උරග ජාතකය-ප්‍රස්තාවනා
උරග ජාතකය නමැති කවි පොත වනාහි මෙයට හවුරුදු විසිහතරකට පමණ පූර්ව යෙහි මට සිලිටි සිංහළ බසින් විරවිත කාව්යම ප්රිබන්ධ්යකි මෙහි කතුවරයා මොරටුවේ කුඩුවාමුල්ලේ නිවැසි පී. ජිනදාස ආරියරත්න මහතාය.
එකල මෙම කාව්යායය මුද්රවණ ද්වාරයෙන් ප්රලකාශයට පමුණුවන විට අපගේ ද අදහස් ප්රයකාශ කරමින් ඊට සහාය වීමට අවස්ථාැව සැලසූ බව එම පිටපත්හි ම ප්රකකාශිතය.
මෙවිට ද මීට ප්රපස්තාවනාවක් සපයන ලෙස ලද ඇරියුම සතුටින් පිළිගෙන අනවකාශ මධ්යතයේ වුව ද එය හැකි තාක් සංක්ෂි්ප්තකොට සැපයීමට ප්රෝකත්සාහි වෙමි.
සකල ලෝක වාසීන්හට සෙත සැලසීම පිණිස ලේ පහළ වූ මහා කාරුණික යම් උතුම් ශාස්තෘවරයාණ කෙනෙක් වූ නම් ඒ අත්යුාත්තම ලොවුතුරා ශාක්ය මුනීන්ර්අත යන් වහන්සේ උන්වහන්සේ ලෝ පහළ වූ තැන් සිට පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනාකර වදාළ සූත්රාැභිධර්මළ විනය සංඛ්යා්ත ත්රිදපිටක ධර්ම යට ඇතුළත් සූත්රර පිටකයේ සගි පසෙන් කුදුගොත් සහියේ සංග්රයහ බවට පැමිණි පන්සිය පනස් ජාතක පොත් වහන්සේ අප මහ බෝසතාණන් බුද්ධයත්ව ය සදහා පැරුමි පිරූ අයුරු විදහා පාන මා ප්රපදීපස්ථම්භය වේ.
බුද්ධ චරිතය හෝ බුද්ධ වංශය හෝ නමින් මහ ජනයා අතර චිරප්රචසිද්ධ් වූ මේ ජාතක කථා ලොව මුලින් ඇති වූ ශ්රේසෂ්ඨ කෙටි කථා ලෙස පෙර’පර දෙදිග පඬුවන් විසින් පිළි ගන්නා ලද්දකි. එසේම එයින් පූර්වාධපර දේශීය කවීන්ගේ කාව්යග කෘතීනට මහෝපකාරී වූ බව උගත් කවීන්ගේ එබඳු රචනා ගැන දන්නා පඬිවරයන්හට රහසක් නොවේ.
( vi )
අපේ පෙරදිග පාළි සංස්කෘත සිංහල සාහිත්යේයට මෙයින් ලැබුණු වහල කියා නිම කළ නොහැක්කේ මය. සිංහල සාහිත්යබයේ ආරම්භය හා උන්නතිය ද ලැබුෙය් ජාතක කථා මඟිනි. මෙයින් සිංහල කවීන්ගේ ගෞරවය රැකෙන කවි සිළුමිණ, මුවදෙවුදා, සසදා, කුසදා, අසක්දා, ආදී කාව්ය යන් උගත් නූගත් කා අතරත් ප්රාසිද්ධය. සිංහල කාව්යධයේ ආරම්භයේ සිට මෙම යුගය තෙක් කවිනට අතිප්රිවය වූ ජාතක කථා රැසක් කවියට නගා තිබීමෙන් එහි අගය තවත් ප්රකට වී ඇත. මේ අතර උරග ජාතකය කවීයට නැගීමෙන් ගද්ය ට වඩා පද්ය යට ප්රිරය කරන ජනතාවට රස විදීමට නව මඟක් ඇති කල අප කවියාණන්ගේ කෘතිය ද සුළු කොට නොතැකිය හැකිය. “ උරග ජාතකය” නමින් පන්සිය පනස් ජාතක පොතේ වස්තු දෙකක් ඇත. ඉන් ප්ර ථම වස්තුව වනුයේ එහි එන සංඛ්යා් වශයෙන් මුල සිට ගැණෙන විට 149 වැන්න වූද නිපාත බෙදුම් අනුව දුක නිපාතයෙහි හතර වැන්න වූ ද මේ උරග ජාතකයයි. එයින් පැවැසෙනුයේ බෝසත් තුමා බරණැස මහ තවුසකුව වසන කල එනුවර මහ උළෙලක් බැලීමට පැමිණි දිව්යව නාගයකු සහ ගුරුලකු ද අතර සටනක් වී දිව්යබ නාගයා සිවුරු ගොඩ තබා තවුසා ස්නානය කරන තැනට දිවගොස් වෙස් වලාගෙන ඉඳුනිල් මිණක් සේ සිවුරු යට සැඟවී සිටිනු දුටු ගුරුළා තවුසා කෙරේ ගෞරවයෙන් නයා ගැන්මට අවසර අයැද සිටි කල එතුමා ස්නානය අවසන් කොට විත් නාගයා එක් අතෙකින් ගෙන සිවුරු හැඳ දෙදෙනා පන්සලට කැඳවා ගෙන ගොස් දහම් දෙසා ජාති වෛරී වූ ඔවුන් දෙදෙනා සමඟි කර යැවූ බව පැවසෙන රමණීය පුවතකි. මෙම රචනයට ඇතුළත් වනුයේ ජාතක පොතේ එන නිපාත වශයෙන් සැලකීමේදී පංචක නිපාතයෙහි හතර වැන් වූ ද සංඛ්යාග වශායන් මුද්රිේත ජාතක පොතේ තුන්සිය පනස් තුන්වැන්නට ඇතුළත් වූ ද උරග ජාතක යයි. එහි
( vii ) සංක්ෂෙරප කථාව මෙසේය:- අප මහසත් තුමාණෝ පෙර බරණැස බඹදත් රජු දවස එනුවර බමුණු කුලයක උපන්හ. ගෘහ බන්ධානයට පැමිණි එතුමන් හා බිරිය, දුවක සහ පුතකු ලැබ කල් යාමෙන් පුතුට සරණ කරදුන් බිරිය හා දැස්සක සමඟ ගොවිතැනින් කල් ගෙවති.
බෝසත් බමුණු තෙම අන් සැමට මරණ සී භාවනා උගන්වා තමා හා සදෙන අප්රඅමාද ව ගොවිකමින් වෙසෙන කල බමුණා හා පුතණුවන් සී සානට ගිය දිනෙක බමුණානන් එහි සිටි අතර පුත් කුමරා පරඬලා පත් ආදිය එක්කොට ගිනි ලන්නට විය. එම ගිනි දුම අසල තුඹසෙක විසූ නාරදෙකුගේ නැහැය වැදැගියෙන් ඉන් කිපුණු එම විෂ ඝෝර සත්ව යා පිටත වුත් කුමරුන් අත සිව් දළ පිවිසෙන සේ දෂ්ට කෙළේය.
එකෙණෙහි ම එකුමරුගේ ගත විෂ පැහැරීමෙන් විසංඥව මරු මුවට පත් වූයේය. කුමරුට කුමක් වී දැයි සෙව් බමුණු තෙම තුඹස ළඟ වැටී හුන් ඔහු දැක වඩාගෙනවුත් රුක් සෙවණක තබා පිරික්සනුයේ මළ බැව් දැන මඟ යන්නකුට කතාකොට සිදුවූ විපත හඟවා ඉස් සෝදා නහා සුවඳ විලවුන් හා එක් අයකුට අහරත් රැගෙන බැමිණිය පෙරටු සිව් දෙනට වහා වහා කෙතට එන ලෙස සිය නිවෙසට පණිවිඩ යැවීය.
කීපරිදි නොඉක්මවා එහි පැමිණි ඔවුන් ගෙනා අහරින් තෘප්ත වූ බමුණ ද - නැවත සෙසු සිව් දෙන ද කැටිව දරසෑ බැඳ සිරිත් පරිදි මළ සිරුර දවන්නට වන්හ. එකල මෙම අසිරිමත් සිද්ධියෙන් තමන්ගේ පඬුපුල් අස්න - උණුව එහි පැමිණි සක් රදාණෝ එම පස්දෙනා ම සතුටු සිතින් යුතු ව මිනිය දවනු දැක පිය බමුණා පටන් දැස්ස දක්වා කරුණු විවාරා ඔහු පෙර පුරුදු කළ මරණානුස්මෘති භාවනා බලයෙන් නොහඬා නො වැලපී නිශාශොකී ව සිටින බව පැවැසූ කල ඔවුන් කෙරේ පැහැද සත් රුවනින් ගේ පුරවා මෙතැන් සිට මනාව පින් කෙරෙමින් සුව සේ වැස දෙව්පුර පැමිණෙන ලෙස ආයාචනා කර තමන්ගේ දෙව් ලොවට ම ගියහ.” යි බුදු රජාණන් වහන්සේ මේ උරග ජාතකය නිමවා වදාළසේක. මේ එහි සංක්ෂිජපත කථාවයි. ( VIII ) මෙය පැහැදිලි ලෙස සහ කර්ණාරසායන ලෙසත් වියරණට එකඟවන අයුරු කෙටි කවියට නඟා තිබෙනු දැක්ම ප්ර්ශංසාහීය. මේ පොත පාසැල් සිසුනට පුහුණු කරවීමෙන් ආදර්ශ වත් හෙළ පරපුරක් බිහිවීම නිතැනින් ම සිදුවන අතර වියරණ සහිත රසවත් කවි මඟක් ද ඔවුන්ට පෙන්වා දිය හැක.
“මිනින් සැවයක් ව න
මළ සිරුරක් බදාගෙ න හඬා වැලැපී මෙ න වැඩක් සිදුවනු නොවේ නියති න
යනුවෙන් මරණානුස්සතිය කොපමණ පහසු වෙන් අවබෝධ වේදැයි සලකා ගත හැකිය.
“ඇතත් නෙක යසිසු රු
උගත් පුතු මෙන් නැත ස රු කියත් ලොව සමහ රු නමුත් තෙපි එය නොදන්නා යු රු
යන මේ කොතරම් සරලද? උගත් කමේ වටිනාකම සිසු දරුවන්ට ඉබේ ම මෙයින් අවබෝධ වේ. උගෙණීමට උත්සහය වැඩේ. මේ ආදී කරුණු අනුව සලකන විට රසාස්වාදයෙන් හෙබි මෙ කුඩා ධර්මන කාව්යරය විවරණ සහිතව මුද්රයණය කොට ප්රරකාශයට පමුණුවා පාසල් සිසුන් අතට පත් කරනු දැකීමට අපිදු කැමැත්තෙමු.
කවියාණන්ගේ අදහස සඵල වේවා!
මෙයට,
ආචාය්ය්් ඔලබොඩුවේ රත්නපාල ස්ථවිර
1960 නොවැම්බර් මස 29 වැනි දින
රත්මලානේ, බෞද්ධ මධ්යඩස්ථානයේ දීය.