කව්මිණි මල්දම-viii
701. මහසඟන කරන ද පෙර’පර යොදා නිසි ලෙ ද සෝනක දා පබ ඳ මෙසේ නිමවුසේක මුනිස ඳ
702. ගුණ නැණ සිරි නොම ඳ සපුරා සිටින හැම ස ඳ සරසවිය සිරිස ඳ තුඩග උරතල වසන ලොබ බැ ඳ
703. පිරි යස කින් වතු ර පවර හෙළදිව් නලැ ති ර පර දෙස්වල විසි ර පුරා ගැවසී සිටින නිර’තු ර
704. සබා මැද වියතුන් පැමිණෙන දෙවන වියතුන් නොමැති මෙත් වියතුන් පුරුදු පරදෙස බසින් වියතුන්
705. දිලුම් කළ තෙදනලින් මොළ රිපුනිලු දවා හරිනා ලසේ නොහිමි වන යස සඳුන් දිගඹුර අරු ලෙව් කරනා තොසේ ගොසින් වැද හෙළ රදුන් සබගැබ පොලඹනා සරසවි රසේ සියත් සහ යටහතුන් සිරි නිති හොබ වනා මිණි කිරුළසේ
706. උ බය පරපුර කෙරෙන් නිකසලව මෙන සක් කිරි සයුරුවන් ලැබය ගරුතර නෙතනතුරැ සහ රදුන’ණින් රනදම් රුවන් ස බය කර සයහිතැත් මාතොට හෙමගුහාරක් කෙස රුවන් අ බය සිරිවද්දන ඉලන්ගක්කෝන් මහමැති ඇසු රුවන්
707. මුනිඳු මුනි දම් ස ඟ තෙරුවන් කෙරේ සිත ර ඟ සිරි දිවග කර යු ඟ නිබඳ අවනත කරන එකර ඟ
708. වස දසක දෙක දෙ ක උනුවක්ද ඉන් වැඩියෙ ක නොමැති ලද වයසෙ ක ඉගෙණ මුනිදම් සතර පමණෙ ක
709. ඌරු විටි ගෙපිය ස සුදී කව්සිපි නිසිලෙ ස අත් පරවැඩ පිණි ස බහා මුනිදම් කව්හි පද ර ස
710. අප දියනා ව සින් දෙදහස් තෙසිය සොළ සින් පිරි වෙසගෙහි නි සින් මෙතිමු පුණුපෝදාහි සතොසින්
711. ස මා ස මා සුරනරත වී සින්දෝ යොමා යොමා සතරණව වි සින්දෝ නි මා නි මා නුදුටුය වෙසෙ සින්දෝ ස මා ස මා පවසනු කෙලෙ සින්දෝ
712. ල මා ල මා මවිසින් කිවිසි න්දෝ අ මා අ මා දෙන මුනිදහමි න්දෝ ල මා ල මා කුළුණැති නුවණ න්දෝ යොමා යොමා තුටු වව් ලපෙමි න්දෝ
713. තිලෝගුරු මුනි ස ඳ මහගු ගුණගෙන පදබැ ඳ කිව් මගෙ සිතැගිලෙ ඳ ලැබේවා ලොව්තුරා බුදුප ඳ
714. අ ත් වන දුක් රු දුරු සෙත් ගුණය හළ බහ දුරු නැණැතත් සෙ ලොවැ දුරු හීන කුල සේවනය කර දුරු
715. මුනිඳු ගුණ කීම ට මතු මා උපනුපන් වි ට මෙපින් බල මුල්කො ට පොහොම් වේවා වියන් බැව් ම ට
716. සුගත් ගුණ කීමට අනිසුරු ගුණ නො කීමට එබුදු ගුණ කීමට ලැබේවා මෙත්මුනි දැ කීමට
717. සව්ලෙවිහි සුරද න අපමණ සතුන් දැහැමි න කිසි අවියක් නොගෙ න මඬනු යෙහෙ ඉන් ලැබේවා ගු ණ
718. මිසිදිටු ව පැවතුම් අනුන’ත වැසිව පැවතුම් දුරද වෙත පැවතුම් නොවේවා! මට මෙකී පැවතුම්
719. දුරුව රුදු ස තුරන් පොහොසත් වෙමින් මි තුරන් නොවනියම් අ තුරන් යෙදේවා නොම විරහ අ තුරන්
720. තුන් බවයෙහි හි වී සව් සුරකැලන් පිය වී අනුමෝදන් මෙ වී බැතින් සැනසෙව් පවග සිය වී
721. රෝබිය නොවේ වා! ලෙව්සස් නොපිරිහේ වා! සව්සත වැඩේ වා! තිලෝකුස හැම නිදුක් වේ වා!
722. පද රසැති සො ඳවා මහකව් ලකුණු ර ඳවා කළකව් සුබ ඳවා තෙවිසි’තුරු සත්සියය න ඳවා
723. ලෙව්හි සැම දාමය මෙකව්මිණි මල් දාමය යන නම් ර දාමය යෙහෙන් දිලෙවා රිවි ස දාමය
724. මෙසසර වසන තුරු සොයා සුදනන් පිවි තුරු ගොර දුදනන් මි තුරු නොවී ලැබෙවා!සැපත ලොව් තුරු