එළු අත්තනගලු වංශ විවරණය-සංඥාපනය

ප්රදථම සංස්කරණයේ

සංඥාපනය

______

එළු අත්තනගලු වංශය වනාහි ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි උද්ග්ර්හණධාරණාදීන් සම්භාවිත වූ පොතක් වන බැවින් මහත් ප්ර‍සිද්ධියට පැමිණි ග්රලන්ථයෙකි. කිහිප වාරයෙකැ මැ සංශොධිත වැ ප්රරකාශයට පැමිණි නමුත් ආධුනිකයන් ගේ නිරාකුලාවබොධයට සුදුසු වන සේ පාඨ ශොධනය කරන ලද බවක් නො පෙනී ගිය හෙයින් අපි දූ මේ කාර්යේයෙහි ලා ව්යාදපෘත වූම්හ.

හන්ථහවනගල්ල විහාර වංශය

එළු අත්තනගලු වංශය යන නමින් ගැනෙනුයේ හන්ථූවන ගල්ල විහාර වංශ නම් පාලි ග්රයන්ථයා ගේ සිංහල භාව සන්නය යි. අනවමදර්ශී මාහිමියන් ගේ මෙහෙයීමෙන් කරන ලදැයි එහි මැ කියැවෙනුයෙන්තද්ග්රලන්ථ නිර්මාීණය දවිතීය පරාක්ර මබාහු රාජයා ගේ කාලයෙහි දී කරන ලද බව නිශ්චිත වෙයි. කර්තෘය නාම සන්දාර්ශකනයක් පොතෙහි නොකරන ලද බැවින් ද ඒ පිළිබඳ කිසිවක් ඉතිහාසාදියෙහි නොසඳහන් වන හෙයින් ද ග්රාන්ථ කර්තෲනහු කවරෙක් දැ යි කිය හැකි නො වේ.

ද්රිශ්ය. ශ්රනව්ය‍ භෙදයෙන් ද්විවිධ වූ කාව්ය්යන් ගෙන් ශ්රාව්ය් කාව්යදය ත්රිනවිධ වේ, ගද්ය‍ යැ, පද්යය ය, මිශ්රැ යැ යි. ගද්ය‍ පද්ය්ද්වයයෙන් මිශ්රි වූ කාව්යප වර්ග යට ‘චමපු” යනු දු නමෙකී. හන්ථයවනගල්ල විහාර වංසය මොවුනතුරෙහි ලා ‘චම්පූ’ වර්ගදයට අයත් වේ.

හන්ථචවනගල්ල විහාර වංසයෙහි භාෂාව ලලිත යැ, මධුර යැ, මනොගරය, එ හෙයින් මැ මේ ග්රලන්ථය විද්යාෂලයවලැ මහත් ගෞරවයෙන් පරිශීලනය කරනු ලැබේ. ග්රාන්ථ ගෞරවයට කලඬකයක් වැ පවත්නේ අන්යප ග්රනන්ථයන්හි ආ ශ්ලොක පාඨාදිය පදයෙන් ද අර්ථ යෙන් ද නොවෙනස් ලෙස ගෙනැ මේ ග්ර්න්ථ කර්තෲ ත් ගේ කෘතීන් ලෙස මැ දැක්වීම යි. මෙ බඳු ස්ථාන රාශියක් අප විසින් පළමු වන උපග්රතන්ථයෙහි දක්වන ලදි. බොහෝ පඬිවරයෝ මෙ වැනි තැන් දුටු කලැ එයින් ප්රදකාශ වනුයේ ග්ර න්ථ කර්තෲහන් ‍මාගධ භාෂායෙහි පමණක් නො වැ සංස්කෘත භාෂායෙහි ද අතිශයින් දක්ෂ් වූ


ii


බුද්ධීමතකු බව යැ යි කියමින් ප්රංතශසා කෙරෙති. එහෙත් අප ගේ අදහස් මෙයට අතිශයින් විරුද්ධ වේ. එසේ වුව ද ඒ බව අප ගේ මැ වචනයෙන් කී කලැ “පුරාණ වූ ග්රින්ථ්යේන් පමණ සාරවත් වු ද නිර්දොෂ වූ ද සරල වූ ද ග්ර න්ථයන් සම්පාදනයෙහි අසමර්ථේ වැ ඒ විරන්තන ග්රදන්ථ කර්තෲදනටත් තදීය ග්ර න්ථ වලටත් දොෂරොපණය කරන්නට සිතීම නිෂ්පල වූ ද අකෘතඥ වූ ද සිතිවිල්ලෙකැ” යී කියන හෙයින් - “කවිරනුහරනිචඡායාම්ර්ථංී කුකවිඃ පදං චොරඃ සකල ප්රරබන්ධීහර්ත්රෙඃ සාහසකර්ත්රෙල නමසතුභ්යංස” යැ යී

පුරාතනයෝ මැ මෙහි යොග්යා්යොග්ය්ත්වර විනීශ්වය කෙරෙත්වා!

හන්ථතවනගල්ල විහාර වංසය කිරීමේ දී තන්ග්රවන්ථ කර්තයතෲනට බෙහෙවින් උපස්තම්භක වූ ග්ර න්ථයෝ නම් ජාතකමාලාව සහ කාදාම්බරිය යැ. මෙයින් ජාතකමාලාව ශ්රීෝ බුද්ධ වර්ෂා 977 වත් පෙරැ දඹදිවැ විසූ ශ්රීැමත් ආර්ය්. පශුර නම් පණ්ඩිත ශ්රෙධෂ්ඨයන් විසින් සමපාදිත වූ උත්කෘෂ්ට ග්රදන්ථ රත්නඃයකි. එහි ජාතක කථා සූතීයෙක් ගද්ය පද්යාෂත්මක කොටැ ග්ර ර්ථදත ය. ආර්ය්. පශූරපාද නමින් පණ්ඩිත කෙනකුන් ලඞකායෙහි ද සිටි බව ඉතිහාසයෙහි පෙනෙතු දු ඔහු ජාතකමාලා කර්තෘයභූත ආර්ය්කෙනශූරයෝ යැ යි නොසිතියැ හැකි වේ. ලඞකායෙහි ආර්ය්තෘභශූරපාදයන් සිටියේ ශ්රී බුද්ධ වර්ෂථ 977 ට ඉතා මෑත කාලයෙකැයි කියන ලද හෙයිනි.

කාදමබරිය වනාහි ශ්රීි බුදධ වර්ෂ‍1093 ත් 1193 ත් අතරැ වූ ශත සංවත්සරය තුළැ දඹදිවැ විසූ බාණ නම් මහා කවීන් විසින් කරන ලද ගද්ය0 කාව්යනයෙකි. මෙහි කථා ශරීරය ඉතිහාසාදියෙකින් ගන්නා ලද්දක් නො වැ බාණයන් විසින් මැ කල්පිත වූවෙකි. මෙ බඳු කථාවනට නූතනයෝ ඉංගිරිසි වචනය බලා ‘නව ප්රකබන්ධූ’ යැ යෙත්, ජාතකමාලා කාදම්බරී යන ග්ර න්ථද්වයයෙන් මැ ගන්නා ලදැ යි නිසැක වැ කියැ හැකි පාඨයෝ “සමාන පාඨ” නමින් මෙහි පළමු වන උපග්රින්ථයෙහි දැක්වෙති. 

මේ මෙසේ මැ සිදු වී යැ යි හැදැහිලි කළ යුතු වීර චරිතයක් දක්වන කාව්යසයකට අන්ය ග්ර න්ථයෙකින් ඉතා දීර්ඝද පාඨ‍යන් ගත් කලැ එයින් කථා ශරීරයට වන හානිය ඉතා මහති. “මේ ග්රකන්ථයෙහි එන ප්රාවෘතතීය හැදැහියැ යුතු නො වේ. මෙය කරන ලද්දේ අන්ය ග්රනන්ථවලැ ආ කරුණු උපුටා ගෙනැ යැ “ යි කීමට අවකාශ තිබේ. එ හෙයින් රචනාදීප්තිය ප්රුකාශ කිරීමට කළ කාදම්බර්යාහද්යමනුගමනයෙන් කැරැණේ සිරිසඟබෝ රජුන් ගේ වීර චරිතයට අගෞරයෙකි.


iii


සිංහල සන්නය හෙවත් එළු අත්තනගලු වංශය

හත්ථනවනගල්ල විහාර වංශය ‍සිංහල භාෂාවට පරිවර්තචනය කරන ලද්දේ කවරකු විසින් දැ යි මුඛ බන්ධවයෙහි නොදක්වන ලදී. කාලය නම් ගඩනා ශ්රින පුරය රාජධානියැ කොටැ විසූ භුවනෛකබාහු රාජයා ගේ රාජ්ය සමයය යි. ශත්රැ සිංහ කුඤපර සෙනානායක ප්රයධානයන් ගේ ආරාධනයෙන් මෙය සිංහල භාෂාවට පෙරළන ලදැ යි කියැවෙන හෙයින් සන්න කර්තෲරන් රාජසම්මාන ලත් කෙනෙකැයි සිතියැ හැකි වේ. මොවුන් විසින් කරන ලද අන්යන ග්ර න්ථයක් නො ලැබීම ද, මේ ග්ර න්ථය දැනට නම් අතිශයින් කලුෂ වැ තිබීම ද මොවුන් ගේ ශාස්ත්රය ඥානය ගැනැ යම් කිසිවක් කීම දුෂ්කර වීමට හෙතු වේ.

එළු අත්තනගලු වංශය මේ තාක් පැවැති ස්වාභාවයෙන් පරීක්ෂාී කැරැ බලත් හොත් ග්රවන්ථයට හෝ ඒ මගින් අවගමනය කළ යුතු වූ ග්රුන්ථ කර්තෲැන් ගේ ප්රොතිභානයට හෝ පැසැසීමෙක් කළ හැකි නො වේ. ග්රථන්ථයෙකැ ඇති තාක් දොෂයන් “වික්ෂටපජනීත මතිභ්ර ව ඇති අව්යකක්ත ලෙඛකයන්” පිටැ දමා ග්ර්න්ථ කර්තෲකන් ගේ බුද්ධිප්ර භාව වර්ණ්නය කළ හැකි නමුත් මේ ග්ර න්ථයෙහි නම් එසේ ද නො කළ හැකි තැන් බෙහෙවින් දක්නා ලැබේ. එබඳු ස්ථාන රාශියෙක් පාඨ ශොධනය පිණිස මෙහි අගැ යොදන ලද ප්රපශ්නවලැ ස‍ඞගෘහිත යැ. එළු අත්තනගලු වංශය තත්කර්තෲ න් විසින් සිංහලභාෂාරීත්යාථනුකූල ලෙස වාක්යග නිර්මා‍ණය ඉගැන්වීමට සුදුසු ග්රනන්ථයක් බවට පැමිණිවියැ යුතු යැ යි සැලැකූ බවෙක් නො පෙණේ. එය අදහස් කරන ලද්දේ පාලි ග්රරන්ථය උගන්නා අයට උපස්තමහක වන පිණිස පමණ යැ යි සිතියැ යුතු ලෙස පෙනෙන නමුත් ඇතැම් තන්හි පාලි ග්‍රන්ථයෙහි නොපෙනෙන කරුණු ද අතිවිසතාරයෙන් දක්වන ලද හෙයින් ඒ එසේ මැ නො වේ යැ යි ද කියැ යුතු වැ තිබේ. “විශ්වාස කෙරේ ද? හැදැහිලි කෙරේ ද” “මිදීමෙක් - ගැලැවිමෙක්” “සහනය කාරීම් - ඉවැසීම්” යනාදී එකාර්ථරවත් වචන යුගලයන් යෙදීමෙන් පාලි පාඨයන් ගේ අර්ථා වබොධය මැ පරමාර්ථඑය කොටැ සැලැකුණු යේ හැගෙන්නාක් මෙන් මැ එකොළොස් වන පරිචෙඡදයෙහි නව වන කොටසෙහි දැක්වෙන පාලි පාඨයෙහි නො ආ කරුණුවලින් ඒ මතය වෙනස් කළ යුතු සේ ද හැගේ.


iv


මෙය සිංහල භාෂාව උගන්නා පිණිස පරිශීලනය කළ යුතු ග්රැන්ථයක් කිරීමට ග්රභන්ථ කර්තෲිහ්රන අදහස් කොළෝ නම් ඔවුන් ගේ අභිමතාර්ථනය සමෘද්ධ වී යැ යි කීමට හෙතු නැත්. සන්දරර්භහ ශුද්ධියෙන් හීන වූ ග්රනන්ථයෙකින් භාෂා රීතීන් ඉගැන්ම අන්තරාදායක වෙයි. වැරැදි දැන දැන ම දුෂිත වූ ග්රෙන්ථයන් ආධුනිකයන් ගේ අතට පැමිණීවීම ශාස්ත්රැ දුෂණයට හෙතූ වේ එ හෙයින් අප විසින් ඇතැම් තන්හි පාඨ ශොධනය පිණිස පුරාණ පිටපත් මැ ප්රයමාණ නොකරන ලදී. වැරැදි බව දැනැ මැ වෙනස් නො කොටැ හරනා ලද පාඨයෝ විවරණයෙහි දැක්වෙත්. එක් ගාතාවකට දී තිබෙන භාව සන්නය සම්පූර්ණියෙන් ප්ර ති‍ගාක්ෂෙ ප කළ යුතු සේ පෙනී ගියෙන් නො වෙනස් කරන ලද නමුත් නිවැරැදි අර්ථනය මෙහි දක්වම්හ.

ඒ ගාථාව නම් :-

ආතීයතෙ නිසිතසත්ථ:නීපාතනෙන නිකකඩඪතෙ ච මුහු දානභයාය රත්යා එවං පුනප්පුනගතා ගතවෙගභිනනං දුක්ඛං න තස්ස හදයං වත පීළයිත්ථ්

යනු යි. “තියුණු සැත් හෙළීමෙන් ගෙනෙනු ලැබෙයි. ඒ මොහොතෙහි මැ දානයෙහි වූ ආශායෙන් පහ කරනු ලැබෙයි. මෙසේ නැවැතැ නැවැතැ යෑම් ඊම් වේගයෙන් වෙහෙසුණා වූ දුඃඛය තෙමේ ඔහු ගේ හෘදයය එකාන්තයෙන් නො පෙළි යැ-” යනු එහි අර්ථේ යි. ශරීර මාංශචෙඡදය පිණිස ශස්ත්රුය හෙළීම හැ සමඟ මැ දුඃඛය පැමිණෙ යි. එහෙත් බොධිසත්ත්ව.යන් ගේ දානශායෙන් ඒ දුඃඛය නත්ක්‍ පණයෙහි මැ පහ කරනු ලැබෙයි. එ හෙයින් මෑතට අදීනු ලබන්නේ ද පිටතට එළවනු ලබන්නේ ද දුඃඛය යි. මෙසේ ඈතට මෑතට ඇදීමෙන් වෙ‍හෙසට පත් වන්නේ ද දුඃඛය මැ යි. බොහෝ වේලාවක් ඈතට මෑතට ඇදීමෙන් වෙහෙස වූයේ අනුන් පෙළීමෙහි අසමර්ථ වනු ස්වභාව ධර්මව යි. එ හෙයින් ඒ කියන ලද දුඃඛය බෝසතා‍ණන් ගේ හෘදයය නො පෙළී යැ මේ කවින් ගේ අභිප්රාෙය බැව් ජාතකමාලායෙන් උපුටා 142 වන පිටෙහි බහලන ලද - “අකෘෂ්යභමාණා ශිතශස්ත්ර් පාතෛ :- ”


V


යන ආදි ශ්ලොකයෙන් නිශ්විත වෙයි. එසේ වී නමුදු භාවසන්න කර්තෲින් ගේ වැරැදි සන්නයෙන් මේ තාක් කල් ග්රුන්ථයට අර්ථ කථනය කළ පණ්ඩිතයන් ද මුළාවට පත් වූ බැව් පෙනී යේ.

කරුණු මෙසේ වන හෙයින් ද එළු අත්තනගලු වංශය ස්වභාෂා පාඨශාලාවලැ හවුරුදුපතා භාවිත වන හෙයින් ද පුරාතන ග්රාන්ථයෙකින් හැකි පමණ අර්ථල සිද්ධියක් වන සේ සැලැස්වුව හොත් මැනැවැ යි සිතූ අපි මේ සුද්ධිය මෙසේ ප්රථකාශයට පැමිණිවූමු. මේ ග්රූන්ථය අවලොකනය කරන සුධීහු අප ගේ භ්රෙමප්ර්මාදාදිය ඇත හොත් ශාස්ත්රැ සඞ්ග්රරහ පිණිස ප්රධකාශ කෙරෙත්වා.

ග්රගන්ථ ප්රරමාණය

අත්තනගලු වංශය පරිචෙඡද එකොළොසෙකින් යුක්ත වේ. එක් එක් පරිචෙඡදයෙහි අන්තර්ගඡත කරුණු සැකෙවින් මෙසේ ය :-

ප්රචථම පරිච්ඡෙදය මණිභෙද ජනපද වර්ණචනය, කුමාරොත්පත්තිය හා කුමාරයන් ගේ රූප වර්ණණනය. ද්විතීය පරිච්ඡෙදය නන්දත මහා ස්ථවීරයන් කුමාරයනට අනුශාසනය කිරීම. තෘතිය පරිච්ඡෙදය

සඞඝතිස්ස, සඞඝබොධි, ගොඨාභය යන කුමාරවරුන් අනුරාධපුරයට පැමිණීම, ඇස් නැති බමුණා ඔවුන් රාජ්යඨ ශ්රී යට පැමිණෙන බව කීම හා සඞඝතිස්ස කුමරු විජය රාජයන් මරවා රජ බවට පැමිණීම.

චතුර්ථ් පරිච්ඡෙදය

සඞඝතිස්ස රජු ගේ මරණය, රාජ්යටයට පැමිණෙන ලෙස ආරාධිත වූ සඟබෝ කුමරුන් රාජ්යණ ශ්රීායෙහි දොස් දැක්වීම, සඞඝයාගේ අනුශාසනය හා සඟබෝ කුමරුන් ගේ අභිෂෙකය.

පඤචම පරිච්ඡෙදය සඟබෝ රජ පාරමිතාවන් පැතීම.

ෂෂඨ පරිච්ඡෙදය

      රකතාක්ෂි  දමනය

සප්තම පරිච්ඡෙදය නීදාඝ ශමනය, චොර භය ශමනය, ගොඨාභය කුමරු රජුට දොහි වීම හා සඟබෝ රජ අත්තනගලු වනයට පලා යෑම.


vi


අෂටම පරිච්ඡදය

ගොඨාභය රජ සිරිසඟබෝ රජු ගේ හිස ගෙනා කෙනකුට කහවණු දහසක් දෙන බව කියා නුවරැ බෙර හැසිරිවීම, තපස් රක්නා සිරිසඟබෝ රජුට මැගියකු සමු වීම, රජ ඔහුට හිස දන් දීම, ගොඨාභය රජු ඉදිරියෙහි හිස සාක්ය් කීම.

නවම පරිච්ඡදය

සිරිසඟබෝ රජු ගේ මෙහෙසිය ගේ මරණය, ගොඨාභය රජ සිරිසඟබෝ රජු ගේ ද මෙහෙසිය ගේ ද ආදාගනය කැරැවීම හා වට දැ ගෙය කැරැවීම. දශම පරිච්ඡදය

අත්තනගලු විහාරයෙහි තෙර කෙනකු‍න් අහස් පොළෝ ගුගුරුවා රහත් වීම, උපතිස්ස රජ ඒ තෙරුනට පස් මහල් ප්රාගසාදය, කැරැවීම, සොරුන් ප්රානසාදය විධවංසනය කිරීම හා මුගලන් රජ සොරුනට නිග්රමහ කොටැ ප්රානසාදාදිය ප්රජකෘතිමත් කැරැවීම. එකාදශම පරිච්ඡෙදය

පර සතුරු සෙන් ලඞකාව පෙළීම, විජයබාහු රජු සතුරන් දිනා අත්තනගලු විහාරය ද වට දා ගෙය ද ප්ර කාතිමත් කැරැවීම, පරාක්රවමබාහු රජ ශ්රීය දන්තධාතුන් වහන්සේට කරඬු තුනක් කැරැවීම, දන්තධාතූන් වහන්සේ ප්රාධතිහාර්යඬ දැක්වීම, චන්ර්ාතූභානු රජ හා සෙනාව විනාශ කරනු ලැබීම, කෙළින් සිවුරු දීම, අත්තනගලු විහාරය ප්රතතිසංස්කරණය කැරැවීම හා අවැස් ගෙය කැරැවීම. එළු අත්තනගලු වංශය ශිෂ්ය ගුරුවරයන් ගේ විභාගයට නියම හෙයින් අභ්යාතසය පිණිස ද ග්ර‍න්ථ පරිශිලනයෙහි පරිපූර්ණෙත්වහ පරීක්ෂැණය පිණිස ද ප්ර ශ්න රාශියක් මෙහි අගැ යොදන ලදී. එය මේ ග්රෙන්ථ්යය භාවිත කරන්නන් ගේ අර්ථයසීද්ධිය පිණිස වැටේ යැ යනු අප ගේ විශ්වාසය යි. “බ්ර හ්මත්ව යෙන” යනාදි ගාථාවට යටින් යොදන ලද්දේ අප විසින් ලියන ලද අර්ථ යි.


මුනිදාස කුමාරණතුංග.


ශ්රීද බුද්ධ වර්ෂ 2466 ට පැමිණි

දුරුතුමසැ අව නවවක් ලත් ගුරුදිනැ

පානදුරයේ පල්ලියමුල්ලේ දී යැ.