ආඬි හත්දෙනාගේ කැඳ හැළිය
(ආඬි 7 දෙනාගේ කැඳ හැළිය වෙතින් යළි-යොමු කරන ලදි)
හැඳින්වීම
සංස්කරණයමෙය ජන කතාවකි.
කතාව මගින් ලබා දෙන පාඩම වන්නේ, "අනුන් රවටන්න යෑමෙන් තමන් ද රැවටෙන බව" ය.
කතාව
සංස්කරණයඉස්සර කාලේ
ඉඳලා තියෙනවා ආඬි කියලා ජන කොට්ඨාසයක්.
මේ කතාවේ කියවෙන්නේ
අන්න ඒ ආඬි හත්දෙනෙක් ගැන.
ඉතින් මේ ආඬි දවල් කාලයේ පොඩි පොඩි රස්සා කරනවා.
රෑට කරන්නේ කොහේ හරි තියෙන අම්බලමකට ගිහින් මොනවා හරි උයාගෙන කාලා එතන නවතින එක.
ඔන්න ඉතින් එක දවසක මේ ආඬි හත් දෙනෙක් එක අම්බලමකට රෑ ගත කරන්න එකතු වුනා ලු.