24. මියුලු නුවර වට ලෑමසංස්කරණය

චුළනී රජ ද, “එක් සියයක් රජ දරුවන් මරණ පිණිසැ ශෘඬ්ගි ලා ඉදි කරන ලද මේ බදු සුරා පානය මහෞෂධ පණ්ඩිතයන් විසින් බාධා කෙළේ යැ”යි කිපියේ යැ. එක් සියයක් රජ දරුවෝ ද, “අපට ජය පානය බීගත නුදුන් හ”යි කිපියෝ යැ. සේනාවද, “අපි නොමිලයේ බොන සුරා පානය නො ලද්දම් හ”යි කිපිය හ. බ්රරහ්මදත්ත රජ්ජුරුවෝ ද එක් සියයක රජ දරුවන් බණවා, “එව, පින්වත්නි, මියුලු නුවර ගොස් වේදේහ රජ්ජුරුවන් ගේ ඉස තල්පැන් පලක් මඩනා සේ කඩුවෙන් කපා පියා, දෙ පයින් මැඬැ ගෙනැ හිඳැ, ජ‍ය පානය බොම් හ. සේනාව ගමනට සැරැසී ගෙනැ එන පරිද්දෙන් විධාන කරව’ යි කියා නැවැතැ රයසි ගත වැ කේවට්ටයනට ද එ පවත් කියා, “අප ගේ මෙ බඳු මන්ත්ර ණයට බාදා නළා වූ පස මිතුරා ගනුම් හ; එක් සියයක් රජ දරුවන් හා අටලොස් අක්ෂෞහිනියක් පමණ සේනාව හා පිරිවරා ඒ මියුලු නුවරට වම් හ. අප හා කැටි වැ එව, ආචාරිනී”යි කී හ.


2. බමුණාණෝ තමන් නුවණැති හෙයින්, මහෞෂධ පණ්ඩිතයන් දැ ගන්නට නොපිළිවනැ. ගියොත් අපට මහත් ලජ්ජා වන්නී යැ. කිරණ කිය‍ා රජ්ජුරුවන් නවතමි” යි සිතා රජ්ජුරුවනට, දේවයෙනි, මේ වේදහේ රජුහු ගේ බලයෙක් නො වෙයි; මහෞෂධ පණ්ඩිතයන්ගේ විධාන යැ. ඌ තුමූ මහානුභාව ඇත්තා හ. ඒ මහෞෂධ පණ්ඩිතයන් විසින් රක්නා ලද මිර්ථයලා නම් රාජධානිය, සිංහයකු විසින් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නො හැක්කී හැ. ගියොත් හුදෙක් අපට මැ ලජ්ජා වන්නී හැ. ඔබ ගමන නො කැමැත්තෙමි” යි මෙසේ කී හ. රජ්ජුරුවෝ වනාහි රාජ මානයෙන් ද ඉසුරු මදයෙන් ද මත් වැ,දංඩෙකින් පහරන ලද සර්ප රජයකු සේ, කෝපයෙන් දිලිහී, “ඒ මහෞෂධයා කුමක් කෙරේ දැ”යි කියා, එ සේ මැ අභිමාන පුරස්සර වු එක් සියයක් රජ දරුවන් පිරිවරා, වේරම්භ වාතයෙන් හැලරලි ගිය මහා සාගරය සේ කෝප නැමැති වාතයෙන් හැළැලි ගිය අයලොස් අක්ෂෞභිණියක් සේනාවෙන් යුක්ත වැ නික්මුණා හ. කේවට්ටයෝ ද තමන් ගේ බස් රජ්ජුරුවන් සිතට නංවා ගත නොහී, “රජ්ජුරුවනට පටහැණි වීම නම් යුක්ත නොවේ” සිතා රජ්ජුරුවන් හා සමඟ නික්මුණා හ.


3. බෝධි සත්ත්වයන් වහන්සේ විසින් බ්රනහ්මදත්ත රජ්ජුරුවන් ගේ ජය පානය විධ්වංසනය කරන්නට එවන ලද්දා වූ දහසක් යෝධයෝ තමන් ආ කටයුතු සම්පාදනය කොටැ, එක් දවසින් මැ රාත්රි ය මුළුල්ලෙහි ගොස්, මියුලු නුවරට පැමිණැ, තමන් කළ කටයුතු පණ්ඩිතයන් වහන්සේට දැන්වූ හ. පළමු ඒ ඒ රජ්ජුරුවන් සමීපයට යවන ලද්දා වු චර සුරුෂයෝ ද පණ්ඩිතයන් වහන්සේට, “චූලනී බ්රසහ්මදත්ත රජ්ජුරුවෝ” වේදේහ රජ්ජුරුවන් ගනුම් හ’යි එක් සියයක් රජුන් පිරිවරා එන්නා හ. පණ්ඩිතයන් වහන්සේට නිරන්තරයෙන් හසුන් එවන්නා හ. ඒ අසා මහ ටබා් සතාණන් වහන්සේ වඩා ලා මැ කළ මනා විධානයෙහි නො පමා වූ සේකැ. වේදේහ රජ්ජුරුවෝ වනාහි, “මේ නුවර ගන්නට එත්ල”යි පරම්පරා ශබ්දයෙන් ඇසූ හ.


4. ඉක්බිති බ්රරහ්මදත්ත රජ්ජුරුවෝ, පෙර සන්ධ්යානයෙහි මැ ගන්නා ලද්දා වූ ලක්ෂ ගණන් දඬු වැට පහන් ආලෝකයෙන් ගොස්, සියලු සත් යොදුන් මියුලු නුවර පිරිවරා ගත්හ. කෙසේ වට කොළෝද ටත් :-පළමු කොටැ පාපොළොන් අගළ වඩා රන් සන්නාහ ලන ලද්දු වූ, රන් සැත් රන් පොරෝදු ඇදි හස්ත්ය ලංකාරයෙන් සරසන ලද්දු වූ, සොඬින් ගන්නා ලද මුඟිරැ ඇති, ලොහ ප්රා‍කාර වි නමුත් පිටින් ඇනැ සුනු විසුනු කරන්නට සමර්ථ ශක්ති ඇත, දෙකපොලය හා කොෂය හා යන තුන් තැනින් වැහෙන්නා වූ එක් මදයෙකින් ද, යථොක්න ස්ථාන ත්න හා දෙ කන් සිදුරු හා දෙ ඇස් සිදුරු හා යැ යි යන සප්ත ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මදයෙකින් ද, එමැ සප්ත ස්ථානය හා ‍ෙදනාසාපුටය ගුද මාර්ගය හා යන දශ ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මදයෙකින් දැ’යි මෙසේ ගිළිහෙන තුන් මදයෙකින් යුක්ත ,සැ්වභාරණයෙන් වභූෂිත ජය අකුසු හා තෝමරාදි ආයුධ ලත් , ඒ රජ්ජුරුවන් ගේ කොප නමැති ගින්නෙන් නැගි දුම් කද සේ උස් වී කන්තලින් කන්තල ගසා සිටුවන ලද්දාහු සන්නාහ ඇති අශ්වාලංකාරයෙන් සරහන ලද සින්දු -කාම්බොජ යොනකාදි උත්තම දේශයෙහි උපන්නා වූ, නානාබරණ ප්රවතිමණ්ඩිත වැ න්නාහ සන්නද්ධ වැ පිටැ හිඳිනා අසරැවන් විසින් ගැවසී ගත්, “සතුරා හසු කොටැ ගනිමි” යි ඔද වැඩියා වූ රජ්ජුරුවන් ගේ සිත් නමැති ආකාශ ගංගායෙහි බිදිබිදි දිවන්නා වූ රළපතර සේ යුද්ධයට පිඹිනා ලද නාහල ශබ්දයෙන් සතුටු වැ පැනැ පැනැ සිටිනා වූ ග්රිධවය ගසා සිටුවන ලද්දා වූ අස් වළල්ලෙකින් ද,සිංය සම් ව්යාාඝ්ර සම් ආදි සම් අතුරන ලද්දා වූ රථාලංකාරයෙන් සරහන ලද නඟන ලද නානා වර්ණග ධ්වජ පංක්ති ඇති , සෛ්ධවයන් යොදන ලද හියොවුරු ඇති නැගෙන ලද ධනුර්ධරයන් විසින් උපලක්ෂිත වූ සෙනා නැමැති සමුද්රදයෙන් නැංගා වූ මහ තල් මස් කැල සේ රිය සකින් රිය සක ගසා සිටුවන ලද රථ වළල්ලෙකින්,ද “සිද්ධාර්ථ කුමාරයන් සම තිස් පැරුම් පුරා මුළු කොටැගෙනැ ,බොධි ද්රැසමයක් පිටවහල් ලදින් සත් තිස් බොධිපාක්ෂික ධර්ම සංඛ්යා්ත යොධයන් බල කොටැගෙනැ , විදුරසුන් අරා බුදු වන්නට උන් වේලෙහි , ජය ගැන්ම පිළිවන් වේ ව යි,නොපිළිවන් හෝ වේ ව යි ,දුර තබා මැ අන්යැතර ජාතියෙකැ අන්යිතර යුද්ධයක් කොටැ බැලුව මැනැවැ’යි සිතා චූලනී රාජ ව්යාරජයෙන් ආ වශවර්ති මාරයා ගේ සිංහ මුඛ-හස්ති මුඛ -අශ්ව මුඛ මුඛ -ව්යාජඝ්ර මුඛාදි වූ නොයෙක් භයංකර වූ මුඛ මවා, අසිශක්ති තෝමර -හෙන්ඩිවාල කරවාලාදි වූ දී දීප්තිමත් නා නා විධ අවි ගනිමින් අනෙක ප්ර්කාර වේශයෙන් ආ දස බිම්බරක් මාර සේනාව සේ භයංකර වූ සේනානෙහි බාහුයෙන් බාහුව ගසා සිටුවන ලද්දා වූ යොධ වලල්ලෙකින් දැයි මෙසේ සතර වලල්ලෙකින් ඒ සත් යොදුන් මියුලු නුවර වට ලවා ඒ ඒ ස්ථානයෙහි බළ ඇණි සිටැ වූ හ.


5. මනුෂ්ය යෝ ඔල්වර හඬ දෙන්නාහු, අත්පොළසන් දෙන්නාහු, පනන්නාහු, ‘වටලා ගතුම් හ’ යන සමාධියෙන් නටමින් ගර්ජනා කරමින් සිටැ ගත් හ. අටළොස් අක්ෂෞහිණියන් පමණ සේනාවෙහි ගන ලද මිණි දඬු වැටෙහි ලක්ෂ ගණන් පහන් ආලෝකයෙන් ද, එක් සියයක් රජ දරුවන් හා හස්ත්යගශවාදි සේනාව හා පලන් ආභරණයෙහි අලොකයෙන් දසියලු සත් යොදුන් ම්යුලු නුවර ඒ මහෞෂධ ලණ්ඩිතයන් ගේ ප්රෙඥ නමැති සූර්ය්ොදු පහළ වැ සත්ත්වයන් ගේ සිත මොහොන්ධකාර විගමනයෙන් හෙළි වූ කලක් පරිද්දෙන් ආලොක වියැ.ඇතුන්ගේ කුඤ්ච නාදයෙන් ද, අසුන් ගේ භෙෂාරවයෙන් ද, රථයෙහි චක්ර් නාදයෙන් ද , පා බළ සෙ‍නගෙහි ගර්ජනායෙන් ද, සක් -සින්නම්හර - තන්තිරපට -ගැටපහටු මහබෙර -පනාබෙර -රන්සක් -රිදී සක් ආදි වූ පඤ්චාංගික තූර්ය වාදයෙන් ද පොළව පැළි යන පරිද්දෙන් වූ යේ යැ.


6.සේනකාදි වූ පන්ඩිතවරු සතර දෙන , මහත් වූ කොලහල ශබ්ධය අසා කුමන අරගලයක් බවත් නො සන්නාහු, වේදේහ රජ්ජුරුවන් සමීපයට ගොස් , “දේවයනි, මහත් වූ කොලහල ශබ්දයෙකැ.අප කුමක් බවත් නොදනුම් හ. ‘කුමන අරගලයෙක් දැ’යි විමසුව හොත් යහපතැ’යි කී හ.එ බස් අසා රජ්ජුරුවො, යළි බ්ර්හ්මදත්ත රජ්ජුරුවන් ආ වනැ’යි සී මැදුරු කවුළුව හරවා පිටක බපන්නාහු, උන් ආ බව දැනැ බයින් ත්රතස්ත වැ, “ඉතිකින් අප ගේ දිවි නැති. බ්රකහ්මදත්තයා තෙමේ දැන් දැන් අප යැම මරන්නේ යැ’යි සේනකාදින් හා සමඟ කථා කරමින් හුන් හ.


7. මහ බෝ සතාණන් වහන්සේ වනාහෘ, චූළනි රජ්ජුරුවන් ආ බව දැනැ,සිංහයකු මෙන් කිසි භයක් නැති වැ නුවර මුළුල්ලෙහි රකවල් කස් කොටැ ලවා, “රාජාදීහු භයින් දිලිහී ලා හිදිති. මා උන් අස්වසා ලුව මැනැව’යි රජ ගෙයි මතු මාලට නැඟි , රජ්ජුරුවන් වැඳැ එකත් පස් වැ සිටි සේකැ.රජ්ජුරුවො මහ බෝ සතාණන් වහන්සේ දැකැ, ලබන ලද අස්වස් ඇති වැ, ‘ම-පුතණුවන් මහෞෂධ ලණ්ඩිතයන් විනා අනෙක් මා මේ දුකින් මුදන්නට සමර්ථ කෙනෙක් නැතැ’යි සිතා පණ්ඩිතයන් වහන්සේ හා මග කථා කරන්නාහු. ‘මහෞෂධ පන්ඩිතයෙනි , පඤ්චාල දෙශ වාසි වූ බ්ර හ්මදත්ත රජ තෙමේ එක් සියයක් රාජධානියෙහි සියලු අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව හා සමඟ ඇයේ යැ.පඤ්චාල රාජධානිය සන්තක වූ මේ සේනා තොමෝ මෙතෙකැයි පමණ නැත්තී යැ ඉතා මහත් ද්වාරට්ටාල සාලාදි වූ නොයෙක් කර්මාැන්තයට පියින් ගෙනැ එන්නා වූ දැව පත්ර් -සංගාලියම් - වෙට්ටම් ලෑලි ාදි වූ ද්ර ර සම්භාරයන් ගෙනැ ඇවිදිනා වඩු සෙනඟින් යුක්ත වුව;සියලු සංග්රා මයෙහි දක්ෂ වූ ඇතුන් අසුන් ආදි වු බල සෙනඟ ඇත්තී යැ.ගහණ බැවින් තමා අතුරට වන්නවුන් නො පෙනෙන පරිද්දෙන් පය බිම ගෑවීයැ නොදී උර පිටින් ගෙනැ යන්නී යැ; හස්ති ශබ්ද යැ, අශ්ව ශබ්ද යැ, රථ ශබ්ද, වීණා ශබ්ද යැ, මෘදංග ශබ්ද යැ, ගිත ශබ්ද යැ .තාල ශබ්ද යැ , ‘විදුව , ගනුව අනුව’යි මෙසේ දශ විද ශබ්දයෙන් යුක්ත වුව ඇතුන් ාදී වූ සිවුරඟ සෙනෙගෙයි පවත්නා නාදය මුදු පරගානා සේ පවත්නා හෙහින් , ‘මුඛ එව, ඔබ යව, යුද්ධ කරව, පමා නො වව, යනාදි වූ ඒ ඒ කටයුත්තෙහි නියෝග වචන වාග් භෙදයෙන් දන්වන්නට නොපිළිවන් යහයින් මෘදංග මද්දලාදි වූ නානා ප්රනකාර භෙරි ශබ්දයෙන් හා සංඛ කාහල ශබ්සයෙන් හා හගවන්නා වූ ඒ ඒ කටයුතු ඇත්තී යැ සත් රුවනින් විසිතුරු සන්නාහයෙන් හා ස්වර්ණ ජාල හස්ති කුන්ත ව්ශේෂයෙන් ද රාජ රාජ මහාම්යාෙදින් විසින් පළඳනා ලද්දා වූ කනක කටක රසනා-නූපුර-තාඩාංග වපව තිසර පට -අවුල් හර -උදර බන්ධන -ගැට නිමුල් හර -පස් රෑ-පස් වළලු -පේරැස්-එක්වැටි-පාමුදු-පාඩගම්-පාසලඹ- පාදජාලා , පාදත්රග- පාද්රිභරණාදි වූ ශරීරාභරණයෙන් ද හොබනි යැ.කනක රජතාදින් විචිත්රප වූ රක්ත නීලා දී වූ නානා වස්ත්රායෙන් සමුජ්වලිත රථාදියෙහි නගන ලද නා නා ප්රීකාර දවලච්ජත්රර පංක්තියෙන් යුක්ත යැ; හස්ති ශිල්ප යැ, අශ්ව ශිල්ප යැ, ධනුශ්ශිල්ප යැ ආදි වූ අටළොස් මහා ශිල්පයෙහි කෙළ පැමිණියන් විසින් විශේ-ෂයෙන් සමෘද්ධ යැ මෙ සේනා තොමෝ සිංහ සමාන වික්රවම ඇත්තී යැ.ශුර යොධයන් විසින් සුප්රනතිෂ්ඨිත යැ. මේ සේනාවෙහි පොළොව හා සමාන නුවණ ඇති රහස් මන්ත්ර ණ කරන සුලු වූ හෙවත් දෙ දවසක් තන වැ හිඳැ සිතුව හොත් මහ පොළොව පෙරළන්නට ද අහස හා පොළොව හා ගැට ලන්නට ද, පොහොසත් වූ පණ්ඩිතවරු දස දෙනෙක් ඇත්තාහ. ඒ පණ්ඩිත වරුනට වඩා අධික වූ ප්රඩඥා ඇති රජ්ජුරුවන් ගේ මෑණියෝ තලතා දේවි පණ්ඩිත වරුන් දස දෙනාට එකොළොස් වැනි වැ හිඳැ චූලනි රජ්ජුරුවන් ගේ සේනාවට අනුශාසනා කරන්නාහු යැ.


8.”වැළිදු ඒ තලතා දේවින් ගේ ප්රුඥාව කෙසේ ද යත හොත් :- එක් දවසක් මිනිහෙක් සාල් නැළියක් ද බත් මුළක් ද මසුරන් දහසක් ද හැරැ -ගෙනැ “ගගින් එතෙර යෙමි’ යි ගග මැඳට ගෙ‍ාස් දිය සැඬසෙයින් එ තෙර වැ ගත නොහී හ තෙරැ සිටි මිනිසුනට , පින්වත්නි , මා අතැ සාල් නැළියෙක් හා බත් මුලෙක් ද මසු දහසෙක් ද ඇත.මෙකි තුනින් මට යමක් රුචි වී නම් ඒ දෙමි. තොප හැම දෙනා කෙරෙන් යම් කෙනෙක් මා එතෙර කල හොත් නම් ඌ මා එතෙර කෙරෙත්ව’යි මෙසේ කීයැ. ඉක්බිති ශක්ති සම්පන්න පුරුෂයෙක් කච්චිය තර කොටැ, හැදැ ගෙනැ ගගට බැසැ ,ඒ පුරුෂයා අත අල්ලාගෙනැ එ තෙර කොටැ, “මට දියැයුතු දෙය දෙව’යි කී යැ. ඒ තෙමේ ‘සාල් නැළිය හෝ බත් මුළ හෝ ගනුව’යි කී යැ. ඒ අසා දියෙන් එතෙර කළ පුරුෂයා ,”මම මාගේ ජීවිතය නොසලකා තොප එතෙර කෙළෙමි. මට සාල් නැලියෙන් හා බත් මුළින් හා ප්රෙයෝජන නැත. මසු දහස දෙව යි කී ය. ඒ අසමින් ‘යමක් මට රුචි වී නම් ඒ දෙන්නෙමි කියෙමි. දැන් මට ‘යමක් රුචි වී නම් ඒ දෙමි. කැමැත්ත හොත් ගනුව’යි කී යැ.


9. ඒ තෙමේ සමිපයෙහි සිටි එකෙකුට එ පවත් කී යැ. එයිත්, “යමක් තමනට රුචි වී නම් ඒ කතාපට දෙමියි කියා වේ ද , උන් කී යේ? උන් දෙනු කැමැති දෙයක් හැරැ ගනු‍ව’යි කීයේ යැ.ඒ පුරුෂයා උන් කී බසැත් නො සිටැ ‘එසේ මා ගන්නේ නැතැ’යි ඔහු ඇරැ -ගෙනැ අධිකරණ -නායකයනට සරුප කී යැ. අදිකරණයේ ඇත්තෝ ද දෙන්නා ගේ බස් අසා , ඌ දුන් දෙයක් ගනුව යි එ ලෙසැ මැ කිවු යැ. ඒ පුරුෂයා අධිකරණ නායකයන් ගේ යුක්තියෙහි නො සිටැ රජ්ජුරුවනට දැන් වී යැ. රජ්ජුරුවෝ, අධිකරණ නායකයන් ගෙට ගෙන්වා ගෙනැ , උන් මැදයේ දෙන්නා ගේ බස් අසා එ ලෙසැ මැ කියා , යුක්තිය පසිඳිනා සේ නො දන්න‍ාහු, තමා ගේ ජීවිතයෙහි ආසාවක් නැති වැ ගගට බට තැනැත්තවු මැ පැරැදැ වූ හ.


10.”එ වෙලෙහි රජ්ජුරුවන් ගේ මෑණියෝ තලතා සද්වි තුමු, එ තැනට නුදුරු තැනෙකැ හුන්නාහු, රජ්ජුරුවන් යුක්තිය නපුරු කොටැ පසුන් බව දැනැ, පුත , මේ යුක්තිය සලකා පියා කියව. කී හ. මෑණියන් වහන්ස , මා දන්නේ මෙ පමණෙක් මැ යැ.ඉදින් නුශ වහන්සේ අමුත්තන් දන්න සේක් වී නම් පසිදුව මැනැවැ’යි කී හ. තලතා දේවි , ‘යහපතැ’ යුක්තිය පසිඳිමි කියා ඒ දියෙන් යන්නට සිටි පුරුෂයා බණවා , ‘මෙසේ එව’ දරුව, තොප අත තුබු සාල් නැළියත් බත් මුළත් මසු ද්රසසත් තුන පිළිවෙලින් මැ තබවා, ‘තෝ දියෙන් යන්නෙහි මූට කුමක් කී දැ’යි විචාර, ‘මෙ ලෙසැ කීමි’ කී කල්හි , එසේ වීනම් තට රුචියක් හැර-ගෙන යව’යි කී හ. ඒ තෙමේ මසු ද්රෙහ අතට ගත.ඉක්බිති ඌ මඳ තැනක් ගිය කලැ බිසොවු ඌ ගෙන්වා , දරුව , මසු දහස තොපට අභිප්රාඌය දැ’යි විචාරා, එ සේ යැ, කැමැත්තෙමි, කී කලැ, ‘දරුව තොප විසින් “මින් මට ටමක් ‘රුචි වී නම් ඒ දෙමි ‘මෝ හට කියන ලද ද, නොකියන ලද දැ’යි කියා, කියන ලද යැ , දේවින් වහන්සැ යි කි කලැ, ‘එසේ වී නම් මේ මසු ද්රනස මො හට ‍ෙදව’යකෙී හ. ඒ තෙමේ හඬමින් වැළපෙමින් මසු ද්රකස ඕ හට දුන්නේයැ.එවේලෙහි රජ්ජුරුවෝ දඅමාත්යේයෝ ද සතුටු වැ සාධුකාර දුන් හ. එතැන් පටන් තලතා දේවින් ගේ නුවණ දඹදිව මුළුල්ලෙහි පහළ වියැ. මේ නිසා යැ , මා චූළනි රජ්ජුරුවන ගේ මෑණියන් තලතා දේවින් එකොළොස්වනු වැ සේනාවට අනුශාසනා කෙරෙති’යි කියේ.


11. ‘නැවැතැ, ඒ සේනාවෙහි පඤ්චාල රාජ්යණයෙහි අනූන වු පරිවාර සම්පත් ඇති බ්රසහ්මදත්තයා විසින් හැරැ ගත් රට ඇති, මරණ භයින් තැති ගත් එක් සියක් රජ දරුවෝ මේ චූළනි රාජයා සමඟ යෙති. අක්ෂෞහිණියක් සෙනාවෙන් සම් මිථිලා නම් රාජධානිය වටලා පළමු ඇත් පවුරෙකැ; දෙ වැනි වැ අස් පවුරෙකැ; තුන් වැනි වැ රථ පවුරෙකැ සතර වැනැ වැ යොධ පවුරෙකැ යි මෙසේ සතර වළල්ලක් හා, ඇත් වළල්ලට හා අස් වළල්ලට හා අතුරෙහි එක් වීථියෙකැ;අස් වලල්ලට හා රථ වළල්ලට හා බළ වළල්ලට හා අත්රෙහි හා එක් විථියෙකැ මෙ සේ තුන් සන්ධියෙකින් වට කරන ලද වේදේහ රට වාසින්ගේ මිථිලා නම් රාජධානිය හාත්පසින් කැණැ උඩ නගන කලක් පරිද්දෙන් පවුරු පදනම් බිදැ දැන් සුනු විසිනු කරනු ලැබෙයි.මහෞෂධ පන්ඩිතයෙනි ,හාත්පසින් යම් බඳු සේනාවක් පිරිවරන ලද ද, ඒ සෙනාවට මත්තෙහි පෙනෙන නෙ‍ායෙක් සිය දහස් ගණන් මිණි දඩු වැට පහන් කරණකොටැ ගෙනැ , තරු වැළින් ගහන වූ ආකාශය වැන්නැ.පණ්ඩිතයෙනි , නුවණ නම් මේ සේ වූ තැනට වේ ද? තොප හා සම නුවණැත් කෙනෙක් නම් නැති.මෙ සේ මහා සේනාවක් අප ගැලවීමෙක් කෙසේ වේ දැ’යි කී ය.


12. මෙ සේ රජ්ජුරුවන් මරණ භයින් යුක්ත වැ කියන්නා වූ බස් අසා මහ බෝ සතානන් වහන්සේ, ‘මේ රජ්ජුරුවෝ ඉතා මරණ භයින් භයපත් වැ ගියා හ. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙ‍ඳෙකු පිළිසරණ වන්නා සේ ද,සා පිපාසා ඇති එකකුට පැන් පුව හොත් මුත් ඒ පිපාසය නො සන්හිදෙන්නා සේ ද, මේ රජ්ජුරුවනට මා මුත් අනෙක් පිලිසරණෙක් නැති. රජ්ජුරුවන අස්වසා ලමි’යි සිතා ඉක්බිති රජ්ජුරුවනට මහ බෝ සතාණන් වහන්සේ සැට යොදුන් රග්ගල් තලා මස්තකයෙහි නාද කරන ලද සිංහ රාජයකු මෙන්, ‘නොබව මැනැවැ. දේවයන් වහන්සේ, රාජ්ය සුව අනුභව කළ මැනැවැ. මම කැටැක් ගෙනැ කපුටු රැසක් පලවන එකක්හු මෙන් ද, දුන්නක් අල්ලා -ගෙනැ වඳුරැ මුලක් පලවන එකක් පරිද්දෙන් ද,මේ අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව බඩැ බන් කඩ පමනකටත් අස්වාමික කරවා , නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස් සුලු අතැ ලුහුබඳවා පියමි. එය මට භාර යැ.’සටනෙකැ’ යි සිතත් නො තබා භය නො ගෙනැ සුව සේ රාජ්යු ශ්රී අනුභව කළ මැනැවැ’යි කී සේකැ.


13. මෙසේ කියා රජ්ජුරුවන් අස්වසා ලා, මාළිගයෙන් බැසැ, නුවර බෙර ලවා හැම දෙනාට වදාරණ සේක්, ‘පින්වත්නි, ‍ෙතපි හැම, ‘සතුරෝ වටලා ගත්තෝ වේ දැ’යි නො සිතා , මල් ගඳ විලෙවුන් හා අටළොස් වර්ගයේ කැවුම් හා රා මස් ආදී නොයෙක් අන්නපාන සපයා වස්ත්රාරභරණයෙන් සැරැහී උත්සවයට පටන් ගනුව ; සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිද්දෙන් බොවු නම් මහ පානයක් බොව ;බෙර ගසව; ගී කියව එවසන් ඔල්වරසන් අසුරුසන් දෙව. සියල්ලක් නැති කෙනෙකුට මා ගෙන් දෙමි. මහෞෂධ පණ්ඩිතයෝ නම් මමයැ. කිසි බයක් නො කරව;මාගේ ආනුභාව බලව’යි කියා අස්වසා වද්රිළ සේකැ. ඒ බසින් නුවරැ වාසීහු සත් අවුරුද්දේ පටන් ඔබ ගේ බල තමන් ඇම ඉඳුරා දන්නා හෙයින් කිසි භයක් නැතිවැ සංකා රහිත වැ නැටුම් ආදී සියල්ලෙන් මැ මහතාණන් වදාළ පරිද්දෙන් උත්සවයට පටන් ගත් හ.



25. නුවර ගැන්මට යෙදු උපායසංස්කරණය

නුවර ඇතුළෙහි ගී කියන වයන අරගල පිටතට සිටි සතුරො අසන්නා හ. සතුරන් ගෙන් බොහෝ දෙන කුරුබිලියෙන් ඇතුළු නුවරට වදනා’හ. සතුරු වැ ආ විටෙකැ මුත් දුටු දුටුවන් නො අල්ලන්නා හ. එසේ හෙයින් සතුරන් ගේ සඤ්චාරය නො සි‍ඳෙන්නේ යැ. නුවර වන් වන් මනුෂ්යනයෝ උත්සව කෙළෙනාත් ජය පානය බොන්නාත් ජන කොලහලත් දක්නා හ. බ්රසහ්මදත්ත රජ්ජුරුවෝ ඇතුළු නුවරැ කෝලහල අසා සමිපයෙහි සිටියවුනට කියන්නාහු. “පින්වත්නි, අටළොස් අක්ෂෞහිණ්යක් පමණ මේ සේනාව ගෙන’වුත් තමන්ගේ නුවර වටලා ගත් නියාවට කිසි භයක් වත් තැති ගැන්මක් වත් නැත්තේ යැ. සන්තෝෂයෙන් යුක්ත වැ පස් වනක් ප්රීගතින් පිනා ගියවුන් සේ අත් පෙළෙසන් දෙන්නා හ; අඬ ගසන්නා හ; එළුසන් දෙන්නා හ;ගී කියන්නා ම; බෙර ගසන්නා හ; කොල කුමන ආශ්චර්යයෙක් දැ’යි කී හ.


2. එසේ කී රජ හට චරපුරුෂයෙක් බොරුවක් ගොතා ගෙනැ කියන්නේ, “දේවයන් වහන්ස, මම කිසි කටයුත්තක් නිසා කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්, සැණ නකළි කෙළෙනා ජනයන් දැකැ, ‘පින්වත්නි , සියලු දඹ දිවැ රජ දරුවන් සෙනා සහිත වැ අවුත් තො ප‍ෙග් නුවර වට ලා ගෙනැ සිටියැ දී තොප හැම මෙසේ ප්රනමාද වැ වසන්නට කාරණ කිම් දැ’යි විචාළෙමි.ඔහු මට කියන්නාහු, අප ගේ රජ්ජුරුවන් කුමාර කලැ මෙසේ වූ ද්රෙිළෙක් වියැ.කෙසේ ද යත් ; දස දහසක් යොදුන් දඹ දිවැ රජුන් මුළුල්ල සේනාව පිරිවරා අවුත් මා උන් නුවර පිරිවරා සිටි කලැ සැණ නකළි කෙළෙමි’යි ද්රෙවළෙක් උපැනැ. ඒ ද්රෙ ළ දැන් මුදුන් පැමිණියේ යැ. එබැවින් සත් දවසන් සැණ කෙලි කෙළුව යි නුවරැ බෙර ලවා තමන් වහන්සේ මාළිඟයේ මතු මයලේ අමාත්යළ මණ්ඩලය පිරිවරා හිදැ, මහා සන්තෝෂයෙන් මත් වැ ජය පානය බොන සේක් යැ යි කී හ. මම එ බස් අසා , ‘රජකු බොළඳ නියා යැ’යි නින්දා ‍ෙනාකළෙමි’ කී යැ.


3. බුහ්මදත්ත රජ්ජුරුවො, හ බස් අසා දංඩෙන් ගසන ලද ආශිර්විෂයක්හු මෙන් ක්රොජධයෙන් දිලිහී කිපුණා හු, ‘කොල,වහා මේ නුවර ඒ ඒ දිගින් අගළ මැඩැ හස්වා පවුරු, ද්රොරටු, අටලු, වාසල්, බලකොටු, ආදිය බිදැ, සුනු විසුනු කෙරෙමින් වහ‍ා නුවරට වැදැ, ගැල් පුරා ගෙන’වුත් කොමඬු බානා සේ මහා ජනයා ඉස් කපා ගනුව, වේදේහ රජහු ඉසත් වහ‍ා ගෙනෙව’යි කී හ.


4.එ බස් අසා බලසම්පන්න යෝධයෝ , නොයෙක් ආයුධ ගත් අත්ඇති වර, ‘නුවර ගනුම් හ’යි පවුරු වාසල් සමීපයට ගියාහු. බොධි සත්ත්වයන් වහන්සේ ගේ යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදියෙන් මහා විනාශයට පැමිණැ, නුවර බිඳිනා තබා පුර සමීපයටත් යා නො හී , නැවැතැ යන්නා හ. ඉදින් සමහර කොනෙක් නො නැවැත,’පවුරු බිඳුමු හ’යි වාසි කියා සාහසික වැ ගොස් අගළ‍ැ බට වූ නම් අන්තරට්ටාල වැල සිටියෝ ඊ දඬු මූණ කොහොල් තොමර හෙණ්ඩිවාලාදීන් දමා මහා විනාශයට පමුණුවන්නා හ. බොධි සත්ත්වයන් වහන්සේ ගේ යෝධයෝ බ්රටහ්ම දත්තයන් ගේ යෝධයනට අතින් මුහුණින් උසුළු පෑ නොයෙක් ප්රුකාරයෙන් ආක්රොධශ පරිභව බෙණෙමින් ගහට කරන්නා හ. මච්ජ මාංස හා කන බොන දැ රා විත් ඔඩම් ආදිය පුරා ගෙනැ පිටැතැ සිටියවුනට දික් කොටැ පුළු ගන්වා නැවැතැ තුමු මැ කන්නා හ; බොන්නා හ, මේ සේ සතුරන් කිපෙන සුළු වූ නොයෙක් විකාර කෙරෙමින් පවුරින් ඇත්ළේ පදනැම උනට පෙ‍ෙනනෙ නියාවෙන් සක්මන් කරන්නි හ.


5.බ්ර්හ්මදත්ත රජ්ජුරුවන් ගේ යෝධයෝ , උනට කිසිවකුත් කොටැ ගත නොහී. ගෙඩි බැට කා , අතැ පැයැ හිසැ නළලැ ලේ පිසැ- පිසැ, පසු බල- බලා දිවන්නාහු.රජ්ජුරුවන් සමීපයට ගොස් , ‘දේවයන් වහන්ස, සෘධිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් වදුත් මුත් මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්නටත් බැරා යැ’යි කි හ. එ බස් අසා රජ්ජුරුවෝ, නො සතුටු වැ කීප දවසක් රඳා නුවර ගන්නා උපායයක් නොදන්නා හු. කේවට්ටයා විචාළ හ. ‘ආචාරිනි, නුවර ගන්නා තබා පවුර ළඟට යන්නටත් සමර්ථ එක ද සත්ත්වයෙක් නැති. කුමක් කරමෝ දැ’යි කී හ.


6. එ බස් අසා බමුණෂා කියන්නේ , වන්නා ව! මහරජ, නුවරට පැන්නම් පිටතින් වන්නේ යැ. කීප දවසන් පැන් නවතා ලන්නා පැන් නො ලදින් ක්ලාන්ත වූනිහු දොර ඇරැ පියන්නා හ. එවිටැ අපි සිත් වූ පරිද්දෙන් සතුරනට කටයුතු කියමුහ’යි කී යැ. “කොල,එයිත් උපායෙකැයි එතැන් පටන් පැන් වැද්ද නොදෙන්නා හ. එ පවත් බොධි සත්ත්වයන් වහන්සේ ගෙන් රජහු සමීපයෙහි සිට චර පුරුෂයෙක් පතෙකැ ලියා ඊ දංඩෙක බැඳැ, ඇතුළු නුවරට විදැ පී යැ, බෝධි සත්ත්වයන් වහන්සේද සතුරන් ආ දවස් විධානයෙන් කරන සේක්, ‘යමෙක් ඊ දංඩෙක බැඳැ විඳැ පී පතක් දුටුයේ වී නම් වහා ගෙන ‘වුත් මට දෙව’ යි වද්රයළ සේකැ.එබැවින් එක් පුරුෂයෙක් ඒ පත ගෙන ‘වුත් දින.


7. ස්වාමි දරුවාණෝ ඒ බව දැනැ, ‘කේවට්ට මහල්ලා ඇතුළු වූ අඥාන ජඩයෝ මා තව මැ මහෞෂධ පණ්ඩිත බව නො දන්නා වන් හ’යි සිතා සැට රියන් උන දංඩක් ගෙන්වා සරියේ දෙකක් කොටැ පළා ඇතුළැ පිටැ ගැට හරවා ශුද්ධ කොටැ, නැවතැ එක් කොටැ තබා සමින් වසා බඳවා පිටැ මැටි ගාවා , තපස්වින් ලවා හිමාලයයෙන් ගෙන් වූ මැටි හා ඇඹුල බිජු හා ගෙනැ, පොකුණු අසැ දියෙහි බිජුවට රොපනය කරවා , මැටි පිටැ උන දංඩ සිටුවා ඇතුළේ පැන් පුරවා ලු සේකැ. එන රැයින මැ පැළය නැඟි උණ දංඩ මුදුනින් රියනක් පමණ වඩා මලෙක් පිපි සිටියේ යැ.ඒ අභිමතාර්ථ සධක වූ චින්තා මාණික්යලයක් බඳු වූ මා ගේ ස්වාමි දරු වූ බොධි සත්ත්වයන් වහන්සේ ඒ මල් දඬු මුලින් උදුරුවා “මේ බ්රබහ්මදත්ත රජ්ජුරුවනට දෙව’යි තමන් වහන්සේ ගේ පුරුෂයනට දුන් හ. ඔහු ඇඹුල දංඩ වළල්ලේලා ‘කොල, බ්ර හ්මදත්තයන් ගේ පුරුෂයෙනි, සයින් නො මියැ තෙල මල කඩා හිසැ පැළැඳැ- ගෙනැ ඇඹු දඬු හුයා- ගෙනැ බඩ පුරා කා පියව’යි පවුරින් පිටත දමා ලූ හ.


8. එයිත් බොධි සත්ත්වහන් වහන්සේ ගෙන් මැ සිටි චර පුරුෂයෙක් හැරැ- ගෙනැ රජ්ජුරුවන් සමීපයට ගොස් , ‘බැලුව මැනැවැ, දේවයන් වහන්ස, මෙ බඳු ඇඹුල මලක් හා මේ දිග ඇඹුල දංඩක් දුටු විරෑ දැ නැතැ’යි කී යැ. රජහු, ‘මැනැ බලව’ යි කී හෙයින් , චර පුරුෂයා මනන්නේ , සැට රියන් දංඩ අසූ රියන් කොටැ මැනැ පී යැ.රජහු ක‍ෙින් බස උදුරා ගත්තා සේ බොරුවක් ගොතා ගෙනැ කියන්නේ , ‘මම එක් දවසක් රා ටිකක් පියනු කැමැති වැ කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්, නුවරැ වාසින් දිය කෙළිනා මහා පොකුණක් දිටිමි. බොහෝ මනුෂ්ය්යෝ ඔරු අගුළු ආදි‍ෙයහි ඉඳැගෙනැ මල් කඩා දිය කෙළැ ඇවිදිනා හ.මේ වූ කලි ඒ පොකුණේ ගොඩ ඇස පිපි මලෙක සැටි ය. ඉදින් ගැඹුරු තැනෙකැ පිපි මලෙක් වී නම් සිය රියනටත් වඩා ඇත්තේ වේ දැ’යි කී යැ. ඒ අසා , ‘ආචාරිනි, ‘පැන් නවතා මේ නුවර ගනුම් හ’යි නො සිතව. ඒ තොප ගේ උපායයෙක් නො වෙයි’ කී හ.


9.”එසේ කලැ දේවයන් වහන්ස , මෙ විටැ මා සිතූ දෙය බතා මැ යහපතැ, නුවරට වී සාල් නම් පිටතින් මැ වන්නේ යැ. ඒ වී සාල් වැද්ද්රැ නො දෙම්හ. බතින් පීඩිත වූ මනුෂ්යේයෝ ද්රෙ ර ඇර පියන්නාහ. එවිටැ අල්ලා -ගෙනැ කැමැත්තන් කරම්හ’ යි කී යැ. ඒ මන්ත්රඇණයත් පළමු පරිද්දෙන් මැ පතෙකින් දැනැ, ‘මේ නිවට වූ කේවට්ටයා මා නුවණැති නියාව නො දන්නා වනැ’යි කියා, අනුප්රා්ක‍ුාරය යි කියන ලද පදනම් , මුදුනේ කළල් අතුරවා ඊ පිටැ වී ඉස්වා ලූ සේකැ. බොධි සත්ත්වයන් ගේ අභිප්රා්ය නම් සිද්ද වන්නේ යැ. එබැවින් එක රැයින් පැළ නැගි සත්යොදුන් ම්යුලු නුවර වටා පවුරු මුදුනින් ඉතා නිල් වලා සමූහයක් සේ අති නීල වැ පෙනෙන්නට වනැ.


10. ඒ දුටු රජ්ජුරුවෝ, ‘පවුර මුඳුනේ ඉතා නිල් වැ අර මේ පෙනෙන්නේ කිම් දැ’යි සිටියවුන් විචාළ හ. චර පුරුෂයෙක් කියන්නේ ‘දේවයන් වහන්ස, ගොවියා පුත් මයේෂධ පන්ඩිතයා , තමා ප්ර්ඥා බලයෙන් මතු වන්නා වූ භය දැනැ, තමාගේ විධාන වැටෙන්නා වූ මේ ජනපදයෙහි වී ටිකක් ඇයි තිබී දැ යි, එක හෙළා ගෙන්වා ‍ගෙනැ, මේ සා මහත් නුවර හැම දෙනා‍ෙග් කෙ‍ාටු ගෙවල් පුරව ඉතිරි වී පවුර පිටැ හා වීථියේ ඒ ඒ ස්ථානයෙහි හා ලවා පී යැ. ඒ වී තාක් මුළුල්ලේ අව්වේ විය ළී වැස්සේ තෙමී පැළැ නැඟී ගොයම් වැ ගියේ යැ. මම එක් දවසක් කටයුත්තක් පිණිසැ කුරු බිලියෙන් ඇතුළු නුවර‍ට වන්නෙම් පවුර ඇසැ තිබූ වියෙන් ටිකක් ඇරැගෙනැ, “ කොල, ඉතා යහපත් වියෙකැ. ඉස්නෙමි’ කියා වීථියට දමා පීමි. දැකැ එ තැනැ සිටි ජනයෝ මා වෙහෙසෙන්නාහු, ‘ඉතා මැ බඩ සා සැටියැ කැමැත්තෙහිවී නම් තිලින් පොදියක් කොටැ බැඳැ ගෙන ගොස් පැහැර පියා පැසැ ගෙනැ බඩ පුරා කා නොමිය මි” යි කී හ. ‘ ඒ වී මි ඇල්ලූ ‍ෙස් ඉතා නපුරු’ යි මම ලජ්ජාවට පැමි‍ණියෙමි” යි කී යැ. ඒ අසා රජ කේවට්ටයා ට කියන්නේ, ‘ වී නවතාත් මේ නුවර ගත නොහැක්කැ. තා ගේ එයත් උපා‍ෙයක් නො වෙයි. හැරැ පියව” ‍යි කී හ.


11. “දේවයන් වහන්ස, නො සිතා වදාළ මැනව. අනෙක් බලවත් මා ගේ උපායෙක් ඇති. නුටයර ඇතුළේ වල ක් නැති හෙයින් දර නම් පිටතින් ගෙනැමුත් නොහැක්කේ යැ. දර නවතාලා නුවර ඇරැ ගනුම්හ” යි කීයේ යැ. ඒ මන්ත්රනණයත් පෙරැ පරිද්දෙන් මැ දැනැ වදාරා පවුරු පි‍ටින් වී හා ගොයම් හා හරවා පිටත පෙනෙන නියායෙන් දර රැස්කරවා පී සේකැ. පවුරේ උන් මනුෂ්ය යෝ බ්රයහ්මදත්ත රජ්ජුරුවන් ගේ යෝධයනට සිනා සිසී ‍ෙවහෙසෙන්නාහු. “කොල දර නැති වැ පිසැ කෑ නොහී සයින් පීඩිත වැ නො හිඳැ නැති කෙනෙක් උළු තැන් බත් ආදිය පිසැ කව බොව” යි කි‍යමින්, “ තෙල ඇරැ ගන්ව” යි මහත් දර කඳක් ඇඟට දමා ලන්නා හ. සමහරු ඒ වැදැ ගෙන් තැළී -තැළී මහත් දුකට පැමිණෙන්නා හ.


12. රජ්ජුරුවෝ දර රාශිය පනෙන්නට දැකැ , “තෙල කිවෙමක් දැ” යි විචාළ හ. එ තැනැ සිටි ‍චර පුරුෂයන් ගෙන් එකෙක් ,ඇයි මහ රජ, නො දන්න‍ා සේක් ද? ගෙ‍ාවියා පුත් ‍මහෞෂධයා මතු වන්නා වූ භය දැනැ වලැ දරෙක් තිබී ද? එක හෙළා අද්දා ගෙනැ. වුත් නුවර ගෙයක් පණහා පෑළ දොරවල් පුරා ලා ඉතිරි වන දර පවුරු පිටැ රැස් කරවා පී යැ “ යි කී යැ. ඒ අසා කේවට්ටයාට, “ මේ නුවර දර නවතාලා ඇරැ ගන්න‍ට නො පිළිවනැ. තා‍ ගේ එයිත් උපායෙක් නෙ‍ා වෙයි. ඇරැ පියව” යි කී හ.


13. ඉතා ඇවිලි අවන්නා වූ නිවට වූ කේව‍ට්යා කියන්නේ, “ මහ රජ නො සිති වදිළ මැනවැ. ‍මා ‍ෙග් බලවත් අ‍ෙනක් උපායක් ඇතැ” යි කී යැ. ඒ අසා ආචාරීනි උපාය නම් තමා කිම් ද? මේ සා මහත් වූ තොප ගේ උපායෙකින් වැ‍ෙඩකුත් නිමාවකුත් දුටු දැ නැති. මේ නුවරැ වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවනැ. එ බැවින් අප ගේ නුවරට යම් හ” යි කී හ.



26. ධර්ම යුඬයසංස්කරණය

නැවැතැ අඥාන වූ මහලු බමුණු කියන්නේ, දේවයන් වහන්ස, බ්රේහ්මදත්ත රජ්ජුරුවෝ එක් සියයක් රජ දරුවන් හා ඒ සා මහත් චතුරංගිනී ‍ෙසනාවක් ගෙනවුත් වේදේහ රජු අල්ල ගත නොහී පැරැදඇ පලා ගියා හ” යි අපට මහත් ලජ්ජා‍ වන්නී යැ. නුවණැත්තේ නම් මහෞෂධ පණ්ඩිතයෝ මතු නොවෙති. මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවා පියම් හ” යි කී හැ. ආචාරීනි, එ ලෙසැ නම් තමා කිම්දැ” යි කී හ.

“ධර්මඔ යුද්ධය නම් දෙයක් ‍‍ෙකරෙමි” යි කී යැ. “ධර්ම යුද්ධය නම් කිම් දැ” යි කී හ. “මහ රජ , දේ සේනාව සටන් නො කට මැනැව, රජ දරුවන් ගේ පණ්ඩිත දෙදෙනා එක් තැනකට එද්ද, ඉන් එක් කෙනෙක් වැන්ද වූ නම් වැඳි පක්ෂයේ රජ හ‍ට පරාජය වන්නේ යැ. වැඳුම් ලත් පක්ෂයේ රජ හට ජය වන්නේ යැ. ඒ මන්ත්ර ණ මහෞෂධ පණ්ඩිතයෝ නො දන්නාහ. මම ඉතා වැඩි මහල්ලෙමි. මහෞෂධ පණ්ඩිතයෝ බාලයෝ යැ. ආචාර දන්නා නුවණැති පණ්ඩිතයන් හෙයින් ඔහු මා දුටු කලැ සැක නැති වැ වඳානා හ. එ වේලෙහි වේදේහ රජු පැරැද්දා නම් වන්නේයැ. එ‍ සේ කොටැත් වේදේහ රජු පැරදවි පියා නැඟී යම් හ. එ සේ කලැ අප‍ට ලජ්ජා නො වන්නී ය. ධර්මු යුද්ධ නම් සේ යැ” යි කී හ.


2. එසේ රහස් කථවත්‍ පෙරැ පරිදිදෙන් මැ දැනැ වදාරා, “ කේවට්ටය‍ා මිනුත් මම පැරැද්දෙම් නම් මා ගේ කුමන පණ්ඩිත කමෙක් දැ” යි සිතූ සේකැ. බ්රමහ්මදත්ත රජ්ජුරුවෝත්, “අ‍වාචාරීනි, ඒ උපාය ඉතා යහපතැ. සෙට උදෑසන ධර්මම යුද්ධයට වන්නේ යැ. ඉදින් ධර්ම‍ යුද්ධයට නො‍ අවු නම් එයිත් පැරැද්දා නම් වන්නේ යැ” යි ලියා කුරු බිලියෙන් වේදේහ රජ හට යැවූ හ.


3. ඒ අසා වේදේහ රජ්ජුරුවෝබොධි සත්ත්වයන් ද කැඳවා එපවත් කී හ. ඒ අසමින් සකල ජනානන්දකාර වූ තිලෝගුරු බොධි සත්ත්වයන් වහන්සේ, “යහපතැ, දේවයන් වහන්ස” යි කියා බස්නාහිර වාසලින් පිටතැ ධමර්‍ යුද්ධ මණ්ඩලය සැරහූ සේකැ. එතෙකුදු වුවත් ඒ ඒ රජුන් කෙරෙහි සිටි චර පුරුෂයෝ එක් සියයක් දෙන, “ කවුරු දනිත්ද, කිම් දැ” යි බොධි සත්ත්වයන් වහන්සේටආරක්ෂාව පිණිසැ කේවට්ටයා පිරිවරා සිටැ ගත් හ. බ්රනහ්මදත්තයන් හා එක් සියයක් රජ දරුවෝ, ධමර්‍ යුද්ධ මණ්ඩලයය ගියාහු, පුර දියවකැ යහපත් දවස් සඳ බලන්න‍ට එක් සිත් වැ එක දිසාව බලන්නවුන් පරිද්දෙන් පැදුම් දිග බලා සිටිය හ. එ සේ මැ නිවට වූ කේවට්ටයාත් නැ‍නඟෙනක හිරි දිසාව බල‍- බලා , “කල් යේනු. කල් යේනු” යි ක‍ියා- කියා සිටියේ යැ.


4. තමන් පා පියුම් ලෝ මුදුන් කළ තිලෝගුරු බොධි සත්ත්වයන් වහන්සේ, එ දවස් උදෑසන සෙ‍ාළොස් කළයක් සුවඳ පැනින් ඉසි සෝධා නහා ලක්ෂයක් අගනා කසී සලුවක් හැඳැ, ස්වර්ණාභරණයෙන් විභූෂිත වැ, නොයෙක් රසයෙන් අග්රල වූ, අමරා දේවීන් විසින් පිසින ලද භෝජනය අනුභව ‍ෙකාටැ මහත් පෙරහරින් වාසල් ‍දොරකඩ‍ට ‍ගොස්, ආ නියාව කියා යවා, “ ම පුතණුවෝ වහා එත්ව” යි රජ්ජුරුවන් විසින් කී කල්හි රජ ගෙටැ වැදැ, රජ්ජුරුවන් වැඳැ එකත්පසවැ සිටැ, “ කිමෙක්ද පුත මහෞෂධ පණ්ඩිතයෙනි” යි රජ්ජුරුවන් කී කල්හි, “ධර්මමයුද්ධයට යෙමි” යි වදාළ සේකැ. “ පුත මා විසින් කුමක් කළ මනා දැයි” යි කී හ. “ දේවයන් වහන්ස, කේවට්ටයා මැණිකෙකින් චඤ්වා කරනු ක‍ැමැත්තෙමි. එ බැවින් අෂ්ටතවංක මාණික්යක රත්නය ලද මැනැවැ” යි වදාළ සේකැ. “ පුත, එයිත් මට කියා ද ගන්නේ? ඇරැ ගන්ව” යි නී කල් හි, ශක්රවයන් පළමුචත් තමන් වහන්සේට දුන් මාණික්ය රත්නය ශ්රී” හස්තයෙන් ගෙනැ, රජුහු වැඳැ මාළිගයෙන් බට සේකැ. තමන් වහන්සේ හා එක දවසැ උපන් යෝධයන් දහස හා සිවුරඟ සෙනඟ හි පිරිවරා, අනූ දහසක් රන් වටනා හැළි අසුන් යොදන ලද සර්වාලංකාරයෙන් සැරැහූ රථයකට පැනැ නැඟී, දාවල් මේ නිමවන වේලාවට වාසල සමීප‍යට පැමිණි සේකැ.


5. කේවට්ටයෝ ද, මහෞෂධ පණ්ඩිතයන් දැන් එතී, දැන් එතී” යි මහ බෝසතාණන් වහන්සේ වඩනා පෙර මඟ කර ඔසොවා - ඔසොවා බලාගෙනැ සිටීමෙන් ‍කොක් කරක් සේ දික් වූ කර ඇති වූ හ. මහ‍ා බෝධි සත්ත්වයන් ගේ දිගන්තරයෙහි පතළා වූ තේජස් පරිද්දෙන් පහරන්නා වූ හිරු රැසින් ඩා වැහෙන්නා වූ ශරීර ඇති වූ හ. මහ ‍බෝසතාණන් වහන්සේ ද, ඔද වැඩියා වූ සාගරය පරිද්දෙන් ‍පෙළොව මැඩ පියන්නා සේ වීථිය පුරා ගෙනැ යන්නා වූ ඇත් අස් ආදී වූ පරිවාරයෙන් යුක්ත‍ වැ, අසම්භිත වැ, වාසල් දොරව හරවා, නුවරින් නික් මැ, රථයෙන් බැසැ, කෙසරු සලා විදහා කිළිපොළන්නා වු, සිංහ රාජයෙකු සේ විජෘම්භනය කෙරෙමින්, ධර්මු යුද්ධ මණ්ඩලයට මැ වැඩි සේකැ. එක් සියයක් රජ දරුවෝ ඒ මහාසතාණන් වහන්සේ ගේ රූපෛශ්චර්ය දැක, “ නුවණින් සියලු දඹදිවැ තමනට දෙවන කෙනෙකුන් නැති සිරවඩ්ඨන සිටාණන් ‍මහෞෂධ පණ්ඩිතයෝ නම් මොහු යැ” යි සමාධීන් ඔල්වර හඬ සි‍ ය ගණන් පැවැත්තූ හ. පණ්ඩිතයන් වහන්සේ ද, දෙ දේව් ලොව් දෙවි්යනි පිරිවරා අසුර යුද්ධයට නික්මුණු සක් සක් දෙව් රජුහු පරිදිදෙන් උපමා විෂයාන්තික්රාරන්ත වූ ශ්රීණ සෞභාග්යජයෙන් යුක්ත වැ ඒ අෂ්ටවංක මාණික්යප රත්නය අතින් ගෙනැ, කේවට්ට යන් ඉදිරියෙහි ළං වැ වැඩි සේකැ.


6. කේවට්ටම බමුණා, මහ බෝ සතාණන් වහන්සේ දැකැ ඔබ ඔබ ගේ තේජසින් සිටි පළැ සිටින්නට අපොහොසත් වැ පෙර ගමන් කොටැ, “මහෞෂධ පණ්ඩිත‍යෙනි, අපි දෙන්නමෝ මැ පණ්ඩිත‍ වරුම් හ. තොප නිසා අවුත් මෙ තෙක් කල් මෙ තැනැ වසන අපිට කුමක් නිසා ද තෙපි අමුතු පඩුරක් පමණවත් නො එවූ විරූ නැ. කුමක් නිස‍ා ද මෙ සේ මැ සාදරයක් නොකළේ” කී යැ. එ සේ කී කේවට්ටයනට බෝ සතාණන් වහන්සේ, “පණ්ඩිත‍යෙනි, තොපට සුදුසු, පඬුරක් සොයන්නෙම් අද මේ මිණි රුවන ලදිමි. භැරැ ගනුව. මෙ බඳු මිණි රුවනෙක් මේ මුත් නැතැ” යි වදාළ සේකැ. කේවට්ටයෝ පණ්ඩිත‍යන් වහන්සේ අතැ දිළියෙන මිණි රුවන දැකැ, “ මේ පණ්ඩිත‍යෝ මට මිණි රුවණක් ගෙනා වන්නා හ” යි සිලා එසේ වී නම් දෙව” යි අත දික් කළ හ. බෝසතාණන් වහන්සේ ද, “ හෙ ද ගනුව” යි කියා අත දික් ‍ෙකාටැ අ්තැ , ඇඟිලි අගැ මැණික එළා ලූ සේකැ. බමුණාණෝ බර වූ මිණි රුවන් ඇඟිලි රඳවා ගත නුහුණූව හ. මැණික පෙරැළි ගෙනැ ගොස් බෝ සතාණන් වහන්සේ ‍ගේ පා මුලැ වැටී ගියේ යැ.


7. බමුණොත් ලොභයෙන්, “ මැණික ගනිමි” යි බොධි සත්ත්වයන් වහන්සේ ගේ ශ්රී පාද මූලයවට නැඹුරු වූ හ. ඒ දැකැ බෝ සතාණන් වහන්සේ බමුණා නැඹුරැ වූ තැනැත්ත වූ කර ඔසවා ගත නෙ‍ාදී මැ එක් අතෙකින් පිටි මුල හා තරයේ අල්ලා‍ ගෙනැ, “ නැඟී සිටුව, ආචාරීනි. නැඟී සිටුව, ආචාරීනි. මම බ‍ාලයෙමි: තොප ගේ මුණුබුරු තරමට ඇත්තෙමි. මා‍ නො වඳුව. මා‍ නො වඳුව” යි කිය -කියා මුඛය හා සමඟ නළල පෙරළ- පෙරළ කොරසැඩි බිම උළා රත් වද මලක් සේ ලෙ හා පස් කා වකා, “ නුවණ නැත්තව, තෝ මා අතින් වැඳුම් ගන්නට සිතයිදැ” යි බොටුව අල්ලා ගෙනැ දමා ලූ සේකැ. මෙ තෙමේ ඉස්බක් පමණ තැනැ වැටී ගෙ‍ාස් වැලි පිසැ-පිසැ - පලා ගියේ යැ. මැණික වනාහි මහ බෝසතාණන් වහන්සේ ගේ මිනිසුන් මැ ඇරැ ගත්හ.


8. “නැඟී සිටුව, ආචාරීනි, මා‍ නො වඳුව” යි කියා මහ බෝසතාණන් වහන්සේ බැණැ නැඟි හඬ අසා සියලු චතුරංගිනී සේනායෙහි අරගල -මැඩැ- ගෙනැ සිටයේ යැ. “ කේවට්ට බමුණා විසින් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ගේ පා වඳනා ලදැ” යි සියලු පර්ෂාත් කොක් සන් දී පිළී හිසැ සිසාරා අත්පොළසන් දී කොළහල කළ හ. බ්ර්හ්මදත්ත රජ්ජුරුවන් හ‍ා එක් සියයක් රජ දරුවන් හා ඇතුළු හැම දෙනැ මැ කේවට්ටයා මහෞෂධ පණ්ඩිතයන් පා පටැ නැමුණා දුටුවා හු මැ යැ. නැවැත කියන්නාහු, ‘ අප ගේ කේවට්ට ආචාරීන් විසින් මහෞෂධ පණ්ඩිතයන් වඳනා ලද. එ බැවින් අපි පැරැදදම් හ. අප ගේ ජීවිතය මෙ විටැ නොදෙන්නා හ” යි භයින් තැති ගෙනැ, තමන් තමන් ගේ අස්න් පිටැ නැඟී උත්තර පඤ්චාල නුවරට මූණ ලා ගත් හ.


9. ඒ යන්නවුන් දැකැ බොධි සත්ත්වයන් වහන්සේ ගේ පිරිස එක පැහැර කියන්නා හු , “ කොල බ්රනහ්මදත්ත රජ එක් සියයක් රජුන් හි සේනාව හා ඇරැගෙනැ බිඳී පලා යන්නාහ” යි මහත් කොටැ හඩ ගස‍ා කොලාහල කළ හ. ඒ අසා රජ දරුවෝ තාක් මුළුල්ලේ වඩ- වඩා භයපත් වැ පලා යන්නාහු මැ ය. ඔවිනොවුන් නො බල‍ා මහා සේනාවෝත් බිඳී ගියහ. බොධි සත්ත්වයන් ගේ පිරිස ඒ දැක ත් වඩ- වඩා කොලහල පැවැත්වූ හ. කරුණා නිධාන වූ මා ගේ ස්වාමිදරැවාණෝ, බිඳී යන්නවුන් ලුහුබඳව” යි යන බසකුත් නො කියා තමන් වහන්සේ ගේ සේනාව පිරිවරා නුවරට වන් සේකැ. බ්රමහ්මදත්ත රජ්ජුරැවන් හා ඒ සමත් සේනාව හා දොළොස් ගව්වක් ගිය තැන් බිඳී පලා ගිය හ.


10. ඉතා අල්ලජ්ජි වූ දුෂ්ට වූ කේවට්ටයා අසු කටින් ලේ දම දමා නළලැ ලේ පිසැ -පිසැ දිවන්නේ යැ. සේනාවට ආසන්නවැ අසු පිටැ මැ හිඳැ, “ පින්වන්ති නො යව : මම ගොවියා පුත නොවැන්දෙමි සිටුව’ යි සිටුව” යි කී යැ. එ සේ කීවත් සේනාව නොරඳා මැ දිවෙන්නාහු මෙ සේය කියන්නා කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට වූ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාණ බමුණු මහල්ල, තෝ ධර්මච යුද්ධ කෙරෙමි” යි කියා ගොසින් තට මුනුබුරු තරමටත් නැති ඉතා බාල තැනැත්තන් වැඳැ පී යැ. මේ මනුෂ්යර ලෝකයෙහි උපන් සත්තවයන් ගෙන් ජඩ වූ යම් එකක්හු කළමනා යම්‍ නො කටයුත්තෙක් ඇත් නම් ඒ සියල්ලෙන් තා විසිනුත් නොකල මනා දෙයක් ඇද්ද? ජඩය, මැත නො දොඩා තොයිත් තා ගේ පණ නො නසා ‍යන අතෙකැ නැඟී යා” යි යනාදීන් කිය -කියා ඔහුගේ බස් තමන් කනෙකැ නො හෙළ‍ා ඕ හට ආක්රො ශ පරිභව බෙණෙමින් නො රඳා මැ දිවන්නා හ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-vi&oldid=12008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි