කව්මුතුහර-අන්වය හා අර්ථ විවරණය ii

    71.	අ ‍	න	ද	තෙරිඳු  එක්  ජන්මෙක
                                                        පරදර   පව්  කොට රුදු ත	ද

‍නොම ද නිරාවල ඉපදී කෙළ සුවහස් කප් දුක් ව ඳ එ ම ද ව ගැහැණිව පණ්ඩක නපුංසකව දුක් විඳි වෙ ද මෙලෙ ද නපුරු පරද‍ර පව් නො කරව දුක් දෙන හැම ස ඳ

අන්වය:-

         අනඳ තෙරිදු එක් ජන්මෙක පරදර පව් කොට, නොමද නිරාවල ඉපදී කප් කෙළ සුවහස් රුදු දුක් විඳ, එමද ව ගැහැණිව, පණ්ඩක නපුංසකව දුක් විඳි වෙද? මෙලෙද හැම සඳ දුක් දෙන නපුරු පරදර පව් නො කරව.



70 කව් මුතු හර


අර්ථය:-

      ආන්න්ද සථවිරයන් වහන්සේ එක ආත්මයෙකදි පර ස්ත්රී  සේවනය කිරීමේ පාපය කර බොහෝ අපායවල කල්ප  කෝටි සියක් දහසක් දරුණු වු තද දුක් විඳින්, එයින් ‍ෙනා නැවතී ස්ත්රී යක්ව ද, පණ්ඩක නම් නපුංසකයකුව ද ඉපදී දුක් වින්දා නොවෙත් ද?  මෙසේ සැම විට ම දුක් දෙන නපුරු වු පරදාර සේවනය කිරිමේ පාපය නොකරන්න.


72. දු ල ව අහස සිටි චේතිය රදු බොරුවක් කී විගසි න පොළ ව පැලී අවීචියට ගොස් දුක් විඳි මිනිස් කිය න දෙ ලොව මෙබඳු දුක පැමිණෙන

                                                           නපුරු රුදුරු බොරු කීමෙ	න

ගැ ළ ව යෙහෙන් කුසල් කරනු

                                                         මොක්සිරි සැප ලබන රුති	න

අන්වය:-

          දුලව අහස සිටි චේතිය රදු බොරුවක් කී විගසින පොළව පැලී මිනිස් කයින අවිචියට ‍ගොස් දුක් විඳි. දෙ ලොව  මෙබඳු දුක් පැමිණෙන නපුරු රුදුරු ‍බොරු කීමෙන් ගැළව මොක් සිරි සැප ලබන රුතින යෙහෙන් කුසල් කරනු.

අර්ථය:-

            බැබලෙමින් අහසෙහි සිටි චේතිය රජ බොරුවක් කියූ ඉක්මනින් ම පොළව පැලී මනුෂ්යි ශරීරයෙන් ම අවීචි නරක යට ගොස් දුක් විඳි.  ( මෙ ලොව හා පරලොව යන)  දෙලොවම මෙවැනි දුක්වලට භාජනවන නපුරු වු රෞද්රද වු බොරු කීමෙන් වැලකී නිවන් සුවය ලබන කැමැත්තෙන් හොඳින් පින් කරන්න. 
     73.	රා	බීමෙන්	දස බෑ  රජ උනුනුන්හට ඇන මරමි	න

ඒ පාපෙන් නිරය ඉපිද තදබල විඳින බැවි න බී වෝතින් රහමෙර දෙක දෙවිපුර යන මග හසුර න කාගේ නම් සැප තිබේද දෙලොව දුක් වෙයි නොපම න




                                                               කව් මුතු හර                                                         71


අන්වය:-

        දස  බෑ  රජ රා බීමෙන් උනුනුන්හට ඇන මරමින ඒ පාපෙන් නිරය ඉපිද තදබල දුක් විඳින බැවින, දෙව්පුර යන මග හසුරන රහමෙර දෙක බීවෝතින් කාගේ නම් සැප තිබේ ද?  දෙලොව ම නො පමන දුක් වෙයි.

අර්ථය:-

         සහෝදර රජවරු දස දෙනකුන් රා බීමෙන් ඔවුනොවුන් ඇණ මරා, ඒ පවින් අපායෙහි ඉපදී බොහෝ දුක් විඳින බැවින්, දෙව් ‍ ලොවට යන මග වසා දමන පැසුණු හෝ නො පැසුණු රා පානය කළහොත් කවරෙකුට නම් සැපතක් ලැබේ ද?  මෙලෝ පරලෝ දෙක්හිම අප්රැමාණ දුක් ලැබේ.
   74.	පෙර   න‍ිරි‍ඳෙක්    රාමෙර බී පුතු මරමින් උයවාගෙ	න

බඩ සා දුක් නිවෙන තුරුම කමින් දුකට

                                                                          පැමිණි සෙයි	න

මෙබඳු උදක් දුක් පැමිණෙන ජඩව උමතු වී ඇවිද න

	එ  ම    මඳකුත්   ‍නොබී   හරුව දෙලොවම වැඩ
                                                                              වෙයි නිසැකි	න

අන්වය:-

         පෙර නිරි‍ඳෙක් රා මෙර බී පුතු මරමින් උයවාගෙන, බඩ සා දුක් නිවෙන  තුරුම  කමින් දුකට පැමිණි සෙයින මෙබඳු උදක් දුක් පැමිණෙන ජඩව උමතු වී ඇවිදින එම මදකුත් නොබී හරුව නිසැකින් දෙලොනව ම වැඩ වෙයි.

අර්ථය:-

         පුරාණ කාලයෙහි රජ කෙනුකු මරා පානය කර පුත්රමයා මරා පිසවාගෙන කුසගිනි පහවන තුරු කෑමෙන් ශොකයට පැමිණි නිසා මෙවැනි බොහෝ දුක් පැමිණෙන, නීච වී, උමතු වී ඇවිදින (තත්වකයට පමුණුවන)  ඒ සුරාව ස්වල්පයක් වත් නොබි හරින්න. ස්ථිරව ම දෙලොවට ම වැඩ සිඬ වෙයි.




72 කව් මුතු හර


  75.   	මේ පස්  පවු කළ සව් සත අටමහනිරයෙහි රුදු ගො	ර

නේ කෙළ කප සවහස් යනතුරු මහ දුක් විඳ කෙළව ර පෙ අත්බවටද පැමිණි බෝවාකල් දුක් ගෙන ත ර ඒ සත් මේ මිනිස් කයත් ලබන දුලබ වෙයි නොවිත ර

අන්වය:-

          මේ පස් පවු කළ සවු සත රුදු ‍ ගොර අට මහ නිරයෙහි නේ කප් කෙළ සුවහස් යනතුරු මහ දුක් විඳ කෙළවර පේ අත් බවටද පැමිණි බෝවාකල් තර දුක් ගෙන ඒ සත් මේ මිනිස් කයත් ලබන නොවිතර දුලබ වෙයි.

අර්ථය:-

          මේ පස් පවු කරන ලද සියලු සත්වදයාම නපුරුවු දරුණු වු මහා අපා අටෙහි බොහෝ කල්ප කෝටි සිය දහසක් යනතුරු මහත් දුක් විඳ, අවසානයේ දී ප්රේුත ආත්මයක් ලබා උපදී. එසේ ඉපිද බොහෝ කාලයක් මහත් වු දුක් විදින ඒ සත්වදයාට මේ මනුෂ්ය  ශරීරයක් (නැවත)  ලැබිම ඉතා දුර්ලභය.

76. මෙහි පළ කළ පස් පවු සැම නොකොට

 	                                                  හරින   මෙන් නි ම  ක	ළ

ද ස බ ල වදහළ සිකපද සුරකිනු පන්සිල් වෙයි බ ල ම න ක ල මෙම පන්සිල් රැකි සුදනෝ සැම දෙව් පුරව ල සු වි පු ල සුරසැප විඳිමින් නිවන් පුරට යෙති නොපැකි ල

අන්වය:-

         මෙහි පළ කළ සෑම පස්පවු නොකොට හරින මෙන් නිම කළ දසබල වදහල පන්සිල් සිකපද සුරකිනු බල වෙයි. මනකල මෙම පන්සිල් රැකි සුදනෝ සැම දෙව්පුරවල සුවිපුල සුරසැප විඳිමින් නොපැකිල නිවන් පුරට යෙති.

අර්ථය:-

           මෙහි ප්රකකාශ කරන ලද සැම පස් පවම නොකර හරින ලෙස පවසන ලද බුදුන දේශනා කරන ලද පංචශිලය, ශික්ෂා 



                                                              කව් මුතු හර                                                             73

පද රැකුමෙන් බලවත් වේ. සිත් පිනවන මේ පන්සිල් ආරක්ෂා කරන ලද යහපත් ජනයා සියලු දිව්ය ලෝකවල බොහෝ දිව්ය් සම්පත් විඳිමින් ස්ථිරවම නිවන් දකිති.

       73.	අ න්  සත  දිවි වැනසුම  සහ සොරකම පරද‍ැරි  සෙවුම	ද

නන් රුදුවන පරුස තෙපුල බොල්බස

                                                                බොරු පිසුන් බස	ද

අ න් සැප පතනා දළලොබ අන් නසිවයි සිතන සිත ද

	පි න්  නැත පවුනැත දෙලොවම නැත කියනා මිසදිටුත	ද

අන්වය:-

          අන් සත දිවි වැනසුම සහ සොරකම්, පරදැරි සෙවුමද,  නන් රුදවන පරුස තෙපුල, බොල් බස, බොරු පිසුන් බසද, අන්  සැප  පතන දළ ‍ ‍ලොබ, අන් කසිවයි සිතන සිතද, පින් නැත පවු නැත  දෙලොවම නැත කියනා නද මිසදිටු - 

අර්ථය:-

          අන්ය, සත්ව-යින්ගේ ජිවිත විනාශ කිරිම සහ සොරකම් කිරිම, පරදාර සේවනය, නොයෙක් නපුරු වු පරුස වචන, ප්රිලාප වචන, බොරු කේලාම් කිම, අන්ය්යන්ගේ සැප තමාට ලැබේවායි පතන දැඩි ලෝභය, අන්ය,යා මැරේවායයි සිතන සිත, පිනක් නැත, පවක් නැත,  මෙලොව හා  පරලොව යන දෙලොවම නැත කියන දැඩි වු මිථ්යාැ දෘෂ්ටිය-
    78.  	මෙ  ද  ස	පවින් කිසිත් නොකෙට අත්හරනා බවදුරුකර	ර

සතො ස විලස පවු ‍ නොකිරිමයයි කියා දෙසු මුනිව ර නොලස ව පින් රැස් කරණට තොරතුරු

                                                                   දැනදින පෙමක	ර

මෙලෙස කුසල් කරව යෙහෙන් මොක්පුර

                                                                  යන මෙන් පුවත	ර


අන්වය:-

         මේ දස පවින් කිසිත් නොකොට දුරු කර සතොස විලස අත් හරිනා බව, පවු නොකීරීමයයි කියා මුනිවර දෙසු පුවතර මොක් පුර යෙහෙන් යන මෙන් පින් රැස්  කරනට   නොලසව තොරතුරු  දැනඳින පෙමකර මෙලෙස කුසල් කරව.



74 කව් මුතු හර


අර්ථය:-

       මේ පව් දසයෙන් එකකුත් නොකර දුරු කර සන්තෝෂයෙන් අත්හැරීම පව් නොකිරම නම් වේ”යයි බුදුහු දෙසුහ.  ප්රෂසිද්ධවු නිවන් පුරයට හොඳින් යන සේ ‍පින් රැස් කිරීමට පමා නොවි විස්තර දැණ හඳුනාගෙන (සොයා බලා)  ආදරය ඇතිව මේ අයුරින් පින් කරන්න.
    79.   	ස	ත්	විද දනයෙන් සැපයු නෙකවග රස අහ	රා

සි ත් පිනවන අටවිද පානය සමගින් මියු රා ග ත් කිසි දුක් නොවන සොඳුරු ගෙවල් මහඟු පව රා න ත් දෙසවල උපන් අනගි වතුත් රැගෙන පසු රා


අන්වය:-

          සත්විද දනයෙන් සැපයු  නෙක වග රස අහරා, සිත්  පිනවන මියුරා අටවිද පානය සමගින්,  ගත් කිසි දුක් නොවන පවරා මහඟු  ගෙවල්, නන් දෙසවල උපන් අනගි වතුන් සපුරා රාගෙන

අර්ථය:-

      සත් ආකාර ධනයෙන් සපයන ලද නොයෙක් වර්ගදයේ රසවත් ආහාර ද, සතුටු කරන මිහිරි වු අට වර්ග යේ රසව්ත ආහාර ද, සිත් සතුටු කරන මිහිරි වු අට වගර්යරක පාන වර්ගට සමඟ ශරීරයට කිසිදු දුකක් ඇති නොවන උතුම් වටිනා ගෙවල් ද, නොයෙක් දිශාවල උපදින ඉතා අගනා වස්තු ද සම්පූර්ණක කරගෙන-
     80.	ඇ	ත්	අස් රිය  ඉදොලි කුණම් සහ නද	නා

යු ත් සුවඳින් දින දැසමන් ඈ ගෙතු නොගෙතු මලි නා ග ත් සිවිරා වඩන කොකුම් කසා ගොරද සොබ නා ස ත් මුවමද සඳුන් කපුරු ජබාදු පිනිදියෙ නා

 අන්වය:-
         ඇත් අස් රිය ඉදොලි ‍ දෝලි කුණම් සහ නඳනා සුවඳින් යුත් දින දැසමන් ඈ ගෙතු නොගෙතු මලිනා ගත් සොබනා සිවිරා වඩන කොකුම් කසා ‍ගොරද සත් මුවමද සඳුන් කපුරු ජබාදු පිනිදියෙනා-




                                              කව් මුතු හර                                                           75


අර්ථය:-

      ඇතුන්, අශ්වයින්, රථ, ඉදෝල් නමැති දෝලා වර්ග ය, දෝලා, කුණම් නමැති දෝලා සහ සිත් පිනවන සුවඳ ඇති දින දැසමන් ආදි ‍ ගොතන ලද මල් ද, නොගෙතු මල් ද,  ශරීරයේ ශෝභන ලෙස සමේ වර්ණවය වැඩි කරන  කොකුම්, කහ, ගෝරෝචන ආදිය ද, අගනා කස්තුරි , සඳුන්, කපුරු,  කට්ටකුමන්ජල් පිනිදිය ආදියෙන් ද-
      81.  	වි	සි	තු	රු	අතරණ සමගින් තෙල් පහනුදු සපු	රා

නි ර තු රු දසවිද මෙවතින් සිල්වත්තට ‍ඉඳු රා පි වි තු රු ලෙස දෙන දන දානයමැයි කී සත රා ‍නොම තු රු එම මොක් පුරයට යන මඟ වී නෙව රා

අන්වය:-

        විසිතුරු අතරණ සමගින් තෙල් පහනුදු  සපුරා නිරතුරු දසවිද මෙවතින් සිල්වත්තට ඉඳුරා පිවිතුරු ලෙස දෙන දන දානයමැයි සතරා කී එම නොමතුරු  නොවරා මොක් පුරයට යන මඟ වී.

අර්ථය:-

        විසිතුරු ඇතිරිලි සමඟ තෙල් පහන්ද සම්පුර්ණු කර,   සෑම විටම දස,   ආකාර වු මේ වස්තුවෙන් සිල්වත්තට නොවරදවා පිරිසිදු ලෙස දෙන දානය දානයම යයි බුදුහු කිහ.  එයම අන්තරායක් නැතිව අවහිරයක් නැතව නිවනට යන මාර්ගෙය විය.
   82.	සොබන	පසඟසිල් අටසිල් දසසිල් ඈ රැගෙ	නා

පෙ ම න යෙහෙන් රකිනි බව සිල්යයි දෙසු සව නා සොඳි න කයෙහි පිළිකුල් සහ අනිසද සිහි බව නා දෙ පි න වේය පින්දීමත් ගැනුමත් දනු කෙමෙ නා

අන්වය:-

         සොබන පසඟසිල්,  අටසිල්,  දසසිල් ඈ රැගෙනා,  පෙමින යෙහෙන් රකිනා බව සිල් යයි සවනා දෙසු සොඳිනා  කයෙහි පිළිකුල් සහ අනිසද සිහි බවනා පින් දීමත් ගැනුමත් දෙපින වේය  කෙමෙනා දනු.




76 කව් මුතු හර


අර්ථය:-

          ශෝභන වු පන්සිල් අටසිල් සහ  දසසිල් ආදිය ගෙන ආදරයෙන් හොඳින් ආරක්ෂා  කිරිම ශිලය යයි සර්ව ඥයන් වහන්සේ දෙසු සේක. යහපත් සේ පිළිකුල් භාවනාව, අනිත්ය  භාවනාව හා සිහි පිළිබඳ භාවනාව ද කිරීමත්. පින්දිම හා ගැනීමත් පින්  දෙක වේයයි ක්රභමයෙන් දැනගන්න.
    83.	පු	ව	ත	ර 	තෙරුවන්  ගුරුවර මවුපියනට තෙදි 	නා

පෙ ම ක ර කරණා මෙහෙයට වතාවතැයි කිය නා ගු ණ ක ර මුනිදම් සඟ සිල්වත්තට නම කර ණා ග රු ත ර එපිනට අපචායනයයි කී දිය නා

අන්වය:-

        පුවතර තෙරුවන් ගුරුවර මවුපියනට තෙදිනා පෙමකර කරණා මෙහෙ‍යට වතාවැතයි කියනා ගුණදර මුති දම් සඟ සිල්වත්තට නම කරණා ගරුතර එපිනට දියනා අපවායනයයි කී.

අර්ථය:-

         ප්රිසිද්ධවු  (බුද්ධ, ධර්ම‍, සංඝ යන)  ත්රි  විද රත්නය, ගුරුවරු මවුපියන් යන මේ අයට බලවත් ආදරයෙන් කරන උවටැන් වලට වතාවත් යයි කියනු ලැබේ. ගුණවත් වු බුද්ධ, ධර්මස, සංඝ යන සිප්වත් අයට නමස්කාර කරන උතුම් වු පිනට ලෝකනාථයන් වහන්සේ අපචායනය යයි කීසේක.
    84.	බ	ණ 	කීමත් බණ ඇසුමත් දෙපින්කමෙකි පව	රා

වෙ න ස නැතිව සම්දිටු ගෙන ඇද නැතිවනු තව රා අ න ත විණැති දිටු ඉඳු යැයි පැවසී වර සත රා ව ණ ත බැරිය මෙපින් කරණ අය ලබනා ඉසු රා

අන්වය:-

          බණ කිමත් බණ ඇසුමත් පවරා දෙපින් කමෙකි. වෙනස නැතිව සමි දිටු ගෙන තවරා ඇද නැතිවනු අනත පිණැති දිටු ඉඳු යැයි වර සතරා පැවසී. මෙපින් කරන අය ලබනා ඉසුරා වණත බැරි ය.




                                                                 කව් මුතු හර                                                 77


අර්ථය:-

     බණ කියුමත්, බණ ඇසීමත්, උතුම් වු පින් කම් දෙකෙකි. වෙනස් නොව සම්ය ක් දෘෂ්ටිය අදහා වැරදි ඇදහීම් හැර දැමිම, බොහෝ පින් ඇති සෘජු වු ඇදහීම යයි උතුම් වු බුදුහු පැවසු හ.  මෙබඳු පින් කරන අය ලබන සම්පත් වර්ණ නා කිරිම පවා අපහසු ය.
   85.	ප	ස්	පවු ඈ සද අකුසල් දුරු කරමින් සැම	දා

රැ ස් කරමින් දස විද සිල් මෙලෙසට සිත පහ දා ප ස් නිවරණ ඈ කෙළෙසුන් මැඩ හරිමින් නොම දා දො ස් කිසි නැති මොක් පුරයට පැමිණෙමු ‍ නොව බා දා

අන්වය:-

         සැමදා පස් පවු ඈ දස අකුසල් දුරු කරමින් මෙලෙසට සිත පහදා දසවිද රැස් කරමින් පස් නිවරණ ඈ කෙළෙසුන් නොමදා මැඩ හරිමින්, දොස් කිසිවක් නැති මොක් පුරයට බාදා නොව පැමිණෙමු.

අර්ථය:-

         හැම දිනයක පස් පවු ආදිය ද, දස  අකුසල් ද දුරු කරමින්, මේ ආකාරයෙන් සිත පහදා ගෙන, දස සිල් රැස් කර පස් බාධාවල් ආදි කෙළෙසුන් සම්පූර්ණවයෙන් ම නැති කර දමා, කිසිදු දොසක් නැති නිවනට බාධාවක් නොවි පැමිණෙමු.


      86.	දෙසත  මෙබඳු  දම් ළක	ල්

සමත ලෙවුහි වැසි සිය ල් අනත අමර උරඟ ගුරු ළු රැගෙණ මිනිස් වෙස් අතු ල්

අන්වය:-

         මෙබඳු ලකල් දම් දෙසත,  සම්ත ලෙවුහි වැසි සියල් අනත අමර, උරග, ගුරුළු,  අතුල් මිනිස් වෙස් රැගෙණ-




78 කව් මුතු හර ‍ අර්ථය:-

      මෙවැනි  අලංකාර වු ධර්‍මය දේශනා කරන විට,  සිංහල ‍ ලෝකවලම වාසය කරන බොහෝ දෙවියන්, නාගයින් හා ගුරුළන් අසමාන මනුෂ්ය  වෙස් රැගෙන-
    87.  	එ	බ	ණ 	දෙසන තැනට දු	ල්

සෙ දි න අවුත් රැස්ව ‍ ලො ල් ප ම ණ නොවන සතුටු සිති න අ ස න අතර දහම තු ල්

අන්වය:-

            දුල් එ බණ දෙසන තැනට සෙදින අවුත් ‍ ලොල් රැස්ව පමණ නොවන සතුටු සිතින තුල් දහම අසන අතර -

අර්ථය:-

       බබලන්නා වු ඒ ධර්මෙය දේශනා කරන ස්ථානයට වහා අවුත් ආශාවෙන් යුක්තව රැස්වි,  අප්ර මාණ සන්තෝෂයෙන් උතුම් වු දහම් අසන විට-
           88.	එනුවර   විසු පුවත	රා

වෙණු තක දිනු රූස රා උනු නොවෙනා ඈඟපසඟැ ති කුමරි කෙනෙක් වියෙව රා

අන්වය:-

         පුවතරා  එනුවර විසු  රූ  සරා වෙණු කත දිනු උනු නොවනා  ඇඟ සපඟැති කුමරි කෙනෙක් එවරා විය.

අර්ථය:-

          ප්රතසිද්ධ වු ඒ නගරයෙහි වාසය කළ රූපයෙන්  සිරි කත ජයගත් අඩු නොවන අඬග ප්ර ත්යඅඬගයෙන් යුක්ත වු කුමරියක් ඒ අවස්ථාවේහි වුවා ය.

89. සස ලප නැති සඳ ලෙ සේ ‍දොස කිසි නැති එදිගැ සේ දසබල දම් අසන විල ස එතැන් පත්ව සිට මෙ සේ

කව් මුතු හර 79

අන්වය:-

   සස  ලප නැති සඳ  ලෙසේ කිසි දොස නැති  එදිගැසේ දස බල දම් අසන   විලස එතැන් පත්ව මෙසේ සිට -

අර්ථය:-

       සා ලපය  නැති හඳ  මෙන් කිසි වරදක් නැති ඒ  කාන්තාව බුද්ධ ධර්මසය අසන සේ එතනට අවුත් මෙසේ සිට-

90. පදකුරු පිලි නොම හැ රා තද සතුටින් කන් පු රා ‍ සොඳ සගමොක් සැප ලබන ට බණසනකල සිත පු රා

අන්වය:-

        සොඳ  සග මොක් සැප  ලබනට  පද කුරු පිලි නොම හැරා  තද  සතුටින් කන් පුරා සිත පුරා  බණසන කල -

අර්ථය:-

           යහපත් වු දෙව් ‍ලොව සුවය හා නිවන් සුවය ලැබීමට සද අකුරු, ඉස්පිලි;  පාපිලි  ආදිය ද අඩු ‍ නොකර බොහෝ සන්තෝෂයෙන් යක්තව කන් පුරා සිත පුරා බණ අසන විට-

91. එපුදට ආ නා රාදෙ ක් එකතට කර පෙම් කඳ ක් වසඟට පැමිණෙන සැටිය ට මෙලෙස අයැද කළෙ උද ක්

අන්වය:-

          එපුදට ආ  නා රදෙක්  එකතට පෙම්  කදක් කර  වසඟට පැමිණෙ සැටියට  මේලෙස  උදක්  අයැදි  කළෙ-

අර්ථය:-

        ඒ  පූජාවට පැමිණි නාග රාජයෙක් ඒ කාන්තාවට මහත් සේ ප්රේවම උපදවා ඇය වසඟයට ගන්නා පිනිස මෙසේ බො‍හෝ යාච්ඤා කළේය.
 80                                                         කව් මුතු හර

92. තිදස පුරෙහි සැප ලෙ සේ අඩුවක් නැති ‍සොඳ ලෙ සේ උරපුර සිරි විඳින ලෙස ට සමඟ දෙදෙන සිත තො සේ

අන්වය:-

        තිදස පුරෙහි සැප ලෙසේ  අඩුවක් නැති උරපුර  සිරි දෙදෙන සමඟ  සිත තො සේ සොඳ  ලෙසේ විඳින ලෙසට -

අර්ථය:-

        තව්තිසා දෙව්ලොව සැප ලෙස අඩු නැති නාග ලෝක යෙහි සම්පත් දෙදෙනා සිත සතුටින් යහපත් ලෙස විඳින්නට 

93. රා ම නද යුද සිඳ බි ඳා කා ම සැප විඳ සොඳ ලෙ දා පෙ ම දියුණු දෙදෙන පණ සෙ සැ ම දින සැප විඳිමු දා

අන්වය:-

           රාම නද යුද සිඳ බිඳා  සොඳ  ලෙදා කාම සැප විඳ  පේම  දියුණු දෙදෙන පණසෙ සෑම දින සැප  විඳමුදා -

අර්ථය:-

        රාග සිතෙහි උපන්  කැලඹිම නැතිකර සොඳ‍සේ කම් සැප විඳ  ප්රේිමය දියුණු කර දෙදෙනා එක ප්රා ණයක් මෙන් හැම දිනය සැප විඳිමු ද?

94. මෙලෙස එ නාරද විසි නා අනෙක ලෙසින් බැති ලෙසි නා අයදි ස‍ඳෙහි තර කර මි නා එකුමරි සිත අලසෙ නා

අන්වය:-

            එ නාරද විසිනා බැති සිතිනා මෙලෙස අනෙක ලෙසින් තර කරමින අයදි ස‍ඳෙහි එකුමරි සිත අලසනා -
                                                          කව් මුතු හර                                                   81


අර්ථය:-

         ඒ  නාග රාජයා විසින් භක්ති සිතින් මෙසේ නොයෙක් විධියෙන් බලවත්ව ආයාචනා කළ විට ඒ කුමරිය සිත අකැමැත්තෙන් -

95. නොසතුටු වුයෙන් එදිගැ ස් විසදර වී තද සරො ස් යස එකුමරි මරණ පිණි ස් විසඳුම් ඇරියාය නොල ස්

අන්වය:-

        එදිගැස්  නොසතුටු  වුවෙන් විසදර තද සරොස් වි යස එකුමරි මරණ පිණිස  නොලස්  විස  දුම් ඇරියා ය.

අර්ථය:-

       ඒ කාන්තාව අසතුටු වු බැවින්   ඒ  නාගයා තදින්  කෝපවී  ශෝභන   වු ඒ කුමරිය මරණු පිණිස මහාම විස දුම් ඇරියේ ය.

96. එ විස දුමින් ගොරත රා වෙහෙ‍ස නොවිය සිය වෙ රා පසැස දම්හි සැදැහැ බෙලෙ න මෙබඳු නපුරු දුරුක රා

අන්වය:-

        ගොරතරා එවිසදුමින් සිය වෙරා වෙහෙස නොවිය. පසැස දම්හි සැදැහැ බෙලෙන මෙබඳු නපුරු දුරු කරා-

අර්ථ ය:-

      නපුරු වු ඒ විස  දුමෙන් තම ශරීරයට කිසි වේහෙසක් නොවිය.  බුද්ධ  ධර්ම ය කෙරෙහි  වු ශ්ර ද්ධා බලය නිසා මෙවැනි අනතුරු දුරු වන්නේ ය.


82 කව් මුතු හර

9‍7. යලි එම කිපි නා ර දා දිලි එකුමරි සිප බ දා මැලි නොව දරණින් වෙළමි ණ මුදුන පෙනය තිබු ස ඳා

අන්වය:-

        යළි එම කිපි නාරදා මැලි නොව දිලි එ කුමරි දරණින් වෙලමින් සිප බදා, මුදුන  පෙනය සදා තිබු.

අර්ථ ය:-

      නැවත එම කෝප වු නාගරාජයා මැලි නොවී, බබලන් නාවු ඒ  කුමරිය දරණින් වෙලාගෙන සිඹ  බදා ඇගේ  හිස මුදුනෙහි පෙණය සදා තැබුවේ ය.

98. පනිඳු තමන් ගත ‍ වෙ ළා මෙ බඳු වෙහෙස දෙන ක ලා කිසිදු බියක් නොව බණ සා ඔහු අබිමත දුරු ක ළා

අන්වය:-

        පණිඳු තමන් ගත වෙලා මෙබඳු වෙහෙස දෙන කලා කිසිදු බියක් නොව බණසා ඔහු අබිමත දුරු කළා-

අර්ථය:-

       නාග රාජයා තමාගේ ශරීරය  වෙළා,   මෙසේ කරදර කරන විට කිසිත් බයක් නොමැතිව  බණ අසා ඔහුගේ අදහස බිඳ  දැමුවා ය.

99. එබණවසනවු ක ලා නෙදන එදැක බිය වෙ ලා සෙදින කිමෙක්දැයි ඇසුවි ට සියලු පවත් පවස ලා අන්වය:-

       එබණවසනවු   කලා නෙ දත එ දැක බිය වෙලා සෙදින කිමෙක්දැයි ඇසු විට සියලු පවත් පවසලා.


                                                            කව් මුතු හර                                                       83

අර්ථය:-

    එ  බණ අවසාන වු විට බොහෝ ජනයා එය දැක බිය පත්ව  වහා කිමෙක් දැයි ඇසු කල සියලු ප්ර වෘත්තිය කියා.
	100.	ගත් වෙලමින් උන් එ 	දා

සිත් තද එම නා ර දා යේවයි සිතමින් ගත හැ ර සත් කිරි කළෙ ‍ෙමම ලෙ දා

අන්වය:-

          එදා ගත්  වෙලමින් උන් එම  සිත් තද නාරද  ගත් හැර යේවයි සිතමින් මෙම ලෙදා සත් කිරි කළෙ.

අර්ථය:-

        එදා ශරීරය වෙලාගෙන සිටි ඒ සිත දැඩි නාගා රාජයා ශරීරය හැර යේවායි සිතා මෙසේ සත්ය   ක්රිරයා කළාය.

101. දෙ ක දෙක සමවතට ‍ෙනාපැමිණ මෙ දිවියෙ න දැ ක දු ක සසර බඹසර වස් සොඳ ලෙදි න දෙ ක ස ක මෙම‍ා රැකි සත් බස් දමි න නෙ ක ව ක ලමින් බැදි නා යව හැර දර නා

අන්වය:-

        මෙමා මෙදිවියෙන දෙක දෙක සමවතට නොපැමිණ සසර දුක දැක දෙක සක ලෙසින සොඳ ලෙදින බඹසරවස් රැකී, සත් බස් දමින නෙක වක ලමින් බැඳි දරණ හැර නා යව.

අර්ථනය:-

      මා මේජීවිතයෙන් රත්රිසයට නොවැද,  සංසාරයේ දුක දැක දෙනෙත පරිද්දෙන් මනාකොට බ්ර හ්මචය්යාවිය ව රක්ෂාන කරන ලදි යන සත්යේ වචනයේ කුසල බලයෙන් බොහෝ වෙළීමෙන් බඳින ලද දරණ වැල මුදා නාගය! යන්න.



84 කව් මුතු හර

   102.	ර හ සි න	‍ෙනාරහසින සිත් ගත් සහ බ	සිත

කිසි දින වෙනස ‍ෙනාව බඹසර මා වි සිත එකැ තින රකින බව සත් විද ‍නොව ල සිත ද ර ණින වෙළුන නා බැසයේවා තො සිත

අන්වය:-

          මා විසන කිසිදින රහසින නොරහසින සිත් ගත් සහ බසින වෙන්සක නොව බඹසර රකින බව එකැතින සත් විද දරණින වෙළුන නා ‍තොසින නොවලසින බැසයේවා.

අර්ථ ය:-

      මා විසින් කිසි දවසෙක රහසින් හෝ නොරහසින් (පිරිමින්ගේ)  සිත් ගන්නා මිත්රල වචනයෙන් වෙනසක් නොකර බ්රසහ්මචය්යාෝ න ව ආරක්ෂා් කරන බව ඒකන්ත සත්යියක් වි නම් දරණයෙන් වෙළුන නාගයා සතුටින් වහා බැස යේවා!
  103.	මුව	තුළ  කිරි සුවඳ  ඇති තෙක් පටන්  සි	ට

නොවලස මෙදින දක්වා මම නොකඩ කො ට නොවකැළ ලක් රැක්කෙමි බඹසර ‍ෙසාඳ ට එම බල සත් විනම් විසදර යව දුර ට

අන්වය:-

           මම   මුව තුළ කිරි සුවඳ ඇති  තෙක් පටන් සිට මෙදින දක්වා අලස නොව නොකඩ කොට, ගැළලක් නොව සොඳට බඹසර රැක්කෙමි. එම බල සත් විනම් විසදර දුරට යව.

අර්ථකය:-

       මම කටෙහි කිරි සුවඳ ඇති කාලයේ සිට අද දක්වා මැලි නොවී,  කඩ නොකර, කැළලක් ඇති නොකර,  යහපත් සේ බඹසර රැක්කෙමි.  එම බලය සත්යුයක් වී නම් නාගය!  ඉවත යන්න.
   104.	තන	පා	වයස සිට අද මේ දින ද	ක්කා

මන සා තොසින් මම බඹසර වස් රැ ක්කා වෙන සා නොව සුසත් විද එම ‍නොව ල ක්කා තණ සා වෙරැරි ‍ෙනාව සිට යව මා එ ක්කා



                                                                කව් මුතු හර                                                      85

අන්වය:-

      ම  තනපා වයස සිට අද මේ දින දක්කා මනසා ‍ෙතාසින් වෙනසා ‍ෙනාව නොවලක්කා බඹසර රැක්කා,  එම සුසත්විද මා එක්කා තණසා වෙරැරි ‍ෙනාව සිට යව.

අර්ථය:-

      මම  කිරි බොන වයසේ සිට අද මේ  දවස  දක්වා සිත් සතුටින් වෙසක් නොකර ‍නොකඩවා  බ්ර හ්මචය්ය්ිරිව රැක්කෙමි. එය සත්යසයක් වී නම්, නාගය මා සමඟ වෛරයක් නොවි යන්න.
    105.	මෙදිවි	ලත්   පටන් අද මේ දින ද 	ක්කා

ම දි වි ලෙස කුමරි බඹසරවස් රැ ක්කා එ ම වි සුසත් වි නන් පස් නොව ළ ක්කා න ද වි වෙළුම් හැර යේවා පා ද ක්කා

අන්වය:-

         මෙ   දවි ලත් පටන් අද දින මේ දක්කා මදිවි ලෙස කුමරි බඹසරවස් රැක්කා එම විසු සත් වි නම් සප් නොවලක්කා නදවි පා දක්කා වෙළුම් හැර යේවා.

අර්ථය:-

       මේ ජිවිතය ලැබු දා සිට අද මේ දවස දක්වා මගේ ජිවිතය පරිද්දෙන් කුමරි බඹසර රක්ෂාව කෙළෙමි. එසේ විසු බව සත්යියක්  වී  නම්  සර්ප යා  නොවලක්වා සතුටින් පාදය දක්වා වෙළා ඇති දරණ වැල හැර යේවා!
   106.	ස ද හ ම්	සවන කළතෙය මෙහි මා විසි	න

ප ද ය ම් වන පිලිද නොවළා බැති පෙමි න ඇද හු ම් ලෙසින් ඇසු බව සත්විද සොබ න බැඳ හු න් මෙ නාරක යේවා හැර දර ණ

අන්වය:-

       මෙහි මා විසින් සදහම් සවන කළත්, එය පදයම් වන පිළිද නොවළා බැති පෙමින ඇදහුම් ලෙසින් සොබන ඇසු බව සත්විද මෙ නාරද බැඳහුන් දරණ හැර යේවා!



86 කව් මුතු හර


අර්ථය:-

       මේ ස්ථානයේ මා බණ අසන විට එය පද, ඉස්පිලි පාපිලි ආදිය පවා අඩු ‍ නොකර භකති ප්රොමයෙන් විශ්වාස වත්ව හොඳින් ඇසු  බව  සත්යවයක් වී නම් මේ නාග රාජයා බැඳු සිටි දරණ වැ මුදා යේවා!
    107.	රු	දු	රු ‍ෙගාර මෙ සප් මරණට කළ නෙ උ	පා

මු දු තිර මෙත් කෙළෙමි වෙත නොව කෝ පා සු දු සත් විද මෙ බස් උරහිඳු ‍ෙනාකොට ද පා බ ඳ වෙළු දරණ හැර යේවා බිඳ කෝ පා

අන්වය:-
            රුදුරු ‍ෙගාර මෙ සප්  මරණට නෙ උපා කළ- මුහු වෙත කෝපා නොව මුදු තිර මෙත් කළෙමි.   මෙ බස් සුදු සත් විද උරහිඳු දපා නො‍ෙකාට කෝපා බිඳ බඳ වෙළු දරණ හැර යේවා!

අර්ථය:-

         රෞද්රර වු දරුණු වු මේ සර්ප යා (මා)  මැරීමට නොයෙක් උපායයන් යෙදුව ද මොහු වෙත   කෝප නොවි මෘදු වු ස්ථිර වු මෛත්රිරයම දැක්විමි. මෙ වචන පිරිසුදු  සත්යේ වී නම් නාග රාජයා උඩඟු නොවි  කෝපය අත්හැර ශරීරය වෙළවන ලද දරණ වැළ මුදා යේවා!
     108.	ත	ද	රු  දු  නා	විස ගොර නැහැ පවනට	ද

බ ඳ වෙළු නා දරණ මත බැඳි පණයට ද ත ද බියෙ නා තොර වු සත් බසින් තෙ ද බ ඳ වෙළු නා හැර යේවා වෙමින් ත ද

අන්වය:-

         තද රුදු නා  විස  ගොර නැහැ පවනට ද,  බඳ වෙළුනා  දරණ මත බැඳි පණයට ද, තද බියෙනා තොර වු තෙද සත් බසින් බඳ වෙළුනා නද වෙමින් හැර යේවා!





                                                                කව් මුතු හර                                                                  87                             

අර්ථය:-


  ඉතා රෞද්ර  වු නාගයාගේ දරුණු වු විෂ  ඇති නාසයෙන් පිඹින සුස්මට ද,?  ශරීරය වෙළා ඇති  නාග දරණය මුදුනෙහි  වු පෙණයට ද,  තද බියක් නොපෙන්වන තේජවත් වු සත්යන වචනයේ බලයෙන්, ශරීරය වෙළා සිටින මේ නාගයා සතුටින් එය මුදා  යේවා!
    109.	කා	මා	තුරව බැඳි අනුරා නා රඳු	ට

මෙ මා තුන් දොරින් අවසර ‍ නොදි ඊ ට මෙ මා තරව උන් බස් සත් විද සොඳ ට ප මා නොව වෙළුම් හැර යේවා දුර ට

අන්වය:-

      කාමාතුරව අනුරා බැඳි  නා රදුට  මෙමා තුන් දොරින් ඊට අවසර  නොදි මෙමා තරව  සොඳට උන් බස් සත් විද,  පමා  නොව වෙළුම් හැර දුරට  යේවා!

අර්ථය:-

      කාමයෙන් ගිලන්ව අනුරාගයෙන් බැඳුණු නාග රාජයාට මාසි ත කය වචනය යන තුනෙන් ම එයට අවසර නොදි ස්ථිරව යහපත්ව උන් බව පවසන වචන සැබෑ නම් (මේ නාගයා) ප්රතමාද නොවි වෙළුම් හැර ඉවතට යේවා!
   110.   	ඉ දු	සු දු	ළදැරි බඹසර වස් රැකි  	සොදි න

බු දු සු දු ඉදු වදන් ඇසුවෙමි බැති පෙමි න සු දු ඉ දු සුසන් විද මේ බස් තර ලෙදි න බැඳු සු දු දරණ වැල හැර නා යව තොසි න

අන්වය:-

        ඉදු  සුදු  ළදැරි බඹසර වස්  සොඳින  රැකි, බුදු  සුදු  ඉදු වදන් බැති පෙමින ඇසුවෙමි.  සුදු ඉදු  මේ බස් සුසත් විද,  නර ලෙදින බැඳු සුදු දරණ වැල හැර නා තොසින යව.






88 කව් මුතු හර


අර්ථය:-

      ඇද නැති වු පිරිසුදු වු කුමරි බඹසර යහපත් ලෙස ආරක්ෂා් කරගෙන, බුදුන්ගේ ශුදධ වු අවංක වු වචන භගති ප්රේදම යෙන් අසා ගත්තෙමි.  පිරිසුදු වු සෘජු  වු මේ වචන මනාව සැබෑ  වි නම්, ස්ථිරව බඳින ලද සුදු දරණ වැල මුදා නාගය!  සන්තෝෂයෙන් යන්න.
  111.	මෙලෙද	සත්කිරිය කළ අවසාන ක	ල

සු හ ද මෙත් කුළුණු කර සප් රද නිම ල වැ ල ඳ තිබු දරණ වැල හරමිනි නිම ල නොම ද බැතිපෙමින් බුහුමන් කර නොස ල

අන්වය:-

        මෙලෙද  සත් කිරිය කළ අවසාන කල නිමල සප්  රද සුහද මෙත්  කුළුණු කර, වැළඳ  තිබු නිමල දරණ වැල හරමිනි,  නොමද නොසල බැති පෙමින් බුහුමන් කර-

අර්ථය:-

          මෙසේ සත්යර ක්රිබයා කරන නිම වු විට නිර්මෙල වු  නාගරාජයා  මනා  සිතින් මෛත්රි  හා කරුණා උපදවා වෙළා තිබුණු නිර්ම්ල වු දරණ වැල මුදාගෙන බො‍හෝ වු ස්ථිර වු භක්ති ප්රේාමයෙන් බොහෝ ගෞරව කර-
  112.    ත	ම	එකගත සිය දහසක් පෙණින ව	ල

නි ම නැති තුටින් මවමින් එහි මත ලක ල කු ම රි එසත්කිරි කළ තබමින් නිම ල අ ම ද පුද කළේ නා සෙනවි සහ බ ල

අන්වය:-

      තම එක ගත  සිය දහසක් පෙණිනවල මවමින්, එහි මත නිම නැති තුටින් එසත් කිරි කළ ලකල  නිමල කුමරි තබමින් බල නා සෙනෙවි සහ අමද පුද කෙළේ.




                                                              කව් මුතු හර                                                     89

අර්ථය:-

     තමාගේ  එක ශරීරය වසමින් සිය දහසක් ‍ පෙණ මවා එය මත බොහෝ සන්තෝෂයන් ඒ සත්ය  ක්රි යා කල අලංකාර වු,   පිරිසුදු  වු කුමරිය තබා බලවත් වු නාග සෙනෙ‍වියා ද සමඟ  එක්ව බොහෝ පූජා කළේ ය.
   113.     පේමයෙන්   පිරි  එදිව නාරද
                                               බෝ ලෙදින් පුද කරමින් සුම	නා

පේ ම ව න් තම පිය දු විලසින්

                                                      කාම සිතක් සිඳ බිඳ හැර ‍ෙනාම	නා

හේම න න් වු මහා පුද කරමින්

                                                  සැම පරාදම කම වන ලෙදි	නා

සෑම තැන් වල පිසඳුව යන ලෙස නාරදුන් පුදකර නිමවමි නා

අන්වය:-

       පේමයෙන් පිරි එදිව නාරද  සුමනා බෝලෙදින් පුද  කරමින් නොමනා කාම සිත් බිඳ හැර තම පේමවන්  පිය දූ විලසින් සැම පරාද ම කම වන ලෙදිනා හේම නන් වු මහා පුදා කරමින් නාරදුන් සෑම තැන්වල පසිඳුව  යන ලෙස පුද කර නිම වමිනා.

අර්ථය:-

        ප්රේ මයෙන්  පිරුන   ඒ  දිව්යම නාග රාජයා  යහපත් වු සිතින් බොහෝ පූජා කර, නුසුදුසු කාමුක හැඟීම් ඉවත් කර තමාගේ ආදරණීය වු ප්රිරය දුවක් සේ සලකා,  (තමා කළ)  හැම අපරාධයකට ම ක්ෂසමාව ලබන පිණිස  රන්මුවා මහා  පූජාවන් ඒ නාග රාජයා සෑම ස්වානයකම ප්ර(සිද්ධ වනසේ කර නිම විය.
   114.    එ ස ඳ 	එපුර සියළු  දනෝ විස්මවෙමින් මෙ කරුණු දැ	ක

පෙමද තුටින් පැලදි බරණ අනගි උතුරු සළු සහනෙ ක නොමද අනත්වත් පුද තුති ගී පවසමින් අනෙ ක ස හ ද අදර බුහුමන් සෙද එකුරිහට කළහ නොයෙ ක





90 කව් මුතු හර

අන්වය:-

      එසඳ  එපුර සියළු දනෝ මෙ  කරුණු දැක විස්ම වෙමින්, පෙමද  තුටින් පැළැඳි  නෙක බරණ සහ උතුරු සළු නොමද අනත්වත් පුද කර අනෙක තුති ගී පවසමින් එකුමරිය හට සෙද සුහද  අදර බුහුමන් කළහ.

අර්ථය:-

           එකල්හි ඒ නගරයෙහි සියළු ජනයා මේ කාරණය දැක පුදුමයට පැමිණ ආදරයෙන් යුක්තව සන්තෝෂයෙන් පැළඳ සිටි නොයෙකුත් ආභරන සහ  උතුරු  සළු ද,  බොහෝ කෙළවරක් නැති වස්තුව ද පූජා කර නොයෙක් ස්තුති ගීතිකා කියමින් ඒ කුමරියට වහා  මනා සිතින් ආදර ගෞරව කළෝ ය.
    115.    අ ට ‍‍ලො  ස් 	කෙළ පමණ දනින් පුදලත් එකුමරි පිවිතු	රු

නොව ‍දොස් බඹසර වස් සහ සැදැහැසිතින්යුත් නිරතු රු පෙ හෙ ‍වස් පන්සිල් රකිමින් දිවි

                                                       ඇති තෙක් නොකොට අතු	රු

සැව ගොස් එම නුවර රදුගෙ අගබිසඋන් කුසෙහි මහ රු

අන්වය:-

       අටලෝස් කෙළ පමණ දනින් පුද ලත් නිරතුරු සැදැහැ සිතින් යුත්  පිවිතුරු එකුමරි නොවදොස් බඹසර වස් සහ අතුරු නො කොට පෙහෙවස් පන්සිල් රකිමින් සැප ගොස්  එම නුවර  රදුගෙ මහරු අග බිසඋන් කුසෙහි-

අර්ථය:-

      දස අට ‍කෝටියක් පමණ ධනයෙන් පූජා ලැබු සෑම විටම ශ්ර ද්ධා සිතින් යුක්ත වු පිරිසුදු වු ඒ කුමරිය දොසක් නොවී බ්රටහමචය්යාපමණ ව ද,  අන්තර‍ෙයක් නොකර  උපොෂථ ශීලය හා පංච  ශීලය ද රකිමින් සිට මිය ගොස් ඒ රජ තුමාගේ උතුම් වු අග බිසවගේ කුසයෙහි-






                                                            කව් මුතු හර                                                   91
   116.	පි  ළි  සි  ඳ 	දසෙකඩ මස පිරි දින සවු ලෙවු කර මනන	ද

දි ලි සොඳ සත්රුවන් මහර වස්වා බිහි වු නිසි ලෙ ද ද ඹ න ද රන් පැරයු උතුම් පබරතුනු ඇතියෙන්සෙ ද ගු ණ බ ඳ එකුමරි අසදිස කවන දේවිය නම් ල ද

අන්වය:-

       පිළි සිඳ දස එකඩ මස පිරි දින සවු ලෙවු මන නද කර දිළි සොඳ  මහරු සත්  රුවන් වස්වා නිසි ලෙද බිහි වු දඹ  නද රන් පැරයු උතුම් පබසර තුනු ඇතියෙන් ගුණ බඳ අස දිස එකුමරි කවන දේවිය නම් සෙද ලද.

අර්ථය:-

       පිළිසිඳ  නව මසක් පිරුණු දිනයෙහි  සියලු ‍ ලෝකයා ගේ සිත් සතුටු කර, බබලන්නා වු යහපත් වු අගනා සත් රුවන් වස්වමින් නිසි අයුරු බිහි වු දඹ රත්රන් පරදවන සේ උතුම් වු කාන්තිමත් ශරිරයක් ඇති බැවින් ගුණවත් වු  අසමාන වු ඒ කුමරිය කංචනා  දේවිය යන නම වහ ලැබුවා ය.
   117. 	පුර	සඳ	‍ෙමන කෙමෙන් වැඩි නෙක
                                                       සිප් සිඳු තෙර දකිමි	න

සුර ඟන පරයන මන හර විසිතුරු ලකුණෙන් බබල න හිර සඳ ලෙස පසිඳු විය මුළු මහ දඹදිව හැමතැ න වර දුළ පස්කලණින් යුතු ඒ කුමරි දනමන පිණ ව න

අන්වය:-

          වර  දුළ  පස් කලණින් යුතු දන  මන පිණවන එකුමරි  පුර සඳ මෙන් කෙමෙන් වැඩි, නෙක සිප තෙර දකිමින,  සුරඟන  පරයන බබලන මනහර විසිතුරු ලකුණෙන් මුළු මහ  දඹදිව නැන හිරි සඳ  ලෙස පසිඳු වීය.

අර්ථය:-

     උතුම් වු බබලන්නා වු පඤව කල්යාිණයෙන් යුක්ත වු  මිනිසුන්ගේ සිත්  සතුටු කරන  ඒ  කුමරිය පුර හඳ මෙන්  ක්රඋමයෙන් වැඩි නෙයෙක් ශිල්ප කෙළවර දක්වා ඉගෙණ




92 කව් මුතු හර

ගෙන දෙව් ලියන් පරදවන බබලන සිත් අදිනා ශොභන ලක්ෂ ණයෙන් මුළු මහත් දඹදිව හැම තැන ම ඉර හඳ මෙන් ප්රයසිද්ධ වුවා ය.

118. එ ක ල සියලු දඹදිව වැසි රජහු නොමද පෙම් බඳිමි න

         ල ක  ල 	සියලු දේවි කැඳවා ගණ යන විලසි	න
         වි  පු  ල  	අනගි පඬුරුසමග ඇමතිදනන්  හැර වෙනවෙ	න
         අ  තු  ල	එකුමරිය  නොලදින් වින්දෝ හද දුක් ළසොවි	න

අන්වය:-

        එකල සියලු දඹදිව වැසි රජහු නොමඳ පෙම් බඳිමින ලකල එ කංචන දේවී කැඳවා ගණ යන විලසින  විපුල අනගි පඬු සමඟ වෙන වෙන ඇමති දනන්  හැර අතුල එකුමරිය  ‍නොලදින්  ල‍සොවින හද දුක් වින්දෝ.

අර්ථය:-

     ඒ කාලයේ මුළු දඹදිව සිටින සියලු ම රජවරු බො‍හෝ ආදරය බැඳ,  ශෝභන වු  ඒ  කාංචන දේවය කැඳවා  ගෙන යාම පිණිස  මහත්  අගනා ත්යාමගයන්  සමඟ වෙන වෙන ම අමාත්ය,යන් යවා අසමාන  වු  ඒ කුමරිය  නො ලැබුණ බැවින් සිත් තැවුලින් දුකට පත් වුහ.
  119.  	එ  ලෙ ස	තමන් පාවාගණ යන  විලසට ආවුන් හ	ට

අ ල ස වනසෙ දෙමින් තෙපුල්

                                                        සරණින්  කිසි කම් නැත ම	ට

නොලස ව මොක් පුර යන මෙන් සිල්

                                                            රකිනෙමි කියා සොඳ	ට

සතොස ව ගොස් මෙහෙණවරට මනරම්

                                                              දම් සවණය ‍කො	ට

අන්වය:-

        එලෙස තමන් පාවා ගණ යන   විලසට ආවුන් හට අලස වන සෙ තෙපුල් දෙමින්  මට සරණින් කිසි කම්  නැත නොලසව මොක් පුර යන  මෙන් ‍සොඳට  සිල් රකිනෙමි කියා  සතොසව මෙහෙණවරට ‍ෙගාස්  මනරම් දම්  සවණය කොට-




                                                            කව් මුතු හර                                                      93

අර්ථය:-

               එසේ තමා  සරණ  කැර ගන යන සේ පැමිණි  අයට නො කැමැති වන සේ කථා කරමින්,  “මට සරණයෙන් කිසි වැඩක් නොමැත ඉක්මන්  කර නිවන් යන පිණිස මනා කොට සිල් රකින්නෙමි” කියා සන්තෝෂයෙන් භික්ෂුඩණීන්ගේ ආරාමය  ගොස් ‍සිත් පිනවන්නා වු  බණ අසා-
  120.  	සිවු	මැලි එ කුමරි මහණව මහළු පැවිදි  ලැබ මොනව	ට

සිවු පිරිසුදු සිල් රකිමින් විදසුන් වඩමින් තරකො ට සිවු මග සිවුපලට පැමිණ අපමණ කෙලෙසුන් දු රු කො ට සිවු පිළිසිඹි රහත් බවට පත්ව පසිඳු විය තිලොව ට

අන්වය:-

          සිවු මැලි එ කුමරි  මහණව මොනවට උපසම්පදා ලැබ, සිවු පිරිසුදු සිල් රකිමින් තර කොට විදසුන් වඩමින් සිවු මග සිවු පලට පැමිණ අපමණ  කෙලෙසුන් දුරු කොට සිවු පිළිසිඹි  රහත් බවට පත්ව තිලොවට පසිඳු විය.

අර්ථය:-

      සියුමැලි වු කුමරිය  මහණ වි යහපත් සේ උපමපදාව ලැබ පවිත්රි වු සතර සිල් රකිමින්  උත්සාහයෙන් විදශීනා වඩා මාර්ගක සතර සහ පල හතරට ද පැමිණ,  කෙලවරක් නැති කේලශයන් දුරුකර සිවු  පිළිසිඹියා පත් රහත් බවට පැමිණ තුන් ලෝකයෙහි ම ප්රපසිද්ධ වුවාය.
   120.   	මු  න් ඳු 	සසුන්  ගුවන්  තෙලෙහි  බබලන  හිර  සඳ  විලසින 	න

මෙ බඳු රහත් කංචන මෙහෙණිය බෝගල් වැඩ සිටිමි න අ ම දු අනත දන ගණහට සගමොක් සුවදී වෙසෙසි න ප සි ඳු නිවන් පුරට වැටි ය සේක සියලු දුක් නසමි න

අන්වය:-

      මෙබඳු රහත්  කඤචන  මෙහෙණිය මුනිඳු  සසුන් ගුවන්  තෙලෙහි බබලන හිර  සඳ විලසින බෝ කල  වැඩ  සිටිමින.  අමදු අනත දන ගණහට වෙසෙසින සග මොක් සුව දී සියලු දුක් නසමින පසිඳු නිවන් පුරට පැමිණි  සේක.



94 කව් මුතු හර

අර්ථය:-

    මෙසේ රහත් වු  කඤචන  මෙහෙණිය බුද්ධ  ශාසනය නමැති අහසෙහි බබලන ඉර හඳ  මෙන් බොහෝ කාලයක් වැඩ සිට, මහත් වු අප්රයමාණ  ජන සංඛ්යාසවකට විශෙෂයෙන් දෙව්  සුව  හා  නිවන්  සුව  දී සියලු දුක්  නැතිකර  ප්රෙසිඬ වු නිවනට පැමිණියා ය.
 122.	වි ත ර	නැතිව  වෙහෙස දෙමින් සිරුර

වෙලා සිටි පණිඳු ට අ ත ර කිසිත් බයත් නැතිව බණැසු පිනින්

                                                                    එකුමරි සෙ	ට

ප ව ර නිවන් පුරට පැමිණි බව ඇසු සුදනති සහතු ට නි ත ර දහම් අසා තෙපිදු සැපතින් යමු මොක් පුරය ට

අන්වය:-

          විතර නැතිව වෙහෙස දෙමින්  සිරුර වෙලා සිටි අතර, පණිඳුට  කිසිත්  බයක් නැතිව බණ ඇසු පිනින්  සෙට එකුමරි පවර නිවන් පුරට පැමිණි බව ඇසු සුදනනි  සහතුට නිතර දහම් අසා තෙපිදු සැපතින් මොක්  පුරයට යවු.

අර්ථය:-

      අප්ර මාණ පිඩා කරමින් ශරීරය වෙලා ගෙන සිටින අවස්ථාවේ ද,   නාග රාජයාට කිසිදු බියක් නොවි බණ ඇසු පිනින් ශ්රෙටෂ්ඨ වු ඒ කුමරිය උතුම් නිවන් පුරයට පැමිණි බව ඇසු යහපත් මනුෂ්යගයිනි,  සන්තෝෂයෙන් නිතරම බණ අසා ඔබ හැම දෙනා ද සැපයෙන් යුක්තව නිවනට යන්න.

123. එ ම කුමරිය සැදැහැ සිතින් බණැසු පිනින් සහ ගුණයෙ න අ ම සැප මරණින් මතු ලැබුවත් හැර එම දින විගසි න සැ ම දැන ගෙන් එතැන් රැස්වු මහසම්පත් ලදි නිදුකි න මෙම ලෙස දෙලොවම සුවදෙන උතුම් දහම් අසවු නිති න



කව් මුතු හර                                                            95

අන්වය:-

       එම  කුමරිය  සැදැහැ සිතින් බණැසු පිනින් සහ  ගුණයෙන් මරණින් මතු අම සැප  ලැබුවත් හැර එම දින එතැන් රැස් වු සැම දනගෙන් මහ  සම්පත්  විගසින් ලදී. නිදුකින මෙම ලෙස දෙ‍ලොව ම සුව දෙන උතුම් දහම් නිතින අසවු.

අර්ථය:-

         ඒ කුමරිය  ශ්ර ද්ධා  සිතින් බණ ඇසු  පිනින් සහ ගුණයෙන් මරණින් මතු නිවන් සුව ලැබුවා පමණක් නොව ඒ දිනයෙහි එතැන රැස් ව සිටි සෑම ජනයාගෙන් ම මහා සම්පත් මහා  ලැබුවා ය. දුකක් නොවි මෙසේ දෙලොව ම සැප දෙන උතුම් වු ධර්මමය නිතර අසන්න.
   124.	වැඩිතර  කිසි නුවනක් නැති ඉතිරි  බැවුහි  සිටි  ලදැ 	රිය

එඩි තර පිරිමින් නොසිතන මෙබ ඳු විකුම් කර සපි රිය දැඩි තර සසරින් මිදෙමින් නිවන් දැකපු කල මිහි රිය වැඩිතර කීමෙන් කම් නැත කුසල් කරවුඇතොත් හි රිය

අන්වය:-

     වැඩිරත  කිසි  නුවණක් නැති ඉතිරි  බැවුහි සිටි  ලදැරිය  එඩිතර පිරිමින්  නොසිතන මෙබඳු සපිරිය විකුම් කර දැඩිතර සසරින්  මිදෙමින් මිහිරිය නිවන් දැකපු කල වැඩිතර කීමෙන් කම් නැත. ගිරිව  ඇතොත් කුසල් කරවු.

අර්ථය:-

            වඩා කිසිත් නුවනක්  නැති  ස්ත්රීවයක්  වු ඒ කුමරිය එඩිතර  පිරිමිනට  සිතීමට  පවා අපහසු මෙවැනි සම්පූර්ණු වික්රකමයක් කර දැඩි වු සසරින් මිදි මිහිරිවු නිවන් දුටු කළ,  වඩා කීම අවශ්ය  නොවේ. ලජ්ජාව ඇත්නම් පින් කරන්න.

125. ඇසු දන සතුටු ව න පා මහ පුදය සමගි න කසුං දේවිය ගු ණ කියා නිම වී ඉතා සැකෙවි න

අන්වය:-

       ඇසු දන සතුටුවන පා මහ පුදය  සමගින  කසුං දේවි ගුණ ඉතා සැකෙවින කියා නිම වි.

96 කව් මුතු හර

අර්ථ ය:-

     අසන ජනයා ප්රී තියට පැමිණෙන පාත්ර  මහා පුජාව සමඟ  කාඤචන දේවියගේ ගුණ ඉතා කොටින් කියා  නිම කරන ලදි.

126. කව් මුතුහර නමි න යුත් මෙකව දන මන නද න සිත් පෙම් වඩමි න පවතුවා ඇතිතෙක්ම මෙසසු න

අන්වය:-

      කව් මුතුහර නමින් යුත් දන මන නදන මෙ කව සිත්  පෙම්  වඩවමින මෙ සසුන ඇති තෙක්ම පවතුව.

අර්ථවය:-

      කව් මුතුහර නමැති ජනයාගේ සිත්  සතුටු කරන  මේ  කාව්ය ය සිත් වල  ආදරය වැඩි කරමින් මේ බුද්ධ ශාසනය තිබෙන තුරුම  පවතිවා.
  127.	සතර  වදුක්  නොවන පිණිස සැදැහැ සිතින් කුසල් කර	න

සතර සතර සතර දහම් කෙසර තෙලට රන් බාජ න සතර සුගුණ දම් රක්නා දම් නද සෙට යතිඳු විසි න පව ර මෙකවි කළ බව දනු මොක් සිරි ලබනට නිසැකි න

අන්වය:-

       සතරව  දුක් නොවන පිණිස සැදැහැ සිතින්  කුසල් කරන සතර  සතර සතර දහම් කෙසර තෙලට රන් බාජන  සුගුණ දම් සතර  රක්නා සෙට දම් නඳ යතිඳු විසින නිසැකින මොක් සිරි ලබනට පවර මෙකව කළ බව දනු.

අර්ථ ය:-

        සතර අපාගත වී  දුකක් නොලැබෙන පිණිස ශුද්ධ  සිතින් පින් කිරිමෙහි යෙදෙන, බුදුන්ගේ සාරවු චතුරාය්‍ර්යග ධමර්යැ නැමැති සිංහ තෙල් දැමීමට රන් භාජනයක් වැනි වු,  උතුම් ගුණ ඇති ධර්ම  ශාසත්රලය ආරක්ෂා් කරන, ශ්රෙධෂඨ වු ධර්මා නන්ද ස්වාමින් වහන්සේ විසින් ස්ථිරව ම නිවන් සුව ලබන පිණිස ප්රඇසිද්ධ වු මේ කව්ය ය කළ බව දත යුතුයි.
                                          			 නිමි.