කව්මිණි මල්දම-ගැටපද විවරණය-ii
101. අන්වය:- සතර පිරිසුදු සිල්, සුනිමල් දස කථාවත්, කල් තෙළෙස් දුහඟඳ, එ අප දසඹුල් උගන්වා පසු;
අර්ථය:- සිව් පරිසිදු ශීලයද, අති නිර්‍මලවූ දශවිධ කථා වස්තූන්ද, මනොඥවූ තෙළෙස් ධුතාඬගයන්ද,. ඒ අපගේ සර්‍වඥයන් වහන්සේ උගන්වා නැවත;
102. අන්වය:- දස්නෙන් බිමට බැස, හෙම්කුළ ලෙසින්, සියරැසින් මොනවට අලුකොට, සිරිබර වෙහෙර ඇතුළට අවුත්;
අර්ථය:- ආසනයෙන් බිමට බැස, මනොඥවූ ස්වර්‍ණ පර්‍වතයක් මෙන්, (මහ මෙරක් මෙන්) ස්වකීය රශ්මියෙන් ආලෝක කොට, ශ්‍රීයෙන් බරවූ විහාරය තුළට පැමිණ;
103. අන්වය:- එසඳ මහසඟ කැලත්, නිසිලෙද අහර සපයා රැස්වන්නාක්, සොඳ, මනනද, අසුන ‘රා උන්කලට;
අර්ථය:- ඒ කාලයෙහි මහා සංඝ සමූහයා, යොග්‍ය පරිද්දනේ ආහාර පිළියෙළ කොට, රැස්වනතෙක් සුන්‍දරවූ, මනොනන්‍දනීයවූ, ආසනාරූඪව සිටි කල්හි;
104. අන්වය:- ගඳැත්පෙළ විලසින්, මහසඟපිරිස්, නොලසින්; උවටානන්ගෙ සුබැසින් සතොසින්; වෙත අවුත් සිටුත්;
අර්ථය: ගන්‍ධ හස්ති පඬ්ක්තියක විලාශයෙන් මහා සඬඝ සමූහයා, ලස් නොවී; උපස්ථායකයාණන්ගේ මනා වදනින් සතුටුවී; සමීපයට අවුත් සිටි කල්හි,
105. අන්වය:- රිසිලෙස, උනස්නෙන් පිපි පඬෙරහිස බසිමින්, තොස ගඳකිළි බෙජෙන මුනිසඳුගෙ, පෙරබත්කිස මේය,
අර්ථය:- රුචිවූ පරිද්දෙන් වැඩ උන් අසානයෙන්, පිපුණාවූ පුණ්ඩරික මස්තකයට බසිමින්, සතුටින් ගන්‍ධකුටිය භජනය කරතහොත්; සර්‍වඥයන් වහන්සේගේ; පෙර බත් කිස මේ තෙමේය.
105. අන්වය:- ලෙවිදු, ඉක්බිත්තෙන් පිරිසුදු ගඳකිළ තුළෙහි, උදු බුදුසිරිත්තකර, එකබඳ සතොස් වඩමින් වසා;
අර්ථය:- සර්‍වඥයන් වහන්සේ, ඉක්බිති ගන්‍ධකුටිය තුළෙහි, සෘජුවූ බුඬචාරිත්‍ර කොට, අවිච්ඡන්නව සතුට වඩමින් වාසය කොට;
107. අන්වය:- එසඳ, සහනට ඔවාකොට, ඇසූ සැකතැන් පළකොට, නිසල පත්වූවිට මොනවට කුලපෙම් වඩා;
අර්ථය:- ඒ කාලයෙහි, සංඝයාට අවවාද කොට, විචාළවූ සැක තැන් පහදා, නිශ්ශබ්දවූ කල්හි මනාකොට කුල ප්‍රේමය (ශාක්‍ය වංශය පිළිබඳ ප්‍රේමය) වර්‍ධනය කොට; 108. අන්වය:- ලපෙමිණි, දෙසූ එබණ සිරසින් පිළිගනිමිනි; බුදුන් වැඳ, නියමිනි තැන තැන සැපැමිණි, නිවෙස් බෙජෙත්.
අර්ථය:- සිත්හි ආශාවෙන්, දෙශනා කළාවූ ඒ ධර්‍මය, මුදුනින් පිළිගනිමින්, සර්‍වඥයන් වහන්සේට නමස්කාර කොට, නියමයෙන් ඒ ඒ ස්ථානයන්හිවූ තම තම නිවෙස් වෙත ගියහ.
109. අන්වය:- එවිට, අප මුනිඳු රිසියේ විනම්; නැණ ඉහිසිහි ඇතිව, මොහොතක්, එහි, යහනෙහි, දකුණු ඇලයෙන් සැතප;
අර්ථය:- ඒ කාලයෙහි, අපගේ සර්‍වඥයන් වහන්සේ කැමතිවූ සේක් වී නම්; ඥානය හා එක්වූ සිහියෙන් යුක්තව, මොහොතක් ඒ ගඳ කිළියෙහිවූ ශයනයෙහි, දකුණු ඇලයෙන් සැතපී;
119. අන්වය:- ඉන් නැගිට ඉවැඩහිඳ අතේ කෙළ ගණනින් බඳ සමවතුන් සමවැද, රිසිලෙස වසා, සුවසිත් ඇතිව;
අර්ථය:- ඒ ශය්‍යාවෙන් නැගිට, අනෙක කොටි සංඛ්‍යාවෙන් බඬවූ සමාපත්තීන්ට පැමිණි, රැචිවූ පරිද්දෙන් වාසය කොට, සුබ සිත් ඇතිව;
111. අන්වය:- තමවෙතට සපැමිණ, නියමින කම්තැන් රැගෙන ගිය; මහණුන් ලසිත අනුසර කරමින, දැවැසින් බලාගෙන
අර්ථය:- තමන් වහන්සේ වෙතට පැමිණ, නියම කරගත් කර්‍මස්ථානයන් ගෙන ගියාවූ; ශ්‍රමණයන් වහා සිහිකරමින් දිව ඇසින් බලා;
112. අන්වය:- එයින යම් මහණෙක්, කම් තැන් සිතින් හරිමින වසතොත්; නියම දැන, මුනි වැඩමකර, ඔහුට නොපමණ;
අර්ථය:- ඒ ශ්‍රමණයන් අතුරෙන් යම් ශ්‍රමණයෙකු, කර්‍මස්ථානසිත් අතර හැර වාසය කරතොත්; (ඒ බව) නිශ්චය ලෙස දැනගෙන, සර්‍වශයන් වහන්සේ ඔහු සමීපයට වැඩමවා, ඒ ශ්‍රමණයාට පුමාණ රහිතවූ;
113. අන්වය:- ඔවා කොට පොබකර, අහසින් අවුත් එමවර සිරිබර නිවෙස් වැද, ගුණසර අප මුණිඳු සඳ;
අර්ථය:- අවවාද කොට සිත ප්‍රබෝධ කරවා, අකාශයෙන් අවුත්, ඒ කාලයෙහි ශ්‍රියෙන් භරිතවූ නිවසට ඇතුළුව, ගුණයෙන් සාරවූ අපගේ මුනීන්දොත්තමයා වාසය කොට:
114. අන්වය:- මුනි තුන්වනකල්, නියම්ගම් උදෙසා වසතොත්; සිත පෙමිනි දනෝ රැස්වී සුදුසු කරමිනි;
අර්ථය:- සර්‍වඥයන් වහන්සේ තෘතිය කාලයෙහි, නිම් ගම් වලින් යැපෙමින් වාසය කරත හොත්; ජනයා යොග්‍ය ලෙස සිත්හි ඇල්මෙන් යුක්තව රැස්වී;
115. අන්වය:- පෙරවරු දන් දෙමින්, පස්වරු සුවඳමල ‘තින් වෙහෙර ‘තුරු රැස්වෙත්. එසඳ දසබල මෙ අප දිනිසුරු;
අර්ථය:- පෙරවරුවෙහි කන බොන දැ දෙමින්ද, පස්වරුවෙහිදී සුවඳවත් මල් අතින් ගෙන විහාරය තුළට රැස් වෙත්. එකල්හි දශබලධාරීවූ මේ අපගේ සර්‍වශයන් වහන්සේ.
116. අන්වය:- දම් සබෙහි මොනවට සැපත්, ඒ සා පිරිසට අසෙනා පමණකට, අටහ සරයෙන් සවන් රසකොට;
අර්ථය:- ධර්‍ම සභාවෙහි මනාකොට පැමිණ සිටි එබඳු පිරිසට ඇසෙන පරිද්දෙන් අට වැදැරුම්වූ හඬින් කන් පිනවන්නක් කොට;
117. අන්වය:- අපමණ නය නිපුණ, අනේ අදහස් මුළුවන, අත් වියඳුන් සොබන, අතන පෙළහර සුදුසු විලසින;
අර්ථය:- අප්‍රමාණවූ ක්‍රමයෙන් සූක්‍ෂමවූ අනේක අදහස් එකතු වන්නාවූ, අර්‍ථ ව්‍යඤනයෙන් ශොභනවූ අනන්තවූ ප්‍රාතිහාර්‍ය්‍ය සුදුසු පරිද්දෙන් (ප්‍රකාශ වන්නාවූ);
118. අන්වය:- දහමත් දෙසුන්වන, ගැඹුරු පිළිවෙත් සමගින සත්බස් අනුරුවන, ලකුණු වදනින් නිසි, බණ දෙසා;
අර්ථය:- ධර්‍මාර්‍ථය පුකාශ වන්නාවූ, ගම්භීරවූ පුතිපත්තිය සමග උත්තම වචනයන්ට අනුරූප වන්නාවූ, ලක්‍ෂණයෙන් යුක්තවූ; වචනයෙන් යෝග්‍යවූ, ධර්‍මය දේශනා කොට,
119. අන්වය:- සුරතරනට, බෙහෙව ඔවා කොට, මගපලදී, නිසිකලට සමුදෙත; පිරිස් අපමුනි සඳුට වැඳ යෙති,
අර්ථය:- දිව්‍ය මනුෂ්‍යයන්ට, බොහෝ සෙයින් අවවදා කොට, මාර්‍ග ඵල දානය කොට, යෝග්‍ය කාලයට අවසර දුන් කල්හි; පිරිසුහු අපගේ සර්‍වඥයන් වන්සේට වැඳ යෙත්.
120. අන්වය:- පස, මෙ ඈ කරුණෙන් තොස අපමණ පැවැතෙන සරිත්වූ, ගුණ වෙසෙස තිලෝ ඇස, පස් බත් කිස මේස,
අර්ථය:- ප්‍රත්‍යක්‍ෂවූ මේ ආදී කාරණයන් කරණකොට ගෙන සතුටුවූ; අප්‍රමාණව පැවත එන්නාවූ චාරිත්‍රයක්මවූ, ගුණ විශේෂයක් ඇද්ද; සර්‍වඥයන් වහන්සේගේ, පස් බත් කිස (පශ්චාද් භකත කෘත්‍යය) මේ තෙමේය.
121. අන්වය:- ඵසුගත අනුතුරුව නිමල් සිලිලෙන් ගත දෙව සුතිවතින් පුපැවති පිරිමත ගදෙළ පිළිවෙත් එළඹ
අර්ථය:- ඒ සර්‍වඥයන් වහන්සේ, ඉන් පසුව පිරිසිදු දියෙන් ශරීරය ධෝවනය කොට, මනා වස්ත්‍රයේන මොනවට පෙරව, රශ්‍රීමත් වූ ගන්‍ධකුටික ප්‍රතිපත්තියට එලඹ;
122. අන්වය:- පැණවූ අසුන් වැද, එකලාව මොහොතක් හිඳ, සමවතුන් සමවැද, දහම් පිරිසිඳ, සුවසේ වෙසේ.
අර්ථය:- පනවන ලද්දාවූ ආසනයට වැදී, තනිව මොහොතක් කල් හිඳ, සමාපත්තීන්ට පැමිණ, ධර්‍මය සැකහැර දැන, සුවසේ වෙසෙනසේක.
123. අන්වය:- එකල මහ සඟවැල, එතනට පෙළ පෙළ එලඹේ. නිකසල ඇතැම් සහ, විපුල් උවටැන් කර පැණ අසති.
අර්ථය:- ඒ කාලයෙහි මහාසඬඝ සමූහයා එතනට පඬකති පඬකති වශයෙන් පැමිණේ, පිරිසිදුවූ සමහර භික්‍ෂු කෙනෙක්, මහත්වූ උපස්ථාන කොට ප්‍රශ්න විචාරති.
124. අන්වය:- ඇතැම් සහ සතුටින කම් තැන සොයා අරවති. ඇතැම් සහ, අදරින නැමද බණ අසනලෙස අයදති.
අර්ථය:- සමහර භික්‍ෂුහු සතුටින් කර්‍මස්ථාන පරීක්‍ෂා කොට විචාරත්. සමහර භික්‍ෂුහු ආදරයෙන් නමස්කාර කොට බණ අසන පරිද්දෙන් (ධර්‍මදෙශනාවට) ආරාධනය කරති.
125. අන්වය:- එසඳෙහි මහමහණ, සඟුන් ඉඟි සැපයීමෙන, සුවයෙන, කල්යවන; සිරිගන පෙර යම්කිසය මේය.
අර්ථය:- ඒ කාලයෙහි මහා ශ්‍රමණයන් වහන්සේ, සඬ්ඝයාගේ අදහස ඉටු කිරීමෙන් සැපෙන් කල්ගෙවත හොත්; සර්‍වඥයන් වහන්සේගේ ප්‍රථමයාම කෘත්‍යය මේ තෙමේය,
126. අන්වය:- සඟුන් ගිය අනතුරු, දස දහස් ලෙව් දාතුරු මහතෙදැති බඹ මුරු, සරු වෙහෙර සියකැන් දුලුල්කර;
අර්ථය:- සඬඝයා ගමන් කළාට පසුව, දස දහස් ලෝක ධාතුව අතර මහත් තේජස් ඇත්තාවූ; බ්‍රහ්ම හා දෙවිවරුන්, සාරවූ විහාරය තම ශරීර ප්‍රභාවෙන් අලොක කොට;
127. අන්වය:- මුනිරදුවෙත පැමිණ, සිය කිරුළු මිණිකිරණින මනහර සරණයුග අදරබැතියෙන නමකර පුදා,
අර්ථය:- මුනි රාජයා වෙත පැමිණ, තම ඔටුනුවල (ඔබ්බනලද) මැණික් රශ්මියෙන්, යහපත්වූ ශ්‍රී පා දෙක ආදරයෙන් හා භක්තියෙන් නමස්කාර කොට, පූජාකොට;
128. අන්වය:- ගැඹුරු සකුබසින් මහරු පැණයන් කෙරෙන් සරු පිළිසන් අරුත් පැණුන් පුළුවන් සඳෙහි සතරූ
අර්ථය:- ගැඹුරුවූ සංස්කෘත භාෂාවෙන් මහාභිවූ; ප්‍රශ්න අතුරෙන් සාරවත්වූ; සැඟවුනු අර්‍ථ ඇති, ප්‍රශ්න විචාල කල්හි, සර්‍වඥයන් වහන්සේ;
129. අන්වය:- ඇසු උන්ගේ පැණ, තමන් වෙසෙසිත විසඳා, මෙලෙසින සකසිත පසුකරත; මැදුම්යම්කිස මේය.
අර්ථය:- විචාළාවූ ඒ දේවතාවන්ගේ ප්‍රශ්න තමන් වහන්සේ විශේෂයෙන් විසඳා; මේ ආකරයෙන් යහපත්ව කලාය පසු කරතහොත්; මධ්‍යමයාම කෘත්‍යය මේ තෙමේය.
130. අන්වය:- තවද අපගේ සවණ, නොලසින පැසිම්යම් කල, සිව් අඩට බෙදා, අඩක් සතොසින් සක්මන් කරති.
අර්ථය:- ඒ හැර, අපගේ සර්‍වඥයන් වහන්සේ. වහා පශ්චිමයාම කාලය සතර කොටසකට බෙදා; එයින් කොටසක් (කාලයෙහි) සතුටින් සක්මන් කරති.
131. අන්වය:- අඩෙක්හි, සසොබන ගඳකිළිතුළෙහි නියමින සිහි නුවණින් යෙදී, ළපෙමින් දකුණු ඇලයෙන් සුලැග;
අර්ථය:- අඩෙක්හි (කොටසෙක්හි) ශොභා සහිතවූ ගන්‍ධ කුටිය තුළ, නියම පරිද්දෙන් සිහියෙන් හා නුවණින් යුක්තව, (සමෘති ප්‍රඥා සම්ප්‍රයුක්තව) චිත්ත ප්‍රේමයෙන් දකුණු ඇලයෙන් (පාර්ශ්වයෙන්) මනාව ශයනය කොට;
131. අන්වය:- එහි තෙවන අඩෙහිද පලසමවතින් සැනහී, සතරවන අඩෙහි, මහකුළුණුසමවතෙහි පිවිස;
අර්ථය:- ඒ ආසනයෙහි තුන්වන අර්‍ධයෙහිද, ඵල සමාපත්තියෙන් සැනහී (සත්තර්පිතව) සතරවන අර්‍ධයෙහි මහා කරුණා සමාපත්තියට පිවිස;
133. අන්වය:- ඵසුගත් දසපින්කිරියවත්, අරිබිම පැමිණෙනුවන් පුඟුල්, දසදහස් ලෝ ඇත්; විසිනා පිණිස;
අර්ථය:- ඒ සර්‍වඥයන් වහන්සේ දශවිධ පුණ්‍යක්‍රියාවන්හි සමර්ථවූද, අර්‍ය්‍ය භූමියට පැමිණිමෙහි ව්‍යක්තවූද, පුද්ගලයන්, දසදහස් ලොක ධාතුවෙහි ඇද්දොහෝයි විමසනු සඳහා;
134. අන්වය:-
169. අන්වය:- පැහයෙන් විදුසිරිය රඳන මනරම් කහබහන රැගෙන බඳිමින් නුගපලසෙ දිලෙන සිවුරින් මතුපිට වසමින;
අර්ථය:- ප්රෙභාවෙන් විදුලිය ශ්රී;ය රඳන්නාවූ (විදුලිය ශොභාවෙන් බබලන්නාවූ) මනරම් වූ කාය බන්ධිනය රැගෙන බඳිමින් (වර්ණවයෙන්) නුගඵල පරිද්දෙන් දිලිසෙන්නාවූ, විවරයෙන් ඊ මතු භාගය වසමින්;
170. අන්වය:- මේ අප මුනිඳු, ගඳ කිළියෙන් එති කියමින්, දිවනහු බඳු පිරිසිදු සිය කැලුමෙන්, ලොව හැමතැන්හිම දිනිඳු වසා;
අර්ථය:- මේ අපගේ සර්වමඥයන් වහන්සේ, ගන්ධ කුටියෙන් වඩනාසේකැයි කියමින්, දුවන්නෙකු වැනි වූ පිරිසිදුවූ ස්වකීය ශරීර කාන්තියෙන්, සකල ලෝකයෙහිම සූර්ය්ව යන් වසා;
171. අන්වය:- නික්ම දම්සබයට ගොස්, සක්ව තොසින් සිටි, සඟනට විස්ම දෙමින්, නිසි අස්නට මෙම විලසට එක්ව ඉඳුත්;
අර්ථය:- (ගඳකිළියෙන්) නික්ම ධර්මස සභාවට වැඩමවා, සමූහ වශයෙන් සතුටින් සිටියාවූ, ඝඞඝයා තුළ විශ්මය දනවමින්, සුදුසු වූ අස්නට මේ ආකාරයෙන් පැමිණ, වැඩ උන් කල්හි;
172. අන්වය:- කනක රුසිරු එක සැටියෙන් තැනෙක සුනිල් පැහැ සැටියෙන් තැනෙක සුවන්වන් සැටියෙන්, තැනෙක සුරත්වූ සැටියෙන්;
අර්ථය:- රන් රූපයක ශ්රීනය හා සමානවූ, එක් තැනෙකින් අතිශයින් නිල් පාට ආකාරයක්ද, එක් තැනෙකින් රන්වන් ආකාරයක්ද, එක් තැනෙකින් අතිශයින් රතුපාට අකාරයක්ද;
173. අන්වය:- එයින් අන් කිසිතැන සඳරැස් විලසින් සුදුරැස් විහිදෙයි. එයින් අන් තැනෙකින් නැගි රැස්; වෙසෙසින් සුමදට රැස්විය.
අර්ථය:- ඊට වෙනත් තැනෙකින් සඳ රැස් ලෙසින් සුදු රැස් විහිදෙයි. ඊට වෙනත් තැනෙකින් නැංගාවූ රශ්මිය, විශෙෂයෙන් යහපත් වූ මඳටිය රැස් (බඳු) විය.
174. අන්වය:- නිලද, රතද, රත් පැහැයද, සුදද, මඳට වන් පැහැයද, විහිද රැසින් එක රැසද වී පැහැයද පබසර කඳ දිවේ.
අර්ථය:- නිල් පැහැයද, රත් පැහැයද, රන් පැහැයද, සුදු පැහැයද මඳටිය පැහැයද, විහිදී; රශ්මියෙන් (මිශ්රැ වූ) එකරැස්දැවි, පැහැදී ප්රරභාස්වර රශ්මි කදම්බය දිවෙයි.
175. අන්වය:- සොඳ සවනක් රැස් කදඹින් එක බඳ, බව අක් දක්වා වෙනසක් නොව, සෙද උතුරුවා නද මෙනොඑක් පෙළහර පෑ
අර්ථය:- සුන්දපරවූ ෂඩ්වර්ණෙ රශ්මි කදම්බයෙන් වෙන් නොවී (අච්චජිත්නව), භවයෙහි කෙළවර දක්වා වෙනස් භාවයක් නැතිව, වහා උතුරවා සන්තෝස ජනක වූ මේ අනේ ප්රිථිභාර්ය්නස්ය පෑවේය.
176. අන්වය:- සොඳ, සිරිමත් මුනි සිරුරෙන් නැගි, සුමහත් එ සවන් රැස්, යුහුසුලුවෙන් විහිද යෙතත්; වන් සමවන්, වෙන වෙන වෙයි.
අර්ථය:- සුන්දුරවූ, ශ්රීසමත් වූ, සර්වවඥ දේහයෙන් නැංගාවූ; අතිශයින් මහත්වූ; ඒ ෂඩ්වර්ණර රශ්මිය, ඉතා සීඝ්රානකාරයෙන් විහිදී යන්නේ නමුත්; සමවැදුනාවූ සමාපත්තිතොම, අනිකක් අනිකත්ම වන්නීය.
177. අන්වය:- එසඳ, පසැස් පෙරගිර ඇසුරම් හා සිව්සස් සදහම් රිවි උදයෙන් හා සබ ගැබ වා පිටු පටන් හා වොරැඳි, නව රැස් කලඹෙව් දසත් කැලුම් හා
අර්ථය:- ඒ කාලයෙහි, සර්වකඥ නමැති උදය පර්ව්තයාගේ ආශ්රවය ඇතිව, චතුරාර්ය්පටන සත්ය ධර්මර නමැති සූර්ය්‍ෙනයාගේ උදාවීමෙන්, සභාගර්භස නමැති ආකාශයෙහි පළමුව බැබලුනාවූ; අභිනව රශ්මි කදම්බයක් බඳු වූ දන්ත කාන්තියෙන්;
178. අන්වය:- සුසදා මුව සුපියුම් හා පොබකර මනහර එක සුවඳින් හා විහිදා මහ සඟ සමුදා තොසෙහි යෙදුම් හා මුනිඳා සුබැසි බසින් හා වෙමියු.
අර්ථය:- මනාසේ සජ්ජිත කොට, මනොඥව මූධ පද්මය ප්රථබෝධකොට, මනොඥවූ සුගන්ධනය විහිදුවා, මහාසඬඝ සමූහය සන්තොෂ කරවමින්, සර්ව,ඥයන් වහන්සේ සුභාෂිත වචනයෙන් මේ මතු කියනු ලබන දැය, ප්රසකාශ කොට වදාළ සේක.
179. අන්වය:- මහණෙනි, තෙප් හැම එක්වම, මෙතනට එළඹ, අප ඊමට පෙර ම කළ, කථා කිම්දැයි ඇසුයෙම
අර්ථය:- “මහණෙනි; තෙපි සියලු දෙනම එක්වී, මෙතනට පැමිණ, අපගේ පැමිණීමට පෙර කළාවූ, කථා කුමක්දැ?” යි විචාරත්ම;
180. අන්වය:- එසඳ, මුනි දිනකර රැසින්, මිණියුතු පියුම් විලසින් සතොසින් මහ සඟ රසබසින් මෙසේ පැවසූ.
අර්ථය:- එකල්හි සර්වපඥ (නමැති) සූර්ය්යන යාගේ රශ්මිය කරණ කොට ගෙන පිපියාවූ, පියුම් විලසින් සතුටින් (සිටි) මහා සඞ්ඝයා, රසවත් වචනයෙන්, මෙලෙස සැල කළහ.
181. අන්වය:- අප දිය පියාණෙනි, මේ නුසුදුසුය ඔබ විසිනි වදහල පළතෙනි වෙනි කථා පුවතක් නොකීවෙමු.
අර්ථය:- “අපගේ ලෝක පියාණනි, ‘මෙබඳු වූ කථා සුදුසු නොවේය’ යි නුඹ වහන්සේ විසින් වදාළා වූ පණතෙන් පිට කතා පුවතක් නොකෙළෙමු.”
182. අන්වය:- ඔබ ඉක්මන් මහ බනික්මන් නික්මුණු තියා, ඇති අනේ වික්මන්, උදක්මන් පවස පවසා උනිමු.
අර්ථය:- “නුඹ වහන්සේ වහා මහාභිනිෂ්ක්රනමණය කළ ආකාරයද, (නුඹ වහන්සේ කෙරෙහි) ඇත්තාවූ අනෙකප්රයකාර වික්රිමයන්ද, ඇති සැටියෙන්ම ප්රේකාශ කරමින් සිටියෙමු.”
183. අන්වය:- මේ ඇලුප් බණවා, දියබප් දෙස අවනතව, හිරි ඔතප් යුතුවම එසඟ ගණ, තිප් හිවී උන් සඳ;
අර්ථය:- මේ වචන ප්රපකාශ කොට. සර්වවඥයන් වහන්සේගේ දිශාවට නැමී, ලජ්ජා භයින් යුක්තවම ඒ සඞ්ඝ සමූහයට තෘප්තියෙන් ගැවසී උන් කල්හි;
184. අන්වය:- සිතැඟියහ සිදු කළ, අප මහිසියහ ලොවැදුරු, මදහස පහළ කෙරෙමින්, සුවිසියහ මෙසේ ඇසියහ.
අර්ථය:- සිත්හි අදහස සිදු කළාවූ අප මහර්ෂීවූ, ලෝකාචාර්ය්න් යන්, වහන්සේ, මඳ සිනා පහළ කරමින්, යහපත් වචනයෙන්, මේ ආකාරයෙන් ඇසූ සේක.
185. අන්වය:- මහණෙනි දැන්මතු ද; පළමුත් මෙ මම යුහුවෙනි යෙහෙනි නිකමුනෙමිය කියා මුනිඳු නිසලව වැඩ උනි.
අර්ථය:- “මහණෙනි, දැන් පමණක් නොවෙයි. පළමුත් මේ මම ඉක්මනින් යහපත්ව නික්මුණෙම්වේදැයි” යි කියා සර්වෙඥයන් වහන්සේ, නිශ්චලව වැඩ හුන් සේක.
186. අන්වය:- එකල ඒ බසට නායක තෙරිඳු නැග සිට දෙ අත්පුට මුදුනත තබා අඩ දැණිව මෙලෙසට කී.
අර්ථය:- ඒ කාලයෙහි ඒ භික්ෂුේ සභාවට ප්රිධානවූ, ස්ථවිර තෙම නැගී සිට, (එකට එක් කරන ලද) අත් දෙක මුදුනෙහි තබා අඬ දණින් (සිට) මෙසේ කී.
187. අන්වය:- “මිනිසත් බව සපල සුනිමල සදහම් රදුනි, බවයෙන් වැසුනු කල අපට නොදැනෙයි වදහළ මැනවි”
අර්ථය:- “මනුෂ්යානත්මභාවය ඵල සහිත කළාවූ, අතිශියන් පිරිසිදුවූ, සද්ධර්ම රාජයෙති. සංසාරයෙන් වැසුනු කල්හි, අපට අවබෝධ නොවේ. එහෙයින් වදාළ සේක් නම් යහපති.”
188. අන්වය:- යනුවෙන් ආයාචනය කල නොපැකිල සමුදුර කිමිද රුවන් මතුකර ඉපිල බලව දක්වන්නෙකුසෙ දසබල;
අර්ථය:- යනුවෙන් ආයාචනය කළ කල්හි, විශාරදව සමුද්රදයෙහි කිමිදිමින්, රත්නයන් මතුකොට ඉල්පී “බලව” යි දක්වන කෙනෙකු පරිද්දෙන්, සර්වරඥයන් වහන්සේ;
189. අන්වය:- බුදු නැණ කැලුම් විහිදේ; පුවතට මනා දේ ඉකුත් කල් වූ දේ, රැගෙන පැහැදේ පිලිවෙල යොදා;
අර්ථය:- බුඞ් ඥාන කාන්තිය විහිදුවා; ප්රතවෘත්තියට යහපත් දෙයද, අතීත කාලයෙහි සිඬවූ දෙයද, රැගෙන යහපත් වූ පිළිවෙලට යොදා;
190. අන්වය:- වැසිකල්හි ලඹ දල නූඉඩ, නිල්වලා හඬ නිගාදුන්, බඹහඬ නගා ලෝවැඩ මෙලෙසින් දෙසී.
අර්ථය:- වර්ෂාන කාලයෙහි එල්බෙන්නාවූ, ජලයෙන් ඉඩ නැත්තාවූ, නිල් වලාකුළක හඬට නිගා කළාවූ, බ්රාහ්ම ස්වර විහිදුවා ලෝකයාට අර්ථයකරවූ පරිද්දෙන්, මේ ආකාරයෙන් දේශනා කළ සේක.
191. අන්වය:- පෙරකල්, මනරම් දඹදිව්තල, සැදී හැමකල් තෙවතුන්ගෙන් පිරි අබිරම් සිරිලොල් අගබිම යුතු, එමගදරට සුවිසල් රජගහ නම් නුවරෙක් විය.
අර්ථය:- පූර්වම කාලයෙහි මනරම්වූ දඹදිව තලයෙහි හට ගන්තාවූ සියලු කල්හිම නොයෙක් වස්තුවලින් හෝ වස්තු ඇත්තන්ගෙන් පිරුණාවූ, අභිරාමවූ ශ්රි්යෙන් ආශා උපදවන්නාවූ, අග්රෙ භුමියෙන් යුක්ත වූ, ඒ මගධ රටෙහි රජගහ නම් වූ නගරයක් වූයේය.
192. අන්වය:- ඉසුරෙන් පිරි එනුවර කෙවෙනිද? යත්; රුදු අසුරන් යුදයෙහි බිය උන් ගණිතැයි සැකකර පුරඳර තමපුර එකවර ගෙන මෙහි සැඟවුම් කළ වැනි.
අර්ථය:- ඓශ්චර්ය්කකරයෙන් පිරුනාවූ ඒ නගරය කෙබඳුද? යත්; රෞද්රම වූ අසුරයන් යුද්ධය කෙරෙහි බියෙන් උන්නාවූ, (ඒ අසුරයන් විසින්) ගනිද්දෝහෝයි සැකකොට ශක්ර්යා තමන්ගේ නගරය එකවරින්ම ගෙන, මේ ස්ථානයෙහි සැගවූවාක් වැන්න.
193. අන්වය:- සොඳ පිළිමිණිවුර සිරිට ලොබින් දියබඳ කිරිසිදු වැද ගැහැට කෙළෙන්, රොසින් එව් එම සඳ ඇවිත්, වෙණුට බියෙන් සෙද මෙපුරට පත්වී, අවට සිටින්නෙව්.
අර්ථය:- සුන්දාරවූ පළිඟු මිණියෙන් කළ ප්රාොකාරය, (කෙසේද යත්) ශ්රීය කාන්තාවට ලොභයෙන් විෂ්ණුහු කිරි මුහුදට වැදී ගැහැට කෙළෙන්, ක්රෝයධයෙන් මෙන්, ඒ කාලයෙහි (කිරි සයුර) ඇවිත් විෂ්ණුහට බියෙන්, වහා මේ නගරයට පැමිණ හාත්පස්හි සිටින්නාක් වැන්න.
194. අන්වය:- රණදම් විදු, දළ දළ නෙබලාකැල නිතියෙන් ගජනා ගජකැල, උදුල මෙන් වෙසෙසින් කල් යල් නොහැරම හැමකල එන මදපොදනෙන් බැඳ තර කළ රොන්;
අර්ථය:- රන්දාමයක් විලස් විදුලිය ඇති මහත්වූ දළ ලක්ෂොණ ඇති. අනේක බලාකාවලිය (කොක් රැළ) ඇති, නිරන්තරයෙන් ගර්ජනා කරන්නාවූ, හස්ති සමූහ ලක්ෂ ණ ඇති, දිලුනාවූ මේඝමාලාවෙන් විශේෂයෙන් කල් නො හැර හැම කල්හිම වැහෙන්නාවු, මද පොදින් බැඳ තබා ස්ථිර කළාවූ ධූලි ඇති;
195. අන්වය:- පියකරු භය රසුරැව්නෙන් එකබඳ අනතුරු සොඳ එම කුරගස්නෙන් නිරතුරු උදම් පුරදරණින් උදර මනනඳ මෙහෙසුරු සඳැරඟ ‘හන් ඉසිලී.
අර්ථය:- ප්රි යඬකරවූ අශ්වයන්ගේ කිඬකිණික රාවයෙන්; නිරන්තරයෙන් අතරක් නැත්තාවූ; සුන්දේරවූ (ඔවුන්ගේම) කුර ගැටීමෙන් නිරන්තරයෙන්ම උද්දාමවූ; නගරාභ්යූන්තරය, සිත් පිනවන්නාවූ මහෙෂ්වරයාගේ සන්යාද්ැ රඬගය ඉසිලීය.
196. අන්වය:- නිබඳව අහස් ගහ පැමිණ කෙළනා; මිතසෙ තෙවුනා, ලකල් පතර ‘දද දිවෙන, විරිදු රතසක් එඩි මඬිනා, එපුරෙහි සරණා, රිය පමණ නොමැති.
අර්ථය:- නිරන්තරයෙන් ආකාශ ගඬගාවට පැමිණ ක්රීහඩා කරන්නාවූ; මත්ස්යනයන් පරිද්දෙන් බබලන්නාවූ, අලඬකෘතවූ, මහත්වූ, කොඩි පෙළ ඇත්තාවූ; දිවන්නාවු සතුරු යුධ සේනාවගේ රථ චක්රූයන්ගේ (ධාවන වේග) එඩිය මැඩ පවත්වන්නාවූ; ඒ නගරයෙහි සැරිසරන්නාවූ රථ සංඬඛ්යානව අප්ර;මාණය.
197. අන්වය:- සැදි හෙල නන් සත් සෙපියුම්පෙළ ඇති, දද මින් විහිදෙන හයවුල් රලැති, සොබමන් පුර මහසර වැද පෙමැති, සෙබළු උන් කග දලදරනෙන් කෙළෙති.
අර්ථය:- සජ්ජිතවූ සුදු පැහැ ඇති නොයෙක් කුඩ නමැති සුදු පියුම් පෙළ අත්තාවූ; කොඩි නමැති මත්ස්යය සමූහ ඇති, ඔබමොබ දිවෙන්නාවූ, අශ්වසමූහ නමැති රළ ඇත්තාවූ ශොභමානූ, නගර නමැති මහා විලට වැදී, ප්රේසම ඇත්තාවූ භටයෝ, ඔවුන්ගේ කඩු නමැති ජලධාරාවෙන් ක්රීෙඩා කරති.
198. අන්වය:- රත්මිණිගෙය මෙරදෙහි රැඳි යුත්, එපුරවරමි මුවනට, දරදරද පැරද සෙදින් සිත්විලි වැද, සොඳ ලතොසඳ වෙස්ගෙන, ලෙව්සඳ නුලුකර, අත් ඇර ගිය වැනි.
අර්ථය:- රක්ත මාණික්යි ගෘහයෙහි රශ්මියෙන් රැඳුනාවූ රෑපශ්රීැයෙන් යුක්තවූ; ඒ පුර ස්ත්රීෙන්ගේ මුඛයන්ට, චන්ර්කරතයා පරාජිතව වහා ලජ්ජා සිත් ඇතිව, සුන්ද රවූ තරුණ සූර්ය්‍ැඳයාගේ වෙශය ගෙන, ලොකයාගේ සිත් චඤවාකොට, අත්හැර ගියාක් වැන්න.
199. අන්වය:- ඉසුරෙන් පිරි එපුරවමිය, සතතින් එකැතින් රිසිවත් ගණුවයි රසුරෙන් මුරගා ලඹ සල දද අතින් වෙසෙසින් කැඳියෙව් නිතින් සුරසෙන්හට අපහසි.
අර්ථය:- ඓශ්චර්ය් ල යෙන් සම්පූරර්ණ්වූ, ඒ නගර නමැති ස්ත්රීප තොමෝ, නිරන්තරයෙන් ඒකාන්තයෙන් කැමති කැමති වස්තූන් ගණුවයි, කිඬකිණික රාවයෙන් කෑගසා එල්බෙන්නාවූත් සෙලවෙන්නාවූත්, කොඩි නමැති අතින්, විශේෂයෙන් කැඳවන්නාක් මෙන්, නිරන්තරයෙන් දිව්යි සේනාවට අපහාස කරන්නීය.
200. අන්වය:- එපුර සුසැදි පතරේ මිණිගෙය කැන්, නොහැර නිතරේ රඳනා සීමැදුරේ සලල, පැහැසර, පවර පුරඹු වත්, නිසි අයුරේ අමර සගෙක වෙස් කෙළ
අර්ථය:- ඒ නගරයෙහි මනාව සුසැදුනාවූ මහත්වූ මාණික්යර ගෘහ සමූහයාගේ කාන්තිය අත් නොහැර නිරන්තරයෙන් රඳන්නාවූ සී මැඳුරෙහි සෙලවෙන්නාවූ, පුභාසාරවූ, උතුම්වූ පුර ස්ත්රීලන්ගේ මුහුණු, යෝග්ය් ආකාරයෙන් දෙවියන් ගේ දිව්යු ලොකයක අකාරය ප්රවකාශ කෙළේය.