කව්සිළුමිණ-කව්සිළුමිණ-xi
351
අර්ථ:- “මුහුද (අද=) අවුත් ගගට (පිළිපන්=) ප්රිතිපන්න වූ (=වැදුනු) විලාසයක් ප්රඅත්යණක්ෂ කොට (=දක්වා) ආ කරුණු කිම් දැ”යි (මදු) රජ (වී=) කී. (රජවැහැප්=) රාජශ්රෙපෂ්ඨ තෙමේ එය විස්තර කෙළේ ය.
විස්තර:- ඔකාවස්රජ මහාධිරාජයෙකි. එබන්දෙකු මදුරජු වැනි කුඩා රජෙකු වෙත පැමිණීම මුහුද ගඟට වැදීම වැනි පුදුම විය යුතු කරුණකි. ‘රජවැහැප්’ යන්නෙහි ‘වැහැප්’ සද ශ්රෙුෂ්ඨාර්ථය දෙ යි.
352 අර්ථ:- මදුරජ එ වදන අසා “නරනායකයානෙනි, (ත=) ඔබගේ චරණය ඇසුරු කළ තමා (=මා) තබව. දිව්යයලොකයෙහි ද ඔබට (නො අනු=) අනුගත නුවූ අනික් ජනයෙක් කවරේ ද?
විස්තර:- මෙහි ‘රජ’ යන්න හා සම්බන්ධ වන අවසානක්රි යාව නම් 355 වැනි ගීයෙහි පෙණෙන “නැඟි” යන්න යි. මේ ගීය පටන් ඒ ගීය තෙක් එක් කුලකයෙකි. ‘ඇසිරු’ යනු ‘අසුරු’ දයින් සිද්ධ අතීතකර්තෘ්කාරකකෘදන්ත යි.
353 අර්ථ:- “නරවාරණය, (අන්=) අනික් දෙය තිබේවා. ශ්රී් කාන්තාව නිරුත්සාහයෙන් නිවෙසට එන කල්හි ආවරණය කරණ (=වළක්වන) කවර නම් ජනයෙක් ලොකයෙහි ඇත් ද?
විස්තර:- ‘තිබියේ ව’ යන තන්හි ‘තිබියේ’ යන්න ‘තිබි’ යන්නෙන් පර ව ප්ර-ථමාවිභක්ති ‘ඒ’ ප්ර ත්යයය වී සිද්ධ යි. ‘ව’ යනු නිපාතයෙකි. සිදතෙහි ආශිර්වා දාර්ථප්ර ත්ය‘යයක් සේ ගත් ‘වා’ යන්නට ද ‘තිබුනා වෙ, ගියා වෙ’ යනාදියෙහි පෙණෙන ‘වෙ’ යන්නට ද සමාන ය. “ගෙට සිරි වදුත් මොහොල් ගත්තා වෙයි” (අමා 18 පරිච්ඡෙදය) යනු සසඳනු.
354 අර්ථ:- “ප්රනභාවතී නම් මාගේ දුහිතෘචන්රිපරිචකාව ශ්රීදසාර වූ කුසනිරිඳුහට වීතියිකාවක (=බිසොවක) වතොත් නෙත්රි ප්රනතිලාභයෙහි (ඇස් ලැබීමෙහි) ලාභය විඳිනෙමි”යි.
විස්තර:- සිය දූ කුමරිය කුසරජුට බිසොව වනු දැක්ම තමාගේ අතිශය සතුටට හේතු වන බව මදුරජ කිය යි.
355 අර්ථ:- මෙසේ කියා ප්රයභාවතී කාන්තාව සහපිරිවරින් (දැරැ=) කැඳවා ගෙණ යනු පිණිස තුටු අදහස දී රාජාස්ථානමණ්ඩපයෙන් නැංගේ ය.
විස්තර:- මෙහි ‘නැඟි’ යන ක්රිරයාවෙහි කර්තෘපපදය නම් (352 ගීයෙහි ) “එ වදන අසා රජ” යන තන්හි තිබන ‘රජ’ යන්න ය. 356 අර්ථ:- (ඔකාවස් ) නිරිඳු තෙමේ ඒ වචනයෙන් කණ ද රොමොද්ගමයෙන් සියලු ශරීරය ද සජ්ජිත කොට, පුරොහිත බ්රාදහ්මණයා විසින් දුන් වචනයෙන් ගමනට පිළියෙල (=සූදානම්) වී-
විස්තර:- ‘පෙරෙවිදද’ නම් රජුන්ගේ යාගහොමාදිය කරන්නා වූ ද ශුභමුහුර්ත්නක්ෂෙත්රාගදිය පවසන්නා වූ ද බමුණෝ යි.
357 අර්ථ:- (හයන්=) අශ්වයන්ගේ කුරපහරින් උද්ධූත වූ (=උඩට නැංවූ) රජස් නමැති (වතුරු=) ප්රධවාහ ඇති මාර්ගට නමැති ගඬ්ගාවෙහි (හී=) වැටී (=බැස) ප්රරභාවතිය (මැ=) නමැති වස්තුව බඳනා ලද (=තැබූ) බඳ (මධ්ය(භාගය) ඇති හස්ති නමැති නැවින් (කුශාවතී) පුර නමැති තෙර (=තොටට) (වන්=) වැදුනේ ය.
විස්තර:- ගජයා නැවකි. එහි පැටවූ වස්තුව නම් පබවත ය. එය යන ගග නම් මඟ ය. එහි වතුර නම් අසුන්ගේ කුරින් නැංවූ ධූලි යි. ‘මැ’ නිපාතය ‘නමැති’ යන අර්ථය ද දෙයි. “විදුලිය මැ රන්දම් ඇති කොකවැල මැ දළ ඇති” (ධ.ප්රඅ 271) යනාදියෙහි එය එසේ යෙදින.
358 අර්ථ:- එකෙණෙහි කුශාවතී නගරය සරසන ලද සුරපුරය (දිස්වත්=) දක්වන කල්හි පුරප්‍රියාවෝ සුරකතුන්ගේ විචිත්ර7 (පියෝ=) ප්රණයොග ගෙණ ඇර දැක්වූහ.
විස්තර:- මඟුල් උදෙසා සැරසූ කුශාවතී පුරය සැරසූ දෙව්පුර දැක්වී ය යි කීමෙන් නො සැරසූ කුසවත නිකම් සුරපුර වැනිබව හඟවති. එදා කුශාවතී නගරයෙහි කාන්තාවෝ ඇසිපිය නො හෙළා බලා සිටි හෙයින් දෙවඟනන් වැනි වූහ.
359 අර්ථ:- ප්රිභාවතී දර්ශනන ලෞල්ය භාරය ඇති (=පබවත දැක ගැණීමේ ආශාවෙන් බර වූ ) සිත් (එක්වන්=) නිරන්තරයෙන් (හයත්=) අදින කල්හි නාගරිකයෝ ද සියගණන් අන්තඃපුර ස්ත්රී)හුද පෙරමඟට (යා පිළිපන්හු=) යාත්රාණප්රරතිපන්න වූහ. (=ගමන් ගත්හ.)
විස්තර:- නුවරෝ ද ඇතොවුරෝ ද ‘පෙරගමන් කළ යුතු ය’ යි නියමයක් නැතත් ගෙවල්හි සිටිය නො හැකි වූහ. පබවත දැක ගැණීමේ ආශාවෙන් බර වූ සිත් විසින් ම ඔහු පබවත දෙසට අදින ලදහ. පබවත දැක ගැණීමට ඉතා ආශාවෙන් පෙර ගමන්කළහ. 360 අර්ථ:- එක් කණෙක්හි (කනාපෙද=) රන්මුවා තෝඩුව කළා වූ ද්ර ව යන කතකගේ වක්ත්රිය (තුනුයොනා=) අනඬ්ගයාගේ එක් සකක් (=රොදයක්) (ගුලු=) ගිලිහුනු (=වැටුනු) රන්රියෙහි විලාසය හැඟවී ය.
විස්තර:- එක් අඟනක කෙරෙහි පබවත දැකීමේ ආශාව කොතරම් ද? යත් එක් කණෙක්හි රන්තෝඩුව පැලඳ අනෙක් කණෙහි පැලඳීමට කල් ගත වන හෙයින් එය නො පැලඳ ම දිව ගියා ය. එවිට ඇගේ මුහුණ අනඬ්ගයාගේ එක් සකක් නැති රන්රිය වැනි වී ය.
‘ගුලු’ යනු ගිලිහීමෙහි වැටෙන ‘ගල’ දයින් සිද්ධ යි.
361 අර්ථ:- එක් අතක ගිලිහුනු (=ලිහුනු) වරල (=කොණ්ඩය)ද අනෙක් අතෙහි (තනහස්=) පයොදරහංසයන් ද (හිඳවූ=) නැවැත්වූ කාන්තාවක් තොමෝ (ඉහිල්=) ලිහුනු වස්ත්රියෙන් ජනයන්ගේ නෙත්රා (කලක්=) මඳ වෙලාවක් වැළකුවා ය.
විස්තර:- එක් කතක් කොතරම් ඉක්මන් වූවා ද? යත්:- වරල නිසි සේ නො බැඳ, තනපට නො ලා, තද කොට පිළී නො හැඳ, පබවත පෙරමඟට දිව්වා ය. දුවන විට කොණ්ඩය ලිහී ගියේ ය. එහෙයින් එක් අතක් කොණ්ඩට දුන්නා ය. එවිට ම තනපට ගිලිහින. අනෙක් අත ද දෙතන වෙත යැවූ ය. මෙසේ දෙ අත ම හිර වූ විට ඇගේ වස්ත්ර්ය ලිහී වැටින. ජනයන්ගේ ඇස් එදෙසට හැරිණ. එහෙයින් ඕ තොමෝ ජනයන්ගේ නෙත් කලක් පබවත දැකුමෙන් වැළකුවා ය. තමාගේ ශරීරය දෙසම හිර කර තබා ගත්තා ය.
‘හිඳිවු’ යන්න ‘හිඳ’ දයින් ව ප්ර ත්යපය හා ඌ ප්රනත්යනය ද වීමෙන් සිද්ධ යි. ‘හිඳුවූ’ යන රූපය ද වෙයි.
362 අර්ථ:- කලක් තොමෝ තමාගේ රිසිය පබවත දැකීමට දුවන කල්හි පුළුල් වූ උකුළෙහි දීප්තිමත් මුක්තාහාරය ද එක් අංශයෙක්හි මිණිමෙවුල ද රැඳවූ ය. (=තැබුවා ය.)
විස්තර:- පබවත දැකීමේ ආශාවෙන් එක් කතක් ඉතා කලබල වූවා ය. එහෙයින් මුතුහර ගෙලෙහි හෝ තනෙහි නො පැලඳ උකුළෙහි බැන්දා ය. උකුළෙහි පළඳින මිණිමෙවුල තනෙහි හෝ ගෙළෙහි වත් නො ලා උරහිසක එල්ලා ගත්තා ය. (කා. ශෙ 6-52 බලනු.)
363 අර්ථ:- සමහරක් (=අඩක්) (අත්=) අඳනා ලද වස්ත්රව අතින් දඟ (=හිර) කර දුවමින්, නෙත්රතයෙහි අඳුන් අඳිමින් (=ගාමින්) විචිත්ර ආභරණ පලඳිමින්-
364 අර්ථ:- මෙසේ (=හව්) සියලු ජන තෙමේ ගොස් (කිරිඳු=) හස්තිරාජයා නමැති අපරපර්ව තයෙහි (රඳනා=) බබලන ප්රිභාවතී නමැති අභිනව චන්ද්රපලෙඛාව කරණ කොට ගෙණ අත් නමැති පියුම් මුකුලිත කෙළේ ය.
විස්තර:- පබවත ලසඳලෙයකි. ලසඳලෙය වන්නේ අවරගිරෙහි ය. මේ ලසඳලෙය වූයේ කිරිඳු නමැති අවරගිරෙහි ය. සඳ දුටුවිට පියුම් හැකිළේ. පබවත නමැති ලසඳලෙය දැක්මෙන් හැකුළුනු පියුම් නම් ජනයන්ගේ අත් ය. මිනිස්සු දෙ අතුල් එකතු කොට පබවත වැන්දහ යි කී සේ යි.
365 අර්ථ:- ප්රේභාවතී තොමෝ ලොකයාගේ නෙත්රතප්රොභා නමැති වතුරෙහි (=ගලා යන දියපාරෙහි) ගැලෙමිනුත් ශරීරයෙහි (හෙම්=) රන්වන්කැලුම් නමැති තිර්ඣරයෙන් පුරවීථි නමැති ගග ද පුර්ණය කරමින්-
366 අර්ථ:- (ගිය=) අතීත ජාතියෙහි නෙත්රශයන් විසින් කළ පිණෙහි ඵලයෙහි සීමාව (=කෙළවර) මේ ය යි (හැඟි=) සිතූ නූවරුන්ගේ නෙත්රිචිත්තයන් රජවිමනට (වන්=) ප්රිවිෂ්ට වූවා ය.
367 අර්ථ:- වල්ලභයාගේ හා කාන්තාවන්ගේ (කෙළිසඳ=) ක්රී.ඩා කාලය ද උදය (සඬ්ඛ්යාලත) සන්යාේ ව (=දිනසන්ධිරය) ද (පබවත සඳහා=) ප්රදබාවතීචන්රිල කාව සමග නුවරට නිරිඳා ආ සේ (ද) කියූ සර්ගකය.
සත්වැනි යි.
සප්තම සර්ගායෙහි ව්යාාඛ්යා ව නිමි.
8. සර්ගගය
368 අර්ථ:- එකෙණෙහි කුසනිරිඳුගේ ගුරුවර (=පිය) තෙමේ බමුණන් කැඳවා (සමාමට=) (කුශ ප්රගභාවතී දෙදෙනාගේ) සමාගමයට සුදුසු කාලය (පිරිසිඳැ=) තීරණය කොට (හිඟු=) වහා මඬ්ගලයට වචන (=අණ) දුන්නේ ය.
369 අර්ථ:- පුරොහිත විජතෙමේ එය අසා ගොස් විසිතුරු වූ (මේලප්=) වියන් ද (මලෝලඹු=) එල්බෙන මල්දම් ද, රන්කලස් ද, නවමාලිකා (=දෑසමන්) නොහොත් අභිනව කුසුම ද, අර්ව,නීය කුසුම (ලදපස්මල්) ද-
370 අර්ථ:- සරහා නැවත මඬ්ගලයක් කරතොත් (එබන්දකට) (අසින් අසක්=) අංශයෙන් අංශයක් (වත්) නො තබා (=ඉතිරි නො කර) විචිත්රා වූ චිත්ර ය, සත්රුවන් ය යන මෙයින් මඬ්ගල ශාලාව විසිතුරු කොට,
විස්තර:- පුරෝහිතයා ඒ මඟුල්හල සැරසූයේ අනාගතයෙහි කරණු ලබන මඬ්ගලයක් ඊට වඩා ස්වල්පමාත්රායකිනුදු උසස් නො වන ලෙසට ය. ‘අංශු’ (=අස්) යනු ඉතා සියුම් කොටසට නමකි. එයිනුදු අංශුව කිය නො හැකි තරම් ඉතාමත් ස්වල්පයකි. අනික් මඟුලකට කිරීම සඳහා සැරසිල්ලෙහි එතරම් ස්වල්ප ඌනතාවක් ද නො තැබී ය. ‘සත්රුවන්’ නම් රන්, රිදී, මුතු , මැණික්, වෛඩූර්ය, වජ්රැ (=දියමන්ති), ප්ර වාල නොහොත් රන් රිදී, මුතු, මැණික්, ශඬ්ඛ, ශිලා, ප්රැවාල යන මේ යි.
371 අර්ථ:- නිරිඳුහට (ඇරැ දන්වා=) සැළ කර (සියන්=) බන්ධූලන් සමූහයා සහිත ප්රහභාවතිය කියන ලද සුබමොහොතින් හා නැකතකින් ද විජයන්ගේ (ආශිර්වාවද) වචනයන්ගෙන් හා ප්රි ය වූ තූර්යයන්ගේ යුක්ත ව-
විස්තර:- ‘මොහොත’ යනු දවසක් පසළොසකට බෙදූ කොටසකි. නැකැත් ආදිය යහපත් වුවත් මොහොත අශුභ වුවොත් ආරම්භ කරණු ලබන කාර්යය ශුභඵලදායක නො වේ. ‘නකත්’ යනු භූගොලය අවට තිබෙන ආකාශමණ්ඩල විසිහතට බෙදූ කොටසකි. මුහුර්තඅනක්ෂමත්රනයන්ගේ ජ්යොශතිශ්ශාස්ත්ර යෙන් දත යුතු යි. (කා. ශෙ 6-12) 372 අර්ථ:- ඒ මඟුල්හලට (වඩා=) ගෙණ ගොස් නොයෙක් ආවරණ (=උපද්ර ව) (පුවහා=) ප්ර්වාහනය (=දුරු) කොට දෙවියන් (තොහා=) තුටු කොට හෝ දෙවියන්ට ස්තොත්රා කොට වෙද (මන්ත්ර ) කියා පවිත්‍ර ජලයෙන් මුදුන (සැනැහී=) නෑවී ය. (=අභිෂෙක කෙළේ ය.)
විස්තර:- ‘පුවහා’ යනු ‘පුවහ-දුරු කිරීමෙහි’ දයින් නිපන් පෙරකිරිය යි. ‘තොහා’ යනු ‘තොහ’ දයින් සිද්ධ පූර්ව ක්රිනයායි. ‘වේ’ නම් ආවාහවිවාහ අවස්ථාවන්හි කීමට නියම කළ වෙද පාඨ යි. ‘පිවිතුරුතෝ’ යනු පුණ්යළතීර්ථයන්ගෙන් ගත් ජලය යි. විශෙෂයෙන් ගඬ්ගානදියෙහි ජලය, කොතරම් මඩ මුසු වුවත්, ශුඬ සේ බමුණෝ සලකති. වෙදපාඨයන් කියා මැතිරූ ජලය ද පිවිතුරු ජලය සේ සැලකේ. ‘සැනැහි’ යන්නෙහි කර්තෘජ මේ සර්ගණයෙහි දෙවැනි ගීයෙහි වූ ‘දෙදෙ’ යන්න ය.
373 අර්ථ:- මවුබිසෝතොමෝ මඬ්ගලයන් සමග ශාන්ති අභිෂෙකය කර ප්රුභාවතී කාන්තාව කුසවරයාගේ (=කුසරජු නමැති වල්ලභයාගේ) යහන් (තිබෙන) සිරිගැබෙහි (රැඳ වූ=) නැවැත් වූවා ය.
විස්තර:- ‘සෙතබිෙසවු’ නම් ශාන්ති කිරීම යි. හෙවත් ශුභාශිර්ව දප්රානර්ථනය යි.
374 අර්ථ:- කුසරජු සඬ්ගමසම්පත්තිසාරය වින්දරනය කොට, (මුල දී) දුරු කළ පඤ්චකාමයන් හස්තසාර කොට දිවාකාලයෙහි (නො දිස්වා=) තමා නො දක්වා වසන කල්හි-
විස්තර:- කුසරජ මුල දී පඤ්චකාමයන්ට නින්දා කළ නමුත් පබවත හා සම්භොගසම්පත් විඳීමෙන් පසු ඒ පඤ්චකාමයන් හස්තසාර කොට තකන්ට වී ය. ‘හස්තසාර’ නම් අතෙහි ම තබා ගෙණ රැක ගත යුතු සාර-උතුම්-දෙය යි.
375 අර්ථ:- කුසරජු දහවල්හි නො දැකීමෙන් කුහුලින් (=සැකයෙන්) බර වූ සිත (විනොයනුවට=) දුරු කරණු පිණිස (=මා) මවු වූ බිසෝ තොමෝ ප්ර)භාවතී චන්ද්රිතකාවට මෙය කියූ.
විස්තර:- ‘විනොයනු’ යනු ‘විනොය’ දයින් සිද්ධ යි:
376 අර්ථ:- (මියුලැසිනි=) මෘගාක්ෂි‘ණියනි, අපගේ කුලයෙහි (සෙරෙන්=) චිරාත්කාලයක් පැවත ආවා වූ රාජධර්ම‘යක් නම් (මෙයයි:) එක් ගර්භතයක් (දනනු=) ඉපදීම දක්වා (නිසැ=) රාත්රිරයෙහි මුත් (ස්වාමියා හා) සමාගමයෙක් නැත.
විස්තර:- ‘මියුලැසි’ යනු කාන්තාවන්ට නමකි. මියුලන්ගේ (=මෘගධෙනූන්ගේ) ඇස් වැනි ඇස් ඇති හෙයින් ඒ නම යෙදේ. එබඳු ඇස් වන්නේ රූපසම්පන්න කාන්තාවන්ට ය.
377 අර්ථ:- මෙසේ පවසත් ම සැකය අංශුවක් (දැහැ=) දුරුකර වසන එ සමයෙහි කුසතෙමේ ඇගේ රූපරසායනය නෙත්රශයෙහි අඳින්නට (=ගාන්නට-දක්නට) රිසි කෙළේ ය.
විස්තර:- ‘රසයින්’ නම් ඔද වඩන්නා වූ ඔහුවෙසෙස් ය. ඇස පිණවන රුව ඇසෙහි ඔද වඩයි. එහෙයින් එය ඇසට රසායනයකි.
378 අර්ථ:- වල්ලභ තෙමේ එක් (දහක්=) දවසක් (මවුබිසොවට) නමස්කාර කොට පබවත දැක්මෙහි තමාගේ කැමැත්ත හැඟවී ය. ඒ වීර තෙමේ මවුබිසොවගේ ප්රහතිෂෙධය නො ගැන්නේ ය. (=නො සැලකි ය.)
විස්තර:- ‘වරෙක් දහක්’-622 වන ගියට ලියූ වර්ණසනාව බැලිය යුතු.
379 අර්ථ:- එකල්හි (මෙහෙයා=) තියොග කොට ඇත්හල ද වාරණ (=හස්ති) සමූහයා ද (සදමින්=) සරසවා (සුහුල්=) ශ්වශ්රෑා (=නැඳී) තොමෝ (=නැන්දනියෝ) ප්රොභාවතිය සමග ගොස් දශ මද ඇති මත් ඇතුන් (පෑවූ=) දක්වූ. විස්තර:- ‘පෑවු’ යනු ‘පා’ දයින් සිද්ධ අතීතාඛ්යාදත යි. මෙය ‘පැවු’ යි ද සිටී. ‘දස මද’ නම් ස්ථාන දශයකින් වෑහෙන මදය යි. කපොල දෙක ය, කොෂය, කන්සිදුරු දෙක ය, ඇස් දෙක ය, නාසාපුට දෙක ය, ගුදය යනු ඒ ස්ථාන දශය යි.
380 අර්ථ:- සත් තැනක් භූමිය ස්පර්ශශ කළා වූ (= බිම වැදෙන තැන් හතක් ඇති) කුම්භස්ථලය (හිවි=) උස් වූ, දකුණුදළ උස් වූ, (බළාම්තුරිනි=) යුද්ධතූර්යයෙන් (=භෙරිෙයන්) තුටු වන, මේ ඇතා රජතෙමේ (ස්වකීය) වාහනය කෙළේ ය.
විස්තර:- මෙයින් රජුගේ මඟුල් ඇතුගේ ලක්ෂණ කීහ. ඒ ඇතුගේ ස්ථාන හතක් බිම වැදුනේ ය. ඒ සත- “වලග කර සතරපය රහසඟ ය එන සතඟ දෙරණ සුපිහිටි තුඟු දළ දකුණ” (සැවුල් 100) යනුවෙන් අලගියවන්නයෝ දැක්වූහ. ‘කර’ නම් සොඬ යි. ‘බළාම්’ නම් භටකර්මහය යි. හෙවත් යුද්ධ යි. යුද්ධය සඳහා වයනු ලබන බෙරහඬ අසා මේ ඇතා තුටු වෙ යි. යුදට යාම මේ ඇතාට මහාප්රීහතියකි. 381 අර්ථ:- නිය විස්සක් ඇති, කපොලය (බොල්=) ඝන වූ. ආසන දෙක නොහොත් අංශ දෙක සමතලා වූ මූසලහස්තයෙන් (=මොහොලක් වැනි සොඬින්) (රුපුකිරිඳුසිය එඩි=) සතුරු කරීන්ර් ා (=ඇත්රජුන්) ශතයන්ගේ දර්ප,ය බිඳින, මෙ තෙමේ ගන්ධුහස්ති නමි.
විස්තර:- ගන්ධශහස්තියාගේ ලක්ෂණ මෙයින් දක්වන ලදී. මේ ගඳැත්තු ද මඟුලැත්තු ය. මේ ගී දෙකින් ම දැක්වූ ලක්ෂ්ණ එකතු කොට තිසරසඳෙස්හි (151) මඟුලැතුන්ගේ ලක්ෂණ පැවසින. ගඳැතුන්ගේ ඉලත්ති ද සිවුදෑගඳ වන බව ගුරුළුගෝමීහු ද ( ධ. ප්රි.3 පිට) කීහ. ගන්ධරහස්තියාගේ ශරීරගන්ධවය අසා රුපුකරීන්ර්ැත යන් බිඳෙන බව -
“යස්ය- ගන්ධංද සමාඝ්රාළය න තිෂ්ඨන්ති ප්රවතිවිපාඃ, ස වෛ ගන්ධ ගජො නාම නෘපතෙර් විජයාවහඃ”
යනුවෙන් මුද්රාතරාක්ෂපයෙහි ( 2-6) කියන ලදී.
382 අර්ථ:- (නූපූ=) අනුපූර්ව( (=ක්රවමයෙන් උස් ) වූ (කට=) කපොලය ඇති, (අණු=) කුඩා ඇස් ඇති, (අනු=) හනුව (=හක්ක) පළල් වූ, නහර ප්රූකට නුවූ කණින් බබලන (=යුත්), දකුණුදිග (දඩදා=) වනයෙහි ජාත වූ, මේ ඇත් තෙමේ ජයසේන නමි.
විස්තර:- ‘දකුණුදඩ’ යි මෙහි යෙදුනේ කලිඟුරට අරණ්ය යන් අපෙක්ෂාා කොට විය යුතු ය. කලිඟුරට ඇතුන් ගැණ ප්රයසිද්ධ ය යි (කාව්යුශෙඛර 10 – 116) පද්යයෙන් හා බුත්සරණෙහි 448 වන අංශයෙහි පෙණෙන “භද්ර1ජාති ඇතුන් සිටි කාලිඬ්ගවනයක් සේ” යන පාඨෙයන් ද හැඟෙතත් කාව්යාිදර්ශායෙහි තෘතිය පරිච්ඡේදයෙහි දෙශවිරොධයට දැක් වූ නිදර්ශතනයෙන් ඊට විරුද්ධ අදහසක් ප්රිකට වේ.
383 අර්ථ:- ප්ර කට ශ්වෙත නඛ ඇති, ලප (=කැලැල්) නැති, (දළ=) මහත් දාඨා ඇති, උස් වූ කුඹින් යුත්, නාභිය (ලඹ=) එල්බෙන (නූපූ=) අනුපූර්වත ව (=ක්රෘමයෙන්) වට වූ (අත්=) සොඬ ඇති, මේ වාරණ තෙමේ ‘පවනවෙග’ නම් වේ.
විස්තර:- ‘පවන්වේ’ නම යෙදුනේ පවනට බඳු වෙගයෙන් ගමන් කරණ හෙයිනි.
384 අර්ථ:- ජවවෙගයෙහි අවිද්යාේමාන වූ නෙත්රපජලය (=කඳුළු) ඇති, (කලබ=) තරුණ වූ, අභීරු (=බිය නො වන සුලු) වූ, මදයෙහි (=මද වැගිරෙණ කල්හි) (පුසනුවන්=) පොෂණය කරන්නන් (=ගොව්වන්) දන්නා (=අඳුනන්නා) වූ, මේ ඇත්තෙමේ ‘පරචක්ර් මර්ද න’ නමි.
විස්තර:- මේ ඇතු කොතරම් වෙගයකින් දිවුවත් කඳළු නො ගල යි. සෙසු ඇතුන් මද ගිලිහෙන කල්හි ඇත්ගොව්වන් මරතත් මේ ඇතා එබඳු කල්හි ද ඇත්ගොව්වන් අඳුන යි. ‘කලබ’ යනු ඇත්පැටවුන්ට නමකි. ‘පුසනු’ සද ‘පුස’ දයින් ‘නු’ ප්රබත්යය ව සිද්ධ යි. ‘පරචක්රව’ නම් සතුරු සමූහයා යි. පරචක්රවයන් මඬනුයේ ‘පරසක්මඬනා’ නමි.
385 අර්ථ:- එතර සත්සර (=කුසරජ) තෙමේ (ඇතරුවන්=) හස්ත්යාකරොහකයන් අතුරෙන් (වැළැහී=) සැඟවී තමාගේ දැඩි වූ ලොහකලාපයක් (=මිටියක්) වැනි තෘණකලාපයකින් පබවතට පහළේ ය. (=ගැසී ය.)
විස්තර:- ඇත්හලෙහි දී පබවතට ගැසූයේ හත්ථිිච්ඡකණ පිණ්ඩයකිනැ යි (=ඇත්ඉලත්තියකිනැයි) අටුවාවෙහි එයි. පැරණි කථාව ආ සේ ම තිබෙන්ට ඇරිය යුතු යයි අටුවා ඇදුරන් සිතූ සේ සිතේ. මේ මහාකවීශ්වරයෝ මහ රජෙකු අතට ඇත් ඉලත්ති දී පබවත වැනි උතුම් කතකට පහර දෙවීම වරදැයි සිතති. තණ කලබින් ගැස්වූයේ එහෙයිනි. අලගියවන්නයෝ නම් ඇත් ඉලත්තියෙන් ම ගස්වති. (කුසජාතක 279)
386 අර්ථ:- (රෙසී=) කිපී (දම්මුහුණ=) දග්ධමුඛය, (=දැවුනු මුහුණ ඇත්ත) අද රජහට දන්වා තා (සියකඬ=) සියගණන් කැබලි කරම් මැ’ යි (යූ=) කියූ ප්ර=භාවතිය බිසෙව් තොමෝ සැනසුවා ය.
විස්තර:- ’රෙසී’ යනු ‘රොස්’’ දයින් සිද්ධ පූර්වවක්රිඇයා යි.
387
අර්ථ:- නැවත එක් දවසක් එ ම (නියරින්=) ක්ර මයෙන් තුරඬ්ග(=අශ්ව) ශාලාවට ගොස් (යොග=) අභ්යා්ස කළා වූ පඤ්ච කල්යාගණයෙන් යුක්ත වූ රාෂ්ට්රශවර්ධික වූ අශ්වයන් (පෑවූ=) දැක්වූ
විස්තර:- ‘කළයොග’ යනුවෙන් ඒ අසුන් අශ්වයන්ගේ ගමන් වෙසෙස් වූ ආසකන්දි්ත, ධෞරිත, රෙචිත, වල්ගිත, ජලුත යන්හි පුහුණු කළ බව දක්වති. ‘පස්කලණ’ නම් යුක්තිකල්ප තරුවෙහි (185 පිටුව) දැක්වූ සුදු වූ පා සතර ඇති බව හා නලළෙහි සඳක් තිබීම ද යන මේ ලක්ෂටණ පසයි. ‘රටවඩනා’ යන්න යුක්තිකල්පතරු ආදියෙහි අශ්වලක්ෂ්ණකථනයන්හි පෙණෙන “රාෂ්ට්රතවර්ධනක” යන්නට සමාන ය: අශ්වයෝ රජුන්ගේ රට වඩති. (=වැඩි කෙරෙති) ‘පට වඩනා’ යන පාඨයෙහි අදහස නම් “සෑදලය ලන, ආරොහණයට සුදුසු” යනුයි. ‘පට’ යනු ‘පට්ට’ යන්නෙන් එයි. ‘පට්ට’ නම් සෑදලය යි. හැම අස්සු ම පට වැඩුමට සුදුසු නො වෙත්. සර්වපශ්වෙත අශ්වයන් ම රජුන්ට පට්ටාර්ගැ වන බව නකුලාශ්වචිකිත්සායෙහි ( 3- 3) “පට්ටාර්ගොා භූපතෙර්ව ජි සර්ව්ශ්වෙතඃ ප්රවශස්යතතෙ” යනුවෙන් කියන ලදී.
388 අර්ථ:- (හිදල්වල්=) ඉදල් වූ (=තුනී ලොම සහිත) වාලධි ඇති, මිශ්රොවර්ණක වූ, (ලුහුසවණ=) ලඝු (=දික් නුවූ) කන් ඇති, (අඩබරදසන්=) අර්ඩරවාදශ දශන (=දත් සයක්) ඇති, ධ්රැ වදශයෙන් සම්පන්න වූ, මේ තුරඟා තොප හිමියාට මනොඥ යි.
විස්තර:- ‘හිදල්වල්’ යනුවෙන් අසුන්ගේ එක් ශුභලක්ෂිණයක් කියති. වලගෙහි ලොම් අඩුබව ශුභ ලක්ෂාණයකැයි නකුලාශ්ව චිකිත්සායෙහි “සෙතාකබාලසමන්විතම්” යනුවෙන් කියනලදී. ‘හිදල්’ සද ‘විදල’ සදින් සිද්ධ වේ. ‘විදල්’ යන්න ම සසදාවත් කාරයෝ මේ අර්ථයෙහි යෙදූහ. ‘විදල’ යන්නෙහි අර්ථය නම් ‘කොළ හැලුනු’ යනු යි. ‘හිදල්වල්’ යන්නට පැරණිසන්නයෙහි කී අර්ථය නම් “නො බබුරු වූ වාලධිය ඇති” යන්න යි. “නො බබුරු” යන්න “බොකුටු නුවූ” යන අර්ථය දෙයි. ‘හිදල්’ යන්නෙන් ඒ අර්ථය නො ලැබේ. “මුසුවණ” යනුවෙන් තවත් ලක්ෂ ණයක් දක්වති. යුක්තිකල්පතරුවෙහි (185 පිට) “විමශ්ර්වර්ණවකාඃ සර්වේ ප්රවශස්තා වාජිනාඃ සමෘතාඃ” යනුවෙන් මිශ්රිවර්ණ වද්භාවය අසුන්ගේ ශුභලක්ෂනණයක් සේ දැක්වුහ. “ලුහු සවණ” යනුවෙන් කී ලක්ෂයණය “කණෞ ලඝුතරෞ සමාතෞ” යි නකුලාශ්වචිකිත්සායෙහිද කියන ලදී. “අඩබරදසන්” යනුවෙන් යහපත් අශ්වයෙකුට තිබිය යුතු දන්තසඬ්ඛ්යාතව දක්වති. ‘බර’ යනු දොළොස යි. එයින් අඩ ‘අඩබර’ නමි. එනම් සය යි. දත් හයට අඩු වුවොත් හීන දන්ත ද වැඩි වුවොත් අධිකදන්තදවේ. අශ්වකිත්සාකාරයෝ ද එය කියති-
“චතුර්හිඃ පඤ්චහිශෛවව හීනදන්තඃ ප්රරකීර්තොතිතඃ, සප්තහිශාවාෂටාහිදීනෛතඃ ඛ්යතශ්වාධික දන්තකඃ” යි. හීනාධික දන්ත ඇති අශ්වයන් ස්වාමිඝාතකයන් බව යුක්තිකල්පතරුවෙහි (187 පිටුව) කියන ලදී. උත්පත්තියෙන් පස් වැනි අවුරුද්දෙහි අශ්වයන්ට දත් සයක් සම්පූර්ණු වේ. (යුක්තිකල්පතරු 124 පිට 44-ශ්ලොකය) තිසරසඳෙස්කරුවෝ (152) අශුද්ධ වූ මේ ගිය බලා දැතිගම්පුරයෙහි අසුන් වණමින් බරදසන් ම දැක්වූහ. ‘දුවදස’ නම් රොමාවතී (ලොම් සුළි) දශයකි. ‘ධ්රැවව’ යනු අසුන්ගේ රොමාවතීයන්ට නමකි. අශ්වශරීරයෙහි රොමාවතී සයානූවක් තිබෙතැයි ද එයින් විස්සක් ශුභ ය යි ද අශ්වකිත්සාකාරයෝ කියති. මෙහි දැක්වූ දශධ්රැිව මී ලඟ ගීයෙහි දැක්වේ.
389 අර්ථ:- (තොප) හිමියාගේ මේ මඟුල් අසුට (පපණැ=) ප්රථපානයෙහි ධ්රැොවයෙකි. නලළෙහි එකකි (හිද මුදුනැ=) හෘදයෙහි හා මස්තකයෙහි යුගල යුගල ය. (රදුවරදැ=) රන්ධ්ර උපරන්ධ්රදයන්හි යුගල යුගල ය.
විස්තර:- ‘පපණ’ යනු ‘ප්ර පාණ’ (පපාණ=) යන්නෙන් ගන්නා ලද්දකි. ‘පපන්’ යනු අසුන්ගේ නැහැ ය යි. “ගොහොත් පපණු දු නැහැවේ” (රුවන් 347) යනුවෙන් කියන ලදී. සංස්කෘතයෙහි ‘ප්රරපාණ” ශබ්දය අසුගේ උඩුතොලෙහි වැටෙන බව “උත්තරෞෂ්ඨං ප්රලපාණං ස්යාාත්” යි ජයදත්තයෝ කීහ. අසුගේ නැහැය උඩුතොලින් වෙන් නො කළ හැකි හෙයින් ‘ප්රදපාණ’ යන්නට ‘නැහැය’ යි කිව ද වරදක් නො වේ. “එකො භාලෙ හ්යනපානෙ’ යන දුෂ්ටපාඨය දැක රැවටුනු ඇතැම්හු ‘පපණැ’ යන්න ‘අවනැ’ යි ගෙණ “අපානය-ගුදය” යි අර්ථ කියති. මෙහි කී ධ්රැෙවදශය පිළිබඳ විස්තර වෛද්යැකශබ්දසින්ධුවෙහි ‘ආවර්ත්’ ශබ්ද වර්ණනනායෙන් දත හැක්ක. ‘රන්ධ්රශ’ යනු අශ්වයාගේ උදරගහ්වර ය යි. හෙවත් හැල්වළ යි. ‘උපරන්ධ්ර’ යනු රන්ධ්රදයට උපරිම භාගය යි. ජයදත්තයෝ කීහ. මේ ධ්රැරව එකකිනුදු අඬු වුව හොත් අශ්වයෝ අශුභ වෙත්.
390 අර්ථ:- කුසරජ (නැසී=) නො පෙණී සිට තණකලබින් (පබවතට) ගැසී ය. (=සුහුල්=) නැන්දනියන් අවවායෙත් (රඳවත්=) සන්හිඳුවන (=නවත්වන) කල්හි කොපයෙන් හා මදයෙන් උද්දාම වූ ප්රුභාවතී තොමෝ-
391 අර්ථ:- (වරණ=) ඇතු අරා හුන් ඒ කුසරජු දකුම්හ යි. කියුවා ය. සුහුල් තොමෝ යුවරජ ද (ඇතරු බඳ=) හස්ත්යාදරොහකයෙකු (=ඇත්ගොව්වෙකු) බඳු ඔහු (=කුස) ද සරසා ඇයට දැක්වූ ය.
විස්තර:- පබවත හස්ත්යාඔරූඪ ව හුන් කුසරජු දක්නට කැමති වූයේ. කුසරජු නිසැක ලෙස ම දැන ගැණීමට එය උපායකැ යි සිතූ හෙයිනි. සැරසූ මඟුලැතු පිට රජු නැති ව අනෙකක් හිඳ නො ගණී. රජුගේ ආරක්ෂා.වට හිඳ ගතත් බසින විට රජ ම පළමු කොට බසී. මෙයින් දෙ වැන්න පමණක් අටුවායෙහි ද කියන ලදී.
392 අර්ථ:- ‘මේ වරණගොව්වෙක් නො වෙ යි. කුසරජ ය’ යි සැක සහිත වූවා “කවරෙක් පෙරටු ව (=පළමු ව) බස්නේ දැ” යි දැන (ඒ එ යි=) එව එව යි නියොග කළ- විස්තර:- ‘ඒ, එ’ යනු ‘ඒ’ දයෙහි විධික්රි යාරූප යි. ‘කා, යා, ඒ’ ආදී ධාතූන්ගේ ප්ර-කෘතිය ම විධික්රි යාරූපය සේ යෙදේ. ‘ඒ, ඒ’ යනු ත්ව රිතයෙහි (=ඉක්මනෙහි) ආම්රෙසඩිත යි. කියූවක් දෙ තුන් වරක් කීම ‘ආම්රේඩිත’ නමි.
393 අර්ථ:- ප්රකතිහාරී තොමෝ එ කෙණෙහි දුව ගොස් එ තතු දැන අවුත් (වළහා=) සඟවා වහා ප්ර භාවතිය කළ සැකය නැවතත් තුනී කළා ය.
ගිම්වැණුම්
394 අර්ථ:- ප්රකභාවතිය සැක නමැති සින්ධූතහුගේ (=මුහුදෙහි) තීරයට ප්රාවප්ත නො වත් ම, එ සමයෙහි හුතාශ (=ගිනිදෙවි) යාගේ වෙශය ගත් නළුවෙකු මෙන් ග්රීවෂ්මකාල සූර්යයතෙමේ අහස නමැති රඬ්ගයෙහි (=නටන තැන) (දිවී=) ධාවනය කෙළේ ය.
විස්තර:- ඍතුවර්ණ්නාවෙහි දී පළමු කොට ග්රීළෂ්මර්තුව වැණීම සෙසු කවින් ද ගත් මඟ ය. පබවතගේ සැකය ඉතා මහත් ය. එහෙයින් එය මුහුද වැන්න. එහි තිරය (=වෙරල) විය යුත්තේ නිසැකය යි. 395 අර්ථ:- හිදල් (=විදල් -ඉදල්- කොළ හැලුනා) වූ වන පඬ්ක්තිය (දුනු=) උපන් (සුපක්වනසෝනි=) යහපත් ඵලයන්ගේ විරහයෙන් දෝ හෝ නොහොත් සුපක්ෂහයන්ගේ (වන=) වියෝගයෙන් වූ ශොකයෙන් තැවී වෑරුණු (කෘශ වූ) (අඟ=) ශරීර ඇත්තක් වැනි වී ය. (සියොත් සිකියොත්=) චාතකශිඛිහු (කෑදැත්තන් හා මොනරු) ද දෝ හෝ නොහොත් ස්වකීයයෝ (=බන්ධූ හු)ද සබීහු (=මිත්ර=යෝ)ද (අසර=) ආශ්ර(ය දෝ හෝ නොහොත් සඤ්චාරය නොහොත් (සර=) ස්වරය (=කථාව) (හළ=) අත් හැරියහ.
විස්තර:- ග්රී(ෂ්මකාලයෙහි දී වනයන්හි ස්වාභාවය මෙයින් වණන ලදී. ග්රීගෂ්මකාලයට වැටෙන්නේ පොසොන් ඇසළ දෙමස යි. ඒ කාලයෙහි දී වනපෙත් විදල් වන සේ සසදාකාරයෝ ද (61) කීහ. එහෙත් වනපෙත් විදල් වන්නේ හෙමන්තකාලයෙහි (උඳුවප් - දුරුතු මස්හි) දී ය. පොසොන් ඇසළ දෙක්හි දු වෘක්ෂළලතාවෝ පලුපලමලින් සැරසී සිටිති. මේ රටෙහි මිනිසුන්ට මහත් වූ ඍතුවිපර්යාසයක් නො දැනේ. අපේ රටේ කවීන් ඍතු වර්ණ්නා කරන්නේ ආරංචියෙනි. නැතහොත් ප්ර තිභානයෙනි. ග්රීවෂ්මයෙහි වනපෙත් විදල් වන බව කියන ලද්දේ එහෙයින් ම ය යි සිතමු.
කොළ හැලුනු වනරොදවල් කෙබඳු ද? හටගත් සුපක්වියෝ සොවින් තැවී කෙට්ටු වූවාක් වැනි ය. ‘සුපක්’ යන්න අර්ථ දෙකක් දෙයි. එකක් නම් ‘යහපත් ගෙඩි’ යන්න යි. අනෙක නම් ‘සුපක්ෂර’ (=යහපත් පක්ෂකය) යන්න යි. වනපෙත්හි කොළ හැලුනු වට සුපක් ද නැති වෙයි. වනපෙතට සුපක්ෂ වන්නේ ගෙඩි ය.
“සියොත්සිකියොත්” යන්න ප්රෂථමාර්ථපක්ෂනයෙහි දී සමාසපදයෙකැයි ගත යුතු ය. සියොත්හු ද සිකියෝ ද =සියොත්සිකියෝ. දඅරුත්සමස්. ‘සිකි’ සද මයුරවාචි යි. ‘ශිඛින්’ ශබ්දයෙන් එයි. ‘ත්’ යන්න ‘ද’ නිපාතයාගේ විකෘතරූපය යි. අනික් අර්ථපක්ෂ යෙහි දී වෙන් වෙන් පද සේ ගත යුතු ය. එවිට ‘සියෝ’ යනු බන්ධුවාචී ‘සිය’ සදෙහි ප්රුථමාබහුවචනයි. ‘ත්’ යන්න සමුච්චයාර්ථ් නිපාත යි. (ද=ද්=ත්) “සිකියෝ” යනු ද ‘සිකි’ සදෙහි ප්ර ථමා බහුවචන යි. පැරණි පිටපත්හි පෙණෙන පරිදි ‘සියොත් සිකින්’යි ගෙණ පැරණිසන්නයෙහි අර්ථ කී පරිදි ‘හළ’ යන්න ‘වනපෙත්’ යන්නට විශෙෂණයක් සේ යෙදුවොත් මේ දෙවෙනි අර්ථය දිය නො හැකි ය. ‘සියෝ’ යන ප්රයථමාන්තය අපරක්රිවයාවක් හා සම්බන්ධුය නො ලබන හෙයිනි.
396 අර්ථ:- හස්තියා (වැහැරැ=) කෘශ ව (නතු කළ=) නමන ලද (=පහත් කළ) කුම්භමණ්ඩලයෙන් යුක්ත ව සිටිනා කල්හි ඔහුගේ ඝනච්ඡායාමණ්ඩලයෙහි භාසුරකෙසරසිංහ තෙමේ නවාතැන් ගත්තේ ය.
විස්තර:- හස්තියා ද සිංහයාද පරස්පර විරුද්ධ ය. එහෙත් ග්රීතෂ්මයෙන් බින්න (=බැගෑ) වූ හෙයින් ඒ විරොධය විසමෘත කළහ. ග්රීතෂ්මයෙන් තැවුනු සිංහයන් හස්තීන් නො මරණ බවත් හස්තීන් සිංහයන්ට බිය නොවනබවත් කාලිදාසයෝ ද වැණූහ. (ඍතුසංහාර 14- 15)
397
අර්ථ:- මද මෙහෙයන් (=වැගිරීමෙන්) සිඳුනු හෝ ශුන්ය් වූ ගන්ධයගජෙන්ද්රදයා කපොලයෙහි අත තබා උරණ ලද පුෂ්කරජල බින්දුවලින් (සිකිකට=) ශුෂ්කකණ්ඨය (යොර යොර=) නැවත නැවත තෙමී ය.
විස්තර:- පවසින් පෙළුනු ඇතා දිය සොයා නො ලැබ සිය කොපුලෙන් වැගිරෙණ මදදිය වත් බොනු සඳහා කොපුලෙහි අත තබා උරයි. එහි මදදිය නැත. (ග්රීුෂ්මසමයෙහි මද නො වැගිරේ.) එහෙත් සොඬඅගෙහි ම තිබෙන දියබිඳු ඒ ඉරීමෙන් උඩට ඇදී යෙයි. ඔහුගේ වියලුනු උගුරකට එයින් තෙමා ගණියි. “විසුරූ පොකුරුපොදනෙන්” යි ගතොත් “මදවැගිරීම නැති හස්තියා විසින් කපොලයෙහි අත තබා විසුරුවනලද පුෂ්කර ජලබින්දූන්ගෙන් (සිකි= මයුරයා නැවත නැවත කණ්ඨයා තෙමි ය” යි අර්ථ කිය හැකි ය.
398 අර්ථ:- (ගිම්අදන්=) ග්රීැෂ්මයෙන් දීන වූ (පැනී=) පැන් කැමැත්තා වූ හස්තියා (හුරු=) ලුණුකරබිමට දුව ගොස් අත දෙත් ම එය දවන කල්හි වෙදනාවෙන් දළෙහි බැඳ (වෙදනාව) දියුණු වත් ම (=වනවිට ම) දන්තය ඉදිරී ය.
විස්තර:- හුරුබිම් නම් වෘක්ෂදලතා රහිත ලුණුදිය සහිත බිම් ය. එබඳු බිම් ග්රී ෂ්මකාලයෙහි දී බෙහෙවින් රත් වේ. මේ රටෙහි එ බඳු බිම් නැතත් දඹදිව සමහර පළාත්වල තිබේ. හිමාලයකන්දෙහි පවා ලුණු බහුල බිම් තිබේ. පවසින් පෙළුනු ඇතා දුවගොස් ලුණුදිය උල්පතකට සොඬ දමයි. උණුදියෙන් සොඬ දැවෙයි ඒ වේදනාවෙන් සිය දෙළහි ම සොඬ වෙළ යි. එයින් වූයේ කබලෙන් ලිපට වැටිම වැන්නකි. ඇතුගේ දළය උණු වූ කරදියට වඩා රත් වූයේ වෙයි. එහෙයින් සොඬ දැවෙයි. වේදනාව දියුණු වෙයි. එවිට සිය සොඬින් ම සියදළ උගුළ යි. ඇතා දළයට ඉතා ප්රෙිම කරණ නමුත් ග්රීොෂ්මයේ අසභ්යනත්වය හා වේදනාවේ අධිකත්වදයත් නිසා ඒ බව අමතක වෙයි. ‘ඉදිරි දත්’ යන්න ‘දිහී අත්’ යි පිටපත්හි එයි. එය වෘත්තය බිඳියි. ‘සොඬ හළේ ය’ කීවත් ‘අත්’ යන්න ‘දත්’ යි ගෙණ ‘දත හළේ ය’ කීවත් රසවත් නො වේ. එය කිය යුත්තක් ද නො වේ. දළෙහි සොඬ බැඳිවිට වෙදනාව දියුණු වූයේ නම් දෙක වෙන් කරණු සිරිත ය.
399 අර්ථ:- තැවී (හුනු=) වැටුනු උණගස් නමැති ජටා ඇති, දාවාග්නියෙන් වූ අළුයෙන් කළ වර්වදන (=තැවරීම්) ඇති, සීරුන්ගේ (=රැහින්ගේ ) හඬ නමැති රහු (හඬ) ඇති, ධූම නමැති භූජඬ්ගයන් ඇති, වනරාජ (=මහාවනය) තෙමේ රුද්රි (=ඊශ්වර) යාගේ වෙශය ලැබී ය.
විස්තර:- ‘ජටා’ යනු හැඩපලු ගෙතුනු කෙස් ය. ඊශ්වරයාට ජටාවක් වෙයි. හේ සොහොන්අළු තවරා ගණියි. (කුමාර 5-69,79) මිණිගෙඩි දරයි. සර්පොයන් පලඳියි. (කුමාර 5 – 66, 78) මේ මහවනයෙහි අව්වෙන් තැවී වැටුනු උණගස් තිබේ. එය ජටා වැනි ය. වනයෙහි වියලි අතුපතර ගැටීමෙන් උපදනා ලැව්ගින්නෙන් හටගත් අළු හැම තැන ම වෙයි. සීරු හඬති. එය රහු වැනිය. ලැව්ගින්නෙන් නඟින කළු දුම් තිබේ. එය සර්පතයන් වැනි ය. මෙසෙයින් වනරජ තෙමේ රුද්රේවෙශය ලැබී ය.
400 අර්ථ:- (නලළතව හිරුහිමි=) ලලාටත්තප සූර්යය නමැති ස්වාමියා (ඉදල් තුරු=) කොළ හැලුනු වෘක්ෂලය නමැති ඉදලින් (=මුස්නෙන්) ගසන කල්හි (සාසේ=) ශාඛාවන්ගේ ඡායා (කෙබඳු ද?) සීරුන්ගේ හඬ නමැති හැඬුම් ඇති දෙෙරණගේ (පොළොවෙහි දෝ හෝ නොහොත් භාර්යාවගේ ) (ගතැ=) ශරීරයෙහි නැංගා වූ වැයිරී වැන්න.
විස්තර:- නලළ තවනුයේ =’නලළතව’ නමි. මේ අතිශය චණ්ඩ වූ සූර්යයාට නමකි. හිරු ස්වාමියා ලෙසත් ධරණීය භාර්යාව ලෙසත් මෙහිදී ගැණින. ස්වාමියා චණ්ඩ වූ විට අසරණ ස්ත්රිවයට පහරදීම අරුමයක් නො වේ. මෙ හිමියා බිරියට පහර දීමට ගත්තේ ඉදල්තුර නමැති ඉදල ය. ගසන විට බිරිය හඬයි. මේ බිරියගේ හැඬුම වැනි වූයේ සීරුහඬ ය. පහර වැදුනු තන්හි වැයිරි (=ඉරි) නැඟේ. මැගේ ඇඟෙහි වැයිරි වැනි වූයේ ශාඛාවන්ගේ සෙවනැලි ය. ‘ඉදල්’ ‘හිදල්’ යන දෙක ම ‘විදල’ ශබ්දයෙන් එයි, “කොළ වටුනු” යනු එහි අර්ථ යි. මුල දී ඇමදීමට ගන්නා ලද්දේ කොළ නැති අතුමිටියකි. එහෙයින් ඊට ‘විදල=හිදල=ඉදල’ යන නම් ව්යිවහාර වී ය. පසු ව ඉරටු ආදියෙන් තැනූ අමදනා උපකරණයට ද ඒ නම ම දෙන ලදී. ‘වැයිරි’ යනු යමකින් නැඟී එන දික් වූ ඉර යි. පුරාතනයෙහි ‘වෑ’ යනු පිහියට ද නමක් වි ය. වෑයෙන් කළ හිරි=වෑහිරි නමි. එය ම හකාරයට යකාරය වීමෙන් හා ‘ඈ’ හට ‘ඇ’ වීමන් ද ‘වැයිරි’යි වේ. “පොල් වැයිරි ගසයි” යන ව්ය වහාරයෙහි ද ‘වැයිරි’යි යෙදෙන්නේ මේ ශබ්දය ම ය. ‘දෙරෙණ’ සද පෘථිවි අර්ථයෙහි සුප්ර සිද්ධ ය. භාර්යාර්ථයෙහි අප්රිසිද්ධ ය. කව්සිළුමිණිසන්නකාරයන් නම් මේ ශබ්දයෙහි ඒ අර්ථය ඇතැ යි සැක කළ බවක්වත් නො හැඟේ. මේ සද අතීතයෙහි දී භාර්යාර්ථයෙහි යෙදුනු බව පස්වැනි කසුබ්මහරජානන් විසින් “සෙට්ඨිභරයා” යන්නට “සිව්දෙරෙණ” (ධ. ගැ 144 -28) යි කී අර්ථයෙන් ප්ර ස්ඵුට වේ.