂලකයෝ මේ මල් දෙකින් පළොල්මලට ම බුහුමන් කෙරෙති. එයින් ඔප්පු වන්න් රූපසම්පත්තියට වඩා ගුණසම්පත්තියට ම බුහුමන් කරණ බවයි. එහෙයින් මහාත්ම වූ කුසරජුගේ ගුණසම්පත්තිය සලකනු මිස රූපය නො සැලකිය යුතු ය. (165 වැනි ගීයට ලියූ විස්තරය කියවනු)

පසසන’ යනු ‘පසස’ දයින් කරණකාරයෙහි ‘න’ ප්රරත්ය‍ය වී සිද්ධ යි. එයින් පසසා නු යි ‘පසසන’ නමි. පැසසීමට උපකාර වන්නේ සුගුණ යි.

538 අර්ථ:- සුරූප වූ (=මනාරූප ඇති) ශිඛින්ද්ර (මයුරරාජ) තෙමේ මො‍ෙනාවට පිපුනුලතාවට කවර (ඉසිර=) ඓශ්චර්යයක් (=සම්පතක්) දේ ද? අන්ධාිකාරපිණ්ඩයක් (=අඳුරුගුළි) වැනි භෘඬ්ගයන් (ඒ ලීයෙහි) වැටෙන විට පැමිණෙන ‍ඓශ්චර්යය, ස්වාමිනියෙනි, (හඟු=) සලකනු මැනව.

විස්තර:- මොනරා කොතරම් රූපශොභාසම්පන්න වුව ද සුපිපි ලියකට ඔහුගෙන් ශ්රීොසම්පත්තියක් නො ලැබේ. එහෙත් එ බඳු වැලකට අඟුරු වැනි බිඟුන් වහන විට ලැබෙන ශොභාව ඉතා අධික ය. එ සේ ම ඔබගේ ස්වාමියා රූපශොභාසම්පන්න වුවොත් එයින් ඔබගේ රූපසම්පත්තිය නො වැඩේ. එහි උසස් බව ද නො පෙණේ. එයින් ඔබට ස්වල්ප මාත්ර වූ ද ඵලයක් නැත. ඔබගේ ස්වාමියා විරූප වූ විට ඔබගේ රූපශොභාව අධික ව පෙණෙන්නට වෙයි. එහෙයින් කුසරජ තුමාගේ විරූපභාවයට නො සතුටු නො වනු මැනව.

‘හිමියනි’ යනු පබවතට ඇමතුමකි. ‘හිමි’ සදෙහි විශෙෂ ස්ත්‍රීලිඬ්ගරූපයක් නැති බව මෙයින් පෙණේ. සංස්කෘතයෙහි ‘ස්වාමීන්’ ශබ්දයාගේ ස්ත්රී්ලිඬ්ගරූපය ‘ස්වාමීනි’යි ද පාලියෙහි ‘සාමි’ ශබ්දයාගේ ස්ත්රීතලිඬ්ගරූපය ‘සාමිනී’ යි ද සිටී. ව්ය වහාරයෙහි පෙණෙන ‘හාමිනේ’ යන්න මේ සාමිනී’ යන්නෙන් එන්නකි. ‘සාමි’ යන්නෙන් ‘හිමි’ යි බි‍ඳෙන හෙයින් ‘සාමිනී’ යන්නෙන් ‘හිමිනි’ යි බිඳිය හැකි ය. ‘හිමිනි’ යන්නෙහි ආමන්ත්රිණරූපය ‘හිමිනිය’ යන්න යි. මෙහි ‘හිමියනි’ යි පෙණෙන්නේ ‘හිමිනිය’ යන්නෙහි අශුද්ධපාඨයක් ද? පරීක්ෂාබ කට යුතු යි. 539 අර්ථ:- ස්වාමියා රහිත වූ අඹු (=භාර්යා) තොමෝ ගිහිගෙයි උපද්රධව කවර පරිද්දකින් (දෙහේ=) දුරු කෙරේ ද? (පියා වන දද=) පියාපත් රහිත වූ විජ (=පක්ෂිඅ) තෙමේ කවර ලෙසින් අහස්හි ගමන් (උකහා=) ගණී ද?

විස්තර:- භාර්යාවට ස්වාමිපුරුෂයා පක්ෂි)යෙකුට පියාපත් වැනි ය. පියාපත් නැති පක්ෂිවයාට අහසෙහි ගමන් කළ නො හැකි වන්නාක් මෙන් ස්වාමියා නැති ස්ත්රිපයට ද ගිහිගෙයි උවදුරින් නිදහස් ව විසිය නො හැකි ය. දෙහේ’ යනු ‘දහ’ දයින් සිද්ධ වර්තනමානාඛ්යාැතපදයි.

540 අර්ථ:- මල් පිපුනු වැල ද්රැාමය (=ගස) ඇසුරු කර (වත්=) වතොත් (පවතිතොත්) භෘඬ්ගපරිවාරය වෙ යි. නිරාශ්රයය (ආශ්ර=ය නැති ) ලෙසින් පවතිතොත් කාගේ මැඩීමට (=පාගා දැමීමට) (නුසුහු ද?=) උචිත (සුදුසු=) නො වේ ද?

විස්තර:- මල් පිපුනු වැල මහගසක එතී තිබෙතොත් භෘඬ්ගයෝ අවුත් පිරිවරා ගණිත්. ගසක නො එතී, ආශ්රනයයක් නැති ව, බිම වැටී ත්බෙතොත් කාට වුවත් ඒ වැල මැඩිය පෑගිය හැකි ය. ස්ත්රිෝය ද එ බඳු ය. කාන්තාව පුරුෂයෙකුගේ ආශ්රමයෙහි සිටින විට පිරිවර ලැබෙතත් අනාථව සිටින විට කා විසින් වුව ද මැඩලිය හැකි ය. ‘නුසහු’ යන්න ‘නුසුදුහු’ යි මුද්රිැත පොතෙහි හා තවත් එක් පිටපතක ද පෙණේ. උචිතාර්ථයෙහි ‘සුහු’ යන්න අන් තන්හි ද යෙදුනේ ය. “බුදුහු කුඩාහ. අස්න මහත. එයට සුහු නො වෙති.” (ධ. ප්රු. 130 අංශය -260 පිටුව) යන තන්හි ද, සසදාහි 279 වැනි ගීයෙහි ද එය පෙණේ. සසදාහි 206 වැනි ගීයෙහි ‘හුසු’ යි පෙණෙන්නේ ද ‘සුහු’ යන්නෙහි අශුද්ධපාඨයකි. සහනුයේ-ඉවසනුයේ-‘සුහු’ නමි. ‘සහ’ දයින් සිද්ධ යි. 541 අර්ථ:- (නො බැවරතී=) භ්රා න්ත (=බාල-මෝඩ) නුවූ උත්තම ස්වාමිනිය, හිමියා හා රජමැදුරට වඩිනු මැනව. (ඉඳු) චන්ර්ෝඩුයා සමග රොහිණිය මෙන් කුසඉන්ර්ිමියා (නොහොත් කුස ඉඳුහු- කුශචන්ර්්ෝඩයා) සමග දීර්ඝෙකාලයක් පවතිනු මැනව.

විස්තර:- ‘නො බැවරති’ යන්න ඉතා සැක සහිත ය. පුරාණ සන්නස්කාරයන් ‘නො වැ විරති’ යි ගෙණ ‘විරකත නො ව’යි අර්ථ කියතත් ඒ පාඨය කිසි ම පිටපතක ගී පෙළෙහි නැත. පිටපත්හි පෙණෙන පාඨ මෙහි අධොලිපිවල පෙණේ. රුවන්මලෙහි (261) බාල ස්ත්රිමවාචක ‘බැහැටි’ සදක් වෙයි. එය ‘බැහැරැටි’ යි ද සමහර පිටපත්හි එන බව එහි අධොලිපියෙන් පෙණේ. එහෙයින් ඒ දෙකින් කුමක් ශුද්ධ පාඨය දැ යි කිය නො හෙමු. එසේ ම ‘බැහැ(ර)ති’ යන්න ‘බැහැ(ර)ටි’යි යෙදුනේ දැ යි කිය ද නො හැකි ය. රුවන්මලෙහි තිබෙන සමහර වචන ශුද්ධ ය යි පිළිගත නො හැකි බව කව්සිළුමිනෙහි 312, 369 වැනි ගීවල සියලු ම පිටපත් වල ‘මේලප්’ යි යෙදුනු වචනය රුවන්මලෙහි (304) ‘වෙලෙප්’ යි යෙදීමෙන් ඔප්පු වේ. එමෙන් ම මේ වචනය ද වරදවා යෙදිය නො හැකි නො වේ. ‘නො බැහැරැටි’ යන්නට නම් ‘බාහිර (=පිටත) පුරුෂයන් බලාපොරොත්තු නොවන’ යන අර්ථය කිය හැකි ය. මෙය ද පරීක්ෂාො කටයුතු තැනකි. ‘භ්රාීන්ත’ යන්නෙන් ‘බැහැරති’ යි ද, ‘භ්රොෂ්ට’ යන්නෙන් ‘බැහැරටි’ යි ද පැමිණිය හැකිය. හකාරයට වකාරය විම සිංහලයෙහි දුර්ලැභ නො වේ. රොහිණිය 199 වැනි ගීයෙහි ද සඳහන් වේ.

542 – 543 අර්ථ:- තමාගේ (=මාගේ) වාසය (මෙහි) වත් හොත් ඔහු (=ඒ කුසරජු) මට මේ ජාතියෙහි විෂ වන කල්හි කවර ඓශ්චර්යයක් ද? කවර ප්රි)යවචනයක් දැ යි කියා කුශප්රි්යො (පියා=) හැර- (රෙසී=) රුෂ්ට ව පබවත්කත්තොමෝ ගමන ලීලායෙන් ලද (දිය=) ජය එදා (යල=) නැවත ක්ෂිණයෙක්හි (=සුලු කාලයක් තුළ) කලහංසයන් (අතැ=) වෙත තබා (නොසරස්=) ඉක්මන් ව ගමන් (ඔත්=) ගත්තා ය.

විස්තර:- මෙහි ප්ර.ථම ගීයෙන් ඇමතියන්ගේ දීර්ඝාොවවාදයට පබවත‍ෙග් ලුහුඬු පිළිතුර දැක්වේ. “මෙහි මාගේ විසීම වුවොත් මට ඓශ්චර්යයක් (=සම්පතක්) නැත. ප්රිේයවචනයක් නැත. කවර හෙයින් ද? ඒ කුසරජු මට විෂ වැනි වන හෙයිනි. විෂ හා වසන්නෙකුට කවර සැපතක් ද?” යනු ඇගේ පිළිතුර යි.

මෙසේ කියා පබවත් තොමෝ ඉක්මන් ගමන් ගත්තා ය. කලහසුන්ගේ ගමන මන්දම ය. ලීලොපෙත ය.ඊට ද වඩා පබවතගේ ගමන මනහර ය. එහෙයින් පබවත ගමනින් කලහංසයන් පැරදවූ ය. එහෙත් එදා කුපිත ව කළ ගමන් ඉක්මන් වී ය. ලලිත ‍ෙනා වී ය. එවිට පෙර තමා ලැබූ ජය නැවත සුළු වේලාවක් තුළ කලහංසයන් වෙත තැබුවා වැනි ය. කොපය සන්සිඳුනු විට නැවත ද ඒ ජය ඈ වෙත ම එයි. ‘ක්ෂයණයෙක්හි’යි කීයේ එහෙයිනි.

පිටපත්හි “වියා ගමනොත් පබවත්” යි ද “රෙසී ඔත් ගමන් පබවත්”යි ද එක මැ තැන දෙ පලක ම එක ම අදහස සමාන වචනයන්ගෙන් කියන ලදී. එය සන්නස්කාරයන් විසින් මහා- කවීශ්වරයන් මතට හෙළන ලද, ලියන්නන් විසින් කළ කලුෂයකැ යි ඔප්පු කිරීමට දීර්ඝි කථා අනවශ්ය් ය.

යෙහෙළි ඔවා

544 – 545 – 546 අර්ථ:- (සබඳිනි=) යෙහෙළියනි, කළා වූ මේ නිර්බන්ධචයෙන් (=මුරණ්ඩුකමින්) තොප පියරජහට කරණු ලබන්නේ පරිපන්ථේ (=උපද්රඩව) ම නො වේද? අනාගතකාලය (හා=) ද (සිමිඳිනු=) සිහි කරණු මැනව. (යල=) තව ද (නුසුන්දිවියෙන්=) සුන් (=විනාශ) නො වූ ජීවිතයෙන් යුක්ත ව සාගලනගරයට (යත්=) ගිය හොත් යෙහෙකැ යි එවේලෙහි යෙහෙළියන් (යත්=) කිත් ම ඒ කාන්තාරයට (දුර්ගිමාර්ගනයට) පැමිණි පබවත් තොමෝ මෙසේ කියූ:- ඔහු වාසය කරණ දිශාවෙහි වාසය වතොත්, එය ම වාලුකා කාන්තාරය යි. (එය) (පුවහා=) හැර වහා ආවා වූ මට මේ (මරුකතර) මලයපර්වථතයෙහි ගඟුල්හැලි යි.

විස්තර:- මග දී පබවත පිරිවරා ගමන් කළ කාන්තාවෝ ද පබවතට අවවාද කළහ. “යෙහෙළිය, තොප කුසරජුට දැක් වූ මුරණ්ඩුකම නුසුදුසු ය. එයින් තොප පියරජුට අධිරාජයෙකු වූ කුසරජුගේ නොයෙක් උවදුරු විය හැකි ය. එහෙයින් ලඟ පමණක් නො බලනු මැනැව” දුර බලනු මැනව. අනාගතය ද සලකනු මැනැවැ” යි අවවාද කොට ගමනෙහි දුෂ්කරභාවය දැක්වීමට “මේ බිහිසුණුමඟ පණ බේරා ගෙණ සාගලනගරයට ගියොත් හොඳයි. එය කළ හැක්කැ යි අපට නම් නො හැඟේ.” යනු ද වැඩිදුරටත් කීහ.

පබවත ඔවුන්ට දුන් පිළිතුර තුන්වැනි ගීයෙන් දැක්වේ. “කුසරජු වසන තැන මට ප්රිුයඬ්කර නො වේ. එය හැර ආ මට මේ මරුකතර මලගල්ගඟුල්හැල්ලක් මෙන් ප්රීයතිජනකය. සගල් නුවරට නො ගොස් මේ මරුකතරෙහි දී මළත් කුසරජු හා එක තැන විසුමට වඩා සැපය.” යනු පබවතගේ අදහස යි. ‘මරුකතර’ යනු වැලිසහිත කාන්තාර යි. ‘මරු’ යනු වැල්ලට නමි. ‘මලගල්’ යනු දැන් ‘ඝාට්’ යන නමින් හැඳින්වෙන කදුවැටිය යි. එහි හඳුන් සුලභය යි කවිසමය කිය යි. හඳුන් ගස්හි හැපී හමන සුළඟ ද, හඳුන්මුල් සේදී ගලන ජලය ද, ඉතා සිහිල් ය.

‘සිමිඳිනු’ යනු ‘සිමිඳ’ දයින් නුප්රීත්යුය වී සිද්ධ යි. මේ 544, 545, 546 වැනි ගී තුණ පිටපත්හි එන්නේ 546, 544, 545 වැනි ලෙසට ය. එසේ වන විට වාක්යතසම්බන්ධ5ය ගිලිහෙයි. මෙහි 545 වැනි ගීය ද පිටපත්හි (544) “ඉති කියා පබවත - යෙහෙළියන්නෙකතර පත්, පවසත නොසුන් දිවියෙන් - යෙහෙකැ විසි සගල් යත්”යි පෙණේ. මේ ද ලියන්නන් අතින් ම වූ අවුලකි. පැරණිසන්නකාරයෝ ලියන්නන් කළ වැරදි නො විමසා ම නිවැරදි ලෙස පිළිගෙණ සන්න ද ලියති. පැරණිසන්නයෙහි මේ ගී යෙදුනු පිළිවෙළෙහිත් කී අර්ථයන්හිදත් අසම්බන්ධයභාවය හා අයොග්යවත්ව5ය ද තේරුම් ගැණීමට ඒ සන්නය ම පරීක්ෂාිවෙන් කියවීම මිස අනික් අටුවාවක් නුවුව මනා ය.

547 අර්ථ:- මෙසේ අනන්මනන් දොඩා (තමාගේ) වියොගයෙන් (නොරඳනා=) නො බලන්නාක් වැනි පුර නමැති අඟන (රඳනාවන්=) සන්සිඳුවන්නියක (=සනසන්නියක) මෙන්, පබවත් තොමෝ සාගලනගරයට පැමිණියා ය.

විස්තර:- “අනන්මනන්” යන්නට “අන්යෙ න්යතකථා ය” යි පැරණිසන්නය අර්ථ දෙයි. පරස්පරාසම්බන්ධාැලාපයන්ට ‘අනන් මනන්’යි ගම්වැසියෝ කියත්. ඒ අරුතම මෙහි වඩා ගැලපේ. ‘අන්යෙයන්යි’ යන අර්ථයෙහි මේ ශබ්දය සිඛවලඳවිනිස ආදියෙහි යෙදී තිබේ. ‘රඳනා’ යන්නෙහි ධාතුව ‘රඳ’ යන්න ය. එය සැනසීම අරුත්හි ද යෙදෙන බව 390 වැනි ගීයෙන් ද පෙණේ.

548

අර්ථ:- ප්රවභාවතිය සමග (සරාදුලු=) පද්මයන් බැබලුනු (සරා=) සරසියෙහි (=විලෙහි) ක්රී=ඩා ද (කල දෙසැ=) කාන්තාව කෙරෙහි ප්ර වර වූ නරෙන්ර් යාගේ අනුරාගය ද යන මෙය කියූ සර්ගරය

එකොළොස්වැනි යි.

එකාදශ සර්ගියෙහි ව්යෙඛ්යාිව නිමි.