කව්සිළුමිණ-කව්සිළුමිණ-vii

151 අර්ථ:- නිතර නහන කාන්තාවගේ ස්තනධෞත වූ කුඬ්කුම වැදුනු ජලය (තහත=) නිරන්තරයෙන් උසුලන කල්හි සිවංගුරු තැවරුම භජනය කරණ (=යුක්ත) ඉඳුනිල් (ගල්) තලාවක් වැනි -(ගඟ)

විස්තර:- පුරාතනයෙහි කාන්තාවෝ ශිතනිවාරණය සඳහා පියොවුරු වල කොකුම් ගෑහ. (සැළ 22 බලනු) කොකුම් රතු ය. කාන්තාවෝ මේ ග‍ඟෙහි නිතර ස්නානය කරති. උන්ගේ කොකුම් සේදීමෙන් ගඟ දිය රත්පැහැ වෙයි. එවිට ගඟ සිවංගුරු තැවරුණු ඉඳුනිල්මිණි තලාවක් මෙන් පෙණේ. ‘තහත’ යනු නිරන්තරාර්ථවාචී නිපාතයකි. ශූරසෙනදෙශාධිපති රජහුගේ ඇතොවුරන්ගේ පියොවුරු සඳුන් සේදීමෙන් යමුනා ගඟ සුදු වූ පරිදි මහාකවි කාලිදාසයෝ දුටහ. (රඝු 6-48)

152 අර්ථ:- දෙ පස්හි පෙණෙන විමලපුලිනතල නමැති දෙ දළ භජනය කරණ පර්ව්තරාජ නමැති හස්තියාගේ රළ නමැති රැළිවලින් (උදුල=) බබලන සොඬ වැනි- (ගඟ)

විස්තර:- ගිරිරජ ගජයෙකු වැනි ය. මේ ගඟ උගේ සොඬ වැනි ය. ග‍ඟෙහි රළ සො‍ඬෙහි රැළි වැනි ය. ගඟ දෙපස තිබෙන වැලිතලා ගිරිරජ ගිජිඳුගේ දෙ දළ වැනි ය. ඇතුගේ සො‍ඬෙහි මුල මහත් ය. අග සිහින් ය. ග‍ඟෙහි ලක්ෂණ ඊට වෙනස් ය. එහෙයින් ගිරිරජ ගජයෙකු සේත් එයින් පටන් ගන්නා ගඟ උගේ සොඬවැල සේත් රූපණය කිරීම ස්වභාව විරුද්ධ ය. එහෙත් කවියාගේ ලොකය අපේ ලොකය නො වේ. කවියා එහි සියල්ල කැමති සේ මවාගණී. එහෙයින් කවියා මවන ඇතාගේ සොඬ මුල සිහින් ද අග මහත් ද විය හැකි ය. මේ එබඳු ඇතෙකි. කන්දක් ගිජි‍ඳෙකු සේ ද ගඟක් උගේ සොඬ සේ ද රුපණය කිරීමෙහි දී සිරිරහල්හිමියන්ට මේ පදයය සිහි වන්ට ඇත.

153 අර්ථ:- මෙසේ ශ්රීමසාර වූ ග‍ඟෙහි ඉවුරෙහි නෙත්රසයන්ට ආභරණයක් වූ කනකරූපය තබා නැවත එය (වුහු=) වහනය කළ (=ගෙණගිය) දූත බ්රා(හ්මණයෝ (වැළහුනුහු=) සැඟවුනාහු ය.

154 අර්ථ:- මහීකාන්තාවට ආභරණයක් වූ නෙත්රම නමැති ශර රාශියට එක ම ඉලක්කයක් වූ නොයෙක් වනදෙවියන්ගේ පෙම් සිත් නමැති කෞමද (උනවන=) හිඳුවන අමෘතතටාකයක් වූ (ඒ රූ)

විස්තර:- මේ රුව දෙසට හැම නෙත්ම හැරෙයි. එහෙයින් නෙත්රරබාණයන්ට මෙය එක ම ඉලක්කයකි. ‘අමා’ යනු ප්රා ණදායක ද්ර්ව්යයයෙකි. එයින් පිරුණු විලෙක්හි හැම දෙය ම සුහුඹුල් ව වැඩේ. පෙම්සිත් කුමුදු සේ ගත් විට මේ රුව ඒ ඉඳුවීමට අමාවිලකි. වනදෙවියෝ පෙම්සිත් කුමුදු එහි හිඳුවති. ඇසිල්ලකින් ම එය සියදහස්ගුණෙන් වැඩී සුහුඹුල් වේ. ‘උන්වන’ යනු ‘උඳ’ දයින් (උඳවන=උන්ද්වන=උන්වන) සිද්ධ යි.

155 අර්ථ:- වනදෙවඟනන්ගේ නෙත්ර නමැති චන්ද්ර කාන්ත මාණික්යනයට චන්ද්රනලෙඛාවක් වූ ( හිගි වුන්=) අභිප්රාවය වින්දනය කළ (=අදහස ලැබූ) සිත් නමැති මයූරයන්ට වැජඹෙන අභිනවමෙඝරාජයෙකු වූ -(එ රූ)

විස්තර:- සඳරැස් වැදුනු විට සඳකත්මිණින් දිය ගල යි. (සැළ. 54) මේ රුව චන්ද්ර්ලෙඛාවකි. වනදෙවඟනන්ගේ නෙත් නමැති සඳකත්මිණන් දිය ගල්වන හෙයිනි. මේ කාන්තරූපය වනදෙවඟනන්ට ද වඩා අතිශය ශොභාසම්පන්න ය. මෙය දුටු සියහිමියන් තමන්ට ආලය අඩු කරණ බව වනදෙව්ලියෝ දනිත්. එයින් ඔවුන් තුළ ශොකය ඇති වේ. කඳුළු හෙළීමට හෙතුවන්නේ එය යි. මේ රුව සිත්මියුරුනට නව මේඝකුළකි. කෙබඳු සිත්මියුරුනට ද? හිඟි වුත් සිත්මියුරුනට ය. ‘හිඟි’ නම් සිතෙහි අදහස් ය. කම්රස විඳීම සිතෙහි අදහසකි. හිඟි විඳියේ කම්රස ද දනියි. කම්රස දත් සිතක් මිස අනෙකක් මෙ බඳු රුවක අගනා බව දත නො හෙයි. ‘හිඟි වුත්’ යන වෙසෙසුන දුන්නේ එහෙයිනි. නව මේකුළක් දුටු මොනරුන් මෙන් මේ රුව දුටු කම්රස දත් සිත් හර්ෂළයෙන් නටන්නට පටන් ගණි යි.

156 අර්ථ:- ඒ රූපය නමැති ශරච්චන්ද්ර තෙමේ වනය නමැති ගගනය (=අහස) ප්රචභාවත් කෙළේ මතු (=පමණක්) ද? වන දෙවියන්ගේ සිතෙහි සොම්නස් නමැති කෞමද තටාකයන් ප්රවබොධ ද කෙළේ ය.

විස්තර:- සොම්නස පවතින්නේ මෙනෙහි ම ය. එහෙයින් “මෙනෙ සොම්නස්” යන තන්හි ‘මෙනෙ’ යන්න අධිකය යි ද එය දොසෙකැ යි ද, ඒ දොස දුරු වීමට නම් ‘මෙනෙ’ යන්නට සුදුසු විශෙෂණයක් දිය යුතු ය යි ද, සංස්කෘත අලඬ්කාරග්රනන්ථයන් අනුව සලකන විට හැ‍ඟේ. එහෙත් අශ්වඝොෂ, කාලිදාසාදි මහා කවීහු පවා එය එතරම් දොසකැයි නො සැලකූහ. එය එතරම් දොසක් නම් “චිත්තාශාව” යනාදී ව්‍යවහාර ද දුෂ්ට වේ. ‘පැහැයි පෙබැයි’ යන දෙක ‘පහය, පොබය’ යන ධාතූන්ගෙන් සිද්ධ අතීත ක්රිකයාපද යි.

157 අර්ථ:- ප්ර තිබද්ධ වූ (=මේ) ජාතියෙහි යම් ඵලයක් ඇත්නම් එය මැය ම සමග (විසඹරෙසෙ=) සන්ථව (=සඬ්ගම) රසයෙහි එක ම නිෂ්ඨාව වු (සැමෑමෙන්=) සමාගමයෙන් වෙසෙසී ම (=විශෙෂ=උතුම් වීම) නො වේ දැ යි කියා-

158 අර්ථ:- දිව්යෙප්සරසුන්හට නිග්රොහය ගෙණ ඇර දුන්නා වූ ඒ රූපයට ලං ව (වර=) වල්ලභ දිව්ය්පුත්රණ සමූහ තෙමේ (රහස්මනදොළ=) සැඟවුනු ආශාව (හඟවන=) ප්ර කාශ කිරීමට (පැටියේ=) පටන් ගත්තේ ය.

විස්තර:- වනදෙව්පුත්හු ඒ රන්රුව දැක දෙවඟනකැ යි සිතූහ. සිතා “මේ උප්පත්තියෙහි යම් ඵලයක් ඇත් නම්, එය මේ කාන්තාව හා සත්ථවය කිරීම නො වේ ද? එයම සත්ථවරසයෙහි එක ම මස්තකප්රාථප්තිය නො වේ ද? එය ම විශිෂ්ට වීමක් නො වේ ද?” යනු සියදෙවඟනත් ඉදිරියෙහි ම කියන්ට වූහ. එසේ කියා රන්රුවට ලං ව රහස් අදහස පවසන්නට වන්හ. මේ රුව ඒ දෙවඟනන්ට ද වඩා මනොහර ය. මෙය ඉදිරියෙහි දෙවඟනෝ වැඳිරියන් මෙන් පෙණෙත්. ඔවුන්ට නිගා ඇර දුන්නේ එහෙයිනි. “සත්ථව” යන්නට “විසඹ” යි පැරණියෝ අර්ථ කීහ. ( ධ. ගැ. 288 සහ ජා. ගැ. 121- 26) “පැටියෙ” යනු ‘පට’ දයින් සිද්ධ කෘදන්තපද යි. ‘හඟවත’ යන්න රූපයෙන් අසම්භාව්ය්ක්රි යාපදයක් වුව ද මෙහි භාවාර්ථයෙහි යෙදින.

159 අර්ථ:- වනදෙවදුහිතෘ කාන්තාවෝ ප්රිටයයන්ගේ (ඉහිලස=) ප්රේනමයෙහි ලිහිල් බව වින්දාහු (පිළිපන්=) පැමිණි දරුණු දැඩි ශොක නමැති ජලනිධියෙහි නොකිමින්දාහු නොවෙත්. (=කිමින්දාහු ම ය)

විස්තර:- ‘දෙව්දූලියෝ’ යන තන්හි ‘දූ’ සද තරුණාර්ථය දෙ යි. “දූලඳුන්” (සැළ.98) යනාදී තන්හි ද ‘දූ’ සද හා ස්ත්රිකවාචක අනෙක් සදක් ද යෙදින. “නො නො කිමිඳියෝ” යන්නෙන් “කිමිඳියෝ” යන්නෙහි අර්ථය ම ලැබේ. ‘නො’ යන නිපාතයෙන් “කිමිඳියෝ” යන්නෙහි අර්ථය ප්රැතිෂෙධ කරයි. නැවත ‘නො’ නිපාතයෙන් ඒ ප්රදතිෂෙධය වළකයි. එහෙයින් ප්රමකෘති අර්ථය ම ලැබේ. එහෙත් එබඳු තැන අවධාරණාර්ථයක් ද ලැබෙන බව පෙණේ.

160 අර්ථ:- විශ්රුම්භරසය නම් ( මේ අමුතු කත හා සමාගමය ම) වන්නේ ල. අනුරාගරසය නමුත් මේ ම ලු. සැබෑ වූ පුරුද්ද (=ආශ්රමය) පිළිබඳ ගුණය නමුත් මේ ම ලු. නැවත අභිනව ජීවිත ලාභය ද මේ වන්නේ ල.

විස්තර:- ස්වප්රි යයන්ගේ කථා අසා කලකිරුණු දෙවඟනන් වැලපුනු පරිදි මෙයින් දක්වති. මෙහි ‘ලු’ නිපාතය ශ්රැතතිසූචනයෙහි පමණක් නො ව ඛෙද, විස්මය යනාදී අර්ථයන්හි ද වැටේ. ‘ලු’ යන්න පාලියෙහි ‘වත’ යන නිපාතයට සමාන ය. ‘ලු’ යන්නෙහි මුල් රුපය වූ ‘ලව්’ යන්න ‘වත’ යනනට අර්ථ කීමට පැරණියෝ යෙදූහ.

161 අර්ථ:- අප කෙරෙහි (ස්වාමින්ගේ) හෘදයට වැදුනු ස්නේහය මෙ පමණක් ම, (හා=) අය්යෝ! වී ය. (ඔවුන්ගේ) සිත් නෙත් කත් (අපගේ) හිමියන් (දැහැ=) හැර අන් තැනකට ගියේ ද?

විස්තර:- අප ‍ෙකරෙහි අපේ ස්වාමීන්ගේ හෘදයට වැදී පැවති ස්නෙහය මේ අමුතු කතක දැකීම කෙළවර කොට වී ය. අ‍ඳෝ ම ය! පුරුෂයන්ගේ චපලකම? අප හිමියන්ට දැන් අප ගැණ සිතන්ට සිතක් නැති සේ ය. මේ අමුතු කතගේ රුවට මඩා මනහර අපගේ රූසපුව අප හිමියන්ට නො පෙණෙන්නේ ඇස් නැති හෙයින. අපගේ සෙනේහෙන් ඇනුනු දුක්මුසු බස් නො ඇසෙන්නේ කන් නැති හෙයින. අපගේ ස්වාමීන්ගේ මන‍ෙනත්සවන් ඔවුන් හැර අන් තැනකට ගිය සේ ය. නැත් නම් මෙබන්ඳක් විය නො හැකි ය. මේ හිමියන්ගේ ශෛථිල්යයයෙන් දුක් පත් දෙවඟනන් වැලපුනු පරිදි ය.

162 අර්ථ:- ප්රි‍යයන් ද ප්රිවයාවන් ද අතුරෙහි මෙසේ ප්ර්ණයවිග්රසහ (=පෙම්දබර) වනකල්හි (සේ සෙවි=) ඡෙක (=දක්ෂ) සේවිකාවක් වූ කුදු ස්ත්රි යක් ඒ තීරයට ප්රා්ප්ත වූවා පරිපන්ථයක් (=විරොධයක්) නැතත්-

විස්තර:- ‘පණවියගුරු’ නම් ප්රූණයය ප්රෙ=මය මුල්කොට වන්නා වූ කලබල යි. සසදායෙහි (214) ‘පණඩබර’ යි කීයේ ද මෙය යි.

163 අර්ථ:- මොළොක් අතින් ඒ රූපයෙහි විශාල කපොලභිත්ති (=ප්ර්දෙශ) යෙහි පහර දී එකෙණෙහි සම්පූර්ණප චන්ද්රයයාගේ ග්රැහණයෙහි (ඔත වරැ=) වැටුනු කල්හි (=ග්රණහණය කළ කල්හි) රාහුගේ විලාසය කළා ය.

විස්තර:- පහර දීමට මත්තෙන් එය දෙන්නා හා ලබන්නා ද අතර පරිපන්ථයක් විය යුතු ය. ගංතෙරට පැමිණි ඒ කුදු ගැහැණි එ බඳු විරොධයක් නැති ව ම ඒ රූපයෙහි කන්මුලට පහර දුන්නා ය. එසේ පහර දීමෙන් ඕතොමෝ පුන්සඳ ග්ර හණය කළ රාහුගේ විලාසය ප්රමකාශ කළා ය. සුපුන්ස‍ඳෙහි රාහු හා විරොධයක් නැත. එහෙත් රාහු එය අල්ලා ගණී. මේ රුවෙහි මුහුණ ද කාන්තිමත්භාවය, සෞම්ය භාවය, අවිරොධභාවය, යන මෙයින් සුපුන්සඳ වැනි ය. ඊට පහර දී අතින් එය වැසූ කුදිය රාහු වැනි ය. කුදිය පහර දුන්නේ ඇගේ භාරයේ සිටින කාන්තාව ඇගේ අවසර නැතිව සෛවරී ව අවුත් එහි සිටිතැ යි යන හැඟීමෙනි. විරොධයක් එහි පෙණෙතත් අන්යුයෝ ඒ බව නො දනිති.

164 අර්ථ:- තමාගේ හස්තයෙහි වේදනාවෙන් ම එය තද කනක රූපයක් ය යන බව (හැඟැ=) දැන “මාගේ දුහිතෘවගේ රූපයෙහි විලාසයෙන් නෙත්රන අභිෂෙක කොට (=නෙත් පිණවා) (නුළූමූ=) වඤ්චිත වුමු. (=රැවටුනෙමු)

විස්තර:- ‘වෙයිනින්’ යනු ‘වෙයින්’ සදෙහි කරණවිභක්ති රූපය යි. ‘වෙදනා’ ශබ්දයෙන් බිඳෙන්නේ ‘වෙයින්’ යන්නය. (ධ.ගැ.76-24 පෙළ) ‘නුළූමු’ යන්න ‘නළ’ දයින් සිද්ධ ‘නුළූ’ යන කෘදන්තයෙන් පුරුෂභෙදය හඟවන ‘මු’ ප්රනත්යමය ව සිද්ධ වේ. ස්ත්රියලිඬ්ගික ශබ්ද එකවචනාන්ත වුවත් ‘මු’ ප්රිත්ය්ය යෙදේ. “හිමි, මම කැත දුවක්මු” (ධ. ප්ර් 274) යනාදි තන්හි මෙනි. ‘බිසෙස්වා’ යන්න ‘බිසෙස්’’ දයින් සිද්ධ යි.

165 අර්ථ:- “යහළු ස්ත්රිතනි, කර්ණිකාර-වම්පක-කෙතකී පුෂ්පයන්හි (රද=) රොන් (ඇඟැරැ=) ආඝ්රා්ණය කොට නැවත වරාමල් සිඹින භ්රබමරියක මෙන් (නිළියෙම්=) රැවටුනෙමු” යි.

විස්තර:- ( පුෂ්පයෝ වර්ණ(යෙන් ද ගන්ධයෙන් ද මීමැස්සන් තමන් වෙත අදිති. කිණිහිරිමල සුගන්ධයෙන් තොර වුවද වර්ණ සම්පත්තියෙන් යුක්ත ය. එහෙයින් එ දුටු බමරු ඒ කරා ගොස් රොන් ගණිති. සපුමල වර්ණෙ ගන්ධ දෙකින් ම යුක්ත ය. දුනුකේමල් වර්ණ සම්පන්න නොවුවද ගන්ධ සම්පන්න ය.) වර්ණතගන්ධ සම්පන්න පුෂ්පයන් වෙත ගොස් රොන් ගන්නා බමරු කිසි ම වර්ණධගන්ධ සම්පත්තියක් නැති වරාමල් ද සමහර විට ඉඹිති. එලෙසින් ම මාගේ දුවගේ රූපශ්රිැයෙන් නෙත් පිණවා සිටි මම සිත් අලවන්නට තරම් කිසි ගුණයක් නැති වරාමල් වැනි මේ රුවට රැවටුනෙමි. කරණිකාරපුෂ්ප වර්ණවප්ර කර්ෂුයෙන් යුක්ත වුව ද නිර්ගාන්ධතායෙන් සිත තවතැ යි. (කුමා 3-28) කාලිදාසයෝ කීහ. එහෙත් ඍතු සංහාරකාර කාලිදාසයෝ කතුන් කිණිහිරිමල් කන්හි පලඳිතැයි (ඍතු 6-5)ද, පුරුෂයන්ගේ රාගොත්පත්තියට හෙතු වෙතැ යි. (ඍතු 6-20) ද කියති. කිණිහිරි මල් සිත තවා නම්, කාන්තාවෝ එය පලඳිත් ද? මේ කාලිදාසයන් දෙදෙනා කිණිහිරි මල් පිළිබඳ ව වෙනස් අදහස් දරණබව මෙයින් පෙණේ. එපමණක්ද? නො වේ. ග්රී ෂ්මයෙන් පීඩිත වූ භෘඬ්ගයා කිණිහිරි කැකුළු පළා ගෙණ සැඟවෙතැ යි (වික්‍රමොර්වෙශීය 2-25) ද මහාකවිකාලිදාසයෝ කියති. පීඩිතයා මනස්කාන්ත නොවන දෙය වෙත පවා ඇදෙන බව මෙයින් ධ්වනිත යි. මෙසේ මහාකවිකාලිදාසයන් භෘඬ්ගයන්හට අප්රිිය වූ කිණිහිරි මල් අපේ මහාකවිශ්වරපණ්ඩිත නරෙශ්වරයන්ගේ භෘඬ්ගයන්ට ප්රිසය වෙයි. කිණිහිරිමලෙහි බුහුමනක් නැතැ යි මොහු මෙහි ම එක් තැනකදී (11-39) කියති. ඒ සුගන්ධාපෙක්ෂාවෙනි. කිණිහිරිමල් නිර්ග න්ධ වූව ද වර්ණරප්ර3කර්ෂතයෙන් ම භෘඬගයන් ඇදගන්නා බව කාලිදාසයන් නුදුටු නමුත් අපේ මහාකවීශ්වරයෝ දුටහ. ස්වභාවධර්ම්පරීක්ෂණ ඥානයෙන් අපේ කවීශ්වර පණ්ඩිත නරෙශ්වරයන් මහාකවි කාලිදාසයන් ද පරදන බව මෙයින් පෙණේ. ‘ඇඟැරැ’ යනු ‘අඟර’ දයින් සිද්ධ යි. ‘ඝායිත්වා’ යන්නට ‘ඇඟැරැ’ යි (ධ. ගැ. 222 – 4 පෙළ) අර්ථ කියන ලදී. එහි ‘අඟරැ’ යනු ලිපිදොෂයි.

166 අර්ථ:- මෙසේ කියන කල්හි වනදෙවපුත්රා සමූහයා චිත්තයෙහි අනුරාගය ද ඔවුන්ගේ කාන්තාවන් ප්රලණයවිග්ර‍හ ද (දැහැ=) හැර සන්සුන් සමයෙහි-

167 අර්ථ:- පිපුනා වූ මහවිලක් හමුවට (=ඉදිරියට) (පැනී=) පැන් කැමැත්තන් ලෙසින් ඒ තීරයෙහි ඇගේ හමුවට දූතජන තෙමේ සොම්නස් සහිත සිතින් වහා (අද=) අවුත් පෙණී-


168 අර්ථ:- ප්රි(යභාෂිණිය (=ප්රි-යවචන කියන්නිය), මෙයට ගර්හා් කොට ශරච්චන්ද්රිමණ්ඩලයෙහි චිත්රරකර්මව (කරන්නා) සේ විස්තර (=වර්ණ්නා) කළ තොපගේ චන්ද්රතමුඛී (=සඳ වැනි මුහුදු ඇත්තී) වූ හෝ තොමෝ කවර නම් ඇත්තක් දැ යි කී ය.

විස්තර:- සරසඳමඬල සුප්ර කට ය. මේ රන්රුව ද කාටත් ප්රඳකට ය. එහි සෞන්දර්යාතිශය ද කාටත් පෙණේ. ඊට ගර්හාන කොට අනික් රුවක් වර්ණරනා කිරීම සරාසඳමඬල වසා සිතියම් කරන්නාක් මෙනි. ‘සඳවත්’ යනු සුන්දර කාන්තාවන් සඳහා යෙදෙන විශෙෂණයකි.

169 අර්ථ:- එතෙපල අසා කුදු ස්ත්රියතොමෝ “ශශලේඛාවෙන් (=හාවාගේ සලකුණින්) වෙන් වූ නිශාකරයා (=චන්ද්රලයා) වැනි වක්ත්රයයෙන් සාර වූ නොහොත් වක්ත්රනපද්මයක් ඇති ඕතොමෝ පබවත් නමු.” යි වියූ

විස්තර:- ‘කුදු’ යන්න ගුණනාම‍ෙයකි. ‘කුදු’ සද ස්ත්රිූලිඬ්ග වනවිට ‘කුදුවී, කුදී’ යන ලෙසින් සිටී. සමහර උකාරාන්ත ගුණ නාම ස්ත්රිවලිඬ්ග වනවිට ඌකාරාන්තව සිටී. ‘කළූ’ යනු එසේ වූ තවත් වචනයකි.

170 අර්ථ:- දූතජනතෙමේ තුෂ්ට ව “ප්රනභාවතී යන නාමයෙන් ම ජනයාගේ කන් ද සිත් ද නෙත් ද අදින ඕතොමෝ කවරක් (කාගේ දුවක්) දැ” යි නැවත විචාළේ ය.

විස්තර:- ප්රමභාවතී යන නාමය ඇසීමෙන් ම ඒ දූතයන්ගේ කන් නෙත් සිත් ඇය දෙසට ඇදුනේය. ඇය ගැණ ම අසන්ටත් සිතන්ටත් ඇය ම දකින්ටත් ඔහු කැමති වූහ. එහෙයින් ‘පබවත නමින්ම දනන් සවන් මනනෙත් හදනා’ බව ඔවුන්ට ප්රතත්ය ක්ෂ ය.

171 අර්ථ:- “මද්ර්නරේන්ද්ර යාගේ දුහිතෘ ය. රාජවංශ නමැති අම්බරයෙහි (=අහසෙහි) වැජඹෙන කලාශ්රිදයට පැමිණි චන්ද්රජයා මෙන් සිත් නැමැති කුමුද තටාකයක් ප්රරබොධ කළා ය” (යි කීවා ය.)

විස්තර:- “කලාසිරිපත්” යන්නට “කලාසිරියට (=ආකාරයට) පැමිණි” යි නොහොත් “කලාවන්ගේ ශොභාවට පැමිණි” යි අර්ථ කිය හැකි ය. ‘කලා’ යනු චන්ද්රභයා සො‍ෙළාසට බෙදූ කොටසකි. කලාආකාරයට පැමිණි සඳ නම් නුපුන්සඳ යි. කලාවන්ගේ ශොභාවට පැමිණි සඳ නම් පුන්සඳයි. සරා සඳ ම කුමුදු පෙබයුම්හි අතිශය සමර්ථ ය යි මුවදෙව්දාවතෙහි (123) “නැත සරාසිසිමෙරද පුබුදි කවර කුමුදුවිල්” යන්නෙන් කියනලදී. මුවදෙව්දාවත් කාරයන් කෙසේ කීවත් කවර සඳක් වුව ද කුමුදු පොබය යි.

172 අර්ථ:- මෙසේ වචන නමැති මනොහර සම්පූර්ණෙ ශශාඬ්කයා (=සඳ) වැජඹීමෙන් උද්දාම වූ (=ඔද වැඩුනු) උත්තර නමැති මුහුදෙහි වැටී රිසිදෙයට කළ (දොළ=) ආශාව නමැති තරඬ්ග පරම්පරාවෙන්-

173 අර්ථ:- (යැතෙම්නි=) ඉදිරියට තල්ලු කරණු ලබමින් මෙන් ගොස් ඒ දූත ජනතෙමේ මද්රෙකන්ද්රදයාගේ සිංහචාරය (=මහවාසල) නමැති තීරයට පැමිණියේ ඔකාවස්රජු (පියෙදූ=) ප්රේෂණය කළ (=එවූ) පරිදි (වාරපාලයාට) කී ය.

විස්තර:- කුදිය හා කළ කථාවෙහි දී දූතයන් කී වචන පුන්සඳ වැනි ය. ඒ වදන් නමැති සඳ කුදියගේ සිත් ඇද ගත් හෙයින් “මනහර” යන වෙසෙසුන සුදුසු ම ය. සඳ වැජඹීමෙන් මුහුද උදම් වෙයි. මේ වදන්සඳ වැජඹීමෙන් උදම් වූ මුහුද නම් කුදියගේ පිළිතුරු නමැති මුහුද යි. දූතයෝ ඒ පිළිතුරු මුහුදෙහි වැටුනහ. එහි රළ නම් ඔවුන් දක්නට රිසි කළ පබවතට කළ දොළ යි. මුහුදෙහි වැටුනු දෙය රළින් තල්ලු වෙමින් තීරයට එයි. මේ දූතයෝ ද ඒ පිළිතුරු මුහුදෙහි රිසිදොළ පරපුරින් තල්ලු වෙමින් ගොස් තීරයට පැමිණියහ. තීරය නම් රජුගේ මාලිගාවෙහි මහවාසල ය. මෙහි විතීය තෘතීය පාද සියලු ම පිටපත් හි “දෙනේ එ සඳ විගුහු, දසුන්තෙර පතුයේ”යි පෙණේ. “ඒ සඳ විග්රී හුගේ දර්ශින නමැති තීරප්රාතප්ත වූයේ” යි. අර්ථ ද කියන ලදී. ‘සඳවිග්රීශහු’ යන වචනයක් අපි නො දනිමු. සෞන්දර්යයාදියෙන් චන්ද්රපයා හා විග්ර හ (=කලහ) කරින්නියගේ- පබවතගේ-යන්න අපෙක්ෂා කොට යෙදුනක් නම්, ඒ වචනය නිදොස් වුවත්, වැරදි ය. පබවතගේ දැකුම දූතයන් ලැබුයේ රජු ද දැකීමෙන් පසු ව ය. මදුරජු අපෙක්ෂා කොට යොදුනක් ද විය නො හැකි ය. තවමත් දූතයෝ මදුරජු නුදුටහ. රජු දුටු පරිදි මීලඟ සර්ගැයෙහි වැණේ. දූතයන්ගේ ගමන අවසන් වූයේ මී ලඟ සර්ග යෙහි 18 වැනි ගියෙහි පෙණෙන සීදොරෙහි දී ය.

174 අර්ථ:- මෙසේ රූපයට (දැසි=) සමාන වූවකු විමසා දූත සමූහයා චිරකාලයකින් නානාවිෂයන්හි සඤ්චාරය කළ විලස (වෙසෙසාන=) වර්ණෂනා කොට කළ මෙ සග. තුන්වැනි යි. තෘතියසර්ගයයෙහි ව්යරඛ්යානව නිමි.








4.සර්ග‍ය.

175 අර්ථ:- (එතර=) එකල්හි (විතර සැදුමිනි=) විස්තර සේ සැරසිම කරණ කොට (සියන් අග=) ඡන්දනාග්ර්යෙහි මූක්තාලතිකාවන්ගෙ (සිරින්=) ආකාරයෙන් ශොභමාන වූ දිව්යාසභාවට නිතර මඳසිනා ගත්තාක් (=සිනාසෙන්නාක්) වැනි වූ ( වැටුම් මඬුව)

විස්තර:- මේ වනාහි මේ සර්ග=යෙහි 8 වැනි ගීයෙහි සඳහන් වැටුම් මඬුව වැණුමකි. ඒ වැටුම් මඬුව විස්තර වශයෙන් එකක්වත් අඩු නො කොට සරසන ලද්දේ ය. ඒ සැරසිලි නිසා සුදම් දෙව්සබයට ද වඩා රමණීය ය. වැටුම් මඩුවෙහි පියසි අග එල්ලූ මුතුලැල් සුදු ය. වැටුම් මඩුයෙහි මඳසිනා වැනි ය. කුමක් සඳහා කළ මඳ සිනා ද? සුදම් දෙවිසබයට අපහාස සඳහා ය. අතිශය ශොභමාන ය යි ප්රුසිද්ධ සුදම් දෙව්සබය මේ වැටුම් මඬුවෙන් පැරදේ නම්, වැටුම් මඬුව සුදම්සබයට සිනා සෙනු නො යෙදෙන්නේ නො වේ . සුදම් දෙව්සබය පිළිබඳ විස්තර බුත්සරණෙහි 82 අංශයෙන් ද, අමාවතුරෙහි 17 වැනි පරිච්ඡේදයෙන් ද දත හැකි ය.

176 අර්ථ:- සෞම්යැ වූ (සියුරු සිලිලාර=) සතර සලිලාකාරය (=මුහුද) (හැනී=) මිශ්රි ව උඩට නැඟුනාක් වැනි වූ ප්රසකට වූ කාන්තියෙන් ආකුල (=ගැවසුනු) විචිත්රු රත්නච්ඡදයෙන් (=රුවන් මුවාපියැස්සෙන්) වැජඹෙන (=යුක්ත) වූ (වැටුම්මඬුව)

විස්තර:- ඒ වැටුම් මඬුවෙහි පියැස්ස රුවනින් නිමියේ ය. ප්ර්භාස්වර ය. නානාවර්ණ යෙන් යුක්ත ය. මහමෙර සතර දෙස පිහිටි සතර වර්ණ‍යක් ඇති සතර මුහුද මිශ්ර ව උඩට නැඟුන හොත් යම් බඳු දර්ශවනයක් ලැබේ ද, මේ පියස්ස ද එබඳු ය. සතර මුහුද බු. ස. 77 අංශයෙහි පෙණේ. ‘සියෙන්’ යන්න ‘ඡද’ ශබ්දයෙන් භින්න ‘සිය’ සදින් සිද්ධ ය. ‘ඡද ඡදන’ යන දෙ සදම ‘පියැස්ස’ යන අර්ථ දෙයි. ‘ඡදන’ ශබ්දයෙන් සිංහලයට එන්නේ ‘සියන්’ යන්න ය.

177 අර්ථ:- ප්රායසාදය සම්බන්ධ ශ්‍රිය (=ශොභාව) නමැති කාන්තාවගේ කුඬ්කුමාර්ද්රා (=කොකුමින් නෙත්) පීනපයොධර මෙන් ප්ර්භාස්වර වූ සෞම්ය‍ වූ පද්මරාගමාණිශෘඬ්ගයන් කරණ කොට ගෙණ නෙත්ර යන් බන්ධනය කරණ- (වැටුම්මඩුව)

විස්තර:- මේ ප්රාහසාදයෙහි ශෘඬ්ග (=කොත්) පියුම්රාමිණිමුවා ය. ප්රා-සාද ශ්රීසකාන්තාවගේ කොකුම්විලෙවුන් ගෑ පයෝධර වැනි ය. “වැණිනි” යන්න වෙනුවට ‘වැනිනි’ යන්න මුද්රි ත පොත්හි පෙණේ. පැරණි පිටපත්හි හා මුවදෙව්දාවතෙහි (10) ද ‘වැණි’ යන්න ම පෙණේ පැරණි සන්නවල ‘භාජන’ ය යි ඊට අර්ථ කියන ලදී. ප්රා‘සාද ශ්රී කාන්තාවගේ පියොවුරු වැනි විය යුත්තේ ප්රා්සාද තුළ තිබෙන භාජන නො ව ප්රාකසාදමස්තකයෙහි තිබෙන කොත් ය. කොත් පියුම්රාමිණියෙන් කරණ බව ජානකීභරණ(1-2) යෙන් හැඟේ. ‘වැණි’ යනු ප්රාීසාදශාඬ්ගයන්ට නමකි. ධම්පියාඅටුවාගැටපදයෙහි (284 පිට 14 පෙළෙහි) ‘ථූපිකාය’ යන්නට ‘වැණියෙහි’ යි අර්ථ කියන ලදී. එහි ම 121 පිටෙහි (28 පෙළ) ‘වැනි’ යි ද පෙණේ. ‘ථූපිකා’ යනු කොත් කැරැල්ල ය. ඒ බව ‘ථූපියෝ-කැරැලියෝ’ (ධලගැ236-28) යන අර්ථ කථනයෙන් පැහැදිලි වේ. ‘ශෘඬ්ග’ යන්නට ‘කැරලි’ යි ජානකීභරණ සන්නයෙහි අර්ථ කියන ලදී. ‘වැණි’ යන්න ‘කොත් කැරැල්ල’ ය යනු එයින් නිශ්චිත වේ.

178 අර්ථ:- රුචිර විචිත්රො රුවන් (ගන=) වැස්සක් ඇත හොත් එයින් (මුමූ=) වැගුරුණු රත්නතොය (=ජල) ධාරා වැනි ලක්ෂ ගණන් කණු වැජඹෙන- (වැටුම්මඩුව)

විස්තර:- මේ වැටුම් මඩුවෙහි කණු රුවන්මුවා ය. රත්න ජලය වහින වැස්සක් තිබේ නම්. එයින් වට රත්නජාලා වැනි ය. ‘මුමු’ යන්න වැගිරීම් අර්ථයෙහි වැටෙන ‘මම’ දයින් සිද්ධ කෘදන්තයකි. ‘වජඹනා’ යන්නෙහ කර්තෘම ‘ටඹ’ යන්න ය. වැටුම් මඩුව වැජඹීමට ආධාර යි. ‘වජඹනා’ යන්නෙහි ‘නා’ ප්රනත්ය(ය ආධාරකාරකයෙහි ය.

179 අර්ථ:- ඉඳුනිල්මිණිතලයෙහි භජනය කරණ (=තිබෙන) විමන්පිළිබිඹු කරණ කොට ගෙණ ධරණීයතලය (=පොළොව) (=බුත) බිඳුන හොත් වින්දනය කරණ (=දක්නා ලැබෙන) නාග විමානශතයන් දක්වන (වැටුම්මඩුව)

විස්තර:- මෙහි බිම ඉඳුනිල්මිණිමුවා ය. හාත්පස්හි තිබෙන විමානයන්ගේ ප්රවතිබිම්බ එහි පෙණේ. එය කෙබඳු ද? යත්- යම්කිසි ලෙසකින් පොළොව පැළී ගියොත් දක්නට ලැබෙන නාවිමන් වැනි ය. පොළොව පැළුනොත් එයින් ඇති වන වළෙහි ආලොකය මඳ ය. පොළොව යට නාගලොකයෙහි තිබෙන නා විමන් ඒ වළ තුළින් පෙණෙන්නේ ඉන්ද්රානීලමණි භූමියක් තුළ වැටී තිබෙන ප්ර(සාදච්ඡායා ‍ෙමනි.

180 අර්ථ:- අර්චනීයපුෂ්ප නමැති තරු ඇති නිර්මෙල වූ ඉන්ද්රයනීල මණිතල නමැති අහසෙහි සිංහාසන නමැති ශරච්චන්ද්රඇබිම්බය සෞම්ය ය (මමන්නා=) වගුරුවන-(වැටුම්මඩුව)

විස්තර:- ‘අසනියමල්’ යනු පූජාසත්කාර සඳහා විසුරුවන ලද කුසුමයෝ යි. වැටුම් මඩුවෙහි බිම ඉඳුනිල්මිණිමුවා හෙයින් අහස වැනි ය. එහි විසිරවූ මල් තරු වැනි ය. මැද තිබෙන සිංහාසනය චන්ද්රෝබිම්බය වැනි ය. ඒ සිංහාසනය සෞම්යවකාන්තිය පතුරුව යි. ‘මමන්නා’ යන්න ආධාරකාරකයෙහි ය. මැමීමට ආධාර වන්නේ වැටුම් මඩුව යි. ‘මමන’ යන්නෙහි කර්තෘට නම් සිහසනසරා සිසිබිඹු යි.

181 අර්ථ:- ජනයන්ගේ සිතට දඟයක් (=බන්ධනයක්) වූ සුධර්මහ විමානයට නිග්රමහයක් වූ (සමගාය රුසිරු ලඟා=) සමග්රා (=සියලු) රුචිර (=සිත්කලු) දෙය ලං ව (=එක් ව) සැදුනු නිරඬ්ගයා (=කාමදෙවයා) ගේ රඬ්ග (නෘත්ය=) භූමියක් වූ (වැටුම්මඩුව)

විස්තර:- ‘සුදම්විමන’ යි කීයේ සුදම් දෙව්සබය උදෙසාම ය. ලොකයෙහි අතිශය රමණිය වස්තූන්ගෙන් ඒ ද එකකි. මේ වැටුම් මඩුව ශතගුණයෙන් සහස්රවගුණයෙන් රමණීය ය. එහෙයින් මේ වැටුම් මඩුව සුදම් සබයට නිග්රරහයට හේතුවකි. එහි රමණීයත්වය මේ නිසා අඩු වී ය.

නරඟාගේ සියලු දෙය ම ඉතා සිත්කලු ය. සියල්ලට ම වඩා සිත්කලු වන්නේ රඟබිම් ය. ඒ සිත්කලුබව නිසා මේ මන්දිරය අනඬ්ගයාගේ රඟබිම වැනි ය. ‘දඟාය’ යනාදියෙහි ‘ආය’ යන්න අනුප්රාගස සඳහා යෙදුනකි. 280 වැනි ගීයෙහි ද මෙ බඳු නිරර්ථක අකුරු යෙදින.

182 අර්ථ:- මෙසේ පුර නමැති සාගරයෙහි ඔජසින් (=සාරයෙන්) ගත්තා වූ ඉතා මහත් පූර්ණෙපිණ්ඩයක් වැන වූ මුළුලොව සකල ශ්රීසය (සුමු=) සමූහ (=එක්රැස්) වූ ඉච්ඡාවන්ට අනුකූල වූ (වැටුම්මඬුයේ=) ආස්ථානමණ්ඩපයෙහි-

විස්තර:- ‘වැටුම්මඬුව’ නම් රාජසභාශාලාව යි. එය පුර නමැති සයුරෙහි සාරය එක් ව ගත් මහත් පිණ්ඩයක් වැනි ය. සයුරෙහි සාරය නම් රත්න යි. මෙය මුළුලොව සියලු ම ශ්රී. ශොභබාව එක් වූ තැනක් වැනි ය.

183 අර්ථ:- පසු ව තමාගේ රාජධර්ම ඉසිරි (=පැතිරී ) ගාත්රැය (ශරීරය) ගත්තාක් වැනි වූ සුදු වූ අඬ්ගරාග (=ඇඟ විලෙවුන්) ගත්තා වූ චන්ද්රනබිම්බයෙහි සොමිගුණ වගුරුවන්නා වූ (එනරවරණ)

විස්තර:- මේ 11 වැනි ගීයෙහි පෙණෙන මදුරජහුගේ තුනුසිරි වැණුමකි. ඒ රජ අතිශය ධර්මිෂ්ඨ ය. ඔහුගේ අද්රමව්යත වූ රාජධර්මාය ඉසිරි විහිදී ගොස් ගාත්ර යක් ගතොත් (=ද්රදව්යතයක් වුවොත්) එය ඔහු ඇඟ ගෑ විලෙවුන් වැනි ය. ධර්ම ය සුදු සේ සැලකේ. රජු කෙරෙහි පවත්නා රාජධර්ම ය අඬ්ගරාගව්යාොජයෙන් ඔහුගේ සිරුරෙහි ඇලී සිටිනු වැන්න යි. මෙයින් උත්ප්රේ ක්ෂා කරති. රජුන් සුදු ඇඟෙවිලෙවුන් ගානා බව ගුරුළුගෝමීහු ද කියති. (ධ. ප්රි 276) එසේ අඬ්ගරාග ගත් ශරීරයෙන් චන්ද්රෝබිම්බයේ සෞම්යකගුණය පහළ වෙ යි. ඒ රජු චන්ද්රශබිම්බය සේ සෞම්යසගුණෝපෙත ය යනු භාව යි. 184 අර්ථ:- විචිත්ර වූ සර්වාෞභරණයන්ගේ මරිචීන් (=රශ්මියෙන්) ආකුල වූ ශරීරශොභාවෙන් නානා රත්න රශ්මි විහිදුනා වූ රුචිර වූ ජඬ්ගම (ඇවිදින) මෙරුව පරදවා-

විස්තර:- ජඬ්ගමමෙරුවක් වේ නම්, සර්වාගභරණයන්ගේ කාන්තියෙන් වැසුනු රජුගේ ශරීරය තෙමේ ඒ මෙරුවෙහි ශොභාව පරදව යි. මෙරුව ද රන්රුවනින් ම නිමියකි. එබඳු මනොහර මෙරුවට ද වඩා මේ රජුගේ ශරීරශ්රී්ය අධික ය.

185 අර්ථ:- ලොකයාට ශරණ (පිහිට) වූ ද දරුණු (රණ=) යුද්ධ දිනුවා වූ ද ඒ නරශ්රෙලෂ්ඨ තෙමේ සහස්රායක්ෂිකයා (=ශක්රවයා) පාණ්ඩුකම්බලශෛලාසනය (සදන්නාක්) මෙන් (සහසා=) වහා සිංහාසනය (සැදි=) සැරසී ය.

විස්තර:- ‘සහසැස්’’ යනු ශක්රසයා යි. දහසක් දෙනා සිතන අර්ථ එක්කෙණෙහි සිතන බැවින් සක්හු එක ම පැණඇස් දහස් ඇස් නම් වී ල. (ධ. ගැ 12.-27) ඍෂියෙකුගේ ශාපයකින් ශක්රකයාගේ ශරීරයෙහි වූ විහ්න දහසක් පසුව එම ඍෂියාගේ ප්රා සාදයෙන් ඇස් බවට පර්ර්වූතනය වීම නිසා දහස් ඇස් වී ය යි සංස්කෘත කවීහු කියති. ‘පඬුසලසුන’ යනු ශක්රසයා මඝමාණවක කාලයෙහි කොබලීලගසක් යට මැගියන්ගේ පහසුව තකා කළ ගල්පුවරුවක අනුරූප විපාකවශයෙන් උපන් ශෛලාසනයකි. එය පඬු (බඳුවදමල්) පැහැයෙන් යුත් හෙයින් ‘පඬුසලසුන’ නම් වීය. ‘නරවරණ’ යන්නෙහි ‘වරණ’ සද ‘වාරණ’ ශබ්දයෙන් එයි. ඒ හස්ති වාචක ය. නාමයකට අගින් යෙදෙන සිංහ, හස්ති, හංස, වෘෂභ, ව්යාඒඝ්රය වාචක ශබ්දය ශ්රෙනෂ්ඨාර්ථය දෙ යි. ‘සැදි’ යන්නෙහි කර්තෘ ‘නරවරණ’ යන්න ය. 186 අර්ථ:- ජනයා නමැති ජලය ඇති ජය (දිනේවා, දිනේවා යන) වචන නමැති තරඬ්ගඝොෂ ඇති ආයුධ නමැති (අමින්=) අප්රෙමාණ මීන (=මතස්යි) යන් ඇති (රාජ) සභාව නමැති සාගරය නරෙන්ද්රරයා නමැති චන්ද්රඬයා වැජඹීමෙන් භ්රතමණය (=උදම්) වත් වත් ම (=වන කල්හි)

විස්තර:- මේ සභාව මුහුදකි. එහි දිය නම් ජනයෝ යි. රළ ගොස නම් ජයවචන ය. මතස්යුයෝ නම් ආයුධ ය. සඳ උදා වීමෙන් මුහුද උදම් වෙයි. වැඩිදිය ඇති වෙයි. මේ මුහුද ද රජු නමැති චන්ද්රගයා උදා වීමෙන් උදම්ව භ්ර.මණය වන්ට වී ය. ‘ජයවචන’ නම් බමුණන් විසින් “ජයතු භවාන් මහාරාජඃ” යනාදීන් රජුට ජය පතන වචන ය. චන්දීන් විසින් කියනු ලබන ආශිර්වාදස්තොත්රන පූර්ව ක පද්ය ද ජයවචන සේ ගැණේ.

මෙහි තෘතීය පාදය “බමත රජසබමුහුදු” යි පිටපත්හි පෙණේ. අනතුරු ගීවල පෙනෙන “පුදත පුදත” යනාදිය සලකන විට මෙහි ද කාලාර්ථ ක්රිපයාව ද්විත්ව කොට යෙදිනැ යි නිශ්චය වේ.මෙ බඳු සමාන වචන වලින් එකක් ලියන්නන් අතින් ගිලිහීම ඉතා පහසු ය. ‘රජ’ යන්න මාත්රාිවන්ගේ ඌනත්වය දුටුවෙකු විසින් එකතු කරණ ලද්දකි.

187 අර්ථ:- රාජ සමූහයා නිර්මරල ඉන්ද්රටනීලමාණික්යස නමැති භ්රථමරයන් ගැවසුනු කිරීට (=ඔටුනු) නමැති විලෙහි රඳන්නා වූ මුකුලිතාඤ්ජලී නමැති තාමරසවනයෙන් පුදන කල්හි-

විස්තර:- ඉඳුහු උදා වන විට පියුම් මුහුලු වනු ස්වභාවය යි. මේ නිරිඳු නමැති ඉදුහු වැජඹෙන විට මුහුලු වූ පියුම් නම් එහි සිටි යටත් රජුන්ගේ දෙ අතුල් ය. ඒ පියුම් රැඳුනේ කිරුළු නමැති විලෙහි ය. පියුම්විල් මල්රොන් ගැණුමට එන බමරුන්ගෙන් අචල වේ. මේ විල් ද විමලිඳුනිල්මිණි නමැති බමරුන්ගෙන් ගැවසුනේ ය. ‘රජ සිහසුන් අරා හිඳුත් ම සාමන්තරාජයෝ දොහොත් මුදුන් දී වැන්දහ’ යනු කී අයුරු යි.

188 අර්ථ:- චඤ්චල වූ ශ්වෙත චමරීවාලධි ගත් වරඬ්ගනාවන් නෙත්රනයෙහි පොපිය (=ස්පන්දය - පිය ගැසීම) නො පා. ඒ රජහු ම බලත් ම සුරඟනන් වැනි ම වන (වන) කල්හි- විස්තර:- උත්තමාඬ්ගනාවෝ සිහසුන වෙත සිට ගෙණ ඇසිපිය නො හෙළා රජු දෙස ම බලමින් සුදු චාමර සලති. ඔහු නුවනත පොපි නැති වන විට සුරඟනන් වැනි ම වෙති. ‘වරඟන’ යන්න ‘වත්’ යන ද්විත්ව වූ කාලාර්ථ ක්රිපයාවෙහි කර්තෘර ය. අඟන-ලිය ආදී ශබ්ද ප්ර්කෘතියෙන් ම සිට ගෙණ කර්ම -කර්තෘ විභක්ති බහුවචනාර්ථය දෙයි. ‘සුරඟනවත්’ යන තන්හි ‘වත්’ යන්න තුල්යාිර්ථ ප්රරත්ය‘යෙකි. එය අන්ත කොට ඇති පදය වෙනස් නො ව එක සේ ම තිබෙන හෙයින් නිපාත සංඛ්යාතවට වැටේ.

189 අර්ථ:- යුවරාජ ය, රාජාමාත්යබ ය, භට ය, විප්ර (බ්රාතහ්මණ) ය, වන්දිපුත්රබ ය යන මොවුන් (කැන්=) සමූහයා ස්වකීය ස්ථාන ගණුත් ම සභාව උද්දාම වූ සාගරය මෙන් සංක්ෂොභ (=කලබල) වන (වන) කල්හි-

විස්තර:- මහරජු එන්නට මත්තෙන් යුවරජ ආදීහු තැන් තැන් වලට වී යහළුවන් හා සල්ලාපයෙහි යෙදෙති. රජ පැමිණෙන විට ම ඔහු ද ස්වකීයස්ථාන ගණිත්. එයින් සභාව උදම්සයුර මෙන් සංක්ෂෙභායට පැමිණේ.

190 අර්ථ:- පඤ්චාඬ්ගගන්ධර්ව යෙහි රාවය වන කල්හි සිංහාසනයට සොළොස් අත් (=රියන්) දුරතන්හි (=ලිය) කාන්තාවන් අඬ්ග උපාඬ්ග (ඕමින්) බහමින්-දමමින් (ලියනු නැටුම්=) ලයාන්විත නෘත්යි (ඔවත් ඔවත්=) බහන (=කරණ කරණ) කල්හි-

විස්තර:- ‘පසඟගදැවු’ නම් පඤ්චාඬ්ගිකතූර්යය යි. ඒ සුප්රරසිද්ධ යි. (ධ.ප්රභ 149 අංශය) ‘අඟ උවඟ’ යන තන්හි ‘අඬ්ග’ නම් හස්තපාදමුඛ ආදිය යි. ‘උවඟ’ නම් ප්රචධානාඬ්ගයන්හි පිහිටි ඇගිලි බැම ආදිය යි. නටන විට ඒ සියලු ම අවයව නිසි පරිදි තාලයට සරිලන සේ වනති. ‘ඕමින්’ යන්නෙන් කීයේ ඒ ගාත්රසවි‍ක්ෂෙපය යි. ‘ලියනු’ යන්න ‘ලිය අනු’ යන දෙකින් සිද්ධ ය. ‘ලිය’ යන්න ‘ලය’ නම් ගායනවාදයනනතීනයන්හි සම වූ කාලප්ර මාණ යි. තාල යනු ද ඊට ම නමි. ඒ තාලයට අනුව එය නො වරදවා කරණ නැටුම ‘ලියනු නැටුම’ නමි. ‘ඕමින්, ඔවත්’ යන පද දෙක ම 1-16 වැනි ගීයෙහි ‘ර‍ඟොත’ යන්නෙහි ‘ඔත’ යන පදය සිද්ධ වූ ‘ඕ’ ධාතුවෙන් සිද්ධ ය.

191 අර්ථ:- (නෘත්යන) රසය විඳ ඉස් (තනවා=) සොලවා සුරෙන්ද්රායාගේ ගන්ධර්වනය (නැටුම් ගැයුම් වැයුම්) මෙ වැනි ය යි (හඟවමින්=) සිතවමින් මෙන් සියලු සභාව තාලයට අනුව අසුර සන් දෙන (දෙන) කල්හි-

විස්තර:- සභාවෙහි සියල්ලෝ ම නෘත්යවරසය විඳිත්. එය මැනැවැයි අභිනන්දනය සඳහා හිස් වනත්. (අභිප්රාලයානුකූල දෙයක් ඇසූ විට හිස ඉදිරිපසට වැනීමත් ඊට විරුද්ධ අවස්ථාවෙහි සරසට වැනීමත් සිරිතකි.) එසේ ම තාලයට අනුව අසුරුසන් ද දෙති. එය කෙළේ “දෙදෙව්ලොව ම අදිපති සහසැස්හුගේ ගන්ධර්වුය පවා මෙ වැනි ය. මීට අඩු මිස වැඩි නැතැ” යි හඟවමින් මෙනි. ‘අසුරුසන්’ නම් අච්ඡරාව (=අසුර) පහරා කළ යුතු හඬ යි. ‘අසුර’ යනු එකතු කළ මහපටැඟිල්ල හා මැදගිල්ල ය. එයින් කරණ හඬ ‘අසුරුසන’ යි. නොහොත් ආශ්චර්යයක දී කරුණු ලබන හඬ අසුරුසන යි. ‘තනවා’ යන්න සැලීම් අරුත්හි වැටෙන ‘තන’ දයින් ප්රරයොජ්යන ව ප්රාත්යයයාදිය වීමෙන් සිද්ධ යි. තැනෙන්නේ- සැලෙන්නේ හිස යි. සභාව හිස තනව යි. (=හිස ලවා එය කරව යි.)

192 අර්ථ:- හිමියාගේ මවුපියන් විසින් මෙහෙයූ දූතජනයන් (අද=) අවුත් සිංහචාරයෙහි රැඳුනු බව එකෙණෙහි (පිළිහැරි=) ප්රථතීහාරිය (චාරපාලිකාව) දැන්වූවා ය.

විස්තර:- 12 වැනි ගීයෙන් ආරබ්ධවාක්යවය අවසන් වූයේ මේ “දැන්වූ” යන ක්රිපයාපදයෙනි. ‘කුසරජුයි’ යි නො කියා ‘හිමියා’ යි කීයේ මදුරජු ද කුසරජුගේ යටත් රජෙකු වූ හෙයිනැ යි හැඟේ. ‘රැඳියන්’ යන්න ‘රැඳි’ සදින් සම්බන්ධවිභක්ති ‘අන්’ යන්න වීමෙන් සිද්ධ යි. 193 අර්ථ:- ප්රුතීහාරීතොමෝ නරෙන්ද්රසයාගේ (ඉගි බෙජෙමින්=) අභිප්රාසය භජනය කරමින් දූතජනයන් කැඳවා විචිත්ර් වූ ආලෙඛ්යභ රූපයක් (=සිතියම ඇඳි රුවක්) වැනි වූ මහාසභාවෙහි ඒ රූපය දැක්වූවා ය.

විස්තර:- සභාව ආලෙඛ්ය්රූපයක් වැනි වූයේ රන්රුව දැක විස්මයප්රා්ප්ත ව ඇසිපිය හෙළුමකුදු නැති ව නිසල ව සිටි හෙයිනි. රූපය පිළිහැරිය විසින් ම සභාවෙහි දක්වන ලද්දේ රාජසභාවෙක්හි එබඳු ක්රිහයා කිරීම ඇයට ම අයත් වූ මෙහෙයක් වූ හෙයිනි. නොදත් නොදුටු විරූ ආගන්තුකයන්හට එබඳු දෙයට ඉඩ දීම අන්තරායන්ට හෙතු ය. 194 අර්ථ:- රිසි දෙයට කළ ආශාවෙහි බර ( වහත=) අසුලත් (=ඉසිලීමට) (නොවත්ව=) නො පොහොසත් ව මෙන් ඒ දූත සමූහයා නැමී රජු නැමදියහ. (ඉන්=) එයින් එකෙක් නිරිඳුන්ගේ නෙත්රා නමැති මිණි (ලද=) ලබා මේ කී ය.

විස්තර:- දූතයන්ගේ රිසිදොළ ඉතා බර ය. එය ඉසිලිය නො හැකිව මෙන් නැමුනහ. නැමී රජු වැන්ඳහ. ඒ දූතයන්ගෙන් එකෙකු දෙස රජ බැලී ය. ‘නිරිඳු නෙත්මිණ ලද එකා ය’ යි කීයේ ඔහු උදෙසා ය. නෙත්මිණ ලැබීම නම් බලනු ලැබීම යි.

195 අර්ථ:- නරෙන්ද්රලය, ඉක්ෂවාකු පරම්පරාවෙහි ක්ෂත්රිාය කුලයට කොතෙක් වූ යශස්, තේජස්, සෞම්යයතා, ඥාන ආදී ගුණයන් (ඇවිළ=) එකතුවී ගත් (ගත් වන්=) ශරිරයක් වැනි- (‘කුසවීඑ’ යන්නට විශෙෂණ යි.

විස්තර:- වරයෙකු (=මනමාලයෙකු ) පිළිබඳ ව සෙවිය යුතු ප්ර්ධාන කරුණු නම් කුලය, ධනය, රූපය යන මේ යි. (කුමාර. 5-72) මෙයින් කුසරජුගේ කුලවංශාදි ය දක්වන ලදි. ඉක්ෂවාකු වංශය සූර්යයවංශයෙහි ශාඛාවකි. එහෙයින් ඉතා ශ්රේඉෂ්ඨ ය. කොත වනාහි මුදුනෙහි තබනු ලබන අවයවය යි. එහෙයින් සියල්ලටම වඩා ශ්රෙනෂ්ඨ ය යන අර්ථය පැවසීමට ද කොත් සද යෙදේ. කුසරජ ක්ෂත්රිිය සමූහයාට කොතකි. එහෙයින් ධනසම්පත්තියෙන් ද අඩු නො වේ. කාන්තාවන් පිණවන ශරීරසම්පත්තියක් කුසරජුට නැත. වරයාගේ දුබල තැන් කීම මඟුල්කපුවාගේ කාර්යයට බාධාවකි. එහෙයින් මේ දූතයා කුස රජුගේ ශරීරය ද උසස් තැනට ම නංවයි. කුසරජුගේ ශරීරය ද පෘථිවි ආදී මහා භූතයන්ගෙන් සැදුන ද සියලු ශ්රෙජෂ්ඨ ගුණයන් එකතු ව නිමවුනක් වැන්නැ යි පවස යි. ගුණධර්මේයන්ගෙන් මැවුනෙකුට සිය දුව දෙන්ට කැමති නො වන මවුපියෝ කවුරු ද? ‘ඇවිළැ’ යන්න එකතු වීමෙහි වැටෙන ‘අවුළ’ දයින් සිද්ධ පූර්වවක්රියයාපද යි.


196 අර්ථ:- මහිකාන්තාව පැලැඳි නොයෙක් නරිඳුන් නමැති රත්නමාලාවෙහි නායකමාණික්යාස්ථානයෙහි (රැඳියේ=) නැවතුනේ කුසවීරයා ම ය යි (දියේ=) ලොකයෙහි ප්ර කට ය.

විස්තර:- කුසරජු රාජාධරාජ බව මෙයින් දක්වයි. වරයාගේ ධුරය-කාර්යය දැක්වීම ද කපුවාගේ යුතුකමකි. කුසරජ ක‍වරෙක් දැ යි මදුරජු නො දන්නේ නො වේ. 197 අර්ථ:- යාචක ජනයන්ගේ අදහස සම්පූර්ණද කළ කුසරජ නමැති කල්පවෘක්ෂය වැලඳ ගන්නා ලියක් ඇත හොත් විශෙෂයෙන් ම (රඳනා=) සැරසෙන්නේ වෙයි.

විස්තර:- කුසරජුගේ ධනසම්පත්තිය මෙහි ප්රයථමාර්ධනයෙන් දක්වයි. කුසරජ කල්පවෘක්ෂයෙකි. යදියන්ගේ අධ්යාධශය පුරන්නෙකි. කල්පවෘක්ෂය කිසිවිටක දිළිඳු නො වේ. කල්පවෘක්ෂයක් වැනියෙකුට දුවක දෙන්ට අසතුටු වන්නෝ කවුරු ද? වීතියාර්‍ධයෙන් අභිප්රෙෙතාර්ථයට බසි යි. උත්තමවංශ ය, ශ්රෙයෂ්ඨ ශරීරසම්පත්ති ය, අද්විතීය ධුර ය, මහාධනසම්පත්ති ය යන මෙයින් යුක්ත වුව ද වැලඳ ගන්නා ලියක නැති හෙයින් ඒ කල්ප වෘක්ෂය නො බබල යි. ඒ කල්පවෘක්ෂයාගේ ශොභමාන භාවය පිරෙන්ට නම් සුදුසු ලියකගේ වැලඳ ගැණීම අවශ්යේ ය. ‘ලියක්’ යන්න අර්ථ දෙකක් දෙයි. එකක් නම් ‘කාන්තාවක්’ යන්න යි. අනෙක ‘ලතාවක් - වැලක්’ යන්න ය. කුසරජුට කාන්තාව ය. කප්රුකට වැල ය.

198 අර්ථ:- නරප්රඳවරය, එහෙයින් ඔහුගේ ගුරුවීරයෝ ඔබගේ දුහිතෘ චන්ද්රිාකාවගේ (=උතුම් දුවගේ) ප්රුවෘතියෙන් කර්ණෙය සරසා සතුටු සිතින් අප පියෙදූහ. (එවූහ.)

විස්තර:- මදුරජහුගේ දුව ගැණ තවමත් කුසරජුගේ දෙමවුපියෝ නො දනිති. මේ දූතයෝ ඒ බව නො කියා අන් ලෙසක් ම දක්ව යි.


199 අර්ථ:- මාගේ දුව (ඒ සඳු=) ඒ උත්තමයාගෙන් නොහොත් ඒ (ප්රයසිද්ධ) චන්ද්ර යාගෙන් රොහිණිය මෙන් වෙන් නො වූ නම් (= වෙන් නුවූවොත් - ඔහු හා එක් වුවොත් ) මාගේ කණ ද නෙත ද සිත ද (සැණකෙළි යැ=) උත්සව ක්රී ඩාවෙහි පය බඳින්නේ ය. (=පා තබන්නේ ය)

විස්තර:- මේ මදුරජු සිතූ පරිදි යි. කුසරජු අධිරාජයෙකි. එතුමාට සිය දුව දුන් විට දැන් තමා මත තිබෙන රාජ්යොභාරය සැහැල්ලු වෙයි. සතුරෝ නැති වෙති. එහෙයින් යුධ බියක් විය. නො හැක්ක. රජුන්ගේ අවිවේකයට හෙතු වන ප්රොධාන කාරණය නම් යුධ බිය යි. එබන්දක් නැති වන විට රාජ්ය්විචාරණය ඉතා පහසු ය. ඉන්ද්රිුය සුඛානුභවය යි. සවණ නුවනත මන පා බඳින්ට නම්පා තිබිය යුතු ය. ඒ එකකට වත් පා නැත. එහෙත් ඒ එකිනෙකට අයත් ක්රි යාවන්හි තත්පර වීම සලකා කවීහු සමාධිප්රාඑණය පොෂණය කරමින් මෙසේ කියති. “පියුම් නිදයි” යනාදිය ද මෙබඳු ය. (සි. ල 1-60) “කුසරජු හා පබවත ද අතිප්රි ය ව අතිශයාසක්වත ය විසුවොත්” යන අදහස ‘රොහිණී’ යනු පස්තරුවකින් හොබනා නැකතකි. “රෙහෙණ නැකත ගැළසිරි විලසින් දිමුත” (සැළ 77) යි කියන ලද්දේ එය යි. නක්ෂත්‍ර තාරකාවෝ දක්ෂ නම් ප්රවජාපතීහුගේ දූත් ලෙස ද චන්ද්ර යාගේ භාර්යාවන් ලෙස ද සැලකෙත්. (රඝු 3-33) එයිනුදු චන්ද්රදයාට අතිශයප්රියය වෙයි.

200 අර්ථ:- කාන්තාකුලයට කොතෙක් වූ සත්ත්වයන්ගේ නෙත්රදයට අමෘතයක් වූ මාගේ දුව නමැති චන්ද්ර්ලෙඛාව ඒ කුසරජුගේ රිසියට (නූනු = නො උනු- වත=) ඌන - අඩු - නුවුව හොත් කොතරම් සතුටක් නම් භජනය නො කෙරෙම් ද?

විස්තර:- මේ ද මදුරජු සිතූ පරිදි ය. කුසරජ කැත්කුලට කොත් ය යි දූතයෝ කියති. ම දූ කත්කුලට කොත් ය. කුසරජ කප්රුකක් ලු. කප්රුක දෙව්ලොව තිබෙන්නකි. එහෙයින් සත්ත්වයන්ට අප්ර ත්යුක්ෂ ය. එහෙත් එගේ දුව සත්ත්වයන්ගේ නෙතට අමෘතයකි. එහෙයින් මදුව ඔහුටම ගැළපේ ම ය. එසේ වුව ද ඇය ඔහුගේ රිසියට -කැමැත්තට - අඩු නුවුවොත් - ඊට සරි ලුවොත්, මම කොතරම් සතුටක් නම් නො විඳිම් ද? “අම” යනු අමෘතය යි. ‘අම, අමා’ යි දෙ අයුරකින් ව්ය වහාර වෙ යි. නො + උනු=නු+නූනූ. ‘සා’ යනු ‘තරම්’ යන අර්ථය දෙන නිපාතයකි. (කෙ සා පුළුල් දුහුලු දු-තිසර 124) ලියන්නන් අතින් දූෂිත වූ පාඨයන් ගෙණ පැරණි සන්නය කියන අර්ථ ගැළපේ දැ යි බැලිය යුතු ය.