උත්තර රාම චරිතය - i
ශ්රී භවභූතීන් ගේ
උත්තර රාම චරිතය
නාටක සාහිත්ය
අංක 3
මහා කවි ශ්රී භවභූතීන් ගේ
උත්තර රාම චරිතය
_______
ප්ර_ථම අඞකය
සංස්කරණයපෙර කිවි වරුන් හට වචනයෙන් පැසසුම් කොට මොක් අම කලා වට වඳිම් රාමායණය මුල් කොට
(නාන්දි පූජාවෙන් පසුව)
අධ්යනක්ෂෙක - ඇති ඇති! වැඩි විස්තර මොකට ද?
අද මේ ශිව දේව පූජෝත්සවයෙහි දී මේ පූජ්යක උතුමන්ට මෙය කියනු කැමැත්තෙමි.
කාශ්ය්ප ගොත්ර යෙහි උපන් ශ්රී කණ්ඨ යන නමකින් අලංකාර වූ, පද වාක්ය්යන් හි දක්ෂ, ජතුකර්ණි පුත්ර භවභූති කවියකු සිටින බව මේ පූජ්යන උතුමේ දැනගනිත්වා!
10 ශ්රීේ භවභූතීන්ගේ
හුදී එබමුණු වෙත සරසවි නවාතැන් ගත ඉනු තුරු රම් සිරිත ලිවී එය දැන් සබ පෙරට පත
මේ මම කවියා වශයෙන් අයොධ්යා පුරයේ වැසියෙක් හා එකල (රාමාට ඔටුණු පළඳ වන) එහි ජීවත් වූවෙක් ද වෙමි.
භවන්ති, රාවණ වංශයට ධූම කේතුවක් බඳු රාම රජතුමා ඔටුණු පළඳවන ඒ කාලයෙහි රෑ දවල් දෙක්හි මඞගල උත්සවයන්ගෙන් අතරක් නො වී ය. එහෙත් දැන් මෙහි හාත් පස පිට්ටනි නිලධාරීන්ගේ සංචාරයෙන් තොරව විවේකයට පැමිණියාක් මෙන් පෙනෙන්නේ කිම?
නළුවා- (පැමිණ) භාව, ලංකාවේ කරගත යන සටනෙහි දී අපට මිතුරු ව සිටින ධෛය්ය් ියවත් වඳුරෝ - රාක්ෂංසයෝ - සභා ජන උපස්ථායකයෝ - නොයෙක් දිසාවන්හි ගමන් කරන බ්ර හ්ම ඍෂිවරයෝ - රාජර්ෂිවරයෝ යන මොවුහු මහ රජතුමා විසින් ස්වගෘහයෙන් ම එහි යවන ලදහ. පූජ්ය වූ ඔවුන්ට ගරු බුහුමන් දැක්වීමෙන් මෙ පමණ දින ගණනක් එහි මහත් ප්ර මෝදයක් පැවැත්තේය.
අධ්යතක්ෂ ක - ආඃ, ඔව්! එයට හේතුවක් ඇත
නළුවා - අනිකක්! අනිකක් ද ඇත.
වසිෂ්ටයන් විසින් මෙහෙයන ලද රාමයාගේ මව්වරුන් වූ දේවීහු යාගය නිමිති කොට අරුන්ධති පෙරටු කරගෙන ජාමාතෘගේ ආශ්ර මයට ගියෝ ය.
උත්තර රාම චරිතය 11
අධ්යරක්ෂරක - මා විදේශිකයකු නිසයි මේ අහන්නේ, කවු ද ඒ කියන ජාමාතා? [බෑණා]
නළුවා - දශරථ රජතුමාට ශාන්තා නම් දුවක් උපන්නීය. ඇය දරුවකු කොට තනා ගැනීමට රෝම පාද රජතුමාට දුන්නේය. විභාණ්ඩක පුත්රන ඍෂි ශෘඞ්ග ඇය විවාහකර ගත්තේ ය. දැන් ඒ සඳහා දොළොස් වසක් පවත්නා යාගයක් ආරම්භ විය.
එයට සහභාගී වනු කැමැත්තෙන් ගැබ් බරින් සිටින්නා වූ ද ජානකීය හැරදමා දෙමා පියෝ එහි ගියෝය.
අධ්යමක්ෂ ක - ඒකට මොක ද? එන්න, රජ ගෙදරට යමු අපි අපගේ වංශයට සුදුසු ආචාර විචාරයන්ගෙන් ඇය සංතෝෂ කරවමු.
නළුවා - භාව, එසේ නම් ඔබ රජුට උපස්ථානයට සුදු ස්තොත්ර පංතියක් සම්පාදනය කරන්න.
අධ්යාක්ෂ ක - මාරිස!
ස්තුති කිරීමේ කාය්ය්‍ාවය හැම අයුරින් ම ව්යටවහාරය අනුව කටයුතු යි. ඒවාට දොස් නොකීමක් නම් කෙසේ සිදුවේ ද? ඔව්! එය එසේමයි. මිනිස්සු ස්ත්‍රීන්ගේ පතිව්ර තාදී සාධු ගුණයන්හි දොස් දකින්නාක් මෙන් වචනයන්ගේ සුකුමාරාදී සාධුතායෙහි ද දොස් දකිති.
නළුවා - එහෙයින් ම මිනිසා ඉතාමත් දුෂ්ටයයි කිව යුතු වෙයි. ඔ ව් ඔව්! එහෙම මයි. සිතා රාක්ෂමස රාජයාගේ ගෙදර සිටි පමණින් මිනිස්සු ඇයට දොස් කීහ. ඇය ගින්නට පැන තම පවිත්ර තාව දැක්වූ නමුදු ඔව්හු ඒ ගැන නො සැලකූහ.
12 ශ්රීඑ භවභූතීන්ගේ
අධ්යතක්ෂ ක - තවද, මේ ලෝකාපවාදය රජතුමා ගේ කනට ගලා ගියොත් එයින් මහත් දුකක් ඇතිවන්නට පුලුවන.
නළුවා - දෙවියෝත් මුනිවරයෝත් එවැනි විටක හැම අයුරින් ම යහපත සලසනු ඇත. (ඉදිරියට යමින්) භවත්තී, දැන් මහරජතුමා කොහි සිටින්නේ ද?
(අසා සිට) මිනිස්සු මෙසේ කියති. ජනක රජතුමා මහත් ආදරයෙන් පූජාවන්ට සහභාගී වී, ඒ දවස් ප්රීතතියෙන් ගත කොට, දැන් විදෙහ ජනපදයට පැමිණියේ ය. ඔහුගේ වියෝගයෙන් දොම්නස් ව සිටි බිසෝවරුන් සනසනු සඳහා දැන් සිහසුනෙන් නැගී ශයනාගාරයට යයි.
(මෙසේ කියා දෙදෙන පිටව යත්)
ප්රෝස්තාවනාව යි.
⋆
(දැන් රාම හා සීතා පැමිණ අසුන් වල ඉඳගනිති)
රාම - දේවී, සීතා, විශ්වාස කරන්න. ඒ දෙමා පියන්ට අප හැර දමන්ට නුපුලුවන.
නමුත් කටයුතු ක්රිීයාවන්ගේ නියත බව හිතුමතයේ පැවැත්මට ඉඩ නොදෙයි. ගිහියන්ගේ ජීවිතය නියම දේ නො කිරීමෙන් වන විපත් වලින් පිරී තිබේ.
සීතා - දනිමිස්වාමිනි, මම එය දනිමි. එහෙත් නෑයන් ගෙන් වෙන් වීම පසුතැවිලි උපදවන්නකි.
උත්තර රාම චරිතය 13
රාම - එසේ ය, එසේ ය, ඒවා හදවත පෙළන සසර දෝසයි. ඒවා පිළිකුල් කොට සිතන නුවණැත්තෝ සියලු කාමයන් හැරදමා වනයට පිවිස සැනසිල්ලේ වසත්.
කඤ්චුකී - (පැමිණ) රාමභද්රැ! (මෙසේ වචනයෙන් බාගයක් කියා සැකයෙන් නවතා) මහරජ!
රාම - (හිනා වී) භවත, මට ‘රාමභද්රන’ යන ව්යුවහාරයම නොවේ ද වඩා සුදුසු එහෙයින් පුරුදු ලෙස එසේ ම කියන්න.
කඤ්චුකි - දේවයිනි, සෘෂ්ය් ශෘඞ්ග ආශ්ර‘මයෙන් අෂ්ටාචක්ර’ මෙහි පැමිණ සිටිනවා.
සීතා - ආය්ය්ේවයය, එසේ නම් ඔහු ප්රභමාද කරන්නේ ඇයි?
රාම - වහාම කැඳවාගෙන එන්න.
(කඤ්චුකී පිටව යයි)
අෂ්ටාවක්රක - (පැමිණ) ඔබලාට සැපවේවා!
රාම - පින්වත, නමස්තෙ! මෙහි වාඩිවෙන්න.
සීතා - පින්වත, නමස්තෙ. ජාමාතෘ සහිත ගරු ජනයාත් ශාන්ත ආය්යාේ වත් සුවසේ වෙසෙද්ද?
රාම- සෝම රස පානයෙහි යෙදී සිටින පූජ්ය් ඍෂ්යම ශෘඞ්ග හා ශාන්ත ආය්යා වෙ වත් නිරුපද්රැිතව සිටිද්ද?
සීතා - අපත් සිහිකරනවා ද?
අෂ්ටාවක්රෙ - (වාඩි වී) ඕ, සියල්ලම හරි! දේවි, කුල ගුරු වූ භගවත් වසිෂ්ට ඔබට මෙසේ දන්වයි.
14 ශ්රී, භවභූතීන්ගේ
ඕ සුන්දරිය, සියලු සත්ත්ව වර්ගියා දරා සිටින මිහිකත ඔබ ඉපද වූවා ය. ඔබගේ පියා ප්ර ජාපතියා වැනි ජනක රජතුමාය . යම් රජ පවුලක පියා සූය්යාිය වේද, ගුරුවරයා වසිෂ්ට නම් මම වෙම්ද එබඳු රජවරුන්ගේ කලයක උපන් දුවකි ඔබ.
එහෙයින් වෙනත් කුමක් බලාපොරෝත්තු වෙමුද?වීර මාතාවක් ම වේවා!
රාම - අනුග්රෝහ කරනු ලැබුවෙමු.
සාමාන්යත සාධුන්ගේ අදහස හෙවත් අර්ථ.ය වචනය අනුව යයි. එහෙත් ඍෂින්ගේ වචනය අර්ථකය අනුව පවතියි.
අෂ්ටාවක්රච - මෙය පින්වත් අරුන්ධ්තිය, දේවිවරුන් හා ශාන්ත විසින් ද නැවත නැවතත් කී දෙයකි. මේ භවතියට කිසියම් දොළ දුකක් ඇති වූවොත් එය වහාම සම්පූර්ණග කර දිය යුතු ය.
රාම - මැය එවැන්නක් කීවොත් එය ඉෂ්ටවේ.
අෂ්ටාවක්ර - දේවියගේ නෑනා ගේ සැමියා දේවියට මෙසේ කිව්වා “දුව පිරිපුන් ගැබ් ඇති බැවින් නො ගෙන වෙහි ද? පුත්රව වූ රාමභද්රායා ද ඇයගේ ප්රීගති ය සඳහා ම නවත්වන ලදී. එහෙයින් ඔබ දරු දෙදෙනකුගෙන් යුක්ත වුවාම දකිනු කැමැත්තෙමු” යි කියා.
රාම - (ලජ්ජාව හා සතුට යන දෙකින් යුක්තව සිනාසී) එය එසේ වේවා!
අෂ්ටාවක්රන- අහන්න.
පින්වත් වසිෂ්ට තුමා මට අනෙකක් ද කියා ඇත. “අපි “අපි ජාමාතෘහුගේ යාගයට හිර වී සිටිමු. ඔබ වයසින් බාලය. රාජ්යවය ද අලුත් ය .ප්රටජාවන් පාලනයේ යෙදෙන්න. එයින් ඔබගේ උතුම් ධනය වූ කීර්තිය ලැබේ”
උත්තර රාම චරිතය 15
රාම - පින්වත් වසිෂ්ටගේ නියමය සිදුවේ වා!
ලෝකයා ප්රීචතිමත් කරනු සඳහා ස්නේහය, දයාව සනීපය පමණක් නොව ජානකීය වුව ද හැර දැමීම මට පීඩා දායක කරුණක් නොවේ.
සීතා - ආය්ය්දැම පුත්රනයා රඝුවංශයට ශ්රෙ ෂ්ට වනුයේ ඒ නිසා මය
රාම - භවන්නී මෙහි කවුද? අෂ්ටාවක්රය, නවතින්න.
අෂ්ටාවක්රය - (නැගිට ඉදිරියට යමින්) ආ! ලක්ෂ් මණ කුමාරයා ආයේ ය. (කියමින් පිටව යයි)
ලක්ෂ්ිමණ - (පැමිණ) ජයවේවා ආය්ය් ශයය, ජයවේවා! ආය්ය් වසය, අප විසින් නියම කරන ලද අර්ජුන නම් චිත්රවකාරයා ඔබගේ සිතියම මේ සිතියම් පෙළේ ඇඳ තිබේ. එය බලනු මැනව.
රාමා - දරුව, දොම්නස්ව, සිටින දේවිය සතුටු කරවන්ට දන්නෙහි ද? ජනක සිය දෙසට යාමෙන් ඇතිවුණු එයට දැන් කොපමණ කල්ද?
ලක්ෂ්ිමණ - ආය්යාකොප ව ගින්නෙන් ශුද්ධිය දක්වන තෙක්.
රාම - අනේ පව්! උත්පත්තියෙන් පවිත්ර වූ ඇයට අනෙක් පවිත්රග කාරණයන් කුමට ද? පුණ්ය් තීර්ථ යන්හී ජලයත් ගින්නත් හැර අනෙකක් ද ශුද්ධියට සුදුසු නොවේ.
දෙවියන්ට යාග කිරීමෙන් උපන් දේවිනි, සමාවන්න. ඔබ පිළිබඳ මේ කටුක කතාව ජීවිතකාලය මුළුල්ලේම පවතියි.
දුකට පත් මිනිසා අනුන් විසින් සැනසීම යුතු ය. මේ කියන අසුභ කාථාවෙන් එය එසේ බවක් නොපෙනේ එය ඔබට සුදුසු ද නොවේ. සුවඳ මල හිස මත තැබීම ස්වභාව සිද්ධය. එය පයින් පාගා දැමීම සුදුසු නොවේ.
16 ශ්රි භවභූතීන්ගේ
සීතා- වේවා ආය්ය් පුත්ර ය, එසේම වේවා! එන්න ඔබගේ චරිතය [චිත්ර ] බලමු. (නැගිට යයි)
ලක්ෂ්ුමණ - මෙන්න ඒ සිතියම්.
සීතා - (බලා) කවුද මේ ඉහළින් ආය්ය්රය පුත්ර යාට ස්තුති කරන්නා මෙන් පිරී සිටින්නේ ?
ලක්ෂනමණ - දේවිනි, මේවා තමයි ඒ රහස් සහිත ජෘම්භක නම් ආයුධ වර්‍ග!
මේවා භෘශාශ්වාත්ත නම් මුනිවරයා ගෙන් විශ්වාමිත්රහට ලැබුනේ ය. විශ්වාමිත්රව විසින් නාටකයා විනාශ කිරීමේදී ඒවා දීමෙන් ආය්ය්වනම පුත්රායාට අනුග්රිහ කරන ලදී.
රාම - දේවීනි, ඒ දිව්යශමය ආයුද වලට වඳින්න. පුරාණයේ බ්රටහ්මාදී ගුරුවරු අවුරුදු දහස් ගණනක් වේදාන්ත ධාරණය පිණිස තපස් කම් කොට තමන්ගේ තපසෙහි තේජස මෙන් මේ ජෘම්භක නම් ආයුධ වර්ගප දුටුවෝය.
සීතා - ඒවාට නමස්කාර වේවා!
රාම - දැන් හැම අයුරින් ම ඔබට දරුවෝ ලැබෙති.
සීතා - අනුග්රනහ කරනු ලැබුවෙමි.
ලක්ෂ්ේමණ - මිථිලා නගරයේ ප්රවවෘත්තිය මෙය යි.
සීතා - අම්මෝ! පිපුණු අලුත් නිලුපුල් පෙත්තක් මෙන් නිල් සිනිඳු කමින් හොබනා, පිරුණු දේහ සම්පත්ති යෙන් පුදුම. ගල් ගැසුනාක් මෙන් පෙනෙන, සෞම්යු ශ්රීිය අනාදරයෙන් සංකරගේ දුන්න. බිඳ දැමූ මුව මඬල උස් කොට ආය්ය්ෞම් පුත්ර යා අඳින ලදී.
ලක්ෂ්සමණ - ආය්යාීි ව, බලන්න! බලන්න!! ජනකගේ වංශයේ උපන් ශතානන්දස පුරොහිත ගෞතම ආදීහු ද ඔබ පියා සම්බන්ධිපහු ද වසිෂ්ටාදීන්ට වඳිති.
උත්තර රාම චරිතය 17
රාම - මෙය ඉතාම ගැලපෙන කීමකි.
යම් සම්බන්ධරයක විශ්වාමිත්ර තෙම දායක යා හා ප්ර තිග්රා හකයාත් වේ ද එබඳු රඝු ජනක දෙ පක්ෂධයගේ සම්බන්ධකාට, නම් ප්රිරය නො වේ ද?
සීතා - මොව්හු ඒ කාලයෙහි ගොදාන මඞ්ගලය [රැවුල බෑම කළ සහෝදරයෝ සතර දෙන ය. ඔබලා විවාහය පිණිස වනයෙහි යෙදී සිටින්නෝ ය. මම ද ඒ කාලයෙහි ඒ ප්රසදේශයෙහි ජීවිත්ව සිටියෙමි යි සිතමි.
රාම - යම් කලක. ඕ සුන්දනරිය, ගෞතමට ශාතානන්දද විසින් දෙන ලද මේ වළල්ල මුර්තිමත් උත්සවයක් මෙන් ඔබගේ අත බැබලවී ද එබඳු කාලයක් විය.
ලක්ෂකමණ - මේ බලන්න ආය්යාඅත ව. මෝ මාණ්ඩවී ආය්යාද විවයි. මේ ශ්රැ ත කීර්ති නම් කාන්තාවයි.
සීතා - දරුව, මේ අනික් තැනැත්කිය කවුද?
ලක්ෂ්ිමණ - (ලජ්ජායෙන් සිනා වී යටි හිතින්) ඕයි, උර්මිලාගෙන් අහන්න. හොඳයි, ඇය වෙනතකට හරවමි. (එලිපිට) ආය්යාහන් ව, විශෙෂයෙන් බැලිය යුතු මෙය බලන්න. මේ පින්වත් පරශුරාමයා යි.
සිතා - (තැතිගෙන) වෙව්ලා ගියෙමි.
රාම - මුනිවරය, නමස්තෙ!
ලක්ෂ්තමණ - ආය්යා ෙන ව බලන්න. මෙතුමා විසින්..........
(මෙසේ අඩක් කී කල)
18 ශ්රී. භවභූතීන්ගේ
රාම - (වලකා) එය බැලුවා මදැයි. අනෙකක් පෙන්වන්න.
සීතා - (ප්රේ ම සහිත ගෞරව දක්වා) මෙවැනි විනීත ක්රි යා වන්ගෙන් ආය්ය්ූත පුත්රෙයා බෙහෙවින් ම හොබනේ යි.
ලක්ෂ්ෙමණ - මේවා අප අයොධ්යාරවට පැමිණීමයි.
රාම - (කඳුළු හෙලමින්) සිහිවෙයි. අනේ! සිහියට එයි. පියතුමා ජීවත් ව සිටි, විවාහ වූ අලුතම, සහෝදරයන් ගැන සිතන අපට ඒ දවස් ගත විය. (එකල මේ ජානකී)
තරුණ බවට පැ තුබුවා පමණක් වූවා, මද මදව විහිදී පෙනෙන, වැටීම් රහිත දත් කැකුළු වලින් බබලන මනහර ව බොළඳ මුහුණක් ඇත්තී, මද වූ ආභරණ ඇත්තී, අඞ්ගනාවන්ට අයත් මිහිරි වු ලලිත ක්රිතයාවන්ගෙන් මගේ කුතුහලය ඇවිස්සුවා ය.
ලක්ෂ මණ - මේ මන්ථරා පිළිබඳ සිද්ධියයි.
රාම - (වහා අනෙකක් දක්වමින්) දේවි, සීතා, පෙර ශෘඞ්ග වේර නගරයෙහි පිහිටි මේ ඉඞ්ගුදී ගස එයට ස්නේහ කළ නිෂාදපති ගුහයා හා සම්බන්ධහ විය. ලක්ෂ්්මණ - (හිනාවී යටිහිතින්) ආ! ආය්ය්් ර පුත්රහයා මධ්යසම අම්බාවන් පිළිබඳ සිද්ධිය ඉදිරියට ගත්තේය.
සීතා - අහෝ! මේ කොණ්ඉයා බැඳීමේ පුවතයි.
ලක්ෂ්මණ - දරුවන් වෙත රාජ්යොශ්රී ය පවරා වෘද්ධ ඉක්ෂ්්වෘකු වංශිකයන්විසින් දරණ ලද වනවාස්න ව්රරතය ආය්ය්වෘද පුත්රවයා විසින් බාල වියෙහිදීම දරණ ලදී
සීතා - මේ පැහැදි දිය පිරුණු භාගීරථී නදියයි.
උත්තර රාම චරිතය 19
රාම - රඝු වංශිකයන්ගේ දේවතා ව, නමස්තෙ!
සාගර රජුගේ යාගයෙහි නැතිවුණු යාග අශ්වයා සෙවීමෙහි ඉක්මන් ව, පොළොව හාරාගෙන ගිය. කපිල මුනිහුෙග් කෝප ගින්නෙන් දැවුණු, සගර පුත්රතයන් මුදනු පිණිස මුත්තණුවන් හා පියවරුන් විසින් මුදන පිණිස මුත්තණුවන් හා පියවරුන් විසින් කරන ලද නො ගිණිය හැකි තපෝ බලයෙන් මනුලොවට කැඳවන ලද පින්වත් භාගීරථී නදිය, ඔබ ස්පර්ශැ කළ පමණකින් ම ඒ සගර පුත්රණයෝ සුර ලොවට නැගුනහ.
එහෙයින් මෑණියනි, යෙහෙළි වූ අරුන්ධතියට මෙන් සීතාවට ද යහපත සලසා දෙන්න.
ලක්ෂ්සමණ - මෙය චිත්රනකූට පර්වාතයට යන මාර්ගනයෙහි කලඳු ගං ඉවුරේ පිහිටි, භාරද්වාජයා විසින් දන්වන ලද ශ්යා්ම නම් නුග ගසයි.-
(රාම මහත් ආසාවෙන් එය බලයි)
සීතා - ආය්ය්ලයි පුත්රශය, ඒ ප්ර්දේශය ඔබගේ සිහියට එනවාද?
රාම - හා ප්රිියාව, එය අමතක වන්නේ කෙසේද? ගමනේ වෙහෙසින් පොඩි කළ නෙලුම් දඬු මෙන් දුර්වවල වූ එහෙයින් ම අලස ගතියෙන් යුත් අවයවයන් අල්ලා හෙමින් මිරිකමින් ඔබ මගේ පපුවට තද කරගෙන නිදාගත්තේ එහි දී නොවේ ද?
ලක්ෂ් මණ - මෙය වින්යා ඔ වන දොරටුවේ දී විරාධ හා පැවති සාකච්ඡාවයි.
සීතා - ඒක එපා! ආය්ය්් ඔ පුත්රොයා අතින් ගත් තල අතු කුඩ ඇතිව දකුණු දිග වනය බලා යන ඉක්මන් ගමන බලමි.
20 ශ්රී භවභූතින්ගේ
රාම - යම් තැනක ආගන්තුක සත්කාරයෙහි යෙදුණු පුරුෂයෝ යතීන් ආශ්ර ය කරත් ද, ඌරු හැල් ආහාරයට පිසීමේ යෙදී සිටින ගිහියෝ ගෙවල් තුල සිටිත් ද, ඒ වෛඛානස මුනිහුගේ ආශ්ර මය මේ ගඟ බඩ පිහිටා තිබේ.
ලක්ෂ්ාමණ - මේ ගනට ගස් වැටුණු, එහෙයින් ම හාත් පස නිල්වන් වනයෙන් වට වූ. ගොදාවරී ගං මෝයේ සිට විහද යන, නිරන්තර වැස්ස නිසා කොළ පැහැ ගත් ජනස්ථානය මැද පිහිටි ‘ප්ර ශ්ර්වණ’ නම් පර්වසතයයි.
රාම - සුන්දරී ය, ලක්ෂ්ිමණ විසින් පිළියෙල කරන දෙන ලද පූජා [ආහාර] ඇතිව ඒ පර්වකතයෙහි සැප සේ සිටි දවස් සිහිකළ හැකිද? එහි මිහිරි සිහිල් දියැති ගොදාවරී නදිය සිහිවෙනවා ද? ඒ ගං ඉවුරේ අප දවස් යැවූ සැටිත් මතක් වෙනවා ද?
තවද, එහි දී යන්ත්රහ සංයෝගයෙන් ජනීත ප්රීඉතියෙන් හෙමි හෙමින් එකිනෙකාගේ කපොලයනට අසම්බන්ධත වචන වදව කියමින් තදින් වැළඳ ගෙන ක්රීලඩා කරන අපට නොදැනීම රාත්රිනය ගෙවී ගිය සැටි මතක ද?
ලක්ෂ්මණ - මෙය පඤ්චවටී නම් ස්ථානයෙහි දී ශුර්පසණඛා සමග ඇතිවුණු විවාදයයි.
සීතා - හා! ආය්ය්්ථා පුත්රටය, ඔබගේ දර්ශීනය එපමණක් ම විය.
රාම - ආ! ඔබට වියෝගයේ භයද? මේ නිකම් චිත්රඛයක් නේ!
සීතා - හා! කෝකවත් වෙද්දෙන්! දුෂ්ටයා දුකක්ම උපදවයි.
රාම - අහෝ! ජනස්ථානයේ සිදුවීම් මට දැන් වගේ වැටහෙයි;
උත්තර රාම චරිතය 21
ලක්ෂ්මණ - ඉන්රි යයන් හා සිත් අවුල් කරන ක්රි යාවන්ගේන් එනම් ගල් වලින් හඬ නැගීම්, වජ්රයන් කැඩී යාම යනාදීයෙන් ජනස්ථානය ශුන්ය බවට පැමිණි කල පාපී වූ රාක්ෂයසයන් විසින් රන්වන් මුව පැටියකුගේ ව්යාබජයෙන් සිදුවුණු ඒ පුවත ප්රඩකෘති ස්වභාවයෙන් යුක්තයන් ද පෙලයි.
සීතා - (කඳුළු හෙලමින්, යටි හිතින්) අහෝ, මේ සූය්ය්ගල් වංශය පිනවන්නා, මා නිසා මෙබඳු වෙහෙසකට පත් විය.
ලක්ෂ්මණ - (රාම දෙස බලා, හැඟීමකින්) ආය්ය්ත ය, මේ කිම? කැඩීගිය වැවන දිය දහර ගලායන්නාක් මෙන් කඳුලු බිඳු පොළොවෙහි වැටී පෙරලෙමින් ගලා යයි. නාස් පුඩු හා තොල් සැලීමෙන් ද මහත් දුක හැගෙයි. බොහෝ සේ ළය පිම්බීමෙන් ප්ර ශ්වාස වාතය නිරුද්ධ බවද බලන්නන්ට හැඟේ.
රාම - දරුව, ඒ කාලයෙහි ප්රිමයාවගේ වියෝගයෙන් හටගත් තියුණු දුක, ප්රනති ක්රිඒයා කරණු කැමැත්තෙන් ඉවසන්නේ නමුත් හිතේ බලවත් තාපයෙන් පැසෙන්නේ, හද තුළ වූ මරණීය වණයක් මෙන් වේදනා දෙයි.
සීතා - අපෝ! සීමාව ඉක්මුණු මහත් භයින් මගේ හදවත ආය්‍ර්ය පුත්රසයා නැත්තාක් මෙන් හගියි.
ලක්ෂ්මණ - (යටි හිතින්) හොඳයි, ඇදගනිමි.
(චිත්රටයක් බලා ඇසෙන සේ)
මෙය මන්වන්තර සම්බන්ධීප වූ ජටායුගේ චරිතය හා වික්ර)මය දක්වන චිත්රනයකි.
22 ශ්රී භවභූතීන්ගේ
සීතා - හා! පියාණෙනි. ඔබෙග් පුත්ර ප්රේ්මය මහත් ය.
රාම - හා! තාන කාශ්ය පයෙනි, ශකුන්තරාජය, ඔබ වැනි හිතවත් උපදේශ දායක සාධුවරයෙකුගේ නැවත ඇතිවීමක් වේ ද?
ලක්ෂ්මණ - මෙය ජනස්ථානයට බටහිර දෙසින් පිහිටි කාශ්ය ප පනිතියගේ සිරුර තැන්පත් කළ දණ්ඩකී වනයෙහි කොටසක් වූ කුඤ්ඡවත් නම් පර්ව තයයි. මේ අසල මාතඞ්ග මුනිහුගේ අසපුව පිහිටියේ ය. එහි ශ්රදමණී නම් වැදි තවුසියකි. එහෙයින් මෙය පම්පා නම් නෙලුම් විලයි.
සීතා - එහිදී ආය්ය්ද පුත්රතයා ධෛය්ය්ිහ සිඳී යාමෙන් තදින්ම ඇඬුවේ ය.
රාම - දේවි, නමුත් මේ විල අතිශයින් රමණීයයි. මෙහි දී සෙලවන මහත් නෙලුම් දඬු ගත් හංසයෝ පියා පත් විහිදාගෙන නදදෙමින් දිය කණිකා විසුරුවමින් නගිනු බසිනු ම විසින් දක්නා ලදහ.
සීතා - මේ බොහෝ කලක වෑයමින් ඔබට ජීව ලෝකයට පැමිණීමට මහත් උපකාර කළ අනුභාව සම්පන්න හනුමත් ය.
රාම - අඤ්ජන දේවිය ගේ සතුට වඩන මහත් බාහු ඇති ඔහු වාසනා වේවා!
ඔහුගේ වීය්ය් අයෙන් ලෝකය ද අපි ද උපකාර ලද්දෙමු.
සීතා - දරුව, මල් පිපුණු කොළොම් ගස් මෙන් මොනරුන් පිල් විහා නටන මේ පර්ව්තයේ නම මොකක් ද? මහිමයත් සුන්ද්රතාවත් පමණක් ඉතිරිව ඇති මෙහිදී ඔබ අඬමින් සිටින අතර ආය්ය්හිම පුත්රනයා සිහිනැතිවීමෙන් ගසක් අල්ලා සිටිනසේ ඇඳ තිබේ.
උත්තර රාම චරිතය 23
ලක්ෂ්මණ - කෙළිඳ මල් සුවඳ විහිදෙන මේ පර්ව තය ‘මාල්ය වත්’ නම්. කලු සිනිඳු අලුත් වළාකුළු මෙහි මුදුන් මත වැතිරෙයි. මේ පර්ව්තයේ දි ආය්ය්ිනියා.........
රාම - නවතනු, නවතනු! මෙයට වඩා ඉවසිය නොහැකියි. සීතා වියෝ දුක නැවතත් මා වෙත හැරී එයි
ලක්ෂ්මණ - මින් පසු ඒ පර්වනතයේ විසු වඳුරන් හා රාක්ෂයසයන් ආය්ය්ා පුත්රමයාට එක පිට එක කළ කටයුතු දක්වන චිත්රියි මේ තිබෙන්නේ. මේ ආය්යා වෙව වෙහෙසට පත් වූවා ය. එහෙයින් විවේක ගැනීමට කියමි.
සීතා - ආය්ය්ක ක පුත්රතය, මේ චිත්රම බැලීමෙන් මට ඇතිවුණු දොළක් දන්වන්ට තිබේ.
රාම - කියන්න, කියන්න!
සීතා - නැවතත් වරක් ගන වනයක වැස පිවිතුරු සිහිල් දිය පිරුණු ගංගා නදියේ නෑමට කැමතියි.
රාම - දරුව, ලක්ෂ්මණ,
ලක්ෂ්මණ - ඔව් මේ ආවා!
රාම - දරුව, දොළක් ඇතිවුවහොත් වහාම එය සංසිඳවිය යුතුයයි ඇදහිය යුතු ගුරුන් විසින් නියම කොට තිබේ. එහෙයින් ගැස්සීම් නැති රථයක් ගෙන එන්න.
සීතා - ආය්ය්ොට පුත්ර ය, ඔබත් යා යුතුයි,
රාම - ආ! ප්රි.යාව, එයත් කිව යුතු ද?
සීතා - එහෙනම් මට ප්රීරතියි! ප්රී තියි!!
24 ශ්රී භවභූතීන්ගේ
ලක්ෂ්මණ - ඔබගේ නියමය.............!
(පිටව යයි)
රාම - ප්රිඔයාව, ජනේලය කිට්ටුවෙන් වාඩිවෙන්න.
සීතා - එසේ වේවා! දැන් වෙහෙස දුරුවීය.
රාම - එසේ නම් නිතර මා අනුගමනය කිරීමට සැරසෙන්න. භය වෙහෙස හා දාඩිය බිංදු ද ජීවත් කරවන්නාක් මෙන් දෙව් දුන්නෙහි කැලුම් හා මුසුව ගලන සඳකත් මිණි දහරක විලස් ගත්අත මගේ කරවටා යවන්න.
(එසේ කරමින් ප්රීිතියෙන්)
ප්රිඑයාව, මේ මොකද?
සැපයක් හෝ දුකක් ද, මෝහනයක් හෝ නින්දක් ද, විස පැතිරීමක් හෝ මත්වීමක් ද කියා ඔබගේ ස්පර්ශ්යෙන් ඉන්රි් ය සමූහය මුළා වීමෙන් සිත විකාර වී බමයි. එසේ ම හැකිලී වැටහීම් රහිත ද වෙයි. සීතා - මෙහි ඔබගේ ධීර ප්ර සාදතාව ආශ්චය්ය්හීම ය.
රාම - නීලුපුලැසිය, ඔබගේ මේ වචන මැලවී යන ජීවිත පුෂ්පය පුබුදුවයි. මුළාව ගිය සියලු ඉඳුරන් පිනවයි. කනට අමාවක් මෙන් ම සිතට රසායනක් ද වෙයි.
සීතා - පෙම්වත, එන්න! ඇතුළට යමු.
රාම - කියන දෙයක්.............
විවාහ වූ දිනෙහි පටන් මෙතෙක් ළමා වියෙහිත්, තරුණ වියෙහිත්, ගෙදර දී මෙන් ම වනයේදීත් නිදීමට රාම්ගේ මේ බාහුව නමැති කොට්ටය හැර අනෙකක් ඔබ ප්රේයෝජනයට ගෙන නැත.
උත්තර රාම චරිතය 25
සීතා - (නිදිමත දක්වමින්) ආය්ය් පුත්ර ය, නිදිමතයි, නිදිමතයි. (කියමින් නිදයි)
රාම - ප්රිනය වචනයෙන් ම මා උරමත නිදාගත්තේ නොවේ ද?
(විමසා බලා)
මැය ගෙදරට සිරි කතකි, ඇසට අමා බඳුනකි, ඇඟේ ස්පර්ශ ය ගතට සඳුන් ආලේපයකි. මේ අත ගෙළට ආභරණයකි, සිනිඳු මුතුහර සිසිලකි. මැගේ කුමක් නම් අප්රිකය ද? ඇගේ වියෝගය නම් කෙසේ වත් ඉවසිය නොහැකියි.
ප්ර තිහාරී - (පැමිණ) දේවයන් වහන්ස, ආවා!
රාම - ඒයි, කවුද?
ප්ර තීහාරී - ඔබතුමාගේ කිට්ටුම සේවකයා, දුර්මුඛ.
රාම - (යටි හිතින්) අන්තඃපුරාචාරී දුර්මුඛ. ඔව්, නගරයෙහිද ජනපදයෙහි ද ඔත්තු බැලීමට ගියේ ය. (එලි පිට ම) එන්ට කියනු.
(ප්රිතිභාරී යයි)
දුර්මුඛ - (පැමිණ, යටි හිතින්) හා! කොෙහාමද දැන් දේවිය සම්බන්ධ,ව මේ නොසිතිය යුතු කට කතාව රජතුමාට කියන්නේ? නමුත් අවාසනාවත් මට මෙය නියෝගයකි.
සීතා - (සිහිනෙන් කථා කරයි) ආය්ය් අව පුත්රකය, ඔබ ඉන්නේ කොහේද?
රාම - චිත්රි දර්ශරනයේ දී ඇති වූ වියෝගය සැලකීමෙන් භය වුණු මේ දේවිය සිහිනෙනුදු උත්සාහ කරයි.
(ප්රේදමයෙන් ඇගේ ඇඟ අතගාමින්)
26 ශ්රීේ භවභූතීන්ගේ
යමක් සැප දුක් දෙකෙහි නොවෙනස් ද, හැම අවස්ථාවෙහි මා හා ගියා ද, සිතට සැනසීමක් වූවා ද, වයස් යාමෙනුදු රසයේ අඩුවක් නැද්ද විවාහ දිනයේ පටන් මරණය තෙක් නොවෙනස් ප්රේමම ඇතිව සිටී ද, එබඳු පැවැතුම අඹු- සැමි භාවය පිළිබඳ ප්රයධාන යහපත වශයෙන් බලාෙපාරොත්තු වනු ලැබේ.
දුර්මුඛ - (පැමිණ) දේවයිනි, ජයවේවා!
රාම - අහන්ට ලැබුණු දෙයක් ඇත්නම් කියන්න.
දුර්මුඛ - නගර ජනපද වැසියෝ, ‘රාම රජතුමා විසින් දශරථ රජතුමා අපට අමතක කරවන ලදී’යි ඔබට ස්තුති කරත්.
රාම - එය තේරුමක් ඇති කථාවකි. එහෙත් මට කිය යුත්තේ ඔවුන් කියනදොස් ය .එවිට ඒ වැරදි නැතිකර ගත හැක
දුර්මුඛ - (හඬමින්) මහරජ අසන්න. (කනට කට ළං කොට) මේ වගේ කතාවක්...........
රාම - අපෝ! මේ වචන නමැති අවිය ඉතාම තියුණු ය. (සිහිසන් නැති වෙයි)
දුර්මුඛ - සැනසෙන්න රජතුමනි, සැනසෙන්න!
රාම - (සිහි ලැබ) අනේ චිඃ චිඃ! අනුන්ගේ ගෙයි විසීමෙන් දූෂිත වූ ජානකිය පුදුම උපායයන්ගේන් සංසිඳවුවා පමණකි. ඉරණම නුහුරට හැරීමෙන් එය නැවතත් බලු විසක් මෙන් හැම තැන පැතිරෙයි. හා! අවාසනාවන් මම දැන් කුමක් කරම් ද?
(සීතා බලා ශෝකයෙන්)
උත්තර රාම චරිතය 27
ආ! මේ මොකද? කිසි කාය්ය් යකීන් ලෝකයා සතුටු කිරීම සත්පුරුෂයන්ගේ ස්වභාවයයි. මා ද, ප්රාණය ද හැර දැමූ පියා එය එසේම කෙළේ ය. දැනුදු වසිෂ්ට විසින් එසේම නියෝග කරන ලදී.
සූය්ය්ෙළ වංශයෙහි උපන් ශ්රෙ ෂ්ට රජදරුවන විසින් යම් වශිෂ්ට සාධු චරිතයක් දක්වන ලදද, මා පිළිබඳව එය පිරිහී අපවාදයක් බවට පත්විය. අහෝ! මගේ අභාග්යහතාවට නින්දා වේවා!
හා! දෙවියනට යාචඤා කිරීමෙන් ලත් දේවිය. හා! ස්වකීය විස්මයෙන් පොළොව අලංකාර කළ උත්තමාව, අහෝ! ජනක මුනි පුත්රිෙය, අනේ! වසිෂ්ට - අරුන්ධනී දෙදෙන හා අග්නිය විසින් පැසසූ තැනැත්තිය, අපෝ! රාමගේ දිවි මිහිර අනේ! මා හා වන වාසයෙහි දී ප්රිතය සඛිය, හා! මිත භාෂිණිය. ඔබටත් මෙබඳු විකාරයක් උනා නේ ද?
ලෝකය ඔබගෙන් පවිත්රිවේ. ඔබ ගැන ජනයන්ගේ කියමන් අපවිත්රත ය, ලෝකයා ඔබගෙන් සනාථ ය, එහෙත් ඔබ ලෝකයාගේන අනාථව වැනසෙති.
(දුර්මුඛ දෙස බලා)
දුර්මුඛ, ලක්ෂ්මණට කියන්න. මේ අභිනව රාම රජ නියම කරයි. (කනට කට ළංකොට) මෙසේ කරන්ට..........
දුර්මුඛ - අහෝ! ගිනි වැදීමෙන් පිරිසිදු බව පෙන් වු ගැබිණියක් ව සිටින දේවියට රජතුමා මෙය කරන්නේ කෙසේ ද?
28 ශ්රී භවභූතීන්ගේ
රාම - අනේ, පව්! නගර ජනපද වැසියෝ දුර්ජනයෝ ය. ඉක්ෂ්වාකු වංශය මහජනයා විසින් සම්මත ය. අභාග්යමයෙන් නින්දා ජනක කථාවක් ඇති විය. ගින්නෙන් පිරිසිදු ව ලබන කාලයෙහි යම් පුදුම සිද්ධි යක් වී ද, බොහෝ දුර දී සිදු වූ එය කවරෙක් විශ්වාස කරත් ද? දුර්මුඛ යන්න.
දුර්මුඛ - අහෝ දේවී! (කියමින් පිටව යයි)
රාම - අතිශයින් පිළිකුල් කටයුතු නපුරෙක් වීමි.
ළමා වියෙහි පටන් පොෂණය කළ යහළුවකු වැනි, මේ ප්රි යාව හුරතල් සතෙකු මසට විකුණන්නා මෙන් රැවටිල්ලෙන් මරුවා වෙත යවමි.
නින්දිත පාපියෙක් වන මම දේවිය වඩා සිටීමෙන් ඇය දූෂණය කරන්නේ කුමට ද?
(මෙසේ හිස ඔසවා සීතාගේ අතින් ඇද)
බොළඳ තැනැත්තිය, නින්දිත ක්රි යාවෙන් සැඩොලකුවූ මා කෙරෙහි ඇලී සිටින්නේ කිම? මා හැරදමව, සඳුන් ගසක යන විමතියෙන් නපුරු විපාක දෙන විස ගසක් වැළඳ ගෙන සිටින්නෙහි ය.
(නැගිට)
අහෝ, අහෝ! දැන් මුළු ලෝකයම විපරිත ය. රාමගේ ජීවත්වීමේ ඵලය දැන් අවසාන ය. පරණ සරු ලෝකය දැන් ශුන්යව ය. සසර නිසරු ය. ශරීරය දර දණ්ඩක් වැනි ය. අනාථ වූයෙමි. කුමක් කරම් ද? යන්නේ කොහේ ද?
උත්තර රාම චරිතය 29
දුක් වේදනාවෙන් ම වෙත චේතනාව, ආයේය. මමයන් පෙළන ප්රා ණය හදවතෙහි වජ්ර කියක් මෙන්! ඇනී සිටියේ ය.
අනේ, අම්මේ, අරුන්ධතී! හා, වසිෂ්ට විශ්වාමිත්ර පින්වතනි! ඕ, පින්වත් ගින්න! අහෝ, මිහිකත හා, ජනක පියාණෙනි! ඕ, හනුමත් මිත්රපය! හා, උපකාරක විභීෂණ! හා, යෙහෙළී ත්රි්ජටා! රාම ගේ විනාශ කාරයාගෙන් මුළා වූවෝ ද? වැසීගියෝ ද? හා! දැන් ඔවුන්ට අඬගසන්ට මම කවුද?
මම නම් කියා අඬගසන ඒ මහාත්මයන් ඒ පාපී දුෂ්ට අකෘතඥයන් විසින් අල්ලා ගත්තා වැනි ය.
මේ මම.........
ස්නෙහයෙන් උරතල මත නිදාගත් ගෙදර සිරිකත වූ ගැබ් බරින් පීඩා විදින ප්රිඋය ගෘහිණිය මස් කන වුනට ගොදුරක් මෙන් හැර දමා දරුණු බවට පැමිණීයෙමි.
(සීතාගේ දෙ පය මත හිස තබා ගෙන)
මේ ඔබගේ පය රාමගේ හිස මත තබන අවසාන වාරයයි. (කියමින් හඬයි) [සැරසුම් හලින්]
නොනැසේවා! නොනැසේවා!!
රාම - ඒ මොකක්දැයි දැනගන්න.
[නැවතත් සැරසුම් හලින්]
ලවණ නම් රාක්ෂ සයා විසින් තැති ගන්වන ලද යමුනා ගං තෙර වසන උග්රබ තපස් ඇති මුනීන් ගෙන් ස්තොම නම් තැනැත්තේ ආරක්ෂායකයා වූ ඔබ කරා පැමිණ සිටී.
30 ශ්රී භවභූතීන්ගේ
රාම - දැනුත් රාක්ෂීසයන් ගෙන් බය මොකද? එසේ නම් කම්භීනසීගේ පුත්රඕ වූ ඒ දුෂ්ටයා විනාශ කිරීමට ශත්රැගඝන යවමි.
(ඉදිරියට ගොස් නැවතී සිට)
හා දේවිය, මෙබඳු තත්ත්ව)යක් ඇත්තී කෙසේ යන්නීද? ඕ මිහිකත, ඔබගේ කිර්තිමත් දුව, ජානකීය, රැකගන්න. ජනක වංශිකයන්ගේ ද, රඝු වංශිකයන් ගේ ද සමස්ත මඞ්ගලයක් වී ද, එය පවිත්රස යජනයෙහි ඒ පින්වතිය ඉපදවීමයි.
සීතා - හා! ආය්ය්ඞ්ග පුත්රනය, පෙම්වත ඔබ කොහේද?
(කියමින් වහා නැගිට)
අනේ චිඃ! නපුරු සිහිනයකින් තැතිගත් මම ආය්ය්ැක පුත්ර යා නොදැක්මෙන් ජීවිතය ශුන්යර වූ සේ සිතමි. අනේ චිඃ! තනිවම නිදන මා හැර දා ස්වාමියා කොහේ ගියේ ද? හොදයි! මට පුලුවන් නම් ඔහුට තරහ බව පෙන්වන්ට ඕනෑ. මේ සේවකයෝත් කොහි ගියෝ ද?
දුර්මුඛ - (පැමිණ) දේවීනී, රථය සූදානම්, දේවිය එයට නැඟේවා යි ලක්ෂ්මණ කුමාරයා දන්වයි.
සීතා - මේ නැගුනා (නැගිට යමින්) දරු ගැබ නලියයි. සෙමින් යමි.
දුර්මුඛ - මෙහෙන් දේවීනි, මෙහෙන් එන්න.
සීතා - රඝු කුල දෙවියනට නමස්කාර වේවා!
(සියල්ලෝ නික්ම යති)
පළමු වන අඞ්කය යි. __________
ද්වීතීය අඞ්කය
සංස්කරණය[සැරසුම් හලින්]
තාපසියට සුභ ගමනක් වේවා!
(දැන් මග සොයන තවුසිය එයි)
තාපසි - ආ! වන දේවතාව, මල් ගෙඩි කොළ ජූජා ගෙන දුර සිට පැමිණී මට ඔප්පු කරයි.
වන දේවතා - (පැමිණ, පූජාවන් තබා) අද මට සුභ දිනයකි. මේ වනය කැමති ලෙස ඔබගේ ප්රවයෝජනයට යොදා ගන්න. සත් පුරුෂයන් හා එක්වීම සිදුවන්නේ පිනකින් මය. තවුසන්ට සුදුසු ගස් සෙවණ, දිය, ආහාරයට උවමනා මෙහි තිබෙන ගෙඩි අල ආදිය ඔබගේ ම ය. ඒ වා අනුන් අයත් නොවේ.
32 ශ්රී් භවභූතීන්ගේ
තාපසී - ඒ ගැන කියන්නේ කුමට ද?
අතිශයින් යුක්ති සහගත පැවැත්ම, විනීතතායෙන් මිහිරි වචනය, ව්රතතවත් බව, ස්වභාවයෙන්ම යහපතට නැමුණු අදහස, වැදගත් පුරුද්ද, පළමුව හෝ පසුව අ විපරිත ස්වභාව, යන මෙයින් අව්යා ජ පරිශුද්ධතාවක් ඇති තවුසන්ගේ රහස්යවය හෙවත් ප්රිමාද දෝෂ රහිත සිල්වත් බව උසස් ලෙස පවතී.
(දෙදෙන වාඩිවෙති)
වන දේවතා - ඔබ කවරක ලෙස හඳුනා ගනිම් ද?
තාපසී - ආත්රෙරය ගෝත්රමයෙහි උපන්නෙමි.
වන දේවතා - ආත්රෙෙයී ආය්යාපව ව, මෙහි පැමිණියේ කුමක් සඳහා ද ? දණ්ඩක වනය සමීප උපවනයෙහි හැසිරෙන්නේ කුමන ප්රඩයෝජනයක් ගැන ද?
ආත්රෙ යී - මේ ප්ර දේශයෙහි අගස්ති ඍෂි ආදී බොහෝ බ්ර,හ්ම විද්යාය දන්නෝ වසති. ඔවුන්ගෙන් සියලු වේදාන්ත ශාස්ත්රි සාරයන් දැනගනු පිණිස වාල්මිකී මුනි සමීපයෙන් පැමිණ මෙහි ඇවිදීමි.
වන දේවතා - වෙනත් මුනිවරුන් වේද ධර්ම.ය උගන්වන වාල්මිකී මුනිහු කරා පැමිණ වේදාන්තය උගන්නා කල ඔබ ඔහු වෙත සිට දේශන්තර වලට යාමේ තේරුම කුමක් ද?
ආත්රෙතයි - ඔහු සමීපයෙහි උගැන්මට බොහෝ උපද්රාව ඇති බැවින් මේ ඉතා දීර්ඝල ගමන නිශ්චය කරගන්ට සිදුවිය.
වන දේවතා - මොනව ද ඒ කරදර?
ආත්රෙවයි - ඒ භවතාට කවුදෝ දේවතාවකු විසින් යම්තම් කිරිවැරූ වයසේ සිටින පුදුම එළවන දරු දෙදෙනෙක් ගෙවුත් දෙන ලදහ. එයින් ඒ භවතාගේ පමණක් නොව තිරිසනුන්ගේ ද සිත් ස්නේහයෙන් බැඳී තිබේ
උත්තර රාම චරිතය 33
වන දේවතා - ඔවුන්ට නම් දී තිබේ ද?
ආත්රෙවයි - ඒ වන දේවතාවා විසින් ඔවුන් දෙදෙනාගේ මහිමය ද, කුශ - ලව යන නම් ද කියන ලදී
වන දේවතා - මොන වගේ මහිමයක් ද?
අත්රෙවයි - ඔවුන්ට රහස් සහිත ‘ජෘම්හක’ නම් ආයුධ පාවිච්චි ජන්මයෙන් ම ලැබී ඇතැයි කියති.
වන දේවතා - ආඃ! භවතී, පුදුමයක් නොවේ ද?
ආත්රෙවයි - භවත් වාල්මිකි ඔවුන් දෙදෙන භාරගෙන ධෘතියක [ආයා] වශයෙන් කළ යුතු පොෂණය හා රැකබලාගැනීමද කරයි. චූඩාකර්මෘය නිමකිරීමෙන් පසු, වේදත්රැය හැර අනෙක් ආයුර්වෙ ද - ධනුර්වෙචද - ගන්ධිර්ව- වේද [සංගීතය] යන තුන මහත් සැලකිල්ලකින් උගන්වන ලද්දේ ය. ඉන්පසු උත්පත්තියෙන් එකොළොස් වන වර්ෂුයෙහි ක්ෂදත්රිියයනට සුදුසු පරිදි උපනයන සංස්කාරය කොට වේදතය ද වාල්මිකී විසින් ම උගන්වන ලද්දේ ය.
මේ මහත් නුවණ ඇති ඔවුන් සමග අප වැනි අයට ඉගෙන ගන්ට සමත් කමක් කෙසේ ඇද්ද?
ගුරුවරයා නුවණැත්තාට මෙන් ම මෝඩයාට ද එකසේ ශාස්ත්ර ය උගන්වයි. මෝඩයාගේ නුවණෙහි විශෙෂ ශක්තියක් එයින් නොහට ගතියි. නැණවති අපූරු දැනීමක් එයින ලබයි. මෙස් ඉගෙණීමේ ඵලය පිළිබද මෝඩ - නැණවත් දෙදෙනා අතර මහත් වෙනසක් ඇත්තේ ය. මැණිකෙහි ඡායාව වැටෙයි. එහෙත් මැටි ගුලියේත් ඡායාවක් වැටේ ද?
වන දේවතා - මේ ඉගෙනීම ගැන කල්පනයකි
ආත්රෙවයි - අනිකක් ද වේ.
34 ශ්රීර භවභූතීන්ගේ
වනදේවතා - ඒ කුමක් ද?
ආත්රෙතයි - දිනක් ඒ වාල්මිකි මුනි මධ්ය හ්න වේලාවේ කටයුතු සඳහා තමසා නදියට ගියේ ය. එහිදී එක්ව සිටි සක්වා යුවලකින් එකෙක් වැද්දකු විසින් විද මරණු දුටුවේ ය. එයින් හටගත් ක්ෂ ණික උද්වේගය ඉබේ ම අනුෂ්ටුබ් ඡෙන්දාේමය කවියක් බවට පෙරලී ඔහුගේ මුවින් පිටවිය.
එම්බා ව්යා්බය, කාමයෙන් මුග්ධව සිටි සක්වා යුවලින් එකකු මරා දැමූ තෝ සදා කාලයට ම ප්රදතීෂ්ටා විරහිත ජඩයෙක් නොවූයෙහි ද?
වන දේවතා - වේදය හැර වෙනත් අභීනව පද්යතයක ආරම්භයකි.
ආත්රෙවයි - ඉන් කලකට පසු නිෂ්පාදක භගවත් බ්ර්හ්මයා සත්යස වචන ප්රතකාශ කරන ඒ මුනිතුමා වෙත පැමිණ මෙසේ කී ය. ඍෂිය, ශබ්ද ලක්ෂහණ බ්ර හ්ම තත්ත්වණයෙහි ප්රසබුද්ධ භාවයට පැමිණියෙහි. “ඍෂින් සම්බන්ධච මහත් ආලෝකය ඔබගේ යොගඥත නමැති ඇසට පැමිණේවා! එහෙයින් රාම චරිතය රචනා කරන්න. ආදිම කවියා වෙහි” කියා අතුරු දන් විය. අනතුරුව මිනිසුන් අතර පළමුව ශබ්ද බ්රටහ්මතාව ලත් ඒ වාල්මිකි මුනි එබඳු විෂම කරුණු නිසා හටගත් ඉතිහාසයක් වූ රාමායණය රචනා කෙළේ ය.
වන දේවතා - පුදුමයි, ලෝකය ද පණ්ඩිත විය.
ආත්රෙවයි - ඒ නිසාමයි එහි ඉගෙනීමට මහත් අවහිර ඇති බව කීයේ!
වන දේවතා - සුදුසුයි.
උත්තර රාම චරිතය 35
ආත්රෙියි - විඩාවට පත්වීමි. සුන්දරිය, දැන් අසපුවට මග පෙන්වන්න.
වන දේවතා- මෙතැනින් පඤ්චවටියට ගොස් එතැන සිට ගොදාවරී ගං ඉවුර දිගේ යන්න.
ආත්රෙදයී - (කඳුළු හෙලමින්) එය තපෝ භූමියක් ද? මෙය පඤ්චවටිය ද? මේ ගඟ ගොදාවරිය ද? මේ ප්රවසුවන පර්වලතය ද? ඔබ ජනස්ථානයේ වන දේවතා වූ වාසන්නි ය ද ?
වන දේවතා - ඒ සියල්ලම එසේමයි.
ආත්රෙවයි - හා දරුව, ජානකී!
මේ පෙනෙන්නේ ඔබගේ ප්ර ශ්න ප්රහතිප්රලශ්න කථාවන්ට සුදුසු වූ ප්රිිය ගස් වර්ග් ය. නාම ශේෂ වූ ද ඔබ දැන් අපට ඇස් ඉදිරියේ පෙනී සිටින්නාක් මෙනි.
වාසන්ති [වන දේවතා] – (භය වී, යටි හිතින්)
ඇය මැරුණේ කෙසේ ද? (එලි පිට) ආය්යාඇස් ව, සීතා දේවියට කුමන අනර්ථරයක් වී ද?
ආත්රෙරයී - අනර්ථියක් පමණක් නොවේ. අපවාදයක් ද....... (කනට මුව ළං කොට) මෙබන්දක්!
වාසන්ති - හා, දෛවය ඇයට තද පහරක් දී තිබේ!
(කියමින් සිහි නැතිව වැටෙයි)
ආත්රෙියි - භද්රාිව, සැනසෙන්න! සැනසෙන්න!!
36 ශ්රී. භවභූතීන්ගේ
වාසන්නී - හා! ප්රි ය යෙහෙළියය, ඔබගේ ඉරණමත් මෙසේ වී ද?
අහෝ! රාම! නෑ ඔබගෙන් කමක් නෑ! ආත්රෙියි ආය්යාගේ ව, ලක්ෂ්ඇමණ වනය හැර ගිය පසු සීතාව කුමක් වූයේ ද යන්න ගැන කිසි ප්ර වෘත්තියක් වි ද?
ආත්රෙැයී - නැත, නැත!
වාසන්තී - කෂ්ටයි, අරුන්ධතී හා වසිෂ්ට අරක් ගත් අප පවුලෙහි වැඩිමහලු රාජිනියන් ජීවත්ව සිටියදී මෙවැන්නක් කෙසේ සිදුවී ද?
ආත්රෙහයි - එකල දෙමාපියෝ ඍෂ්යස ශෘඞ්ගයේ යාගයට ගොස් සිටියහ. උන් දොළොස් අවුරුදු යාගය අවසානයට පත්විය. ඍෂ්යය ශෘඞ්ග ගුරු ජනයන්ට ගෞරව කොට පිටත් කෙළේ ය.
ඉන්පසු අරුන්ධතිය “මම සිතා නැති අයොධ්යෝ නගරයට නොයමැයි” කීවා ය. ඒ කතාව රාමගේ මව විසින් ද පිළිගන්නා ලදී.
එයට එකඟවීමෙන් භගවත් වසිෂ්ට ද “වාල්මිකීගේ අසපුවට ගොස් වසමු” යන අදහස ඇතිකර ගත්තේ ය.
වාසන්තී - ඉතින් රාම කුමක් කරන්නේ ද?
ආත්රෙතයි - ඒ රජ ප්රකධාන යාගය වූ අශ්ව මෙධ යාගයක් කරන්ට පටන් ගත්තේ ය.
වාසන්ති - හා චිඃ, විවාහය!
ආත්රෙතයී - පව්, නෑ නෑ!
උත්තර රාම චරිතය 37
වාසන්තී - එසේ නම් යාගයෙහි ධර්ම පන්තිය [ගෘහිණිය] කවුද?
ආත්රෙතයි - සීතාගේ රන් රුවක් ගෘහණිය කළා.
වාසන්ති - අහෝ භවතීය!
වජ්ර්යට ද වඩා තද, මල්වලට ද වඩා මොළොක් ලෝකොත්තර පුද්ගලයන්ගේ සිත් කාට නම් දැනගත හැකි ද?
ආත්රෙලයි - වාම් දේවයන් හා සාකච්ඡා කොට, යාග අශ්වයා මුදා හරින ලදී. ශාස්ත්රනයෙහි නියමිත පරිදි ඒ අශ්වයා ආරක්ෂාච කරන්නන් ද නියම කරන ලදි.ඔවුන්ගේ ප්රතධානියා ලක්ෂ්ාමණ් ගේ පුත්රි චන්ර්න කේතු ය ඔහුට දිව්යදමය ආයුධ සමග සිව්රග සෙනගද පවරාදී යවන ලදී.
වාසන්තී - (සතුටු සහිත කුතුහලය සහ කඳුළු ද ඇතිව ලක්ෂ්රමණටත් පුතෙක්! මෑණියෙනි, ජීවත් වෙමි.
ආත්රේයි - මේ අතර බමුණකු විසින් මළ පුතා ඔසවාගෙන රජගෙදර දොරටුව ළඟදී පපුවට ගසා ගනිමින් “අබ්රුහ්මණ්යා” [මොහු නොනැසීය යුතුය] යයි ඝොෂණය කරන ලදී. ඉන්පසු රජුගේ වරදක් නැතිව ප්රුජාවන්ට අකාල මරණ නොපැමිණේ යයි කාරුණික රාමභද්ර් තමාගේ වැරදී විමසමින් සිටින කල, වහාම දිව්යජමය වචනයක් ඇසෙන්ට විය.
“ගම්බුක නම් වසලයෙක් පෘථිවියෙහි උග්ර තපසක් කෙරෙයි. රාම, ඔබ විසින් ඔහුගේ හිස කපා දැමීය යුතුයි ඔහු නසා බමුණා ජීවත් කරව” යනු ඒ වචනයි. මෙය ඇසූ හැටියේම රාම කඩුව කොපුවෙන් ඇදගෙන ‘පුෂ්පක’ නම් රථයට නැග සියලු දිසා විදිසාවන් හී එඒශුද්රනයා සෙවීම පිණිස ඇවිදින්ට පටන් ගත්තේ ය.
38 ශ්රී. භවභූතීන්ගේ
වාසන්ති - යටිකුරු වී දුම් බොමින් සිටින ශම්බුක නම් සැඩොලා නම් ජනස්ථානයෙහි ම තපස් කෙරෙයි. රාමභද්ර නැවතත් මේ වනය අලංකාර කෙරෙයි ද?
ආත්රෙරයි - භද්රරව, දැන් යන්නම්.
වාසන්තී - ආත්රෙ යී ආය්යා නැ ව, එසේ වේවා! දවසද මෝරා ගියේ ය.
ගං ඉවුරේ ගස්, ඇතුන්ගේ කපෝලයන් ඉලීමෙන්, හටගත් සෙලවීමෙන් හා උණුසුමින් තටු ලිහිල් වි යාමෙන් ද ඇද හැලෙන මල් ගෝදාවරී නදියට පුදයි. අව්වෙන් පීඩාවට පත් පරෙවියෝ ද වලිකුකුලෝ ද ගස් වදුල් වලට වී බිම පහුරු ගා කෑම සොයමින් හඬගති.
(දෙදෙනා පිටව යති)
ශුද්ධ විෂ්කම්භය යි.
⋆
(දැන් කාරුණික වූව ද කඩුව ඇදගත් රාම එයි)
රාම - ඕයි දකුණු අත, මළ බමුණා දරුවා ජීවත් කරනු පිණිස සැඩොල් තවුසා කෙරෙහි කඩුව මෙහෙයව. රාම ගේ අත නොවේ ද? ගැබ් බරින් සිටි සීතා එලවා දැමීමට දක්ෂව වූ ඔබට කරුණාවක් නම් කොයින් ද?
(දුක සේ පහර දී)
රාමට සුදුසු වැඩය කළා. ඒ බමුණු දරුවා ජීවත්වේ ද?
උත්තර රාම චරිතය 33
දිව්ය පුරුෂයා - (පැමිණ) දේවයිනි, දිනාවා!
ඔබ අභය දුන් කල්හි දඬුගත් යමයාගෙනුදු මේ දරුවා පුනර්ජීවය ලැබීය. මෙය ඔබගේ ම ඍද්ධියකි ඒ ශම්බුකයා ඔබගේ පා වැඳී ය. සත් පුරුෂයන් හා එක්වීමෙන් මරණයෙනුදු එතෙර විය හැක.
රාම - දෙකම අපට ප්රිදයයි. එහෙයින් උග්ර. තපෙසෙහි ඵල විඳීවා!
යමෙකු කෙරෙහි තම අත් දැකීම් වලින් හටගත් ප්රීයතියත්, දිව්ය සැප විඳීමෙන් හටගන්නා ප්රීැතියත් වේ ද, දිව්යහ සම්පත් පවිත්ර ද, ඔව්හු වෛරාජයෝ ය. ලෝකයා ඔවුන්ගේ තෙජෝ බලයෙහි විකෘතියකි. ඔවුනට යහපතක් ම වේවා!
ශම්බුක - ස්වාමීනි, මේ මහිමය ඔබගේ අනුග්රඔහයෙන් ම ය. මෙහි තපස් කිරීමෙන් කිම? නෑ! තපසින් මහත් උපකාර යක් ලැබින. ලෝකයෙහි සියල්ලන් පිහිට සොයන සර්ව! සත්ත්වාතධිපතියා සෙවිය යුත්තෙක් වේ. වසලයකුවූ මා සොයමින් යොදුන් සිය ගණනක් ගමන් කොට මෙහි පැමිණියේ ය. එය තපසෙහි ම අනුග්ර හයෙකි. නැත්නම් අයොධ්යාැවෙහි සිට දණ්ඩක වනයට නැවතත් ඔබගේ ඒමක් කෙසේ වේ ද?
රාම - ආ! මේ දණ්ඩක වනය ද? (වට පිට බලා) හා! කෙසේ ද?
කිසි තැනක සිනිඳු නිල් පැහැය. කිසි තැනක සිත කළඹන විශාල එලිමහන් තැනිතලා ය. තැනින් තැන පවතින හඬන කුඹුක් ගස් ය. ගර ගර හඬ නගමින් ගලා බසිනා දිය ඇලිය. ගංගා - වළවල්- කාන්තාර යන මෙයින් මිශ්රනව තිබෙන ආශ්රහම සහිත පර්වවත ය, යන මේවා පෙර පුරුදුකම් ඇති දණ්ඩක වන භූමියෙහි දක්නා ලැබේ.
40 ශ්රීශ භවභූතින්ගේ
ශම්බුක - මෙය දණ්ඩක වනයමයි. දේවයන් පෙර මෙහි සිට පුරුදු ය.
ඔබතුමා විසින් පෙර මෙහි දී දහ හතර - දහස් දහ හතර දෙනෙක් රකුසෝ ද, දූෂණ - ඛර - ත්රිහ මූර්ධද යන තවත් තුන් දෙනෙක් මරණ ලදහ. එසේ හෙයින් ම මා වැනි ගැමියනට ද මේ ශුද්ධ භුමියෙහි කිසි බයක් සැකක් නැතිව හැසිරෙන්ට පුලුවන් විය.
රාම - දණ්ඩක වනය පමණක් නොවේ . ජනස්ථානයද මෙහිමය.
ශම්බුක - එසේමයි! හැම සතුන්ගේ ලොමු දැහැගන්වන මත් වූ නපුරු සිවුවා සමූහයා විසින් අරක් ගත් බිහිසුණු ගල්ගුහා ඇති ජනස්ථානය හාත්පසින් විහිද යන විශාල වන රොදවල් දකුණු දිගට පැතිර යයි. ඔව්! එහි.........
කිසි තැනක සිවුපාවුන් ගල් ගැසුනාක් මෙන් නිශ්චලය. කිසි තැනක නපුරු සතුන්ගේ බිහිසුණු හඬ ය. කිසි තැනක මහත් සේ දරණ ලා කැමති සේ නිදන සර්පසයන්ගේ ශ්වාස මාරුතයෙන් නැගෙන ගිනිය. කිසි තැනක ජලය නැති බැවින් සතුන්ගේ ගුහා මැදට ගිය පිපාසිත කටුස්සෝ පිඹුරන්ගේ දාඩිය බොති.
රාම - පෙර වැස පුරුදු ගෙය වූ ජනස්ථානය පෙනේ. එකල වූ සිද්ධීන් ද සිහියට නැගේ (හාත්පස බලා) ජානකීය විසු ප්රිිය ආරාමයන් ද පෙනේ- මේවා කාන්තාරයෝ ය. මෙයට වඩා බිහිසුණු දේත් තිබේ ද?
(හඬමින්)
උත්තර රාම චරිතය 41
මල් සුවඳ හමන කැලෑවල ඔබ සමඟ සිටිමි යි කියන්නා ක් මෙන් ප්රීසතිය රමණය කෙරෙයි. ඇගේ ස්නේහය එබඳුයි.
යමෙකුට යම් ජනයෙක් ප්රි ය වේ ද, ඔහු කිසි කාරණයකින් කිසිවක් නොකරන්නේ නමුදු දුක් දුරු කරයි. ඔහු එයින් ප්රීසති වනු ලබන්නාට වචනයෙන් කිව නොහැකි කිසි වස්තුවකි!
ශම්බුක - එහෙයින් මේ ළං විය නොහැකි දේ කුමට ද? නමුත් මේ මදමත් මොනරුන් ගේ ගෙළ මෙන් කෝමල කාන්තියෙන් කෙළවර තෙක් විසිර සිටිනා, ගනව වැඩීගිය, මහත් නිල් පැහැයෙන් යුත්, හෙවණ වූ ගස් රාසියෙන් සැරසුණු තැතිගත් නොයෙක් මුව සමූහයා ගෙන් පිරුණු සිවුපා සමූහයාට පිහිට වූ ප්ර්ශානිත ගම්භීර වූ මහා වනයම පින්වත් තෙමේ බලාවා.
මෙහි මදමත් පක්ෂීව සමූහයා ලැග සිටින, පිපුණු මල් පොකුරු වලින් සුවඳ විහිදෙන ජල වේතස ගස් ද, ඉදී නිල් වී ගිය ගෙඩි වලු වලින් බර වූ දඹ පඳුරු වල පැකිලෙමින් ගඩ ගඩා හඬ නගමින් සිහිල් දිය දහර ඇදගෙන ගංගා ගලා බසී.
තවද, මෙහි ගුහාවල වසන වසලසුන්ගේ මහත් සේ පැතිර යන කාරන්නාක් වැනි ශබ්ද, දෝංකාරයෙන් ගැඹුරට වැඩී යයි. ඉත්තෑවන් විසින් සපාකන ලද එහෙයින් ම නොයෙක් තැන විසිර ගිය හිගුරු පියවිලි වල සිසිල් කුළු කසට රස යුතු යුස වල සුවඳ විහිද යයි.
රාම - (කඳුළු හෙලමින්, ගල් ගැසී සිට) ඔබට දේව ලෝක මාර්ග ය [දෙව් ලොවට යන මග] නිරුපද්රැසත වේවා! ඒ ඒ පුණ්යබ ලෝකයන්හි සැඟ වී ගන්න.
42 ශ්රී භවභූතීන්ගේ
ශම්බුක - පැරණි බ්රීහ්මර්ෂියෙකු වූ අගසතීන්ට වැඳ සදා කාලික තත්ත්ව ය ලබමි.
(කියමින් පිටව යයි)
රාම - පෙර වසන්ත කාල වල බොහෝ සේ ගත කළ මේ වනය අද අලුත් වූවාක් මෙන් දකින්ට ලැබුනේ කෙසේ ද?
ස්ව ධර්මෙයෙහි ඇලුණු අපි වන වැසියන්ගේ ද, ගෘශපතියන්ගේ ද සංසාර ගත සැප දුක් වල රස දන්නෝ වෙමු.
මොනරුන් නද දෙන මේ පර්වෙත ඒවා මය. මත් මුව යුගලයන්ගෙන් රමණීය මේ වන ගොමු ඒවා ම ය. මනෝ හර ලීය මඩු, ලිය ගවෙල් ද ඒ වාමය. බක්මී කුඹුක්, මිදෙල් ඈ ගස් බහුල ගං ඉවුරු ද ඒවා ම ය.
ඈත වැහි වළාකුළක් මෙන් පෙනෙන්නේ ඒ ප්ර,සුවන පර්වසත යයි. හා, ඒ ගෝදාවරී නදිය එහි නොවේ ද?
එහි උස් මුදුනෙහි ශෘධ්රෙරාජයාගේ වාස භවනය විය. එයින් පහත කොළ අසුරා තනාගත් කුටි දෙකක අපි විසුවෙමු. එහි ගෝදාවරී ගඟ දියෙහි පැතිර යන ගස් වල නිල්වන් පැහැය දිස් වේ. ඒ තුළ කුරුල්ලන් ගේ දොඩමලු නාද ඇත. ඒ වනය ඉතාමත් රමණීය ය. ඒ පඤ්චවටිය ද එහි ම ය. එය අපගේ නානා ප්රාකාර ක්රී ඩාවන්ට සාක්ෂිස දරණ ස්ථානයක්වා මෙන්ම බොහෝ කලක් වාසය කළ තැනක් ද වේ . ප්රි යාවගේ යෙහෙළිය වූ වාසන්තී නම් වන දේවතාව වසන්නේ ද එහි ය. හා දැන් මේ රාමට කුමක් සිදුවී ද?
උත්තර රාම චරිතය 43
දැන් නම්........
තියුණු විසක පැතිරීම වැනි බොහෝ කලක් පවත්නා වේදනාවක ආරම්භයකි. කිසි හේතුවකින් එය සංවේග නමති ඊතලයේ කැබැල්ලක් මෙන් පවතී. එය හටගත් ගෙඩියක පිපිරීමක් මෙන් මර්ම්ස්ථානයන් පෙලයි. මෙසේ පෙරදි සිදුවූ ඒ ශෝකය අලුත් උනාක් මෙන් මා විකාරයට පමුණුවයි.
එසේ වුවත් පෙරදී වාසය කළ ඒ භූමිභාගයත් යහලුවාත් බලමි. (බලා) අහෝ! සත්ත්වභයන්ගේ පැවැත්ම අනියතය, අස්ථිරය.
එසේමයි.
පෙරදී ගඟ දිය පාර ගලා ගිය තැන දැන් වැලිතලා ය. ගස් වල ගන බව හා තුනී බව ද විපය්යාග ස විය. බොහෝ කලක් දැක පුරුදු මේ වනය දැන් අනෙකක් මෙන් වැටහේ. පර්වවතයන්ගේ පැවැත්ම නම් එසේමය යන හැගීම දැඩිවෙයි. [ඒවා වෙනස් වී නැත යනුයි.]
අහෝ! අහෝ!! හැරදමා යනු කැමති වුවද මේ පඤ්චවටිය ප්රේවම බලයෙන් මා අදින්නාක් මෙනි.
(ශෝකයෙන්)
අනේ! ජානකීය සමග සිය ගෙදර මෙන්ම මෙහිත් යම් කලක් ගත කෙළෙම් ද, යම් යම් දේ පිළිබඳ කතා කියමින් බොහෝ වේලා සිටියෙමි ද, දැන් ඒ ප්රිබයාව නැති කර ගැන්මෙන් තනිවුණා පාපී රාම පඤ්චවටිය බැලුවත් මොකද? හැර දමා ගියත් මොකද?
44 ශ්රී භවභූතීන්ගේ
ශම්බුක - ජයවේවා දේවයිනි, අගසති මුනිතුමා ඔබගේ පැමිණිම මා වෙතින් අසා මෙසේ කිය. ආදරණීය ලොපාමුද්රාග හා සියලු මුනිවරයෝ පූජා ද්රජව්යආයන් සාදා ගනෙ ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙති. මෙසේ ද කියති. “එන්න, අප ගැන සලකන්න. ඉන් පසු වේගවත් පුෂ්වක රථයෙන් ස්ව දේශයට ගොස් අශ්ව මේධ යාගය සූදානම් කරන්න.”
රාම - පින්වත් මුනිහුගේ නියමය ඉටු කරමි.
ශම්බුක - මෙසේ එන්න රජතුමනි, මෙසේ එන්න.
රාම - (එථය පදවමින්) ඕ, පඤ්චවටී! ගුරුතුමාගේ නියමය වැරද යන බැවින් රාමගේ හැරදමා යාම ටිකකට ඉවසන්න. ඔහුට සමාව ද දෙනන්.
ශම්බුක - රජතුමනි, බලන්න.
වන ගොමු තුළ වූ ගුහා ගස් බෙන ආදියෙහි සිට කෑ ගසන බකමුහුණන් හා බස්සන ඇති, පවතින් හඬන උණ දඬුවල මහත් නාදයෙන් ගොලු වී සිටින මෞකුලී සමූහයා ඇති මේ ක්රෞවඤ්ච නම් පර්වෙතය බලන්න.
මෙහි පැතිර යන මොනර නාදයෙන් තැතිගත් සර්පයයෝ දිරා ගිය රත් හඳුන් කඳන් වෙලා ගනිති.
තවද, මේ ගල් කුහර වල ගඩ ගඩ හඩ නගන්නේ ගෝදාවරී ගඟෙහි ජල ධාරාවෝ ය. වැසි වළාකුළු වලින් මුදුන් වෙලා ගත් මේවා දකුණු දිග පවර්ත යෝ ය. රැළින් රැළ ගැටීමෙන් විසිරී කැරකී හඬ නගන්නේ දෙ ගං හමුවන තැනකි. [ගංගා දෙකක් එක්වන තැනකි]
(සියල්ලෝ පිටව යති)