කව්සිළුමිණ-කව්සිළුමිණ-viii
201 අර්ථ:- නරෙන්ද්ර තෙමේ මෙසේ ඇතුළු සිතින් (පිරිමදිමිනි=) කල්පනා කරමින් “බමුණෙනි, ප්ර තිෂෙධය (=බාධාව) කල් හා නැකැත් (මත්=) පමණකි. ඒ (කාල නක්ෂත්රම) පවිත්රැ (ශුභ) ද?”(යන) මෙය කී ය.
විස්තර:- මදුරජ යට කී සේ කල්පනා කොට කුසරජුට සියදුව විවාහ කර දීමට තමාගේ ප්රනතිෂෙධයක් නැති බවත් ඇති එක ම බාධාව නම් කාලනක්ෂත්රප පමණක් ය යන බවත් පවසා එය පවිත්ර දැ යි බමුණන් විචාර යි. විවාහයට කාලනක්ෂත්රි බාධක වන්නේ ඒ ශුභ නො වීමෙනි. උමංදාවෙහි පෙණෙන “තොප විසින් විචාළ මනා මඟුලට යොග්යි නක්ෂත්ර යෙක් ම ය.” යනාදිය ද සසඳනු.
202 අර්ථ:- එසේ ද වුවත් පබවත ප්ර්ත්ය”ක්ෂ කොට (=දැක) ඒ විලාසය (=රන්රුව) හා (සිමියෙත=) සමාන වත් හොත් ඒ ප්රාවෘත්තියෙන් කුසරජුගේ කණ (ඳවා=) සරසවු.
විස්තර:- ‘සිමියෙත’ යනු ‘සම’ සදින් සිද්ධ ‘සිමි’ යන නාමධාතුවෙන් නිපන් අසම්භාව්යරක්රිායාපද යි. ඒ ධාතුව (වර්තපමාන) ‘සිමියේ’ (අතීත) ‘සිමියිනි’ යනාදීන් වර නැඟේ.
203 අර්ථ:- නරෙන්ද්රඅ තෙමේ මෙසේ කියා ප්රිභාවතී චන්ද්රි කාව කැඳවනු පිණිස ප්ර තිහාරියකගේ මුඛය නමැති ඵුල්ලපද්මයට නෙත්රී නමැති භෘඬ්ගයන් (විහිටී=) විහිදී (=යැවී ය) (මුහුණ බැලී ය යි කී සේ යි)
විස්තර:- ‘පබවතසඳ’ යනු සමාසයෙහි පූර්වාදවයවය අකාරන්ත වීමෙන් සිද්ධ ය.
204 අර්ථ:- (හො=) ඕ තොමෝ මන්දාලස්යයගමනය (=හෙමින්, ලලිත සේ, කරණ ගමන) කලහංසයන්ට ම ප්ර්තිබද්ධ (=අයත්) කොට ගොසින් (පබවත) කැඳවූවා ය. පබවත් තොමෝ ජඬ්ගම (=ඇවිදින) කල්පලතාවක ශ්රිාය (=ආකාරය) පෑවා ය.
විස්තර:- කාන්තාවන්ගේ ගමන මන්ද ය. අලස ය. ලීලොපෙත ය. එබඳු ගමන් කලහංසයන්ට ද ඇත්තේ ය. (හංස 21) පිළිහැරිය ද කාන්තාවකි. එහෙත් දැන් රජුගේ අණක් ලැබූවකි. රජුගේ අණින් යන විට යුහුසුලු ගමන් මිස මඳලස ගමන් නුසුදුසු යි. එහෙයින් මඳලස ගමන් හැර යුහුසුලුගමන් ගත්තා ය. එකල්හි මඳලසගමන ඇය වෙත නො ව හංසයන් කෙරෙහි ම වී ය. ඕතොමෝ එසේ ඉක්මනින් ගොස් පබවත කැඳවූ ය. පබවත් තොමෝ ඇවිදින කල්පලතාවක ආකාරය දැක්වූ; හෙවත් ගමන් ගත්තා ය. ‘කප්ලිය’ යනු සිතු පැතූ දෙය දෙන ලතාවකි. කල්පවෘක්ෂ ශාඛාව ද ‘කප්ලිය’ නම් වේ. කප්ලිය වස්ත්රාකභරණයන්ගෙන් සැරසුනේ වෙයි. පබවත ද එසේ ය. එහෙයින් දෙදෙන සමාන වෙති. ‘පා’ ධාතුවෙහි අතීත ආඛ්යා තය ද කෘදන්තය ද පූර්ව ක්රි යාපදය ද ‘පෑ’ යන පදරූපය යි. “දැගුම්කප්ලියසිරි පෑ (=දක්වා) ගොසින්” යි කීමට නම් 3, 4 වැනි පාදයන් පෙරළා තැබිය යුතු ය.
205 අර්ථ:- පියොවුරුබර උසුලා (නො සැහැ එව්=) නො ඉවසා මෙන් (දුවන්=) ජඝනය (=උකුළ) මෙඛලාව කරණ කොට ගෙණ ද ඒ දෙ බර කරණ කොට ජඬ්ඝායුග්මය (=කෙණ්ඩා දෙක) නූපුර (සලම්හි) නාදයෙන් ද (ගුගුරණ=) හඬන වැනි වූවා ය.
විස්තර:- මේ පබවත වැණුමකි. ඇගේ ජඝනයෙහි මෙවුල ද දඟයුවලෙහි නුරුවළා ද නාද කර යි. එය ඇගේ පියොවුරුබර උසුලා නො ඉවසිය හැකි ව ජඝනය ද, පයොධරයන්හි හා ජඝනයෙහි ද බර නො ඉසිලිය හැකි ව ජඬ්ඝායුග්මය ද හඬන්නාක් වැනි ය. ඇගේ පියොවුරු මහත් ය. එහි බර එන්නේ ජඝනයට ය. ඊට එය ඉසිලිය නො හැකි තරම් වේ. නො ඉසිලිය හැකි තරම් බර පැටවුනු විට හැඬෙනු සිරිනි. ඇගේ ජඝනය ද පළල් ය. විශාල ය. එයින් ඉසිලෙන පියොවුරුබර හා එහි සියලු බර ද එන්නේ යුගදහ මතට ය. ඒ ද ඒ දෙබර ඉසිලිය නො හැකි ව නූපුරනාද ව්යායජයෙන් හඬන්නාක් මෙනි. ‘ගුගුරණ’ යන්න ‘පබවත්’ යන්නට විශෙෂණ යි. එහි කර්තෘද ‘දුවන්’ යුවලදඟ’ යන දෙපදය යි. ‘මෙවුල්නි, නුරුරැවුනි’ යන දෙක කරණ යි. ‘පබවත්’ යන්න ආධාර යි. එහෙයින් එය ආධාරකාරකයෙහි නිෂ්පන්න යි.
206 අර්ථ:- නඛරශ්මියෙන් (අනඟ=) ඌනාඬ්ගයා (කාමදෙවයා) ගේ යශස ද (තුනුකෙසරරැජින්=) තුනී වූ රොමරාජියෙන් (අනඬ්ගයාගේ ) උදහස ද (ලවනත්=) තොල් හා අත්ල ද යන දෙකින් තෙද ද (වහස්=) විහාසනිරීක්ෂණයෙන් (=මඳසිනා සහිත ව නෙත් කොණින් බැලීමෙන්) ශර (=ඊතල) රාශිය ද (ඇර පෑ)
විස්තර:- නියරැස් සුදු හෙයින් යශස වැන්න. පබවත පිරිවැරු කතුන්ගේ නියරැස් කාමොත්පාදයට හෙතු වන හෙයින් අනඟාගේ යශස බඳු ය. රොමයෝ සියුම්අග ඇතිහෙයින් අනඬ්ගයාගේ කොපය වැනි ය. අන් තැනෙක දී අනඬ්ගයාගේ කොපය සදල (=කුසතණ) වැන්නැයි කියන ලදී. කුසතණ සියුම් අග ඇත්තේ ය. ඒ කතුන්ගේ තොල් හා අතුල් රක්තවර්ණ් ය. රාගොත්පාදක ය. එහෙයින් කාමයාගේ තෙද වැන්න. විහාස නිරීක්ෂණය අනඟාගේ ශරරාශියක් වැනි ය. එය ද කාමය උපදවන හෙයිනි. ‘වහස්බැලුම්’ යන අරුත්හි ‘වහස්’ යන්න ම ඇතැම්හු යෙදූහ. (සි. ල 311 ගීය බලනු) (දහම් 32 සසඳනු.)
207 අර්ථ:- (රැපෑ=) ගෙණ ඇර දැක්වූ නානාභරණයෙන් සුසජ්ජිත වූ දීර්ඝාවක්ෂින් (=කතුන්) මධ්යණයෙහි (සහතර=) රශ්මි සහිත තාරකාවලියෙන් (සත්=) ඡන්න වූ (=පිරිවැරූ) ශරච්චන්ද්රය ලෙඛාව ප්රකකාශ කළා ය.
208 අර්ථ:- බැම නමැති ලතාචාපය, කන් නමැති පාශය, නෙත්රන නමැති ශරය යන මේ කරණ කොට ගෙණ (නරඟහු=) අනංගයාගේ විශාල ආයුධශාලාශ්රිණය ශරීරයෙන් උද්වහනය කළා ය.
විස්තර:- පබවතගේ ශරීරය අනඬ්ගයාගේ විශාල ආයුධ ශාලාවක් වැනි ය. බැම අනඬ්ගයාගේ ලතාචාප වැනි ය. සවන් පාශ (=මලපුඩු) වැනි ය. නුවන් ඊ වැනි ය. අනඬ්ගයාගේ දුන්න පුෂ්පමය ය යි සංස්කෘත කවීහු කියති. සිංහල කවීහු එය ලිය (=වැල)කින් සාදති. එහෙත් මයුර සන්දෙශකාරයෝ “මලින් දුන්න ගත්තේ” යනුවෙන් අනඬ්ගයා මල් දුන්නක් ගත්තෙකු බව කියති. සමහර කවීහු අනඬ්ගචාපය උග්ගසින් ද සාදති. (සසදා.91 සහ පරෙවි 50 ද බලනු.)
209 අර්ථ:- (වැළ=) ඉදුනු බිඹු (=කොවක්කා) ගෙඩි වැනි තොල් , කිසලය (=ලාදලු) වැනි අත් ය, තාමරස වැනි පතුල් ය යන මෙයින් ද (හෙම්පැහැන් හා=) රන්පැහැයෙන් ද පබළු 9ඉපිලි=) ඉල්පුනු (=පා වුනු) උත්තරසාගරයෙහි දර්ප්ය (හළ=) දුරු කළා ය.
විස්තර:- උතුරුසයුර නම් මහමෙර උතුරුදිගින් පිහිටි සාගරය යි. මහමෙර උතුරුදිග රන්මුවා ය. ඒ දිග පෑ පතළ මුහුද ද රන්වන් ය. (බු. ස 77 අංශය) . ඒ උතුරුමුහුදෙහි පබළු ඉල්පී තැන තැන තුබුනොත් අතිශය රමණීය ය. එය එහි දර්පරයට කරුණක් වෙ යි. ඒ දර්පනය පබවත දුරු කර යි. පබවතගේ තොල් හා අතුල් පතුල් ද රක්තවර්ණ ය. වැළබිඹු කිසල තඹරු වැනි ය. හෙම්පැහැ මතුවෙහි තිබේ. ඒ සියල්ල රන්වන් වු උතුරුසයුර මතුපිට ඉල්පෙන රතු පබළුවලට ද වඩා දැකුම්කලු ය. එහෙයින් උතුරුසයුර පරදි යි. පැරදුනෙකු තුළ කවර දර්ප.යක් ද? පබවතගේ දෙදන උතුරුසයුරෙන් නැඟි බුබුලු යුවලක් වැන්නැයි අලගියවන්නයෝ (කුසදා 215) කීහ. උතුරුසයුරෙහි පබළු සුලබ නො වේ. ඒ සුලබ වන්නේ පැළසයුරෙහි ය. ‘පැහැන්’ යනු ‘පැහැ’ සදින් ‘ති’ විබත ව අන්ත්යන ඉකාරය ලොප් වීමෙන් සිද්ධ වේ. ‘නැහැයෙන්’ යනාදිය හා සසඳා බලන විට ‘පැහැන්’ යනු අපපාඨය යි පෙණෙතත් සුපාඨයකි. බොහෝ කව්සිළුමිණි පැරණි පිටපත්හි ද, ධර්මයප්ර දීපිකාවෙහි “සිවිපැහැන් වනඅතුරු හොබවමින්” (273 පිට) යනාදි තන්හි ද, සියබස්ලකරෙහි (පැරණි) 88, 117 වැනි ගීවල ද ‘පැහැන්’ යන්න පෙණේ.
210 අර්ථ:- (වසා=) රොමරාජි නමැති කුඹගස ඇති උතුරු සළුව නමැති (ලුවර=) ලකාර (=රුවල්) ඇති රශ්මිය නමැති මාණික්යේ ඇති (ශෘඬ්ගාර) රස නමැති මෙරය (=මද්යඋය) ඇති අනඬ්ගයා නමැති කර්ණපධාරයෙකු ඇති (පබවතගේ) ශරීර නමැති නැව සභාව නමැති දෙශයෙහි නෙත්රධ නමැති තීර්ථය ගත්තේ ය. (=වරායට පැමිණියේ ය)
විස්තර:- පබවතගේ ශරීරය නැවකි. ඒ නැවෙහි කුඹගස නම් වසාරොද ය. රුවල නම් උතුරුසළුව ය. එහි පැට වූ මාණික්ය නම් ශරීරකාන්ති ය. එහි තුබූ මද්යවය නම් ශෘඬ්ගාර රසය යි. දැන් එය යාත්රාන කරන්නේ සභාව නමැති දෙසට ය. එය ද්ර වවන කර්ණුධාරයා- නියමුවා-නම් අනඬ්ගයා යි. එය දැන් පැමිණි වරාය නම් සභාවෙහි වූවන්ගේ නෙත්රා යි.
‘රස්මෙණ’ යන තන්හි ‘මෙණ’ යන්න මණිවාචි ය. මණි ශබ්දය ‘මිණි, මෙණ, මැණ, යන තෙඅයුරකින් සිංහලයට එයි. ‘නිරිඳුමෙර’ යන්න වෘත්තය බිඳිනු පමණක් නො ව නිරර්ථක ද වේ. නිරිඳු තුනුනැවෙහි අවයවයක් විය නො හැකි ය. ‘මෙර’ යන්නට ‘මෙරුපර්වැත’ යන අර්ථය ද නුසුදුසු ය. නැවෙහි මෙරක් විය නො හැකි ය. ‘කන්දර’ යනු නැව පදවන්නා යි. ඒ සඳහා වර්තිමාන සමාන්යරව්යවහාරයෙහි ‘කප්පිත්තා’ යි යෙදේ.
211 අර්ථ:- නොයෙක ජනයන්ගේ නෙත්රඅප්රාභාරාජි නමැති යොත් දහස්ගණනින් අදිනු ලබමින් මෙන් විමානය ශරීරකාන්තියෙන් අලොක කොට (ඒ ශරීර නෞකාව ) සභාවට වනි.
විස්තර:- සබාවෙහි වූවෝ පබවත දෙස ම බලන්නට වූහ. ඔවුන්ගේ නෙත්රියන්ගෙන් නිකුත් වූ කාන්තිධාරා යොත් මෙන් වී ය. නැව යොත්වලින් ගොඩ බිම දෙසට අදිනු ලැබේ. පබවතගේ ශරීරනෞකාව සභාව නමැති ගොඩබිම දෙසට ඇදුනේ නෙත්පැහැ නමැති යොත් වලිනි. ‘ඇයෙම්හි’ යනු ඇදීමෙහි වැටෙන ‘අය’ දයින් කර්මඇකාරකයෙහි ‘මිති’ ප්රතත්ය ය වීමෙන් සිද්ධ යි.
212 අර්ථ:- මුකුලිත වූ හස්තතාමරසයන් පැලැන්දා වූහෝ තොමෝ නිරිඳුගේ බැලුම් නමැති අභිෂෙකතොයය. (=ජලය) දොහොතින් (උකහා=) උසුලාගෙණ මස්තකයෙන් උසුලන්නියක මෙනි.
විස්තර:- දෙ අත් හිස මත තබා රජු වැඳ ගෙණ සිටි පබවත කෙබඳු ද? රජුගේ බැලුම් නමැති අභිෂෙකජලය දෑතින් ගෙණ හිස තබා උසුලාගෙණ ඉන්නාක් මෙනි. ‘උසුලා’ යන්න ආඛ්යා තක්රිියාපදයකි. ‘මෙන්’ යන්න උත්ප්රෙලක්ෂාද්යෝ්තකනිපාත යි. වර්තමාන ව්යිවහාරයෙහි ආඛ්යා ත පදයන්ගේ පර ව මෙ බඳු නිපාත නො යොදනු ලැබේ. එහෙයින් ම ‘උසුලන්නියක මෙනි’යි අර්ථ කියන ලදී.
213 අර්ථ:- රජහුගේ (ඉංගෙන්=) අභිප්රාියෙන් සෙමෙන් (අද=) අවුත්(පසැහි) පශ්චාද්භාගයෙහි (නැසී=) සැඟවී (=නො පෙණී) කල්පවෘක්ෂය සමීපයෙහි මඳක් (ලෙල=) සෙලවුනු ස්වර්ණ ලතා කලාපයක්හි විලාසය කළා ය.
විස්තර:- රජ කප්තුර වැන්න. රජු පසුපස සිටි පබවත කප්තුරක් වෙත වූ රන්මුවා වැලක් වැන්න. මේ ගීයෙහි පූර්වාකර්ධයය සිදතෙහි ද එ යි. 214 අර්ථ:- දූතජනතෙමේ නෙත්රක නමැති කැටපතෙහි වැජඹුනු (=පැවැති) ප්රෙතිබිම්බ නමැති (මුඬුනෙන්=) රුකුලින් ඇසිපිය (හම්නා එව්=) වැටෙන්නට නො දී නවත්වා ගෙණ මෙන් ඇගේ යහපත් දර්ශෙනය (වොලොගත්=) විලුම්පනය කෙළේ යි.
විස්තර:- දූතජනයෝ ඇසිපිය නො හෙළා පබවතගේ රූප සෞන්දර්යය බලාගත්හ යනු කී සේ යි. ඇසිපියන් නො වැටුනේ දූතයන්ගේ ඇස්හි වැටී තිබුනු ඇගේ ඡායාව නමැති රුකුලින් (=කරුවෙන්) ඇසිපිය රඳවා තැබීමෙන් මෙනැ යි කවීහු උත්ප්රෙනක්ෂා කරති. ‘මුඬු’ යනු රුකුලට නමි. (රුවන් 582) ‘හම්නා’ යනු ‘හම්න’ දයින් සිද්ධ පූර්වටක්රිටයා යි. ‘වොලොගත්’ යනු ‘විලොප’ ශබ්දයෙන් ආ ‘වොලො’ යන්න හා ‘ගත්’ දය ද එක් ව සිද්ධ ‘වොලොගත්’ යන දාතුවෙන් සිද්ධ යි.
215 අර්ථ:- ඒ (දූත) ජනතෙමේ නිල් නෙත් නමැති ප්ර්ණාලින් (=නළ=පයිප්ප) ලා ඇයගේ රූසයුර රිසි සේ (අය=) ආකර්ෂ=ණය කොට බොන කල්හි රොමොද්ගමනයෙන් ශරීරයෙහි විශාල විලාසය දැක්වී.
විස්තර:- ඇගේ රූප සෞන්දර්යයෙහි කෙළවරක් නැත. එහෙයින් එය සාගරයකි. දූතජනයෝ ඒ සාගරය උරාබොන්නට වන්හ. කෙසේ ද? නිල්නෙත් නමැති ප්ර්ණලීන් ලීමෙනි. මේ ‘ඇයගේ රුව ඉතා ආශාවෙන් බැලූහ’යි කී පරිදි යි. දිය බොන විට ශරිරයෙහි විශාලත්වයක් විය යුතු ය. එය ද දූතයන් තුළ වී ය. එය වූයේ ලොම් කෙළින් සිටුම ලෙසිනි. පුදුමයක් දුටුවිට රොමොද්ගමනය වෙ යි. පබවතගේ රුව ආශ්වර්ය ය. එය දැක්මෙන් දූතයන්ගේ ශරීරයෙහි රොමොද්ගමය වී ය. එය ඇගේ රූසයුර නෙත්පෙණෙලින් බීමෙන් වූ මහත්බව වැනි ය යි කවීහු සිතති.
216 අර්ථ:- (නො සේ=) ඉදින් (=යම් ලෙසකින්) ස්වර්ණරරූපය මොවුන් අභිමුඛයට (ලැගුව=) ලං කළ හොත් (වහස්=) අපහාසය කොතරම් වේ දෝ හො යි (හැඟි=) සිතූ එක් දූතයෙක් මෙය (වී=) කී ය.
විස්තර:- දූතයන් ගෙණා රන්රුවට ද වඩා පබවත අතිශය ශොභාසම්පන්න ය. එහෙයින් පබවත වෙතට රන්රුව ලං කළහොත් එය දෙවඟනක වෙත සිටින වැඳිරියක මෙන් වේ. එහෙයින් ඊට ලැබෙන අපහාසය ඉතා මහත් වේ. ‘නොසේ’ යනු ‘ඉදින්’ යන අර්ථය දෙන නිපාතයකි.
217 අර්ථ:- අද මද (=අනංග)යාගේ (දෑමඟුල්=) ජන්මොත්සව මඬ්ගලය යි. විශ්රදම්භය (=ප්රෙයමය) නමැති රජුහට අභිෂෙකය යි. (=ඔටුනු පැලඳවීමයි.) නෙතට ද සිතට ද (සැණ=) ක්ෂණ (=උත්සව) සමයයෙකි. රාජ්යාහ්රී)තොමෝ සහායශ්රී ක් ලැබුවා ය.
විස්තර:- ‘දැමඟුල්’ නම් උපන් දින නිමිති කොට කරුණු ලබන උත්සවය යි. “අද මදයාගේ දෑමඟුලැ” යි කීමෙන් “අන්වර්ථ මදයා උපන්නේ පබවත දුටු අද ය. පෙර ‘මද’ හෝ ‘අනඬ්ග’ය යි යමක් තුබුනේ නම්, එය ඒ නමට සුදුසු නො වේ. එහෙයින් පෙර ‘මද’ යන්න ආරූඪ නාමයක් වී ය. පබවත දක්නා මේ කාලයෙහි ම අන්වර්ථ වූ සැබෑ මදයා උපන” යනු හඟවති. මත් කරන්නේ මද යි. විසඹරජ පෙර ද සිටියේ ය. එහෙත් රජෙකු වශයෙන් බලවත් ව නො වේ. රජෙක් වන්නේ අභිෂෙකයෙනි. පබවත දන්නා මෙකල්හි ම ඒ විශ්රයම්භරාජයා අභිෂෙක ලැබීමෙන් බලවත් වී ය. සැණකෙළියෙහි දී සෙසු වැඩ අත්හැර ප්රීජතිසුඛ විඳීම ම සිරිති. දැන් නෙත හා සිතත් පබවත දැකීමෙන් අමන්ද ප්රීතතිසුඛ වින්දනය කර යි. එහෙයින් මේ කාලය නෙත්සිත්වලට උත්සව සමයයකි. රාගය හා ප්රෙසමය ද උපදින්නේත් නෙත්සිත් සැනහුම්රස ලබන්නේත් පබවත දැක්මෙන් ම ය යි කී නියා යි. කුසරජුගේ රිසියට අනූන වූ බිසොවක ලදබව ‘සභාසිරි ලද’ යන්නෙන් දක්වති.
218 අර්ථ:- මෙසේ ඒ දූතතෙමේ පවසමින් (=පවසා) (දූ දනන් එක් වැ=) අනික් දූතජනයා හා සමග නිරිඳුහුගේ නෙත්රව නමැති චින්තාමණි ලැබ (=රජුගේ බැල්ම ලබා) (සරණනියකැල්මන්=) (රජුගේ) චරණඛකාන්ති මුදුනෙහි (ඔත්=) බැගී ය. (පාමුල හිස තබා රජු වැන්දහයි සේ යි.) 219 අර්ථ:- එවෙලාවෙහි ‘වඩිතොත් (=වඩින්නට) (සඳැ වි=) කාලය’යි කියූ ප්රලතීහාරියකගේ (හස් ලැගෙමින්=) අංශයට සමීප වෙමින් ඇඟ ලොමුදෙහෙන් සදමින් රජතෙමේ විමානයට වන්නේ ය.
විස්තර:- ‘හස්’ යනු ‘පස්’ සදෙහි පකාරයට හකාරය වීමෙන් හෝ ‘අංශ’ හබ්දයෙන් සිංහලයට ආ ‘අස්’ යන්නට මුලින් හකාරය ආගම වීමෙන් හෝ සිද්ධ වෙ යි. ‘පිරිපුන්’ යන්න ‘පිරිහුන්’ යි පැරණියෝ යෙදූහ. එහෙයින් පකාරයට හකාරයවීම අමුත්තක් නො වේ.
220
අර්ථ:- රූපය ගත් සගල්පුරයට පත් දූතජනයා ඒ කාන්තාව දැක සොම්නසට පත් පරිදි කියූ සර්ගලය
සතර වැනි යි.
චතුර්ථසර්ගියෙහි ව්යා ඛ්යා ව නිමි.
5.සර්ගය.
221 අර්ථ:- (එතර=) එකෙණෙහි (සකුස්=) වහා සතොසින් එ පුරෙන් නිකුත් වූ දූතජනතෙමේ ප්රගභාවතියගේ ප්රිවෘත්තිය නමැති (පස්කැන්=) කුණ්ඩලාභරණය දරා කුශාවතී නගරයට (යා=) ගමන් ගත්තේ ය.
විස්තර:- 130 වැනි ගීයෙහි වූ ‘සකුස්’’ යන්නට කී අර්ථය මෙහි නො යෙදේ. ‘සකුස්’’ යන්න මෙහි දී ක්රි’යාවිශෙෂණ නිපාතයක් ලෙස යෙදින. ‘පස්කැන්’ යනු කර්ණිභරණයට නමි. කණ සරහන දෙය කර්ණයභරණ යි. පබවත් පුවතද අසන්නන්ගේ කන් පිණව යි. එහෙයින් ම සරස යි.
222 අර්ථ:- මුඛගර්භරයෙහි (=මුවතුළ) (අස්කළ=) මුද්රාල තැබූ පුවත (ඔදින්=) ප්රයවෘත්තියෙහි ආඩම්බරයෙන් (අද=) අවුත් රජවිමනට පිවිස සිත් (=චින්තා) නමැති ලතාවන් පලගත් පරිදි වක්ත්රනයෙන් (කියොලා=) ප්ර්කාශ කොට-
විස්තර:- පබවත්පුවත තිබෙන්නේ දූතයන්ගේ සිතෙහි ය. නිකුත් වන්නේ මුවිනි. එහෙයින් අස් (=මුද්රා ) කෙළේ මුවෙහි ය. ඒ පුවත කාට වත් නො පවසා රැකි බව ‘අස් කළ් යනුවෙන් දක්වති. රජුන්ගේ විවාහ සම්බන්ධ කරුණු රහස් ලෙස ම පැවැත්වීම දක්ෂ මන්ත්රී න්ගේ චාරිත්රුයකි. එසේ මුද්රා තැබූ සේ රැකි ඒ පුවත දූතයන්ගේ ආඩම්බරයට හේතුවකි. රජුට හා රජයටත් ඉතාමත් අවශ්යු වස්තුවක් සොයාගත්තෙක් රජවිමනට පිවිසීමට බිය වෙයි ද? ඒ දූතයෝ ද නිර්භතය ව ම - ආඩම්බර සහිත ව ම- රජවිමන් පිවිසියහ. “කුසරජුට බිසොවක් ලැබේ දෝ? නො ලැබේ දෝ?” යන චින්තාව සඵල වූ බව ඔවුන්ගේ පිණාගිය මුහුණින් ම ප්රබකට වී ය.
223 අර්ථ:- විරුහු (කුසරජු=) ගේ දෙගුරුන් චරණනඛරශ්මි නමැති අහස්ගඟෙහි වැටී පවිත්රක වූ මස්තකයෙන් (යුක්ත ව) දූතජනතෙමේ (ඔත්=) බැහූ-තැබූ (මුවහස්=) මුඛමුද්රාතව (බින්=) බින්දේ ය.
විස්තර:- ශුභක්රිරයාවක් කරන්නට මත්තෙන් ඉස් සෝදා නහා පිවිතුරු වීම චාරිත් ෙයකි. මේ දුතයන් දැන් සැරසෙන්නේ සියමුව තුළ අස් ඔබා රැකි නිධානයක් වැන්නක් මතු කර දැක්වීමට ය. එහෙයින් ඹහු ගඟට බැස ස්නානය කළහ. ඒ ද නිකම් ගඟක් නො ව අහස්ගඟ ය. කිනම් අහස්ගඟ ද? කුසරජහු ගුරුන් සරණ නියරස් නමැති අහස්ගඟ ය. අහස්ගඟෙහි දිය නෑමෙන් පව් සේදී යතැයි සමහර බමුණෝ අදහති. ‘අහස්ගඟ’ යනු ගඬ්ගානදියට අනික් නමකි. ‘කුසරජුගේ මවුපියන්ගේ දෙප වැඳ පබවත් පුවත කීහ. යනු කී පරිදියි.
224 අර්ථ:- එකෙණෙහි ඒ උතුමා වහා (කැඳැ වනු වස්=) කැඳවාගෙණ එනු පිණිස (මා=) මවු තොමෝ චාරපාලිකාවක දෙසෙහි නීලනෙත්රණ නමැති රහොයෂ්ටිය දුන්නා ය.
විස්තර:- කුසරජුගේ මවුතොමෝ කුසරජු වහා කැඳවා ගෙණ එනු පිණිස ප්ර-තීහාරියකට අණ කළා ය. එහෙත් වචනයක් නො ඇසින. පිළිහැරියගේ මුහුණ දෙස බිසොව බලනු පමණක් පෙණින. පිළිහැරිය කුසරජු කැඳවාගෙණ එනු පිණිස ගියා ය. ඒ අණ ඇගේ කණටම කර කීවක් වැනි වී ය. ඊට රහස්යටක් වුවමනා ය. ඒ රහස්යට නම් බැල්ම ය. මුහුණ බැලීමෙන් ම පිළිහැරිය එහි අදහස වටහා ගත්තා ය. මුහුණ බැලීමෙහි දී දෙවියගේ නෙත්රහයෙන් කාන්තිධාරාවක් පිළිහැරියගේ මුවෙහි වැදී සිට ගත හොත් එය රහස්දඬක් වැනි වෙයි. ‘රහස් යටි’ නම් රහස් කීම සඳහා ගණුලබන රිටක් වැන්නකි. එහි එක් කොණක් රහස් කියන්නාගේ මුඛය වෙතද අනෙක් කොණ අසන්නාගේ කණ ලඟ ද රැඳෙ යි. ඇතුළෙහි සිදුරු ය. සිදුර දිගේ ශබ්දය ගොස් අසන්නාගේ කණට වදියි. බැහැරට නොයෙයි. හංස සන්දෙශ ග්රඅන්ථපදවිවරණයෙහි ‘රහස්යටි’ යන්නට “ආරක්ෂක මුක්තාලතා” ය යි අර්ථ කියන ලදී. ඒ අර්ථය අහෙතුක ය. මෙහි 518 වැනි ගීයෙහි “රහස්දඬු” යි දුක්වුනේ ද රහස්යටිය මැයි.
225 අර්ථ:- ඕතොමෝ ගොස් ලොවට එකඇසක් වූ කුසරජු මවුබිසොවගේ අභිමුඛයට (අළ=) පැමිණවූවා ය. දූතජනතෙමේ ඒ තතු දත්තේ පබවතගේ විස්තරයට (=වර්ණපනයට) (පතුයේ=) පැමිණියේ ය. (= පටන් ගත්තේ ය.)
226 අර්ථ:- එකදෙශයක් වත් (=ස්වල්පයක් වත්) බලත හොත් (තිදසිඳු වත්=) ශක්ර යා සමර්ථ ය. වර්ණබනා කරත් හොත් අනන්තයා සමර්ථ ය. පබවතගේ ඒ විලාසය (හා!=) ආ! පවසම් ලු! ය යි ඒ දූතජනයා මෙය කී ය.
විස්තර:- “පබවතගේ ඒ රූපවිලාසයෙහි එක් කොටසක් වත් බලතොත් ඇස්දහසක් ඇති ශක්ර“යා මිස අනෙකක් සමර්ථ නො වේ. වර්ණතනා කරතොත් මුව දහසක් ඇති අනන්තයා ම මිස අනෙකක් පොහොසත් නො වේ. ඉතින් එසේ වන කල්හි අප වැනි නරපණුවෝ ඒ පබවතගේ රූසිරිසර ඉතිරි නො කර බලන්ට හෝ වණන්ට කෙසේ සමර්ථ වෙත් ද? එහෙත් ඒ ආශ්චර්යය වූ රූපවිලාසය වර්ණ්නා කරන්නෙම් ලු!” යනු වර්ණිනාවට පටන් ගත් දූතයාගේ කථාවෙහි ආරම්භය යි. ‘හා’ යන නිගාතය වර්තුමාන ව්ය වහාරයෙහි පවත්නා ආශ්චර්යයප්ර කාශක ‘ආ!’ යන්නට සමාන ය. ‘ලු’ යන්න ශ්රැ ති සූචනයෙහි (=ඇසූ දෙයක් කීමෙහි” හෝ විස්මයාර්ථයෙහි යෙදෙන නිපාතයකි. “ඒ රූපවිලාසය පවසත හැක්කැයි නො සිතමි. එහෙත් මත්තෙහි එය මා පවසතැ යි අන්යූයෝ කියති. එය මම නො දනිමි. නො කළ හැක්කක් කරන්නට සිතන මා උමතු විය යුතු ය” යන අදහස මෙහි මේ ‘ලු’ යන්නෙන් හැඟවේ.
227 අර්ථ:- ඇයගේ රුචිර වූ චරණතල නමැති රත්පියුම් නඛරශ්මීන්ගෙන් (සියහ=) නිතර (=දින පතා) (මුහුලස=) මුහුලු (=හැකුළුනු) බව පානා තාමරසයට සිනා ගත්තාක් මෙනි.
විස්තර:- පබවතගේ රූසපුව වැණුමෙහි තමන් නො වත් බව පළමු ගීයෙන් දක්වා දැන් පාෙතලෙහි පටන් වැණුම අරඹ යි. වැණුමෙහි අඩුපාඩුවක් වුව ද, එයින් තමන් මිදෙන බව පළමු කොට ම වැණුම දුකර සේ කීමෙන් දැක්වී ය. පබවතගේ සරණතල තඹරකි. රුචිර ය. පිපි වණින් ම සිටිනේ ය. එහෙත් පියෙවි පියුම එබඳු නො වේ. ඒ එතරම් රුචිර නො වේ. දින පතා හැකිළෙයි. එහෙයින් සරණතලතඹර පියෙවිතඹරට සිනාසෙයි. කෙලෙසින් ද? නියරස් ලෙසිනි. නියරස් සුදු ය. එහෙයින් මඳ සිනා බඳු ය. ඒ නියරස් සරණතල කරණ සිනා වැන්න. වැඩිසිරි ඇතියන් මඳසිරි ඇතියන්ට සිනා ගැන්ම ලොව සිරිති. මෙහි ‘සියහ’ යන්න “කරණ පොහොය නිති යනි ගණ වරපාය” (කොවුල් 115) යන්නෙහි යෙදුනු ‘නිති’ යන්න හා අර්ථයෙන් සමානය. එහෙයින් හැකිළීමට සුදුසු සියලු ම අවස්ථාවන්හි” යන අර්ථය එයින් ගත යුතු යි.
228 අර්ථ:- මනසට දඟක් (=බන්ධනයක්) වූ ඇගේ දඟ (=ජඬ්ඝා-කෙණ්ඩා) දෙක (දුවන්=) ජඝන (=උකුළ) නමැති විමානය ඇතුළට වදනා අනඬ්ගයාට (ලූ=) දැල්වූ (දුලු=) බැබලුනු (කල්=) මනොඥ වූ ප්රනදීපයුග්මයෙහි දර්ප ය දුරු කෙළේ ය.
විස්තර:- ජඬ්ගාව සම වන්නේ පහන්සිළුවට ය. එහෙත් පහන්සිළුවෙහි උසස් පෙදෙස සිහින් ය. පහත් පෙදෙස මහත් ය. ජඬ්ගාවෙහි ආකාරය ඊට විරුද්ධ ය. එහෙයින් දෙකෙහි සමානත්වය වන්නේ යම්තමිනි. දෙපය උඩුකුරු වුවොත් ජඬ්ගාවයය හැම ලෙසින් ම පහන්සිළු වැනි විය හැකි ය. ජඬ්ගාව මොනරකට සම කිරීමෙහි දී මේ අඩුව මයුරසන්දෙශ (154 හෝ 144) කාරයෝ ද දුටහ. සිරිරහල්හිමියෝ ද අඟනන් දඟ වැටුප් සේ දුටහ. (පරෙවි 62) ‘වියොවග’ යනු අනංගයාට නමකි. හේ වියෝ වූවන්ට අග (=ගින්න) වැනි ය. එහෙයින් ඒ නම ලබයි. ‘දුලු’ යනු ‘දල’ දයින් නිෂ්පන්න යි.
229 අර්ථ:- (තිවට=) බඹහු විසින් මදනරසය ද රූපය ද කිරා තරාදියෙහි (කිබිසි=) අධොමුඛ (=යටිකුරු) කළ (රන්තුතු=) රන්මුවා කපාලයන් සදාශ වූ වට වූ ජානුමණ්ඩල (=දනමඩුලු) යුග්මය කවුරු වර්ණදනා කරත් ද?
විස්තර:- පබවතගේ දනමඬුලු දෙක මහබඹු විසින් ඇය තුළ තිබෙන මදනරසය (36 ගීය බලනු) රූපසෞන්දර්යය යන දෙක කිරා බලා යටිකුරු කළ රන්මුවා තරාදිතටු දෙකක් වැනි ය. මහබඹුගේ තරාදියක් වේ නම්, එය ඉතා විසිතුරු විය යුතු ය. පබවතගේ දනමඬුලු දෙක ද එසේම විසිතුරු ය. කමනීය ය. ‘මද’ යන්න ‘මදන’ යන්නට සමාන ය. මත් කරණුයේ ‘මද’ යි. ‘මදරසය’ නම් ශෘංගාර රසය යි. ‘නිවට’ යනු මහබඹුට නමි. ‘වට’ යනු ලොව හෝ පැවැත්ම යි. තුන්වටක් ඇත්තේ තිවට යි. ස්වර්ග , මත්යහ, පාතාල යන භුවනත්රතය බඹුට අයිති ය යි බ්රාතහ්මණයෝ කියති. ලොව පිළිබඳව ඔහුගේ පැවැත්මද මැවුම්, රැකුම්, නැසුම් යන තුන් ලෙසින් වේ ල. නිර්මාමණයෙහි දී බඹා රජොගුණයෙන් යුක්තව ලොකය මැවී ල. ස්ථිතියෙහි දී සත්ත්වගුණයෙන් යුක්ත ව ලොව රකී ල. ප්රුලයයෙහි දී තමොගුණප්රිධාන ව වනසා ල ‘තුතු’ යන්න මෙහි ‘තරාදිතටු’ යන අර්ථය දෙ යි. ‘උතුකටු’ යන තන්හි ‘උතු’ යන්න ද මෙයින් ම ආවකැයි හැඟේ. රන්කරුවන්ගේ කෝව ද ‘තුතු’ නමි. පාලිනිඝණ්ඩු (526 වැනි ගාථා) සන්නයෙහි “ස්වර්ණාුදීන්ගේ ආවර්තිනය කරණ / තුත්ත මුසා නම් වෙයි” යනුවෙන් එය පැහැදිලි ය. “රන්රස පිරූ තුත්තක්” (බු.ස 121 පිිට) යන තන්හි ද ඒ අර්ථය දෙයි. ‘කිබිසි’ යනු ‘කුබුස්’’ දයින් කර්ම කාරක ‘ඉ’ ප්රෝත්යග ව සිද්ධ යි. තරාදිහි = තරාදි ඉ =තරාදී. 230 අර්ථ:- (දියැ=) ලොවෙහි ජය ලද (මළඟ=) අනංගයා විසින් (දුවනත්=) උකුළ නමැති රන්ගිරිතෙලෙහි ඉඳුවූ (දියටැඹ පළඟ=) ජයසත්මහ සදාශ වූ ප්රථභාසාර වූ වෘතෙතාරුව (කෙකියත්=) කවුරු වණර්නාහ කරත් ද?
විස්තර:- පබවතගේ වෘතෙතාරු අනංගයාගේ ජයසත්මහ වැන්න. දිනුම සිහි වනු සඳහා පිහිටුවන සත්මහ ජයස්තම්භ නමි. එය ඉඳවුයේ පබවතගේ දුවනත නමැති රන්ගිරිතලාවෙහි ය. ලොව දිනූ බව සිහි වනු සඳහා ය. ‘මළඟ’ යනු අනංගවාචී ය. මළ අඟ ඇත්තේ = මළඟ යි. අනංගයාගේ අඟ (=ශරීරය) මළ පරිදි ප්රඟකට ය. ‘පළඟ’ යනු උපමාද්යෝ තකපදෙයකි. (සි. ල. 128 හෝ රුවන් 407) ‘භටයා’ යන අර්ථය ඊට පැරණිසන්නය දෙයි. ඒ අරුතෙහි ‘පළඟ’ සද යෙදුනු අන් තැනක් තිබේ නම්, ඒ ද වරද නො වේ.
231 අර්ථ:- (රසන්=) මෙවුල්දම නමැති සුරගඟ ලග්න වූ (දුවනත්=) ඉකිළිය නමැති අනවතප්තඵුල්ලතඩාගය දැරූ පුළුලුකුළ නමැති හිමවත් පර්ව)තරාජතටය කෙ වණත්? විස්තර:- ‘බෙයද’ යනු පර්වගතපාර්ශුවයන්හි වූ තැනිතලා යි. හිමවූගිරිරජ බෙයදෙහි සුරගඟ (=අහස්ගඟ-ගඬ්ගානදිය) ලග්න ය. (=ඇලුනේ ය.) අනුතත්පුල්විල තිබේ. පබවතගේ උකුලෙහි රසන්දම වෙ යි. එය අහස්ගඟ වැනි ය. ඒ උකුළ දුවනත දරයි. එය අනුතත්විල වැන්න. එහෙයින් ඒ උකුළ හිමවුගිරිරජ බෙයදක් වැනි ය. දුවන් ම = දුවනත ‘දුවන්’ සද ‘ඉකිළිය’ යන අර්ථය ද දෙ යි. (රුවන් 279) අනුතත්විල පිළිබඳ තොරතුරු ප්ර‘කට ය. (බු. ස 80 අංශය) 232 අර්ථ:- වියොවගාගේ, මීට (=අල්ලන තැන) ප්රතකාශ කළ විලි (=රැළි) ඇති ශරීර නමැති වැල්දුන්නෙහි භෘඬ්ගපඬ්ක්තිය නමැති ජ්යාරයෙහි (සිරි=) ආකාරයට පැමිණි වසාරොද (=ලොම්වැල) වර්ණරනා කරතොත් කවුරු සමර්ථ වෙත් ද? (කවුරුන් අසමර්ථය යි සේ යි)
විස්තර:- ‘වසාරද’ යනු නාභියෙහි පටන් බඩ මැද වැටී තිබෙන රොමපඬ්ක්තිය යි. එය අනංගයාගේ වැල්දුන්නෙහි බිඟු පෙළ නමැති දිය වැනි ය. ‘දිය’ යනු දුනුදඬ දෙ කොණෙහි බඳනා රැහැන යි. අනංගයාගේ දුන්නෙහි දඬුව ලතාවක් වැනි උග්ගසකි. ඒ දුන්නෙහි දියවැන්නක් පබවතගේ තුනුහි ද තිබෙනහෙයින් ඒ සිරුර අනඟාගේ ලියසැව්ව වැන්න. ‘තුනුලිය සැවු’ යි රූපණය කෙළේ එහෙයිනි. දුනුලීය මැද අල්ලන තැනක් තිබේ. එහි ඇඟිලි වැද සිටින සේ කළ හළුවලින් යුත් අවයවයකි. එය ‘මිටු’ නමි. මේ ශරීරයෙහි එබඳු වනුයේ මධ්යය ප්රැදෙශය යි. උදරයෙහි වැටී තිබෙන රැළි දුනුමිටෙහි තිබෙන හළු වැනි ය. අලගියවන්නයෝ ද ඉඟ සුග දුනුමිටි වැන්නැයි කීහ. (කුසදා 212) අවශ්යැස්ථානයෙහි දී පාදාන්තයෙහි තිබෙන ගුර ලඝුවක් සේ සැලකීම ඡන්දශ්ශාසත්රෙයට අවිරුද්ධ හෙයින් ‘කියලූ’ යන්නහි ‘ඌ’ යන්න භ්රනස්ව සේ යෙදින. එසේ නුවුවොත් වෘත්තය බිඳෙ යි.
233 අර්ථ:- ඇයගේ නැබ (=පෙකෙනිය) අනංගයා ලොව දිනනු පිණිස දුවනත (=උකුළ) නමැති රණ (=යුධ ) බිමට (අරා=) නැගි ලතාචාපය නගන කල්හි දුනුමුඬාව වැදුනු තැන කියලී. විස්තර:- ‘මුඬා’ යනු දුනුදඬුවෙහි කෙළවර යි. පබවතගේ නැබ අනඟාගේ දුනුකොණ වැදීමෙන් වළ ගැසුනු තැනක් වැනි ය. සැවු නැඟීම, දිය නැඟීම යන දෙක ම එක ම ක්රිළයාවකට ව්ය වහාර කරණ නම් ය. “දුන්න නඟා දුනුදිය අත් පොළා පූ දැය” (පූජා 10 පරිච්ඡේද) “දුනුදිය නඟා අපොළා” (අමාවතුර 15 පිට) “මඳ සැවු නඟා” (මෙහි ම 292) යන පාඨයන්ගෙන් ඒ බව හැඟේ. ‘දුන්න නැඟීම’ නම් දුනුදඬුව නමා දෙ කෙළවර දුනුදිය බැඳීම යි. එසේ කළ විට දුන්නෙහි දිය ද නැඟුනේ වෙයි. “දුන්නෙහි දුනුදිය නඟන” බව ධ.ප්රි 47 වැනි අංශයෙහි කියවේ. සංස්කෘතකවීහු ද මනහර කතුන්ගේ නැබ අනඟාගේ දුනුමුඬාව වැදුන තැන වැන්නැ යි- “ස්තනෞ තුඬේගෟ සමාරූඪෙ-චාපන්ය ස්තභරෙ ස්මරෙ, කොදණ්ඩාටනිමුද්රෙරව-ජාතා නාභිර් නකභ්රැුවඃ” යනුවෙන් වැණූහ’
234 අර්ථ:- ජඝනය (=උකුළ) හා පයොධරයන් ද දුටු (දිය=) ලොකයා විසින් බඳනාලද ‘බ්ර හ්මයා මහපැතුරුමෙහි (=මහත්-දළකර්මාින්තයෙහි) මිස සියුම් කර්මාහන්තයෙහි නො පොහොසත් දෝ හෝ!’ යන (සඳ=) සන්දේහය (=සැකය) මධ්ය්ය (=ඉඟැටිය) තෙමේ (විහිදි=) දුරු කෙළේ ය.
විස්තර:- පබවතගේ පළල් වූ උකුළ ද මහත් වූ පයොධර ද දුටු ලොකයා ‘මහබඹා දළකම්හි මිස සියුම්කම්හි අදක්ෂ ය’ යි සැක උපදවයි. එහෙත් ඇගේ ඉතා සිහින් ඉඟ ඒ සැකය දුරු කරයි. (පරෙවි 10) ‘පොහෝ’ යනු ‘පොහො-හැකි වීමෙහි’ දයින් සිද්ධ ආඛ්යාොතපද යි.
235 අර්ථ:- නියරස් නමැති පෙණ වැලඳි (=යුත්) සුරත් වූ ඇඟිලි නමැති පබළු ඉසුලූ රූපසාගරයෙහි තරඬ්ග වැනි (ඇගේ) අත්යුවල කවරෙක් වණා ද?
විස්තර:- ඇගේ රූපය සාගරයකි. දෙ අත් එහි රළ ය. සුරතැඟිලි ඒ රළෙහි පා වන පබළු වැනි ය. නියරස් පෙණ වැනි ය. ‘වලන්’ යනු ‘වලඳ’ දයින් සිද්ධ යි.
236 අර්ථ:- (සමරහු=) අනංගයා විසින් (පිය අයුරු=) පියා මෙන් සප්තස්වරයෙන් ග්රා මරාගයන් නඟන්නා වූ රන්මුවා වස්කුලලක ශ්රීපය ප්රතභාසාර වූ ඉතා වට වූ මට (=මට්ටම්) වූ කණ්ඨය (ගෙල) තෙමේ ලැබී ය.
විස්තර:- අනංගයාගේ වස්නළ ප්රඟභාස්වර ය. ඉතා වට ය. මටසිලුටු ය. එයින් හෙතෙමේ සප්තස්වරයන්ගෙන් ග්රාවමරාගයන් නංවයි. පබවත ද ගෙලින් සප්තස්වර නංව යි. එහෙයින් පබවතගේ ගෙල වස්නළ වැන්න. ‘වංශ’ යනු ශුෂිර (සිදුරුසහිත) වාද්යේයෙකි. උණ හෝ බට ‘වංශ’ නමි. එයින් කළ වාද්යරය ද එනම් ය. මාතාඬ්ගසෘෂියා විසින් වංශවාද්යළය උණපුරුකින් හෝ බටපුරුකින් ම කළ යුතු ය යි නියම කරණලද නමුත් පසු ව කිහිරිඅරටු, රන් රිදී, ඇත්දත් ආදියෙන් ද ඒ වාද්ය ය තනන ලදී. උණුපුරුකින් නො සෑදුව ද, එවැනි හෙයින් ඒ සියල්ල ම වංශ නම් වෙයි. සප්තස්වර වීණාතන්ත්රිියෙන් හා කණ්ඨයෙන් ද නඟි යි. වස්නළ ඒ එකක්වත් නො වේ. එහෙයින් වස්නළින් සප්තස්වර නැඟීම විය නො හැකිය. එහෙත් පුද්ගලවිශෙෂය ඒ දුෂ්කරත්වය පරදව යි. ශ්රී.කෘෂ්ණයාගේ වංශිකාවාද්යකයෙහි සප්තස්වර ම පැවති බව සඬ්ගිතද්යීමොදරයෙහි- “කංශාරෙවංශිකාවාද්යොෙ - ස්වරඃ සප්ත වකාශිරෙ” යනුවෙන් කියන ලදී. ශ්රී කෘෂණ යනු විෂ්ණුහුගේ අවතාරයකි. අනඬ්ගයාගේ පියා විෂ්ණු ය. පියාගේ වංශිකාවාද්යුයෙහි සප්තස්වර තිබුනේ නම්, අනංගයා වැනි බලවත් පුතෙකුගේ වංශිකාවෙහි එය පැවැත්ම ආශ්චර්යය නො වේ. එහෙයින් ම “පිය අයුරු” යි මෙහි කියන ලදී. ‘සත්සර’ නම් ෂඩ්ජ, ඍෂභ, ගාන්ධාර, මධ්යෙම, පඤ්චම,ධෛවත, නිෂාද යන සත යි. මේ නම් සතෙහි මුලකුරු ගෙණ ‘ෂ,ඍ, ග, ම, ප, ධ, නි’ යි ද සංක්ෂෙප කරති. මොවුන්ගේ විස්තර සංගීතරත්නාකරාදියෙන් දත හැක්ක. ස්වරසමූහය ග්රාදම (=ගම්) නම් වෙයි. ෂඩ්ජ, මධ්ය ම, ගාන්ධාර ය යි ග්රාගමයෝ තුන් දෙනෙකි. ධ. ප 131 වැනි අංශයෙහි ද මෙය පෙණේ. එහි ‘සාධාරණග්රාතම’ යන්න ප්රධමාදපතිතයෙකි. ගාන්ධාරග්රාතමය දෙවවාදයහි මිස මනුෂ්යිවාදයෙහි නො ලැබේ. ග්රාධමයන් පිළිබඳ මූර්ච්ඡනා (=ප්රෂස්තාර) ආදී විස්තර සංගිතදාමොදරාදියෙන් දත හැක්ක. ‘රාග’ යනු යථොක්ත ස්වරයන් පවත්වන ආකාරවිශේෂ යි. සත්ත්වයන්ගේ චිත්තයන් රඤ්ජනය කරණ හෙයින් ඒ ස්වර විශෙෂ රාග නම් වේ. ශ්රීජකෘෂණයා රාග එක්දාස්දහසයක් ගැයු නමුත් එයින් සතිසක් පමණක් ලොව ප්රරකට වී ය යි ද, එයිනුදු දැන් පවතින්තේ සයකැයි ද කියනු ලැබේ. අඬ්ග, වඬ්ග, ලඬ්කාදී දෙශභෙදයෙන් ද රාගභෙදයෝ වෙත්. සුප්රනසිද්ධ රාග සයට මාලාව, මල්ලාර, ශ්රීං, වසන්ත, හින්දෙල, දීපක, ශ්රී,, මේඝ යන නම් ද අන්යා ආචාර්යයෝ අනික් අනික් නම් ද දෙති.
237 අර්ථ:- ඇයගේ (හව්සිරිසියෝ=) සියලු ශ්රීඝයෙන් යුක්ත වූ වුවනින් පරදවනලද (හව්සිරිසියෝ=) ලීලාව පිළිබඳ හිරිය හෝ හැකිළීම ඇති (=හිරිවැටුනු) පියුමතෙමේ (හව්සිරිසියෝ=) සියලු සම්පත්තී යුක්ත (පියුම් අතින්=) පද්මාව (=සිරිකත) අතින් (පියුම්=) දුරු කිරීම (=පන්නා දැමීම) ලබා (=ලැබීමෙන්) පියුම් නම් වී’ ය යි හඟනෙම්.
විස්තර:- ‘පියුම්’ සද ‘පදුම’ ශබ්දයෙන් සිංහලයට එයි. මේ මහාකවීශ්වරයෝ ඒ දූතයා ලවා එය සංහලයෙහි ම නිපන්නක් ලෙස උත්ප්රෙීක්ෂා කරවති. ඔහු සිතන පරිදි නෙළුම්මලට ‘පියුම්’ යන නම ලැබෙන්නේ ‘පදුම’ යන්නෙන් නො වේ. පබවතගේ මුවින් නෙළුම් මල පැරදෙයි. නෙළුම්මල සිරිකතගේ ගෙයකි. අනෙකකට පැරදී නිශ්ශොභ වූ තැනක සිරිකත නො වසයි. එහෙයින් නෙළුම්මල සිරිකත විසින් පියුම් (=අත්හැරීම) ලබ යි. එසේ පියුම් ලැබූ හෙයින් නෙළුම්මල ‘පියුම්’ නම් වෙ යි යනු දූතයා ලවා කියවූ පරිදි ය.
238
අර්ථ:- (දසන්වැල=) දන්තපඬ්ක්ති නමැති සින්ධුවාර (=නික) මල් ඇති මුඛය නමැති මධුවිත්ථයෙහි (ඉපිලැ=) ඉල්පී බැබලුනු රත්පුල් (දල=) පත් වැනි (ලවන්=) තොල් (වෙසෙසත්=) වණත් හොත් තමාට (=මට) බස් ඇත් (=වචන තිබේ) ලු.
විස්තර:-පබවතගේ තොල් වැණුමට තරම් වචන තමාට නැතැයි දූතයා හඟින බව ‘ල’ යන්නෙන් දක්වති. ‘මගේ හැඟීම නම් පබවත තොල් වැණුමට වචන මට නැතැයි කියා යි. එහෙත් අන්යැයෝ එය නො අදහති. මට වඩා ඔහු මගේ ශක්තිය කෙසේ දනිත් ද? මට වචනශක්තිය නැත’ යන මෙය දූතයාගේ අදහස ය. පබවතගේ මුව මීවිතක් වැන්න. දත් එහි වූ නිකමල් වැනි ය. දෙ තොල් රතුපුල්පත් වැනි ය. ‘මීවිත’ යනු මී බොන බඳුනට (=ඔඩමට) නමකි. මීවිතෙහි නිකමල් හා රතුපුල්පත් ද බහන බව මෙයින් හැඟේ. ‘විත’ යනු රා බොන මඩම යි. ‘විත්ථ’ යන්නට ‘රහවිත’ යි (ධ. ගැ. 181- 11) පැරණියෝ කීහ.
239 අර්ථ:- ඇයගේ මුඛ නමැති ඵුල්ලතාමරගර්භරයෙහි වසන සරසවිය පැලඳි (කඩාමල්කඬ=) උත්තමාඬ්ගකුසුමකාණ්ඩය (=මුදුන්මල්කඩ) වූ දශනාග්ර්ය (=දත්කෙළවර) වර්ණ නා කරම් ලු. (හා!=) අඳෝ ම ය.
240 අර්ථ:- නලළෙහි (සඳනලේ=) චන්දනලේඛා නමැති ලා ගොබක් ඇති භ්රෑ)ලෙඛා නමැති පත්රඳ ඇති මනොහර වූ (රඹ=) කෙසෙල් ගසක ප්රෞ ඪිය දුරු කළ ඝ්රානණය කවරෙක් වණා ද?
විස්තර:- පබවතගේ නැහැය කෙසෙල් ගසක් වැන්න. එහි ගොබය නම් නළලෙහි උඩුකුරු කොට සඳුනින් කළ රෙඛාව ය. කොළ නම් අස්බැම යි. ශෛවයෝ නළල මැද චන්දනකල්කා දියෙන් ත්රිබශූලය වැනියක් ඇඳ ගණිති.
241 අර්ථ:- (මල්කෙහෙල්ලා=) අනංගයා සරසන, කණ නමැති පත්රන ඇති ඉතා නිල් වූ ප්රලභාරාජි නමැති දඬු ඇති නෙත නමැති තලය ඇති ඊයකැ යි (යත=) කියතත් නො හැකියෙමි.
විස්තර:- පත්රය, දඬු, තල යන අවයව එකතු වූ විට ඊය වෙයි. ‘පත්ර’ නම් ඊයෙහි ගමන නිසි පරිදි වීමට ඊයෙහි කෙළවර බඳිනු ලබන ලෝතුඩුපියාපත් ය. පබවත නෙත ඊයෙක්හි තලය ය යි ද, එයින් කණ තෙක් විහිද ගිය නීලවර්ණ කාන්තිධාරාව ඊ දඬුව ය යි ද, කණ ඒ ඊයෙහි බැඳි පියාපත ය යි ද, මේ සියල්ල එක් ව සෑදුනු එය මල්කෙහෙල්ලාට සැරසිල්ලක් (හස්තසාරයක් වූ ඊයක්) ය යි ද කියන්නට ද බැරි ය. පියෙවි ඊය ඉලක්කය බිඳින්නේ එහි වැදුනු විට ම ය. මේ එසේ නො වේ. සිටි තැන ම සිට කාමීන්ගේ හෘදය දැදුරු කර යි. මේ ඊය ම අනංගයාට සැරසිල්ලකි. ඊට ද වැඩියකි. එහෙයින් හුදු සැරසිල්ලකැ යි කිය නො හැකි ය.
242 අර්ථ:- නෙත්ර නමැති විලෙහි ඇසිපිය නමැති රළවලින් නළල නමැති තීරයට (=වෙරළට) (යැතු=) මෙහෙයූ (=තල්ලු කළ) නීලප්රතභාශ්රේිණි (සමූහ)යෙහි ආකාරය ඉසිලු භ්රෑකලෙඛාව කවරෙක් වණා ද?
විස්තර:-පබවත නෙත විලකි. නළලත එහි ඉවුර ය. ඇසිපිය ගැසුම එහි රළ නැගුම ය. බැම ඒ රළපහරින් තල්ලු වී අවුත් ඉවුර අද්දර රැස් වූ නීලප්රපභාරාශිය වැන්න.
243 අර්ථ:- සෞම්ය වූ වක්ත්රැ නමැති සම්පුර්ණු ශරච්චන්ද්රැබිම්බය සමීපයෙහි ඉතා නිල් වූ (අබ=) අභ්ර ( = වලාහක) සමූහයක ප්රෞමඪිය දුරු කළ (වරල්කලබේ=) කෙශකලාපයෙහි කවර වර්ණා වක් ද? (වර්ණ නා නො කට හැකි ය යි සේයි.)
244 අර්ථ:- විශාල වූ (දලනිදුනි=) ජලනිධියෙන් එකදෙශයක් (=එක්කොටසක්) ඇසට ප්ර ත්යකක්ෂ කළ ජනයන් (ඒ සයුරෙහි) (හාත්පස්නි=) සමන්තාත්පාර්ශවයෙන් (=හැම අතින්) (නිදෙසන එව්=) දක්වන්නාක් මෙන් පබවතගේ ඒ රූපය වැණීම් ලු.
විස්තර:- දුතයා කළ පබවත්වැනුම ඔහුට ම පුදුමයකි. එය එතරම් අසම්පූර්ණක වන හෙයිනි. වන්නියේ සිට කොළඹ අවුත් වරක් පමණක් යම්තමින් මුහුද දුටුවෙකු ගමට ගොස් මුහුද පිළිබඳ සම්පූර්ණඹ විස්තරයක් කරතොත් සිනාවට කරුණකි. පබවතගේ රුව වැණුම ද එබඳු ය. එයින් එක්දෙසක් වත් බලන්නට සමර්ථ වන්නේ සහැසැසා ය යි ද, වණන්නට සමර්ථ වන්නේ අනතා ය යි ද මුලදී ම කී ය. එහෙයින් එය වර්ණ්නා නො කිරීම නො ව කරන්නට ඇරඹීම ම පුදුමයට හෙතු ය.
245 අර්ථ:- මේ සමයෙහි පබවත (වත=) වනකල්හි මද (=අනංගයාට)හට (හරා=) මෙහෙසුරා කවරෙක් ද? (මහසත්න=) මහාබොධිසත්ත්වයන්ගේ අවිද්යා විධ්වංසනයන් ජනයන්ට ඇදහවීම ( =විශ්වාස කරවීම) (කො=) කොයි ද? (=කොහේ ද?)
විස්තර:- අනංගයා මෙහෙසුරාගේ සිතෙහි පාර්වයතිය පිළිබඳ ව රාගචේතනා ඉපිදවීමට ගොස් එයින් කුපිත වූ මෙහෙසුරාගේ ලලාටාක්ෂියෙන් නිකුත් වූ ගින්නට අසු ව දැවුනේ ය. මෙකල්හි නම් පබවත සිටින හෙයින් අනංගයාට ඒ මෙහෙසුරා බලවතෙක් නො වෙ යි. පබවත දුටු පමණින් මෙහෙසුරාගේ ද සිතෙහි කාමරාගය නිරායාසයෙන්ම උපදිනු ඒකාන්ත හෙයිනි. එසේ ම මහාබොධිසත්ත්වයෝ අවිද්යාදව දුරු කර කාමරාගාදීක්ලෙශයන් නසා බුදු වූහ යනු ජනයන් ලවා විශ්වාස කරවීම මේ පබවත සිටින හෙයින් ම දුෂ්කර ය. පබවත වැනි රූපසාර කාන්තාවන් සිටියදී අවිද්යාමව දුරු කොට කාමරාගය නසා බුදු වන්නේ කෙසේ දැ යි මිනිස්සු විර්තවක කෙරෙති. ඇදහවීම අමාරු වන්නේ එහෙයිනි. පළමු වන ‘කො’ යන්න ‘කො’ සදෙහි ප්රිථමාඑකවචන යි. දෙවැන්න ‘ක්ව’ යන්නෙන් එන කොහි’ යන අර්ථ ඇති නිපාතයකි. ‘විදුමත්’ යනු ‘විද’ දයින් භාවයෙහි ‘උම්’ ප්රපත්යයය ව සිද්ධ ‘විදුම්’ යන නාමයෙන් වූ ‘විදුම’ යන පදය හා ‘ද’ නිපාතය ද එක්වීමෙන් සිද්ධ යි.
246 අර්ථ:- චතුරුමුඛයා (=බඹා) මුළුලොවෙහි බෙදා දෙනු පිණිස (හව්=) සියලු ශෘඬ්ගාරරසය හා රූප (සෞන්දර්ය) ය ද ඒ කොමලාඬ්ගිය නමැති සමුද්ගයෙහි (=හෙප්පුවෙහි) රැස් (කළ එව්=) කළහ යි හඟිම්.)
විස්තර:- ‘මදනරස’ 36 වැනි ගීයෙහි ද වෙයි. හැම පිටපත්හි ම එන “කළෙයිම්’ යන්න අශුද්ධපාඨයකි. උත්ප්රෙෙක්ෂාද්යෝා- තනයෙහි “හඟිම්, සිතම්” යනාදිය “එව්” සඳ හා පර්යාය සේ යෙදේ. (සි. ල 235) පුරාතනයෝ උත්ප්රෙඑක්ෂාද්යෝ්තක පදයන්ට ‘හඟිම්, සිතම්’ යන පදයන්ගෙන් අර්ථ කීහ. “තම-අන්ධකාරය තෙම, අඟ ලිපා එව්-ශරීරය ලිම්පනය කෙරෙ යි හඟිම්. හෙවත් ගල්ව යි සිතම්” (සි. ල236) “බද්ධෙවබඳනාලදැයි සිතම්” (ජානකීභරණ සන්න 1-30, 234) යනාදිය ඊට නිදසුනි. මේ රීතිය අනුව “කළ එව්” යන්නට කියූ “කළහ යි සිතම්” යන අර්ථය දැක නො විමසා උත්තම පුරුෂක්රි යාපදයක් ගීයෙහි ද විය යුතු ය යි සිතූවකු විසින් “කළ එව්” යන්න අස් කොට “කෙළෙයිම්” යන අපපාඨය එකතු කළා විය හැකි ය. “එව්” යන්න ම ‘හඟිම්’ යන අර්ථය දෙන හෙයින් ‘හඟිම්’යි අමුතු පදයක් ගීයට හෙළීම ද පැරණි පාඨය වැනසීමකි.
247 අර්ථ:- ප්රදභාවතියගේ ඒ රූපවිලාසය (මනහර අග බඟහර=) සිත් පැහැර ගන්නා වූ අග්ර වූ සුරාවකි. ජනයන්ගේ නෙත්රඅයන්ට (ඉමහත්=) ඉතා මහත් පුණ්යවඵලයෙකි. වජ්රාෙසනය පිළිබඳ මාර්ගතයෙහි පාශයකි. (=මලපුඩුවකි) ලොකවශිකරණයකි.
විස්තර:- තියුණු බඟහරක් (=සුරාවක්) මිනිසුන්ගේ සිත් යම් සේ පැහැර ගණී නම්, මත් කරයි නම්, එසේම පබවතගේ රුව ද මන් මත් කරව යි. ඇස් ලබන පුණ්යනවිපාක නම් සිත්කලුරූ දැකීම ය. මීට වඩා සිත්කලුරුවක් නැත. එහෙයින් පබවත රුව මිනිසුන්ගේ ඇස් ලද පුණ්යකවිපායකි. ‘වදුරස්න’ නම් “මාගේ සිත යම් තාක් ආශ්රුවයන්ගෙන් නො මිදේ ද, ඒ තාක් මේ ආසනය නො බඳිමි” යි අධිෂ්ඨාන කොට හිඳිම යි. නො බිඳෙන හිඳුම වන හෙයින් ඒ ‘වදුරසුන්’ නම් වේ. මහ බෝසත්හු එසේ හිඳිති. එහෙයින් බුදු වීමට හිඳුම වජ්රා්සනය යි. වජ්රාසසනමාර්ගඳය නම් බුදු වීමට යන මගයි. එනම් පාරමිතා පුරාණය යි. පබවත වනාහි ඒ මාර්ග්යෙහි ලූ පාශයකි. පාශෙයක බැඳුනෙක් එයින් ඔබ යා නො හැකි වෙයි. පබවතගේ රුවෙහි බැඳුනෙක් ලොකශ්රෙ ෂ්ඨපදවිය වූ බුදුබව සඳහා පෙරුම් පිරීම ද විසමෘත කොට දම යි. මේ විලස වදුරසුන්මඟ පස්වන්නේ එහෙයිනි. ‘විසී’ නම් අනුන් වසඟ කිරිමට ඉවහල් වන මණි මන්ත්රිඖෂධ ආදිය යි. ‘ඉනා’ යනු වශීකරණයට නමකි.
පබවත රුව වැණුම නො හැක්කැ යි මුල දීම කී හෙයින් “මනහරවදන් හිමි”යි නොහොත් “අමනහර වදන් අහිමි”යි නැවත ද කීම අනවශ්යන ය. 248 අර්ථ:-මෙසේ පබවතගේ ඒ විලාසය විස්මය සහිත චිත්තයෙන් කියන කල්හි පඤ්චකාමය තෙමේ (එ රද ලගහණ=) ඒ කුසරජුගේ හෘදය නමැති ග්ර්හණය (=භාජනය) (අස් බිඳැ=) මුද්රාෂ (=සීල්) කඩා දාඪග්රණහණය කෙළේ ය. (=දැඩි ව අල්ලා ගත්තේ ය.)
විස්තර:- ගැණීමට ආධාර වනුයේ “ගහණ” (=ග්ර්හණ”) නමි. කුසරජුගේ හෘදය (=සිත) නමැති ග්රහහණය (=භාජනය) පඤ්චකාමය ඇතුළු නො වන සේ අධිෂ්ඨාන නමැති මුද්රා) (සීල්=) තබා රැකුනේ ය. එහෙත් දූතයන්ගේ මේ වර්ණරනාව ඇසූ පසු ඒ මුද්රා( දෙදරා ගියේ ය. එහි ඇතුල් වීමට අවස්ථාව බලමින් සිටි පඤ්චකාමය තෙමේ වහා එහි ඇතුල් වි ය. එය දැඩි ව අල්ලා ගති. කුසරජු පෙර කළ ප්රාතිඥා බිඳ පස්කම්සැප විඳීමට තදින් ඉටා ගත් බව කී සේ යි.
249 අර්ථ:- එකෙණෙහි පීතෘනරෙශ්වර තෙමේ නායක (=ප්රපධාන) අමාත්ය්මණ්ඩලය කැඳවා වහා සිවුරඟසෙනඟ සැරහීම කරව යි (වියී=) කී ය.
250 (නා=) නායකජනයන් සෙනඟ සරහා යාත්රා වට (ගමනට=) දන්වත් ම (රිසිදා=) අභීෂටදායක වූ යොගමුහූර්තියත්ගෙන් පියරජතෙමේ එකල්හි යාත්රාකග්රඟහණය කෙළේ ය.
විස්තර:- ගමනට සුභ මොහොතක් සැළ 14. පරෙවි 43 ගිරා 55 යන කව්හි පෙණේ.