උම්මග්ග ජාතකය-සංඥාපනය
සංඥාපනය
බුදුන් ගේ ජාතීන් ( උත්පත්තීන් ) පිළිබඳ කථා “ජාතක කථා” නමින් දනිති. ජාතක පොත (ජාතකට්ඨ කථා) මුලින් මැ සංගෘහිත වූයේ මහානාම (බු.ව.953) පමණ රජුන් කලැ ලක්දිව පැමිණැ ශ්‍රමණ භූමි ගත වැ බුද්ධඝොෂ නමින් වැජඹුණු තෙර කෙනෙකුන් විසින් බව ප්‍රකටයැ.
ජාතක කථා සිංහලයට පරිවර්තනය කැරුණේ සතර වැනි පරාක්‍රබාහු (බු.ව. 1848) රජුන් දවසැ යි පිළිගැනේ.පරාක්‍රම නම් ඇමති තුමාන් ගේ මූලිකත්වයෙන් සිංහල ජාතක පොත සංග්‍රහ වී යැයි එහි මැ සඳහනි. කථා වස්තු පන්සිය පණසකට ආසන්න ගණනක් මෙහි සංගෘහිත හෙයින් මීට ‘පන් සිය පණස් ජාතක පොත’ යැ යි ද ව්‍යවහාරයක් වෙයි.
පෙර දිගැ ලෝයකයෙහි ප්රයචාරයට ගිය අරාබි නිසොල්ලාසය, කථා සරිත් සාගරය ආදිය මෙන් මැ ජාතක ෙපාතද අගනා කථා වස්තු සංග්ර හයක් ලෙසැ සලකති.මේ ග්රාන්ථයන්හි සම සේ පැනෙන කථා වස්තූහු ද ෙවති. තත්කාලයෙහි හා තද්රඅසන්න කාලයන්හි ද සමාජ ප්රාවෘත්ති ආදිය ජාතක පොතෙහි මැනැවින් නිරූපනය වෙයි. එ හෙයින් පුරාණ චාරිත්රත වාරිත්ර පරීක්ෂයෙකුට මේ කතා වස්තු රඟ බිෙමකි. යම් කෙනෙක් තමා ගේ ජීවිත කාලය වුවද ගෙවා පුරාණ චාරිත්රෙ වාරිත්රා දිය පිළඳව පරීක්ෂණය සඳහා මේ ග්රපන්ථෙයහි වැදැ තමන් ගේ පරීක්ෂණයන්හි ප්රකතිඵල ලෝකයාට ප්රපකාශ කෙරෙත් නම් ඒ මහත් මැ වූ සංග්ර්හයෙකි.
සිංහල ජාතක පොත එක් කෙනකුන් මැ විසින් කැරිණැයි ගැන්ම විචාර සහ නොවේ. සියලු කථා වස්තූන්හි මැ එක මැ ක්ර මයේ භාෂා විලාසයක් වත් එක මැ ක්රථමයේ භාෂණ ශක්තියක් වත් නොදක්නා හෙයිනි. එ කලැ විසූ දක්ෂ ග්ර න්ථ කාරයන් එක් කොටැ පරිවර්තනය සඳහා ඔවුනට එක් එක් කොටස බෙදා දී එක් කෙනෙකු ගේ ප්රාධානත්වයෙන් සකස් කැරණැ යි පිළිගැන්මට අවකාශ ඇති. වෙස්සන්තර ජාතකය ජාතක පොතේ කවර පිටපතෙකැ වත් නො එයි. දැන් පවත්නා වෙස්සන්තර ජාතකය විද්යාතචක්රඑවර්තීන් විසින් පරිවර්තිත වැ බුත් සරණ අගට එකතු කැරුණෙකි. පන් සිය පණස් ජාතක සංග්රතහ කාරයන් පරිවර්තිත වැ පැවති ජාතක කථා නැවතැ අන් ලෙසකින් දැක්වීමේ වෙහෙස නො කැමති වූ සැටි යැ.
උම්මග්ගයක් (උමගක්) ප්රටධාන කොටැ වස්තුව පවතිනා හෙයින් උම්මග්ග ජාතකයට ඒ නම යෙදේ. උම්මග්ග ජාතකය ජාතක පොත අවසානයෙහි එන තෙමිය, මහා ජනකාදී දශ මහා ජාතක කථා අතුරින් විශාලතම යැ එ හෙයින් සියලු ජාතක කථාවන් අතුරින් මැ විශාලතම යැ.
මෙය පරිවර්තනය කළවුන් ගේ කොටස මෙයින් මැ පරිමිත වූ සේ පෙනේ. උමංදායෙහි එන වැනි භාෂා විලාසයක් සෙස්සෙකැ නො එන බැවිනි.මෙහි කථා වස්තුව රසවත් එකෙකි. එ හෙත් වස්තු නිර්‍මණය, චරිත නිරෑපනය ආදියේ දී සිදු වූ වරද කීපයෙකි. සේනකයෝ පළමු පළමුවැ (සිහින තේරීම් ආදියේ දී ) මහ නුවණ ඇති බවක් පෙන් වූහ. එහෙත් පසු වැ (37 පිට මණි ප්‍රශ්නය) බිළිඳකුට වඩා බොළඳ වෙති. ග්‍රන්ථ කාරයෝ මහෞෂධයන්ගේ පැමිණීමෙන් පසු සේනකයන් ගේ නුගුණ මැ නුනුවණ මැ මහත් සේ කියති: මහෞෂධයන්ගේ ගුණ මැ නුවණ මැ යයස මැ අනුභාවය මැ උත්කර්ශණයෙන් දක්වති. මහෞෂධයන් තමන් ගේ නිවසට පැමිණි කේවට්ටයන් සැලැකු සැටි හාසය උපදවා කියන කලැ, මහෞෂධයන් ගේ මුවින් මැ , “සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිද්දෙන් බොවු නම් මහා පානයක් බොව” යි කියවන කලැ, ග්‍රන්ථ කාරයෝ මහෞෂධයන් බෝධි සත්ත්ව බව පවා අමතක කෙරෙති.
සිරි කාලකණ්ණි ප්රිශ්නය, සිරිමන්ද ප්ර්ශ්නය ආදී කථා වෙන වෙන මැ ජාතක කථා වශයෙන් ද ජාතක පොතෙහි එයි. වස්තුව සම්බන්ධයෙන් ඇති දෝෂ පරිවර්තන කාරයන් කෙරෙහි නො පැවරේ.
සිංහල උමංදා කාරයන් ස්වකීය කාර්යය එ කලැ ව්‍යවහාරයෙහි පැවති භාෂායෙන් මැ කරන්නට සිතූ හ. මේ කාලය වන විටැ සිංහල භාෂාවට දෙමළ බලය තදින් දැනුණු බව පෙනේ. එ හෙයින් මේ සිංහල ග්‍රන්ථයෙහි සෙංඩුවාළුව (6 පිට-7) කට්ටුව (6 පිට -8) පූලිමුඛම් (96 පිට -9) කච්චිය ආදී වචන අවිරල වැ එයි. වරක් දැක්වුණු පදයක් ඒ ආසන්නයෙහි නැවැතැ යෙදීමෙන් නැසුනා වූ විසිතුරු බව ඇරති පාඨයෝ ද මෙහි වෙති. “ මහ බෝ සතාණෝ ඒ ගත් සඳුන් ගැටය මිටින් ගත් සේකැ” (7 පිට -24) “............. විචාරා, එසේ යැ , මෑණියෙනි” යි කී කල්හි , ‘මේ දරුවන් කිරි පොවම් දැ’ යි කී කල්හි මෑණීයන් විසින් ‘යහපතැ’ යි කී කල්හි.............” (18 පිට- 15)
ගොළකාලයා ගෙන්වා .................. විචාල සේකැ. ඒ වූ ............... කී යැ. ඔහුද එ තැනින්.................. විචාළ සේකැ. ඕ ‘....................’ කිව. ‘ තීගේ ................’ යි විචාල සේකැ. “ස්වාමීනි................. ‘කිව. “ තිගේයි ............ විචාල සේකැ. ඕ ..................... කිව. මහෞෂධ පණ්ඩිතයන් වහනසේ ....................... විචාළ සේකැ.” (16 පිට -1-12) “............. කි කලහි පණ්ඩිතයන් වහන්සේ ........................ වදාරන සේක් ................ කීහ.” (42 පිට 12-18) මෙබඳු තැන් මේ ග්‍රන්ථයෙහි බහුල යැ. අති දිර්ඝ වාක්‍ය යෙදීම ද මොවුන් විසින් ඇතම් තන්හි දී කැරිණි. 2 වැනි පිටේ අගින් ඇරඹ විහිදි 3 වැනි පිටෙන් ද වැඩි කොටසක් ගන්නා (3 වැනි ) ජේදය එක මැ වාක්‍යයෙකි. 78 වැනි පිටේ 1 වැනි පෙළින් පටන් ගන්නා වාක්‍යය අවසන් වනුයේ එම පිටේ අන්තිමයෙනි. මේ කාලයෙහි ව්‍යවහාරයෙහි පැවැති සම්ප්‍රදායෝ ද බහුල වශයෙන් ඇතුළත් වැ සිටිති.
පහසු භාෂායෙන් ලියන ලද හෙයින් ද වස්තුව රසවත් හෙයින් ද උම්මග්ග ජාතකය ජාතක කථා අතුරින් ඉතා ප්‍රචාරයට ගියා වූ ග්‍රන්ථය යැ. එ හෙයින් මැ එහි සංස්කරණ කිහිපයක් මැ ප්‍රකාශයට පැමිණ සිටී. එහෙත් නිසි පරිදි පරිච්‍ජේද බෙදා, ජේද වෙන් කොටැ, පද බෙදා, විරාම ලක්ෂණ යොදා, කැරුණු සංස්කරණෙයක් මේ දක්වා ප්‍රකාශයට නො පැමිණියේ යැ. එ හෙයිනි, මෙය අපට සිත් ගියේ. බොහෝ සංස්කරණයන්හි, තලතා දේවීන් ගේ නුවන දක්වන කථාව ‘මාෂක විනිශ්චය’ නමින් වෙන මැ පරිච්ජේදයක් වශයෙන් දැක්වේ. 79 වැනි පිටේ 7 වැනි ජේදයේ සිට 82 වැනි ජෙදාවසානය තෙක් වනුයේ වේදේහයන් මහෞෂධයනට යුද්ධය විස්තර කිරීම යැ. .තලතා දේවීන් පිළිබඳ කථාව ද එහි මැ ඇතුළත්ය. එ හෙයින් ඒ වෙන මැ පරිච්ජේදයක් වශයෙන් කෙසේ දැක්වියැ හැකිද?
උගන්නන් ගේ පහසුව සලකා ඉතා මැ අවශ්යි ස්ථාන සඳහා චිප්පණි මාලාවක් ද යෙදිණ.