ඇහැළේපොළ වර්ණනාව-iii

201 දහස් ගණන් දෙමළුන් වනසා ලා-ලොව

යසස් පතළ කළ සඳහර ලී ලා

වෙසෙස් ගුණැති යුවරද මෙ අසා ලා වැඩ

ත ඇස් දුටොත් යෙයි මද වැනසී ලා


202 නු රා අනගි කෙළියට සිත ලොබි නේ - උර

උ රා අදර පානය කර සොදි නේ

ඇ රා මෙ අප දැන් නොවඩින සඳි ගන් - මගෙ

මෙ රා දුකට කොහොමද සකි ඉති නේ


203 සයන අරා ඉඳ නෙත නොව නි න් දේ - රත

ලවන උරා බී වත සිඹිමි න් දේ

මෙදින මහිමි වෙනතක කල්බැ න් දේ - පිරි

දෙකන කෙසේ නළවමි මිතුරි න් දේ


204 අල්ලා පිරි පියයුරු රනකු ම්බා - නොව

මැල්ලා සිඹ උවනත සිසි බී ම්බා

ලොල්ලා වම විඳි සැප සකි එ ම්බා

සල්ල ලය වියො වැඳ ගියෙ ත ම්මා


205 මී න කොඩිය බැඳ සත කර සේ පා - නල

යා න නැඟී විදි සැර කී පා

මා න උතුම් හිමි දුන්මෙවිලා පා - මිස

තේනු නොසිත වැගනැති ඉඟුවා පා


206 නගි මින් නලරිය මීන කොඩි බ න්දා - එනු

මගි මින් වැඩියොත් බොල එරති න්දා

දෙම එන් හැම බැඳ බැඳ කළ නි න්දා - තට

සඳ හන් නොව යුධයට එනු කි න්දා


207 රූබර පින් ඇති යුවරද සොඳු රූ - සිත

මා ඇර දැන් කෙරුවත්කම් නපු රූ

පා කර මින් දුසිරිත රිටු රුදු රූ - සිරි

දී රැක දෙන් තෙදසුන කඳ කුම රූ

‍ 208 සුපුන් නනේ සිඹ සිඹ වඩමින් සිතු පේ මා - නිතින් වැස

අතින් වැලඳ ගෙන උරමින් නවනක බෝ මා - විඳපු සැප

සිතින් සිතාවත් දැන් නොවඩින කොට මේ මා - ඉතින් මා

විඳින් නෙ කෙළෙසද යුදයට පත්විය කා මා


209 සා රා සුපුන් සඳ සත කර මින් දද න භවා - දරා සැර

අ රා නලසු ඉඳ සැව ගෙන රුපුදරග භවා - නොදී ඉඩ

පු රා විදිය ළැම සැරපස ලෙස සිරි ර භවා - අනේ සකි

මෙරා දුකෙහි දැඩිකම කිය ගොස් නොමස භවා


210 මෙ රද මෙන් නලසුන් නගිමින් බල පෙ න්නා - රොසා කර

පත්සැරයෙන් විදිමින් මදනින් ද නො දෙන්නා - වි සා ර ද

පින් ඇතියන් බසකින් වැස රන් රස මෙ න්නා - වැදී දුක

මම මෙ සුපුන් තන දැන් නළවම් කෙලෙසි න්නා


211 කූට මද න විත් රෑට විදිය සැර කු න්දා - වෙනම ඉඳ

පීට ඇතැයි නුඹලාට මිතුරුවම නි න්දා - විසාරද

මීට පුරුදු සමිඳාට කියා එන මෙ න්දා - විඳිනු බැරි

ඊට දෙයක් දෙනවාට හැකිය අපස න්දා


212 ගොල්ල කියන බස් ටිකවත් නොමගෙන බා ලේ - එකතුවම

කෙල්ල නුමුත් වෙත දවසැරියෙමි නොව කෝ ලේ - එසිහි නොව

එල්ල වෙලා දැන් වෙසින් වෙතටම ආ ලේ සකිය නුඹ

පල්ල විළින් බැරි සැරි සරි ගෑනුන් ආ ලේ


213 මා ලේ කරලා බඳ සිප වැළදන කොමළ තින් - එකතුවම

කොලේ නොව රතිසැප විඳ පුරුදුව මනම තින් - දවස් ඇර

ආ ලේ කර වෙනතක කල්බැඳ ගනාබලා නෙතින් - මෙසේ මට

සී ලේ ඉන්නට ඇරියාදෝ තනිකර ඉතින්


214 රූපත් කම දුටුවම එක්වී පෙම් බැඳ සි තු - ළඟා‍ කර

පෑලත් සිව් සැට රතිසැප විඳ කරගන ත තු - පණසෙ වැස

නෑවිත් අතරක දුක් දෙති නොවිඳිය හැකි යු තු මෙ දුටු අය

පෝසත් තැනකට කල් නොබඳිව මා දැක ම තු


215 ක ලා සපිරි සඳයුරු වත සිඹ සිඹ නොව මුළා - වෙලා ලොබ

ම ලා නිකව යනතුරු සැප විඳ රනරස තු ලා - නිඟා කර

වේලා වෙනත සිත නොවැඩම මදහුට අසුවෙලා - නොවී නිදි

බ ලා ඉඳිනු කිම සකියනි යෙයිවද පණන ලා


216 කා ම සැපට පත්වී බසසා වේසා ළ ‍ෙඳ් - ළභාව ම

මේ ම කළත් මට මදහුට අසු කරලා ව‍ෙඳ් - අනේසකි

සෑ ම ඉසරු වඩවා පිළිමල් හරවා ඔ දේ - පෙමා කර

රා ම සිරිඳු සිරිසෙත දෙන් මහිමිට හැම ස ‍ෙඳ්


217 සේපයෙන් සතලා මින කේතන නංගවා සරොසින් පියසේමේ

මානයෙන් විදිමින් සැර ගන්මින කෝපයෙන් ම සටන් තිය යා මේ

යානා ඉන් නටමන් විලසින් බැරි රාගගින් වැදනෑ සැනසීමේ

මෙලෙසින් මටවු දුක මාසකි තෝ ගොසින් කියා පා වැඳලා මේ


218 කැත් ක ලා පති ගත් හිම් දෙත් සඳුනුන් එලාගය වී අමනා පා

පුත් නි ලා පස රත් ගෙන පත් වම සිත් වෙලා රොසසෙන් බල පාපා

නෙත් නෙලා නිදි ගත් යස නත් විසුවත් බලා යුදයෙන් දෙය තා පා

සිත් වෙ ලා වඩිතොත් කිය උත් තම ගත් දූලා යුවරජ නිකෝපා


219 රාගයෙන් උමතුව මා පෙර ගෙන්නවා විඳලා සැන සී මේ

යාන තේ එක ජීවිත සේ වැසලූ ගෙලේ අත රෑ නුමුදු මේ

පීනවා රති සාගරයේ බැසලා නෙතෙන් තවමින් ළැම බෝ මේ

නේ නවා මිස මා අත වූ දොස කෝකදෝ නෙදනෙය් සකි පේ මේ


220 නාද කෝකිල සේ පිසසුන් හඩසේ කනේ වඳිනේ නොව පේ මේ

වාද වූ මදනා විදිනා පසරේ සැරේ වැද නේ සැනසී මේ

බේද වී දුදනා බසසා යුරරජාසේ කර නේනු මෙසේ මේ

සාද වී තො ගොසින් වැඳ පා යුගලේ වැටී කිය බෑ සැනැසී මේ


221 ගාන විණ න‍ෙඳ් නොමනා විය සේ ඇනේ

කටු යානත කු න්දා

මීන කේතන නංගවමින් දද සේපනේ

සතලා මනන න්දා

මේ තනේටම මාන තබා විදලා සැරේ

නේනේ නෙතනි න්දා

තෝ අනේ මිතුරේ නො පමා යුවරාජ

පූජිතයා වර කැ න්දා


222 පෑනොයෙක් මායම් සිත සේ වැසලා දිනා යුදයෙන ඉඟු සැ ව්වා

බෝදෙයක් සාදා දෙනවත් ඇර ඈ තවත් සුරතල් බස් කී ව්වා

මා මෙතෙක් කල දුන් පහසේ රස බෝ නිසා දුන් තෑගි ද මෙ ව්වා

ඒ කමක් නොව මේ සරදම් කරවාලුවේ වේසාවින් ල ව්වා



223 මන්මදා නගිමින් නලසුන් බැඳ මින්දා දා සරොසින් බැණ වා සී

රම රඳා‍ යුදවන් විල සින් පසරින්වි දා කරනෙන් එ මුළා සී

මම එදා සුපසන් වම දුන්ප හසින් මෙදා සැලකුම් නොව පෑ සී

පින්මදා මට වෙන් කුරුකම් කෙළෙ දැන මෙදා මේ දුකින් මුදසී සී



224 සත් රැ සේ දෙන නන් ඉසුරෙන් යදි සිත් ලෙසේ දෙවමින් පොදි බ න්දා

කොත් ලෙසේ විකුමෙන් තෙදණින් රුපුවන් මැතේ මඩිමින් ලුහුබ න්දා

යුත්වි සේ සය පින් හි උතුම් අප රාජසේකර වූ මෙ පබ න්දා

සිත් තොසේ කරමින් පවතින් යස කිත් රැසේ කියවා කවිබ න්දා


225 පුන් සිසි කැලුම් රිවිසෙ තාපා වුණෙය හත් සළු බනේ වී නොමනා පා

මන මඳ රොසින් ම ඉඟු වාපා රැගෙන පන් සැර විදින්ට වනි කෝ පා

උන් ඇඳ සමන් අතුළ ඒ පා වුනේය මෙන් කටු තදින් විදිය කී පා

පින් මඳ කමින් විද මෙ ප පා ඉදිමි දැන් යුව රජුට වම ඒ පා


226 පුන් තන තදින් අතිනි අල්ලා වැළඳ පෙම් රත ලවන් කරම පා නා

වෙන් නොව රසින් මුසු තෙපුල්ලා දෙමිනි ළං කර තබා මුහුණ් මු ණා

දු න් හිමි තොසින් සඳුන ගල්ලා දෙතන මන් ලෙස සුරති සයුර පී නා

උන් මට වෙමින් මෙ මැසවිල්ලා කිය ගොසින් එ යුවරජුට අසමා නා


227 සරා සඳ කරන හිර වරණා මදහු අරා ඉඳ ගන එකම වර ණා

ද රා ඉඟු චාප දවටමි නා පසර තරා සව විදිය වෙනු ලෙසි නා

නුරා රස විඳපු මන මතිනා මහිමි ඇරා ගොස් නේනු උදහසි නා

දරා ‍ මෙවියෝග දුක මෙදිනා විඳින අරා ජිතකම කියව ගොසි නා



228 ද දේ බැඳ මකර තම වරණා නො හැර ස‍ෙඳ් සතලවා මද රොසි නා

කො‍ෙඳ් තුරු සුසැදි දළ යානා ඉදිනු නොදේ විද රැගෙන සැර පසි නා

වි ‍ෙඳ් රති සැප දෙදෙන පොරණා නොවැඩ වදේ විදුවනු මවැනි අඟ නා

යෙ දේ දොයි අසා සකි ගොසිනා දෙ ප ද වැ ‍ෙඳ් වඩිනට කියව ඉති නා


229 ගොල් කී හැම තෙපුල් නා සා ඇවිද කොල්ල කර රැගෙන රස පහ සේ

තැල්ල දෙමි කියා මා වෙහෙසා සොඳට සල්ලාලයා පුහුණු කර සිත සේ

මැල්ල කර වුණත් දැන් වෙනසා නුඹම පල්ල මම යුවරජුට සැප සේ

සෙල්ල මට හරින ලෙස දවසා එකි හිරැල්ල සුර යදිමි ඉඳු සැප සේ


230 එන් රස ලෙස පෙර සෙ වුවේ

පෙම් වන බස් මට කි වූවේ

වෙන් නො වෙනට කල් යැ වූවේ

දැන් මේ දුක් වනු ප වූවේ


231 දුක් ගෙන පෙර දැක රැව ටී

එක් කම වැස උනි බුහු ටී

මක් කරලත් ගියේ රැව ටී

එක් වුණු මමමයි නිව ටී


232 මනා සිතින් එක් ව න්නේ

පිනා එ සැප විද උ න්නේ

ගෙනා බසක් වෙසි න්නේ

සිතා බලමි ගෑනු න්නේ



233 හිතු වක ටම වී පී රියේ

හැම වක විදි සැප ස රියේ

මට දැන් වුණු කරි ම රියේ

තන දෙක නවතනු බැ රියේ


234 නේළා ඇසිපිය වෙන සේ

පෑලා විඳ රස පහ ‍ සේ

නූලා ගෙනි දෙවෙනි එ සේ

මේලා ගේ දිවි වැන සේ


235 මද රද සිඳ අබිමා නේ

කොඳ තුළ සොඳ තුඟු යා නේ

ඉඳ විසුමට අසමා නේ

කැඳ වන වර සඳ පා නේ


236 සඳ රද තද ගිම දෙ න්නා

කොඳ සන වදි කටු මෙ න්නා

හද තුළ නල වැද ද න්නා

යුවරඳ හිමි සිහි වෙ න්නා


237 සොඳ කල කල් බැඳ නිස රු

විඳ රති සැප අමෙක යු රු

නඳ කර නොවඩිති එසු රු

හොඳ නැත ඇසුවොත් දෙගු රු


238 පොහොසත් යුවරද මහ රු

කෙරු වත් මෙ ලෙස නපු රු

හැම සෙත් සිරි දී ‍සොඳු රු

රැක දෙත් වා කඳ කුම රු


239 ගණනිල් මුදුවරලා, සිකිපිල, දිලිනි නිමල සදලා, බැම නිඹපත් සවනත රැනොවිලි නෙතුපුල තිලමල තුලවන

තිඟු දිගු ගහණ ;- රති බෝග

පැහැපත් මුව කමලා, මදහස, සුවඳ රදන නිමලා, ගෙල සකයුත් තෙහිරැති ‍රදනම් යුගකර දිලි පිරි පියයුරු

රන තැටි හරණ ;- මන ආල

සිරිමත් නැබ කමලා, බට බිඟු, රොදෙක අසිරි උසුලා, නිල පැහැයුත් වසරොද දෙදන රැනුතු දඟ ලෙළන කනක

පද රතසර දුලනා ;- සුන්දරි


240 මන මත්වම නිතිනා, තිළිතුළ, යසනත නිදිනොමිනා, රස

බොජුනුන්මුත තුළ නොගත හැකිය රන බරණත පියනැත

ලෙස නා දරනා ;- රුදුරාගේ

සදකත් දෙය ගිමනා, මඳ මඳ, පවනුදු ගත දවනා, නද

කොවුලන් යකහඩ විලස සවනවැද රඟන කළඹ

වියරුසෙ විය දසතා ;- නලවිය

මදතන් සැර රැගෙනා යොමුකර, නැඟම එතමවරණා, සඳ

කර සත් මින කොඩි බැඳන නරණ ලෙස නියම කෙරෙය

යුද නැත කිසි සරණා - තදිනේ


241 දෙගුරුන් ළග සිටින, කල මම, මෙහිමි වෙමින් දසනා,

රහසිනි එක් සකියකු එවමින රුතිවන අනගි බරණ දෙමි

රවටා පැමිණ ;- සංගීත

නොමදත් රති කරුණා, වෙන වෙන, පුහුණු වන සේ නිතිනා,

බොහො සිත දුක් වඩමිනි වැසම බොළඳ කල පටනෙහි

දවසැර රතරස ලෙසිනා ;- මතිධාරණො

වෙනකත් වෙත ගොසිනා, යහළුව දුදන වදන රැගෙනා,

මෙම වියො දුක් දෙනුමිස වරදෙක නොකළෙමි වුවද

එලෙස මගෙ හිමි රකු නරණා


කා ම සැපත් විදිනට ලොබ වෙලා සි ත

පේ ම සිතින් ළං කරගන මෙමා ක ත

සෑ ම ඉසුරු දෙමි කියමින් සුපුජී ත

මෙ ම කරනවා මා දන්නෙම නැ ත



243 පියකරු ලෙස කියා ගෙන ලඤ්ඤයි තැ ල්ල

අමයුරු පහස විඳ දැන් කෙරුවත් මැ ල්ල

පියයුරු මැඳින් වගුරා කඳුලැලි ඇ ල්ල

නිරතුරු විඳිනු බැරි වැල්ලමිදෝ බෙ ල්ල


244 රහ සිත ඇවිත් ගෙටවැද කර කලළු ලිය

මන රම් මගෙ පහස විඳ හරිමින් ක ලිය

වෙනඅන් තැනක සිත බැඳ කරපු වික ලිය

දෙගුරුන් දනිත්නම් මහිමිට වෙය ප ලිය


245 දේ නු හසෙව් පියයුරු දකිමින් සියැ සේ

පූ ණු සන්ට විඳ විඳ රති පහස ර සේ

නේ නු මෙදැන් ගෙන වේසාවින්ගේ බ සේ

ගෑ නු කරන සරදම් ඉවසමි ද කෙ සේ


246 සොඳින් බාල වයසෙහි මවෙත කර ලො ල

රුතින් පහස විඳ විඳ නිති කවස හා ළ

උතුම් යුවරජ නම මහිමින් මෙක ල

නොසින් කැඳවාන වර වැඳ පදකම ල


247 මෙසේ කී බසට එමිතුරු සිත පැහැ ද

ල සේ නොව ගොසින් හිමි කැඳවාන සෙ ද

තොසේ වඩා මවෙතට විත් ඇරිය ස ඳ

වි සේ සයෙන් විසුවෙමු සුරති සැප වි ඳ


248 මියුර බසින් විරතුන් අචිරතට යො දා

සොඳුරු සිරින් පසුවෙන ලෙසට හැම ස ඳා

සපිරු ගුණය පළකළ මෙන් සරද ස ඳා

මිතුරු සඳ පවතු සව්සිරි විඳ හැම දා


249 පිනේ මහිම පළකරවා මෙදියකු ස

ගෙනේ විජය යසපෑ ‍නොහැර දස දෙ ස

ගුණේ පවත්වා හැර මවුපියන් ලෙ ස

දි‍නේ යුවරජ හිමි පස්වාදහ ස


250 ස්වස්ති ශ්රීන විජය රුක්කු මංගලම්

මහා සත්යශවබොධ රුක්කු මංගලම්

ස්වර්ණ් මණිධාර රුක්කු මංගලම්

දානකර්ණා‍වතාර රුක්කු මංගලම්


251 සුගතාගම භක්ත රුක්කු මංගලම්

තෙජුයුගතාග්රා දිත්ය් රුක්කු මංගලම්

වානාහිමාන රුක්කු මංගලම්

මහාසෙනාලංකාර රුක්කු මංගලම්


252 ජාති ගන්ධ ලෙපන රුක්කු මංගලම්

නෛක කාව්ය ස්තූති ප්රිංය රුක්කු මංගලම්

නානාදෙශ හාසන රුක්කු මංගලම්

ලොකවිද්යාා ජනප්රිපය රුක්කු මංගලම්


253 සකලජන වන්දන රුක්කු මංගලම්

රූප නානාවධුප්රි්ය රුක්කු මංගලම්

සුභෘද්ජන සෙව රුක්කු මංගලම්

රණශූරාති ශූර රුක්කු මංගලම්


254 ශත්රැාහයංකාර රුක්කු මංගලම්

දෙහමන්මථාවතාර රුක්කු මංගලම

හස්ත්යමශ්චාරූඨ රුක්කු මංගලම්

නිත්යය තරවාහතාරූඨ රුක්කු මංගලම්


255 සඞ්ග්රාථමොදිත රුක්කු මංගලම්

භුජලක්ෂ්මීනිවාස රුක්කු මංගලම්

ධර්මාතිශූර රුක්කු මංගලම්

නිභවක්ත්රා තිධීෂණ රුක්කු මංගලම්


256 ද්‍රාවිඩ සංහාර රුක්කු මංගලම්

ත්රෛකලඞ්කසත්ත්වාධාර රුක්කු මංගලම්

චාරිත්රා‍න්විත රුක්කු මංගලම්

උපරාජෙශ්වර රුක්කු මංගලම්


257 ශාස්ත්ර්ඥනධ්ර රුක්කු මංගලම්

ක්ර්යක්රිනඩාධුරෙන්ද්රු රුක්කු මංගලම්

නෙත්රාරලඞකාර රුක්කු මංගලම්

යුවරාජෙන්ද්රර පුඞගව රුක්කු මංගලම්



258 සතසිය ලේ දැනගන විලසට ම තතු

මුවකම් ලේ සැතපු සරසවි නියුතු

දෙමළබලේ මැඩි යුවරජුගේ තෙද කිතු

මෙපොතක‍ළේ වැලිගල කිවියර අමුතු


මේ කවියෙන් ඇහැළේපොළ වර්ණවනාව හෙවත් වඩුග හටන අවසන් වෙයි. මෙයින් පසුව එන වන්නම්, මුද්ද්රවප්පද සින්දු ආදිය පිටපත් කිහිපයක පමණක් දැක්ක හැකි ය. ඇතැම් පිටපතක මෙම කර්තෘ් නාම සූවක පාද්යපය ලෙස ඉංග්රීිසි හටනෙහි එන අවසාන පදයය යොදා ඇත. එය මෙසේය.


සොබමන් කවි ලංකර දත් ලසේ

නිතියෙන් සරසවිය මුව සැතපු කර සේ

කවි සුන්දර මුදලි වැලිගල නම් යසේ

වෙසෙසින් මෙ පොත කවිකර නිමි දනු නොලසේ



259 යුත් ඉන්ද්රළ පත් දෙරණ කින් නන් දිගත් ‍ලලන

මුත්වැල් නිතින් ගෙලෙ ල වා

අනගි සළුබරණ සැර සෙමෙනි පෙර මදනරද

රුසිරු සතහට පළක රා

සිත්මෙන් මහත් පිරිස සත්මෙන් වමත් දකුණ්

පස්සෙත් පෙරත් සදමි නා

සුලකුණැති හයකු සරසා ගෙනෙව කිස‍ෙඳහි

මෙ අප යුවරාජ උතු මා


260 මත්තෙන් ඒ බස් රැගෙන ගොස් ඉන් පහන් දනකු

අස් පන්තියේ වඳිමිනා

දහර පස හසළ සුබ ලකුණු යුත් තිලහයකු

කනකමණිබරණ සරසා

කොස්නෙන් හුදක් වහම තිස්සෙන් ගෙනත් පෙරටු

දැක් වූ ස‍ෙඳහි වෙසෙසිනා

අතුළ පියවිළිනි අසු ළඟට වැඩ කඩිනමට

නකුල රජු සිරි ගෙන අරා


261 පිම්මෙන් මඳක් ගොසිනි නැම්මෙන් තැනින් තැනෙහි

සන්සුන් ගමන් ඇවිද වා

කිනිකිතික කිනිකකිනි රසුහඩිනි වෙත දිවන සෙබළු

කන බිහිරික රා

ඉක්මන් නොවී දෙවනු සක්මන් ගමන් යනසෙ

තඩික්කිතන් පද ලෙ සේ

දෙපස සිටි කිවිඳු දෙන විරිදු කවිරසය විඳ තොසිනි

ගත මඳ ලෙළි ලෙ ළී



262 චක්රා කරින් තැනෙක චක්රාරවෙමින් භ්ර වම වික්රයම පෑ පෑ මදහු ‍ෙස්

සිරිවඩන පුර වෙ මැද දුහුලි වසමිනි මෙයිනි

එළෙවු කළ විදුලි විල සේ

තැන් තන්හි වන නුවරු දැක්මක් නොවී විකල

සක්මන් වෙමින් සිටි ස ‍ෙඳ්

සලගෙලෙහි කන රසු හඩ ඇසෙනු මිස තුරඟු

කවරෙදිග දිවිඳ නොප නේ


263 සොප්නෙන් දුටක්සෙ යළි ඉක්මන් ගමන් පැහැර

දස්නෙන් දනන් බම බ මා

තුනුබරණ මිණිරැසිනි එකලුකැර පුර වෙමැද

කතකිටක කියන හඩි නේ

සිත්මෙන් ගමන් යනුසෙ දැක්මෙන් නුවන් පුරඹ

දුක්මන් වෙමින් සිත බැ දී

පෙමිනි ඔබ සමඟ මන සසඟට වඩින විලසට

අයද ඉටුසකි යැ වූ


264 ගොස් ඉන් එවන් මිතුරු දස්නෙන් උතුම් සමිඳු මත්තෙන් සරණ දරමි නා

වියොව සිටි පුරඹ විදි ගඟට තතු විලස වෙන වෙනම සැල කරපු සඳි නා

යුත් වන් සවන් බරණ සිත් සත්තොසින් දෙමිනි නිත්තෙන් ඔවුන් සමඟ වී

මදන රද යුදෙනි ජය රැගෙන සඳලප ලෙසිනි සැපත විඳ දවස හර වා


265 සක්මන් තොසක්කර සමත්කම ලෙසින් නුවර සිත්මෙන් ප්රකදක්ෂිණ ක රා

සවසනල විඳිමිනසු පිටිනි සිය මැඳුරතුර පැමිණ තුනුරුවිනි බබ ළා

ලක්තුන් සතන් හැමට සිත් පෙන්වමින් කුලුණු නිත්තෙන් එකඟ කර ල වා

වැජඹි අප යුවරජුට බරණසඳ නරණ කඳ කුමරු රැක විජය සිරි දෙ වා



266 නෙත්දළ මුත්හර සත්සඳ යුත් යසකින් දිගුබිත් පතළත්

කළ උත්තම ගුණයෙහි සුපුන්සඳ රුවිනිදු මන්මද තෙදිනි

ගුවරන් රද නැණින් ගුරුන් ලෙ ද

ශ්රීන ජිනශාසනධාර මහාරණශූර විශාරදනේ ප්රිළයංකර

සත්හට මෙත් මහසත් සිරිගත් නිතියුත් උබගොත් මැඳුරත්

රතකොත් සිරි

ලද අඟනන් සහ බප දිළිඳුන් තුටුවන විලසින් දෙන

දන සුරදුම් වන

සේවික ශ්රී භුජසේ නරනායක ‍ලෝකදයාකර පත්වූ‍

ගුණයෙන් තිර

සත් සකරත් සදරුත් තකු සිත් ලෙස දත් විදුනැත්

මැඩි යුත් මගිදුන් ගති

නිමල දහම්රැස අතඹුල මෙන් දැනගන දෙලොවින්

වැඩ දෙවන සතන් හට


ලෝතුරයේ උතුමෝ මෙමසේ නැත බෝකර මේ අමුතු කීගමන් කිම යුවරාජ ද්රබවිඩ මණ්ඩුක භුජඞ්ගවනේ

තුන්ලක මම මිස අන්කෙනෙකුන් නැත ඉන් සිහලුන් හැම දැන් වනසන්නෙමි

දුදන සිතින් හැම මහමැතියන් ගෙන කප්පවමින් දන ගෙන දෙමළුන්හට

දීලක බෝකරවා රැටියන් හැම සේවකයන් කරවා දෙවමින් දුක


ගම් දෙටුවන් තැන් තැන්වලදිත් බැඳ ගෙන්නවමින්

වදයෙන් මරමින් ගෙන උල ගසමින් තිහ හැටෙක බැගින් ගෙන්නා සුතඹුන්

සිරකර තබමින් යළි එ රැටියන් හිමි දේපළ සේරම ඇරගෙන දී

දෙමළුන්හට නෑ වන උන් දෙවියන් කියමින් තබමින් තම ගොන් ගෙඩියන්

විලසින් ගණනක් නොව


අනගි වසන් ඇඳ පැලැඳ රුවන් අබරණ සැරෙමින්

හැම උඩඟු සිතින් වැස මුකළ පුහුලේ විලසේ අලුගාගතසේ සුතකුන් ලිපේ ලැගී උන්

උන් මෙලෙසින් ලොසසුන් වනසන්නේ දන පින්හි උතුම් මෙහිමින් දකිමින්

සෙද අසුනොවමින් එහි තම සුතනුන්නඹු දත සහ ගම්රැස කෙල පිඩමෙන්

හැර ඒ දෙමළා රවටා පැමිණි සපරේ පුරයේ වැසල කලක් ඉඳ


පින් ඇතියන එරටින් සිතනම්වන ඉම්කඩයිම ළඟ උන්දන මන්ගෙන

වී මුදලුත් හැම දේපල සිත්ලෙස බෝග සැපත් හැ ඒරට පත්කර

වා එරෙට් දනයන් සහ සේරම හීතාවකිනි පැමිණ කොළොම්පුර

ඉන්ගිරිසින් නිරිඳුන්හට මන්ලෙස දන්නවමින් දෙමළුන් දැඩිකම් හැම

එම නිරිඳුන් සහ බොහො බලසෙන් ගෙන වටකරමින් සැඩි දෙමළ කැලන් හැම


අල්ලවා බැටදී සොරුසේ බැඳ යන්ටැරලා ජයදුන්නු ලෙවන්හට ද්රීවිඩ පඩ්කශොෂණ මාර්තණ්ඩවනේ

සත්සෙත පත්කළ කොත් ලෙස උත්තම වත්කමිනුත් ගොතිනුන් වැඩි නිත්තම

මේ යුවරජුන් සහ පොරණ නොවෙන්වම මා දවසරිමි න් රන රස විලසින්

වැසලා වෙනතේ බැඳි සිත මාවෙත නේනුනිසා වියොගිනි නිතින් වැස

මත්තිළියුන් ගජදත් යසනත් නිදි නැත්තෙහි ගත් බරණත් උරභුන් විස

ලෙපකළ වන්දන විසගිනිරොන්මෙන මඳනල වන් නැත විසදුම වන්මෙන



මෙ ලෙස යාමතියේ විදිනාවද බෝවිය එමවද මදවී තවත් නිති

ගත් මුවටත් රසවත් බොජුනුත් රුචි නැත්තෙහි ඇත්තට ගත් බවමයි ගෑ

වෙණනද වන් කත හඬ පිසසුන්මෙන් රැඟු නළඹුන් ගණ වියරු යකුන්මෙන්

මේ හැටි පීටෙක නු මට වේගෙනි කාම නොබා මා පැමිණි සටන්කර මඳ මඳ වඩබ නලසෙ හැමී


267 සත් අතා සමඟින් අප යුවරජ

සත් අතත් බරනෙත් තිනෙන් සතරත් සිරිත්ලෙස රකු යෙහෙන්

පෙර පටන් සව්සිරි පිරි සිරිලක

රජුන් රැකි රජදහම් පැවතම ඇවිත් උනුනොව එකලෙසින්

සකවසින් එක්දහකුත් සත්සිය

විස්සවන වස තිස්ස නොකරන යස්ස දෙමළෙක් රජවෙලා

වනසමින් රටගම දන නොහැරම

මරාලෙට වැඩිකරා දනගෙන පුරා රටරටවල නිඳන්

වඩිගයින් රැස්කර සුවහසකට

ගෙවල් ගම්බිම් හරක් දැසිදස් රටෙන් ගෙනදෙති යනු ඇසූ-ස


ලක නැසීයෙති සලකා නුවණින්.

නඟු දැකුමක් සදා මේ රට අනික් නෙනෙකුට බැරි ලෙසින්

රම රජුන් කරුණා වඩවාගෙන

පවර නම්යුත් සපරග්රාගමය ලබාගන ගොස් රවටමින්

සිට එතැන් කල්යාමක් පසුකර

දිසාවේ හැම රදළවරු තම දසාවට සිත් නමවමින්

කඩඉමෙන් එගොඩහ සිටි පින් ඇති

දෙටුවනුත් සිත් රැගෙන බලගතු ‍රහස් ලියමන්කර යැවූ-ස

යළි ඉතින් කල්සරියයි සලකා

සියල්ලම රට කැරැල්ලට යෙදු විපුල් තෙදබස අඟවමින් -

එම වදන් ඇසූ කුදිටු දෙමළ රජු

මහත් බලසෙන් සදා මැතියන් සමඟ යුදයට ඇරීතැනේ -

බිය නොවන් සේනා හැර රැස්කර



බුලත්ගම කුරුවිටද කැන්දන්ගමුව යන තුන් පාරෙනුත් -

නොයෙන මෙන් තද ලෙස රැකවල්ලා

සමනළත් ගුරුකඳුරු නම් යුත් පාර දෙක තද මුරලැවූ -

ඉගිලිලා යන සතකුට මිස වන

බිමින් යන්නට නොහැකි ලෙස තර විදුරු පවුරෙව් රැක වටින් -

වී මුදල් එදිසාවේ තිබූ හැම

රන් රුවන් ආවුද ද රට වැසියනුත් පිටලා කඩ ඉමෙන්

පෙරහරින් පසතුරු හඬ විඳවිඳ

ගොසින් හීතාවකින් එගොඩට සපිරිවර සහ නොවලසින්

එම වදන් කොළඹට දැන්වූ විට

මහත් මැතිඳුන් ඇවිත් ගරුතර නම්බු දුන් කැඳවන

ගොසින් - ස


ගොස් එ‍සේ රට නසින පුවත් හැම

කොළඹ ගෝරෙන්දරු තුමාහට දැන්නවූ විට තතු ලෙසින්-

හැම මැතින් සහ කුන් සේදුත් කර

සිංහලෙට නම් යුදට යන්නට බැරිය සහසික වුණු තැනේ-

බොහො ලෙසින් උත්තර දී එබසට

සත්මසක් කී පිරුළු ලියමන් එංගලන්තෙට යවමිනේ-

ලැබ එයින් වර මෙරටට එන්නට

කොළඹ ගෝරෙන්දරුතුමා සහ සෑම එන පණිවිඩ ලැවූ -ස-

සිවු වටින් තිබූ දසටක් කොටුවල

මුර ලවා සිටි මුලාදෑනින් පිටත්කරවා අට දිගින්

යුරරජුන් ‍ගෝරෙන්දර සමගින්

ජනරාල් සහ වෙනත් දනමිති මුලාදෑනින් සමගිනා

පිටත් වී ගුරුබැවිලට ඇවිදින්

සෑම රටවල් දිසාවල්වල දනන්හට ලියමන් යවා-

එම තැනින් විත් හීතාවක ගඟ

මෙගොඩවී එද රුවන්වැල්ලේ ඉඩම්ගෙන පෙන්වා රටුන් -ස-


මෙම ලෙසින් වටිනුන් එන මහසෙන්

දවස දවසින් ළංවෙමින් විත් මෙ උඩරට වටකරගනේ -

සිටිහෙයින් තරකර කඳවුරු බැඳ

ඇසූ ද්රිවිඩ නිරිඳු අඩුබඩු හංගවා සහ නෑසියන්

සැඟවෙමින් ගොස් දුම්බර උන් බව


අසා ගිරිහාගමින් බලනෙත් එතිකහැටියෙන් කඳු නැඟී- උඩරටුන් දවසට ‍පෙන්වාගෙන

සත්දිනක් ඇතුළතම ඒ රජු අල්ලවා මෙරටින් නෙරා- ස- ඔහු සුතන් අඹු නෑසිය වටකර

අල්ලවා බැට දිදී බැඳ බැඳ හරක් හොරු ලෙස ඇදමින් ජා සිපයිහට දෙවමින් වහලට

කලක් දෙමළුන් සතුව තිබූ ලක සතුන් නිදහස් කරවමින් ලෝසසුන් දෙක රැකුමෙහි නියුතු ව

දෙමළු ගෙන සිටි දනන් පරවෙණි අයිතිකර දී පෙර ‍ලෙසින් දෙවියනුත් දළඳා හිමි මෙනුවර

පිහිටමින් ලෝසසුන් රැකි ඔබ සිරිත් ඉඳු රිවිසඳ හිමේ සත්අතා සමඟින් අප යුවරජ

සත් අතත් බරනෙත් තිනෙන් සතරත් සිරිත්ලෙස රකු යෙහෙන්


268 සිරිදේය නාරායණා නිතින් නෙක සිරිදේය නාරායණා සිරිදේය

නාරායණා නිතින් නෙක රණශූර නරනාථ උපරාජ ස්වාමි

මුත්හර තිනෙත් කිරණ සත් නුබගහත් තරහ යුත් යස දිගත්

නොහැර පුරා - තෙදණ පත්මත යුගත් ගති නොවරා-

රුචිනි යුත්වන සරත් විලස පෑරා නෑරා

පින් සිරින් උතුම් බැවිනි තුන් ලක සතන් හැමට රන් කොඩිය මෙන්


නැඟූ සිතංගා - තියුනැණින් විජයවන් මතමතංගා -

නෙක විකුම් සුහුරුවන් අදර ගංගා රංගා

ලක්දිව කමක් නැතිසෙ දුක්දෙක නොයෙක් දෙමළු දැක්මෙති

රැසක් කුලුණු පෑලා - සැවම එක්කර අනික් රටක ලාලා-

ලොව නිදුක් කළ උදක් මෙනරපාලාතුලා



269 නැණ ලඹොදරට දිනි මෙයුවරද

නැණ ලඹොදර ගුණයට පිරි තරිඳු දෙන තිළිනට සුරබිය

සුරදුමිඳු නනවිකුමට එක සරිවන උවිඳු රණදිරි තුලවන

තිරසර ගිරිඳු

යසහර දිගශන උර සරසමිනි, දිනකර ලෙස ගතද පළකර

නිතිනි කිතුසර රැඟුමට ජයබෙර ලමිනි, මනහර රූ අඳුනැදි

නෙතු රමණි

ලකරස නකු සකු වියරණ මගදා, විතරය නොවදැන සුරගුරු

පරදා, දිවරැය අදහම් සිතතුළ නොරඳා, සතරය දම්

පිළිපැදි සිත පැහැදා

ලක පරවේණි කර ගනිමැයි පෑසී, නෙක ලෙස සිටි සැඩි

දෙමළුන් රාසී, රැ රැක බැට දී කරපු මුළාසි මෙකලට

මෙහිමිට සරි කොද සීසී


270 ශ්රීම ජයශෙඛර වීර උතුම් ඔබ සරා සිරින් පවතු නිරන්තර-

ශ්රීම ජයශෙඛර වීර උතුම් ඔබ සාර සිරින් පවතු දිනෙන් දින

සත්සඳ යුත් යසකොත් තෙදියන් මැඳුරන් තබමින් හොබවා

දැනගත් සතරක් විදුනැත් මැඩ ගත් මිහිඳුන් ගතියක් අඟවා

පොරණක් මදයුත් ගතිනුත් වරක ත් මනනෙත් කරමින් පොබවා

මහසත් ලෙසමෙත් රැසසත් භටයුත් වනමත් තට කිත් තබවා

උසස් කළ පෙම් කරතුන් ලක කන් හට උන් දෙමළුන් කරනෙත් විකටා


දකිමින් මෙරටුන් හට වන් කුලුණෙන් නොමදන් නවමින් රවටා

කඩඉම ළඟ ඉන්නට යන්ට වරම් ගනිමින් රැකවල් ලෙසටා

යළි ඉන් ගිරිසින් සමඟින් ඇවිදින් ඔහු අල්ලවමින් දෙවූ බැඳ - උන්ටා




ලො ල් ඔහු ගොල් ලද කල් සහ පිල්ලහු අල්වා තැන තැන දී

හැම පල් හොරු තුල් අතවැල් බැඳ සල්ලා පොල්හුනු මෙන් ගුටි දී

යම යල් සෙ විපුල් පොදිවල් ඉසවල් පිට යන්ට කුහුල් සෙ දි දී

මෙසිපල් ලෙන කල් ලක තුල් වීයවුල් හැර ලොල් වූ මෙවන් හිමි - මඟුල්ගෙ සැදී


271 ඉන්දු ගුණය පළකර සතටා, මෙ සමින්දු මිසක කොද

සිරිලකටා

ඉන්දු ගුණය පළකර සතටා,

කන්ට මෙලක දෙමළුන්ට නෙදී ‍අරවන්ට සිතා නුවණින්

සලකමිනා, හිතුවක්කරන දෙමළා රවටා,

දුර ගමනක් සදාගෙන යන ලෙසටා, දකුමක් දෙමින්

සිත කර සතුටා විතර නොවන මායම් බස් කියමින්

පරග්රා ම නම් පුරයට පැමිණේ,

කොළඹින් රැගෙන බලසෙන් නොමඳා හැර රැටියන්

සමඟ විත් වටම සදා නුවරින් ‍ගොසින් සිටි අරණ මැදා


මාරු බලා සෙබළුන් හැර තද ලෙස සීරුවටම බැඳ

හරිමින් නෙරපා

නෑයින් දහස් සුවහස් ගණනේ, මහ ගායින් තළා බැඳ

ඇදමිනේ,

සේයන් ලෙසට මුරකර තදිනේ, මහත් ලෙසින් බර

පොදිත් දිදී ඇර

නුමුත් විජය සැප දුක් ලක සතටා




නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=ඇහැළේපොළ_වර්ණනාව-iii&oldid=4867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි