‘නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස‘


1. නිදාන කථාවසංස්කරණය

එක් සම‍යෙක්හි ශාක්‍ය සිංහ වූ, සමන්ත භද්‍රම වූ, අසමසම වූ, ත්‍රෛලෝක්‍ය තිලක වූ, ත්‍රිභූවන චූඩාමාණික්‍ය වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ප්‍රඥාවට වල්ලභ වූ, සාගරයක් සේ අචින්ත්‍ය වූ ගුණ ඇති, මහා පොළොව සේ නිශ්චල ගුණ ඇති, මහා මේරැව සේ උස් වූ ගුණ ඇති, දෑ රඟ මිණක් සේ නිර්මල වූ ගුණ ඇති, මා ගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ක්ෂීර සාගරයෙන් නැඟී තරංඟ මාලා සේ සූධා ධවල ප්‍රාකාර වලයෙන් පරික්ෂිප්ත වූ, කනකරජතාදීන් හොබනා වූ, විසිතුරු සැදුම්ලත් මාළිග ගෙවල් හා දොරටු ආදියෙන් හා යුක්ත වූ සපු සල්‍ නා පනා අඹ දොඹ ආදී වූ ඵලපල්ලවයෙන් සඤ්ඡන්න තරැවර ශත‍යෙන් හොබනා විසිතුරු උද්‍යානයෙන් හා පස් පියුමෙන් සැදුම් ලද නිර්මල ජල සම්පූර්ණ පුෂ්කරණී ශතයෙන් හොබනා වූ, නානාභරණ විභූෂිත නරනාරී ගණාකීර්ණි වූ සැවැත් නම් නුවර නිසා, නඳුන් වනයට අපහාස කරන්නාක් වැනි වූ, සියලු සිරිසරින් සාර වූ, චංක්‍රමණ පරි‍වෙණාදි විහාර ශතයෙන් හොබනා වූ ජේතවන නම් උ‍යන්හි මෛත්‍රී කරුණා මුදිතෝපෙක්ෂා සංඛ්‍යාත සතර ආ‍ර්ය විහාරයෙන් දවස් යවන සේක්, තමන් වහන්සේ ගේ භවයෙන් සැඟැවී තිබූ ප්‍රඥා පාරමිත‍ාව අරභයා මේ ජාතකය වදාළ සේකැ.


2. හේ කෙසේ දැයි යතහොත් :- එක් දවසක් හිරු අස්ත පර්වත ගත වේලෙහි ශීලසමාධීප්‍රඥාදි ගුණාංග සංගත භික්ෂු සංඝයා වහන්සේ තමන් වහන්සේ වසන රාත්‍රී ස්ථා‍නයෙන් අවුත් යුද්ධ භූමියකට රැස්වන්නා වූ සුවිනීත යොධ මුළක් සේ ද, මැණික් සන්නාහ සන්නද්ධ නානාලංක‍ාරයෙන් සැදුම් ලද ගඳැත් මුලක් සේද , එකවර සිංහ සමූහයක් සේද, සැඳෑ වලා බඳු වූ සුරක්තවර පවුල් පෙරෙවැ, ගන්ධදාම පුෂ්පද‍ාමාවලම්බිත කනක රජතමණි තාර‍කායෙන් විචිත්‍ර විතාන ඇති නානාප්‍රභා සමුදය සමුජ්ජවලිත අලංකෘත ධර්‍ම සභායෙහි, ශක්‍රාගමනය බලමින් සුධර්‍මා නම් දිව්‍ය සභායෙහි රැස් වැ උන් දිව්‍ය සමූහයා සේ , ධර්‍ම රාජන් වූ, ධර්‍මාධිපතිවූ, ධර්‍මස්වාමී වූ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වඩ‍නා පෙර මහ බල-බලා ධර්‍මාසනය පිරිවරා හිඳැ, බුදුන්ගේ නුවණ පැරැම් වනන සේක්, “ඇවැත්නි, බුදුහු ශීලස්කන්ධාදියෙහි පවත්නා මහත් වූ නුවණ ගතියක් ඇති සේකැ. මුහුදු පිටැ ඉසි සුවඳ තෙලක් මෙන් දත යුතු වූ සියලූ ධර්‍මයන් කෙරෙහි පැතිර පවත්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. සියලු ධර්මයන් කෙරෙහි තුෂ්ටි බහුල වැ පවත්නා නුවණ ගතියක් ඇති සේකැ. සියලු ඥෙය මණ්ඩලයෙහි ‍ෛ‍ජවන හංස ගතියක් මෙන් දිවෙන්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. අර්ථ ධර්ම නිරැක්ති ප්‍රතිභානාදියෙන් දිරා ගිය පරඬලා පතෙකැ නොපැකිළැ යන්නා වූ දවසක් මුළුල්ලෙහි රත් කළ යහුලක් මෙන් සියුම් වැ දුවන්නා වූ නුවණ ගතියක් ඇති සේක. අතුල් තලයෙහි තුබූ දෑ රඟ මිණක් සේ සියලු ධර්‍මයන් සර්වාකාරයෙන් විනිවිදැ දක්නා වූ නුවණ ගති‍යක් ඇති සේකැ. දෘෂ්ටිජාලානුගත අන්‍යතීර්ථක ජනයන් ගේ ශාශ්වතොච්ඡෙදාදි වාද මර්දනය කරන සේක්. තමන් වහන්සේගේ අසාධාරණ වූ විදුරු නුවණින් කූටදන්ත බ්‍රාහ්මණ වෙරඤ්ජ බ්‍රාහ්මණාදී වූ අනෙක බ්‍රාහ්මණ ශතයන්ද සහිය පරිබ්‍රාජක බාහිය පරිබ්‍රාජකාදි වූ පරිබ්‍රාජක සමූහයන්ද, අංගුලිමාල ආදී වූ චණ්ඩ පරුෂ බොහෝ සොරුන්ද, ආලවකාදී වූ මනුෂ්‍ය මාංස භක්ෂණයෙහි දක්ෂ වූ යක්ෂයන්ද, ඉසුරැ මදයෙන් ප්‍රමාද වැ තුනුරැවන් කෙරෙහි ජනිත ප්‍රසාද විරහිත වූ, ශක්‍ර දේවේන්ද්‍රයා ආදී වූ දේවතාවන්ද, ශාශ්වත දෘෂ්ටි ජාලානුබද්ධ වැ අමාර්ග ප්‍රතිපන්න බක බ්‍රහ්මාදී වූ බ්‍රහ්මයන් ද තමන් වහන්සේ ගේ අසාධාරණ වූ සර්වඥ මහිමයෙන් මාන මර්දනය කොටැ පාප නැමැති විෂ විනාශ කොටැ වද‍ාළ සේකැ. තවද බුදු රජාණන් වහන්සේ විසින් කායද්වාරාදියෙහි සම්‍යක් ප්‍රතිපත්තීන් සිද්ධ ‍කොටැ ස්වර්ග මෙ‍ාක්ෂ භාවය ප්‍රවුජ්‍යාව සාදා දී බොහෝ දෙන සතර මග ඵලයට පැමුණුවන ලද හ. ඇවැත්නි, මෙසේ බුදුහු උක්තප්‍රකාර මහ නුවණැති සේකැ යි බුදුන්ගේ ශීල සමාධ්‍යාදි අනෙක ප්‍රකාර ගුණ වර්ණනනා කොටැ-කොටැ දම් සභා මණ්ඩපයෙහි රැස් වැ හුන් සේකැ.


3. ඉක්බිති සනරාමර ලෝක චූඩා මණි මරීචි මඤ්ජරි පුඤ්ජ පූජිත වරණාම්බුජ ඇති, ලොක ස්වාමී වූ ලොක නායක වූ ජගදානන්ද ලොචන වූ මාගේ ස්වාමි දරැවාණන් වහන්සේ, දම් සභා මණ්ඩපයෙහි උපන් කථා ස්වරෑපය ගඳකිළි පිරිවෙනෙහි වැඩැ උන් සේක්, දිව කනින් අසා වදාරා, වර රුචිර ගන්ධකුටි වාසය මහා කරැණායෙන් දුරු කොටැ සමාපත්තීන් නැඟී, ලාක්ෂා රසයෙන් තෙත් වූ මුරැත මල් කලබක් හා සමාන වූ අඳනා සිවුර ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනයෙන් සංවිධ‍ානය කොටැ හැඳැ, සන්ධ්‍යා ඝන වලාවෙකැ ගසන ලද සියරුලි විදුලි‍යක් සමාන වූ පටි ධාතූන් වහන්සේ ඊ මත්තේ බැඳැ, ඝන රන් දා ගබක් රත් පලසෙකින් වනසන්නාක්හු මෙන්ද, චිත්‍රකූට පර්වතය බඳුවඳ මල් දමෙකින් වට කරන්නාක්හු මෙන් ද, රත් ගල් මුඳුනෙහි සුපක් ව ලාක්ෂාරස වත් කරන්නාක්හු මෙන්ද මෙරුමන්දරාදීන් එක පැහැර කම්පා කෙරෙමින් සුපක් ව විලිකුන් නුග ඵලයෙකැ පැහැ බඳු වූ සුගත් මහාපාංශුකූල චීවරය‍ පෙරෙ වැ, සුප්පතිට්ඨිත පාදතාදී වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කරන කො‍ට ගෙනැ පිළිවෙළින් ගොතා‍ තුබූ සූර්ය මණ්ඩලයන් දෙතිස් දෙනෙකුගේ ද,ශ්‍රී විභූති අභිබවමින්, අශිත්‍යනුව්‍යඤ්ජන ඛ්‍යාම ප්‍රභා කේතුමාලාලංකාරයෙන් විරාජමාන වැ අනන්ත කාලයක් මුළුල්ලෙහි පුරණ ලද සුචරිතානුභාවයෙන් තෙමේ තමාට අරන ලද දොර ඇති ගඳකිළි පිරින‍වෙනින් මේඝ කූටයෙකින් පිටත්වනහිරු මඬලක් සේ ද, වලා පටලයෙකින් නිකුත් වූ පුන් සඳ මඬලක් සේ ද , රන් ගල් ගුහායෙකින් කෙසරු සලා විදහා නික්මෙන අභිත කෙසර සිංහරාජයෙකු සේ ද, නික්මැ තමන් වහන්සේ ජාති ජාතියෙහි බුද්ධාදි නුවණැත්තන් සමීපයට නුකුසීත වැ එළැඹි කුසල මහිමයෙන් පොළොව පළා ගෙනැ නැගී සත්බුමු මහ පියුම් මත්තෙහි අටතුරාසියක් මඟුල් ලකුණින් සැදුම් ද ශ්‍රී පාද යුගලය තබ -තබා, විය දඬු පමණෙකැයි හෙළන ලද්දා වූ නේත්‍රකාන්තීන් මහීකාන්තාවට අමෘත‍ාභිෂේක දෙමින් අනන්ත වූ බුද්ධ විලාසයෙන් දම් සභා මණ්ඩපය‍ට වැඩැ , නීල පීතාදී සවනක් රැසින් සකල දම් සබාව එක පැහැරැ බබුළුවමින්, ඝන රන් මාළිගයෙකැ දිලිසෙන ඉඳු නිල් මිණි කවුළු සඟලක් වැනි දෝ හෝ නොහොත් රන් දා ගබක් සේ බබළන මුහුණ නමැති පියුම් ගැබෙහි හැසිරෙන බඹර යුගළයක් හා සමාන වු, දිගු පුළුල් පස් පෑ දිස්නා ඇස් සඟළ විදහා, සත් රුවන් නැවක් මෙන් ද, පිපී වැනී ගිය රත් පියුම් වනයක් දෝහෝ නොහොත් රන් දා ගබක් වට කොට කොට පුදන ලද මල් කලබක් හා සාදෘශ්‍ය වු සංඝ රාජයන් බලා වදාරා, “මේ මහණ පිරිස දැමුණු ඉඳුරන් ඇත්තාහ නිවුණා වු චිත්ත සන්තාන ඇත්තා හ. කයින් වචසින් මනසින් සන්හුන් ඉන්ද්‍රියයන් ඇත්තා හ. එහෙයින් මම පළමු කොටැ කථාවක් නොකෙළෙම් නම් මට පෙරාතු කොටැ බැණැ නැගෙන මහණෙක් නැතැ යි සිතා වදාරා, අකල්ප කල්ප කෝටි ශත සහස්‍රයක් මුළුල්ලෙහි පුරන ලද කායවාක් සුචරිතයෙන් එකසුගන්ධ වැ තිබෙන මුඛ පද්මය විදහා “මහණෙනි, මා එන්නාට පුර්ව භාගයෙහි කවර නම් කථාවෙකින් යුක්ත වැ උනු ද? තොපට නොදැනෙන කථ‍ාවක් තොප සිතැ උපන් සැකයක් ඇත මට කියව. මම මා ගේ අසාධාරණ වු බුදු නුවණැසින් පිරිසිඳැ දැනැ කියමි යි වදාරා ධර්‍මයට මුඛ දී තුෂ්ණීම්භූතව වැ වැඩ උන් සේකැ.


එවේලොහි සංඝයා වහනසේ, “ස්වාමීනි,, බුදුන් විසින් නොකියන්නට වදාළ රාජ කථා චෝර කථාදී වු දෙතිස් කථායෙන් යුක්ත වැ නුන්නම්හ. බුදුන්ගේ සුවිශුද්ධ තීක්ෂ්ණ ප්‍රඥා ගුණ රසාස්වාදයෙන් පින - පිනා උන්නම්හ” යි කී කල්හි, “මහණෙනි, දැන් මතු නොවෙයි, බුදුහු මහ නුවණැත්තෝ, පුර්වයෙහිත් සසර සිටුනා කලැ නුමු කළ නුවණෙහි සිටැ මෙමැ සර්වඥතාඥානය සිද්ධ කරන පිණිසැ පාරමී ධර්මයන් පුරා ඇවිදුනා කාලයෙහිත් නුවණැත්තෝ මැ වෙත් දැ “යි වදාරා මුවින් නොබැණැ වැඩහුන් කල්හි එක කෙනකුන් වහන්සේ විසින් හැමදෙනා වහන්සේ ගේ අනුමැතියෙන් සිවුරැ එකස් කොටැ පෙරෙවැ ඇඳිලි බැඳැ සිටැ දන්වන්නාහු “බුදුන් මහා නුවණ ඇති සේ ප්‍රස්තූත හෙයින් ඇඟෙයි. පුර්ව ජන්මයෙහි නුමු කළ නුවණින් සිටැ පාරමී ධර්මයෙන් පුරන කල්හි මහ නුවණ ඇති පරිදි භවයෙන් සැගැවී තිබෙයි. එහෙයින් ස්වාමි දරැවාණෙනි, අපට නොහැඟෙයි. වදාළ හොත් යහපතැ“ යි ආරාධනා . කළ කල්හි කඩතුරාවක් පහ කොටැ විචිත්‍ර චිත්‍ර කර්මාන්තයක් දක්වන්නාහු මෙන් අතිත කාලයෙහි ප්‍රවෘත්ත වු කථා ස්වරෑපය ගෙනැ හැරැ දක්වා වදාළ සේක.

2. මහෞෂධ කුමාරයෝසංස්කරණය

යටැ ගිය දවසැ මියුලු නුවැරැ වේදේහ නම් රජ්ජුරැ කෙනෙකුන් රාජ්‍යය කරන සමයයෙහි උනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේනක යැ, පුක්කුස යැ, කාවින්ද යැ, දේවින්ද යැ, යන පණ්ඩිතවරු සතර දෙනෙක් වුහ. එ සමයයෙහි වේදේහ රජ්ජුරුවෝ පුරන ලද පාරමිතා ඇති බුද්ධාංකුර වු මහා බෝසතාණාන් වහන්සේ මවු කුස පිළිසිඳ ගන්නා දවස් අලුයම වේලෙහි මෙබඳු සීනයක් දුටුහ: “සෙණ්ඩුවාළුව ඇතුළෙහි සතර පවුරු කොනැ නාඹ තල් කඳ සා ගිනි කඳ සතරෙක් පවුරෙහි තලක්කටිටුව උසට නැගී දිලියෙන්නේය. ඒ ගිනි කඳ සතරට මධ්‍යයෙහි කදෝ පැණියකු සා ගිනි පුපුරක් නැගී එමැ ඇසිල්ලෙහි සතර කොනැ සිටි ගිනි කඳ සතරෙහි ආලොක මැඩ ගෙනැ බඹ ලොව උසට සක්වළ මුළුල්ලෙහි ආලොක පතුරුවමින් දිලියුණේයැ. යටත් පිරිසෙයින් බිමැ හුණු සර්ෂප මාත්‍රයෙකුදු පෙනෙන්නේ යැ. සියලු දෙව් ම්නිසුන් සහිත ලෝ වැස්සෝ ගඳින් මලින් පුජා කෙරෙමින් ඒ ගිනි දැල් ඇතුළේ මැ වැදැ ඇවිදුනාහුයැ. එසේ ගිනි දැල් ඇතුළෙහි මැ ඇවිදුනා උන්ගේ ඇඟින් රොම කූප මාත්‍රයෙකුදු හුණු නොවන්නෙ යැ.” වේදේහ රජ්ජුරුවෝ මේ සීනය දුටු කල්හි එයින් භය පත් වැ නොනිඳා හිඳැ පහන් කළහ.


2. උදාසනක් සේ සේනකාදි පණ්ඩිතවරු සතරදෙන රජ ගෙට ගොස් ,රජ්ජුරුවන් වැඳැ රෑ දවසැ සුව සේ නිදි ලත් සැටි විචාරා, රජ්ජුරුවන් විසින්“මට සුවයෙක් නම කොයින් ද? මෙබඳු සීනයක් දිටිමි. යි කී කල්හි පණ්ඩිතවරු සතර දෙනාගෙන් සේනක පණ්ඩිතයෝ, “දේවයන් වහන්ස, නො බව මැනැව. මේ තෙම මංගල සීන යැ. එහෙයින් නුඹ වහන්සේට වැඩෙක් මැ වන්නේ යැ “යි කියා, කවර කාරණයදැන් කොයි දැ” යි රජ්ජුරුවන් කී කල්හි, “දේවයන් වහන්ස, අද උන්ගේ මවු කුසැ පිළිසිඳ ගැන්ම හෝ මව් කුසින්’ බිහිවීම හෝ වන්නේ යැ “යි තමන්ගේ ශාස්ත්ර බලයෙන් දිව ඇසින් දුටු කෙනකුන් මෙන් සීනයෙහි අර්ථ රජ්ජුරුවනට කීහ. රජ්ජුරුවෝ එ දා පටන් ඒ වචනය සිහි කළ හ.


3. මියුලු නුවර වනාහි වාසල් සමීපයෙහි දකුණු යවමැදුම් /ම යැ, බටහිර යවමැදුම් ගම යැ, උතුරැ යවමැදුම් ගම යැ, නැගෙනහිර යවමැදුම් ගම යැයි නියම ගම් සතරෙක් වී යැ. ඒ ගම් සතරින් නැගෙනහිර යවමැදුම් ගමැ සිරිවඩ්ඪන නම් සිටාණ කෙනෙක් වුහ. උන් ගේ ඇඹැණියෝ සුමනා නම් දේවි කෙනෙකැ මහ බෝසතාණන් වහන්සේ, එ දවස් රජ්ජුරුවන් සීනය දුටු වේලෙහි මැ තව්තිසා දෙව් ලොවින් ච්යුගත වැ, සිරිවඩ්ඪන සිටාණන් ගේ සුමනා දෙවීන් කුසැ පිළිසිඳ ගත් සේකැ. අනෙකුත් දිව්යු පුත්රනයෝ දාසෙක් එ මැ දෙව් ලොවින් ච්යුැත වැ, නැගෙනහිර යවමැදුම ගම බලා වැඩි මහලු සිටුවරුන්ගේ ගෙවලැ පිළිසිඳ ගත් හ.

4. සුමනා දේවී පිරිහුන් දස මසෙකින් අභිනව චන්ද්රහ රේඛාව සේ ද්රෙ හෝ නොහොත් ඝන රන් පිළිමයක් බඳු වු රන්වන් පුතණු කෙනකුන් වැදු හ. ඒ ඇසිල්ලෙහි සක් දෙව් රජාණෝ මිනිස් ලොව බලන්නාහු, මහ බෝසතාණන් වහන්සේ මවු කුසින් නික්මුණු බව දැනැ,,‍‍ “මහ බුද්ධාංකුරයන් දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි ප්රණසිද්ධ කොටැ ලන බව සුදුසු ය “යි සිතා, උන්වහන්සේ මවු කුසින් බිහිවන වේලෙහි නො පෙනෙන ශරීර ඇති වැ අවුත්, ඔබ අතැ සඳුන් ගැටයක් තබා, තමන් වසන ශක්රන භවනයට ගිය හ.

5. මහ බෝසතාණෝ ඒ ගත් සඳුන් ගැටය මිටින් ගත් සේකැ. මහ බෝසතාණන් වහන්සේ මවු කුසින් බිහිවන වේලෙහි මෑණියන් දැට මඳ විළි වේදනාවකුත් නොවී, ඩබරාවෙකින් වැහෙන සියත්තක් මෙන් ද, ධර්මාසනයෙකින් බස්නා පඬි රුවනක් මෙන් ද, සුවයෙන් නික්මුණු සේකැ. මැණියන් දෑ උන් වහන්සේ අතැ තුබු සඳුන් ගැටය දැකැ, “පුතණ්ඩ තොප අතැ කිම් දැ” යි කී දෑ යැ. “මෑණියන් වහන්ස, මහෞෂධයෙකැ” කියා දිව සඳුන් ගැටය මෑණියන් දැ අත තබා වදාළ සේකැ, ඖෂධය මැණියන් දැ අතට දී, “මෑණියන් වහන්ස, මේ ඖෂධය ඇරැ ගෙනැ යම් කිසි රෝගයෙකින් පීඩිත කෙනෙකුට දෙවුව මැනැවැ” යි කියා මෑණියන් දෑට වදාළ සේකැ.


6. මෑණියන් දෑත් තුටුපහටු වැ සිරිවඩ්ඪන සිටාණනට කී හ. ඒ සිටාණනට වනාහි සත් අවුරුද්දක් මුළුල්ලෙහි පහරන හිස රුජාවෙක් ඇත්තේ යැ. තුමු තුටු පහටු වැ, “ටම් කුමාරයා මවු කුසින් බිහි වන්නේ මහෞෂධයක් අතින් ගෙනැ ආ යැ: උපන් ඇසිල්ලෙහි මැ මෑණියන් හා කථා කෙළේ’ යැ. මෙබඳු වු පිනැත්ත වු විසින් දුන් මේ බෙහෙද මහත් වු ආනුභාව ඇත්තේ යැ “යි සිතා බෙහෙද අතට ගෙනැ සඳුන් සණැ මඳක් ගහා නළලැ ගැල්වුහ. සත් අවුරුද්දක් ප්ර බන්ධයෙහි පහළ ඉස රුජාව නෙළුම් පතෙකැ නොඇලී රෑරා ගෙනැ යන දියත්තක් සේ නැති වැ ගියේ යැ. සිටාණෝ,, “මහානුභාව ඇති ඖෂධයෙකැ” යි සොම්නසට පැමිණයහ.

7. මහ බෝසතාණන් වහන්සේ මහෞෂධයක් අතින් ගෙනැ මවු කුසින් බිහි වු නියාව හැම තැන මැ ප්ර්සිද්ධ වියැ. කාසශ්වාසාදි වු රෝගයෙන් පීඩිත කිසි මිනිස් කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ මැ සිරිවඩිඪන සිටාණන් ගේ ගෙට ගොස් මහෞෂධය ඉල්ලති. සිටාණෝ ඒ සඳුන් ගැටය සඳුන් සණැ ගහා කල්ක සුඟක් ගෙනැ පැනැ කලතා හැම දෙනාට මැ දෙන්නාහ. දිව්යකමය වු ඖෂධය ශරීරයෙහි වැකි පමණින් සියලු ව්යාටධීහු සන්සිදෙන්නාහ. සන්හුන්නා වු රෝග ඇති මනුෂ්ය්යෝ, “සිරිවඩිඪන සිටාණන් ගේ ගෙයි ඖෂධය මහත් වු අනුභාව ඇත්තේ යැ” යි වර්ණිනා කෙරෙම්න් යන්නා හ. මහ බොසතාණන් වහන්සේට නම් තබන දවස් පියාණෝ, “මාගේ පුතණුවනට මුතුන් මිත්තන් ආදින්ගේ නමින් ප්රපයෝජන නැති. මහෞෂධ නාමය වේව” යි කියා, උන් වහන්සේට, “මහෞෂධ කුමාරයෝ යැ” යි නම් තැබුහ.

8. තව ද ඒ සිටාණන‍ට, “මාගේ පුතණුවෝ පින් ඇත්තෝ යැ. එහෙයින් උදෙකලා වැ නුපදනා හ: මුන් හා සමඟ උපන් දරැවන් තවත් ඇත මැනැවැ” යි මෙසේ වු සිතෙක් ඇති වියැ. මෙසේ සිතා ඔහු තුමූ තමන්ගේ මිනිසුන් යවා, ගමැ ගෙයක් පාසා බලවා, එක දා උපන් කුමාරවරුන් දහසක් දුටු බව අසා සිටාණෝ හැම දෙනාට මැ කුමාර පළඳනා දී කිරි මවුන් යැවුහ. මහ බෝසතාණන් වහන්සේ හා උපන්නනට සියලු මඟුල් කළහ. කුමාරවරුන් දහස සරහා දවසැ මහ බොසතාණන් ගේ ළඟට ගෙනෙන්නා හ. බෝසතාණන් වහන්සේ උන් හා එක් වැ කෙළිමින් සත් හැවිරිදි කල්හි ඝන රන් පිළිමයක් මෙන් මනා රෑ වූ සේකැ.

3. ශාලාවසංස්කරණය

ඉක්බිති කුමාරවරුන් හා කැටි වැ ගම මැදැ දි කෙළනා උන් වහන්සේගේ කෙළි මඬලු ඇතුන් අසුන් වැසි ආදිය ආ කල්හි මැකෙන්නේ යැ. අවූසුළං දැඩි වේලෙහි කුමාරවරු මිරිකෙන්නා හ. එක් දවසක් උන් කෙළිමින් සිටිය දි නොකල් වැස්සෙක් නැගී යැ. වැසි නගන්නා දැකැ ඇත් සමාන බල ඇති මහ බොසතාණන් වහන්සේ දිවෙමින් ගොස් එක් ගේකට වන සේකැ. සෙසු කුමාරවරු පසු පස්සේ දිවෙන්නාහු, ඔවුනොවුන් පය පැකිළැ වැටී හි, දණ බිදීම් ලේ සැලීම් ආදියට පැමිණියෝ යැ. මහ බොසතාණන් වහන්සේ, “මේ තැනැ කෙළනට ගෙයක් කරවන බව සුදුසු යැ. එසේ කල්හි නොමිරිකෙම්හ” යි සිතා ඒ කුමාරවරුනට “මේ ස්ථානයෙහි සුළං හමන කල්හි වේ ව යි, නොමිරිකි ඉඳිනට - සිටිනට - වැඳ හෝනට යොග්ය කොටැ ගෙයක් කරවම්හ. එකි එකී මස්සක් බැගින් ගෙනෙව” යි වදාළ සේකැ. උයිත් වදාළ ලෙස මැ කළ හ.


2. ඒ මසු දහස ගෙනැ බෝධි සත්ත්වයන් වහන්සේ වඩු ආචාරියකු ගෙන්වා, “මෙ තැනැ ගෙයක් කරව” යි මසු දහස දුන් සේකැ. වඩු ආචාරියාත්, “යහපතැ” යි මසු දහස ගෙනැ, බිම සම කරවා, කණු ගස්වා රෑන දික් කොටැ හෙළා ලියැ. බෙදන නියාව මහ බොසතාණන් වහන්සේ සිත් නොගත්තේ යැ. බො සතාණන් වහන්සේ වඩු ඇදුරාට රෑන ලන සැටිය වදාරන සේක්. මේ ලෙසැ රෑන නො ලා මනා කොටැ රෑන දික් කරව” යි වදාළ සේනැ. “ස්වාමීනි, මේ මාගේ ශාස්ත්රැය ඇති මට්ටම් රෑන එලමි. මීට වඩා “අනෙක් සැටියක් නොදනිමි” යි කීයැ. “මෙ පමණකුත් නොදන්නෙයි අප සිත් ගෙනැ කෙසේ කෙරෙයිදැ” යි වදාරා, “මෙසේ ගෙනෙව රෑන, ගෙය බෙදා දී ලමි” යි රෑන ගෙන්වා ගෙනැ තමන්වහන්සේ දික් කළ සේකැ. විශ්වකර්මම දිව්යො පුත්රෙයා විසින් රෑන එළා ලු කල්හි මෙන් ගෙය බෙදී ගියේයැ. ඉක්බිති, “වඩුව, මෙසේ රෑන එළා ලියැ හෙයි දැ” යි විචාල සේකැ. “නොපිළිවනැ, ස්වාමිනි” යි වඩුවා කීයැ. “මා කි සැටියේ ගෙය කළ හෙයි දැ” යි විචාළ සේකැ. “වදාළ ලෙසකට කළ හෙමි” යි කී යැ.


3. මහ බොසතාණන් වහන්සේ ඒ ශාලායෙහි යම් පරිද්දෙකින් දුප්පතුන් වසන තැන එක් ස්ථානයෙක් වීද, ඒසේ මැ දුප්පත් ගෑනුන් වදන තිඹිරි ගෙය එක් තැනෙකැ, ආගන්තුක බමුණන් වසන තැන, සෙසු ආගන්තුක මිනිසුන් වසන තැන, ආගන්තුක වෙළෙඳුන් ගේ බඩු තබන තැන, මෙපරිද්දෙන් සියලු ස්ථානයන් පිටතින් දොර කඩ තබා ශාලාව විධාන කොටැ කැරැවූ සේකැ; කෙළි මඬලත් එහි මැ කැරැවූ සේකැ; අධිකරණ ශාලාවත් එහි මැ කැරැවූ සේකැ. ධර්මන සභාවත් ඒ ශාලාවෙහි මැ කැරැවූ සේකැ; කීප දවසකින් නිමියා වූ ශාලායෙහි සිත්තරැන් ගෙන්වා තමන් වහන්සේ විධාන කොටැ, ඇලුම් කටයුතු සිත්තම් කැරැවූ සේකැ. ඒ ශාලාතොමෝ සුධර්මානව හා සමාන වුව.


4. ඉක්බිති, “මෙ පමණෙකින් මේ ගෙය හොබනේ නොවෙයි. පොකුණක් ද කරවන බව සුදුසු යැ” යි පොකුණක් කණවා, උළු වඩුවන් ගෙන්වා, තමන් වහන්සේ මිල දී විධාන කොටැ දහසක් වක් ඇති, මනහර පිය ගැට පංක්තීන් යුක්ත වූ, සියක් තොට ඇති පොකුණක් කැරැවූ සේකැ. ඒ පොකුණු තොමෝ පස් පියුමෙන් සැදුමි ලද්දී යැ. නන්දා නම් පොකුණ මෙන් වුව. නැවැතැ ඒ පොකුණු තෙරැ අඔ - දොඔ -නා - පනා - සපු - දුනුකේ -ඇසළ - පුවඟු ආදී වූ මල් පල්ලෙන් සැදී සිටුනා නොයෙක් ගස් රොපණය කැරැවූ සේකැ. නඳුන් උයන සා උයන කැරැවූ සේකැ; එමැ ශාලාව නිසා ධාර්මික මහණ බමුණනට ද, බැහැරින් අවුත් ඒ ශාලාවේ ලග්නනට ද, එහි ලැගැ බැහැර යන්න‍නට ද, සෙසු දුප්පතුන් ආදීනට ද, දන් වැට තැබ්බු හ. ඒ මහතාණන් වහන්සේ ගේ ක්රි‍යා තොමෝ සියලු තන්හි පතළා යැ බොහෝ මිනිස්සු ඒ ස්වරෑපය අසා එතෙනට එළැඹෙන්නා හ. මහ බෝසතාණන් වහන්සේ ශාලායෙහි වැඩැ හිඳැ ආ කෙනෙකුට කළ මනා යුක්ති අයුක්ති විචාරණ සේකැ. මෙසේ මහා බෝසතාණන් වහන්සේ, බුදුන් ලොවැ පහළ වූ කල්හි මෙන් පහළ වූ සේකැ.


5. එ සමයයෙහි වේදේහ රජ්ජුරුවෝ, සීන දුටු සත් අවුරුද්දක් ගිය කලැ, “පණ්ඩිතවරු සතර දෙනා” අප අභිභවා පස් වැනි මහ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් උපදානාහ’ යි කි හ. දැන් ඒ පණ්ඩිතයෝ කොයි දැ “යි සිහි කොටැ , “උන් වසන තැන් දනුව” යි සතර වාසලින් ඇමැතියන් සතර දෙනකු යැවූ හ. සෙසු වාසල් තුනින් නික්මුණා වූ අමාත්යනයෝ තුන් දෙන මහ බෝසතාණන් නුදුට හ. නැගෙනහිර වාසලින් නික්මුණු අම‍ාත්යබ තෙමේ, නැගෙනහිර යවමැදුම් ගමට ගොස්, බොධි සත්ත්වයන් වහන්සේ විසින් කරවන ලද ශාලාදිය දැකැ, “නුවණැති කෙනෙකුන් මේ ගෙය තමන් හෝ කළ මැනැව අනුන් ලවා හෝ කැරැවුව මැනවැ. මේ ගෙය වඩුවකු විසින් කරන ලද දැ” යි විචාළේ යැ . මිනිස්සු කියන්නෝ “මේ ගෙය වඩුවකු තමා නුවණ බලයෙකින් කළ දෙයක් නො වෙයි. සිරිවඩ්ඪන සිටාණන් ගේ පුතණු වූ මහෞෂධ පණ්ඩිතයන් ගේ විධානයෙන් උන් කී සැටියේ කරන ලදැ” යි කීහ; “ඒ පණ්ඩිතයෝ කි හැවිරිද්දෝ දැ” යි විචාළේ යැ. “පිරිහුණු සත් හැවිරිදි සේකැ” යි කිවූ යැ.


6. ඇමැති රජ්ජුරුවන් සිනය දුටු දා පටන් ගැණැ “සිනය දුටු නියාව සරි මැ යැ. සේනක පණ්ඩිතයනට පස් වනු පහළ වන පණ්ඩිතයෝ නම් මූ යැ” යි සනිටුහන් කොටැ රජ්ජුරුවනට, “දේවයන් වහන්ස, නැගෙනහිරි යවමැදුම් ගමැ සිරිවඩ්ඪන සිටාණන් පුතණුවෝ, මහෞෂධ නම් පණ්ඩිත කෙනෙක් සත් හැවිරිදි වයස් ඇත්තාහු මැ මෙබඳු ශාලාවක් ද , පොකුණක් ද, උයනක් ද කැරැවූ හ. මේ පණ්ඩිතයන් ගෙනෙම් ද,නො ගෙනෙම් දැ” යි විචාළ හ. ගුණමකු වූ ඒ සේනකයා, “දේවයිනි, ගෙවල් ආදිය කරවා පී පමණෙකින් පණ්ඩිත නම් නොවෙති. යම් කිසි කෙනෙක් ඒ කරවා පියන්නා හංඉතා ස්වල්ප යැ” යි කීයැ. වේදේහ රජ්ජුරුවෝ උන්ගේ බස් අසා, “මෙයින් එක් කාරණයෙකැ” යි මුවින් නොබිණු හ. “එ මැ ගමැ හිඳ පණ්ඩිතයන් විමසව” යි මෙහෙවර කරන්නකු යැවූ හ. එ බස් අසා ඇමැති, ඒ නියම් ගමැ වසන්නේ, පණ්ඩිතයන් වහන්සේ පරීක්ෂා කළේ යැ.


7. මේ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ මත්තෙහි විමැසු පැනයෙහි සංක්ෂෙපයෙන් කී බසි:-

“මංසං ගොණො ගණ්ඨිසූත්තං පුත්තං ගාළරථෙන ව දණ්ඩො සීසං අභිවෙව කුක්කුටො මණි විජායනං ඔදනං වාලුකඤ්වාපි තලාකුය්යාෙනං අථ ගද්රෙයහො මණි”



4. ප්‍රශ්න විසඳීමසංස්කරණය

මාංස ප්‍රශ්නයසංස්කරණය

එහි පළමු වන මාශ ප්‍රශ්නය කෙසේ ද යත්:- එක් දවසක් බෝධි සත්ත්වයන් වහන්සේ කෙළි මඬලට වඩනා වේලෙහි එක් උකුස්සෙක්, අංගාණියේ මස් කොලොම්බුවෙකින් මස් වැදැල්ලක් ගසා ගෙනැ, ආකාශයට පැනැ නැංගේ යැ. දහසක් කුමාරවරු ඒ දැකැ, “මස් වැදැල්ල එළවම්හ” යි උකුස්සා ලුහු බැඳැ ගෙනැ දිවෙන්නා හ. උකුස්සාත් ඈත් මෑත් බලා පියා හඹන්නේ යැ. කුමාරවරු උඩ බලමින් උකුස්සා පසු පස්සෙහි දිවෙන්නාහු, කැබිලිති ගල් ආදියෙහි පැකිලැ හි පිඩා වන්නා හ. ඉක්බිති මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ, “මේ මස් වැදැල්ල එළවා පියම් දැ”යි ඒ කුමාරවරුන් විචාලළ සේකැ. “එළෙවුව මැනැව, ස්වාමීනි” යි කි හ. “එසේ වී නම් බලව” යි පණ්ඩිතයන් වහන්සේ උඩ නොබලා මැ පවනට බඳු වේගයෙන් දිවැ උකුස්සා ගේ ජායාව මැඩැ ගෙනැ අත්ලෙන් අත්ල ගසා, මහත් වූ නාද කළ සේකැ. ඒ මහතාණන් වහන්සේගේ අනුභවයෙන්, ඒ නාදය උකුස්සාගේ ළෙන් ඇණි පිටින් නැඟෙන්නා සේ වුයේ යැ. ඒ උකුසුභය පත් වැ, මස් වැදැල්ල හෙළි යැ. මහ බොසතාණන් වහන්සේ ඔහු ඒ මස් වැදැල්ල හෙළන්නා වූ ජායාව දැකැ, “බිම වැටියැ නොදෙම්” කියා අල්ලා ගත් සේකැ. ඒ අශ්චර්යය දැකැ බොහෝ දෙන ඔල්වරසන්දුන්නා හ. අත් පොළසන් දුන්නා හ. මහා නාද කළා ය.


2. ඒ අමාත්‍ය තෙමේ එ පවත් දැනැ රජ්ජුරුවනට “මහෞෂධ පණ්ඩිතයෝ මේ උපායයෙන් උකුස්සා ගසා ගත් මස් වැදැල්ලක් එළූ හ. මේ අරුමය, දේවයන් වහන්ස, දන්නා සේක්” යි තුඬපත් යැවී යැ. රජ්ජුරුවෝ එ පවත් අසා සේනක පණ්ඩිතයිනි, නිමෙක් ද, මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වාමෝ දැ” යි විචාළා හ. සේනක පණ්ඩිතයෝ, “උන් මේ නුවරට ආ තැන ප‍ටන්, අපි හිරු දුටු කදෝ පැණියන් සේ නිෂ්ප්රෝභා වැ යන්නම් හ. රජ්ජුරුවෝ අප ඇති බවක් නොදන්නා හ. එසේ හෙයින් උන් මෙයට ගෙනැ එනු නුදුන මැනැව” යි සිතා, තමා ගුණමකු බැවින්, “දේවයන් වහන්ස , මෙ පමණෙකින් මැ පණ්ඩිත නම් නොවෙත් මැ යැ. මේ හිඳැ උන් විමසන්නේ යැ” යි නැවැත අසුන් යැවූ හ.

ගොන් ප්‍රශ්නයසංස්කරණය

3. නැවැත ගොන් ප්‍රශ්නය කෙසේද යත් :- යව මැදුම් ගමැ වසන පුරුෂයෙක්, “වැසි දිය එළා ලු කලැ සි සාමි” යි අසල් ගමෙකින් ගොන් ගෙයක් මිලයට ගෙන අවුත්, තමා ගේ ගෙයි මැ ලග්ගා, දෙවන දවස් තණ කවන පිණිස තණ බිමට ගෙනැ ගොස්, ගොනකු පිටැ හිඳැ තණ කවමින්, විඩා වැ ගොනු පිටින් බැසැ, ගසක් මුල හිඳැ නිඳන්න‍ට වනැ. ඒ ඇසිල්ලෙහි එක් සොරෙක්, ගොන් ගෙය ඇරැගෙනැ නැගී ගියේයැ, ඒ පුරුෂයා පිබිදැ ගොස්, ගොන් ගෙය නොදැක, ඔබ මොබ බලා ඇවිදුනේ, ගොන් ගෙය ඇරැ ගෙනැ යන සොරු දැක, වහා දිවැ ගොස්, “මාගේ ගොන් කොයි ගෙනැ යෙයිද”යි ඇසී යැ. සොරා කියන තැනැත්තේ, “මා ගේ ගොන් මං කැමැති තැනකට ගෙනැ යෙමි”යි කී යැ. උන් දෙන්නා ගේ කලහ අසා, බොහෝ දෙන රැස් වැ ගියා හ


4. පණ්ඩිතයන් වහන්සේ, උන් දෙන්නා ඩබර කොටැ ගෙනැ ශාලාව දොරකඩින් යන්නවුන් ගේ කලහ ශබිදය අසා, දෙන්නා මැ ගෙන්වා, ඔවුන් දෙන්නාගේ එන සැටි ගමන දැකැ මැ, “මේ සොර‍ා යැ, මේ ගොන් හිමි තැනැත්තතේ යැ” යි දන්නා සේ කුදු “කුමක් හෙයින් ඩබර කරවු දැ” යි විචාල සේකැ. ගොන් ඇති තැනැත්තේ, “පණ්ඩිතයන් වහන්ස, මම මේ ගොන් ගෙය අසුවල් ගමැ මේනම් තැනැත්තවු අතින් මිල දී හැරැගෙනැවුත්, රෑ ගෙයි ලග්ගා ලා, උදෑසනැ, මෙ තෙමේ ගොන් ගෙය ඇරැ ගෙන පලා ගියේයැ. එ මම ඔබ මොබ බලන්නෙමි.ගොන් දෙන්නා බැඳැ ගෙනැ යන මේ සොරා දැක,ලුහු බැඳැ අල්ලා ගතිමි. අසුවල් ගමැ ඇත්තෝ මා මේ ගොන් ගෙය විකිණී ගත් නියාව දනිති” යි. කී යැ .සොරා කියන්නේ ,මේ මා වදා වඩා ගත් ගත් ගොන් ගෙය යැ. මේ කා බොරු කියයි• කී යැ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ ඔවුන් දෙන්න ගේ මැ බස් අසා, මම තොපට යුක්තිය දැහැමින් විනිශ්චය කොටැ ලමි. මා කි යුක්තියෙහි සිටි වූ දැ” යි විචාරා, සිටුමිහ” යි කි කල්හි, “බොහෝ දෙනා ළගන්වා යුක්තිය පසිඳිනා බව සුදුසු යැ” යි පළමු කොට සොරු කැඳවාලා, “තෝ මේ ගොන් ගෙය කුමක් කවා පොවා වැඩිදැ” යි විචාළ සේකැ. සොරා කියන්නේ, “උළුකැන් පොවා තලමුරුවට හා උඳු කවන ලදැ” යි කී යැ. ඉක්බිත්තෙන්ගොන් ඇති තැනැත්තවූ කැඳැවා, “තෝ කුමක් කවා පොවා වැඩීදැ” යි විචාල කල්හි, ඒ කියන්නේ, “ස්වාමිනි, මා දුකට තැනැත්තවුට උළුකැන් හා තල ආදිය කොයින් ද? තණ මැ කවන ලදැ” යි කී යැ පණ්ඩිතයන් වහන්සේ දන්නාගේ පස් අසා, සභායෙහි උන්නවුන් ගිවිස්වා පුවඟු කොළ ගෙන්වා ගෙනැ. ව‍ෙනහි කොට පැන් මඬවා , ගොන් ගෙන්වා පෙවු සේකැ. ගොන් තණ මැ නැඟූ හ. පණ්ඩිතයන් වහන්සේ බොහෝ දෙනාට, “මේ බලව” යි පෑ “සො‍ෙරහි දැ” යි සෙ‍රු විචාළ සේකැ. ඒ තෙමේ “සොරෙමි” කී යැ. “එසේ වීනම් ‍ෙමතන් පටන් සොරකම් නොකරව” යි අවවාදනය කොටැ. ‘මෙබඳු නොකට යුත්තක් නොකරයව’ යි අවවාද කොටැ. “මෙබඳු නොකටයුත්තක් නොකරව” යි වදාළ සේකැ .


5‍. බොධි සත්වයන් වහන්සේ ගේ පුරුෂයෝ වනාහි, ඔහු එ තැනින් පිටි පස්සට ගෙනැ, අතින් පයින් තළා දුර්වල කළ හ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ ඔහු ගෙන්වා, “‍මේ ජන්මයෙහි මා මේ සා දුකකට පැමිණියෙහි යැ; පර ලොවැ වනාහි නරකාදියෙහි ඉපිදැ බොහෝ දුක් අනුභව කරන්නෙහි ය; මෙතන් ප‍ටන් සොරකම් නොකරව” යි අවවාද කොටැ පන්සිල් දුන් හ.


6.අමාත්යලයා ,එපවත් අසා තත්වය පෙරැ පරිද්දේන්රජ්ජුරුවනට කියා යැවීයැ. රජ්ජුරුවෝ ‍ෙසනකයන් විචිරා “දේවයනි ,ගොන් යුක්ති නම් යම් කිසි කෙනෙක් පසිඳැ පියති .තවද ඇම්මුන මැනැවැ” කී කල්හි, මධ්ය ස්ථ වැ නැවැතැ පෙරැ පරිද්දෙන් අමාත්යමයාට කියා යැවූහ. අමාත්යමයා, රජජුරුවන්ට කියා යවන නියාව ද, රජ්ජුරුවන් සේනකයන් විචාරණ නියාව ද, සේනකයන් වලකන නියාව ද, රජ්ජුරුවන් අමාත්යරය‍ාට කියා යවන නියාව ද, හැම, පැනයෙහි මැ මෙ මැ ලෙස යැ යි දත යුකු යි.


ග්රන්ථ ප්‍රශ්නයසංස්කරණය

7. තව ද තුන්වැනි වු ගැට හු පළදනාවේ විනිශ්චයය කෙසේ ද යත් :- එක් දුක් පත් ගෑනියක්, නීල පිතාදි නා නා වණී හුයින් ගැට ගසා කරන ලද ගැට හු පලඳනාව කරින් ගළවා කඩ මත්තේ තබා පණ්ඩිතයන් වහන්සේ විසින් කරවන ලද පොකුණින් නහන්නට වැනැ. අ‍නෙක් ළදැරි බාල එකක්,ඒ පළඳනාව දැකැ, ලොහ උපදවා ඔසවා ගෙනැ, “මෑණියෙනි, මේ පළඳනාව ඉතා හොබනේ යැ:කවර කෙනෙකුන්විසින් කරන ලද්දේ ද ?මමත් මට මෙ සේ මැ පළඳනාවක් කෙරෙමි . කරැ පැළැඳැ පමණ බලා පියම් දැ” යි විචාරා වංක සිත් නැති ස්ත්රිනය විසින්, “යහපතැ, යෙහෙළණියෙනි, පමණ දැනැ පියව” යි කි කල්හි, කරැ පැළැඳැගෙනැ නැගී ගියා යැ . පළඳනාව ඇති තැනැත්තී,දැක ලා වහා ගොඩ නැගී, කඩ ඇඳැ - ගෙනැ, ලුහු බැඳැ ගොස්, “මාගේ පළඳනාව ඇරගෙනැ කොයි යෙයි දැ “යි එකුතුරැ පට ගත .අනෙක් තැනැත්තී, “තොප ගේ පළඳනාවක් මම නොගතිමි. මේ මා කරැ ලන පළඳනාව” යි කිව. ඒ කලහ අසා බොහෝ දෙන රැස් වුහ .

8.පණ්ඩිතයන් වහන්සේ ,කුමාරවරුන් හා සමග කෙළනාසේක් ,ඒ ගෑනුන් දෙන්නා ඩබර කොටැ - කොටැ ශාලාව දොරින් යන්නවුන් ගේ කලහ ශබ්දය අසා, “කුමන අරගලයක් දැ” යි විචාරා, දෙන්නා ගේ කලහ කාරණ අසා දෙන්නා මැ ගෙන්වා, එන සැටියේ මැ, “මෝ සොර යැ; මෝ පළඳනාව ඇති තැනැත්තියැ, “යි දැනැ, ඩබර කාරණ විචාර.මාගේ යුක්තියෙහි සිටිවු දැ යි විචාරා දෙන්නා, “එසේ යැ. ස්වාමීනි, සිටුමිහ” යි කී කල්හි, පළමු කොටැ සොර තැනැත්තිය “තෝ මේ පළඳනාව පළදිනෙයි කවර සුවඳක් ගැල්වී දැ” යි විචාල සේකැ. ඕ, “මම නිරන්තරයෙන් සර්වසංහාර නම් සුවඳක් ගල්වමි” යි කිව. සර්වසංහාරක සුවඳ නම් සියලු සුවඳ එක් කොටැ කරන ලද යැ. ඉක්බිති පළදනාව ඇති තැනැත්තිය විචාළ කල්හි ඕ, “ස්වාමීනි, මා දුක් පත් තැනැත්තියට සර්වසංහාරක නම් සුවඳ කෙයින් ද?නිරන්තරයෙන් මැ පුවඟු මලෙහි සුවඳ කවමි” යි කිව.

9. පණ්ඩිතයන් වහන්සේ, පැන් තඝියක් ගෙන්වාගෙන, ඒ පළඳනාව පැන් තළියෙහි ලවා, ඔසු දවටුවකු ගෙන්වා, “මේ තළියෙහි පැන් සිඹැ, “අසුවල් සුවඳ යැ” දනුවයි වදාළ සේකැ. ඔසු දවටුවා පැන් සිඹැ, හුදු පුවඟු මලෙහි නියාව දැන ගාථාවෙකින්, “සර්වසංහාරක සුව‍ඳෙක් මෙහි කොයින් ද පුවඟු මලෙහිසුවද මැ අමන්නේ යැ. මේ ළදැරි බාල ධූර්ත ස්ත්රීම බොරු කිව. මැහලි තැනැත්තිය කීයේ සැබෑ යැ” යි කී යැ. මහ බොසතාණන් වහන්සේ, ඒ කාරනය බොහෝ දෙනාට හඟවා “තෝ සෙරෙහි ද; නො සොරෙහි ද” කියා, සෙර නියාව ගිවිස් වු සේකැ. එතැන් පටන් මහා බෝ සතාණන් වහන්සේගේ පණ්ඩිත භාවය බොහෝ දෙනාට ප්රබසිද්ධ වී යැ. සූත්ර ප්රසශ්නය

10. සතර වැනි හූ වටෙහි විනිශ්චයය කෙසේ යත් :- කපු සේනක රක්නා එක් ස්ත්රීසයක් කපු රක්නී, තමා රක්නා සේනෙහි සවසැ පිපි කපු කඩාගෙනා, සකස් කොටැ කඩා පොළා වලු කොටැ, සීන් හූ කැටැ, වැටි කොටැ, ඒහූවට ඉණැ තබා ටගනැ, ගමට එන්නී, “ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ විසින් කණවන ලද පොකුණින් නහමි” යි කඩ ගළවා ගොඩැ තබා, කඩැ මත්තේ හු වැටිය තබා, නහන්නට දියට බට. අනෙක් ස්ත්රිවයක් හූ වැටිය දැකැ, එහි ලොල් හූ සිත් ඇති වැ ඒ අතට ගෙනැ. “අහ! ඉතා යහපතැ. ඇත නැගණියෙනි, හූයෙහි සින , තොප විසින් මැ කටනා ලද දෑ”යි ආශ්චර්යවත් වැ බලන්නියක මෙන් බලා ,ඉණඅ තබා ගෙනැ, නැගී ගියා යැ. පෙරැ ගැට හු පළඳනායෙහි පරිද්දෙන් මැ කලහ කොටැ කොටැ සාලාව සමීපයෙහි යන දෙදෙනා ගෙන්වා “විචාරා, තමන් වහන්සේ කී යුක්තියෙහි, “සිටුම් හ” යි කී පසු, බොධි සත්ත්වයන් වහන්සේ, “තෝ මේ හූ වැටිය කරන්නේ කුමක් ඇතුළේ ලා කළාදැ” යි සොර තැනැත්තිය විචාළ හ. සොර තැනැත්තී කියන්නී,” ස්වාමිනනි, කපු ඇටක් ඇ4තුළේ ලා “වට කෙළෙමි” යි කිව. ඇය ගේ බස් අසා හු වැටිය ඇති තැනැත්තිය,” තෝ කුමක් ඇතුළේ ලා වට කළා දැ’යි විචාල සේකැ. ඕ , “තිඹිරි ඇටක් ලා වට කෙලෙමි’යි කිව.දෙන්නා ගේ බස් අසා . සභායෙහි උනන්වුන් ගිවිස්වා හූ වැටිය ගලවා ඇතුළේ තුබූ තිඹිරි ඇටය දැකැ,සොර බව ගිවිස් වු සේකැ. බොහෝ දෙනා යුක්තිය පසුන් නියාවට තුටු පහටු වැ,දහස් ගණන් සාධුකාර පැවැත් වූ හ.

"https://si.wikibooks.org/w/index.php?title=උම්මග්ග_ජාතකය-i&oldid=12180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි