කව්සිළුමිණ-කව්සිළුමිණ-ix

251 අර්ථ:- සිවුරඟසෙනගෙහි (සකොබින්) සංක්ෂොභ (=කලබල) යෙන් උද්දූත වූ (= ඉගුළුනු) ඒ නගරය (යා ගත්හෝ=) ගමන් ගත්තේ දෝ හෝ! (නො වත=) එසේ නො වත් හොත් යුගාන්ත මාරුතයෙන් ඝර්ෂ(ණය (=ගැසුම්-පහර) කෑ සලිලාකරය (මුහුද) දෝ හෝ.

විස්තර:- රජු හා ගමන් ගත් සෙනඟ බොහෝ ය. ඒ සෙනඟෙහි කලබලය ඉතා මහත් ය. එහෙයින් එය දුටුවෙකු හඟින පරිදි අප මහා කවීශ්වරයෝ දකිති. මේ ගමන් කරන්නේ සෙනගෙහි සකොබින් ඉගිළී ගිය කුශාවතීනගරය දෝ හෝ? නැත් නම් යුගාන්තවාතයෙන් පහරණ ලද සාගරය දෝ හෝ යි බැලූවන්ට සිතේ. කල්පාන්තවාතයෙන් ගස් කෑ සයුර වෙරල ඉක්මවා ගොඩබිම යට කරමින් ය යි.

252 අර්ථ:- එ නිරිඳු චිරාත්කාලයක් පැවැත ආ තමාගේ (කල්=) කාන්ත වූ මහීකාන්තාව සතුටු කරමින් මෙන් මොළොක් වූ පතුල් නැමති තාමරසයන්ගේ (පහසසිරි=) ස්පර්ශුසම්පත්තිය දෙමින්-

253 අර්ථ:- (උර=) වක්ෂඃස්ථල (=ලපැත්ත) නමැති ස්වර්ණමපර්වමත නිතම්බ මණ්ඩලයෙන් මහාවාරය සරහා සිට, සුරෙන්ද්රතයා ඓරාවණ-හස්තිස්කන්ධය (වෙසෙසන්නාක්) මෙන්, (රුකුළ=) එළවූ ඇතුගේ කඳ විශිෂ්ට (=උතුම්) කෙළේ ය. (ඇතු පිට හිඳ ගත්තේ ය.)

විස්තර:- රජ නුවර මහාවාරය තෙක් පයින් ගමන් කෙළේ ය. එසේ කෙළේ තමාගේ පරම්පරායාත මහීකාන්තාව සියපතුල්තඹරන්හි පහස දීමෙන් සතුටු කරන්නට මෙනි. මහාවාරයා ලඟ දී හස්තිස්කන්ධාරූඨ වී ය. ‘වෙසෙසි’ යනු “වෙසෙස” ධාතුවෙන් සිද්ධ අතීතඛ්යා තපදයි. අන්යවයන් නො ව රජු හිඳීමෙන් ම ඇත්කඳ විශීෂ්ට වෙ ය‍ි. “රුකුළ” යනු ‘රුකුරු’ දයින් සිද්ධයි. ඒ ධාතුව කරණාර්ථයෙහි ප්රයසිද්ධ නමුදු මෙහි ආතයනාර්ථයෙහි යෙදින. ආරම්භාර්ථයෙහි ද එය යෙදේ. (පඪපෙසුං-රුකුළෝ. ධ. ගැල 90-9)

254 අර්ථ:- (එ ඉඳු=) ඒ ඉන්ද්ර.යා (=ප්රහධානයා) මහාවීථිපාර්ශවයෙහි කාන්තාවන්ගේ බැලුම් නමැති ජාලාකුලයෙහි (වත=) වන කල්හි සිවුරඟසෙන‍ඟෙහි සැදීමෙන් ඒ පුරය (යුගසිඳු) කල්පාන්තසාගරයාගේ සංක්ෂොභය (නො දිහි=) දුරු නො කෙළේ ය.

විස්තර:- මහදොරින් ඇතුළත රජමැදුර පිහිටි භූමිය යි. එහෙයින් රජතුමා සාමාන්යො පුරවැසියන්ට දක්නට ලැබෙන්නේ මහදොරින් පිට වූ විට ය. රජු දැක ගන්නා පිණිස එදා කාන්තාවෝ රජ මාවත දෙපස රැස් ව වුන්හ. දෙපස සිටින කතුන්ගේ බැලුම් එකිනෙක විනිවිද ගොස් දැලක් මෙන් වී ය. රජතුමා ඒ බැලුම් නමැති දැල්අවුලෙහි වන විට ම - ජනසමූහයාට පෙණෙන්ට වූ විට ම සිවුරඟසෙනඟ ගමනට සැරසෙන්න්ට වූහ. මහත් සමූහයක් ගමනට සැරසෙනවිට වන කලබලය මහත් ය. එහෙයින් එදා ඒ පුරය යුගාන්තයෙහි සමුද්රවය මෙන් මහත් සේ කැලඹුනේ ය. කල්පාන්තයෙහි ඇති වන වාතයෙන් සමුද්රතය අතිශයින් කැලඹේ.

255 අර්ථ:- එ නරනිඳු නන්දනොද්යා නයට යන සහස්රාුක්ෂිහු (හරණෙන්=) මෙන් මහාවීථිය (පිය=) හැර (=ගෙවා) බහිර්වාරයෙහි දී උයන්විල්හි මන්දමාරුතය ලද්දේ ය.

විස්තර:- රජතෙමේ මහාවිථීය ගෙවා පිටත දොරටුව වෙත පත් වී ය. එහි දී උයන්විල්හි හැපී හමන සිහිල් සුවඳ මඳසුළඟ ලැබී ය. ගෘහාකිණී නලරයෙහි දී එබඳු සුළඟ සුලභ නො වේ.

256 අර්ථ:- (සඳනඅලෙව් එව්=) චන්දනාලෙප මෙන් ගඟල්හැලි ය. ඝනච්ඡායාය යන මොවුන්ගේ සිහිල සමඟ මල් ය, කොළ ය, ලතාමණ්ඩපය යන මොවුන්ගේ ශ්රීොය විඳ සගල්පුරයට (අබියෙස්=) සමීප වි ය.

විස්තර:- ‘ගනසේ’ යන්න ‘ගනසා’ යි ගෙණ “ඝනච්ඡායා” යි පැරණිසන්නය අර්ථ කිය යි. ‘ගනසා’ යන්නෙහි අර්ථය එය නො ව ‘ඝනශාඛා’ යන්න ය.

257 අර්ථ:- මදුරජතෙමේ සිවුරඟසෙනඟ සහිත වූ (සියකැන්=) ස්වකීය (=බන්ධු) සමූහයා හා මුහුද මෙන් (හිරුගොත්=) සූර්යයවංශයෙහි වූ (ඔකාවස්) නරනිඳු නමැති (ඉඳු=) චන්ද්රවයා වැජඹීමෙන් (වැඩි=) උද්දාම වී ය. (=ඔද වැඩුනේ ය.) නොහොත් ප්රඹත්යුිද්ගමනය (=පෙර ගමන්) කෙළේ ය.

විස්තර:- සඳ වැජඹෙන විට මුහුද ඔද වැඩෙ යි. සඳ දෙසට දිය ඇදී ය යි. එය මුහුද සඳට පෙරගමන් කිරීමක් වැනි ය. ඔකාවස් නිරිඳු නමැති ඉඳු වැජඹමෙන් මදුරජ ද වැඩියේය. ‘වැඩි’ යන්නෙන් “වැඩුනේ ය, ගමන් කෙළේ ය” යන අර්ථ දෙකක් ලැබේ. (රඝු 5-61)

258 අර්ථ:- (වරද=) යුවරාජ රාජාමාත්යද සමූහයා නැමි (ඒ ඔකාවස් රජු) නැමැඳ උඩට නැඟීමෙන් ඒ රජහුගේ දර්ශානය නමැති ජලනිධියෙහි තරඬ්ගපඬ්ක්තියෙහි (රඟ=) ආකාරය (පෑ එව්=) දැක්වූහ යි සිතමි.

විස්තර:- මේ රජුගේ දර්ශඟනය ජලනිධියකි. එහි රළපෙළක් නැත. එහෙත් ඒ ඌනත්වය පසිඳ ලන්නට මෙන් යුවරාජාදීහු ඉදිරිපත් වූහ. ඔහු ඔකාවස් රජු වැඳ වැඳ නැඟී සිටියහ. එය මුහුදෙහි රැළබිඳුම වැනි ය.

259 අර්ථ:- අශ්වයන්ගේ කුරින් සිඳුනු රජස් එකෙණෙහි සිවු රඟසෙනඟ වසන කල්හි ගජන්ගේ කන්තලින් (දා=) උපන් (නෙලෙ=) වාතය තෙමේ ද නොලස් (නො පමා) ව ම (බිජී=) පැවැත්තේ ය.

විස්තර:- ඒ සෙනඟෙහි අස්සු ඉතා බොහෝ වූහ. උන්ගේ කුර ගැටුමෙන් නැඟුනු ධූලි සෙනඟ වසන්නට තරම් අධික වි ය. ධූලි එය කරන්නට සැරසෙන විට ම මහත් බාධාවක් ඉදිරිපත් වි ය. එනම් වාතය යි. එහි ඇත්තු ද අපමණ වූහ. උන්ගේ කන්පෙති ගැසීමෙන් වූ වාතය එ ම ධූලි ඈතට ගසා දැමී ය. ‘තලදා’ යන්නෙහි ‘දා’ යන්න ‘ජාත’ යන්නෙන් එ යි.

260 අර්ථ:- චක්රෙවර්තිරත්නය පිණිස යුගන්ධර (මලය=) පර්වඑතයට පූර්ණලභද්ර යා (පිවිසුනු) විලසින් ඒ රජතෙමේ ප්ර=භාවතී නමැති චින්තාමාණික්යභය හෙතු කොට (=පිණිස) නගරයට පිවිසියේ ය.

විස්තර:- සක්විතිරජුන්ගේ පරිභොගයට සුදුසු රුවන ‘සක්විතිරුවන’ නමි. ‘පුණුබඳ’ යනු පූර්ණතක නම් යක්ෂ සෙනාධිපතියා යි. ‘පූර්ණ භද්රු’ යි බුත්සරණෙහි (169 පිට) ද යෙදුනේ ය. විධුරජාතකයෙහි කී පරිදි නම් පූර්ණණකයා චක්රවවර්තී රත්නය සඳහා පිවිසියේ යුගදුරට නො ව ‘වෙපුල්ල’ නම් පවර්‍තයට යි. එය රජගහනුවර අසල පිහිටි කුඩා කඳුගැටයකි. යුගන්ධරය වනාහී කුලපර්වරතයන්ගෙන් එකකි. (බු. ස78 අංශය)

261- 262 අර්ථ:- (හිවි=) ගැවසුනු පොල්මල් සහිත කලස් ඇති (පිවිතුරු=) කුශතෘණයෙන් අලඬ්කෘත (හෙම්කළ=) රන්මුවා ඝට ඇති (සමෝරඹ=) මුවසහිත කෙසෙල්ගස් හා තැඹිලිතොරණ ද ඇති නවමාලිකා (=ඉද්දමල්වැල්) සියගණනින් රඤ්ජමාන වූ (=අලඬ්කාර වන) (ලඹ=) එල්බෙන කන්මල් ඇති (සරා) ප්රතභාසහිත වෛඩූර්යය මණිමය ශෘඬ්ගසහිත (සෙවෙනි=) පියසි ඇති දීප්තිමත් මුතුවැල් බබලන (මහලට=) ප්රා=සාදයට එ රජතෙමේ පිවිසියේ ය.

විස්තර:- මේ ගී දෙකින් එදා රජමැඳුර සැරසුනු පරිදි වර්ණිත ය. එහි පොල්මල් දැමූ පුන්කලස් ද කුසතණ සහිත රන්කළ ද වී ය. මුහ සහිත කෙසෙල්ගස් හා තැඹිලි එල්ලා කළ තොරණ ද මග තැනින් තැන වී ය. සිය ගණන් ඉද්දමල්වැල් රැඳුනේ ය. එල්බෙන කන්මල් ද වෙරළුමිණිමුවා ‍කොත් සහිත පියසි ද බැබලින. මුතුවැල් එල්ලුනේ ය. ‘පුලුප්’ යනු ‘පුලු පුප්’ යන්නෙන් සිද්ධ ය. ‘පුලු’ යනු පොල් ය. ‘මී පුප්’ යන්න ‘මීප්’ යි වන්නාක් මෙන් ‘පුලු පුප්’ යන්න පුලුප්’යි වේ. ‘පිවිතුරු’ යන්න ‘පවිත්ර ’ යන්නෙන් එයි. එය මෙහි කුශතෘණවාචී ය. පැරණිසන්නයෙහි මේ අර්ථය නුදුන් නමුත් “රත්කළ සපිවිතුරු” (කා.ශෙ 6-15) යන්න ලියූ සිරිරහල්හිමියෝ එය දුටහ. යාගහොමාදි ක්රිෙයාවන්හි දී කුශතෘණ ගණු ලැබේ. ලදපස්මල් අතර කුසතණ ද එකකි. ‘සමෝ’ යනු ‘සමුව’ යන්නෙන් සිද්ධ වේ. තැඹිලි ද ඒ සැරසිල්ලට යෙදුනු බව කියතත් සගල්පුර පෙදෙසෙහි තැඹිලි ඇති බවක් අප්ර සිද්ධ ය. තැඹිලිගස ලක්දිවටම අයත් සේ සැලකිය හැකි ය. මේ දවසෙහි පමණක් නො ව මීට පසු දවස් හි ද සගල්පුරෙහි සැරසුම්වලට තැඹිලි ගත්බව මේ කවෙහිම (748 ගීය) සඳහන් වන බැවින් මෙය කවීහුගේ ම යෙදුමකැ යි හැ‍ඟෙන හෙයින් වෙනස් නො කෙළෙමු ‘කන්මල්’ යනු කොන් සතරෙහි එල්ලනලද මාලා යි. ඒ කිකිණියෙන් ද යුක්ත ය. කණෙහි පලඳින තෝඩු වැනි කොට ගොක්කොළ ආදියෙන් කළ වැල් කන්මල් නමැයි ද කියති. සිරිරහල්හිමියන් “සුසැදි රන්පාලිකා විසිතුරු” (කා ශෙ. 6-15) යන්නෙහි කර්ණාතභරණ වාචි “රන්පාලිකා” සද යෙදූයේ කන්මල් සඳහා ය යි හැ‍ඟේ. ‘වැණි’ යනු 117 වැනි ගීයට ලියූ දෙයින් දත හැකි ය. සිරිරහල් හිමියෝ මේ පැරණි රජමහලින් ම බොහෝ උපකරණ ගෙණ සෙනකබෝසතුන්ගේ මඟුල්හල සාදවති. (කා. ශෙ 6-14, 15)

263 අර්ථ:- තන්හි තන්හි සිඳෙමින් (=නවතමින්) පවත්නා වූ (ග‍ඳෙවු=) ගන්ධර්වෙයෙහි (=ගායනවාදනයන්හි) ලයයට අනුගත වූ රුචිරාංග ඇති වරංගනාවන්ගේ (රඟ) නෘත්යවය නරවරාගේ මනස (රැඳවී=) සතුටු කෙළේ ය.

විස්තර:- මේ වරඟනන්ගේ රඟ සන්ධිස්ථානයන්හි සිඳුනේ ය. හෙවත් නැවැත්නේ ය. ගීතයට හා වාදිතයට ගන්නා කාලය පමණට නිළියන්ගේ අත්පාආදී අවයව ද දැමුනේ ය. (=නැටවුනේය) ලය අනු වන්නේ ගැයුම්, වැයුම්, නැටුම් (=අත් පා ආදී අවයව බැහුම්) යන තුණට යෙදෙන කාලය එකිනෙකට සම වූ විට ය.

264 අර්ථ:- (දෙතා වැ=) විත්ව (=දෙගුණ) ව (ඇතා තුටු=) අභ්යරන්තරයෙන් සන්තුෂ්ට වූ (කැතා ඉඳු=) ක්ෂත්රිුයෙන්ද්ර යා සෙනඟින් යුත් ව කත (=පබවත) පතා ඒ පුරයට (පතා වත=) සම්ප්රා ප්ත වස්තුව (ආවා වූ සග=) ආවා වූ සර්ගකය.

පස්වැනියි

පඤ්චම සර්ගතයෙහි ව්යාුඛ්යා ව නිමි.


6. සර්ගගය

265 අර්ථ:- එකල්හි (සැර=) බොහෝ කාලයක් දීර්ඝතමාර්ග යෙහි (සැරැ=) ගමන් කොට (ඔබල=) දුර්වකල වූ කල්ය් (=මනොඥ) (කල්නට=) කාන්තාවන්ට මොළොක් වූ (සැර=) සිත පාමින් මෙන් දිවාකර තෙමේ අසුත පර්වාතය භජනය කෙළේ ය.

විස්තර:- රජපිරිසෙහි මනොඥ කාන්තාවෝ බොහෝ කාලයක් දීර්ඝ:මාර්ගෙයෙහි සඤ්චාරය කිරීමෙන් දුර්වපල වූහ. සූර්යයා ඔවුන් දැක ඔවුන්ට මෘදු චිත්තය (= කරුණාව) දක්වමින් මෙන් බැස ගියේ ය. ‘සැර’ සද චිත්තයෙහි ද වැටේ. (රුවන් 93)

266 අර්ථ:- කොමල (=මොළොක්) වූ පවන්තෙමේ නොයෙක් ලතාගුල්මයන්හි (=වැල්ගොමුවල) ලීලොපෙත වූ (කිසල්පෙළ=) කිසලය (=දළු) පඬ්ක්ති මඳක් පරිමාර්ජනය (=ස්පර්ශෙ) කොට මකරන්දයෙහි රැඳී (=මල්පැණි තැවරී) කොකිලනාදය ඇද ගෙණ හැමී ය.

විස්තර:- මෙයින් සන්ධ්යාවකාලවාතය වර්ණිත යි. වාතය මන්ද ය. කිසල් පිරිමැදීමෙන් සිහිල් වෙ යි. මුවරඳ රැඳීමෙන් සුගන්ධ වෙ යි. කොවුල්සර ඇදීමෙන් මනහර වෙ යි. මන පිණවීමට වාතයෙහි ඇතිවිය යුතු සෞරභ්යද, ශෛත්ය , මාන්ද්යය යන අඬ්ග සියල්ල මේ වාතයෙහි සම්පූර්ණද ය. ‘හමළ’ යනු ‘හමර’ දයින් සිද්ධ ආඛ්යාිතපද යි. ‘හමළෙ’ යනු ද නිවරද ය. (මුවදෙව්දා 90 සසඳනු)

267 අර්ථ:- (වෙළෙපැ=) විටපයෙහි (=අත්තෙහි) ලගින මොනර සමූහයා තුඩු (=හොට) තුරුහි පිරිමැද පවනින් ඇරඹුණු පිල්කලබ ඍජු කර කෙකානාදය ගත්තේ ය. (=නැඟුනේ ය.)

විස්තර:- සන්ධ්යා=කාලයෙහි මොනරු ගස්හි අතු මතට නඟිති. එහි ලැග රැය ගෙවනු සඳහා ය. ඔහු නිදන්නට මත්තෙන් ගස්හි හොට උලති. පිල්කලබ ඍජු කොට රැව් දෙති. මොනරහඬ ‘කෙකා’ නමි. 268 අර්ථ:- රවි නැමැති (කල්හු=) වල්ලභයා යන කල්හි හංසාවලිය නමැති මෙඛලාව (හළ=) දුරු කළ විල් නමැති කාන්තාතොමෝ පියුම්හි (දඟ=) බැඳුනු භෘඬ්ගයන්ගේ රාවයෙන් (වන=) විරහශොකය කරණ කොට (ගුගුරා=) හඬන්නියක මෙනි.

විස්තර:- පියුම් සරසීන්ට (=විල්වලට) අබරණ ය. සූර්යයා ඒ අබරණ දෙ යි. එහෙයින් හිරු සරසීන්ගේ ස්වාමියා යි සැලකේ. සූර්යයාගේ වියොගය සූර්යභාර්යාවන්ගේ දාඪශොකයට හෙතු ය. හිමියාට විපත් පැමිණි විට බිරියෝ අබරණ මුදති. හඬති. විල්කල්හු ද සූර්යයාගේ අස්තංගමය දැක ශෝකී ව මෙවුල ගැලවූහ. ඔවුන්ගේ මෙවුල නම් හසවැල යි. සන්ධ්යාැකාලයෙහි හංසයන් විල් හැර ගියහ යි කී සේ යි. එපමණක් නො ව ඒ විල් කල්හු හඬන්නියන් වැනි වූහ. කුමකින් ද? පියුම්හි දඟ වූ බිඟුන්ගේ නදිනි. සන්ධ්යරවෙහි පියුම් හැකිළෙ යි. පියුම්මී බොමින් ප්ර්මත්තව සිටින බිඟුහු ද ඊට හිර වෙති. මී බී අවසන්හි එයින් පිටව යන්ට උත්සාහ කිරීමෙහි දී පියාපතින් හඬ නඟති. එය විල්කතුන්ගේ හැඬුම වැනි ය. ‘ගුගුරා මෙන්’ යන තන්හි “ගුගුරා” යන්න අඛ්යා තයෙකි. වර්තෙමාන ව්යයවහාරයෙහි ආඛ්යා තපදයන්ගෙන් පර ව ‘මෙන්’ ආදී නිපාත නො යෙදෙන හෙයින් ඊට කෘදන්තපදයකින් අර්ථ කියන ලදී.

269 අර්ථ:- දිවාකරයාගේ රශ්මියට බියෙන් පලා ගේස් ගාත්රන ග්රථහණය කළ අන්ධකාරරාශිය ගායනා කළ ගී වැනි ව, (සමත්=) සියලු පෙදෙස්වලින් ආවා වූ (සමත්=) කොවුලන්ගේ (සර=) නාදය (සිරි=) හැසිරිණි.

විස්තර:- සන්ධ්යායවෙහි කෝකිලනාදය වෙයි. එය උදය හිරුරැසට බියෙන් පලාගොස් ශරීරභාවයට පත් වූ අඳුරුගුළි සියසතුරා වූ හිරුට වන විනාශය දැ ප්රීතතියෙන් ගයන ගී වැනි ය. කොවුලෝ කළු හෙයින් කැටි වූ අඳුර වැනි ය.කොවුලෝ කළු හෙයින් කැටි වූ අඳුර වැනි ය. ‘සමත්’ යනු කොවුලන්ට ද නමකි. ‘සිරි’ යනු ‘සර’ දයින් සිද්ධ අතීතාඛ්යාඅත යි.

270 අර්ථ:- සන්ධ්යාු නමැති අංගාර (අඟුරු=) ඇති චක්රායවාට නමැති සරාවයෙහි (=කොරහෙහි) බබලන රිවි නමැති මැණික පැතුරුණා වූ රශ්මි නමැති නළ (බටලී) සියගණනින් (දසන්=) දිශාවන් විසින් (අගවර=) අග්නිවාර (ගිනියම්) කිරීමෙන්-

271 අර්ථ:- දීප්තිමත් වන විට ජලනිධි නමැති මහත් සුමුඟ (=හෙප්පුව) තුළ නිධාන කර රක්නා පිණිස නිශාකාන්තා තොමෝ තමස (=අඳුර) නමැති පියන දුන්නාක් මෙනි.

විස්තර:- සක්වළ කොරහකි. එහි සන්ධ්යානවලාහක නමැති අඟුරු වෙයි. දිශාවෝ හිරැ නමැති මැණික ඒ අඟුරෙහි දමා පැතුරුණු රශ්මි නමැති නළවලින් පිඹ රත් කෙරෙති. එයින් ඒ මැණික දීප්තිමත් වෙයි. රාත්රිැය නමැති කාන්තාව එය දැක රකිනු පිණිස සමුද්රම නමැති සමුද්ගයෙහි තැන්පත්කර අන්ධකාර නමැති පියනින් වැසුවා වැනි ය. “ඉර මුහුදට බටී. අඳුර පැතිරිණ” යනු කී අයුරු යි. දීප්තිමතු කරණු සඳහා මැණික් රත් කරණ බව සද්ධර්මතරත්නාවලියෙහි මණිකාරකුලුපග වත්ථුවෙන් හා බුත්සරණෙහි 246, 298 වන අංශයන්ගෙන් ද තිසරසඳෙස්හි 89 වන කවෙන් ද ඔප්පු වේ.

272 අර්ථ:- අහසෙහි අන්ධකාරරාශිය විසින් අනුබද්ධ වූ සන්ධ්යාස කාන්තිසමූහය නිශාකාන්නාව විසින් පැලඳි (පුල්=) පිපුනු කඬුපුලක් විලසින් (දිසිනි=) පෙණිනි.

විස්තර:- අන්ධකාරය අනුව බැඳුනු (= අඳුර එක්ක ම තිබෙන) සන්ධ්යා කාන්තිය රාත්රි ය නමැති කාන්තාව විසින් පැලඳි කඬුපුල්මලක් වැනි ය. අඳුර කළු ද සඳකැලුම් මඳකසාවන් ද වෙයි. අඳුර අනුබඳ සඳකැලුම් කඬුපුල්මලක් වැනි ය යන උපමාවෙන් කඬුපුල්ම‍ලෙහි කෘෂ්ණවර්ණ්භාගයක් හා ඒ එක් ව ම මඳකසාවන් තීරයක් ද තිබෙන බව හැ‍ඟේ. කඬුපුල් වනාහි නාලොව මිස මිනිස්ලොව නැත.


273 අර්ථ:- සූර්යයා නො දැක්මෙන් සන්ධ්යු(කාන්ති) නමැති (අග=) අග්නියට වදින්නා වූ දිවා (=දවස) නමැති කාන්තාව විසින් සිඳ විසුරුවා හරිණ ලද මුත්හර සේ ග්ර හතඃරකාරාශිය නහස්තලයෙහි පෙණින.

විස්තර:- දිවා කාලය කාන්තාවක ලෙස ද, සූර්යයා ඇගේ වල්ලභයා ලෙස ද කවීහු සලකති. සූර්යයා අස්තයට යාමෙන් දිවාකාන්තාව දුඃඛිත ව ගින්නට වදින්නට සැරසෙයි ගින්න නම් සන්ධ්යා්කාන්තිය යි. දුඃඛිත වූ අඟනෝ අබරණ ගලවා දමති. ගින්නට පනින්නට සැරසෙන දිවාකාන්තාව මුතුහරගලවා දමනවිට මුතුඇට විසිර ගියේ නම්, අහසෙහි පෙණුනු තරු එබඳු ය.

274 අර්ථ:- නිර්ම්ල වූ ආකාශ නමැති විල සැරහූ අන්ධකාරරාශි නමැති සෙවෙල් (බිඳුමට=) කෑමට (කර=) රශ්මිය නොහොත් කණ්ඨය (=බෙල්ල) නැඟූ (=එසෙවූ) රාජහංසයෙකු (ගී=) මෙන් ශරච්චන්ද්රලයා නොහොත් ප්රතභා සහිත චන්ද්රියා මඳින් මඳ පෙණින. විස්තර:- (පරෙවි 108 බලනු)

275 අර්ථ:- නිශාකර (=චන්ද්රන) තෙමේ කුමුදු සමඟ (වනත්=) වියෝගීන්ගේ සිත් දැදුරු කරැ (=බිඳ) (ඔවුන්ගේ) ධෛර්යය සමග (තම=) අඳුර බොමින් සමුද්රඳයෙහි ඔජස සමඟ (වියෝගීන්ගේ) දුක් ද වැඩි ය.

විස්තර:- සඳ නැංගේ ය. කුමුදු මිණි දැදිරි වී ය. ඒ මඟ විරහීන්ගේ සිත් රාගයෙන් දැදුරු වී ය. ඔවුන්ගේ ධෛර්යය හා අන්ධකාරය ද නැති වී ය. මුහුද ඔද වැඩින. විරහීන්ගේ දුක් ද දියුණු වී ය. ස්වාභාවයෙන් වන දෙය චන්ද්රුයාගේ ක්රිනයා ලෙස මෙහි දැක්වින. සඳ කුමුදු පොබයයි යනු කවිසමය යි. සන්ධ්යාුවෙහි එය නිසර්ගනයෙන් ම සිදු වේ. සඳරැසින් රාගය වැඩෙයි. වනන්හට හෙවත් පුරුෂයන්ගෙන් වෙන් වූ ස්ත්රිපන්ට ද භාර්යාවන්ගෙන් වෙන් වූ පුරුෂයන්ට ද ඒ රාගය ශමනය කිරීමට ක්රයමයක් නැත. එහෙයින් ඔවුන්ගේ සිත් බි‍ඳෙ යි. එයින් ධෛර්යය වැනසෙයි. සඳරැස් පැතිරෙණ විට අඳුර නැති වේ. සඳ නිසා මුහුදෙහි වඩදිය ඇති වේ. විරහීන්ගේ දුක් ද වැඩේ. එහෙයින් ඒ සියල්ල සඳුගේ ක්රිනයා ලෙස සැලකීම යුතු ය. සිරිරහල්මාහිමියෝ ද නිසයුරු අඳුරු බොනු දුටහ. (පරෙවි 1344)

276 අර්ථ:- විජෘම්හිත වූ (සිසිපාගෙල්=) නොහොත් රශ්මියෙන් පහර ලැබ බියෙන් වැදුනාක් වැනි වූ තමොරාශිය චක්රලවාකයුගලයන්ගේ සිතෙහි දාඪ ශොකාකාරයෙන් පිරුණේ ය.

විස්තර:- සිසිපා වැජඹෙන්නට වන. එයින් පහර ලැබූ අඳුර බිය ව සැඟවෙන්නට තැන් සෙවී ය. සක්වාලිහිණියන්ගේ සිතට වැදුනාක් මෙන් වී ය. එසේ වූ නමුත් එහි පිරුණේ වෙස් වළහා දළසෝ ලෙසිනි. ‘චක්ර.වාක’ යනු ජලචර පක්ෂි විශෙයකි. ඔහු දාවල්හි යුගල යුගල ව ප්රී‘තියෙන් හැසිර රාත්රිපයෙහි වෙන් ව වෙසෙති. ඒ වෙන්වීම ඔවුන්ගේ දාඪශොකයට හෙතුවකි. ඒ ශොකය චනුද්රිපාද ප්රෙහාරය ලැබ බියපත් ව සැඟවී සිටීමට එහි වැදුනු අන්ධකාරය වැනි ය. 277 අර්ථ:-සුපූර්ණි චන්ර්ට මරිචිය දිගැතුන්ට චාමර මෙන් ව ද, දිශා නමැති අංගනාවන්ට නිකමල් මෙන් ව ද, මහීකාන්තාවට ධවලාංගරාග මෙන් ව ද, වැජඹුනේ ය.

විස්තර:- ඇත්ක‍ඳෙහි සෙමෙර බඳිති. සඳරැස් දිගැතුන්ගේ ක‍ඳෙහි සෙමෙර වැනි ය. අඟනෝ නිකමල් මුතුහර මෙන් කොට පලඳිති. සඳරැස් දිශාංගනාවන්ගේ සිඳුවර වැනි ය. එසේ ම මිහිකතගේ ඇඟ ගෑ සුදුවිලෙවුන් වැනි ය.

278 අර්ථ:- මධු (=මද්ය.) ද, පඬුරු (=තෑගි) ද, පුෂ්පදාම ද, නො හොත් (පඬුරුමල්දම්=) පාණ්ඩර (=සුදු) හෝ හෙලපියුම් මල්දම් ද, කපුරු ද, මුක්තාහර ද, චන්දනාංගරාග ද ක්රී ඩාකාලය හඟවමින් (මදදූන්=) කාමදූතයන් මෙන් එ පුරවරයෙහි ඇවිද්දේ ය.

විස්තර:- සන්ධ්යානකාලයෙහි ඒ නගරයෙහි අධික ව පෙණෙන දෙය මෙයින් දක්වන ලදී. මධු ආදීහු කාමොත්පාදකයහ. එහෙයින් කාමදූතයන් වැනි වෙත්. ඒ ඔබ මොබ ගෙණ යනු දුටුවිට කෙළී කල්බව හැඟේ. ‘පඬුරු’ සද ප්රායභෘත, ශ්වෙත, පුණ්ඩරීක (=හෙළ පියුම්) යන අර්ථ දෙයි.

279 අර්ථ:- පුරප්රි යාවෝ මාලතීමාලාදාම ය, සුදු වූ විලෙවුන් තැවරුම ය, මුතුහර ය, (අඹරින්=) වස්ත්රූ ය යන මේ කරණ කොට ගෙණ ශරච්චන්ද්ර රශ්මිය විසින් (ගත්ගත් ගී=) ගන්නාලද ශරීර මෙන් දර්පිත වූහ.

විස්තර:- ශුභවර්ණි වූ මාලතී මාලාදියෙන් සැරසුනු ඒ පුරයෙහි ප්රිතයාවෝ මූර්තශතිමත් වූ (=ශරිරබවට පැමිණි) සරාසඳරැස් වැනි වූහ. මාලතී මාලාදියෙන් සැරසුනු ප්රි්යාවන් චන්ද්ර කාන්ති‍ෙයන් වෙන් කොට දැක්ක නො හැකි බව දණ්ඩීහු ද කීහ. (කාව්යලදර්ශැ 2-215 සි. ල. 1-227) ‘මලිගිය මල්’ යනු ඉද්දමලින් කළ මාලායි.

280 අර්ථ:- (කෙනකන=) සමහර (කාන්තා) කෙනෙකුන් ගී ගයමින් (පෙ‍ඳෙ=) පන්දුව නඟමින් නැමෙන කල්හි පියොවුරු (ලඟා=) ලඟට ආවා වූ වුවන (අසමඟ=) අසම වූ හෙවත් වෙනස් වු අංග ඇති පියුම් තුණක් වැනි ය.

විස්තර:- පියුමෙහි අග නම පත්වැටියයි. එය විහිදුනා වූ ද නොවිහිදුනා වූ ද පියුම් අසම වූ අඟ ඇත්තේ නම් වේ. පත්වැටිය විහිද සිටින්නේ පුබුදු පියුමයි. නො විහිද සිටින්නේ පියුම් කැකුළයි. මෙනුවර සමහර අඟනෝ ගී ගයමින් පන්දු ගසති. බිම වැටුනු පන්දුව ගැණීමට නැමෙන විට ඔවුන්ගේ මුහුණු පියොවුරු ලඟට එයි. ඒ තුණ එක් වූ විට පුබුදු නුපුබුදු පියුම් තුණක් මෙන් පෙණේ. පුබුදු පියුම වැනි වන්නේ මුහුණ යි. නුපුබුදුපියුම් වැනි වන්නේ පියොවුරු යි. මුහුණ හා පියොවුරු පුල්පියුම් හා පියුම් කැකුළු ද වැනි වන බව කොකිල සන්දෙශය (116 කව) කියයි. ‘ලඟාය, අසමඟාය’ යන දෙතැන්හි ම එළිසම සිවුපදයන්ට ම අයත්ය යි සැලකෙත ‘ය, ආය යන තිරර්ථක ආගමයෝ පෙණෙත්. එළි සම කිරීමක් නැත ද බෙඳු අකුරු අන් තන්හි ද ආගම කට හැකි බවට මේ ද නිදසුනකි.

281 අර්ථ:- ස්වර්ණඅමය වූ මිණි ය, ඉකිළි ය, කළ ය, අතල ය, පැණ ය, ඉක්තැත් ය, ටැඹ ය යන මේ භාජන ඇති ආපනශාලාව පෙණ උතුරා ගිය උත්තර සාගරයෙහි ආකාරය ඉසිලී ය.

විස්තර:- ‘මිණි’ නම් මහසැළි යි. පාලි ‘මණික’ ශබ්දයෙන් එයි. ‘ඉකිළි’ යනු රුවන්මලෙහි (373 ගීය) සාමාන්ය යෙන් භාජනපර්යාය කොට දක්වන ලදී. එහෙත් කඬ්ඛාවිතාරණ පිටපොතෙහි (112 පිට) ‘කටාහ’ යන්නට ‘ඉකිළි’ යි අර්ථ දෙන ලදී. ‘කටාහ’ යනු කල්දෙරම් ය. ‘අතල’ යනු පස්නැළියක් දිය ගන්නා භාජනයකැයි කඬ්ඛාවිතාරණ පිටපොතෙහි (106 පිට) කියන ලදී. ‘පැණ’ යනු ඝටපර්යාය කොට රුවන්මලෙහි (373 ගීය) දකුවන ලදී. එය ‘භාණක’ ශබ්දයෙන් බිඳුනකැයි ගණිතොත් ‘මහහැළිවසෙසක්’ යන අර්ථය ලැබිය හැකි ය. ‘ඉක්තැන්’ යනු උපකාරභාජනයන්ට නමි. රුවන්මලෙහි ‘ඉන්තැන්’ යි පෙණෙන්නේ මෙය විය යුතුයි. ‘ටැඹ’ යන්නද ඝටපර්යාය කොට රුවන්මලෙහි දක්වන ලදී. එය තුම්බ’ යන්නෙන් බිඳී එන්නෙකි. ‘තුම්බ’ නම් දිය වක්කරණ ලබුවයි. එවැනි කොට කළ මහසැළ ද එනම් වේ. මේ සියල්ල රන්මුවා හෙයින් උතුරු සයුරෙහි පෙණගුළි වැනි වේ. උතුරුසයුර රන්වන් ය. ‘අවන් හල්’ යනු මද්යළපානය කිරීමට ඉඳගන්නා ශාලාවයි.

282 අර්ථ:- මී ය, කපුරු ය, අගුරු (=අගිල්) ය යන මොවුන්ගේ දුම් ඇති, සපු දුනුකේ (මලෝලඹ=) මාලාවන් එල්බෙන, මලිගිය මල්දම් එල්ලෙන්නා වූ ( එ හල්=) ඒ ආපනශාලාව අනඬ්ගයාගේ නෘත්යනභූම්යක් වී ය.

විස්තර:- අනඬ්ගයාගේ රඬ්ග (=නෘත්යා) භූමියක් වේ නම්, එය අතිශය චිත්තාකර්ෂඅක විය යුතු ය. සුවඳදුම් ගැස්වූ, මල්දම් ආදියෙන් සැරසූ, ඒ ශාලාව ද අනඬ්ගයාගේ රඬ්ගභූමියක් වැනි වී ය.

283 අර්ථ:- මාලතී (=ඉද්ද) ශාද්වල (=කුසතණ) රත්මහනෙල්මල් යන මෙයින් ඒ නරවර තෙමේ මල්සරාගේ යශස් ය, කෝප ය, තෙජස් ය යන මෙය අඬ්කයෙහි (=උකුළෙහි) සලසා (=යොදා) ගත්තෙකු මෙනි.

විස්තර:-මධුපානයෙහි යෙදෙන්නන් ඉද්දමල් ආදිය උකුළෙහි තබාගන්නා බව මෙයින් හැඟේ. මේ රජ ද මී බීමට සැරසී ඉද්ද, කුසතණ, රත්මහනෙල්, යන මෙය උකුළෙහි තබාගත්තේ ය. ඒ කරණ කොට ගෙණ එතෙම අනඬ්ගයාගේ යශස, කෝපය, තෙද යොද‍ා ගත්තාක් මෙන් වී ය. ඉදුදමල් සුදු හෙයින් මල්සරාගේ යශස වැන්න. සදල සියුම් අග ඇති හෙයින් කොපය වැනි ය. සියුම් තියුණු ඇති දෙය කෝපයට උපමා කෙරෙති. සදල (=කුහසතණ) රතු වුවොත් වර්ණටයෙන් ද ක්රොමධයට සමාන වෙයි. ගුරුළුගෝමීන් “මරාසවලටහි සිදී වගළ පියුම්රාමිණිරූ සෙයින් නවසදපෙළෙවැ” (ධ. ප්රව. 270) යන තන්හි මරාමිණි සදලට උපමා කිරීමෙන් සදල නිල්වන් බව හැ‍ඟේ. ‘සදල’ සද සාමාන්යරයෙන් සියලු තෘණයන්හි ද විශෙෂයෙන් කුශතෘණයෙහි ද යෙදේ.

284 අර්ථ:- ( වසන්පොද=) සුවඳදියබිඳු (මමනා=) වගුරුවන ප්රථභාසාර වු (සරඟ= ) අනෙකවර්ණිවත් වූ කුසුමදාමයන් බඳනා ලද ධම්මිල්ලය (ගන=) මෙඝකූටයක් අවට (=හාත්පස) ඉන්ද්රදචාපය හැඟවී ය. (=දැක්වී ය) විස්තර:- සුවඳ කැවීමට ගන්නා දෙය ‘වාසන’ නමි. ‘වසන්පොද යනු’ යනු සුවඳ දියබිඳු යි. රජුගේ කේශකලාපයෙන් සුවඳ දියබිඳු වැටේ. නානාවර්ණ වත් මල්දම් එහි වෙයි. ඒ ඉන්ද්රඉචාප වැනි ය. එහෙයින් රජුගේ කෙශකලාපය දියබිඳු වස්වන, ඉඳුසැවු පිරිවැටූ, මේකුළක් වැනි වෙයි.

285 අර්ථ:- නරෙන්ද්රවචන්ද්රබ තෙමේ රඤ්ජමාන වූ (=බබලන) දීප්තිමත් මුක්තාහරණය, මාලා ය, දූකූල (= පටසළු) ය මෙයින් සැරසුනේ මතු (=පමණක්) ද? චිත්තකෞමදයන් ප්රටබෝධ ද කෙළේ ය.

විස්තර:- සඳ දිමුතු තරු නමැති අබරණින් ද රැස් නැමැති දියුලෙන් ද සෑදෙ යි. මේ රජ ද දිමුතු (තරුවැනි) මුතුඅබරණින් ද මලින් ද දියුලෙන් ද සැරසින. එ පමණක්ද නො ව සඳ කුමුදු පොබයන්නාක් මෙන් ජනයන්ගේ සිත් ද පෙබයී ය. එහෙයින් නිරිඳු සඳකි. 286 අර්ථ:- ප්ර මදා නමැති ලතාකෞමද (=වැල්උපුල්) ඇති මුතුහර නමැති පුෂ්කරාඬ්කුර ඇති නෙත්ර‍ නමැති මීන (=මත්ස්යල)යන් ඇති (මිහිකළ=) මධුඝට නමැති පද්ම ඇති ආපනශාලා නමැති විල මධුලොල වූ රාජහංස තෙමේ (බිජි=) සෙවී.

විස්තර:- මේ ආපනශාලාව විලකි. එහි වැල්කුමුදු (=වැලමෙන් වැවෙන හෙලුපුල්) නම් ප්රීමාදාවෝ ය. නෙළුම්දම් නම් මුතුහර ය. මතස්යුයෝ නම් නෙත්රම යි. පියුම් නම් මධු (=මත්පැන්) පිරවූ කළ යි. එය සෙවුනා රාජහංසයා නම් මේ රාජහංසයා ය. ඒ රාජහංසයා මී(= මල්පැණි) ලොල් ය. මේ රාජහංසයා ද මී (=මත්පැන්) ලොල් ය. ‘රජහස්’’ යන්න අර්ථ දෙකක් දෙ යි. ‘ශ්රෙමෂ්ඨහංසයා’ යනු එක් අර්ථයකි. ‘රාජශ්රෙෙෂ්ඨයා’ යනු අනෙක යි.

287 අර්ථ:- ලැදි වූ (=ආදරවත්) ප්රිරයාවක විසින් දුන් නෙත්රරප්ර තිබිම්බ, නමැති උපුල් (ඔත්=) බහාලනලද (මිහිවිතැ=) මධුවිත්ථයෙහි යෙහෙන් පෙණෙන වක්ත්රබය තෙමේ (පටනැ මැ=) ආරම්භයෙහි ම නිරිඳු මත් කෙළේ.

විස්තර:- එක් ප්රි.ය කාන්තාවත් රජුට මීඔඩමක් පිළිගැන්වූ ය. එහි ඇගේ ඇසෙහි ඡායාව පෙ‍ණින. එය මී විතට දැමූ උපුල්පතක් වැනි වී ය. ඒ ඇස ඇති ඇගේ මුහුණ ද එහි පෙණින. ආශ්චර්යයෙකි! එය දැකීමෙන් ම මධුපානාරම්භයෙහි ම, මධුපානයක් නැති ව ම, රජතෙමේ මත් වී ය. මත් වීම නම් සිහි නැති වීම යි. ඒ වක්ත්ර ප්ර තිබිම්බය එතරම් දර්ශ නීය වී ය. එය දුටු පමණින් රජතෙමේ රාගයෙන් සිහි නැති වී ය. ‘විත්’ යනු බොන බඳුන යි. ‘විත්ථ’ ශබ්දයෙන් එයි. වර්තගමාන ව්යයවහාරයෙහි ‘වීදුරුව’ යන්න මේ අර්ථයෙහි යෙදේ. ඔඩම චෂකය, පානපාත්ර‍ය යන නම් ද මීට යෙදේ.

288 අර්ථ:- මධුමත්තකාන්තාවක මධූශෙෂයක් (=ඉතිරි වූ මධුවක්) නැතත් පළිඟුමුවාචිත නඟා (= ඔසොවා) දෙන කල්හි රජතෙමේ සිනාව නමැති රාජ්යකයෙහි අභිෂෙකශ්රීරය (හා=) ද ලදී.

විස්තර:- මධුවෙන් මත් වූ කාන්තාවක් හිස්විතක් මත්පැන් පිරුණකැයි රජුට පිළිගැන්වූ ය. රජ ඇයගේ මත්බව දැක ඉතා සිනාසෙන්නට වන. සිනාව නමැති රාජ්යජයෙහි ද අභිෂෙකශ්රීසය ලදැ යි කීමෙන් රජු සිනාවෙහි ශ්රෙසෂ්ඨයා වූ බව ධ්වනිත යි.

289 අර්ථ:- (ඇතොරත්=) අන්තඃපුරස්ත්රීශන් පැසවනලද ඉඟුරු (=ඉඟුරුදෝසි අමෘතය මෙන් (ඇදැ=) කා හට (පලහා=) දවා මිහිරි වූ මී බී භ්රුමණය කරණ කල්හි (මද=) අනඬ්ගයා සියලු ඇඟෙහි (බුමුත් වන්=) ආවිෂ්ට වූවාක් (=වැහුනාක්) වැනි ය.

විස්තර:- මී බොන්නට පෙර අවුළු සේ පැසිඉඟුරු කති. එයින් කට දැවෙයි. මී බොන්නේ ඊට පසු ව ය. ‘පැසි’ යන්න ‘පස්’ දයින් සිද්ධ යි. ‘ඇද’ යනු ‘අද’ දයින් සිද්ධ පූර්වසක්රි යා යි. ‘අද’ ධාතුව භක්ෂණාර්ථයෙහි යෙදුනු තැන් විරල ය. “තරසරතුඬින් ගනඳර සෙවෙලදන වර” (පරෙවි 138) යන තන්හි ඒ දයින් සිද්ධ ‘අදන’ යන රූපය ද ජාතක අටුවා ගැටපදයෙහි (78-29) ‘අදනෙම්’ යන රූපය ද පෙණේ. ‘පලහා’ යනු ‘පලහ’ දයින් සිද්ධ යි. ‘බුමුතු’ යන්නෙහි සිද්ධිය 84 වැනි ගීයෙහි දී දක්වන ලදී.

290 අර්ථ:- ප්රි‘යාවක (මැසි=) අමර්ෂිය (=කොපය) (සැහැ=) ඉවසා මීවිතෙහි තුබූ ශෙෂය බොන කල්හි (ඇගේ) වක්ත්රරය අභිනව චන්ද්රහයාගේ ශ්රිෙය ලද්දේ මතු ද? (ඉඳු=) නරෙන්ද්ර’යාගේ මනකුමුදු පෙබයී හා

විස්තර:- අමර්ෂිය තිබෙන විට මුහුණ දුර්ව(ණ වෙ යි. එක් කාන්තාවක් මධුපානයෙහි දී යම්කිසි කරුණකින් කිපුණා ය. රජ ඇය සැනසී ය. එයින් ඕ ‍ෙතාමෝ කෝපය දුරු කළා ය. එවිට ප්රීැතියෙන් මුහුණ බබළන්නට වන. ඉක්බිති ඉතිරි මී බොනු පිණිස මීවිත මුඛයට ලං කළා ය. එයින් ඇගේ මුහුණෙහි කොටසක් වැසින. නොවැසුනු කොටස ලසඳ සේ පෙණින. විත වර්ණහවත් කාචයෙන් (=වීදුරුවලින්) කරණලද හෙයින් එයින් වැසුණු මුහුණුකොටස ස‍ඳෙහි අඳුරුකොටස මෙන් යන්තමින් පෙණුනේ ය. ලසඳ දෙස බැලූ විට හිරුරැස් වැටීමෙන් බබලන කොටසක් ද, හිරුරැස් නො වැදීම නිසා අඳුරු ව යම්තමින් පෙණෙන කොටසක් දැ යි දෙ කොටසක් දැක්ක හැක්ක. 291 අර්ථ:- මත් වූ යුවතියක මහනෙල් පතෙකැ යි (සැකි=) සැක කළ, විතෙහි (ඔත්=) වැටුනු නෙත්ර(ප්ර=තිබිම්බය පිඹින කල්හි නරනිඳු තෙමේ සිනිඳු (= මඳ) සිනාවෙන් (බිජි=) බැබලුනේ ය.

විස්තර:- මත් වූ එක් කතක් ඔඩමෙහි සියනෙත් පිළිබිඹුව දැක මහනෙල් මල්පතෙකැයි සැක කර එය ඉවත් කරණු සඳහා පිම්බා ය. රජතෙමේ ඇගේ ඒ බොලඳකම දැක මඳ සිනාවක් කෙළේ ය. කාන්තාවගේ නෙත්රඇය මහනෙල් මල්පතට අතිශය සමානබව මෙයින් ධ්වනිත යි. ‘සිනෙන්’ යන්න ‘හසන’ සදින් ආ ‘සින්’ සදින් ‘එන්’ විබත වී සිද්ධ යි. 98 වැනි ගීයට ලියූ දෙය බලනු.

292 අර්ථ:- මද තෙමේ චාපය නඟා (දුනු) දිය අත් නමැති දළුවෙන් පිරිමදිමින් (=අත ගාමින්) නාරාචයෙක්හි (=ඊදඬුවක) අත ලා (=ඊයක් අල්ලා) ප්රි)යාවන්ගේ ශරීර නමැති වැල්වදුලෙහි (=වැල්ගාළෙහි) (බිමි=) භ්රාමණය කෙළේ ය.

විස්තර:- ඒ කාන්තාවන් රාගයෙන් මුසපත් වීමට ඉතා ආසන්න බව මෙයින් හඟවති. අනඬ්ගයා මල්හී විදි විට රාගය උත්සන්න වෙ යි. දැන් හේ දුන්න සරසා ගෙණ දුනුදිය නිසි පමණට තද දැ යි අත ගා බලමින් ඊයක් අතින් ගෙණ විදුමට අවස්ථාව බලමින් ලියන්ගේ තුනුලියවදලෙහි හැසිරෙයි. නොබෝ වේලාවකින් විදිනු නිසැක ය. එවිට උන්මාදන (=උමතුව) තාපන (=තැවීම), ශොෂණ (=වියලුම), ස්තම්හන (=කණුවක් මෙන් නිසල වීම), සම්මොහන (= මුළා වීම) යන මෙයින් එකක් වනු එකාන්ත ය. මෙ පස අනඬ්ගශරය. පියුම්, හෝපලු, මීඅඹ, ඉද්ද, නිලුපුල් යන මල් සේ රූපණය කරණ ලද්දේ මේ පස යි.

293 අර්ථ:- යුවතියක නරෙන්ද්රැයාගේ අඬ්කයෙහි (=උකුළෙහි) ස්පර්ශ ය පිණිස ගමන (උකහා=) උත්කර්ෂඬ (=ඉක්මන්) කොට ගෙණ එන කල්හි රසනාවෙහි (=මෙවුල්දමෙහි) හා නූපුරයෙහි (=පා සලඹෙහි) ද ඝොෂය නරඟාගේ තූර්යඝොෂය ප්රමකාශ කෙළේ ය.

294 අර්ථ:- (කල=) මනොඥ වූ කාන්තාවක් කාච (=වීදුරු) චෂකයෙහි ශරච්චන්ර් ිසබිම්බයෙහි (සේ=) ඡායාව වැටෙත් ම තමාගේ (කලදෝ=) රිදීතැටිය (වී=)යි (සිතා) (සක් අසක්=) චක්ෂුස අංශයක් (=ඇස අඩක්) කර (ඇස් කොණකින්) නරඹුවා ය.

295 අර්ථ:- ර‍ඟොත (=නැටුමට බැස ගත්) ගිමසඳුනින් කළ අඬ්ගප්රෝසාධන ඇති යුවතියෝ චන්ද්රකරශ්මිරාශි නමැති ජලයෙන් උජ්ජ්වලිත වූ කිරිමුහුදෙහි රළ ඇර දැක්වූහ.

විස්තර:- ‘හිමසඳුන්’ නම් සුදුහඳුන් ය. ‘අඟපහයින්’ නම් සිරුර සරසන දේ ය. හිමසඳුනින් කළ අඟපහයින් හිමසඳුනඟ පහයින් නමි. සුදුහදුන්විලෙවුන් ගා ගත් විට ඇඟ සුදු වේ නිළියන් ශ්වෙතවස්ත්රා.දියෙන් සැරසෙන බව ධ. ප්රන 54 වැනි අංශයෙන් ද හැ‍ඟේ. රඟහල කිරිමුහුදකි. එහි ජලය නම් සිසිරස්රැස ය. රළ නම් සිහිල් සුදුහඳුන්විලෙවුන් ඇඟ ගා ගෙණ රඟන තරුණියෝ යි. ඔහු පෙළ ගැසී නටමින් උස්පහත් වන විට කිරිමුහුදෙහි රළබිඳුම වැනි වෙත්. ‘පහයිනෝ’ යන්න ‘පහානෝ’ යි පිටපත්හි පෙණෙතත් ඒ අපපාඨයකි. ‘පසාධන’ ශබ්දයෙන් සිංහලයට එන්නේ ‘පහායින්’ යන්න හෝ ‘පහයින්’ යන්න ය. එය ම ‘පායින්’ යි ද සිටී.

296 අර්ථ:- නෘත්යසග්රයහනය කළ මත්තාඬ්ගනාවකගේ ශිථිල (=බුරුල්) වූ වස්ත්රනය දෙස නෙත්රාය (තහත=) නිරන්තරයෙන් (පියොදමින්=) යවමින් (=එදෙස බලමින් ) ඒ නරෙන්ද්ර තෙමේ ඒ මධුමත්තාව (=මී බී මත් වූ අඟන ම) විශිෂ්ට කෙළේ යි. විස්තර:- රජුගේ සිත් ගත්තී අනික් කතුන්ට වඩා විශිෂ්ට වෙ යි. යම් කතක දෙස රජ නිතර බලයි නම්, ඕ තොමෝ රජුගේ සිත් ගත්තියකි. ඒ ලිහිල් වූ වසන් ඇති අඟන දෙස රජ නිතර බැලී ය. එයින් ඇය ම අනික් කතුන්ට වඩා උසස් කෙළේ ය.

297 අර්ථ:- මීවිතෙහි පෙණුනු චඤ්චල වූ ශශිබිම්බය තෙමේ (කෙබඳු ද?) යුවතීන්ගේ වක්ත්ර ය බලා (දැහැවැ=) කොප ‍ෙකාට වරද (හැඟැ=) සලකා සැඟවී ද (තෙනේ=) සැලෙන්නා මෙනි.

විස්තර:- මධුචෂකයෙහි චන්ද්රතබිමිබය පෙණෙ යි. මී සෙවීම නිසා එය ද සෙලවෙන්නාක් මෙන් වෙ යි. එය කවීහු අන් ලෙසකින් සලකති. සිසිබිඹුව කතුන්ගේ මුහුණු බලා ඒ තමා පරදවතැයි සිතා කොප කරයි. කුපිත වීම වැරදි ය. වැරදි කළවුන් බිය වනු ද, සමහර විට බියෙන් කම්පිත වනු ද, සැඟවෙනු ද සිරිති. චන්ද්රියා ද තමා කළ වරද නිසා අඟනන්ගේ මුහුණුවලට බිය ව මධුචෂකයෙහි සැඟවෙ යි. සැඟවුනු නමුත් බිය නො හැරේ. එහෙයින් වෙවුල යි. මේ කවීශ්වරයන් සලකන පරිදි ය.

298 අර්ථ:- පානය කරමි යි (තුඬ පහළ=) තොල ගැසූ මධු චෂකයෙහි කාන්තාවකගේ නෙත්රපකාන්ත වූ චක්ත්රපප්ර.තිබිම්බය හෙත් ම රජහට (අමින්බඟහර=) අප්රූමාණ මද්යප එක් වී ය.

විස්තර:- මදනය කරන්නේ බඟහර යි. රජු බොන්නට ගත්තේ මඳ බඟහරකි. එහෙත් ඊට අපමණ බඟහරක් එක් වී ය. එනම් එහි පෙණුනු කාන්තාවගේ වක්ත්රටප්ර තිබිම්බය යි. රජු මත් කිරීමට මද්ය යට වඩා එය ම දහස්සුවහස් ගුණෙන් සමර්ථ වී ය. රජහට අමින්බඟහර එක් වූයේ එහෙයිනි.

299 අර්ථ:- කාන්තාව‍ක (තමාගේ) තුඩ ගස්වා (=ඉඳුල් කොට) මධුව මිහිරි කොට දෙන කල්හි වහා එය නො ගත් වැරැද්ද ප්රිේය (=රජ) තෙමේ ප්රිනයවචනයෙන් (පියවි=) දුරු කරවී ය.

විස්තර:- ප්රි යාව ඉඳුල් කළ දෙය කාමින්ට මිහිරි වේ. එක් කාන්තාවක් මීවිත ඉඳුල් කර රජුට පිළිගැන්වූ ය. රජ එය වහා නො ගත. රජුගේ ඒ වරද ප්රිළයාවගේ අසන්තොෂයට හේතු වී ය. රජතෙමේ ප්රිතයවචනයෙන් ඇය සැනසී ය. සැනසූ පරිදි මීලඟ ගීයෙහි එයි.

300 අර්ථ:- (තොට=) තීර්ථය හෙවත් තුඩ වැකි තැන නා සිහි කෙළෙම් ම ය. තොප තුඩු වැකුනු (=ගෑවුනු) තැන කියව යි. නිරිඳු (සීපියා=) සිනාසී කියත් ම (පියා=) ප්රිතයා තොමෝ අමර්ශොය (පියා=) දුරු කර (එය නිරිඳුට) පානය කරවූවා ය.