උරග ජාතකය-කව
නමව් මුණි සරණ
1. තුන් ලොවෙහි සත වෙ ත පතළ මෙත් කරුණා සි ත තැනුව මොක් මාව ත වඳිමි සැසි සරණ සියප ත
2. බව දුක් විඳ නොහි ම් බුදු බව ලබා මනර ම් වදහළ අති උතු ම් වඳිම් නවලොවුතුරා සදහ ම්
3. එම දහම් දැනගෙ න පිළිවෙත් රකින දිවි මෙ න ලොවට පින් කෙත් ව න වඳිමි අටරිය පුඟුල් සඟග න
4. තිලෝගුරු අපෙ මු නී සත වෙත පතළ කුලුණෙ නී වදහළ දම් කදි නි කියමි බුදුකුරු වතක් කවියෙ නි
5. මෙසේ බුදු දම් ස ඟ තෙරුවන සදා උතුම ඟ කිම්ද කවි අම ග ඟ කියමි රසකර මට දැනෙන ර ඟ
( 2 )
6. සත් දත් වියත් ද න දොසැතොත් ඉවත හරිමි න කිවි පොව්වකු කිය න මෙකවි පුවතට යොමුව දෙසව න
7. දඹදිව් තල පව ර පසිඳු බරණැස් පුරව ර සොඳ ගම් වරෙක පෙ ර විසී බමුණු තුමෙක් පින් ස ර
8. සිය පෙම්බර දිගැ ස සමගින් විලස රන් ර ස සිරිතෙන් කල දව ස ගෙවන විය දරු ගැබක් ඇඟෙ කු ස
9. ඉකුත් සද නව ම ස පෙර කල කළ කුසල් ලෙ ස දඹරන් කදක් ලෙ ස වැදූ පින්වත් පුතකු එදිගැ ස
10. දෙගුරු පෙම් කිරිසි ඳු ඔදකළ පිරි ළසඳ බ ඳු ළදරු එම කුමරි ඳු වැඩෙන කල්හි යළිදු මව් ළ ඳු
11. ගැබිණියක වී මෙන් දොළදුක් පහළ වී මෙන් නමමස් පිරී මෙන් දුවක වැදුවා රන් ලියක මෙන්
12. තෙරුවන මුදුන් ම ල් කළ එම පිරිස මනක ල් රෝදුක් ද වියවු ල් නැති ව සුව සේ විසු ඇම ක ල්
( 3 )
13. ගෙහිමි තෙම නැණැ තී උතුමෙකි පිරුණු පිණැ තී ලොවෙහි සැම දෙහැ තී නැති ව යන බව නැණින් දැනග තී
14. ඔහු පුතු දිනෙන් දි න පෙරපස වැඩෙන සඳ මෙ න ගුණ නැණ ද රුසිරෙ න වැඩිණි සුර කුමරුවෙකු විලසි න
15. ළද බොළද කා ල ය පසු කොට දන මනා ල ය වන තරුණ කා ල ය ළගාවිය ඔහු වෙතට ලෝ ල ය
16. බබළන තුනු රුසි රු ගුණ නැණ සපිරි එකුම රු සිය පෙම්බර දෙගු රු ඔවා රකිමින් විසී නිරතු රු
17. මෝරන සඳ ලෙ සි න් වැඩෙන පුතු දැක සතො සි න් පියතෙමේ මෙලෙ සි න් සිතී දවසෙක තනිව රහ සි න්
18. “ පුතා දැන් තරුණ යි සරණයට මේ කල වෙ යි පමාවෙනු නොයෙදෙ යි ඔහුට නිසි කුමරියක සොයමි යි”
19. සිතා මේ විලසි න දන මන නුවන් පිනව න තුනුරුවිනි දෙවඟ න පරදවන කුමරියක සොයමි න
(4)
20. ලෝ සිරිත් සහ ත ම කුලසිරිත් කඩ නොකර ම රකින කුමරිය එ ම සරණ කර දිනි පුතුට වදිසෙ ම
21. සපැමිණි සුබ සර ණ නිකසල පෙමැති එදෙදෙ න සුසිරිතෙහි යෙදෙමි න වෙසෙත සඳ රන් රසසෙ එකඟි න
22. පුතු යෙහෙළි හා සි ය ඇඹෙනි දුවනිය දා සි ය වෙන හිතැති ව රි සි ය පුරුදු ඔවදන දනී මෙලෙ සි ය
23. මේ කය තිර නො වෙ යි තණ’ග පිනිබිඳ වැනි ව යි මොහාතින් නැසීයෙ යි එයින් පින්කම් කරනු යුතු වෙ යි
24. සක්විති ලෙසේ ම ය ලදුවත් ඉසුරු බෝ ම ය මරුගෙ බල පෑ ම ය ඔහුට වත් වෙනසක් නා ම ය
25. එයින් මරණය ගැ න හඬා වැලපී දුක් ගෙ න නොවෙහෙසෙව් කිසි දි න මෙසේ ඔහු ඔවුනට ඹවා දි න
26. තෙරුවන සරණ ගෙ න දිවි දෙවනි කොට සුරකි න ඔහු සැම තුටු සිති න සුපිළිගත්තෝ මෙකී ඔව ද න
(5) 27. පර පුරෙන් පැවැතෙන න ලෙසින් පිය පුතු එදෙදෙ න ගොවිකම් කිරිමෙ න කළෝ දිවිරැකුම සිතු විලසි න
28. මෙලෙසින් ඔහුදෙදෙ න කල්යවන සඳ දැහැමි න කුඹුරු අස් වද්ද න නියම කාලය ළගා වීමෙ න
29. කම්මැලිකම් දුරැ ර උදය කටයතු නිම ක ර ගොවි හා පුතු එව ර ගියෝ කුඹුරට සීසාන යු ර
30. සිදිමින අතු පත ර බැඳි වැට කොටුත් තද ක ර රැඳි කසළ දුර හැ ර එදින සිට වැඩ පටන් ගතු ති ර
31. දුටු දන මන රැග ත් ගොවි පුතුගෙ ළඳ ගුණ යු ත් හිමි දෙගුරු පිළිවෙ ත් දිනෙන් දින ඉටුකළා යාප ත්
32. බඹ මොහොතෙ පිබිදෙ යි සිය ගෙදර දොර හමදි යි වැඩි හිටියන් පුද යි සැමට ආහාර සකස් කරව යි
33. එ තැ න් සිට නැන්ද නී නෑ න න් ඩිය ද සමගි නී සෙ දි න් වී කොටමි නී පි ස න් නිය රස අහර මැනැවි නී (6)
34. අහර පිස නිම ස ඳ ඉන් දෙකොටසක් කර බැ ඳ ගොසින් කුඹුරට සෙ ද තුටින් පිළිගන්වයි පසෙක හි ඳ
35. මෙ ලෙ ස ගොවි පුතු ම න ස තො ස කැරැවු නොමඳි න වෙ සෙ ස ඇගෙ ගති ගු ණ කෙ ලෙ ස පවසමි! මෙබදු කවකි න
36. කෙත් වත් වැඩ වල ට ප ත් වූ දිනෙක කුඹුර ට පු ත් තෙම කමත ව ට ග ත් තෙ එක් කොටසක් කොටන්න ට
37. සි ය පුතුගෙ බස’ සා පි ය තෙම නොවී සරො සබා සි ය කොටසැ පිවි සා වී ය සහතොස කොවුල් නද’ සා
38. මෙ ලෙසින් තොර නොව න බිඟු ස න් තෙපුල් සරිව න කොවුලන් හඬ සව න වැකීමෙන් පිනවීය ඹහු ම න
39. ප තා මතු කල ය ස සෙ තා ලබනෙව් සිතු ලෙ ස කෙතා බැස නොවල ස ඉ තා වැඩ කළ ගොවිට එදවස ස
40. සුරතල් කරන නිත ර නෙත මෙන් වැඩු පෙම්බ ර පුතු නොදැක හද තු ර ඇවිළගියෙ සෝගින්න නොවිත ර
(7) 41. රිවි රැසින් වෙහෙස ට පත්වී සිටිය එවක ට ගොවි තෙමේ හණික ට නික්ම ගියෙ පුතණුවන් සෙවුම ට
42. ක ම තට පිවිස සෙ ද නො ම දැක පුතණුවන් සො ඳ නො ම ඳ හද දුක් වැ ඳ ළැ ම ත් ගසමින් සොයන නැවැත ද
43. නොදුරු වූ රුක් මුලෙ ක වැදහොත් පුතණුවන් දැ ක තතු නොදැන විගසෙ ක වැලැඳ ගත් විට දැණිනි සිතෙ ක
44. පෙර කළ කම් විල ස ගොරතර සපෙකුගේ වි ස පැතිරීමෙන් එලෙ ස මළේයැයි දැන ගතිය විද ලෙ ස
45. ද හ ම් රද වද හ ළ ද හ ම් දැන රැක ඇම ක ල අ ද ම් හැම දුරු ක ළ උ තු ම් කුසලෙන් හෙතෙම නොපැකි ළ
46. සැව ගොස් මනු ලොවෙ නී බබළන නොයෙක සිරියෙ නී සුර පුරයෙක රම ණී තරුණ සුරකුමරකු ව ඉපැදි ණී
47. හැඳි නත මුදා සෙ ද වසා ඉන් පුතු මළ ක ඳ තමා තනිව ම හි ඳ නැණැත් පියතෙම සිතී මෙ ලෙ ද
( 8 )
48. කු දු මහත් සැවෙ මය
පොදු වේ නැසීයෙත් මය
බු දු දම් සැබෑ මය
රු දු රු මරුගේ ගති මෙසේ මය
49. උපන් සක දිය තය මරුට බිල් වනු නිය තය මපුතු ද නොනැව තය ගියේ මරුවා සමඟ මෙවැ තය
50. පියතෙම මේ ලෙසි න සිතා සිත තුළ ඇති වු ණ සෝදුක නිවාගෙ න කුඹුර කෙටුමට යළි පටන් ගෙ න
51. එය කරන අත රේ මඟයන කෙනකු නුදු රේ අමතා සිතු යු රේ ඔහුට මෙපුවත කියා නොහැ රේ
52. ද රු ව තොප මෙවි ටා වෙනුව පිහිටක් මෙම ටා යු හු ව ගොස් ගම ටා කි ය ව මේ ලෙස ගෙදර අය ටා
53. එක් අයකුට පම ණ අහරක් රැගෙන හැම දෙ න සැරැසී සුදු වති න වහා එන ලෙස කිය යනු මැ න
54. එ ස ඳ මගි නොල සා පැ හැ ද යෙහෙකැයි පව සා ග ත ද තම වෙහෙ සා ඇ වි ද පිවිසී බමුණු නිවෙ සා
( 09 )
55. නොමින පින් රැස් ක ළ
දි ළෙ න පහනෙවි ගෙය තු ළ
ද කි න දන මහ දො ළ
පු ර න සිරිලිය සිරිය පළ ක ළ
56. දිමුතු සොඳ ගුණ යු ත් මුව සරසවිය වැස ග ත් එළඳ දැක තොස ප ත් මහී තෙම සැළ කෙළේ එපුව ත්
57. එම පුවත තතු මෙ න සවන කළ ඇය විග සි න පුතුන් මළ බැව් දැ න ගෙදර කටයුතු නිමා කෙරෙමි න
58. පු න් සඳුගෙ සිරි ග ත් සු න් දර දුව ද යෙහෙළි ත් කැ න් දවා දාසි ත් ද න් වමින් නොවළහා මෙපුව ත්
59. හැ ම දෙන ම එම ස ඳ නා පිරිසිදු ව සුදු ඇ ඳ රැගෙන බත බුලත ඳ පිටත් වී ගොස් ගොවිපළට වැ ඳ
60. ස න් සුන් කමිනි යු ත් උ න් සැම දෙන ම දම ද ත් ස න් ස ල නො වි සි ත් ළ න් ව මළකඳ බලා ගොවි පු ත්
61. ගෙන ගිය බත් බුල ත් වලින් සනසා ගොවි සි ත් සැවොම වි එක් ස ත් අසල වනයට පිවිස මැදි සි ත්
( 10 )
62. අ ස් කර දැමී මෙන්
ප ස් දෙන සමඟිවී මෙන්
ග ස් බිඳ හෙළී මෙන්
රැ ස් කළෝ දර මළහු නා මෙන්
63. ද ර රැස් කොට එලෙ ස පෙ ර සිට පැවැත එන ලෙ ස ද ර සෑයක් නොල ස ත නා කවුරුත් එක් ව විදි ලෙ ස
64. සසර ඇති අවු ලා සිතා සෝදුක් දුර ලා මළ මිනිය එහි ලා කඳය ගිනිදැල්වීය එක ලා
65. සුර ලොවට අග ප ත් සක්දෙව් බලා මෙපව ත් තුතිකර ඔවුන් වෙ ත් කෙරෙම්යැයි එම පවුල පෝස ත්
66. සිතා මේ විලසි න රුවින් දන මන ෙපාබය න තරුණයෙකුගෙ වෙසි න නුබින් අවුදින් ඇයි මෙලෙසි න
67. පලබර තුරු මැදෙ හි තෙල පෙනෙන ගිනි මැලයෙ හි තෙපි එක් ව වනයෙ හි කුමක් පළහව්දැයි ඇසීමෙ හි
68. මහලු ගොවි එබස ට පිළිතුරු දෙමින් එමවි ට සියලු තතු හෙළිකො ට නොවළහා පැවසීය සහතු ට
( 11 )
69. ස ක් දෙවි එවිග සි න්
දැ ක් මෙන් කරුණු නැණ සි න්
දු ක් වූ වකු ලෙ සි න්
එ ක් පැණක් පිළිවිසි මෙලෙ සි න්
70. ඇ ත ත් නෙක යසිසු රු උ ග ත් පුතු මෙන් නැත ස රු කි ය ත් ලොව සමහ රු න මු ත් තෙපි එය නොදන්නා යු රු
71. නො මි න් සුරතල් කො ට පෙ මි න් වැඩු සිය පුතකු ට මෙ දැ න් පත් විපත ට දු කි න් නොහඬනු ඇයි ද මෙම වි ට
72. අ වි දු දන විලස ට නො ම දු ගුණ යුත් පුතු හ ට මෙ බ ඳු වද දීම ට කෙ බ ඳු වරදක් කළෙද තෙපහ ට
73. ඔහු පිළිවිසු මෙහ ස් අසමින් ඔව්හු එදව ස් පිළිවෙළිනි නොවෙන ස් එක ම පිළිතුර දුන්නු මෙ ලෙ ස්
74. ර ස යෙහි ගිජු වෙමි න වි ස පල බුදින්නකු මෙ න ස ස ර තතු නොම දැ න අ ස න තරුණය අසව මෙවද න
75. පරණ වූ සැවය ට කිසි ආලයක් නොම කො ට නයා යන විලස ට මෙපුතු ගියෙ ලොබ නොකර සිරුර ට
( 12 )
76. මි නි ස් සැවයක් ව න
ම ළ සිරුරක් බදාගෙ න
හඬා වැලැපීමෙ න
වැඩක් සිදුවනු නො වේ කිසි දි න
77. සසර ඇවිදින ස තු නතර මරණය විය සු තු කාටත් එයට න තු නො වී ඉන්නට බැරිය මහි ම තු
78. පෙර බවය හැරවි ත් ති ර නැති මෙකය ලැබග ත් ස රු ගුණැති අප පු ත් ද මා අප හැම පරලොවට ප ත්
79. අප කළ යැදුම කි න් නොපැමිණියේද එලෙ සි න් අප අනුදැනුම කි න් නො වේ ඔහු ගියෙ පැමිණි විල සි න්
80. “තරිඳු දැක අහ සේ එය ලබාගනු පිණි සේ බලමින් මව දෙ සේ ළදරු දරු පැටියන් හඬන සේ”
81. “කළයක් බිදුණ වි ට කැබිලිති ටික එකතු කො ට කළය සාදන්න ට වෙහෙස වන්නා සේම බොරුව ට”
82. මළිගිය කෙනකු ගැ න හඬා වැලැපී දුක් ගෙ න වෙහෙසීම ද එමෙ න මහා නුනුවණ කමෙකි පැවැතෙ න
( 13 )
83. ඇතැ මෙක් ලොව සිටි තී
තම නතු කිසිත් නොදනි තී
අනුන්ගේ ඇති නැ තී
ගුණාගුණ සොය සොයා ඇවිදි තී
84. අනුන් දොස් සෙවු ම ය එය තැන් තැන්හි කී ම ය කේලාම් කී ම ය නැණැති කිසිවකුට නොහොබී ම ය
85. ගණඅඳුරු සිද බි ඳ දිනකර උදාවු ස ඳ තණ’ග රැදි පිනි බි ඳ වහා වියළී යයි කිරණ වැ ද
86. එමෙන් මර රිවි නැ ඟ එත රැඳි මෙලොව තණ අ ඟ සතුන් දිවි පිනි සු ඟ හොඳින් දන්නෙමු නැසීයන ව ඟ
87. සදහම් දැන උග ත් පඬිවරු කිසි ම විටක ත් තම පුතු මළ නමු ත් සිතට එනිස දුකක් නො ගනි ත්
88. තිර නැති මෙමනු ක ය බිමට පස් වෙයි කලෙ ක ය ඉන් පවිනි වැළ ක ය කුසල් කළ මැනැවි හැම විටෙ ක ය
89. මුනිඳු වදහළ බ ණ යුගත ඔසවා නමදි න සුදනට සත් වර ණ පවා නමදිත් පැහැද දින දි න
( 14 )
90. තරුණකු වෙසින් සි ට
සක්දෙවි ඇසූ පැණය ට
සැවොම එක හැටිය ට
මෙසේ පිළිතුරු දුන් එම වි ට
91. එයින් සතුටට ප ත් සක්දෙවි තෙමේ පින්ව ත් තුනිකර ඔවුන් වෙ ත් අතුරුදන් වී ගොසින් නැවත ත්
92. තෙසක් බල ඇති සේ එ ස ක් රුව ගෙන එදෙ සේ ප ල ක් බැඳ අහ සේ උ ද ක් වැඩසිට පැවැසි මෙලෙ සේ
93. ස ව් සතට කර මෙ ත් නි ව් සැම දුබික් තෙදිය ත් ස ව් සත් දහම් නි ත් සෙ ව් මෙමව් වෙමි එසක්දෙවි පු ත්
94. සු ර පුර ඇති සැ පා ති ර නැත එදැන පෙම් පා හැ ර කෙලෙස් තා පා ති ර නිවන් බලනුවයි පෙම් පා
95. ව රා වැඩ පෙර මෙ නී ති රා පින් රැස් කරමි නී වි රා ජිත වන මෙ නී පු රා දි ගොවි නිවෙස රුවනි නී
96. මි ණි කිරනෙව් දිමු ත් සු නි මල් රුවිනි අගප ත් ගු ණි නුස් එදෙවි පු ත් ව නි එසුර පුර නොරැද මඳකු ත්
( 15 )
97. මේ අ ත් බවෙහි දී
බෝ ස ත් ගොවි ව ඉපැ දී
පා ස ත් නැණ හු දී
නේ කි න් ලැබුව එපරි දී
98. ස ස ර සැරි සර නා ලෝ තු ර වසන සුද නා මෙ යු ර දැන ඉගෙ නා ස ති ර අමමොක් පතනු නිති නා
99. ස සු න රකිනෙව් නි ත් සු ර න යැද දී පින්පෙ ත් නො මි න සත දී සෙ ත් කෙළෙන කරනෙමි සමර ඇදුරු ත්
100. නෙ ත් යුවළෙව් උතු ම් න ත් සැප දිදී වැඩු පෙ ම් වෙ ත් මගෙ දෙගුරු ති ම් නැ ත් මෙගත් කළ පිනිත් සුපුද ම්
101. මොරටු පුර සසොබ න කුඩුවාමුල්ලෙ නිවෙස න ආරිය රුවන් ය න නමැති කිවයර ලියූ මෙපොති න
102. සුසිරි වැඩි වේවා සව්දුසිරි දුරු වේවා ගුණ දම් වැ වේවා සදම් විමනට සෙතක් වේවා
- නිමි -