කව්මිණි මල්දම-සොණක ජාතක කථා වස්තුව

ජාතක පොතෙහි එන

සොණක ජාතක කථා වස්තුව


තවද විචිතෝපචිත පාරමිතා ඇති, ගෞතම ගොත්රා ඇති තිලෝගුරු බුදු රජාණන් වහන්සේ, ජේතවනාරාමයෙහි දිව්යත බ්රමහ්ම ආර්ය් බු ඊර්යාව පථ විහරණයෙන් දවස් යවනසේක්; මේ ජාතක ධර්මය දේශනාව තමන් වහන්සේගේ මහභික්මන් අරභයා වදාළසේක.

සර්වාඥයන් වහන්සේ, දම් සභා මණෟඩපයෙහි රැස්ව නෛෂ්ක්රතම්යන පාරමිතාවර්ණභනා කෙරෙමින් වැඩහුන්, මහා කාශ්ය ප ස්ථවීර ප්ර්මුඛ භික්ෂුන් වහන්සේ මධ්යභයෙහි, පනවන ලද බුඞාසනයෙහි, යුගඳුරු මුදුනෙහි දිලිසෙන, ලහිරු මඬලක් මෙන්;සවණක් ඝන බුඞ රශ්මීන් වැඩ හිඳ; මහණෙනි “මා එන්නාට පූර්වන භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැ”?යි විචාරා වදාරා; “සර්ව‍ඥයන්ගේ මහභිනික්මන් වර්ණකනා කෙරෙමින් හුනුම්හ” යි දැන් වූ කල් මහණෙනි, සර්වණඥයෝ දැන් මතු මහාබිනික්මන් කළාහු නොවෙති. පෙරත් ගිහිගෙය ඇරගොස් මහණ වූවෝ වේදැ යි වදාරා; භික්ෂු්න්වහන්සේ විසින් ආරාධිත වූ බුදුරජාණන් වහනසේ, ඉකුත් වත් දක්වා වදාළසේක.


ඒ කෙසේද යත්; යට ගි දවස, මගධ රට රජගහ නුවර, මගද නම් රජ්ජුරු කෙනෙකුන්, දාන ප්රිසය වචනාතවචරියා සමානාත්මතාය යන සතර සංග්රරහ වස්තූවෙන් ජන රංජන කරන කල්හි; පුරණ ලද බෝධි සම්භාර ඇති, අප මහබෝසතාණෝ; ඒ රජ්ජුරුවන් අග මෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ උපන්නහ. ඕහට නම් තබන්නා වූ දෙමාව්පියෝ, අරිනන්දම කුමාරයෝ යයි නම් තුබූහ. ඒ බෝධිසත්වමයෝ උපන්දාම, පුරෝහිත බ්රාරහ්මණයන්ටත්, පුතණු කෙනෙක් උපනහ. ඕහට නම් තබන්නාහු, සෝනක කුමාරයෝ යයි නම් තැබූහ.ඒ දෙදෙන එක්ව, “ සියලු දෘෂ්ටිභේද ඇති සමය වාරිත්ර් හා දෙශ චාරිත්රඑ ද දැන ගණුම්හ”යි; අනුක්රභමයෙන් ගම් නියම් ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදිනාහු; බරණැස් නුවරට සම් ප්රා්ප්තව මඟුල් උයන්හි රෑ සැතපී, දෙවන දවස් උදාසන්හි, නුවරට වන්හ. එදවස් එනුවර වැසි, සමහර සත්ව කෙනෙක්, බමුණන්ට දන්දී ශාන්ති කරම්හ’යි කියා , කිරිබත් ආදී දා නෝපකරණ සපයා , ඉදිනා අසුන් පනවා, බමුණන් බලා උන්නාහුය. ඒ කුමාරයන් දෙදෙනා දැක, ගෙට කැදවාගෙන ගොස්, අතුරන ලද ආසනයෙහි ඉඳුවූහ. ඒ බෝධිසත්ව යනගේ ආසනයෙහි සුදු වස්ත්රබයෙක් ද සෝනක කුමාරයන්ගේඅස්නෙහි රන් පලසක් ද අතුරන ලද්දේය.ඒ නිමිත්ත දැක, අද දවස් මාගේ මිත්ර වූ අරින්දම නම් කුමාරයෝ, බරණැස් නුවර රජව, ම ට සෙනෙවිර ත් ධූරය දෙන්නේ යයි දැන, ඒ සෝනක කු මාරයෝ කරන ලද ආහාර කෘත්ය ය ඇතිව, උද්යා නයටම නැගී ගියාහුය. ඉක්බිති එදවස්, බරණැස්, රජ්ජුරුවන් කලුරිය කළ දවසට, සත්වන දවස අමාත්යාකදීහු ඉස් සෝධා නහා රැස්ව, රාජ්ය යට සුදුසු ‍කෙනෙකුන් කරා යන්නේ යයි; මගුලු රථය සරහා, නළල් පටය, මගුල් කඩුවය, මිරිවැඩි සඟලය, සේසතය යන පංච රාජ කකුධ භාණ්ඩයන්, රථයෙහි තබා, ගමන් ගත් සඳ, උයනට ගොස් කරකැවී, නැගෙන්නට සුදුසුව ගෙන සිටියේය. එකල්හි ඉසවසා පෙරව මගුල් ශාලාව මත්තේ වැදහොත්, ඒ බෝධිසත්වසයන් සමීපයෙහි උන් සෝනක කුමාර තූර්ය්ත්න ඝෝෂාව අසා, අරින්දම කුමාරයන්ට පුරස්තව ආයේය. අද දවස් මුතුමු ර ජව, මට සෙනෙවිරත් ධූරය දෙති. මඑ වනාහි ඒ ඓශ්චර්ය්අද යෙන් ප්රසයෝජන නැත්තේය. මුන් රජව නුවරට වන් කල්හි; මෙයන් නික්ම මහණවෙමි සිතා, පිළිසන් තැනෙක සිටියේය.


එකල්හි පෙරහර ගෙන්වාගගෙන ගිය පුරෝහිත බ්රාමහ්මණ උයනට වැද, ශාලාවෙහි ඔත් බෝධිසත්වරයන් දැක, ඔහුගේ ධෛර්ය්නාහ පරික්ෂා කරණු පිණිස, එකවිටම ‍නොයෙක් තූර්ය්ැක නාද කරවිය. එකල මහ බෝසතාණෝ පිබිද, අනික් ඇලයට නැමී, මදක් කල් වැද හොවා නැගී; සල වැටෙහි පලක් බැද උන්නාහුය. ඉක්බිත්තෙන් පුරෝහිත බ්රාෝහ්මණ, බෝධිසත්වහයනට නමස්කාර කොට සිට,”දෙවයන් වහන්ස, රාජ්යසය නුඹ වහන්සේට පැමිණෙන්නේය”යි කීයේය. ඔහු බස් අසා කිමෙක් ද තොප රජ්ජුරුවන්ගේ කුමාර කෙනෙක් නැද්දැයි, බෝධිසත්ව යන් වහන්සේ; විචාළ කල්හි “එසේය දේවයෙනි, රාජ කුමාර කෙනෙක්නැතැ” යි; කී සඳ ‍‍”එසේ නම් යහපතැ” යි, පුරෝහිත බමුණන්ගේ බස් බෝධිසත්ව යෝ පිළිගත්තාහුය. ඉක්බිති ඒ පුරෝහිත බ්රානහ්මණයා ඇතුළු වූ අමාත්යයයෝ, බෝධිසත්වියන් එතැන් හිදීම අභිෂේක කොට, රථයට නංවාගෙන, මහත් වූ පෙරහරින්, නුවර පැදකුණු කරවා, රජ මැදුරට ගෙන ගියාහුය. ඒ අරින්දම රජ්ජුරැවෝ යස මහත්වයෙන්සෝණක කුමාරයන් සිහි නොකළාහුය.ඒ රජ්ජුරුවන් නුවරට වන් පසු,සෝණක කුමාරයෝ, සල වටෙහි ඉදන්, සල් ගසින් විලික්ෂ තුවටුයෙන් ගිලිහී, ඉදිරියෙයෙහි වැටී හුනුවාවූ පතක් දැක, ඒ අරමුණු කොට සසර කලකිරී; යම් සේ මේ පත්රාය ජරාවට පැමිණ ගියේද; එපරිද්දෙන් ම මාගේ ශරීරයද, ජරාවට පැමිණෙන්නේය; යනාදීන් සිහි කරමින් සිටි කල්හි; ගිහි වෙස් අතුරුදහන්ව මහණ වෙස් පහළ විය. එකල්හි සොණක නම් පසේ බුදු රජාණන් වහනසේ , “ ඉතිකින් භවයෙහි උප්පත්තියක් නැතැ” යි, යනාදීන් ප්රී ති වාක්යො පවත්වමින්, පසේ බුදුවරයන් වසන්නාහු, නන්ද මූලක නම් ගල් ලෙනට වැඩ වදාළසේක. මහාබෝධිසත්වකයෝද, රාජ්ය ශ්රී විදිමින් සාළිස් අවුරැද්දක් ගිය කල්හි සිහි කොට, ‘ මාගේ යහලු සෝනක කුමාරයෝ කොයිදෝහෝ’යි, නොයෙක් වර විචාරා, දිටිමි ඇසිමි කියන කෙනෙකුන් නොදැක, සරහා පිළියෙළ කරන ලද මතුමාල් තලයෙහි නොයෙක් නලු නාටකාදීන් විසින් පිරිවරණ ලදුව, සිංහාසනයෙහි ඉඳ රාජ්ය් ශ්රීු විඳිමින්; ‘සෝනක කුමාරයෝ, අසවල් තෙන වෙසෙති. යමක්හුගෙන් යමෙකු අසා කියේනම්; ඕහට සියයක් රන් මසු දෙමි’ යමෙකු දිටිමි කියාද, ඕහට දහසක් දෙමි” යන මේ අර්ථයෙන් යුක්ත වූ ගාථාවක් බැඳ, ප්රී ති වචනයෙන් කීයේය. එකල්හි එක් නාටක ස්ත්රිකයක්, ගාථාව රජ්ජුරුවන්ගෙන් උදුරා ගන්නාක් මෙන්; ඉගෙන ගෙන ගායනා කළා හුය.ඇගෙන් අනිකෙකු, අනිකෙකැයි සියලු අන්තඃපුර වාසීහුද යන සියල්ලෝම, ‘අපගේ රජ්ජුරුවන් වහන්සේ එක්වන් ගායනා කරන, ප්රී,ති ගීතිකාවෙකැ’යි; ඉගෙන තුමුත් එක්වන් කියන්නාහුය. මෙලෙසින් දීඝායු නම් කුමාරයන් ප්රවධාන වූ, බොහෝ දූ පුත් දරුවන් ඇතිව, රජ්යා ශ්රීා විඳිමින්, ඒ රජ්ජුරැවන්ට, පණස් අවුරුද්දක් චීවර ඉක්ම ගියේය. ඒ කාලයෙහි, සෝණක නම් පසේබුදු රජාණන් වහන්සේ. රජජුරුවන්ගේ අභිප්රානව දිවසින් දැක, අරින්දම නම් රජ්ජුරුවෝ, මා දක්නා කැමැත්තා හුය. එහි ගොසින් ඕහට පංචකාම විෂයෙහි ආදීනව ද, මහණදම් පිරීමේ ගුණද දක්වා; උන් මහණවන ලෙස කෙරෙමි සිතා වදාරා, පස්වන්ක් වලාකුළු මඩිමින් ආකාශයෙන් අවුත්, මඟුල් උයනෙහි වැඩහුන් සේක. එදවස් සියලු නම් සත් ඇවිරිදි කුමරුයෙක්, මෑනියන් විසින් නික්මවන ලද්දේ; මඟුල් උයන සමීපයෙහි දර කෝටු අවුලමින්, නැවත නැවත ඒ ගීතිකාව ගායනා ‍කෙළේය. ඒ අසා පසේ බුදු රජාණන් වහන්සේ ඔහු සමීපයට කැඳවා, කිමෙක්ද? කුමාරයෙනි, අනිකක් නො කියා, එකම ගීයක් නැවත නැවත කියන්නෙහිය. අන් ගීයක් නොදැනෙහිදැ”යි, විචාරා වදාළසේක. සාමිනි එතකුදු වුවත්, අපගේ රජ්ජුරුවන් වහන්සේට මෙයම ප්රිිය හෙයින්, නැවත නැවත කියමි” යි කීහ. ඒ අසා පසේ බුදු රජාණන් වහන්සේ, “ තොපගේ මේ ගීතිකාවට ප්රමති ගීයක් කියන කෙනෙකුන් දුටු විරූදැයි විචාරා, නුදුටු විරිමි; තා උගන්වා ලමි”යි වදාළසේක. එසඳ කුමරුවා විසින් “ යහපත ස්වාමිනි! වදාළ මැනවැ”යි කී කල්හි; ඒ පසේ බුදු රජාණන් වහන්සේ ප්රයති ගීයක් උගන්වා; “ කුමාරයෙනි, මේ ප්රදතිගීතිකාව රජ්ජුරුවන් හා එක්ව කියව, රජ්ජුරුවෝ තොපට සමාධිව, බොහෝ සම්පත් දෙති; වහා නික්මෙව”යි වදාළසේක.

එකල කුමාරතෙම, යහපතැයි ගීතිකාව ඉගෙන, පසේ බුදුරජාණන් වහන්සේ වැඳ, “ස්වාමිනි, මම යම්තාක් රජ්ජුරුවන් වහන්සේ කැඳවාගෙන එම්ද? ඒතාක් මෙහිම වැඩ උන මැනවැ”යි; ආරාධානා කොට, වහා ගෙට ගොස්, “මෑණියන් වහන්ස, මා ඉස් සෝධා නාවා සරලාහුව “මැනවැ”යි; “අද දවස්, දිලිඳු බැවින් නුඹවහන්සේ මුදා ලමි” කියා, මෑනියන් සතුටු කළේය. එකල ඔහු බස් අසා, සමාධි වූ මෑනියන් විසින්, සරහා පිළියෙල කරන ලදුව; රජගෙයි වාරයට ගොස්, “ආර්ය්විස වාර පාලය, එක් කුඩා සු‍ඟෙක්, නුඹ වහන්සේ හා සමඟ ප්රමතිගීතිකාවක් කියමි’යි; අවුත්, වාසල් දොර සිටියේ යයි; රජ්ජුරුවන් වහන්සේට දක්වාලුව මැනවැ”යි; කීයේය. එබස් අසා දොරටු පාලයා, වහ වහා ගොස්, ඒ පවත් රජ්ජුරුවන්ට කීයේය. එබස් අසා රජ්ජුරුවෝ, ඔහු ගෙන්වාගෙන, “ දරුව තොපි මා හා සමග ප්ර තිගීතිකාවක් කියව්දැ”යි විචාරා; “ කියමි දේවයන් වහන්සැ”යි; කී කල්හි, “ එසේ කල කියව” යි කීයේය; එබසට “ දේවයන් වහන්ස නුවර බෙර පියවි කරවා, මහජනයා රැස් කරවුව මැනවැ”යි කීයේය.ඒ බොහෝ දෙනා මධ්ය යෙහි කියමි කීයේය; රජ්ජුරුවෝත්, එලෙසම කරවා විසුතුරු කොට සරහන ලද මණ්ඩපයෙහි සිංහාසනයේ ඉඳ, කුමරුවාද සුදුසු අස්නෙක හිඳුවා, “ මෙවිට කියව”යි කීහ.”දේවයන් වහන්ස ,නුඹ වහන්සේ පළමු කොට ගායනා කළ කල්හි, පසුව මම පටි ගීතය කියමි” යි කීයේය. එබස් අසා සතුටු වූ රජ්ජුරුවෝ, ‘ මාගේ ප්රිගය මිත්රහ සෝනක කුමාරයෝ, අසෝ තැනක වෙසෙති. උන්නේ වාසස්ථානයක්හු කෙරෙන් අසා, මට කියන්නා වූ කවරක්හට, රන් මසු සියයක් දෙම්”ද “ නොහොත් අත්ත සොනක කුමාරයන් මම දිටිමි, දැක අවුත් කියන්නා වූ කවරක්හට දහසක් දෙම්දැ”යි; යනාදීන් අතර්ථි ඇති උදන් ගීතිකාව, පළමු කොට කීවාහුය; ඉක්බිති ඒ පසුව සියලු කුමාරතෙම, “දේවයන් වහන්ස, නුඹ වහන්සේ සෝනක කුමාරයන් උන් තැනින් අසා ඇවිත් කී වුන්ට, ඉදින් සියයක් දෙන සේක් වීනම්; මට දෙවා වදාළ මැනව”යි; ඉදින් දැක ඇවිත් කී වුන්ට දාසක් දෙන සේක් වී නම්; එයින් මට දෙවා වදාළ මැනව,” “කුමක් නිසාද යත්? නුඹ වහන්සේට සබඳ වූ, වැලි කෙළියෙහි පටන් එක්ව කෙළ වැඩියා වූ, සොනක නම්,යහලුවා නම්, නුඹ වහන්සේට ප්ර ත්ය,ක්ෂ කොට දැන්ම දක්වාලමි”, යනාදි අතර්ථ යෙන් උපලක්ෂිත පටි ගීතය කීයේය. ඒ අසා සතුටුව, “ කුමාරයෙනි, කවර රටක, කවර ජනපදයක, මාගේ යහලු සෝනක කුමාරයන් දුටුයෙහිද?ඒ මට කියව”යි කීයේය. ඕහට ප්රරතිවචන දෙන්නා වූ කුමාර තෙම “ දේවයන් වහන්ස , නුඹ වහන්සේගේ රට, නුඹ වහන්සේගේ මඟුල් උයනෙහි, සෘජුව සලල වූ කඳ ඇති, මෙඝ කූටයක්බඳු වූ නිල් වූ සොභා ඇති, සිත් කලු වූ අතු පතර ඇති, කඳ වෙ‍ළෙජ හා මුලින් ඔවුනොවුන් හා හිමිසිටියාවූ වෘක්ෂ මූලයෙහි, කාමුපදානාරහිතව ප්රානණඝාතය, අදත්තාදානය, කාම මිත්ථ්යාමචාරය,මුසාවාදය, සුරාපානය, කේලාමය, පරුෂවචනය, සමථප්රනලාපය, අභිද්යාපවයාපාදය, මිථ්යාරදෘෂ්ටියයි කියන ලද, එකොලොස් වැදෑරැම් වූ ගින්නෙන් දන්නාවූ සත්තවයන් කෙරෙන් වෙන්ව, සිපලු කෙලෙස් ගින්නෙන් නිවුනාවූ, සිත් ඇති, ඒ සෝනක කුමාර තෙම, ධ්යාලන භාවනාවෙන් යෙදී,රන් පිළිමයක් මෙන්මඟුල් සලවට මත්තේය”යි; කීයේය. එබස් අසා සමාධීව රජ්ජුරුවෝනුවර සිට උයනට මග තනවා, චතුරඞගිනි සේනාව විසින් පිරිවරණ ලදුව, උද්යාතන භූමි ප්රඞදේශයට ගොස් නිවී සිත් ඇතිව උන්, සෝනක නම් පසේ බුදුන් දැක, නොවැඳම එකත් පස්ව හිඳ, තමන් කෙලශයෙහි තරව ඇලුණු හෙයින්, උන් වහන්සේට, ‘මේ මහණ තෙම ඉස මුඩුව, දෙපට පවුලක් පෙරවගෙන, මව්පියන් නැති වෘක්ෂ මූලයෙහි, දුක්ඛිත එකෙකුමෙන් සිතාගෙනඉඳිනේය”යි කීහ.

එබස් ඇසූ සොනක පසේ බුදුන් වහන්සේ. “රජ්ජුරුවෙනි, යම් කෙනෙක් නව ලොව්තුරු දහම් තමා සිතින් ප්රසතිවෙධ වශයෙන් දකීද. එතෙම දුක්ඛිත නම් නොවන්නේය. යමෙක් වනාහි, දසකුසල ධර්මය සන්තානයෙන් දුරු කොට, අධර්මරයෙහි පවතීද; එතෙම දුකඛිත නම් වන්නේය”යි එසේ හෙයින් රජ්ජුරුවෝ, තමන් වහන්සේට නින්දාව නොදන්නාක් මෙන්, පිළිසඳර කථා වශයෙන් තමන් වහනසේගේ නාම ගෝත්රාමදිය වදාළසේක. එවිට රජ්ජුරුවෝ “ මෙතනට පැමිණියා වූ නුඹ වහන්සේට, කිසි අඵාසුවෙක් නැද්දැ”යි; යනාදීන් විචාළාහුය. ඕ හට ප්ර තිවචන දෙන්නා වූ පසේ බුදු රජාණන්වහන්සේ; “මහ රජ මෙතන තබා කොයිත් මට අඵාසුවෙක් නැතැ”යි; වදාරා, ඒ රජහට ශ්රනමණ බ්රාඵහ්මන නම් බණ කියන සේක; “මහරජ,අගාරියයි කියන ලද ගිහිගෙය හැර මහණව, නිස්පළිබෝධ වූ මහණ හට, ඇම වේලෙහිම සැප වන්නේය. “තවද එක් කොටුවෙක සැලි තලි මලු පැස් ආදියෙහි ද ධනධාන්යාේදීන් පටවාගෙන තබා රැකෙන්නහු නොවෙති, වැලි, කෙසේ රැකෙන්නාහුද යත් ? දෙපට පව්ලක් පෙරව, මැටි පාත්රලයක් අතින්ගෙන, ගෙයි සපයන ලද ආහාරය ගෙපිළිවෙළින් සිඟාගෙන පරියේෂණය, පරිභොගය, ආසයය, ධ්යාපනයය, පරිපඣතාවයය, ඵලය, නිස්සන්ධනය සම්මකඛණයයි, කියන ලද; වලා පටලයක් පරිද්දෙන් ද වස්තුකාම කෙලෙශ්කාමයන් හැර මහණව, ගම් නියම් ගම් රාජධානියෙහි භික්ෂාටනය කොට, ඇවිදින්නාවු; යම් භික්ෂුවක්හට, සහතන්ගී වශයෙන්, කිසිතෙනෙක්හි ඇල්මෙක් නැද්ද? එබඳු වූ මහණහට, සතර වෙනිවත් කලමනා වන්නේය.” “ යම් භික්ෂුවක් හ‍ට, තුන් සිවුරු පාත්රේ වීනා, උපාසක කුලයෙක් හි තබන ලද චීවරාදී පරිෂ්කාරකයක් නැති හෙයින්; සියලු නුවර ගිනිගෙන දා නමුත් ,ඔවුනගෙන් දැ යුතු පරිෂ්කාරකයක් නැති හෙයින්, ඒ මහණ හට පස්වෙනි පාසු වන්නේය” “ තවද මහරජ යම් මහණෙක්, සකුණා ප්රපවෘත්තින් කාය ප්රිතිබඬ වු චීවරාදී පරිෂ්කාය හැර, අන් තැනක තබන ලද කිසිවක් නැති හෙයින්, සොරුන් වැද නුවර එකහී කොල්ලකාගෙන යතත්; ඔහුගේන් ගෙනයන දෙයක් නැද්ද? එසේ හෙයින් සවෙනිවත් භික්ෂුහට පාසු වන්නේය.”

“තවද මනාවූ වෘත සමාදාන ඇති මහණතෙම, තිකිම් පෙරලීම අනුවාපත් ආදී තර කරන ලද, පාංශුකූලචීවර පටි පාත්රාීදීඅෂ්ට පරිෂ්කාරධරවයන්නේ; සොරුන් අයසුන්ගම් ගන්නවුන් කරා පැමිණෙත්; මෙකි මහණ පිරිකරින් ඔවුන්ට කිසි ප්රකයෝජනයක් නැති හෙයින්, කිසි කෙනෙකුන් වාහකුලක් නැතිව කැමති තැනකට සැපසේ යන්නේය.” “ මේ කාරණයෙනුත් ඕහට සත්වැනිවත් සැප වන්නේය.” “තවද මහරජ ගෙය හැර මහණව, තිස්වන වූ කුලෙහි ගෙණහි අලග්නවූ මහණතෙම, යම් යම් දිසාවකට යනු කැමතිවීනම්; එකෙණෙහි ගමෙක, බිමෙක , දොරක, පිරිකෙරෙක හා කිසිවෙක්හි ඇල්මක් නොකොටම යන්නේය.” “ ඒ කාරණයෙන් අටවෙනිවත් මහණහට භද්රකවන්නේය”යි;යනාදි අතර්ථ යෙන් යුක්ත, සමණභද්රනනම් ගාථා අටෙකින් බණ වදාළසේක. ඒ සෝනකනම් පසේ බුදුරජානන් වහන්සේ, අනිකුත් සමණ භද්ර“සියදහස් ගණනකුත්කියන්ට සමත්ථසේක්මය. රජ්ජුරුවෝ වනාහි, කාමයෙන් සක්ත හෙයින්, උන්වහන්සේගේ කථා විච්ජේදය කොට මේ සමණ භද්රි ගාථාවෙන් මට ප්ර්යෝජන නැත්තේ යයි; තමන් පසකම් ගුණෙහි ගිජුබව ප්රයකාශ කෙරෙමින්, තපස්වීන් වහන්ස,මානුෂික වූද, දිව්යකවූද වස්තුකාම, ක්ලේශකාමයෝ, මට ඉතා ප්රිනයහ. එසේ හෙයින්,කවර කාරණයකින් එ දොළ සම්පත් ලැබේදැයි විචාළේය. පසේ බුදුහු, “එම්භා මහරජ කාමයෙහි ගිජුවු විෂයාසංවාදයෙහි සක්ත වූ කාමයෙන් මත් වූ, සත්තවයෝ කාමදුෂ්චරිතාදී වූ නොයෙක් පව් කොට, ස්වප්නයෙනුත් සැපයක් දැක්ක නොහැකි දුගතියෙහි උපදනාහ” “යම් සත්ව කෙනෙක් වස්තුකාම ක්ලේශකාමයන්, අළුයම දමාපු කෙළපිඬක් මෙන් නිරපේක්ෂව හැර, ගිහිගෙන් නික්ම, රාගාදීන් පැමිණෙන කිසි භයෙක් නැත්තාහු;ගණසඞගණිකාව හැර, කාය විවේක, චිත්ත විවේකයට පැමිණ වාසය කෙරෙද්දැ? එබඳුවු ප්රුවෘජ්ජිතයෝ, දුගතියට නොයන්නාහුය”යි;වදාරා “ මහ රජ මේ ලෝකයෙහි සමහර නුවණැත්තෝ උපමායෙනුත් කාරණා දැන ගන්නාහ. එසේ හෙයින් තොපට දාෂ්ටානතයක් ගෙන හැර කියමි. අසව”යි වදාරණ සේක; භගිරතී නම් ගංගා ප්රයවාහයෙහි, වැටි ඉල්ප යන්නාවූ ; අත් කුණපයක්, නුවණැති කපුටුවෙක් දැක , මා විසින් මහත් යානාවකුත් විපුල වූ ගෙචරයකුත්, ලබන ලද්දේයයි;සතුටුව, සම්ප්රාිප්තව මේ මස් අනුභව කෙරෙමින් ගඟ පැන් බීමෙන්, උභය පාර්ශවයෙහි වන සොභා දක්වමින් රෑ දාවල් මෙහිම වාසය කෙරෙමින්, නොගොස් කුණපයෙහිම උන්නේය.” “ප්රයමාද වශයෙන් කුණපයෙහි ලොල් වූ කපුටුවා, ඇත් කු/න හා සමඟ පක්ෂීන්ට අවිෂය වූමහා සමුද්රවයට, ගඞගා ප්රටවාහයෙන්ගොස් පැමිණ, ඇත් කු‍ණෙහි, සම් මස් නහර සිඳි ඇට සැකිල්ල දියෙහි ගිලුනු හෙයින්, ප්රඟහාරය කොට; සතර දිගට ගොසිනුත් කිසි පිහිටක් නොලදින්,විඩාව ජලතලයෙහි වැටී හුනුවාහු; සමුද්රතයෙහි දැති මෝර ආදි මත්සයෝ, සල්ව සල්වා කෑවාහුය.” “ එපරිද්දෙන්ම මහරජ, තෙපිද අනිකුත් කාමභෝගී වුයම් කෙනෙක්. වසතුකාම ක්ලේශකාමයන් හැර පියා නොයද්ද? ඔවුන්, බුඬාදි උත්තමයෝ, කපුටුවා සමාන නුවණ නැත්තාහුය”යි කියති “මා විසින් මේ අපමාව දෘෂටාන්ත වශයෙන් දක්වන ලද්දේය”. “ ඉදින් මාගේ මේ අවවාදය පිළිගෙන, වස්තුකාම ක්ලේශකාමයෙහි ලෝභය හලුයේ වීනම්; ස්වර්ගන ලෝකයට පැමිණෙන්නහිය’යි; ඉදින් නොහලුයේ වීනම්, කාබුන් මරණින් මත්තහි, නරකාදී අපායට යන්නේය.” “ඒ උපමාවෙහි ගඞඟාව අනවරාග්රම සංසාරය වන්නේය.” “ප්ර වාහයෙන් යන්නාවූ ඇත්කුණ, පංචකාම ගුණය වන්නේය” “කපුටු තෙම අඥන සත්වයා වන්නේය.” “කපුටු තෙම මස් අනුභවකොට පැන් බී සතුටු වූ කාලය අඥානයාගේ විෂයාස්වාදයෙන් සතුටු වු කාලය වන්නේය” “කුණපයෙහි සක්ත වූ කපුටුවාගේ වන සෝභාව දුටු කාලය කාම තෘෂ්ණායෙන් යුක්ත වූ, අඥානයාගේ අටතිස් වැදෑරුම් වූ පඨවි කසිනාදී අරමුණු දක්නා කාලය වන්නේය.” “ ඇත් කුණු ගොස් සමුද්රීයට වන්කල පිහිටක් නොලැබ, කපුටුවා දියෙහි හුණු කාලය, කාමයෙහි ගිජු වූ පවිටු නුවණ නැත්තහු‍ගේ, කුසල ප්රහතිෂෟඨාවක් නොලදින්, නරකෝත්පත්ති කාලයවන්නේය”යි; මෙලෙසින් පසේ බුදුරජාණන් වහන්සේ, මේ උපමාව ගෙනහැර දක්වා. අවවාද කොට, නැවතත් අවවාද කරණු පිණිස; “මහ රජ අනුකම්පාව ඇති සත්තව තෙම අවවාද වශයෙන් වැඩ අවැඩ එකවරක් කියන්නේය”. “එයින් මත්තෙහි නොකියන්නේය” “ඉදින් වඩා කීයේ වීනම්, සාමි දරුවෙක්හු ඉදිරියේ සිට කියන්නා වූද, යමෙක් අවවාද අනුශාසනා කොට, ඒ පසේ බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් වැඩ වදාළසේක. මහා බෝධිසත්වනයෝද, පසේ බුදුන් පෙණෙන තෙක් බලාසාට, උන් වහන්සේ ඇසට අවිෂයව වැඩිකල්හි, සසර කළකිරී; “බ්රා‍හ්මණ වංශයෙන් උපන්නාවූ ‍, මේ මහණ තෙම,අසම්භින්න රාජ වංශයෙහි උපන්, මාගේ මස්ථකයෙහි, තමාගේ පාද ධූවිලි වගුරුවමින් ගියේය. මා විසිනුත් මහණ විය යුතුය”යි සිතා, රාජ්යියෙන් ප්රියෝජන නැත්තේය.

අද දවස මම මහණවෙමි. මරණ අදවන බෝ සෙටවන බෝ දැනගතහැක්කේය.’ ඃ මේ සසර සිට, ඒ නුවණනැති කපුටුවා පරිද්දෙන් කාමය වූ සැපය නොපැමිණෙමියි; රාජ්ය ය පාවා දුන්හ. එබස් ඇසූ අමාත්යවයෝ, “දෙවයන් වහන්ස, නුඹ වහන්සේගේ පුත්රසවූ දීඝායු කුමාරයන් වහන්සේ ගෙන්වා ගෙන, අභිෂේක කැරැටුව මැනව”. “උන් වහන්සේ අපට රජකම කරණසේකැ”යි; කීවාහුය.එසඳ රජ්ජුරුවෝ, දීඝායු කුමාරයන් එතනට ගෙන්වාගෙන, ඕහට ආමනත්රුණය කොට

“එම්බා කුමාරයෙනි! ධන ධාන්ය මුක්තා මාණික්යඕ, සංඛශිලා ප්රාඑවාලාදීවූ , සියලු උප භෝග, පරිභෝග වස්තුවෙන් සමෘඬ වූ,සැට දහසක් ගමින් යුක්ත වු, මේ මගධ රටද; රන්සැත් රන්පොරෝදු , සන්නාහයෙන්සරහන ලද ,කෝල සහ අකුසුගත් අත්ඇතිව,අත්රුවන් විසින් නැගෙන ලද, සැටදහසක් පමණ ඇත්තුද ,සියලු අශ්වාලංකාරයෙන්සරහනලද, සිඝ්රපවු ජව හා වේග ඇති, අත්පට හා දුනු හියවු‍ංරෙන් උපලක්ෂිත වූ අසරුවන් විසින් නැගෙන ලද, සැට දහසක් පමණ ආජානීය සෛන්ධව අශ්වයන්ද,සිහසම්,දිවිසම්,වලස් සමින් කරණ ලද පිරියම් ඇති,සියලු රථාලඞකාරයෙන් කරන ලද සැරහුම් ඇති, සන්නාහ සන්නඞව දුනුගත් අත් ඇති, රථරුවන් විසින් නැගෙන ලද, සැටදහසක් පමණ රථ යානාවන්ද ප්රිධාන වූ වෘෂභ රාජයක්වූ විසින් උප ලක්ෂිත වූ,බඳුන් පුරා කිරි දෙන්නාවූ, සැට දහසක් පමණ රති දෙනුද, විචිත්රණ වස්තාභරණයෙන් සැරසුනා වූ, බහා පැළඳ කුණ්ඩලිභරණ ඇති,සියළු ස්ත්රීර පළදනායෙන් සැරහෙන ලද; සොළොස් දහසක් පමණ පුරඞගනාවන්ද, යන මේ සියලු ඵෙශ්චර්ය්ෙන පාවාගෙන,රජ්යඞය කරව මම තපසට යෙමි”යි කීවාහුය. එබස් අසා දීඝායු කුමාරයෝ, “මේ කිමෙක්ද? පියාණන් වහන්ස, මා බාල අවස්ථාවෙහිම, මාගේ මෑණියන් වහන්ස මල’යි ඇසිමි. එසේ හෙයින්, නුඹ වහන්සේ හැර ජීවත්ව යා නොහෙමි. ඉදින් නුඹ වහන්සේ තපස ට යන සේක් වී නම්; යම් සේ වනයෙහි සම විෂම වූ ගිරි දුර්ග යෙහි සංචාරණය කරන්නා වූ, හස්ති රාජයා අනුව ඇත් පොව්තෙම පසු පස්සෙහි ගියේද, එපරිද්දෙන්ම නුඹ වහන්සේගේ පාත්රතය ඇරගෙන, නොකීකරු නොව කීකරුව, නුඹ වහන්සේ පසු පස්සේ ඇවිදිමි”යි කීයේය. එබස් අසා; ඹ්හට දැහැමිව කාරණා කියන්නාවූ රජ්ජුරුවෝ, “යම්සේ වස්තු ගවේෂණය පිණිස ජලයාත්රාි කරන්නා වූ වෙළඳුන්ගෙන්, දැති මෝර ආදී මත්ස්ය්යන් විසින් හෝඋදක රාක්ෂසයෙකු විසින් හෝ දිය සාලාවෙන් නසනලද කල්හි; ඒ වෙළදහු ව්ය්සනයට පැමිණෙන්නාහුය. එපරිද්දෙන් නොකීකරු දරුවෝද මාගේ තපසට අන්තරාය කරන්නේය. එසේ හෙයින් මේ දරුවන් විසින් සිත්කළු වූ මාලිගාවට කැඳවාගෙන යව, ඒ සවර්ණසඞකාරයෙන් අලංකෘතවු, නාටක ස්ත්රීවහු ශක්ර දෙවෙන්ද්ර යා පරිද්දෙන් මොහු සිත්ඇලවන්නාහුය”යි මහා බෝධිසත්තයෝ , මේ ලෙස කියා එතනදීම රාජ කුමාරයන් අභිෂේක කරවා නික්මවා,තුමු උදකලාව උයනින් නික්ම, හිමාල වනයට වැද, සිත්කළු වු ප්රාදේශයන්හි, පන්සලක් කොට ගෙන තබා, සෘෂි ප්රෝවෘජ්යා්වෙන් පැවදිව ගෙන, වනමුල් ඵලාහාරයෙන් දවස් යවුවාහුය.

ඉක්බිති අමාත්යෙයෝ, මහත් වූ රාජ පෙරහරින්, දීඝායු කුමාරයන් නුවර ප්ර දක්ෂියණා කරවා, ප්රාදසාදයට කැදවාගෙන ගියහ.එකෙණෙහි, සොලොස් දහසක් ඇති පුරඞගනාවෝ, සර්වායභරණයෙන් විභූසිතව, පැමිණියා වූ රජ්ජුරුවන් දැක මනෝඥවූ රූපශ්රීාන් යුක්ත වූ, තෙපි දේවතා කෙනෙක්ද? නොහොත් ගාන්ධපර්වර දිව්යා පුත්රයයන් කෙනෙක්ද? නොහොත් ශක්රි දෙවෙන්ර්නොහ කෙනෙක්ද? තෙපි කවුරුන්ගේ දරු කෙනෙක්ද? තෙපි කවුරුදැ?යි දැන ගනුමෝදැ”යි; විචාළාහුය. එබස් අසා රජ කුමාරයෝ, “ දෙවියෙකුත් නොවෙමි. ගාන්ධාර්ව්යෙකුත් නොවෙමි. ශක්ර දෙව රාජයෙකුත් නොවෙමි. කසි රජ්ජුරුවන්ගේ පුත් වූ දීඝායු කුමාරයෝ, නම් මමය, අත් පා මෙහෙ කරමින් මට උපස්ථාන කරව, මම තොපි ඇමට වල්ලභවෙමි. ස්වාමිවෙමි” කීවාහුය. එබස් අසා පුරඞගනාවෝ, රජ්ජුරුවන් වහන්සේ කොයි ගිය සේක්දැ?යි; විචාරා, ඔහු විසින් “රජ්ජුරුවන් වහන්සේ වස්තුකාම, ක්ලේශකාමයන් නැමති පඞකදූර්ගයෙන් නැගී, ප්ර්වෘජ්යා් නැමති ස්ථලයෙහි පිහිටා රාගාදි ක්ලේශ කණ්ඨක සහිත වූ මිථ්යා ලබ්ධි නැමති සහරණ සහිත වූ, සඟමොක් මගට පැමිණී සේක. මම වනාහි ක්ලේශ කටුකයෙන් ගැවසි ගත්තාවූ, දෘෂ්ටිගහණයෙන් තිබීනවු, දුගතියට පමුණු වන්නා වූ, ගෘහවාස නමැති මාර්ගයට පිළිපන්මි.” රාජ කුමාරයෝ කී එබස් අසා පුඞගනාවෝ, “රජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේ ඊම යහපත් වන්නේය. රත්ගල් ගුහාවට සිංහරාජයෙකු පරිද්දෙන්,අප අතුළු වූ මේ සියළු රාජ්යමයටඅනුසාසනා කොට වදාළමැනව. මෙවක් පටන් හැමදෙනාට නුඹවහනසේ නායකය.” යනාදීන් නොයක් ප්රිමය වචන කියමින්, නෘක්යක ගීත වාදිතාදිය පවත්වමින්, සිත් ඇලවූවාහුයි. “ඉක්බිති දීඝායු නම් රජ්ජුරුවෝ, මහත් වූ රාජ්යඇ ශ්රීන විදිනාහු, රජ ඉසුරෙන් මත්ව, පිය රජ්ජුරුවන් සිහි නොකොට, දශරාජ ධර්මයෙන් දිවි පමණින් රාජ්ය ය කොට, කර්මට වූ පරිද්දෙන් මිය පරලොව ගියාහුයි. මහා බෝධිසතතවයෝ, පඤාඞභිඥ්ර් අෂට සමාපත්ති උපදවාගෙන, බ්රිහ්මවිහාර භාවනාවන් කොට කාබූන් මරණින් මත්තෙහි බ්රතහ්ම ලෝකයෙහි උපන්නාහුය”යි තිලෝගුරු බුදුරජාණන් වහනසේ, මේ ජාතක ධර්මෙ දේශනාව ගෙනහැර දක්වා වදාරා, “ මහණෙනි. සර්වනඥයන් මහබිනික්මන් කළේ දැන්මතු නොවෙයි; පෙරත් මහබිනික්මන් කළමි වේදැ” යි; වදිරා ජාතකයෙහි පූර්වබකථාවත්, අපර කථාවත්,සන්ධි ගළපා, සොණක ජාතක ධර්ම දේශනාව නිමවා වදාළසේක. එසමයෙහි පසේ බුදුගෙන් බණ අසා තපසට ගියා වූ අරින්දම රජ්ජුරුවෝනම් තිලෝගුරු බුදු වූ මමම වේදැ”යි, තමන් වහන්සේ දක්වා වදාළසෙක.