කව්සිළුමිණ-කව්සිළුමිණ-v
51 අර්ථ:- ඔහුගේ (යෙසෙන්=) යශස කරණ කොට ගෙණ (එ වෙන්=) ඒ විෂ්ණු තෙමේ නිර්මතල ඉන්ද්ර්නීලමණි (තර පතර=) රශ්මිසමූහයක් සේ හෙබි මුහුදු කිරිමුහුද හා නොවෙනස් බවෙහි (=සමානත්වයෙහි) තැබී ය.
විස්තර:- නිල්වන් මහමුහුද මෙ රජුගේ යශස වැදීමෙන් කිරිමුහුද මෙන් සුදු වී ය. කිරිමුහුදෙහි වසන විෂ්ණු තෙමේ දෙකෙහි වෙනස නො දත හිත. ‘මේ කිරිමුහුදැ’යි සිතා නොයෙක් වර (රජුගේ යශසින් සුදු වූ නමුත් සැබැවින් නිල් වූ ) මුහුදට බැස්සේ ය. ‘එ වෙන්’ යන්නෙහි ‘එ’ සද ප්ර සිද්ධාර්ථය දෙ යි. ‘ප්රමසිද්ධ වූ විෂ්ණු’ යනු අර්ථ යි. නො එසේ වී නම් ‘යම්’ ශබ්දයාගේ ප්ර්යෝගයක් නැති හෙයින් එය දොෂාවහ යි. ‘නොවෙන්හි’ යන තන්හි ’වෙන්’ සද භාවාර්ථය අපේක්ෂා කොට යෙදින. (දහම්. 44 බලනු)
52 අර්ථ:- ඔහුගේ යශස තෙමේ බඹුහුගේ මුදුනෙහි සුරගඟ නමැති යටි (=මිටි) අගෙහි රඳනා (=තිබෙන) දිය තෙක් (=ලෝකය ඇති තාක්) සෙවන බඳින (=කරණ) ශ්වෙතච්ඡත්රරයක ශ්රි ය (=ආකාරය) කෙළේ ය.
විස්තර:- මේ රජුගේ යශස බඹලොව තෙක් පැතිර ගොස් බඹහුගේ මතුවෙහි අහස්ගඟ නමැති මිටක් ඇති මුළුලොවට ම සෙවන දෙන කුඩයක් මෙන් සිටියේ ය. (දහම් 46. සැවුල්50 බලනු) ‘රුකුළෙ’ යන ‘රුකුර’ දයින් සිද්ධ කෘදන්තපදය යි.
53 අර්ථ:- ඒ නාරනායක තෙමේ යශොරශ්මින් උරගලොකය (අළු=) ආලොක කර (නාකැත්=) නාගසමූහයා (පුවතින්=) ආරංචියෙන් විඳින්නා වූ සිසි (=සඳ) කැලුම්හි (නයින්ගේ) ඇස් කිමිදෙන්නක් (=ගැලෙන්නක්) කෙළේ ය. විස්තර:- නාලොව පොළොව යට වෙයි. එහෙයින් සඳඑලිය නො වැටේ. එහි වසන නයි සඳඑලිය කෙබඳු දැ යි ආරංචියෙන් මිස ප්රවත්ය-ක්ෂවශයෙන් නො දනිති. මේ රජ නයින් එසේ ආරංචියෙන් පමණක් දන්නා වූ සඳරැස්හි ඔවුන්ගේ ඇස් ගිල්වී ය. (=සඳරැස් දැක්වී ය) කෙසේ ද? සිය යසරැසින් උරගලොව අලු කිරීමෙනි. සිසිකැලුම් ද මෙ රජුගේ යසරැස් ද එක් වැනි ය. මෙ රජුගේ නාලොව පුරා සිටි යශොරශ්මි දුටු නාගයෝ සඳ රැස් කෙබඳු දැ යි එයින් දත්හ.
54 අර්ථ:- පළල් වූ නිල් වූ කලිඳුගඟ ලොව මඩනා (යට කරණ) ඔහුගේ යශස කරණ කොට ගෙණ ධරණී (=පොළෝ) තලයෙහි වැතුරුණා වූ අලංකෘත වූ අහස්ගඟෙහි ශොභාව දිනි
විස්තර:- අහස්ගඟ නම් ගඬ්ගානදිය යි. එහි දිය සුදු ය. නිල්වන් කලිඳු (=යමුනා) ගඟ මේ රජුගේ කීර්තිරශ්මියෙහි වැදීමෙන් සුදු ව ගඬ්ගානදිය වැනි වී ය. ‘දිනි’ යන්න ‘දා=දෙ’ දයින් සිද්ධය යි ගතොත් ‘දුන්නේය’ යි ද ‘දන-දිනීමෙහි නොහොත් ඉපදීමෙහි’ දයින් සිද්ධ ය යි ගතොත් ‘පැරදවී’ ය යි ද ‘ඉපිදවී’ ය යි ද අර්ථ කිය හැකි ය.
55 අර්ථ:- අභිනව මේඝකූටයක් මෙන් (තෙවුනා=) බබලන අඤ්ජනපර්වීතරාජතෙමේ ඔහු යෙසෙන් (පැහැසර=) ප්රඅභාස්වර (=බබලන සුලු) පාණ්ඩුර (=සුදු) වූ කෛලාසපර්වරතරාජයාගේ ශ්රිනයෙන් හෙබුනේ ය.
විස්තර:- අඳුන්ගල්රජ කළු ය. එය මේ රජුගේ යෙසෙන් සුදු වී ය. එහෙයින් කෙලෙස්කුළ වැනි වී ය. (සැවුල් 51. බලනු) ‘හෙබි’ යනු ‘හොබ’ දයින් සිද්ධ යි.
56. අර්ථ:- ඔහු යෙසෙන් ( අවිඳු බඳ=) උපෙන්ද්ර යා විෂ්ණුහු-ගේ ශරීරය ත්රිලනෙත්ර යා (=ඊශ්වරයා)ගේ විලාසය උසුලන කල්හි (කමල්=) සිරිකත නිර්මරල උජ්ජ්වලිත යුග්මනෙත්රුයෙන් (සඳ=) සන්දේභය (=සැකය) දුර ලූවා ය.
විස්තර:-මෙහෙසුරාට නෙත් තුණක් තිබෙන හෙයින් තිනෙත් නම් වේ. හේ සුදු ය. උපෙන්ද්රතයා කළු ය. මේ රජුගේ යශස වැදී හේ ද සුදු වී ය. එකල්හි කමලාව සිය හිමියා වූ විෂ්ණු ඇඳින ගැණීමට නොපොහොසත් වූවා ය. සැබෑ විෂ්ණු දුටු විට ද මෙ තෙමේ මෙහෙසුරා දෝ යි සැක කළා ය. (සසදා 181 බලනු.) ඇගේ සැකය දුරු වූයේ විෂ්ණුගේ ඇස් දෙකිනි. මෙහෙසුරාට ලලාටමධ්ය යෙහි ද ඇසක් තිබේ. විෂ්ණුහට එය නැත. “සුදු වූ මෙ තෙමේ සැබෑ මෙහෙසුරා නම්, ලලාටාක්ෂිය ද තිබිය යුතු ය. නැත්තේ මෙහෙසුරා නොවන හෙයිනි. මේ යම්කිසි හෙතුවකින් සුදු වූ විෂ්ණු ම ය” යි ඕ තොමෝ නිශ්චය කර ගණී. කමලක වසන හෙයින් සිරිකත ‘කමලා’ නමු
57 අර්ථ:-ඔහුගේ යශස තෙමේ (කලුන් වුවනින්=) කාන්තාවගේ චක්ත්රසයෙන් (=මුහුණින්) සඳ නොවෙනස් කෙළේ මතු ද? (පමණක් ද?) (වසන් පහළ ද=) වස්ත්රව පැහැර ගත් නමුත් සෙව්ය ප්රිමයාවන්ගේ පියන (ඡාදනය කරණ වසන) අදහස ද පිරී ය.
විස්තර:-රජුගෙ යශස තෙමේ ක්රිපයා දෙකක් එක විට කෙළේ ය. එකක් නම් කාන්තාවන්ගේ මුහුණු සඳු හා සමාන කිරීම යි. පෙර සඳෙහි කළු ලපයක් වූ හෙයින් මේ පුරයෙහි කතුන්ගේ මුහුණු හා සමාන නොවී ය. මේ රජුගේ යශස වැදීමෙන් කළු ලපය නැති වී ය. එවිට සඳ හා මුහුණු සමාන වී ය. අනෙක් ක්රිලයාව නම් ප්රිඑයයන් විසින් වස්ත්රා පහරණය කළ සෙව්යජප්රිනයාවන්ගේ ශරීර වස්ත්රමයකින් මෙන් වැසීමෙන් ඔවුන්ගේ සිය අඟපසඟ වසා ගැණීමේ අදහස ද සම්පූර්ණන කිරිම යි. (මෙහි 23 වන ගීයට ලියූ විස්තරය බලනු). 58 අර්ථ:- ඔහුගේ තෙද නමැති ග්රීීෂ්මය පැලැඹෙන (=බලවත් ව පවතින) කල්හි (පැදුම්දිගැ=) ප්රා)චීන (=නැඟෙනහිරි) දිශාවෙහි රුපුවමියන් (=සතුරු අඟනන්)ගේ තන නමැති හංසයෝ පුඬු නමැති තුඩු (පමණක්) තබා (=ඉතිරි කොට) පපුව නමැති විලෙහි ගිලෙනවුන් වැනි වූහ.
විස්තර:-මේ රජුගෙන් සියහිමියන්ට උවදුරු වෙතැයි රිපු වනිතාවෝ බිය වූහ. එයින් ඔවුන්ගේ පයෝධරයෝ ඇකිළී ගියහ. පියොවුරෙන් ඉතිරි වූයේ පුඬුව පමණකි. පයෝධරයෝ හංසයන් වැනි ය. (හංස 1. 21 කව්). ‘කුමුටු’ යනු ‘කුමුදු’ දයින් සිද්ධ යි. දහම්සොඬ 48 කව සසඳනු
59 අර්ථ:- ජගන්මස්තකයෙහි (දුලු=) දිලිසුනු ඒ (ඉඳුහු=) නරේන්ද්ර:යාගේ දෝ හෝ නොහොත් ඉන්දුහු (=චන්ද්රලයා)ගේ යශොරශ්මිය දකුණුදික්හි රුපුවමියන්ගේ වදන නමැති පද්මවනය (නොසරස්=) වහා මුකුලිත කෙළේ ය.
විස්තර:- රජුගේ කීර්ත ති ශබ්දය ඇසීමෙන් දකුණු දෙස සිටින සතුරු රජුන්ගේ දේවීන්ගේ මුහුණු ඇකිළී ගියේ ය. ඔවුන්ගේ වූවන් පියුම් ලෙස ගැණුනු විට එය මුහුලු වීමට හෙතුවූ යශස සඳරැස් ලෙසත් එය නිකුත් වන රජු සඳු ලෙසත් රූපණය කළ යුතු ය. සඳ ද මේ රජ ද දිය (=ලොව) මුදුනෙහි වැජඹේ.
60 අර්ථ:- ඒ නිරිඳු තෙමේ යෙසෙන් ලොව ධවල කර (පැලැදිගුබිත්හි=) බස්නාහිර දිග පෙදෙස්හි රිපුප්රිලයාවන්ගේ නයනෝත්පලය පමණක් (ලතුයෙන්=) ලාකඩ දියෙන් තවැරූවාක් මෙනි. විස්තර:-මේ රජ යශසින් ලොව සියල්ල ම සුදු කළ නමුත් එකක් ලතුදිය ගැවාක් මෙන් රතු කෙළේ ය. එනම් අවරදිග ශත්රැලභාර්යාවන්ගේ නෙත් නමැති උපුල යි. ඔහු මේ රජුගේ කිර්තභතිය අසා සිය හිමියන්ට විය, හැකි අන්තරාය සිතා ශෝකයෙන් හඬා ඇස් රතු කර ගත්හ. ඊට හේතු වූයේ මේ රජ ය. එහෙයින් එය රජුගේ ම ක්රිකයාවක් සේ දැක්වින. ‘දිගුබිත්’ යන තන්හි ‘බිත්’ සද ප්ර්දේශය යන අර්ථ දෙයි. එය ‘භිත්ති’ ශබ්දයෙන් එයි. ‘භිත්තිඃ ප්ර දෙශෙ ක්ර ඩ්යෙ පි’ යනු විශ්වකොෂ යි. 61 අර්ථ:- ඔහුගේ සෙනඟෙහි ගර්ජිනා කරණ ගජ නමැති මෙඝ සමූහය උතුරුදිශාවෙහි රුපුපියන්ගේ තන නමැති හංසයන් විසින් ගත් මුතුහර නමැති පුෂ්කරාඬ්කුර (=නෙළුම්දළු) දුරු කෙළේ ය.
විස්තර:- මේ රජුගේ සෙනඟෙහි ඇතුන්ගේ ගිගුම්හඬ ඇසූ උතුරුදෙස සතුරුඅඹුවෝ ස්වකීය ස්වාමියන්ගේ විනාශය ලංබව සලකා ශොක කරති. මුතුහර ආදී අබරණ ගලවා තබති. පෙර ගැහැණු පියොවුරෙහි ද මුතුහර පැලැන්දහ. (සැළ45) පියොවුරු හංසයන් වැනි ය. මුතුහර ඒ හංසයන් කනු පිණිස ගත් නෙළුම්දළු වැනි ය. (පරෙවි. 160-(164) බලනු) හංසයෝ වැස්සට තුටු නො වෙති. මෙඝගර්ජවනාව අසා කනු පිණිස ගත් නෙළුම්දඬු පවා හැර දමා විල් හැර පියඹා යති. මේ තනහසුන් හරපොකුරු දුර ලූයේ ද ඇතුන් නමැති මෙඝයන්ගේ ගර්ජගනය ඇසීමෙනි. තනෙහි පැලඳි මුතුහර දුර ලීම රුපුපියන් කළ ද, මුතුහර පොකුරුකුරු සේත් තන හසුන් සේත් රූපණය කළ හෙයින්, එය තනහසුනගේ ක්රිොයාවක් ලෙස ම දක්වන ලදී. ඇතුන් වලා බඳු වන පරිදි ධ ප්රඑ.51 වැනි අංශයෙන් දත හැකි ය. (පැරකුම්බා සිරිත 94 කව බලනු)
62 අර්ථ:- චතුස්සාගරය අන්ත කොට ඇති ධරණිය එකච්ඡත්ර කරණ කල්හි ඔහුගේ චරණයෙහි (=පයෙහි) තඛරශ්මි නමැති ආකාශගඬ්ගාව දරා රිපුරාජ තෙමේ ඉසුරැතැන් ලැබී ය.
විස්තර:-මේ රජ මුළු පොළොව එක්සත් කෙළේ ය. එක්සත් කිරීම නම් එක ම අණසකට යටත් කිරීම යි. අතීතයෙහි රජකමෙහි ප්රීධාන චිහ්නය වූයේ ශ්වේතච්චත්ර.ය යි. එය සිහසුන මතුවෙහි වෙ යි. රජ සියරට පාලනය කරන්නේ ඒ ඡත්ර ය යට හිඳ ගෙණ ය. එක රජෙකු ඇති විට වන්නේ එකච්ඡත්ර යි. මේ රජු පොළොව එක්සත් කරණ කල්හි රුපුරජවරු ඔහුගේ පා මුල හිස තබා වැඳ නිරුපද්රැ ත වූහ යි කී සේ යි. රජුගේ චරණතඛරශ්මි දරන්නේ පාමුල හිස තබා වැඳීමෙනි. මෙහෙසුරා අහස්ගඟ හිසින් දර යි. රුපුරජහු ද අහස්ගඟක් දරති. එනම් මේ රජුගේ සරණනියරැස් අහස්ගඟ යි. එයින් ඔහු ද ඉසුරුතැන් ලදහ. ‘ඉසුරුතැන්’ යන්න ‘මහෙශ්වරයාගේ ස්ථානය’යි ද ‘ඓශ්චර්යය හා තනතුරු’ යි ද අර්ථ දෙකක් දෙයි. (සැවුල් 39 බලනු)
63. අර්ථ:- ඔහු දන් නමැති වතුෙරන් (=ගලා යන සැඩවතුරක් මෙන් දෙන දනින් ) යදිදනයන්ගේ අදහස පුරාණ කල්හි සුරතුර ද (මමකරා මැණ=) චින්තාමාණික්යේ ද (පණත් මත්=) ප්රකඥ්ප්තිමාත්රබ (=නම පමණක්) වූ, විශෙෂය ඉසිලී ය.
විස්තර:- මේ රජු දන්වතුරු පැවැත්වීමෙන් යදින්ගේ අදහස පුරණ කල්හි කල්පවෘක්ෂයට හා චින්තාමාණික්යැයට ද වැඩ නැති වී ය. කල්පවෘක්ෂය අනික් වෘක්ෂයන්ට ද චින්තාමාණික්යැය අනික් මාණික්යරයන්ට ද වඩා වෙනස් නො වී ය. තුබුනු එක ම විශෙෂය (=වෙනස) නම් කල්පවෘක්ෂය (=කල්පිත පැතූ-දෙය දෙන ගස ය), චින්තාමාණික්යණය (=සිතූ පැතූ දෙය දෙන මැණික ය) යන නම් පමණක් දැරීම ය. ‘මමකරාමැණ’ යන්න කෙසේ සිද්ධ වේ දැ යි තව මත් අවිනිශ්චිත ය. ‘මම (=මාගේ) අධ්යාශශය කරව’යි ප්රාමර්ථනා කරණු ලබන මැණික යන අර්ථය යම්තමින් ගත හැකි ය. ‘මමකරමැණ’ යි වුවොත් අර්ථයෙන් ‘චින්තාමාණික්ය=’ යන්නට සම ය.
64 අර්ථ:- කුසවත් පුරෙහි (වසන=) වාසය කොට යශසින් තිලොව වසා (හව්වසාන=) සියලු වශයෙන් හෝ වශාවන් (දුහු=) දුරු කළ කුසරජුගේ ගුණ පවසා කළ සර්ග)ය (පරච්ඡේදය) පළමුවැනි යි.
විස්තර:- මේ සර්ග්යෙහි මීට පළමු වූ සියලු ම ගි ප්ර(ථම පාදයෙහි මාත්රාගනවයක් ද ඉතිරි පාද තුණෙහි මාත්රාු එකොළොස බැගින් ද ඇති ගීවිරිතීන් බැඳුනේ ය. මෙහි වනාහී මාත්රාා නවය දෙවෙනි පාදයට දින. අනික් පාද තුනට මාත්රාී එකොළොස බැගිනි. මේ විරිත එළුසඳැස්ලකුණෙහි නො දක්වන ලද්දකි. ‘වසාන’ යන්නෙහි ‘න’ යන්න නිරර්ථක ය. එළිසම සිවුපදයන්හි එබඳු අකුරු සුලභ ය. එළිසමකව්හි පමණක් නො ව අන් තන්හි ද අනුප්රාුසාදිය සඳහා එබඳු අකුරු ආගම කළ හැකි බව මෙයින් දක්වති. මේ කාව්යකයෙහි සර්ගසවසානපද්ය මේ මහාකවීශ්වරයන් විසින් එළි සම කොට කරණලදැයි ද, කෙසේ නමුත් මුල් ගී නැති ව ගිය පසු සන්නයෙන් පද අහුලා ගෙණ කිසිවෙකු විසින් මේ ගී තනන ලදැ යි ද සමහරු සිතති. එසේ වූයේ නම් කාව්ය කර්තෘග මහාකවීශ්වරයන් විසින් එළි සම නො කර තිබුනත්, ඒ සංස්කාරකයා මේ ගී එළි සම නො කර තිබුනත්, ඒ සංස්කාරකයා මේ ගී එළි සම කොට කරණු නියත ය. එළිසම සිවුපදවල බෙහෙවින් පෙණෙන අමුතු ආගම දීර්ඝ ත්ව ආදියෙන් යුක්ත පද මෙහි සර්ගවවසානයන්හි පෙණෙන සියලු ම පද්යආයන්හි සුලභ හෙයිනි. එ බඳු පදයන් ම මේ පද්යා එළිසමසිවුපද බවට පෙරළීමට එබඳු සංස්කාරකයන් මෙහෙයනු ඒකාන්ත ය. එසේ නුවූයේ මේ ගී ම මුල් ගී වන හෙයින් ම විය යුතු ය. සියලු ම සර්ග යන්හි අවසානපද්යදයෙහි අවසානපදය ‘සග’ යන්න ය. ඊට අනතුරු ව සර්ගදයාගේ අඬ්කය ප්රමකාශ වන පදය ‘පළමු වනු’ ‘දෙවනු’ යනාදී වශයෙන් යෙදින. එසේ මිස මුද්රිබත පොත්හි පෙණෙන පරිදි ‘පළමුවන සග, දෙවන සග’ යනාදි වශයෙන් පැරණි පුස්කොළ පොත්හි නැත. ‘සග’ යන්නෙන් සර්ගිවසානපද්යස අවසන් කිරීමෙන් පෙණෙන්නේ මේ පද්ය එළි සම කොට නො බැඳි බව ය. මෙය හැම තැන ම සමාන ව ම පෙණෙන හෙයින් ලෙඛකාදින්ගෙන් වූ විපර්යාස ය යි කිය ද නො හැකි ය. උත්පාදකශක්තියෙන් යුක්ත ස්වකීය තිරඬ්කුශ මහාකවිත්වය දැක්වීම සඳහා පැරණියන් ගත් මග නො ගෙණ අමුතු මගක් ම ගෙණ අපේ මේ මහාකවීශ්වරයන් විසින් අධ්යාමශය පූර්ව ක ව ම මේ පද්යඅ තනන ලදැ යි හැඟේ. ‘දුහු හව්වසාන’ යන තන්හි ‘දුහු’ යන්න ‘දැහැ’ යි පිටපත්හි පෙණේ. සන්නයෙහි ඊට ‘දුරු කළා වු’ යි අර්ථ කියන ලදී. ‘දැහැ’ යන්නෙන් ඒ අර්ථය නො ලැබේ. එය ‘දහ’ දයෙහි පෙරකිරිපදය යි. ‘දුරු කර’ යනු අර්ථ යි. ‘දුරු කළ’ යන අර්ථය ලැබෙන්නේ ‘දුහු’ යන කෘදන්තපදයෙනි. එහි ‘වසාන’ යන්නෙහි ‘වස’ හෝ ‘වසා’ යන්න සංස්කෘතයෙහි ‘වශ’ ශබ්දයෙන් හෝ ‘වශා’ ශබ්දයෙන් ගත හැකිය. ‘වශ’ නම් ආශායි. ‘වශා’ නම් ස්ත්රීහහු යි. දෙ වැන්නෙන් එන්නේ ය යි සැලකීම වඩා සුදුසු ය. කුසරජු ස්ත්රීනන් දුරු කර සිටි හෙයිනි. ඒ බව මී ලඟ සර්ගියෙන් කියවේ. ප්රිථමසර්ගඩයෙහි ව්යා්ඛ්යාකව නිමි.
2. සර්ගරය.
65 අර්ථ:- ඔහුට සහෝදර වූ, රූපයෙන් කන්දර්ප යාගේ දර්පිය දුරු කළ, යශස ය තෙජස ය, සෞම්යූගුණ ය, ඥානය යන මෙයින් අවරජස්ථානයට (=මල්තැනට) පැමිණි නොහොත් යුවරජස්ථානයට පැමිණි නරේන්ද්රැයෙක් වී ය.
විස්තර:- කුසරජුගේ මල්තෙමේ අතිශය රූපපශොභා සම්පන්න ය. රූපසෞන්දර්යයෙන් අග්ර ගණ්යභ ලෙස තැකෙන අනඬ්ගයාගේ ආඩම්බරය පවා ඔහු නිසා දුරු වේ. රූපයෙන් කුසරජුට වඩා ශ්රේයෂ්ඨ වේ . එහෙත් යස, තෙද, සොමිගුණ, නැණින් වනාහී කුසරජුට දෙවෙනි වේ. රූපයෙන් වැඩක් ඇති වූ තැන මේ මල්රජ කුසරජු වෙනුවට පෙණී සිටියේ ය. මේ සර්ගුය ද ගී විරිතින් බැඳුනේ ය.
66 අර්ථ:- එක් (දහක්=) දවසක් (මැතිසක්=) අමාත්යමචක්ර ය (=ඇමැතිසමූහය) තෙමේ ඒ රජහුගේ දෙගුරුවරයන් (ඉහි=) සමග මන්ත්රගණයෙහි යෙදී (සිමිඳියේ=) (මතු පැවසෙන සේ) ස්මරණය කෙළේ අනාගත ශ්රීෙසාරය වින්දේ වී ය.
විස්තර:- අනාගත ශ්රීවසාරය විඳීම නම් මතුවට සිදු විය හැකි අභිවෘද්ධිය සිතා සතුටු වීම යි. ‘සිමිඳියේ’ යනු ‘සිමිඳ=සිහි කිරීමෙහි’ දයින් සිද්ධ කෘදන්තපද යි. ‘විඳියේ’ යන්න ‘විඳු’ දයින් සිද්ධ යි. (622) (13, 23) වැනි ගීයට ලියූ වර්ණ නාව බලනු.
67 අර්ථ:- මුළුලොවට එක ම (=අසහාය) නෙත්ර්යක් බඳු වූ මනඃකල්යිකාන්තාවන්ගේ නෙත් සිත් වසඟ කරණ ගුණයන්ට නිධාන වූ, අපගේ නරේන්ද්ර මතෙමේ ලොකයාට එක ම පහනෙකි.
විස්තර:- මේ කුසරජු වැණුමකි. කාන්තාවන්ගේ නෙත්ර්යට වශිකරණයක් විය යුත්තේ අතිශය සුන්දර රූපයකි. කුසරජුට එ බන්ඳක් නැත. එ හෙයින් ඇමතියන්ගේ මේ කථාව අතිශයෝක්තයකි. අඳුරෙහි එලිය ඇති කරන්නේ පහන යි. මොහඳුරෙන් වැසීගිය ලොකයෙහි කුසරජ ම ප්රඇඥාලොකය දරයි. ලෝවැස්සා නුදුටු දෙය දක්නේත් නො දත් දෙය දන්නේත් කුසරජු නිසා ය. එහෙයින් කුසරජ ලොවට එක ම නෙතක් ද පහනක් ද වැනි ය. 68 අර්ථ:- අප නරේන්ද්රරයාගේ (සියො=) සමාගමශ්රිශයට පත් රාජ්යයශ්රිෙතොමෝ සහායශ්රිඑයක් (=යෙහෙළියක) නො ලැබීමෙන් (පලඳනා=) අබරණ (නො ලා=) නො පැලඳ (රඳනා විලස යැ=) පවතින්නා වැනි ය.
විස්තර:- රජුගේ බිසොව රාජ්යපශ්රිඳයගේ යෙහෙළියක වැනි ය. මේ ඇමැතියන්ගේ කථාව පරිදි නම්, බිසොව නිසා ම රාජ්යයශ්රිවය අලඬ්කෘත වේ. ඒ නැති විට රාජ්යබශ්රිරය අබරණ නො පැලඳ සිටින්නාක් වැනි ය.
69 අර්ථ:- මහේශ්වර තෙමේ උමාවගේ හසුතපල්ලව නමැති (ගල=) කණ්ඨමාලාදාමයෙන් හොබි. (ගොවිඳු=) විෂ්ණු කමලාව (=සිරිකත) වැලැඳ ගන්නේ (උරමල්ති=) වක්ෂස්ථලයෙහි මාලාවක් මෙන් (රඳනේ=) ශොභමාන වෙ යි.
විස්තර:-උමාවගේ අත මෘදු හෙයින් ද රක්තවර්ණ් හෙයින් ද ලා දළු වැනි ය. මෙහෙසුරාගේ ගෙල වටා උමාවගේ හස්තය වෙ යි. එය ලපලු මල්දමක් වැනි ය. මෙහෙසුරාගේ ශරීරයෙන් අර්ධඑයක් උමාව ලු (බු. ල 165 කව බලනු) සිරිකත ගොවිඳුගේ වක්ෂසෙහි වෙසේ ල. (කා. ශෙ 1-10) ඕ ද ඔහුගේ උරතලෙහි පලන් මල්දමක් වැනි ය. ‘උමා’ යනු හිමාලය පර්විතරාජයාගේ දුව ය. කුමාරසම්භවයෙහි විස්තර පෙණේ. ‘ගොවිඳු’ යනු ‘ගොවින්ද’ ශබ්දයෙන් එයි. ගෙරින් ලබනුයේ ‘ගොවින්ද’යි. විෂ්ණු තෙමේ ශ්රියකෘෂණ කාලයෙහි ගොපල්ලෙක් වී ය. මේ නම වූයේ එහෙයිනි. උමා +අ = උමව. (මා+අ = මව- සසඳනු)
70 අර්ථ:- ( ඉති=) මෙසේ (දිය දෙස්=) ජගත්සාක්ෂි වූ ජනතෙමේ ද ප්ර-මදාරත්නයන්ගේ අත ගන්නේ ය. (=කතුන් හා විවාහයට පැමිණෙයි) අපගේ ස්වාමිකුලය නමැති නර්මදල තඩාගය (මෙහෙසුන්=) බිසෙව් නමැති හංසියක ඇත හොත් හොබනේ ය.
විස්තර:- විෂ්ණු මහේශ්වර දෙදෙන ජගත්සාක්ෂි වෙති. අතිතයෙහි බොහෝ මිනිස්සු ඒ දෙදෙනා යම් යම් කරණු වල දී සාක්ෂි කොට දැක්වූහ. ‘එබඳු ශ්රෙවෂ්ඨයෝ පවා කතුන්ගේ හස්තග්රකහණය කරත් නම්, අප රජතුමා එය නො කරන්නේ කවර හෙයින් ද? අපගේ රජකුලය හොබින්නේ බිසොවක ඇති වීමෙනි’ යනු ඇමතියන්ගේ තර්කණණය යි. මෙහෙසුන් ම හස = මෙහෙසුන්හස ‘මෙහෙසුන්’ යනු ම ප්රෙකෘති යි. 71-72 අර්ථ:- (ගුරු=) මාතෘපිතෘ දෙදෙන (නදන්=) නිධාන (=හද තුළ සැඟවුනු) තමන්ගේ අදහස් අමාත්යෘමණ්ඩලයෙහි වචන නමැති දර්පසණයෙහි වැජඹෙන (=ප්රෘකට ව පෙණෙන) කල්හි (තැවුලි=) තැවීම වින්දා වූ ස්වකීය හෘදය නමැති භාජනයෙහි (අස්=) මුද්රාරව (=වැසුම්ලකුණ) මිදුවාහු නිරන්තරයෙන් (දුනු=) උපන් (ලොම්උදහසියෙන්=) ලොම් කෙළින් සිටුම් සියගණනින් සියලු (අඟ=) ශරීරය (සදමින්=) සරහමින් (ඉතිරි=) උතුරා ගිය සොම්නස තුටුකඳුළින් (පෑ=) දැක්වූහ.
විස්තර:- අමාත්යෙචක්ර්ය පැවසූයේ ගුරුන් දෙදෙනාගේ ද සිතෙහි තැන්පත් ව තුබූ අදහස් ය. එයින් ඔවුන්ගේ හදවත නොයෙක් වර තැවුනේ ය. ඇමතියන් ඒ අදහස් කියත් කියත් ම මවුපියන්ගේ අදහස් නමැති නිධානය තුබූ හෘදය නමැති භාජනයෙහ සන්තෝෂය පිරෙන්නට වී ය. හදබඳුන තැවී තුබුන හෙයින් අස් මිදුනේ ය. සන්තෝෂය රඳවා ගැණීමට හදබඳුනෙහි ඉඩ මඳ වී ය. තුටුකඳුළු ලෙසින් ගලා ගියේ ය. මෙය කෙළේ ගුරු දෙදෙනා ය. ඔහු සිය හදබඳුනෙන් උතුරා ගිය සොම්නස සතුටුකඳුළින් දැක්වූහ. හදබඳුනෙන් එය උතුරා ගියේ අස් මිදූ හෙයිනි. එය නො කෙළේ නම්, හදබඳුන පුපුරා යත හැකි ය. ‘අස් එබීම හෝ තැබීම’ යනු හා වර්ත්මාන ව්යමවහාරයෙහි ‘සීල් තැබීම’ යනුත් එකාර්ථ ය. පුරාණයෙහි ‘සීල්’ නමැති මුද්රාලවෙහි තිබුනේ හංසයෙකුගේ ලකුණකි. එහෙයින් ඊට ‘හස් = අස්’ යන නම ව්යුවහාර වී ය. ‘මිදියෝ’ යනු ‘මුද’ දයින් අතීතකර්තෘ්කාරක ඉප්රතත්යරය වීමෙන් සිද්ධ කෘදන්තපදයෙකි. ‘ඉතිරි’ යන්න ‘උතුරු’ දයින් සිද්ධ යි. ‘තැවුලි’ යන්න ‘කැලි’ යි බොහෝ පිටපත්හි පෙණේ. පැරණිසන්නයෙහි ඊට ‘පාප’ ය යි අර්ථ කියන ලදී. පාප වින්දාහු නම් උතුරා යන තරම් සන්තොෂයක් තබා මඳ සතුටකුදු ඇති නො වේ. එහෙයින් ඒ අර්ථය සුදුසු නො වේ. “කාල්ය ය හෙවත් එ වෙලාවට ඇති වු සිත්සුව ය” යි සමහරු අර්ථ කියති. එහෙත් ‘කාලික වූ’ යන අර්ථය මිස අනෙකක් හයින් නො ලැබේ. වුව මනා නම් සුඛය මෙන් ම දුඃඛය ද එයින් ගත හැකි ය. එහෙයින් ඒ ද අයොග්යඛ ය. “යහද නො මැ සිමිඳියෝ” යි ගෙණ “සුඛජාතයන් ස්මරණය නො කළෝ” යි පුරාණ සන්නයෙහි කී අර්ථය ද නො ගැළපේ. ‘යහද’ යන්නට “සුඛජාතයන්” යි අර්ථ කිය නො හැකි ය. සමහරු “යහදැ” යි ගෙණ “ශුභද්රඛව්යයයන්” යි අර්ථ කියති. ඒ ද අනන්තරකථාව හා විරුද්ධ වේ. සුඛජාතයන් හෝ ශුභද්රජව්යයන් ස්මරණය නො කළාහු නම්, සොම්නසක් ද විය නො හැකි ය.
73 අර්ථ:-කෙලෙස් නමැති මදවාරණයාට (=මද ගිලිහෙන ඇතුට) අඬ්කුශයක් වූ (දිය=) ලොවට ඇසක් වූ කුසරජහු (එසඳැ=) එකල්හි (සඳ=) අදහස තිලකුණු මුසු වූ යහපත් වචනයන්ගෙන් මෙලෙසින් (වියූ=) කීහ.
විස්තර:- ‘තිලකුණු’ නම් භවයෙහි හැම තැන ම හැම දෙයක ම පවත්නා අනිත්ය , දුඃඛ, අනාත්ම යන ස්වභාව තුණ යි. කුසරජුගේ කථාව ඒ තුණ පිළිබඳ ධර්මයයෙන් මිශ්රඛ ය. “තිලක්ඛණ පටිසංයුත්තං ධම්මකථං” යනාදීන් පාලි පොත්හි නොයෙක් තැන පෙණෙන පාඨයට මෙය බෙහෙවින් සමාන ය.
74 අර්ථ:- (දද=) මෝඩ ලෝකයා ඇස් (අළ=) ඇරි-විවෘත කළ පමණින් අශුභ නො දැකිය හෙයි. (යල=) නැවත විමර්ශමනයෙන් දත හොත් (ඝරවාසය) (=ගිහිගෙයි විසුම) වසන්නේ (=කරන්නේ) කවරෙක් ද? විස්තර:- බැලීම නම් අරමුණ තත්ත්වාකාරයෙන් අවබොධ කර ගැණිම යි. මුග්ධලෝකයාගේ බැලීම ඇස් ඇරීම පමණකි. හේ අරමුණ තතු සේ නො සලකයි. නිසි පරිදි දක්නට නම් විමර්ශධනය වුව මනා ය. මුග්ධලෝකයාට එය නැත. එහෙයින් මුග්ධයෝ ලොව පවත්නා අශුභ දැක්ක නො හෙත්. විමර්ශ නයෙන් අශුභ දුටුව හොත් කිසිවෙක් ගිහිගෙයි නො වසයි. හැම පොත්හි ම ගි පෙළෙහි එන “විමස්නෙන්” යන්න පුරාණ සන්නයෙහි “විදස්නෙන්” යි ගෙණ “විදර්ශහනාඥානයෙන්” යි අර්ථ කියන ලදී. ඒ අර්ථය ඇති, “විමස්නෙන්” යන්නට ඉතා ලංවන, පදය “විවස්නෙන්” යන්න ය. එය “විපස්සනා” යන්නෙන් එයි. විදර්ශිනාඥානය නම් අනිත්යාසදී ත්රියලක්ෂණ දැන ගන්නා නුවණ යි. එය ද ඉතා දියුණුබවට පත් විමර්ශිනය යි. “ඇස‘ළ පමණින්” යන්න “අයළ පහණෙන්” යි ගෙණ “අවිද්යාදප්රානසන්ය යෙන්” යි පුරාණසන්නයෙහි අර්ථ කියන ලදී. අවිද්යාදර්ථයෙහි “අයළ” සදක් නැත. ‘අයථා’ ශබ්දයෙන් එතැයි සැලකෙන උත්ප්රෙරක්ෂවාචී ‘අයල’ සදක් නම් තිබේ. (සි. ල. 290) අවිද්යාඋව ම කලුෂයකි. එය ප්රෙසන්න වුවොත් වන්නේ නුවණකි. නුවණින් අශුභ දැක්ක හැකි ය. අකාලවාචී “අයල්” සදක් ද තිබේ. ‘අළ’ යනු ‘අර-ඇරීමෙහි (විවෘත කිරීමෙහි) දයින් සිද්ධ වේ.
75 අර්ථ:- (රුසිරඟ=) රුචිර වූ අඬ්ග ඇත්තියගේ (=කාන්තාවගේ) අඬ්ගප්ර-ත්ය යඬ්ග (වි=) ය යි ලොභසහගත වූ (හුදු=) තනි හිත ද (එක්වන්=) නිතර (අදවත්=) හෘදයවාස්තුව දවන කල්හි ඔවුන්ගේ සමාගමය (කො වදන්) කියනු කිම?
විස්තර:-කාන්තාවන්ගේ අඬ්ගප්රරත්යමඬ්ගයන් කෙරෙහි ආශා සහිත නිකම් හිත පවා මිනිසුන්ගේ හදවත දව යි. එ සේ ඇති කල්හි ඔවුන් හා සංසර්ග ය කොතරම් රෞද්රි විය යුතු ද? ‘සමහම්’ වදන් කො වේ’ යනු මෙහි ක්රිතයාකාරකපද සම්බන්ධ යි. “සමාගමය පිළිබඳ වචනය කුමක් වේ ද?” යනු එහි අර්ථය යි. ‘ෙකා’ යනු ‘කො’ සදෙහි ප්රකථමා එකවචනයි. එහි බහුවචනය ‘කෙ’ යනු යි. ‘කෙ’ යි නිපාතයක්ද තිබේ.
76
අර්ථ:- (දදලෝ=) මෝඩලෝකයා විසින් (පෙවෙත වී ගත්=) (සත්ත්වයාගේ) පැවැත්මකැ යි-ශරීරයකැ යි ගන්නාලද (=සලකන ලද) (හුදු=) කෙවල-අමිශ්රී- තනි (කඳුදහමන්=) ස්කන්ධධර්මියන් ඔවුනොවුන් ඇසිරු කොට පැවතීම (විසිනත්) පරීක්ෂා කරත් හොත් (අත්සර=) ආත්ම නමැති හරයක් නැත.
විස්තර:- ස්වාභාවය දරණ හෙයින් රූපාදීහු ‘ධර්ම්’ නම් වෙත්. ලොව ඇති තාක් සියල්ල නාමධර්මාය, රුපධර්මකය යි දෙකොටසකට බෙදේ. ‘නාමධර්මා’ නම් සිත හා සිතෙහි උපදනා වෙදනාදී චෛතසික යි. ඒ ද වෙදනාස්කන්ධ, සංඥා-, සංස්කාර-, විඥානස්කන්ධය යි සතර ගොඩකට බෙදේ. රූපධර්මණ රූපස්කන්ධ නම් වේ. මෙසේ ලොව ඇති සියල්ල ම රූපාදි වශයෙන් පස් ගොඩකි. ඒ සියල්ල ම ස්වභාව ලක්ෂණය දරණ හෙයින් හුදු (ශුද්ධ-ආත්ම පුද්ගලාදීන් අමිශ්ර ) ධර්මුයෝ යි. රූපය නාමයත්, නාමය රූපයත් ඇසුරු කර පවති යි. එසේ ඔවුනොවුන් ඇසුරු කර පවතින, ආත්ම ශ්රමභ, සුඛ ආදියෙන් මිශ්රෙ නො වූ පඤ්චස්කන්ධය සත්ත්වයා ය යි මුග්ධ ලොකයා වරදවා සිතා ගණි යි. එය නුවනින් පරීක්ෂා කර බලතොත් එයින් අන්ය වූ ආත්මය, පුද්ගලය, සත්ත්වය, යන සාරයක් නැත. ‘තමා’ යයි ගත යුතුතක් නැත. විසුද්ධිමග්ගයෙහි (ත්රිය. මු) 448, 453 පිටුවල මේ පිළිබඳ විස්තර එයි.
මෙහි ‘පෙවෙත්’ සද ශරීරවාචි ය. රුවන් 277 බලනු.
‘අත්සර’ යන්නට “අර්ථසාරයෙක්” යි පැරණි සන්නය දෙන අර්ථය යි. ‘විසිනත්’ යනු ‘විහින’ දයින් සිද්ධ යි.
77 අර්ථ:- ප්ර මදාජනතෙමේ සංසාරය නමැති අරණ්ය යෙහි හැසිරෙණ ජනයන් නමැති මුවන්ට (ඔත්=) දැමූ (=ඇටවූ) (තරපස්=) ස්ථිර වූ=ශක්තිමත් වූ-පාශයකි. (=මල පුඬුවකි) අපාය නමැති මුහුදෙහි උදරයට (=ඇතුළට) අදිනා (හෝවාර=) ස්රො)තස්-නදී-පහරකි. (සැඩ දියපාරකි.)
විස්තර:- ස්ත්රීඩහු වනාහී සංසාරය-ලොකය-නමැති වනයෙහි සඤ්චාරය කරණ අහිංසක වූ ජනයන් නමැති මුවන් ඇල්ලිමට දමා තිබෙන මලපුඬු වැනි වෙත්. එසේ ම ජනයන් අපායට ඇද ගෙණ යන සැඩ දියපාරක් වැනි ද වෙත්. මුහුදු+ උදර=මුහුදු+ උඅර=මුහුදු+අර=මුහුදෝර
78 අර්ථ:- දුකට පිළියම් ම මිස ගිහිසැපතෙහි කවර සුඛයෙක් ද? ගෙඩියෙහි මස්වැදලි කෘමින් බුදින කල්හි ආශ්වාසයට (=සැනසිල්ලට) හේතුව මෙන් මොහොයකි.
විස්තර:- මිනිසුන් ‘සුව විඳුම්හ’ යි කරන්නේ අනෙකක් නො ව ඒ ඒ දුක් සන්සිඳුවා ගැණීමට ප්ර්තිකාර යි. ඒ ඒ දුක් ඊට ඊට පිළියම්වලින් තුනී වූ විට සුඛය යන වැරදි හැඟීමක් ඇති වෙ යි. එය ගඬුවක මස් සියුම් පණුවන් කන විට කැසීම තැවීම ආදී ආශ්වාසහේතු සුඛ යයි සිතීම වැනි මුළාවකි. ගඬු හෝ වණ සියුම් පණුවන් කන විට කණ්ඩුතිය හෙවත් පොපි ඇති වේ. එ තැන නිය ගසා කැසීම, තැවිම ආදිය සුවයකැ යි මිනිස්සු සිතති. එය සුඛයක් නො වේ. “කණ්ඩුයනෙ විය වණස්ස සුඛාහි මානො” යනුවෙන් හත්ථවනගල්ලවිහාරවංසයෙහි කණ්ඩුයනය (=කැසීම) සුඛයක් ලෙස හඟිනබව කියනලදී. ගඬු පණුවන් කන කුෂ්ඨරෝගීන් එය තවනබව මජ්ඣිමනිකායෙහි මාගන්දිසූත්රඬයෙහි දී බුදුරජාණන්වහන්සේ වදාළහ. (සෞන්දරනන්ද 9-44 බලනු)
‘කැසුම්, තැවුම්’ යන ආදී එක වචනයක් නො යෙදො “අස්වස්ගේ” යි යෙදුනේ ආශ්වාස හේතු එකක් නො ව කීපයක් තිබෙන හෙයිනි.
79 අර්ථ:- හස්තීන් සමූහය පෝෂණය කරණ (දොළොහොළ=) අතිශය දුඃඛ ( හස්ති සමූහයකට හිමි ව සිටීමෙන් වන) මහත් යශස (වරා=) වළකයි. (=පරදව යි) (එහෙත්) ගෘහඓශ්චර්යය ම ක්ලෙශහෙතුවෙන් (නුවට=) නිවට-දීන වූ - ජනයා (නළා=) රවට යි.
විස්තර:- මහත් සම්පතක් ලැබීමට ගන්නා දුඃඛය වනාහී ඒ සම්පත ලැබීමෙන් වන ප්රී තියට හෝ කීර්තබතියට වඩා ඉතා මහත් වේ. එහෙත් ක්ලෙශහෙතුවෙන් දීන වූ මිනිස්සු ඒ බව නො සිතත්. ගිහි සැප ම ඔවුන් රවට යි. මුළා කෙරෙ යි. ‘දොළො යනු ද ‘හොළ’ යනු ද දුඃඛවාචී ය. එකාර්ථවත් ශබ්ද දෙකක් එක තැන යෙදුනු විට අතිශයාර්ථය දෙයි. ‘මෙ’ යනු ‘මැ’ යන්නට සමාන නිපාතයෙකි. ‘මැ’ යන්න ව්ය්වහාරයට එන්නට පෙර තුබුනේ ‘මෙ’ යන්න ය. ‘නළා’ යනු ‘නළ-රැවටුම්හි’ දයින් සිද්ධ වර්ත මානකාලික එකවචන ක්රි යාපද යි. ‘වඤ්චිත’ යන්නට ‘නළවන ලදැ’යි ‘නළ’ දයින් සිද්ධ පදයක් යොදා පස්වැනි කසුප් නිරිඳෝ අර්ථ කීහ. (ධ. අ. ගැ. 92-35)
80 අර්ථ:- මදුරුවෙකු වී හස්තියොධයකු වළකත් (=පරදවත්) හොත් (එය) ඉතා දුක් වන්නා (හරණෙන්=) මෙන් දුගීබව ක්ලෙශයන්ගෙන් පිරුණු ගෘහධුරයෙහි (=ගිහිගෙයි විසුමෙහි) ගිහියා (නුවළා=) කලකිරුව යි (=වෙහෙස යි)
විස්තර:- මදුරුවෙකු වී හස්තියොධයකු (=මහාහස්තියෙකු) පසු බැස්වීම නො සිතිය හැක්කකි. එයින් මදුරුවාට වන්නේ මහත් වූ දුකකි. වෙහෙසකි. එමෙන් ම දුගීබව ගිහියා ගෘහ ධූරයෙහි කලකිරුව යි හෝ වෙහෙසෙව යි. ගිහියා මදුරුවෙකු වැනි ය. ගෙදළ හස්තියොධයෙකු වැනි ය. ‘යුදු’ යන්න යොධවාචී ය. “සෙබළ යෝබළ යුදු” යනු රුවන් මලි. “හරණෙන්” යන්න උපමාද්යොෙතක ය. ‘නුවලා’ යන්න ‘නුවළ’ දයින් සිද්ධ වර්ත මානාඛ්යාෙත යි. ‘කෙලෙස්’ සද දුඃඛ, පීඩා, රාගාදී අර්ථ දෙයි.
81 අර්ථ:- (සහලඟරක්=) ගිනිඅඟුරක් අතින් අත (පෙරැළි=) මාරු කර ගැන්ම මෙන් දුක් විඳින කල්හි ඊර්යයාපථ (පිරිවැටුම=) පර්ව තය නො දැන ලොකයා පමා වෙයි. (හා=) අඳෝ ම ය.
විස්තර:- ගින්න වැදුනු දෙය දැවෙ යි. නො දවන ගින්නක් නැත. බොහෝ වේලා ගින්නට අසු වූ විට බොහෝ ද, නොබොහෝ වේලා අසුවූ විට නොබෝ ද දැවෙයි. දැවීම දුකකි. ගිනිඅඟුරක් අතින් අත මාරු කරමින් ගැණීමෙහි දී එයින් අත් දැවෙන්නේ මඳකි. එහෙයින් එය කරන්නාහට තමාගේ අත දැවෙතැ යි නො හැඟේ. එයින් වන මඳ දුක ද නො දැනේ. එහෙත් හේ දුකක් විඳී. මිනිසුන් සුව ය යි සලකන දේ ද එබඳු ය. ඉරියවු මාරු කිරීම මිස සැබෑ සුවයක් නැත. යාම, හිඳීම, සිටීම, හොවීම යන මේ සතර ඉරියවු ය. යාම සුඛයක් නො වේ. සුඛයක් නම් හැම විට ම එය සිත් පිණවන්නක් විය යුතු ය. එහි බොහෝ වේලා යෙදුනු විට දුක ප්රකකට ව පෙණේ. එසේ දුක් වූ විට අනික් ඉරියව්වක් ගණී. එවිට ඒ අළුත් ඉරියව්ව සුව ය යි හැඟේ. එහි ද බොහෝ වේලා යෙදුනු විට දුක දැනේ. මෙසේ විමසා බලන විට ඒ එක් ඉරියව්වක් වත් සැබැවින් සුව නො වේ. ඒ බව නො දුන ලොකයා පමා වෙයි. පමා වීම නම් කුශලාකුශයන් තෝරා දෙන සිහියෙන් තොර ව විසීම යි. ‘පමදනේ’ යනු ‘පමද දයින් සිද්ධ කෘදන්තපද යි. ‘හා’ යන්න ඛෙදාර්ථයෙහි වැටෙන නිපාතයකි. ‘අහෝ! අනේ!’ යනු ඊට සමාන ය. 82 අර්ථ:- ගෘහධූරයෙහි ඇති ව්යිසන නමැති අවුලෙහි (හි=) වැටී ලෝකයා ධර්මියට ප්රිූය වුව හොත් (එය) (විසුළ සිදුහත්=) විසුරුණු අබ හස්තීන්ගේ (අත්නෙන්) සොඬින් (අසිඳුනා=) ඇහිඳීම (ගී වේ=) වැනි වේ.
විස්තර:- අබ ඇට සිහින් ය. ඇත්සොඬ දළ ය. සියුම් දෙයක් දළදෙයකින් ඇහින්ද නො හැකි ය. විසීරී ගිය අබඇට ඇත්සොඬින් කිසි සේත් ඇහිඳිය නො හැකි ය. ගිහිගෙයි සිට ධර්මඇයෙහි හැසිරීම ද එබඳු ය. 83 අර්ථ:- පඤ්චකාමගුණයෙහි ලොල් වූ සිතට වසඟ වූ මුග්ධ ජනයා (සී තොර=) සිහියෙන් තොර වූ සිංහයෙකු (සිරෙන්=) හිසින් (දැරැ=) උසුලා හැසිරෙණ මත්තවාරණයෙකු (හරණ=) වැනි ය.
විස්තර:- මතැතා නිරන්තරයෙන් ආශාන්ත ය. චණ්ඩ ය. සිංහයා හස්නීන්ගේ සතුරා ය. වහා කිපෙන සුලු ය. සිහි නැති වූ විට උගේ රෞද්ර්ත්වය දියුණු වෙයි. මතැතෙකු එබඳු උමතු සිංහයෙක් හිස තබා ගෙණ ඇවිදිතොත් කවර මොහොතක හස්තියාගේ විනාශය වේ දැයි කිය නො හැකි ය. පස්කම්ගුණෙහි ලොල් වූ ජනයා ද එබඳු ඇතෙකු වැනි ය. පස්කම් සිංහයා වැනි ය. ‘පස්කම්ගුණ’ නම් රූප, ශබ්ද, ගන්ධ, රස. ස්ප්ර ෂ්ටව්යු යන මේ යි. මෙහි ‘ගුණ’ සද ‘කොටස්’ යන අර්ථය දෙ යි. ‘සී තොර’ යන්න ‘නරසී’ යි ගෙණ ‘නරොත්තමය’ යි පුරාණ සන්නයෙහි අර්ථ කියන ලදී. එය නො ගැළපේ. නරසී යන්න ආමන්ත්රිණයක් සේ සැලකිය හැකි වුවත් මේ තාක් කිසිවෙකු නො අමතා බණ කී කුසරජු මෙහි දී හදිසියේ ම නරසිහෙකු අමතතැයි සිතිය නො හැකි ය.
84
අර්ථ:- රාජ්ය ය, ශ්රී සම්පත්තිය, යෞවනය යන මෙහි පිහිටා ධර්මයයෙහි හැසිරෙත් හොත් මත් වූ භූතාවිෂ්ට වූ ඇතෙකුගේ අතින් මුතු ඇමිණීම ද බර (=අමාරු) නො ම වේ.
විස්තර:- හීලෑ - සන්සුන් - ඇතෙකුගේ වත් සොඬින් කිසිසේත් මුතු ඇමිණිය නො හැකි ය. මත් වූ භූතයෙකු වැහුනු ඇතෙකුගේ සොඬ ගැණ කියුම් ම නැත. රාජ්යා්දියෙහි පිහිටා ධර්මුචරණය ද එසේ ම අතිශය දුෂ්කර ය. යෞවන ආදියෙන් එකක් එකක් ම අර්ථයට මුල් වන බව “ෙයෟවනං ධනසම්පත්තිඃ” යනාදීන් හිතොපදෙශයෙහි ද කියන ලදී. ‘බුමුත් ඇත්’ යන්න ‘බුමු මතැත්’ යි සමහරු ගණිති. ඔහු ‘බුමුත්’ යන්න අපශබ්දයකැයි සලකන හෙයින් 298 (6-25) ගීයෙහි යෙදුනු ‘බුමුත්’ යන්න ද බැහැර කර ඒ සඳහා ‘ඇවිසි’ යන්නක් යොදති. ‘බුමුත්’ යන්නෙහි සිද්ධිය නො දැනීම ඊට හෙතු ය. මෙය ‘පුළුවුස්’ දයින් ‘පුළුවුත්’ යන පදය මෙන් ‘බුමුස්’ දයින් සිද්ධවන අතිතකාලික කාදන්තයෙකි. ‘බුමුස්’ දය ආවේශවීමෙහි වැටේ. එයින් නිපන් ‘බුමුසි’ යන වර්ත්මානාඛ්යා තරූපය ධ. අ. ගැ. 69 පිටෙහි 25, වැනි පෙෙළහි ද ‘බිමැසැ’ යන පූර්ව’ ක්රිියාරූපය එ ම පිටෙහි 25, 31 වැනි පේළි වල හා 187 වැනි පිටෙහි 10 වැනි පෙළෙහි ද තවත් තන්හි ද පෙණේ. එහෙයින් ‘බුමුත්’ යන්න සුශබ්දයෙකි. මෙය වෙසතුරුදාසන්නයෙහි ද පෙණේ.
85 අර්ථ:- (පුලුදු=) පුලුබ්ධ වූ (=පෙළඹුනු) මුවන්හට දුක් දෙන (පුලුඳු=) පුලින්දයන්ගේ (=වැද්දන්ගේ) (මියුරු ගී=) මධුරගීත මෙන් පඤ්චකාමය (පටනැ=) ආරම්භයෙහි දී මඳ (යෙහෙ=) සුවයක් වේ. නැවත මහදුක් ම වේ.
විස්තර:- මුවදඩයමෙහි යන වැද්දෝ මිහිරි නදින් ගී ගයති. මුවෝ ඒ හඬින් පෙලඹී නො සැලී සිටිති. වැද්දාගේ ඊය ඇසිල්ලකින් ම මුවාගේ හදවත සිදුරු කරයි. මෙසේ වැදීගිය මුවන්හට මුල දී මඳ සුවයක් දෙන නමුත් අග දී දරුණු වූ මරණ දුක ම දෙයි. පස්කම් ද එ වැනි ය. අත්තනගලුවංස 4 පරිච්ඡේදය බලනු.
86 අර්ථ:- ගිහිගෙයි (යහ ඉස්නා=) සුව කැමති වන ජන තෙමේ (බොල්තමපබඳ=) බහල (=ඝන) අන්ධකාරරාශි ඇති රාත්රිේයෙහි දුෂ්පථයෙහි (= නපුරු පාරෙහි) (යායාහේ=) යාත්රාත සුඛය (=ගමන් පහසුව) හේතු කොට (=සඳහා ) විගුණයෙන් (අකණලු=) අක්ෂණාලෝකය (=විදුලිඑලිය) පත යි.
විස්තර:- කම්සුව පතන මිනිසා මහරැ ගනඳුරෙහි දුර්ගත මාර්ගරයෙහි එලියක් නො ගෙණ ගමන් කරයි. මග බලා ගන්නේ විදුලිඑලියෙනි. එහෙයින් තව තවත් විදුලිය කොටාවා යි පත යි. මෙහි විදුලිය දැක්වීමෙන් මහවැස්ස ද මේ බාධාවන්ට එකතු කරති. කාමයෙන් අන්ධ වූවන්ට දුකක් හෝ බියක් නො දැනෙන බව මෙයින් ධිවනිතයි. (කුමාර. 4-11. ඍතුසංහාර. 2-10 සසඳනු)
87 අර්ථ:- පඤෙචන්ද්රිියයන්ට ක්ෂණයක් (=උත්සවයක්) වැනි වූ භවය නමැති සාගරයෙහි සුළියක් වැනි වූ ලොභ නමැති ලතාවට මහත් මුලක් වූ අපායට විවෘත කළ වාරයක් වැනි (අවිඳු)-
විස්තර:- මෙයින් වැනුණේ මී ලඟ ගීයෙහි දැක්වෙන අවිද්යාලවෙහි ලක්ෂණ යි අවිද්යා ව පඤෙචන්ද්රියයයන්ට ක්ෂණයකි. හෙවත් උත්සවයකි. ඉනුද්රි යසුඛානුභාවය මෙහි ක්ෂණ නාමයෙන් ගන්නා ලදී. ඉන්ද්රි යයන් කැමති සේ පිණා යාමට හේතු වන්නේ අවිද්යාදවයි. එහෙයින් අවිද්යාිව පසිඳුරනට සැණයකි. එලොපවාර වශයෙන් අවිද්යාවවෙහි ඵලයක් වූ ‘සැණ’ යන්න හේතුව වූ අවිද්යාලවට ද යෙදින. මුහුදෙහි දියසුළියකට අසු වූවෙක් නො මිදේ. මුහුදු පතුලට ම ඇද දමනු ලැබේ. අවිද්යාදව ද සත්ත්වයන් භවයෙහි පතුලට ඇද දම යි. භවයෙන් නික්මීමට ඉඩ නො දෙයි. එහෙයින් එය බවසයුරේ සළා වැනි ය. ලොභය වනාහි අවිද්යාබව නිසා ම උපදී. එහෙයින් අවිද්යායව ලොභ නමැති වැලට මහත් මුලකි. එසේ ම අවිද්යාෙව නො වේ නම්, අපායෙහි වැටෙන්නෝ නො වෙත්. අපායගාමී සියලු අකුශලකර්මමයන්ට අසහායප්රේත්ය ය වන්නේ අවිද්යාව යි. එහෙයින් එය අපායෙහි දොර වැනි ය.
88 අර්ථ:- අවිද්යා්හෙතුවෙන් (පුන පුනා=) නැවත නැවත, චණ්ඩමාරුතයෙන් (ලැගි=) උල්ලඬඝිත (= උඩට නැගු) පරණලාවක් මෙන්, සත්ත්වතෙමේ කාම රූප අරුපභවයන්හි (හි=) වැටී භ්ර මණය කෙරෙයි.
විස්තර:- ‘අවිඳු’ නම් දුඃඛාදිය තත් වූ පරිදි නො දැනීම යි. සත්ත්වයා සසර හසුරුවන්නේ අවිද්යාඳවයි. ‘පරණලා’ යන්න ‘පුරාණ දල’ යන්නෙන් ආ සේ සලකනු ලැබේ. පැරණිපොත්හි ‘පරඬලා’ යි ද පෙණේ. ‘කම්රුවාරු’ නම් භවත්රැය යි. කාමභවය නම් රූපශබ්දාදිපඤ්චකාමයන් පවත්නා දිව්යබලොකමනුෂ්යරලොක ආදිය යි. රූපභවය නම් රූපය පමණක් පවත්නා බ්රමහ්ම ලොක යි. අරුපභවය නම් රූපය නැති නාමධර්මපයන් පමණක් පවතින ආකාසානඤ්චායතනාදි බ්රිහ්මලොකයි. රූපලෝකයන්හිද පවත්නේ ඉතා සූක්ෂමරූපයකි. ‘ගින්’ යනු ‘ගී’ යන්නට සමාන නිපාතයකි.
89 අර්ථ:- මෙසේ පවසන කල්හි ඒ වීරයා පඤ්චකාමසුඛය (වුහුටු=) දුරු කළ බව මනා සේ හැඟී ගිය නමුත් (ගුරුවෝ=) දෙගුරුහු නැවත මේ අවවාද කළහ. 90 අර්ථ:- කාමාවචර කුශලය පඤ්චකාමවිපාක දෙන්නේ ය. සියලු රාජ්යවශ්රීචයට ගර්හාි කොට නැවත පින් කරන්නේ කිම?
විස්තර:- කුසල් වනාහී කාමාවචර, රූපාවචර, අරූපාවචර ලොකොත්තර යන වශයෙන් සිවුවැදෑරුම්. දානශීලාදිය කරණ අවස්ථාවන්හි උපදනා අලොභාදියෙන් යුක්ත චෙතනා කාමාවචර කුශල නමි. රූපඅරූපධ්යානනචිත්තයන්හි යෙදෙන චෙතනාවෝ රූපාවචර අරූපාවචර කුශල නම් වෙත්. සෝවාන්ආදී මාර්ගන චිත්තයන්හි යෙදෙන චෙතනාවෝ ලොෙකාත්තර කුශල නම් වෙත්. එයින් කාමාවචර කුශලයන්ගෙන් අනුරූප විපාකවශයෙන් රූපාදි පඤ්චකාම සම්පත් ලැබේ. මනුෂ්යවයන් අතර රාජ්ය්ශ්රිෙය ශ්රෙදෂ්ඨය. රජෙකුට පඤ්චකාමසම්පත් අධික ය. ඒ රාජ්යරහ්රීිය කාමාවචර කුශලයක විපාකයකි. එබඳු රාජ්යමශ්රිතයට ගරහා නැවත කාමාවචර කුශලයන් කළත් ලැබෙන්නේ පඤ්චකාමසම්පත් ම ය. පෙර කළ පිණින් ලත් ඵලය දුරු කරතොත් නැවත පින් කරන්නේ කවර හෙයින් ද? එසේ කිරීමෙන් වැඩක් නැත. එහෙයින් ඒ ඵලය අනුභව කරව.
91 අර්ථ:- (දියග=) ජගදග්ර්ය (ලොකශ්රෙ ෂ්ඨය,) චතුස්සඬ්ගහ වස්තුව බොධිසම්භාරයෙහි ම (සඟරා=) සඬ්ග්ර හ වෙයි. රාජ්ය්ශ්රීහයට පැමිණ මුත් අන්යාහෙතුවකින් එය සුලභ නො වේ.
විස්තර:- ‘සිව්සඟරාවත්’ නම් දානප්රිවයවචනාදිය යි. (ධ.ප්රස 36අංශය බලනු) එය බොධිසම්භාරයෙහි ඇතුළත් ය. බොධි නම් වූ සර්වතඥතාඥානය පොෂණය කරණ හෙයින් ද ඊට උපකාර වන හෙයින් ද පාරමිතාවෝ ‘බොධිසම්හාර’ නම් වෙත්. බුදුවන්ට නම් පාරමිතා පිරිය යුතු ය. සිවුසඟරාවත් නො පුරා පාරමිතා පිරිය නො හැකි ය. රජබවට පැමිණීමෙන් මිස අන් ලෙසකින් ඒ සිවුසඟරාවත් පිරීම පහසු නො වේ. එහෙයින් රජසිරි හැරීම බෝසතෙකු වූ තොපට සුදුසු නො වේ. 92 අර්ථ:- නරප්ර වරය, (මෙහි=) මේ රාජවංශයෙහි විනිශ්චය ක්රිසයාවෙන් දශරාජධර්මෙයෙහි හැසිර ස්වර්ගියෙහි පවා එකරාජ්ය භොග (=අන් රජෙකු නැති එක ම රාජ්යවය අනුභව) කළවුන්ගේ ගණනක් නැත. විස්තර:- ‘සගපවගෙකරජ බෝ’ යි පිටපත්හි පෙණේ. “ස්වර්ග්පවර්ග යෙහි එකරාජ්යයභොග අනුභව” යි පැරණි සන්නයෙහි ඊට අර්ථ කියනලදී. ‘අපවග’ නම් නිවණ යි. නිවණෙහි එක රාජභාවය සේ සැලකිය යුත්තේ බුද්ධත්වය යි. මේ කාලය වනතෙක් බුදු වූ කෙනෙක් මේ රාජවංශයෙහි නුවුහු. මිනිස්වෙසින් ම සිට ස්වර්ගනයෙහි ශක්රකසම්පත් අනුභව කළ ‘නහුෂ, මාන්ධාතෘ’ ආදීන් ගැණ නම් මහාභාරතයෙහි සඳහන් වේ. ‘සගපවගෙක’ යන්න ලියන්නන් අතින් වූ වැරැද්දකි.
93 අර්ථ:- (එ තබා=) ඒ හැර (මුලින් කී දෙය තිබිය දී) අපගේ චිරාත්කාලය පැවත ආවා වූ රාජමණිමාලාව සිඳීම ද තමා (=ඔබ) අවවාදයෙන් මිදීම ද, නරවිරය, (තා නො පුස්නේ=) තොපට නුසුදුසු ය.
විස්තර:- තමාගේ ඇවෑමෙන් රජ වීමට සුදුසු දරුවෙකු නැති වූ විට රාජපරමපරාව සිඳේ. 94 අර්ථ:- මුහුදු ඇඳිලි (=එකතු කළ දෙ අත්) බැඳි මුදුනෙන් ඒ වචනයන්ට (පිදී මත්=) පූජා කළා පමණකි. හෙතු දත් මහාසත්ත්ව තෙමේ අහෙතුක වූ (අන් වදන් හා=) අනුන්ගේ වචනත් (ගෙණේ ද=) ගණනට ගණි ද?
විස්තර:- කුසරජ තෙමේ මවුපියන්ගේ වචනය යි ඒ කථාවට ගෞරව කළ නමුත් එය අහෙතුක ය යි ගණනට නො ගත්තේ ය. ‘පිදි’ යන්න ‘පුද’ දයින් සිද්ධ අතීතාඛ්යාිතපදයකි. ‘වදන් හා’ යන්නෙහි ‘හා’ යන නිපාතය ‘ද’ නිපාතයාගේ අර්ථය දෙ යි.
95 අර්ථ:- නැවත (දෙතා=) විගුණ-කොට (එක්වන්=) නිරන්තරයෙන් දෙගුරුවරයන් යාච්ඤා කරත් ම ප්ර තිෂෙධය (නො ලගනේ වී=) නුසුදුසු ය යි කියා (උවසර=) උපචාර (=ආදර සැලකිලි) සිතා සත්ත්වසාර වූ- (අතත්තරපදය හා සම්බන්ධ යි.)
96 අර්ථ:- මහීනන්දන (=රජ) තෙමේ ශිල්පයෙහි (තිමියත=) කෙළෙ පත් ඇදුරෙකු කැඳවා මල නැති කසුන්මුවා රුචිර විලාසිනී (=කාන්තා) රූපයක් කරව යි කී ය.
විස්තර:- ‘නියමිත’ යනු ‘නිමි’ යන කෘදන්තයෙන් ‘අ’ ප්ර්ත්ය-ය ව සිද්ධ ‘නිමිය’ යන දයින් සිද්ධ යි. ‘අ’ ප්රටත්යය සත්තාර්ථයෙහි ය.
97 අර්ථ:- ඒ ආචාර්යයා දිව්යරප්සරාවක මෙන් පෙණෙන කාඤ්චන රූපයක් නිමවා දැඩි සොම්නසින් මහාත්මයාහට ගෙණ ඇර දැක්වී ය.
98 අර්ථ:- ඉතාරතු වූ (ලවනත=) තොල් සැරසූ විසිතුරු වූ විහාසස්මිතයෙන් (=මඳසිනාවෙන්) ප්ර භාසාර වූ සැන්දෑවලාකුළු ලඟ නවසඳකැලුමෙහි ශ්රීනය (=ආකාරය) (පෑ=) ප්රැකාශ කළ (අනන්තරගීය හා සම්බන්ධ යි)
විස්තර:- මෙයින් කීයේ කුසරජු සෑදූ රන්රුවෙහි සමහර ලක්ෂණ යි. ඒ රුවෙහි දෙතොල් සුරත් ය. මඳසිනාරැල්ලකි. එය සන්ධ්යාිවලාහක සමීපයෙහි තිබෙන අභිනවචන්ද්රුලෙඛාවෙහි කැලුම් වැනි ය. තොල් රතු හෙයින් සන්ධ්යාදවලාහක බඳු ය. එහි වැටුනු සිනාරැල්ල සන්ධ්යාහවලාහකයන්හි වැටුනු නවසඳකැලුම් වැනි ය. සිනාව සුදු සේ කවීහු සලකති. ‘සිනෙති’ යනු අප පාඨයකැයි ඇතැම්හු සලකති. එහෙත් පුරාණ ඡෙකප්රසයොගයන්හි එය පෙණේ. සුපාඨ වීමට ඡෙකප්ර යෝග ම ප්ර මාණ ය. මේ රුපය මෙහි ම 291 වැනි ගීයෙහි ද එලුසඳැස්ලකුණෙහි ‘වසත්’, නුපුන්සඳ’ යන විරිත්වලට ගෙණ ඇර දැක්වූ නිදසුන්හි ද යෙදින. මෙය ‘සිනා’ සදින් නො ව ‘හසන’ ශබ්දයෙන් බිඳි ආ ‘සින්’ සදින් සිද්ධ වූවකි. එය දැන් ව්යණවහාරයෙහි නො පෙණේ ‘සිත්’ සදිත් ප්රදථමා එකවචනයෙහි සිද්ධ ‘සිතේ’ යන රූපයක් ද තිබේ.
99 අර්ථ:- (දිසි=) ප්රනකට ව පෙනුණු රූපශ්රී‘ ඇති ශරද්වලාහක අතර විදුලියසිරින් ආශචර්යය වූ ශ්රි)ගර්භසයෙහි (රඳනා=) තිබෙන ස්වකීය හස්තකර්මාන්තය වූ කනකරූපය.
විස්තර:- සරවලාකුළු සුදු ය. මේ සිරිගබ ද සුදු ය. එහි වූ රන්රුව සරවාලා අතර විදුලියක් වැනි ය. ‘ගබ’ යනු කාමරය යි. රජුට අයත් ෙහයින් ‘සිරි’ යන්නෙන් වෙසෙසනු ලැබේ. රජුට අයත් දෙය පවසන නම්වලට මුලින් බොහෝ විට ‘සිරි, මඟුල්’ යන ශබ්ද යොදනු ලැබේ.
100 අර්ථ:- ( ගෙණැ එයි=) ගෙණ එව යි ඒ වීර තෙමේ ශිල්පියා (මෙහෙයී=) යැවී ය. හේ තෙමේ ශ්රීිගර්භියට ගොස් රූපසාර වූ ඒ රූපය දැක (අද-) අවුත් විස්මය සහිත චිත්තයෙන් මෙය කී ය.