5. පුත්‍රාදියසංස්කරණය

පුත්‍ර ප්‍රශ්නයසංස්කරණය

පස් වැනි පුත්‍ර ප්‍රශ්නය කෙසේ ද යත් :- එක් ස්ත්රියක් පුතකු වඩා ගෙනැ පණ්ඩිතයන් වහන්සේ ගේ පොකුනට ගොස්, ආදී කොටැ පුතු නහවා , තමා ගේ කඩ මත්තේ හිඳුවා , තොමෝ ඉස් සෝදා නහන්නට බට. ඈ නාන්නට බට ඇසිල්ලෙහි යකිනියක් ඇගේ පුතු දැකැ , කනු කැමැති වැ , ගෑනු වෙසක් ගෙනැ දරුවන් සමීපයට අවුත් , “යෙහෙළිය, මේ දරුවෝ ඉතා හොබනා හ. මූ තොප ගේ දරු කෙනෙක් දැ’යි විචාරා, “එසේ යැ, මෑණියෙනි’කී කල්හි, මේ දරුවන් කිරි පොවම් දැ’යි කී කල්හි මෑණියන් විසින් යහපතැ යි කී කල්හි ,ඕ දරුවන් වඩා ගෙනැ මඳක් කිරි පොවා ලා වඩා ගෙනැ පලා ගියා යැ.මෑණියෝ තමන්ගේ දරුවන් ඇරැ ගෙන යන්නිය දැකැ දිවැ ගෙන ගොස් , “මා ගේ පුතු කොයි ගෙනැ යෙයි දැ”යි අල්ලා ගත.යකිනි කියන්නී , ‘තීකොයින් ලත් පුතෙක් ද ? මූ මාගේ පුතණුවෝ යැ’යි භයක් නැති වැ කිව.ඔහු දෙන්නාකලහ කෙරෙමින් සාලාව දොර කඩින් යන්නා හ.


2. මහ බෝසතාණන් වහන්සේ ,කලහ ශබ්දය ආසා දෙන්නා මැ ගෙන්වා ‘මේ කුමන ඩබර ද’යි අසා, ඇස් නොමරන බැවින් ද ,ඔලිඳැට දෙනන් සේ රත් වැ තිබෙන බැවින් දැ, ‘මේ යකින්න යැ’යි දැනැ, “මා කී යුක්තියෙකැ සිටිවූ දැ’යි විචාරා ,එසේ යැ, සිටුම්හ යි කි කල්හි, බිමැ හිරක් අඳවා හිර මැඳැ දරුවන් හොවා ,යකිනිය ලවා දෑත හා මෑණියන් ලව‍ා දෙපය හා ගන්වා , ‘දෙන්නා මැ ඇදැ ගනුව’යි ඇදැ ගත් එකක් හට යැ පුතණුවෝ” යි වදාළ සේකැ. දෙන්නා මැ දරුවන් ඇදැ ගත්හ.දරුවො දෙන්නා විසින් අඳිනු ලබන්නාහු දුකට පැමිණිය හ. මෑණියෝ ළය පැළුණු කලක් මෙන් ශොකයට පැමිණැ, දරුවන් අත හැරැ අඬමින් සිටියා හ.


3. බෝ සතාණන් සහන්සේ, “දරුවන් කෙරෙහි වැදුවවන් ගේ ළය මොළොක් ද; නොහොත් නොවැදුවන් ගේ ළය මොළොක් දැ” යි බොහෝ දෙනා, විචාළ සේකැ. බොහෝ දෙන “පණ්ඩිතයන් වහටන්ස, වැදුවන්ගේ ළය වේද, මොළොක් වන්නේ,යි කීවාහු යැ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ “කිමෙක් ද, දැන් දරුවන් වඩා ගෙනැ සිටි තැනැත්තිය මෑණියනැ” යි වැටහේ දැ”යි හැම දෙනා මැ විචාළ සේැ. හැම දෙන මැ, “දරුවන් හැරැ සිටි තැනැත්තෝ වේ ද, පණ්ඩිතයන් වහන්ස, මෑණියෝ” යි කි හ. “කිමෙක් ද, තෙපි හැම මේ දරු සෙර දනුදැ” යි විචාළ සේකැ. හැම දෙන මැ, “නොදනුම් හ. පණ්ඩිතයන් වහන්සැ” යි කී හ. “ඇසි පිය නොමරන බැවින් ද, ඇස් දෙක රත් බැවින් ද, ජායාවක් නැති බැවින් ද, කිසි කෙනෙකුන් කෙරෙහි සැකයක් නැති බැවින් ද දයාවක් නැති බැවින් දැයි - මෙතෙක් කාරණයෙනැ” වාදාළ සේකැ.


4. ඉක්බිති මේ ලෙසැ වෙදාරා, “‍තෝ කවරහිදැ” යි යකින්න විචාළ සේකැ, “යකින්නකිමි, ස්වාමීනි” කිව. “කුමක් පිණිස මේ කුමරුවා ගත්තෙහි දැ “යි වදාළ සේකැ, “කන පිණිසැ යැ ස්වාමිනි” කිව. “නුවණ තැන්තිය, පෛරැත් තෝ අකුසල් කොටැ යකින්න වැ උපන්නේහි වේ ද, දැන් වනාහි නැවැතත් අකුසල් කරන්නෙහි වි ද? අහ! නුවණ නැත්තිය කියා අවවාද කොටැ, ඉක්බිති ඈ පන්සිල්හි පිහිටුවා යැවු සේකැ. කුමරුවාගේ මෑණියෝ, බොහෝ කලක් ජිවත් වුව මැනැව, ස්වාමිනි” යි මහා බෝ සතාණන් වහන්සේට ස්තූති කොටැ පුතණුවන් වඩා ගෙනැ නැගී ගියාය.



ගෝළ කාළ ප්‍රශ්නයසංස්කරණය

5. සවැනි වූ ගෝළ කාළ ප්‍රශ්නය කෙසේ ද යත්:- මිටි හෙයින් ගෝල යැයි කියා ද කළු පෑ ඇති හෙයින් කාළ යැයි කියා ද, ලබන ලද නම් වූ එක් මිනිසෙක් වනාහි, සත් අවුරුද්දක් ගෙයි කඹුටැ අඹුවක ලද. ඕ නමින් දික්තලා නමැ . ඒ පුරුෂයා එක් දවසක් තමාගේ අඹුව බණවා, “සොඳුර, දෙමව්පියන් බලා පියම් හ. කැවුම් පෙවුම් ඉදි කොටැ ලව” යි කියා කරන ලද්දේ, තුන් වර දක්වා කියා තුන් වැනි වාරයෙහි ගිවිස්වා කැවුම් පිසවා ගෙනැ යා යුතු පඬුරු ද ඇරගෙනැ, ඒ අඹුව හා සමග මඟට පිළිපන්නේ අතර මඟැ පැතිරැ දිය යන හොයක් දිටි. නොගැඹුරු වූවත් ගඟ දියට ඔහු දෙදෙනා මැ බානා හ. එසේ හෙයින් ඒ ගඟින් එ තෙර වැ යා ගත නො හෙන්නාහු ගං තෙරැ සිටිය හ.


6. එවේලෙහි දික් පිටියා යන නමක් ඇති එක් දුගී පුරුෂයෙක් ඒ ගං තෙරැ ඇවිදුනේ, උන් දෙදෙනා සිටි තැනට පැමිණියේ යැ. ඉක්බිති ඔහු දැකැ, “යහළු, මේ ගඟ ගැඹුරු හෝ නැද්දැ” යි පිළිවිස්ස හ. ඒ ‍ෙතමේ, ඔහු දියට බන්නා හ” යි දැනැ “මේ ඉතා ගැඹුරු යැ; කිඹුලුන් හා දැති මුවර ආදී වූ චණ්ඩ මතස්යියන් ගෙන් ගහණ යැ”යි කි යැ. එබස් අසා “සබඳ, තෙපි කෙසේ එතෙර වුවදැ” යි විචාළ හ. මේ ගඟැ කිඹුලූන් හා දැති මුවර ආදී වූ චණ්ඩ අය හා අප පුරුදුකම් ඇති. එ හෙයින් අප නොකන්නාහ” යි කී යැ. “එසේ වී නම් සබඳ, අපත් එතෙර කරව” යි කිවු යැ. ඒ පුරුෂයාත්, “යහපතැ” යි ගිවිස්සේ යැ. ඔහු ගිවිසි කලැ දෙමහල්ලෝ කන බොන දෑ ඔ හට දුන් හ. ඒ පුරුෂයා කරන ලද ආහර කෘත්යු ඇත්තේ, “සබඳ, කවුරුන් පළමු කොටැ ගෙනැ ‍යෙම් දැ” යි විචාළේ යැ. එබස් අසා ගෝළ කාළයා, “තොප ගේ බැදෑණියන් දෑ පළමු කොටැ ගෙනැ යව මා පසු වැ ගෙනැ යව” යි කී යැ. ඒ පුරෂයාත් “යහපතැ” යි දික්තලා කරැ හිඳුවා ගෙනැ සියලු මැ මාර්ගොපකරණයත් කැවුමුත් ඇරැ ගෙනැ ගඟට බැසැ මඳක් තැන් ගොස්, කෙළිල්ලෙන් බැසැ හිඳැ ගියේ යැ.


7. ගෝළ කාළයා ගං තෙරැ සිටියේ, “මේ ඉතා ගැඹුරු යැ. මෙ සේ උස් තැනැත්තවුට පවා මෙ‍තෙක් දිය මාරු නොවන්නේ යැ.” යි සිති යැ. දික්පිටියා ද දික්තලා ගඟ මැදට ගෙනැ ගොස් , “සොඳුර, මම තොප රක්ෂා කෙරෙමි. හැඳැ පැළැඳැ දෙවඟනක සේ කැමැති පරිද්දෙන් සැරසී දැසිදස්සන් විසින් පිරිවරන ලදුවැ ඇවිදුව, තොපට මේ අගුටු මිටියා කුමන පොෂණයක් තමා දි ලියැ හෙන්නේ ද? මා ගේ බස් ගිවිසුව” යි කි යැ. ඕ තොමෝ දික්පිටියා ගේ මැ නම් විචාළ සේක‍ැ. ඒ පරි‍ද්දෙන් කී බස් අසා, සත් හවුරුද්දක් තමා නිසා ගෙයි කඹුළ තමා ගේ සැමියා කෙරෙහි ස්නේහය සි ඳැ, ඒ ඇසිල්ලෙහි මැ එකි දික්පිටියා කෙරෙහි පිළිබද සිත් ඇති වැ, “ ස්වාමිනි, ඉදින් මා නොහරුනමි මම තොප කීවා කෙරෙමි” යැ. ඔහු දෙදෙනාම එ තෙර ගොස් විශෂයෙන් මැ සන්තුෂ්ට වැ, ගෝල කාළයා හැරැ පියා, “ තෝ එ සේ සිටුව” යි කියා, ඔහු බල -බලා සිටිවැ දි මැ කවුමි කැවු කකා යන්නට වන්හ .

8.ගෝළ කාලයාත් උන් දෙන්නාගේ ක්රිුයාව දැකැ, “ මුන් දෙන්නා එක් වැ ගෙනැ මා ඇරැ පියා යෙති” යි සිතමින් ඈත් මැත බලා දිවෙන්නේ, මදක් දියට බැසබයෙනි ගොඩට නැඟී, නැවතත් උන්දෙන්නා කෙරෙහි ‍කෝප‍ෙයන්, “ රැකෙම් වා, මියෙම් වා” යි ගගට පැන දියට බටුයේ යැ. දිය මඳ නියාව දැනැ ගගින් එතෙර වැ වහා දික්පිටියා කරා පැමිණැ, “ කොල දුෂ්ට වු සොර, මාගේ අඹුවන් කොයි ගෙනැ යෙයි දැ”යි විචාළේ යැ.දික්පිටියා, “කොල අඟුටු මිටිය, තට අඹුවෝ කොයින් දැ” යි කියා ගෝළ කාළයා කර අල්ලා ගෙනැ, දමා ලියැ .ගෝළ කාළයා ද ඒ දික්තලා අත අල්ලා ගෙනැ , තෝ කොයි යෙයි ද, සත් අවුරැදක් ගෙයි කඹුටැ ලත් මාගේ අඹු වේ ද”යි කියා දික්පිටියා හා සමග කලහ ‍ෙකරමින්, ශාලාව සමිපයෙන් යන්නා හු ය.


9. බෝහෝ දෙනා කලහ ශබිදය අසා රැස් වු හ . මහ බෝ සතාණන් වහන්සේ, “ මෙ කුමන අරගල යක් දැ” ඔවු නො වුන්ට කියන බස් අසා, “මා කී යුක්තියෙහි සිටිවු දැ” යි කියා, “ සිටුමි හ”යි කී කල්හි, පළමු කොට දික්පිටිය බණවා, “ තෝ කිනමි දැ”යි සිචාල සේකැ. “ දික්පිටියා නම් ස්වාමීනි” කි යැ. අඹුවන්ගේ නම කිම් දැ “යි විචාළ සේකැ. “දික්පිටියා නම් ස්වාමීනි කී යැ . අඹුවන්ගේ නම කිම් දැ”යි ව්චාල සේකැ. ඇගේ නම නොදන්නේ අනෙක් නම කීයැ . “තා ගේ මෑණියෝ පියාණෝ කිනමු දැයි විචාල සේකැ . මේ මේ නදි කියැ තා‍ගේ අඹුවන් ‍ෙග් මැණියෝ පියානෝ කිනම්මූ දැ”යි විචාල සේකැ . “මේ මේ නම් හ”කීයැ. ඒ නො දැන අනෙක් නමක් කීයැ . ඉක්බිත්තෙන් ඔහු ගේ සහයෙන් උන්න වුන් ගිවිස්වා, ඔහු එ තැනින් පිටත් කරවා, ‍ගෝළ කාළයා ගෙන්වා පෙරැ පරිද්දෙන් මැ හැම දෙනා ගේ මැ නම් විචාළ සේකැ. ඒ වූ පරිද්දෙන්මැ දන්නේ නො වරදවා මැකි යැ . ඔහු ද එතැනින් පිටත් කරවා,දික්තලා ගෙන්වා , “තෝ කිනම් දැ’යි විචාළ සේකැ. ඕ මම ස්වාමිනි , දික්තලා නමි’ කිව. “තිගේ සැමියා කිනම් දැ’යි විචාළ සේකැ.ඕ සෙිර සැමියාගේ නම නොදන්නි අනෙක් නමක් කිව. ‘ති‍ෙග් මෑණියෝ පියාණෝ මවුපිය දෙන්නා කිනම් දැ’යි විචාළ සේකැ. “ස්වාමිනි අසවල් නම්මු යැ’යි කිව. “තිගේ සැමියාගේ මවුපිය දෙන්නා කිනම් දැ’යි විචාළ සේකැ. ඕ නන් දොඩන එකක මෙන් අනෙකක් කිව.මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ දික්පියිවා හා ගෝළ කාළයා හා දෙන්නා ලගන්වාගෙන . ‘මැගේ බස් දික්පියියාගේ හා සම ද , ‘ගෝළ කාළයා යේ බස් හා සමයැ’ යි කී හ. ඉක්බිති , ‘මේ ගෝළ කාළයා මැයගේ සැමියා යැ, ‘යි කී හ. ඉක්බිති , ‘මේ ගෝළ කාළයා මැයගේ සැමියා යැ, ‘දිකිපිටියා යැ , ‘දික්පිටියා සොර සැමියා යැ’ යි කියා විචාරා සොර සැමියා නියාව ගිවිස්සු සේකැ .


රථ ප්‍රශ්නයසංස්කරණය

10. සත් වැනි රථ ප්‍රශ්නය කෙසේ :- එක් පුරුෂයෙක් රථයෙකැ ඉඳැ මුහුණ සෝදන පිණිසැ නිකිමුණේ යැ . ඒ ඇසි‍ල්ලෙහි සක් දෙව් මහ රජාණෝ මනුෂ්යි ලෝකය බලන්නාහු , මහෞෂධ බුද්ධංකුරයා ගේ ප්රණඥනුභාවය ප්ර්කාශ කරවමි’ සිතා මිනිස් වෙසින් අවත්, පුරුෂයා පදිමින් සිටි රථයෙහි පසු කඩ අල්ලා ගෙනැ යන්නාහු ය. රථයෙහි උන් පුරුෂයා, 'කුඩෙනි , කුමන කටයුත්තක් නිසා අවුදැ' යි විචාරා, 'නුඹ දෑ සමීපයෙහි සිටිනා නිසා ආමි' යි කී කල්හි, 'යහපතැ'යි ගිවිස රථයෙන් බැස ශරීර කෘත්‍ය සපයන පිණිස ගියේ ය.

11. ඒ ක්ෂණයෙහි ශක්‍රයෝ රථයට පැන නැගී වහ-වහා රථය පදනාහ. රථය ඇති පුරුෂයා ශරීර කෘත්‍ය කොටැ නිමවා නික්මුණේ රථය හැර ගෙන යන්නා වූ සක් දෙව් රජහු දැක, යුහු වැ ගොස්, 'සිටුව, සිටුව, මාගේ රථය කොයි ගෙන යෙයි දැ' යි කියා 'තොපගේ රථය අනෙකෙක් වන්නේ ය. මේ වනාහි මාගේ රථය වන්නේ යැ' යි කී කල් හි , ඔහු හා සමග කලහ කෙරෙමින් ශාලාව දොරට පැමිණියේ ය. පණ්ඩිතයන් වහන්සේ ‘ මේ කිමෙක් දැ’ යි ඔවුන් බණවා, එන්නා වූ දෙදෙනා ම දැක කිසි භයක් නැති බැවින් ද ඇස් නොමරන බැවින් ද 'මේ ශක්‍රයා ය, මේ රථ ස්වාමියා යැ' යි දත් සේක. “රජ්ජුරුවෝ ඕවිලිලෙහි කෙළනා කැමැත්තෝ යැ. පරණ වැලි යොත කැඩී ගියේ යැ. එක් වැලි යොතක් අඹරා රවත්වයි. නො එවුව නම් දහසක් දඩ යැ” යි කියා යැවූ හ.

12. ඒ ගම් වැස්සෝ අර්ථය නො දැනැ පණ්ඩිතයන් වහන්සේ විචාළ හ. පණ්ඩිතයන් වහන්සේ, “මේ පැනයත් සමාන පැනයෙකින් ම විසැඳියැ යුතු යැ”යි සිතා, “ගම් වැස්සෙනි, නො සිතවය”යි අස්වයා, කීමෙහි බිණීමෙහි දක්ෂ වූ පුරුෂයන් දෙතුන් දෙනෙකු බණවා, “යව, ගොස් රජ්ජුරුවනට” දෙවයන් වහන්ස , ගම් වැස්සෝය වැලි යොතෙහි සීන වේ වයි, දළ වේ ව යි පමණ නො සන්නා හ. පරණ වැලි යොතින් වියතක් පමණ රෑන මාල්ලක් එවුව මැනැවැ. ඒ වැලි රෑන් පොල්ල බලා ඒ සීන දළ පමණින් වැලි යොතක් අඹරන්නා හ’යි කියව. ඉදින් තොපට රජ්ජුරුවෝ, අප ගේ ගෙහි වැලි යොතක් නම් කිසි කලෙකත් නොවූ විරී යැ’යි කියත් නම්, එ සේ කී රජ්ජුරුවනට ‘දේවයන් වහන්ස, ඉදින් එ සේ වී නම් යව මැදුම් ගම් වැස්සෝ කෙසේ වැලි යොතක් අඹරා එවද්දැය’යි කිියා ලව’ යි කියා යැවූ සේකැ. ඒ පුරුෂයෝ මහ බෝසතාණන් වහන්සේ වදාළ ලෙස මැ කළ හ.

13. රජ්ජුරුවෝ ද ඒ අසා, මේ සමාන පැනය කා විසින් සිතන ලදදැ “යි විචාරා, “මහෞෂධ” පණ්ඩිතයන් වහන්සේ විසිනැ” අසා සතුටු වූ හ.

තඩාග ප්‍රශ්නයසංස්කරණය

14. සොළොස් වැනි වූ පොකුණෙකින් විමැසූ තඩාග ප්ර්ශ්නය කෙසේ ද යත්:- එක් දවසක්, “රජ්ජුරුවෝ දිය කෙළනා කැමැත්තෝ යැ. පස් පියුමෙන් ගැවැසී ගත් පොකුණක් එවත්වයි. එසේ නො එ වූ නම් දහසක් දඩ යැ” යි ගම් වැස්සනට කියා යැවු හ.

15. ඔහු ඒ අර්ථය නො දැනැ පණුඩිතයන් වහන්සේට දැන් වූ හ. උන් වහන්සේ, “මෙයින් සමාන ප්රනශ්නයෙකින් මිසැ විසැඳියැ නො හැක්කැ”යි සිතා, “මුඛරිවූ මිනිසුන් කීප දෙනෙකුන් කැඳවව”යි කියා, ගෙනා කල්හි ඒ පුරුෂයනට මෙසේ කිවූ යැ;” තොපි දිය කෙළැ ඇස ඔළිඳැට සේ රත් කොටැ, තෙත් හිසකේ ඇති වැ, අඳනා ලද තෙත් පිළී ඇති වැ, මඩ වැකුණු ශරීර ඇති වැ, විය දඩු කැවිටි විචාළ හ. “දේවයන් වහන්ස, මෙ පමණෙකින් මැ පණ්ඩිත නො වන්නා හ. තවත් බැලුව මැනව. පරීක්ෂා කොටැ පියා දන්නමෝ වේ දැ”යි කී යැ



6.දණ්ඩකාදියසංස්කරණය

දණ්ඩක ප්‍රශ්නයසංස්කරණය

අට වැනි කිහිරි දංඩෙන් විමැස ප්රවශ්නය කෙසේ ද යත්:- ඉක්බිත්තෙන් එක් දවසක්, “පණ්ඩිතයන් විමසම්හ” යි කිහිරි දංඩක් ගෙන්වා එයින් වියතක් පමණ ගෙන, තත්තකාරයකු ගෙන්වා සකක් කොට ලියවා, “නැගෙනහිර යවමැදුම් ගමැ වසන පුරැෂයෝ නුවණැත්තෝ ; මේ අග යැ. මේ මුල යැ ‘ය දනාත් ව යි. ඉඳින් නොදනිත් නම් දහසක් දඩ යැ’ යි කියා යැවූ හ.

2 ගම් වැස්සෝ රැස් වැ කිහිරි දංඩෙහි අග මුල දැනැගත නො හෙන්නාහු සිරිවඩ්ඪන සිටාණනට, “කිසි සේත් සහෞෂධ පණ්ඩිතයෝ දැන ගන්නා හ. උන් ගෙන්වා ගෙනැ විචාරව”යි කීවෝ යැ. සිටාණෝ ඒ පණ්ඩිතයන් කෙළි මඬලෙන් ගෙන්වා එපවත් කියා, “පුත, අපි හැම කිහිරි දංඩෙහි අග මුල දැන ගන්නට නොපොහොසතුම් හ. කිමෙක් ද පුත, තෙපි පොහොසතුදැ “යි විචාළ හ. පියාණන් කී බස් අසා පණ්ඩිතයන් වහන්සේ, “රජ්ජුරැවනට මේ කිහිරි දංඩෙහි අගින් වෙවයි මුලින් වේවයි ප්ර්යෝජනයෙක් නැති. මා පොහොසත් මි “යි ගෙන්වා ගෙනැ, කිහිරි දංඩ අතින් අල්ගා ගෙනැ මැ, “මේ අග යැ, මේ මුල යැ “යි දැන බොහෝ දෙනා සිත් ගන්නා පිණිසැ පැන් තලියක් ගෙන්වා, කිහිරි දංඩ මැදින් හූ ලණූවෙකින් බැඳැ, හූ අග අල්ලාගෙනැ කිහිරි දංඩ දිය පිටැ තබා ලූ සේකැ. මුල බර බැවින් පළමු කොට දියේ ගිලිණ. ඉක්බිත්තෙන්, “ගසෙහි නම් මුල බර වේ ද, නොහොත් අග බර වේ දැ “යි බොහෝදෙනා විචාළ සේකැ. හැම දෙනා මැ, “පණ්ඩිතයන් වහන්ස, මුල බර වේ දැ “යි කී හ. එසේ හෙයින්, “කිහිරි දංඩෙහි පළමු කොටැ ගිලුණු අත මුලයැ “යි මේ සලකුණෙන් අගත් මුලත් වදාළ සේකැ.

3. ගම් වැස්සෝ ද, “මේ මුල යැ, මේ අග යැ “යි රජ්ජුරුවනට කියා යැවූ හ. රජ්ජුරුවෝ සතුටු වැ “මේ අග මුල කවරෙක් දත්තේදැ “යි විචාරා, සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ ය “යි අසා සතුටු වැ, “කිමෙක්ද සේනකය මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වමෝ දැ “යි විචාළ හ. “ඉවසුව මැනැව, දේවයන් වහන්ස, දේවයන් වහන්ස, අනෙක් උපා‍යයෙකිනුත් විමසම්හ “යි නැවැතූ හ.


ශීර්ෂ ප්‍රශ්නයසංස්කරණය

4. නව වැනි වැ ගෑනු ඉසෙකින් හා පිරිමි ඉසෙකින් ද විමැසූ ප්රැශ්නය කෙසේ ද යත්:- ඉක්බිත්තෙන් එක් දවසක් ගෑනියක ගේ ,ද පිරිමියෙකු ගේ ද හිස් දෙකක් ගෙන්වා, “මේ ගෑනු හිස යැ; මේ පිරිමි හිස යැයි සනිත් ව යි, නොදන්නාහූ නම් දහසක් දඩ දෙන්නාහු යැ “ යි නැගෙනහිර යව මැදුම් ගමැ වැස්සනට යැවූහ.

5. ගම් වැස්සෝ විභාග නොදන්නාහු හිස් දෙක ගෙනැ බොසතාණන් විචාළ හ. උන් වහන්සේ හිස් දෙක දැකැ ලා මැ “මේ ගෑනු හිසැ මැස්ම වක් නොවැ ඉදි වැ යන්නේ යැ. ගෑනු හිසි මැස්ම වක් වන්නේ යැ. බෝසතාණන් වරන්සේ මේ සලකුණෙන්” මේ ගෑනු හිස යැ. මේ පිරිමි හිස යැ “යි ගම් වැස්සනට වදාළ සේකැ. ගම් වැස්සෝ රජ්ජුරුවනට හිසි දෙක තෝරා යැවූ හ. රජ්ජුරැවන් විචාළ නියාව ද සේනක පණ්ඩිතයන් වැළැකූ නියාව ද සේ මැයි.


අභි ප්‍රශ්නයසංස්කරණය

6. දස වැනි වූ සර්පයන් දෙදෙනා ගෙන් විමැසූ ප්රිශ්නය කෙසේ ද යත්:- නැවැත එක් දවසක් නයකු හා සැපින්නක ගෙන්වා ගෙනැ, “මේ සර්පයා යැ ‘යි දනිත්වයි. නොදන්නාහු නම් දහසක් දඩ යැ” යි නැගෙනහිර යව මැදුම් ගමැ වැස්සනට යැවූ හ.

7. ගම් වැස්සෝ නොදන්නාහු පණ්ඩිතයන් වහන්සේ විචාළ හ. පණ්ඩිතයන් වහන්සේ දැකැ ලා මැ දැනැ ගත් සේකැ. සර්පයා ගේ නගුට මහත් වන්නේ යැ. සැපින්න ගේ හිස දික් වන්නේ යැ. සර්පයාගේ ඇස වට වන්නෙ යැ. මහත් වන්නේ යැ, සැපින්න ගේ ඇස් දික් වැ කුඩා වන්නේ යැ. සර්පයා ගේ පෙණය හාත් පසින් සම්පූර්ණන වැ තිබෙන්නේ යැ. සැපින්න‍ගේ පෙණය එක් දිශාවෙකින් සැහපුවා සේ අර්ධ වැ තිබෙන්නේ යැ. මේ සලකුනණන් “මේ සර්පයා යැ. මෝ සැපිනින යැ”යි වදාළ සේකැ. සෙස්ස යට කියන ලද්දා වූ ක්රාමය යි.


කුක්කුට ප්‍රශ්නයසංස්කරණය

8. එකොළොස් වැනි කුකුළා ගෙන් විමැසූ ප්රමශ්නය කෙසේ ද යත්:- ඉක්බිත්තෙන් එක් දවසක් “නැගෙනහිර යව මැදුම් ගම් වැස්සෝ සර්වාංගයෙන් ධවල වූ පයැ අං ඇති හිස් මොල්ලියක් ඇති, කාලත්ර යය නො ඉක්මවා හඬන්නා වූ ගොනකු එවත් වයි, ඉදින් නේ වූහු නම් දහසක් දඩ යැ” යි යැවූ හ.

9. ඒ ගම් වැස්සෝ ප්ර.ශ්නයෙහි විභාග නොදන්නාහු පණ්ඩිතයන් වහන්සේ විචාළ හ. පණ්ඩිතයන් වහන්සේ, “රජ්ජුරැවෝ තොප අතින් හැළි කුකුළකු ගෙන්වා” වදාළ සේකැ. ඒ කුකුළා වනාහි පයැ පොරකටු ඇති බැවින්, පයැ අං ඇත්තේ නමැ; හිසැ මල් ඇති බැවින් හිස මොල්ලියක් ඇත්තේ නමැ; හ්රස්ව දීර්ඝ ප්ලූත යන තුන් කාලයට උච්චාරණ ශුද්ධ කොටැ හඬ නගන හෙයින් කාල ත්රතයය නො ඉක්මවා හඬන්නේ නමැ. එසේ හෙයින්, මෙ බඳු කුකුළකු යවව” යි වදාළ සේකැ. ගම් වැස්සෝ එබඳු කුකුළකු යැවූ හ.


මණි ප්‍රශ්නයසංස්කරණය

10. දොළොස්වැනි වූ මැණිකින් විමැසූ ප්රෙශ්නය කෙසේ ද යත් :- ශක්රප දේවෙන්ද්රැයන් විසින් කුස රජ්ජුරුවනට දුන් මැණික තෙමේ අට තැනෙකින් වක් වූයේ යැ. ඒ අට වක් මැණිකෙහි ශක්රුයන් ඇවුණු පුරාතන හුය දිරා ගොස් කැඩී ගියේ යැ. පරණ හුය හැර පියා අලුත් හුයක් අවුණා ලන්නට කිසි කෙනෙක් නො පොහොසත් යැ. එක් දවසක්, “මේ මැණිකෙහි පරණ දිරා ගිය හුය ඇරැ පියා අලුත් ලණුවක් ලව” යි කියා යව මැදුම් ගමැ ඇත්තනට වේදෙහ රජ්ජුරුවෝ යැවූ හ.

11. ගම් වැස්සෝ පරණ හුය අරින්නට අළුත් හුය ලන්නටත් නොපිලිවන් වූවාහු සහෞෂධ පණ්ඩිතයන් වහන්සේට කීවාහුයැ. පණ්ඩිතයන් වහන්සේ, “තොපි නො සිතව, මී ටිකක් ගෙන්වා ගනුව” යි කියා ගෙන්වා ගෙන මැණිකෙහි දෙකෙළවරැ සිදුරෙහි මී බිංදු ගල්වා, පලස් හුයින් ලණුවක් අඔරා, අග මීයෙහි ගලා මඳක් මැණිකේ සිදුරට වද්දා ලා, කුහුඹූවන් නික්මෙන කුහුඹු බිලයෙකැ තබාලූ සේකැ. කුහුඹුවෝ මියෙහි ගඳින් බිලයෙන් නික්මැ, මැණිකෙහි දිරා ගිය පරණ හුය කාගෙනැ, පලස් හූ අග ඩැහැ ගෙනැ යටින් අදනාහු, අනෙක් ඇළයෙන් පිටත් කොට පී යැ. පණ්ඩිතයන් වහන්සේ මැණිකෙහි ලණුව ඇවිණී ගිය බව දැනැ ගෙනැ “රජ්ජුරුවනට දෙව” යි කියා ගම් වැස්සනට මැණික දුන් සේකැ. ගම් වැස්සෝ රජ්ජුරුවනට යැවූ හ. රජ්ජුරුවෝ ලණුව ඇවුණු උපායය අසා සතුටු වු හ.


විජායන ප්‍රශ්නයසංස්කරණය

12. තෙළෙස් වන විජායන ප්ර ශ්නය කෙසේ ද යත්:- එක් දවසක් වනාහි රජ්ජුරුවන් ගේ මඟුල් ගොනු උඳු බොහෝ කොටැ කවා, බඩ මහත් කොටැ, හං සකස් කොටැ, තෙල් ගල්වා ,සර්වාංගයෙහි කසා නාවා නැගෙනහිරි යව මැඳුම් ගම ඇත්තනට, “තෙපි නුවණ‍ැත්තෝ ල. මේ රජ්ජුරුවන් ගේ මගුල් ගොනා යැ, පිහිටි දරු ගැබ් ඇත්තේ යැ. මොහු වදවා පියා වස්සා සහිත කොට එවව. එ සේ නො එව හොත් දහසක් දඩ යැ “යි යැවූ හ.

13. ගම් වැස්සෝ, මේ ගොනු දරුවන් වදන්නට නොපිළිවනැ. කුමක් කරමො දො හො “යි පණ්ඩිතයන් වහන්සේ විචාළ හ. උන් වහන්සේ” සමාන පැනයෙකින් විසැඳියැ යුතු යැ “යි සලකා රජ්ජුරුවන් එා සමඟ කියන්නට එක් බුහුටි පුරුෂයකු කැඳවූ හ. ඉක්බිත්තෙන් මහ බෝසතාණන් වහන්සේ ඒ පුරුෂයාට, “මෙසේ -එව, පින්වත් පුරුෂය, තෝ තාගේ හිසකේ පිටි දෑ මැදැ හෙළා ගෙනැ, හඬන කරුණ විචාරණ ලද්දෙහි “දේවයන් වහන්ස, මාපියාණෝ වදා ගත නො හෙති; අසට විළි ‘පහරන්නේ සත් දවසැ මට පිළිසරණ වුව මැනැවැ;වදන උපායක් වද්ර ළ මැනැව’ යි කියා රජ්ජුරුවන් විසින් කිමෙක් ද නන් දොඩයි ද ? මේ කාරණයෙක් නො වෙයි, එසේ වී නම් නැගෙහනහිරි යව මැදුම් ගම් වැස්සෝ කෙසේ මගුල් ගොනා වදවද්දැ’යි විචාරව” යි වදාළ සේකැ.

14. ඒ පුරුෂයාත් මහ බෝ සතාණන් වදාළ වචනය පිළිගෙනැ, වදාළ පරිද්දෙන් මැ කෙළේ යැ. රජ්ජුරුවෝ “සමාන ප්රිශ්නය කා විසින් සිතන ලද දැයි විචාරා,” මහෞෂධ පණ්ඩිතයන් විසිනැ” යි අසා සතුටු වූ හ.


ඔදන ප්‍රශ්නයසංස්කරණය

15. තුදුස් වැනි වූ පැසි බතින් විමැසූ ප්රිශනය කෙසේ ද යත් :- එක් දවසක්, “පණ්ඩිතයන් විමසම්හ” යි කියා “නැගෙනහිරි යව මැදුම් ගම් වැස්සෝ අපට අට කාරණයෙකින් සමන්විත වූ පැසි බතක් පැසැ එවත් වැයි. ඒ පැසි බතැ යි කියන්නේ නම් අට කාරනය යි :- සාලිනුත් නො පිසුව මැනැවැ; දියෙනුත් නොපිසුව මැනැවැ දර උඳුනැ ලාත් නො පිසුව මැනැවැ;මෙ සේ වු පැසි බත ගෑනියක අතත් නො එවුව මැනැවැ; පිරිමියෙකු අතත් නො එවුව මැනැවැ;මහෙකැත් නො එවුව මැනැවැ මේ අට කාරනයෙන් යුක්ත පැසි බත නො එවුව හොත් දහසක් දඩ යැ”යි කියා යැවූ හ.

16. ගම් වැස්සෝ ඒ කාරණය නොදන්නාහු පණ්ඩිතයන් විචාළ හ. උන් වහන්සේ, “නොදිය නම් පිනි දියගෙනැ, නොසෙළිය නම් අනෙක් මැටි බඳනක් ගෙනැ, නො උදුන නම් අලුත් කණු ගසා, නොගිනි නිම් පියවී ගිනි හැර දංඩේ හෙළූ ගිනි ගෙනැ, නොදර නම් පරණලා ගෙනැ, පැසි බත පිසවා සැළියෙක ලා අස් ඔබා නොගෑනු නොපිරිමියකු නම් නපුංසකයකු ඉසැ තබා ලා නො මඟින් නම් මාවත පියා පිය හසරෙකින් රජ්ජුරුවනට යවව”යි යැවූ සේකැ. රජ්ජුරුවෝ, “පුශ්නය කා විසින් විසඳන ලදදැ”යිවිචාරා, මහෞෂධ පණ්ඩිතයන් විසිනැ”යි අසා සතුටු වූහ.



7. වාලුකාදියසංස්කරණය

පසළොස් වන වැලියොතින් විමැසූ පුශ්නය කෙසේ ද යත්:- එක්දවසක් පණ්ඩිතවන් වහන්සේ විමසනු පිණිසැ යව මැදුම් ගම් වැස්සනට අස්නක් යැවූ හ. ඒ කෙසේ වූ අස්නෙක් ද යත්:-

බහන් කැට මුගුරු ගත් අත් ඇති වැ, රජ ගෙයි වාසලට ගෙ‍ාස්, වාසලෙහි සිටි බව රජ්ජුරුවනට කිය යවා, රජ්ජුරුවන් විසින්, එන්නේ යැ’යි කියන ලද අවකාශ ඇති වැ රජ ගෙට වැදැ, “දේවයන් වහන්ස, නුඹ වහන්සේ විසින් වනාහි, නැගෙනහිරි යව මැදුම් ගම් වැස්සෝ පොකුණක් එවත් ව’යි කියා යවන ලද හෙයින් අපි නුඹ වහන්සේට දිය කෙඝනට සුදුසු වු පස් පියුමෙන් සැදුණු පොකුණක් ඇරැගෙනැ ආම් හ. ඒ පොකුණ තමා වෙනෙහි වැසැගත් බැවින්, නුවර දැකැ, අට්ටාල පවුරු පදනම් අගල හා වාසල් ආදිය බලා වෙවුල වෙවුලා භයින් බහන කඩා ගෙනැ ගොස් වලට මැ ගියේ යැ. අපි කැට මුගුරු ආදීන් මරන්නමෝ ද නවතා ගත නුහුණම් හ. නුඹ වහන්සේ විසින් ගිය දවසැ වලින් ලද පොකුණක් එවුව මැනැව. ඒ පොකුණ හා අපගේ පොකුණ හා එක් කොටැ යොදා ගෙනෙම්හ ‘යි කියා රජ්ජුරුවන් විසින්,’ කිසි කලෙකැත් මා විසින් පොකුණක් නො ගෙන්වන ලද විරී යැ. කිසිවක් හට එක් කොටැ යොදා ගෙනෙන පිණිසැ පොකුණක් නො එවන ලද විරී යැ ‘යි කී කල්හි, ඉඳින් දේවයන් වහන්ස, එසේ වී නම් නැගෙනහිරි යව මැදුම් ගම් වැස්සෝ කෙසේ පොකුණක් නුඹ වහන්සේට එවද්දැ යි කියව’ යි කියා යැවූ සේකැ.

6. උයිත් මහ බෝ සතාණන් වදාළ ලෙස මැ කළ හ. රජ්ජුරුවෝ ඒ මිනිසුන් අතින්, “ කවුරුන් විසින් විසඳන ලද දැ” යි විචාරා, “ පණ්ඩිතයන් විසිනැ” යි අසා සතුටු වූ හ.


උද්යාන ප්‍රශ්නයසංස්කරණය

7. සතළොස් වැනි වූ උයනින් විමැසූ ප්ර ශ්නය කෙසේ ද යත් නැවැතැ එක් දවසක්, “අපි උයන් කෙළි කෙළනා කැමැත්තම් හ. අපගේ උයන පරණ වැ ගියේ යැ. යව මැදුම් ගම් වැස්සෝ චම්පකාශොකවකුලතිලකාදින් සුපුෂ්පිත තරුවරාකිණි අලුත් උයනක් රවත්ව” යි කියා යැවූ හ.

8. පණ්ඩාතයන් වහන්සේ “මෙයින් සමාන පැනයෙකින් මැ විසැඳිය යුතු යැ” යි ගම් වැස්සන් අස්වයා, මුඛරි මිනිසුන් කීප දෙනෙකුන් යවා, පෙරැ පොකුණට කියා යැවූ පරිද්දෙන් මැ කියා යැවූ සේකැ. එ දවසත් රජ්ජුරුවෝ සතුටු වැ සේනක පණ්ඩිතයනට කියන්නාහු. “පණ්ඩිතයන් ගෙන්වා ගනුමෝ දැ” යි විචාළ හ. ඒ තොමේ ලාභමාත්සර්යය නිසා.” මෙ පමණෙකින් මැ පණ්ඩිත නම් නොවෙති. හැම්මුන මැනැවැ” යි කී යැ.



8. ගද්රාභ - මණි ප්‍රශ්නයසංස්කරණය

ගද්ර.භ ප්‍රශ්නයසංස්කරණය

ඒ සේනකයා ගේ බස් අසා රජ්ජුරුවෝ, “මහෞෂධ පණ්ඩාතයෝ තුමූ වැලි කෙළියෙහි පටන් පැසිඳි මාංශ ප්රමශ්නය ආදී වූ ප්රඩශ්න සතළොසින් මැ මා සිත් ගත් හ. මෙ බඳු වූ උන් ගේ දැඩි වූ පැන විසැඳීමෙහි ද, අප විසින් යවන ලද්දා වූ ප්රෞශ්නවලට සමාන වූ ප්රඩශ්න චින්තනයෙහි ද, උන්ගේ ප්ර ශ්න විසර්ජනය බුදු කෙනෙකුන් වහන්සේ ගේ ප්ර්ශ්න විසර්ජනයක් හා සමාන යැ. සේනකයා මෙබඳු පණ්ඩිතයන් ගෙන්විය නො දෙයි. සේනකයා ගෙන් මට කාරිය කිම් දැ “යි, ඒ මහෞෂධ පණ්ඩිතයන් ගෙනෙමි” යි මහත් වූ හස්ත්ය ශ්වාදී පරිවාරයෙන් යුක්ත වැ පණ්ඩිතයන් වසන නැගෙනහිරි යව මැදුම් ගමට යන්නට නික්මුණා හ. මගුලසු නැගී ගෙනැ යන්නා වූ රජ්ජුරුවන්ගේ පය පැකිළී වළෙකැ වැටී බිඳී ගියේ යැ. රජ්ජුරුවෝ එ තැනැ සිටැ නැවැතැ නුවරට වන්නා හ.

2. ඉක්බිත්තෙන් අතර මග සිටැ ආ වේදේහ රජ්ජුරුවන් සමීපයට සේනක පණ්ඩිතයො එළැඹැ, “දේවයන් වහන්ස , මහෞෂධ පණ්ඩිතයන් ගෙනෙන්නට යවමැදුම් ගමට වැබි සේක් වේ දැ”යි වදාළ හ. “එ සේ යැ, පණ්ඩිතයෙනි” රජ්ජුරුවෝ කීහ. “දේවයන් වහන්ස, මා අවැඩ කරු කොට දත් සේකැ. “තවත් හැම්මුන මැනැවැ”යි කියද්දීත්ඉතා ඉක්මන් වැ ගොස් ආ‍දී මැ යන ගමනේ මගුලසු ගේ පය බිඳී ගියේ වේ දැ”යි කී හ. රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයන් කී බස් අසා තුෂ්ණිම්භූත වැ, නැවැත එක් දවසක් සේනකයන් හා සමග , “සේනක පණ්ඩිතයෙනි, මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වමෝ දැ ‘යි විචාළ හ. “එසේ වී නම් දේවයන් වහන්ස , නුඹ වහන්සේ නො ගොස්, පණ්ජිතයෙනි , තොපගේ සමීපයට එන්නා වූ අප මගුලසු ගේ පය බිඳී ගියේ යැ. අශ්වතරයකු හෝ ශ්රෙ3ෂ්ඨතරයකු හෝ එවවයි මෙහෙවර කරන්නකු යැවුව මැනැව. ඉදින් අශ්වතරයකු එවත් නම් තුමූ මැ එන්නා හ; ශෙෂ්ඨතරයකු එවත්නම් පියාණන් එවන්නා හ. මේ තෙමේ අපට ප්ර;ශ්නයෙක් වන්නේ යැ “යි කී හ. රජ්ජුරුවෝ, “යහපතැ” යි ගිවිසැ, සේනකයන් කී ලෙස මැ කියා මෙහෙවර කරන්නකු යැවූ හ.

3. පණ්ඩිතයන් වහන්සේ ‍ මෙහෙවර කරන්නහු ගේ බස් අසා, “රජ්ජුරුවෝ මා ද ම - පියාණන් වහන්සේ ද දක්නා කැමැත්තෝ යැ”යි සිතා පියාණන් වහන්සේ සමීපයට ගොස් වැඳැ ලා,” පියාණන් වහන්ස , රජ්ජුරුවෝ නුඹ වහන්සේ ද මා දක්නා කැමැත්තෝ යැ. නුඹ වහන්සේ පළමු කොටැ සිටුවරුන් දහස පිරිවරා වැඩිය මැනැවැ; වඩනා සේක් ද සිසතින් නො ගොස් අලුත් හෙළ ගිතෙල් පිරුණු සඳුන් කරඬුවක් ඇරැ ගෙනැ, වැඩියැ මැනැවැ, රජ්ජුරුවෝ නුඹ වහන්සේ හා සමග පිළිසඳර කතා කොටැ, “පණ්ජිතයෙනි, සුදුසු අස්නක් දැනැ හිඳුව”යි කියති. බක්බිතිතෙන් මම නුඹ වහන්සේ ගේ මූණ බලමි. ඒ සලකුණෙන් හුනස්නෙන් නැඟී, “පුත මහෞෂධ පණ්ජිතයෙනි, මේ අස්නේ හිඳුව” යි වදාළ මැනැවැ. එ සේ කල්හි එක් පැනයෙක් අපට වන්නේ යැ” යි වදාළ සේකැ.

4. සිටාණෝ, “යහපතැ” යි ගිවිසැ, පුතණුවන් දැ කී සිටියේ ම ගොස් තමන් වාසල සිටි බව රජ්ජුරුවනට කියා යවා, “ රන්නේ යැ” යි කියා රවු කල්හි, රජ ගෙට වැදැ රජ්ජුරුවන් වැඳැ එකත්පස් වැ සිටිය හ. රජ්ජුරුවෝ සිටාණන් හා සමග කථා කොටැ, “ සියාණෙන්, තොප පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ කොයි දැ”යි විචාළ හ. “පස්සෙහි එති දේවයන් වහන්සැ” යි කී හ. රජ්ජුරුවෝ, “එති” යනු අසා සතුටු සිත් ඇත් වැ, “තොපට සුදුසු අස්නක් දැනැ හාඳුව” යි කී හ. සිටාණෝ තමනට සුදුසු අස්නක් බලා එකත් පස් වැ හුන්නා හ.

5. මහ බෝසතාණන් වහන්සේ ද සර්වාලංකාරයෙන් සැරැසුණු සේක්. කුමාරවරුන් දහස විසින් පිරිවරණ ලදුවැ, සරසන ලද උතුම් රථයෙනැ හිඳැනුවරට වදනා සේක්, අගල පිටැ තණ කන රක් කොටළුවකු දැක , ශක්ති සම්පන්න පුරුෂයනට, “ මේ කොටළුවා ලුහුබඳවා ගෙනැ, යම් පරිද්දෙකින් ශබ්ද නො කෙරේද, එ පරිද්දෙන් මැ ඔහුගේ මුඛය බන්ධනය කොටැ, එක් පරක්කුවෙකින් කරැ තබා නොපෙන්නා ගෙනැ එව’ යි වදාළ සේකැ. ඒ මානවකයෝ බොධිසත්ත්වයන් වදාළ ලෙස මැ කළ හ.

6. බොධි සත්ත්වයන් වහන්සේ ද මහත් පිරිසින් යුක්ත වැ ශක්රා දේවේන්ද්රව ලීලායෙන් නුවරට වන් සේකැ. බොහෝ දෙන, “සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මූල; උපන්නා හු බෙහෙත් ගුලියක් අතින් ගෙනැ, උපන්නෝ මූ ල; විමැසූ මෙ තෙක් ප්රෙශ්නයන්ගේ අර්ථ විභාග දක්නා ලද්දෝ හෙවත් පැන විසඳුවෝ මූල” යි මහ බෝසතාණන් වහන්සේට ස්තුති කරන්නාහු තෘප්තියට නො පැමිණෙන්නා හ. පණ්ඩිතයන් වහන්සේ රජ ගෙයි වාසලට ගොස් තමන් වහන්සේ ආ පවත් දොරටු පාලයා අත කියා යැවූ සේකැ. රජ්ජුරුවො ඇසූ පමණින් මැ තුටු පහටු වැ, “ම පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ වහා එවත්” යි කී හ. බෝසතාණෝ කුමරුන් දහස පිරිවරා පහයට නැහැ රජු වැඳැ එකක් පසෙක සිටි සේකැ. රජ්ජුරුවෝ ඔහු දැකැ මැ සොම්නසට පැමිණැ මිහිරි කථා, කොටැ “පන්ඩිතයෙනි, සුදුසු අස්නක් දැනැ හිඳුව”යි කී හ. පණ්ඩිතයන් වහන්සේ පියාණන් දෑ මූණ බැලූ සේකැ. ඉක්බිත්තෙන් උන් වහන්සේ ගෙ පියාණෝ බැලූ සලකුණෙන් හුස්නෙන් නැඟී, “පණ්ඩිතයෙනි, මේ හස්නේ හිඳුව”යි කී හ. පණ්ඩිතයන් වහන්සේ ඒ අසමින් පියා හුන් හස්නෙන් වැඩැ හුන් සේකැ.

7. පියාණන් හස්නෙන් නඟා පියා ඒ හස්නෙහි උන්නා වූ පණ්ඩිතයන් දැකැ ලා මැ, සේ්නක, කුක්කුස ,කාවින්ද, දේවිනිද, යන පණ්ඩිතවරු සතර දෙන ද , සෙසු නුවණ නැත්තා හු ද අත්ලෙන් අත්ල ගසා මහත් කොටැ සිනා සී, “මේ නුවණ නැත්තා හු “නුවණ ‘තැ’ යි කියති. ඒ තෙමස පියාණන් හස්නෙන් නගා පියා තෙමේ ඒ හස්නෙහි හිඳිනේ යැ. මොහු “නුවණැ ‘තැ ‘ යි කියන්නට යුක්ත නොවන්නේ යැ”යි වෙහෙසූ යැ. රජ්ජුරුවෝ ද දුර්මුඛ වූ හ.

8. ඉක්බිත්තෙන් මහ බොසතාණන් වහන්සේ, දුර්මුඛ වැ උන් රජ්ජුරුවන් වහන්සේට, “කිමෙක් ද, දෙවයන්වහන්ස, කනස්සලු සේක් දැ” යි විචාළ ාස්කැ. ‘එසේ යැ, පණ්ඩිතයෙන්, කනස්සල්ලෙමි. තොප ගේ ස්වරූප ඇසීම සිත් ගත, දැක්ම සිත් නොගතැ”යි කීහ. ‘මාගේ ස්රවරෑප ඇසීම සිත් ගත්තේත් දැක්ම සිත් නොගත්තේත් කුමක් නිසා දැ’යි විචාට සේකැ. ‘පියාණන් හස්නෙන් නඟා, හුන් හෙයිනැ’යි කී හ. ‘කිමෙක් ද, දෙවයන් වහන්ස, නුඹ වහන්සේ, ‘ඇමතන්හි මැ පුතුනට වඩා පියෝ මැ උතුමැ’යි කියන සේක් දැ’යි වද්රනළ සේකැ. රජ්ජුරුවෝ එ සේ යැ, පණ්ඩිතයෙනි’යි කීහ.

9.ඉක්බිත්තෙන් මහ බෝසතාණෝ රජ්ජුරුවනට, ‘දෙවයන් වහන්ස,කුඹ වහන්සේ විසින් අපට , ‘අශවතරයකු හෝ ශ්රෙහෂ්ඨතරයකු හෝ එවන්නේ යැ’යි අසුන් යවන ලද්දේ නො වේ දැ’යි කියා උන් හස්නෙන් නැඟී,කොටළුවා ගෙනා මානවකයන් මුන බලා, “තොප විසින් ගන්නා ලද කොටළුවා ගෙනෙව’යි ගෙන්වා ගෙනැ රජ්ජුරැවන් ගේ පා මුලැ හොවා ලා, “දේවයන් වහන්ස, මේ කොටළුවා කෙතෙක් අගී දැ’යි විචාල සේකැ. රජ්ජුරැවෝ, “ඉදින් උපකාර ඇත්තේ වී නම් අට මස්සක් අගනේ යැ’යි කී හ. මූ නිසා සෛන්ධව කුලයෙහි වෙළඹ බඩැ උපන් අජානෙය අශ්වයා කෙතෙක් අගී ද’යි විචාළ සේකැ. “පණ්ඩිතයෙනි, අගය නැතැ’යි කී හ. “දේවයන්වහන්ස, කුමක් හෙයින් එසේ කියන සේක් ද? නුඹ වහන්සේ විසින් දැන්, ‘ඇම තන්හි මැ පුතුනට වඩා පියෝ උත්තමයැ’යි කියන ලද නො වේ ද ? ඉදින් ඒ සබා වී නම් නුඹ වහන්සේ ගේ වාද‍ෙයහි අජානේ ය අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේ යැ. කුමෙක් ද දෙවයන් වයන්ස, නුඹ වහන්සේ ගේ පණිඩිතවරැ මෙ පමණකුත් දැනැ ගන්නට අසමර්ථ වැ අත්ලෙන් අත්ල ගසා සෙන්නාහු ද ? නුඹ වන්සේගේ පණ්ඩිතවරුන් ගේ නුවණ විශෙෂය ආශ්චර්ය යැ. නුඹ වහන්සේ කොයින් මුන් අත පතගා ලත් සේක් දැ’යි පණ්ඩිතවරැන් සතර දෙනාට මැ පරිභව බැණැ, රජ්ජුරැවනට ගද්රආභ ප්‍රශ්නයෙහි එ මැ කාරණ ගාථාවකින් කියා, “දෙවයන් වහන්ස, පුතුනට වඩා පියෝ උත්තමයෝ නම් ම පියාණන් නුඹ වහන්සේ වැඩ පසස්නා පිණිසැ ගත මැනැවැ;ඉදින් පියනට වඩා පුත්රුයෝ උත්තමයෝ නම් මා නුඹ වහන්සේ සමිපයෙහි රඳවා ගත මැනැවැ’යි වදාළ සේකැ. රජ්ජුරැවො සොම්නස් වූ හ.සියලු රාජ පර්ෂද්, “පන්ඩිතයන් විසින් ප්රුශ්නය මනා කොටැ කියන ලදැ’යි ඔල්වර හඬ ගසමින් සාධුකාර ශබ්ද පැවැත්වූ හ. සේනකාදී පණ්ඩිතවරු සතර දෙන දුර්මුඛ වූ හ.


10. මවුපියන් ගුණ දන්නට බොධි සත්ත්වයන් වහන්සේ හා සමාන කෙනෙක් නැති වැළි,මුන් වහන්සේ කුමක් නිසා පියාණන් වහන්සේ හස්නෙන් නඟා ඒ හස්නෙහි වැඩ හුන් සේක් ද යත් පියාණන් දෑට අවමානයක් පිණිසැ නොවෙයි. රජ්ජුරැවන් විසින්, “අශ්වතරයකු හෝ එවන්නේ යැ ශ්රෙිෂ්ඨ තරයකු හෝ එවැන්නේ යැ’යිඅසුන් යවන ලද මෙයින් ඒ පැනය විසඳන පිණිසත් තමන් වහන්සේත් නුවණැති බව අඟවන පිණිස සේනකාදී පණ්ඩිතවරු සතර දෙනා ගේ නුවණින් බැබැළිම නැති කරන පිණිසත් යැ.


11. රජ්ජුරුවෝ ගද්රනභ ප්ර්ශ්නයා‍ගේ විසර්ජනයෙහි සතුටු වැ,සුවද පැන් පිරෑ රන් කෙන්ඩිකාව අතින් ගෙනැ, “නැ‍ඟෙනහිරි යවමැදුම් ගම පමුණු කොටැ, “සෙසු දාසක් සිටුවරැ සිරිවඩ්ඪන සිටාණනට සම්මත වෙත්ව’යි කියා, මහ බෝසතානන් ගේ මෑණියන් දෑට සිරිකන් තෝඩු තැලිවැල් පට්ටකාර පා සළඹ පා ද ජාලාදි වූ සියලු ස්ත්රී ආභරණ යවා, කොටළු ප‍ැනෙහි පහන් වැ මහ බෝසතාණන් වහන්සේ දරු කොටැ වඩා ගන්නා පිණිසැ මහ සිටාණනට, ‘සිටාණෙනි, මහෞෂධ පණ්ඩිතයන් මට දරැ කොටැ දෙව’යි කී හ. සිටාණෝ, ‘දෙවයන් වහන්ස, දරැවෝ තව මැ ළදරුවෝ යැ.අද දක්වාත් දරුවන් තුඬැ කිරි සුවඳ අමයි.වැඩී ගත් කලැ නුඹ වහන්සේ සමීපයෙහි වසන්නේ යැ’යි කි හ. “සිටා‍ණෙනි, මෙ වක් පටන් පන්ඩිතයන් කෙරෙහි ආලය හරුව. මූ අද පටන් මපුතණුවෝ යැ.මම තොපගේ පුතණුවන් රක්නට පොහොසත්මි. තෙපි යව’යි සිටාණනට ගමට යන්නට සමු දුන් හ.සිටාණෝ රජ්ජුරුවන් වැඳැ පුතණුවන් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සිපැගෙනැ ළෙහි හොවා ගෙනැ ඉස සිඹැ, පුතණුවනට අවවාද දුන් හ.උන් වහන්සේ ද සිටාණන් වැඳැ, “පියාණන් වහන්ස, නො සිතුව මැනවැ’යි කියා පියානන් යැවූ සේකැ.

12. රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ, “ඇතුළතැ දී කවු ද, නොහොත් පිටතැ දී කවුදැ’යි විචාළ හ. උන් වහන්සේ, “මා ගේ පරිවාර බොහෝ යැ.මා විසින් පිටතැ දි බත්අනුභව කිරිම සුදුසු යැ’යි සිතා, “පිටතැ දි අනුභව කෙරෙමි’යි වදාළ සේකැ.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ පන්ඩාතයන් වහන්සේට සුදුසු ගෙයක් දෑ, කුමාරවරැන් දහස ආදී කොටැ සියලු පරිවාරයට වියදම් සෙවා, සියලු උපකරණ ගෙයි ලා දෙවූ හ.පණ්ඩිතයන් වහන්සේ එතැන් පටන් කොටැ රජ්ජුරුවන් සමීපයෙහි අනුශාසන කෙරෙමින් සිටිසේකැ.


මණි ප්‍රශ්නයසංස්කරණය

13. රජ්ජුරුවෝ පන්ඩිතයන් වහන්සේ විමසනු කැමැති වූ හ. එසේ කල්හි නුවරැ දකුණු වාසලට නුදුරැ වූ තන්හි පොකුණ තෙරෑ සිටි එක් තල් ගසෙකැ උඩැ කවුඩු කැදැල්ලෙකැ මිණි රැවනෙක් වූයේ යැ.ඒ මැණිකෙහි ජායාව පොකුණෙහි පෙනෙන්නේ යැ. “පොකුණෙහි මැණිකෙකැ’යි රජ්ජුරුවනට දැන්වූ හ. රජ්ජුරුවෝ සේනකයන් කැඳවා, “පොකුණෙහි මිණි රැවනෙක් පෙනේ ල.ඒ මැණික කෙසේ ගනුමෝ දැ’යි විචාරා සේනකයන් විසින් , ‘පැන් ඉස්ස‍ා පියා ගන්නා බව සුදුසු ‘යි කී කල්හි, “එසේ වී නම් එ ලෙසැ මැ කරව’යි සේනකයනට භාර කළ හ.සේනකයෝත් බොහෝ මිනිසුන් රැස් කරවා,පොකුණෙහි දියත් මඩත් අරවා, බිම කැණැ ද මැණික නුදුටුවා හ.නැවැතැ පොකුනෙහි දිය පිරී ගිය කල්හි මැණිකෙහි ජායාව පෙනෙන්නේ යැ.නැවතත් ‍ෙස්නකයෝ දියත් මඩත් අරවා බිමත් කනවා මැණික නුදුටුවාහු යැ.

14.ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ මහෞෂධ පන්ඩිතයන් වහන්සේ කැඳවා, “පොකුණෙහි මැණිකෙක් පෙනෙන්නේ යැ. සේනකයෝ දියත් මඩත් අරවා බිම බිඳැ මැණික නුදුටුවා හ.පොකුණෙහි දිය පිරිගිය කලැ නැවැතැ පෙනෙයි. මෙය ගන්නට පොහොසතුදැ’යි වැඩිය මැනැවැ.නුඹ වහන්සේට මැණික පාමි’යි වදාළ සේකැ.රජ්ජුරුවෝ, “මැණික පාමි” යි කී බසින් සතුටු වැ, “අද පණ්ඩිතයන්ගේ නුවණෙහි බල දකුම්හයි බොහෝ දෙනා විසින් පිරිවරන ලදු වැ පොකුණු තෙරට ගියා හ.මහ බෝසතාණන් වහන්සේ පොකුණු තෙරැ සිටැ මැණික බලන සේක් මැ, “මේ මැණික පොකුණෙහි නොවෙයි;මේ තල් ගස උඩ විය යුතු යැ’යි දැකැ “දේවයන් වහන්ස,පොකුණෙහි මැණික නැතැ’යි කියා “පෙනෙන්නේ මැණික නොවේ දැ’යි කී කල්හි පැන් තලියක් ගෙන්වා ‘බැලුව මැනැවැ, දේවයන් වහන්ස, මේ ම‍ැණික පොකු‍ණෙහි මතු පෙනෙන්නේ නො වෙයි;තළියෙහිත් පෙපෙන්නේ යැ’යි කියා රජ්ජුරුවන් විසින්, “පණ්ඩිතයෙනි, මැණික කොයි විය යුතු දැ’යි කී කල්හි , ‘දේවයන් වහන්ස, පොකුණෙහිත් තළියෙහිත් ජායාව මැ යැ පෙනෙන්නේ .මැණික වනාහි මෙ තල් ගස උඩැ කවුඩු කැදැල්ලේ යැ.මිනිසෙකු නංවා බාවා ගගත මැනැවැ’යි වදාළ සේකැ.

15. රජ්ජුරුවන් බෝධි සත්වයන් වහන්සේ වදාළ ලෙසැ මැ මිනිසෙකු නංවා මැණික බෑවූ හ. පණ්ඩිතයන් වහන්සේ ඒ මැණික තමන් අතට ඇරැ- ගෙනැ, රජ්ජුරුවන් අතැ තුබු සේකැ.බොහෝ දෙන පණ්ඩිතයන් වහන්සේට සාධු කාර දී, සේනක පණ්ඩිතයනට බණන්නාහු. “මැණික තල් ගස උඩැ තිබියැ දී සේනකයා, දුන්නක් දමා ගිය එකක්හු කළයෙහි අත ගානා සේ ශක්තිමත් පුරුෂයන් ලවා පොකුණමැ බිඳැ වීයැ.නුවණැතිවහොත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට ස්තුති කළ හ. රජ්ජුරුවෝ බෝධි සත්වයන් වහන්සේට සතුටු වැ,තමන් කර පැළැඳි රන් ලක්ෂයක් පුස්නා මුත් හරදී කුමාරවරැන් දහසට මුතු පට දුන්නා හ. “රාජ සේවයට එන විටැ මේ පැළැඳැ ගෙන එන්නේ යැ’යි මහ බෝසතාණන් වහන්සේට ද කුමාරවරුන් දහසට ද සම්මත කළ හ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-ii&oldid=8736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි