ආඬි හත්දෙනාගේ කැඳ හැළිය

හැඳින්වීම

සංස්කරණය

මෙය ජන කතාවකි.

කතාව මගින් ලබා දෙන පාඩම වන්නේ, "අනුන් රවටන්න යෑමෙන් තමන් ද රැවටෙන බව" ය.

ඉස්සර කාලේ

ඉඳලා තියෙනවා ආඬි කියලා ජන කොට්ඨාසයක්.

මේ කතාවේ කියවෙන්නේ

අන්න ඒ ආඬි හත්දෙනෙක් ගැන.

ඉතින් මේ ආඬි දවල් කාලයේ පොඩි පොඩි රස්සා කරනවා.
රෑට කරන්නේ කොහේ හරි තියෙන අම්බලමකට ගිහින් මොනවා හරි උයාගෙන කාලා එතන නවතින එක.
ඔන්න ඉතින් එක දවසක මේ ආඬි හත් දෙනෙක් එක අම්බලමකට රෑ ගත කරන්න එකතු වුනා ලු.