කව්සිළුමිණ-කව්සිළුමිණ-ii

5.සග. සංස්කරණය

221. (1) දූ දනෙ ‘තර1 නිකුත් - සකුස් සතොසින් එපුරෙන්, පබවත් පුවත්පස්කැන් - දැරැ යා ගත් කුසාවත්.

222. (2) මුවගැබෙහි අස්කළ - පුවතොදිනද රජවිමන්, පිවිසැ වුවනින් කි‍ෙයාලො - පල ගත් සේ සිත්ලියන්.

223. (3) විරෑ ගුරුන් සරණ - නියරස් අහස් ගඟැ හී1 සිටැ පිවිතුරු මුඳුනිනි - දෙනෙ දූ බිනොත්2 මුවහස්.

224. (4) එතර කැඳැ එනු1වස් - වහා ඒ උතුමා මා, පිළිහැරියක දෙසේ නිල් - නුවන්2 රහස්යටි දුනු3.

225. (5) හෝ ගොස් ලොවෙකැසැ1 - කුසා අළ මවුඅබිසෙස්2 දූ‍දෙනෙ එ තතු දතුයේ - පබවත විතර පතුයේ.

226. (6) බලත එක් දෙස් වත්1 - තිදසිඳු වත් වණන් නත්, පබවතුන් එ විලස්2 හා - පවසම් ලු යි මෙ වී ඒ3.

227 (7) ඇය රුසිරු සරණ - තලතඹරනියරස්නෙන්,

  			සිනා ගත් එව් තඹරට  -  සියඟ මුහුලස පානා.

228. (8) ඇය මනදඟ දෙ දඟ1 - දුවන්විමනැත් වදනා, වියොවගට ලූ දුලු 2 කල් - යුවලවැටුප්පුවළ හළ.

229. (9) කිබිසි කළ රනුතුතු - සුදුසු කිරා තරාදී, මදරස රූ තිවට වට - යුගදනමඬුලු කෙ වණත්.

230. (10) දියැ දිය ලද මළඟ - පළඟ දියටැඹ1 ඉඳ්ර වූ, දුවනන් රන්ගිරිතෙලේ - පැහැසර වටොර කෙ කියත්.

231. (11) රසන්සුරගඟ1 ලග2 - දුවනත් නුතත්3 පුල්විල්, දැරූ පුළුලුකුළු4 හිමවු - ගිරිරජබෙයද කෙ වණත්.


(1) 1. දූ ‍ෙදන එතර (3) ගගහි 2. බින්දොත්. (4) කැ‍ෙඳවෙනු කැ‍ෙඳමිනු. 2. මු. නුවනුත 3. දුන්. (5) 1. ලො එක ඇසා 2. කුසාළ (ල) මවුනබියෙස් . මතබියෙස් (6)1. බලතෙක්දෙස් විලස්. 2. පබවතුනේ විලස් 3. ලූ යි මේ වී. (8) 1. දඟ දග. 2. වියොවගට දුලු (10) 1. දියලදමළහ පලඟ දිය දිය ටැඹ (11) 1.හරසුරගඟ හරසුරගඟ සුර 2. මු ලගැ ලඟ 3. ද්ර වනත නූතන 4. පුළුලුකුල


232. (12) වියොවග මිටු කියලූ - විලි තුනුලියසැව්වෙහි,1 වණත කෙ වත බිඟුපෙළ - දියසිරි පත් වසාරද.

233. (13) නරඟ දුවනත1රණ - බිම’රා2 ලෝ දනනුවස්, ලියසැවු3 නඟත ඇය නැබ4 - කියලී මුඬා වන් තන්5.

234. (14) දුන්පියොවුරු දුටු - දිය බඳ සඳ විහිදි මැද, මහපතරැ1 මැ මුත් බඹ -සියුම් කැමැ නොපොහෝහොයි.

235. (15) නියරස්පෙණෙවලන්1 - සුරතැඟිලි පබළිසිලු, රූසයුරේ තරඟ වන් - යුවලත වණා කවරෙක්2

236. (16) *නඟන පිය‘යුරු සම - රහු සරසතින් ගම්රා, කසුන්වස් නළසිරි ලද - පැහැසර සුවටමටකට.

237. (17) වුවනින් ඇය පියුම් - පැරැයූ හව්සිරි සියෝ, ලැබැ පියුම් පියුම් අතින් - පියුම් නම් වී හඟනෙම්.

237 (18) දසන්වැල සිඳුවර - මුවමීවිතැ’පිලැ දුලු, දල වන් ලවන්රතුපුල් - වෙසෙසත් බසැත් ල තමා.

239. (19) වණම් ල හා1 ඇය - මුවපුල්තඹරුගබ්හි,2 වසන3 සරසවිය පලන් - දසනගකඩාමල්කඩ.

240. (20) නලළතැ සඳනලේ - ලගොබ බැමලේ පත්වන්,1 මනහර රඹපුවළ හළ - ගහණත වණා ද කවර.

241. (21) සවණපත්1 සුනිල් - පැහැකිඳුදඬු නෙතතල,2 සරහන3 මල්කෙහෙල්ලා - සර යැ වියත නොහැකියෙමි4.

242. (22) නුවන්විලැ’සිපිය - රළ යැතු1 නිල්පැහැරිණි, සිරි ඉසිලූ නළලතෙර - බැමලේ වණා ද කවර.


(12). 1සව්හි (13)1 ද්රමවන්. 2. බිම් අරා. 3. සැව් 4. නැඹ 5. තැන් (14) මෙහි 1,2, 3, 4, වැනි පාද පිටපත්හි 1, 4. 2, 3 වැනි පාද සේ යෙදින 1. මහපතරා. (15) 1. වලන 2. වණා ද කවර. (16) *තබන මියුරු සම-රහු සරසනින් ගම්රා, පැහැසර සුවට මට කට - සිරි ලද කසුන් වස්නළ (17) 1. වී හැඟියෙම් පියුම් නම්. (19) 1. වණම්හ හා 2. ගප්භි 3. වසත (20) 1. නළලත්හි සඳනළේ ලගොබ පත් දෙබැමලේ (21) 1. පත. 2. තලා 3. සරහත්. 4. සැකියෙම් (22) රළතු රළ යතු.


243. (23) සොමි වුවනත සුපුන් - සරාසිසිබිඹු ලඟැ වූ, සුනිලබකැලපුවළ හල - වරල්කලබේ කො වැණුම්.1

244. (24) දනනැස්පසක් කළ - විසල්දලනිදුනෙක් දෙස්, හාත්පස්නි තිදෙසනෙව්1 - වැණිම් ලු පබවතෙ2 රූ.

245. (25) හරා මදහට කො මහසත්නවිදු1 විදුමත්, දනනට2 හැදැහැවුම්3 කො - මෙ සමාහි පබවත වත4.

246. (26) මදනරස රූ හව් - මුළුලොවැ බෙදා දෙනුවස්, එ කොමලඟසුමුගුහි - කළ එව්2 රැස් සිව්මුවා.

247. (27) මනහර‘ග බඟහර - දනනෙත්1 පින්පෙලෙ මහත්, වසුරස්න මඟැ පස් ලෝ2 - විසී පබවත එ විලස්.

248. (28) සහවිස්මලෙන් ඉති - කියත පබවත එ විලස්, කෙළෙ පස්කම් දළගහණ - බිඳැ අස් එ රද ලගහණ.1

249. (29) එතර පියනවර - නා1 මැතිමඬුලු අමතා, සිවුරඟ සෙනඟ සැරහුම් - කරවයි2 වීඨි නො සරස්.

250. (30) සරහා සෙනඟ නා - දනන් දන්වත්1 යතුරට, රිසිදා යොගමොහොත්නෙන් - පියරජ එතර යා ගත්.

251. (31) *එ පුර හෝ යා ගත් - සිවුරඟ සකොබිනුදුහු, නො වත යුගත පවතීනි - ගස් කෑ සිලිලාර හෝ.


252. (32) තමා සෙරෙනා1 කල් - මිහිවමිය තුස්වා2 මෙන්, මොළොක සරණත3 තඹරන් - පහසසිරි4 දෙමිනෙ නිරිඳු.

253. (33) මහදොර සදා සිටැ - උරරන්බෙයදමඬලින්, වෙසෙසි රුකුළ ඇත්කඳ - සුරුඳු එව්1 එවරණකඳ.


(23) 1. කෙ වණත් (24) 1. හාත්පස් ති‍ෙදසිනෙව්. 2. පබවත. (25) 1. මහසතනවිඳු විදුමත්. 2. දනහට. 3. හව්දහම් අවුදහන්. 4. පබවත වතෙ සමාහි. (26) 1. මුළුලෝ. 2. කෙළෙයීම්. (27) 1. මනහර වදන් හිම් නදන්. 2. මගැ ලු පස්. (28) අස් ගත් දළගහණ. (29) 1. නරවරණෝ. 2. කරවා. (30) 1. දන්වතෙ. (31) * සිලිලාර හෝ නැවත - යුගත පවනින් ගස් කෑ, පුර හෝ එදා යාගත් - සිවුරඟ සකොබිනුදුහු (32) 1. සෙරෙත්. 2. සතුස්වා. 3. සරණ. 4. පහසිසිර. (33)1. සුරින්දෙව්.


254. (34) මහවේපසැ1 කලුන් - බැලුම්දැලවුලෙ ඉඳු2 වත, සිවුරඟ සැදැමෙනේ3 පුර - යුගසිඳු සකොබ4 නො දිහී.

255. (35) සහසැස්හු හරණෙන් - නඳුනුයන් යනෙ නරනිඳු1, මහවේ පියා2 බිහිදොරැ - ලද මඳමරු උයන්විල්.

256. (36) සඳන‍ෙලවෙව්1 ගඟුල් - හැලිගනසේහි සිහිලිහි2, මල්3 පලුලියවිමන්සිරි - විඳැ සගල් අබියෙස් වී4.

257. (37) සිවුරඟසෙනඟ ඉහි - සියකැන් හා මඳුනිරිඳු, මුහුදු එව්1 වැඩි හිරුගොත් - නරනිඳුඉඳු වැජඹෙමෙත්.

258. (38) *වරදරජමැතිරැස් - නැමැ නැමැද උඩු ලැගමෙන්, ඔහු දසුන්දලනිදුහී - තරඟපෙළ රඟ පෑ එව්.

259. (39) තුරඟකුර සුන්දර - සිවුරඟසෙනඟ එකණේ, වසන ගජකන්තලදා - නෙලෙ ද නො ලැසි වැ මැ බිජී.


260. (40) පබවත සිත්මිණි - හේ1 සක්විතිරුවන්වස්, යුගඳුරුමලට පුණුබඳ - විලසිනෙ2 රජ පුර පිවිටි3.

261. (41) හිවිපුලුප් කලස - පිවිතුරු ලකළ හෙම්කළ, සමෝරඹ තැඹිලිතොරණ1 - නවමල්සියෙන් රඳනා.

262. (42) ලඹ කන්මල් සරා - වෙරළුමිණිවැණි සෙවෙනි1, පිවිටි2 එ රජ මහලට - දිමුතු මුතුලැල් දිස්නා.

263. (43) සි‍ඳෙමිනි තැනැ1 තැන - ලියනු ග‍ඳෙවු පවත්නා2, රුසිරඟ වරඟනන් රඟ3 - මන රැඳැවී නරවරා,

264. (44) දෙතා වැ‘තා1 තුවිඳු කැතා යුතා2 සෙනඟින්, පතා කතා එ පුර3 පතා4 වතා වූ සග පස්වනු.


(34) 1. දෙපසැ. 2. නිරිඳු 3. සිවුරඟ සෙනඟ සැදැමෙන්. 4. යුග සකොබ (35) 1. සිරිනඳුනුයන් යා ගත් 2. පුවා (36) 1. දෙසඳතලෙව්. 2. සාහි සිහිල්. 3. යහමල්. 2. විඳුමිනබිසෙස් වී (37) 1. මුහු‍ෙදව්. (38) * ඔහු දසුන් දලනිඳු -වරද රජ ඇමැති රැස්. නැමැ නැමැ උඩු ලැගමෙන් තරඟපෙළ තර පෑ එව්. (39) 1. නළ වෙයින් නො වැස් වැ බිජී. (40) 1. හෙනි. 2. විලසින්. 3. රජපුර පිවිටු. (41) 1. තැඹිලියෙන්. (42) 1. වැනීසියෙන් 2. පිවිටු (43) 1. සිදෙම්නි තැත්. 2. වන්නා. 3. රඟ වරගනන් (44) 1. වතා 2. ගතා එතා. 3. කතා පුරසෙ 4. සපතා.



6. සග සංස්කරණය

265. (1) එ සඳැ දිගුමඟැ සැරැ - සැරැ ඔබල1 කල් කල්නට, මොළොක සැර පාමින් මෙන් - දිවයුරු අත්ගිරි බිජි.

266. (2) නන්ලියගුම්හි මඳ1 - පිරිමැදැ ලෙලකිසල්පෙළ, මුවරඳැ රැඳැ2 කොවුල්සර - ඇදැ හමළ3 කොමල පවන්.

267. (3) පිරිමැදැ තුරුහි තුඬු - වෙළෙපැ ලගින1 මොනරමුළු, පවනිනඹළ පිල්බර - කැරැ ඉදු කෙක‍ාරැවු ගත්.

268. (4) රිවිකල්හු යත විල් - කල් හළ හසවැලමෙවුල්1, පියුම්දඟ බිඟුරැවුනෙන් - වනසොවිනි ගුගුරා මෙන්.

269. (5) දිවයුරුරස්බියෙන් - පැලෑ ගත ගත් තමරැස්1 ගෑ ගී ගී වැ2 දෙ‍ෙසනා - සමත් සමත්3 සර සිරී.

270. (6) සඳඅඟර1 සක්වළ - කොරොසැ2 රිවිමෙණ තෙවුනා, පතළ කරනළ සියෙනි - දසනගවර කිරිමෙන්.

271. (7) දිමුතු වත1 දලනිදු - රුද්රමසුමුගත්හි නදන්, කැරැ නිසකත් රක්නට2 - තමපියනෙතර දුන් වන්.

272. (8) තමරැස් නුබඳ සඳ - කැලුම්පතර ගුවනතැ1, දිසිනි නිසවමිය2 පලන් - කඬුපුල් පුල්විලස්නෙන්.

273. (9) නො දැක්මෙන් රිවිහිමි1 - දවකත සඳග වදනා, සිඳැ විසුළ මුත්හර මෙන් - ගහරැස් දිසි නුබතෙලේ.

274. (10) විමලඹරවිල් සැදි - තමරැස්සෙවෙල් බිදුමට, ගී කර නැඟූ රජහස් - සරාසිසි දිසි මඳ මඳ.

275. (11) නිසයුරු දැදුරු කැරැ - කුමුදු සමඟ වනන් සිත්, දිරිය ඉඟි බොමින් තම1 - මුහුදොද ඉහි2 වැඩී දුක්.


(1) 1. මගැ සැරැ ඔබල (2)1 ගුම්මද, ගුම්මට. 2. රැඳි 3. හමළෙ. (3) 1. පිරිමැද තුඩු වෙළ- පස්හි (සි) (තුරු) (වැරු) ලග්නා (4) 1. විල් කල් හසවැල හළ මෙවුල්දම්. (5) 1. පැලෑ තමරැස් ගත් ගත්. 2. ගී (වෙමින්) වීමෙන් දස 3. සමත සමත (6) 1. මු. සඳගරා. 2. කොරොස්. (7) 1. මෙණ. 2. රක්නා (8) 1. පතර දිස්නේ. 2. ගුවන් නිසවමිය. (9) 1. රිවිහු (11) 1. තමස් 2.ඉහි දු.


276. (12) මෙනෙ සක්වායුවල - පිරිණි 1 දළසෝ ලෙස්නෙන්, වැජැඹී සිසිපාගෙල් ලැබැ - තමරැස් බියෙන් වන් වන්.

277. (13) *වැජැඹි සුපුන් සිසි - මෙරජ සෙමෙර සේ දිගැන්, දිගඹුවන් සිඳුවර සේ - මිහිකත හෙලඟරා සේ.

278. (14) මිහි පඬුරු මල්දම් - කපුරු හර සඳනඟරා, හඟවමිනැවිදි1 කෙළිකල් - මදදූනෙව් පුරවරේ.

279. (15) මලිගියමල් සුද - ඟරා1 තවර හරඹරින්2 සරාසිසිරස් ගත් ගත් - ගී දැපියෝ පුරපියෝ.

280. (16) කෙනෙකන ගයම්නි - ගී1 පෙඳ නගම්නි නැමෙත්, පියොවුරු ලඟාය වුවන - ‘සමඟාය තෙපියුම් වන්.

281. (17) හෙම්මිණි ඉකිළි කළ - අතල පැණික්තැත් ටැඹ1, පෙණුතුළු2 උතුරු සයුරේ - සිරි ඉසිලී අවන්හල්.

282. (18) මිහිකපුර‘ගුරු දුම් - සපු දුනුකේ මලෝලඹ1 මලිගියමල්දම් ලෙල - හල් නරඟරඟබිම් වී2.

283. (19) මලිගිය සදලරත් - මහනෙල්මල්නි ඇ‍ෙකහි1, සලසා ගතෙව් මල්හි - යසකෝතෙද නරවරා.

284. (20) මමනා වසන්පොද1 - පැහැසර සරගමල්දම්, බඳ මුහුලස හැඟැවී2 - ගනකුළුවටැ සුරිඳුසැවු3.

285. (21) දිමුත මුතු අබරණ1 - මල්දියුල්නෙන්2 රඳනා, සැදිනි මෙ ද නිරිසිඳ - පෙබැයී හා මනකුමුදු.

286. (22) පමාලියකුමුදු - හරපොකුරුකුරු නෙත්මින්, මිහිකළපියුම් හල්විල් - බිජී මිහිලොල් රජහස්.

287. (23)පිළිබිඹු නෙතුපුලොත - ලැදිපියක1 දුන් මිහිවිතැ, යෙහෙන් දිස්නා වුවනත - නිරිඳු පටනැ මැ මත් කෙළෙ2.


(12) 1. පිරුණු (13) *වැදැ සෙමෙර සෙ දිගත- දිගඹුවනට සිඳුවර, මිහිකතට අඟරා හෙල- වැජඹි සුපුන් සිසිමෙරජ (14)1. හඟවමිනවුදු. (15) 1. මල්දම් සුදඟරා. 2. හර අඹරෙන්. (16) 1. ගී නඟමිනි. (17) 1. ඉමිණි ලැගිනි හෙම් කළ අතලානෙනික් ටැඹ. 2. පෙණතුල (18) 1. මී කපුරු ගරු දුමින් - සපු දුනුකේ ලඹ දුන්. 2. මල්දම් ලැල් නරඟරඟ බිම් වූ හල්. (19) මලිගිය මල්දම් සඳල (සදන) මහනෙල් ඇසෙහි. (20) 1. මමන පොද වත්සුන්. 2. හඟවා 3. සුසැරිනුදු. (21) 1. මුතුබරණින්. 2. දියු (වූ) ලින් (23) 1. නරනිඳු ලැදිපියක. 2. දිස්නා උවනත මත්කෙළෙ පටන්.


288. (24)නැත ද මිහිසෙස්1 පිළි - මිණිවිත් කතක මිහිමත්, නහා දෙත සිනා2 රජ - රජ ලද බිසෙව්සිරි හා.

289. (25)පැසි හිඟුරු අම ලෙද - ඇදැ පලහා1 කට මියුරු,2 මී බී බමත් ඇතොරන් - සියලඟැ මද බුමුත් වන්.

290. (26)සැහැ මැසි පියක1 බොත - මීවිතැ2 තුබූ සෙස් වත, සිරි ලද මෙ ද ලසඳ ඉඳු - පෙබැයී හා මනකුමුදු.

291. (27)සැකි මහනෙල්දලැයි1 - නෙත්පිළිබඹු විත්හි ඔත්2, පුඹුතු මතෙක් යොනක නර - නිඳු සිනිඳු සිනෙත්5 බිජී.

292. (28) මඳ සැවු නඟා දිය - පිරිමදිමිනත්පල්ලෙන්, බිම්නරදෙකැ අත් ලා - පියන් තුනුලියවදලේ.

293. (29) එත ගමන් උකහා1 - නරනිඳු ඇකැ පහස්වස්, රසන්නුරුගොස් යොනක2 - කියලී නරඟ තුරුගොස්


294. (30) කල කලක්1 කදවිතැ - සරාසිසි බිඹු සේ හෙත, තමා2 කලදොතැටි වී - කැරැ සක්3 අසක් නැරැඹූ.

295. (31) සිසිරස්රැස්දෙලෙන් - උදුල රඟකිරිමුහුදුහි, රළැරැපෑ1 රහොත යොනෝ - හිමසඳුනහපහයිනෝ2.

296. (32) රහ ඔත මතඟනක - ඉහිල්වසන්දෙසේ නෙත්, තහත පියොදමිනෙ නිරිඳු - කෙළේ එමීමත මැ1 වෙසෙස්.

297. (33)දිසි මිහිවිතැ සසල1 - සිසිබිඹු යොනන් වුවනත, බලා දැහැවැ වරද2 හැඟ - සැඟවෙමිනුදු3 තෙනේ මෙන්.

298. (34) බොමි යි තුඬ පහළ1 - මීවිතැ කලක නෙත්කල්, වුවන්පිළිබිඹු හෙත2 බඟ - හරමිනෙක් වී රජහට.

299. (35) කතක මී මියුරු - කැරැ දෙත තුඬ පහරවා, වහා එ නො ගත1 වරද - පියවි පිය පිය2 තෙපලින්.


(24) 1. නැත ද සෙස් 2. සිනේ. (25) 1. අමදා පලහා. 2. මී මියුරු 3.ඇතොරත් බී (26) 1. බඳ මැසි පියන් 2. මී බොත වත. 3. සෙස් (27) 1.දලමහනෙල්. 2. විත්හී. 3. මතෙ යොනන් නරනිඳු සිනෙන්. (29) 1. ගමනුකහා 2. යෝනන්. (30) 1. කලකඳ. කලකලකද 2. මේ. 3. සැකි (31) 1. රළෙව්. රළෙ පැව 2. පහානෝ (32) 1. කෙළෙ මීමමතටම (33) 1. මිහිවිත්ලඟ සසල 2. බලාවරද. 3. සහවෙම්නුදු (34) තුඩට ලඟ, තුඩවලඟ 2. හෙත වී (35) 1. වහා නොගත එ 2. පියවනුය පිය.


300. (36) තොට නො මැ සිමිඳියෙම්1 - කියග තොප තුඩ2 වැකි තැන්, වියත නිරිඳු සීපියා3 - පියා4 මැසි පියා5 පෙවූ.

301. (37) මීවිත්හි දිසි දිසි - බිඹුනි සැල හළ ලෙස් ගත්1, සුරත වුවනත එ යොනන්2 - හැයී නරනිඳු නෙත්සිත්.

302. (38) දැනැවුමෙන්1 නුවනත - රත වුවනත සෝ2 බිඳු, ලවනත කැලුම් බීමෙන් - පියන් පියසිරි ලද මී.


303. (39) මත්ඇත්පුර1 යොනන් - රත්වත් සැඳැ2 කැල්මේ, පළ සෝ3 බිඳුගහගහළ - සිනේ සිසිලේ වන් වී.

304. (40) වැලැලතෙ’කක’නෙකක’1 - බිබී දුනඩ බැල්මෙන්, මිහිවිත් උතුළ වන් වී - නුවනත2 රතුපුල්දෙලෙන් .

305. (41) කතක බොන මිහිවිතැ1 - හෙත කියඹුමිහිසිඳුවර2, දුරැ ලන්න්සින් පිඹි සේ3 - මුවමිහි ගතෙ මිහිසුරා4.

306. (42) වෙණ අනු සලීකල් - සමමඳරතරගම්රා, නඟත් තිසත් තරඟැ හී1 - නරනිඳු ඇගී2 සෙපියන්.

307. (43) ලයදෙකිනඳලිරා1 - නඟත මතකතන නිරිඳු, නුපුපුළේ හිඟු2 නුවනින් - තුටුදෙලෙව් ගිලිහීමෙන්3.

308. (44) සපිරැණු නොසපිරුණු - සහස සිළිමහ1 කරණ, ගසත’ගසතැතොරන් කැන් - වැද2 අතඔතෙ නරපවර.

309. (45) වසම්ලිය අනු ගී - කියත සහයොග අඟනන්, මියුරු කළ තන් එනිරිඳු - රිසි බඳ නිබඳ වමියන්.

310. (46) ඉති පිවිතුරු ගදෙව් - නෙත්1 නන්අවන්කෙළියෙන්, මිහිමත කලුන් ඉහි රජ - අවරඹරෙ සඳ රැඳවි.


(36) 1. නො සිමියේ. 2. තුඹග 3. වසත ඉති නිරිඳුයි. 4. පියකල්. 5 පිය (37) සලා හළ වලස්, 2. යෝනන්. (38) 1.දැනැවීමෙන් 2. සේ 3. සිරි ලද මී පිය පියන්. (39) 1. මතපුර 2. උවනත සඳ 3. සේ. (40) 1. මු. වැලැතැ එකක කතක වැලැලත එක එක කත. 2. නරනිඳු (41) 1. මීවිත්හි. 2. කියඹු සිඳුවර, 3. පිඹියේ 4. මුව වී ගතෙ නරවරා. (42) 1. ගණුත් නිසන් රගහී 2. ඇසී (43) 1. ලියදෙන් අන්තලි රා. 2. හඟු අඟු 3. සුලූ දෙලේ නොගිලීමත්. (44) 1. සිල්මඟ මත 2. ගත ගත ඇතොරන් කැන් වද (46)1. ග‍ඳෙවනි.


311. (47) සහතර තරුවැල - නුදුල ගුවනෙව් තෙවුනා, විරූ1 අසනියකුසුම් - සුනිල්මිණිබිම් රඳනා.

312. (48) මුවරදදුම් නිඳි - කලස කුසුමතළ යහන්, මේලප්1 මලෝලඹු දුන් - කළ බිත් විසිත් සිත්තම්.

313. (49) බිජී යහන් සිරි - ගේ සුදඅත1 යතැතොරන්, නුවනත පසින් හැම්නූ2 - මෙහෙසුත්කල ඉහි නිරිඳු.

314. (50) දිනඅතැ වැජඹී 1 ස ඳ ය අඹරැ ස ඳ ය දුලූ2 කල්බඳනා ස ඳ ය ‘වන්3 ප බ ඳ ය කියූ මෙ සග4.

සවනු


(47) 1. විසුරු. විරූ. (48)1. මු. වෙලෙප්. මෙලෙක්. (49)1. සුදත; 2. හමිනූ හැමුනූ හන් (50) 1. දිය අත වැජඹී මු. වැජඹී දිය අත. 2. ඇතොර සඳය දුලුසදය. 3. කල් බදනාය අවන්. 4. මෙ කියූ සග.


7.සග. සංස්කරණය

315. (1) එතර නරනිඳු සිත1 - ඉඟි ලියසැව්ව හයමින්, ලියසැවු කුසුම්කඩ ඉහි2 - දැවැවී3 තෙද මද තමා.

316. (2) පි‍ෙයාවුරෙනි1 තැවරූ - කොකුමඟරා උරතලේ, වැලලත2 මැඬිලි දුන් වත් - මදරද හිදගෙ වැදමට.

317. (3) සවසනල යැතමෙන්1 - ලවනත රත2 වුවන්‍ ගත්, වලඳුතු ල පිරුණු නුරා - නුවනග වහන් ගත්මෙන්.

318. (4) දුවනත ඇඬුම් පෑ1 - මිණිමෙවුල්රැවු කන් ගත්, හැනී නිරකුරු ගිගුරු - දියගොස් මෙන් තුනුයොනා2.

319. (5) හෙතැ දුවනැතැ නෙත - සදත සුරතතතඹරින්, නරඹත අත කැරැ පහා - තනබරිනුර සැදූ යල.

320. (6) මිණිදැල්සිඳින් වන් - නල අනු ලඹ කුසුම්දම්, කත අස1 වැටුප් වැරුයෙන්2 - පිය දෙවිය ද 3 හිදා ගත්.

321. (7) සරම1දෙලෙනද ලෙහි - තමා පිළිබිඹු මගමින්, කියූ වදනෙක අදහා - වැලලූ කල් සෙද2 නිරිඳු.

322. (8) කොපොල්තෙ‍ෙල පතලේ - කොකුමඟරා පි‍ෙයාවුරේ, සරමදෙලෙනද වැ ගලත් - පිට වී එව් නුරා උරැ1.

323. (9) නරතුරු දිගත්හි - පතළ තා යස මෙන් දස1, දසඅත් වසා බටි හිම - රජසිළුමිණිකිණුසරණ.

324. (10) දුරු කෙළේ අලුයම - බෙරමේගොස් පියතමන්, උරවිල්ලැගුම්තොස්1 ගත් - අබිසරුවන් තනහසුන්.

325. (11) තසතර කතන නෙත්1 - දලබිඳු මෙන‘ද අඳනින්2, කොපුලත ගත3 රතතලේ - තඹරතෙහි හුනු බිඟුලේ.


(1) 1. නිරිඳු සිත්. 2. සැව්කඩ ඉහි කුසුම් 3. දැවී (2) 1. පියයුරෙහි. 2. වලඳුත. (3) 1. නෙලෙ යතමෙත්. 2. රතු. (4) 1. අවුදු පා. 2. තුනුවනා. (6) 1. කදහස. 2. මරුයෙන් 3. දෙවුහු දු. (7) 1. සමර. 2. වැලඳු කලක් සෙද. (8) 1. පිවිටෙව් නුරෙව්හු උරේ. (9)1. යසමෙත්. (10) 1. ගොස් . (11) 1. කත නෙත. 2. බිඳුහෙන්. සඳතනෙන් 5. ලඟ තහ.


326. (12) පහනිනි1 මඳ කළ2 - සුපුන් සසක් මෙරජකිඳු, අවර දලනිදු විදුමිණි - හැසුනු නිල්3 මිණිඅතලෙව්.

327. (13) එන අලුයම්සිරි - වමිය ලොනුවන් ගන්මින්1, සව‍ණතෙහි පෙඳ වන් වී - උදාවරගිරි හිරිසඳ2

328. (14) තුඬුඩුතැලි1 කැරැ හිඳැ - සහයුරු තුරුවෙළෙප්හි, සමත කළ රැවු දිගැ ලී - සිහිලැල් බොලලුමඳමරු.

329. (15) සාමුවන්1 පින්මෙන් - බැස සා නැගෙත යොරයොර, තුරුපෙත් නන් පියන්2 වන් - කැඳී වන් වනමුවකැන්3.

330. (16)මැඩැ පිරිපත්න යස - තා තෙද සෙයින් වඩනා, දිවූ දිවයුරුරස්රැස් - කෙළේ පියවිළි සිසිරස්.

331. (17) සිසිකල්හු හත හළ - වනසොවුනි1 මෙන් වනපෙත්, පලන් මොනරිඳුවරකැන් - සිසිකත්2 හැලිදිමුත්හර.

332. (18) සරා දිවයුරු කර - වසනත්හි දෙත් විල්කල්, තඹරමියෙනුතුළ කෙසර - දසනග රැපෑ මඳ මඳ.

333. (19) විල්කත් හිරු පියා - පියෙදු කැලුම්1 රන්පත්, කියවා මෙනැත්බිඟුගොස් - මිණිදැදිරි තඹරමියෙන්.

334. (20) ඉති පවසත ගදෙවු - මඬල ලියඅනුගී ගත්1, පසින් මෙ ද නිඳි2 නිරිඳු - සවන්රසයින් හා විත්.


335. (21) හුවා ඇඹරෙත1 අත - වළාපළතෝතැන්නේ, සුරතුරු රැපෑ2 වඩනා - මුළුලෝ දිළිඳු මඩනා.

336. (22) දදවේමතුරුනෙන් - තලපාහි රූ මගමින්, ආසී නන් අසමිනි1 - අජ වන් තැන් පහායින්.

337. (23) අඟු කළ එකාවැල - ඈ නන1 බරණරස්නෙන්2, දැඟුම්මෙර විලසැරැ පෑ3 - දියනෙන් ගතෙ’ නරපවර.


(12) 1. පවතිනි. 2.කෙළි 3. විදුමෙන් ලැසුනු ද්ර්ල (13) ගන්නා. 2. උදාහිරු අවර සඳ සවණත්හි පෙද වන් වී. (14) 1. තුඬුඩු. තළ (15) 1. සාමුව 2. සිදන් 3. කැදී මෙන්මුවන් කැන් (17) 1. සෙව්නි. 2. කැත්. (19) 1. පියදූ හිරු පියා විල් කත් කැලුම් (20) 1. ඉති පවසත ගත -ලිය ගී ගඳෙව් මඬලෙන් 2. නිදි පිසින් මෙද. (21) 1. ඇඹෙත 2. පෑ (22) 1. අසම්නි ආසී නත් (23) 1. වැල එකාතන. 2. මිණි රැසින්. 3. විලස් පෑ.


338. (24) මිණිබිමැ1 නන්රුවන් - ටැඹසිය2 කනමුවාසිය, සිලිලාරෙ‘නදනා නා - කැලන් ගුරුළිඳු බඳ වන්.

339. (25) සියල් දෙරණොදරැස් - මහගඟ නුබඳ වදනා, දදරළතියුදහස් ගොස් - රුවනාර හඟවන්නා.

340. (26) ලඹ මුතුවැලන් දුන්1 - පිළිබිඹුනෙත් මිණිතෙලේ සැකි පොකුරු‘කුරු ගෙතිසර - සියතුඬින් ගෙල් විඳුනා.

341. (27) විමලිඳුනිල්මිණි - බිම්නොත්1 අසනිය කුසුම්, සහසෝබිඳු2 උවිඳු රුදු - උරමඬල ඇක්මෙන්නා.

342. (28) බඳ සසල1 රන්දද - පිළිබිඹුනෙත් මිණිතෙලේ, සුනිලබගබතැ විදුකිඳු - සුවහස්න හඟවන්නා.

343. (29) නෙ1 නරදෙව් දෙව්තුරු - වොටුනු මිණිකුරු2 රඳනා, දනනෙත්බිඟු වලඳනා - පමාලිය සිත් හදනා.


344. (30) වැරැලි දුහුල් පලස් - මිහිඟු සමත මියුරු ගී, මිණි ලකළ අබරණ දර1 - බලරැස උයන්2 පානා.

345. (31) මහබඹහු වැටි සත් - ඇරැ‘ජරවදන1 තෙල්ලෙන්, මහගත්රූ කළ තවර2 - වියත් සබනෙන් සොබනා.

346. (32) ඉති විසිතුරු සිරි - නදන් වැටුම්මඬු පිවිසැ1, සැදී සිහසුනෙ නිරිඳු - තිකුළගැ පෑ කනාමෙර.

347. (33) එකෙණෙහි1 ඔකාවස් - නරවිරු හිරු වැජැඹමෙන්, නිරිඳු පිළිපන් පෙරමග - නැමැ වත්පියුම් පෙබැයී.

348. (34) එ දෙ නරනිඳුහු අද - වැටුමැ අසුනඹරෙහි හිඳැ,1 සුරඇජරා සරාසඳ - සමාම් සිතැ ඇස ඇඳියෝ2

349.(35) මදුඉඳු1 ඔකාවස් - නිරිඳු දෙරණෙක්සත් කළ, විපුල් සිරිසර මැ යෙහෙන් - වැළඳේ දො හොයි2 පිළිවිත්.


(24) 1. බීම්හි 2. සියන් කනමුවා (26) 1. මුතුවැල ලඹ දුන්. (27) 1. බිම්හි ඔත් 2. සේබිඳු (28) 1. සල (29) 1. නේ 2. වොටුනු කුරු. (30) 1. යුත් 2. රැසිනුයන්. (31) 1. වහසන් කළවදනැජර 2. තැවරූ (32) 1. විසිතුරු වැටුම්මඩ් පිවිසැ සිරිනදන් (33) 1. එතර (34) 1. වැටුම්හි අසුනඹරේ. 2. ඇඳියේ (35) 1. මදිඳු 2. වැළැඳෝ හෝ යි වැළනො හෝ.


350. (36) එ වදන අසා1 රජ - සිවුසයුරත් මුළුදෙරණැ,2, සියල් සිරිසර මැ යෙහෙත් - වැළැඳෙ යි3 පිළිවදන් දින

351. (37) විලසක් පසක් කැරැ - මුහුද ‘ද ගඟට පිළිපන්, කිම ආ කරුණු වී රජ - කෙළෙ එ විතර රජ වැහැප්

352. (38) එ වදන අසා රජ - සරණ ත ඇසිරු තමා, තබ තා නො අනු කො ද අත් - දෙනෙ සුරලොවැ දු1නරනා.

353. (39) තිබියේ ව1 අත් එත - සිරිකත නිතැතැනි නිවෙස්, කරණ‘වරණ නරවරණ - දෙනෙ නම් කො2 ඇද්ද දියේ?.

354. (40) පබවත ම දූ සඳ - සරිසර කුසනිරිඳුහට, දෙවැනියක වත1 හොත නෙත් - පිළිලබහි ලබ විඳුනෙම්

355. (41) ඉති කියා පබවත - කත සහ පිරිවරනෙනි, දැරැ යනුව1 තුටු අදහස් - දී2 නැගි යැ රජ වැටමෙන්3.

356. (42) වදනිනෙ සවණ සිය - ලඟ ද සදා ලොමුදෙහෙන්,1 ගමන් පිළියෙල2 වැ නිරිඳු - පෙරෙවි දද දුන් වදනින්3

357. (43) හයන් කුරෙනුහුදු - රජවතුරු මග ගඟැ ගී1, පබවතැ මැ වත2 බඳ බඳ - ගජනැවිති වත් පුරතෙර.

358. (44) එතර සැදූ සුර1 - පුර දිස්වන් කුසාවත්, ඇරැ දැක්වූ පුරපියෝ - විසිතු සුරකල්න පියෝ.

359. (45) පබවත දසුන්ලොල් - බැර සිත් හයත් එක්වන්, නුවරෝ ඇතොවුරු1 සියෝ - පිළිපන්හු යා පෙරමඟ.

360. (46) දැවැ යහ කතක වත - කළ එක්කණැ කනාපෙඳ, හැඟැවි1 රන්රිය විලස් - ගුලු එක් සක් තුනුයොනා.2

361. (47) ගුලු වරල එක්1 අතැ - තනහස ‘නෙකතැ හිඳිවූ2 ඉහිල් වසනත්නි කලක් - කලක් වැළකූ3 දනනෙත්.


(36). 1. වදනසා 2. දෙරණ. 3. වැළ‍ැඳොයි (38) 1. තබ අත් නො තා නු කො ද - දෙනේ නරනැ සුරන් ලෝ. (39) 1. තිබීයෙව 2. කෙ (40) 1. දෙවනු වැ වත. දෙවනුවක වත. (41) 1. යනුවට 2. දැර. 3. වැටමෙන් රජ. (42) 1. වදනෙ සමග සියලඟ-සදා ලොමුදහසියෙන්. 2. පිළිවෙළ 3. දදන් වදන් දුන් (43) 1. ගඟ හී 2. පස් (44) 1. දෙව් (45) 1. ඇතොර (46) 1. ගිවි 2. තුනුවනා (47) 1. වරලෙක් 2. හසුනෙකතහි දිවූ 3. වැළකූ කලක්.


362. (48) දවත තමා රිසි - කලක්1 පබවත දක්නට2, පුළුලුකුළෙහි දිමුත්හර - මිණිමෙවුලෙක‘සැ රැඳැවූ.


363. (49) සමහර අන් වසන් - අතීන් කැරැ දඟ1 දිවෙමින් . නුවනත්හි අඳුනඳිමින් - විසිතබරණ පලඳිමින්.

364. (50) හව්දෙනේ ගොස් ඉති - කිරිඳුඅවරගැ රඳනා, පබවත ලසඳලේනෙන් - කෙළේ1 මුහුලත්තඹරන්.

365. (51) පබවත් ලෝනුවන් - පැහැවතුරේ ගැලෙම්නි දු, තුනු හෙම් කැලුම් හැල්ලෙන් - පුරවේ ගඟ ද පුරමින්.

366. (52) කළ පිණැ පලැ1 නුවන් - ගියදැහි හිම් මේ වී, හැඟි නුවරත් නුවන්සිත් - හයමින් රජවිමන් වන්.

367. (53) කෙළිකල් කලුන් සඳාය උදා සඳාය දූලූ පබවත සඳාය නුවර නිරිඳාය සෙ කියූ සග


සත්වනු.


(48) 1. දවන රිසි කලක් තමා 2. දස්නට (49) 1. කැරැ දඟ අතින් (50)1. කොළෝ (52) 1. පින්පෙලෙ.


8. සග. සංස්කරණය

368. (1) කැඳමින් එතර1 කුස - නිරිඳු ගුරුවිරු බමණන්, පිරිසිඳැ කල්2 සමාමට - මඟලට හිඟු වදන් දින්.

369. (2) අසම්නි එ පෙරෙවි - දෙදෙ ගොස් විසිත් මේලප්1, මලෝලඹු කනකලස - නවමල්අසනියකුසුම්2.

370. (3) සදා යලි කරත - මඟුලසිනසක්1 නො තබා, විසිත්සිත්සත්රුවනින් - විසිතුරු2 කැරැ මඟුල්හල්.

371. (4) ඇරැ දන්වා1 නිරිඳු - පබවත ඉඟි සියන් කැන්, කී2 සුබමොහොත් නකතින් - දදන් වදන් පියතුරින්.3

372. (5) වඩා එ මඟුල්1හල් - පුවහා නනවරණ2 දෙව්, තොහා වේ කියා මුදුන් - පිවිතුරුතොයින් සැනැහී3

373. (6) කැරැ සෙත බි‍ෙසවු මා - බිසෙවු1 ඉඟි මඟලවදන්. පබවතකත2 කුසවරා - යහන්සිරිගබැ3 රැඳැවූ.

374. (7) සියොසිරිසර විඳැ - කුසා දුරැ ලූ පස්කම්, කැරැ අත්සරු නො දිස්වා - දහවල්1 වසන කල්හි.

375. (8) නො දැක්මෙන් කුසරජු1 - දහවල් කුහුල්බැරසිත්, විනොයනුවට2 බිසෙවු මා - පබවත සඳට මෙ වියූ.

376. (9) මියුලැසිතප කුලේ - සෙරෙනා රජදහම් නම්, නිසැ1 මුත් නැත් සමාමෙක් - දනනෙක්2 ගබක් දක්වා.

377. (10) පවසතිති1 දැහැ සක් - අසක් වසනෙසමාහි,2 කුසා ඇය රූරසයින්3 - නුවනඳනා රිසි කෙළේ.

378. (11) වරෙක්දහක් නැමැ - තමා පබවත දස්නෙහි, රිසි හැඟැවී බාසෙවු මවු - පිළිසෙව් එ විරු නො ගිණි.


(1) 1. කැ‍ඳෙමිනෙ‍ෙතර. 2. කම්. (2) 1. මු. වෙලෙප්. මෙලෙප්. 2. නව මලිනසේනිය කුසුමෙන් (3) 1. මඟුලසි දැසක්. 2. විසිත් සත් රුව‍ෙනන් පිවිතුරු. (4) 1. රැඳැත්වා. 2. කියූ 3. පිවිතුරෙන්. (5) 1. වඩා මඟුල් 2. නනබරණ. 3. සනහා. (6) 1. බිසෙව් බිසෙව් මවු 2. කල් 3. ගබත. (7) 1. දහවල්. (8) 1. කුසා. 2. විනෙවට විදෙයනුවට (9) 1. තිස 2. දනතෙක්. (10) 1. පවසත ඉති. 2. වනෙ සමාහි 3 රසයෙන්


379. (12) මෙහෙයා එතර සද - මිති1 ඇත්හල් වරණමුළු, සුහුල්2 පබවත ඉඟි ගොස් - පෑවූ දසමද මතැතුන් 3

380. (13) සත් තැන්1 බිම පහළ - හිවි2 කුඹු දකුණුදළ උස්, කළ රජ වහන් මේ ඇත් - බළාම්තුරිනි තුස්නා.

381. (14) විසිනීය කොපොල් බොල් - දෙ අසුන් සමතලා වූ, මොහොලතිනෙඩි රුපුකිරිඳ්රි1 -සිය බිඳුන මෙගඳැත් නම්.

382. (15) නුපූකුට‘ණුඇස‘නු1 - පුළුල් නහර නො පහළ, සවණුදුල දියසෙන් නම් - දකුණුදඩදා2 මේ ඇත්.

383. (16) පළ සුදු නිය නොලප1 - දළ දළ හිවිකුඹින් යුත්2, නැබ ලඹ නුපූ වට අත් - පවන්වේ නම් මේ වරණ.

384. (17) අවිදුමනු දව වේ - නෙත්සිලිල් කලබ‘බිරූ, මෙදෙ1 පුසුනුවන්2 දත්නා - මෙ ඇත් පරසක්මඬනා.

385. (18) වැළැහී ඇතරුවන - තුරෙ‘තරු තණකලබනෙන්1, තමා දළලොබ කලබෙව් - පහළ පබවත2 සත්සර.

386. (19) රෙසී දම්මුහුණ1 - ත අද රදහට2 දන්වා, සියකඩ කෙරෙම් මැ3 වි යූ - පබවත බිසෙවු සැනැහූ.

387. (20) පිළි එක්දහක් එ මැ - නියරින්1 ගොස් තුරඟහල්, කළ යොග පස්කළණ යුත් - රට2 වඩනා තුරඟ පෑවු.

388. (21) හිදල් වල් මුසුවණ - ලුහුසවණ’ ඩබර දසන්,1 දුව2 දස සපන් මෙ තුරඟ - තොප හිමියාට මනකල්. 389. (22) පපණැ1 දුව නලළෙක - හිඳ මුදුනැ2 යුවල යුවල3, රදුවරදැ4 යුවල5 යුවල - මෙ මඟුල්තුරග හිමියා.

390. (23) ගැසී නැසී සිටැ1 - කුසරජ තණ2කලබනෙන්, පබවත් ‍කෝමෙදෙනුදම්3 - සුහුල් ඹවයින්4 රඳවත්.


(12) 1. සලමිනි 2. සුදුහු. 3. මත්ඇත් (13) 1. රැක් 2. විසී (14) 1. නිරිඳු. 2. බිඳින මෙ ගඳත්. (15) 1. ඇසන් 2. දඬුදා (16) 1. වනලප් නය වන ලබි. 2. නත්. (17) 1. මෙඳෙහි 2. පිසනුව පසනුව. (18) 1. කලබ මෙන් 2. පතළට බවට. (19) 1. මුහුනැ 2. රජහට 3. කෙරෙම් ද, (20) 1. නියමින් 2. පට (21) හිදල්වල් සවණින් - සමවුසු (ලුඬු. වුඬු. සුව) බරදසන් කල්. 2. දව (22) 1. පපන්. 2. හිදා මුදුන් 3. යුවල පළ. 4. මු. රුදුරු වරදු රුද්රන උපරදු රද්රදපරද්ර 5. ද්රෙව 6. තුරඟ මඟුල් (23) 1. ගැසීමට. 2. කුසරජ යලි තණ. 3. මෙදෙනුදහම්. 4. ඔවයින් . ඔයින්.


391. (24) වියූ දකුම් නු යි1 - වරණ‘රා හුන්2 එ කුසා, සදා වරද ඇතරු3 බඳ - ඔහු ද සුහුලැ‘ය4 දැක්වූ.

392. (25) වරණගොවු මෙ නො වේ - සැකී කුසහිමියා යැ යි,1 කවර2 පෙරටු වැ බස්නේ - දැනැ ඒ එ යි3 කළ නියෝ.

393. (26) පිළිහැරි එ1 කෙණෙහි - දැවැ ගොසිනෙ තතු දැන‘වුදු2, වළහා වහා3 පබවත - කළ සැක යල තුනු කළා.

394. (27) සැකසිඳු1 තෙර2 නො පත්3 - පබවත වතෙ සමාහි, නළ මෙන් හුතැස්වෙස් ගත් - නුබරඟැ ගිම්රිවි දිවී4.

395. (28) වනපෙත් වූ හිදල්1 - සුපක්වනසෝනි දුනු, තැවී වහළඟ වන් වී2 - සියොත් සිකියොත් හළ‘සර3

396. (29) වැහැරැ ගජ1 සිටුතු - නතු2 කළ කුඹුමඬලින්, ඔහු3 ගනසේමඬලෙහි4 - බහසුරුකෙසරු තන් ගත්.

397. (30) තබා කොපුලතැ අත - ඉරූ පොකුරඹ1 පොදනෙන්, මදමේසුන් ගඳගිජුඳු - සිකිකට තෙමී යොර යොර.

398. (31) පැනී හුරූ බිමට - දැවැ දෙත‘ත් ගජ ගිම‘දත්,1 දවතෙ වෙයිනින්2 දළැ බැඳැ - දියුණු වත් ඉදිරී දත්3 399. (32) තැවී හුනුහුණදළ1 - ලැව්අග2 හළු කළ තවර, සිරුහඬරසු දුම්බුජඟ - වනරජ ලද රුදුරුවෙස්.

400. (32) නලළතව හිරුහිමි - ගසතිදල්තුරුහිදලින්1, සා සේ වැයිරි එව් නැඟි2 - සිරුහඬහඬ දෙරෙණ ගතැ3

401. (33) දිදි සියසේ හොත් - මියුල‘ඟණැ1 ලඟ වැ වෙහෙල්, ලොමුවත්2 ලොමු ඉහි විහිදැ - බඳ තද මැසි නිසන් වූ.


(24) 1. දැකුන්නුයි දකුම්හු යි වියු. 2. වරුණරුණවතු (වත්- වනු-වණු) 3.රුසිරු. 4. සුහුල් පබවත. (25) 1. කුසා හිමියා 2. කවරෙක් 3. ඒ ඒ (26) 1. පිළිහැරියෙනෙ 2. දන්වා 3. වළහා අවුදු (27) 1. සඳ 2. තොර 3. පවත් 4. දිලී (28)1. වී හිදැල් 2. වහළ වන්වූ 3. සිකින් හසර හළ සිකිනසර අළ හසර අළ (29) 1. ගජරජු 2. යොමු 3. සිටු ඔහු 4. මඬලේ (30) 1. විරූ පොකුරු (31) බිම්- දැවැ දෙන අත් ගජන් කැන් 2. දවත වෙයින්. 3. දිහී අත් (32)1. දැල් 2. ලැවග (33) 1.නළල තව හිරු ගසත -හිදැල් තුරුහි දැල්නෙන් 2. සැසේ (සසේ) වැයිරී (වැහිරූ) නැගී එව් 3. කත් (34) 1. මියුලඟන 2. ලොමුවුත්.


402. (35) බුන් දළ හර හැලි - තනරන්බෙයදමඬලින්, නෑ අඟරාගුරුතවර - තුනුවිල් කලුන් දෙනෙ වත්.

403. (36) මුවතුණ දැකැ පැනී - මුව යතුරොත1 ඉහි මියුල්, එ පැණෙත නො පත් තන්හි - අවසන් නො ලදි යතුරේ.

404. (37) දියසුන් හෝ මහ - වෑවිල් මුළුලෝ කුරුරු1, ගිමන්හුරු2 පැන්සොමි බුත්3 - සහඔඩම තැටි තටු4 එව්.

405. (38) *ල ගැබිණි මියුල් තම - පවසින් පැමිණි සරතැස, දැකැ වෙහෙලුතුළ ඇස්දර - නුවනත මිණිඔඬම1 කළ.

406. (39) ඉඳුනිල්ගිරි සමඟ - මුවරඳකටා දිය දුන්1, පෑ මෙ ද ගජ කනා2 දම් - මේකුළු කළ හා සවිඳු3

407. (40) තෙමෙ ද වනසට පත් - මුළුලෝ තැවූ ගිම්කල්, පරා වෙහෙස කළ දනෝ1 - වැනැසෙත් මැ නු බොහෝ සේ.

408. (41) විසිත් වරණ තුර ඟා ය වන නි ගා ය ගිමන් සැකි කොමල ඟා ය කුසා සම ගා ය මෙ කියූ සග

අටවනු.


(36) 1. යතුරොත මුව (37) 1. කුරුරස (කුරුර) මුළුලෝ 2. ගිමන්හු 3. බොන් 4. තැටූ (38) * මේ ගීය නන් අයුරින් අවුල්ව තිබේ. කීපයක් මෙසේයි - (a) පවසින් ලගැබිනි මියුල් තමා සරතස දැක මිහිඔඬම නලා වෙහෙලිඳු ලතුල ඇස් අද්දර නුවන් මිණි (b) පවසින් ලගැඹිලි මියුල් වෙහෙලිඳු උතුල ඇස්දරන් (c) පවසින් ලගැඹිනි තමා සරතස දැක මියුල් වෙහෙලිදු උතුල අස්දර නුවන් මිනිඔඩම් කලා (39) 1. දිය (ගිරි) කටා දුන් 2. ගඳගජ කනක. ගජකඳ 3. මේකුළු සහාවිදු පෑ (පෑවි) මේ කුළු සහාවිදු. (40) ඳෙනෝ.


9 සග සංස්කරණය

409  (1)	පැසුළු එ ගිම්නදන්1  -  විරුහු2 සනහන මෙනෙනෙව්,

කල්මෙතෙ බත් මැසි දැහැ - නමන මෙන් හා3 මේ කල්.

410 (2) විඳුකිඳුසසල1 පලු - බලාකැලපුමල්කැන්, පොදම්පොද නිල් ගන - ගන වනඅතෙව් තෙව්නේ.

411. (3) ලඳලිය දෙන්නට - ගනකල්හට පටන් ගත්, තම අකරින්1 දෙතුන්පත් - සිකිනෙක්වන් වදන් දෙත්2

412. (4) දලදර දලදර ‘ම - ඔවත1 සහකොක් මළරුක්, සිකිනඹල පිල්තඹපත් - බෙරෙව් මල්දල2 පල්ලෙන්.

413. (5) නුබ1 කුස් වී2 ගන නිල් හස ර වී දුම් ගත2 තුරු දා4 බෝ5 වී නා6 මෙනෙ ද දතෙ7 නුගි හද තුමුල් පත මොද8

414. (6) සිකිනඹල පිල් ලෙල - කියඹුවැල පොද සිඳුවර, දස අඹුවන් පලන්හර - විලසින් දිසි බලා වැල.

මු ස ව ත ස ව ස න ව ස නු ව ත න ව මි 415. (7) ළ හස් රැස්

ල ලමිනස් ගත්

නතැ1 දිස්මෙන්

නග තුටු මොනරු2


416. (8) ලහුණිනි පුල්1 කඳුළු - සල පියොවුරුමඬලින්, කිලිටඹරින් ගන2 සමා - වියෝපමාවිලස් ලද. (1) 1. ගිමින් දම් 2. විරු 3. කල මෙනෙ වන මෙසි දිගු (ණ) කරණ මෙනෙනා. (2) 1. සල (3) අකුරෙන් 2. දෙත් වදන් (4) 1. දලරදහු දලදර මමත. 2. දල මල්. (5) 1. නුඹ 2. වී 3. විඟුම් ගත්. 4. තුරුදු 5. වී 6. විත 7. දකුතු 8. හළ තුල් තද (7) 1. නුවනෙත 2. මොනර (8) 1. ලහුණි නිලිපුල් 2. ගමන.

417. (9) තිනී තළා හස කල් - හැමී වැසී නල බොල්, දිනී සළාරැස විල් - බිම් වැසී දල වල්.

418. (10) බිගුරද අරද දිසි - ලියනඟලාලියකුසුම්, වියොවග විදි1 සරසහස් - හුරිරවල අඟනන්2 පෑ,

419. (11) මලප වනා බිඳු පොද වී පිඬු වනා නෙ ක විල්1 සිකි ඉ ගිනා කෙ ළේ මත තමැ ‘ම‘ස් වී වැසිවදලෙල්බෙත2.

420. (12) ගනකල්හු දස්නෙහි - පියඹ1 මිහිකත සැරැහූ, සිඳුවරබර වරල් අළ - සහදෝකදෝ වනහිස්.

421. (13) දලදරහු ගිම් සොයත්1 - දසඳිරි වත් මැ දෙත්2 ලෙළ, දල3 විදුපෙනෙහෙලි මුත් - දලරොන්වත්4 කලබපෙළ5.

422. (14) *ගනකල්හු දැක්මෙන් - මත්නන්ලියපෙළ ලෙළ, කිසලත් වටා නටමින් - බිඟු ගී නඟා කන් ගත්.

423. (15) ලියනඟලාකුසුම්1 - පතින්2 ගලත3 සිලිල්බිඳු, සුරතැඟිලි අගිනඟනන් - ගිලියෙන4 දිමුතු මුතු පෑ.

424. (16) * වැඩි කළ හස දස - කළදෙලෙනි වැසි වන1 , ලද පල2 මින් වන පියඹ - සරා වන උදුලෙ සෙමේ.

425. (17) සුරසැවුමිණි1 රසන් - බලාවැලහර විදුදම්, දසඹ මිහිදුරු2 පියහට - පියයුරු පහස් තොස්3 දුන්.

426. (18) නො දෙත පියුම්වත - විල්කතෙ‘න1 බිඟුපියනට2, වනපෙත සී කඳලනෙන් - පලුඅතින් දුරැ ලා මෙන්.


10) 1. වුදු 2. අගතැන් (11) 1. නෙ (නේ) කෙවු (ම) ල්. 2. තම වී වැසි වදල් අත (12) 1. පියබ (13) 1. සොයන 2. වත් දෙත් (න) 3. දලන 4. රොන්වන් 5. කලබ පෙල (14) * මේ ගීයෙහි 1, 2, 3, වැනි පාද පිටපත්හි 3, 1, 2, වැනි සේ යෙදින. (15) 1. මල් 2. පෙති පෙතින්, 3. ගලනඟ ගලතගලන 4. ගිලියෙ(ගෙ)ත්. (16) * සමහර පිටපත්හි මේ ගීයෙන් පෙනෙන්නේ “ පියුඹ සරා වන උදුලෙ සෙමෙ යන්න පමණකි. 1. වැසි වන දෙලෙනි කදල 2. පෙලෙ ලද. (17) 1. මින් 2. දහකත් මුහුදු 3. පහන්(ස්) ගොස්. (18) 1. කත එන 2. පියන්.


427. (19) මුහුලු මිණිදැදුරු වී - කඳුලු කැකුළු වී වනන්, මුහුලු මිණිදැදුරු වී - කඳුළු කැකුළු වී වනන්.

428. (20) හිඳැ කල්න‘සදැ1 තද - සඳහන්නි2 දෙන කල්නට ලඟා ඇඟැ දහන් දින්3 - සිහිලැල්නඳ4 නෙලෙ කලා5.

429. (21) සහ කඳල වන වත - සහ කඳල වන වත , ල දල වත වන කල1 - ලදලවත වන කල1.

430. (22) වැලැඳි ලියවමියන් - පහසිසිරට සතුස්මින් 1, කියලී2 ‍ෙකා‍ෙළාඹ තුරුගත් - කුසුමින් ලොමුදහපබඳ,

431. (23) දුන් ලියනකරින්1 පත් - වෙනෙ වී කඳලනෙත් අද2, දුන් ලියනකරින්1 පත් - වෙනෙ වී කඳලනෙන් අද2,

432. (24) දුනුකේ කැකුළු ලකුළු - බිඟුවැල අරද රඳනා, ලියවැටැ සැදි වනනිවෙසැ1 - සහදුම් වැටුප් වන් වී.

433. (25) මුහුලුතුරු දුල1 කුසුම් - නවවතුරු දුල1 නන්නී, කොළොඹවෙනෙ වන පවන් - තැනවී වෙනෙ වන දනන්.

434. (26) ලියනඟලාකුසුමින් - ලැවග ග‍ෙතව් වනපෙත්, එයින් මුතගරොන්වන් - සුරතිඳුගොවුසිය1 දුලූ.

435. (27) වෙනේ හැසි නව දල - සමා වැසූ සදලෙන්, ගෙනේ දිසි නව දල - පමා වුසු සදලෙන්.

436. (28) ගනපොද කෙසුරු බර - වතළ කොක්පෙළදිගුදළ1, ගනගුම් ගැඹුරු නා දෙන්2 - පැලැඹිනි පැදුම්සීරජ.

437. (29) බැජැ තඹවතුරිනී - පමා තරගුතුරු ලා, ලැඟී තද යතුරුයේ1 - පියා තමා පතු නීඳු2.

438. (30) නුරාරෙසෙනද හිද - වියොවග විදි1 සරසහස්, කියලී නුබඳ වියොවුන් - සහකෙසරපුල්නිමල්2.


(20) 1. සිඳැ කලුනසද 2 සඳහම්නි 3. අග යහන් දින්. 4. කඳ කැඳි 5. සලා. (21) 1. විනන් කල්. (22) 1සිසිරයට තුස්මින් 2. කියලිය. (23) 1. ලියනකරන්. 2. වෙනෙ කඳලනෙන් අද වී (24) 1. නිවෙස්. (25) 1. ලද (26) 1. සියලු. පිය. (28) 1. දිගු දළ වතළ කොක් පෙළ. 2. මු. නැදයෙන්. (29) 1. යතුරුසේ . 2. නිඳූ (30) 1. විදු. වුදු 2. පුල් මල්නී.


439. (31) ගිලී වලා දස ගත් - වැනී ලැගී සිකි පිල්, දිලී බලා රැස මත් - තිනී මැඟී සැකි කල්.

440. (32) විදුයොතිඳුදුනු1 පට - ගුම්2 ගැජුම් කොක්පෙළදළ, පොදමදමේ මේගජ3 - පියුම්වනන් කෙළෙ කබල.4

441. (33) හැමී වැසී නල1 බොල් - තෙමී වැසි මලගල්, බිමි හැසී දල2 වල් - නිමි මැසි කල කල්.

442. (34) දෙලෙනිපිලැ බිඟු දැහැ1 - ලියවට ගත කුසුම් රොන්, රිණි මිණිහිනුදම්2 වැල - විලස‘ළ ලෙල විලැසියන්.

443. (35) ගනකල්හු පොදපතර - සරසිය ලත එක්වන්, පොරළ මිණිනිල් ගී වම් - වලාපිහිකුළු ගල්බෙළෙ.

444. (36) වගළ පොදරැස වලග - හිවත් මියුරු යලි පිල්, ගන නිල්මිණි එබී මෙ ද - ළෙනුදම් කලුන් ලී කර.

445. (37) නිල්වලා වනන් - සවසනලගැසැ දම්1 වන්, ගත විතර දසන් බඳ - ගබ2 හැඟි ලී පියන් තද.


446. (38) නවදල ලද වන - මී1 පවන නවප මී1, සදල‘ව‘වල දස - නී තනන නනත නී.

447. (39) නී පිපි වී ලද නනත1 - දල දර පවන විනි ලෝ, ලෝ නිවි නවපරද ලද - තනන2 දල වී පිපි නී.

448. (40) වැළලස1 උස්වෙළපැ - වෙළෙපැ ඔත්2 සියොත්බිජුහි3, රැහැ දත් මින් කැල‘වතුරු - වතුරු නී ගඟැ නො තබත්.

449. (41) සරඟවැල වතුරුනෙන් - සරඟවැල වතුරුනෙන්, සරඟවැල වතුරුනෙන් - සරඟවැල වතුරුනෙන්.

450. (42) කේමැලින් කස්1තුරුනෙන් - කේමැලිනි කස්තුරුනෙන්, සුලු තිසර තරඟනෙන් - සුලු තිසර තරඟනෙන්.


(32) 1. යොත් දෙව්දුනු. 2. ගිගුම් 3. මෙදේ මේ ගජා 4. කබලා. (33) 1. වැසි නෙලෙ. 2. හැසි දෙලෙ. (34) 1. දග 2. ඉනුදම්. (37) 1. ගස දැවි. 2. ගත (38) 1. වී (39) 1. වනත. 2. තනබ. (40) 1. වැළලහ (ඟ) 2. වොත් 2.බුජ්ර හි. (42) 1. කුස්.


451. (43) විල ළ විලසි විලස් - නළ මුතු1 සිකිහසරනෙන්, මනහර පසක් රස2 වූ - නළ මුතු1 සිකි හසරනෙන්.

452. (44) වනන් වුවන් වන්1 - නව වී තන් වෙනේ වන්, විනා විනි2 වෙනේ නී - නී වන් වී වනනුවන්.

453. (45) නා නී නී ‘නු නේ1 - නන් නී නා2 නානා, නනුනන නී3 නන්නී - නේනිනා නින්න නී.

454. (46) පොදපෙළරළිඳුසැවු - පබළවැළ ගිගුරුම්1ගොස්, කොක්සක්2පෙළ ගනමුහුදු - සරාඉසිමුව හමු3 වී.

455. (47) සක් දද පිළි ලො මා ය ඈ1 ය මා ය විතර මහමේස මා ය දුලු වස මා ය මෙ කියූ සග. නවවනු. (43) 1. මුත් 2. සර. (44) 1. වන් වුවන් වනන් 2. නා වී වී. නාවන. (45) 1. නා නී නු නේ නි. 2. නෑ 3. නනුන නී (46) 1. රළ පබළ වැල ඉඳුසැව් ගිගුම් 2. කොක සක. 3. මුවමු (47) 1. අද.


10 සග. සංස්කරණය

456. (1) මැසි1 දුරැ ලූ මෙනෙහි - වතළ’ඟනන් සනා පෑ, ගනවදල විදහත් වත්2 - දියැ පා බඳ සරාකල්.

457. (2) හමළේ1 නෙලෙ සරා - සරාසිසි සොමි ඉසිලී, සිලි ගිරිරඟනි මියුරු - මියුරුසර ලු2 හස්කැන්.

458. (3) මොනරඹල පිල් නිල් - මහනෙල්කැන් බලාවැල, මලගියමල්දම් හළ - දසකත් යත් ගනපියා.

459. (4) පියා1 මල්කැනට - රෙසී සැදූ2 ලොදරෙදෙන්, තන මන් දිගු3 විලැසියෝ - හස් වන දිගු විලැ4 සියෝ.

460. (5) මිගඳගබ පවන් - එත1 හත්වණවෙනෙත් පුල්, මතැත් කොපොලත්නි තෙමී - මමන මිනී ගල2 තෙමී.

461. (6) උලැඟි1බිඟුදැල් වූ - තවනදහසින් දැල් වූ, වනනඟ කෑල2 මල් ගී - සහදුම්දලෙව් මල්හී.

462. (7) මමන1 මීපොදලොද - රදසක් වසත2 තුරුහිස්, ගී වී පොදසමවලා - පිහිකුළු ගල් හිමවලා.

463. (8) පහසාලා පියන් - පියන් අඟ1යහයහන්හි, සහගුම් බිඟු පියුම්හි - කෙළෙ දුරු සිත් පියුම්හි.

464. (9) ඉති සරා සපත - සෙමෙහි පිරිපුන් මේයෙන්, දියකෙළි සිත් වන පියුම් - පබඳ වත් වත් නරවිරු.

465. (10) දවවල් කලදසුන් - අමා නුවනඳන මේනෙන්, උයන් දියකෙළි කැතියන් - රිසි හැඟැවී ඇමතියන්.

466. (11) එතර තියුන් ඇමැති - සොයා උයන්වත් ගොසින්1, සදා අරක් දී අද - පුරවේ මඟ කැරැ විසිත්.

467. (12) ගොස් එ1 නරනිඳුසඳු - යාදසනෙනත්තඹරන්, මුහුලු කැරැ දිනි එ වදන් - සිරිපස්කැන්පලඳනා.


(1) 1. මෙසි 2. විදුහත් පත්. (2) 1. හමල 2. ලී. (2) 1. ලිය 2. සෑදූහ තන 3. නිකම් දිගු 4. ලියහස විලැ (5) 1. හෙත 2. ගල මිනී (6) 1. ලැගී 2. කලල 7. ඔමද. 2. දෙසක් විත (8) 1. පියනහ (11) 1. ගොස්. (12) 1. ගොසෙ.

468. (13) තුටු සිත්1 නුමුස්නා - සුදඅත්න හා යුවරද, ඇමැතූ ග‍ඳෙවුමුළු හා - සමගින් නිකුත් සෙනගින්.

469. (14) සැදි මෙ ද නරසී1 - මහදොර දොරපුරෙ’වුරින්2, රුවනබරණ කිරණදෙවි - අසිනි නඳකය ගත් හා3

470. (15) පියන් නුවන්පැහැ - තෝ පිරි මහවේගඟැහි, නැඟි නිරිදු කිරිදුනැව් - යෙහෙන් බිහිදොරතෙර පත්.

471. (16) පියදූ උයන්කල් - නලදූ රැඳි සිත්ගත්, මුවරඳපටපත් බමර - බරඅකුරු පත්1 රජහට.

472. (17) *සුසැදි පුරවමියන් - ඉහි වන් වරදහු උයන්, වන් වී වන් නඳුනුයන් - තිදසිඳු ඉහි සුරලියන්.

473. (18) ගණුතු නරනිඳුහු - තඹපලුමොළොකත්හි තම, මී පොදෙනි තුටුඇස්දර - කුසුමැස්නි ගත් තුරුපෙත්.

474. (19) මලුපියෙන් නන් - කුසුමින් පෙලෙන් දුම්රිළු, කලහස සනුපුලින් කෙළි - විල් ද කළ තුටු ඔහු මන1.

475. (20) අමතා පුරපියන් - පෑ නන්උයන්ඇසිරි, එතර’ද උයන්පල්ලා - කෙළෙ තුටු ඒ ලොපල්ලා.

476. (21) පියන් තුනුහව්වට - පැරැදැ තනන ලියලියෝ,1 මල්මියෙන් උතුළ2 බමර - සෝසුසුමරද ලත් මෙන්.

477. (22) සහගුම්බිඟුවලා1 - ලියගුම් වන් තුනුවියන්,2 තතනන3 විදුකිඳු බඳ - ගනගබ අඹා4 නෙත් ගත්.

478. (23) ලියසැවු හයා මඳ - ලියනවුලෙ වන් කල්නට, පියතෙපලෙහි ලැබැ වහල් - සර ලී යැ1 සඳ දුරැ ලන2


(13)1. තුසින් (14) 1. නරනිඳු 2. දොර උරසරින්. රුවන බරණින් දෙව තුරු සිරින් නඳයෙන් හා ගත්. (16) 1. මුවරද පට බමර බර (හු) සහ අකුරු පත්. (17) *මේ ගීය පිටපත්හි එන්නේ මෙසේයි- සැදි පුර වමින් ඉහි - වන් (නදන්) වරදහු උයන් (වන්) නන්දන උයන් වන් වී - තිදසිඳු දෙවසරන් ඉහි වන් (වන්) 19. 1. කලහස නිලුපුලෙන් සන් - කෙළිවිල් දැකැ තුටු මිනෙන් (22) 1. වැල 2. තුනුලි(පි)යන්. 3. සහතතන 4. හමා (23) 1.ලි 2. ලා


479. (24) සලනෙතිනුනා පුල් - තුරු බැලූ මේ ද වමියෝ1, වලදෙව්දූවිලස් හා - දනනෙත්හි පිරිමැදියෝ.

480. (25) සැදූ මෙ ද නිරිඳු - උරබිත් එකක් පල්ලෙන්, හිද බඳනා ඔහු තමා - නුරාතරපස පෑ හා.

481. (26) එකක් නැමී සුපුල් - ලැහැ‍බෙකැ1 අත ලා බිඟුන්, වැලනුඩු නැ‍ඟෙත බා මඳ - දිය සුන් සැවුසිරි දැරෑ.

482. (27) ලියගුම් වන්1 යොනක් - පුළුලුකුළුහිම් දිස්නා, පලන් මෙ ද කුසුමන්2 කැන් - ලියකිඳුරුසිරි ගත් හා.

483. (28) නෑ අඟරාහි1 පිය - ගඳ1 ලොල් බිඟුකැල වහල්, වූ පියක්හට3 යදනා - පියක4 මෙනෙ බඳ තද මත්.

484. (29) නන්අබරණ රසන් - මිණිහර කුසුම්දම් සුන්,1 ඔබල ලපලු1 දලයහන් - දනනැලළී ලියවිමන්.

485. (30) හැනෙත පුල්ලිය හා - මල්බරනත යොනක එක්,1 සලපල්ලෙන්1 ලැබැ ගෙල ද1 - මොළොකතැ ගෙලැ’ විසි1 බමර 486. (31) කුසු‍ෙමාබොල හිඟැ ලැගැ - කරතෙකරජ රජනුවන්, පියක’1න් පියකෙ දක්මින් - වැසූ කුසුමෝනා මෙන්2.

487. (32) නො ගෙවත කතක පියො - වුරැ රොන්තවර රජ අත්1, විලසට එ නුතුටු වැ මෙන් - නෙත්හිල්2 දියුල්දෙසෙ දිති3

488. (33)ගොතන මලිගියමල් - රත්ඇඟිලිකැල්මන්1 වුදු අවු දුරු පියක2 සපදැ - ලියමල් සැකි නරපවර.

489. (34) දුලු නනබරණමිණි - කැලුම් ඊලේ කෙළෙනා, පියක් වනඹරැ තෙවුනා1 - සුරසැවුහි කැලුම්සිලූ.


(24) 1. සලතෙතිනුනා බැලූ - මෙ ද තුරු පුල් වමියෝ. (26) 1. නැමි පුල් ලැහැබෙක්හි (27) 1. ගුම්නී. 2. කුසුම් (28) 1. අඟරු 2.ගඳැහි 3. වී පියනට. 4. පියන් (29) 1. සුන් කුසුම්දම්. 2.ඔබලපලු (30) 1. යෝනන්. 2. පල්ලෙනඳ. 3. ගෙල් 4. ගෙලැවුසි. (31) 1. පියක 2. කුසුමෝන ලෙසින් (32) 1. නො ගෙවත කතක රජ පියවුරු රොනත්ති තවර 2. විලසට වැ. තුටු කෙළේ නෙත් ඉහිල් 3. නඳන් නදන් (33) 1. රතැගිලි කැල්මෙන් 2. අවුදු පියන් (34) 1. වන අඹර තෙව්නා පියක්.


490. (35) ගෙණැ මුවරඳ‘ද රොන් - කතක පතලේ සදමින්, මුවමි හැයි එ නිරිඳු - ලවනත පබළ ඔඩමින්.

491. (36) මැසිපියක එ1 නිරිඳු - මහනෙල්දමින් වැළැකූ, ගෙල් සරණතපල්ලේ - වැළැකී ලොමුදහදහස්.

492. (37) දිගැසියක1 සුරතතැ - හී තෙවුනා නාකුසුම්, සඳතරපතරැ2 රඳනා - සිසි අළ ල නෙත් බඳනා.

493. (38) නෙතින් නිල්උපුලන් - මුහුලසනෙන් තමලු1ලිය, පලු සුරතඅත්ලෙන්2 පෑ - පියොවුරිනි සක්වාවන්.

494. (39) සුරතුපුල සරණෙන් - වටොරනෙන් සුවන්රඹ, ගනනිල්වසානි1 බමර - වැල තෙපලෙන් කොවුල්සර.

495. (40) ලවනින් බිඹුවැළන් - දසනගිනි සැදි සිඳුවර, තුනු තුනුහව්වෙන් මඳ - නල ලෙ‍ලලිය විලස්. 496. (41) වුවනින් පුල්පියුම් - මඳසුසුමෙන් නලසුවඳ, සවණතෙන් ලියඊල් - නලළතිනි මුවරඳපට.

497. (42) පබවතෙහි ගනසා - සැදි ලියගුම්හි වැළහුනු, කුසනිරිඳු නෙත1 හමුයේ - උයන්සිරි නෙත් බඳනා.

498. (43) උයන්කෙළි සහ සා න මියුලැ සා න සරා, ඉහි මැති රැ සා න නරිඳු පව සා න කළ මෙ සග.


දසවනු


(36) 1. ගෙ. හෙ (37) 1. දිගැසියන්. 2. සඳපතර. (38) 1. තමල්. 2. සුරත තලෙන්. (39) 1. වසා රජති (42) 1. ගනසා සැදි ලිගුම් - හි වැළහුනු කුසනිරිඳු, පබවත නෙත.