කව්සිළුමිණ-කව්සිළුමිණ-xii

401 අර්ථ:- (අගණැ=) අඬ්ගණයෙහි හොත්තා වූ (මියුල්=) මෘගධෙනු තොමෝ (වෙහෙල්=) මෘගයා (තමාට) ලං ව (සියසේ=) ස්වකීයච්ඡායාව දිදී ලොම් (උවත්=) නඟන (=කෙළින් සිටුවන) කල්හි (ලොමු ඉහි=) රොමන්ථය සමග බඳනාලද තද අමර්ෂ ය (=කොපය) (විහිදැ=) දුරු කර (නිසන්=) නිශ්චල වූවා ය.

විස්තර:- මුවඟන මුවා හා කුපිත ව ගොස් අඬ්ගණයෙක්හි තද අව්වෙහි ලැග වමාරා කමින් සිටි යි. මුවා ඇය වෙත පැමිණෙයි. ප්රිෙයාස්පර්ශ්යෙහි දී මුවාගේ ඇඟෙහි ලොම් කෙළින් සිටියි. (සි. ල 78) මුවදෙනට මුවාගේ සෙවනැල්ලෙන් මහත් සැනසිල්ලක් වෙයි. එයින් ඕතොමෝ මුවා කෙරෙහි බැඳි කොපය දුරු කර යි. ඒ සමග ම රොමන්ථය (වමාරා කෑම)ද නවත්වයි. ‘අඟණ’ නම් වෘක්ෂිලතාරහිත මළු වැනි බිම්පෙදෙස් ය. ‘උවත්’ යනු “හුවත්” යන්නෙහි හකාරලොපයෙන් සිද්ධ වේ. ‘හුව’ දය එසවීමෙහි වැටේ. ‘ලොමු’ යන්න ‘රොමන්ථව’ ශබ්දයෙන් ගත්තකි. රොමන්ථ ය’ නම් වමාරා කෑම යි.

402 අර්ථ:- තන නමැති රන්පවුමඬුල්ලෙන් (=වට වූ කන්දෙන්) බිඳුනු (=ඇද හැලුනු) (දළ=) මහත් මුක්තාහර නමැති නිර්ඣර (=දියඇලි) ඇති, අඬ්ගරාග නමැති ගුරුතැවැරුම් නෑවා වූ, (කලුන්=) කාන්තාවන්ගේ ශරීර නමැති විලට ජනතෙමේ වැදුනේ ය.

විස්තර:-කාන්ත‍ාවෝ ග්රීේෂ්මකාලයෙහි දී තනඅග මුතුහර පලඳිති. (ඍතු, 1-4, 6-8) කතුන්තේ පියොවුරු රන්කඳුගැට වැනි ය. එහි එල්ලෙන මුතුහර කන්දෙන් බිඳ වැටෙන දියඇලි වැනි ය. ඒ දියඇලි වැටෙන විල් නම් කතුන්ගේ සිරුරු ය. විල්දිය සිවංගුරු මුසු ය. මේ විල් ද අඬ්ගරාග නමැති ගුරුතවර ඇතියේ ය. ‘නෑ’ යනුවෙන් මේ ගුරුතවර විල හැම තැන පිරී සිටින බව හඟවති. මෙහි තුන්වැනි පදය සතරවැනි කොට යෙදුවොත් ‘අඟරා ගුරු තවර නෑ’ යන්න ‘දෙනෙ’ යන්නට විශෙෂණ කළ හැකි ය. එවිට “අඬ්ගරාග නමැති ගෛරිකවචන නෑවා වූ ජනතෙමේ” යනු අර්ථයි. මිනිස්සු දියට බසින්ට මත්තෙන් කුණු යනු සඳහා ඇඟෙහි කොකුම්පොතු, ගුරුමැටි ආදිය ගා ගණිත්. මේ ජන තෙමේ ද කතුන්ගේ තුනුවිල් වදින්ට මත්තෙන් අඬ්ගරාග නමැති ගුරු ගා ගත්තේ ය. ‘බෙයද’ සද මෙහි පර්වාතවාචී යි.

403 අර්ථ:- (මුවතණ=) මෘගතෘෂ්ණිකාව (=මිරිඟුව) දැක, පැන් කැමැත්තා වූ මෘගතෙමේ මුවදෙන සමග (යතුරු ඔත=) යාත්රාරවට බැස්සේ (=ගමන් ගත්තේ) ඒ මිරිඟුව (මුවා) නො පැමිණි තන්හි පෙණෙත් ම යාත්රාතවෙහි අවසනක් නො ලද්දේ ය.

විස්තර:- ‘මුවතණ’ නම් මිරිඟුව යි. ග්රී ෂ්මකාලයෙහි දී චඤ්චල වන සූර්යයරශ්මිය ඈත සිට බලනුවන්ට දිය මෙන් පෙණේ. මිරිඟුව නම් එය යි. පවසින් පෙළෙන මුවෝ එය දැක ජලය යි සිතා එ දෙසට දුවති. මුවාගේ ගමනවේගයේ ප්රවමාණයට මිරිඟුව ද ඈත් වෙයි. මුවාගේ ගමනෙහි අවසානයක් නො වේ. මෙසේ මෘගයන්ගේ තෘෂ්ණාවට හෙතු වන හෙයින් ඊට මෘගතෘෂ්ණිකා (=මුවතණ) ය යි කියනු ලැබේ.

404 අර්ථ:- දිය සිඳුනු (හෝ=) නදී ද මහවැව් ද විල් ද ඇති සමස්තලොකය ක්රෑවර වූ ග්රීුෂ්මය නමැති සුරයා නොහොත් ග්රීමෂ්ම කාල සූර්යයා විසින් සොමරසය (බුත්=) අනුභව කළ ඔඩම් (=චෂක) හා තැටි ද සහිත වූ තටුවක් (=බන්දේසියක්) වැනි ය.

විස්තර:- ‘සොමි’ යනු පුරාතන ආර්යයන්ගේ ශ්රේෂ්ඨ පානයකි. දෙවියෝ ද ඉතා ආශාවෙන් සොමරසපානය කළහ. වෛදිකයන්ගේ ඉන්ද්ර යා (=ශක්රරයා) සොමරසපානයෙහි අතිශය සමර්ථයයෙති. බමුණෝ සොමරසයාගයෙහි දී ශක්රායා පමණක් නො ව අනික් දෙවියන් ද කැඳවූහ. සොමරසය පෙරා ගන්නේ ‘සොමලතා’ නම් වැල් වෙසෙසකිනි. ඒ වැලෙහි කොළ පසළොසකට වඩා නො වැඩේ. අවපසළොස්වක් (= මාසේ පොහෝ දවසෙහි එක් කොළයක්වත් නැත. එතැන් පටන් එක එක තිථියට එක එක කොළය බැගින් වැඩී පුරපසළොස්වක් දවසෙහි කොළ පසළොස පිරේ. අව පෑළවියෙහි පටන් කොළ හැලෙ යි.

ගිමන්හුරු මහාශරීර ඇත්තෙකි. ඔහුගේ ප්රසමාණයට සරිලන සේ පරිභොග කරණ උපකරණ ද තිබිය යුතු ය. ඔහු පැන් නැමැති සොමරසය බොන ඔඩම් නම් නදී යි. ඒ ඔඩම් තබන තැටි නම් මහවැව් හා විල් ය. ඒ සියල්ල තබත තටුව නම් මුළුලොව යි.

‘බුත්’ යන්න ‘භුත්ත’ යන්නෙන් බිඳී එයි. ‘භුක්ත’ යන්නට ‘බුත්’ යි පැරැණියෝ අර්ථ කීහ. (ධ. ගැ. 99 – 15)

405 අර්ථ:- (ල=) තරුණ වූ ගර්භිණී වූ මෘගධෙනු තොමෝ පිපාසාවෙන් පැමිණි තමාගේ ශ්රාලන්තභාවය දැක (වෙහෙල්=) මෘගයාගේ උතුරා ගියා වූ අස්රැාධාරා ඇති නෙත්රකය මණිචෂක කළා ය.

විස්තර:- ගැබිණි වූ තරුණ මුවදෙන පිපාසාවෙන් ශ්රාින්ත වූවා ය. ඒ දැක මුවාගේ ඇසින් කදුළු ගලන්නට වන. ධෙනු තොමෝ ඒ කඳුළු ලෙවුවා ය. මෙලෙසින් මුවාගේ ඇස මුවදෙනට මිණිමුවා ඔඩමක් වී ය. ‘දැකැ’ යන පූර්වනක්රිමයාව හෙත්වමර්ථයෙහි ය. “දැකීම් හෙතුවෙන්” යනු අර්ථ යි. එහෙයින් භින්නකර්තෘික වීම (=අවසාන ක්රිවයාවෙහි කර්තෘ්හුගෙන් අන්යහ කර්තෘ් කෙනෙකුන් ඇති වීම) නිදොස් වේ. ‘දැක, උතුළ, කළ’යි ක්‍රියාවාචී පද තුණක් මෙහි අපරාර්ධතයෙහි වෙහි. දැක්මෙහි කර්තෘි මුවා ය. ඉතිරීමෙහි කර්තෘක ඇස්දර ය. කිරීමෙහි මුවදෙනය. එහෙයින් ‘දැක’ යන පූර්වීක්රි්යාව භින්න කර්තෘුක ය.

406 අර්ථ:- ඉන්ද්ර්නීලපර්වුතය හා සමග්රී (=එක්) වූ (දියද්රථන්=) (පෙර) ජලය විසින් දෙනලද මකරන්ද (කටා=) රාශිය තෙමේ කනකදාම ඇති ඇතෙකු දැක්වූයේ මතු ද? (සවිඳු=) විඳුලිය සහිත මෙඝකූටය ද (කළ හා=) ප්රරකාශ කෙළේ ද වී ය.

විස්තර:- මෙඝකාලයෙහි දී දියදහරින් ආ මල්රොන්පටි ඉන්ද්රයනීල පර්වළතයන්හි (=කලුගල්හි) නැවතී මේ ග්රීකෂ්මකාලයෙහි ද කසාවන් ව පවතී. එබඳු ගිරිකුළු රන්දම් සහිත ඇතුන් වැනි ය. එපමණක් නො ව විදුලිය සහිත වැහිවලාකුළු වැනි ද වේ. ‘කටා’ යන්න රාශ්යවර්ථයෙහි ය.

407 අර්ථ:- මුළු ලොව තැවූ ග්රීැෂ්මකාලය තෙමේ ද විනාශයට පැමිණියේ ය. (පරා=) අනුන්ට වෙහෙස කළා වූ ජනයෝ බොහෝ සේ (වැනසෙත් මැ නු?=) විනාශ වන්නාහු ම නො වෙත් ද?

408 අර්ථ:- විචිත්රව වූ වාරණතුරඬගයන් ද, වනයන්ට නිග්ර හයක් වූ ග්රීණෂ්මය ද, කුසරජු (ගැණ) සැක කළ කොමලාඬ්ගිය ද (යන සියල්ල) (සමගා=) එක් කොට කියූ මේ සර්ගසය

අටවැනි යි.

අෂ්ටම සගීයෙහි ව්යා ඛ්යා ව නිමි.

















9.සර්ගිය

මේ වැණුම්.

409 අර්ථ:- පසු ව ඒ ග්රීනෂ්මයෙන් (අදන්) බින්න (බැගෑපත්) වූ ඒ වීරයා (=කුසහු) සනහන සිතින් මෙන් ද, කාන්තාවගේ (මෙනෙ=) සිතෙහි බැන්දා වූ (මැසි=) අමර්ෂනය (දැහැ=) දුරු කර (නමන මෙන් හා=) අවනත කරණ (සිතින්) මෙන් ද මෙඝකාලය ආයේ ය.

විස්තර:- මෙඝකාලය නම් නිකිනි බිණර දෙමස යි. ස්වාභාවවශයෙන් පැමිණි මෙඝකාලය අන් ලෙසකින් මේ කවීශ්වරයෝ දකිති. එහෙයින් උත්ප්රෙ ක්ෂායවකි. මෙඝකාලය කාමීජනප්රිදය ය. එකල්හි රාගය අධික වෙයි. එහෙයින් ම කාන්තාවන්ගේ චිත්තයෙහි වල්ලභයන් කෙරෙහි බැඳි මානය හෝ කොපය දුරු වෙ යි. එහෙයින් ම සසදාකාරයෝ ද (65) “වියොවුන් සියො කැරැ සියොවුන් සතොස වඩමින් මහමේ කල් ආ” බව කීහ. ‘හා’ යනු ‘හා + ආ’ දෙක සන්ධි වී සිද්ධ යි. මේ සර්ගරයෙහි පද්යි නානාවෘත්තයන්ගෙන් බැඳුනේ ය.

410 අර්ථ:- (විදු.........පලු=) විදුලිය රොද නමැති චඤ්චල පල්ලව (=දළු) ඇති බලාකා (=කොක්පෙළ) නමැති පිපුනු මල් (කැන්=) පොකුරු ඇති (වැසි) පොද නමැති (මීපොද=) මල්පැණිබිඳු ඇති නීල වූ (ගන=) මේඝය තෙමේ ඝන වූ වනාන්තයක් (=ආරණ්යියක්) මෙන් (තෙවුනේ=) බබලන්නේ ය.

විස්තර:- මෙයින් මෙඝකාලයට අයත් ලක්ෂේණ සමහරක් දක්වන ලදි. මෙඝකාලයෙහි විදුලිය සුලභ ය. එය සෙලවෙන දළු වැනි ය. කොක්කු හැසිරෙති. ඔහු විකසිත පුෂ්පස්තබක වැනි ය. වැහිපොද වැටෙ යි. එය මල්පැණිබිඳු වැනි ය. මෙඝය ද ඝනවනය ද නීලවර්ණ ය. එහෙයින් මෙඝය ඝනවනාන්තයක් වැනි ය. ‘තෙවුනේ’ යනු ‘තෙවු’ (=බැබැලුම්හි) දයින් සිද්ධ වර්තපමාන කාලික කෘදන්තනාමපද යි. ප්රයථමාවිභක්ත්ය න්ත යි.


411 අර්ථ:- (සිකින්=) මයුරයන් දෝ හෝ නොහොත් සඛීන් (=යහළු ස්ත්රීින්) (එක්වන්=) නිරන්තරයෙන්) වදන්=) නාද දෝ හෝ නොහොත් වචන දෙන කල්හි (ලඳලිය=) අළුත් වැල දෝ ‍හෝ නොහොත් තරුණකාන්තා තොමෝ (තම අකරින්=) තමාගේ අංකුරයෙන් දෝ හෝ නොහොත් සිය අත්අකුරෙන් (දෙතුන් පත්=) කොළ දෝ ‍හෝ නොහොත් ලියමන් (=හසුන්පත්) දෙක තුණක් (ගනකල්හට=) මෙඝකාලයට දෝ ‍හෝ නොහොත් ඝන (=ස්ථිර) වූ කාන්තයා (=පෙම්වතා) හට දෙන්නට පටන් ගත.

විස්තර:- මෙයින් ද මෙඝකාලයෙහි ලක්ෂෙණ පැවසේ. මෙය ශ්ලෙෂයකි. එක් එක් පදයකින් අර්ථ දෙක දෙක ලැබේ. මයුරයන් නිතර නාද දෙන්නට වන් කල්හි අළුත්වැල සියදළුවලින් දෙ තුන් පතක් මෙඝකාලයට දෙන්නට පටන් ගත්තේ ය- යනු එක් අර්ථ පක්ෂ්යකි. යහළු ස්ත්රීරන් නිතර බස් දෙන කල්හි තරුණකාන්තා තොමෝ තමාගේ අකුරින් දෙතුන් හසුන්පතක් සිය දැඩි පෙම්වතාට දෙන්නට පටන් ගත්තා ය- යනු දෙ වැනි පක්ෂපය යි. මොනරුන් කොකානද නැඟුමත්, වැල් දළු ලා එකින් දෙකින් මේරීමත්, කාමීපුරුෂයන්ගේ දූතීන් යෙහෙළියන් මෙන් තරුණ කතුන් වෙත ගොස් ඔවුන් පුරුෂයන්ගේ අදහසට පොලඹවන බස් කීමත්, එයින් පෙලෙඹුනු කතුන් ඒ කාමින්ට පෙම්පත් සිය අකුරින් ලියා යැවී මත් මෙඝකාලයෙහි සිදු වන බව මෙයින් දක්වති.

412 අර්ථ:- ජලධරයා (=වලාකුළ) (දලදරඅම ඔවත=) ජලධාරා නමැති අමෘතය වක්කරණ කල්හි කොකුන් සහිත වූ මළරුක් තෙමේ ශිඛින් (=මොනරුන්) විසින් (අඹල=) ඇඹරූ (=විහිදවූ) පිල් හා තඹවන් පියාපත් ඇත්තේ මලකොළදළුවලින් බර වූවාක් මෙන් වී ය.

විස්තර:- අමා ඉසීමෙන් මළ දෙය ප්රා්ණවත් වේ ල. (බු. ස 15 අංශය, නාගානන්දඅ 5 වැනි අංකය හෝ කථාතරංගණී 9 වැනි තරඬ්ගය බලන්) ජලධරයා දියදහර නමැති අමෘතය වක්කරණ කල්හි මළරුක් පණවත් වී දළුකොළමලින් බර වූවාක් මෙන් වී ය. කෙසේ ද? වැසිකල්හි කොක්කු මළරුක්හි අතුවල හිඳිති. ඔහු මල්පොකුරු මෙන් පෙණෙත්. මොනරු ද මළරුක්වලට නැඟී පිල් අඹරති. උන්ගේ පියාපත් නිල්වන් ද තඹවන් ද වෙයි. නිල්පියාපත් ගසෙහි මේරූ කොළ මෙන් ද තඹපත් ලාදළු මෙන් ද පෙණේ. පැරණි සන්නකාරයෝත් තදනුගාමීහුත් මෙහි අමා හැර දමා නිකම් වැසිදියෙන් ම මළරුක් උපදවන්නට සැරසෙති. බර + එව් = බරෙව්=බෙරෙව්

413 අර්ථ:- (නුබකුස්=) අහස්කුස (ගන=) මෙඝයෙන් නිල් වී ය. හංසයන්ගේ (සර=) සඤ්චාරය දෝ හෝ නොහොත් ස්වරය (=නාදය) (විදුම්=) විහිදීම (=දුරු වීම) ගත්තේ ය. (නා=) ඇතුන්ගේ නොහොත් ස්වාමීන්ගේ මෙනෙහි ද (තුරුදා බො වී=) සන්තොෂය උදා වීම (=සතුට ඉපදීම) බොහෝ වී ය. (දතෙ= දත් එ=එ දත්=) එය දත් (නුගි=) අනුගතාවන්ගේ (ස්වාමීන්ට අවනත ස්ත්රි න්ගේ) හදවතට (තුමුල්මොද=) මහත් වූ ආමොදය (=සතුට) පත (පැමිණිසේ ය.)

විස්තර:- වර්ෂා)කාලයෙහි දී වලාකුළින් අහස නිල් වෙ යි. හංසයෝ මානසවිලට යතු ලු. එහෙයින් අනික් තැන්හි උන්ගේ සඤ්චාරය හෝ නාදය විහිදෙ යි. (=නැති වෙ යි) ඇත්තු ද වැස්සට කැමති ය. නාථයෝ ද සමහම්සුව විඳිය හැකි හෙයින් වැස්සට රුචි කෙරෙති. එහෙයින් ඔවුන්ගේ සිතෙහි සතුට බෙහෙවින් පහළ වෙ යි. අනුගතාවන්ගේ සිත් ද රිසි සේ සමහම්සුව විඳිය හැකි හෙයින් මහත් වූ ආමොදයට පැමිණෙ යි. මේ කාව්යටනාමගර්භ.චක්රව නම් චිත්රමබන්ධියකි. මේ ගීය චක්රමයෙහි ලියූ විට එක් වලයයක සිටින අකුරුවලින් “කුසදා නම් මෙ” යන්න ලැබේ. ඒ වනාහී 1, 2, 3, වැනි පාදයන්හි තුන් වැනි හත් වැනි අකුරු ය. අන්තිමපාදය චක්රියෙහි අන්තිම (නෙමි) වළල්ලෙහි සිටී. එහි අනික් පාද තුණෙහි මුල අග අකුරු ද ඇතුළත් වේ. චිත්රපබන්ධ නය මතු දැක්වේ.









මුද්රිකත පොතෙහි පෙණෙන චක්ර යෙහි නෙමියෙහි එක් කොටුවක අකුරු දෙකක් ම යෙදුනු නමුත් කොටු තුණක් ම හිස් ය. මෙහි ‘දතෙ’ යි යෙදුනු පාඨය එහි ‘දකුතු’ යි ගැණීම නිසා එක් කොටුවක අකුරු වැඩි වී ය. ‘තු-ල්-ත-ද’යන අකුරු අතර තිබිය යුතු අකුරු නැති වීම නිසා කොටු තුණක් හිස් වී ය. ‘නුගි තුල් තද හළ’ යි ගෙණ “අනුගතා තොමෝ මහත් වූ ස්තාබ්ධ්යහය හළා” යි පැරණිසන්නය කියන අර්ථ යි . ඒ නො යෙදේ. අනුගතාවක් තුළ ස්ථුල වූ තදබවක් තබා කෘශ වූ තදබවක් වත් නො වේ. ශිශුපාලවධයෙහි 19 වැනි සර්ග්යෙහි 120 වැනි ශ්ලොකය ද මෙ බඳු කාව්යිනාමගර්භ චක්ර්යෙකි. මේ චිත්රවබන්ධ , උග්ගසෙහි තිබෙන ගැට මෙන්, කාව්යැරසය වළකන ගැට ය යි සාහිත්ය්දර්පබණකාරයෝ කියති. අනික් පද්ය්යන්ගේ රසය ප්රළකට වනු පිණිස අතරට මෙබඳු පද්යි විය යුතු ය යි අන්යයයෝ කියති. මේ ගීය බැඳි වෘත්තය එලුසඳැස්ලකුණෙහි නො පෙණේ.

414 අර්ථ:- ශිඛීන් විසින් (අඹළ=) විහිදවූ (සඳැස්) පිල් (දස අඹුවන්=) දිශා නමැති කාන්තාවගේ (ලෙල කියඹු වැල විලසින් දිසි=) ලීලොපෙත වූ කියඹුවැල ලෙසින් දෘශ්යලමාන වී ය. (පොද=) වැහිදියබිඳු දසඅඹුවන්ගේ (සිඳුවර=) නිකමල් විලසින් දිසි. බලාවැල (=කොක්පෙළ) දසඅඹුවන් පලන් (=පැලඳි) (මුතු) හර විලසින් දිසි.

විස්තර:- මේ දීපකයෙකි. දීපය (=පහන) ගෙයි එක් තැනක සිට ගෙණ ගෙය මුළුල්ල ම ආලොකවත් කරන්නාක් මෙන් පද්යගයෙහි එක් තැනක සිට ගෙණ මුළු පද්යනයට ම ආලොකය දෙන (=පද්යයයෙහි ඇති තාක් වාක්යපයන් හා සම්බන්ධඳ වන ) පදයන් ඇති පද්ය=ය දීපාකාලඬ්කාරයෙන් යුක්ත වේ. මෙහි “දසඅඹුවන්” යන ජාතිවාචීපදය හා ‘දිසි’ යන ක්රි්යාපදයත් පද්යයය මුළුල්ල හා ම සම්බන්ධය වෙයි. එහෙයින් මෙය ජාතිදීපක ද ක්රිදයාදීපක ද වෙ යි.

415 අර්ථ:- (වස=) ජලය දෝ හෝ නොහොත් විෂ (නුවනතැ=) නෙත්රායෙහි (=ඇස්ඉදිරියෙහි) ම (දිස්මෙන්=) පෙණීමෙන් (මුස වතළ=) මූර්ඡාව විසින් පැතිර ගත් හංසරාශිය (සවසනල=) ශ්වාසානිලය (=සුසුම්) ලමින් (අස් ගත්=) ආශාවන් (=දිශාවන්) ගත්හ. හෙවත් අන් දෙසට ගියහ. නොහොත් අහස ගත්හ. (=පියාඹායන්ට වූහ) වස නුවනතැ දිස්මෙන් මොනරු (අඟ තනවමින්=) ඇඟ සොලවමින් (=නටමින්) තුටු වූහ.

විස්තර:- ‘වස’ යන්න ජලවාචී ද විෂවාචී ද වේ. (රුවන් 580) හංසයන්ට මෙඝජලය විෂ මෙන් වේ. ඔහු මෙඝය දුටු විට එතෙක් කෙළිමඬුලු වූ පියුම්විල් හැර යන්ට වීමෙන් වන ශොකයෙන් මුසපත් වෙති සුසුම් හෙළති. අහසට නැඟ මානසවිල බලා යෙති. ‘අස්’’ සද දිශාවාචී ද ආකාශ වාචී ද වේ. දිශාවාචී ‘අස්’’සද ‘ආශා’ ශබ්දයෙන් එයි. මොනරුන්ට මෙඝ දර්ශශනය මහාප්රීතතියට හෙතු ය. එය දුටු විට අඬ්ගචාලනය කරමින් තුටු වෙ යි. අඬ්ගචාලනය නම් නැටීම යි. ‘තුටු’ යනු ‘තුස්’’ දයින් සිද්ධ අතීතාඛ්යායත බහු වචන යි. මේ ගීය ‘අර්ධ්භ්රයම’ නම් ශබ්දාලඬ්කාරයෙන් යුක්ත කොට බැඳුනේ ය. අර්ධ්යක් භ්ර‍මණය වන හෙයින් මේ දුෂ්කරබන්ධ යන්ට ඒ නම යෙදෙ. මුල පාදයෙහි මුලකුරු සතර ‘ම’ යන්නේ සිට පහළට බැලූ විට ද, දෙවෙනි පාදයෙහි මුලකුරු සතර පළමුවැනි පාදයෙහි දෙවෙනි අකුරේ සිට පහළට බැලූ විට ද පෙණෙ. තුන්වැනි සතරවැනි පාදයන්ගේ මුලකුරු සතරද එසේ ම පළමුවැනි පාදයෙහි තුන්වැනි සතරවැනි අකුරුවල සිට පහළට කියවූ කල ලැබේ. සංස්කෘතකවීන්ගේ අර්ධුභ්රටමය මීට වඩා දුෂ්කර ය. (කාව්යාවදර්ශය 3-80 බලනු) මාඝයන්ගේ අර්ධභභ්රරමය මෙසේ ය:-

අ භී ක ම ති කෙ නෙ ද්ධෙ භි තා න න්ද් ස්ය නා ශ නෙ ක න න්ස කා ම සෙ නා කෙ ම න්දත කා ම ක ම ස්ය් ති (ශිශුපාලවධ 19- 7)

මෙහි පාද සතරෙහි මුලකුරු සතර පිළිවෙලින් කියවා අග අකුරු සතර අග සිට කියවූ විට ප්රළථමපාදය ද, දෙවෙනි අකුරු සතර කියවා හත්වැනි අකුරු සතර අග සිට කියවූ විට දෙ‍ෙවනි පාදය ද ලැබේ. සෙසු පාද ද එසේ මැ යි.

416 අර්ථ:- ල හුණ කරණ කොට ගෙණ ද, පුල් කඳුළු හා සල පියොවුරුමඬල කරණ කොට ගෙණ ද, කිලුටු වූ අඹර කරණ කොට ගෙණ ද (ගනසමා=) මෙඝසමය (වියෝපමා=) වියොහි ප්ර මදාවකගේ විලාසය ලැබී ය.

විස්තර:- මෙඝකාලය වියොගි වූ කතක වැනි ය. කවර හෙයින් ද? ලහුණ, පුල්කඳුළු, සලපියොවුරුමඬල, කිලිටඹර යන මේ ඇති හෙයිනි. ලහුණ ආදිය ගනසමාහි ද වියෝපමාවන් වෙත ද තිබේ. එහෙයින් ‍ෙද පක්ෂදය සමාන ය. මෙහි ‘ලහුණ’ යන්න අර්ථ දෙකක් දෙ යි. එකක් නම් ‘ලා (=නොමේරූ) උණගස්’’ යන්න යි. මෙඝකාලයෙහි ලා උණගස් (=උණකිල්ල) සුලභ ය . මෙඝගර්ජ්නයෙන් වංශාකුර (=ලහුණ) උපදනාබව රාජශෙඛරයෝ “වංශාංකුරාන් සෛවර් නිනදෛඃ ඍජන්තා” යනුවෙන් කියති. (කාව්යවවිමංසා 100 පිටුව) අනෙක් අර්ථය නම් ‘ලයෙහි උණ’ (=හදවතෙහි දැවිල්ල) නොහොත් ‘මඳ උණ’ යන්න යි. වියොගිනීන්ගේ හදවත දැවෙයි. ලඋණ තිබේ. අර්ථ කෙසේ වුවත් ගනසමා, වියෝ පමා යන දෙපක්ෂගය වෙත ම ‘ලහුණ’ තිබේ. “පුල්කඳුළුසලපියොවුරුමඬලින්” යනු එන=ක ම පදයකි. පුල් වූයේ ද ඒ කඳුළු වූයේ ද ඒ ම නු යි= පුල්කඳුළු සල වූයේ ද ඒ පියොවුරුමඬල වූයේ ද ඒ ම නු යි = සලපියොවුරුමඬල. පුලුකඳුළු ද සලපියොවුරු මඬල ද= පුල්කඳුළුසලපුයොවුරුමඬල. මේ ද අර්ථ දෙක දෙක දෙ යි. ‘පුල්කඳුළු’ යන්න ‘පිපුනු කන්දදල (=හතු නොහොත් කෙහෙල්)’ යන අර්ථය ද ‘මහත් වූ කඳුළු (=නෙත් දිය)’ යන අර්ථය ද දෙ යි. මෙඝකාලයෙහි බෙහෙවින් කන්ද ල (=හතු හෝ වනකෙහෙල්) පිපෙ යි. වියොගස්ත්රීදහු කඳුළු හෙළමින් අඬති. එහෙයින් දෙපක්ෂයය කෙරෙහි ම කඳුළු තිබේ. ‘සලපියොවුරු මඬල’ යන්න ද ‘චඤ්චල වූ මෙඝමණ්ඩල’ යන අර්ථය හා ‘චඤ්චල වූ ස්තනමණ්ඩල’ යන අර්ථය දැ යි අර්ථ දෙකක් දෙ යි. ‘පයස්’’ යනු ජලයට ද කිරට ද නමි. පයස් දරණුයේ ‘පයොධර’ නමි. ‘පයොධර’ යන්න ‘පියොවුරු’ යි ද ‘පියයුරු’ යි ද සිංහලයට එයි. වට වූ දෙය ‘මඬල’ නම් වේ. වර්ෂාරකාලයෙහි චඤ්චල වූ පයොධර (=වලාකුළු) වෙ යි. වියොගිනීන්ගේ හදවත ගැහෙන හෙයින් ද තනපට නො බඳින හෙයින් ද පියොවුරු සෙලවෙ යි. එහෙයින් ඔවුන්ට සලපියොවුරු මඬල වෙ යි. ‘කිලිටඹර’ යන්න ද අර්ථ දෙකක් දෙ යි. ‘අඹර’ සද ආකාශවාචී ද වස්ත්ර වාචී ද වෙ යි. මෙඝකාලයෙහි අඹර (=අහස) කිලුටු ය. වියොගිනිහු නො සැරසෙන හෙයින් කිලුටු වස්ත්රරයෙන් යුක්ත වෙති. මෙසේ ලහුණ ආදිය නිසා දෙ පක්ෂුය සමාන වේ. ‘ලහුණ’ ආදී සමාන ශබ්දයන්ගෙන් උපමාඋපමෙය දෙපක්ෂුයෙහි සාධර්මසය (=සමානභාවය) පැවසෙන හෙයින් මෙය ‘සන්තානොපමා’ නමි. ‘පබඳසෙලයුවම්’ යි ද (සි: ල: 2-96) ‘සන්තාන ශ්ලෙෂොපමා’ යි ද (කා. ද 2-29) කියනු ලැබේ. ‘ගනසමා’ යන්න උපමෙයය යි. ‘වියොපමා’ යන්න උපමාව යි.

417 අර්ථ:- (තළා ආ=) තඩාගයට (=විලට) ආ හංසකාන්තා (=හංසිය) තොමෝ (නීනී=) කම්පිත වූවා ය. (බොල් නල=) බහල (=ඝන-තද) මාරුතය (සී වැ=) ශීත ව හැමී ය. විලෙහි සළා (=සුළි හළා) රාශිය (දිනී=) උපන. (=ඇති වී ය). (වල්=) වනය තෙමේ (දල=) පත්රතයෙන් වැසී (බිම්=) භ්රයමණය කෙළේ ය. (=වැනුනේ ය.)

විස්තර:- මෙහි ප්රරකෘතියෙන් ම සිටි ‘විල්’ යන්න ‘විල්හි’ යන අධාර්ථය ද ‘දල’ යන්න ‘දෙලෙන්’ යන කරණාර්ථය ද දෙ යි. එහෙයින් ම සිදතෙහි “බුහුසූ සියලු විබතේ එ දෙක සියරූ නො පියා” යි කියන ලදී. මේ ගීය පක්ෂිපත්රද නම් දුෂ්කරචිත්රදබන්ධ යකි. පක්ෂ‘පත්රහ නම් පියාපත් ය. චිත්රයය මෙසේ යි:-








418 අර්ථ:- (බිඟුරද=) භෘඬ්ගරාජිය (=මීමැසිපෙළ) (අරද=) නිතර දෘශ්යයමාන වූ ලියනඟලාවැල්හි කුසුම් (වියොවග=) අනඬ්ගයා විසින් විදිනා ලද ඊ දහස්ගණන් ඇති (හුරිරු අවල=) ලෙයින් ගැවසුනු අඟනන් පෑයේ ය.

විස්තර:- ‘ලියනඟලා’ නම් ‘නියඟලා’ නමින් ප්ර සිද්ධ වැල් වෙසෙස යි. ඒ මල් කරා අවුත් වැහූ මීමැස්සෝ අනඬ්ගයාගේ ඊ වැනි ය.

419 අර්ථ:- (වැසිවදල් එල්බෙත=) වැහිවලාකුළු එල්බෙන (=පවතින කල්හි) (පොදබිඳු=) පෘෂද්බෘන්දහ (=දියබිඳුරැස) ඇති මලයපවන ආයේ ය. (නෙ කෙවිල්) නොයෙක් කොවුලන් සහිත (විපිඬු=) පක්ෂිව සමූහයා (වන ආ=) වනයට ආහ. (සිකි ඉහි නා මත කෙළේ=) මොනරුන් හා නාග (හස්ති) තෙමේ (සතුටින්) මත්බව කෙළේ ය. (ඇම ඇස් නම=) හැම දිශා අඳුරු වී ය.

විස්තර:- ‘මලපවන්’ නම් දඹදිව දකුණුදෙසින් හමන සුළඟයි. මලයපර්විතය (Eastern Ghat) ඇසුරු කොට හමන හෙයින් ඊට ඒ නම කියනු ලැබේ. ‘බිඳු’ යනු බෘන්ද (පාලි-බුන්දි) ශබ්දයෙන් එයි. ‘බිරිඳු’ යි ද යෙදේ. ‘නෙ කෙවිල්’ (=නොයෙක් කොකිලයන් ඇති) යන්න මෙඝකාලවර්ණලනාවෙහි දී නුසුදුසු ය යි සමහරු සිතත්. වසන්තග්රීාෂ්මකාලයන්හි ගම් පෙදෙස්හි හැසිරෙමින් කවුඩුකැදලිවල බිජු ලන කොකිලාවන් හා කෝකිලයෝ වර්ෂාපකාලයෙහි දී වනයට එති. “මධාවෙව පිකධ්වතිඃ” (වසන්ත කාලයෙහි ම කොවුල් නද වේ.) ය යි කවිසමයකාරයන් අවධාරණයෙන් කී හෙයින් වර්ෂාි කාලයෙහි දී කොවුල්හඬ ඇති සේ කීම මිස කොවුලන් ඇති සේ කීම කවිසමය විරුද්ධ නො වේ. එහෙයින් ‘නෙ කෙවිල්’ යන්න නිවරද ය. එක් පිටපතක ‘නෙකෙමල්’ යි පෙණේ. ‘කෙමල්, කේමල්’ යනු පෙණ ය. ඒ පාඨය ගත හොත් “නොයෙක් පෙණ පිඩු වී (වනැ=) දියෙහි ආයේ ය” යි අර්ථ කිය හැකි ය. මේ ‘කවිනාමගභිචක්ර ’ නම් චිත්රඩබන්ධ යකි. කවීහුගේ නමක් වූ ‘පඬු ඉඳු’ යන්න ඇතුළත් වන චක්ර යක් හෙයින් ඒ නම යෙදේ. 1, 2, 3, වැනි පාදයන්හි 2, 7 වැනි අකුරු ගත් විට ‘පඬු ඉඳු කෙළේ’’ යන්න ලැබේ. චිත්ර ය මතු දැක්වේ:-













420


අර්ථ:- (සහදෝකදෝ=) ජ්යෙ:තිස් (=කාන්ති) සහිත කදෝ පැණියන් (=කණාමැදිරියන්) ඇති වනහිස (=කැලෑවෙහි මුඳුන) (කෙබඳුද? යත්:- ) (ගනකල්හු=) මෙඝ නමැති කාන්තයා නොහොත් දැඩි ප්රි?යයා දැක්මෙහි (දැක්ම නිමිති කොට) (පියඹ=) ප්රොගල්භ (=බුහුටි දක්ෂව හෝ ගිජු) වූ නොහොත් ප්‍රියම්බිකාව වූ මිහිකත විසින් සැරහූ නිකමල්බර ඇති වරල (=කොණ්ඩය) (අළ=) ගෙණඇර දැක්වී ය.

විස්තර:- මෙඝකාලයෙහි දී වනහිස පත්රකසඤ්ජන්න ව නීලවර්ණැ වෙයි. බොහෝ කදෝපැණියෝ ද එහි ගැවසෙති. එවිට එය මහී කාන්තාවගේ නිකමලින් සැරසූ කෙශකලාපය වැනි වේ. කාන්ති සහිත කණාමැදිරියෝ නිකමල් වැනි වෙති. ‘පියඹ’ යන්න ‘පියබ’ යි ද පෙණේ. ‘පගබ්භ’ ශබ්දයෙන් එයි. මෙහි ‘පියබ’ යන රූපය යෙදුනොත් ‘ප්රිේයම්බිකා’ යන අර්ථය කිය නො හැකි ය. (ධ: ගැ: 234- 4 බලනු)

421 අර්ථ:- (කලබපෙළ=) ඉන්ර්34දගොපකපඬ්ක්තිය (කෙබඳු ද? යත්:- ) දලදරහු (=මෙඝය) ග්රිරෂ්මය සොයන කල්හි (දස=) දිශාවන් ඇඳිරි වන විට ම (දලවිදුපෙ‍ෙන‍ෙහලි=) ජ්වලිත විදුලිය නමැති පෙනෙල්ල (ලෙලදෙත්=) සොලවන (=වනන) විට (එයින්)මිදුනු (දලරොන්වත්=) ගිනි පුපුරු වැනි ය.

විස්තර:- මෙඝය හා ග්රීවෂ්මය ද සතුරු ය. මෙඝය සතුරාට පහර දෙනු පිණිස ඹහු සොයා ඇවිදි යි. ඒ අතර ඇඳිරි වෙයි. මෙඝයාට ගිනි පෙනෙල්ලක් වෙ යි. එනම් විදුලිය යි. ඇඳිරි වත්ම එලිය වැඩි කර ගනු පිණිස ගිනිපෙනෙල්ල වනනු සිරිති. එසේ වනන විට එයින් පුපුරු විහිදී යයි. කලබපෙළ වනාහී මෙඝය විසින් විදුලිය නමැති ගිනිපෙනෙල්ල වනන විට එයින් විහිදී ගිය පුපුරු වැනි ය. ‘කලබ’ යනු ඉන්ර්ිදීගොපක (=පළඟැටි) නම් කීට (=පණු) විශෙෂයකි. ඔහු වර්ෂාිකාලයෙහි දී පොළොවෙහි ඇති වෙත්. රක්තවර්ණලයහ. එහෙයින් ‘රතිඳුගොවු’ යන නම යෙදේ’. ‘කලබ’ සද ‘සලභ’ ශබ්දයෙන් බිඳී එයි. ‘කබබ’ යනු ලිපි දොසින් වූවකි. මේ ගීය ධ්වජබන්ධ යකි. එය බඳින පරිදි සසදාවත් පැරණි සන්නයෙහි 92 වැනි ගීයට ලියූ විස්තරයෙහි පෙණේ. ධ්වජචිත්රදය මතු දැක්වේ:-










422 අර්ථ:- ගනකල්හු දැක්මෙන් මත් වූ (ලෙල) ලලිත වූ නන් ලියපෙළ (=නොයෙක් වැල්පෙළ නොහොත් කාන්තාසමූහයා) කිසලය (දළු=) නමැති අත් නොහොත් කිසලය වැනි (රතු) අත් (වටා=) කරකවා නටමින් බිඟුන්ගේ හඬ නමැති ගී නොහොත් බිඟුන්ගේ ගී වැනි (මිහිරි) ගී (නඟා=) ගායනා කොට කන් ගත්තා ය. (=පිණවූ ය.)

විස්තර:- මෙය ශ්ලෙෂයෙකි. ‘මෙඝ නමැති වල්ලභයා දැකීමෙන් ඉතා ප්රී තිමත් වූ ලීලොපෙත වූ වැල්පෙළ දළු නමැති අත් කරකවා නටමින් බිඟුනඳ නමැති ගී කියා (ගනකල්හුගේ) කන් පිණවී ය’ යනු එක් අර්ථපක්ෂතයකි. අනික් අර්ථපක්ෂකය නම් “දැඩි පෙම්වතා දැකීමෙන් මත් වූ ලලිත වූ ලියෝ දළු සේ රත් වූ අත් වටා නටමින් බිඟුන්ගේ ගී වැනි ගී කියා පෙම්වතාගේ කන් පිණවූහ” යනු යි.

423 අර්ථ:- ලියනඟලා කුසුමයෝ පතින් (=පෙතිවලින්) සලිල (=ජල) බින්දුා ගලන කල්හි අඟනන්ගේ සුරත්ඇඟිලි අගින් ගිලිහෙන (=වැටෙන) දීප්තිමත් මුතු දැක්වුහ.

විස්තර:- ලියනඟලාමල් අඟනන් වැනි ය. (418 වැන්න) එහි පෙති ඇඟිලි වැනි ය. එයින් වැගිරෙණ දියබිඳු අඟනන්ගේ ඇඟිලිඅගින් වැටෙන මුතුඇට වැනි ය. නානාග්රනන්ථයන්ගෙන් කරුණු ගෙන ධර්මනප්රුදීපිකාව කළ ගුරුළුගෝමීහු මේ පද්යරය ම මඳක් වෙනස් කර “ලියනගලාලිය නමැති අඟනන් කුසුම් නමැති රතතින් ගත් මුත්හර බඳු මලින් ගලන දියදහර බලා” යි (ධ.ප්රම 271 පිටුව) ගද්යධයක් කළහ. අපේ කවීශ්වර නරෙශ්වරයන් අඟනන් සේ දැක්කේ ලියනඟලාමල් ය. එහෙත් ගුරුළුගෝමීහු ලියනඟලා ලිය ම අඟනන් සේත් මල් උන්ගේ අත් සේත් දක්වති.

424 අර්ථ:- (මේ ගීයෙහි එක් එක් පාදය අර්ථ සතර බැගින් දෙයි. එහෙයින් මෙය ‘අර්ථචතුෂ්ටය නමි. එසේ අර්ථ ලැබෙන්නේ යෙදුනු වචන නොයෙක් ලෙසට වෙන් කර ගැණීමෙනි. අන්තයෙහි පෙණෙන ‘එ සෙමේ’ යන්න සියල්ල සමග ම සම්බන්ධන වේ.)


එ සෙමේ - එ සමයෙහි

(අ.) වැඩි කළ හය දස:

1. (කළහස දස වැඩි=) කාලවර්ණ හංසයෝ (අන්) දිශාවන්ට වැඩියහ (=ගියහ) නොහොත් - 2. (කළ අස අද හස වැඩි=) කාලමත්ස්ය්යා (=ලූලා) ආශාවට (=රිසි කළ අළුත් දියට) (අද=) පැමිණ හාසය (=සතුට) වැඩී. නොහොත්- 3. (දස කළ හස වැඩි=) දිශාව කරණ ලද ශස්ය ය (=ගොයම) වර්ධ.නය කෙළේ ය. නොහොත්- 4. (අහස දස කළ වැඩි=) ආකාශය හා දිශා කාලවර්ණේය වැඩි ය.

     (ආ)  කඳල දෙලෙහි වැසි වන:

1. (කඳළදෙලෙ නි වැසි වන) කන්දවර (කඳුරැළි) ජලය තෙමේ (නී=) නදිය වැසුවාක් වැනි වී ය. නොහොත්- 2. (වන කඳළදෙලෙනි වැසි=) වනය තෙමේ කන්දදලපත්රුයෙන් (=බිම්කෙහෙල්කොළවලින් හෝ කඳුලැසිකොළවලින් නොහොත් හතුවලින් හා කොළවලින් ) වැසුනේ ය. නොහොත්- 3. (වන දෙළෙනි කඳල වැසි=) විරහි තෙමේ (ශොකග්නි) ජ්වාලායෙන් යුක්ත ව කඳුළෙහි වාසය කෙළේ ය නොහොත්- 4. (වන කඳ ළ දෙලෙනි වැසි=) වනයෙහි ස්කන්ධහය තෙමේ ලා කොළ වලින් වැසුනේ ය.

     (ඉ) ලද පල මින් වන පියඹ:

1. (පල මින් වන පිය අඹ ලද=) ම‍ඬෙහි මත්ස්ය සමූහයා ප්රිබය වූ (අඹ=) ජලය හෝ අහර ලදහ. නොහොත්- 2. (වන අමින් පිය අඹ පල පද=) කාන්තා තොමෝ අප්ර-මාණ වූ ප්රියය වූ (අඹ=) පොලඹන දෙය (=තෑගි) නමැති ඵල ලැබුවා ය. නොහොත්- 3. (පිය අඹ මින් වන පල ලද=) ප්රිතයභාර්යයා තොමෝ (මින්=) නුවණින් වන ඵලය ලැබුවා ය. නොහොත් - 4. (අඹපිය පල අමින් වන ලද=) අම්බුපිතෘ (=සමුද්රඵය) තෙමේ මඩ සහිත (අමින්=) බොහෝ දිය ලැබී ය.

(ඊ) සරා වන උදුල:

1. (සරා ආ වන උදුල=) සරසිය (=විල) ආවා වූ (වන=) ජලයෙනි උජ්ජ්වලිත වී ය. නොහොත් (වනසරා=) වනවිල (උදුල= උදල=) උද්ගත - නැගුනු- ජල ඇති වී ය. නොහොත්- 2. (සරාවන උදුල=) රාග සහිත විරහිණිතොමෝ උද්ගත වූ (රාගාග්නි) ජ්වාලා ඇති වූවා ය. නොහොත්- 3. (උදුලවන සරා (වී)=) උද්ගත වූ දල (=කොළ) ඇති වනය ප්රේභා සහිත වී ය. නොහොත්- 4. (එසමේ උදුල සරා වන=) ඒ සමය තෙමේ උජ්ජ්වලිත වූ පද්මයෙන් තොර වී ය.

විස්තර:- මේ එක ගීයෙන් මෙඝකාලයෙහි පවත්නා ස්වාභාව සො‍ෙළාසක් වණන ලදී. (1) මෙඝකාලයෙහි දී ඒ ඒ පළාත්හි කළ ශස්යත වැඩේ. (2) කාලහංසයෝ විල් හැර යති. (3) සියලු දිශා හා අහසත් අඳුරු ව කළු වෙයි. (4) ග්රී ෂ්ම කාලයෙහි දිය සිඳී ගිය විල්හි මඩ ය‍ට දුකින් සිටි ලූල්ලු රිසි කළ තඹවතුර ලැබ සතුට වඩති. (5) කඳුවලින් ගලා එන දියෙන් නදී වැසී ය යි. (6) වනයෝ වැසිකල්හි ම සුහුඹුල් ව වැඩෙන කඳුලැසි, බිම්කෙහෙල්කොළවලින් හා හතුවලින් ද වැසී යති. (7) විරහීහු සොවින් කඳුළු හෙළති. (8) පර්වලතයෙහි බඳ (=මැදපෙදෙස) ලා කොළවලින් සැරසෙ යි. (9) මඩෙහි සිටින මත්ස්ය සමූහයා ප්රිමය වූ ජලය නොහොත් ආහාර ලබති. (10) කාන්තාවෝ කාමීපුරුෂයන්ගෙන් නොයෙක් පඬුරු ලබති. (11) ප්රිතයභාර්යාවෝ නුවණින් (=පතිව්රාතා වීමෙන්) වන ඵලය සිය සැමියන්ගෙන් ලබති. (12) අම්බුපිතෘ (=දිය උපදවන්නා) වූ මුහුද බොහෝ මඩවතුරු ලබයි. (13) විල් පිරුණු දියෙන් හොබී. (14) රාග සහිත වියොගිනීහු දැවෙති. (15) හට ගත් පත් ඇති වනය ශොභාසම්පන්න වෙයි. (16) මෙඝකාලය උජ්ජ්වලිත පද්මයෙන් තොර වෙයි. (උජ්ජ්වලිත පද්ම ඇති වන්නේ සරාකල්හි ය.) ‘වැඩි’ යන්න ආඛ්යාපතයක් සේ ද කෘදන්තයක් සේ ද ගත හැකි ය. ‘කල’ යන්න ද ඒ දෙලෙස ද නාමයක් ලෙස ද ගැණේ. ‘කාලවර්ණ ’ යන අර්ථයෙහි ද එය ප්රාසිද්ධ ය. කාලමතස්යකයාට ද ‘කළ’ යන නම යෙදේ. (රුවන් 643) ‘වන’ සද අරණ්යය, විරහි, ජලාදී අර්ථයන්හි හා සමූහාර්ථයෙහි ද (රුවන් 255) වැටේ. ‘නී’ සද “නුවණ නිසයුරා” (මුවදෙව්දා - 1) යන තන්හි මෙන් ඡන්දස් ආදිය නිසා භ්ර ස්ව වී ය. ‘පල්’ සද මඩබොරට නමකි. (රුවන් 142) එය මෙහි ‘පල’ යි යෙදින. ඵල ආදී අර්ථ ද එයින් ලැබේ. ‘අඹ’ සදෙහි ජල ස්ත්රීන ආදී අර්ථ ප්රයසිද්ධ ය. එය පෙලඹුම්වත්හි හා ආහාරයෙහි ද වැටෙන බව නිඝණ්ඩු කිය යි. (රුවන් 378, 626) ‘උදුල’ යන්න ආඛ්යා තයක් සේ ද, කෘදන්තයක් සේ ද සමාස නාමයක් සේ ද ගැණේ. “උලැගි දල වනුයේ යමෙක්හි ද ඒ= උදුල” යනු සමාසනාමයාගේ නිර්ව්චන යි. ‘උද්ගත වූ දල (=ජලය හෝ පත්ර ) ඇති’ යනු අර්ථ යි. ‘ඇති’ යන අර්ථය ලැබෙන්නේ අන්යා ර්ථසමාස වූ විට ය. වෙසෙසුන්සමස් වූ විට අසත්යදර්ථය නො ලැබේ. එවිට “උලැගි වුයේ ද ඒ දල වූයේ ද ඒ ම නු යි= උදුල” යුන විග්ර හ යි. ‘උද්ගත වූ දල’ යනු අර්ථ යි. මේ ගීය අර්ථචතුෂ්ටය නම් වූ අතිශය දුෂ්කර ශ්ලෙෂබන්ධ්නයකි.

425 අර්ථ:- (සුර.....=) දෙව්දුනු නමැති මණිරසනා (=මෙඛලා) දාම ඇති, බලකාවලිය (=කොක්පෙළ) නමැති මුතුහර ඇති, විදුලිය නමැති දම් (=රන් මාලා හෝ හවඩි) ඇති, දිශා නමැති කාන්තා තොමෝ මහීධර (=පර්වරත) නමැති ප්රිැයයාහට පයොධර ස්පර්ශමතොෂය (=පියොවුරු ස්පර්ශා වීමෙන් වන සතුට) දුන්නා ය.

විස්තර:- දිශාව අම්බිකාවකි. (=අඹුවකි) සුරසැවූ ඇගේ මිණිමුවා මෙවුල්දම යි. බලකාවලිය මුතුහර යි. විදුලිය රන් මාලා යි. පයොධර (=තන) නම් පයොධර (මෙඝ) යි. ප්රි්යයා මහීධර (=පර්ව(ත)යි. ඕතොමෝ ඔහුට පයොධරස්පර්ශයය දී සන්තුෂ්ට කළා ය. ‘පියයුරු’ යන්නෙහි අරථය 416 වැනි ගීයෙහි දී දක්වන ලදී. මෙඝකාලයෙහි දී පයොධරයෝ (=වලාකුළු) සමුද්ර ය ආදී ජලාශය වලින් හට ගෙණ දිශාවන් වෙත ගොස් කඳුවල හැපෙති. ගුරුළුගෝමීහු ද මේකුළු පර්වොතමස්තකයට බසින බව “ගල්හිසට බට ජලලඹ නිල් මේකුළුහි ගජගැජුම් බඳු ගනගැජුම් අසා” (ධ. ප්රක 271 පිටුව) යනුවෙන් කියති. සන්නකාරයෝ ‘මිහිඳුරු’ යන්න ‘මුහුදු’ යි ගෙණ “සමුද්ර ප්රිකයයාහට”යි ද ‘තොස්’ යන්න ‘ගොස්’ යි ගෙණ “ගමනය කොට” යි ද අර්ථ කියති. “මිහිඳුරු” යන්න ‘මුහුදු’යි ගන්නා විට අඩු වූ අකුරු පිරවීමට ‘දසඹ’ යන්න “දසකත්”යි වෙනස් ද කරති. අර්ථකථනය මෙඝස්වභායවයට විරුද්ධ ය.

426 අර්ථ:- විල් නමැති කත (තමා වෙත) එන භෘඬ්ගයන් නමැති ප්රි්යයන්හට පද්ම නමැති වක්ත්ර්ය (=මුහුණ) නො දෙන කල්හි වනපඬ්ක්ති තොමෝ (=වනරොද) කන්ද‍ලපුෂ්පයන් කරණ කොට ගෙණ සිනා සී පල්ලව නමැති හස්තයෙන් (ඔවුන්) දුර ලන්නියක මෙනි.

විස්තර:- භෘඬ්ගයන්ට ප්රිරයාවෝ දෙදෙනෙක් වෙත්. එකක් නම් විල් කත ය. අනෙක නම් වනපෙත ය. භෘඬ්ගප්රිෙයයෝ මෙඝ කාලයෙහි ද පෙර පුරුද්දට විල්කත වෙත යති. විල්කත සියවත වූ පියුම් සිඹින්නට ඔවුන්ට නො දෙ යි. මෙඝකාලයෙහි පියුම් නැති හෙයිනි වනපෙත සියපියන් විල්කත වෙත යනු දැක ඊර්ෂ්යා කරණු නිසැක ය. විල්කත බිඟුන්ට පියුම්වත නො දෙනු දැක වනකත සිනාසෙ යි. කුමකින් ද? කඳලකුසුමිනි. වනයෙහි පිපී වැනී තිබෙන කඳල කුසුම් වනකතගේ සිනා බඳු ය. විල්කත තමන්ට නොසලකන බව දුටු භෘඬ්ගයෝ වනපෙත වෙත යති. ඔවුන්ට වැනෙන ලාදළුවලින් පහර වැදෙ යි. එය පළමු කොට ම භෘඬ්ගයන්ගේ ක්රිුයාව දැක කුපිත ව සිටි වනපෙත අතින් ගසා භෘඬ්ගයන් බැහැර කරන්නා වැනි ය. සිරි රහල් මාහිමියන්ට “පුලා කමල මුවරඳ” යනාදී (පරෙවි 133) සිවුපදය බැඳීමට උපකාර වූයේ මේ ගීය යි. සිනා සුදු ය. කඳලමල්කැකුළු සුදුබව “කන්ද.මකුලසදිසාදාඨා” යන චූලසච්චකසුන්තඪකථා පාඨයෙන් ද හැ‍ඟේ. එහෙත් මහාකවි කාලිදාසයන්ගේ කන්දචලිපුෂ්පයෝ අරුණුවන් ය. (රඝු 13 -29 ) බලනු)

427 අර්ථ:- (වනයන්=) වනයන්ගේ (මුහුලු-) මුහුනමල් (මිණි දැදුරු වී=) පිපුනේ වී ය. කන්ද‍ලකුඬ්මල වී ය. (වනන්=) විරහිණීන්ගේ (මුහුලු=) ධම්මිල්ලය (මිණි දැදුරු= ) බන්ධ(නයෙන් මිදුනේ (=ලිහුනේ) වී ය කඳුලු (කැකුළු=) කර්ක(ශ (=තද) වී ය.

විස්තර:- මේ සමුද්ගයමක නම් චිත්ර්බන්ධලයකි. ‘සමුද්ග’ යනු හෙප්පුව යි. 1, 3 වැනි පාද දෙක ද, 2, 4, වැනි පාද දෙක ද, එ සේ ම අර්ධව දෙක ද සමාන ව හෙප්පුවෙහි උඩු යටි පියන් දෙක සේ සිටින හෙයින් ඒ නම යෙදේ. (භට්ටකාව්ය 10 -7)

428 අර්ථ:- එකල ආවා වූ (සිහුල් ඇල්=) ඉතා සිහිල් වූ (නඳ=) මනොඥ වූ (නෙලෙ=) මාරුතය තෙමේ (කල්න තද අසදැ=) කාන්තාවන්ගේ තද වූ අශ්රලද්ධාවෙහි (=අවිශ්වාසයෙහි) හිඳ (සඳහන්නි=) (පෙර කළ කී දෙය - විදි සුව නොහොත් අනාගතයෙහි කරණ දෙය) සිහි කිරීමෙන් (දෙන=) ජීවත් වන (කල්නට=) කාන්තයන්ට ලං ව ඇ‍ඟෙහි (දහන්=) ගිනි දුන්නේ ය.

විස්තර:- වැසිකල්හි එන පවන ඉත‍ා සිහිල් ය. මනනඳ ය. එහෙත් එබඳු සුළඟ පවා එක් පක්ෂකයක ඇ‍ඟෙහි ගිනි තැබී ය. ඒ පක්ෂ්ය නම් සියපියන් වෙත යා නො හැකි ව විරහී ව පෙර කළ කී දෙය - විඳි සුව නොහොත් මත්තෙහි දී කරණ කියන දෙය සිහි කරමින් පමණක් ජීවත් වන කාන්තයෝ ය. ඒ සිහි කිරීම වත් නැත්නම් ඔවුන්ගේ දිවි තොර වෙයි. ඒ සුළඟ රාගය එතරම් බලවත් කෙරෙයි. සියපියන් වෙත යා නො හැක්කේ ඔවුන්ගේ තද අවිශ්වාසය (=සිය සැමියා අන් තැනක් හා සම්බන්ධ්ය යන හැඟීම) නිසා ය. ඉතා සිහිල් මඳ පවන රාගය උපදවන හෙයින් වියොගීන්ගේ අධිකසන්තාපයට ම හෙතු වෙයි. (සි. ල, 163 වැනි ගීය හා ධ. ප්ර 272 පිටුව ද බලනු.) එබඳු සුළඟක් සන්තාපදායක වන කල්හි සුළිසුළඟ ගැණ කවර කථා ද? මෙහි අධොලිපි වශයෙන් දැක්වූ පාඨාන්තර සුපාඨ සේ ගීයෙහි යොදා ගෙණ සන්නකාරයෝත් එක් නව්යනසංස්කාරයෙකුත් මීට වෙනස් අර්ථයක් කියති. ඒ අර්ථය සුදුසු නො වේ. මෙය ‘නිරෞෂ්ඨ්යත’ නම් චිත්රුබන්ධටය යි. ‘ඖෂ්ඨ්යද’ යනු ඕෂ්ඨයෙන් (=තොලින්) උපදනා උවර්ණ් පවර්ග් යන අකුරු යි. ඒ අකුරු මේ ගීයෙහි නො යෙදුනු හෙයින් ඒ නම යෙදේ. පිටපත්හි පෙණෙන ‘කලුන’ යන්න මෙහි නිරෞෂ්ඨ්යනභාවය වනස යි.

429 අර්ථ:- වනය (සහකඳල වත=) කන්ද‍ලී සහිත වන කල්හි (වනවත=) විරහිණියගේ වක්ත්ර ය (සහකඳල=) කඳුළු සහිත වී ය. (කලවන=) මනොඥවනය (ලදල වත=) අභිනවපත්ර) ඇතිවත් ම (වන=) විරහීන්ගේ (ල=) හෘදය (දලවත=) රාගයෙන් දල්වත් හොත් (දැල්වීමට) කාලය යි. නොහොත් (ලදලව තවන කල=) ලජ්ජාලවය (=ස්වල්ප මාත්රක ලජ්ජාව ද) තවන (පුලුස්සන) කාලය යි. නොහොත් (වන=) වනය ලා කොළ ඇති වන කල්හි මනොඥ වූ (ලද=) තරුණ වූ (අලවත=) ආලයවත් වූ (වන=) විරහිණියට (කල=) කාලයා (=මරුවා) යි.

විස්තර:- වනය කන්ද(ලී සහිත වන්නේත් ලා දළු සහිත වන්නේත් මෙඝකාලයේ දී යි. ඒ කාලය විරහීන්ට ශුභ නො වේ. මේ ‘එකස්වර’ නම් චිත්රලබන්ධීය යි. මෙහි අයන්න ම මිස අනෙක් ස්වරයක් නැත. එපමණක් නො ව මෙය අර්ඨරයමක නම් චිත්ර බන්ධරලක්ෂපණයෙන් යුක්ත ද වේ. පළමුවැනි පාදයට දෙවැන්න ද තෙවැන්නට සිවුවැන්න ද සමාන වන බැවින් අර්ධනයක් ම යමක වන හෙයිනි.

430 අර්ථ:- කොළොම් ගස් නමැති ගාත්රකය (=ශරීරය) තෙමේ වැලඳ ගත්තා වූ ලතා නමැති වනිතා (=කාන්තා) වන්ගේ (පහස්= ඉසිරට=) ස්පර්ශිය නමැති ඓශ්චර්යයට (= සම්පත්තියට) සන්තුෂ්ට වෙමින් කුසුම් කරණ කොට ගෙණ රොමොද්ගමප්රැබන්ධටය කියලි (=ප්රමකාශ කෙළේ ය.)

විස්තර:- ප්රිේයාස්පර්ශ ය විඳින විට ශරීරයෙහි රොමොද්ගමය වෙ යි. (සි. ල 78) කොළොඹතුර ප්රිතයයෙකු වැනි ය. එහි එතෙන වැල් ප්රි යාවන් වැනි ය. කොළොම්මල් රොමොද්ගමය වැනි ය. කොළොම්මල්හි දික් වූ කෙශර තිබේ. ඒ කෙළින් සිටි ලොම් වැනි ය.

431 අර්ථ:- ලියන් (=වැල්) විසින් අඬ්කුරයෙන් පත්රය දුන්නා වූ වනය තෙමේ කන්ද ලියෙන් (=බිම්කෙහෙලින්) (අද=) අළුත් වී ය. (වෙනෙ=) වියොගයෙහි ලියන් විසින් (අකරින්=) සියඅකුරෙන් දුන් පත් (ලියුම්) කඳුලින් (අද=) තෙත් වී ය.

විස්තර:- ‘අකුරින් පත් දිම’ නම් දළු මෝරා පත්ර) බවට පරිණත වීම යි. නොහොත් තමාගේ අත් අකුරින් ලියූ හසුන් දීමයි. දළු මේරීමෙන් වනය පැරණි වෙ යි. ඒ පැරණි බව කන්දිලීහු නැති කරති. කන්ද ලීගොබවලින් වනය නැවත ද අළුත් වෙ යි.

මේ සන්දං.ශ නම් චිත්රබබන්ධැය යි. ‘සන්දංිශ’ යනු අඬුව යි. චිත්ර්ලක්ෂංණය මෙසේ යි:-







432 අර්ථ:- භෘඬ්ගිවලිය (අරද=) නිරන්තරයෙන් රඳන්නා වූ අලඬ්කෘත වූ දුනුකේමල්කැකුළු (කෙබඳු ද? යත්) වනය නමැති නිවසෙහි (=ගෙයි) (ලියවැට=) වැල් නමැති පහනෙහි දුම් සහිත (වැටුප්=) ප්ර්දීපශිඛාව වැනි ය.

විස්තර:- දුනුකේකැකුළු පහන්සිළු වැනි ය. වැටකේගස නො මහත් හෙයින් ද දික් හෙයින් ද වැලක් සේ ගැණේ. එය පහන්වැල ය. එය තැබූ ගෙය නම් වනය යි. දුනුකේකැකුළු වෙත පියාඹා යන එන බමරවැල පහන්සිළුවෙන් නික්මෙන දුම්රොද වැනි ය.

433 අර්ථ:- (මුහුලුතුරු=) ධම්මිල්ලය (කොණ්ඩය) මත්තෙහි උජ්ජ්වලිත වූ කුසුම් ඇති (නවවතුරු=) අභිනවවස්ත්ර් ඇති නොහොත් ධම්මිල්ලය, උතුරුසළුය (=ඔහොරි) ය, උදුලකුසුම් ය, නවවසුත්රඅ යන මේ ඇති (නන්නී=) නොයෙක් නායිකාවෝ (භාර්යාවෝ) (උදුල=) බැබලුනහ. නොහොත් මුහුලු (=මූනමල්) ගස් උජ්ජ්වලිතකුසුම් ඇති වී ය. (නන්නී=) නානාදීහු අළුත් වතුරෙන් (=ප්රහවාහයෙන්) උද්ගත ජල (=නැඟුනුදිය) ඇති වූහ. (කොළොඹවන එවන=) කදම්බවනය විසින් එවන්නා වූ පවන් (වෙනෙ වන දනන්=) විරහයෙහි වන්නා වූ ජනයන් (තැනවී=) කම්පා කෙළේ ය.

විස්තර:- ප්රි=යභාර්යාවෝ මෙඝකාලයේ දී මල් පැලඳ අළුත් වස්ත්රක හැඳ සැරසෙති. මුහුලුගස්හි මල් පිපෙයි. නදීහු වතුරෙන් පිරෙති. කොළොම්වනයෙහි හැපී සිහිල් ව එන පවන විරහීන් කම්පා කර යි. කොළොම්වනයෙහි වැදී එන පවන කොළොම් වනය විසින් එවන්නක් ලෙස ගැණින. මේ ‘කවාට’ නම් චිත්රකබන්ධියකි. මෙය කවුළුවක් ලෙස සිටිනසේ ලිවිය හැකි ය. ඒ මෙ සේ යි:-


මු හු ලු තුරු දුල කු සු ම් ත ව ව න න් නි කො ළො ඹ ප ව න් තැ නැ වී වෙනෙ වන ද න න්


434 අර්ථ:- වනපෙත ලියනඟල‍ාකුසුම් කරණ කොට ගෙණ (ලැව් අග ගත් එව්=) දාවාග්නිය (=වනයෙහි ඉබේ හට ගන්නා ගින්න) ගත්තාක් මෙනි. ඉතා රතු වූ සියගණන් ඉඳුගොව්වෝ (=පළඟැටියෝ) එයින් ( =ලැව්ගින්නෙත්) මුත් (=මිදී ගිය) (අගරොන්වන්=) ගිනිපුපුරු මෙන් (දුලු=) දිලිසුනහ.

විස්තර:- ‘ඉඳිගොව්’ යනු වර්ෂාෙකාලයෙහි ඇති වන පණු (පළඟැටි) වෙසෙස යි. 421 වැනි ගීයේදී උන් සඳහා ‘කලබ’ යන නම් යෙදින. ‘ඉන්ර් ිග’ යනු වර්ෂෘදධිපති දෙවියා වූ ශක්ර්යා යි. ඉන්ර්ෙ අයා ගොපකයා (=ආරක්ෂකයා) කොට ඇත්තෝ ඉන්ර් ගොපකයෝ යි. වර්ෂාාකාලයෙහි දී ඇතිවන හෙයින් ඉඳුගොව්වන්ගේ ආරක්ෂ්කයා ඉන්ර්ා ියා යි පුරාතනයන් සිතූ සේ යි.

435 අර්ථ:- (සමා=) කාලය විසින් (සදලෙන්=) ශාද්වලයෙන් (=කුසතණින්) වැසූ වෙනෙහි (නවදල=) අවත්කොළ (ගැසී=) ගැවසුනේ ය. (ගෙනේ=) මෙඝයෙහි අභිනවජලය (දිඝී=) පෙණුනේ ය. පමා තොමෝ (අසදලෙන්=) ආශා (=රාගය) නමැති ගින්නෙන් (යුක්ත ව) විසුවා ය.

විස්තර:- මෙස ‘ගොමුත්රිඅකා නම් චිත්රගබන්ධෙයකි. අර්ධර දෙකෙහි අකුරක් හැර අකුරක් සමාන කොට යෙදුමෙන් ඒ චිත්රිබන්ධනය වෙ යි. රියෙහි බැඳි ගොනෙකුගෙන් වැටුනු මුත්ර පාර ඍජු නොව වඬ්ක ව සිටියි. මෙයද එබඳු ය. මේ නම යෙදෙන්නේ එහෙයිනි. චිත්රයයෙහි ඇඳි ඉරි සේ කියවන විට ද ලැබෙන්නේ පෙළට කියවන විට ලැබෙන අකුරු ම ය. චිත්රේය මෙසේ යි:-








මේ ගීයෙහි ගොමුත්රිටකාලක්ෂරණ පමණක් නො ව අශ්වපාද-මුරජබන්ධි - මුඛච්ඡදනජාල - ලක්ෂ‍ණ ද තිබෙන බව පැරණි සන්නයෙන් හැඟේ. ගොමුත්රි-කා - ලක්ෂෙණයෙන් යුක්ත වන විට අශ්වපාදලක්ෂචණය ද යෙදේ. මුරජබන්ධානදීලක්ෂුණ මේ ගීයෙහි නැත. අකුරු කීපයක් වෙනස් කළොත් මුරජ - මුඛච්ඡදනබන්ධල ලක්ෂ ණ ද යෙදිය හැකි ය. ‘මුරජ’ යනු මිහිඟුබෙරය යි. ‘මුඛච්ඡදනජාල’ නම් මුහුණු වසන ලද දැලයි. මුරජබන්ධ ලක්ෂරණයෙහි ම මුඛච්ඡදනජාල ලක්ෂණණය ද යෙදේ. 437 වැනි ගීයෙහි මුරජබන්ධහලක්ෂඡණ පෙණේ. මේ ගීය ඒ ලක්ෂණ සිටින සේ වෙනස් කළ විට මෙසේ යි:-

වෙනේ වැසි නව දල සමා වැසි සවලින්, ගෙනේ වැසි නව දල පමා වැසු සවලින්

අර්ථ:- වනය තෙමේ නවපත්රටයෙන් වැසුනේ වී ය. (සමා=) ජමා (=පෘථිවි) තොමෝ ශාද්වලයෙන් වසන ලද්දී වූවා ය. මෙඝය තෙමේ වැස්සා වූ අභිනව ජලය ඇති වී ය. ප්රයමදා තොමෝ (සවලින්=) අළුත් දෙයින් වැසුනී ය.

විස්තර:- පළමුවැනි ‘සවල’ යන්න ‘ශාදිවල’ ශබ්දයෙන් එයි. පාලි ‘සද්දල’ ශබ්දයෙන් ‘සදල’යි එයි. දෙවෙනි ‘සවල්’ යන්න අභිනවද්ර‘ව්ය’ වාචී ය. එය ‘සවුල්’ යි ද පෙණේ.

436 අර්ථ:- ඝනජලබින්දු (=තුනී නො වූ නොහොත් මෙඝයෙහි දියබිඳු) නමැති කෙසර (බෙල්ලෙහි ලොම) භාර ඇති (වතුළ=) පැතුරුණා වූ කොක්පෙළ නමැති දික් දළ ඇති (ගනගුම්=) මෙඝගර්ජවන නමැති ගැඹුරු නාද ඇති (පැදුම්=) පර්ජඝන්යජ නමැති සිංහරාජ තෙමේ (දෙන්=) ජලයෙන් පැලඹුනේ ය. (=බලවත් ව පැවැත්තේ ය).

විස්තර:- ‘දෙන්’ යනු ‘ජය=දය=දෙ’යි සිද්ධ වූ ‘දෙ’ යන්නෙත් ‘ත්’ විබත වීමෙන් සිද්ධ යි. ‘පැදුම්’ සද පාලි ‘පජ්ජුන්න’ ශබ්දයෙන් එන ‘පැදුත්’ යන්නෙහි ‘ත්’ යන්නට ‘ම්’ යන්න වීමෙන් සිද්ධ යි. ‘පර්ජ න්යය’ යනු සංස්කෘත යි. පැරණි සන්නයෙහි ‘ප්ර ද්යුනම්න’ යි අර්ථ කියතත් ඒ ශබ්දය මෙඝවාචී නො වේ. ‘ප්රුද්යුෘම්න’ ශබ්දය අනඬ්ගවාචී ය. (521 වන ගීයද බලනු)


437 අර්ථ:- (නීපමා=) නදී නමැති ප්ර්මදාව තාමවර්ණු වතුර නොහොත් වස්ත්රය (බැජැ=) භාජනය කොට (=ඇඳ) තද යතුරුයේ ලැගි=) ඉක්මන් යාත්රාීවෙහි හෝ ගමනෙහි නැඟී තමාගේ ප්රිවය වූ (නී ඉඳු=) නදීන්ර්ය යාට (=සාගරයට) (පතු=) පැමිණියා ය.

විස්තර:- මෙය ‘මුරජ’ නම් චිත්රට බන්ධරයකි. මෙහි පාද තුණක උපාත්ත්යද (=අනන්තය ලඟ වූ) අකුරු සම ය. එක ම ‘රු’ යන්න ය. චතුර්ථපාදයෙහි එතැන තිබෙන්නේ ‘නී’ යන්න ය. චිත්රතබන්ධකයට එයින් බාධාවක් නො වේ. වුව මනා නම්, ‘රුදු’යි එහි ද යෙදිය හැකි ය. ‘රුදු’ යන්නෙන් ‘මහත්, රෞද්ර ’ යන අර්ථ ලැබේ. එවිට ‘තමා රුදු පියා පතු’යි ගෙණ තමාගේ ‘මහත් ප්රියයයා වෙත පැමිණියා’යි අර්ථ කිය හැකි ය. චිත්රනයෙහි ඉරි ඇඳි සේ කියවූ විට ලැබෙන්නේ ද පෙළට කියවන විට ලැබෙන අකුරුම ය. ‘නී’ යන්න එහි වුවත් ඊට හානියක් නො වේ. චිත්රිය මෙසේ යි:-









438 අර්ථ:- කෙසර සහිත වූ ඵුල්ල වූ නීප (=බක්මී) පුෂ්පය තෙමේ වියොගීන්ගේ අනුරාගරසයෙන් (අද=) ආර්ද්ර් (=තෙත්) වූ, (වියොවග=) අනඬ්ගයා විසින් විදිනා ලද ශරසහස්ර( (=ඊ දහස්ගණන්) ඇති හෘදය (නුබඳ=) අනුබන්ධවයෙන් (=නිතර) කියලී ය.

විස්තර:- බක්මීමලෙහි කෙසරු හෙවත් රේණු දික් ය. එය රක්තවර්ණ අවයවයෙක්හි පිහිටියේ ය. එහෙයින් බක්මීමල අනඬ්ගයා විසින් විදිනා ලද ඊ දහස්ගණන් වැදුනු අනුරාගයෙන් රත් වූ වියොගීන්ගේ හදවත වැනි ය. අනුරාගය රක්තවර්ණ ය යනු කවිසමය යි. බක්මීමල මෙඝකාලයට අයත් ය.

439 අර්ථ:- වලාහකතෙමේ දිශාන්තය ගිල්ලේ ය. ශිඛි (=මොනර) තෙමේ (ලැගි=) ලං ව පිල් වැනී ය. මත් වූ බලාකාරාශිය දිලිසුනේ ය. (කල් සැකි=) ප්රි්යාව සැක කළ මාර්ගික තෙමේ (තිනී=) කම්පිත විය.

විස්තර:- මෙඝකාලයෙහි වලාකුළු දිශාවන් අඳුරු කෙරෙ යි. එහෙයින් දිශාවෝ වලාකුළු විසින් ගිලගත්තාක් මෙන් වෙති. මයුරයෝ මෙඝය දැක ලං ව පිල් වනමින් (=විදහමින්) නටති. කොක්කු ප්රී තියෙන් මත් වෙති. බිරිය හැර දුර ගමනක යෙදුනු පුරුෂ තෙමේ රාගොද්දීප්තියට හෙතු වූ මෙඝය දැක ඇය කෙරෙහි සැක කොට කම්පිත වෙයි. මේ ද ගොමුත්රියකාඅශ්වපාදලක්ෂකණ ඇති චිත්ර)බන්ධයයකි. අශ්වපාද චිත්රගය මෙසේ යි:-











440 අර්ථ:- විදුලිය නමැති යොත් ඇති ඉඳුදුනු (=දෙව්දුනු) නමැති (සන්නාහ) පට්ට ඇති (ගුම්=) මෙඝඝොෂය නමැති (ගැජුම්=) ගර්ජසනා ඇති කොක්පෙළ නමැති දාඨා ඇති පොද නමැති මදමෙහය (=මදවැගිරීම) ඇති මෙඝ නමැති හස්ති තෙමේ පද්මවනයන් (කබල=) ග්රාපස කෙළේ ය. (=කෑයේ ය.)

විස්තර:- මෙඝය ගජයෙකු වැන්න. මෙඝයට විදුලිය, දෙව්දුනු, ගුම්, කොක්පෙළ, පොද යන මෙය තිබේ. ඒ සියල්ල පිළිවෙළින් ඇතෙකුගේ යොත්, සන්නාහපට්ට, ගර්ජන, දාඨා, මදමෙහන වැනි ය. ඇතා පියුම් වන කා වනසයි. මෙඝය ද පියුම් වන වනසයි. වර්ෂෘුකාලයෙහිදී පියුම් වන වැනසෙන බව මෙහි කියතත් කවිසමය උගන්වන්නෝ “හෙමන්තශීශිරෞ ත්යපක්ත්වාන සර්ව දා කමලස්ථිතිඃ” යි මෙඝකාලයෙහි ද පියුම් ඇති බව දක්වති. එහෙත් අන්ය්සංස්කෘතකවීහු ම “සාරදං පඬ්කජමි” යි පියුම් ශරත් කාලයට අයත් ය යි කියති. වර්ෂෘිකාලයෙහි වතුරින් පියුම් වැන සෙන බව කවුරුත් දනිති. සසදාකාරයෝ ද (68) මෙඝකාලය පියුම් වනසන බව කියති.

441 අර්ථ:- (බොල් වැසිනල=) ඝන වූ වැසිසුළඟ හැමී ය. වැස්ස (මලගල්=) මලයපර්ව්තය තෙ‍මී ය. (හැසිදල=) ගැවසුනු කොළ ඇති (විල්=) වනය තෙමේ භ්ර‍මණය කෙළේ ය. (=සෙලවුනේ ය.) (කල=) කාන්තාවගේ (කල්=) කාන්තයා කෙරෙහි (මැසි=) අමර්ෂතය තෙමේ නිමියේ ය.

විස්තර:- මෙය අකුලජාල නම් චිත්රකබන්ධාය යි. ඒ මෙසේ යි:-










442 අර්ථ:- (දෙලෙන්=) ජලයෙන් (ඉපිලී=) මතු වී බිඟුන් (දැඟැ=) බැඳ (=හිර කර) ගෙණ (ලියවට=) වැල හාත්පස (අල්ලා) ගත් (රැඳුනු) කුසුම් රොන් (රිණි=) ශ්රෙටණිය (=රැස) ලලිතවිලාසිනීන් (=කාන්තාවන්)ගේ (නිල්) මිණි සහිත (හිනුදම්වැල=) ඉනෙහි බැඳි දම්වැලෙහි (=හවඩියෙහි හෝ මෙවුල්දමෙහි) විලාසය (අළ=) එලවී ය. (=ගෙණඇර පෑ ය.)

විස්තර:- බිම වැටුනු කසාවන් මල් රොන් වතුරෙන් මතු වී වැල් අවට බැඳී තිබෙයි. බිඟුහු ද එහි හිඳිති. එබඳු මල්රොන් පටි කාන්තාවන්ගේ නිල්මිණි ඇල්ලූ මෙවුල්දම් වැනි ය. වැල් කාන්තාවන් වැනි ය.

443 – 444 අර්ථ:- මෙඝකාලයා දෝ හෝ නොහොත් (ගන අකල්හු=) තද හතුරා (=මෙඝකාලය නමැති තද හතුරා) ජලබින්දු=රාශිය නමැති ශරශතයන් නිරන්තරයෙන් ලන කල්හි වලාකුළින් (පිහිකුළු=) පිහින කළ (=වැසූ) (ගල්බෙළෙ=) පර්ව=ත නමැති භට තෙමේ නිල්මිණියෙන් කළ වර්මූයක් (=සන්නාහයක්) (පොරළ ගී=) පෙරවූවා වැනි ය. මයුර තෙමේ පොදරැස (වගළ=) වැගුරුණු වලගය (යලි=) නැවත (හිවත්=) විහිදුවන කල්හි ඝනනීලමණීන් (එබී=) එබුයේ (=පැරද වූයේ) මතු ද? (නො වෙ යි) කලුන්ගේ (උදම්) අධික වූ (කර=) කර්ක ශභාවය (ලෙන්=) හෘදයෙන් (ලී=) කැපී ය. (දුරු කෙළේ ය.)

විස්තර:- ‘පොරළ’ යනු ‘පොරර-පෙරවීමෙහි’ දයින් සිද්ධ අතීතකෘදන්ත යි. ‘හිවත්’ යනු ‘හිව-විහිදුවීමෙහි’ දයින් සිද්ධ කාලාර්ථක්රිදයානිපාත යි. ‘ළෙන්’ යනු යමකබන්ධවයෙහි හෙයින් ‘ල’ හට ‘ළ’ වීමෙන් සිද්ධ යි. ‘ලි’ යනු ‘ලා-ලීමෙහි’ දයින් සිද්ධ අතීතක්රි‘යාපද යි. ‘මෙද’ යන්න මෙහි ‘හා’ නිපාතයොගයක් නැති ව ම යෙදින. ‘ලී’ යන ක්රි්යා පදයෙන් පර ව ‘හා’ යන්න යෙදුවොත් චිත්රිය නැසෙ යි. නො යෙදුනේ එහෙයිනි. මේ ගී දෙකින් චතුරශ්රයජාල (=හතරැස් දැල) නමැති චිත්රි බන්ධීය වෙයි. එය මෙසේ යි:-





ග න ක ල්හු පො ද ප ත ර ල පි මෙ ක ව ලි බී ලී ස ර සි යල ත එ ක් ව ත් රැ රු ණි ලු ද යු මි ක පො ර ළ මිණි නි ල් ගී ව මි ළ ත් ති ද ග ව ත නු ව ලා පි හිකුළු ග ල් බෙ ළෙ ගී දෙකෙහි අකුරු මිශ්ර වී තිබෙන පරිදි සලකනු.

445 අර්ථ:- (වනන්=) විරහීන්ගේ (සවසනල ගසැ=) සුසුම්සුළං පහරෙහි (=පහරින්) (දම්=) දැවුනාක් වැනි (දසන් බඳ=) දිශාවන් පිළිබඳ විස්තරය (=ප්රීමාණය) ගත්තා වූ නීලවලාහක තෙමේ ප්රිබයාවන්ගේ තද ගර්ව් සහිත හැඟීම (=මානය) (ලී=) සින්දේ ය.

විස්තර:- මෙඝකාලයෙහි දී දිශාවෝ කළු (=අඳුරු) වෙති. එය විරහීන්ගේ උණුසුම් වූ ශ්වාසනිලය වැදී දැවීමෙන් වූවාක් වැනි ය. නීලවර්‍ණවලාහක එබඳු දිශාවන් පැතිර ගෙණ සිටි යි. එය දිශාවන්ගේ ප්රසමාණය ගන්නාක් (=මනින්නාක්) වැනි ය. එකල්හි ඒ වලාහකය ම පෙම්ඩබරයෙන් වල්ලභයන් හා අසතුටට පත් ප්රිකයාවන්ගේ තද මානය සින්ඳේ ය. එ කතුන් වල්ලභයන්ට අවනත කෙළේ ය. එ බඳු වලාකුළු රාගය ඩපදීමට හෙතු වන හෙයිනි. ‘ශබ්’ සද පාලි ‘ගබ්බ’ ශබ්දයෙන් එයි. රුවන්මලෙහි ‘ගබ්බ’යි වැඩි ‘බ’ යන්නකුත් සමග මෙය යෙදින. එය වැරදීමකි. ‘ගර්ව‍’ ශබ්දයෙන් ‘ගරුව’ යි එත හැකි ය. මේ පද්යවය ත්රිවශූලයක ලක්ෂගණ සිටින සේ ලිවිය හැකි ය. එහෙයින් ‘ත්රියශූල’ නම් චිත්රණබන්ධියකි. ත්රිහශූල නම් උල් තුණක් තිබෙන අවියකි. චිත්රිය මෙසේ යි:-











446

අර්ථ:- වනය තෙමේ නොහොත් විරහි තෙමේ (නවදල=) අළුත් කොළ දෝ හෝ නොහොත් අළුත් ගින්නක් ලද්දේ ය. (මී=) පොළොව පවන ද (නව අප මී=) අළුත් දිය නමැති මී ද ලද්දේ ය. (සදල=) ඊ තණ (අවල දස=) කලෑ නොවූ දිශාවට ද (අව=) එත් ම (නී=) ගඬ්ගා තොමෝ (නන් අත=) නොයෙක් අත (තනන=) කම්පිත වන්නා වූ (=වැනෙන) නීපවෘක්ෂ නොහොත් ජලය ලද්දේ ය.

විස්තර:- මෙඝකාලයෙහි රාගොද්දීප්තිය වෙයි. රාගය ගින්නක් වැනි ය. විරහීන්ගේ සිත්හි මෙඝකාලයෙහි දී අළුත් රාගය උපදී. එය ඔවුන්ට අළුත් ගින්නකි. එකල්හි වනය අළුත් කොළ වලින් වැසෙයි. පොළොව වාතය හා අළුත් ජලය ද ලබ යි. කැලෑපෙදෙස්හි වැවෙන ඊතණ නොකැලෑ පෙදෙස්හි ද වැඩෙන්ට පටන් ගණී. ‘නී’ සද ජල, නදී, නීප වාචී ය. මෙඝකාලයෙහි දී බක්මී ගස් සුහුඹුල් වේ. බෙහෙවින් බක්මී වැවෙන්නේ ජලාසන්න ප්රදදෙශයන්හි ය. ‘අව’ යනු ‘ඒ’ දයින් සිද්ද වන කාලාර්ථක්රිෙයාපද යි. මේ ගීය සර්විතොභද්රෙයමකබන්ධදයකැයි පැරනි සන්නය කියයි. සර්වීතොභද්රඊලක්ෂබණ කාව්යා දර්ශනයෙහි (3-82) දක්වන ලදී. ඒ ලක්ෂරණ මෙහි නැත. මෙහි පෙණෙන්නේ පාදප්රෂතිලොමයමක ලක්ෂනණ යි. එක් එක් පාදය අග සිට මුලට කියවූ විට ලැබෙන්නේ මුල සිට අගට කියවූ විට ලැබෙන වචන ම ය.

447 අර්ථ:- (පිපි=) ජලයෙන් පිපුනු -මහත් වූ (නී ලද නන් අත වී) ගඬගා ලද්දා වූ නොයෙක් දිශා වී ය. ලොකය ජලධර මාරුතය වින්දේ ය. (නව අප අරද ලෝ නිවි=) අළුත් ජලය නිරන්තරයෙන් ලබා ලොකය නිවුනේ ය. පිපුනා වූ නීපවෘක්ෂධ (තනන ලද=) සෙලවෙන කොළ ඇති වී ය.

විස්තර:- මෙය අනුලොමප්රනතිලොමයමක නම් දුෂ්කර බන්ධතයකි. මෙය මුල සිට අගට ද අග සිට මුලට ද එකසේ කියවිය හැකි ය.

448 අර්ථ:- ගගෙහි (නීවතුරු=) ජලප්රකවාහය (අවතුරු=) අවාන්තරයක් (=මධ්යමප්රුදෙශයක් හෝ විශෙෂයක්) නො තබන කල්හි (මින්කැල=) මත්ස්යුසමුහයා (වැළලස=) වෙරල සමීපයෙහි උස් (වෙළෙපැ=) ගසෙහි (වෙළෙපැ=) විටපයෙහි (=අතු බෙදුනු තැන) (ඔත්=) ලන ලද (සියොත්බිජුහි) පක්ෂිෙබීජයෙහි (රැහැ=) රස දත්හ.

449 – 450 – 451 අර්ථ:- (සරඟ වැල වතුරුනෙන්=) රඬ්ග (නැටුම් - සෙලවුම්) සහිත වෙලප්රවවාහයෙන් (=ඉවු‍රෙහි වැදී සිටිනා ජලෞඝයෙන්)ද දෝ හෝ නොහොත් සාර වූ ඇඟ නමැති වැල ය, වක්ත්රහ ය, ඌරු ය යන මෙයින් ද, (සරඟවැල වතුරුනෙන්=) සාරඬ්ග (=කැඳැති හෝ මුව හෝ ඇත්) පෙළ පැතිරීමෙන් ද ‍ දෝ හෝ නොහොත් රඬග සහිත (වැලවත් උරනෙන්=) මුතුවැල ඇති ලමැඬියෙන් ද, (සරඟ වැළ වතුරුනෙන්=) සර (=බට) ගස් ය, ‘අග’ නම් ගස් ය, වැල් ය යන මේ ඇති වතු පිළිබඳ මහත්කමින් ද, දෝ හෝ නොහොත් වර්ණ වත් (වැල=) සියුම් වස්ත්රැයෙන් ද, (සරග වැල වතුරුනෙන්=) සොරොව්වට ගිය වැලක් වැනි බලවත් දියපහරින් ද දෝ හෝ නොහොත් (සරග වැල=) සුවඳමල්දම් පැතිරීමෙන් ද- (කේමැලිනි=) කෙතකීපුෂ්පයෙන් ද දෝ හෝ නොහොත් කෙශයෙහි මාලාවන්ගේද (කස්තුරුනෙන්=) පර්යන්ත (=දිය කෙළවර) වෘක්ෂැයන්ගෙන් ද දෝ හෝ නොහොත් මෘගමදයෙන් ද, (කේමැලිනි=) පෙණපිඬුවලින් ද දෝ හෝ නොහොත් කොමල භාවයෙන් ද, (කස්තුරුනෙන්=) අත්තණගසින් හෝ කනේරු ගසින් ද දෝ හෝ නොහොත් පක්ෂී,න් කෙරෙහි ප්රී තියෙන් ද (සුලු තිසර තරඟනෙන්=) සැලූ (දුරු කළ=) හංසයන් ඇති තරඬ්ගයෙන් ද දෝ හෝ නොහොත් සෙලවුනු (තිසර=) මුතුහර නමැති තරඬ්ගයෙන් ද (ඉසුලූ තිසර තරගනෙන්) උසුලන ලද (තිසර=) තුන්වැදෑරුම් පද්මයෙන් (තර=) මහත් ඇඟින් (=ශරීරයෙන් ද දෝ හෝ නොහොත් උසුලන ලද තිසරුන් (=තන) ඇති (අතර=) නොමහත් ඇඟින් ද-

(නළමුතු සිකි හසරනෙන්=) නැටුම (අමුතු=) නො මිදූ (=නො හළ) ශීඛීන්ගේ සඤ්චාරයෙන් ද දෝ හෝ නොහොත් (නළ) වඤ්චාවෙන් මුක්ත (තොර)වූ සඛින් (=යෙහෙළියන්) ගේ ආශ්රනයෙන් ද (නළ මුතු සිකි හසරනෙන්=) (නළ=) කකුළු ය, මුතුබෙල්ලෝ ය, සක් ය යන මොවුන්ගේ ආශ්රනයයෙන් ද දෝ හෝ නොහොත් (නළමුතු=) ප්රගමාදයෙන් තොර වූ ස්වකීය ආචාරයෙන් (=පැවැත්මෙන්) ද මනහර වූ ප්රමත්ය ක්ෂච (රස=) ජලය ඇති විල මනහර වූ ප්ර ත්යනක්ෂ)ශෘඬ්ගාර රස හෝ ක්රි්යා ඇති විලාසිනියක (=කාන්තාවක ගේ විලාසය (අළ=) එළවී (=ඉදිරිපත් කෙළේ ය.)

විස්තර:- විල කාන්තාවක වැනි ය. කාන්තාවක කෙරෙහි තිබෙන සරඟවැලවතුරු, කේමැලි, කස්තුරු, සුලු තිසරතරඟ, නළ, මුතු, සිකි, හසර යන මෙය ඇති හෙයිනි. දෙපක්ෂලයෙහි සමානත්වය වන්නේ අර්ථයෙන් නො ව වචනමාත්රකයෙනි. අර්ථ යට දක්වන ලදී. ‘සරඟ’ සද සුවඳ, ගඳවත්, ඇත්, සියොත්, මුවවෙසෙස් යන අරුත්හි ද වැටේ. (රුවන් 672) ‘වැල’ සද ‘සියුම්’ යන අරුත්හි ද වැටේ. (රුවන් 639) ‘සර’ සදින් සොරොව්ව ද කියවේ. (රුවන් 709) ‘සොරොව්වට ගිය’ යන අර්ථ ඇති ‘සරඟ’ සද සිද්ධ වන්නේ ‘සර’ සද හා ‘වසග, බුජග’ යනාදියෙහි තිබෙන ‘අඟ’ සද ද සමාස වීමෙනි. ‘කේමැලි’ යන්න ‘කැමැලි’ යි රුවන්මලෙහි (140) ද ‘කෙමැලි’ යි සසදාවතෙහි ද යෙදින. ‘ජල පුෂ්ප’ යනු අර්ථ යි. ‘කෝමල’ ශබ්දයෙන් ස්වාර්ථයෙහි ඉප්ර ත්යජය කොට පිළි පෙරළි කළ විට ‘කේමැලි’යි සිද්ධ වේ. මෙහි භාව ප්ර‍ධාන කොට යෙදින ‘කස්තුරු’ සද ‘කස්තුරි’ යන්නෙන් එයි. එය මෘගමද, අත්තණ කනේරු යන අර්ථ දෙයි. ‘කස්’ සද පක්ෂිෙ අර්ථයෙහි ද (රුවන් 251) “තුරු” සද සන්තොෂාර්ථයෙහි ද (රුවන් 562) යෙදේ. ‘කස්, තුරු’ යන දෙ සද සමාස වීමෙන් ද ‘කස්තුරු’ සද සිද්ධ වේ. විශෙෂයෙන් කාන්තාවෝ පක්ෂී න් ඇති කිරීමට සතුටු වෙති. ‘තිසර’ සද හංස, මුක්තාහාර යන අර්ථයන්හි යෙදේ. (රුවන් 514) සර තුණක් එක් කොට සලකන ලද්දේ ද ‘තිසර’ නමි. ‘සර’ යනු ජලයෙහි හට ගන්නා පියුම් උපුල් ආදියට නමකි. ජලජ පද්මාදීහු නීල, රක්ත, ශ්වෙතවර්ණු වශයෙන් තුන්වැදෑරුම් වේ. සමහර තැන ‘පඤ්ච පද්ම’ ය යි දක්වන ලද්දේ වර්ගෙ වශයෙනි. ‘තිසරුන් වැනි’ යන අර්ථයෙහි ද තිසරසද යෙදේ. තිසර එවූ=තිසර. කතුන්ගේ පියොවුරු හංසයන් වැනි ය. (හංස 1) ‘සිකි’ සද ‘ශිඛින්, සඛි, ශඬ්ක, ස්වකීය යන අරුත්හි මෙහි යෙදින. සක් ම=සිකි. ‘සක්’ සදින් ස්වාර්ථයෙහි ඉප්ර්ත්යිය යි. මේ ගී තුණින් පළමුවැන්න සර්වයයමක යි. පාද සතර ම සමාන හෙයින් ඒ නම යෙදේ. මහායමක ය යි පැරණිසන්නය කියතත් සංස්කෘතකාව්යයයන්හි පෙණෙන මහායමකලක්ෂනණ මීට වෙනස් වේ. (හට්ටිකාව්යද 10 – 20, 21) දෙවැනි ගීය අර්ධ්යමක නමි. ගීයෙහි අර්ධහයක් සමාන හෙයිනි. තුන්වැන්න පාදාභ්යා)ස යමක යි. එක් පාදයක් දෙවරක් යෙදුනු හෙයින් ඒ නම යෙදේ.

452 අර්ථ:- (වනන්=) විරහීන්ගේ මුහුණු වැනි නොයෙක් වනයෙහි වර්ණකය අභිනව වී ය. නිපවනයෙහි (නොහොත්) නීපවනය තෙමේ (විනා=) පක්ෂී)න්ගේ නාදය (විනි=) වී ය. (නොහොත් වින්දේ ය) විරහීන්ගේ නෙත්ර ය (නී) නදියක් වැනි වී ය.

විස්තර:- මෙඝකාලයෙහි වියොගිනීන්ගේ වුවත් අඳුරු වෙයි. අඳුර නිල් ය. වනය ද නිල් ය. එහෙයින් වනය වනන්ගේ වුවන් වැනි ය. වැස්ස ලැබෙත් ම වනයෙහි කොළ ඇති වීමෙන් වර්ණනය අළුත් වේ. වර්ෂෘෙකාලයෙහි දී වියෝගීන්ගේ නෙත්රනයෙන් නිතර කඳුළු ගල යි. එහෙයින් ඒ ගගක් වැනි ය. ‘විති’ යන්න ‘ව - වීමෙහි’ දයින් ද ‘විඳු - විඳීමෙහි’ දයින් ද සිද්ධ වේ. ‘වී ය’ යන අර්ථයෙහි ‘විනි’ යන්න සිරි රහල් හිමියෝ ද “පැමිණි ලොමුදහ නුරා සරි විනි” (කා. ශෙ 6 – 33) යන්නෙහි ද යෙදූහ. මේ ව්යමක්ෂ ර නම් යමකබන්ධදය යි. මෙහි හැම තැන ම තිබෙන්නේ ‘න, ව’ යන ව්ය ඤ්ජනාක්ෂෙර දෙක යි.

453 අර්ථ:- (නන් උනන නී=) නොයෙක් තැනින් උනන ජලය ඇති (නන්නී=) නානා නදීන් (විසින්) (නී අනුනේ නා නී=) ජලයට අනුගත වූ නොයෙක් නාග- නීපවෘක්ෂ=යෝ ද (නන්නී=) නානානිධාන ද (නානා=) නාග (=හස්ති හෝ සර්පන) නායකයෝ ද (අනා=) මිශ්රන කර (නේ නීනා=) අනෙකනදිනායක (=සමුද්රි)යාගේ (නින්න=) නිම්නස්ථානයට (=පතුලට) (නී=) නීතය‍හ. (=පමුණූවන ලදහ)

විස්තර:- ‘නී’ සද ජල, නදී, නීප, නිධාන, නීත යන අර්ථයන්හි යෙදින. මේ ගීයෙහි ‘න’ යන්න මිස අනික් ව්යාඤ්ජනාක්ෂනරයක් නැති හෙයින් මෙය එකාක්ෂාර නම් යමකබන්ධවයකි.

454 අර්ථ:- වැසිපොද පෙළ නමැති රළ ඇති ඉඳු සැවු නමැති ප්රථවාල පඬ්ක්ති ඇති (අහස්) ගිගුරුම් නමැති ඝොෂය ඇති කොකුන් නමැති ශඬ්ඛපඬ්ක්ති ඇති (ගන=) වර්ෂෘිකාල නමැති සමුද්රකය තෙමේ (සරා ඉසි=) ශරත්කාල නමැති (අගසත්යන) ඍෂියාගේ මුඛයට (හමු=) සම්මුඛ වී ය. (= මුඛය ඉදිරියට පැමිණියේ ය.) විස්තර:- මෙඝකාලයාගේ අවසානය හා ශරත්කාලයාගේ ආරම්භයත් ඉතා ආසන්න බව මෙයින් දක්වති. අගස්ත්යේඍෂියා සමුද්රතයෙහි සියලු දිය අතට ගෙණ පානය කළ බව කාව්යඅයන්හි ප්රදසිද්ධ ය. මෙඝකාලය සමුද්ර යකි. පොද පෙළ ම එහි රළ ය. ඉඳුසැවු ම පබළුවැල ය. ගිගුරුම් ම ගොස් ය. කොක්පෙළ ම සක්පෙළ ය. ඒ මුහුද ශරත්කාල නමැති ඍෂියාගේ මුඛය ඉදිරියට පැමිණියේ ය. එහෙයින් එය ශරත්කාලඍෂියා විසින් පානය කරණු ලැබීම ඉතා ආසන්න ය. පානය කළ විට ගනමුහුද නැති වෙයි. සරාඉසි වැජඹෙ යි. සරාකල්හි අගතිසි තරුව ද පායයි.

455 අර්ථ:- චක්ර ය, ධ්වජය, ප්‍රතිලොම ය යනාදී යමකයන්ගේ විස්තර ද ජ්වලිත වු මහාමෙඝ සමය ද (වසමා=) පද්යැයන්ගේ වෘත්ත වශයෙන් විෂම කොට කියූ මේ සර්ග ය.

නව වැනි යි.

විස්තර:- මේ සර්ග යෙහි පද්යම එක ම වෘත්තයකින් නො ව නොයෙක් වෘත්තයන්ගෙන් බඳින ලදී. ‘වසමා’යි කීයේ එහෙයිනි.

නවම සර්ගෘයෙහි ව්යාදඛ්යා ව නිමි.