41. මහෞෂධ බ්‍රහ්මදත්ත සංවාදයසංස්කරණය

එවේලෙහි තුන් ලෝ තිලක වූ ත්රෛබලොකෛකගුරු වූ පරශත්රැෙ කෙශර ප්රතතාප හා ගම්භීර ප්ර ඥා විශේෂ හා සකල ගජචක්ර මර්දනාභාස්වර කෙශර සිංහ රාජ වික්රපම ඇති මාගේ ස්වාමි දරු වූ ශ්රීක මහා ‍බෝධි සත්ත්වයන් වහන්සේ රෑ සැතැපුණු ශ්රීි යහනින් නැඟී සිටැ ශරීර කෘත්යම සපයා, පෙරවරු බත කල් තබ‍ා අනුබව කොටැ, රන් පට - රුවන් සෝලු - කර්ණනකුණ්ඩලාභරණ - තා ඩංක - නාඩවගම් - කාදු - කප්පු -මුතුපට - පට්ටොඩම් - බාහුදණ්ඩි - මිණි වළලු - ගිගිරි වළලු - මණිකයිවඩම් - පස්රු - රුවන් වැළ - රන් සවඩි - පාදසංඛ - පාදාභරණ - පා සලඹ - පාද කිංකිණික - පාද ජාලා මේ ආදි වූ ආභරණයෙන් සැරැහී, ලක්ෂයක් වටනා රන් පලසක් එකාංශ කොටැ පෙරෙවැ ගෙනැ, රන්මය රුවන් කර්ම,න්තයේ විසිතුරු වූ සේලු ලීයක් අතින් ගෙනැ රන් මිරිවැඩි සඟළක් තරුණ ස්ත්රී්න් දෙ දෙනෙකු ලවා සුදු චාමර දෙකක් සල්වන සේ සිත්කලු කොටැ සරහන ලද තමන් වහන්සේ පෙනෙන පරිද්දෙන් ශක්ර දෙවෙන්ද්රන ලීලාවෙන් ඈත් මෑත් බලා සක්මන් කළ සේකැ. චූළනී රජ්ජුරුවෝ ඒ මහතාණනස් වහන්සේ ගේ රූපශ්රීළ බලා සිත පහදවා ගත නොහි , “දැන් මැ මොහු අල්ලා ගනිමි’යි සිතා වහ - වහා ඇතු මෙහෙයන්නා හ .


2. ඒ දැකැ පණ්ඩිතයන් වහන්සේ සිතන සේක් “මේ රජ ,” ඒකාන්තයෙන් වේදේහයා මා විසින් අසු කරන ගදැ’යි සිතා වහ- වහා ඇතු මෙහෙයමින් එන්නේ යැ. තමන්ගේ රජ්ජුරුවන් ඇරු- ගෙනැ අප ගේ රජ්ජුරුවන් මියුලු නුවරට ගිය නියාව නො දන්නේ යි සිතා සකස් කොටැ ඔප් නැඟු රන් කැටපතෙතැ පැහැ සමාන වු මාගේ මුහණු මේ රජුට දක්ට රජු හා සමග කථා කෙරෙමි’ යි සිතා සී මැඳුරු කවුළුයෙන් රජහු මුහුණ බලා මධුර ස්වරයෙන් රජු හා කථ‍ා කරන සේක් , මෙ සේ වදාරන සේකැ’


නුකින් සත්තරම‍ානොව නාගං බපසෙසි කුඤ්ජරං

පහට්ඨරූපො ආපතසී ලද්ධත්ථොස්මීති මඤ්ඤසි


‘ඔහඓතං ධනුං චපා ඛරප්පං පටිසංහර

ඔහරෙතං සුහං හුභං වමිමා වෙළුරියමණිසත්ථතං


‘ඔහරෙතං ධනුං චාපා ඛුරප්පං පටිසංහර

ඔහරෙතං සුභං වම්මා වෙළුරියමණිසත්ථතං


‘ඇයි, මහ රජ, ඉක්මන් ඉක්මන් වැ ඇතු මෙහෙයන සේක්,තමා ගේ අභිමතාර්ත සිද්ද වී වැ වි සිතන සේ ක් ද? එක විටෙකැත් හසේ නො සි.්ව මැනැවැ . මහා රජ , නුඔ වහන්සේ සිතැ ඇත්ත තබ‍ ා පියා මෙ විටැ මා කීවක් කළ මැනැවැ . ඊයේ දවස් පස්වරු දුනු මිට තර වැ අල්ලා ගත් අත දක්වා මිට මිරිකා ගැනිමෙන් සිරිහී ගියයි සිතසි . එසේ අනෙකක් හට හෝ දෙවා පුව මැනැවැ . තව ද චෛදුර්ය මාණික්ය මය කෙ‍ාටැ කරන ලස ඉතා ශෝභාමාන වු තෙල සන්නාභයන් ඉය්යේ පස්වරු මු ලා ගත් හෙයින් ශරීර ඉදි නුඔ වහන්සේ ට බෙහෝ පිඩා යැයි, සිතමි . තව ද ඊයේ මැ පස්වරු පටන් තුන් යම් රාත්රීහයෙහි නිඳි මරා විඩා වැ ගිය සේකැ . තවද ඉර අවු කා ක්ලාන්ත නො වී නිඳ නැගී නුඔ වහන්සේ ගේ නුවරට පලා ගොස් මාළිගායේ සුවසේ සැතපී වදාළ මැනැ වැ ‘යි රජු හා කෙළනා සේ සෙහෙසු හ.


3.’රජ ඔබ ගේ බස් අසා, ‘ගොවිවා පිත් මා හා මැ කෙළනේ යැ ‘ යි බෝධිසත්ත්වයන් වහන්සේ ට ගර්ජනා කොටැ ,’ තට කළ මනා දැ දන්නෙම් වේ යි සැහැසෙන්නාහු මේ ගාථාවෙන් කියත්:


පසන්න මුඛවණ්ණොසි මහිතපුබ්බංච භාසසී

හොතා ඛො මරණෙ කාලෙ තාදිසි වණ්ණ සම්පදා


මේ ගාථායෙහි අභිප්රාණය කෙ සේ ද යත් : තා ගේ මුඛය හෙවත් තා ගේ මුහණ ඔප් නැගු රන් කැටපතක් සේ යහපතක් වඅ බබළන්නේ යැ. සිනා පෙරදැරි කොටැ මැ බස් කියයි. ඒ තට මතු නො වෙයි . සමහර කෙනතුන් මරණාසන්නයෙහි මෙ බඳු මිහිරි බස් හ‍ා මුහුණු පැහැ හා ඇති වන්නේ යැ. දැන් තොයිත් නො බෝ කලෙකින් මියෙයි. හ බැවින් මෙ බඳු රුප ශ්රීැන් බබළයි . දැන් දැන් තා මරා ඉස කපා ඩය පානය බෙ‍ාමි යි කී හ.


4. මෙ සේ රජහු බෝධි සත්ත්වයන් හා දොඩන වේලෙහි මහතාණන් ලේ රුප ශෝභාව දුටුවා වු මහා සේනාව, ‘අප ගේ රජ්ජුරුවන් හා මහෞෂධ පණ්ඩිතයන් හා දෙන්නා කථාවක් කෙරෙති . ඒ කුමක් බවත් නො දනුම් හ. කොල , අසන්නට යම් හ යි එක් සියයක් රජුන් හා සමග රජහු සමීපයට ගිය හ.


5. මහතාණෝ සිතන සේක්, ‘මේ රජ තව මැ මා මහෞෂධ පණ්ඩිත බව නොදනී . මම මා මරා ගත නෙ‍දෛමි ‘ යි වදැරන සේක් , ‘මහරජ, යම් දවසක් නුඔ වහන්සේ හා කේවට්ටයා හා දෙනන සිනින් එකක් සිතා බසින් එකක් කියා කළ මන්ත්රේණයෙක් සි ද, එයින් සිතින් සිතුවා නො වි වැ බසින් කීවා මැ වියැ යි ප්ර‍කාශ කෙරෙමින්


‘ මොඝං තෙ ගජ්ජිතං රාජ භින්නමන්තොසි ඛත්තාය

දුග්ගණ්හෝහි තයා රාජ කලුංකෙනෙව සින්ධවො,


‘තිණ්ණොහි රාජ ගංගං සාමාඤ්චො සපරිජ්ජනො

හංසරාජා යථා චකො අනුජ්ජවං පපතිස්සති


මෙයින් වදාරා, ‘මහා රජ නුඔ වහන්සේ හා කේවට්ටයා හා දෙන්නා මතු මාලේ තනි වැ ශ්රීු යහන් ගපඩාවේ හිඳැ රහස් මන්ත්ර නයක් කරන්නාහු , ‘අප සෙනනා මුත් අනෙක් දන්නෝ නැතැ ‘යි සිතා කළ මන්ත්රනණය, නො දන්නි යි සිතු සේ ක් ද? එ සේ නො සතුව මැනැවැ . ඒ මන්ත්ර්ණය , මට කියා ලු දෙයත් ඉඳුරා මැ දන්මි. නුඔ වහන්සේ ගේ මන්ත්ර ණය භින්න වැ ගියේ යැ. ඉදින්, ‘ලුයු බඳවා ගනිමින්’ යි සිතන සේක් වී නම් එයිත් නොපිළිවැ . අප ගේ රජ්ජුරුවෝ ජාති සෛන්ධවයකු නැගි බලත් අශ්වාචාර්යයකු වැන්නාහ. නුඔ වහන්සේ කොටළුයකු නැගි ඉතා පල සුලු වු පුරුෂයකු වැන්නාහ. එසේ හෙයින් ලුහුබදවා අලුලා ගන්නට නොපිවනැ . කේවට්ටයා නොටළුවා වැන්නැ . නුඔ වහන්සේ කෙටළුවා නැගි පුරුෂයා වැනි සේ කැ . මම අජානෙය සෛන්ධවයා වැන්නෙමි . අප ගේ රජ්ජුරුවෝ ඒ සෛන්ධවයා නැගි පුරුෂයා වැන්නා හ යි උපමා කොටැ වදාළ සේකැ .


6. ‘මහ රජ , වැළිත් ගඟින් එතෙර වැ යන්නා එු තනි වැ ගියා හු නොවෙති . සේනා වාහන සහිත වැ අමාත්ය මණ්ඩලයා පිරිවරා මහ පෙරහ‍ැරෙන් වැඩි සේකැ. ඉසිස් නුඔ වහන්සේ , ලුහුබඳවා අල්ලා ගත නො හි අතර ම ගැ නස්නා සේකැ . කුමක් මෙන්ද යත් : ස්වණී හංසයකු ලුහුබඳවා දිවන කොකෙකු මෙනැ ‘ යි කියා , නැවැතත් අසම්භීත කේසර සිංහ රාජයෙකු පරිද්දෙන් උපමාවක් දක්වමින්,


‘ සිගාල රත්තිභාගස්මි ඵුල්ලං දිස්වාන කිංසුකං

මංසපෙසීති මඤ්ඤන්ත පරිප්පුළ්හා මාගධමං


එවමෙව තුවං රාජ වෙදෙහං පරිවාරිය

ආසච්ජින්තො ගමිස්සයි සිගාල‍ා කිංසුකං යථ


‘මහරජ, නුඔ වයහන්සේ මේ සා සේනාවක් ඇරැ ගෙනැ තුන් යම් රාත්රී යෙහි නදි මරා සිතු අර්ථයෙන් ස්වල්ප මාත්රැයකුත් සාධාගත නුහුණ නියාව කුමක් මෙන්ද යත්: යම් සේ ගොදුරු සොයා ඇවිදිනා සිවල් මුළෙක් සුපුෂ්පිත වු කැලැ වෘක්ෂයෙකැ චන්ද්රා ලෙ‍ා්කයෙන් වත් තාරකා ලෙ‍ාකයෙකින් වත් විද්යුරත්ලතා දි යෙන් වත් යම් කිසි ආලෝකයෙකින් එල්ලෙන්නා වු මල් තනේ දැකැ, ‘මේ වු කලි ඒකාන්තයෙන් මස් වැදැලියැ , ‘ දඩමස් කම හ’ යි ගස් වට කොටැ හිදැ අරුණු නැගී පහන්වු කලැ සුපුෂ්පිත වු කෑල මල් දැකැ ඒ ගෘගාලයෝ ඔවුනොවුනට ‘කොල, මස් වැදලි නො වෙයි කෑල මල් කැනැ ‘ යි නියම දැනැ එහි ආලය හැරු පියන්නා හ. එ පරිද්සදන් මහ රජ, නුඔ වහන්සේ වේසේහ රජු අසු කෙළෙමින’ යි සිතා රාත්රීහය මුළුල්ලෙහි නිඳි මරා ඇව්දැ අධම වු කැනහිලුන් පරිද්දෙන් අප ගේ රජ්ජුරුයන්‍ කෙරෙහි ආලය හැරැ යන සේක් වේ දැ යි වදාළ සේකැ.


7. රජ්ජුරුයොා් බෝසතාණාන් වහන්සේ කිසි චකිතයක් නැති වැ අභිත වැ කියන්නා වු බස් අසා සිතන්නාහු , ‘ මේ ගොව්යා පිත් බුහුටිවැ , ‘ රජහු පැලෑ හ’ යි කියන්නේ යැ , මොහු විසින් රජහු යවාපු සේ සැබැ ය ‘ යි අතිශයින් කිපි , ‘ පෙරැත් අපි මේ ගොව්යා පුතු මැනිසා මොහුතේ නුවරට ගියෙමෝ හන් කඩටත් උතුරු සළුවටත් අස්වාමික වැ දමා පියා ආම් හ. දැන් ‘ හස්තප්රා ප්ත වු පස මිතුරු පලවා පියන ලද. මු තරම් අනර්ත කාරි එකෙක් නැති . රජුටත් මුටත් කලමනා ඉස් සිඳිම් ආදි වු යමි වධයෙක් ඇත් නම් මොහුට මැ කෙරෙමි යි විධාන කරන්නාහු , ‘මේ මහෞෂධ යා මා හස්ත ප්රාකප්ත වු සනුරු වේදේහ ගලව පීයැ . එ සේ කළා වු මොහු ගේ දැත් දෙ ලා කන් කපා හරුව. ඇඟැ මස් කපා ලිය‍ා උලැ අවුණා ගින්නේ ලා පලහා පියව . තව ද සිංහ -ව්යාලඝ්ර - වෘෂභ - මෘග ආදීන්ගේ සම් බිමැ වාන වට කණු ලසා වධ කරව , තව ද මොහු බිමැ හොවා තියුණු මුවහත් ඇති කඩුවෙන් කොටා පළා ව්යවඝ්රබ- මෘග - සුකාරදින් ගේ මාංස පරිදිදෙන් ඉර ලියා වධ කරව’ යි කී හ.


8. මේ එක් රජකු තබා දස දහස් සක්වළ රජ දරුවෝ එක්වත් මා ගේ ස්වාම්දරුවනට එ වැන්නක් කරවනට අසමාර් ථය හ. එ රඩ හු ගේ බස මුත් කිවායින් කිසිවකුත් කල නොහෙන්නා හ. බසින් බස් අසා බෝධි සත්වයන් වහන්සේ සිනා පහල කෙටැ වදාළ සේ කැ. එ රජහු කිපෙත් කිපෙත් මා ගේ ස්වාමි දරුවන් මුණැ පෙම් වඩනා නියාව කුමක් වැවිද යත්: බ්රරහ්මදත්ත රජ්ජුරුගේ ඉතා රළු වු ක්රොවධ වැමති සුනුයෙන් උලි ඔප් නැගු රන් කැටලපතකෙ පැහැ සමාන වැ වඩ- වඩා ශොභාවත් වැ අතිශයින් බබළන්නට වනැ. එ විටැ සිතන සේක් ‘ මේ නුවණ නැති රජ තමා ගේ නෑයන් ආගිය අත් නො දැනැ මට වධ විධාන කරන්නේ යැ. මෑණියනුත් අඹුදරුවනුතු ගෙන්වා ගෙනැ මිමුලු නුවරට යැවු නියාව නො දැනැ මට සැහෙන්නේ යෑ. මේ රජ මහා ඓශ්වරයයෙහි පිහිටා සිටියේ, මා කළක් කෙළේ යැ ‘ යි සිතා ක්රෝධ වශයෙන් අතැ තැබු හීයෙන් විදැ පී නමුත් අන් කිසි උපක්රයමයකින් නසාපී නමුත් නපුරැ . මේ රජහු ශෝකයෙන් මුර්ජා කරවා උන් ඇත පිටැ මැ විසංඥ කරවා පියා නැවැතැ අස්වාසා තම් යි සිතා වදාරන සේක්.

‘සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණානසඤ්ච ජෙදයී එවං පඤ්චාලචණ්ඩස්ස වෙදෙහො ජෙදයිස්සති,

‘ සචෙ මෙ හත්තෙථ ච ලාද්රෙහ ච කණ්ණනාසඤ්ච ජෙදයී එවංපඤ්චාලචණ්ඩියා වෙදෙහො ජෙදයිස්සති,

‘සචෙ මෙ හත්ථෙ ත පාදෙ ච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ පුතුතදාරස්ස වෙදෙ‍ෙහො ජෙ දයිස්සති,

‘සචෙ මෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ ලුත්තදරස්ස වෙදෙ‍ෙහෙ‍ ජෙදයිස්සති,

‘සචෙ දෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයී එවං තන්දාදෙවියා චෙදෙහො ‍ජෙදයිස්සති,

‘සචෙ මෙ හත්ථ පාදංච කණ්ණනාසඤ්ච ජෙදයි එවං තෙ පුත්ගදාරස්ස වෙදෙ‍ෙහෙ‍ා ජෙදයි ස්සති,

‘සචෙ මංසච පාතබ්බං සුලෙ කත්වා පච්ස්සති එවං මංසච පාතබ්බං චණ්ඩස්ස වෙදෙහො පාචයිස්සති,

‘සචෙ මංසංච පාතබ්බං සුලෙ කත්වා පචිස්සසි එවං පඤ්චාල චණ්ඩඩියා වෙදෙහො පාචයිස්සති’


‘ මහ රජ ඉදින් නුඔ වහන්සේ මා ගේ අත් පා කන් නාස කප්පා වධ කැරැ වු සේක් වී නම් , නුඔ වහන්සේ මට රැකවු වධ මුළුල්ල නුඔ වහන්සේ ගේ පුනුණුවන් - දියණියන් - දානන් දේවීන් - නුඔ වහන්සේ වැදු මැණියන් යන සතර දෙනාට අපගේ රජ්ජුරුවෝත් කරවන්නා හ. මහ රජ , මා ගේ ඇග මස් ලියා උලැ අව්ත් වධ කරවා පි දැ වී නමී , අප ගේ රජ්ජුරුවෝත් නුඔ වහන්සේ ගේ නෑයන් සතර දෙනාට මට කළ වධයට දිවුණක්කරවන්නා හ. තව ද, සිංහ-ව්යාගඝ්රත-මෘග-වෘෂභාදීන් ගේ සම් බිමැ වනා කණු ගසා වියලන්නා සේ මට වධ කරවා පී දැ වී නම්, නුඹ වහන්සේ ගේ නෑයන් සතර දෙනාටත් අප ගේ රජ්ජුරුවෝ නොයෙක් චිත්ර වධ කරන්නා හ. තව ද, මහරජ සම් කරුවන් ලවා සම් සියක් පටින් සකස් කරවා වැලැඳැ ගන්නා ලද සන්නාහය තමා හට බැහැරින් වදනා සැර ආදිය උපද්රැව නිවාරනය කොටැ ආත්මාරක්ෂයාව පිණිසැ වන්නේ ද, ඒ පරිද්දෙන් මැ මම මාගේ රජ්ජුරුවනට යම් සියයක් පටින් කළ සන්නාහයක් පරිද්දෙන් ඉදිරියේ සිටැ කිසි භයක් නො වැද්ද දී සැප එළවමි’යි වදාළ සේකැ.


9. මෙ සේ ද කියා නැවැතැ වදාරන සේක්, “මහ රජ, වැළිත්, මේ නිකම් කියන දෙයෙකැ’යි නො සිතුව මැනැවැ. නුඹ වහන්සේ ගේ අඹු දරුවන් හා මෑණියන් හා අප ගේ රජ්ජුරුවනට පාවා දී මියුලු නුවරට යවන්නෙම්, ‘මහ රජ’ ඉඳින් චූලනි රජ්ජුරුවෝ නුඹ වහන්සේ, ‘තමනට සොරා යවාපි හ’යි මා අල්ලා-ගෙනැ කන් නාසා අත් පා කප්පා වධ කැරැ වූ නම් කුමක් කරන සේක් දැ’යි කී හෙයින්, මහෞෂධ පණ්ඩිතයෙනි, ඒ රජ සැබැවින් තොපට වධයක් කෙළේ වී නහ්, ඒ තොපට කළ වධ මුළුල්ල මැ ඒ රජ තමා මහ බල ඇති හෙයින් ඕ හට කළ නොහෙතත් ඔහු ගේ අඹුදරුවන් මෑණියන් යන සතර දෙනාට, තොපට කළ වධයට දිවුනක් මැ කරවමි’ කියා ප්ර තිඥා ගතිමි’යි, ‘මහරජ , නුඹ වහන්සේ මා එක තැනැත්තවුට එක් වදයක් කැරැ වූ සේක් වි නම්, නන්දා දේවින් හා දරුවන් දෙන්නා ඇතුළු වූ නෑයන් සතර දෙනාටත් අප ගේ රජ්ජුරුවෝ තමනට පිළිවන් වධ බන්ධන කරවන්නා හ’යි වදාළ සේකැ. මෙ සේ ද කියා ‘මහ රජ, නුඹ වහන්සේ ගේ ප්රාඥා නමැති හීයට මම සම් සියක් පටින් කළ සන්නාහයක් වැ ඉදිරි වැ සිටැ මා ගේ රජ්ජුරුවනට ඒ සැරයෙන් වන්නාවු උපද්ර වය දුර කොටැ සැපයක් මැ එළවමි’යි වද්ර ළ සේකැ.


10. ඒ අසා චූළනි රජ්ජුරුවෝ සිතනිනාහු ‘මේ ගොවියා පුත් කුමක් කියාද? මම, යම් වධයක් තමාට කරවමි’කිම් නම් මේ තෙමේ. ‘තමා ගෙ රජ්ජුරුවො මා ගේ අඹු දරුවනට සුරක්ෂිත කොටැ රකවල් ලවා ලා ආමි. ඒ නියාව නොදන්නා වනැ නොබෝකලෙකින් මේ මියන්නේ යැ. එ බැවින් මරණ විකලවයන් නන්ද්රෙලඩවයි, කියා මහතානන් ගේ බස් නොහැදැහු හ.


11. පර සිත් දන්නා නුවණැති මා ගේ බෝධි සත්ත්වයන් වහන්සේ රජු සිතුවා දැනැ ‘මේ රජ, ‘මා මරණ භයින් නන්ද්රෙේඩති සිතයි.සැබැවින් මැ අඹුදරුවන් මියුලු නුවරට යැවු නියාව දන්වා ලමි’ය සිතා වද්රෙරන සේක්, ‘මහ රජ. ‘මා මරණ භයින් නන්ද්රෙැඩවති’යි සිතූ බැවින් මා ගේ බස් අදහන පිණිසැ තොප ගේ අන්තඃපුරයට මින්සුන් යවා මාලිගය බැලුව මැනැවැ. නන්දා දේවින් හා දරු දෙදෙනා හා නුඹ වහන්සේ ඉගේ මෑණියන් ඇතුළු වු නෑයන් සතර දෙනා සුළු උමඟින් බා ගෙන ‘වුත් වේදේහ රජ්ජුරුවනට පාවා දී මහ උමගින් මියුලු නුවරට යන්නා හ’යි වදාළ සේකැ.


12.එ විටැ රජ්ජුරුවෝ සිතන්නාහු, ‘පන්ඩිතයෝ ඉතා මැ තර වැ බුහුටි මැ කියන්නා හ. මධ්යරම රාත්රිුයෙහි ගං තෙරැ රකවල් බලා ඇවිදිනා මා විසනුන් නන්දා දේවින් ගේ ශබ්දයක් සේ මැ කට හ‍ඬෙකුත් අසන ලදි. මේ පණ්ඩිතයෝත් එ සේ මෙසේ කෙනෙක් නො වන්නා හ. මුන් හා සමාන ප්ර ඥා ඇති කෙනෙක් කොයිත් නැත්තා හ. එ බැවින් මුන් ගේ බස් සැබෑ සැටි යැ’යි උපන්නා වූ බලවත් ශෝක ඇත්තාහු, රාජ ධෛර්ය්ුන උපදවා-ගෙනැ නිශ්ශොකි එකක්හු මෙන් එක් අමාත්යුයකු කැඳවා මාළිඟය බගවන්නා හු, ‘එම්බා දරුව, මෙහෞෂධ පණ්ඩිතයෝ කියන්නාහු. ‘මාගේ අඹු දරුවන් ආදි වු අවශ්යය බන්ධුන් සතර දෙනා උමගින් ගෙන්වා තම රජ්ජුරුවනට පාවා දී මියුලු නුවරට යවා පිමි’යි කිවු යැ. උන් ගේ බස් සැබෑ ද, බොරු ද පරීක්ෂ්යාම කොටැ පියා වහා එව’යි ගාථාවෙකින් කීහ.

ඉඃඝ අන්තො පුරං මයහං ගන්ත්වාන විචිනාථනං

යථා ඉමස්ස වචනං සච්චං වා යාදි වා මුසාති


13. ඒ අසා අමාත්ය යා සේනාව පිරිවරා මාළඟයට ගොස් ද්රෙඋර ඇරැ රජ ගෙට ගෝ වැදැ, ඒ රජ ගෙයි රකවලැ සිටියවුන් අල්ලා අත්පා බැඳැ කටැ කඩරෙදි ඔබා භික්ති කොකුවලැ එල්ලා පියා තුබූ අන්තඃපුර රකින්නන්ද, කුදුන් කුරුන් ආදි වුවන් ද බදුන්බිඳැ ඒ ඒ ස්ථානයෙහි විසුරුවා පියාතුබු කන බොන දැ ද, රුවන් ගබඩාවලැ ‍ෙදාර ඇරැ රුවන් උකා ගත් තැනැ ඉසැ පියා තැබූ රුවන් සමූහය ද, ‍ෙදාර ඇරැ තුබු ශ්රීැ යහන් ගබඩාව ද, එ සේ මැ ඳ ඇරැ පියා තිබු කවුළුයෙන් ඇතුළට වැඳැ, උනුන් කටින් පු උදුරා කන්නා වූ. කා රැස් බැඳැ ඇවිදිනා වූ කපුටු සමූහයන් ද, මුදු බඩැ කෙවුලන් හැරැ පියා ගිය සැඬි ගමක් සේ ද,බතා නිශ්රිාක වූ රාජ භවනය බලා පියා ඇවිත් කියන්නේ,


“එවමෙතං මහාරාජා යථා ආහ මහොසධො

සුඤ්ඤං අන්තොපුරං සබ්බං කාකපටට්නකං යථා”


‘මහ රජ, යම් සේ මහෞෂධ පන්ඩිතයෝ කිවු ද, උන් කීවායින් එක බසෙකැත් බොරුවෙක් නැති. ඒ සැබෑ මැ යැ. පෙරැ නුඹ වහන්සේ ගේ මාලිගය දිව්යව පුරයක් වැන්නැයි සිතමි. එ සේ වු රජ ගෙය දැන් මූදු තෙර බඩැ කෙව්ලන් හැරැ පියා ගිය ගමෙකැ මස් ගඳට හැසිරෙන්නා වූ කාක සමූහයක් සෙයින් ඒ මාළිගය කපුටු මූහයන් ගෙන් අතුරු සිදුරු නැතිවැ තුබුයේ යැ.ඒ රජ ගෙයි නුඹ වහන්සේ ගේ අඹු දරු‍ෙවාත් මෑණියෝත් මා දුටුවෝ නැතැ, ආ ගිය තෙනෙක් ඇසු දැත් නැතැයි පණ්ඩිතයන් කීයේ සැබෑ මැ යැ’යිකී යැ.රජ්ජුරුවෝ නෑයන් සතර දෙනා ගේ වි‍යෝ දුකින් කම්පිත වැ වෙවුලන්නාහු, ‘මේ දුඃඛය ගොවියා පුතු නිසා මැ මට වූයේ යැයි දංඩෙන් පහරන ලද ආශිවිෂයකු පරිද්දෙන් බෝධි සත්ත්වයන් කෙරේ පළමු තරමටත් වඩා ක්රොෂධ ඉපදැවු හ.


14.බෝධි සත්ත්වයන් වහන්සේ රජු ගේ ආකාරයෙන් මැ දැනැ ලා සිතන ‍සේක. ‘මේ රජ්ජුරුවෝ මහ යසස් හා කිර්ති හා පරිවාර හා ඇත්තාහ. යම් සේ ක්රොසධ වශයෙන් තමාට මතු මා නිසා වන්නා වූ අභිවෘද්ධිය නො සලකා රාජ මානවයන්, ‘ඔවුන් ගෙන් මට ප්රනයෝජන කිම්දැ’යි නො සොයා මට හිංසාවක් කළෝ නම් මෙ සේ වු තැවට වේ දැ? උපායයෙකින් මේ රජු මා කරා නමා ගන්මි’යි සිතා නන්දා දේවින් වහන්සේ මේ රජු නුදුටු විරැ කෙනෙකුන් මෙන් එ බිසවුන් ගේ රූපශ්රී වර්ණසනා කෙලෙම් නම් බිසවුන් සඳහන් කරන්නාහුට මේ පණ්ඩිතයාත් මරා පිමු නම් එ බදු මා ගේ ස්ත්රින රත්නය නො ලබන්නෙමි. ඉදින් නො මැරීම් නම් ඒකාන්තයෙන් නෑයන් සතර දෙනා ලබන්නෙමි’යි සිතා තමන් ගේ බිසවුන් කෙරේ කළ ස්නේහයෙන් මට කිසි අපරාධයක් නො කරන්නා හ’යි සිතා තමන්වහන්සේ ගේ ආත්ම රක්ෂ්යාිව පිනිසැ මාළිගයේ මතු මහලේ සිටි සේක් මැ සන්ධ්යාත වල‍ා පටලයක් හස්නේ ගැසූ විදුලියක් පරිද්දෙක් පෙරෙවැ සටියා වු රත් පලස යටින් රන්වන් වූ ශ්රීන හස්තය මෑත් කොටැ ගෙනැ , ‘නනදා දේවින් ගිය මඟ මේ යැ’යි කියන්නා සේ.උන් ගේ රූප වර්ණ නා කරන සේක, මෙ සේ වදාරන සේකැ.


‘ඉතො ගතා මහාරාජ නාරි සබ්බංගසොහනා

කොසුම්භ ඵලක සුස්සොණි හංසගග්ගරභාණිනි.


“සූරත්තපාද්රා කල්යාගණි ුවණ්නමණිමෙඛල‍ා

පාරවතක්ඛී සුතනු බිම්බොට්ඨා තනුමජ්ඣිමා


“සුජාතා භුජංගලට්ඨිව වෙල්ලීව අනුමජ්ඣිමා

දීගස්ස කෙසා අසිතා ඊසකග්ග පචෙල්ලිතා


‘සුජාතා මිගජාපිව හෙමන්තග්ගි සිකාරිව

නදිව ගිරිදුග්ගෙසු සඤ්ජන්නා බුදුදවෙළුහි


“නගනාසූරු කල්යාසණි පඨමාතිම්බරුත්ථනී

නෙවාතිදීසා නාරස්සා නලොමා නාතිලොමසා’


මෙයින් වදාරා, රජ්ජුරුවන් වහන්ස, සිවුසැටක් පමණ ස්ත්රීේ ලක්ෂණයෙන් විරාජමාන වූ නන්දා දේවි මෙ සේ ගියා හ. කෙ සේ ගියා ද යත් ඕ මා විසින් උම‍ඟෙකින් පිටත් කරවා වේදේම රජ්ජුරුවන් හා කැටි වැ මියුලු නුවරට යවා පියන ලදු. තව ද මහ රජ, නුඹ වහන්සේ, ‘ඒ රජ බිසවුන් කෙසේ වූ රූ ඇති කෙනෙකුනැ’යි සිතන සේක් ද? උන් ගේ උපමා රහිත වූ රුපශ්රීේ විලාසය මා අතින් අසා ගත මැනැවැ. ගන රන් පෝරුවක් බදු වු ඉතා මට සිලුටු ශ්රෝේණි ප්රයදේශ ඇත්තා හ: බාල හංස පෝතකයන් ගේ ශබ්ධ හා සමාන වූ මිහිරි වූ ළඳ බොළද ප්රි ය තෙපුල් දෙන්නාහ: කශි දේශයෙහි රන් කම් කළ තිහිරි පිළි ඇන්ද්ර් හ: ස්වභාවහෙන් මැ රන් වන් ශරීර ඇත්තා හ. ජාත රූපයෙන් කරන ලද මිණි මෙවුල්දම් පැළැන්ද්රභ හ. මෙ සේ සර්වාංග සුන්දර වූ ඒ නන්ද්ර දේවි මා විසින් මේ සේ යවා පියන ලදැ’යි වදාළ සේකැ.


15. තව ද අලතා පිරියම් කලාක් වැනි වූ රත් වූ පතුල් ඇත්තා හ: ලද මුවපොල්ලන් ගේ ඇස් හා සමාන වැ කනට රහස් කියන්නට ගියක් වැනි වැ දික්වූ, කාෂ්ණ මණ්ඩලය පරෙවියන් ගේ ඇස් මෙන් ඉතා කොටැ වැ නිලුපුල් පෙති පරදවන්නා වූ. පස් පෑ දිස්නා නෙත්රත ඇත්තා හ, මනා වැ විලිකුන් බිඹු පල සේ රත් වූ අධර පල්ලව ඇත්තා හ: තව ද දැ හිඟුල් පල්ලෙක් හි ගා වැද්දු සක් කැබැලි පෙලක් සේ ශෝභමාන වූ දන්ත පංක්ති ඇත්තා හ: සිහින් වූ මාධ්ය ප්රදදේශ ඇත්තා හ: තවද ඉතා නිල් වූ දික් වූ සිනිු අක් බමරු වූ කෙශ කලාප ඇත්තා හ. තවද අභිනව මෘංගාංනාවක ‍සේ ඉතා යහපත් බැලුම් ඇත්තා හ: තව ද හෙමන්ත කාල‍ෙයහි ගිනි කඳක් මෙන් බැලු බැලුවන් ඇසට ඉතා ප්රිවය වන්නා හ.ඇයි ගිනි කඳක් දැකැත් ප්රිැය වෙද් ද යත්: ඒ මෙ සේ යැයි දත යුතු:- හිම සමයෙහි ගින්නක් දුටු කල්හි එහි අත තවා පියන්නට නො සිතන කෙනෙක් නැත්තා හ. එ සේ පැහැපත් වූ වහ්නි රාශියක් මෙන් සියලු රුපශ්රීනන් බබළන්නා වූ ඒ නන්දා දේවින් දුටුයේ නම් උන් ප්රා ර්ථනා නොකරන එක ද පුරුෂයෙක් මැ නැති. තව ද පර්වත ප්රානන්තයෙන් හුණු ගංගාවක් දෙ බිත්තියෙන් දිගට කී එක පිටැ තමන් ගෙනැ සිටි සිහින් නල කොළ සමූහයෙන් හොබනි ද එ පරිද්දෙන් මැ ඒ බිසවු ඇඟැ තුනු වූ නො දික් වූ නිල් වූ එක හි සිටියා වූ රොම රාජිනියෙන් හෙබියා යැ.


16.තව ද, නන්දා දේවි,ඡවි කල්යා.ණා යැ.මාංස කල්යාුණ යැ.යන බතා ආශ්චර්ය වූ පඤ්ච කල්යාිණයෙන් යුක්ත යැ.තව ද ඉතා යහපත් ස්වර්ණ් ඵලකයෙහි තබා ලූ රන්තිඹිරි එළ දෙකක්සේ ඉතා සන්තෝසකර වූ, දරුවන් කොතෙක් ලදත් අ‍ායුෂ කොතෙක් ගියත් සොළොස් හැවිරිද්සෙහි තන මෙන් ඉතා දැඩි වු තන සඟළ ඇත්තා හ.ඒ බිසොවුන් ගේ තන දැඩි නියාව පියන්නට කාරන කිම් ද යත්: යම් ස්ත්රි යක් දිව්යාං්ගනාවක් සේ යහපත් වූ රූ ඇත්තී නමුත් එ සේ වූ ස්ත්රිරය නඛාග්රාසයෙහි පටන් කේශාග්රිය දක්වාත් ඇගේ නොයෙක් පළදනාවෙන් අනූන වැ සැරැහි සිටියා නමුත්, ඇගේ තනය මොළොක් වී නම් පුරුෂයන් ඈ කෙරෙහි කරන්නා වූ ස්නෙහය සුගත් තනය සේමැ මොළොක් වන්නේ යැ. එ බැවින් බිසොවුන් ගේ රුවත් සිත්කළු යැ.තන දෙකක් ඔවුන් දුටු පුරුෂයන් ගේ ස්නේහය වඩනා පරිද්දෙන් ඉතා දැඩි යැ.එ සේ වූ සිවුමැලි බිසව මෙ සේ මියුලු නුවර ගිය හ’යි ශ්රීැ හස්තය ඔසොවා පෑ වදාළ සේකැ.


17. මෙ සේ ඒ මහතානන් වහන්සේ නන්දා දේවින්ගේ රූප ශ්රීය වර්න නා කරත් කරත් චූලනි රජ්ජුරුවෝ නන්දා දේවින් පෙරැ තමන් නුදුටු වීරු කෙනෙකුන් පරිද්දෙන් බලවත් ස්නේහ ඉපැද වූ හ. රජහු ගෙ ස්නෙහ ආකාරයෙන් දැනැ වදාරා, මහා රජ මෙ බදු රූමත් බිසවුන් මියැ යාමෙහි සතුටු සේක් ද? උන් මළ කලැ නුඹ වහන්සේට කිසි ප්රටයෝජන‍ෙයකමෙැ නැද්ද? තවත් උන් මළහොත් මට සන්තෝෂකර යැ.කාරණ කිම්ද යත්: නුඹ වහන්සේ මා මොබැදි මරාපු නම් මා ගේ රජ්ජුරුවෝ ඔබින් නන්දා දේවින් මරවා පියති. එ කලැ නන්දා දේවිත් මමත් දෙන්නා සම වැ යම රජු ළගට යම් හ. ඉතා ධර්මිෂ්ඨ වූ යම රජ අප දෙන්නා බලා පියා කියන කලැ, ‘පුරුෂයන් ගෙන් මහේෂධ පණ්ඩිතයන් වැඩි කෙනෙක් නැත: ස්ත්රිපන් ගෙන් නන්දා දේවින් වැනි ‍ෙකනෙකුන් නැතැ’යි කියා, නන්දා දේවි මහෞෂධ පණ්ඩිතයන් තරම් හ’යි නන්දා දේවින් මට මැ පාවා දී පියාන්නා හ. එ බැවින් මා මියැත් එ බදු ස්ත්රීන රත්නයක් ලබන කලැ සෙසු කුමක් නම් මට සිද්ධ නො වේ ද? එ බැවින් මා මිය යාමෙයි කිසි හානියෙක් නැතැ’යි වදාළ සේකැ.


18. බෝධි සත්ත්වයන් වහන්සේ මෙ පරිද්දෙන් නන්දා දේවින් මැ වර්ණිනා කළ සේකැ. සෙස්සවුන් ගේ නමකුත් නො කී සේකැ.කුමක් නිසාද යත්:පුරුෂයෝ නම් තමන් ප්රිෙය භාර්යාවන් කෙරෙහි මෙන් සෙස්සවුන් කෙරෙහි ස්නෙහ නැත්තා හ. ‘ඒ නන්දා දේවින් සඳහන් කරන්නෝ දරු‍ දෙන්නා සදහන් කෙරෙත් මැ යැ’යි සිතා නන්දා දෙවින් මැ වර්ණරනා කළ සේකැ. තලතා දේවී මැහැලි හෙයින් උන් ගේ නම කුත් නො වදාළ සේකැ.ප්ර්ඥා සම්පන්න ඒ මා ගේ ස්වාමි දරුවාණන් නුවණින් යෙදී මධුර ස්වරයෙන් වර්ණ්නා කරත් කරත් මැ නන්දා දේවී අවුත් තමා ඉදිරියේ පෙනි ගියා සේ වැටැහිණි.


19. එ විටැ රජ්ජුරුවෝ සිතන්නාහු, ‘මේ මහෞෂධ පණ්ඩිතයන් හැරැ අනෙක් කෙනෙක් නන්දා දේවින් ගෙන’වුත් මය දෙන්නට සමර්ථ නැතැ’යි සිතූ හ. මෙ සේ ඒ බිසවුන් සිතන්නා වූ රජ හට බලවත් ශෝක උපන්නේ හැ. ඒ බව තමන් වහන්සේ දැන, ‘මහා රජ නො සිතා වදාළ මැතැවැ. නන්දා දේවිත් පුතණුවොත් මෑණිටන් වහන්සේත් තුන් දෙනා මැ එන්නා හ. උන් මීට එන්නට බාධා නම් මා යන පමණෙක් මැ යැ.මා ගිය විටැ මැ එන්නා හ’යි වදාළ සේකැ.මෙ සේ ද කියා නැවැතැ වදාරන සේක්, ‘මහ රජ , මා ඉන්දැදී මෙ විචරකට ශෝක නො කළ මැනැවැ අස්වැසුණු මැනැවැ’යි රජහු අස්වසා වදාළ සේකැ.


20.එ විටැ රජ්ජුරුවෝ සිතන්නාහු, “ඉතා ආශ්චර්ය නියා යැ. මා ගේ නුවර සුරක්ෂිත ‍ෙකාටරෙකවල් ලවා මහත් වූ බල ඇණි පිරිවරා අවුත් මේ නුවර මෙ සේ රකවල් ගෙනැ සිටියැ දී, මේ පණ්ඩිතයෝ නුවරින් නන්දා දේවින් ඇතුළු වූ මා ගේ නැයන් සතර දෙනා කිසි කෙනෙකුන් නොදන්නා පරිද්දෙන් ගෙන්වා ගෙනැ, වේදේහ රජුට පාවා දි. අප හැම තමා හුන් මේ නුවර තුන් යම් රාත්රි යෙහා නිදි මරා රකවල් ගෙනැ සිටියැ දී, අප ගෙන් කාත් නොදන්නා පරිද්ාදන් වේදේහ රජු හා සේනාව හා නුවරින් පිටත් කොටැ යවා පි යැ. ‘දිව්යද මායමක් දනිද්දෝ හෝ නොහොත් ඉන්ද්ර ජාලයක් දනිද්දෝ හෝ’යි විචාර‍ා බලමි’යි සිතා කියන්නා,


‘දිබ්බං අධියසෙ මායං අකාසි චක්ඛුමොහනං

යො මෙ අමිත්තං හත්ථගාතං වෙසදහං පරිමොචයි’


මේ කිමෙක් ද, පන්ඩිතයෙනි? මෙසා රාජ සේනාවක් වට ලා ගෙනැ සිටියැ දී රකවලැ උන් මා ගේ නෑයන් සතර දෙනා ගෙනිවා, මා ගේ සතුරැ වේදේහ රජුත් එක් කොටැ නුවරින් පිටත්කොටැ යවා පූ තෙපි දිව්යක මායමක් දනු ද: නො හොත් ඇසට ඉන්ද්රැ ජාලයක් දනු දො හො’යි විචාල හ.


21. ඒ අසා මහතාණෝ වදාරන සේක්, ‘මහ රජ . මම දිව්යල මායමුත් දනිමි: ඉන්ද්රමජාලයත් නොදන්නෙම් නො වෙමි. නුවණැත්තාහු දිව්යි මායම් ඉගෙනැ යම් සේ තමහට භයක් පැමිනි කලැ ඒ භයින් තුමුත් ගැලැවී ආශ්රජය කළවුනුත් ගලවන්නෝ වෙත් යැ’යි වදාරා, මේ ගාථාවෙන් කී හ.


‘අධියන්තෙ මහාරාජ දිබ්බමායිධ පණ්ඩිතා

තෙ මොචයන්ති අත්තානං නිස්සිතෙ මන්තිනො ජනෙ.


‘සන්ති මානවපුත්තාමෙ කුසලා සන්ධි‍දෙකා

තෙසං කතෙන මග්ගෙන වෙදෙමහා මිථිලං ගතො.


‘මහ රජ මා විසින් කළ මායමකුත් නැති, ඇසට ලූ ඉත්ද්රන ජාලයෙකුත් නැති. එ සේ කලැ කෙ සේ ගියෝ ද යත්:උමං බිදිමෙහි දක්ෂ වූ මා ගේ තරුණ යෝධයන් විසින් දිව්ය පුරයක් මෙන් විසිතුරු කොටැ සරහන ලද උමගෙකින් වේසේහ රජ්ජුරුවෝ නුඹ වහන්සේ ගේ නෑයනුත් ඇරැගෙනැ මියුලු නුවරට පලා ගිය සේකැ යි වදාළ සේකැ.


22. ඒ අසා රජ්ජුරුවෝ සිතන්නාහු, ‘එකකු දෙන්නෙකු පවා උමඟින් යන කලැ මහ ව්යාසනයෙන් දුක සේ පිටත් වන්නේ යැ. මේ පණ්ඩිතයෝ , ‘සේනා සහිත රජ්ජුරුවන් ගේ ආකාරයෙන් මැ, ‘රජහු උමඟ දක්නා සැටි යැ, උන් ගේ මන දොළ පුරා උමඟ දක්වා පියමි’යි සිතා රජ හට වදාරන සේක්:


ඉඞිඝ පස්ස මහාරාජ උම්මග්ගං සාධු මාපිතං

හත්ථිනමථ අස්සානං රථානමථ පත්තිනං

ආලොක භූතං තිට්ඨන්තං උම්මග්ගං සාධු නිට්ඨිතං’

මෙ සේ වදාරා, මහ රජ, මා විසින් කරන ලද උමඟ චිත්රමකාරයන් විසින් සරහා සිටුවන ලද ඇතුන් ද, එ සේ මැ රථාලඞ්කාරයෙන් සරහා සිටුවන ලද රථ වාහන ද, යුඞයට සැරැහි සිටියාක් මෙන් ආවේ යැ යි වහා නො ද හැක්කා වූ නොයෙක් ආයුධ ගත් අත් ඇති වැ තිටි මහත් වූ පා බල සේනාව ද,යන සියලු අලඞ්කාරයෙන් දිව්යූ සභාවක් මෙනැ. දස දහසක් සක්වළැ එක ද තෙනෙකැත් මෙ බදු ආශ්චර්යයෙක් නැත. එ බදු උමඟ බලා වදාළ මැනැවැ’යි කියා නැවත වදාරන සේක්. ‘මහරජ, මා ගේ ප්රසඥා නමැති චන්ද්රැයා හා උපාය නමැති සූර්යයා හා එක් වැ නැංගා වූ ස්ථානයෙහි සරහන ලද උමඟ අසූවක් පමණ මහ දොර ඇත්තේ ය: සිවු සැටක් පමණ සුළු දොර ඇත්තේ ය. එක් සියයක් ශ්රී යහන් ගබඩා ඇත්තේ ය: නොයෙක් සිය ගණන් පහන් ගබඩා ඇත්තේ ය. මේ සියල්ල මැ දක්නා පිණිස වඤ්චා සිතක් නැති වැ සතුටු සිතින් අවෛරී වැ මට අවනත වැ අව මැනැවැ: එක් සියයයක් රජ දරුවන් හා අමාත්යට මණ්ඩලය හා පිරිවරා මේ උපකාරී නුවරට වැඩියැ මැනැවැ.


23.’බදින් එ සේ නොවැ, වේදේහ රජහු ගියත්, ‘අර්ධයක් ලද්දේ පන්ඩිත යැ’යි කී වා සේ , මා කෙරේ මායමින් ඉත සිතින් අඟවා නොසතුටු ලෙසින් නුවරට වැදැ. ‘දෙන්නාට කළ මනා දෙය මූට මැ කෙරෙමි’යි සිතා, මා අල්ලා ගන්නට මායම් සිතෙකින් ආ සේක් වී නම්. මේ එක දස දහසක් යොදුන් දඹ දිවැ එක් සියයක් රජුන් හා අටළොස් අක්ෂෞහිණි සංඛ්යාොත චතුරංගනී සේනාවක් තබා සෘද්ධි සම්පන්න චක්රෞවර්ති රජෙක් තමා ගේ ආනුභාවයෙන් සතර මහා ද්විපයෙහි සේනාව ඒ ඒ රජ දරුවන් සහිත වැ ගෙනායේ වී නම් , මා ගේ එක දා උපන් යෝධයන් ගෙන් එක් යෝධයෙක් මැ සේනාව මරා ලුහුබඳවා ජය ගෙනැ, මා කෙරේ පරණ වෛරයක් සිතැ ඇත්නම් එ සේ වූ දුර්බුද්ධියක් නො සිතා වහා වැඩියැ මැනැවැ’යි උපකාරි නුවර වාසල් හරවා වදාළ සේකැ.



42. බ්‍රහ්මදත්තයන් උමඟට වැදීමසංස්කරණය

චූළනි රජ්ජුරුවෝ එක් සියයක් රජුන් හා අමාත්යඟ මණ්ඩලය හා පිරිවරා උපකාරී නුවරට වන් හ. අභිමතාථි සාධක චින්තා මාණික්යනයක් බදු වූ ජන නෙත්රත රසාඤ්ජනවූ මා ගේ ස්වාමිදරු වූ තිලෝගුරු බෝධි සත්ත්වයන් වහන්සේ , ඇත් සේනාවක් මැදට නො බා නික්මුණු අභිත කෙශර සිංහ රාජයකු සේ මාලිගයෙන් බැසැ රජ්ජුරුවන් වැඳැ, බ්රසහ්මදත්ත රජ්ජුරුවන් ඇතුළු එක් සියයක් රජ දරුවන් ඇතුළු එක් සියයක් රජ දරුවන් හා මහා සේනාව පිරිවරා උමඟට වන් ‍ෙස්කැ.


2.බ්රරහ්මදත්ත රජ්ජුරුවෝ, රාජ මංගලයයට සරහන ලද මා ඇගි වූ නුවරක් බදු වූ ඉතා ආශ්චය්ය්්ර්වෝත් වූ උමඟ දැකැ, බෝධි සත්ත්වයන් ගේ ගුණ කියන්නාහු, ‘එම්බා රජ දරුවෙනි, යම් රජක්හු ගේ ජනපදයෙහි ද එක රටැ ද එක නුවරැ ද එක රජ ගෙයි ද මේ මහෞෂධ පන්ඩිතයන් වැනි කෙනෙක් වෙසෙත් නම්, ඒ ජනපදයටත් ඒ රටටත් ඒ නුවරටත් ඒ රජුටත් , ලාභයක් මුත් අලාභයෙක් නැත්තේ යැ. එ සේ හෙයින් පන්ඩිතයන් හා සමඟ වසන්නා වූ වේදේහ රජ හට එසේ මැ මහා ලාභයෙකැ’යි බෝධි සත්ත්වයනට ස්තුති කරන්නාහු, වේදේහ රජු කෙරේ ව්යාබජයෙන් , ‘ඉදින් මහෞෂධ පණ්ඩිතයෝ මා සම්පයෙහි වත් මා ගේ නුවරැ වත් මා ගේ ජනපදයෙහි වත් මා ගේ ආඥා පවත්නා රට දනව්වෙහි වත් වෙසෙත් නම්, මටත් වන්නේ මහ වැඩෙක් මැ යැ.මහා අභිවෘද්ධියෙක් මැ යැ’යි මහ පසාරයෙන් කී හ යි දත යුතු.


3.ඉක්බිති බෝධි සතත්වයන් වහන්සේ එක් සියයක් ශ්රී් යහන් ගබඩා දැක්වූ සේකැ. ඉන් ගබඩාවෙකැ දොර හල කලැ මුළු ගබඩාවලැ මැ දොර හැරුනේ ය. එකක් පිහි කලැ මුළු දොර පිහි යන්නේ යැ. මෙ සේ ආශ්චය්ය්ැර්ව ත් වූ උමඟ විස්තර බලමින් රජ්ජුරුවෝ පළමු වැ යන්නා හ. පණ්ඩිතයන් වහන්සේ පසු වැ යෙති. එක් සියයක් රජ දරුවන් හා රජ්ජුරුවන් ගේ අගම්පඩි සේනාව උමගට වන්නා හ. මහ උමඟ දෙ ගව්වක් පමණ ගෙවා ගෙනැ ගොස්, රජ්ජුරුවෝ උමං දොර එළිපතින් පිටත් වූහ. බෝධි සත්ත්වයන් වහන්සේ රජහු පිටත් වූ බව දැනැ, තමන් වහන්සේ පිටත් වන සේත්, අනෙකක්හු පිටත් වූ බව දුනැ ථ තමන් වහන්සේ පිටත් වන සේක්, නො හඟවා එක් ඇණයක් මැඬැලු සේකැ. ඒ ඇසිල්ලෙහි අසූවක් මහ දොර යැ. සූසැටක් සුළු දොර යැ. එක් සියයක් ශ්රීම යහන් ගබඩාවලැ දොර යැ. සිය දහස් ගණන් පහන් ගබඩාවලැ දොර යැ,යන සියලු දොරවල් ඒ ක්ෂණයෙහි පිහි අඟුළු හි ගියේ යැ. ඒ සියලු මැ උමඟ ලෝකාන්තරික නරකය මෙන් වී යැ. මහ ජනයෝ භයින් තැති ගෙනැ ගියෝ යැ. උමඟ හසු වූවෝ ඔවුනොවුන් ගේ ශබ්දය මූත්, ‘ මූ මූ මැ යැ’ යි නො දන්නා හැ. බෝධි සත්ත්වයන් වහන්සේ ඊයේ මධ්යිම රාත්රිියෙහි සරණ පාවා දී වේදේහ රජ්ජුරුවෝ යවා නැවැතැ උමඟට වදිමින් තමන් වහන්සේ ගේ මඟුල් ක‍ඩුව වැල්ලේ සඟවා තුබූ සේක් ද, ඒ කඩුව තුබූ හෙයින් වහා මැ අතට ගෙනැ අටළොස් රියනක් පමණ තැන් අ‍ාකාශයට පැනැ නැගී බිමට බැසැ, වමතින් රජහු අත අල්ලා - ගෙන‍ැ කඩුව බොටුවට පෑ අමෝරා භය ගන්වා “මහරජ, මේ සියලු දඹ දිවැ රාජ්යබය කාටදැ” යි විචාළ සේකැ.


4. රජ්ජුරුවෝ භයින් තැති ‍ ගෙනැ, “පණ්ඩිතයෙනි, තොපට මැ යැ, තොපට මැ යැ, තොපට මැ යැ, තුන් වරක් කියා, ‘මා නොමරා අභය දෙව’ යි කී හ. එ බසට බෝධි සත්ත්වයන් වහන්සේ වදාරන සේක්, මහ රජ, නොබව මැනැවැ. නුඹ වහන්සේ මරන පිණිස කඩුව එසැවූයෙම් නො වෙමි. මා ගේ ප්රවඥාවේ අනුභාව දක්වන පිණිසැ කඩුව එසැවීමි” යි කියා රජ්ජුරුවන් අතට කඩුව දුන් සේක්, ‘මහ රජ, ඉදින් මා මරනු කැමති සේක්වී නම් මේ කඩුවෙන් දැන් මා මැරුව මැනැවැ නොමරන සේක් වී නම් අභය දුන මැනවැ’ යි වදාළ සේතැ. ඒ අසා රජුජ්රුවෝ, ‘ මා විසින් තොපට අභය දෙන ලද්දෙ යැ. තොප මා කෙරෙහි සැක නො කරව’ යි මතුත් ඔවු -නොවුනට නොවරදන‍ා ලෙස කඩුව ගෙනැ සපථ කළ හ.


5. ඉක්බිති රජුජ්රුවෝ කියන්නාහු, “පණ්ඩිතයෙනි, තොප ගේ මෙ බඳු ප්රුඥා බල හා කාය බල හා ඇති වැ කුමක් පිණිසැ රාජ්යයය නො ගනු දැ’ යි කී හ. මහ රජ, ඉදින් කැමත්තෙමි නම් සියලු රජ දරුවන් මරා රාජ්යපය ගනිමි. අනුන් මරා යසස් ගැන්ම නුවණැත්තන් විසින් නින්දා කරන ලදැ’ යි වදාළ සේකැ. රජුජ්රුවෝ එ බසට සතුවු වැ කියන්නාහු, ‘පණ්ඩිතයෙනි, උමඟ‍ට හසු වූ මහ ජනයා උමං දෙ‍ාර නොහරනෙන් වලප්නා හ. උමං දෙර හැරැ ඒ සත්ත්වයනට ජීවිත ද‍ානය දෙව’ යි කී හ.


6. සකල ජනාන්දර වූ තිලෝගුරු වූ අනාථනාත වූ කරුණා නිධාන වූ මා ගේ ස්වාමි දරුවාණෝ ඒ වේලෙහි දෙර හළ සේකැ. සියලු උමඟ ඉරු නැංගා සේ ඒකාලෝක වියැ. මහජනයෝ අස්වස් ලදින් සැප සේ සිටිය හ. එක්සියයක් රජ දරැවෝ තම තමන්ගේ අගම්පඩි සේනාව හි සමඟ උමඟින් පිටත් වැ බෝධි සත්ත්වයන් වහන්සේ සිටි තෙනට ගිය හ. ඉක්බිති රජ දරුවෝ කියන්නා හු , ‘තොප නිසා යැ, පණ්ඩිතයෙනි,අප ජීවිත ලදිදේ. මඳ ඇසිල්ලෙකින් දොර නො හළුවෝ නම් අප හැම උමඟැ මළම් හ” යි කී හ.


7. ස්වාමි දරුවාණෝ වදාරන සේක්, ‘ දැන් මතු නො වෙයි, තොප හැම මා නිසා රැකුණේ. පළමුත් රැකුණේ වේ දැ’ යි වදාළ සේකැ. පළමු තමන් නිසා රැකුණු නියාව නො දන්නා රජ දරුවෝ ‘ ඒ කව‍ර කලෙකැ ද, පණ්ඩිතයෙනි කී හ. ස්වාමි දරුවාණෝ උන් හැම ගිවිස්වා සලකුණු වදාරණ සේක්. ‘රජ දරුවෙනි, අග ගේ මියුලු නුවර තබ‍ා සියලු දඹ දිව රාජ්ය ය ගෙනැ මේ උත්තර පඤ්චාල නුවරට අවුත් මඟුල් නුවර තබා සියලු දඹ දිව රාජ්යැය බොම් හ’ යි මන්ත්ර ණය කැරැ රා මස් ආදී සියල්ලක් සැරැහු දවස් සිහි කරවූදැ’ යි වදළෙ සේකැ. එසේ යැ. පණ්ඩිතයෙනි, සිහි ඇතැ’ යි කී හ. ‘එසේ වී නම් මේ රජ්ජුරුවන් හා කේවට්ටයා හා කළ නපුරු මන්ත්ර ණයකින් කේවට්ටයා ගේ බස් ගෙනැ විෂ මිශ්රා රා හා මච්ඡ මාංශ හා කවා තොප හැම මරන පිණිස කළ‍ා වූ මන්ත්රගණය දැනැ, ‘ මා සේ වූ පණ්ඩිතයෙකු ජීවත් වැ ඉන්දැ දී මා බල - බලා මේ රජදරුවෝ අනාථ මරණින්නො මියෙත්ව’ යි සිතා මා ගේ සහජාත යෝධයන් එවා රා හා මච්ඡ මාංශ පිරූ ඒ සැළවල් බිඳුවා, මොවුනි දෙ දෙනා ගේ මන්ත්රමණය බිඳැ ‍තොප හැම දෙනාට මැ ජීවිත දානය දුන්නෙම් වේ දැ’ යි වදාළ සේකැ.


8. ඒ රජ දරුවෝ කළකිරුණු සිත් ඇතිවැ,’සැබැද, මහ රජ, එ සේ කෙලේ’ යි කී හ. ‘ කේවට්ටයා ගේ බස් ගෙනැ, රජ දරැවෙනි, මා එසේ කළේ සැබෑ යැ. බොරුවක් නො‍වෙයි, පණ්ඩිතයන් කී බස් සැබැවැ’ යි කී හ. ඒ රජ දරුවෝ සැම දෙන මැ බෝධි සත්ත්වයන් සිපැ ‍- ගෙනැ, ‘ පණ්ඩිතයෙනි, අප හැම දෙනාට පිහිට වැ සිටියහු තෙපි මැ යැ. තොප නිසා අප දිවි ලද්දේ යැ’ යි තමන් තමන් පලන් ඔයුවු සහිත වු සූසැට ආභරණයෙන් බෝධි සත්ත්වයනය පූජා විඳැ - ගෙනැ සිට, චූළනී රජ්ජුරුවනට උපන් කනස්සල්ල හරන සෙක්, මහ රජ, නො සිතුව මැනැවැ. නුඹ වහන්සේ ගේ වරදෙක් නො වෙයි. මේ වූ කලී දුෂ්ට වූ කේව‍ට්ටයාගේ පාප මිත්‍ර සංසර්ගයෙන් වූ දෝෂයෙකි. ‘මතු මෙ වැන්නක් නො කරන්නෙමි’ යි මේ රජ දරුවන් ඇම ක්ෂමා කරවා ගත මැනව’ ‍යි වදාළ සේකැ. රජ්ජුරුවෝ කියන්නාහු, ‘ රජ දරුවෙනි, මා ගේ නුවණින් තොප හැම දෙනා කෙරෙහි ජන්මාන්තර වෛරයකින් මා කළ දෙයෙක් නො වෙයි. තෙල ඉතා දුරජන වූ, ගුණමකු ලාමක වූ, කෙළෙහි ගුණ නො දන්නා වූ, අල්ලජ්ජි වූ අනාය්ය් ර්‍ ස්වරූප ඇති අවලක්ෂණ වූ කේවට්ට නම් ජඩයා නිසා, මා නො දැනැ කළ අපරාධය ක්ෂමා කරව. නැවැතැ මා පණ තබා මෙ වැන්නක් කරන්නේ නැතැ’ යි ක්ෂමා කරැවූ හ. මෙ සේ රජ දරුවන් ඔවුනොවුන්ගේ වරද දෙසා හැම එක් සිත් වීමෙන් සමාගම් වූ හ.



43. මහෞෂධයන් රඳවා ගන්නට ප්‍රයත්න කිරීමසංස්කරණය

ඉක්බිති බ්රතහුමදත්ත රජ්ජුරුවෝ, බොහෝ කන බොන දෑ හා මල් ගඳ විලෙවුන් හා ගෙන්වා, සියලු රජ දරුවන් හා උත්තර පඤ්චාලය, වේදේහය යන දෙරටැ සේනාව එක් වැ සත් දවසක් උමඟ ඇතුළෙහි මැ කෙළැ, ඉන් නැඟී උපකාරී නුවරට වැදැ, බෝධි සත්ත්වයන් වහන්සේට බෙ‍ාහෝ සත්කාර සම්මාන කොටැ, එක් සියයක් රජ දරුවන් පිරිවරා මාළිගයේ මතුමහල් තෙලෙහි හුන්නා හු, බෝධි සත්ත්වයන් තමන් සමීපයෙහි රඳවනු කැමැති වැ කියන්නා හු, “මහෞෂධ පණිඩිතයෙනි, දවස් පතා ජීවිත වෘත්තියට දෙන ලද වියදම් ආදිය ද, ගම් -බිම්-ගව මහීෂ-ඇත්- අස් ආදීන් හා වාහන සමූහයාද, මුතු-මැණික්-පබළු-වෛදූය්ය්මර්‍-මසාරගල්ල -ලොහිතංක රජත ස්වර්ණ දශ විධ රත්න සමූහය ද දෙමි; ඒ ඒ දෙශයෙහි අ‍නෙක ප්ර කාර වස්ත්රස සමුහයෙන් ද දාසි, දාස ආදී වූ නොයෙක් කර්ම‍ කාරයන් ගෙන් ද, මා ගේ රාජාභිවෘද්ධියට දෙවනු කොටැ සිටුවා ලමි; වේදේහ රජ්ජුරුවන් තබා දුන් වෘත්තියට හැම දෙයින් මැ කිසිවකුත් නො වරදවා ද්විගුණ කොටැ දෙවා ලමි. එක දේශයට නායක වේදේහ රජ්ජුරුවන් තොප රැක ලියැ හෙන කලැ දස දහසක්යොදුන් දඹ දිවට නායක වූ මම රැක්ක නොහෙම් ද? තවද ‍තෙපි මියුලු නුවරැ වේදේහ රජ්ජුරුවනට‍ හා වේදේහ රටට හා සෙනෙවිරත් කම් කරන පමණෙක් වේ ද? මා සමීපයෙහි රැඳුනා වූ දැ වී දස දහසක් යොදුන් දඹදිවටත් එක් සියයක් රාජධානියෙහි රජ දරුවන්ටත් මටත් තොප තනි වැ සෙනෙවිරත් ධූරය කරන හෙයින් රජහු එක්සියක් දෙන යැ; එක් සෙනෙවිරද්දු ය. රජ දරුවන් මුළුල්ලට‍ වඩා තොප ගේ අඥානවත් තේජසත් ප්ර ඥාවත් කීර්තියත් සිටින්නේ ය. ඉදින් මෙහි තෙපි රඳා උන්හු නම් එක් සියයක් රාජධානිවලැ අමාත්යි මණඩලය සහිත වූ මනුෂ්යඋයෝ තොප මුත් අප ඇතැ යි කියා නො‍ දන්නා හ. තව ද අවශේෂ වූ මනුෂ්යෝයන් හා එක් සියයක් රජ දරුවන් තබා මමත් තොප කීවා මුත් සිතින් සිතා කිසිවකුත් නො කරමි රඳව’ යි කී හ.


2. රජු ගේ සම්පත් බොධි සත්ත්වයන් වහන්සේ ප්ර’තික්ෂේප කරන සේක්, මෙසේ වදාරන සේකැ: මහ රජ, යම් පුරුෂයෙක්බොහෝ දවසක් බොහෝ සම්පත් දී භර්තෘ ස්වාමි වැ රක්ෂා කළ රජක්හු සමීපයෙන් අනෙක් රජක්හු, ‘ඒ සම්පතට වඩා සැපක් දෙමි’ කීව යි, චිරාත් කාලයක් මුළුල්ලේ රැකි රජහු හැරැ, අමුතු වැ, “සැපක් දෙමි” කී රජහු ගේ සම්පත් නිසා, එහි ලෝභයෙන් ගියේ වී නම් ඕ හට තමා විසිනුත් නින්දා මැ යැ: අනුන් විසිනුත් නින්දා මැ යැ: වදාළ සේකැ. ඒ කෙසේ ද යත්: තමා විසින් ලබන නින්දා නම්, මේ රජ්ජුරුවෝ තමාට සෙසු නෑසිය කමක් නැති වැ සත් ඇවිරිද්දෙහි පටන් මා තමන් සමීප‍ෙ‍යහි රඳව‍ා මා නිසා මැ මා ගේ දෙමව් පියනට එ සා මහත් උපකාරයකුත් කොටැ මේ සා මහත් තනතුරෙකැ තබා මහ ඓශ්චය්ය්පර්යෙ හි පිහටුවා රකිමින් සිටිය හ. ඒ රජහු අත් හැරැ “වඩා සැපක් දෙමි” යි කිව යි, මා කළ ද උපකාර ජල රේඛාවක් පරිදිදෙන් කළේ යැ. නැවැතැ අන් රජ හටත්මෙ තෙක් වේ දැ” යි අනුන් ගෙනුත් නින්ද‍ා ලබමි. අනුන් ගෙනුත් නින්ද‍ා ලබන නින්දා නම් මෙ යැ. මෙ සේ දෙ තැනින් නින්දායෙන් මට ගැළැවී‍ෙමක් නැති. එ බැවින් මා ගේ රජ්ජුරුවෝ යම් තාක් ජීවත් වැ ඉන්ද්ද, ඒ තාක් කල් මුළුල්ලෙහි මැ, “ වේදේහ රජ්ජුරුවන් ගේ මහෞෂධ පණ්ඩිතයෝයැ” යි කිවුවන් ලවා “බ්රුහ්මදත්ත රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයෝ යැ” යි නො කියවමි. “ මියුලු නුවරැ මහෞෂධ පණ්ඩිතයෝ යැ” යි නො කියවමි. මේ මා ගේ රජ්ජුරුවන් ජීවත් වැ ඉන්ද දී මා රඳන්නේ නැතැ” යි වදාළ සේකැ.


3. නැවැතැ රජ්ජුරුවෝ කියන්නාහු: ‘ එ සේ වී නම් පණ්ඩිතයෙනි, තොප ගේ රජ්ජුරුවන් ස්වර්තස්ථ වූ කලැ ‘එන්නෙමි’ කියා මට ප්ර තිඥා දෙව’ යි කීහ. මහ රජ, ජීවිතය නම් ‘මහලු යැ, බාල යැ’ යි නියමයෙක් නැත. එතකොට මම රැකී උනිම් නම් එන්නම්’ යි වදාළ සේකැ. ඉක්බිති රජ්ජුරුවෝ ‍බෝධි සත්ත්වයන් වහන්සේට, ප්රනමාණාතික්රා න්ත මහා‍ සත්කාර කරැවූ හ. සත් දවසක් ඉකුත් වූ කල්හි මහතාණෝ ගමන‍ට සමු ඉල්ලූ සේකැ. රජ්ජුරුවෝ, “පණ්ඩිතයෙනි, තොපට මේ මේ දෙය දෙමි. ඒ ගන්ව’ යි ප්රධසාද කියන්නාහු මේ ගාථාවෙන් කියත්:


“දම්මි නික්ඛ සහස්සං තෙ, ගාමාසීති ච කාසිසූ

දාසීසතානි චත්තාරි, දම්මි හරියා සතං ච තෙ,

සබ්බසෙනඬ්ගමාදාය, සොත්ථිං ගච්ඡ මහොසධ”.


මේ ගාථාවෙහි අභිප්රාාය නම් ‘‍මහෞෂධ පණ්ඩිතයෙනි, තොපට නික් දහසක් දෙමි: හෙවත් රන් පස් විසි දහසක් දෙමි: තව ද තො පගේ වේදේහ රටට ආසන් වූ කසී දේශයෙන් එකි එකී ගමෙකින්අවුරුද්දක‍ට අය නිමන්නා වූ මෙ සෙයින්අවුරුද්දක‍ට අසූ ලක්ෂයක් නිමන උත්තම සළු ගම් අසූවක් දෙමි: තවද නොමැහැලි වූ බාල පරම්පරායෙහි සිටි කෙල්ලන් සැර සියයක් දෙමි: තව ද නො‍ෙයක බිසෝ පලඳනාවයවෙන් සරහා නිමවන ලද ශරීර ශොභා ඇති සර්ව ලක්ෂණ සම්පන්න වූ බිසෝ වරුන් සියයක් බිරියන් කොට පාවා දෙමි: තව ද මා ගේ ඇත් ඇස් රථ පදාති සේනාවන් තොපට නින්දේ මැ ප්රාසාද සේනාවක් කොටැ දෙමි. තොප ‍‍ගේ සේනාවත් මා ගෙන දුන් සේනාවත් ඇරැ ගෙනැ සුව සේ තොප ගේ රටට යව” යි සමු දුන්හ.


4. ඉදින් නන්දා දේවීන් හා නෑයන් සතර දෙනා වේදේහ රජ්ජුරුවෝ නේවත් නමුත්, පණ්ඩිතයන් වහන්සේ තමන්ගේ යාච්ඥාවට රැඳුණු දැ වී නම් බ්රඩහ්මදත්ත රජ්ජරුවොත් චක්ර රත්නය හස්ත ප්රමප්ත වූ සක්විති රජක්හුමෙන් සතුටු වෙත් මුත්, පිටැතැ මා ගේ බිසවුන් හා නෑ කෙනෙක් ඇත්තෝ වෙද්ද” යි කියන්නා තබා සිතිනුත් නො සිතන්නා හ.



44. මහෞෂධයන් පෙරලා මියුලු නුවරට පැමිණීමසංස්කරණය

බෝධි සත්තවයන් වහන්සේ සමු දුන් රජ්ජරුවන් අස්වසා වදාරන සේක්: ‘මහ රජ නුඹ වහන්සේ ගේ නෑයන් ‘මා ගේ නෑ කෙනෙක් සාරසියයන් ගව්වෙන් පිට‍ත් වෙත් දැ’ යි නො සිතුව මැනැවැ. මම මා ගේ රජ්ජරුවන් නික්මෙන දවස් මැ මෙසේ වූ සම්මතයක් කෙළෙමි. කෙසේ ද යත්: ‘මහ රජ, තෙල නන්දා දේවීන් මවු තනතුරේ තබා දුට මැනැවැ: පඤ්චාල චන්ඩි කුමාර‍යන් මල් තනතුරේ තබා දුට මැනැවැ’යි කියා, පඤ්චාල චන්ඩි කුමාර‍ිකාවන් අභිෂෙකයට පමුණුවා සොළොස් දහසක් බිසෝවරුනට නායක කොටැ ඔටුනු පලඳවා රජ හට පාවා දී යැවීමි. නුඹ වහන්සේ ‍ගේ මෑණියන් වහන්සේත්, පුතණුවන් දැත් මා ගිය නෙ‍ා බෝ දව‍සෙකින් වහා එව ලන්නෙමි” යි වදාළ සේකැ.


2. “යහපතැ, පණ්ඩිතයෙනි” යි කියා තමන් ගේ දියණියනට, දුන මනා දායාදයට දාසි දාස වස්ත්රා්භරණ අලංකාර මුතු මැණික් ආදී දශ විධ රුවන් සමූහය ද, යන මේ දායාද මුළුල්ල කිසි‍ෙවකිනුත් අඩු නො කොට, තමන් ගේ නායක තනතුරට හා, රජ වැ මුත් මෙ සේ දියැ හැකි දැ” යි කටැ කටැ කයිවාරු කරන පරිද්දෙන් නොයෙක් සම්පත් මුළුල්ල, මාගේ දියණියන්ට දෙව’ යි බෝධි සත්ත්වයන් හා කැටිවැ යන සේනාවට දියැ යුතු වියදම් ආදී සියල්ල විධාන කරන්න‍ාහු, එහි නියුක්තයනිට මෙ සේ කියත්, කෙසේ ද යත්:-


“එම්බා සගයෙනි, වේදේහ රජ්ජුරුවන් ගේ සෙ‍ාළොස් දහසක් ඇත් ඇණි යැ: සෙ‍ාළොස් දහසක් අස් ඇණි යැ: එ තරමට නොමඳ වූ සේනාව යැ: යන සියල්‍‍ලෝ මැ වේදේහ රජ්ජුරුවන් හා කැටි වැ පළමු පලා ගි‍ය හ. පණ්ඩිතයන් කැටි වැ සිටියාහු ‍බොහෝ දෙනෙක් නො වන්නා හ. උන් තමනට අගම්පඩි වැ සිටින්නා හු සෙ‍ාළොස් දහසක් ඇත් ඇණි යැ: සෙ‍ාළොස් දහසක් අස් ඇණි යැ: සෙ‍ාළොස් දහසක් රථ ඇණි යැ: ඒ තරමට මැ වඩා සිටිනාවූ මහා සේනාව යැ: උන් උනට‍ දෙන්නේ වැඩියෙක් නො වෙයි. උන් උනට පළමු දෙන තරම් පණ්ඩිතයන් ගේ වියදම් අතින් නියම දැනැ, පළමු උන් ගෙන් දෙන්නා‍ට දෙන වියදම් දැන් එකකුට බැගින් සියල්ලනට දෙන වෘත්තිය, උත්තමයන් කෙරේ පටන් අධමයන් කෙරේ දක්වා, ඇතුන් පටන් ගවයන් දක්වා, පළමු වියදම් කා සිටියවනට කිසිවෙකින් රැහැණි නො කරවා, අන්නපාන වස්ත්‍ළමුාරණ ආ‍දී වූ සියල්ලෙකිනුත් අඩු නො කොටැ වහ‍ා දෙව. එ සේ කලැ සාරසියයක් ගවු ගෙවා යන්නා හු මඟ සුහ සේ නිදුකින් ක්ලාන්ත නො වී යන්නා හ” යි විධාන කළ හ.


3. නැවැතැ බෝධි සත්ත්වයන් වහන්සේට සමු දෙන්නාහු මෙ සේ කියත් :-


හස්ති අස්සා රථා පන්ති ගච්ඡෙවාදාය පණ්ඩිත

පස්සතු තං මහාරාජා, වෙදෙහො මිථිලාගතං

මෙයින් කිය‍ා : ‘ මහෞෂධ පණ්ඩිතයෙනි, ඇත්-අස්-රථ-පදාති සේනාව පිරිවරා මහා සන්තෝෂයෙන් අසුර විජය කොටැ ජය ලත් ශක්ර දේවේන්ද්රහයා පරිද්දෙන් වහා නිකිමෙව. තොප සුවසේ මියුලු නුවර ගියවුන් දකින්නට පුල- පුලා උන් වේදේහ රජ්ජුරුවන් හා පෙර මඟ බල-බලා ඉඳිනා නුවරැ වාසීහු ‍තොප ගියවුන් දැකැ, සතුටු වෙත්ව’ යි කී හ. ඒ සියයක් රජ දරුවෝ ද බෝධි සත්ත්වයන් වහන්සේට බොහෝ සත්කාර කොටැ බොහෝ පඬුරු දුන් හ.


4. ඒ ඒ දරුවන් අතරේ සිටි චර පුරුෂයෝ එක් සියයක් දෙන තමන් ගේ පර්ෂද් හා සමඟ අවුත් පණ්ඩිතයන් වහන්සේ, පිරිවරා ගත් හ. මහතාණන් වහන්සේ, ප්ර්මාණතික්රාින්ත වූ නොහෙ‍ාත් මෙතෙකැ යි පමණ නැත්තා වූ චතුරංගිනි සේනාවෙන් ගොඩ ගමන් ගත් මහා සමුද්රරය පරිදිදෙන් නික්මුණු සේක්, අතර මඟැ සිටැ, ‘බ්රපහ්මදත්ත රජ්ජුරුවන් දුන් සළු ගම් අසූවෙහි අය ගෙනෙව’යි මිනිසුන් යවා තමන් වහන්සේගේ වේදේහ රටට සමුප්රායප්ත වූ සේකැ.

45. මහෞෂධයන් පිළිගැනීමසංස්කරණය

එ දවස්, “උමඟින් යන්නට යැ” යි කී බසින් දණ නළල වැළ මිට කඩ රෙදි බැඳැ කෝනමක් හැඳැ සැරැහුණු, ප්රිඥා සමුද්ර් වූ ඉතා ගැටවා සේනකයා මතු වන්නා දැනැ අතර මඟ එක් පුරුෂයෙකු මෙසේ කියා: “එම්බා කුඩෙනි, චූළනි රජ්ජුරුවන් මෑත එන්නක් වත් අනෙක් කිසි කෙනෙකුන් මෑත එන්නක් වත් අවුත් මට කියව” යි කියා සිටුවියැ. ඒ පුරුෂයා මියුලු නුවර දෙ‍ාළොස් ගව්වෙකින් ඔබ්බේ වඩනා මහ බෝ සතාණන් වහන්සේ දැකැ, “මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ මහ පෙරහරින් වඩිමින් සිටු සේකැ” යි අවුත් සේනකයාට කී යැ. ඒ අසමින් සේකනයා වහා රජ ගෙට‍ ගොස් රජ හට කී යැ.


2.රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේ එන නියාය දැනැ, මාළිගයේ මතු මහලට නැඟී සීමැදුරු කවුළුවෙන් පිටත බැලූ කල්හි සේනා දැකැ කියන්නාහු, “අප ගේ පණඩිතයන් ගේ සේනාව මඳ ය. උන් හැම තමා සොළොස් දහසක් ඇත් ඇණිය: සොළොස් දහසක් අස් ඇණි යැ: ‍ සොළොස් දහසක් රථ ඇණියැ: එ පමණ තරම් සෙනාවට වඩා පා බළ සේනාව යැ’ ඉතා භයානක ඇත්තේ යැ “ යි භයින් තැති ගෙනැ සේනකයා විචාරන්නා හ,


“හ්තථි අස්සා රථා පත්ති සෙනෙහි දිස්සතෙ මහ

චතුරඬ්ගිනි භිසංරූපං කින්නු මඤ්ඤසි පණ්ඩිත.”


“ඇත් සේනාව යැ, අස් සේනාව යැ, රථ සේනාව යැ, මෙ තෙකැ යි පමණ නැති පදාති ‍ සේනාව යැ, මෙ සේ හෙයින් භයායන සවරූප ඇත්තේ යැ, සේනකයෙනි, තොපි උන් කවුරුනැ යි සිතවු දැ” යි කී හ.


3. සේනකය‍ා රජ හු සැක හරවා තත්වූ පරිදිදෙන් කියන්නේ, උතුම් ‘මහ රජ, නො බා වදාළ ම‍ැනැවැ. නුඹ වහන්සේට උතුම් සන්තෝෂ‍ෙයක් වන්නේ යැ. ඊට කාරණා කිම් ද යත්: එක් සියයක් රජ දරුවන් ‍ගේ සේනාව යැ: මියුලු නුවරින් ගිය සේනාව යැ යි යන චතුරංගිනි සේනාව පිරිවරා සුව සේ එන සේක් වේ ද? අපට යස දායකවූ, අප ගේ ළයක් වැනි, අප ගේ ඇසක් වැනි, අප ගේ ජීවිතයක් වැනි අප ගේ ස්වාමිදරුවූ, ජනාන්දකාර වූ, ලෝක ස්වාමි වූ, තිලෝගුරු වූ, තිලෝක වූ, ප්රනඥාසම්පන්න වූ, ශරණාගත වජ්රනපඤ්ජර වූ, අප ‍ෙග් ‍මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ වඩනා සේකැ” යි කී යැ.


4. “සේනකය, කුමක් කියවු ද? පණ්ඩිතයන් ගේ සේනාව මඳ යැ, සේ සේනාව එ දවස් බ්රයහ්මදත්තයන් ආ නියාව ‍මෙන් මහා සේනාවකැ” යි කී හ. නැවැතැ සේනකයා කියන්නේ, මහ රජ, නො සිතා වදාළ මැනව,අප‍ ගේ ස්වාමිදරවාණන් ගේ ඉතා මිහිරි වූ කර්ණන රසායනයක් බඳු වූ ධර්මා,න්විත වූ මධුර කථායෙහි බැඳුණු රජ්ජුරුවන් විසින් ඔබ කෙරෙහි පැහැදැ ඔබට ප්ර්සාදයෙන් දුන් සේනාව යැ. සැක නො කට මැනැවැ” යි කී යැ.


5. ඒ අසා රජ්ජුරුවෝ ඉතා සතුටු වැ නුවර බෙර ලවන්නාහු, “ මේ මාගේ සත් යොදුන් මුයුලු නුවර දිව්යත පුරයක් මෙන් සරහා පණ්ඩිතයන්ට පෙර ගමන් කෙරෙත්ව” යි කියා බෙර ලැවූ හ. නුවර වාසීහු දැක්මට පුල-පුලා උන්නාහු, එ බස් අසමින් මැ අට විසි ගව්වක් පමණ ඒ සා මහත් නුවර අසුර විජ‍ය කොටැ ජය ලදින් එන ශක්රි දෙවෙන්ද්රායාට සරහා නමවන ලද ශක්රජ භවනක් මෙන් අති මනොහර කොටැ ධජ-පතාක-පුන්- කලස් -කදලි තොරණ අ‍ාදියෙන් හා සුදු වැලි ලද පසුමල් ආදියෙන් හා විසිතුරු කොටැ සරහා, නුවරැ වාසීහු සර්වාභයෙන් සැරැහී ස්වාමිදරුවාණනට පෙර ගමන් කොටැ වඩා ගෙනා හ. පණ්ඩිගයන් වහන්සේ ඒ නුවර වාසී වූ ස්ත්රී පුරුෂයන් ගේ නෙත්රි සමූහයන් සතුටු කඳුලින් පුර තුෂාර‍ෙයන් ආර්ද්රන වූ නිලුපුල් පෙති සේ කෙරෙමින්, ඇස් සිත් නිවා, තමන් වහන්සේ පස් මඳක් මුළුල්ලෙහි නුදුටුවන් ගේ ශොක සන්හිඳුවා, ළෙහි අමා දිය එවැ, ඇසට රසාඤ්ජන දෙන්නාක්හු මෙන්, අනන්තයා සේ දහසක් මුඛ මව‍අමා ඉදින් කිව හොත්, ඒ මහතාණන් ගේ ශ්රීත විලාසයෙන් ස්වල්ප මාත්රඳයකුත් කියන්නට අසමර්ථ වූ අනුපමෙය වූ ශ්රීී විභූතීන් රජ ගෙට වැදැ රජ්ජුරුවන් දුටු සේකැ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-ix&oldid=4773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි