9. කකණ්ටක -සිරි කාලකණ්ණි ප්‍රශ්නයසංස්කරණය

කකණ්ටක ප්‍රශ්නයසංස්කරණය

නැවැතැ එක් දවසක් රජ්ජුරුවො පන්ඩිතයන් හා සමඟ උයනට ගියා හ.එ දවස් එක් බොහෙ‍ාඩෙක් තොරණ අගැ වන්නේ යැ.ඒ තෙමේ රජ්ජුරුවන් එන්නවුන් දැකැ තොරණ අගින් බැස බිමැ වැදැ හොත්තේ යැ.රජ්ජුරැවෝ ඒ බොහොඬා ගේ ක්රිැයාව බලා, “මහෞෂධ පණ්ඩිතයෙනි, මේ බො‍ෙහාඬකෙුමකු කෙරේ දැ’යි විචාළ හ. “දේවයන් වහන්ස,නුඹ වහන්සේට සේවය කරන්නේ යැ’යි වඳාළසේකැ.රජ්ජුරුවෝ, “ඉදින් එසේ වී නම්,අපට කරන සේවය හිස් නො වේ ව යි, ඕහට වස්තුවක් දෙව’යි කී යැ. බෝසතාණන් වහන්සේ , ‘දේවයන් වහන්ස ,ඕහට වස්තුයෙන් ප්රියෝජන නැති;කෑ යුතු දෙයක් ඇත් නම් පමණ යැ’යි වදාළ සේකැ. “මේ තෙමේ කුමක් කන්නේදැ’යි රජ්ජුරුවෝ කී හ. දේවයන් වහන්ස ,මස් අනුභව කරන්නේ වේ දැ’යි වදාළ සේකැ. “කෙතෙක් දෙය ලැබ්බැ යුතු දැ’යි විචාළ හ. “දේවයන් වහන්ස,වියැට සමාරක් පමණ රත්රන් පුස්නා මසැ’ යි වදාළ සේකැ.රජ්ජුරුවෝ එක් පුරුෂයකුට “රජ්ජුරුවන් දෙන දෙය නහ් වියැට සමාරක් පමණ නුසුදුසු යැ’යි කියා ‘මෝ හට රන් දෙවියැට සමාරක් අගනා මස් නිබඳ වැ ගෙනැ හැරැ දෙව’යි කියා නියෝග කළ හ.ඒ පුරැෂයාත් , ‘යහපතැ’යි කියා එතැන් පටන් කොටැ රජ්ජුරුවන් විධාන කළ ලෙසට මැ මස් ගෙනැ හැරැ බොහෙ‍ාඬාට දෙන්නේ යැ.

2.ඒ පුරුෂයා එක් දවසක් උපෞෂථ දිනයෙහි,රාජ සම්මත හෙයින් පණිවා කළවුන් නැති කල්හි, නුවර මුළුල්ලෙහි මස් සොයා නො ලැබැ, එ මැ දෙ වියැට සමාරක් පමණ රන් මැදින් විදැ, හුයෙන් අවුණා, බොහොඬා කරැ බැන්දේ යැ. ඉක්බිත්තෙන් ඒ බොහොඬාට රත්රන් දෙ වියැට සමාර නිසා මානයෙන් උපන.එ දවස් මැ රජ්ජුරුවොත් නැවැතැ උයනට ගියා හ.ඒ බොහොඬ තෙමේ රජ්ජුරුවන් එන්නවුන් දැකැ, වස්තු නිසා උපන් මානය කරණ කොටර ගෙනැ, “වේ‍දේහයෙනි,තෙපි මැ නො වැ මහත් වස්තු ඇත්තෝ මමත් වස්තු ඇත්තෙම්’යි රජ්ජුරුවන් හා සමඟ තමා සම කරන්නේ තොරණ අගින් නොබැසැ, තොරණ අගැ මැ හිස සළසමින් වැදැ හොත්තේ යැ.


3.රජ්ජුරුවෝ ඔහු ගේ ක්‍රියාව දැකැ, “මහෞෂධ පණ්ඩිතයෙනි, මේ තෙ‍මේ පෙරැ පරිද්දෙන් අද නොබස්නේය යැ.කවර කාරනයකින් ඒ තද බව ඇති වී දැ’යි ගාථා‍ෙවකින් විචාළ හ. පණ්ඩිතයන් වහන්සේ, පොහෝ දවස් පණිවා නොකිරීම නිමිත්ත කොටැගෙනැ,මස් නොලබන්නා වූ රාජ පුරුෂයා විසින් තමා කරැ බැඳි රත්රන් දෙවියැට සමාර නිසා උපදනා ඔහුට වියැ යුතු යැ’යි දැනැ, එ මැ කාරණය ගාථාවකින් කියන සේක්, “නො ලත් විරූ අර්ධමාෂක සම්මත වූ වස්තුවක් ලදින් මේ තෙමේ මියුලු නුවර ගේ කොටැ ඇත්තා වූ, දො හෝ නො හොත් , දාන -ප්‍රිය වචන-අර්ථචර්යා -සමානාත්මතා‍ සංඛ්‍යාත සතර සංග්‍රහ වස්තුයෙන් ජනයා සගන්නා වූ, වේදේහ රජ, “තෙපි තොප පමණට වස්තු ඇත්තා හ. මමත් මා පමණට වස්තු ඇත්තෙමි. එ සේ හෙයින් තොපට මා අඩු කිමෙක් ද’යි ඉක් මැ සිතන්නේ,හෙළා දැක්කේයැ’යි මේ කකණ්ටක ප්‍රශ්නය විසඳා වඳාළ සේකැ.

4. රජ්ජුරුවෝ කටුසු බොහොඩාට මස් ලන්නට නියම කළ පුරැෂයා ගෙන්වා , “පණ්ඩිතයන් ගෙන්වා , ‘පණ්ඩිතයන් කීවා සැබැදැ’යි විචාළ හ.ඒ වූ පරිද්දෙන් මැ කියේ යැ.රජ්ජුරැවෝ, “කිසි කෙනෙකුන් වහන්සේ විසින් දත් අදහසක් මෙන්, පණ්ඩිතයන් විසින් බොහොඬා ගේ අදහස දන්නා ලදැ’යි වඩා ලා පැහැදැ, පණ්ඩිතයන් වහන්සේට සතර වාසලින් නිමන සුන්වන් අය දුන් හ.බොහොඬ‍ාට වනාහී රජ්ජුරුවෝ කිපි තමන් තැබූ වෘත්තීය අරවන්නට වන් හ.පණ්ඩිතයන් වහන්සේ වනාහි, “තබාලු වෘත්තිය හරවාපිම සුදුසු නො වන්නේ යැ’යි වැලකු සේක.

සිරි කාලකණ්ණි ප්‍රශ්නයසංස්කරණය

5.ඉක්බිත්තෙන් මියුලු නුවරැවැසි පිංගුත්තර නම් ළදරැවෙක් තක්සලා නුවරට ගොස් , දිසා පාමොක් ආචාරින් සමිපයෙහි ශිල්ප උගන්නේ වහා මැ උගත.ඒ තෙමේ උගත් ශිල්ප වණ පොත් දී, “මම සමු ගනිමි” “ඉදින් වැඩි විය පැමිණි දියණි කෙනෙක් ඇත් නම් මාලු අතැ වැස්සාණනට දියැ යුත්තාහ’යි පැවැතැ එන වතෙක් ඇති.ඒ ආචාරින් ගේ දෙවගනක හා සමාන වූ විශිෂ්ට රෑ ඇති එක් දියණි කෙනෙක් ඇත්තා හ.ඉක්බිත්තෙන්, “ඒ දියණියන්,පුත, තොපට දෙමි. උන් හැරැ ගෙනැ යව’ යි ආචාරී කී හ.

6.මානවකයා වනාහි පින් නැත්තේයැ, කාලකණ්ණි යැ,කුමාරිකා තොමෝ මහ පින් ඇත්ති යැ.ඕහට ඒ කුමාරිකාව දැකැ සිත නො ඇලුණේයැ. ඒ මානවකයා කුමාරිකාව නුරැස්නේමැ, “ආචාරින් ගේ බස මරැත්තු නො කෙරෙමි’ කියා ඉවැසියැ, බමුණාණෝ මානවකයාට තමන් ගේ දියණියන් දුන්නා හ ඒ තෙමේ ,රාත්‍රී භාගයෙහි, සකස් කොටැ හතුරන ලද ශ්‍රී යහනෙහි සැතැපිණ.කුමාරිකා අවුත් හැඳට නැ‍ෙඟන්නා හා මැ, තතනමින් හැඳින් බැසැ, බිමැ හෙවැ වැදැ හොත්තේ යැ.ඒ කුමාරිකා ද හැදින් බැසැ ඒ මානවකයා සමිපයට ගියා යැ.එ තෙම් එතැනින් නැගි පියැ නැවැතැ හැඳට පැනැ නැංගේ යැ.නැවැතැ ඒ කුමාරිකාද හැඳට නැංගා යැ.ඒ කතමේ නැවැතැ හැඳින් බටුයේ යැ.කාලකණ්ණියා නම් ශ්රීැ කාන්තාව හා සමග අහසට පොළොව සේ ළග නො වන්නේ යැ. එසේ හෙයින් කුමාරිකා යහනෙහිමැ සැතැපුණි යැ. ඒ කාලකණ්ණියා බිමැ වැදැ හොත්තේ යැ. මෙසේ සතියක් දව් යවා කුමාරිකාව කෙරෙහි ස්නේහ නැති වැත් ආචාරින් ගේ බස මරුත්තු කොටැ ගත නොහි, ඇය හැරැ ගෙනැ ආචාරීන් වැඳැ සමු ගෙනැ, තමාගේ නුවරට නික්මුණේ යැ.අතර මග පෙර පසු කථා පමණෙකුත් ඔවුනොවුන් හා නැත්තේ යැ. නො කැමැති වැ ඔහු දෙදෙන මියුලු නුවරට පැමිණියා හ.


7.පිංගුත්තර කම් මානවකයා, නුවර සමීපයෙහි පල ගත් දිඹුල් ගසක් දැකැ, සා දුකින් ලීඩිත වූයේ, ගසට නැගී ලා දිඹුල් ගෙනැ කන්නට වන. කුමාරිකා ද සා දුකින් පෙළුණි. ‘මටත් දෙව’ය කිව. ‘හැයි,තිට අත් පා නැද්ද? තොමෝත් ගසට නැඟි දිඹුල් කඩා ගෙනැ කා’යි කී යැ සා දුකට වඩා දුකක් නැති හෙයින් , කුමාරිකා තෙමෝ නැඟි, දිඹුල් කඩා ගෙනැ කන්නට වන. මානවකයාත් ඈ ගසට නැගි බව දැන, වහා ගසින් බැසැ, ගස වට කටු ගසා ලා, “කාලකණ්ණිය කෙරෙන් මිදිණිමි’ කියාලා නුවරට නැඟි ගියේයැ.කුමාරිකා ගස මුලැ කටු හෙයින් බැසැ පියන්නට නොපිළිවන් වැ ගස උඩ මැ හුන්නී යැ.


8. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ එ දවස දාවල් උයන් කෙළි කෙළැ, සරහන ලද ඇතකු පිටැ හිඳැ සායාහ්න මයෙහි නුවරට වදනාහු, දිඹුල් ගසැ උන් කුමාරිකාව දැකැ පිළිබඳ සිත් ඇති වැ, පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා යැවු හ. කුමාරිකාත්, “ස්වාමිනි, මා ගේ දෙමවුපියන් විසින් පාවා දෙන ලද සමණන් දෑ කෙනෙක් ඇත. ඔහු වනාහි මා මේ ග උඩැ හිදුවා , හැරැ පියා පැලෑ ගියෝයැ’කිව. විචාරන්නට ගිය අමාත්යායා එ පවත් රජ්ජ්රුවනට කීයැ. රජ්ජුරුවෝ ඒ අසා , “හිමියන් නැති වස්තු නම් රජ්ජුරුවනට පැමිණෙන්නේ යැ’යි කියා කුමාරිකාව ගසින් බස්වා, ඇතු පිටැ සිටුවා අග මෙහෙසුන් කළ හ. ඒ බිසවු රජ්ජුරුවනට ප්රිියයෝ ය: මන වඩති: දිඹුල් ගසැ දී දුටු බැවින් , “උදුම්බරා දේවි යැ’යි ප්රවසිද්ධ වූ හ.


9.ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිසැ වාසල් කඩ ගම් වැස්සන් ලවා මාර්ගය ඉදි කැරැවු හ.පිංගුත්තරයා ද රාජ සම්මතයෙන් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙනැ, උදැල්ලෙකින් මග සසින්නට වන.මාර්ගය සරහා නො නිමන තුරු රජ්ජුරුවෝ උදුම්බරා දේවින් හා සමඟ උතුම් රථයකට නැඟි උයන් කෙළියට මහ පෙරහරින් නික්මුණා හ. උදුම්බරා දේවී, මඟ සසිමින් සිටි ඒ කාලකණ්ණි යා දැකැ, මෙබදු සම්පත්තියක් ධරා ගත නුහුණුයේ මේ යැ’යි ඌ දිසාව බලමින් සිනා සුණා හ.රජ්ජුරුවෝ බිසවුන් සෙන්නා දැකැ කිපී, කුමක් පිණිසැ ිණිහිදැ’යි විචාළා හ. “දේවයන් වහන්ස, මේ මග සසිනා, මිනිසා ,මා ආදියෙන් රක්ෂා කළ මිනිසා යැ. මා දිඹුල් ගසට නංවා මුල කටු ගසා ගියේ මේ යැ. මම මූ බලා, “මෙබඳු ශ්රී යක් ධරාගත නුහුණුයේ මේ කාලකණ්ණියා යැ’යි සිණා සිණිමි” යි කී යැ. රජ්ජුරුවෝ’තී කියන්නේ බොරු යැ.අනෙක් කිසි පුරුෂයකු දැකැ යි, තී සිනා සුණුයේ. තී මරමි’යි කඩුව කොපුයෙන් ඇදැ ගත්තා හ. බිසවු භය පත් වැ “දේවයනි, යලි පණ්ඩිත වරුන් විචාළ මැනැවැ’යි කී හැ.රජ්ජුරුවෝ, “මෑ කී බස් අදහවුදැ’යි සේනකයන් විචාළ හ. “සේනකයෝත්, “නො අදහමි, දේවයන් වහන්ස. කවරෙක් නම් මෙබදු ගෑනියක හැරැ පියා නැඟී යේ ද’යි කී හ. බිසවු සේනකයන් ගේ බස් අසා වඩා ලා මැ භය වූ හ.


10.ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ , “‍ෙස්නකයා කුමක් දනී ද ? මහෞෂධ පණ්ඩිතයන් විාරමි’යි සිතා, ගාථා‍ෙවකිනපෙණ්ඩිතයෙන් වහන්සේ විාරන්නාහු, ‘මහෞෂධ පණ්ඩිතයෙනි, ස්ත්රිෙයක් තොමෝ අධික රෑ ඇත්ති වුව ද ආචාර ශීලයෙන් ද යුක්ත වුව. එසේ වූ ස්ත්රිිය, පුරුෂයෙක් නො කැමැත්තේ ල තෙපි ඒ අදහවු දැ “යි විචාළ හ. එසේ අසා දේවයිනි , මම අදහමි. පුරුෂයා දෛව නැත්තේ වි නම, ශ්රී, කාන්තා කාලකණ්ණි යන මොහු දෙ දෙනා , මූද එ තෙර මෙතෙර සේ, එක් නොවන්නා හ.’යි වදාළ සේකැ. රජ්ජුරුවෝ, මහතාණන් වදාල කාරණය සිතැ නගා, සන්සුන් සිත් ඇති වැ, පණ්ඩිතයන් වහන්සේට සතුටු වැ, “පණ්ඩිතයෙනි, ඉඳින් තෙපි මෙ ැනැ නැත්තාහු නම් , අද මේ නුවණ නැති සේනකයා ගේ බස් ගෙනැ, මෙ බඳු ගෑණු රුවනක් නො ලද්දෙම් වෙමි. දැන් තොප නිසා යැ. මේ බිසවුන් ලද්දේ’යි කියා පණ්ඩිතයන් වහන්සේට මස්සෙන් දහසක් පූජා කළ හ.


11.ඉක්බිත්තෙන් බිසවු ද රජ්ජුරුවන් වැ ඳ, සේවයන් වහන්ස, පණ්ඩිතයන් නිසා යැ. මා දිවි ලද්දේ.මුන් මම මල් තතුරෙහි තබන්නට වර ඉල්ලමි’යි කී හ. රජ්ජුරුවෝ ‘යහපත දේවීනි, තොප ඉල්ලූ වරය දෙමි. ගනුව’යි කී හ. “දේවයන්වහන්ස, මම අද පටන් මා ගේ මලණුවන් හැරැ පියා කිසි මිහිරි රයක් අනුභව නොකරමි. මෙ තැන් පටන් වේලෙකැ වත්, නොවේලෙකැ වත්, වාසල් දොර හරවා පණ්ඩිතයනට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගනිමි’කී හ. “යහපත සොඳුර, ඒ වරය ගනුව’යි කියා රජ්ජුරුවෝ දුන්නා හ.


10.මෙණ්ඩක ප්‍රශ්නයසංස්කරණය

එක් දනසක් රජ්ජුරුවෝ දහවල් මෙහෙ නිමවා සැඳැල්ලෙහි ක්මන් කරන්නාහු, සී මැදුරු කවුළුයෙන් , එක් එළුවකු හා බල්ලකු හා මිත්ර සන්ථවය කරන්නා දුටු හ. එළු වනාහි ඇත් හලැ ඇතුට ඉදිරියෙහි ලා ලූ තණ නොකන තුරු කන්නේ යැ. ඉක්බිත්තෙන් ඇත්හලයෝ ඔහු තන කන්නා දැකැ මරා පීහ. අඩ ගසා ගෙනැ යන්නා වූ ඔහු දැකැ , එක් ඇත් හලයෙක් ලුහු බැඳ ගොස්, දංඩෙකින් පිට අවුරා පහරක් ගැසී යැ.ඒ තෙමේ පිට නම නමා වෙදනායෙන් වෙවුලමින් ගොස්, රජ ගෙයි මහ බිත්තකනැ නිසා පිට පදනමැයි වැදැ හොත්තේයැ. එ දවස් මැ රජ්ජුරැවන් ගේ මුළුතැන් ගෙයිඇට හා සම් ආදී වූ දෙය කා වැඩි බල්ලෙක්, අරක්කැමියා බත් මාළු පිසැ, වසුන් කොටැ ගෙන් පිටතැ සිටැ ඇඟැ ඩාදිය සිඳිමින් සිටියැදී , මත්ස්යට මාංසයෙහි ගන්ධය ඉවසා ගත නො හී මුළුතැන් ගෙටැ වැදැ , වළන් වැසු මලා ආදිය හෙළා, මාංශ අනුභව කෙළේ යැ. අරක්කැමියා වළන් හුණු හඬ අසා , ඇතුළු ගෙටැ වැදැ , මාළු කමින් සිටි බල්ලා දැකැ , දෙර පියන් ලා කැට මුගුරැ ආදින් ඔහු තැළීයැ. ඒ තෙමේ තමා කෑ මාළු නගා පියා, හඬ නගා පියා, හඬා ගෙ‍නැ දිව ගත. අරක්කැමියා ඔහු දිව ගත් බව දැකැ, ලුහු බැඳ දංඩෙකින්පිට අවුරා ගැසීයැ. එයින් පිට නම - නමා කොතානකැ ගැසුවත් පයක් වත් කිරීම බල්ලන්ගේ ස්වභාවය හෙයින් එක් පයක් මැ‍ ඔසවා ගෙනැ එළුවා වවැ හොත් තැනට වැ ගියයේ යැ.


ඉක්බිත්තෙන් එළු තෙමේසංස්කරණය

2. ඉක්බිත්තෙන් එළු තෙමේ . “ සබඳ , තෝ පිට නම- නමා එන්නෙහි, කිමෙක් දැ තා පිට රැජාවෙන් පහරි දැ” යි බල්ලා විචාළේයැ. බල්ලා ද , තෝත් පිට නමා-ගෙන වැදැ හොත්තහි. කිමෙක් ද තෙ‍ාප පිට රැජාවෙන් පහරි දැ” යි එළුවා අතින් විචා‍ළේ යැ. එළුවා තම‍ාගේ ස්වරෑපය බල්ලාට කී යැ. බලුත් එළුවාට තමාගේ ස්ව රෑප කී යැ. ඉක්බිතිතෙන් එළුවා බල්ලාට , “ කිමෙක්ද , තෝ නැවැතැ මුළුතැන් ගෙට යන්නට පෙ‍ාහෙ‍ාසතුදැ” යි විචාළේ යැ. බලූ, “ නොපොහොසසතමි. ගියොත් මා දිවි නැතැ” යි කී යැ. “ තෝ වනාහි ‍ඇත් හලට යන්න‍ට පෙ‍ාහෙ‍ාසතුදැ” යි කී යැ. එළුවා මා විසිනුත් ඇත් හල‍ට යන්නට නොපිළිවනැ. ග‍ියොත් මා දිවි නැතැ” යි කී යැ. ඔහු දෙන්න , “ කෙසේ අපිදෙන්නා ජීවත්වමෝ දැ” යි උපායක් සිතූ හ.


3. ඉක්බිතාතෙන් එළු තෙමේ , ‘ඉඳින් දෙන්න මැ සමඟි වැ ගත හෙමෝ නම් එක්තරා උප‍ායයෙක් ඇතැ’ යි කියා බල්ලා විසින් , එසේ වී නම් කියව’ යි ‘කී කල්හි , “සබඳ , තෝ මෙ තැන් පටන් ඇත් හල‍ට ‘ යා බල්ලන් තණ ‍‍ නොකන හෙයින් , ‘මේ තණ නො කයි’ කියා‍ ඇත් හල‍යෝ තා කෙරෙහි සැක නොකෙරෙති. තෝ සඟවා මට තණ කැරැල්ලක් ඩැගැ ගෙන’වුත් මහ බිතක්කනෙහි තබ. මමත් මුළුතැන්ගෙට යෙමි.එළුවන් මස් නොකන හෙයින් , මේ මස් නො කයි’ අරක්කැමියා මා ‍ෙකරෙහි සැක නො කෙරෙයි. මමත් තට මස් කන්නට ඩැහැ ගෙනැ එමි” යි කී යැ . “ මේ උපාය තෙමේ අප දෙන්නා ජීවත් වීමට ඇතැ” යි දෙන්නා මැ ගිවිස බලූ ඇත් හලට ගෙ‍ාස් තණ කැරැල්ලක් ඩෑ ගෙනැ අවුත් මහ බිතක්කන පිට පදනමැ තබ යි. එළු ද මුළු තැන් ගෙට ගො‍ස් මස් කැබැල්ලක් ඩැහැ ගෙන’වුත් එහි තබයි. මේ උපායෙන් දෙන්නා මැ සැප සේ වෙසෙති.


4. රජ්ජුරුවෝ උන් දෙන්න‍ා ගේ මිත්රි ධර්මයය දැකැ, “ මා විසිනුත් නුදුටූ විරූ කාරණයක් දක්නා ලද. මොහු දෙන්න ඔවුනොවුනට පස මිතුරු වැත් සමසේ වාසය කෙරෙති. මේ කාරණය අල්ලා පැනයක් කොටැ , පණ්ඩිතවරුන් පස් දෙනා විචාරමි; මේ පැනය නොදත් කෙනෙකුන් රටින් යවමි; දත් කෙනෙකුනට , මෙ බඳු පණ්ඩිත කෙනෙත් නැතැ.යි උපකාර කෙරෙමි අද වෙලා මඳ වැ ගියේ යැ. සෙට සේවයට ආ කල විචාරමි” යි සිතූ හ. මෙසේ සිතා රජ්ජුරුවෝ , අනෙක් දවස් පණ්ඩිතවරුන් සේවයට අවුත් අන් කල්හි ප්ර ශ්න විචාරන්නාහු , ගාථාවක් කියා, “ මේ සත්ත්ව ලෝකයෙහි යම් සත්ත්ව කෙනෙකුන් ගේ විශ්වාසයෙක් කිසි කලෙකැත්, සත් පියවරකුත් පවා නෙ‍ාවු විරූ ද, එසේ පස මිතුරු වූ දෙදෙනෙක් සබඳ වූහ. සබඳ වැත් අදහා ගෙනැ හෙවත් මිත්ර් සන්ථවය ‍ෙකාටැ ඇවිදිනා හ. එයට කරුණු කිමෙක් දැ” යි කී හ. මෙ සේ ද කියා, නැවත මෙසේ ගාථාවකින්, “අද පෙරවරු වේලෙහි ඉදින් මේ පැනය ම‍ට කියන්න‍ට නො පොහොසත්හු වූහු නම් තො ප හැම දෙනා මැ රටින් ‍ෙ‍නරැපමි. නුවණ නැත්තවුන් ගෙන් මට ප්රරයෝජන නැතැ” යි කී හ. ‍‍

5. සේනකයෝ මුල් හස්පනෙහි හුන් හ. මහෞෂධ පණ්ඩිතයෝ කෙළවරැ හස්නෙහි වැඩැ උන් සේකැ. උන් වහන්සේ ඒ පැනය පරීක්ෂා කෙරෙමින් අර්ථ නොදැක, “ මෙ රජ තෙමේ බොළඳ ගුණ ඇත්තේය. මේ පැනය සිතා ගෙනැ දැන ගන්න‍ට නොපොහොසත. ඔහු විසින් කිසිවක් දක්න‍ා ලදැ” යි සිතා , එක දවසකට අවසර ලැබෙන්නේ වී නම් මෙ පැනය දැන ගනිමි. සේනකයෝ කිසි උපායෙකින් අද දවසක් පමණ රඳවා ප‍ියති” සිතූ සේකැ.


6. සේනකාදී පණ්ඩිත වරු සතර දෙන ද , අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන , කිසියක් නුදුටුව හ. සේනකයෝ “ මහෞෂධ පණ්ඩිතයන් ගේ ප්ර,වෘත්ති කිමෙක් දො හෝ” යි මහ බෝසතාණන් වහන්සේ දෙසැ බැලූ හ. මහ බෝසතාණන් වහන්සේත් සේනකයන් දෙසැ බැලූ හ. සේනක‍යෝ බොධි සත්ත්වයන් වහන්සේ තමන් බැලූ ආකාරයෙන් මැ උන්වහන්සේ ගේ සිත දැනැ, පණ්ඩිතයනට පැනය නොවැටහුණු සේ යැ. එසේ හෙයින් එක් දවසකට අ‍වසර ඉල්ලාන්නා කැමැත්තෝය. උන්ගේ මන දොළ සපුරමි” යි රජ්ජුරුවන් හා සමඟ විශ්වාසයෙන් මහත්කොටැ සිනා සී, දේවයන් වහන්ස, අප හැම දෙනා පැනය කියා‍ ගත නුහුණු හොත් රටින් යවන සේක්ද’ මෙයින් අපට එක් පැනයෙකැ යි සිතන සේක් ද? අපි මේ පැනය කියන්නට පොහොසතුමෝ නො වම් හ. එතෙකුදු වුවත් මඳක් ගැට මුසු පැන යැ. මේ පැනය බෙ‍ාහෝ දෙනා ම‍ැදයෙහි කියන්නට නො පිළිවනැ. තනි වැ හිඳැ සිතා පසු වැ නුඹ වහන්සේට කියම් හ. අපට අවසරයක් දුන මැනවැ” යි මහ බෝසතාණන් සලකා ගාථා‍ෙවකින් කීහ. “ මහ ජනයාගේ රැස්වීමෙහි ජනය‍ ‍ෙග් දැඩි කෝලහ‍ාලයෙන් එක පැහැර අරගල කළ කල්හි විසුරුණු සිත් ඇතියමෝ හෙවත් නා නා ලම්භනයෙහි පැවැති සිත් ඇත්තමෝ, මේ පැනය කියන්නට නො පෙ‍ාහොසතුම් හ. ජන ප්රවධානය, විවේකයට ගියා වූ එසේ හෙයින් එකඟ සිත් ඇති පණ්ඩිත වරු පස් දෙන, එකි එකී දෙන වෙන වෙන තනි වැ හිඳැ, පරීක්ෂා කොට‍ැ, ප්රීශ්නාර්ථයන් සිතා පසු වැ කියති” යි කී හ.


7. රජ්ජුරුවෝ සේනකයන් බස් අසා නොසතුයු වුව ද , “යහපත , සිතා පිය‍ා කියව. මේ පැනය කියැ ගත නුහුණු හොත් රටින් යවමි” යි භය ගැන්වූහු මැ යැ. සේකනකාදී පණ්ඩිතවරු සතර දෙන මාළිගයෙන් බට හ”. සේනකයෝ අනෙක් තුන් දෙනාට , “රජ්ජුරුවෝ සියුම් පැනයක් විචාළෝ යැ. පැනය කියැ නුහුණු හොත් මහත් භය වන්නේයැ. තෙපි තුන්දෙන සැප අහර අනුභව කොටැ , මනා කෙ‍ාටැ, පරීක්ෂාකාරී වව” යි කියා තමන් තමන්ගේ ගෙට ගියා හ.


මහෞෂධ පණ්ඩිතයෝ දසංස්කරණය

8. මහෞෂධ පණ්ඩිතයෝ ද හුනස්නෙන් නැඟී උදුම්බරා දේවී සමීපයට ගොස් , “ දේවීන් වහන්ස , අද වේ ව යි ඊයේ වේ ව ව යි රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැනැ සිටියෝ දැ” යි විචාළ සේ කැ. “මළණ්ඩ , සී මැදුරු කවුළුයෙන් පිටත බලමින් නඩයෙහි සක්මන් කළ” යි බිසවු කී හ. ඉක්බිත්තෙන් පණ්ඩිතයන් වහන්සේ , “රජ්ජුරුන් විසින් මේ දිසායෙහි කිසිවක් දක්නා ලද වන්නේ යැ” යි සිතූ සේකැ. ඒ ස්ථානයට ගොස් පිටත බලා, එළුවාගේ හා බල්ලා ගේ ක්රිියාව දැකැ යැ. රජ්ජුරුවන් විසින් පැනය සලකන ලද්දේ යැ” යි සනිටුහන් කොටැ ගෙටැ වැඩි සේකැ.


9. පුක්කුසාදී වූ අනෙක් තුන් දෙනත් ප්රනශ්නයෙහි අර්ථ කල්පනා කොටැ කිසිවක් නො දැනැ සේනක පණ්ඩිතයන් සමීපය‍ට ගියා හ. සෙනකයෝ “‍ තොප විසින් පැනයෙහි අර්ථ දක්නා ලදදැ” යි විචාලහ. “නොදක්නා ලදැ” යි කිවූ යැ. “එසේ නම් තොප රටින් නෙරපති. කුමක් කෙරෙත් දැ” යි කී කලැ , ආචාරීනි, තොප විසින් දක්නා ලද්දැ” යි කී හ. “මමත් අනෙක ලෙසැ සලකා පැනෙහිහි අර්ථ ‍නෙ‍ාදිටිමි” යි කී හ. තුන් දෙන මැ , “නුඹ වහන්සේ පැ‍නයෙහි අර්ථ නොදක්නා කලැ අපි කෙසේ දක්නමෝ දැ” යි කී හ. මෙසේ සේනකාදී සතර දෙන මැ ප්ර්ශ්නයෙහි අර්ථ නොදැකැ, “රජ්ජුරුවන් සමීයේදී , එක දවසකට ලදුමෝ නම් සලකා ප්ර ශ්නය දැක, “විසඳම් හ. යි සිංහ නාද පෑ පි‍යා අ‍ාම්හ. පැනය නොකී කල්හි රජ්ජ්රුවෝ ක‍ිපෙති. කුමක් කරමෝ දැ” යි සිතා උකටලීව වැ, “පණ්ඩිතයෙනි ,මේ පැනය අප විසින් හවුරුද්දක් හිඳැ සිතුවත් දක්නට නොපිළිවනැ. එසේ හෙයින් මහෞෂධ පණ්ඩිතයන් විසින් මේ පැනය ශතසහග්රන ගුණයෙන් සිතා නිමවනු ලැබෙයි. ගර්ව වැ නො ඉඳැ උන් සමීපයට යම් හ” යි උන් සතර දෙන‍ා ගොසින් තමන් අවුත් සිටි බව කියා යවා, “ එන්න‍ට කියව” යි කී කලැ මාළිගයට වැදැ, සිහි කටයුතු සුව දුක් දොඩා එකක් පස් වැ සිටියා හු, මහෞෂධ පණ්ඩිතයෙනි, නුඹ වහන්සේ විසින් පැනය සිතන ලදැ” යි මහ ‍බෝසතාණන් විචාළ හ.


10. උන් වහන්සේ “ මා පැනය නො සිතන කලැ මේ භුවනත්ර යෙහි අනෙක් කවරක් සිතන්නේ ද? එසේ යැ. පැනය සිතන ලදැ” යි අපටත් වදාළ මැනැවැ” යි කී හැ. සියලු සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වු මහබෝසතාණෝ, “ඉඳින් මම මුන් සතර දෙන‍ාට පැනය නොකීයෙම් නම් රජ්ජුරුවෝ, ‘ මේ ජඩ කොල්ලන් ගෙන් කාරිය කිම් දැ’ යි මුන් සතර දෙනා ‍රටින් නෙරනා හ. මා වැනි පණ්ඩිත කෙනෙකුන් ඇති වැ ඉන්දැ දී නහමක් නසිත්ව” යි උන් කෙ‍ෙරහ පහළ කරුණායෙන්, “පැනය කියමි” යි සිතා සේනකාදී පණ්ඩිතවරුන් හස්නෙහි හිඳුවා, තමන් වහන්සේ දිශාවට සතර දෙන දොහොත් මුදුන් තබා වැඳැ - ගෙනැ හිඳිනා නිය‍ායෙන් සම්මත කෙ‍ාටැ, රජ්ජුරුවන් දුටු නියාව නොහඟවා, රජ්ජුරුවන් විචාළ කලැ “ මෙ ලෙසැ කියව” යි සතර දෙනාට මැ ගාථා සතරක් බැඳැලා, ඒ ගාථාවලැ අර්ථය නූගන්වා පාලිය පමණක් මැ උගන්වා ලා යැ වූ සේකැ.


11. ඔහු සතර දෙනා ද මහ බෝසතාණන් වහන්සේ ද අනෙක් දවස් රාජ සේවයට ගොස් රජ්ජුරුවන් දැකැ පනවන ලද හසුන් මත්තෙතහි උන්නාහ. රජ්ජුරු‍වෝ, “ සේනකයෙනි, පැනය දක්නා ලදැදැ” යි සේනක පණ්ඩිතයන් විචාළ හ. සේනකයෝත්, දේවයන් වහන්ස, මා පැනය නොදන්නා කලැ අන් ක‍රෙක් දනී දැ” යි වැදූවන් ඉදිරියේ කොළොම්බු ලන්නා සේ , බො‍ධි සත්ත්වයන් මධ්යදයෛහි තමන් ගෙ වියත් කම අඟවා, “ එසේ වී නම් කියව” යි රජ්ජුරුවන් කී කල්හි, ඇසුව මැනව,‍ දේවයන් වහන්සැ” යි කියා පණ්ඩිතයන් වහන්සේ උගන්වා ලූ සැටියේමැ, ගාථාව කී හ. එහි අර්ථ වෙමසේ දත යුතු :- “ ප්රැසිද්ධ අමාත්යණ පුත්රේයනට එළු මස් ප්රිහය යැ; මන වඩී. අමාත්යි පුත්රාඇදීහු බලු මස් අනුභව නො ‍කරන්නා හ. එ සේ වූ එළුවා හා බල්ලා සමඟි සමාගම් සංඛ්යාමත විශ්වාසය වී”. ගාථාව කී බව මුත් සේනක පණ්ඩිතයෝ අර්ථ නෙ‍ා දන්නා‍ හ. රජ්ජුරුවෝ වනාහි තමනට ප්ර්ත්යනක්ෂ විසින් අර්ථ දන්නා‍හු, “සේනකයන් විසින් පැනය දක්නා ලද යැ. පුක්කුසයන් විචාරමි” යි දෙවැනුව උන් පුක්කුසයන් විචාළ හ. ඒ පුක්කුසයෝ රජ්ජුරු‍වෝ වනට, “කිමෙක්ද, මම අපණ්ඩිතයෙම්දැ” යි උගත් සැටියේ ගථාව කී හ. එහි අර්ථ මෙසේ දත යුතු :- “අස් පිටැ ආස්තරණ සිව පිණිසැ එළුවාගේ හා සම් අසු පිටැ ‍නො අතුරන්නා. එසේ ද වුවත් එළුවාගේ හා බල්ල‍ාගේ හි සමඟි සමාගම් සංඛ්යානත විශ්වාසය වී .” ඒ පුක්කුස පණ්ඩිතයා ගථායෙහි අර්ථ නෙ‍ාදන්නේ‍ මැ යැ. රජ්ජුරුවෝ තමනට අර්ථ ප්ර ගුණ හෙයින් , “ මුන් විසිනුත් පැනය දක්නා ලදැ” යි සිතා, තුන් වැනි වැ හුන් කාවින්ද පණ්ඩිතයන් විචාළ හ. උයිත් තමන් උගත් ග‍ාථාව කී හ. ගාථ‍ාවෙහි අර්ථ මෙසේ දත යුතු:- “ එළු තෙමේ ඇඹරී ගිය අං ඇතතේ යැ. බල්ලා ගේ අං නො‍ මැ ඇත්තේ යැ. එළු තණ කන්නේ යැ. බලු මස් කන්නේ යැ. එ සේ වූවත් එළුව‍ාගේ හා බල්ලා ගේ හා සමඟි සංඛ්යාේත විශ්වාමය වී රජ්ජුරුවන් “ මුන් විසිනුත් පැනය දන්නා ලද්දේ යැ” යි සතර වැනි යැ හුන් දේවින්ද පණ්ඩිතයන් විචාළ හ. උයිත් තමන් උගත් ගාථාව කී හ. එහි අර්ථ මෙසේ දත යුතු:- “එළු තෙමේ තණ හා කොළ හා නො කන්නේ යැ. වැළි, කුමක් කන්නේ ද යත්; බලූ තෙමේ සාවුන් හා බළලුන් හා කන්නේ යැ. එ සේ වුවත් එළුවා හා බල්ලා හා සමඟි සංඛ්යා ත විශ්වාමය වී.


12. මේ සේනකාදී සතර දෙනා තමන් උගත් ගාථා පමණක් කී කල්හි රජ්ජුරුවෝ තමනට අර්ථය ප්රදකාශ හෙයින්, ගාථාවල අර්ථ උන් අතින් නොවිචාරා පස් වැනි හුන් අසරණ සරණ කරුණා‍ නිධාන ජනමූර්ති වූ ‍මහෞෂධ පණ්ඩිතයන් අතින් “පණ්ඩිත‍ෙයනි තෙපි පැනය දනිවු දැ” යි විචාළ හ. “ දේවයන් වහන්ස, අවීචියේ පටන් භවාග්රකය දක්වා මා විනා අ‍ෙනක් කවරක් මේ පැනය දනී දැ” යි සිංහ නාද කල සේකැ. රජ්ජුරුවෝ, එසේ වී නම් කියව” යි කී හ. “ඇසුව මැනැව, දේවයන් වහන්සැ” යි කියා එළුවාගේ හා බල්ලාගේ හා ක්රිහය‍ාව තත්ත්ව වශයෙන් දත් බව ප්රූකාශ කරන සේක්. ගාථා දෙකෙකින් කී සේකැ. ඒ ගාථාවලැ අභිප්ර යාය නම්:- “ පා අටක් ති එළු තෙමේ මස් ගන්නා වේලෙහි කිසි කෙනෙකුට නො පෙනී මේ බල්ලාට මස් ගෙනෙන්නේයැ. බල්ලා ගේ ද එළුවා‍ගේ ද යන මොවුන් දෙන්නා ගේ ගොචර පිණිසැ ඔවුනොවුනට මෙහෙවර කරන පෙරැළිය ජනප්රමධාන වූ වේදේහ නම් රා‍ජෝත්තම තෙමේ ප්රරසාදයෙහි සිටියේ ප්රනත්ය්ක්ෂ කොටැ දිටී ල” යි වදාළ සේකැ.


13. රජ්ජුරුවන් ද මහ බෝ සතණන් නිසා සේනකාදී පණ්ඩිතවරු සතර දෙන පැනය දත් බව නො දැනැ, “ මෙ බඳු පණ්ඩිත වරහු යම් බඳු වූ මා ගේ කුලයෙහි වෙසෙද්ද, එසේ හෙයින් ඒකාන්තයෙන් ම‍ට වූ යේ ‍‍බොහෝ ලාභයෙකැ” යි කී හ. මෙ සේ පණ්ඩිතවරුන් ගේ ප්ර ශ්න විසර්ජනය කරන කොට ගෙනැ වෙසෙසින් මැ සතුටු සිත් ඇත්තෙම්, පණ්ඩිත වු තොප හැම දෙනාට අජානේ ය අශවයන් යෙදූ එකි එකි රථයක් ද,වස්ත්රාඩභරණ ධන ධාන්යටයෙන් සමෘද්ධ වූ එකි එකී ගම්වරයක්ද දෙමි” යි කියා, මෙකී සියල්ල පණ්ඩිත වරුන් පස් දෙනාට දෙවූ හ. පණ්ඩිත


14. උදුම්බරා දේවී වනාහි සේනකාදී පණ්ඩිත වරුන් සතර දෙනා මැ මහෞෂධ පණ්ඩිතයන් නිසා ප්රහශ්නය දත් බැව් දැනැ, “ රජ්ජුරුවන් වහන්සේ මුං හා උඳු හා වෙනසක් නොකරන්නහු මෙන්, පස් දෙනාට මැ උපකාර සම සේ කළ හ. ම‍ා ගේ මලණුවන්, මහෞෂධ පණ්ඩිතයනට විශේෂ කොටැ සත්කාර කරන බව සුදුසු මැ වේ දැ” යි රජ්ජුරුවන් සමීපයට ගොස් , “ දේවයන් වහන්ස නුඹ වහන්සේ ට පැනය කා විසින් කියන ලද දැ” යි විචාළ හ. “‍ සොඳුර , පණ්ඩිත වරුන් පස් දෙනාම විසිනැ” යි කී හ. දේවයන් වහන්ස, ඒ සෙනකාදී සතර දෙනා කුමක් දනිත් ද? මහෞෂධ පණ්ඩිතයො වනාහි, ‘මේ අඥාණයෝ නහමක් නසි‍ත්ව’ යි සිතා පැනය ඉගැන්වූ හ. නුඹ වහන්සේ හැම දෙනාට මැ සමසේ උපකාර කළ සේකැ. ඒ අයුක්ති යැ; මහෞෂධ පණ්ඩිතයනට වැඩියක් උපකාර කරන බව සුදුසු යැ” යි කී හ. රජ්ජුරුවෝ “ තමන් නිසා පැනය දත් බව නො කිවූ යැ” යි මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට සතුටු වැ, වඩා පුතණුවන් එක් පැනයක් විචාරා ඒ පැනය කී කලැ මහත් සත්කාර කෙරෙමි” යි සිතූ හ.


11. සිරිමන්ද ප්‍රශ්නයසංස්කරණය

මෙසේ සිතා ඊට සුදු‍සු පැනයක් සිතන්නාහු සිරිමන්ද ප්රසශ්නය සිතූ හ. ඒ ප්ර ශ්නය චින්තනය කොටැ, එක් දවසක් පණ්ඩිත වරුන් පස් දෙනා සේවයට අවුත් පිළිසඳර කථායෙන් සුව සේ උන් කල් හි, සේනක පණ්ඩියනට, “සේනක පණ්ඩිතයෙනි, පැනයක් විචාරමි” යි කී හ. “දේවයන් වහන්ස, විචාල මැනවැ” යි රජ්ජුරුවෝ සිරිමන්ද ප්රශශ්නයෙහි පළමු වන ගාථ‍ායෙන්, නුවණ ඇත සම්පත් නැතිහස්ත්යජශවාදී පරිවාර සම්පත් ඇති නුවණ නැති -මුත් දෙන්නා අතරෙහි නුවණනැත්යතෝ, ‘කවුරු උතුමැ’ යි කියද් ද? සේනකයෙනි, එකෙක් පොළොව හා සමාන නුවණ ඇත්තේ යැ. දිළිඳු යැ. එකෙක් පරිවාර සම්පත් ඇත්තේ යැ. අඥාන යැ. මුන් දෙන්නා ගෙන් කවුරු උත්තම යැ’ යි තොපට වැටැහේ ද? මේ කාරණය කියා ලව” යි කී හ.


මේ පැනය වනාහිසංස්කරණය

2. මේ පැනය වනාහි සේනක පණ්ඩිතයන් ගේ පරම්පරාවෙන් පැවැතැ අ‍ායේයැ. එසේ හෙයින් ඒ සිරිමන්ද ප්රවශ්නය වහැ මැ රජ්ජුරුවන්ට කී හ. කෙසේ වු ද යත් :- “ජන ප්රවධාන වූ රජ්ජුරු‍ෙවනි, එකාන්තයෙන් මැ නුවණැත්තෝ ද, නුවණ නැත්තෝද , හස්ත්ය ශවාදී ශිල්පයෙන් යුක්තයෝ ද , කිසි ශිල්පයක් ‍නො දත්තාහමහු ද, ක්ෂත්රිුය බ්රාපහ්මණාදී උතුම් ජාති ඇත්තාහු ද , හීන ජාති ඇත්තාහු ද, යන සියල්ලෝ මැ ජාතීන් ගෙන් හීන වුවත් සම්පත් ඇති තැනැත්තවුට කී නොකී දෙය කොටැ සේවාවටත් වන්නාහ. මේ කාරණය දැනැ ම කි‍ෙයමි ‘ නුවණැති තැනැත්තෝ යටත් මැ යැ. සම්පත් ඇත‍ි තැනැත්තෝ මැ උතු මැ’ යි කී හ.


3. රජ්ජුරු‍වෝ සෙනකයා ගේ බස් අසා පුක්කුසාදී තුන් දෙන නො විචාරා, පස් දෙනාට කෙළවරැ උන් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට, “අලාමක වූ නුවණැති සියලූ ධර්මපයන් සර්වාකායෙන් දන්නා වූ මහෞෂධ පණ්ඩිතයෙනි, තොප විචාරමි. නුවණ නැති පරිවාර සම්පත් ඇති පරිවාර සම්පත් නැති නුවණ ඇති , මේ දෙදෙන‍ා අතු‍ෙරන් නුවණැත්තෝ කා උතුමැ•යි කියද්ද, කියා ලව” යි කී හ. ඉක්බිත්තෙන් මෙසේ රජ්ජුරුවනට, “ඇසුව මැනැවැ, දේවයන් වහන්සැ” යි ග‍ාථායෙකින් ස්ථානාන්තරාදී කිසි ලාභ සම්පත්තියෙක් ලදින් මැ, ‘ මේ උතුමැ’ යි සිතන්නා වූ අඥාන තෙමේ පාණාතිපාතාදි පාප ධර්මමයන් කරන්නේ යැ. එසේ හෙයින් මේ ලෙ‍ාව බලන්නේ ඓශචර්ය මදයෙන් ප්ර්මද වැ කළා වූ පාපා කර්මත බලයෙන් නරකාදියෙහි අනන්ත දුඃඛයට භාග් වන්නේ යැ. මෙ සේ උපේක්ෂාපූර්වාංගම වූ චිනිතාවක් නැතිවැ පරලෙ‍ාව නොබලන්නේ දෙලොවෙහිමැ හෙවත්, ඉසුරු මදයෙන් පව් කොටැ නරකාදියෙහි උපදෙන්නේ පරාලොවැ ද , නැ‍වැත එයින් චුත්යය වැ දිළිඳු කුලයෙහි නොයෙක් දුකට භාජනය වැ උපදනේ මේ ලොවැ දැයි , මෙ සේ දෙලොවෙහි මැ නුවණ නැති තැනැත්තා පර‍ාජයක් ගන්නේ යැ; හෙවත් විනාශයට පැමිණෙන්නේ යැ. මේ කාරණා දැකැ මම, ‘නුවණැත්තෝ මැ උතුම්; යසසිසන් යුක්ත වූ නුවණ නැති තැනැත්තෝ උතුම් නො වෙයි කියමැ” යි වදාළ සේකැ.


4. මෙ සේ බෝ සතාණන් වහන්සේ විසින්ට වදාළ කල්හි රජ්ජුරුවෝ සේනකයන් මූණ බලා, මහෞෂධ පණ්ඩිතයෝ, “ නුවණැත්තාහු වු මැ උතුමැ, යි කියති. කෙබඳු ද ආචාරීනි” යි හ. සේනකයෝ දේවයන් වහන්ස, මහෞෂධ පණ්ඩිතයෝ ළදරුවෝ යැ අද දක්වා උන් ගේ මුඛය කිරි සුවඳ අමයි. මේ බාල දරැවෝ කුමක් දනිද්දැ” යි කියා ගාථාවයෙකින් කාරණයක් දක්වනන්නාහු, “ මේ ශිල්ප තෙමේ හෙයවත් නුවණ තෙමේ ධන ධාන්යා්දි වූ භොග සම්පත්සිද්ධ‍ නෙ‍ා කරන්නේ යැ. පුත්රාදාරාදී වූ නෑයො ද රූප සම්පත්තිය ධන ධානධාන්යා දි වූ සම්පත් ද සිද්ධ නො කරන්නා හ. ඊ‍ට දෘෂ්ටාන්ත කවරේ දැ යි යතාහහොත් කෙල තොලූ වැ හෙවත් රූප අනවරතයෙන් දෙකොළින් බස්නා කෙළ ධාරා ඇති ,රූප සම්පත්තියක් නැති, හස්ත්යතශවාදී පරිවාර‍යෙන් හා ධනධාන්යාසදි සම්පතීන් යුක්ත වැ සුව විඳිනා මේ ගෝරිමන්ද නම් සිටුහු ශ්රීධ කාන්තා සෙවූනී යැ. දේවයන් වහන්ස, බලා වදාළ මැනැවැ. මේ කාරණය දැකැ , ‘නුවණැ’ ති වත් දිළිඳු ත‍ැනැත්තේ උතුම් නො ‍වෙයි. නුවණ නැති වැත් ඉසුරුමත් තැනැත්තේ උතුම‍ැ . යි මම කියමි, යි කීහ.


5.ඒ ගෝරිමන්ද සිටාණෝ වනාහි කෙජසේ වූ කෙනෙක් ද යත් :- ඒ මියුලූ නුවරැ අසූ කෙලක් සම්පත් ඇති සිටාණ කෙනෙකැ. උන් ගේ බැලිය යුතු රූපයෙකුත්ත නැත්තේ යැ. පුත්රත කෙනෙකුත් නැත්තාහ. කිසි ශිලියෙකුත් නොදන්නා හ. බැණැ නැඟි කල්හි ඒ ගෝරිමන්ද සිටාණන් ගේ දෙ කොළින් කෙළ ධාරාත්ද වැගිරෙන්නේ යැ. එසේ වැහෙන්නා වූ කෙළ ධාරාවන් දෙවඟනක් හා සමාන රූ ඇති සර්වාලංකා‍රයෙන් සැරැහුණු ගෑණු දෙන්නෙක්, සුපිපි නිලූපුල් කළප් දෙකෙක් ගෙනැ දළයෙහි ස‍ිටැ නිලූපුල් මලින් පිසැ මල් වීථියට දමන්නා හ. රා සො‍ඬෙහු ද රා හළට යන්නා හු, නිලූපුලින් ප්ර්යෝජනයක් ඇති කල්හි, ඒ ගෝරිමන්ද සිටාණන්ගේ ගෙදොරට ‍ ගොස් “ස්වාමීනි, ගෝරිමන්ද සිටාණන් වහන්සැ” යි කියන්නා හ. ඒ සිටාණෝ රා සො‍ඬුන්ගේ බස්අසා සී මැදුරු කවුළුව සමීපයේ සිටැ , “ කිමෙක් ද, දරුවෙනි” කියන්නා ඉක්බිත්තෙන් බැණැ නැංගවුන් ‍ගේ ‍ෙදකොලින් කෙළ ධාරා වැගිරෙන්නේ යැ. නිලූපුල් මල් ගත් අත් ඇති වැ සැරහී දැළයෙහි සිටි ගෑණු දෙන්නා මලින් කෙළ පිසැ මල් අතුරු වීථියට දමන්නා හ. රා සොඬුහු ඒ මල් ගෙනැ දියෙහි සලා පියා පැළැඳැ ගෙනැ රාඑලට වදනා හ. ඒ ගෝරිමන්ද සිටාණෝ නම මෙ බඳු සම්පත් ඇත්තා හ. සේනකයෝ මේ බව දෘෂ්ඨාන්ත කොටැ රජ්ජුරුවන්ට කී හ.


6. සේනකයන් කී බස් අසා රජ්ජුරුව, “කෙසේ ද , පුත, මහෞෂධ පණ්ඩිතයෙනි කී හ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ “දේවයන් වහන්ස, සේනකයා කුමක් දනී ද? බත් හුළු වැගිරැ ගිය කැනැ අවුළා කන කපුටුවකු වැන්නේයැ; ඉස හෙන මුගුරු නොබල‍ා දී බොන්නට වන් බල්ලෙකු‍ වැන්නේයැ මෙ ලෙ‍ාව විඳ ගන්න‍ා සම්පත් බලයි, ඉසැ වැටෙන අපා දුක් නැමැති මුගුරු නොබල‍යි. ඇසුව මැනව, දේවයන් වහන්සැ, යි ගාථාවෙකින් කාරණයක් දක්වන සේක්, “නුවණ නැත්තේ සුවයක් ලදින් එහි මැ ඇලුණේ කුශල කර්මරයෙහි පමා වන්නේ යැ. ප්ර ම‍ාද ප්රයත්යියෙබන් පව් කරන්නේ’ යැ. ඥාති ව්යපසනාදී වූ අනෙක ප්ර කාර වූ දුකින් මඬනා ලදදේ වි‍ෙශ්ෂයෙන් මැ මුළා බවට පැමිණෙන්නේ යැ; අමුතු අමුතු වැ වක්‍රාකාරයෙන් පවත්නා වූ සුවදුකින් පීඩික වූයේ, ග්රීයස්ම කා‍ලයෙහි දියෙන් ගෙනැ හැරැ අව්වෙහි ලූ මසකු මෙන්, වෙවුලන්නේයැ . මේ කාරණය දැකැ මම, ‘ නුවණැත්තෝ උතුම් නො වෙති කියමි’ යි වදාළ සේ ක.


7.මහ බෝ සතාණන් වහන්සේ වදාළ කාරණය අසා රජ්ජුරුවෝ “කෙ බඳු ද, අ‍ාචාරීනි” කී හ. සේනක පණ්ඩිතයෝ, “ දේවයන් වහන්ස, මූ කුමක් දනිත් ද? මිනිස්සු සිටියත් වා හෙවත් මිනිස්සු තබා වැලැ අට ගත් ගසක් ඵල සම්පන්න වී නම් , එසේ වූ ගසට මැ පක්ෂීහු එලැ‍ඹෙන්නා හ. ය් කියා ගාථාවකින් එ මැ උපමාව දක්වන්නාහු. “වැලැ අටගත් මියුරු පත් ඇති වෘක්ෂයට අනෙක ප්රවකාර වූ ශාරීකා ශකුනිකාදී ළිහිණියෝ හාත්පසින් යම් සේ අවුත් රැස්වෙද්ද, එ පරිදිදෙන් මැ පොහොසත් වූ රත්රන් අමු රන් ආදි ධන සහිත වූ අවශෙෂ අපභොග පරිභොග වස්තු ඇති මෙ බඳු පුරැෂයා බෙ‍ාහො දෙන තමනට වැඩි පිණිසැ සෙවුණා හ. මේ කාරණය දැක මම, ‘ නුවණැති ව‍ැත් දිළිඳු තැනැත්තේ උතුම් නොවෙයි. නුවණ නැති වත් ශ්රී මත් තැනැත්තේ උතුමැ’ යි කියමි” කීහ.


8. සේ නකයන් කී කාරණය අසා රජ්ජුරුවෝ, “කිමෙක් ද, පුත මහ්යෙ ෂධ පණ්ඩිතයෙනි” කී හ. පණ්ඩිතයන් වහන්සේ, මේ මහ බඩ ඇති සේනකයා කුමක් දනී ද? ඇසුව මැනැව, දේවයන් වහන්සැ” යි කාරණයක් දක්වන තැනැත්තෝ ගාථයෙකින්, පවත්වන ලද අණසක ඇති නුවණ නැත්තේ උතුම් නොවෙයි. කුමක් හෙයින් ද යත්:- තාඩන බන්ධනා දි නොයෙක් දරුණු කමින් ජනයනට දුක් දි වස්තු ලබන්නේ යැ. එසේ වූ අඥානයා බලවත් පශ්චාත්තාප දුඃඛයෙන් අභිභූත වැ හඬන්නා මැ භයානක නරකයට යම පල්ලෝ නොකැමැති සේ මැ අදනා හ. හෙවත් නරකයෙහි බොහෝ දුකට පැමිණෙන්නේ යැ. මේ කාරණය දැකැ, මම, “දිළිදු වුවත් නුවණැත්තේ මැ උතුමැ, ඉසුරුමත් වුවත් න්වණ නැත්තේ උතුම් නො වෙයි, කියමි” වදාළ සේකැ.


9. නැවැත රජ්ජුරුවන් විසින්, “කිමෙක් දැ, සේනකයෙනි” කී කල්හි ගාථායෙකින් කාරණයක් දක්වන්නාහු. “ඇළ හෝ කඳුරැලි ආදි කිසි ජලාශය කෙනෙක් නිම්න වැ ගොස් ගඟට අඬා බසිද්ද, ඔහු හැම තැන මැ තමතමන් ගේ යථොක්ත වූ හොය ඇළ යනාදි නම් ගොත් හරනා හ. ඒ ඇළ හෝ ආදින් ගේ ප්රවවේශත්වයට ආධාරත්වයෙන් ගංගා තොමෝ මහ මුහුදට වදනා ලබන්නී, ගංගා යැ” යන ව්යෝවහාර නැති වැ ගොස් මුහුද හා එක් වීමෙන්, මුහුද යැ යි යන ව්යතවහාරයට යන්නී ද; එපරිද්දෙන් ලෝ වැස්සෝ තුමු සම්පත් ඇත්තාහු මැ පිහිට කොටැ ඇත්තාහ. හෙවත් මහා නුවණැත්තෝ ද ඉසුරුමත් තැනැත්තවුන් කරා පැමිණැ මුහුදට වන් ගහක් සේ තෙජස නැති හෙයින් ප්රනසිද්ධ වැ නොපෙනෙන්නෝ යැ. මේ කාරණය දැකැ මම, “නුවණැත්තෝ උතුම් නොවෙති. ඉසුරුමත් තැනැත්තෝ උතුමැ.යි කියමි” කීහ.


10. නැවැත රජ්ජුරුවෝ, “කිමෙක් ද, මහෞෂධ පණ්ඩිතයෙනි කී ය. පණ්ඩිතයන් වහන්සේ, “ ඇසුව මැනැව දේවයන් වහන්සැ,” යි කියා ගාථා ද්වයයෙකින් නාරණයක් වදාරන සේක්, “මහත් වූ සාගරයක් උපමා කෙරෙද්ද, ඒ සාගරයට, ගංගා - යමුනා - අචිරවතී ආදි වු අනෙක ප්රාකාර ගං හෝ හැම කල්හි මැ මෙතෙක් ගඟ, මෙ තෙක් හොය යන ප්රාමාණයක් නැති වැ නොයෙක් දිගින් හඬා බසිද්ද: සමුද්ර සංඛ්යාවත වූ සාගරය තෙමේ අනවරත වූ සිය දහස් ගණන් මහත් වූ රළ වේග ඇත්තේ වෙරළ ඉක්මැ ගත නොහී වෙරළ මැ ගැසී බි‍ඳේද; එ පරිද්දෙන් මැ නුවණ නැත්තහු ගේ තෙපුල් නුවණැත්තවු ඉක්මැ නො පවත්නේ යැ. කිසි යම් අර්ථානර්ථයෙක්හි උපන් සැකයෙක් ඇත් නම් ඉසුරුමත්හු ද දිළිඳු වු’වුවත් නුවණැත්තහු කරා පැපමිණැ නිශ්චය වන්නේ යැ. මේ කාරණය දැකැ මම, “න්වණැත්තෝ උතුමැ, ඉසුරුමත් නුවණ නැත්තේ උතුම් නො වෙති, කියමි” වදාළ සේකැ.


බෝසතාණන් වහන්සේසංස්කරණය

11. බෝසතාණන් වහන්සේ වදාළ කාරණය අසා රජ්ජුරුවෝ, “කිමෙක් ද, සේනකයෙනි” කී හ. “ඇසුව මැනැව, දේවයන් වහන්සැ” යි ගාථායෙකින් කාරණය දක්වනු පිණිසැ, “කයාදි සංයමයක් නැති වැත් යමෙක් පරිවාර සම්පත් ඇත්තේ වී නම්,එ බඳු ඉසුරුමත් පුරුෂ තෙම්, මහ පිරිස පිරිවරා අධිකරණයෙහි හිඳැ, අනුනට මෙලොවින් පර ලොවින් වැඩක් වන කාරණයක් වත් අවැඩක් වන කාරණයක් වත් කියන්නේ වී නම්, තේජස් වී හෙයින් සභා මධ්යතයෙහි ඔහුගේ බස මැ නැගෙන්නේ යැ. ඉසුරුමත් තැනැත්තේ හිමින් නොහිමි කිරිම් ආදී වූ අවැඩට සුදුසු බසකුදු කියන්නේ වී නම්, සභාවට ඇදැහිය යුතු බව ශ්රිැ කාන්තා මැ කරන්නී යැ. ප්රනඥා තොමෝ එසේ කොටැ ලියැ නො හෙන්නී යැ. මේ කාරණය ද දැනැ මම, “නුවණැත්තෝ යටත්හු මැ යැ. ශ්රිමමත් ඇත්තෝ මැ උතුමැ’යි කියමි” කී හ.


12. නැවැත රජ්ජුරුවන් විසින්, “කිමෙක් ද පුත, මහෞෂධ පණ්ඩිතයෙනි” කී කල්හි පණ්ඩිතයන් වහන්සේ, “මේ කෙළ තොලු සේනකයා කුමක් දනි දැ” යි වදාරා ගාථයෙකින් කාරණයක් වදාරන සේක්, “මඳ නුවණැති බාල තෙමේ අනුන් නිසා වත් තමා නිසා වත් බොරු බෙණෙහි නම්, හේ සභා මැදැ නින්දාත් ලබයි: පර ලොවැ අපාය ගාමී ද වෙයි. මේ කරුණත් බලා, “නුවණැත්තේ උතුමැ, නුවණ නැති ඉසුරුමෙත් තැනැත්තේ උතුම් නො වෙයි” මම කියමි’කී හ.


13. ඉක්බිත්තෙන් සේනක පණ්ඩිතයෝ ගාථයෙකින් කාරණයක් දක්වන්නාහු. “වී නැළියක් සාල් නැළියක් වෙල් හැල් නැළියක් පමණවත් නැති, අකක් මස්සක් වස්තුවෙක් නැති, එසේ හෙයින් ඒ වේලෙන් වේලාවට දුක සේ ජිවත්වන්නා වූ පොළොව හා සමාන වූ නුවණැත්තේ, සභා මධ්ය යේ හිඳැ ඉදින් කාරණයකුදු කියා නම් ඔහු ගේ එ වචනය සභාවට නොනැ‍ඟෙන්නේ යැ. යමෙක් නුවණැති වැත් ඉසුරුමත් නො වේ නම් ශ්රි‍ කාන්තා ඔහු භජනය නො කරන්නී යැ. යමෙක් නුවණ නැති වැත් ඉසුරුමත් වී නම් ශ්රින ඔහු සෙවුනී යැ. එසේ හෙයින් ඉසුරුමත් තැනැත්තහු සම්මුඛයේ නුවණැත්තේ කදෝ පැණියකු මෙන් වැටැහෙන්නේ යැ. මේ කාරණය ද දැකැ මම, “ප්රැඥාවත් තැනැත්තේ යි හීන යැ. ඉසුරුමත් තැනැත්තේ වර්ධන යැ.යි කියමි” කී හ.


14. නැවැත රජ්ජුරුවන් විසින්, “කිමෙක් ද, පුත මහෞෂධ පණ්ඩිතයෙනි” කී කල්හි පණ්ඩිතයන් වහන්සේ, “සෙනකයා කුමක් දනී ද? මේ ලොව විඳැ ගන්නා යසස බලයි. පර ලොව අපාය දුක් නො බලයි, “කියා ගාථයෙකින් කාරණයක් දක්වන සේක්, “උදාර වූ නුවණැත්තේ අනුන් ගේ බිඳීම පිණිසැ වෙව යි බොරැවක් නො කියන්නේ යැ. සබ වස රක්නා වූ හේ තෙමේ මහ පිරිස් මැදැ බොහෝ දෙනා විසින්, “කී නියා යහපතැ” යි පිදියැ යුතු වන්නේ යැ; පර ලෙව්හිදු සුභාෂිත කාරණයෙන් සුගතියට මැ යන්නේ යැ. මේ කාරණා ද දැකැ මම “නුවණැත්තෝ මැ උතුමැ. නුවණ නැති ඉසුරුමත් තැනැත්තෝ උතුම් නො වෙති’කියමි” වදාළ සේකැ.


15. නැවැත, “කෙසේ දැ”යි විචාළ රජ්ජුරුවණට සේනකයෝ ගාථායෙකින් උත්තරයක් කියන්නෝ, “මහරජ ඇසුව මැනැව, ඇතුන් අසුන් ගව මහීෂාදි වස්තු හා මුතු මැණික් ආදී වූ රුවන් ද, මැණික්මය කුණ්ඩලාභරණ හා කනක - කටක - නුපුර යනාදි ආභරණයෝ ද, ඉසුරු කුලයෙහි උපන්නා වූ දෙවඟනක් හා සමාන වරඟනෝ ද, අවශේෂ පරිවාර ජනයෝ ද යන සායල්ලෝ මැ පොහොසත් තැනැත්තවුට උපහොග පිණිසැ වසන්නා හ: නුවණ ඇතත් දුක්පත් තැනැත්තවුට එ සේ වන්නා හු නො වෙති. මේ කාරණයෙනුත්, “සම්පත් ඇත්තෝ උතුම් වෙති’ කියමි” කී හ.


16. ඉක්බිත්තෙන් පණ්ඩිතයන් වහන්සේ වදාරණසේක්, “මේනුවණ නැති සේනකයා කුමක් දනී දැ” යි එක් කාරණයක් ගෙනැ හැරැ දක්වන්නෝ, ගාථායෙකින් “නො සලකා කරන ලද මෙ ලොවින් පර ලොවින් අනර්ථ දායක වූ කටයුතු ද අඥාන වූ තෙපුල් ඇති මඳ නුවණැත්තාහු ද, දිරා ගිය සැවයක් නිරපෙක්ෂ කොටැ හැරැ පියා යන සර්පයකු මෙන් ශ්රිව තොමෝ හරිනී යැ. තව ද ඊට කාරණ කිමෙක් ද යත හොත්:- ප්ර ථම කල්පයෙහි අකුසල් නම් කළු සුදු බව නො දන්නා මිනිසුනට ආයු බොහෝ සමයයෙහි දඹදිවැ චේතිය නම් රජ කෙනෙක් ඇති වු හ. උන් ගේ ශරිරයයෙන් සඳුන් සුවඳ හමන්නේ යැ; මුඛයෙන් මහනෙල් සුවඳ හමන්නේ යැ. ආකාශයෙහි පළක් - ගෙනැ හිඳිනට සමර්ථ වූ සෘද්ධි ඇත්තා හ. කාමාවචර දෙවියෝ සතර දෙනක රෑ දාවල් ආරක්ෂා ඇති වැ රකවල් ගෙනැ සිටින්නා හ. අනන්ත ඇතුන් අසුන් ආදී වූ සියුරඟ සෙනඟින් යුක්ත වැ දස දහසක් යොදුන් දඹදිවැ අග රජ කරන්නා හ. එසේ වූ ඒ චේතිය රජ්ජුරුවන් කී බොරුයෙන් ශරීරයෙන් නික්මෙන වන්දන ගන්ධය ද මුඛයෙන් නික්මෙන වන්දපල ගන්ධය ද නැති ව දුර්ගනන්ධ හමන්නට වනැ. සතර දිගැ රකවල් ගෙනැ සිටි දෙවියෝ ද ඔහු හැරැ පියා නැගී ගියාහ. ආකාශයෙහි පලක් බැඳැ සිටිනට සමර්ථ සෘද්ධි නැති වැ බිමට මැ බටුයේ යැ. කීවා වු මෘෂාවාදය කරණ කොටැ ගෙනැ ජිවමාන ශරිරයෙන් මැ පොළොව විවර වැ අවීචියෙන් ගිනි දැල් සතරක් අවුත් රන් පලසක් බඳ වැ වලඳිනා ලද්දේ නරකයෙහි උපනැ. සතර දිගැ දෙවියන් රකවල් ගත් එ බදු ඔහු ගේ සැපත පවා නුවණ නැති වැ අපායයට යන කලැ පිටි වහල් නො වී, මුහුද එතෙරට මෙ තෙර සේ ද ආකාශයට පොළොව සේද නො ළඟ වි යැ. එසේ හෙයින් මේ කාරණය ද දැකැ මම, “නුවණැත්තෝ උතුමැ. නුවණ නැති තැනැත්තෝ උතුම් නො වෙති” කියමි. වදාළ සේකැ


17. ඉක්බිත්තෙන් රජ්ජුරුවන් විසින්, “කිමෙක් ද, සේනකයෙනි” කී කල්හි, “කිමෙක් ද, දේවයන් වහන්ස, මේ බාල දරුවෝ කුමක් දනිද්ද? තවත් මා කියන කාරණයක් ඇසුව මැනැව” යි, පණ්ජිතයන් වහන්සේ කර බාවමි; හෙවත් කියන උත්තරයක් ඇත් නම් නැති කෙරෙමි” සිතා ගාථායෙකින් කාරණයක් දක්වන්නාහු, “දේවයන් වහන්ස, නුවණින් තිරණය කටයුතු වූ කාරණයෙක් සැක උපන් කලැ, “සේනකාදි පණ්ඩිත වරුන් කැඳවව” යි අප හැම කැඳවා යැවු ඔබ වහන්සේ ගේ සැකය දුර ලන මෙ සේ වූ ප්රූඥා සම්පන්න වූ අපි පණ්ඩිතවරු පස් දෙනමැ දොහොත් මුඳුනෙහි බැඳැ ගෙනැ ඔබ වහන්සේට සම නො වමුව, අප ඔබ වහන්සෙ දෙ දෙව් ලොව දෙවියන් පිරිවරා ඔවුන් ගේ අනුභාවය මැඩැ පවත්නා වූ සක් දෙව් රජහු මෙන් කීර්ති හා තේජසින් පරිවාර සම්පත්තීන් මැඬැ ගෙනැ පවත්නා සේකැ. ඉදින් නුවණැත්තහු උතුම් වුව හොත් අප අනුශාසක වැ සිටි බැවින් ඔබ වහන්සේ අපට සටත් වුව මනා වේ ද? එසේ ද නොවන හෙයින් මේ කාරණය දැකැ මම, “නුවණැත්තෝ උතුම් නො වෙති. පරිවාර සම්පත් ඇති තැනැත්තෝ උතුමැ’ යි කියමි” කි හ.


18. සේනකයන් විසින් කියන ලද දැන් මේ වු කාරණය මැ අසා රජ්ජුරුවෝ, සේනකයන් විසින් ගෙන හැරැ දක්වන ලද්දා වු මේ කාරණය ඉතා මැ යහපතැ, ම-පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ මේ සේනකයා ගේ වාදය බිඳැ අනෙක් කාරණයක් ගෙනැ හැරැ දක්වන්නට පෝසත්හු දෝ හො”යි සිතා, “මේ කිමෙක් ද, පණ්ඩිතයෙනි” කී හ. සේනකයා තමන් විසින් මේ කාරණය ගෙනැ හැරැ දැක් වු කලැ, දැන් වනාහි මහ බෝ සතාණන් වහන්සේ විනා අනෙක් ඒ වාදය බිඳින්නට සමර්ථ කෙනෙක් මුළු දඹදිවැ නැත්තා හ. එ සේ හෙයින් බෝධි සත්ත්වයන් වහන්සේ තමන් වහන්සේ ගේ විදුරක් හා සමාන අසාධාරණ වූ ප්රයඥානුභාවයෙන් ඒ සේනක පණ්ඩිතයන් ගේ වාදය බිඳිනා සේක්, “දේවයන් වහන්ස, ටම් නුවණ නැති සේනකයා කුමක් දනී ද? මේ ලොවැ විඳැ ගන්නා යසස් බලයි; නුවණෙහි අරුම නොදන්නේ යැ. නුවණෙහි අරුම ඇසුව මැනැව. දේවයන් වහන්සැ” යි කියා ගාථායෙකින් කාරණ දක්වන සේක්, “නුවණ ඇත්තන් විසින් මැ පැසැදිය යුතු වූ එ බඳු කටයුත්තක් උපන් කල්හි, නුවණ නැති ඉසුරුමත් තැනැත්තේ නුවණ ඇත්තහු ගේ ගැත්තකුමෙන් පවත්නේය. නුවණැත්තෝ ප්රනඥායෙන් කටයුතු වූ සියුම් වු යුක්ති ආදි යම් ගැටමුසු කාරණයක් සැක හැරැ කියාද, එබඳු කාරණයෙහි නුවණ නැත්තේ, අවලෝකනය කොටැ ගත නොහී, ඒ ක්ෂණයෙහි කණ ගෙරි වල වන්නා සේ, මුළා බවට පැමිණෙන්නේ යැ; මේ කාරණය දැකැ, “නුවණැත්තේ මැ උතුමැ, නුවණ නැත්තෝ උතුම් නො වෙති. කියමි” යි කී හ. මෙර ගල් මුඳුනෙහි සත් රුවන් ගෙනැ හැර පා වගුරවන්න‍ාක් හුමෙන් ද, ආකාශයෙහි පුන් සඳ ඔසවා පාන්නක්හු මෙන් ද උත්තර ගෙනැ හැරැ දැක් වූ සේකැ.


19. මෙ සේ මහ බෝසතාණන් වහන්සේ විසින් නුවණෙහි අරුම වදාළ කල්හි, ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයනට, “කිමෙක්ද සේනකයෙනි, පෝසතු නම් උත්තරයක් කියව” යි කි හ. සේනකයාත් කොටුවෙහි පටවා තිබූ වී කා නිමවා කොටු පත්ල අතගා පියා රැගෙන මාන සිතන එකක්හු මෙන්, උගත් උගත් තරම නිමවා පියා මත්තෙහි වැටැහෙන උත්තරයක් නැත්තේ, එසේ එහෙයින් කර බා-ගෙනැ කොඳුර-කොඳුරා සිතිවිල්ලේ හුන්නේ යැ. ඉදින් ඒ සේනකයෝ අනෙක් උත්තරයක් ගෙනැ හැරැ කිවු නම් ගාථා දහසෙකින් වත් උම්මග්ග ජාතකය නො නිමෙන්නේ යැ.


20. ඒ සේනකයන් කියැ හෙන උත්තරයක් නැති කල්හි, ගැඹුරු මහ වතුරක් එක පැහැර නමන්නක්හු මෙන් ද, ආකාශ ගංගාව පොළෝ තලයට බහන්නක්හු මෙන් ද, මහ බෝ සතාණන් වහන්සේ මත්තේ ප්ර ඥා වර්ණ නා කරන සේක්, ගාථායෙකින්, “ඒකාන්තයෙන් බුදු පසේ බුදු මහ රහතන් ආදි වූ නුවණැත්තවුන් විසින්, ‘නුවණ උතුමැ”යි පසන්නා ලද. යම් හෙ‍ෙයකින් නුවණ නැති මිනිසුන් සම්පතෙහි ඇලුණා වූ නම් එහෙයින් ඔහු ශ්රි කාන්තාව උතුමැ,යි කියති. මෙලොව පරලොව දන්නා නුවණින් වැඩි සිටියනට මේ යසස් නම් ගැරැවිල් කුණක් හා සමාන යැ. ප්රසඥාව අසදෘශ වූ ස්වරෑප ඇත්තී යැ. එසේ හෙයින් මහා සාගරයට වෙරළ ඉක්මැ ගත නො හෙන්නී යෙැ., දේවයන් වහන්සැ” යි වදාළ සේකැ.


21. ඒ අසා රජ්ජුරුවෝ මහ බෝ සතාණන් වහන්සේගේ ප්ර ශ්න විසර්ජනයෙන් සතුටු වැ, “බුදු කෙනෙකුන් පරිද්දෙන් අපට විසඳා කිව. ඒ තොප ගේ ප්ර ශ්න ව්යා කරණයෙහි සතුටු වු මම ගෙරි දහසක් ද, නැගෙන්නට උතුම් හස්ත්යා ලංකාරයෙන් සරහන ලද්දා වු සුශික්ෂිත හස්ති රාජයෙක් ද, අජානෙය අසුන් යොදන ලද රථාලංකාරයෙන් සරහන ලද රථ දහසක් ද, ධන ධාන්ය යෙන් සමෘද්ධ වු එකෙකි ගමින් හවුරුද්දකට ලක්ෂයක් බැගින් අය නිමන ගම් සොළොසක් ද, යන මෙ කී වස්තූන් තොපට උපකාර කොටැ දෙමි” කියා සියල්ල දෙවූ හ.


12. ජන්නපථ ප්‍රශ්නයසංස්කරණය

එතැන් පටන් කොටැ මහ බෝ සතාණන් වහන්සේ ගේ යසස කිරි මුහුද රළ පරිද්දෙන් මහත් වුයේ යැ. ඒ සියලු මැ සමිපත් බුනණියෝ උඳුම්බරා දේවි මැ විචාරත්. බෝ සතාණන් වහන්සේ සොළොස් හැවිරිදි වුකලැ, “මාගේ මලණුවෝ වැඩි මාලු වැ ගත් හ. උන් ගේ යසසත් මහතැ. උනට සමාන කුලයෙකින් සරණ පාවා දෙන බව සුදුසු යැ”යි සිතුහ. මෙ සේ සිතා එ පවත් රජ්ජුරුවනට දැන්වූහ. එ පවත් උනට කියව” යි කීහ. දේවීන් මහ බෝසතාණන් වහන්සේට එ පවත් දැන්වූයැ. එ පවත් පණ්ඩිතයන් වහන්සේ විසින්, “යහපතැ” යි ගිවිසි කල්හි, “එසේ වී නම් මලංඩ, සුදුසු තැනෙකින් කුමාරිකාවක් ගෙනෙමෝ දැ”යි කී හ. මහ බෝ සතාණන් වහන්සේ, “මුන් වහන්සේ විසින් ගෙන්වා පාවා දෙන ලද කුමාරිකාව කිසි සේත් මට අභිප්රානය නොවන්නී යැ. එහෙයින් මම් මැ පළමු කොටැ සුදුසු එකක පරික්ෂා කෙරෙමි” යි සිතා, “දේවීන් වහන්ස, කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසුවල් කාරියකට ගිය හ යි නො කිව මැනැව. එක් කුමාරිකාවක පරික්ෂා කොටැ මට අභිප්රායය එකක ලදිම් නම් නුඹ වහන්සේට දන්වා ලමි”යි කියා, බිසොවුන් වැඳැ, තමන් වහන්සේ ගේ ගෙට ගොස් හිත මිත්රියනට එ පවත් කියා, එක්තර‍ා වේග‍ෙයකින් සන්නාලි උපකරණ ගෙනැ, හුදෙකලා වැ මැ උතුරු වාසල් දොරින් නික්මැ උතුරු යව මැදුම් ගමට වැඩි සේකැ.


2. එ සමයෙහි උතුරු යව මැඳුම් ගමැ දුක්පත් වැ සිටි පුරාතන සිටු කුලයෙක් වියැ. ඒ සිටු කුලයෙහි අමරා දේවි නම් එක මැ දියණි කෙනෙක් බැලුවනට ප්රි්යකරු වූ රූ ඇත්තා හ. සියලු ස්ත්රී ලක්ෂණයෙන් සම්පන්න ය හ. මහ පින් ඇත්තා හ. ගෑනු රුවට හොබවන ලද ඇඳි රෑ කඩක් හි සමානය හ. ඒ අමරා දේවි තුමූ එ දවස් උදාසන මැ හුළුකැන් පිසැ ගෙනැ, “පියාණන් සානා තැනට යෙමි” යි නික්මැ , මහ බෝසතාණන් වහන්සේ වඩනා මඟට පිළිපන් හ. මහ බෝ සතාණන් වහන්සේ ඉදිරියට එන්නා වූ ඒ කුමාරිකාව දැකැ, “ස්ත්රීහ ලක්ෂණයෙන් සමන්විත ස්ත්රි යකැ. ඉඳින් ස්වාමීන් නැත්තී නම් මෝ තොමෝ මට බිරින්දෑට සුදුසු යැ”යි සිතූ සේකැ. ඒ අමරා දේවි මහ බෝසතාණන් වහන්සේ දැකැ ලා, “ඉඳින් මෙ බඳු පුරුෂයක්හු ගේ ගෙයි වූයෙම් නම් කුටුම්බ සණ්ඨාපනය කරන්නට හෙවත් වස්තු රැස් කරන්නට පිළිවනැ”යි සිතු හ.


3. ඉක්බිත්තෙන් මහ බෝ සතාණන් වහන්සේ, “මෑ ගේ සැමියන් ඇති නැති බව නො දනිමි; එ පවත් හස්ත මුද්රානයෙන් විචාරමි. ඉඳින් මෝ නුවණැත්තී වූ නම් හස්තමුද්රාඉයෙන් විචාළා දැනැ ගන්නී යැ”යි සිතා, දුරැ මැ සිටැ ඇඟිලි හකුළුවා මිට කළ සේකැ. ඒ අමරා දේවිත්, “මේ පු2රුෂයා මා ගෙන් සැමියන් ඇත්ත නැත්ත විචාරන්නේ යැ”යි දැනැ අත්ල විදා ලු හ. මහ බෝසතාණන් වහන්සේ සරණ නුහුණු බව දැනැ සමීපයට ගොස්, “සොඳුර, තෙපි කිනම් මුදැ”යි විචාළ සේකැ. “ස්වාමීනි, ගිය දවසැ වේ වයි මතු දවස වේ වයි දැන් වේ වයි සමස්ත ලෝකයෙහි යමෙක් නැත්නම් මම ඒ නම්මි” කීහ. “සොඳුර, ලොවැ උපන් සතුන් ගෙන් නොමියන කෙනෙකුන් නැති හෙයින් ‘අමර’ නාමය නැත්තේ යැ. ‍ෙතපි එ නම්මු” දැයි වචාළ සේකැ. “එ සේ යැ. ස්වාමීනි” යි කීහ. “සොඳුර කවුරුනට කැඳ ගෙන යෙවූ දැ”යි විචාළ සේකැ. “පූර්ව දෙවතාවනට යැ”යි කී හ. “තොප ගේ පියාණෝ කුමක් කෙරෙක් දැ”යි විචාළ සේකැ. “එකක් දෙක කෙරෙරති” කී හ. “එකක්හු ගේ දෙක කිරිම නම් සී සෑම යැ. සී සාද්ද, සොඳුරැ “යි වදාළ සේුකැ. “ස්වාමීනි, එසේ යැ” යි කීහ. “තොප ගේ පියාණෝ කොතැනෙකැ සාද්දැ”යි විචාළ සේකැ. “යම් තෙනකට එක් වරක් ගිය කෙනෙක් නො එද්ද, එ තැනැ යැ”යි කී හ. “එක් විටෙකැ ගිය කෙනකුන් ගේ පසු වැ නො එන තෙන සුසාන යැ. සොඳුර, සෝනක් සමීපයෙහි සාද්දැ”යි විචාළ සේකැ. “එසේ යැ ස්වාමීනි” කී හ. “සොඳුර, අද මැ එවු දැ”යි විචාළ සේකැ. “ඉඳින් ආව හොත් නො එමි, නාවොත් එමි කී හ. “සොඳුර, තොප ගේ පියාණෝ ගඟෙකින් එ තෙරෙකැ සාති. එයට කාරණ කිමෙක් දැ”යි යතහොත්:- ගඟ දිය ආවොත් නොඑව දිය නො ආවොත් එව. එ හෙයිනැ “යි වදාළ සේකැ. එසේ යැ, ස්වාමීනි” කිව.


4. මෙ සේ මෙ පමණක් පෙර පසු කථා කොටැඅමරා දේවි තුමු. “හුළු කැන් පුව මැනැවැ, ස්වාමීනි” පැවැරූ හ. බෝ සතාණන් වහන්සේ, “ආදියෙන් කී පෙරැත්ත නොඉවැසිම අවමංගල යැ”යි සිතා, “යහපතැ බොමි” වදාළ සේකැ. අමරා දේවීකැඳ සැළිය හිසින් බා තැබූහ. මහ බොසතාණන් වහන්සේ, “ඉඳින් මණ්ඩය නො දෙවැ, අතට පැන් නොදි මැ කැඳ අතට දුනු නම්, මෙ තැනැ මැ පැන් ඇරැ ගෙනැ අවුත් අතට දීලා, සිස් මණ්ඩය අතැ නොතබා බිමැ තබා ලා, සැළියේ කැඳ අළලා හුළුකැන් මණ්ඩය පුරා ලු හ. වැලිත් ඒ කැදෙහි හුළු මඳ වුයේ යැ. ඉක්බිති බෝ සතාණන් වහන්සේ ‘කිමෙක් ද, සොඳුර හුළුකැන් ඉතා මැ බොල් වනැ”යි වදාළ සේකැ. “පැන් නො ලද්දේ යැ. ස්වාමීනි” කිහ. “තොප ගේ කුඹුර පූදිනා අගැ දිය නොලදැ සිතමි” වදාළ සේකැ අමරා දේවිත්, “එසේ යැ, ස්වාමීනි” කියා පියාණනට හුළුකැන් තබා බෝ සතාණන් වහන්සේට හුළුකැන් පෙවු හ.


5. උන් වහන්සේ හුළු කැන් අනුභව කොටැ අත කට සෝදා, “සොඳුර අපි තොප ගේ ගෙට යම් හ. අපට මඟ කියව”යි වදළ සේකැ. අමරා දේවි, “යහපතැ” යි කියා තමන් ගේ ගෙට මඟ කියන්නාහු, “මඟ හොස්සේ ගොස් ඇතුළු ගමට වන් කලැ, යම් තෙනෙකැ අස්සුණු තබා විකුණන සල්පිලැ, ඉන් ඔබ්බට ගිය කලැ කැඳ තබා ගෙනැ විකුණන සල්පාලැ. ඉන් ඔබ්බට ගිය කලැ පිපී සිටි කොබලීල ගසෙක් ඇත්තේයැ. ඒ ගස මුලට ගිය කලැ යම් අතෙකින් අනුභව කෙරෙද් ද, ඒ අතැ මඟැ යන්නට කියමි; යම් අතෙකින් නො කද්ද ඒ අතැ යන්නට නො කියමි: හෙවත් දකුණත මඟැ වැඩියැ මැනැවැ. ඒ මඟ යැ, හෙවත් යව මැඳුම් ගමැ අප ගේ දෙමවුපියන් ගේ ගෙට මඟ යැ. මා සඟවා කී මඟ දැනැ වදාළ, මැනැවැ”යි කී හ. මෙ සේ ඒ අමරා දේවි බෝධි සත්ත්වයන් වහන්සේට මඟ කියාලා පියාණනට හුළු කැන් ඇරැ ගෙනැ නැගී ගිය හ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-iii&oldid=10515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි