කව්සිළුමිණ-කව්සිළුමිණ-x

301 අර්ථ:- මධුචෂකයෙහි දෘශ්යුමාන වූ චන්ද්රේබිම්බය කරණ කොට ගෙණ සැව දුරු කළ ආකාරය ගත් ඒ යුවතීන්ගේ සුරක්තවක්ත්රදය නරනිඳුගේ නෙත්සිත් (හැසී=) ඇද ගත්තේ ය.

විස්තර:- ඒ තරුණියන්ගේ මුහුණු මීමතින් ඉතා රතු වී ය. මී ඔඩමෙහි සිසිපිළිබිඹුව පෙණෙයි. ඒ සුදුමැලි ය. එය කතුන්ගේ සුරක්තවක්ත්රියන් නිර්මොයක පරිත්යාැග කළ (=හැව ලූ) ආකාරය ගත හොත් එබඳු ය. හැව ලූවෝ සුදුමැලි වෙති. ඒ සුදුමැලිබව නො වේ නම්, සඳ කතුන්ගේ මුහුණු වැනි ම වේ. ස‍ඳෙහි ඇති සුදුමැලිබව නිසා මුහුණුවල උත්කෘෂ්ටභාවය රජුට මැනවින් පෙණේ. එහෙයින් ඒ මුහුණු ම රජුගේ නෙත්සිත් ඇද ගති. වුවනත සැව ලූ ආකාරය ගත්තේ සුදුමැලි වූ සිසිබිඹු කරණ කොට ගෙණ ය. එහෙයින් සිසිපිළිබිඹුව වක්ත්ර යන් ගත් වෙශාන්තරයක් වැනි ය. ‘සැල’ යනු නිර්මොනකයට (=හැවට) නමකි. (රුවන් 132) ධ. ගැ. 213 පිටෙහි දෙවැනි අධොලිපිය ද ‘සැල’ සදෙහි නිවැරදි බව දක්වයි.

302 අර්ථ:- (පියන්) පියාවන්ගේ නෙත්ර යෙහි රත හා වක්ත්රනයෙහි (සෝබිඳු=) ඩහදියබිඳුත් (දැනැවුමෙන්=) ඉපිදවීමෙන් ද තොල්හි කාන්තිය බිමෙන් (=දුරු කිරීමෙන් ) ද මධුව තෙමේ ප්රිවය (=වල්ලභ) යෙකුගේ ශ්රීෙය ලද්දේ ය.

විස්තර;- මධුව කාන්තාන්වගේ නෙත් රතු කෙළේ ය. මුහුණෙහි ඩා සෙල්වී ය. තොල්හි පැහැ දුරු කෙළේ ය. වල්ලභයෝ මෙය කරති. එහෙයින් මධුව වල්ලභශ්රීැය ලැබී ය. උග්ගල්බැවඅල සලෙලුගුණ ගන්නා පරිදි වැණූවන් මේ ගීය සිහි කළ බව හැ‍ඟේ. (කොවුල් 44, තිසර 30)

303 අර්ථ:- මත් වූ අන්තඃපුරයුවතීන්ගේ රක්තවකත්රබ නමැති සන්ධ්යා කාන්තියෙහි (පළ=) ප්රතකට වූ ඩහබිඳු (ගහ ගහළ වන් වී=) තාරකා සමූහ වැනි වී ය. (සිනේ=) සිනාව චන්ද්රහලෙඛාව වැනි වී ය.

විස්තර:- ‘ගහළ’ යනු ඝටා’ යන්නෙන් බිඳීඑයි. සමූහවාචී ය. ‘ගාළ, ගළ’ යනු රූපයෝ ද වෙත්. ‘ගාඪ’ ශබ්දයෙන් එන ‘ගළ’ යන්නකුදු වෙයි.

304 අර්ථ:- (එකක=) එක් කාන්තාවක (වැලැලත=) රජු වැලඳ ගණුත් ම (අනෙකක=) අන්කතක මී බිබි දුන් (=කළ) අර්ධර නිරීක්ෂණය කරණ කොට (ඇගේ) මධුචෂකය නෙත්ර= නමැති රක්තොත්පලපත්රටයෙන් උතුරා ගියාක් වැනි වී ය.

විස්තර:- එක් කාන්තාවක් රජු වැලඳ ගත්තා ය. අනෙක් කතක් එය දැක ඊර්ෂ්යාක කොට මී බොමින් ම රවා බැලුවා ය. ඒ රවා බැල්ම කෙබඳු ද? ඇගේ මීඔඩමෙහි වූ මී රතුපුල්පතින් ගලා යාමක් වැනි ය. රතුපුල්පත වැනි වූයේ මත්බව නිසා රතු වූ ඇස් ය. ‘වැලලතැ’ යනු ‘වැලල’ දයින් සිද්ධ යි.

305 අර්ථ:- කාන්තාවක බොන මීවිතෙහි කියඹුවෙහි මී සිඳුවර මල් වැටෙත් ම ඒ මහීශ්වර තෙමේ එය දුර ලන අදහසින් පිඹි පරිද්දෙන් (ඒ කතගේ ) මුඛමධුව ගත්තේ ය.

විස්තර:- රජතෙමේ මිහිසුරු ය. මීවිතෙහි වැටුනු මීසිඳුවර බැහැර කරන්නට මිහිසුරු තෙමේ පිඹින්නාක් මෙන් දක්වා මුවමී ගති. ‘මිහිසිඳුවර’ යනු මීමල් හා නිකමල් ය. අඟනෝ එයින් කියඹු සරසති. ඒ බව ගුරුළුගෝමීහු ද “මීසිඳුවරින් කියඹුලිය සදා” (ධ. ප්ර් 54) යනුවෙන් කීහ.

306 අර්ථ:- (නිසන් තරඟැ) නිශ්ශබ්ද වූ තර්කනයෙහි (=විවාදයෙහි) වැටී සෙව්යඳප්රිනයාවන් වීණාවට (වීණානාදයට) අනුව (කල්=) මනොඥ වූ ලීලා සහිත ව සම ය, මන්ද්ර ය, තාර ය යන ග්රායමරාගයන් නඟන කල්හි නරෙන්ද්රව තෙමේ (ඇගී=) අගය කෙළේ ය.

විස්තර:- නළුවෝ රඟබිම්හි දී තරඟයට අභිනය කෙරෙති. මෙ රඟහලෙහි ද එබඳු තරඟ වී ය. කාන්තාවෝ ඔවුනොවුන් පරදවන්නට උත්සාහ කරමින් වීණානාදයට අනුව සම, මන්ද්රය, තාර යන ග්රාටමරාගයන් නඟන්නට වූහ. රජතෙමේ ඔවුන්ගේ දක්ෂාදක්ෂකම් තෝරන්නා වී ය. ‘ඇගී’ යි කීයේ එහෙයිනි. ‘ගම්රා’ පිළිබඳ වර්ණ්නා 236 වැනි ගීයට ලියූ දෙයින් දන්නේ යි. ‘සම’ යනු මන්ද්‍ර තාර අවස්ථාවන්ට නො පැමිණ මධ්යීස්ථ ව පවත්නා ස්වරය යි හෙවත් ශබ්දය යි. ‘මන්ද්රම’ යනු ගම්භීරස්වරය යි. ‘තාර’ යනු දීර්ඝවස්වරය යි. ඒ තුණ පිළිවෙළින් හෘදයෙන් ද කණ්ඨයෙන් ද මුදුනෙන් ද උපදනා බව සංගීතදර්ප ණයෙහි කියන ලදී. (නාගානන්ද 1-15) ‘නිසන්’ යනු ‘තරඟ’ යන්නට විශෙෂණයි. බොහෝ තරඟ නිසන් නො වේ. මේ තරඟය ආරවුල් උපදනා විවාද කථා නැති හෙයින් නිසන් ය. ‘තරඟ’ යනු ‘තර්කන’ යන්නෙන් පැමිණි‍ෙයකි. ‘ඇගි’ යනු ‘අග-අගය කිරීමෙහි’ දයින් සිද්ධ අතීතආඛ්යානත යි.

307 අර්ථ:- මත්තකාන්තාවන් ලය දෙකින් (අඳලිරා=) අන්ධාඅලිකා රාගය (=රාගවිභාෂාව) නඟනකල්හි (තුෂ්ටියෙන්) නො පිපුරුණේ (හිඟු=) වහා තුෂ්ටිය නෙත්රදයෙන් (දල එව්=) කඳුළු මෙන් ගිලිහී මෙනි.

විස්තර:-‘අඳලිරා’ යනු ‘අන්ධාවලිකා’ නම් රාගවිභාෂාවයි. එය ප්රිතයස්මරණයෙහි මන්ර්’දෙ , ෂඩ්ජා යන ලය දෙකින් ගායනා කරණු ලැබේ. ඒ බව සංගීතරත්නාකරයෙහි (2-153) “ප්රි.යසමෘතෞ නියොගො‘ස්යා- - විභාෂාන්ධා ලිකා මතා, තාරධා මන්ර්ස ෂඩ්ජා ව - ධාපන්යාෙසා ගවර්ජිතා”

යනාදීන් කියන ලදී. ගායනයෙහි ලය සතළිසක් බව-

“චත්වාිරිංශදිමෙ ප්රොනක්තාළ ලයා ලයවිශාරදෛඃ” යනුවෙන් කියන ලදී. එයින් ‘ආන්ධාාලිකා’ නම් රාගවිභාෂාවට යෙදෙන්නේ මන්ර්දී -ෂඩ්ජ යන දෙක ය. මේ රාගය ගායනා කරණවිට ප්රිරයයෝ සිහියට එති. එහෙයින් රජතෙමේ තුෂ්ටියෙන් පිරී ගියේ ය. උසුලන්නට බැරිතරමට පිරුණු විට පුපුරා යනු ස්වාභාවයකි. රජතෙමේ තුෂ්ටිය පිරීයාමෙන් පුපුරන්නට තරම් ලං වී ය. එහෙත් නුපුපුළේ ය. කවර හෙයින් ද? ඒ තුෂ්ටිය කඳුළු ලෙසින් ඇසින් උතුරා ගිය හෙයිනි. අසන්නන් කඳුළු හෙළමින් ඇඬවීමෙහි ශක්තියක් සමහර තාලරාගයන්ට තිබේ. ආන්ධානලිකාව ද එබන්දක් විය යුතු ය. මෙහි ‘හිගු’ යන්න ‘අගු’ යි ගෙණ ‘අඬ්ගාදාභරණය නුපුපුළේ’’ යි පුරාණ සන්නය අත්ථි දෙයි. ‘අඬ්ගාදාභරණය’ නම් ‘කෙයුර’ නම් වළලුවෙසෙස යි. එය අතෙහි උඩ කොටසෙහි පලඳිනු ලැබේ. කතුන් ගී ගයනවිට රජුගේ අඬ්ගාදාභරණය පුපුළේ හො නුපුපුළේ කවරහෙයින් දැ යි පුරාණසන්නය නො කිය යි. අන්තැනක නො දක්නා ලදී. මත්තෙහි වන ප්රී තියකට පෙරනිමිත්තක් වශයෙන් කෙයුරබන්ධ්යස්ථානය (=බාහුදණ්ඩ) කම්පා වන බව නිමිත්තශාස්ත්රෙයෙහි කියනලදී. මහාකවිකාලිදාසයෝ ද දෙතුන් පලක ම ඒ බව දක්වති. (රඝු 6- 68 වික්‍ිකෙමාර්ව්ශිය 3-9) ඒ තැන් සැලකීමෙන් පුරාණ සන්නකාරයන් මෙසේ කියනලදැයි හැ‍ඟේ.

308 අර්ථ:- අන්තඃපුරස්ත්රීිසමූහයා (සහස=) වහා සම්පූර්ණන වූ ද සම්පූර්ණ: නුවූ ද (සිළි=) සුළු මහකරණයන් ගසන ගසන කල්හි ඒ නර ප්ර්භවරතෙමේ වාද්යුයෙහි අත බැහී ය.

විස්තර:- ‘කරණ’ නම් තලය ව්යකවස්ථා කරණ තාඩන (=ගැසුම්) විශෙෂ යි. (කුමාර 6-40) එය ‘සුළුකරණය, මහ කරණය’ යි දෙවැදෑරුමි. නැවත ඒ දෙක සපිරුණු නොසපිරුණු වශයෙන් ගුණ වීමෙන් සතරක් වේ. ඒ සතර වහා වැයිමට නම් අතිශය දක්ෂ භාවයක් අවශ්යශ ය. අන්තඃපුරස්ත්රී න් මේ සතර කරණ යන් වයන විට රජුගේ අත ද ඉබේ ම වාද්යයයෙහි වැටුනේ ය. හෙවත් රජ ද වැයුමට පටන් ගත්තේ ය. රජතෙමේ තමා වයන්නා නො ව වැයුම අසන්නා බව විස්මෘත කෙළේ ය. එපමණට ඒ වාදනය මධුර වී ය.


309 අර්ථ:- (සහයොග=) අභ්යාපස සහිත වූ අනඬ්ගනාවන් විෂම වූ ලය අනුව ගී කියන කල්හි ඒ නරෙන්ර් තෙයා විසින් මධුර කළ තාන නිරන්තරයෙන් කාන්තාවන්ගේ රුචිය බන්ධ්නය කෙළේ ය.

විස්තර:- ‘තන්’ යනු සප්තස්වරයන්ගේ අතර ඇති කරන්නා වූ ග්රායමරාගයන්ගේ සිටුම සලසන්නා වූ වංශවාද්යපයෙන් සිද්ධ කටයුතු වූ ප්රාධාන ස්වරවිශෙෂයෙකි. (කුමාර 1-8) තානයෝ එකුන්පණසකි. ඒ කාන්තාවෝ ගැයුමෙහි අතිනිපුණයහ. එහෙයින්ම සමහර විට විෂම වූ ලය අනුව ගී ගලති. රජතෙමේ එවිට වස්කුළල පිඹිමින් තානය දී ඒ ගැයුම මධුර කෙරෙ යි. විශෙෂයෙන් එබඳු තන් ගායිකාවන්ගේ සිත් ගත්තේ ය.

310 අර්ථ:- රජ තෙමේ මධුමත්තකාන්තාවන් හා මෙසේ පවිත්රෙ (=යහපත්) වූ ගන්ධමර්ව යෙන් ද නානාවිධඅපානක්රීසඩ‍ාවෙන් ද අවරාම්බ‍රයෙහි (=බස්නාහිර දිග අහසෙහි) සද (රැඳැවී=) නැවැත්වී.

විස්තර:- සඳ අවරදිග අහසට යන තෙක් (සඳ හැරෙණ තෙක්) ඒ රජු ආපනශාලාවෙහි සිටි බව මෙයින් දක්වති. රජ අවරඹරෙහි සඳ නො රඳව යි. සඳ තෙමේ ම එහි රැ‍ඳෙයි. එහෙත් එය රජුගේ ක්රිඳයාවක් ලෙස මෙහි කියන ලදී.

311 අර්ථ:- ප්ර භාසහිත තාරකාවලින් උජ්ජ්වලිත වූ ගුවන මෙන් බබලන අර්විනීය කුසුමයන් විසුරුවනලද ඉතා නිල් වූ මණිභූමිය රඳනා- (යහන්ගේ)

312 අර්ථ:- මකරධ්වජ ධූමය ද නිද්රාඉකලස ද කුසුම් අතුළ යහන් ද ඇති මාලාවලම්බනය දුන් (=මල් එල්ලූ) (මේලප්=) වියන් ඇති විචිත්රනචිත්රජකර්මල කළ භිත්ති ඇති - (යහන්ගේ)


313 අර්ථ:- යහන තිබෙන සිරිගෙය (=සිරියහන්ගබඩාව) අන්තඃපුරස්ත්රීයන් (සුදඅත=) ශුද්ධාන්තයට (අන්තඃපුරයට) යන කල්හි නයනාන්තය ( =නෙත් කොණින් බැලීම) නමැති පාශයෙන් (=මල පුඩුවෙන්) (හැම්නූ=) රඳවන ලද මහීෂී කාන්තාව සමග නිරිඳු තෙමේ (බිජී=) භජනය කෙළේ ය. විස්තර:- සිරියහන්ගෙයි බිම නිල්මිණිමුවා ය. එහි කුසුම් විසුරුවන ලද්දේ ය. එහෙයින් කැලුම් සහිත තරු බබලන අහස වැනි ය. ඒ ගෙය මුවරදද දුමින් යුතු ය. 144 වැනි ගීයට ලියූ විස්තරයෙහි මුවරදද දුම් දක්වන ලදී. වාසගෘහයන්හි මීකපුරු අගිල් දුම් දෙන බව නොයෙක් තැනින් පෙණේ. (සසදා 108 කා.ශෙ 6-43, 8-2) සිරිරහල්හිමියෝ යහන්ගෙයක් වණන්නාහු “සඳුන් කස්තුරුතොයින් කළ තෙත්”යි කීහ. මෙහි මේ යහන් ගෙය කස්තුරුදියෙන් තෙමූබව නො කියන ලදී. එහෙයින් මෙහි ද මේ පාඨය “මුවමද දිය ‘ද”යි වෙනස්කර “මෘගමද (=කස්තුරු)දියෙන් ආර්ද්ර් (=තෙත්) වූ” යි අර්ථ කිය හැකිය. වාසගෘහයෙහි තැබිය යුතු දෙය දක්වන වාත්ස්යායයනයෝ “අනුලෙපනං මාල්යංක සික්ථකරණ්ඩකං සෞගන්ධිාකපුටිකා මාතුලුඬ්ගත්වු ස්තාම්බූලානි ච ස්යුඃණ” (=විලෙවුන් ද මල්දම් ද ඉටි පිරුණු කරඬුවක් ද සුවඳ ගොටුවක් ද නස්නාරංලෙලි හා බුලත් ද තැබිය යුතු ) යි කියති. රත්ය‍න්තයෙහි මුඛරඤ්ජක වූ තාම්බූලසෙවනය ද නියමිත ය. මේ යහන්ගෙයි ඒ එකක්වත් තැබූ බව මෙහි නො කියන ලදී. ‘මුවරද’ යන්න ‘මුවරඳ’ යි වුවොත් “මුඛරඤ්ජක” (=බුලත්) යන අර්ථය ගත හැකි ය. කෙසේ වුවත් මෙහි “මුවරදදුම්” යන පාඨය සැක සහිත ය. 144 වැන්නෙහි ද යෙදුනු හෙයින් වෙනස් නො කරණ ලදී. ‘නිඳිකලස’ යනු නිදන ඇඳෙහි ඉස්දොර තබන දිය පිරුණු රිදීමුවා කලසකි. මහාකවිවාණභට්ටයෝ ද කාදම්බරියෙහි “ශයනශිරොභාගවින්යාස්තධවලනිද්රාලමඬ්ගලකලසම්” “ඇඳෙහි ඉස්දොර තැබූ සුදු නිද්රාබමඬ්ගලකලස ඇති” යනුවෙන් මෙය දැක්වූහ. ටීකාකාරයෝ “නිද්රාරකලසො රූප්ය‍මයඃ සර්වනශ්වෙතාඃ ශිරොභෘගෙභර්නිශං පූණිජලඃ ස්ථාප්යඬතෙ” යනුවෙන් එය විස්තර කළහ. ‘මේලප්’ යනු ‘මේලප්පු’ යන ද්රුවිඩ වචනයෙන් එන්නකි. ‘වියන්’ යන සුප්ර‘සිද්ධ වචනය හැර දමා ම් වචනය ම මෙහි යෙදීමෙන් හැඟෙන්නේ මේ කාව්ය්ය කරණ කාලයෙහි ද රජ මැඳුරුවල පවා ද්රේවිඩ සම්බන්ධය අධික ව පැවති බව යි.

‘විරූ’ යනු ‘විසුරු’ දයින් ද, ‘අතළ’ යනු ‘අතුර’ දයින් ද සිද්ධ යි.

314 අර්ථ:- දිනාන්තයෙහි වැජඹුනා වු සන්ධ්යාජව ද, අම්බරයෙහි (=අහසෙහි) ජ්වලිත වු චන්ද්රනයා ද, (කල්බඳ=) කාන්තිදෙහීනීන් (=අඟනන්) හා (නාසඳ=) නායකොත්තමයා (=රජු) ගේ (අවන්පබඳ=) ආපාත ප්ර(බන්ධය (=මධුපානයෙහි බැඳිම) ද කියූ මේ සර්ගඅය.

සවැනි යි.

ෂෂ්ඨ සර්ගබයෙහි ව්යාාඛ්යාසව නිමි.


7.සර්ග‍ය

315 අර්ථ:- එතර (ලියසැවු=) අනඬ්ගතෙමේ නිරිඳුගේ සිත සමඟ ලතාචාපය (හයමින්=) අදිමින් (කුසුම්කඩ ඉහි=) මල්හී සමග තමාගේ තෙජස ද මදය ද දිවවී ය.

විස්තර:- අනඬ්ගයා රජුගේ සිතත් සියවැල් දුන්නත් ඇද්දේ ය. ඇද ඒ සිතට මල්හීයක් විද්දේ ය. ඒ ඊය සමග තමාගේ තෙද හා මද ද දිවවී ය. අනඬ්ගයාගේ තෙද මද වනුයේ රාගය යි. රජුගේ සිතෙහි අතිශය රාගය ඉපදවී ය යි කී සේ යි.

316 අර්ථ:- (වැලලත=) වැලඳ ගණුත් ම (කාන්තාවගේ) පයොධරයෙන් (රජුගේ) උරතලෙහි තැවරූ කුඬ්කුමාඬ්ගරාගය මදරදට (රජුගේ) හෘදය නමැති ගෘහයට වැදීමට දෙන ලද (=තැබූ) (මැඬිලි=) මණ්ඩල වැනි ය.

විස්තර:- රජ කාන්තාව වැලඳ ගත්තේ ය. ඇගේ පියොවුරෙහි වූ කොකුම්විලෙවුන් රජුගේ ලපැත්තෙහි තැවරී මණ්ඩලයක් මෙන් සිටියේ ය. එය කෙබඳු ද? රජුගේ හෘදය නමැති ‍ෙගට අනඬ්ගයාට වැදීමට ලකුණක් ලෙස කළ මණ්ඩලයක් මෙනි.

317 අර්ථ:- වැලඳ ගණුත් ම ශ්වාසනාලයාගේ (=දැඩි සුසුමෙහි) යැතිමෙන් (=තල්ලු කිරීමෙන්) අධරයෙහි රක්තවර්ණ ය වක්ත්රවය (අල්ලා) ගත්තාක් මෙනි. හෘදයෙහි පිරුණු අනුරාගය නෙත් (අග=) කෙළවර නමැති වහන (=පිටවාන) ගත්තාක් මෙනි.

විස්තර:-නිර්දකය ව තදින් ආලිඬ්ගනය කිරීමෙහි දී ආලිඬ්ගිතයා ගෙන් තදින් හුස්ම නික්මේ රජු බිසොව වැලඳගත් කල්හි බිසොවගේ මුහුණ රතු වි ය. තුටුකඳුළු ගලන්නට වන. මුහුණ රතු වූයේ තදින් පිටකළ හුස්මෙන් දෙතොලෙහි වූ රත තල්ලු වී ගොස් මුහුණෙහි රැඳීමෙන් මෙනැ යි ද, කඳුළු පිට වූයේ සිතෙහි අනුරාගය උතුරා යාමෙන් මෙනැයි ද කවීහු සලකති.

යමකින් ජලය වහනයවේ ද, එය ‘වහන්’ නමි. කථා ව්යිවහාරයෙහි ‘වාන්’ ය යි යෙදේ.

318 අර්ථ:- ජඝනයෙහි ඇඬීම ප්ර කාශ කළ, මිණි(ගෙඩි) එල්ලූ මෙඛලාවෙහි රාවය නිරක්ෂර වූ (ගිගුරූ=) ග්රී.වාරාවය (=කෙඳිරි ගෑම) හා (හැනී=) මිශ්ර) ව (තුනුයොනා=) අනංගයාගේ ජයඝොෂය මෙන් කන් ගත්තේ ය.(ඇසුනේ ය.)

විස්තර:- ආලිංගනයෙහි දී මෙවුල සෙලවෙයි. එයින් හඬ නැගේ. එය ආලිංගනයෙහි දැඩිබව ඉවසිය නො හැකිව ජඝනය හඬන්නාක් වැන්න. ‘ගිගුරූ’ යනු ගෙලරැවු ය.ඊට විශෙෂණ වශයෙන් යෙදූ ‘නිරකුරු’ යන්න ද හුදු ව ම සිට ද ග්රීණවාරාවවාචක වෙයි. “ගෙලරැවු නිරකුරු ගිගුරූ” යනු රුවන්මලි (325) ‘නිරකුරු’ යන වෙසෙසුන දෙන ලද්දේ සහකුරු ගිගුරුවෙන් වෙන් කිරීමට ය කණ්ඨයෙන් (=ගෙලින්) අකුරු වශයෙන් වෙන් කළ හැකි හෙයින් අක්ෂර සහිත වූ ශබ්ද ය, එසේ නොවන නිරක්ෂරශබ්ද ය යි විවිධ ශබ්ද නිකුත් වේ. කෙඳිරි ගැම ගිගුරුවකි. එය අකුරු වශයෙන් වෙන් කළ නො හැකි හෙයින් නිරකුරු ය. ‘අකුරු’ යනු ව්ය ක්ත ශබ්දයක ඉතා කුඩා කොටස් ය. මේ ගෙලරැව් පරෙවිහඬ වැන්නැයි සිරිරහල්මාහිමියෝ (පරෙවි 136) කීහ. ‘තුනුයොන්’ යත් අනංගයාට නමි. පිටත නො ව ශරීර තුළ ම උපදනා හෙයින් ඒ නම යෙදේ.

319 අර්ථ:- දුවනතෙහි (231 වැනි ගීය බලනු.) (රජුගේ) නෙත්රනය වැටෙත් ම (ඇගේ) සුරක්ත හස්ත තාමරසයෙන් (එය) සරසන කල්හි (ඒ) අත පහ කර (රජු) යලි නරඹත් ම (ඕතොමෝ රජුගේ) වක්ෂඃ ස්ථලය පයොධරභාරයෙන් සැරසූ ය.

විස්තර:- ‘සදත, සැදූ’ යන දෙ පදයට “ඡාදනය කරණ කල්හි, ඡාදනය කළා”යි පැරණි සන්නයෙහි අර්ථ කියන ලදී. වැසීම් අරුත්හි වැටෙන ‘ඡද’ ධාතුවෙන් ‘සද’ යි බිඳී එත හැකි වුවත් ඒ අර්ථයෙහි එය අප්රළසිද්ධ හෙයින් ප්රාසිද්ධාර්ථය ම මෙහි දක්වන ලදී.

320 අර්ථ:- මණිජාලයෙහි (=මිණිමුවා දැල්කවුළුවෙහි) සිදුරෙන් වැදුනු (නල=) වාතයට අනුගත වූ ලම්බාන (=එල්බෙන) කුසුම් ද්රානමය තෙමේ කාන්තාවගේ ආශාව ද ප්රමදීපය ද (වරින් වර) (වැරුයෙන්=) වැළැක්වූ හෙයින් ප්රි යයාගේ (=රජුගේ) හා දේවියගේ ද හෘදය (=සිත) ගත්තේ ය. (=දෙදෙනාම සතුටු කෙළේ ය.

විස්තර:- රජුගේ යහන අසල මිණිදැල් කවුළුවකි. එය හා යහන ද අතර ප්ර=දීපයකි. ප්රිදීපයත් යහනත් අතර එල්බෙන මල්දමකි. මල්දම මිණිදැල් සිදුරෙන් වන් වාතයෙන් චඤ්චල වෙයි. එහෙයින් එයින් වරක් පහන වැසෙ යි. වරක් නො වැසෙයි. නො වැසෙන විට කතගේ (ඡාදනය කිරීමේ) ආශාව වැළකෙයි. එයින් ප්රි්යයාගේ අදහස සමෘද්ධ වෙ යි. එවිට මල්දම ප්රිෙයයා (=රජු) ගේ සිත් ගණී. පහන විවෘත වන්නට සලස්වා අලොකය ලැබෙන්ට ඉඩ දුන් හෙයිනි. අනෙක්වර ඒ මල්දම ම වැටුප (=පහන) වළකයි. පහන වසා දමයි. එයින් ආලොකය නැති වෙයි. එවිට දේවියගේ (පියන) ආශාව සමෘද්ධ වෙයි. මෙලෙසින් එක ම මල්දම රජුගේ හා දේවියගේ ද අන්යොින්ය ප්ර තිවිරුද්ධ (බැලීම්-නො දැක්වීම්) අදහස් දෙකට සහාය වීමෙන් වරින් වර දෙදෙනාගේ ම සිත් ගත්තේ ය. ‘වැරුයෙන්’ යන්න “මැරුයෙන්” යි ගත ද නිවරද ය. අර්ථය එක ම ය. වකාරයට මකාරය වීම පමණක් වෙනස යි. “ඇස් මරා කන් මරා” යනාදී ප්රායොගයන්හි එය ද පෙණේ. ‘කදහස’ යන පාඨයෙහි අර්ථය නම් ‘කිසියම් කලෙක්හි’ යනු යි. එය ‘කදාවිත්’ යන්නෙන් බි‍ඳේ.

321 අර්ථ:- ශ්රපමජලයෙන් අර්ද්ර් (=ඩහදියෙන් තෙත්) තමාගේ ලපැත්තෙහි (කාන්තාවන්ගේ) ප්රයතිබිම්බය (මගමින්=) බලමින් (රජුවිසින්) කියූ එක වචනයක් අදහා කාන්තාතොමෝ (සෙද=) වහා නිරිඳු (වැලැලූ=) වැලඳ ගත්තා ය.

විස්තර:- එක අදහසක් පවසන වචන කීපයකට ද”එක වචනය” යි ව්යලවහාර කරණු ලැබේ. මෙහි ද වදන් සද යෙදුනේ මේ අදහසින් විය යුතු ය. රජු කී එක වචනය නම් “මාගේ හෘදය දෙස බලව. මම තොප හෘදයෙන්ම දරමි. තොප කෙරෙහි මාගේ ප්රේයමය කොතරම් ද? යනු එයින් දත හැකි ය” යන අදහස ඇතියකි. බොලඳ කත රජුගේ ලෙහි තමාගේ ප‍ිළිබිඹු මඟා රජු කී වදන් ඇදහූවා ය. මුවදෙව්දාවතෙහි 84 වැනි ගීයෙහි කී පරිදි සිරිකත රැවටුනු සේ අන් අඟනකැයි නො රැවටුනා ය.

322 අර්ථ:- කපෝතලයෙහි (=කම්මුලෙහි) පත්රනලෙඛා ද (=කොකුමින් කළ පත්රාපකාරචිත්රු ද) පයොධරයෙහි කුඬ්කුමාඬ්ග රාග ද ශ්රයමජලයෙන් අර්ද්රත ව ගලන කල්හි (උරැ=) ඇගේ ලයෙහි අනුරාගය පිට වූව‍ාක් වැනි ය.

විස්තර:- ‘අනුරාගය රක්තවර්ණහ ය’ යනු කවිසමය යි.

323 අර්ථ:- රජුන්ගේ සිළුමිණියෙන් (=සිළුමිණි ගැටීමෙන්) කෘෂ්ණවර්ණි වූ වරණ (=පා) ඇතියන් වහන්ස, නිරන්තරයෙන් දිශාන්තයෙහි පැතුරුණු ඔබගේ යශස මෙන් දශදිශාන්තයක් වසා හිම බැස්සේ ය.

විස්තර:- මෙතැන් සිට උදෑසන පුබුදුවනු සඳහා වන්දි භට්ටයන් (=විරුදු කියන්නන් ) විසින් කී ගී ලෙසින් උදයවර්ණ්නාවක් වෙයි. ‘හිම’ යනු මිදී ගෙණ එන දිය යි. ඒ පුලුන් මෙන් සුදු ය. මේ රටෙහි හිම නො දැක්ක හැකි ය. මීදුමට ද “හිම” යන නම යෙදේ. එය ද සුදු හෙයින් යශසට උපමා කළ හැකි ය.

324 අර්ථ:- අලුයම (වයන) බෙර (නද) නමැති මෙඝඝොෂය තෙමේ ප්රිේයතම(=වල්ලභ)යන්ගේ උර නමැති විල්හි ලැගීමේ සන්තොෂය ගත් අබිසරුවන්ගේ පයොධර හංසයන් දුරු කෙළේ ය.

325 අර්ථ:- (ත=) ඔබවහන්සේ ශත්රැඋකාන්තාවන්ගේ අඤ්ජනයෙන් ආර්ද්ර (=මිශ්රශ) වූ නෙත්ර්ජලබින්දු කපොලාන්තය ගත් රතුඅත්ලෙහි (වැටෙන්නාක්) මෙන් භෘඬ්ගලෙඛාව (=බිඟුපෙළ) තාමරසය තුළ (හුනු=) වැටුනාහු ය.

විස්තර:- ‘අඳුන’ යනු ඇසේ ගානා බෙහෙත් දැලි වෙසෙසකි. එයින් මිශ්රර වූ කඳුළු කළු ය. එහෙයින් බිඟුන් වැනි ය. උදය කාලයෙහි රත්පියුම්හි වහන භෘඬ්ගසමූහයා අඬන කතුන්ගේ කම්මුලෙහි තැබූ රතු වූ අත්ලෙහි වැටෙන්නා වූ අඳුන්මුසු කඳුළු බිඳු වැනි ය. ශොකයට පැමිණියන් කපොලයෙහි අත තබනු සිරිති. 326 අර්ථ:- (පහනිනි=) ප්ර භාතයෙන් මඳ කළා වූ සම්පූර්ණ:චන්ද්රයයාගේ මරිචිරාජීන් ඇති අවරදිග ජලනිධිය තෙමේ චජ්රූමණි (=දියමන්ති) (හැසුනු=) ගැවසුනු නිල්මිණි තලාවක් මෙනි.

327 අර්ථ:- උදයපර්විතයෙහි හා අපරපර්වුතයෙහි සූර්යයා හා චන්ද්ර්යා ලොකයාගේ නෙත්රි ගණිමින් (=ඇස් අරවමින්) එන අලුයම් සිරිකතගේ කන්හි (පෙඳ=) තෝඩු වැනි වී ය.

(කා. ශෙ 8- 6 බලනු) 328 අර්ථ:- (සිහිල්ඇල්=) ඉතා සිහිල් වූ බොල් (=ඝන වූ) (අලු=) උදය මන්දමාරුතය තෙමේ සහයුරු (=මීඅඹ) තුරුහි වෙළෙප් (=අතු) වල තුඩු උඩුකුරු කර හිඳ (සමත=) කොවුලන් විසින් කළ රාවය දීර්ඝුත්වයෙහි ලී ය.

විස්තර:- හුළඟ සමග ශබ්දය ද යන හෙයින් උදය මාරුතය කොවුල්හඬ ඈත‍ට ගෙණ යෙයි. දිගු කරන්නේ එහෙයිනි. ‘අලු’ සද ප්රුභාතාර්තයෙහි ගුරුළුගෝමීහු ද යෙදූහ. (ධ. ප්රස 276 පිට)

329 අර්ථ:- ශාඛාමෘගයන් (=වඳුරන්) පිනීමෙන් (සා=) අතු (යොර යොර=) නැවත නැවත බැස නැඟෙන කල්හි වෘක්ෂපඬ්ක්තිය (නන්පියන් වන්=) නොයෙක් කුඹුරුවලට වැදුනු වනමෘග සමූහයා කැ‍ඳෙව්වා වැනි ය.

විස්තර:- ‘නන්පියන්’ යන්න ‘නන්සිදන්’ යි ගෙණ ‘නානා අඬ්ගණස්ථානයට’ යි පුරාණ සන්නයෙහි අර්ථ කියන ලදී. ‘අඬගණ’ නම් එලිමහන් මළුබිම් ය. ‘පියන්’ සද ක්ෂෙත්රුවාචී ය. (රුවන් 367) (තිසර 52 සසඳනු)

330 අර්ථ:- (පිරිපත්න=) පරිපත්ථ යන්ගේ (=විරොධීන්ගේ) යශස (මැඩැ=) මර්දපනය කොට වැඩෙන්නා වූ ඔබවහන්සේගේ තෙජස ලෙසින් දිව්වා වූ දිවාකර රශ්මිරාශිය (සිසිරස්=) චන්ර්ෙස රශ්මිය පියවිළි කෙළේ ය. (සඳරැස් පාගාගෙණ හිරුරැස් දිවී ය යි සේ යි.)

විස්තර:- දිවාකර රශ්මිය තෙද වැනි ය. සිසිරස් යස වැනි ය.

331 අර්ථ:- ශශි (=චන්ර්ි ය) නමැති කාන්තයා (=ප්රි3යයා) යත් ම (= යනවිට ම) වනපඬ්ක්ති තොමෝ පලඳනාලද මොනරුන් නමැති ඉන්දීවර (=නිලුපුල්) සමූහය ද (සිසිකත්හැලි=) චන්ර්්තයකාන්ත පාෂාණයන්ගෙන් ගලන දියහැලි නමැති දීප්තිමත් මුක්තාහරය ද (වනසොව්නි=) විරහ ශොකයෙන් මෙන් (හළ=) දුරු කළා ය.

විස්තර:- රාත්රිොයෙහි ගස් උඩට වී සිටි මොනරුන් බැස යාමත්, රාත්රිසයෙහි ම දිය ගලන චන්ර්න් කාන්ත පාෂාණයන්ගෙන් දිය ගැලුම නැවතීමත් උදය කාලයෙහි ස්වාභාවික සිද්ධි ය. කවීහු එය අන් ලෙසකින් තකති. 332 අර්ථ:- ශරත් දිවාකරයා දෝ හෝ නොහොත් රාග සහිත (දිව් අයුරු=) ජීවිත සමානයා හෙවත් ප්රිොයයා (කර=) රශ්මිය දෝ හෝ නොහොත් හස්තය (වසනත්හි=) ජලාන්තයෙහි දෝ හෝ නොහොත් වස්ත්රාානන්තයෙහි දෙන කල්හි විල නමැති කාන්තාතොමෝ තාමරස නමැති නමැති (මියෙන්=) මුඛයෙන් උතුරා ගිය කෙසර නමැති (දසනග=) දත්කොන් මඳින් මඳ ගෙණ ඇර දැක්වූ.

විස්තර:- හිරුරැස් ජලයෙහි වැටෙන විට විල්හි පියුම් මඳින් මඳ පිපුනේ ය යි රම්යා කාරයෙන් කී අයුරු යි. පියුම් විල්කතගේ මුහුණ වැනි ය. එය පිපුම සිනාව වැනි ය. මල් රොන් දත්කොන් වැනි ය. සිනාසෙන විට දත්කොන් පෙණේ. සිය රෙදිකොණ වල්ලභයා අල්ලනවිට කාන්තාව යම් සේ සිනා සේ ද, එසේ ම විල් කත ද ස්වකීය වල්ලභයා වූ සූර්යයා සියවසනත්හි කර ලන විට තඹරමියෙන් කෙසරදසනග දක්වා සිනා සුනා ය. ‘වසනත්හි’ යන්නෙහි ‘වස’ සද ජලවාචී ය. එයින් ‘අන්’ විබත කිරීමෙන් ‘වසන්’ යනු වෙ යි. ‘වසන්, අත්’ යනු පද දෙකෙකි. ‘ජලයන්ගේ අන්ත’ යනු අර්ථ යි. අනික් අර්ථ පක්ෂ යෙහි දී ‘වසන්’ යන්න පදයක් නො වේ. එය ‘වසන’ ශබ්දයෙන් එයි. ‘වසනත්’ යන්න එක ම සමාස පදයෙකි. “වස්ත්රනයෙහි කෙළවර” යන අර්ථ යි.

333

අර්ථ:- විල් නමැති කාන්තා තොමෝ සූර්යයා නමැති ප්රිෙයයා විසින් (පියෙදූ=) එවනලද කැලුම් නමැති රන්මුවා පත්ර ය (=ලියමන) (ඇත්=) ඇතුළත භෘඬ්ගඝොෂය ඇති (මිණි=) බන්ධානය දැදුරු වූ (පිපුනු=) තාමරස නමැති මුඛයෙන් කියවන්නා මෙනි.

විස්තර:- පරෙවි 70 බලනු.

334 අර්ථ:- ලයාන්විත ගීති ගත්තා වූ ගන්ධුර්ව. මණ්ඩලය (=කවිකාර මඩුව) මෙසේ පවසන කල්හි නිරිඳු නින්ද (පසින්=) ප්රථච්ඡින්න කෙළේ (=දුරු කෙළේ) මතු ද? ශ්රනවණ රසායනය ද වින්දේ ය.

විස්තර:- ‘පසින්’ යනු ‘පසිඳ’ දයින් සිද්ධ යි.

335 අර්ථ:- (හුවා=) ඔසොවා අඹරණු (=කරකවනු) ලබන කල්හි හස්තය තෙමේ වලය (=වළල්ල) නැමැති තෝතැන්නෙහි වැඩෙන්නා වූ මුළුලොව දිළිඳුබව මඬින්නා වූ කල්පවෘක්ෂය ගෙණ ඇර දැක්වී ය.

විස්තර:- ‘තෝතැන්න’ නම් වක්කරණු ලබන දිය පිටත ගලායාම වළක්වනු සඳසා ගස්අවට කරණු ලබන ඇළයි. “ආලවාලය” යනු ද ඊට ම නමකි. රජුගේ අත නමැති කප්තුර වැඩීමට තෝතැන්න වූයේ බාහුමූලයෙහි වූ වළල්ල යි. ‘දිළිඳු’ යන්න විශෙෂණයක් වශයෙන් යෙදෙන්නක් වුව ද මෙහි භාව ප්රගධාන කොට යෙදින. ‘දිළිඳුබව’යි අර්ථ කීයේ එහෙයිනි.

336 අර්ථ:- විජ (=බ්රා’හ්මණ)යන්ගේ වෙදමන්ත්රටයෙන් (යුක්ත ව) තෛලපාත්ර:යෙහි සිය රුව බලා නොයෙක් ආශිර්වාරද අසමින් රජ තෙමේ ප්ර:සාධනය කරණ (=සැරසෙන) තැනට වන්නේ ය.

විස්තර:- ‘වේමතුර’ නම් වෙදපාඨ යි. මේ රජ වෛදිකයෙකු හෙයින් වෙදපාඨශ්ර-වණය මඬ්ගලයක් කොට තකයි. ‘තල’ සද තෛලවාචී ය. (රුවන් 381) කැටපත් තිබිය දී තෛලපාත්ර’යෙහි රූපය බැලුයේ එය ශුභදායක ය යන හැඟීම නිසා විය යුතු ය. (කා.ශෙ 8-13)

337 අර්ථ:- අඬ්ගඳ ය, (කළ=) කටක ය, එකාවලී ය යන ආදී නානාභරණයන්ගේ රශ්මියෙන් ඒ නරප්රසවරතෙමේ ජඬ්ගම මෙරුවක විලාසය ගෙණ ඇර දක්වා ලොකයාගේ නෙත් ගත්තේ ය. (=තුටු කෙළේ ය.) විස්තර:- ‘අඟු’ යනු බාහුමූලයෙහි පලඳින වළලු වෙසෙසකි. ‘කළ’ යනු සාමාන්ය්යෙන් අත්හි ලන වළලු වලට නමකි. ‘එකාවැල’ යනු එක් පටක් ඇති මුතුහර යි.

338 අර්ථ:- මණිභුමියෙහි නොයෙක් රුවන්ටැඹ සහිත වූ කනකමය ඡද (=පියසී) ඇති (එහෙයින් ම) සිලිලාරෙන් (=මුහුදින්) නාගසමූහය‍ා අදින්නා වූ ගුරුළුරජුගේ ශරීරය වැනි (346 (=මෙම සර්ගමයේ 32 වැනි) ගීයේ එන ‘වැටුම්මඩු’ යන්නට විශෙෂණ යි.)

විස්තර:- මේ වැටුම්මඬුවෙහි බිම ඉඳුනිල්මිණිමුවා හෙයින් සිලිලාර වැනි ය. කණු නන්රුවනින් නිමි හෙයින් නයින් වැනි ය. වහල රන්මුවා හෙයින් (සමුදුරෙන් නයින් උඩට අදින) ගුරුළාගේ බඳ වැනි ය. (ගුත්තිල කව 398 සසඳනු.)

339 අර්ථ:- සියලු ධරණියෙහි ඔජො (=සාර) රාශි නමැති මහා නදී තිබඳ වදනා වූ ධ්වජ නමැති තරඬ්ග ඇති ස්තුතිසහස්රද නමැති ඝොෂ ඇති රත්නාකරය (=මුහුද) හඟවන්නා වූ (වැටුම්මඬුව)

340 අර්ථ:- එල්බෙන මුතුවැල් විසින් මිණිබිම්හි දෙන ලද ප්රථතිබිම්බ කරණ කොට ගෙණ පුෂ්කරාඬ්කුර ය යි සැක කළ සියගණන් ගෘහහංසයන්ගේ තුඩින් ගෙල් (=පහර) විඳුනා (වැටුම්මඩුව)

විස්තර:- එල්ලන ලද මුතුවැල්හි ඡායාව මේ වැටුම්මඩුවෙහි ඉන්ද්රටනීල භූමියෙහි පෙණෙයි. ගෙවල්හි ඇති කරණු ලබන හංසයෝ එය දැක දියෙහි ‍තිබෙන නෙළුම්දළු යයි රැවටී ගනු පිණිස හොටින් බිමට අනිති.

341 අර්ථ:- අර්චනීය කුසුමයන් (ඔත්=) දැමූ විමල් ඉඳුනින් බිමින් ‍ස්වෙද ජලබින්දු සහිත උපෙන්ද්රරයාගේ (රුදු=) මහත් වූ උරමඬල ඇක්මෙන්නා වූ (=පාගන-පරදවන) – (වැටුම්මඩුව)

විස්තර:- මෙහි ඉඳුනිල් මිණිබිම්හි පුද කුසුම් වෙයි. විෂ්ණුහුගේ ඩාදිය බිඳු සහිත ලපැත්තට ද වඩා මෙය මනහර වෙයි. මේ පොළොව නිල්වන් හෙයින් විෂ්ණුහුගේ ලපැත්ත වැනි වෙයි. මෙහි ‘බිම්නොත්’ යන්න ‘බිම් ඔත්’යි ගෙණ ‘ඇක්මෙන්නා’ යන්නෙහි කර්තෘි ‘බිම්’ යන්න ය යි සැලකිය හැකි ද වේ එවිට ‘ඇක්මෙන’ යන්න ආධාරකාරකයෙහි නිපනැයි ගත යුතු වෙයි. බිම විසින් උවිඳු උර ඇක්මීමට ආධාර වන්නේ මේ වැටුම්මඬුව යි. මෙහි තිබෙන පරිදි නම් වැඩුම්මඩුව ඇක්මීමෙහි කර්තෘම ය. මිණිබිම ඊට කරණ වෙයි.

342 අර්ථ:- මිණිතෙලෙහි බැඳි (=වැටුනු) චඤ්චල ස්වණිධ්වජයන්ගේ ප්රඩතිබිම්බ කරණ කොට ගෙණ ඉතා නිල් වූ අභ්රිගර්භරයෙහි (=වලාකුළු තුළ) (විදුකිඳු=) විද්යුමද්රාජි (=රැහැන් වැනි විදුලිය) ශතසහස්රහයන් හඟවන්නා වූ -(වැටුම්මඩුව) විස්තර:- ස්වර්ණ්ධ්වජයන්ගේ ඡායා මිණිබිමෙහි වැටුනු විට නිල්වලාකුළක වැටෙන විදුලිය රොදවල් මෙන් පෙණේ. “හඟවන්නා” යන්නෙහි කර්තෘව වැටුම්මඩුව ය. ‘දද’ ය යි සලකතොත් වැටුම්මඩුව ආධාර වෙයි. එවිට ‘හඟවන’ යන්න ආධාරකාරකයෙහි නිපනැයි ගත යුතුයි.

343 ‍‍අර්ථ:- ඔටුනු මැණික් නමැති අඬ්කුර රඳනා (=ඇති), අනෙක නරදෙව (=රාජ) නමැති දිව්යඅවෘක්ෂ ඇති, ජනයන්ගේ නෙත් නමැති බිඟුන් විසින් වැලඳ ගණු ලබන සිත් ආකර්ෂමණය කරණ ප්රඳමදාවන් නමැති වැල් ඇති- (උයන්)

344 අර්ථ:- වැරැලි (=එල්බෙන වස්ත්රව නොහොත් වැරැල්ල නම් ගස්) ය, දුහුල් (=දුකූල-පටරෙදි-නොහොත් ජූල්ගස්) ය, පලස් (භූම්යා ස්තරණ නොහොත් පලාශ-කෑල -ගස්) ය, මිහිඟු (මෘදඬ්ග නොහොත් මීගස්) ය, සමත මියුරු ගී (=සමර්ථොයන්ගේ මධුරගීති නොහොත් කොවුලන්ගේ හා මොනරුන්ගේ ගීතිය යන මේ) ඇති, මිණිලකළ අබරණ දර බලරැස් (= මණියෙන් අලඬ්කෘත ආභරණ දරණ හෝ අබරණ හා මුවහත් අවි ඇති භට රාශි නොහොත් මිණිල, කළ, අබ, රණ, දර, බල යන ගස් රාශි) ඇති උද්යාෘනයන් දක්වන -(වැටුම්මඩුව)

විස්තර:- වැටුම්මඩුව උයනක් වැනි ය. අනන්තර ගීයෙහි කී ලක්ෂණ හා මෙයින් පැවසෙන වැරලි ආදිය ද දෙකෙහි ම තිබෙන හෙයිනි. ‘කළ’ යනු බටවෙසෙසකි. ‘රණ’ යනු රණබට ය. ‘දර’ යනු ධාරා සහිත ආයුධ ය. “පොරළ කවසු දර ඇතියහයි” (ධ.ගැ 111-3) යන්නෙහි ද ‘දර’ සද ඒ අර්ථය දෙයි. උද්යායනපක්ෂයෙහි දී ‘දර’ යනු දරට ගන්නා ගස් ය. ‘බල’ යනු ලුණුවරණ ය ල-ළ දෙක්හි අභෙදය සැලකීමෙන් ‘බල’ යි ද ‘බළ’ යි ද ගෙණ අර්ථ දෙකක් දක්වන ලදී. සංස්කෘතයෙහි ද මෙබඳු තන්හි ‘ර-ල, ඩ-ල, ශ-ස, බ-ව’ යන අක්ෂකරයන්ගේ සමානත්විය සලකනු ලැබේ. සංස්කෘතයෙහි මූර්ධ ජ ළකාරයක් නැත. පාලියෙහි හා සිංහලයෙහි ද තිබෙන්නේ එක ම ලකාරයාගේ රූප දෙකක් පමණකි. උච්චාරණයෙහි දී ‘ල-ළ’ යන දෙකෙහි විශෙෂයක් නො ඇසේ. ‘ලළනමවිසෙසො’ යි පාලියෙහි දී කීයේ එහෙයිනි.

345 අර්ථ:- මහබඹහුගේ වැටිසන (=තෙලිකුරුසලකුන-කටු සටහන) ඇරගෙණ (ඇජර=) ආචාර්යවචන නමැති තෙලිකුරෙන් මහාග්රහන්ථ නමැති රූපයන් (තවර කළ=) සිතියම් කළ ව්යගක්තයන්ගේ සභාවෙන් ශොභමාන වූ (වැටුම්මඩුව)

විස්තර:- ‘වැටිසන්’ යනු සිතියම් අඳින්නට මත්තෙන් ගසා ගණු ලබන කටුසටහනයි. මේ පදය සසදාවෙහි 17 වැනි ගීයෙහි ද යෙදින. වෙදය පමණක් නො ව සෙසු ශාස්ත්ර ද මහා බ්රිහ්මයා විසින් ම පළමු කොට සැකෙවින් දක්වන ලදැයි බමුණෝ අදහති. එසේ සැකෙවින් දක්වන ලද්ද මෑත සිටි ප්රාෙඥයෝ ආචාර්යයචනයන්ගේ උපකාරයෙන් නොයෙක් අයුරින් විස්තර කොට මහාග්රඥන්ථ රචනා කළහ. ඒ මහාග්රසන්ථයන්ට මුල් වූයේ මහබඹා සැකෙවින් උදෙසූ සැලස්ම යි. එබඳු මහාග්ර න්ථයන් රචනා කළ ව්යහක්තයෝ මේ වැටුම්මඬුවෙහි වූ රාජසභාවේ උන්හ.

‘වැටි’ යනු වතීතිකාවට (=තෙලිකුරට) න‍ෙමකි. එයින් කළ සන (=සලකුන) ‘වැටිසන’ නමි. මහබඹා සැකෙවින් දක්වන ලද්ද වැටිසනක් වැනි ය. එය රැගෙණ කළ මහාග්ර්න්ථ වැටිසනක් බලා ඒ අනුව කරණු ලබන නානාවර්ණුවත් විචිත්රමචිත්ර් වැන්න.

346 අර්ථ:- මෙසේ විචිත්ර්ශ්රීචයට නිධාන වූ ආස්ථානමණ්ඩපයට ප්රථවිෂ්ට ව ඒ නිරඳු තෙමේ ත්රි්කූටපර්වරතාග්ර යෙහි ස්වර්ණපමෙරුව දක්වා (=වැනි ව) සිංහාසනය සැදී.

විස්තර:- මහමෙර පිහිටියේ ත්රිගකූටපර්වීතමස්ථකයෙහි ය. මෙ රජ මහමෙර වැනි ය. සිහසුන තිකුළ වැනි ය.

347 අර්ථ:- එකෙණෙහි ඔකාවස්රජ නමැති සූර්යයා වැජඹීමෙන් පෙරමඟට පැමිණි (මදු) නිරිඳු තෙමේ නැමැ (=ඔකාවස්රජු) වැඳ වක්ත්ර පද්මය පෙබයී.

විස්තර:- හිරු දුටු විට පියුම් පුබුදු වේ. මේ ඔකාවස් නිරිඳු නමැති හිරු දැක්මෙන් පුබුදු වූ පියුම නම් මදුරජුගේ මුහුණ යි. ඔකාවස්රජු දැක ඉතා තුටු වී ය යි සේ යි.

348 අර්ථ:- ඒ නරෙන්ද්ර යෝ දෙදෙන (අද=) අවුත් වැටුම්මඬුවෙහි ආසන නමැති අම්බරයෙහි (=අහසෙහි) හිඳ සුරාචාර්යයා (බෘහස්පතිහු) ය, ශරච්චන්ද්රුයා ය යන දෙදෙනාගේ සමාගමය (=එක්-එකරාශිගත-වීම) සිත්හි හා ඇස්හි ඇඳියාහු ය.

විස්තර:- ‘සුරඇජරා’ යනුවෙන් බෘහස්පති තාරකාව ගැණේ. එය මහත් තරුවකි. එහෙත් පෙණෙන්නේ සඳට වඩා කුඩා ව ය. සරාසඳ වෙත පත් ගුරුතරුව යම් සේ පෙණේ ද, ඔකාවස් රජුවෙත හුන් මදුනිරිඳු ද එසේ පෙණින. ගුරු සඳු දෙදෙනාගේ සමාගමය සිතෙහි හා ඇසෙහි ද ඇඳෙන්නේ එහෙයිනි.

349 අර්ථ:- මද්රෙෙන්ද්ර්තෙමේ “එක්සත් කළ ධරණියෙහි විපුල (=මහත්) වූ ශ්රී,සාරය ම යෙහෙන් වැළ‍ඳේ (වළඳනු ලැබේ) දෝ” යි (ඔකාවස්නිරිඳු ගෙන්) පිළිවිත්.

විස්තර:- ‘වැළ‍ඳේ’’ යනු කර්මතකාරකයෙහි නිෂ්පන්න ය. “ඔබ විසින්” යි කර්තෘවපදය අධ්යරහාර කළ යුතු ය. ‘සිරිසර’ යනු උක්තකර්මයය යි.

350 අර්ථ:- ඒ වචනය අසා (ඔකාවස්) රජතෙමේ “චතුස්සාගරය අන්ත කොට ඇති මුළු පොළොවෙහි සකලශ්රීදසාරය ම (අප විසින්) යෙහෙන් වැළ‍ඳේ ය” යි පිළිතුරු දුන්නේ ය.