කව්මිණි මල්දම-ගැටපද විවරණය-i
ගැටපද විවරණය
1.අන්වය:- ගුණ පිරි බව නොලග; තිවු කෙලෙසග, පිපි පඬෙර නෙතුයුග,මොකැදුරු තෙදියතග,මුනිඳුතුමන් වඳිමි.
අර්ථය:- පිරුණාවු ත්රිිවිධ භාවයෙහි ලග්න නොව;(නොඇලුනාවු) නිවන ලද කේලශාග්නි ඇත්තාවු හෙවත්,කේලශාග්නිය නිවුවාවු; පුෂ්පිතවු පුණ්ඩරීක බඳුවු, නේත්රි යුග්මයක් ඇති, මොක්ෂාතවාර්ය්ඩිවවු, ජගත්ත්රේයට අග්රයවු, මුනින්ද ත්තමයාණන් නමස්කාර කෙරෙම්
2.අන්වය:- බිය සසරෙහිබමන; සත්වගඅව අවරණ; රිසි රිසි සැප දෙවන; අනගි සදහම් සතොසිත වඳිමි,
අර්ථය:- භයානකවු සංසාරයෙහි ඔබිනොබ සැරි සරන්නාවු; සත්වයවර්ගනයා අපාය දුකින් වළක්නාවු; කැමති කැමති සුවය දෙන්නාවු; අනර්ඝ වු සඬර්ම්ය, සන්තොෂයෙන් නමස්කාර කෙරෙම්.
3.අන්වය:- සිරිගන දෙසු, බණ සියපණලෙසින් සුරකින; කෙලෙස් මල දෙවන මුනි න නඳන මහසඟණ වඳමි;
අර්ථය:- සර්ව ඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාවු, සඬර්ම්ය තමාගේ ප්රානණය පරිද්දෙන් ආරක්ෂා කරන්නාවු; ක්ලෙශ මලය ධෝවනය කරන්නාවු සර්වරඥයන් වහන්සේගේ පුත්රකවු, මහා සඞඝ සමුහයා, නමස්කාර කොරෙම්.
4.අන්වය:- බඹ, උවිඳු, බරනෙත, කිවි, ගුරු, තරිඳු දියනෙත, මෙන මෙඅද මුරුගණ; සත්ලොවට සුබ සෙත කෙරෙන්වා.
අර්ථය:- බ්රයහ්මය, උපෙන්ර්ා ය(විෂණුය), සකන්දන කුමාරය, සිකුරුය, බ්රථහස්පතීය, චන්ර්යත , සුර්ය්ා , මෛන්රෙිය බොධිසත්ත්වතය යන මේ ආදී දිව්යට සමුහයෝ ලෝකසත්ත්වපයාහට ශුභ ශාන්තිය කෙරෙත්වා!
5.අන්වය:- තුන්රට නිකුළුහිස පිහිටි, පුර රන්කුළු හිස ඇමතිගණ දෙව්රැස සමග වසන; සුරිඳු එකලෙස;
අර්ථය:- රුහුණු, මායා, පිහිටි යන ත්රි්විධ රාෂ්ට්රු නැමති ත්රිධ කූට ශිම්යෙහි(හෙවත් මෙර මතුයෙහි) අමාත්යව සමුහ නැමැති දිව්යි සමුහයා සමග වාසය කරන්නාවු; සුරෙන්ර්ුයෙයා හා ඒකාකාරවු;
6.අන්වය;- පවර හෙලදිව්තල, නැමති නිකසල; රන් ගල්ලෙනෙහි රුපු සරඟ කුඹුතල බිඳැර වසනා; මිගිඳුසිරි හළ.
අර්ථය:- උතුම් ලංකාවීපතල නැමති කසල රහිතවු, සවණගිරි ගුහාවෙහි ශ්ර-තැ නැමති හසනීන්ගේ කුම්භස්ථලයන් බිදලා වාසය කරන්නාවු; මාගෙන්ර් ශ් (සිංහ) ශ්රි්ය හැරියාවු හෙවත් පරාජය කළාවු;
7.අන්වය:- පින්සර, ඉසුරු, යස, ඉරනම් හේතු, රුරැස, සුරු, විකුම්, බල, තොස අනත දෙස දෙස පතළ;
අර්ථය:- පුණ්යෙසාරයද, ඓශවර්ය්ි යද, කිතිනියද, කඩනොවී සිදුවන්නාවු කාර්ය්ස යද, භාහ්ය්යද, රූපරාශියද ,ශූර භාවයද, වික්ර්මයද, රාජ බලයද, චිතතප්රීයතියද, ගුණ කරන කොටගෙන අනනතවු දෙශයක් පාසා ව්යාවප්තවු (හෙවත්) ප්රිසිඬවු;
8. අන්වය:- නවරුවන් හිමිවු, දළදාපුදෙහි හිමිවු, සිරිලක අගහිමි, අනත රජ තුතිබසට හිමිවු;
අර්ථය- නවවිධරතනයන්ට ස්වාමිවු, දඨාධාතු පුජාවෙහි ස්වාමිවු,ශ්රීි ලංකාවීපයට අග්රබස්වාමිවු,අනනතවු රජුන්ගේ ස්තුති වචනයට ස්වාමිවු;
9. අන්වය:- රදනියෙහි පැවති, විනයට අනුව, පවතී. ලොව පැවති, සිරිතිලෙසින් වසනා;මොහුගෙ සිරිති.
අර්ථය:- රාජනීතිය අනුව පැවතුනාවු, ආචාරයට අනුකූලව; දිවි පෙවෙත් කෙරේ.ලෝකයෙහි පැවතුණාවු, චාරිත්රායනුකූලව වාසය කිරීම; මේ රජුගේ චාරිත්රවයෙකි.
10.අන්වය:- මොහුගේ මත, කිවිදින නඳ වඩන; කප්තුරෙකි මොහුමන, සෙසුදන කුමුදුවත සතොස්දෙන; පුන්සඳෙකි.
අර්ථය:- මේ රජුගේ සිත, කිවි ජනයාගේ සතුට වඩන්නාවු; කලාප වෘක්ෂනයෙකි.මේ රජුගේ සිත සෙසු ජන නැමති කුමුදු වනයට සතුට ගෙන දෙන්නාවු;පුන් සරඳෙකි.
11. අන්වය:- යමෙක් මොහු දුටුවෙයි; නුවනට ගොදුරු එමවෙයි. මොහු බස් අසනුවෙයි; සවන් ගොදුරුව, හැමට පියවෙයි.
අර්ථය:- යම් කෙනෙකු මේ රජුහු දුටුවොත්; ගොදුරු නේත්ර යට ගෝචරය එපමණෙක්ම වේ.මේ රාජයාගේ වචන අසනුවෙයි. ඇසුවහොත්; ශ්රථවණයන්ට (කන්වලට)ගෝචරව, (ගොදුරුව) සියල්ලට ප්රීෂති ඵල වන්නේ වේ.
12. අන්වය:- මොහුගේ ගුණසුවඳ, හැමගේ ගහන් ගොදුරුය. නිබඳ මොහුගේ තුනීකම්, සතගේ දිවට ගොදුරුය.
අර්ථය:- මේ රජුගේ ගුණ නැමති සුවඳ, සියල්ලන්ගේ ඝාණයන්ට (නාස්වලට)ගෝචරය. නිරන්තරයෙන් මේ රජුගේ ගුණ කීම, සත්වනයාගේ ජිව්භාවට(දිවට)ගොචරය.
13. අන්වය:- මොහුවෙත, කඩනොකොට විසුම සත ඇඟ ගොදුරුය, එහැම දැනෙනා සිත, මෙපස ලත් සත ගොදුරු නම් වෙයි.
අර්ථය:- මේ රාජයාගේ සමීපයෙහි, ඛණඩ නොකොට, වාසය කිරීම, සත්වයයාගේ ශරීරයට (ඇඟට ) ගොචරය. ඒ සියල්ල අවබොධ වන්නාවු සිත, (දශිනාදී) මේ පංචකය(පස) ලැබුවාවු, සත්වවයාට ගොචර නම් වේ.
14. අන්වය:- අටකරුණක් නිසා, තමන් මනසා අලස බැව් වනසා, විසදා, මහණනට සිව්පසය සලසා,
අර්ථය:- සතර මාර්ග සතර ඵල යන අට කාරණයක් සදහා, තමන්ගේ සිත්හි අලසභාවය විනාශ කොට (ධන) වියදම්කොට,ශ්රසමණයන්ට චතුර්විධ ප්ර්ත්යිය සලස්වා ලයි.
15. අන්වය:- මෙදහම් අවාදෙයි. මෙදහම් සඟය ඇරලයි. මෙ දහම් මොක් දෙවයි. සිතා මුනි දම් විලස හැසිරෙයි.
අර්ථය:- ධර්මිය තෙම අපාය (දු:ඛය) දානය කෙරෙයි. මේ ධර්මේය තෙම සවර්ගදයට පමුණුවයි. මේ ධර්ම ය මොක්ෂ: දානය කරවයි;(මෙසේ) සිතා සර්වමඥ ධර්මගය පරිද්දෙන් පවතියි.
16. අන්වය:- සමහර අවිදු දන, තැන තැන සැක කර සිතන; මුනි සඳුගෙ ගුණ, බණ, තමන්ගේ මන, නිසැක හැදහී
අර්ථය:- ඇතැම් ප්රයඥවන්ත නොවු ජනයා විසින්, ඒ ඒ තන්හි සැක කොට සිතන ලද්දාවු; සර්වඥනතමයාණන්ගේ ගුණයන්ද, ධර්මතයන්ද, තමන්ගේ සිත, සැක රහිතව ඇදහුවේය.
17. අන්වය:- අතරනොවරා, පුරා පන්දහසක් පවතින; ගැඹරා බුදු සසුන් ඉඳුරා දියුණු කරන , සිතැති;
අර්ථය:-අන්තරයෙහි අවිචජිනතව,(නොබිඳි,නොසැඳී) සම්පූණී පන්දහසක් අවුරුදු මුළුල්ලෙහි පවත්නාවු; ගාම්භීරවූ බුඬශාසනය වර්ධැනය කරන, ඒකානත සිත ඇත්තාවු;
18. අන්වය:- දැඩිකම් ඔකදකර, වැඩි කම්, තමහද ඇතිව, බුදුකුරු විලස් ලද කිත්සිරිමෙවන් රජ සිහරජ;
අර්ථය:- දාඪතම චේතනාව මැඩ පවත්වා, වඬවු පුණ්ය කාම්යමය, තමන්ගේ හෘදයෙහි විද්යාාමානව, බුද්ධාඩ්කුර විලාශය ලද්දාවු; කීනිති ශ්රී් මේඝවණී නම්වු රාජසිංහ රාජයා;
19. අන්වය:- තුනුරුවන් කෙරෙහි තරෙහි සැදැහැති වෙමින්;වෙරෙහි ගුණ බරණ පැලඳ රජසිරි විදින වරෙහි;
අර්ථය:- ත්රිිවිධ රත්නය කෙරෙහි දැඩි වු ශ්රහඬාව ඇත්තෙකු වෙමින්;ශරීරයෙහි ගුණ නැමති ආභරණය පැලඳ,රජසිරි විදින කල්හි;
20. අන්වය:- මා මුවගෙහි රඳන, සරසවි නම්; දෙවඟන, මුනි බණක්, එලුවෙන කියව මදිවට අයද සිටියෙන;
අර්ථය:- මාගේ මුඛය නැමති ගෘහයෙහි(ගෙයෙහි) රදන්නාවු, සරස්ව්තී නම්වු, දිව්යාහඬගනාව විසින්, මුනීන්ර් වෙයන්ගේ ධර්මියක් සිංහල භාෂාවෙන් කියව’යි, කියා මාගේ ජිච්භාවට (දිවට) ආයාචනා කර සිටි හෙයින්;
21.අන්වය:- අනත බුදුගුණමිණි, කව් රන්තලෙහි ගොත කර, පොරණ, වත මහකිව් පැලඳ නිරතුරු දසඅත හෙබු.
අර්ථය:- අනන්තවු බුඬගුණ නමැති මාණික්ය.යෙන්, කාව්යය නැමති ස්වණී මාරුතයෙහි(රන්මය සුළගෙහි)ගෙන, පුරාණයෙහිවූ, ව්යැක්තවු මහා කවීහු පැලඳ නිරන්තරයෙන් දශ දිශාවන් නොහොත් දිශාන්තය බැබලවූවෝය.
22.අන්වය:- මම එගුණමිණිමල්දම, ගුරු කොට තබා ගෙන, සම, පිය, සියබසින් වෙසෙස්; පද රන්හුයෙහි මනරම;
අර්ථය:- ඒ ගුණ නැමති මිණි මාලා දාමය, ගුරු තන්හි තබා ගනිමින්, සමානවු, ප්රිණයවු, සිංහල භාෂාවෙන් විශේෂවු; පද්ය, නැමති රන් තලෙහි මනරම්වු;
23. අන්වය:- බැඳුම් මිණි තැනකට, බුදුගුණ රුවන් තැනකට, අගයෙන් දියුණු කොට, පිළිවෙළ ලෙස, සුදුසු කොට බලා;
අර්ථය:- බන්ධ,න නමැති මාණික්ය,ය(එක්) සථානයකටද, බුඬ ගුණ නැමති රත්නයන් එක් සථානයකටද, (අවුණා)වටිනාකමින් දෙගුණ කොට පරිපාටිය පරිද්දෙන්, යොග්යැ කොට බලා;
24.අන්වය:- මෙ කව්මිණිමල්දම සොදසෙම ගොතා නිමවමි, තියවන්නී, තෙප් හැම, රැගෙන නිතරම පෙමින් පලදිව්,
අර්ථය:- මේ කාව්ය මිණිමාලා දාමය සුන්ද රවු පරිද්දෙන්ම ගොතා නිම කරවමි. ඥානවන්තයිනි, තෙපි සියල්ලෝම,(ඒ) ගෙන හැම කල්හිම ආදරයෙන් පැලඳ ගනිව්.
25. අන්වය:- වතැන්, කසුන් පත සලසා, මුනි බණ ලියවත්, නිවන් සත, තලපත ලිවත්; අනුසස් අගය එකයුත.
අර්ථය:- වස්තු ඇත්තෝ, රන් පත සලස්වාලා, බුඬ දෙශනය ලියවත්. වස්තු හින සත්වතයෝ, තල් පත්හි ලියනත්; ආනිශංසයාගේ අගය එකාකාරයි.
26. අන්වය:- එයින්, අප මහ සුගත ගුණ දම්, මද පැනැති සත කිව, එමහන නොකුදු සවනතකරව්. මහ සෙත ලැබෙයි.
අර්ථය:- එහෙයින්, අප සර්ව ඥයාගේ ගුණ ධර්මයය, මද නුවණ ඇත්තාවු සත්ත්වොයන් කී නමුත්; ඒ මහත්වු බුඬ ගුණය කුඩා නොවේ.(එසේ හෙයින්)ශ්ර වණය කරව්.මහා ශාන්තිය හෙවත් නිර්වාණණය ලැබෙන්නේය.
27.අන්වය:- තිබෙනා පැන, සයුර තැන්පත් තැන මිස, නැත. එමෙන මෙය අයුණුගුණ රඳත්; කිවිවෙන මිසක්, වෙන නැත.
අර්ථය:- අන්ය ස්ථානයන්හි තිබෙන්නාවු ජලය, සාගරයේ පැමිණ තන්හි හැර, අන්ය ස්ථානයකට නොපැමිණේ.එපරිද්දෙන්ම මේ ග්ර න්ථණයාගේ දොෂාදොෂ රඳන හොත්;කවීන් වෙත හැර, අන් කෙනෙක් වෙත, ප්රාමජත වීමෙක් නැත්තේය.
28. අන්වය:- දුක්වන් සසර වැද එක්වන් සමතිස් පෙරුම් සක්වන් සුගතිඳුගෙ; මෙසේ සිරිතෙකි; කෙසේ දක්වම්;
අර්ථය:- දුක් ඇත්තාවු සංසාරයට වැදි, හුදෙකලාව සමතිස් පාරමිතාවන් රැස් කළාවු බුදුන්ගේ; මේ ආකාරය චාරිත්රකයෙක් යයි; කවර ආකාරයකින් දක්වම්ද?(දැක්විය නොහැකියයි යු සේයි.)
29.අන්වය:- මුළු දඹදිව සියලු සැපත්, රැස්වී තැන්පත් තිබෙනෙව් කොසොල් රටට තිලකෙව්; සැවැත් නමින් යුත් නුවරෙක් විය.
අර්ථය:- සකල ජමබුවීපයෙහි සකල සම්පත්තිය, රැස්ව තැන්පත්ව තිබෙන්නාක් වැනිවු, කොසොල් නම් රටට තිලකයක් වැනිවු; සැවත් නම් නගරයක් වුයේය.
30. අන්වය:- සතර සඟරාවත්, දරා දුසිරි සමග දිගින් වරා, එනුවර පුරා සිටින සත් සරා පුබුදු; රිවි සිරිගත්;
අර්ථය:- සතර සංග්රිහ වස්තූන්, දරමින්(අනුව පවතිමින්) දුශ්චරිත හා සතුරන් දුරුකොට, ඒ නගරයෙහි පිරි සිටින්නාවු සත්ත්ව, නැමති නෙළුම් ප්රරබොධ කළාවු; සුර්ය් ස යාගේ ශ්රීනය ග්රපහණය කළාවු;(පැරදවු)
31.අන්වය:- පැහැ සර, මනා, බැමලියෙන් රුපුලිය සුමිතුරු අඟනා කුරිරු; බිය.පිය, කරනා; පසිදු කොසොල් තරවරනා;
අර්ථය:- ප්රදභාසාරවූ. යහපත්වු, භ්රෑස ලතාවෙන් සතුරු වනිතාවන් හා මිතුරු වනිතාවන් හා යන මොවුන්ට ක්රෑවරවු; බියද ප්රීතතියද, ඇති කරන්නාවු; ප්රුසිඬවූ කොසල නම් නර ශ්රෙසෂ්ඨය;
32. අන්වය:- දස රද දම් ඉවර නොකර, පවර විදුරවි සිරි දරා, මැතිවර නොහැර පිරිවරා, එනුවර රජකරනාවර;
අර්ථය:- දශරාජ ධර්මඑ නොඉක්මවා උතුම්වූ ශක්ර් දෙවෙන්ර්රා ශ්රී ය දරමින්, මන්ත්රී-ශ්වරයන් සියල්ලන්ම පිරිවර කොට (ගෙන)ඒ නගරයෙහි රාජ්යිය කරන කල්හි;
33. අන්වය:- එනිරිඳුගෙන් ලද, බලවත් සිටු නතතුර කෙරෙහි සැපත් අනේපිඬුනම්ලත්; මහත් සුදත් සිටුතුමා විසින්;
අර්ථය:- (කෝසල නම්වු) ඒ නරේන්ර්;ූ යාගෙන් ලැබුවාවු, ශක්තිමත් වු සිටු තනතුරට හිමිවු; අනාථ පිණ්ඬක යන නාමය ලද්ද වූ මහත් වු (පූජිතවු) සුදන්ත නම් සිටුවරයා විසින්;
34. අන්වය:- පුඩුකළ, රුවනින්, ගණනින් සිව්පණසක් කෙළ විසද්රානකරවු; මනරම්; පහපෙළකිරණින්, මුළුලෝ අලු කළ;
අර්ථය:- රැස් කරන ලද්දාවු, රත්නයන්, සංඬඛාවෙන් පණස් හතර කොටියක් වියදම් කොට කරවන ලද්දාවු; සිත් අලවන්නාවු, ප්රා්සාද පඬ්ක්කතියෙන් ආලෝකයෙන්, මුළු ලෝකයම ආලෝක කළාවු;
35.අන්වය:- වෙසෙසින් බඹලොව තරමින, දුටුවන් මන නෙත් පිනවන, නරදම් සැරිහට නිසි වන, සසොබන දෙව්රම් වෙහෙරෙහි;
අර්ථය:- විශේෂයෙන් බ්රිහ්ම ලෝකයේ ප්රෙමාණයෙන් (හෙවත් බ්රරහ්ම ලෝකයක් වැනිවු) දුටුවන්ගේ සිත් ද ඇස්ද පිනවන්නාවු, (පුරිස ධමම සාරථින්ට) සර්වදඥයන් වහන්සේට යොග්යව වන්නාවු, ශොභා සහිතවු ජේතවන විහාරයෙහි;
36. අන්වය:- දිවාකුරුමුනි වදන මත්තෙන්, දසලකුණු වන; පෙරුමන් මහ අරණවැටී පීනන; මෙ අප මහ දන;
අර්ථය:- දීපඬකර සර්වමඥයන් වචන මාත්රෙයෙන්, දශ ලක්ෂ ණ පෙන්වු; පාරමිතා නමැති සාගරයෙහි වැටී පීනන්නාවු; මේ අපගේ මහාබොධිසත්ත්ව තෙම;
37.අන්වය:- සිවිරජවු කලෙක, නිලුපුල් තිගා පැහැසක සැක නොවි, සුගතින් උපුටැ, විගසෙක මහා දදහට දිනි.
අර්ථය:- සිවිරාජ ආත්ම භාවයෙහි උපන්නාවු කල්හි ප්රුභායෙන් නිල් උපුල් වලට නිග්රවහ කරන්නාවු, ඇස් දෙක සැක නොමැතිව, දෙඅතින් උගුවා, වහා බ්රාටහ්මණයාට දුන්නේය.
38. අන්වය:- සසදා උපන්සඳ, කිසිබිය නොවී, තම අද මසදා. දදුට කැපකර; දිලී ගිනිසිලු මැද පිනී.
අර්ථය:- සස ජාතියෙහි උපන්නාවු කල්හි, කිසිම බියක් නොමැතිවම, තමන්ගේ හෘදය මාංශ ධාතුව, ශක්ර බ්රාකහ්මණයාට කැප කරමින්; දිළියෙන්නාවු ගිනි ජාලාවට පැන්නේය.
39.අන්වය:- පුරඳරවැ ඉපිදිය, අසුර යුදයට සුසැදිය, දිවි ලැදිය නොසිතා, ගුරුළු පිලවුන් සුරැකැ. දියදිය.
අර්ථය:- ශක්රප දේව රාජව උපන් කල්හි, දානවයන්(අසුරයන්)යුඬයට සැරසුණුවිට, ජීවිතාශාව ගැන නොසිතා, ගුරුළු පැටවුන් ආරක්ෂණකොට,(ඔවුන්ට) ජීවිත දානය කෙළේය.
40.අන්වය:- සක්පා නාරදව නව අදම සුරකින සදෙහි; සබරහු තවද දෙන අයස, නොමඳ යසසෙහි සිතී.
අර්ථය:- සංඬඛපාල නම් නාග රාජව තපස්කම් දැඩිලෙස රක්ෂාව කරන කල්හි; වැද්දන් විසින්, දැඩිලෙස කරනු ලබන්නාවු අයහපත, (නින්දාව) යහපතක් වශයෙන් සිතීය.
41. අන්වය:- එකල සව්සතට සුපහළ, පරසඳ විලස මන කල සුතසෝමවැ, සසරදුක්ගැන, තෙමේ ඌහළ
අර්ථය:- (ඒ බොධිසත්ත්ව,යන් වහන්සේ) සකල සත්ත්වලයාට මනාව පහළවූ සිත් පහදන්නාවූ පූර්ණස චන්ර්වහනයෙකුගේ විලාශය ඇති, සුතසෝම නම් රජුව, සංසාර දුඃඛය සලකා තෙමේම පෘථිවි තෘෂ්ණාව(රාජ සම්පත්තිය)හැරියේය.
42. අන්වය:- පෙර, මහඔසුපඬිවැ, අවට පත් සතුරු පිරිවර උමගින් ඔකඳකර, පවර සිය නවවර යෙහෙන් රැකි,
අර්ථය:- අතීතයෙහිදී, මහෞෂධ පණ්ඩිතව, ශාන්පස්හි රැස්වු සතුරු පිරිවර උමං මාර්ග යෙන් මැඩ පවත්වා, ශෙෂ්ඨවු ස්වකීය නරොත්නමයා යහපත්ව(හොඳින්)රක්ෂා් කෙළේය.
43.අන්වය:- සේනක පඩිකලේ, නිමලේ දිවසෙව් නැණින්, සත්බතුර ඇතුළේ, උරිදු හැර, දද විපත දුරලේ.
අර්ථය:- සේනක නම් පණ්ඩිත කාලයෙහි, පිරිසුදුවු දිවැසි වැනි නුවණින් අත් සුණු පසුම්බිය තුළ, (හුන්නාවු) නාගරාජයා හැර බ්රායහ්මණයාගේ විපත්තිය දුරු කෙළේය.
44. අන්වය:- සතොස ජනකවැ ඉපිද, සියසත අසෙනිසේ, ගොස ඇනි, එසිඳු බැස පීනිය, තර දිරි සිතෙක අදහස අහෝ!
අර්ථය:- කලන්ද කව උපන්නාවු කල්හි, ලක්ෂත ගණන් හෙණ පරිදිවු, ඝොෂාව ඇති, ඒ මහා සාගරයට බැස සතුටින් පීනුවේය. ස්ථීරවු ධෛර්ය්ින සම්පන්න සිතක මහිමය අඳෝමැයි.
45. අන්වය:- සත්වාදීවු තවුස සමයෙහි, තුනුපස කපන කලද; නම් මෙත්සිතම්, සුරැකි.
අර්ථය:- ක්ෂාසන්තිවාදිවූ තාපස කාලයෙහි, රජතුමා කිපී ශරීර ප්රථත්ය යන් (අත්පා ආදිය) කපන කල්හි; තමාගේ මෛත්රී චින්තනය, මනාව රක්ෂාෙ කෙළේය.
46. අන්වය:- මහසුතසෝමකල, අසරණ රදරුවන් පෙල පිළිමල්තට, සසලනොවී; සියතෙපුල් බල පෑ, රැකී.
අර්ථය:- මහා සුතසෝම කාලයෙහි, පිහිටක් නැතිවු රජ දරුවන් සමුහය සතුරන්ට (බියෙන්) චංචල නොවී; ස්වකීය වචනයන්හි ශක්තිය ප්රහකාශ කොට රක්ෂාය කෙළේය.
47. අන්වය:- මනනඳ තෙමෙකැලැ, රජසැපතැ ලොබ සිද බිද, සසර වැද සලකා, තෙමේ අදිටන් එකබඳ රැකි
අර්ථය:- මනොනන්දිනවු තේමිය කුමාර කාලයෙහි, රාජ සම්පත්තියෙහි ලෝභය තුරන් කර, සංසාර නැමැති රෝගය ගැන සිතා, තෙමේම නිරන්තරයෙන්ම අධිෂ්ඨානය රක්ෂාස කළේය.(අධිෂ්ඨාන සමිපන්න වුයේය)
48. අන්වය:- එක්රදකලේ, තර මෙත්සිතම සිහි කර කර , සියන් රුපු පුවතර සමමෙත්සිතිනි එකයුරු යෙදී.
අර්ථය:- එකරාජ කාලයෙහි, සථිරවු මෛත්රිර චින්තයම දැඩි ලෙස, මෛත්රිු චිත්තයම සිහි කරමින්, ස්වකීයයන්ද, සතුරන්, කෙරෙහි එකාකාරව දැඩි ලෙස, මෛත්රීි චිත්තයෙන් යුක්තව සිටියේය.
49. අන්වය:- මෙ අප සත්සර පවර, ලොම්හස් කැල සර නිසි පැන විවරණින් ඇටයුතු සොහොනතුරු වසා ඉවසී;
අර්ථය:- මේ අති උතුම්වු (සත්ත්වරසාරයන් වහන්සේ)බොධිසත්වවයන් වහන්සේ, ලොමහංස කාලයෙහිදී, යොග්යසවු සාරවු ප්රරශ්න පැහැදිළි කිරීමෙන්;
50. අන්වය:- අවා මග අවුරා, රාදොස් මුලින් උදුරා කා, විසී, මෙන, මෙසේ පුරා දසයක් පෙරුම්පුරා:
අර්ථය:- අපාය මාර්ගකය ආවරණය කොට රාග වෙෂයන් මුලින් උපුටා දමා, කාය, වාග්, චිත්තයන් (ඒ අනුකූලව) පුරමින් පාරමිතා දසයක් සමිපූර්ණය කෙරෙමින්;
51.අන්වය:- වෙසතුරු අත්බවට සිතැගි විලසට පැමිණ, සිය සුතඹු මොනවට පෙම අඩු නොමකොට, යදියට සදා;
අර්ථය:- වෙස්සන්තර ආත්ම භාවයට පැම්ණ, ස්වකීය අඹු දරුවන්(ඔවුන් කෙරෙහි ඇති) ආදරය අඩු නොකොට, යාචකයාට මනාව දන්දී;
52.අන්වය:- ඉති බහුල කලකින් පෙරුම් සමුදුරෙහි කෙළැ, නිමල පොරණ බුදුකුරුදම් නැණසින් දැක, නිමෙවු කල,
අර්ථය:- මෙසේ බොහෝ කාලයක් පාරමිතා නැමති මහ මුහුදෙහි ක්රීයඩා කොට, පිරිසිදුවු (ඊට ප්‍රථම බුදුවරයන් විසින් සම්පුණී කරණ ලද) බුදුබව සිද්ධ කරලන ධර්මහයන් ඥාන නමැති ඇසින් දැක, සම්පුණී කළ කල්හි:
53. අන්වය:- තුසීපුර නගිමින්, නොමඳ සෙව්සැප විඳමින්, දෙවියන්ගෙ යැදුමින්, නියමින් කිඹුල්වත්පුර පැම්ණ;
අර්ථය:- තුෂිත නම් දිව්යම පුරයට ගොස්, අප්ර මාණවු දිව්ය සම්පත්තිය විදිමින්, (සිටින කල්හි) දෙව්යන්ගේ යාඥාව නිසා කපිල වස්තු පුරයට පැමිණ;
54.අන්වය:- මනරම් මහාමයා නම් බිසවුන් කුසින්, බරම් අතට බිහි විය. එතරම් දෙතිසක් නිමිති ඇරපැයි.
අර්ථය:- මනරම්වු මහාමයා නම් වු බිසවුන්ගේ කුසින්, මහා බ්රථහ්මයාගේ අතට බිහි විය. ඒ කාලයෙහි (නොහොත් ඊට සුදුසුවු) දෙතිසක් නිමිති ගෙණ හැර දැක්වීය.
55. අන්වය:- කලාපති විලසින්, වෙසෙසින් වඩිවිය පැමිණ, රද සැපත නොරිසින්, තෙමේ සකසින් සියලු ලොබම ඇර;
අර්ථය:- චන්ද්රකයා ගේ විලාශයෙන්, විශේෂයෙන් වැඩි වියට පැමිණ, රාජ සම්පත්තිය නොකැමැතිව, තෙමේම යෝග්යශ පරිදි සකල ශොභාව අත් හැර දමා;
56.අන්වය:- නික්මැ, මග ගෙවමින්, බඹ දත් සිවුරු දරමින්, නිසි සිරිත් කෙරෙමින්, නියමින් බෝමුල අසුන්හී පැමිණි
අර්ථය:- (ගිහි ගෙයින්)නික්මි, මාර්ගොය පසු කරමින්, බ්රගහ්මයා විසින් දෙන ලද්දාවූ සිව්රු හැඳ පෙරව, යොග්යිවු චාරිත්රි ධර්ම කෙරෙමින්, නිශ්චය ලෙස බෝධිය මූලයෙහිවූ ආසනය වෙත පැමිණියේය.
57.අන්වය:- එකලැ මරු රොස් වී, සහ පිරිවරිත් රැස්වී, නොහිස්වී එහි සිටි බඹ, සුර, පිරිස් හිස්වී ගියෝ.
අර්ථය:- එකල්හි මාරයා කෝපයට පත්ව, පිරිවර සහිතව රැස් වූයේය. එහි (අතුරු සිදුරු නැතිව) හිස්වීමක් නොමැතිව සිටි බ්රයහ්ම, දිව්යස සමූහයා ( හිස්වී ගියහ) ඉවත් වූහ.
58. අන්වය:- එසඳ, මරදෙව්පුත්, සිදුගන, අද මෙහිඳැ, තෙට බුදුවියනොදෙමි,සෙද යව යි පවසා මහපුරිස් හද;
අර්ථය:- එකල්හි , මාර දිව්යර පුත්ර්යා සිඬාර්ථබය,නට අද මේ ආසනයෙහි හිඳ, බුද්ධත්වය ලැබිමට නොදෙමි. වහා යව යි මහා පුරුෂයාගේ හෘදයට:
59. අන්වය:- ගැසු අවියට වන් මෙහෙයු කිරිඳු හට වන් , තවඟ වරට, කරන ගොරතර මර යුචට වත්;
අර්ථය:- ගසන ලද්දාවු ආයුධයට හෝ, හැරියාවු හසිති රාජයාට හෝ, නවාඬග වර්ෂ්වට හෝ කරන ලද්දාවු අතිශයින් භයංකරවු මාර යුඬයට හෝ;
60. අන්වය:- ගුණසක් හුදෙක් සිටි කිසි සැල්මක් බියක් නැතිව, ඒ හා පිරිසක් පරයා නොයම්, තුන් නුවණ, ලැබ;
අර්ථය:- ගුණයට ඇසක් බඳුවු බෝධිසත්ත්වකයන් වහන්සේ වනාහි තනිව කිසියම් චංචල ගතියක් භීතියක් හෝ නොමැතිව, ඒ සා සමානවු පිරිසක් පරදා, තුන් යාමයන් හිදී, තුන් ආකාරවු ඥානය, ලැබ;
61. අන්වය:- රිවි අරුණු කාලේ, කයිරම පිපින වේලේ,එම වේලේ බුදුව ,ආලේ එහිම සතියක් විසී.
අර්ථය:- සූර්ය්න් යා උදාවී,කුමුදු ආදිය පිපෙන වේලෙහිම; බුද්ධත්වඅයට පැමිණ, ධ්යාණන ආලයෙන් ඒ පර්ය්ාව ඬකයෙහිම; සත් දවසක් වාසය කළ සේක.
62. අන්වය:- අප තිලෝනායක, පස්පැහැය වන අනිමිසක පැහැසක දුමිඳු හට පුදා, නෙකසිරින් පිළිවෙළින් ගොස්;
අර්ථය:- අපගේ තුන් ලොවට නායකයන් වහන්සේ,පස් ආකාරවු පැහැයක් ඇති නොහෙල ඇසින් ප්රේභා රාශියක් ඇති බෝධීන් වහන්සේට පුජාකොට, අනේකවු බුඬශ්රීශයෙන් යුක්තව පිළිවෙළින් ගමන් කොට;
63. අන්වය:- අජපල් නුගය මුල පිවිස, උන්දෙහි; ලකළ මරඹුවො අවුත්, මෙසේ සලකා මහනළ කෙරෙත්,
අර්ථය:- අජපාල නම් වූ නුග ගස මුල වෙත එළඹ බුදුන් වහන්සේ වැඩහුන් කල්හි; අලඬකාරවූ මාර කාන්තාවෝ පාමින, මේ මතු කියැ වෙන පරිද්දෙන් මහා නාටක පවත්වත්.
64. අන්වය:- යොවුන් වයසේ සුපිහිටි මොහුද, අපිද එකසේ, ඉන්, අප සරසේ, විලසේ කුමුටුකරවමු”කියා;
අර්ථය:- “තරුණ වියෙහි සිටියාවූ මේ තැනැත්තාද, අපිද ඒකාකාර වෙමු. එසේ හෙයින්, අපගේ කාම රස නමැති විලෙහි, වහා කිමිදු වමු.”යයි කියා;
65. අන්වය:- ගී, වෙණද, රැඟුම්, මඳහස්, වහස්මැගුම්, රති සැපත අග හැඟුම්, මීයුරු වදනින් යුතු වයුගත් නැගුම්;
අර්ථය:- ගීතිකාය, වීනාය, නෘත්‍යය, මීද සිනාවය, අඩක් බැල්මය, කම් සැපතේ අග්‍රත්‍වය හැඟවීමය, ප්‍රිය වචනය යන මෙයින් යුක්ත වූ ඒ මාර කන්‍යාවන් ගේ දැත් නැටවීමය යන මෙයින්ද.
66. අන්වය:- හිසකෙස් මිදීමෙන් , යලි වැටිකර බැලීමෙන්, තුනු පෙද පෙනීමෙන්, සොබන පියයුරු ගෙන බැලීමෙන්;
අර්ථය:- කෙස් කලඹ ලිහිමින්ද, නැවත ගොතා බැඳීමෙන්ද, ශරීර ප්‍රදේශය පෙන්වීමෙන්ද, ශොභන වූ පයෝදර සපශීකර බැලීමෙන්.
67. අන්වය:- දුටුවන් මායම් කරන, මීහුගෙ එප මායම්, මේ ඈ මායම් කර, නිතැත් වූ සඳ අමායම්;
අර්ථය:- දුටුවන් මුළාකරන්නාවූ, මාරයාගේ ප්‍රමාදාවූත්, මේ ආදී රැවටීම් කොට, නිරුත්සාහී වූ කල්හි මායා රහිතවූ;
68. අන්වය:- මුනිසඳහු වෙත පත්, විසිතුරු රැඟුමිහී වත්; තරුණ අරුණ පැහැපත් තුළුණ මනකර පිය බඳේ වත්;
අර්ථය:- සර්‍වඥයන් වහන්සේගේ සමීපයට පැමිණියාවූ; විචිත්‍රවූ, නාත්‍යයෙහි හෝ; බාල වූ ප්‍රභා ප්‍රාප්ත වූ සුකුමාර වූ අරුණ ප්‍රභා ප්‍රාප්තවූ සුකුමාරවූ සිත් කලුවූ ප්‍රියඞකර ශරීරයෙහි හෝ;
69. අන්වය:- බිඹුපල සිරි රැගත්, පැහැසර ලවන්හී වත්, සුනිල් වරලෙහිවත් තෙත්කැන් පමණ නොලා හැර ඇවිත්;
අර්ථය:- කෝවක්කා ගෙඩිවල රැගත්තාවූ ප්‍රභාසාර වූ දෙතොල් හි හෝ, අති නීල වූ කේශ කලාපයෙහි හෝ, නේත්‍ර කාන්ති මාත්‍රයක් හෝ නොහෙලා හැරදමා පැමිණ. ( දෙතොල් හෝ කෙස් කළඹ දෙස හෝ නොබැලූ බැව් යූ සේයි )
70. අන්වය:- ඉසිපතනයට වැඩම, ලෙවැදුරු යැදුම් මුල්කොට, දම්සක් මොනවට පවත්වා, මිතෙ දනන් තුටුකොට;
අර්ථය:- ඉසිපතනාරාමයට වැඩමවා මහා බ්‍රහ්මයාගේ ආරාධනය මුල් කොට, යහපත් ලෙස ධර්ම චක්‍රය පවත්වා, හික්ම විය හැකි ජනයන් සතුටු කොට;
71. අන්වය:- අතටපත් නිවනට, තනිව විදිනට මැලිව, හැම දුකට බදුනෙව්, අක්මුල් නොමැති සසරට පිවිස;
අර්ථය:- (තමා) අවබෝධකළ නිර්‍වාණ සම්පත්තිය, තනිවම විදීමට අකමැතිව, සැම දුකටම භාජනයක් වැනිවූ, ආරම්භය හෝ අවසානය නොදක්නා සංසාරයට පිවිස;
72. අන්වය:- මෙතුවක්කලේ සිට, පරනට පතළ කුළුණෙන්, දුක්විඳ සපල මට තවත් මේ දම්රුවන් සමකොට;
අර්ථය:- මෙතෙක් කල් පටන්, අන්‍යයන් වෙත පැතුරු, කරුණාවෙන් යුක්තව, දුක් විද ඵල මිට ලැබුනා වූ මේ අළුත්වූ ධර්‍ම රත්නය සියල්ලන්‍ටම එක් ලෙස;
73. අන්වය:- පලමුව අද බෙදා විසඳා දුන්දිනවේද සතුටුසිත විහිදා, මුනිදා, මෙසේ සඳහන් ඇතිව,
අර්ථය:- පළමුවෙන්ම මේ දවස තෝරා දුන්නාවූ දිනය නොවේ දැයි සතුටු සිත පතුරුවා, සර්‍වඥයන් වහන්සේ, මේ ආකාරවූ කල්පනා ඇතිව;
74. අන්වය:- තරේ මෙත්සිත් කොට, තෙක බුදු මහිම පලකොට, උනුනුන් පින් ලෙසට, සිව් මහ සතරපලයට යොදා;
අර්ථය:- දැඩි ලෙස මෛත්‍රී චිත්තය උපදවා, අනෙක ප්‍රකාරවූ බුඞ මහිමය ප්‍රකාශ කොට, (හේතු වාසනා ඇති පරිදි) චතුර්විධ මාර්‍ගයට හා ඵලයට පමුණුවා;
75. අන්වය:- කොත්මල් කැලුම්කඳ හැර, දසදිගුන් විනිවිද, රට දන එවල වැද, ජටිල සතයන් අදසුවෙහි ඇරලා;
අර්ථය:- කෙතුමාලා කාන්ති කදම්බය විහිදුවා, දශ දිශාවන් විනිවිද කොට, විජිත හා ජන පදයන්ට ඇතුලුව, සිය ගණන් ජටිලයන් නිවනට පමුණුවා;
76. අන්වය:- සිව් ඉරිය, සිව්බඹ විහරණපතින් සපිරිය, පිරිය ගඳකිළියයෙහි ඉතිරිය, සමවත් සුවෙන් විසී;
අර්ථය:- සතර ඉරියව් හා බ්‍රහ්ම විහරණයට මනාව පැමිණ, ප්‍රියඞකරවූ ගන්‍ධ කුටියෙහි අධික වූ සමාපත්ති සුවයෙන් වාසය කලේය
77. අන්වය:- සිරිසර, එවෙහෙර පිළිමිණි මහවුරු මනහර, රැස් විහිදී, අයුර පා අණවුර නැගි, පැහැසර බරගෙව්;
අර්ථය:- ශ්‍රීයෙන් සාරවූ ඒ (ජේතවන විහාර යෙහි පළිඟු මැණික්මය ප්‍රාකාරයෙන් සිත් ගත්තාවූ, රශ්මින් විහිදුනාවූ, ආකාරය (කෙසේද යත්) කිරි සයුර තුළින් නිරන්තරයෙන්ම නැංගාවූ, ප්‍රභාවෙන් සාරවූ තරඞ්ගයක් වැන්න.
78. අන්වය:- දනා නුවන් කල් සොබනා, ඒ මලුතුළ රැදී, පුලිනා කෙලෙස් ඉඳු, සක් රැසින් රතා පිවිතුරු කොට අතුළෙව්.
අර්ථය:- ජනයාගේ නෙත්‍රයන්ට රම්‍යවූ, ශොභනවූ, එහි (ඒ විහාරයෙහි) මළුව ඇතුලෙහි දිලිසෙනාවූ වැලි (කෙසේද යත්) කෛලාස පර්‍වතය, සක (මන මොවුන්ගේ) රශ්මින් මිශ්‍රකොට විචිත්‍රකොට ඇතුරුවාක් වැන්න.
79. අන්වය:- එහි රැඳි, මහදොරටු හලුව, මුනිපද සඳහා, ලකළුව මිහිතල දෙබරා, නැගි ලුව අනතහු පෙණ මඩුලුව, දිලී,
අර්ථය:- එහි (ඒ විහාරයෙහි) රැඳුනාවූ, මහා ගේට්ටුව, සර්‍වඥ පූජාව සඳහා, අලඬකාර කොට පොළොව දෙබෑකොට නැංගාවූ අනන්ත නම් නාග රාජයාගේ පෙණ මඩුල්ල පරිද්දෙන්, දීප්තිමත් විය.
80. අන්වය:- එහි සිව්කොන, ලඹ; තල ලෙල; දදපෙළ රසු හළ; රැව් නෙත්, අමල දම්සෙබෙහි නිතර සපල මුනිදම් පිරුවනෙව්
අර්ථය:- ඒ විහාරයෙහි සතර කොන්හි එල්ලෙන්නාවු; සුළඟින් ලෙලදෙන්නාවූ. කොඩි පෙළ කිංකිණි වලින් නිකුත් වන්නාවූ. රාවය කරණ කොට ගෙන, යහපත්වූ ධර්‍ම සභාවෙහි සෑම විටම ඵල සහිතවූ සර්‍වඥවන් වහන්සේගේ ධර්‍මය හදාරන්නාක් මෙනි.
81. අන්වය:- සුසැදෙව්, මිණිතොරණදිලි, දිගුසෙව්, නිමලී පබසර, එකලි සුරඟන රැලි දෙම්; ඉඳුසැව් සිරිසර කියලී
අර්ථය:- මොනවට අලඬකාර කරවන ලද්දාවූ, මැණික් (ඔබ්බන ලද) තොරනෙහි දිලිසෙන්නාවූ, දිශාවන් සේවනය කළාවූ, පිරිසිදුවූ ප්‍රභාස්වර කාන්තිය, ඒ කාලයෙහි ආකාශ ගංගාවගේ රැළ පෙළින් සේදුවාවූ දේදුන්නෙහි ශ්‍රී සාරය ප්‍රකාශ කළාය.
82. අන්වය:- වන් සුරතර සිත් බඳවන, නන්රැවකින් විසිතුරුවන තන්සිරි සොබත ගදකිළිය බිම්ලිය ඉසු කිරුළු එවුවන,
අර්ථය:- (එතැනට) පැමිණියා වූ, දෙවි මිනිසුන් ගේ සිත් වශී කරන්නාවූ; නා නා රත්නයන්ගෙන් විචිත්‍ර වන්නා වූ; නා නා ශ්‍රීයෙන් ශෝභන වූ ගන්‍ධ කුටිය මහී කාන්තාවගේ හිසෙහි ඔටුන්නක් පැළඳුවාක් මෙනි.
83. අන්වය:- ගුණ සුවදින් ලොව තැවරු, එහි සොඳුරු මහණුන් පෙළ, දිනිදුන් පියසර රූ සහ මහරු රජකුමරුන් වැනි.
අර්ථය:- ගුණ නමැති සුවඳ ලෝකයෙන් තැවරුවා වූ; ඒ විහාරයෙහි (වැඩවාසය කරන) ශ්‍රමය සමූහය, සර්‍වඥ නමැති පීතෘ රාජයාගේ දේහ විලාශය සහිත වූ, මනෝඥ වූ රාජ කුමාරයන් වැන්න.
84. අන්වය:- මුවරදවලින් අචල, නල ලෙල, කොමල පලු පෙළැති; ලකල ඒ උයන, විසිතුරු සාපෙළ, ඉඳුසැව් විඳු මෙමෙන් උදුල
අර්ථය:- මල් පැණියෙන් ගැවසී ගත්තා වූ, සුළඟින් ලෙල දෙන්නාවූ, මොලොක් වූ, කොළ සමූහය ඇත්තා වූ, අලංකාරවූ ඒ උයන්හි විචිත්‍ර වූ අතුපතර දෙව්දුනු, විදුලිය, වැසි වලාකුළ යන මොවුන්ගෙන් බැබළීය.
85. අන්වය:- නිතිනා එහි රඳනා, සුනිල්, වෙළෙප් පෙළ නුබතල ලෙව්කල; නොහිර නො සඳනට බියෙනා අවිරල වන් ලෙසිනා.
අර්ථය:- නිරන්තරයෙන් ඒ උයනෙහි රඳන්නාවූ, අතිශයින් නිල් වූ, වෙළෙප් පෙළ ආකාශ තලය ආලෝක වූ කල්හි; චන්‍ද්‍ර සූර්‍ය්‍යබියෙන් අඳුරු පැමිණියාක් වැන්න
86. අන්වය:- එහි සිහිලැල් රැස , නෙ පොකුණු පැමුණුණු ගිම්රැස් අවිරා රැඳි, පියුම් ඉලු වගුළ, රේණු පටලින් පොරලෙව් බැබලුණි.
අර්ථය:- ඒ උයනෙහි අතිශය ශිතල ජලය ඇත්තාවූ, නොයෙක් පොකුණූ; පැමිණී ග්‍රීෂ්මය ආවරණය කොට රැඳුනාවූ, පියුම් සමූහයෝ වැගුරුනා වූ, මල් රොන් පටලයෙන් පෙරවියාක් මෙන් බැබලුනේය.
57. අන්වය:- වෙන වෙන සයුකලට දින දින පිපෙන, විහිදෙන සුවඳැති, බිඟුගණ ඇවිලෙන, මල් තුරුවත.
අර්ථය:- වෙන් වෙන් ව ෂට් සෘතුන්හි දවස් පතා පිපෙන්නාවූ, පැතිරි යන සුවඳින් යුක්තවූ, භෘඬග සමූහයා සමූහ වශයෙන් ආශාවෙන් යුක්තව ගැවසී ගත්තාවූ, මල් පිපියා ගස්හු ඇත්තා හ.
58. අන්වය:- වෙන වනයේ සමතුන් රැව්; මුනිදුන් නාදයෙහි වණයේ ලොබයෙන් නිති වෙනයේ නෙව, ඉගෙනුම් කරනා වැනියේ.
අර්ථය:- උප වනයෙහි වාසය කරන්නාවූ, කෝකිල පක්‍ෂීන් ගේ රාවය; (කෙසේද යත්) සර්‍වඥයන් වහන්සේ ගේ නාදයෙහි ආකාරය බැහැර නොගොස් ඉතා ආශාවෙන් ඉගෙන ගන්නාක් වැන්න.
59. අන්වය:- හැම සඳ, විනෙදන මනකොද, එකබඳ පොබකර හිරිමිනි, සිව් බඹ විහරණ ලෙද මුනි දද රදමෙන, ඉවසන සඳ;
අර්ථය:- සියලු කාලයෙහි හික්මවිය හැකි ජනයන්ගේ චිත්ත නමැති කුමුදයෙන් ඒකාකාරව ප්‍රබොධ කර හරිමින් සතර බ්‍රහ්ම විහරණ පරිද්දෙන් සර්‍වඥයන් වහන්සේ චන්‍ද්‍රයා වැනි, එහි වාසය කරන කල්හි;
90. අන්වය:- එක්තරා දවසක, මහසුප් නෙරිඳු, සහ නෙක මහ සඟුන් පිරිසෙක රැස්ව, දම්සබෙහි සරියෙක ඉඳ;
අර්ථය:- එක් දවසෙක්හි, මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ , බොහෝ වු මහා සඞඝයා සමග එක්ව, දහම් සභාවෙහි රැස්වී; පසෙක උන් කල්හි;
91. අන්වය:- රසයෙහි රසලන මෙන් රුවනෙහි රුවන්ලනමෙන්, සුදඟර මඬින මෙන්, කතාපුවතක් පහළ වීමෙන්;
අර්ථය:- රසයෙහි රසබහා ලන්නාක් මෙන්, රත්නයෙහි රත්න බහාලන්නාක් මෙන්, ශෙවතාඞ්ගරාග මඩින්නාක් මෙන්ද කතා ප්‍රවෘත්තියක් ප්‍රකාශ වීමෙන්;
92. අන්වය:- මුනිසඳුගේ ගැඹුරු ගුණයකලාගේ අහෝ! තිලෝවැසි. කාගේ නමුත් මනසට, වෙසෙස නොමැඟේ!
අර්ථය:- සර්‍වඥයන් වහන්සේ ගැඹුරු ගුණ මහිමය, පුදුම සහගතය! තුන් ලෝවැසි කවරෙකුගේ සිතට මේ විශේෂය නොහැඟෙන්නේ වේද!
93. අන්වය:- අප සමතැස, සව්සතට, එකලෙස කුළුණෙන් සපිරි අදහස විලසට, පසක් බුදුකිස සිරිතෙක් බවය,
අර්ථය:- අපගේ බුදුරජාණන් වහන්සේ, සියලු සත්‍වයා කෙරෙහි එකාකාරවූ කරුණාවෙන් සම්පූර්‍ණවූ අදහසක විලාශයට පංච බුඬ කෘත්‍යය බලව.
94. අන්වය:- රිවි අරුණ පත්කල, දුල සමවතින් නගිමින්, දින සිරිත් කළ, මනකල, අග විසිත් අසුනග පිවිස;
අර්ථය:- :- හිරු නැගුණු කල්හි, පිරිසිදුවූ සමාප්තීන් නැගී සිට, දින චාරිත්‍ර පැවැත්වූ, කල්වූ, සිත් ගන්නා වූ, ශ්‍රෙෂ්ඨවූ උතුම්වූ ආසනයට පිවිස;
95. අන්වය:- බික්සරකල් බලා, සමවත් සුවෙන් වැසලා, විසිතුරුවන, අතුලා, නිමලා පවුල් ගෙන, හැඳපෙරව;
අර්ථය:- පිඬු පිණිස වේලාව බලා, සමාප්ත්ති සුඛයෙන් වාසය කොට, විචිත්‍ර වන්නාවූ, සමාන නොවන්නාවූ නිර්‍මලවූ පාංශුකූල චීවරය ගෙන හැඳ පොරවා;
96. අන්වය:- නිල්මිණි පැහැ නඳා, උතුම්, මනරම්, පාදා තිසිලෙදා ගනිමින්; ඇතැම් කල මහසඟුන් සහඳා;
අර්ථය:- නීල මාණික්‍ය ප්‍රභාවෙන් නන්‍දනීය වූ උතුම්වූ මනොරම්‍යවූ පාත්‍ර ධාතුව යොග්‍ය පරිද්දෙන් ගනිමින්; සමහර කාලයෙක්හි මහා සංගයා සමගද;
97. අන්වය:- ඇතැම් කල, මුනිසඳ පමණක්, බික්සරෙහි වැද තෙලෙන් සුදු කළ, සුවත් මහ යහතින් වඩිව සඳ;
අර්ථය:- සමහර කාලයක, සර්‍වඥයන් වහන්සේ පමණක්, පිඬු සඳහා වැඩමවා, සුළඟින් පිරිසිදු කරන ලද, ස්වස්ථ මාර්‍ගයෙහි, උපද්‍රව රහිතව වඩිනා කල්හි;
98. අන්වය:- සරණා විලස්නේ, නුවරුන්, දකිමින් තොස්නේ, සදා දුන් පසස්නේ, අස්නේ මුනිඳු වැඩඋන් සඳ;
අර්ථය:- සංචාරය කරන්නාවූ බුඬ විලාශය, නගර වාසින් විසින් දකිමින්, සතුටු සිත් යුක්තව, සත් පුරුෂයන් විසින් දෙන ලද්දාවූ, ප්‍රශංසනීයවූ ආසනයෙහි සර්‍වඥයන් වහන්සේ වැඩ උන් කල්හි;
99. අන්වය:- සහතුට. සුබොජුනෙන් නිසිකොට දන් දී, පසුව යහවතින් පුදකොට, සිටුත්; මුනි, මොනවට දම් දෙසා;
අර්ථය:- සතුටු සිතැතිව, ප්‍රණීත ආහාර නිසි පරිදි පරිත්‍යාග කොට, ඉන් යහපත් වතාවතින් පුජාකොට (සත්කාර කොට) සිටි කල්හි සර්‍වඥයන් වහන්සේ මනාකොට ධර්‍ම දේශනා පවත්වා;
100. අන්වය:- උන් අද පොබකරමිනි, සෙද සරණසිල් දෙවමිනි, මගපලෙහි යොදමිනි, පැවිදිවිය ‘ටින් මහණ කරමිනි;
අර්ථය:- ඒ ජනයන්ගේ හෘදයන් ප්‍රබෝධමත් කරමින්, වහා ශරණ ශීලය දෙමින්, මාර්‍ග ඵලයෙහි පිහිටුවමින්, පැවිදිවෙනු කැමැත්තන් මහණකොට;