කව්සිළුමිණ-කව්සිළුමිණ-vi
101 අර්ථ:-ලොකයාගේ චිත්ත නෙත්ර නැමැති කුන්දකෞමුද වනයන් ප්‍ේ ෙබාධ කරණ (සරා=) ශරත්කාලය සම්බන්ධ වූ ශ්රී යෙන් නොහොත් රාග (=ප්රධභා) සහිත ශොබාවෙන් අලඬ්කෘත වූ වක්ත්රර නැමැති ශශි (=වන්ද්රර) මණ්ඩලයෙන් (වොරජනා=) බබලන (මතු සමිබන්ධ යි.)
විස්තර:- සඳ කොඳ හා කුමුදු (=හෙලුපුල්) ද පොබය යි යනු කවිසමය යි. ‘කොඳ’ යනු සමන්මල් වැනි කුසුම් වෙසෙසකි.
102 අර්ථ:- ප්ර භා නමැති (තෝනෙන්=) ජලයෙන් ද වලි නමැති රැළින් ද මුතුහර නමැති පුෂ්කරාඬ්කුරයෙන් ද අලඬ්කෘත වූ (තුනු=) ශරීරය නමැති විලින් පීනපයොධර නමැති හංසයන් උසුලන-
විස්තර:- ‘විලි’ නම් බඩෙහි හා බෙල්ලෙහි තිබෙන රැළි යි ශරීරය තඩාගයක් සේ රූපණය කරණ විට එහි රැළ වශයෙන් මේ වලි ගන්නා ලැබේ. හර සුදු ය. පොකුරුකුරු ද එ බඳු ය. එහෙයින් දෙක සමාන ය.
103 අර්ථ:- මේ රූපය (=මාගේ මේ රන් රුෙවහි ලක්ෂණ) (දුරූ=) දැරූ ඔබවහන්සේ මනෙනත් නිරන්තරයෙන් බන්ධනය කරන (යහදසන=) සුඛ (=ප්රි ය දැකුම් ඇති දේවිය) මිස සිරි ගබ මැද වැජඹෙන අනෙකක් නැත. විස්තර:- ‘දුරු’ යනු ‘දර - දැරුම්හි දයින්’ සිද්ධ යි.
104 අර්ථ:- ශරච්චන්ද්රරකාන්තිය ඉසුලූ (වැළ=) ඉදුනු කුබුබු කොළයෙහි ශ්රි-ය දුර ලමින් ( =පරදවමින් ) සත්ත්වසාර තෙමේ සිනා රඳනා තොලින් (යුක්ත ව)-
විස්තර:- ‘කුබුබු’ යනු කුඹුක් නොහොත් ගස්කෑලිය යි. මේ දෙවගයෙහි ම කොළ ඉදුනු විට ඉතා රතුපැහැ වෙයි. ‘කුබුක්, කුඹුක්’ යන වචන සිද්ධ වූයේ ‘කුබුබු’ යන්නෙනි. ‘කකුඩ’ යන්නට ‘කුබුබු’ යි (ධ. අ. ගැ 287 පිටෙහි) අර්ථ කියන ලදී. ගුරුළුගෝමීහු ද අර්ජුනවෘක්ෂාර්ථයෙහි ‘කුඹුක්’ සද (ධ.ප්ර 227 පිටුව) ලියූහ. එහෙත් ඔහු ම “නාගබලාපිච්ඡිලාදීනි කුටෙ පූරාපෙත්වා” (පපඤ්චසූදනී 603 පිටුව) යන්න සිංහලයට පෙරළමින් “කුබුක්බෙලෙසුල් හා කෙළෙහි පුරවා” (අමාවතුර 59 පිටුව) යි කුබුක්සද නාගබලාපර්යාය සේ යෙදූ හ. ‘නාගබලා’ නම් ගස්කෑලිය යි. නාගබලාපර්යාය ‘කුබුබු’ සද හෝ ‘කුබුක්’ සද ‘කකහි’ යන හින්දිවචනයෙන් ආ සේ සිතිය හැක්ක. අර්ජුනපර්යාය ඒ සද ‘කකුහ’ යන සංසකෘතශබ්දයෙන් එයි. අමාවතුරෙහි මිස අනෙක් තැනක නාගබලාපර්යාය ‘කුබුක්’ සද නො දක්නා ලදී ‘කුඹුක්’ සද අර්ජුනාර්ථයෙහි ම ප්රකසිද්ධ ය. එහෙයින් මෙහි ‘කුබුබු’ සද කුඹුක්කොළ සඳහා ම යෙදිනැ යි හැඟේ. සුදු සිනාරැල්ලෙන් විසිතුරු වූ රතු තොල් සරාසඳකැලුම් වැටුනු ඉදුනු කුබුබු කොළයක ශොභාව පරදව යි.
105 අර්ථ:- “නො දත්තෙහි ද? තා විසින් පැවසූ ආශ්චර්යය ශ්රීව සාරයෙන් දෘෂ්යවමාන වූයේ මාගේ හස්තකර්ම යෙන් නිමවන ලද කනකරූපය යි. එය ගෙණ එය” යි කී ය.
විස්තර:- ‘දතිහි’ යන්න ‘දත්-දැනුම්හි’ දයින් සිද්ධ යි.
106 අර්ථ:- (ඒ ශිල්පි තෙමේ ) “හිමියාගේ වචනය ඉක්මීම (නො ලගනෙ=) නුසුදුසු ය” යි සිතා “ප්රියයදර්ශනාව මිස අනෙකක් නැත. රූපය තුබූ ස්ථානය කියව” යි කී ය.
107 අර්ථ:- “යහදසන ය යි තා විසින් දක්නා ලද යම් රූපයක් වේ ද, ගොස් එය ගෙණ එව” යි මහාත්ම තෙමේ කී ය. ශිල්පි තෙමේ ද සිරිගබට (යා=) ගමන් කෙළේ ය.
විස්තර:- ‘සිපි ද’ යන තැන ‘ද’ නිපාතය අන්වාචයාර්ථයි. එය වාක්යර දෙක සම්බන්ධ කෙරෙයි.
108 අර්ථ:- පසු ව ශිල්පි තෙමේ අමුක්ත (=නො මිදූ) සන්දේභ ඇති (=සැක සහිත) (සඳනෙන්=) සිතින් (කැඳි=) ආමන්ත්රිණය කෙළේ ය. ඒ හෙමරූපය (=රන්රුව) කථා නො කරණ කල්හි හෙතෙමේ (ලඟා=) ලං ව හස්තකර්මනන්ත (මගා=) බලා-
විස්තර:- ‘කැඳි’ යනු ‘කැඳ-ඇමතුම්හි’ දයින් සිද්ධ අතීතාඛ්යා=ත යි.
109 අර්ථ:- විසිමය සහිත සිතින් ඒ රූපයෙහි විචිත්රි චිත්රකකර්මමය සිතමින් (ලොම්උෙදහෙන්=) රොමොද්ගමෙයන් ඇඟ සරසමින් ජගත්පිතෘහුගේ (=කුසරජහුගේ) නෙත් හමු කොට-
විස්තර:- රජතෙමේ ප්රසජාව විනයනයෙන් ද රක්ෂණයෙන් හා පොෂණයෙන් ද ඒ ප්ර-ජාවගේ පීතෘ වෙයි. (රඝු 1-24)
110 අර්ථ:- “මේ රුපය (තා=) ඔබගේ නුවණට අනුරූප ය. (=සුදුසු ය) මෙය ඔබවහන්සේගේ නුවණ නමැති රූපයාගේ ප්රථතිරුපය නො වේ දැ” යි ප්ර(ණිපාතෙයන් (=වැඳීමෙන්) එනිරිඳු පිදුයේ ය. විස්තර:- ‘පිදූයේ’ යන්නෙහි උක්තය 44 වැනි ගීයෙහි පෙණෙන ‘හෙ’ යන්න ය.
111 අර්ථ:- මේ රූපයෙහි චිත්ර කර්මය වනාහි සිව්වත් , වෙන්, තිසුලවි, විස්සම්, දිවඉසි යන මොවුන් සම්බන්ධ ශතසහස්ර4යන්ගේ හස්තකර්මාන්ත රුප පරදවයි.
විස්තර:- ‘සිව්වත්’ නම් බ්ර්හ්මයා යි. වත් (=මුහුණු) සතරක් ඇති හෙයින් හේ එනම් වී ලු. බ්රඉහ්මයා ලොව සියල්ල මැවී ය යනු වෛදිකයන්ගේ මත යි. ‘වෙන්’ (=විෂ්ණු) සුප්රනසිද්ධ ය. ‘තිසුලවි’ යනු මෙහෙසුරා යි. උල් තුණක් ඇති අවියක් දරණ හෙයින් හේ එනම් වී ය මේ තිදෙනාම එකෙකුගේ ගුණභේදයෙන් භින්න වූ අවස්ථා ය යි සැලකෙත්. මොහු රූපනිර්මාණයෙහි අතිශය නිපුණයෝ වෙත්. ‘විස්සම්’ යනු විශ්‍වකර්මඑයා යි. හේ දෙවියන්ගේ වඩුවා ය. සියලු කර්මා්න්තයෙහි අතිශය දක්ෂය. ‘දිවඉසිලු’ නම් දෙවියන්සේ සලකනු ලබන මරිචී, අත්රිත, අඬ්ගිරස්, පුලහ, ක්රගතු, පුලස්ති, වසිෂ්ඨ යන මොහු යි. මොවුන්ගේ සමත් කම් පුරාණයන්හි වර්ණිත ය. මොහු ද විසිතුරු කර්ම න්තයන්හි අතිශය දක්ෂයෝ යි. මේ මහා නිර්ම තෲන් ලක්ෂ ගණනක් එකතුව කළ රූපයකට වඩා එක ම කුසරජු විසින් සෑදූ රූපය විශිෂ්ට වී ය. එය ඔවුන්ගේ හස්තකර්මාසන්තය පරදව යි. ‘පරයා’ යනු ‘පරය’ දයින් සිද්ධ යි. හැම පිටපත්හි ම “ පැරැයී” යන අතීතාඛ්යාපතරූපය පෙණෙතත් මෙහි යෙදිය යුත්තේ වර්තයමානාඛ්යානතරූපය යි. ‘පැරැයී’ යි කියූ විට දැන් නො පරයන බවක් හැඟේ. විශේෂයෙන් කිය යුත්තේ දැන් පරයන බව ය. මෙබඳු තැන්හි වර්තනමානාඛ්යා තය කාලත්රරයට ම සාධාරණ ය.
112 අර්ථ:- මෙසේ විෙශෂයෙන් ථොමනය (=ස්තුති) කොට තුන් ලොවට පිළිසරණ වූ උත්තමයාගේ චරණනඛරශ්මිජලයෙන් තමාගේ මස්තකය තෙමා අභිෂේක කෙළේ ය.
විස්තර:- ‘නියරැසිනි’ යන්නෙහි අර්ථය “නඛරශ්මි නමැති ජලයෙන්” යනුයි. ‘රංසි, රස’ යන ශබ්ද දෙකින් ම සිංහලයට ලැබෙන්නේ ‘රස්’ යන රූපය යි. ‘රැසිනි, රැසෙහි’ යන විභක්ත්යයන්තපදයන් පමණක් බලා විභක්ය්න්ත වීමෙහි දී වූ විපර්යාස නො තකා ‘රැස්’’ යි ප්ර්කෘතිය වශයෙන් ගැණීමෙන් ‘රංසි’ ශබ්දයෙන් ආ ‘රස්’ යන්න දැන් ‘රැස්’’ යි ව්යසවහාර කරණු ලැබේ. ‘රස’ නම් ජලය යි. අභිෂෙකයට ජලය අවශ්ය ය. මේ අභිෂෙකයට යෙදුනේ චරණනඛරශ්මි නමැති ජලය යි. සරණ නියරැසින් මුදුන් තෙමෙන්නේ පාමුල හිස තබා වඳින විට ය. ‘තොමා’ යනු ‘තොම-තුති කිරීමෙහි’ දයින් නිපන් පෙර කිරියපද යි. ‘තෙමී, තෙමූ’ යනාදී පදරූපයන් පමණක් සලකන්නෝ ‘තොම’ දය ‘තෙම’ යි පෙරළති. පැරණි ලියන්නෝ ද ඊට අනුබල දෙති. මා වෙත තිබෙන පිටපත් අතුරෙන් එකක් හැර අනෙක් සියල්ලෙහි ම පෙණෙන්නේ ‘තෙ’ යන්න ය. එක් පිටපතක් පමණක් පැරණි ‘තො’ යන්න රැක ගණි යි. පස් වැනි කසුප් රජහු ද ‘තොම’ යන දය ම යෙදූහ. (ධ. අ. ගැ.249-4)
113 අර්ථ:- ඔහුගේ ඉඟිය (=අභිප්රානය) ලැබ (හෙතෙමේ) (එතර=) එකෙණෙහි ගුරුවරන්හට රූපය දැක්වී ය. දෙගුරුහු ඒ රූපයෙහි ශ්රීෙසාරය (මැගියෝ=) බැලුවාහු විස්මයෙකැ (=පුදුමයෙකැ) යි හැඟියහ.
114 අර්ථ:- මෙය (හරණ=) පරදවන (කරණ=) ශරීර ඇති ක්ෂත්රි)ය කාන්තාවක ඇත හොත් ගිහිගෙය භජනය කරමි යි ජගනේනත්රග (=කුස) තෙමේ (=වී) කීයේ ය යි ශිල්පි තෙමේ දෙගුරුන් (අබියෙසැ=) සමීපයෙහි කී ය. 115 අර්ථ:- ඹහුගේ මුවපියුමින් උතුරා ගිය සිනිග්ධ වූ (සුවදා=) (කණට) සුව දෙන මධුර වූ වචන නමැති මකරන්දයෙන් තමන්ගේ ශ්රථවණ නමැති භෘඬ්ගයන් සනසා- (=පිණවා) (බස් අසා ය යි සේයි)
විස්තර:- ශිල්පියාගේ වචන දෙගුරුන්ගේ කණට එතරම් සුඛදායක වූයේ කුසරජු ගිහිගෙය භජනය කරන්නට කැමති වූ බව එයින් පැවසුනු හෙයිනි.
116 අර්ථ:- මේ මුළු දඹදිව විචිනය (=සෙවීම) කරතත් මේ ප්ර ති (=සමාන) රූපයක් නැත. නරවීරයා සිතින් පඤ්ච කාමය ( පියවී මැ නු යි=) දුරු කරවූයේ ම නො වේ දැ යි පිය රජතෙමේ කී ය.
විස්තර:- ‘පියවී’ යනු ‘පිය-හැරුම්හි’ දයින් ප්ර=යෝජ්ය ‘ව’ ප්ර්ත්ය-ය ව සිද්ධ අතීතක්රිරයාපද යි. ප්රුයොජ්යම නොවන තැන ‘පියී, පී’ යන ක්රිැයාරූපයෝ වෙත්. පස්කම්සුව අත්හරින්නේ සිත ය. කුසරජ ඒ සිත ලවා එය කරවී ය. ‘පියවී’ යි යෙදුනේ එහෙයිනි.
117 අර්ථ:- මහීනන්දන වූ ස්වාමීනී, පුත්ර වීරයාගේ පින්, කිම, නො දන්නෙහි ද? උපොසථිකයම්හි යි (=අටසිල් රකුම්හ යි) වාසය කළ රාත්රිියෙහි සුරෙන්ද්රම තෙමේ (අප) දෙව්ලොව (රැඳවී) නැවැත්වී ය.
විස්තර:- ‘පෙහෙවස්’’ යනු භොජනවිරතිය යි. අටසිල් රකින විට භොජනවිරතිය වේ. එහෙයින් අෂ්ටාඬ්ගශීලය ‘පෙහෙවස්’ නමි. පෙහෙවස් ඇතියේ ද ‘පෙහෙවස්’’ නමි. ඒ “පෙහෙවස්” සදින් පුරුෂභෙදප්රයකාශක ‘මු’ ප්රෙත්ය“ය වීමෙන් ‘පෙහෙවස්මු’ යන රූපය සිද්ධ යි.
118 අර්ථ:-ජගත්ස්වාමිය., මේ වීරයාගේ ප්රරතිසන්ධිය පිණිස මේ ශරීරශ්රි:න් ම ඒ ශක්ර යා සමග කොමල වූ දිව්යරශයනයෙහි (යහන්=) සුව දතුම්හ.
විස්තර:- මෙය ජාතකකථාවට විරුද්ධ ය. යොදුන් සියයකට ඈත සිටින විට පවා ඉවසිය නො හැකි ශරීරගන්ධය හමන මිනිස් කතක සමග ශක්ර දෙවෙන්ද්ර යා රැයක් ගත කෙරේ ද?
119 අර්ථ:- නරෙන්ද්ර්යා, ඒ දවසෙහි (නිදසිඳු=) ශක්රවයා සන්තොෂ සහිත වචනයෙන් දෙනලද කොකනද වීණාව හා කුශතෘණ ද දැන් ඔබට ප්රනත්යොක්ෂ ය.
විස්තර:- ‘තිදස්’’ යනු දෙවියෝ යි. එය ‘තිතිදස්’ යි කිය යුතු තැන් එක් ‘තී’ යන්නක් හැරීමෙන් සිද්ධ ය. තුණින් ගිණු දසය. ‘තිදස’ යි එනම් තිහ යි. තුණක් සහිත තිදස ‘තිතිදස’ නමි. මුල දී දෙව්ලොව තිස්තුන්දෙනෙක් උපන්හු ල. මඝ මාණවකජාතකය බලනු. (දහම් 25-2 පරිකථා බලනු) ඍග් වෙදයෙහි (ම. 1. අ. 21 සු 140-11) පරිදි දෙව්ලොව දෙවියන් එකොළොසක් ද, පොළොවෙහි එකොළොසක් ද, අන්තරීක්ෂයෙහි එකොළොසක් දැ යි තිස්තුන් දෙවියෝ ගන්නා ලදහ. ‘කොකුමුව’ සද ‘කොකනද’ පර්යාය ය. ‘නද’ යන පාලි වචනය නාදවාචී ය. ‘කොක’ යනු සක්වාලිහිණි ය. උන්ගේ නාද හෝ මුව වැනි නද ඇති හෙයින් මේ වීණාව මෙ නම් වූයේ ය යි හැඟේ. මේ වෙණෙහි හඬවෙසෙස් දසදහස්සිය අනූඑකක් තිබෙන බව මෙහි 586 (12-380 වැනි ගීයෙන් හැඟේ.
120 අර්ථ:- මහාපුණ්ය1භාර ඇති පුෙත්රාැත්තමයාහට මේ රුවට (වෙළැපු=) විඩම්බනය (=විහිළු) කළ කාන්තාවක් ම වහා ලැබේ. නරෙන්ද්රපය, තෝ (කුහුල්=) සැක නො කරව.
විස්තර:- ‘වෙළැපූ’ යනු ‘වෙළප’ දයින් සිද්ධ යි. මේ රුව වෙළපන්නී මීට වඩා රූපශ්රී‘සම්පන්න කාන්තාවකි.
121 අර්ථ:- මෙසේ කියා මහාසන්තොෂයෙන් ඒ උත්තමයාගේ මාතෘ තොමෝ දූතව්ය වහාරයෙන් (=දුතක්රි යාවෙන් ) හැසිරෙණ විචක්ෂණ (= පණ්ඩිත) බ්රාඒහ්මණයන් කැඳවූ ය.
විස්තර:- හැම දෙන ම දූතන්යබවහාරයට සුදුස්සෝ නො වෙත්. යුක්තිකල්පතරු 3 වැනි පිටෙහි දූතක්රිතයාවට යොග්ය යන්ගේ ලක්ෂණ දැක් වේ. දූතයා අනුන්ගේ අදහස් දන්නෙකු ද, වචනයන්හි සියලු අර්ථ දත හැකියෙකු ද, තත්ත්වඥයෙකු ද, ප්රාවඥයෙකු ද විය යුතු ය.
122 අර්ථ:- අවුත් චරණතල නමැති ඵුල්ල (=පිපුනු) තාමරසයන් උත්තමාඬ්ගය (=හිස) හා සමග්‍ර (=එක්) කළ (=පා වැඳි) ඒ දූතයන්ට (යුතු=) යොග්ය වූ මෙ වදන් බිසොව පැවසූ ය.
විස්තර:- ‘බිසෝ’ යනු ‘බිසෙව්’ යන්නෙන් සිද්ධ වේ. සමහර තැන ‘එව්’ (=එවු) යන්නට ද ‘ඕ’ යන්න වේ. “වරෙව්= වරෝ, වැහැවෙව්= වැහැවෝ, අස්වැසෙව්=අස්වැසෝ” යනු ද සසඳනු.
123 අර්ථ:- (බැපින්=) පියවරුනි, මේ රුව (දැරැ=) උසුලා ගෙණ දඹදෙව්තෙලෙහි හැසිරැ (මේ එක්දැසි=) මේ හා එකසදාශ (=එක් සමාන පෙණුම් ඇති) දීර්ඝ ක්ෂියක (=කාන්තාවක) ප්රසත්ය=ක්ෂ කොට දක්වවු යනුයි.
විස්තර:- ‘බැපින්’ යන්න ‘බප්’ සදෙහි සම්බොධනරුපය යි. ‘බැපින්’ යන්නට ‘දරුවෙනි’ යි පැරණි සන්නයෙහි අර්ථ කියන ලදී. පිතෘපර්යාය කොට රුවන්මලෙහි (265) දක්වන ලදී මෙය පාලියෙහි ‘තාත’ ශබ්දයට සමානය යි සැලකිය හැකි ය. ‘තාත’ යන්නට ‘පියානෙනි,’ යි ද ‘දරුව’ යි ද අර්ථ කිය හැකි ය. හින්දි භාෂාවෙහි ‘බාපු’ සද ද මේ අර්ථ දෙයි. (628 වැනි ගීයට ලියූ විස්තරය ද බලනු.)
124 අර්ථ:- කුසරජහු ගිහිගෙයි (සරාන=) හැසිරවීමට තැත් කරවන සිතින් මැතිවරුන් සමග ගුරුවරුන් මන්ත්ර්ණය කළ මේ සර්ග ය.
දෙවැනියි.
විස්තර:- සරවන=සරාන. කරවන=කරාන
වීතිය සර්ග්යෙහි ව්යාවඛ්යාාව නිමි.
3.සර්ගය
125 අර්ථ:- මුකුලිතාඤ්ජලී බැන්දා වූ මස්තකයෙන් ඒ වචන පිළිගෙණ එකෙණෙහි බ්රා-හ්මණයෝ ඒ රූපය (හරණෝ=) ගෙණ යන්නාහු යත්රාහවට (=ගමනට) පිළිපන්හ (පටන් ගත්හ.)
විස්තර:- ‘පිළිපන්නු’ (=පිළිපන්හු) යන්න ‘පිළිපද’ දයින් සිද්ධ යි. 126 අර්ථ:- නොයෙක් මලයමණ්ඩලයන්ට වැදී ග්රා=ම නිගම රාජධානි ආදියෙහි හැසිර (ඇරැ=) ඒ රූපය ගෙණ බරණැසට ගිය දූතයෝ මහාවීථිය රූපයෙන් සැරසූහ.
විස්තර:- ‘මලමඬුලු’ නම් කඳුකරපෙදෙස් ය. ‘නියම්ගම්’ යි මුද්රිමත පොතෙහි පෙණෙතත් අප වෙත තිබෙන පැරණි පිටපත්හි එන්නේ ‘නියම්’ යන්න පමණකි. ‘නියම්, නියම්ගම්,’ යන වචන දෙක ම නිරවද්යි වුවත් දෙවැන්න වෘත්තය බිඳි යි. ‘නිගම’ නම් බොහෝ දෙනා වසන ගම් ය. ( ධ. ගැ. 94 – 5) ‘රජදහන්’ නම් රජුන් වසන නගර යි. ‘ඈ’ සදිත් ජනපද ගත යුතු ය. “ගම්නියම්ගම් ජනවු මලමඬුලු ගෙවා” (ධ. ප්ර . 278 පිටුව) යි. ගුරුළුගෝමීහු එය ද යෙදූහ.
127 අර්ථ:- ඔහු ‘නැවත මේ රූපය දුටු ජනසමූහයා විසින් පවසනු ලබන වචන කිම් දැ’යි කුහුල් සිතින් (=නැසී=) සැඟවී සිට ශ්ර වණ කළහ. (කන් නැමූහ)
විස්තර:- ‘කුහුල’ යනු සැකයට ද නො විඳි දෙය විඳුමෙහි ආශාවට ද නමකි.
128 අර්ථ:- ඒ රූපය දර්ශිනයෙන් මහාවීථියෙහි (ඔසළෝ=) රැස්වූ නුවර වැසියෝ සුර - සිද්ධ - නාග - අසුර - ගන්ධර්ව රුචිරාඬ්ගියක් (=කාන්තාවක්) දෝ යි විස්මයට පැමිණියහ.
විස්තර:- ‘ගඳබ’ යනු දෙවියන්ගේ නළුවන්ට නමකි. ඔහු තූර්යවාදනය හා ගායනය ද කරති ‘ඔසළෝ’ යන්න ‘ඔසර’ දයින් සිද්ධ කෘදන්තපද යි. ‘විස්මු’ යනු ‘විස්මය’ සදින් සිංහලයට ආ ‘විස්ම’ යන නාමය ධාතුවක් වීමෙන් සිද්ධ යි.
129 අර්ථ:- ජනතෙමේ සතොසින් ගොස් “නරෙන්ද්ර ය, ඔබගේ මේ පුරවරයෙහි දෘශ්ය මාන වන්නේ ප්ර්මදාරත්නයෙක් ය” යි බඔදත් රජුට දැන්වී ය.
130 අර්ථ:- ඒ නරේන්ද්රන තෙමේ (සකුස්=) වහා නොහොත් රාග සහිත වූ සන්තොෂයෙන් අතින් සළු දරා ගොස් (ඒ) කුමක් දෝ හෝ යි සැක කෙළේ පරීක්ෂා කොට කනකරූපය දිටී ය.
විස්තර:- ‘සළු අතින් දැරැ’ යනුවෙන් රජුගේ ඉක්මන් බව කොතරම් මහත් වී දැ යි දක්වති. රජෙකු තබා සාමාන්යයයෙක් වත් ඇඳ සිටි ඇඳුම් පිටින් වීථියට නො බසී. මේ රජ ද සළු ඇඳ පැලඳ ගන්නට සැරසින. එහෙත් “කාන්තාව” දැකීමේ ආශාව බලවත් වීමෙන් අඳින්ට ගත් සළුව අතින් ම ගෙණ එහි ගියේ ය. ‘සකුස්’’ යන්න ශීඝ්රා්ර්ථයෙහි ප්රනසිද්ධ නමුදු ඒ ශ්රීීඝ්රාුර්ථය “සළු අතින් දැරැ” යන්නෙන් ධ්වනිත හෙයින් ‘රාග සහිත’ යන අර්ථයෙහි මෙහි යෙදිනැ යි හැඟේ. “සාකුත” යන සංස්කෘත වචනයෙන් එය පැමිණිය හැකි ය. මේ රජුගේ සතොස නිකම් එකක් නො වී ය. සකුස් සතොසකි.
131 අර්ථ:- විචිතනය කරත් හොත් ස්වර්ගකමර්ත්යයනාගලොකයන්හි මේ රූපය හා අත්වැල් බඳින (=පෙළට යන=සමාන වන) රඤ්ජමාන වන (=බබලන) ප්රගමදාරත්නයෙක් නැතැ යි නරෙන්ද්රම තෙමේ හැඟී.
විස්තර:- මර්ත්යතලොකය නම් මනුෂ්යරලොකය යි. ‘නාතල’ යනුවෙන් පාතාලය ගැණේ. කුසරජුගේ පියරජු සිතූයේ මුළු දඹදිව ම මෙ වැනි රුවක් නැති බව ය. එහෙත් මේ රජ සිතන්නේ මුළු තුන්ලොව ම නැති සේ යි. මේ රුව කෙරෙහි ඔහු කළ සකුස්බව කොතරම් දැ යි එයින් මැන ගත හැකි ය.
132 අර්ථ:- ඒ නිරිඳුගේ පාදතාමරසයන්ගෙන් මස්තකය සරහා ගත් ඒ දූතජන තෙමේ ඒ පුවත විසිතුරු (පය්කැන්=) කර්ණා්භරණයක ආකාරයෙන් කණෙහි රැඳවී ය. (=කී ය)
විස්තර:- ඒ ප්ර වෘත්තිය මේ රජුගේ කණට ඉතා මහිරි වී ය. කණ සැරසෙන්නේ එබඳු කථාවලිනි. එහෙයින් “විසිතුරු පස්කැන් සිරින්” යි කියන ලදී.
133 අර්ථ:- නරේන්ද්රලතෙමේ පසු ව (ඉති=) මෙ බඳු නයන රසායන වූ විලාසයක් (ම විසාහි=) මාගේ විෂයයෙහි (=රටෙහි) මේ (රුව දක්නා) තෙක් නෙතෙහි ද කණෙහි ද (තො පහළවිරි=) පෙර කිසිවිටක නො වැදුනේ ය.
විස්තර:- ‘රසයින්’ නම් ඉන්ද්රිහයයන් ප්රාබණවත් කරණ ඖෂධ යි. පිණා යන්නේ ප්රාිණවත් වූ විට ය. නෙත් පිණවන රුවක් වේ නම්, එය නෙතට රසයිනකි. “නෙතැ සවණැ නො පහළවිරී” යන්නෙහි භාවය නම් “ෙමබඳු රුවක් කිසිකලෙක දක්නට හෝ අසන්නට නො ලැබුනේ ය” යනු යි.
134 අර්ථ:- ‘මහාත්මයන්ගේ පින් පරීක්ෂා කරත් හොත් (දුදැනිය=) දුර්ඥෙය (=දැනගන්නට බැරි) ය යි ලොකයෙහි කියත්. මෙසෙයින් අන් තැන් (හා=) ද පරීක්ෂා කොට බලවු ය’ යි කී ය.
විස්තර:- මෙහි ‘වි’ යන ක්රියයාපදයෙහි කර්තෘ පදය ප්රැථම ගීයෙහි පෙණෙන ‘නරනිඳු’ යන්න යි. ‘දුදැනිය’ යන්නට ප්රළතිවිරුද්ධ වූ ‘සුදැනිය’ යන්න සි. ල 1 – 33 හි පෙණේ.
135 අර්ථ:- දෙනලද (=කී) ඒ වචනයන් (වදන්මහැ=) කණෙහි සදමින් (=අසා) (=ලෙන් උසා ව) චිත්තයෙන් උත්සාහවත් ව ඔහු ගොසින් (නො දැහැ=) (එකක් වත්) නො හැර (නෙ විසා=) නොයෙක් දෙශයෙන් දැක රූපයක් විමර්ශවනය කොට (සැරූ=) හැසුරුණාහ.
136 අර්ථ:- මත්තවරාඬ්ගනාවන්ගේ (=යොවුන් බැවින් මත් උත්තම කාන්තාවන්ගේ ) නෙත්ර නමැති උත්පලයන්ගෙන් ද, වක්ත්රණ නමැති පද්මයන්ගෙන් ද, ධම්මිල්ල (=කෙශකලාප) නමැති භ්රතමරශ්රෙයණින් (=සමූහයා) ගෙන් ද, ආකුල වූ (=ගැවසුනු) මහ විලක් සදාශ වන (සගල්පුර යන්නට විශෙෂණ යි)
විස්තර:- සම්බන්ධිපදය අසමස්ත ව තිබිය දී සම්බන්ධ පද වූ ‘නුවන්’ යනාදිය ‘උපුල්’ යනාදී අනික් ශබ්දයක් සමග සමාස කිරීම ගමකත්වය නිසා නිදොස් වේ. නුවන් ආදිය මතවරඟනන් ගේ ම ය යි හැඟෙන හෙයිනි. ‘ගමකත්වය’ නම් හැඟෙන බවයි. “නුවනුපුලින් ද වුවන්පියුමින් ද වරල්බමරරිළුයෙන් ද අවුල් වූ මතවරඟනන් මහවිල් සදිස් වන” යි ද ගත හැකි ය. එවිට මහවිල් වැනි වන්නෝ අඬ්ගනාවෝ ය. සගල්පුරය ඊට ආධාරස්ථානය වේ. ‘වන්නා’ යන්න ‘සගල්පුර’ යන්නට විශෙෂණ වන හෙයින් (වනු + ආ) එහි නු ප්ර්ත්යසය ආධාරකාරකයෙහි ය. වීමට ආධාර වන තැත ‘වනු’ නමි. මහවිල් සදිස් වන්නේ සගල්පුරය ම නම් ‘වනු’ යන්න කර්තෘනකාරකයෙහි ය.
137 අර්ථ:- ප්රයකට ධවල ප්රාිකාර නමැති වෙරලින් ද, ධ්වජ නමැති තරඬ්ගපරම්පරාවෙන් ද ප්රරබද්ධ (=නිරන්තර) (විහිඟුම් ගිගුම්නි=) මහගොසින් ද, ජලනිධිය (=සයුර) දක්වන්නා වූ (සගල්පුර)
විස්තර:- සගල්පුරෙහි පවුර මුහුදෙහි වෙරල වැනි ය. අහසෙහි වැනෙන ධ්වජ තරඬ්ග වැනි ය. හස්තිශබ්දාදිඝොෂය සමුද්රයඝොෂය වැනි ය. එහෙයින් සගල්පුරය මුහුද වැනි ය.
138 අර්ථ:- නොයෙක් විචිත්රර රත්නයන්ගේ උජ්ජ්වලිත වූ රශ්මි සමූහයන්ගේ ක්රී්ඩායෙන් (=විහිදීමෙන්) (අගස්ති) ඍෂියා විසින් සියලු (සිලිල්=) දිය (උළ=) උරණ (=බොන) ලද රත්නාකරය (=මුහුද) දුර ලන (=පරදන) (සගල්පුර) විස්තර:- මෙහි ‘ඉසිහු’ යි යෙදුනේ අගස්තිඍෂියා සඳහා යි. හේ වරුණයා නිසා කළයකින් උපන්නෙකි. දෙවමාර්ගයය වසා චන්ද්ර සූර්යයන්ගේ ගමනට බාධා කරන්නට සැරසුනු වින්ධ්යාද පර්වනතය දමනය කෙළේ මෙතෙමේ ය. මුහුදෙහි දියෙහි සැඟවී තුන්ලොවට පීඩා කළ ‘කාලෙය’ නම් රාක්ෂසයන් ඉන්ද්රීයාහට දක්වනු සඳහා මුහුදු දිය අතට ගෙණ මෙතෙමේ පානය කෙළේ ල. මෙහි සඳහන් වන්නේ ඒ අවස්ථාව යි. මුහුද රත්නාකරය යි මුහුදෙහි දිය නැති වුවොත් රත්නයන්ගේ කාන්තිධාරා අතුරු නැති ව දසඅත පැතිරෙන්නට පටන් ගණී. මේ නගරය ද රත්නකාන්තිධාරාවන් නිසා ඒ මුහුද වැනි වී ය. (සැළ. 53. තිසර 20, 42 බලනු) ‘උළ’ යනු ‘උර-ඉරීමෙහි’ දයින් අවධිකාරකයෙහි සිද්ධ යි. යම් තැනෙකින් උරයි ද, ඒ ‘උළ’ නමි. එකක් හැර අනික් සියලු පිටපත්හි ‘රුවනාකර’ යි එයි. එකෙහි ම තිබෙන ‘රුවනාර’ යන්න ම පුරාණ ව්ය්වහාර යි. එහෙයින් ඒ ම අඬ්ගීකෘත ය.
139 අර්ථ:- (සියහ=) නිරන්තරයෙන් සියලු දිශාවන්ගෙන් (ඔසළ=) රැස් වූ අනෙකජනබෘන්දයන්ට (=ජනසමුහයන්ට) මහත් ඓශ්චර්ය දීමෙන් කල්පවෘක්ෂශ්රිඅය වහනය (=ඉසිලීම) කරණ (සගල්පුර)
140 අර්ථ:- මුදුනෙහි ස්වර්ණච්ඡත්රත ද රජතච්ඡත්රට ද උජ්ජ්වලිත වූ රත්නප්රා:සාද හිරු හා සඳු ලග්න (=ඇලුනා වු) ගිරිරාජයන් ශතසහස්රායන් (හඟවන්නා=) දක්වන්නා වූ- (සගල්පුර.)
විස්තර:- මේ නගරයෙහි රුවන්මුවා මැඳුරු මුදුනෙහි රන්රිදී සත් වෙයි. රන්සත් රැඳුනු පහා හිරු ලැගුනු මහකඳු මෙන් ද, රිදීසත් ලැගුනු මැඳුරු සඳ ලැගුනු කඳුරජුන් මෙන් ද පෙණේ. ‘හඟවන්නා’ යන්න ආධාරකාරකයෙහි නිෂ්පන්න ය. හැඟවීමෙහි කර්තෘ පහායි හැඟවීමට ආධාරස්ථානය වූයේ නගරය යි. ‘ලග’ යනු ‘ලග’ දයින් සිද්ධ කෘදන්තපදයි.
141 අර්ථ:- ප්ර කට වූ කොකුම් තැවරුම් ඇති රන්පටින් උදුල මත්තවාරණයන් සන්ධ්යාදප්රයභාව හා විද්යඇල්ලෙඛා ද (වුදු=) වැදුනු පර්වවතරජයාගේ දර්පාය උද්ධරණය කරණ (=උගුළන)- (සගල්පුර) විස්තර:- මෙ නුවර කොකුම් ගෑ රන්මුවා කුඹුපටින් බබළන මතැත්තු සන්ධ්යරකාන්තිය හා විදුලිය ද වැදුනු කඳු වැනි වෙත්. කොකුම් සන්ධ්යාරප්රතභාව වැනි ය. රන්පට විදුලිය වැනි ය. ‘උදුරන්නා’ යන්න ද ආධාරකාරකයෙහි ය. ඉදිරීමෙහි කර්තෘු මතවරණ ය. ආධාරස්ථානය මේ නගරය යි.
142 අර්ථ:- පනින්නා වූ අභ්යාරස සහිත වූ චමරීවාලහාර බැහූ සෛන්ධව (=අශ්ව) ශතයන් භාසුර (=බබළන) කෙසරසිංහරාජයන් ශතසහස්රරයන්ගේ වික්ර)ම ගන්නා වූ- (සගල්පුර)
විස්තර:- මෙ නුවර අශ්වයෝ කෙසරසිංහරාජයන් වැනි වෙති. පැනුමෙහි සිංහයන් මෙන් ම ඉතා දක්ෂ ය. සෙමෙරලොම් බැඳි හෙයින් කෙසරයන්ුගේ ඌනත්වය ද නො පෙණේ. සිඳුසියන් සීරජසුවහස් විකුම් ගන්නා බව කීමෙන් එක අශ්වයා සිංහයන් දහසකට සමාන වන බව හඟවති. ‘ගන්නා’ යන්න ද ආධාරකාරකයෙහි ය. ගැණීමෙහි කර්තෘ් සිඳුසිය ය. කර්මඳය විකුම් ය. ආධාරය මේ නගරය යි. එකවචනාන්ත ‘සිය’ සද ‘සියන්’ යි බහුවචනයේත් යෙදූයේ රාශිභෙදය හෙයිනි. එයින් එක සියයක් නොව සියයේ රාශි බොහෝ ය යනු දක්වති.
143 අර්ථ:- පුරයුවතීන්ගේ (ඇස්) බැම නමැති චාපයෙහි (=දුන්නෙහි) දික්නෙත් නමැති ඊ (ලා=) යොදා පියොවුරු නමැති (ගල්අසැ=) කඳුඅද්දර (මද=) අනඬ්ගයා (දුතු=) ධූර්තලයන් නමැති මුවන්ගේ හෘදය බිඳ විඳින්නා වූ- (සගල්පුර)
විස්තර:- මිනිසුන් කාමයෙන් මත් කරණ හෙයින් ‘මද’ යනු අනඬ්ගයාට නමකි. මෙ නුවර අනඬ්ගයා සලෙලුවන් නමැති මුවන්ගේ හද පළා විදියි. කොහි ඇලුනු කවර මුවන්ගේ ද? කතුන්ගේ පියොවුරු කඳුඅසැ ඇලුනු දුතු මුවන්ගේ ය. ඊය නම් කතුන්ගේ දිගුනුවන් ය. සැව්ව නම් බැම ය. සාහිත්යනදර්පනණයෙහි කවිසමය දක්වමින් “මල්හීවලින් මෙන් ම සත්රීේකටාක්ෂයෙන් ද තරුණ ජනයන්ගේ හද බිඳින” බව කියන ලදී. ‘විඳුනා’ යන්න ද ආධාරකාරකයෙහි ය. (පරෙවි 152 (155) බලනු)
144 අර්ථ:- දෙනලද මකරධ්වජධූම නමැති ඉතා නිල්වන් ශරකලාපලන්ගෙන් ද ප්රිමදාවත් නමැති ලතාචාපයන්ගෙන් ද දර්පර සහිත කන්දර්ප්යාගේ ආයුධශාලාව දක්වන-(සගල්පුර)
විස්තර:- ‘මුවරදද’ යනු අනඬ්ගයාට නමකි. මකරයෙකු ගේ රූසටහන් ඇති ධ්වජයක් ඇති හෙයින් හේ එනම් වේ. ඔහුට පුද පිණිස නඟන දුම මුවරදද දුම් නමි. රාගොත්පාදයට හෙතු වූ සුවඳ දුම්වලට ඒ නමකි. නිදන ගෙවල්හි මුවරදද දුම් දෙන බව 312 (6-8) වැනි ගියෙන් හැඟේ. කලුවැල්, කපුරු, මීඉටි ආදිය දැවීමෙන් ඒ දුම නංවනු ලැබේ. කට්ටකුමංජල ‘තුවලහ’ නමි. ඒ දුම ද ආනන්දවර්ධනක ය. කෙශය සුවඳ කැවීමට ද එය ගැණේ. (කා .ශෙ 6-19) මෙහි ‘මුවරදද’ යන්න ‘තුවරලහ’යන්නෙහි අශුද්ධපාඨයක් විය හැකි ය. මෙහි අන් තැනෙක්හි ද පෙණෙන හෙයින් ‘මුවරදද’ යන්නම යොදන ලදී. සාහිත්යෙදර්පුණටිප්පනියක ද “කෘෂණත්වං...... ධූපපඬ්කශිරොරුහාම්” යනුවෙන් ධූමය කෘෂණවර්ණයය යි කියන ලදී. නීල කෘෂණවර්ණ. නො වෙනස් සේ කවීහු ගණිති. සිරිරහල්මාහිමියෝ ද (පරෙවි 159) “නිවෙසතුරින් නික්මුනු සුවඳ දුම්කඳ සවස නැඟූ පහන් පෑ තෙදින් බිය වැද දිවෙන නිසඳුරුපබඳ වැනි ය” යි කීහ. මෙහි එය ඊමිටි සේ රූපිත ය. මේ නගරය අනඬ්ගයාගේ ආයුධශාලාවක් වැනි ය. එහි තිබෙන ඊතල නම් සුනිල් සුවඳ දුම් ය. දුනු නම් ප්රනමදාවෝ ය. ප්රවථම ගීයෙහි දී ප්ර මදාවනගේ බැම දුනු ලෙසත් දිගුනුවන් ඊ ලෙසත් රූපණය කළ නමුත් මෙහි ප්රාමදාවෝ ම ලතාචාප ලෙස රුපිතයහ. කවීන්ගේ ප්රුතිභානඥානයට එක ම වස්තුව විවිධාකාරයෙන් පෙණේ. ‘අනඬ්ගයාගේ දුන්න මල්මුවා ය’ යි “ධනුරථ විශිඛාඃ කෞසුමාඃ පුෂ්පකෙතොඃ” යනුවෙන් සාහිත්යිදර්‍පණයෙහි කියන ලදී. එහෙයින් ම ඔහුට ‘කුසුමධන්වන්, පුෂ්පචාප’ යනාදී නම් යෙදේ. සිංහලකවීහු අනඬ්ගයාගේ දුන්න වැලකින් ද සමහරු උග්ගසකින් ද සාදති.
145 අර්ථ:- මෙසේ නෙත්ර්විචිත්තවචන විෂය ඉකුත් වූ (=බලා හෝ සිතා හෝ වණා හෝ කෙළවර නො කට හැකි) ආශ්චර්ය ශ්රීූ ඇති විශාල සාගල නගරයට ඒ විචිත්රිරූපය ගත්තා වූ ජන තෙමේ පැමිණියේ ය. විස්තර:- ‘සගල්’ නුවර මද්රූදෙහයෙහි රාජධානිය යි. විරාට හෝ මතස්ය නම් දෙශයටත් කාශ්මිරදෙශයටත් අතරෙහි මද්රදෙශය පිහිටියේ ය. එහි අගනුවර සාගල නමින් ප්රහසිද්ධ ය. එය චන්ද්ර භාගා නදීතීරයෙහි පිහිටියේ ය. දැන් ‘සියල්කොට්’ යි හැඳින්වෙන්නේ පැරණි සාගල නගරය යි. මිලිඳු රජුගේ රාජධානිය වූයේ ද එයයි. පුරාතනයෙහි රූපශොභාසම්පන්න කාන්තාවන් නොයෙක් දෙශයන්හි රාජාදීන්ට සැපයුවේ මද්රාදේශය යි.
146
අර්ථ:- නොයෙක් මල් රොන් වැදුනු (රුදු=) මහත් තරඬ්ග පඬ්ක්තීන්ගෙන් ඉතා නිල් වූ අම්බරයෙහි (අහසෙහි) ලීලොපෙත වූ ඉන්ද්රීචාපශතසහස්රවයන් ප්ර(කාශ කරන්නා වූ (ගඟ)
විස්තර:- සාගල නගරය අසල සින්ධුනදියෙහි අත්තක් වූ චනුද්රීභාගා ගඟ ය. එය නිල්වන් ය. අහස වැනි ය. එහි මල්රොන් වැදුනු රළපෙළ දෙව්දුනු වැනි ය. මල් රොන් රොද දෙව්දුන්නෙහි රන්වන් මෙන් පෙණේ ‘හඟවන්නා’ යන්න කර්තෘෙ කාරකයෙහි ය. මහාකවි වාණභට්ටයෝ ද තඩාගවර්ණනනාවක් කරමින් “අතිලොද්ධූතජලතරඬ්ග” යනාදීන් “සුළගින් නැගු ජලතරඬ්ගයන්ගේ කුඩා පොදබිඳුවලින් හටගත්, හාත්පසින් සිටියා වූ දෙව්දුනු දහස්ගණන් විසින් රකිනු ලබන්නාක් වැනි” යි අන් ලෙසකින් දෙව්දුනු සඳහන් කළහ.
147 අර්ථ:- මකරන්දභාර ඇති භ්රනමරාවලිය අනුව භ්රසමණය කරත් ම මහීකාන්තාවගේ පුළුල් වූ උකුළෙහි තිබෙන මහත් වූ රසනාදාමය (මෙඛලාව) වැනි වූ- (ගඟ)
විස්තර:- මෙහි රළපෙළ අනුව භ්රූමරපඬ්ක්තීහු හැසිරෙත්. ඔහු මල්පැණිබරින් යුතු වෙත්. ඒ මුවරඳ කසාවන් ය. එසේ බමරුන් හැසිරෙණ විට මේ ගඟ මහීකාන්තාවගේ උකුළෙහි බැඳි මෙවුල වැනි ය. මෙවුල නම් ස්ත්රීුන්ගේ කටිභූෂණයකි. මුවරඳබර වනාහී මෙවුලෙහි රන්මුවා කොටස වැනි ය. බමරු එහි බැඳි කිකිණි වැනි වෙත්.
148 අර්ථ:- (වැළැ=) වෙරලෙහි පැතුරුණු ඉතා අලඬ්කෘත වූ ලීලොපෙත වූ මත්තස්වර්ණ හංසාවලිය කරණ කොට විදුලිය සහිත ඉතා නිල් මෙඝරාජයෙකුගේ ශොභාවෙන් නෙත්රො විලුම්පණය කරණ (=පැහැරගන්නා)-(ගඟ)
විස්තර:- ‘රන්හස’ නම් රන්වන් හංස විශෙෂයකි. ‘රණහස’ යි ද සිටී. මේ ගඟෙහි වෙරලෙහි ස්වර්ණව හංසයෝ පේළි ගැසී සිටිත්. ඔහු මතත හෙයින් චඤ්චලයහ. ඈත සිට බලනුවන්ට විදුලිය මෙන් පෙණෙත්. එවිට මේ ගඟ විදුලිය සහිත මහ වැහිවලාකුළක් වැනි වේ. ‘හසවැලන්’ යන්න කරණාර්ථය දෙ යි. “සහගුම් මිණිදැල්පෙළ බඳු බමරවැලන් හෙබනා” (ධ.ප්රබ 272 පිටුව) යනු ද සසඳනු.
149 අර්ථ:- ( දොහොපස්හි=) දෙපැත්තෙහි (හී=) පතිත ව (කුල්නා=) කූජනය (=නාද) කරණ හංසපඬ්ක්ති කරණ කොට ගුමුගුමුනාද සහිත භෘඬ්ගයන් (අවල=) ගැවසී ගත් මාලාවන්ගෙන් උජ්ජ්වලිත වූ විෂ්ණුහුගේ (බඳ=) ශරීරය මෙන් නෙත් බඳනා- (ගඟ)
විස්තර:- මේ ගඟ නිල්වන් ය. ගඟ දෙපස හංසපඬ්ක්තීහු නාද කරමින් සිටිති. එවිට මේ ගඟ ගුමන බිඟුන් ඇති මාලාවන් දෙ පසෙහි එල්බෙන විෂ්ණුහුගේ බඳ වැනි ය. හංසපඬ්ක්ති මාලා වැනි ය. හංසනාදය භෘඬ්ගනාදය වැනි ය. වාණභට්ටයෝ ද තඩාගයක් වණමින් එය වෙන්බඳ වැන්නැ යි කීහ. එහෙත් සමානත්වයට හේතුව මෙයින්අනෙකකි.
150 අර්ථ:- (දවන=) දුවන්නා වූ ජලස්කන්ධය කරණ කොට ගෙණ (වැළැ=) වෙරළෙහි හෝ වැටියෙහි රළපෙළ නමැති (පිරිළි=) රැළි ඇති ජලනිධි නමැති ඉන්ද්රෝෙපලච්ඡත්‍රයෙහි මහත් වූ නීලමණියෂ්ටිය මෙන් බබලන - ගඟ.
විස්තර:- සමුද්රරය ඉඳුනිල්මිණියෙන් කළ කුඩයකැයි සැලකූ විට ගලාබස්නා නිල්වන් දියකඳින් යුත් මේ ගඟ එහි නිල්මිණි මුවා මිට වැනි ය කුඩයෙහි වාටිය නැංවූ රැළි වැනි වන්නේ මුහුදු වෙරලෙහි ගැසී බිඳෙන රළපෙළ යි. ‘ඉඳුඋපුල්’ යනු ඉන්ද්රනනීලමණි යි. ඉඳු වැනි උපුල්=ඉඳුඋපුල් නමි. ඉන්ද්රියා නිල්වන් ය. ‘උපුල්’ යන්න ‘උපල’ යන්නෙන් එයි.