27. අනුකේවට්ට උපායයසංස්කරණය

එ බමුණා වහ වහ‍ා මැ දිවැ ගෙනැ ගොස් සේනාව මැදට පැනැ මෙ සේ කියා ලී යැ:- “ඇයි කුමක් කියවු ද? මම ගොවියා පුතු නො වැන්දෙමි. මම ගොවියා පුතු නො වැන්දෙමි. කොල වඳනා කෙනෙක් නළල දණ වැලමිට ලේ ගලා ගෙනැත් වඳිද්ද?මේ වැඳීම් මාන තොප අතින් අද ඇසීමි. ඒ ගොවියා පිත් මාණික්යඳ රත්නලයෙකින් මා වංචා කොටැ, පී යැ” යි නෙ‍ායෙක් කාරණා කියා ගිස්වා, තමා වසඟ කොටැ, එ සේ මිදී තුන් යොදුනක් පලා ගිය ඒ සා මහත් සේනාව රඳවා නැවැතැ ගෙන’ වුත් පළමු පරිද්දෙන් මැ වට ලා ගත.


2. බොධි සත්වයන් වහන්සේ ගේ අනුභාවයෙන් නො සිතූ හෙයින් මුත් ඉඳින් ඒ සේනාව එකි එකී පස් පස් මිටක් වත් දැමූයේ පෑ ලා, ඉන් බා - ගෙනැ, ඉසැ පස් කොණ්ඩයක් බඳවා, ඇඟැ උළුසුණු ගල්වා, රත්මල් කනේරු මල් වඩම් කරැ ලා, කීල පාරක් ගසා පිටැ ගඩු නංව‍ා පිටිතල බැඳැ, පවුරැ පිටැ නඟා, සාල්ලෙකැ හිඳුවා, යොතෙකින් පිටතැ බාවා, බ්රුහ්ම දත්ත රජුගේ මිනිසුන් බල - බලා සිටියැ දී. යව, මන්ත්රබහෙදක සොරැ’ යි කිය‍ා දක්වන්නා හ. ඔහු තොප ගෙනැ ගොස් රජ හට පානා හ. රජ්ජුරුවෝ තොපට මෙ වැන්නක් කරන්න‍ට තොප ගේ අපරාධය කවරේ දැ’ යි විචාළෝ නම් තොප කිවැන කලැ, හඑ රජ මා, ගේ සම්පත් බෙහෙවැ. ගොවියා පුත් මහෞෂධයා මන්ත්රතහෙදක සොරා යැයි මට කීපි රජ හට කියා, මා ගේ සම්පත් උදුරා ගත. ඒ නිසා දැන් මම මා ගේ සම්පත් නැසූවා වූ සෙරෙ ගොවියා පුතු ගේ ඉස දෙවා පියන්නට සිතන්නෙම්, නුඹ වහන්සේ ගේ සේනා ව සේ නුවර සාධා ගත නොහී උකටලී වන හෙයින්, එහි ඉතා කනස්සලු වැ ඔවුනට අතරතුරේ කන බොන ‍දැත් දෙමි: ඇතුළු නුවර අඩු වැඩියතු කියමි. ඒ දැන මා ගේ පරණ වෛරයක් සිතැ තබ‍ා - ගෙනැ, මට මේ සා මහත් ව්ය සනයක් කැරැවී යැ. මේ සියල්ල මැ නුඹ වහන්සේ ගේ මනුෂ්යතයෝ දන්නා හ” යි කියා රජහු , නොයෙක් පරිද්දෙන් මැ ගිවිස්වා තොප කෙරේ තර වැ ඇදැහිලි වැ ගත් කල නැවැතැ තෙපි මෙ සේ කියව:- ‘මහ රජ, මෙ විටැ මා ලත් පසු නෙ‍ා සිතා වදාළ මැනව. වේදේහය‍ාත් ගොවියා පිත් මහෞෂධයාත් දිවි නැත්තේ යැ. මම මේ නුවර පවුරු තර තැනුත් අගළැ මුවරුන් හා ඇති තැනුත් නැතිතැනුත් ඉඳුරා දනිමි. නො බෝ දවසෙකින් නුවර ගෙනැ දී ලමි’ කියව. ඉක්බිති රජ්ජුරුවෝ සැබැවැ’ යි ගිවිසැ, තොපට බොහෝ සත්කාර කොටැ තමන් ගේ සෙනාව තොපට පාවා දෙති. තෙපි එ සෙනාව හා සටනට ගෙ‍ාස් චණ්ඩ වූ කිඹුලුන් හා මුවරැන් හා ඇති තෙනට බාලව. කිඹුලුන් හා මුවරුන් හා ගෙන් භය පත් වූවාහු සටන් තබ‍ා අගළ සමීපයටත් ළං නොවන්නා හ. එ විටැ තෙපි අවුත්, ‘දෙවයන් වහන්ස, නුඹ වහන්සේ ගේ මේ සේනාව ගොවියා පුතු විසින් භින්නවැ ගියා හ. කේවට්ටයා‍ ඇතුළු වූ සියලු මැ රජ දරුවෝ මැ ඔහු අතින් අත්ලස් නො ගත් එක ද කෙනෙක් නැත්තා හ. නුඹ වහන්සේට භීතියෝ නම් මම් මැ යැ. හුදෙක් නුඹ වහන්සේ පිරිවරා ඇවිදිනා බව මුත් මේ සියල්ලෝ මැ ගොවියා පුතු සන්තක යැ. මෙ තෙක් දෙනා නුඹ වහන්සේට වෙනස් කලැ මම තනි වැ කුමක් කොටැ ලියැ හෙම් ද? ඉදින් ම‍ා නො අදහන සේක් වී නම්, සියලු රජ දරුවෝ සර්වාභරණයෙන් සැරඅහී අවුත් මා දකිත්වායි නියෝග කල මැනාවැ’ යි කියව. එ බසින් හැම දෙනා මැ සැදී පැහැදී ඇ කල්හි‍, ගොවියා පිත් තමා ගේ නැමැ අකුරු ලියා දෙන ලද වස්ත්රායභරණ කඩු ආදියැ අකුරු බලා,තෙල අදහා ගත මැනවැ’ යි කියව. ඔහු ‍තොප කී පරිදිදෙන් ‘රජ දරුවන් එන්නට කියව’ යි නියෝග කොටැ, ඔවුන් සැරැහී ආ කල්හි, තොප කී පරිද්දෙන් අකුරු දැකැ,භයින් තැති ගෙනැ බිය ගත්තා හු, රජ දරුවන‍ට සමුදී යවා, ‘ මෙ විටැ කුමක් කරමෝ ද ආචාරීනි, විචාරති. ඒ විචාළ රජ හට තෙපි මෙ සේ කියව: මහ රජ ගොවියා පිත් බොහෝ මායම් දනනේ යැ. ඉදින් කීප දවසක් මෙ තැනැ රැඳුණු සේක් නම්, නුඹ වහන්සේගේ සියලු සෙනඟ තමා වසඟ කොටැ - ගෙනැ නුඹ වහන්සේගේ ජීවිතක්ෂය‍ට පමුණුව යි. ප්ර පඤ්ච නො කොටැ අද මධ්ය ම රාත්රිුයෙහි අසු පිටැ හිඳැ - ගෙනැ පලා යම් හ. සතුරන් අතැ මියන මරෙක් අපට ‍ නොවේ ව’ යි කී කල්හි රජ්ජුරුවෝ ගිවිසැ, තොප කී ලෙස මැ කරන්නා හ. තෙපි උන් නික්මෙන වේලා දැනැ නැවත අප ගේ මනුෂ්යැනට හ් බව හඟවා ලව’ යි වදාළ සේකැ.


4. ඒ අසා අනුකේවට්ට බ්රානහ්මණය‍ා ‘ පණ්ඩිතයන් වහන්ස, මා නිසා වැ‍ෙඩක් වේ නම් නුඹ වහන්සේ වදාළ ලෙස මැ කෙරෙමි’ යි කී යැ. ‘ එසේ වී නම් උනට පෙනෙන පරිදිදෙන් පහර කීපයක් ඉවසාපුව යහපතැ’යි වදාළ සේකැ. ‘පණ්ඩිතයන් වහන්ස, මා ගේ ප්‍තයාණය දැත් දෙ පයත් නො නසා සර්වාංගය මුළුල්ල නුඹ වහන්සේ කැමැත්තන් කැරැවූව මැනැවැ’ යි කී යැ.

එ වෙලෙහි, අනුකේවට්ට ගේ අඹු දරුවන් උන් සන්තක කිසි කෙනෙකුනුත් නො වරදවා සංග්රනහ කොටැ අනුකේවට්ටයන් හිසැ පස් කෙ‍ාංඩයක් බැඳැ, පෙනෙන ලෙසැ පහර කීපයක් ගසා ගඩු නඟා, සර්වාංගයෙහි උළුසුණු ගල්වා, ‍ කණෙරු මල් වඩම් කරැ ලා, මහා විප්රංකාරයට පමුණුවා සාල්ලෙකැ හිඳුවා, ලණුවෙක බැඳැ පිටත බාවා බ්ර්හ්මදත්තයන් ගේ මනුෂ්යකයට දැක්වූවා හ.


5. රජ්ජුරුයවෝ අනුකේවට්ටයන් නොයෙක් පරිද්දෙන් විමසා අදහා ගෙනැ, ඕ ප්රුසාද දී , සෙනාව පාවා‍ දුන් හ. ඒ තෙමේ සෙනාව ගෙනැ “නුවර ගන්මි” යි ගොස් , “මෙ තැනින් බට කලැ නිරුපද්ර ව යැ, මෙ තැනැ පවුරත් දුර්වල යැ, එතැනැ රකවලුන් නැතැ” යි ගෙනැ ගොස් , පොවා ලූ ඇඟිල්ල කඩා කන තරම් චණ්ඩ වූ කිඹුලුනු හා මුවරුන් හා ඇති තොටවලට මැ බා ලයි. බටු බටුවන් ගසා කන්නා හ. අට්ටාලවලැ සිටියාහු හී මුණ කෝල් හෙණ්ඩිවාල තොමරාදියෙන් දමා ඇනැ මහා විනාශයට පමුණුවන්නා හ. සේනාව මහා ව්යාසනයට පැමිණ නැවැතැ ඒ දිශාවට යන්නා තබා බලන්නටත් අසමර්ථ වූ හ. අනුකේවට්ටයෝ රජහු සමීපයට ගොස් මහරජ, නුඹ වහන්සේ නිසා සටනැ කරන කෙනෙක් නැත්තා හ. හැම ගොවියා පුතු ගෙන් අත්ලස් ගත්තා හ. මා බස් නො හදන සේක් වී නම්,රජ දරුවන් සැරහී එන්නට කියා ගෙන්වා, හන් පළන් වස්ත්රා්භරණාදියැ බලා සැක හළ මැනැවැයි කී යැ.


6. රජ්ජුරුවෝ ඔහු කී පරිද්දෙන් හැම ගෙන්වා, නොයෙක් අ‍ාභරණ දියෙහි ලියා තුබූව දැකැ, ‘ ඒ කාන්ත‍ෙයන් මැ හැමැ දෙන මැ අත්ලස් ගත් සේ සැබෑ යැ’ යි අදහා - ගෙනැ, උන් හැම යවා, “ ආචාරීනි, මෙ විටැ කුමක් කරමෝදැ” යි විචාරා ‘ දේවයන් වහන්ස, මෙ විටැ අනෙක් කට හැකි දෙයක් නැති. ඉදින් ප්රිපඤ්ව කොටැ කල් යැවූ සේක් වී නම් ගොවියා පිත් නුඹ වහන්සේ අල්ලා ගන්නේ යැ. වැළිත් කේවට්ටයාත් නළල වණයක් කොටැ - ගෙනැ ඇවිදිනා බව මුත් ඔහු විසිනුත් අත්ලස් ගත්තේ මැ යැ. ධර්මන යුද්ධායෙහි දි අනර්ඝ වූ මාණික්යහ රත්නයක් කාටත් ානා දන්නා පරිදිදෙන් ඇරැ- ගෙනැ නුඹ වහන්සේ තුන් යොදුන් පලා ගියවුන් නැවැතැ ගිවිස්සවා මේ මර උගුලේ ලා පී යැ. එයිත් නුඹ වහන්සේට ඒකාන්තායෙන්ම මැ ඇභිත යැ. එ බැවින් රැයෙකුත් මෙ ත‍ැනැ රඳන්නා කැමති නැත. අද මධ්යහම රාත්රිතයෙහි නැඟී යන්නා කැමැත්තෙමි. මා විනා, නුඹ වහන්සේය මනා සිත් කෙනෙක් මේ සේනාවෙන් එකෙකුත් නැතැ’යි කී යැ.


7. ඒ අසා රජ්ජුරුවෝ වඩ - වඩා භයින් ත‍ැති ගෙනැ, “ එ සේ වී නම් ආචාරී නි , තොප විනා මට හිත කෙනෙක් නැති. තෙපි මැ අසකු සාදා ගමන නිල කරව” යි කීහ. අනුකේවට්ට‍යාත්,රජහු ඒ කාන්තයෙන් මැ , යන බව දැනැ, ‘ මහ රජ , නො බා වදාළ මැනැවැ’ යි අස්වසා ලා ඒ ක්ෂණයහි අවුත් චරපුරුෂයනට කියන්නේ, “අද රජ්ජුරුවෝ පලා යෙති. කොල,” නිඳා පියම් හයි නො සිතව” කියලා, රජ හට අසු සදක්නේ යම් සේ එදන්නට කඩියාලම හයා ලූ කලැ නො රඳා මැ ඉදිරියට දිවේ ද, එ පරිද්දෙන් අවකම්පන සැදීමෙන් අසු සදා ලා සධ්යැම රාත්රි යෙහි අවුත්, “ අසු සදා ලා ගෙනා මි. වේ ලා දත මැනැවැ; වහා නික්මුණ මැනැවැ” යි කී යැ. ැජ්ජුැුවෝ අසු නැඟී පලා ගිය හ. අනුකේවට්ටයාත් අසකු නැඟී රජු හා එක් වැ යන්නා සේ මදක් තැන් ගොස් රඳා ගියේ යැ. නො රඳා මැ ඉදිරියට දිවන්නේ බ්ර හ්මදත්ත රජු හැරැ ටගනැ පලා ගියේ යැ.


8. අනුකේවට්ටයා සේනාව මැදට වැදැලා, “ චූළනී බ්ර්හ්මදත්ත රජ්ජුරුවෝ පැලෑ හ”යි මහත් කොටැ හඬ ගසා ලී යැ. චරපුරුෂයෝ තමන් තමන් ගේ අතවැසි පුරුෂයන් හා සමඟ මහත් කොටැ හඩ ගසා ශබ්ද පැවැත්වූ හ. එක් සියයක් රජ දරුවෝ සිතන්නාහු. “ මහෞෂධ පණ්ඩිතයෝ වාසල් හරවා පිටත් වූ වන් හ. මෙ විටැ අප හැමගේ ජීවිතය නැත්තේ යැ”යි භයින් තැති ගෙනැ, උපභොග පරිභොග වස්තුවෙන් කිසිවකුත් නො ගෙනැ, මගුල් කඩු හ‍ා උතුරුසළු ආදී වු වස්ත්රාතභරාණාදියටත් ආලය නො කොටැ, නිගණ්ඨ සෙනාවක් සේ ඉස් ලූලූ අතැ උනුන් නො බලා මැ දිවැ ගත් හ. චර පුරුෂයෝ එවිටැත්, “එක් සියයක් රජ දරුවෝ පැලෑ හ” වඩ- වඩා කොලාහල පැවැත්වු හ. ඒ අසා නුවරැ වාසල් අට්ටාල පවුරු පදනම් ආදියැ සිටියාහු මහත් කොටැ කොලාහල කළ හ. එ වේලෙහි පිටතැ සිට චර පුරුෂයෝ ඇතුළු නුවරැ මනුෂ්ය යන් එක පැහැර ශබ්ද පවත්වා කොලාහල කළ හ. ඒ ගැසු සියලු හඬ පොළොව පැළි යන්නා සේ, වාත වේගයෙන් මහා සමුද්ර ය ඇළැලී ගියා සේ, ක්ෂෙහ වැ ගොස් පිටි නුවරින් ඇතුළු නුවරත් කොලහලයෙන් ඒක නිනාද වියැ.


9. අටළොස් අක්ෂෞභිණියක් පමණ මනුෂ්යරයෝ සිතන්නාහු “මහෞෂධ පණ්ඩිතයන් විසින් බ්ර්හ්මදත්ත රජ්ජුරුවන් හා එක් සියයක් රජ දරුවෝ ඒකාන්තයෙන් මැ අල්ලා ගන්නා ලද හ” යි මරණ භයින් තැති ගත්තාහු, කිසි සරණක් වත් පිටි වහලක් වත් ගැලැවෙන්නට කිසි උපායයක් වත් නො දන්නාහු, සෙසු දැ තබා බඩැ බන් කඩටත් අස්වාමික වැ සියල්ල උන් උන් තැනැ මැ ඇරැ පියා, පළමු පැලෑවුන් සේ හිස් ලූ ලු අතැ දිවැ ගත් හ. ඒ සා මහත් රාජ සේනාවක් කඳවුරු බැඳැ හුන් තැනැ එක ද මනුෂ්යහයෙක් නැති වැ සිස් වුයේ යැ. චූළනී රජ්ජුරුවෝ එක් සියයක් රජ දරුවන් හා සමග බිඳී තමන්ගේ නුවරට මැ ගිය හ. රෑ පැවැති කොලාහලයෙන් ඇත් අස් ආදීහු කඹ දම් ආදින් බිඳැ- ගෙනැ ගොස් වල් නැංගා හ.


10. දෙවන දවස් උදෑසන නුවරැ වාසල් ඇරැ, බල ඇණි නුවරින් පිටත් වැ, ඒ මහා විප්ර කාරය දැකැ, අභිමතාර්ථ සාධක චින්තා මාණික්යැයක් බඳු වූ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සමීපයට ගොස් , “ මේ සම්පතට කුමක් කරමෝ දැ’යි විචාළ හ. ඔබ වදාරන සේක්,” උන් තමන් මැ ආලය නැති වැ දමා පියා නිරාලය වැ ගිය වස්තු හෙයින් , සියල්ල මැ අප සන්තක වන්නේ යැ. ඉනුත් රජදරුවන් සන්තක වස්තු අප ගේ රජ්ජුරුවනට දෙව; සිටුවරුන් හා කේවට්ටයා හා සන්තක වස්තු තාක් මුළුල්ල අපට ගෙනෙව; සෙසු අටළොස් අක්ෂෞභිණියන් පමණ මහා සේනාව සන්තක වස්තු මුළුල්ල නුවරැ වාසීහු ගනිත්ව’යි වදාළ සේකැ. ඉන් මා ඇහි රන් රුවන් ආදි වස්තුව අදනවුනට දෙ පෝයෙක් මැ ගියේ යැ. වී සාල් ආයුධ ආදී වු අවශෙෂ වස්තු අදනවුනට සාර මසෙක් ඉක්මැ ගියේ යැ. හෙවත් සාර මසක් ඇද්දා හ. වල ගිය ඇත් ආදින් බදවා ගෙන්ව‍ා ගත්තා හ. බෝධි සත්ත්වයන් වහන්සේ අනුකේවට්ටයනට බොහෝ සත්කාර කළ හ. එ වක් පටන් මියුලු නුවරැ වාසීහු ද දශ විධ රත්නයෙන් සමෘද්ධ වූ හ.

28. “විවාහ” මන්ත්‍රණයසංස්කරණය

බ්රහ්මදත්ත රජ්ජුරුවන් එක් සියක් රජුන් හා එක් වැ බිඳී ගෙ‍ාස් උත්තරය පඤ්චාල නුවරැ වසන්නවුනට හවුරුද්දක් ඉකුත් වැ ගියේ යැ. එක්දවසක් කේවට්ට මහලු බමුණු . කැටපතෙකින් තමා මුහුණ , බැලුයේ නළල කබර වැ දා ගියා සේ වණකැලල දැකැ , “ මේ අනෙකෙක් නො වෙයි; ගොවියා පිත් මහෞෂධයා අතැ කර්මතන්ත යැ. ඔහු විසින් එක් සියයක් රජුන් හා මේ සේනාව හා මාධ්යයයෙහි මැ ලැජ්ජාවට පමුණුවන ලදිමි” යි දංඩෙන් ගසන ලද ආශීර්විෂයකු පරිද්දෙන් වඩනා ලද ක්රොඔධ ඇත්තේ,”කවර දවසෙකැ ඔහු පිටි දැකැ පියම් දො හො “යි සිතන්නේ,” ඒ වන්නා බලවත් උපායෙකින් ඇතැ. අප ගේ රජ්ජුරුවන් වහන්සේ ගේ පඤ්චාලචණ්ඩි කුමාරිකාවෝ දිවයප්සරාවක සේ උතුම් රූ ඇත්තා හ. “ඒ කුමාරිකාවන් වේදේහ රජ හට දෙම්හ’ යි කියා , රජු කාමයෙන් පොළඹා, බිලියක් ගිලු මසකු ගොඩ ගන්නා සේ , මහෞෂධ පණ්ඩිතයා හා සමග මේ නුවරට ගෙන’වුත් දෙන්නා මැ මරා ජය පානය බොම් හ”යි සනිටුහන් කොටැ සිතා නිමවා. රජහු සමිපයට ගොස්, “දේවයන් වහන්ස , එක් රහස් කථා මන්ත්ර ණයක් ඇතැ”යි කි යැ. “පලමු තා ගේ මන්ත්රකණ නිසා අපගේ උතුරු සළුවටත් අස්වා‍මික වැ දමා ආම් හ. මෙ විටැ මේ මන්ත්රකණයෙන් කුමක් කෙරෙයි ද මුවෙන් නො බණ’යි කිවූ යැ.


2. ‘මහ රජ . මේ අපාය හා සමාන අනෙක් උපායෙක් නැතැ’යි කි යැ. ‘එ සේ වි නම් කිය”යි කි හ. “මහා රජ අප දෙන්නා මතු තනි වියැ යුතු යැ’යි කියා, ඔහු ඇරැ ගෙනැ මාළිගයේ මතු මාලට නැගී “මහරජ, වේදේහ රජු කාමයෙන් පොළඹා ගොවියා පුතු සමග මේ නුවරට ගෙනවුත් ජීවිතක්ෂයට පමුණුවා පියම් හ’යි කී යැ. ‘ඒ වන්නා තොප කීවා ඉතා මැ යහපතැ. කවර උපායෙකින් පොළඹාමේ නුවරට ගෙනෙමෝ දැ” යි කී හ. “මහ රජ , නුඹ වහන්සේ ගේ දියණියෝ පඤ්චාලචණ්ඩි කුමාරිකාවෝ උතුම් රූ ඇත්තා හ. ඒ ලක්ෂණ සම්පන්න වූ කුමාරිකාව ගේ රූප විලාසය කවීන් ලවා ගී බඳවා කාවය කරවා, ඒ කාව්යක මියුලු නුවරැ ගායනය කරවා, ‘මෙ බඳු ස්ත්රී රත්නයක් නො ලබන්නා වු වේදේහ රජ හට රාජ්යනයෙන් ප්රනයෝජන කිම් දැ”යි රූපශ්රීනඇසු පමණෙකින් මැ ඔහු ශ්ර්වණ සංසර්ගයෙහි බැඳුණු කලැ, මම් මැ ඔබ ගොස් දවස් නියම දැනැ නැකැත් ලා එමි. ඒ රජ . දවස් නියම කොටැ මා ආ කල්හි බිලියක් ගිලු මසක් සේ ගොවියා පුතු හා සමග මේ නුවරට එන්නේ යැ. එ විට උන් දෙන්නා අල්ලා ගෙනැ මරා ජීවිතක්ෂයට පමුණුවා පියම් හ’යි කි යැ. රජ්ජුරුවෝ එහු ගේ බස් අසා ගිවිසැ ඉතා සතුටු වැ, “ආචාරිනි, ඒ උපාය ඉතා යහපතැ” යි ගිවිස්සා හ. මේ දෙ දෙනා ගේ රහස් කථාව චූළනී රජ්ජුරුවන් ගේ යාන බලන එක් සැල ළිහිණියක් සකස් කොටැ අසා සිතැ තබා ගත.


3. ඉක්බිති වැ රජ්ජුරුවෝ යහපත් කොටැ අදාළ කාව්ය් කරයන් ගෙන්වා , ඒ වු නියාව කියා බොහෝ වස්තු දී ඔවුනට දියණියන් පෙන්වා, “කුඩාවරුනි, මේ කුමාරිකාව ගේ රූප ශ්රීත වර්ණණනා කෙරෙමින් මුන් නිසා කාව්යු කරව’ යි කී හ. ඒ කාව්යව කාරයෝ කර්ණක රසායන කොටැ අති මනෝහර කොටැ ගී බැඳ රජහු ඇස් වු හ. එ දවස් රජ්ජුරුවෝ බොහෝ ප්රහසාද දුන් හ. කවීන් අතින් විද්දත් නායකියා් ඉගෙනැ බොහෝ දෙනා මධ්යරයෙහි ගායන කළ හ. ඒ ගීතිකාවන් ඇසු ඇසුවනට කර්ණා රසායන මැ යැ. මෙ සේ කාවය ගීතිකා බොහෝ ‍දෙනා අතරේ ප්රටසිද්ධ වු කල්හි රජ්ජුරුවෝ ගී කරන්නවුන් කැඳවා කියන්නාහු. “දරුවෙනි, තෙපි නොස් ළිහිණියන් අල්ලා ගෙනැ , රෑ ගස් උඩැ හිඳැ ගීතිකාවන් කියා නො දන්වා බැසැ පියව”යි කී හ. ඒ කුමක් පිණිස ද යත්: “බ්රනහ්මදත්ත රජ්ජුරුවන් ගේ දියණියන් ගේ රූප විලාසය දේවතාවෝ පවා කියන්නා හ’යි දඹදිවැ ප්රණසිද්ධ වන පිණිසැ කැරැවු හ’යි දත යුතු.


4. නැවැතැ රජ්ජුරුවෝ ඒ කවීන් කැඳවා, “කුඩාවරිනි, දැන් තෙපි කියන කලැ,” මෙ වැනි රූ ඇති කුමාරිකාවක් දඹදිවැ අනෙක් රජක් හට තරම් නො වෙයි. මියුලු නුවරැ වේදේහ රජ හට තරමැ’ යි වේ දේහ රජ්ජුරුවන් ගේ රාජ්යර ශ්රීර හා කුමාරිකාවන් ගේ රූප වර්ණ නාව හා එක් කොටැ ගී බැඳ කාව්ය් කරව’යි කී හ. ඔහු එ තැන් පටන් වන් වන් තැනැ ගායනා කෙරෙමින් සාර සියයක් ගවු ගෙවා මියුලු නුවරට පැමිණැ. බොහෝ දෙනා රැස් වු සභායෙහි ගායනා කළහ. ඒ අසා බොහෝ ජනයෝ ඔල්වර හඬ දහස් ගණන් පවත්වා මහා සන්තෝෂයෙන් බොහෝ වස්තු දුන් හ. ඒ ගායකයෝ රෑ ගස්වලැ හිඳැ ගායනය කොටැ . අලුයම් වේලෙහි ගොස් ළිහිණියන් කරැ කඤ්වු තාලම් බැඳැ, ආකාශයට හැරැ බස්නා හ. ආකාශයෙහි ඒ කඤ්වු තාලම් හඬ අසා , “ චූළනී රජ්ජුරුවන් දියණියන් ගේ රූප වර්ණැනාව ‍දේවතාවෝ පවා කියන්නා හ’යි, නුවරැ මහත් වු කොලාහල වියැ. වේදේහ රජ්ජුරුවෝ ඒ අසා‍ කාව්යද කාරයන් කැඳවා තමන් ගේ රජ ගෙයි දී බොහෝ දෙනා මධ්යියෙහි කියවා, “බ්ර හ්මදත්ත රජ්ජුරුවෝ තමන්ගේ මෙබඳු රූප ශ්රීාන් විරාජමාන වූ දියණියන් මට සරණ දෙත් ල’යි මහත් වු සොම්නස‍ට පැමිණැ, නාටකයනට බොහෝ ප්රදසාද දී මහත් වූ සත්කාර කළහ.


5. ඔහු නැවැතැ අවුත් ඒ බව චූළනී රජ්ජුරුවනට කී හ. ඊට අනතුරු වැ කේවට්ට නම් බමුණු කියන්නේ , ‘මහරජ, දැන් මම ගොස් නකත් ලා ලාදවස් නියම කොටැ එන්නට යෙමි’යි කි යැ. “යහපතැ, ආචාරිනී , කුමක් ලද මනා දැ’යි කී හ. “යම්ත්ම් පඬුරක් ලද මැනැවැ’යි කීය. “යහපතැ ගන්ව’යි කියා මා ඇහි පඩුරු දෙ වු හ. ඒ බමුණු මහ පෙරහරින් ගොසේ වේදේහ රටට පැමිණියේයැ. ඔහු එන ගමන අසා මියුලු නුවරැ වාසීහු “බ්රිහ්මදත්ත රජ්ජුරුවෝ තමන්ගේ දියණියන් අප ගේ රජ්ජුරුවනට සරන දෙත් ල රජ දරුවන් දෙ දෙනා ගේ බන්ධුත්වයන් මිත්ර් කමත් යහපත් කන්නේ යැ. කේවට්ට බ්රාවහ්මණයා නකත් ලන්නට එමින් සිටියේ ල’යි කියමින් සිටියාහු යැ. මෙ සේ නුවරැ එක නොලාහල වියැ. එ පවත් වේදේහ රජ්ජුරුවෝ ඇසූ හ.



29. විවාහ යොජනාවසංස්කරණය

පරසිත් දන්නා නුවණ ඇති බොධිසත්ත්වයන් වහන්සේ එ පවත් අසා සිතන සේක්, ‘මේ විවාහය කියා කේවට්ටයා එන ගමන මට රුස්නේ නො වෙයි. එහි තත්ත්වය දැනැ පීම් නම් යහපතැ’යි සිතා, චූළනි රජ්ජුරුවන් කෙරෙහි සිටින චර පුරුෂයනට, “මේ සරණ මගුලේ තත්ත්වය වූ පරිද්දෙන් කියා එවව’යි කියා යැවු සේකැ. නැවැතැ ඔහු කියා එවන්නාහු” අපිත් ඒ තත්ත්වය නොදනුම් හ. කේවට්ටයන් හා රජ්ජුරුවන් හා දෙ දෙන මාළිගයේ මතු මාලේ ශ්රීත යහන් ගබඩාවේ හිඳැ මන්ත්රයණයක් කළ හ. රජ්ජුරුවන්ගේ යාන බලන සැල ළිහිණියක් ඇත. ඕ තොමෝ එහි තත්ත්වය ඉඳුරා දන්නි යැ’යි කියා යැවු හ.


2. ඒ අසා බෝධි සත්ත්වයන් වහන්සේ සිතන සේක්, යම් සේ සතුරනට අවකාශයෙක් නො පෙනේ ද, එ සෙයින් මා විසින් සුරක්ෂිත කොටැ රක්නා ලද මේ නුවර මේ දුෂ්ට වු කේවට්ටයාට නො පාමි’යි සිතා. නුවරැ මහ වාසල පටන් රජ ගෙයි දොරකඩ දක්වා ද, ඇතුව විථි මාර්ග දෙපාර්ශ්වයෙහි බට පැලැලි හඳවා, මුදුනතින් පැදුරු බදවා සිත්තම් කරවා, බිමැ සුදු වැල්ල ලවා, පස් වනක් මල් ඉස්වා, දෙපාර්ශ්වයෙහි පුන් කලස් හා මාරුක් මල් හා තබා කේල් ගස් බඳවා, ධජ නංවා සරහා ලූ සේකැ. කේවට්ටය‍ාත් නුවරට වන්නේ නුවරැ ගෙවල් ආදි වූ ‍දෙය ඉඳුරා නො දැකැ, “රජහු විසින් මා එන්නා වූ මඟුල් පිරිසැ සරහන ලද්දේ වනැ’යි සිතී යැ. ඒ බමුණු තමාට නුවර නො පානා පිණිසැ කළ නියාව නො දන්නෙ යැ.


3. කේවට්ටයාත් සරහන ලද වීථියෙන් ගොස් රජ්ජුරුවන් දැකැ. ගෙනා පඬුරු පාවා දී මියුරු කථා කොටැ එකත් පස් වැ හිඳ, රජහු විින් කරන ලද සත්කාර සම්මාන විඳැ, තමා ආ කාරණය කියන්නේ. ‘මහා රජ, අප ගේ රජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේ හා ඥාති සම්බන්ධයෙන් අතිශයින් හිත මිත්රහ වැ,හිදිනා කැමැති සේකැ; අනර්ඝ වු රුවන් ආදී වූ පාක්කුඩම් එවූ සේකැ. මිහිරිවූ ප්රිමය තෙපුල් දන්නා දූතයෝ එ රටින් මෙහි එත්වා! ඒ ආවා වූ දූතයෝත් මිහිරි වූ තෙපුල් දන්නා හ; ප්රි ය වූ කථා දන්නා හ; විරෝධයට සුදුස්සක් සිතිනුත් නො සිතන්නා හ. දෙ නෙතට මධ්යාස්ථ වැ වැඩැ හැසිරෙන්නා හ. උන් තව බැහැරැ යැ යි සිතූ ව මැනැවැ. ඒ සියල්ලටම මධ්යථස්ථ වැ ආයෙම් මම් මැ යැ’යි කියා නැවැතැ කියන්නේ , ‘යම් බසක් ප්රිසය මනාප නම් එ සේ වූ මෘදු තෙපුල් කියත් වා! පඤ්චාලයෝ ද වේදේහයෝ ද යන දෙ පක්ෂය එක් වෙත්වා’ මෙ සේ කියා නැවැතැ කියන්නේ, ‘යම් යම් බසෙක් සන්තෝෂයට කාරණ වී නම්, ඔවුනොවුනට එසේ ප්රිේය තෙපුල් කියත් වා! කුමක් නිසා ද යත්:- පඤ්චාලදේශයෙහි රජ්ජුරුවන් හා වේදේහ රජ්ජුරුවන් හා දෙ දෙනා ආවාහ විවාහයෙන් එකාත්මික වැ, ඔවුනොවුන් කෙරෙහි සතුටු වැ වන්නා හ. එ බැවින් අවමංගල වචනයක් නො කියා මංගල සන්නිඃශ්රීවත වූ බසක් මැ කියත්ව’යි කියා නැවැතැ කියන්නේ, “තවත් ඒ මතු නොවෙයි. තමන් ගේ දූ රුවන හා උතුම් උතුම් මා ඇඟි රුවන් එවන සේකැ. මෛ වක් පටන් දෙ රටින් ඔවුනොවුනට පාක්කුඩම් ගෙනැ . මිහිරි වු ප්රියය තෙපුල් දන්නා දූතයෝ මොබින් එබ යෙත් වා, ඔබින් මොබ එත් වා! මේ දෙරට සම්බන්ධ වු නියාව කුමක් වැනි ද යත්:- ගාංගා නම් ගඟැ දිය හා යම්නා නම් ලගැ දිය හා එක් වූ කලක් පරිද්දෙන් ඔවුනොවුන් එක් සිත් වැ සන්තෝස වැ වෙසෙත්ව’යි කී යැ.


4. මෙ සේ ද කියා නැවැතැ කියන්නේ, අප ගේ රඩ්ඩඩුරුවන් වහන්සේ අනෙක් මහ අමාත්යයයකු එවනු කැමති වැත් අනෙක් කෙනෙක් මේ මංගල වචනය සිත් ටගනැ ඉඳුරා කියා ලන්නට අසමර්ථ යැ යි සිතා මට කියන සේක්, “ආචාරිනි, තෙපි මැ ගෝ මේ ‍මගුල් කියා රජ්ජුරුවන් යහපත් කොටැ සතුටු කරවා කැඳවාගෙනැ එව’යි කී ‍සේකැ. එ බැවින් රාජෝත්තමයන් වහන්, වහා වැඩියැ මැනැවැ. ඔබ ගියා වූ නුඹ වහන්සේට වැඩ දෙකක් වන්නේ යැ. එ කවරේ ද යත්:- අසමාන රූ ඇති කුමාරිකාවනුත් ලබන සේකැ. රජ්ජුරුවන් හා මග මෛත්රීම සිතත් අධික වන්නේ ය’යි කීහ.


5. රජ්ජුරුවෝ ඔහු ගේ බස් අසා සතුටු වැ, “උතුම් වු රූ ඇති කුදාරිකාව ලැබේ ල’යි ඇසූ බස් පමණෙකින් මැ බැඳී ගොස් නැවැතැ කියන්නාහු. “ආචාරිනි, තොප හා ම‍හෞෂධ පණ්ඩිතයන් හා දෙන්නා ධර්මල යුද්ධයෙහි පළමු වාදයෙක් වූයේ වේ ද? යව, ම- පුතුණුවන් දකුව . තොප දෙ දෙනා මැ පණ්ඩිතවරුන් බැවින් ක්ෂමා කරවා ප්රිවය කථා ‍කොටැ එව’යි කී හ. ඒ අසා කේවට්ට නම් බමුණු තෙමේ “යහපතැ පණ්ඩිතයන් දකිමි’යි ඔබ දක්නා පිණිසැ යන්නට නමා ගතැ. බෝධි සත්ත්වයන් වහන්සේ ද එ දවස් උදාසනැ, “ඒ පවිටා හා මා හා එක් වැ කථාවෙක් නො වේව’යි සිතා උදානම මැ තමන් ගේ බසට කැප පිණිසැ එළගිතෙල් සුඟක් අනුභව කොටැ, ගෙයි ගොම පිරිබඩ ගන්වන සේක් දගුල් බොල ඇති කොටැ ගාවා, මිදුණු තෙල් කප්වලැ ගාවා, බෝධි සත්ත්වයන් වහන්සේ වැඳැ හෝනා එක් පටු හැඳක් පමණ තබා, සෙු හැද පුටු ආදිය ගෙන් පිටත් කැරැවූ සේකැ. නැවැතැසිටියවුනට විධාන කරන සේක්, “බමුණු මා හා කථා‍ව ආරම්භ කළ කලැ, ‘බමුණ, පණ්ඩිතයන් වහන්සේ හා නො දොඩ . අද බෙහෙත් තෙලක් අනුභව කළ සේකැ’යි ඔහු නවතා, මාත් දොඩවන්නට වන් කල්හි, ස්වාමීනි, බෙහෛත් තෙලක් වැළැඳූ සේක් වේ ද? නො දොඩා වදාළ මැනැවැ’යි කියව’යි විධාන කොටැ, රතක් පොරොවා -ගෙනැ,සත් වන දොරටුවේ යටි මාලේ පුටු හැඳැ වැදැ හොත් සේකැ.

6. කේවට්ටයාත් සත් දොරටුවෙන් පළමුවන දොරකඩට අවුත් රකවලුනට “පණ්ඩිතයෝ කොයි දැ’යි කී යැ. සිටියෝ කියන්නෝ, “බමුණු මහත් කොටැ නො දොඩා අරගල නො කොටැ බැණැ නො නැගී ගොවවකු සේ කර බා- ගෙනැ නැඟී වර . අද අපගේ ස්වාමීහු බෙහෙත් තෙලක් වැළැඳූ සේකැ. එ බැවින් මහත් කොටැ දෙඩීම හා අරගල කිරීම් නො කැමැත්තෝ යැ’යි කී හ. සෙසු දොරටුවලැ සිටියාහුත් ඒ පරිද්දෙන් මැ කී හ. බමුණු මුවින් නො බැණැ කර බා ගෙනැ, සත්වන දොරටුව ගෙවා බෝධි සත්ත්වයන් සමීපයට ගියේ යැ.

7. බෝධි සත්ත්වයන් වහන්සේ ඒ ගිය බමුණා හා කථාවට ආරම්භ දැක් වූ සේකැ. ළඟැ සිටියාහු, “ස්වාමිනි, ඉතා සූක්ෂම වූ තෙලක් වළඳන ලද්දේ වේ ද? එ බැවින් ටම් දුෂ්ට වූ ප්රාමහ්මණයා හා කථාවෙන් ප්රෙයෝජන කිම්දැ’යි කියා නැවැත් වූ හ. කේවට්ටයා බොධි සත්ත්වයන් වහන්සේ සමීපයෙහි හිඳිනා ආසනයක් වත් වැතිරැ ගෙනැ සිටිනා ආරාධනයක් වත් බොධි සත්ත්වයන් වහන්සේ ගෙන් මිහිරි කථා මාත්රායක් වත් නො ලදින්, වැසි සමයෙහි ගවර පිරි ගොවුදකට වන් ගොන් මාල්ලකු සේ, ගොම ඇඟිලි අසුවලින් පලව- පලවා මිරි - මිරියේ ඒ පයින් ඒ පය ලලා මිරිකමින් ිටියේ යැ. ඒ සිටියා වූ බමුණා මූණ බලා රකෙක් තමා ගේ නුවන කසා ලී යැ. එකෙක් තමා ගේ වැලිමිට කසා ලී යැ; බමුණු ඔවුන් ගේ මේ ක්රිරයාව දැකැ ඉඟිකරු වැ ඈත් මෑත් බලන්නේ “පණ්ජිතයෙනි, අපි යම් හ’යි කියා අනෙකකු විසින, “කොල, අරිටු බමුණ. “නො දොඩා” යි කියද්දීත් දොඩ - දොඩා මැ සිටිනෙහි ද, දැන් තොප ගේ ඇට බැට කළා පියම් එ’යි කී කල්හි, භයින් ත්රිස්ත වැ නැවැතැ පිටි පස්ස බැලී යැ. ඉක්බිති එසේ බැලූ බමුණාට එකෙක් හුන පත්තෙන් පිටට පහරක් ගැසී යැ. එකෙක් “යෙයි ද. නො යෙයි දැ”යි කියා කර අල්ලා ගෙනැ දැමී යැ; එකෙක් දිවමින් ගොස් පිටි දෙ මැදැ අතුල් පහරක් ගැසී යැ. ඒ තෙමේ දිවියකු කටින් ගැළැවුණු මුව මාල්ලකු මෙන් භයින් තැති ගෙනැ වෙවුල - වෙවුලා දිවන්නේ දුක සේ ගොස් රජ ගෙට පැමිණියේ යැ.


8. රජ්ජුරුවෝ ද සිතන්නාහු, “ම- පුතණුවෝ අද මා ගේ විවා මඟුල් අසා අතිශයින් තුටු වන්නා හ. තවද පණ්ඩිතවරුන් දෛ දෙනා ගේ ධර්මඅයෙන් වු කථාවෙකුත් වන්නේ යැ. අද දෙ දෙනා ඔවුනොවුන් ක්ෂමා කරවා ගන්නා හ. එ බැවින් මට වූ යේ මහත් ලාභයෙකැ’යි සිත - සිතා උන් හ. එ වේලෙහි ආන -ආනා අවුත් එ තැනට වන් කේවට්ටයා දැකැ, දෙ දෙනා ඔවුනොවුන් දැකැ, කළ කථා සංසන්දනය විාරන්නාහු, මේ ගාථායෙන් කී හ.


කථන්නු කේවට්ට මහෞසධෙන

සමාගමො ආසි තදිඩ්ග බ්රෑහහි

කච්චි තෙ පටිනිජ්ඣන්තො

කච්චි තුට්ඨො මහොසධො


මේ ගාථායෙන් රජ්ජුරුවෝ කියන්නාහු. “කිමෙක් ද, කේවට්ට පණ්ඩිතයෙනි, මහෞෂධ පණ්ඩිතයන් හා තොප හා එ දවස් ධර්ම යුද්ධයෙහි දී වූ කනස්සල්ල හැරැ ක්ෂමා කරවා ගතු ද? නැවැතැ තොප දෙ දෙනා ගේ මිහිරි කථා කෙ සේ වී ද? තොප ගේ රජ්ජුරුවන් කියා එවු මගුල් විවාහය අසා ම- පුතණුවෝ සතුටු වූද? ඒ මට නො වළහා තත්වු පරිද්දෙන් කියව’යි කී හ. ඒ අසා කේවට්ටයා කි‍යනිනේ මේ ගාථාවෙන් කී යැ.


අනරියරූපො පුරිසො ජනින්ද

අසම්මොදකො ථද්ධො අසබ්භිරූපො

යථා මුගොව බධිරො

න කිඤ්චත් ථා අහාසථ


“ජන ප්රථධාන රජ්ජුරුවන් වහන්ස, ඒ මහෞෂධ පන්ඩිතයා නම් අනාර්ය ස්වරූප ඇති වු සාධු ගුණයක් නැති ඉතා තද එකෙකැ; ස්වභාවයෙන් මැ ඉතා තද එකෙකැ; අසත් පුරුසයෙකැ; ගොළුවකු සේ බකුත් නො කීයේ යැ. බිහිරකු මෙන් මා ගෙන් බසකුත් නො ඇසුයේ යැ. ඒ පණ්ඩිතයා නුඹ වහන්සේට මැ කරමැ. ඔහු තරම් දුර්ජනයෙක් මනුෂ්යපයන් කෙරෙහි එක ද කෙනෙක් නැතැ’යි ඉතා දොඩමලු වු බමුණු මාලු කටට ආවක් මැ කියේ යැ. තමා කෑ ගෙඩි බැටයෙහි නමකුත් නො කි‍ෙය් යැ. “හන්දුරුවා කෑ බැට නම් තමා මේ යැ’යි සිතමි. එ හෙයින් තමා ලත් අවමානයේ නමකුත් නො කියා මහතාණන් ගේ නුගුණ මැ කී යැ.


9. රජ්ජුරුවෝ තුටු ද නො වී විරුද්ධයකුදු නො කියා කේවට්ටයාට හා ඔහු කැටි වැ ආවුනට හා බත් වියදම් දී නවාතැන් ලවා, “යව, ආචාරිනී, සැතැපී ගනුව’යි සමු දුන් හ. ඔහු යවා ඉක්බිති රජුජුරුවන්, “ම - පුතුණුවෝ ඉතා නුවණැත්තා හ; මිහිරි කථා හා ප්රිුය තෙපුල් හා දන්නා කෙනෙකැ; එ බැවින් මේ බමුණා හා කතාවකුත් නො කළ හ; දැකැ සතුටු පමණෙකුත් නො වු හ. කිමෙක් ද, මොහු ආ ගමනේ මතු වන්නා වූ භයක් ම- පුතණුවන් දුටු හෝයි සිතම්. එ බැවින් මේ කේවට්ටයා ආ ගමන අපට වැඩක් හා අභිවෘද්ධියක් හා නිසා නො වෙයි. “ රණ දෙම්හයි” කාමයෙන් පොළඹා ඔබගෙන්වා - ගෙනැ , මරන පිණිසැ මා කැඳවා ආ යැ යි සිතමි. ඒ බව දැනැ ලා වනැ ම- පුතුණුවන් ඔබට කිසිවකුත් නො කීයේ’යි සිතා භයින් තැති ගෙනැ හුන් කල්හි , සේනකාදි ප්රකඥ සමුද්ර යේ දෙනා ආ හ.


10. එවුනට රජ්ජුරුවෝ කියන්නාහු, “කිමෙක්ද සේනකය උත්තාර පඤ්චාලයට ගොස් චූළන් රජ්ජුරුවන් ගේ දියණියන් ගෙනෙමෝ ද? ඒ ගමන කැ3මැත්තෝදැ’යි විචාල හ. ඉක්බිති සේනකයා කියන්නේ, “මහ රජ . කුමක් කියන සේක් ද? තමා කරා එන ශ්රීඉ කාන්තාව ගසා ුරු කරන කෙනෙක් ඇද් ද? ඉදින් නුඹ වහන්සේ ඔබ ගොස් ඒ කුමාරිකාව ගෙනා සේක් වී නම් බ්ර හ්මදත්ත රජ්ජුරුවන් හැරැ සියලු දඹදිවැ නුඹ වහන්සේ හා සමාන රජෙක් නැත්තේ යැ. ඒ තුමක් පිණිසැ ද යත්:- නායක රජ්ජුරුවන් ගේ දියණියන් රක්ෂා කරන හෙයිනි. තව ද ඒ රජ්ජුරුවෝ සිතන කලැ, “සෙසු රජ දරුවෝ නම් මා ගේ සේවකයෝ යැ, මා හා සමානයෝ නම් එත වේදේහ රජ්ජුරුවෝ මැ යැ’යි සිතා , දඹදිවැ ියලු ස්ත්රීරනට වඩනා රූ ඇති දියණියන් නුඹ වහන්සේට දෙන්නා හ. නුඹ වහන්සේට වන්නේ මහත් අභිවෘද්ධියෙකැ. යම් කිසි කෙනෙක් නුවණ මද වැ ඊට බාධා කෙරෙන් නම් ,ඊට සැකයක් නො කොටැ වැඩියැ මැනැවැ. අපිත් නුඹ වහන්සේ හා ගිය කලැ වස්ත්රාසභරණ අන්නපානාදියෙන් සංග්රදහ ලබන්නෙමු’ යි කේවට්ටයා නො අඩු වු ගුණ ඇති ඉතා දොඩමලු වූ ගුණමකු වූ ස්වභාවයෙන් ඉතා ලොභී වු සේනක කම් බමුණු තෙමේ, රජහු සමග කථා කෙරෙමින් හුන් තැනට කේවට්ටයා තමා හුන් තැනින් අවුත්, “ මහ රජ, අප රදන්නට නො පිළිවනැ. යම් හ’යි කී යැ. රජ්ජුරුවෝ ඕ හට සත්කාර කොටැ යැවූ හ.

11. බොධි සත්ත්වයන් වහන්සේ ඔහ් ගිය බව දැනැ නහා සැරැසී රාජ සේවයට අවුත් රජ්ජුරුවන් වුදැ එකත්පස් වු හුන් ‍සේකැ. රජ්ජුරුවෝ සිතන්නාහු, “ම - පුතුණුවෝ මහා මන්ත්රී.යැ සියලු මන්ත්රඕණයෙහි පාර ප්රා්ප්ත යැ; අතීත අනාගත ප්ර්ත්යුමත්පන්න යන තුන් කල්හි වන්නා වු අර්ථයන් පරොපදෙශ රහිත වැ සවයම්භූ ඥානයෙන් මනා කොටැ දන්නා හ. එ බැවින් අප ඔබ යන ගමනේ යහපත නපුර මේ පන්ඩිතයෝ දනිති’යි සිතා . තමන් පළමු සිතූ ලෙසැ නො රඳා රාගයෙන් රත් වැ මොහයෙන් මුඨ වැ විාරන්නාහු, මේ ගාථායෙන් කියත්:-


ඡන්නංහි එකාව මතී සමෙති

යො පන්ඩිත උත්තම භූපරිත්තා

යා නං අයානං අථවා’පි ඨානං

මහෞෂධො ත්වම්පි මතිං කරොහි.


“පුත, මහෞෂධ පණ්ඩිතයෙනි, සේනක යැ, පුක්කුස යැ, කාවින්ද යැ, දෙවින්ද යැ, වේදේහ යැ, යන අප සදෙනා ගේ අදහස් උත්තර පඤ්චාල දේශයට බ්රදහ්මදත්ත රජ්ජුරුවන්ගේ ගේ ද්යණියන් ගෙනෙන්නට යාම වහපතැ’යි එක් වූ නියාව, ගංගොදකය හා යමුනොසකය හා හා වෙනසක් නැති වුවා වැන්නැ . මහෞෂධ පණ්ඩිතයෙනි , තෙපි කියව . ‘ඔබ යාම වත් නො ගොස් රැසඅමි වත් යහපතැ , නපුරු , යන යන මෙ දෙකින් එකක් තොප ගේ සුක්ෂම වු ප්ර ඥයෙන් මනා කොටැ සිතා ලා කියව . ඔබ යමෙක් ද: නො යමෝ දැ යි කි හ.


12. ඒ අසා මහතාණෝ සිතන සේක් , ‘මේ රජ තමා නුවණ මඳ හෙයි මුත් සතර සදනාගේ බස් ගිවිසැ නුවණින් අන්ධ වැ , කාමයෙහි ගිජුවැ ඒ කාන්තයෙන් මැ යන්නේ යැ : ගොස් මහ විනාශයට පැමිණෙන්නේ යැ. ගමනේ ද්රේෂ කියා නවතිත්නම් නවතා ලමි ‘යි සිතා , ‘මහ රජ, බ්රිහ්මදත්ත රජ්ජුරුවන් පඤ්ව ප්රිකාර බලයෙන් යුක්ත නියාව නොදන්නා සේ ක් ද? පළමුත් තමන් මේ නුවර ට අවුත් පැරැද පලා ගිය හෙයින් ලජ්ජායව පසිඳැ ගන්නා පිණිසැ , දුව සරණ ‍දෙමි ‘ යි ඔබ ගෙන්වා දැලැ මුවකු හසු වු කලැ වැද්දෙකු සේ තමන් කැමැත්තක් කෙරෙති’ යි සිතමි . තව ද ඇම කෙරේ ගිජු වු මත්ස්යතයා යට තුබු බිළිය නොදැක ගැල පියා නස්නා පරිද්දෙන් , කාමයෙහි ගිජු වැ ඉදින් පඤ්චාල දේශයට ගිය සේක් වී නමි , ඒ බිළිය ගිලු මත්ස්යතයා පරිද්දෙන් වහා නස්නා සේකැ . තවද පනැ හසු මුවකු පරිද්දෙන් මහත් වු විනාශයට පැමිණෙන සේකැ . එ බැවින් ඈත යන ගමන මම නොකැමැත්තෙමි’ යි ගාථා සතරෙකින් වද්ර රන සේක්.


ජානාසි බො රාජ මහනුභාවො

මහබ්බලො චුළනී බ්රමහ්මදත්තො


රාජාව තං ඉද්ජති කරණ්ත්ථං

මි ගං යථා එකවරෙන් ලුද්ද්රේ.


ය‍ාථා පි මච්ජො බලිසං වඩ්කං බමංසෙන ජාදිතං

කාමගිද්ධො න ජානාති මච්ජාව මරණමත්තනො.


එවමෙව තුවං රාජ චුළනෙය්ය ස්ස ධීතරී

කාමගිද්ධො න ජානාති මච්ජාව මරණමත්තනො.


සචෙ ගච්ජසි පඤ්චාලං ඛප්පමත්තං ජහස්සසි

මිගං පත්ථාපන්නංච මහන්නං භයමෙස්සසි


වදාළ කල්හි නුවණ නැති රජ එබස් අසා නුවණින් සලකා ගත නොහී ‘තමනට හෙළා දෙඩුව’ යි සිත, ‘මේ තමා ගේ දාසයකුත් කොටැ නො සිතා , ‘රජ්ජුරුවෝ යැ’ යි මඳකුත් නො තකා දඹදිවට අග වු රජ්ජුරුවන් තමන්ගේ ලෙහි දා දියණියන් , ‘සරණ දෙමි’ යි කියා තමන්ගේ දුතයන් එවු නියාව දැනැ මැ ‘මගුලට නිසි එක බසකුත් නොකි යා , ‘මා කොළ තොලුවතු සේ ද, බිලියක් ගිලු මසකු සේ ද , පන හසුකු මුවකු සේ ද, මහත් වු භයට හා මරණයට පැමිනෙති : කිවවි ‘කිපී, ‘ම ඟුලට නිසි කථා දන්තෝ නම් සේනකාදී පණ්ඩිතවරුන් සතර දෙනා හා කේවට්ට පණ්ඩිතයෝ යැ, තා නිමුන් මිටැ එලී ‍ෙගනැ සී සා කන ගොවියා පුතු අතින් මේ සා උතුම් හ ‘යි බොධි සත්වයන් වහන්සේට නොවෙක් පරිද්දෙන් නින්දා පරිභව බැණැ පියා , ‘මේ ගොවියා ලුනු මෙ තැනින් පිටත ලව’ යි නිවෝග කරන්නාහු , ‘මා ගේ මේ නියා ස්ත්රීැ රත්නය ලාභයෙන් අන්තරායට සුදුසු බස් කීවා වු මො හු ගේ කර අල්ලා - ගෙන මාලේ විජිතයෙන් පිටතැ ලව’ යි කී හ.

13. බොධි සත්වයන් වහනසේ රජහු කිපි බව දැනැ සිතන සේක්, ‘ඉදින් මෙහි යමක් , නුවණ නැති රජහු‍ෙග් බස ගෙනැ , හුන ‘ස්නෙන් නැඟි ර ජහු වැඳ, තමන් වහන්සේ ගේ ගෙට ගිය සේකැ.

රජ්ජුරුවෝත් කිපී බස්කී බව මුත් බෝධි සත්වයන් කෙරෙහි ගෞරවවයන් එකක් හට ‘තුළු ගසව : මරව : පිටත ලව’ යි නොකි හ. එ ‍සේ හෙයි න් තමන් මුණ බලා එකක් හට නෙ‍ාකී හෙයින් බොධි සත්වයන් ළඟට ගිය එකද කෙනෙකුන් ‍ තැනැත්තා හ. ඒ සේ මැ යි . රජ ගෙයි වසන්නවුන් විසින් රජ හු යමක් හට කිපි , ‘තුළු ගසව: මරව පිටත ලව’ යි සාමාන්යයයෙන් කී කල්හි , සිටිය වුන් විසින් ඒ ‘ බස් අසා , සිටි පියෙන් නො ඉහිළි රජ මුහුණ යටැසින් බල-බලා සිටිය වුන් අතක් නෙ‍ාසෙල් වියැ , එකකු මුහුණ බලා කී කැලැ , ඒ නියෝග ලද්දා හු මුත් , අනෙකක්හු කිසිවකුත් නො කටයුතු යැ . ඒ නියෝ ග ලද්දාහු තබා අනෙකෙක් නො මේ වරෙයි මේ වර කෙළේ නම් , අරූට කළ මනා නිග්ර්හ වරදවා කළ තැනැත්තේ විඳැ ගන්නේ යැ . එ බැවින් , රජහු එකක් හට තෝරා නො කී හෙයින්, බොධි සත්ත්වයන් ළඟට ගොස් සෙසු නිග්ර හ තබා, ‘පිටත ගිය මැනැවැ’යි ටන බසක් පමනකුත් කී එක ද සත්ත්වයෙකුත් නුවූයේ යැ.

30.ගිරවාණන්ගේ දූත මෙහෙවරසංස්කරණය

ඉක්බිති බොධි සත්ත්වයන් වහන්සේ සිතන සේක්, ‘රජ්ජුරුවෝ නුවණ නැති වැ හිතයන් අහිතයන් නො දැනැ, කාමයෙහි ගිජු වැ, ‘බ්රනහ්මදත්තයන් ගේ දුව ලබන්නෙමි’යි සිතා මතු වන භය නො දැනැ ගොස් මහා විනාශයට පැමිණෙන්නා හ.එ බැවින් ,මට බොහෝ යසස් ද්රහයක වූ උපකාර වැ සිටි රජ්ජුරුවන් ගේ බස් සිතැ තැබිම මට තරම් නො වෙයි. මා විසින් මෝ හට පිටිවහල් වියැ යුත යැ’යි සිතා, ‘පලමු කොටැ ගිරවාණන් යවා තත්වය දැනැ පසුවැ මම යන්නෙමි’යි සිතා ඒ නුවරට ගිරවානන් යැවු සේකැ.


2. ලණ්ජිතයන් වහන්සේ ගිරවානන් යවා තත් වූ පරිදි දත් නියාව , බුදු වැ වැඩ හිඳැ වද්රණරන මා ගේ ස්වාමි දරු වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ගාථාවෙන් වද්රණළ සේකැ.

තතො ච සො අපක්කම්ම වෙදෙයස්ස උපන්තිකා

අථ ආමන්තයි දූතං මාඨරං සුව පන්ඩිතා

එහි සම්ම හරි පක්ඛ වෙය්යාවවච්චං කරොහි මෙ

අත්ථි පඤ්චාල රාජස්ස සාලිකා සයනපාලිකා

තං පත්ථරෙන පුච්ජස්සු සාහි සබ්බස්බ කොවිද්රර

සා නෙ සබ්බං පජානාති රඤ්ඤො ච කොයියස්ස ච

ආමෙති සො පටිසුත්වා මාඨරෙ සුවපන්ඩිතො

ආගමාසි හරිපක්ඛා සාලිකාය උපන්තිකං

තතො ච සො ගන්ත්වාන මාඨරො සුවපන්ඩිතො

අථ ආමන්තයි දුතො සාලිකං මඤ්ජු බාණිකං

කච්චි ඝරෙ ඛමනීයං කඡ්ඡි වෙස්සෙ අනාමයං

කච්චි තෙ මදුනා ලාජා ලබ්බතෙ සුව පණ්ඩිත

කුසලස්සෙව මෙ සම්ම අනාමයෙමථො මම

අථො මෙ මධුනා ලාජාලබ්ගතෙ සුව පන්ඩිත

කුතොනු සම්ම ආගම්ම වා පභිතො තුවං

නච මෙ’සි ඉතො පුබ්බො දිට්ඨො වා’ යදි වා සුතො


“එම්බා මහණෙනි, ඒ මහෞෂධ පණ්ඩිතයෝ, වේදේහ රජුගෙන් උදහස් අසා තමන් ගේ ගෙට ගියාහු, තමන් වැඩූ මාඨර ගෝත්රහයෙහි උපන් ගිරා පැටවාණන් කැඳවා, ඕ හට දුත මෙහෙවර කියා යවන්නාහු. “රන්වන් පක්ෂ ද්වයයක් ඇති, සබඳ ගිරා පණ්ඩිතයෙනි, මෙ සේ එව . තොප විසින් මට කළ මනා මෙහෙවරක් ඇතැ’යි කී හ. ගිරවාණෝ, එ බස් අසමින් මැ තමන් හුන් රන් මැදිරියෙන් පිටත් වැ . මහා සන්තෝෂයට පැමිණැ, තමන් දෙ පිය‍ා දුඳුනේ තබා වැ ඳ, එකත්පස් වැ සිටැ “කී යම් මෙහෙවරක් කොටැ දි ලමි . සැක නොකොටැ වදාළ මැනැවැ’යි කි හ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ වදාරණසේක්, “මාඨර ගෝත්රායෙහි උපන් ගිරා පැටවාණෙනි, කේවට්ට බ්රාොහ්මණයා හා බ්ර හ්මදත්ත රජහු හා දෙ දෙනා සරණ දෙම් හ’යි කල කථාව රහස හෙයින්, සැබෑ ද, බොරු දැයි රජුහු ගේ යාන බලන සැල ළිහිණිය අතින් තත් වු පරිද්දෙන් විචාරා දැනැ - ගෙනැ වහා අවුත් මට කියවයි කියා ලා, මී හා විලඳ හා කවා මී පැන් පොවා ශතපාක සහශ්ර පාක තෙලින් දෙ පියා අතුර මැඬි කල්හි , ඉති සියුම් වු න්වණැති ගිරවාණෝ, අසා ගත් මෙහෙවර ඉඳුරා සිතැ තබා - ගෙනැ , මහතාණන් තුන් විටක් පැදකුණු කොටැ වැඳ ලා, මාළිගයේ මතු මාලේ හරන ලද සී මැඳුරු කවුළුයෙන් නික්මුණාහු, වාත වේගයෙන් සිවි රට දිශාවට මූණ ලා නික් මැ, එහි පවත් සිතැ තබා-ගෙනැ, සැල ළිහිණිය සමීපයට ගියා හ. ඒ කෙසේ ද යත්; ගිරවාණෝ, ගොසින් බ්රහහ්මදත්ත රජ්ජුරුවන් ගෙ මාළිගයේ රන්කොත් කැරැල්ල මුඳුනේ හුන්නාහු, මධුර ස්වරයෙන් රාග නිඃශ්රීේත හඬක් හැඬූ හ. ඒ කුමක් පිණිසැ ද යත් :- සැලළිහිණි කවර මාලෙකැ කවර ගබඩාවෙකැ බවත් නො දැනැ, “මේ මා ගේ ශබ්දය අසා මට ප්රැතිවචන දී තොමෝත් හඬයි. ඒ සලකුණෙන් ඈ සමීපයට යෙමි යි සිතා හැඬූහ. ඔයිත් ශබ්දය අසා , ඒ රජහු ගේ ශ්රීහ යහන් ගබඩා සමීපයට ගොස් රන් මැදිරියේ හුන් තැනැත්තී, රාගයෙන් රත් වු සිත් ඇත්තී, පිටැ පිටැ තුන් හඬක් හැඬූව. ගිරවාණෝ මඳක් ගොසින් නැවැතැ නැවැතැ ශබ්දය අසා ඒ අනුසාරයෙන් ක්රඬමයෙන් ගොස්, යන්නාහ. ‘ ගනුව’ විදුව’ යි කියා - කියා සෙනග මෙහෙයන්නාහු උකාරී නුවර මැඩැ වනුරක් ගලන්නාක් පරිද්දෙන් අයුත් වන්හ ,


3. ඉක්බිති බෝධි සත්වයන් වහන්සේ ගේ චර පුරුෂයෝ තමන් තමන් ගේ ආංඩු පිරිස හා සමග , ‘ කවුරු දනිද්ද, කිම්දැ ‘ ඉදින් පවුරු බිඳැ නුවර මිරිකා - ගෙනැ වදිත්නම් ඒ සියයක් රජුන් හා බ්රරහ්මදත්තයන්ගේ ඉස් ගසා ලා අප ගේ පණ්ඩිත ස්වාමින්ගේ පා පිට දමා ලම් ‘යි තම තමන් සිටින්න වු රඩ දරුවන් පිරිවරා ගත්හ.


මහෞෂධ බ්ර හ්මදත්ත සංවාදයසංස්කරණය

එ වේලෙහි තුන් ලෝ තිවක වු ත්රෛ ලොකෛකගුරු වු පරශත්රාිප හා ගම්හිර ප්රුඥ විශේෂ හා සකල ගජචක්ර මර්දනාභාස්වර කෙශර සිංහ රාජ වික්ර ම ඇති මාගේ ස්වාමි දරු වු ශ්රී මහා බෝධි සත්වයන් වහන්සේ රැ සැතැපුණු ශ්රීි යහනින් නැගි සිටැ ශරිර කෘත්යහ සපයා , පරවරු බත් කල් තබා අනුබව කොටැ , රන් පට- රුවන් සෝලු - කණීකුණ්ඩලාභරන - තා ඩංක- නාගවඩම් -කාදු - කප්පු- මුතුපට - පට්ටොඩම් - බාහුදණ්ඩි - මිණි වළලු - ගිගිරිවළලු - මණිකයිවඩම් - පස්රු - රුවන් වැළ - රන් සවඩි - පාදසංඛ- පාදාභරණ- පා සලඹ - පාද කිංකිණික- පාද ජාලා මේ ආදිවු ආභරණයෙන් සැරැහී , ලක්ෂයක්වටනා කසී සළුවක් හැඳ, ලක්ෂයක් වටනා රන් පලසක් එකාංශ කොටැ පොිරවැ ගෙනැ , රන්මය රුවන් කම්මාන්තයේ විසිතුරු වු සේලු ලියත් අතින් ගෙනැ , රන්මය රුවන් කම්මාන්තයේ විසිතුරු වු සේලු ලීයක් අතින් ගෙන‍ැ රන් මිරි වැඩි සගළක් තරුණ ස්ත්රීරන් දෙදෙනකු ලවා සුදු චාමර දෙකක් සල්වනසේ සිත්කලු කොටැ සරහන ලද තමන් වහන්සේ පෙනෙන පරිද්දෙන් ශක්රල දේවෙන්ද්රන ලීලාවෙන් ඈත මෑත බලා සක්මන් කලසෙකැ . චුළනී රජ්ජුරුවෝ ඒ මහතාණන් වහන්සේගේ රූපශ්රීබ බලා සිත පහදවා ගත නෙහි. ‘ දැන් මැ මොහු අල්ලා ගනිමි’ යි සිතා වහා -වහා ඇතු මෙහෙයන්නා හ.


2. ඒ දැකැ පණ්ඩිතයන් වහනසේ සිතන සේක් ‘මේ රජ, ‘ ඒකාන්තයෙය් වේදේහයා මා විසින් අසු කරන ලද’ යි සිතා තෝ ඉතා දුරු සිටැ ආයෙහි යැ . කුමක් පිණිසැ අවු දැ ‘ යි කිව, ගිරවාණෝ ඇගේ බස් අසා සිතන්නා හු , ‘ මේ ලොවැ බොරුවක් තනාකියා බොරු සිනාවක් නොකොටැ ස්ත්රීේන් නම් සිත් ගත නො හැක්කැ . එ බැවින් බොරුවක් කිවා ඈ නම්මා - ගෙනැ , රහස් විචාරා ගනිමි ‘ සිතා කියන්නා හු , මේ ගාථායෙන් කී හ.


තස්ස මෙකා දුතියයි සා ලිකා මඤ්ජුහාණිකා

තං තත්ථ අවධි සෙනො පෙක්ඛෙතො සුඝරෙ මමං

‘එම්බා සොඳුර, තොප ගේ කුලයෙහි මැ වු මා ගේ පළමු ඇඹැණි කෙනෙක් වු හ. ඔයින් එ සේ මෙසේ කෙනෙක් නොවන්නා හ. පුරුෂයින් සිත්ගන්නා තරම් ළද බොළද මිහිරි පිය තෙපුල් දන්නා හ. මා ගේ ඇසට රසඤ්ජනයක් හාප සමාන වු ඒ මා‍ෙග් භාර්යාව මා බල -බලා සිටියැ දි මා ඇස් හදුවේ උකුස්සෙක් අලඅලා- ගෙනැ මරාපියා ඇරැ - ගෙනැ පල‍ා ගියේ යැ ‘යි කී හ,

5. එ සේ කල්හි සැල ළිහිණි විචාරන්නී, ‘ තොප ගේ අඔුවන් උකුස්සා කෙසේ මරා පියා ඇරැ - ගෙනැ ලියේ දැ’ යි කිව . ගිරවා‍ණෝ ඈ සිතට තැගෙන පරිද්දෙන් බොරු ගොතා කියන්නා හු , ‘ එක් දවසක් අපගේ රජ්ජුරු වෝ දිය කෙළියට යන්නාහු මාත් කැඳවු සේකැ. මම මා ගේ අඔුවත් කැඳයා - ගෙනැ ගොසින් දිය කෙළැ පියා සවසැ රජ්ජුරුවන් සදග අවුත් මාළිගයට නැගී , ඇගැ දිගැ වියළා ගන්නා පිණිසැ මා ගේ බිරින්දැ කැඳවා - ගෙනැ සීමැඳුරු කවුළුයෙන් නික්මී ලා පිටතැ කුටාගාර කුක්ෂියෙහි කොබෝ ගෙඩි වළල්ලෙහි උන්නෙමි . ඒ ඇසිල්ලෙහි උකුස්සෙක් කුළු ගෙයැ ආසින් යන්නේ අප අල්ලා ගන්නට විවි යැ. මම මරණ භයින් තැති ගෙනැ- වහා දිවැපිමි . ඕ දැරි ඇති හෙයින් බඩ බරවැ වහා යා නුහුණුවා හ. එ විටැ මා බල-බලා සිටියැ දී මැ අල්ලා ගෙනැ ගියේ යැ. උනට ශෝක යෙන් හඩන්නා වු මා දැකැ , අපගේ රජ්ජුරුවන් වහන්සේ , සබඳ , කුමට හඩා දැ ‘ යි විචාරා හ් බව අසා සබඳ , නො හඩන්න: අනෙක් බිරි යක සෙයා යව ‘යි කී හ. එ බසට මම කියන්නෙම් , ‘ස්ත්රී හු තම් බෙහෝ සේ අනාචාර ශීලීහු යැ . එ සේ අනාචාර දන්නා දුශ්ශීල එකක ගෙනැ ඊමට වඩ හුදෙකලාව වැ විසීම යහ පතැ ‘ යි කීමි . එ බසට කියන සේක්, ‘තොප ගේ ඇඔණියනට ශත සඑශ්රැ ගුණයෙන් වඩනා ශිලාචාර සම්පන්න සැලළහිණියක් චුළනී රජ්ජුවන්ගේ යාන බලා හිඳිනී යැ. ඕ ඉතා යහපත් එකැක්. තෙපි වහා ඔබට ගොස් ඇගේ අදහස් පරික්ෂා කොටැ පියා , ‘යහපතැ ඉඳිමි’ ගිවිසවු නම් , ඇගේන් අවකාශයක් ලද් නම් තෙපි ඇ කැමැත්ති නම් වහා අවුත් කිය . මම වත් බිසවු වත් ගොසින් මහ පෙර හ‍ැරහරින් ගෙනවුත් පාවා දෙන්නෙමු’ යි කියා තොප සමීපයට එ වු සේකැ . මම තො සරණ බණවා ආමි’ යි කී හ. ඉක්බිති කියන්නා හු, ‘ඉදින් තොපි මා කෙරේ රැකෙන්නා කැමැත්තා නම්’ අපි දෙන්නා මෝ සමග වාසයෙන් එක් ස්ත් වැ සුව සේ වසද් හ ‘යි සිතැ ඇත්ත නො වළහා කියව’ යි කී හ.


6. උන් ගේ බස් අසා සැල ළිහිණි ඉතා මහත් සොම්නසට පැම්ණැ තමා සතුටු බව තො හගවා නො කැමැත්තියක මෙන් හඟවන්නි මේ ගාථාවෙන් කියා:

සුවො සුවිං ච කාමෙය්යව සාලිකො පන සා ලිකං

සුවස්ස සා ලිකායාව සංවාසො හොති කීදිසො.


මේ ගාථයෙහි අභිප්රාංය නම් : ‘ ගිරා පණ්ඩිතයෙනි , කුමක් කියවු ද ? ගිරවෙක් රක්ෂා කෙරේ නම් ගිරා ධෙනුව කැ , සැල ළිහිණියෙක් රක්ෂා කෙරේ නම් සැල ළිහිණියකැ, ගිරවකු විසින් සැල ළිහිණියක රක්ෂා කිරීම නද් කවර කලෙකැ වු විරූ දෙයක්ද? ඒ සේ දෙයක් මා ඇදු විරු දැත් නැතැ’ යි කිව.


7. ඒ අසා ගිරවාණෝ සිතන්නාහු , ‘දැරිය බැහැවුම් කියන බවමුත් මා නොකැමති සැටි නො වෙයි’ සිතින් ඉතා කැමත්ති යැ. ලොයෙක් පරිද්දෙන් ක‍ාරනය නිසා ගිවිස්වා ගත මැනැවැ ‘යි සිතන්නා හු , මේ ගාථාවෙන් කී හ.

යං යං කාමි කාමයති අපි චණ්ඩාලිකාමපි

සබ්බත්ථ සදිසො හොති නත්ථී කාමෙ අසාසිසො.

‘එම්බල යම් ස්ත්රීියක් යම් පුරුෂ යෙක් කැමැත්විනම් චණ්ඩාල වුවත් උත්තම වුවත් ඇම දෙන මැ පඤ්චකාමයෙන් සමය හ. ඒ විෂ‍යයෙහි අඩු වැඩියක් නැත . මනුෂ්ය යන් විෂයෙහි පවා නොයෙක් ජාති වෙන වෙන ඇතත් ප්රැමාණ සම් කාම චේතනාව මැ ‘ යි හගවන්නා හු , මේ ගාථායෙන් කී හ.

අත්ථි ජම්බාවතී නාම මාතා සිබ්බිස්ස රාජිනො

සා හරියා වාසු දෙවස්ස කණ්හස්ස මහිසී පියා .


‘යට ගියදවසැ ද්වාරාවතී නුවර රජකළ කෘෂ්ණායණ ගොත්රටයෙහි උපන් දස බෑ රජ්ජුරුවන්ට වැඩි මාලු , වාසුදෙව රජ්ජුරුවෝ නුවරුනු නික්මැ උයන් කෙළියට යන්නා හු , චණ්ඩල ගාම යෙන් තමා ‍ගේ යම් කට යුත්තක් නිසා නුවර එමින් සිටැ , මගින් ඉවත් වැ සිටි අනර්ඝ රූ ඇති එක් කුමාරිකාවක දැක පිළිබඳ වු අදහස් ඇති රජ්ජුරු වෝ ඇය ගේ ජාති විදාරා , ‘චණ්ඩාල කුලයෙහි යැ ‘ යි කීවත් බලවත් ප්රෙිම රැගෙනැ නැවැත මාළිගයට ගොසින් රුවන් රැසක් ඔටුනු පළඳවා , අග මෙහෙසිය කළ හ. ඒ කුමාර පිය රජහු ඇවැමෙන් ද්වාරාවතී නුවර රජ කළේය ‘ යි උදාහරන කොටැ , ‘ එ බඳු ක්ෂත්රි ය කුලයෙ හි උපන් රජ්ජුරු වෝ පවා චණ්ඩාල ස්ත්රිඒයක රක්ෂා කලහ. තොප අපත් තිරිසනුන් හෙයින් කවර වෙනසක් ද? අපට ප්ර්මාදනම් ඔවුනො වුන් කැමැති පමණෙක් මැ යැ ‘යි කියා නැවැත අනෙක් කාරණයෙකාන් ගිවිසවන්නාහු මේ ගාථාවෙන් කීහ.


රථාවතී කිම්පුරි සී සා පි වච්ජං අකාමයි

මනුස්සා මිගියා සදධිං නත්ථි කාමෙ අසාදිසා.


මේ ගාථවෙහි අභිප්රාාය නම් :- ‘ යට ගිය දවසැ එක් බමුනෙක් පඤ්ච කාමයෙහි ආදීනව දැකැ තමා ගේ බොහෝ සැපත් හැරැ., හිමාලවනයට වැදැ තලස් පැවිසෙන් මහන වැ පන්සලක් තෙටෙැ වසන්නේ යැ එතැන නුදුරු තැනෙක්හි එක් ගල් ගුහා යෙකැ බොහෝ කිඳුරෝ වසන්නා හ. එතැනට නුදුරු තැනෙකැ මහ මකුළුවෙකුත් වසන්නේ යැ . ඒ මකුළුවා කිඳුරු ලෙන දෙිර දැලක් බැඳැ උදැසන එකතු බැගින් කිඳුරන් ඉස් කඩ‍ා ලේ බොන්නේ යැ. කිඳුරෝ වම් ඉතා දුර්වල සත්ත්ව කෙනෙකැ : ස්වභාවයෙන් මැ බන සුල්ල හ. මකුළුවනම් රළු සකක් පමණ ඇති මහ විශාල එකෙකැ. කිඳුරෝ ඕ හට කිසිවකුත් කොටැ ගත නො හී තාපසයන් සමීපයට ගොස් මිහිරි කතා කොටැ ආකටයුනු විචාළා කල්හි , ‘ස්වාමිනි, එක් මකුළුවෙක් අප ගෙි ජිවිත භාරණය කෙරෙයි නුඔ වහන්සේ හැරු අනෙක් පිටිවහලෙක් නැතැ . ඌ මරා අප හ‍ැම සිවිරැකැ දි අප සුවපත් කළ. මැකැවියි කී හ. ඒ අසා තපස් වි , ‘අප වැන්නොත් ප්රාපන වධ කෙරෙද්ද? මෙ තැනින් පහව යා’ යි අසුර ගසා නෙරැපී යැ . එ විටැ කිඳුරෝ සිතන්නාහු ‘ අ ප ගේ රථාවති නම් කින්නරාං ගනාව අස්වාමික යැ ත ඈ සාරා එළා ‍ගෙන’ වුත් යාච්ඤ කරම් හ ‘යි තපස්වී ළගට ගෙනවුතු, ‘මෑ නුඔ වහන්සේට පාදපරිචාරිකා වේ වා ! අප ගේ සතුරා මරා වදාළ මැනවැ’ යි කී හ. තාපසයා ඈ කෙරේ පිළිබද සිත් ඇතිවැ ඈ සමග වැසැ අලුයම් වෙිලෙහි කිඳුරන් ගේ ලෙන දොරැ සැඟවෙ සවැ ගොදුරට ආ සකුළුවා මුගුරෙකින් ගසා ජීවිතක්ෂයට පමුණුවා පී යැ . ඈ හා සමග වසන තපස්වියා එහි මැ දරුවන් ලදින් බොහෝ දවස් වැසැ කාල ක්රි යා කෙළේ යැ ‘ යි ගිරවාණෝ මේ උදැහරණය ගෙනැ හැරැ දක්වා, ‘ එම්බල, තාප සයෝ මනුෂ්ය වැ සිටැ තිරිසන් කින්නරාංගනාව සමල විසු හ. අපි දෙ පක්ෂය මැ පක්ෂීම් හ. එ බැවින් තොප ගේ හා අප ගේ සරණ ම ගුලට ප්රඅමාදනම් ඔවුනොවුන් කැමති වීව යැ යි කිහ.


8. එ විටැ සැල ළිහිණි ගිරවාණන් ගේ බස් අසා ‘ස්වාමිනි, හැම දවස් මැ සිත නම් එක ලෙස තිබෙන්නේ නමි නොයි. ප්රි ය විප්ර යෝග ඉතා නෙකෙැමැත්තෙමි : හෙවත් නුඔ වහන්සේ ගෙන් මතු වියෝ විමෙක් ඇත. දැන් නැවැතත් මැනැව. පසුවැ වියෝවිනම් ඉතා නෙ‍කෙැමැත්තේමි’ යි කිව . ගිරවාණෝ තමන් නුවණැති පිණිසැ මේ ගාථාවෙන් කී හ.

භන්ද ඛාහං ගමිසිසා සාලිකො මඤ්ජුභාණිකෙ

පච්චක්ඛානුපදං හෙතං අතිමඤ්ඤසි නුත මං


මේ ගාථාව කියා , තොප මෙ සේ මා නො කැමැතා වැ කියන හෙයින් අපි යම් හ. තොප ගේ මෙතන මා තනිවැ අවුත් යාච්ඤා කරන හෙයින් තොප මා ‘ නිකම්’ යි සිතු ද? මම ඉතා රාජ පුජිතයෙමි . මට අඔුවොත් නරුම ද? අනෙකක සො යා ගනිමි . එ බැවින් දැන් මැ යෙමි’ යි කි හ . සැල ළිහිණි, ‘දැන් මැ යෙමී’ කී බස් අසමින් මැ ළය පැළී යන තරමි ශෝකයෙන් පිඩීත වන්නි,ඔඑු දු‍ටු විටැ මැ , උපන් ස්නේහයෙන් හා කාම චෙතනායෙන් හා සර්වාංගයෙහි දාහ වැදැ දැවෙන්නා සේ වියෝ ගින්නෙන් පැලැහන්නී, තවත් තමාගේ ස්ත්රී මායමෙන් නො කැමැත්තායක මෙන් හඟහා නො යාදී රඳවන්නට උපමා මිශ්ර කොටැ කියන්නී මෙ ග‍ාථාවෙන් කියා:

න සිරි තරමානස්ස මාඨර සුවපණ්ඩිතා

ඉධෙව තාව අචජස්සු යාව රාජාන දක්ඛසි

සොස්ස සද්දං මුතිංගානං අනුභවචඤ් රාජින


මේ ගාථාවෙහි අර්ථ නම් : ‘ ගිරා පණ්ඩිතයෙනි, යම් සේ සිතැ,ඇත්තක් සාදා ගන්නා එකක්හු ඉක්මන් නො වියැ යුතු යැ. ඉක්යන් තැනැත්තවුට ශ්රීද කාන්තා තොමෝ මැප දුර වන්නී යැ . එ බැවින් අද මෙහි රඳව. වාසය නදුත් බිරියක රක්ෂා කිරිම නමුත් ඉතා ඉක්මක් වැ බැරියැ . ඉත්මන් වැ කළ දෙය ඔබින්නේ නොවෙයි. එ බ‍ැවින් අද රැ මෙහි රඳව. ඉදින් රැඳුණා නම් අප ගේ රජ්ජුරුවන් ගේ මහත් වු රාජෛශ්චර්ය දැකැ උතුම් වු රූ ඇති සර්වාභරණයෙන් සැදුණු නාටිකාංගනාවන් ලිය කිඳුරන් ස්වර හා සමාන වැ කියන්නා වු ගීතිකා ඇසුව මැනැව . ඔවුන් විසින් වයන ලද මෘදංග නාදයත් අසව ත ඉක්මන් නො වි සැබැවින් අද රැඳුණා නම් ඩැඩක් මුත් අවැඩෙක් නැත්තේ යැ. තෙ‍ාප ගේ ගමැ බිරින්දැත් නැත, ඇති බිරිදත් උතුස්සා ගෙනැ ගිය යි කිව, තෙ‍ාප ඉක්මන්වන්නේ ඇයි ද? රැඳුණා නමි තොප ගේ අභිමතාර්ථ සිද්ධ වනනේ යැයි බැහැවුම් වසයෙන් රඳනා කැමැති වැ මැ කිව.


9. ගිරවාණෝ, ‘ තොප මෙ සේ කියන පසු රඳා යෙමි’ කියා රැඳුණාහු , නොයෙක් අල්ලාප සල්ලාපයයෙන් ඇ සිත් ගෙනැ ඒ දවස් වේලේ ලොකාස්වාද රතියෙහි යෙදි සන්තුෂ්ට වැ ඔවුනොවුන‍ට ප්රා ණ සමාන වු හ. ඉක්බිති ගිරා පණ්ඩිතයෝ ‘මෙ විට, මෝ තමා සිතැ ඇති යම් මැ රහසක් මට නො වලහා කියයි. ප්රමපඤ්ච නො කොටැ විචාරා ගෙනැ මෙ තැනින් වහා නැගියෙමි’යි සිතා, “සැලළිහිණිය’යි කී හ. ‘කිමෙක් ද ස්වාමිනි’යි කිව. ‘යමක් විචාරන්නා කැමැත්තේමි. කියවුදැ?’යි කී හ. ‘යහපතැ, කිව මැනැවැ. වැළි එකෙක් ඇති. අද අප ගේ මගුල් දිනැ යැ.පසු දවසේ දන්නෙම් වේ ද? ඉදින් මගුලට නිසි දෙයක් වී නම් අද කිව මැනැවැ: අවමංගල්යනයක් වී නම් නො කිව මැනැවැ. ස්වාමිනි’යි කිව. ‘තෝ කුමක් කියයි ද? මීයේ මී වත් කළා සේ මඟුල් පිටැ මගුලෙකැ , මා කියන්නේ’යි කී හ. ‘එ සේ නම් කිව මැනැවැ’යි සැල ළිහිණි කිව. ‘ඉඳින් අසන්නා කැමැත්තෙහි නම් කියමි’යි කියා , කිමෙක් ද, බ්රාහ්මදත්ත රජ්ජුරුවෝ ඉතා රෑපශ්රීයන් බබළන්නා වූ තමන් ගේ දියණියන් තමන් වසග වැ හිඳිනා එක් සියයක් රජ දරුවනට නො දී සතුරු වූ වේදේහ රජ්ජුරුවනට කුමක් පිණිසැ දෙත් දැ’යි කී ය.


10. සැල ළිහිණි ගිරවානන් ගේ බස් ඉතා නො සතුටු වැ කියන්නි, “ස්වාමිනි, අප ගේ ඊනියා මඟුල් දවසෙ මෙ වැනි අවමංගලයක් කුමක් නිසා කීයෙහි දැ’යි ක‍ිව. ලිරවාණෝ කියන්නාහු ‘මම, ‘මගලැ’ යි කියමි. තෙපි , ‘අවමඟුලැ’යි කියව. අප දෙ දෙනා ගේ බස් විපරිත වන්නේ කිමෙක් දැ’යි කී හ. ‘ස්වාමිනිථ මෙ සේ වූ මංගල දිනයෙහි කිව මනා දෙයක් නො වෙයි, නො කියමි’යි කිව.’සොඳුර , අවශ්ය්යෙන් මට කිව මැනැවැ’යි කී හ. ‘ස්වාමිනි, එ සේ ව නො ඇසිය යුත්තෙක් සමස්ත ලොකයෙහි නැතැ. එ බැවින් කියන්නට නො පිළිවනැ. නො කියමි’යි කිව. ‘එ සේ ද, තොප සිතැ ඇති රහස් මට නො කියන කලැ තොප ගේ හා මගේ හා සමග වාසයෙන් ප්රදයෝජන කිම්දැ’යි කී හ. සැල ළිහිණි එ බසට ශොකයෙන් පිරුණු ළය ඇත්තී, ‘එ සේ නො කීයෙමු නම් මා ඇරැ පියා පලා ලියෝ නම් නපුරු’යි සිතා, ‘එ සේ වී නම් කියමි. ඇස්ව මැනැවැ’යි කියන්නි බ්රනහ්මදත්ත රජ්ජුරුවන් හා වේදේහ රජ්ජුරුවන් හා සදන්නා ගේ විවාහ මංගලය සේ වූ මඟුලෙක් තොප ගේ සතුරනටත් නො වේව’යි කිව.

නොදිසො තෙ අමිත්තානං විවාහො හොතු මාඨර

යථා පඤ්චාල රාජස්ස වෙදෙහෙන භවිස්සති.


ගිරවානන්, ‘ඊට කාරණ කිම් දැ’යි කී කල්හි, ‘එහි තත්වය කියමි. ඇසුව මැනැවැ’යි කියන්නි, බ්රසහ්මදත්ත රජ්ජුරුවෝ, ‘දියණියන් සරණ දෙම් හ’යි කියා වේදේහ රජ්ජුරුවන් හා මහෞෂධ පණ්ඩිතයන් හා දෙන්නා මායමින් මේ නුවරට ගෙන්වා ගෙනැ මරන්නා හ.ඉදින් අවුනම් උනට මර බාධා නැති. මිත්රෙ කමට කරන දෙයක් නො වෙයි. ඒ මලුල නිසා වන්නා වූ අභිවෘද්ධියෙක් නැතැ’යි කිව. නැවැතැ කියන්නි ,’සරණ දෙන්නා තබා දුව ඇසටත් නො පානා හ. ‘දෙන්න‍ා මැ මරා ජය පානය බොන්නෙමු’යි කේවට්ටයා හා රජ්ජුරුවන් හා දෙන්නා මා උන් ශ්රීා යහන් ගබඩාවේ හිදැ රහස් මන්ත්ර ණය කොටැ දැන් කේවට්ටයා රජු ගිවිස්සා ගෙනෙන්නට ගියේ යැ’යි දෙන්නා ගේ රහස් කථාවෙන් මඳකුත් නො වරදවා ගිරා පන්ඩිතයනට කිව.


11. ඒ අසා ‘කේවට්ටයාගේ නුවණ ඉතා යහපත් නියා යැ. මේ උපායයෙන් රජුහු නුවරට ගෙන්වා මරන්නට බැරි නො වෙයි. සිතූ නියාව ඉතා යහපතැ’යි කේවට්ටයා කයිවාරු කොටැ, ‘අප ගේ මේ නියා මගුලේ අවමගුලෙක් කීමෙන් ප්රයයෝජන කිම් ද? ඒ නො කිය’යි කියා නවතා, තමන් ආ කම් සැපැයුණු බව දැනැ ඒ රාත්රිමයෙහි ඈ හා සමග දවස් යවා, පාන් වූ කල්හි, ‘සොදුර, මම සිවි රට ගොසින්, ‘මා සිත් වත් ඉිරියක ලදිමි’ මා ගෙ රජ්ජුරුවනට කියන්නට යෙමි.මට සත් දවසකට සමු දෙව.අට වැනි දවසැ මහ පෙරහරින් එන්නෙමි. මා එන තෙක් , තෙපි මා කෙරෙු ශෝකයෙන් නො කා නො බී වැහැරැ නො ගොස්, උකටලි නො වැ සුව සේ ඉඳුව’යි කී හ. සැල ළිහිණි ගිරවානන් ගේ වියෝ දුක් ඉවැසැයැ නො හි සමුනනට උත්තර කීමෙහි අසමර්ථ වැ, ‘යහපතැ, සත් දවසකට අවකාශ දෙමි. සත් වැනි ද්රස නාවොත් අට වැනිද්ර ආයෙහි නම් ඒකාන්තයෙන් මා මළ තෙතට නුඹ එන්නෙහි යැ. එ බැවින් මා කැමැත හොත් සත් දවස ඇතු‍ළතැ අව මැනැවැ’යි කිව.’සොදුර, කුමක් කියවු ද? ඉදින් අට වැනි ද්රත තොප නො දිටි නම් මා ගේ ජීවිතය තමා ඇද්ද? දැරි ඇති අඹුව නො කල්හි මියැ යාමක් ඇති කලැ හා අලුත් අඹුවක රක්ෂා කළ සත් දවසින් මළ කලැ හා මා ගේ ළය ගලෙක් දැ? තෙපි මා එන ගමන සැක නො කරව’යි බසින් කියා, සිතින් සිතන්නාහු, ‘තෝ මියේ වා: රැකේ වා! තිගෙන්මට ප්රගයෝජන කිම් දැ’යි මැඳිරියෙන් නික්මැ, සිවි රට දිසාවට මුහුණ ලා මදක් තැන් ගොසින් , නැවැතැ මියුලු නුවරට ගොස් බෝධි සත්ත්වයන් වහන්සේ ගේ උරයට බට හ.


12.මහතාණෝ මතු මහල් තලයට වඩා ගෙනැ විචාල කල්හි සැල ළිහිණි කී කළ දැ මුළුල්ල ආද්යතන්ත නො නරදවා මැ කී හ. බෝධි සත්ත්වයන් වහන්සේ , මී හා විලඳ හා කවා මී පැන් පොවා, ශතපාක සහශ්ර්පාක තෙලින් දෙ පියා අතුර මැඩා, කකුල් සන්ධි මිරිකා , ඉතා සැප වූ රන් මැදිරියේ සැපැත්වූ සේකැ.ඒ බව ප්ර,කාශ කොටැ වද්රරරණ බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් ඒ බව වද්ර රන සේකැ:-


තතො ච ඛො සො ගන්ත්වාන මාඨරො සුව පණ්ඩිතො

මහොසධස්ස අක්ඛාසි සාලියා වචනං ඉදං

“එම්බා මහණෙනි, ඒ ගිරා තෙමේ සැල ළිහිණිය ගෙන් රහස් කථා ගෙන’වුත් මහෞෂධ පණ්ඩිතයනට කීයේ වේදැ’යි වද්ර්ළ සේකැ.

31.මහෞෂධයන් උත්තර පඤ්චාලයට පැමිණිමසංස්කරණය

ගිරවානන් ගෙන් බස් ඇසූ අනතුරැ බොධි සත්ත්වයන් වහන්සේ සිතක සේක්, ‘මේ රජ්ජුරුවෝ මා නො කැමැති කරවා ගොසින් මහා විනාශයට පැමිණෙන්නා හ. ‘මෙ වැනි යසද්රායක වූ රජ්ජුරුවන් ගේ බස් සිතැ තබා, ඒ බව දැනැ පිටිවහල් නුවු හ’යි දත් කෙනෙක් නින්ද්රස කෙරෙති. මා වැනි ජගත් පන්ඩාතයකු ජීවත් වැ ඉන්දැ දී මේ රජ කුමක් පිණිසැ නස්නේ ද රජ හට පළමු වැ ගොස් බ්ර හ්මදත්ත රජ්ජුරුවන් දැකැ වේදේහ රජ්ජුරුවනට යහපත් නුවරක් කරවා ලා, ගව්වක් පමණ සුළු උමඟක් හා දෙ ගව්වක් පමණ මහ උමඟක් හා කරවා ලා, චූළනි රජ්ජුරුවන් ගේ දියණියන් අප ගේ රජ්ජුරුවනට අභිෂෙක කරවා දී එක් සියයක් රජ දරුවන් හා අට‍ෙළාස් අක්ෂෞහිණියක් පමණ මහ සේනාව හා අප උන් නුවර වට ලා-ගෙනැ සිටියැ දී, අප ගේ රජ්ජුරුවන් රාහු මුඛයටවන් සඳ මඬලක් පරිද්සෙන් ගළවා ගෙනැ එන ගමන මට බාර වන්නේ යැ’යි සිතූ සේකැ.මෙ සේ සිතන්නා වූ ස්වාමිදරවානන් ගේ ශරීරයෙහි පස් වනක් ප්රීලති උපන්නේ යැ.


2.ප්රී‍ති වේගයෙන් උදන් අනන සේක්, ‘යම් පුරුෂයෙක් යම් රජක්හු ගෙන් සියලු සම්පත් ලදින් කිසිවෙකුනුත් අනූන වැ මහා ආඪ්යග වැ වෙස් නම් ඒ ‍ෙස් වූ , ප්ර්ඥා සම්පන්න පුරුෂයා විසින් කාය වාඬ්මනස් යන ද්වාර ත්රුයයෙන් මැ ඒ රජ හට වැඩෙහි හැසිරියැ යුතු යැ: ඔවුන් ගේ ආපද්ර වක් දුටු කල්හි ඉන් මුද්රෙ ලන්නට ශක්ති ඇති වැත් ඊට පිටි වහල් නො වී නම් මිත්රර ද්රෝිහි යැ. එ බැවින් රජහු නුවන නැති වැ නෙ‍ා දැනැ කියා පූ යම් බස් පමණක් සිතැ තබා ගැන්ම මට තරම් නො වෙයි’සිතා සොළොස් කළයක් සුවඳ පැනින් ඉස් සෝධා නහා ස්ර්වාභරණයෙන් සැරැහී මහ පෙරහරින් රජ ගෙට ගොස් , රජහු වැඳැ එකත් පස් වැ සිටැ වද්ර රන සේක්. ‘කිමෙක් ද, මහ රජ, උත්තර පඤ්චාල දේශයට යන සේක් මැ දැ’යි වද්රරළ සේකැ. ‘එ ‍යෙැ පුත , යෙමි. පඤ්චාලණ්ඩි කුමාරිකාව නො ලබන්නා වූ මට රාජ්ය.යෙන් ප්රහයෝජන කිම් ද? තෙපිත් මා අත් නො හැරැ කැටි වැ එව. ඔබැ යාමෙන් වැඩ දෙකෙක් වන්නේ යැ. ස්ත්රීා රත්නයක් ලබමි. රජ්ජුරුවන් හා නෑ වීමෙන් එවුනොවුන් කෙරෙහි මෛත්රී් සිතත් පිහිටන්නේ යැ’ කී හ.


3. ඉක්බිති රජ්ජුරුවන් වහන්සේය පණ්ඩිතයෝ කියන්නාහු, ‘මහ රජ, එ සේ වී නම් මම පළමු කොටැ ගොස් කුඹ වහන්සේ ඉඳිනා මාළිඟා ආදි ගෙවල් නංවාලා යම් දවසෙකැ කියා එවීම් නම් එ ද්රඹ වැඩියැ මැනැවැ ‘යි වද්රංළ සේකැ. ඒ අසා රජ්ජුරුවෝ , ඒකාන්තයෙන් දරුවන් මා අත් නො හරන සැටි යැ’යි ඉතා සතුටු වූ සිත් ඇති වැ, ‘පුත, තොප පලමු යන්නවුනට කුමක් ලද මනා දැ’යි කී හ. ‘බල වාහන ලද මැනැවැ’යි කී හ. ‘යම් පමනක් කැමැත්තා නම් එ පමතක් මැ ගෙනැ යව’යි කී හ. ඒ මහතානන් වහන්සේ ‘සිරගෙවලැ රකවලැ සිටිනා බලසම්පන්න යෝදටන් මා හා කැටි වැ එවුව මැනැවැ’යි වද්රලළ සේකැ. රජ්ජුරුවෝ කියන්නාහු. ‘මට කියන්නේ ක්ම් ද? තොප කැමැත්තක් කරව’යි කී හ.


4. ඒ මහතාණෝ සිර ගෙවලැ දොර හරවා ගිය ගිය තැනැ සිතූ සිතූ අර්තයක් සාධා දෙන්නට බල ඇති ශු වීර චෞරයන්යදම් බිඳුවා පිටත් කරවා -ගෙනැ. ‘මට සේවය කරව’යි ප්රමසාද දෙවා, වඩු -කඹුරැ -සොම්මර චිත්රාකාරාදි වූ නොයෙක් කර්මා න්තයෙහි දක්ෂ වූවන් ගෙන් අටළොස් කුලයක් හා වෑ පොරෝ -උදලු -යහුල් ආදී වූ වුවමනා බොහෝ උපකරණ භාණඩ හා ගෙන්වා - ගෙනැ, මහා සේනාව පිරිවරා නික්මුණු සේකැ. බෝධි සත්ත්වයන් වහන්සේ නික්මුණු නියාව ප්රවකාශ කොටැ වද්රැරන බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් වද්රරරන සේකැ.


තතො ච පායාසි පුරෙ මහොසධො

පඤ්චාල රාජස්ස පුරං සුරම්මං

නිවෙසනානි මාපෙතුං

වෙදෙහස්ස යසස්සිනො


“එම්බා මහණෙනි, ඒ මහෞෂධ පණ්ඩිතයෝ වේදේහ රජ හට පලමු ගොස් නුවර හා ගෙවල් යා කරන පිණිසැ බල වාහන ගෙනැ නික්මුණේ වේ දැ’යි වද්රයළ සේකැ.


5.බෝධි සත්ත්වයන් වහන්සේ වඩනා සේක්, සතර ගව්වෙන් සතර ගවුව එකී එකී ගමක් බැගින් ලම් කරවා, ගමකට ඇමැත්ත කු බැගින් සිටුවා, මෙ සේ විධාන කරවන සේක්, ‘තෙපි අප ගේ රජ්ජුරුයව පඤ්චාලචණ්ඩි කුමාරිකාවන් ඇරැ-ගෙනැ, එන කලැ, ඇත්- අස් රත ඇදි වූ වායන සරහා සිටුවා -‍ෙගනැ, කැටි වැ ආදෙුර්වල වාහන රඳවා- ගෙනැ තෙ‍ාපගේ වාහනවලට නංවා සතුරනට අසු වියැ නො දී වහා මියුලු නුවරට යවා ලව’යි වද්රවළ සේකැ.


6. මෙ සේ මාර්ග සංවිධානයෙන් ගොස් ගං තෙරට පැමිණැ, ආනන්ද කුමාර යැයි යන එකක්හු කැඳවා, ‘තෙපි තුන් සියයක් නැව් වඩුවන් ඇරැ-ගෙනැ උඩු ගං බලා ගොස් , හර ඇති දඬු කප්පි තුන් සියයක් නැව් කරවා , මාළිග- වාසල් - ද්රෙඬරටු - අට්ටාල - ගෙවල් ආදිය කරවා ගන්නා ලෙසැ ද්රයරු සම්බාර ඔබ දී මැ ලඝු කොටැ සස්වා නැව් තුන් සියය පුරා ගෙනැ එව’යි විධාන කොටැ යවා, තමන් වහන්සේ ගඟින් එ තෙර වැ බැසැ, පියවර සනින් ගණන සේක්, ‘මේ දෙ ගවුවෙක් පමණ තැනැ මහ උමඟ වන්නේ යැ . ඒ ඉක්බිති මෙ තැන්හි අප ගේ රජ්ජුරුවන් හිදිනා නුුවර වන්නේ යැ. නැවැතැ මෙ තැන් පටන් රජ ගෙය දක්වා මේ ගවුවක් පමණ තැනැ සුළු උමඟ වන්නේ යැ’යි ස්වකීය ප්රමඥාවවෙන් මැ නියම දැනැ මහ පෙරහරින් නුවරට වන් සේකැ.


7. බෝධි සත්ත්වයන් වහන්සේ හන නියාව චූළනි බ්රනහ්මදත්ත රජ්ජුරුවෝ අසා, ‘මෙ විටැ මා ගේ මන ද්රෙබළ පිරෙන්නේ යැ. ඒකාන්තයෙන් මැ මා ගේ සතුරන් පිටු දක්නෙමි. මහෞෂධයා ආ කලැ වේදේහයාත් නො බෝකලෙකින් එන්නේ යැ. මෙ විටැ දෙන්නා මැ මරා ජය පානය බී සියලු දඹදිව එක් සත් කොටැ රජ කරන්නෙමි’යි ඔද වැඩී සතුටු වැ ගිය හ. ජන නෙත්රර රසාඤ්ජන වූ ස්වාමි දරුවාණන් නුවරට වදුත් මැ අයම් විකරින් අට සාළිස් ගව්වක් පමණ ඇති ඒ නිසා මහත් නුවර වාසී මනු්යමයෝ එක හෙළා, මහෞෂධ පන්ඩිතයෝ නම් මූ ල. එක් සියයක් රජුන් හා අටළොස් අක්ෂෞහිණියක් සේනාව හා කැටත් දමා කපුටු රැසක් නෙරනා සේ ඉස් ලූ ලූ ඇදැ ගත නොහි මහා ආශ්චර්යයට පැමිණිය හ.සියලු නුවර සඳ රැස් වන් කිරි මුහුදක් සේ ක්ෂොභ වැඔද වැඩී ගියේ යැ.

32.එක දවසින් නව කෝටියක් වස්තු සැපයීමසංස්කරණය

මෙසේ ඒ නුවරැ වාසින් , තමන් වහන්සේ ගේ රූප දර්ශනයෙන් සන්තෝෂ වැ බල- බල සිටියැ දී මැ, රජ ගෙද්‍රෙරට ගොස් ආ නියාව කියා යවා, ‘එන්නට කියව’යි කී කල්හි රජ ගෙට වැදැ, රජ්ජුරුවන් වැදැ එකත් පස් වැ සිටි සේකැ. එ විටැ රජ්ජුරුවෝ මියුරු කථා කොටැ, ‘පුත, රජ්ජුරුවෝ කවර ද්රස එද්දැ’යි කී හ. ‘මා කියා යැවූ කලැ යැ’යි වද්රජළ සේකැ. ‘තෙපි පලමු කුමක් පිණිසැ අවුදැ’යි කී හ. ‘දේවයන් වහන්ස, අප ගේ රජ්ජුරුවනට මඟුලට මාළිඟ නංවන්නට ආමි’යි වද්රයළ සේකැ. යහපතැ යි කියා බෝධි සත්ත්වයන් වහන්සේ කැටිවැ ආ සේනාවට බත් වියදම් දෙවා මහතානනට මහත් සේ සත්කාර කොටැ ඉඳිනට යහපත්මාළිගයක් දී, ‘පුත, රජ්ජුරුවන් එන තෙක් උකටලි නො වැ අපටත් කළ මනා දෙය කරවා ල‍ා සුවසේ ඉඳුව’ය කී හ.


2.ඔබත් රජ ලගයි ගෙට නැගෙන සේක් මැ, මතු මාලට නැගෙන හිණි පා මුලැ සිටැ , ‘මෙ තැන්හි සුළු උමග ද්රෙටරකඩ යැ’යි සිතූ සේකැ. නැවැතැ ඔබට මෙ සේ වූ අදහසකුත් වූයේ යැ. ‘මේ රජ්ජුරුවෝ අපටත් කළ මනා දෙය කරවා ලව’යි තුමූ මැ කි හ. එ බැවින් උමඟ කනන කලැ මෙහි පස් හා හින හා නොවැටෙන ලෙසත් කෙරෙමි’යි සිතා, නැවැතැ රජ්ජුරුවනට වද්ර රන සේක්, ‘මහ රජ, මාළිගයට නැගෙන්නම්, හිණි පා මුලැ සිටැ මාළිගයේ නව කර්මානන්ත බැලීමි. සෙසු මා දුටු නපුරෙක් නම් නැති. නැගෙන හිනැ යම්තම් වරදෙක් ඇත. කැමැති සේක් නම්, ඊට තරම් දඬු පත් ලදිම් නම්, කිනම් වඩුවකු තබා විශ්වකර්මායාත් , ‘නපුරැ’යි නො කියන ලෙසැ කරවා ලමි’යි වද්රඩල සේකැ. ‘යහපතැ , තොප කැමැති ලෙසත් කරවා ලව’යි ද්ර ර සම්බාර දෙවූ හ. ඒ මහතා‍නෝ, ‘සුළු උමඟ ද්රෙළර මෙ තැනැ විය යුතු ය’යි ඉදුරා සලකා ගෙනැ, පරණ හිර අරවා යම් තැනෙකැ උමඟ ද්රෙිර වේ ද, ඒ තැනැ පස් නො වැගිරෙන පරිද්දෙන් පෝරු අතුරවා , නොහෙන පරිද්දෙන් නිශ්චල කොටැ හිණ සිටුවා ලූ සේකැ. රජ්ජුරුවෝ මේ අන්තරාය නො දන්නාහු. ‘තමා කෙරේ ඉත සිතින් මැ කෙරෙති’යි සිතූ හ. ඒ පරණ හිණ ඔබ දුටු වරද නම්, ‘යටින් බිඳින කලැ හිණ හිණි නම් නපුරැ’යි යන මෙ පමනෙක් මැ යැ.


3. මෙ සේ එ දවස් නව කර්මාරන්තයෙන් දවස් යවා , දෙ වන දවස් රජ්ජුරුවනට කියන සේක්, ‘දේවයන් වහන්ස, ඉදින් එක් ගෙයක් නිල කොටැ ලදුමෝ නම්, අප ගේ රජ්ජුරුවෝ හ්ඳිනා පරිද්දෙන් යහපත් කොටැ මාලිඟ ආදී වූ ගෙවල් සකස් කොටැ ලන්නමෝ වේ දැ’යි වද්රහල සේකැ. ‘යහපතැ පුත, මා ගේ මාළිඟය හැරැ යම් ගෙයක් කැමැත්තා නම් ගන්ව’යි කී හ. ‘මහ රජ , අපි ආගන්තුකම් හ. නුඹ වහන්සේ ගේ බොහෝ වල්ලබයෝ හැ. ඔහු තම තමන් ගේ ගෙවල් ගන්නා කලැ අප හා කලහ කරන්නා හ. උනට අපි කුමක් කරමු දැ’යි වද්රාළ සේකැ, ‘පන්ඩිතයෙනි . තෙපි උන් ගේ බස් නො ගිවිසැ තොප ගෙයක් මැ ගන්ව’යි කි හ. ‘දේවයන් වහන්ස ඔහු නැවැත නැවැතත් අවුත් නුඹ වහන්සේට කියන්නාහු යැ. එයින් ඔබ සිතට සැපයෙක් නො වන්නේ යැ. ඉදින් නුඹ වහන්සේ කැමැති සේක් නම් , අප ගෙය නිල කොටැ ගන්නා තෙක් මැඅ අප ගෙන් ද්රෙිරකඩැ රකවල් වී නම් කියන්නට ආවුන් වැද්ද නො දෙන්නා පලා යන්නා හ. එ සේ කලැ අපටත් නුඹ වහන්සේටත් ද්රේම්නසෙක් නැත්තේයැ’යි වද්රකළ සේකැ. රජ්ජුරුවෝත්, “ ඉතා යහපතැ තෙ‍ාප ගෙන් මැ රකවල් ලවා ගන්වා’යි කී හ. බෝධි සත්ත්වයන් වහන්සේ ද හිණි හිස යැ, රජ ගෙයි ද්රෙයර කඩ යැ යන මේ හැම තන්හි ම, “රජ ගෙට කාත් වැද්ද නො දෙව’යි කියා, තමන් වහන්සේ ගෙන් මැ රකවල් ලැවූ සේකැ.


4. ඉක්බිති, පළමු කොටැ ගොස් රජ්ජුරවන් ගේ මෑණියන්, ‘තලතා දේවින් ගේ ගෙය ඉිදුව’යි තමන් වහන්සේ ගේ මිනිසුනට නියෝග කළ සේකැ. ගියා වූ පුරුෂයෝ ද්රෙවරටුවෙහි පටන් බික්ති පද නම් ඇතුළු වැ උව සුනු මැටි ආදි වූ දෙය බිදැ හරනට පටන් ගත් හ. රාජ මාතාවෝ එ පවත් අසා වහ වහා ගෙන් අවුත්, ‘කොල, අප ගේ ගෙය බිදුනෝ කවුරුදැ’යි කි හ. ‘මහෞෂධ පඛ්ඩිතයන් වහන්සේ ගෙය බිදුවා තමන් වහන්සේ ගේ රජ්ජුරුවනට මාළිග නංවන සේකැ’යි කි හ. “ඇයි දරුවෙනි, මේ ගෙයි හුන් කලැ කිම් දැ’යි කී හ. ‘අපගේ රජ්ජුරුවන් ගේ බොහෝ සේනාව හෙයින් මේ ගෙය ඉතා කුඩා යැ.මහත් කොටැ මාළිගා කරවනනට යැ’යි කී හ. ඒ බසට බිසවු කිපි, ‘කොල, තෙපි මා රජ්ජුරුවන් ගේ මෑණියන් බව නො දනු ද? දැන් ම පුතුණුවනට කියාලා තොපට කියටි දන්නෙම් වේ දැ’යි කි හ. “නුඹ වහන්සේ කුමක් ද්රේඩන සේක් ද? අපි රජ්ජුරුවන් ගේ මැ බසින් බිදුම් හ. ශක්ති ඇති දැ වී නම් නවතා ගන්නැ’යි කීහ. ‘තොපට කියටි දන්නෙමි’යි කිපී රජ ගෙට කියන්නට ගිය හ.


5. ද්රෙ’ර කඩැ සිටි රකවල්ලු, “නො වදුව’යි කියා උන් නැවැතු හ. “කුමක් කියවූ ද? මම රජ්ජුරුවන්ගේ මෑණියෙමි. මට පෙරැ රකවලෙක් නැති.මා යා දෙව’යි කී හ. “කාත් වැද්ද නො දෙව’යි තොප ගේ රජ්ජුරුවන් විසින් මැ කියන ලද. ගෝ මෙ තැනැ නො සිටැ පලා යා’යි කී හ. බිසවූ කිසිවක් කියන්නට නො පොහොසත් වැ තමන් ගේ ගේ බිදුනා බල- බලා සිටිය හ. එ සේ සිටියවුන් එකෙක් නැඟි සිටැ, “ මෙතැනින් යෙයි ද, නො යෙයි දැ’යි බොටුව අල්ලා-‍ගෙනැ තරවා දමා‍ ලී යැ. ඒ මැහැලි වහන්සේ මුහුණින් හී පියා දුක සේ නැගි සිටැ, සිතන දැ, ‘ඒකාන්තයෙන් රජ්ජුරුවන් කීයේ සැබෑ සැටි යැ. ඉන් මිසක් මට මෙ සේ කරන්නට සමර්ථ එකෙක් ඇද්ද? පන්ඩිතයන් සමීපයට යෙමි’යි සිතා ගොස්, “පුත ,මහෞෂධ පණ්ඩිතයෙනි, මා ගේ ගෙය කුමක් නිසා බිදුවා දැ’යි කී හ. ඔබ උක් හා කැටි වැ එක බසකුත් නො කියා කො ඇසු කන් වැ ඒ දිසාව නො බල‍ැ පියා සිටි සේකැ. ළගැ සිටි පුරුසයෝ , “දේවින් දැ කියන්නේ කිමු දැ’යි කී හ. “දරුවෙකි, පණ්ඩිතයෝ මා ගේ ගෙය කුමට බිදුවද්දැ’යි කී හ. “වේදේහ රජ්ජුරුවනට මාළිගා කරන්නට යැ’යි කී හ. “ඇයි දරුවෙනි, “මේ සා නුවර අනෙක් ගෙයක් නො ලැබෙයි සිතවු ද? මා ගේ මේ මසු ලක්ෂය ගෙනැ අනෙක් තැනෙකින් ගෙයක් ගෙනැ මාළිග කරව’යි කී හ.


6. ඒ වන්නා නුඹ ගේ මේ ලක්ෂය ඇරැ-ගෙනැ ගෙය අරවා පියම් හ. මේ නුවරැ අපොහොසත් නකනෙකුන් මඳ වුව. එසේ හෙයින් අනෙක් ගෙයක් අල්ලා- ගත් කලැ උයිත් අත්ලස් දෙන්නට මැ සිතති. එ සේ කලැ ගත් ග.් ගෙවල් අත්ලසට මැ අරන කලැ අප ගෙවල් ලබන්නේත් මාළිග නගන්නේත් කෙ‍ෙස් ද? වන්නා ව! නුඹ වහන්සේ මෙ සේ මැ අඬා ද්රෙ“ඬා යාච්ඥා කරත් අත්ලස් දී ගෙය අරවා ගත් නියාව ඔබට නොකියතොත් හැරැ පියම්හයි කී හ. “දරුවෙනි, කුමක් කියවූ ද? “රජ්ජුරුවන් මෑණියෝ පවා අතලස් දී ගෙය අරවා ගත හ’යි කී කලැ මටත් ලජ්ජා වන්නී යැ. එ බැවින් මා පණ තබා කාටත් නො කියමි’ කී හ.


7. එහු, “යහපතැ”යි බිසවුන් දුන් මසු ලක්ෂය ඇරැ-ගෙනැ ගෙය බිසවුනට මැ අළ හ. වැළිත් ඒ මසුරන් ලක්ෂය නම් දැන් මෙ සමයෙහි මෙන් තඹ ආදී ලොහයෙන් ගැසූ රනෙන් නො වන්නේ යැ. ඒ රනට ‘ නීල කර්ෂාතපන ‍යැ’යි කියති. ඉන් සතර අකෙක් මාඪ රතරන් යැ: සතර අකෙක් පස්ලෝ යැ. එ බැවින් ඒ බිසවුන් දුන් මසුරන් ලක්ෂයෙන් පනස් ද්ර්සෙක්, ‘මාඪ රත් රනැ’යි දත යුතු.


8. ඒ ගෙය හැරැ එ තැනින් ගොස් කේවට්ටයා ගේ ගෙයි බා-ගෙනැ පළමු පරිද්දෙන් ද්රෙතරටුවෙහි පටන් බිඳිනට වන් හ. ඒ බමුණු බැණැ නැඟි ‘ගොවියා පුත් තමා ගේ නුවරැ දී එක් සියයයක් රජ දරුවන් හා සේනාව හා බලබලා සිටියැ දී, තමාට සතුරැ වැ ගිය මෙතෙක් දෙන ගෙන්, මාගේ මැ බොටුව අල්ලා -ගෙනැ බිම උලා නළළ මූණ ආදි වු තැන් ලේ කැන් ලේ මඬුලු කොට පියා, දැන් කපර වැ දා ගියා සේ මේ සා ලජ්ජාවට පමුණුවා පි ටැ; නැවැතැ විවා මගුල කියා ගියා වූ මා තමා ගේ ගෙයි දි තනි කොටැ ගෙනැ, තමා ගේ බල සම්පන්න පුරුෂයන් ලවා උන පත්තෙන් මරවා පිටිකර ගස්වා, එ සේත් මා නො මියැ නියාවක් කොටැ පි යැත ඒ මඳින් දෝ දැන් මීට අවුත් මේ සා නුවරින් මා ගේ මැ ගෙය බිඳුවා, මා උන් තෙනින් නෙරන මාන කෙරෙයි. වන්නා ව! ඌ ගේ රජු නාවත් දෙන්නාට මැ කල මනා දෙය මූට රවමි’යි වැ කිපි. රජ හට කියන්නට රජ ගෙයි ද්රෙකරට ගියේ යැ.


9. රකවලැ සිටියවුන්, ‘බමුණු මාල්ල, මෑත වේයි” කියව-කියවා තමැ වල්ලභ කමට දොරකඩට ගියේ යැ.රකවලුන්, “කොල නිකෘෂ්ඨ ගුණ ඇති දුෂ්ට වු බමුණ , මෑත ‍ෙන්යි” කියව-කියව එයි දැ’යි එකෙක් නැඟි සිටැ ගසන්නේ ,තමා පසැඟිල්ල බමුණු මාල්ලා පිටි කරැ පෙනෙන පරිද්දෙන් සරස හිඳැ ගසා ගඩු නගා පි යැ. ඒ පාර ලදින් තුෂ්ණිම්භූත වැ , ඉගිකරු වැ කකියා, අනෙක් උත්තරයක් කියන්නට අසමාර්ථ වැ, ගත යුක්තක් නො දන්නේ මසු ලක්ෂයක් දී ගෙය අරවා ගත, මේ උපායයෙන් එ දවස් සවස් වන දෑතුරේ සියලු නුවර ගෙවල් බිදුවා නැවැතැ යරනට ගත් අත්ලස් රන් එක් කොටැ නව කෝටියක් වන්නේ යැ. ඒ නව කෝටියක් සතර කෝටි පනස් ලක්ෂයක් මාඪ රනැ යි දත යුතු යි.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-vii&oldid=9217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි