අසදෘශ ජාතක කාව්‍ය-විවරණය

අර්ථය හා විස්තර.

1. මෙය ශ්රලේෂ කාව්ය යකි. (අර්ථ පක්ෂො දෙකක් ඇති කවකි.) එයින් එක් අර්ථ පක්ෂ්යෙකින් මුනීන්ර්දයායන් වහන්සේද අනිත් අර්ථ පක්ෂඅයෙන් පුර්ණෂ චන්දජයාද වර්ණ්නා කොට ඇත.

අර්ථය:- (i) සොළොස් කලා පරිපූර්ණා, අමෘතමය රශ්මි ඇති, අන්ධයකාරයට පහනක් වැනිවූ, අහස්හි හැසිරෙන්නාවූ, හැම කල්හිම සත්ව(යන්ට පූජ්යූ වස්තුවූ පූර්ණර චන්දදයා;

(ii) සකලාකාරයෙන් පරිපූර්ණයවූ හෙවත් සියල්ල දත්, විමුකතිදායක, මොහන්ධලකාරයට සූර්ය් වසයා බඳුවූ, ව්ය කතයින් විසින් හෙවත් ප්රාලඥයින් විසින් පමණක් ආශ්රෙය කරනු ලබන්නාවූ, සත්වයාගේ සෑම උතුම් පූජා පිණිස (යොග්යි) වූ, ලෝකෝත්තරවූ මුනිරජ, (මම) නමඳිම්.

විස්තර:- මුනිරජ: “මුනිං මොනෙය්යමසම්පන්නං ආහු තින්හාත පාපකං” තුන්දොර (කය, වචනය, සිත) දමනය කිරීමෙන් තුනී කරන ලද පව් ඇත්තෝ ‘මුනි’ නම් වෙත්. බුදෙධෝත්පත්තියට පෙර විසූ, සෘෂි, තාපස, පරිබබාජක, ජටිල, ආජීවක ආදීවූ සියලු විමුක්ති දේශකයො ‘මුනි’ නාමයෙන් අඳුන් වනු ලැබූහ. මුනි නාමයට නිසි සියලු තාපස විශේෂයන් අතුරෙන් උන්වහන්සේ ශ්රෙලෂ්ඨ හෙයින් ‘මුනිරජ’ යයි යෙති.

2. අර්ථය:- දිව්යන ශ්රීහ නැමැති අමෘතයෙන් ඔපවූ, ගම්භීර පදාර්ථ නැමැති මාණික්යනයන්ගෙන් පිරුණාවූ, මොක්ෂම නැමැති වෙරළින් සීමාවූ, කිරි සයුරවන් සඬර්මෙය (මම) වඳිම්.





94 අසදෘශ ජාතක කාව්ය(ය

3. (මෙයද ශ්ලෙෂ කාව්ය යෙකි.)

අර්ථය:- (i) ජලය මතුපිටට පැමිණියාවූ, පැතිරි ගිය නූල් ඇති දණ්ඩකින් යුත්, වැඩී ගිය මල් පැණි ඇති තාමරසාවලිය;

(ii) ලෝකවාසීන්ගේ මුදුනට පැමිණියාවූ (ලෙව් වැසියන් අතුරෙන්) ඉතා උතුම් පුද්ගල කොට්ඨාශයක්වූ ප්ර කට සෘජු මහාර්ග ගුණයෙන් යුක්ත වන්නාහු, සශ්රී ක කළ මුඛයෙන් රංජිතවූ සංඝ සමූහයා, (මම) නමස්කාර කෙරෙම්.

4. අර්ථය:- බුද්ධ, බ්රශහ්ම, අනංග, සකන්ධ, අගස්ති, වෘහස්පති, සිකුරු යන මේ දෙවියෝ ලෝකවාසී සත්වොයන් නිරන්තරයෙන්ම රකිත්වා! විස්තර:- තිලෝගුරු: කාම, රූප, අරූප වශයෙන්ද, දිව්යග, මනුෂ්යත, නාග වශයෙන්ද, වෙන්කොට දැක්විය හැකි තුන් ලොවටම ආචාර්ය්ය වරයෙක යන අදහසින් ත්රිමලොකාචාර්ය්සකන (තිලෝගුරු) ‘තිලෝගුරු’ නම්වෙයි.

ලෝගුරු: බ්රදහ්මාගම පිළිබඳ කථාන්තරයන්හි කියවෙන අන්දමට මහා බ්රදහ්මයා ලෝකයේ මැවුම් කරුය. ඒ නිසා හේ ලෝගුරු නමින් හැඳින්වේ.

මින්දද  : මත්ස්ය් රූපාකාර ධවජයක් ඇතියෙන්, අනංගයාට මින්දදයයි නමක් විය. රාගයට අධිපති දෙවියාය.

කුමර  : ස්කන්ධ කුමාරයෝය ඊශ්වරයාගේ පුතුන් සත්දෙනාගෙන් වැඩිමලා හැර අනෙක් සදෙනා ඒකාබද්ධප වී සකන්ධන හයකින් යුතුවූ හෙයින් සකන්ධා කුමාර නම් විය. ලංකාවේ දකුණු දිග් භාගයට අරක්ගත් මේ දෙවියා ගැන, මුහුණු සයකි අත්දොළසකි මයුරා


අර්ථය හා විස්තර 95

පිට වාහනේ. “රුහුණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ” යන පද්යාාර්ධඅයෙන් කියැවෙන්නේය. මෙරට ප්රලචලිත කථා අනුව මෙතුමා කතරගම දෙවියන් වශයෙන් සැළකිය හැක.

ගුරුගුරු : දෙවියන්ට ගුරුවූ බෘහස්පතිහුගේ ගුරුවූයෙන් (‘ගුරුට ගුරු’ යන අර්ථයෙන්) අගස්ති සෘෂිවරයාට ගුරු ගුරුයයි කියති. කළයකින් උපත ලැබ, දඹදිව වින්ධ්යග කඳුවැටිය වාස භූමිකොට විසූ, මේ සෘෂිවරයා දෙරියනකට වඩා නොඋස් වූවෙක්ලු මොහුගේ මෙහෙසිය ලෝපාමුද්රාෙ නමි.

සුරගුරු : දිව්යයයන්ගේ ගුරුවූයෙන් බ්රගහස්පති දිව්යටරාජයාට මේ නම ‍යොදති. පෙර දඹදිව විසූ සෘෂි වරයෙක්වූ “චාර්වාක දර්ශන” නැමැති දර්ශන ශාස්ත්ර. ග්රින්‍ථයෙ කර්තෘ භූතවූ මොහු, ඒ අත්බැවින් චුතව සුර ගුරු නමින් දෙව්ලොව උපන්නේලු.

අසුරගුරු : අසුරයින්ගේ ගුරුවූයෙන් සිකුරු දෙවියා මෙනමි.

5. අර්ථය:- ත්රි්විධ රත්නය වැඳ පුදා, දෙවියන්ගේ මෙත් සිත් යොදවා, බුද්ධාඬකුරයාණන් ශූරබව දැක්වූ ගුණයක ආකාරය, කවියෙන් වර්ණඅනය කරම්.

6. අර්ථය:- ශ්රීක, සාරයෙන් පිරුණාවූ ශක්ර පුරය හා සමකළ හැකි, ශ්රීය වර්ධ.න නම් උතුම් නගරයක් ලංකාභ්යීනතරයෙහි වූයේය.

7. අර්ථය:- මේ නගරයෙහි සිත්ගත් සිරිය, තත්වායකාරයෙන් වර්ණ.නය කරතොත්; අනන්ත, අගස්ති, ගණදෙවි විනා කවරෙක් සමර්ථ වෙත්ද? (නොවෙත්මය)

විස්තර:- අනත: නගර වර්ණයනයට මොහු සමත්වේයයි කියන ලද්දේ මොහුට මුඛ දහසක් ඇති හෙයිනි. මහානාග කුල අටෙන් ප්රතධාන කුලය වූ අනන්ත කුලයෙහි


96 අසදෘශ ජාතක කාව්යාය

අධිපතියා වූ මොහුගේ දරණ ගැබ විෂ්ණුහට ශයන ස්ථාන වෙයි. කෙළවරක් නැති තරමට දිග හෙයින් අනන්ත යන නම ලැබී ඇත. වාසුකී යන නමින්ද හින්දු දේව කථාවන්හි සඳහන් වන්නාවූ නාග රාජයෙකි.

8. අර්ථය:- එසේ වුවත්, සර්වකඥ භාවයට නොපත් මාගේ දැනීමේ පමණට, මේ නගරයේ පිරි ඇති සුන්ද ර සෞභාග්යහ, කවියෙන් වර්ණ.නය කරමි. මහා ප්රා‍ඥයිනි ශ්රභවණය කරව්!

9. අර්ථය:- ආදියෙහි විෂ්ණු දිව්ය‍ රාජයා, මේරු පර්වරතය මන්ථ දණ්ඩ වශයෙන් ගෙණ, කිරි සයුර කැළඹූ කල්හි, හාත්පස නැගී සිටියාවූ රළ පන්තිය මෙන්, කාන්තිමත් ස්ථටික මාණික්යජමය ප්රායකාරය දිස්වෙයි.

විස්ත‍ර:- සරනැබ : විෂ්ණු දේවයාගේ නාභිය පත්මාකාරය. පද්මනාභි යනු විෂ්ණු දෙවියාට නමෙකි.

සරනැබ පෙර කි’රණ ඇලලුවර : පූර්වුයෙහි විෂ්ණු දිව්ය රාජයා මන්දාවර පර්වවතය මන්ථෂය (පත්ත) කොට ගෙණ, ක්ෂී,ර සාගරය ඇලලුවේය. එකල්හි ලක්ෂනමිය, කෞසතුභ පාෂාණය, පාරිජාතක වෘක්ෂරය, සුරා දෙවිය, ධන්වනතරීය, චන්දපයාය, කාමදායක ගවයෝය, ‍ඵෙරාවණ හස්තිය, රමභාදී දිව්යාකඬගනාවෝය, සප්තමුඛ අශ්වයාය, කාලකූට විෂයය, විෂ්ණුගේ දුන්නය, ශඬඛය, අමෘතය යන චතුර්දථශ රත්නයෝ පහළ වූහ.

කිරණ : ‘කි’රණ’ යනු ක්ෂීරර - අර්ණ, = ‘ක්ෂීකරාණි’ යන්නෙන් හින්නය. ‘අණි’ යන්නෙන් රළයද, ඕඝයද කියත්. කිරිමුහුද තෙම ක්ෂීුරවර්ණවූ රළ ඇත්තේ යන අර්ථ්යෙන් ක්ෂීමරාර්ණ වේ. අන්යාේර්ථන සමාසයෙහි සාගරාර්ථයයෙහි වැටෙන්නාවූ ‘අර්ණව’ ශබ්දයක් ද ඇත්තේය. එයින් කිරි මුහුදට “ක්ෂී‍රාණීව” යන නම ලැබේ. එය සිංහලට “කිරණව” යයි බිඳුණේ විය.


                           අර්ථය හා විස්තර				97

10. අර්ථය:- ධවල වර්ණ වූ ප්රා කාරය සමීපයෙහිවූ, දිය අගල (පරිඛාව) කෙබඳුද යතහොත්; ඊශ්වරයා ශරීරයේ බලවත් වේගයෙන් වහා නෘත්ය කරන කල්හි; කෛලාස කූටය හාත්පස වැටුණ ආකශ ගඬගාව මෙනි.

විස්තර:- ශෙවත වර්ණද ශරීරයක් ඇති හෙයින් ඊශ්වරයාට ‘පාණ්ඩරාංග’ යන නමකි. එයින් සිංහලට ‘ප‍ඩෙරඟ’ යයි බි‍දේ. කෛලාශකූට පර්වාතය ඊශ්වරයාගේ වාස භවනයයි. ඊශ්වරයා දිනපතාම සන්යාාව සමයෙහි බහුරි රඟ නම් නෘත්යායක් පවත්වයි. මේ නැටීම නිසා ඔහුට ‘නටරාජ’ යයි යෙති. සුරඟඟ: (ආකාශ ගංගාව) සුරඟඟ යනු ගංගා නම් ගඟට නමකි. එය ඊශ්වරයාගේ ජටාවෙන් ගලා වැටෙන්නක්ලු. ‘දෙව්ලොව ඇති මන්දායකීනි නම් ගංඟාව මනුෂ්යව ලොකයට පැමිණවීම සඳහා විෂ්ණු, පාදයෙහි ඇඟිල්ලකින් එළවූ කලැ, එහි වේගය අඩු කොට ක්ර,ම ක්රිමයෙන් බැස්සීම පිණිස, ඊශවරයා එය තම‍ගේ ජටාවට ගත්තේය.” යනු පැරණි කථායි.

11. අර්ථය : අති නීලවූ මාණික්යේ කාවාටයෝය. එහි රැඳි බබලන්නාවූ මනොඥ කාන්තාවන්ගේ කාන්තිමත් මුහුණු නැමැති චන්දනයා කරණ කොට ගෙණ වකෝර පක්ෂිම (ඇටි කුකුල්) සමූහයා නමැති සල්ලාලයො සතුට වැඩුවෝය.

12. අර්ථය:- චන්දුකාන්ත මාණික්යටමය ප්රාලසාදාග්රැයන්හි බඳනා ලද, වාතයෙන් කම්පිතවූ රන් කොඩි කෙබඳුද යත්; කෛලාශ කූට පර්වෙත මස්තකයෙහි, නිරන්තරයෙන් ක්රීශඩා කරන්නාවූ; දිව්යා්ඬගනාවන් වැනිය.

විස්තර : සඳ කැන් මිණ: චන්දෙකාන්තමණි යනු ‘දියතරිප්පු’ යන නම් ඇති ගල්වර්ගපයට නමි. සඳ එළිය වැටුණු විට මේ ගල් වලින් දිය වෑහෙන්නාසේ පෙනේ.

7 98 අසදෘශ ජාතක කාව්ය්ය

13. අර්ථය:- මී අඹ ගස් මුදුන්හි කොවුල්, මීමැසි, ගිරා යන මොවුන් නද දෙන්නාවූ, මල්, දළු, ගෙඩි වලින් යුක්තවූ සිය ගණන් ගෙවුයන් වලින් බබලන්නේය.

14. අර්ථය:- පස් පියුමෙන් ආකූලවූද, මුතුපට හා සමාන වැලිතලා ඇත්තාවූද, ක්රී:ඩා කරන්නාවූ භෘඬග, හංස සමූහයාගෙන් යුක්තවූද, ගෘහ දීර්ඝිකා ගඩායන්ගෙන් යුක්තවූ, මේ නගරය මනස්කාන්තය.

විස්තර:- පස්පියුම්: ඇඹුල, උපුල, හෙල්මැලි, රත්පියුම්, හෙළ පියුම් යන පස් වර්ග්යයි.

15. අර්ථය:- ජල ක්රීලඩා කරන්නාවූ මනොඥවූ ස්ත්රී්න්ගේ පයෝධර පඬක්තීන් දර්ශනය කොට, (තමන් ඊට නොසරි වන බැවින්) සිත පැකිළී, හංස සමූහයා ගෘහ තඩාගයන් (ගෘහාසන්නයෙහි කරන ලද විල්) හැර ගියහ.

16. අර්ථය:- යන එන්නාවූ පුර ස්ත්රීෘහු ජනයන්ගේ නෙත් සිත් ඇද ගත්තාහුය. උණ ලීයෙහි බඳනාලද ධවජ වැනි පයෝධරයෝ, සල්ලාලයන්ගේ සිත් සතන් තමන් වෙතට කැඳවූහ.

17. අර්ථය:- අමෘතය වැනි බසින් අනුරාග ඇති කොට හැසිරෙන්නාවූ පුරඟනන්; (පුර ස්ත්රීනහු) දිව්යා ලෝකයෙන් අප්සරාවන් ඇවිත් ඉන්නාක් මෙන්.

18. අර්ථය:- ශ්රතද්ධා බලයෙන් යුක්තවූද, ධර්මය ශ්රසවණය කිරීමෙන් අවබොධ කළාවුද, ගුණ නුවණින් යුක්තවූද, මහාසාර කුලවත්හු, මේ පුරයෙහි වාසහ කරති.

විස්තර:- මහාසාර කුල: ක්ෂදත්රිහය, බ්රාමහ්මණ, ගෘහපති වශයෙන් මහා සාර කුල තුනකි.

19. අර්ථය:- පව් කිරීමට නොකැමතිවූ, කුසල් කිරීමට දක්ෂ්වූ, දන් දීමෙහි ලොල්වූ, අප්ර-මාණවූ මෙපුර වාසීහු, සිටිත්.

                               අර්ථය හා විස්තර	                        99

20. අර්ථය:- හස්තීන් නමැති පර්වරතයන්ගෙන්ද, අශ්ව පඬකති හා රථ සේනා නමැති තරඬයෙන් ද, ආයුධ නැමැති මත්ස්ය් සමූහයාගෙන්ද, මහාසේනා නැමැති පිරුණු ජලයෙන්ද, මේ නගරය සෑම කල්හිම සමුද්රසය මෙන් බැබළුණේය.

21.අර්ථය:- එහි හැසිරෙන්නාවූ හස්ති සමූහයා, රන් පොරොදු (ඇතුන්ගේ කඳ වෙළා බඳින පටි) නමැති විදුලියෙන්ද, මහත්වූ දළ නැමැති කොක් පෙළින්ද, වැගිරුණු මද පොද නමැති වැස්සෙන්ද යුක්තවූයෙන් මේඝ කූට (වැහි වළාකුළු) වැනියහ.

22. අර්ථය:- පීඩා කරන්නාවූ සතුරන් නමැති නින්දිතයන්, මහත් වූ ජව බලයෙන් දුරට පළවා හැර, පුරය රැකවල් කරන්නාවූ; ඒ නගරයෙහි (එහි මෙහා) දුවන අශ්ව සමූහය විශාලය.

23. අර්ථය:- මේ පුරයෙහි, සුදු අසුන් යොදන ලද රන් කිකිණි (කුඩා මිණිගෙඩි) බැන්දා වූ කොඩි ලෙල දෙන රථ චක්රද පඬකතියේ ඝෝෂණය; දිශා අනු දිශාවල නොපැකිළ ‍පැතිරී ගියේය.

24. අර්ථය:- ‍නොයෙක් යුද සරඹ දැනගත්තාවූ. නානා ආයුධ දරමින් නිතර සතුරන් ජයගත්, සමර්ථිවූ පාබල සෙනග සිටිති.

(මෙය ශෙලෂ කාව්ය ලක්ෂනණයෙන් බැඳ ඇති පද්යලයකි.)

25. අර්ථය:- (i) දියෙන් පිරුණා වූ බඹරුන් හංසයන් හා විල්ළිහිණි ඇති, ඉදිබුවන් හා කකුළුවන් හැසිරෙන, මැඩියන් හා දියසෙවෙලින් යුත්, ජලයෙන් සම්පූර්ණබවූ තඩාගය බැබළෙයි.

(ii) දිය පිරුණු අගල් ඇති, අශවරාවයද, මහීපාලයන්ද, නාටක ස්ත්රී න්ද, භෙරිනාදද, ගෙවල්ද, ප්රනඥසාරයින්ද ඇත්තාවූ; ශ්රී,යෙන් සාරවූ ඒ පුරය බැබළෙයි.


100 අසදෘශ ජාතක කාව්යිය

26. (මෙය ශෙලෂ කාව්යය ලක්ෂ ණයෙන් බැඳ ඇති පද්යපයෙකි.)

අර්ථය:- (i) විෂ්ණු හා ශ්රීල කාන්තාවද, කප්තුරුද ඇති, අගසති, ‍රාහු ශුක්ර , බුඬ, ශක්ර‍, ඊශ්වර, බ්රිහ්ම දෙවියන්ගෙන් යුක්ත වූ, දිව්යා පුරය පරිද්දෙන් දෘශ්යiමානවේ.

(ii) යහපත් රත්රන් හා රත් සඳුන්ද ඇති බ්රකහස්පති වැනි ආචාර්ය්යහපවරයන්ගෙන්ද, පොහොසතුන්ගෙන්ද, කවීගෙන්ද, පණ්ඩිතයන්ගෙන්ද, යුක්තවූ මුක්තාහාර හා උත්තම හංසයන් ඇති, මනොනන්ද්නීයවූ; මේ නගරය දෘශ්යතමානවේ.

27. අර්ථය:- උතුම්වූ නවවිධ මාණික්යඋයන් ගෙන් ඛචිතවූ, සාදන ලද මනෝහර රන් කොත්වල යොදා ඇත්තාවූ, අහසෙහි ලෙලදෙන්නාවූ සවර්ණව ධවජයන්ගෙන්ද, බබළන්නාවූ ප්රෞිඪ ස්ථටික මාණික්යරමය බිත්තියෙන් යුක්තවූ;

විස්තර:- නවමිණි: මුතු, රතුකැට, වෛරෝඩි ගෝමේද, දියමන්ති, කොරල්, පද්මරාග, පච්ච, නිල් යන නව මාණික්යව වර්ග යයි.

28. අර්ථය:- යුගාන්තයෙහි සමුද්රළ ඝෝෂය බඳුවූ පඤච තූර්ය් ‍ය රාවයෙන් දිවා රත්රි් කෝලාහල පැවැත්තාවූ, මේ ලඬකාවාසී සත්වෙයන් විසින් සියලු කල්හි පූජා කරණු ලබන්නාවූ;

විස්තර:- යුගත: යුගාන්ත‍ය හෙවත් කල්පාවසානයයි. කල්පයෙකින් සතරෙන් කොටසක් යුගයකි. කෘත, ත්රෙනතා, ද්වාපර, කලි යනු, ඒ යුග සතරට නමි. එයින් කෘත යුගය අවුරුදු 1728,000කි. ත්රෙඒතා යුගය අවුරුදු 1296000 කි. ද්වාපර යුගය අවුරුදු 8640000 කි. කලි යුගය අවුරුදු 432000 කි.

පසඟතුරු: ආතතය (එකැස්බෙර) විතතය (දෙඇස් බෙර) ආතතවිතතය (පනාබෙර) ඝනය (කුළුතාලම්) ශුෂිරය (හොරණෑ, වස්දඬු, නලා ආදිය)


                            අර්ථය හා විස්තර		                      101

29. අර්ථය:- බ්රථහ්ම විමානයට අපහාස කරන පරිද්දෙන් අනලස්වූ; සූර්ය් වංශික රජවරුන් විසින් අනේකාකාර විචිත්රි රූපයන්ගෙන් තනවන ලද්දාවූ;

විස්තර:- දිය ඇය කුල: සූර්ය්වි වංශය. මේ වංශයෙහි ආදිම තැනැත්තා වනාහි සූර්ය් ක යාගෙන් පහළවූ වෛවස්වත මනු රජය.

30. අර්ථය:- මුනීන්දො‍ත්තමයාගේ මුඛ පද්මයෙහි මනාව පිහිටියාවූ; අභිනව චන්දනයාට හාස්යත කරන්නාක් බඳුවූ නිතර උතුම් දළදා හිමි වොරැ‍දෙන, විමනක් පෙනේ.

31. අර්ථය :- නාථෙශ්වර‍, විෂ්ණු, ස්කන්ධ්, යන දෙවියන් සහ පත්තිනි දෙවඟනද සියළු කල්හිම වාසය කළ, දිව්‍ය විමාන පරිද්දෙන් ම‍නෝහරවූ, දෙවාල සතරක් විය.

විස්තර:- නතිසුරු: (නාථදිව්යර රාජයා) “මතුවන බුදු රදු, (මෙත් බෝසත්) සැරද තොටගමු වෙහෙර නතිඳු” (කාව්යයශෙඛරය) නාථ දිව්ය රාජයා මතු බුදු බව ලබන මෛත්රවය බෝධිසත්වියෝ යයි යෙති. එතකුදු වුවත්, නාථ දිව්යය ‍රාජ යන නාමයෙන් ප්ර කාශිතව ඇත්තේ; අවලොකිතෙශ්වර නාමයෙන් මහායාන ප්ර කාශිතව ඇත්තේ; අවලෝකිතෙශ්වර නාමයෙන් මහායන බුඬාගමෙහි සඳහන් බෝසතුන් බැව් විචාරකයේ කියත්.

32. අර්ථය:-‍ පොහොය මළුව, මල්වත්ත අස්ගිරිය යන නම්වලින් යුක්ත වූ දීප්තිමත් මේ විහාරය හා සම්බන්ධො සංඝ සන්තක වූ, බොහෝ ආරාම විය.

විස්තර:- පොහොමළු: භික්ෂූමන්ගේ විනය කර්මත සඳහා වෙන් කළ සීමා මාලකය.

මල්වතු: චිර කාලයක්ම රජුන්ගේ ප්ර්යෝජනය සඳහා වෙන්ව තිබුණු මල්වත්තෙහි සෑදවූ විහාරය මල්වතු විහාරය නම් විය.

භයගිරි: අශ්ව රූපාකාර කන්දක් සමීපයෙහි සෑදවූ විහාරය අස්ගිරි විහාරය නම් විය. 102 අසදෘශ ජාතක කාව්යවය

33. අර්ථය:- නෙක සැපතින් පිරුණාවූ ශක්රව පුරයට සම කළ හැකි, නිතර ශ්රි යා කාන්තාව වාසහ කරන්නා වූ මේ නගරවරයෙහි ශෝභාව මෙ‍තෙකැයි පැවසීම දුෂ්කර වේ.

විස්තර:- සිරී: ශ්රී කාන්තාව; විෂණු දේවයා කිරි සයුර කළඹන කල්හි මතු වූ එක් වස්තුවෙකි. ඕ විෂ්ණුගේ භාර්ය්පු ව වූවා ය.

34. අර්ථය:- මේ පුරයෙහි සජ්ජිත වූ ශොභන වූ නොයෙක් ආරාම අතුරෙන්, මල්වතු යයි කියන්නා වූ විහාර ශ්රීනය මඳකි කියමි.

35. අර්ථ්ය්:- (මල්වතු) විහාරවරය හාත්පස සුසජ්ජිත වූ, ශොභනවූ, ශෙවත වර්ණ යෙන් බබළන සඵටික මාණික්ය( ප්රාරකාරය; (කෙබඳුද යත්) බොහෝ සෙයින් පිරී තිබෙන්නාවූ (මෙනුවර) ශ්රී් සාරය ඉවතයේය, කියා (සැකකොට මහා බ්ර්හ්මයා විසින් (ඒ ශ්රීස සාරය ආරක්ෂාර කිරීමට සතුටින් මැව්වාක් වැනිය.

36. අර්ථය:- ඒ (මල්වතු) විහාරයෙහි ප්රාශසාද මස්තකයෙහි බොහෝ සෙයින් සජ්ජිත වූ, මැණික්, රන්, රිදීමය කොත්වලින් විහිදෙන්නා වූ, අප්ර-මාණ රශ්මිය හේතු කොටගෙන, නිරන්තරයෙන් ම දිවා රාත්රිප එකාකාරව බැබළෙයි.

37. අර්ථය:- සුළඟ වැදී නිතර ලෙළ දෙන්නා වූ ශොභන රන් දද වලින් සරසන ලද මුදුන් ඇති, ප්රිීයඬකර වූ නිල් මැණික් වලින් සාදා තිබෙන ප්රාුදාදයන්; විසිතුරු වූ විදුලිය රැඳුණු වළාකුළුය යන අදහසින්, ගෘහ මයුරයෝ හැමවිටම නටා රැ‍වටෙත්.

38. අර්ථය:- මනහර වූ ඒ විහාරය අවට සැරසුනාවූ ශොභාසම්පන්නව පිපුණු නෙළුම්වලට ලොල් වී; වහා මල් ‍‍රොන් ඇරගෙන භෘඬගයන් සැම කල්හිම නද දෙන්නාවූ; සිහිල් දියෙන් පිරුණු අපමණ විල් එහි ඇත.




අර්ථය හා විස්තර 103

39. අර්ථය:- නොයෙක් මල් රොන් දැරීමෙන් විචිත්රල වූ මිදෙල්, සල්, කිණිහිරි, මී අඹගස් එක් දිශාවෙකද, අශෝක, බඳුවද, සපු, නා ගස් තවත් පැත්තකද ප්රි:යඬකර වූ යොහොඹු, කුන්ද් ආදී ලතාවලින් සැදුණු ලතා මණ්ඩප තවත් ස්ථානවලද ඇත්තා වූ;

40. අර්ථය :- (මී අඹ ගස්) මුදුනින් ඵල්ලෙන්නාවූ (මී අඹ) ගෙඩි තුඩු අගින් සිදුරු කොට ඉන් වෑහෙන්නා වූ අමෘතය වැනි පැණි බී විහාර අසල වූ වනගැබෙහි නොයෙක් තන්හි කෝකිල, පක්ෂි ධෙනුන් හා ලොභ බන්ධ නය කොට ඉදගෙන නාද පවත්වන්නාවූ;

41. අර්ථය:- හොඳින් පිපුණාවූ ගිරිනිල්ල මල් සමූහයක ශෝභාව මුවහ කොට, සඳැස් පිල් සමූහය විදහා නටමින් ගෘහ මයුර සමූහයා හැමවිටම නාද කරන්නා වූ; මුතුපට සමානව පැතිරී ඇති සුදුවන් වැලිතලාවෙන් සජ්ජිත වූහ.

42. අර්ථය:- ඒ විහාරයෙහ් අප්රමමාණව ඇත්තාවූ විසිතුරු බලතහොත් දහසක් නෙත් ඇති විෂ්ණුම සපන් වෙයි. ඒ විහාර ශ්රිොය ඇති ආකාරයෙන් කියතහොත්; අනන්ත නම් නාගරාජයා හැර ලෝකයෙහි වෙන කවරෙක් සමර්ථා වෙත්ද?

විස්තර: දස සත නයනා:- දහසක් නෙත් ඇති හෙයින් ‘දස සත නයන’ යනු ශක්රනයාට නමි. එහෙත් මේ කවියෙහි එයට විශෙෂ්යය වශයෙන් යක අත් ශබ්දය යොදා තිබේ. ‘සක අත් යනු චක්රට පාණී ශබ්දයට පර්යාක්ර ය වන හෙයින් විෂ්ණු වාචකයි. (‘සකක් අත්හි යමක්හටද එතෙම සක් අත්) ශක්ර.යාට ‘සක්’ මිසක ‘සක අත්’, ‘සකත්’ යන නාමය නොයෙදේ.

‘සහස්රාහක්ෂං පුරාතනම්’ යනාදී යෙදුම් වලින් දහස් නෙත් ඇත්තා යන අර්ථ්වත් ‘සහස්රාාක්ෂම’ යන නාමය ශක්රනයාට පමණක් නොව විෂ්ණුටද ව්ය‍වහාර කොට ඇති බැව් පෙනේ.


104 අසදෘශ ජාතක කාව්යයය

43. අර්ථය:- යහපත් වූ ඒ විහාර නමැති ආකාශයෙහි අනෙක විධ සඬඝ සමූහයා නමැති තාරකා මධ්ය යෙහි පූර්ණරචන්දහයා මෙන් බබළන්නා වූ, ධම්මක්ඛන්ධාතභිඛාන යතීන්ර්‍නෙයයෙක් විය.

44. අර්ථය:- ඒ යතිඳුන්ගේ පරපුර ජානනය කළ හැකි පරිද්දෙන්, අමෘතාකාරවූ කාව්යඅයක් කොට ප්රිකාශ කරම් ප්රනඥාසාරවූ සත්වායිනි, සතුටින් (එය) අසව්!

45. අර්ථය:- බුවනෙකබාහු: මෙහි සඳහන් වන්නේ 1521-1551 දක්වා කෝට්ටේ නගරයෙහි රජකළ vii වැනි බුවනෙකබාහු රජතුමාය.

46. අර්ථය:- බමුණන් අට දෙනාහට කන්ද උඩ ගම් නවය සන්නසකින් අයිතිකොට නියමකර, වෙනත් ස්ථිර සියලු සම්පත්තිය සමග දී;

47. අර්ථය:- ඔවුන් අතරේ සිටියා වූ බාලකෘක්ෂ ණා යන නම් ඇති, බමුණාගේ සශොභනවූ පරම්පරාවෙන් පැවත ආවාවූ;

48. අර්ථය:- සකල ශාසත්ර යෙහි කොටි ප්රාෂප්තව වසන්නාවූ මනොඥවූ මොරතොට යතිඳු, ඒ බමුණු කුලය නමැති මාණික්යා.වලියෙහි ප්ර භාවෙන් උජ්වලිත වූ ප්ර ධාන මැණිකක් මෙනි.

49. අර්ථය:- අප බුදුන් වහන්සේ විසින් ‍දෙශනා කරන ලද; ත්රි.පිටක ධර්මකය නොපිරිහෙළා දැනගෙන, නිසැකව කීමට (තුන් සිංහලයෙහිම) ත්රින සිංහලයෙහිම දැන් ප්ර සිද්ධව සිටින්නේ මේ යතිඳු මැයි.




                  අර්ථය හා විස්තර                                          105

50. අර්ථය:- මේ යති තෙමේ සිංහල, පාලි, සංස්කෘත යන භාෂා යහපත්සේ මුල් පිස දැනගෙණ, පොළො‍වට පැමිණි මහා බ්රතහ්මයා මෙන් ලෝකයෙහි ප්රයසිද්ධ විය.

51. අර්ථය:- මේ අපගේ යතීන්දියන් වහන්සේගේ කෝමල අත් නමැති නෙළුම් මලෙහි වූ; ත්යායග නමැති මල් ‍රොන් රැගෙණ, කවීන් නමැති භෘඬගයෝ සතුට වෙත්.

52. අර්ථය:- මේ යතීන්දතයන් වහන්සේ, දිශා නමැති කාන්තාවන්ගේ උර මැද, තමාගේ කීර්ති නමැති කපුරු ආලේප කොට, පිරිසිදුවූ භික්ෂුම සමූහයා නමැති ග්රපහ තාරකාවන් මැද පූර්ණව චන්දතයා පරිද්දෙන්, වැජඹුණු සේක.

53. අර්ථය:- (මුසවා ආදි වාග් දුශ්චරිතයන්ගෙන්) කිලිටු නොවූ මේ යතිවරයාගේ මුඛයෙහි, අවැඩදායක වචනයක් නොදැවටුණේය. අපගේ සර්ව ඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මේ සියල්ලම දිව අගම පිහිටියේය.

54. අර්ථය:- මේ යතීන්ද්රියන් වහන්සේ, ත්රිකපිටක ධර්මඳ නමැති කිරි මුහුද, සවකීය ඥාන නමැති මන්ථතයෙන් කලඹමින්, ගැඹුරු අර්ථි නමැති අමෘතය ගෙණ, සෑම කල්හිම සත්වියාට දෙන සේක.

විස්තර:- තෙවළා: මෙහි වළා යනු පිටක ශබ්දයෙන් බිඳුණු සිංහල ශබ්ද‍යකි. විනය, සූත්රි, අභිධර්මහ යනුවෙන් පිටකත්රඅයයකි.

55. අර්ථය:- ගැඹුරුවූ අර්ථූ නමැති තරඬ්ගයෙන් ශෝභනවූ, බුදුන්ගේ ධර්මක නමැති සාගරය, විශේෂයෙන්ම මේ යතිඳුන්ගේ ඥාන නමැති වෙරළින පැන, ඉක්ම යනු නො හැක.

56. අර්ථය:- මේ තෙරිඳුන් වහන්සේගේ නුවණැසට කරුණු පෙනෙන්නාවූ ආකාරයෙන්, දිව ඇසකට හැර අන්යේවූ මෙලොව සත්වනයෙක්හට නොපෙනේ.


106 අසදෘශ ජාතක කාව්යමය

57. අර්ථය:- මේ ලඬකාවෙහි සියලු පඬිවරයන් මේ යතිවරයා වෙතට අවුත්, ඇසූ ගැඹුරු අරුත්, තමන්වහන්සේ හස්තා මලකය ලෙසින් (දැන) උගන්වති.

විස්තර:- කරමලෙක විලස: හස්තා මලකය ලෙසින්, කර - යනු හස්තවාචී නත්සම රූපයකි. අමල - නම් නෙල්ලි ගෙඩියයි. එහෙයින් කරමල අතට ගත් නෙල්ලි ගෙඩිය යන අර්ථ දෙන්නේ යයි සමහරු අර්ථ දෙති. එහෙත් එය නො මැනවි. එය තැනට යොග්යාිර්ථය නොවේ. අර්ථ කථනයේදී, ඇතිතාක් වචනාර්ථ සලකා ස්ථානයට හා අවස්ථාවට යොග්යා්ර්ථැය ගතයුතු. “අමල” යනු කිලුටක් නැත යන අර්ථයෙන් චින්තාමාණික්ය යට නමයි. චින්තා මාණික්යැය යනු ජාති රඬග (දැරඟ) මාණික්යනයයි. සහජයෙන් ඔපය ඇති මැණික නිසාය. මේ මැණික අතට ගත්තෙකු‍ට පරචිත්ත විඡානනඥානය (මැණික අතේ තිබෙනතුරු) පහළ වෙයි. ඕනෑම දෙයක් ප්රතත්යදක්ෂපයෙන් අවබෝධ වෙයි. උමංදාවෙහි “දැරඟමිණකිසේ නිර්මලවූ” යන යෙදුමෙන් ද “අ+මල” නාමය දැරඟ මිණටම විය යුතු බව පෙනේ. “අතුල් තලයෙහි තිබූ දැරඟ මිණක් සේ සියළු ධර්මවයන් සර්වමකාරයෙන් විනිවිද දක්නාවූ” යන උමංදා යෙදුම විමසන්න.

58. අර්ථය:- මේ යතීන්දඟයන් වහන්සේ සිතෙහි වූ කරුණාවෙන් (ශිල්පීනට) බොහෝ වූ අනර්ඝ වස්තු දෙවා බුඬරූප බඳවමින් ශ්රවද්ධාවෙන් බොහෝ වූ විහාරයන් කරවූ සේක.

59. අර්ථය:- මේ යතිවරයා දළදා වහන්සේට වරින්වර පිදූ දෙය නියම කොට ප්රරකාශ කිරීම පිණිස, අනන්ත නම් නාගරාජයා ස්වල්ප වශයෙන් පොහොසත් වේ මැයි.

60. අර්ථය:- සඬඝයා කෙරෙහි සිත් පැහැද, සියලු කල්හි දෙන්නා වූ පිරිකර, තත්වාමකාරයෙන් කියතොත් මට අන්ය වූ මුඛ සහස්රහයක් (කටවල් දහසක්) ලදුවත් ප්රෙමාණවත් නො වේ.


                            අර්ථය හා විස්තර                                107

61. අර්ථය:- කලහකාරී වූ භික්ෂූ න්ට නොකඩවා අවවාද දී, චිත්තයෙහි දුශ්චරිත මර්දනය කොට, ලඬකා ශාසනාභිවෘඬිය සඳහා වැඩ කෙළේ මේ යතිඳුමය.

62. අර්ථය:- අනර්ඝ වස්ත්රව දානය කරවමින් නොයෙක් ධර්ම් ග්ර න්‍ථ ලියවා, ප්රිඥාවත් වූ සඬඝයාට මඳක් හෝ ලොභ සිතකුදු ඇති නොකොට දානය කරවත්.

63. අර්ථය:- සිත්හි කිසිදු දෝෂයක් නුවූවා වූ, යහපත් වචන ඇත්තා වූ, මේ යතීන්‍ොවාතතමයා සමීපයෙහි සිටියා වූ අනෙතවාසික සඬඝ සමූහයා නිසි නොවූ (නුසුදුසුවූ) කිසිත් දෙයක් නොකරත්.

64. අර්ථය:- මේ යතීන්දසයන් වහන්සේ ගුණ රාශිය කල් නොයවා තත්වා කාරයෙන් වර්ණනනා කරතොත්, අනන්ත නම් නාගරාජයාද; අගස්ති සෘෂිද යන දෙදෙනා නොහොත් අනන්ත, ද්රෝතණාචාර්ය්යද, ප්රුභාකරාවාර්ය්නම් යන මොවුන් හැර නොහොත්, අනන්ත, වෘහස්පති, ද්රෝහණාචාර්ය්ර්ය යන මොවුන් හැර, ලොව කවර නම් කෙනෙක් පොහොසත් වෙත්ද?

විස්තර:- ගුරුගුරු: වෘහස්පතිහුගේ ආචාර්ය්ක වරයා වූ අගස්ති සෘෂිවරයා ‘ගුරුගුරු’ නමි. මෙහි ගුරු ගුරු යන පදය එකම පුදගලයෙකු සඳහාම නොව එයින් තවත් තේරුම් වටහා ගත හැක.

මිමාංසා නමැති දර්ශින ශාස්ත්‍රය පිළියෙළ කළ ප්රාභාකරාචාර්ය්ශන වරයා ද ගුරු නාමයෙන් ප්රාසිද්ධ ය. ධෘතරාෂ්ට්ර්, පාණ්ඩ්ය යන දෙදෙනාගේ දරු කුමරාට ශිල්ප ඉගැන්වූ ද්රොඩණාචාර්ය්ෙද වරයා ද ගුරු නාමයෙන් ප්රාසිද්ධය.

65. අර්ථය:- බුදුන් දෙසූ සදධර්ම්ය කියවීමෙහිද, ලියවීමෙහිද, ආනිශංස හස්තාමලකයක් සේ අවබොධ කොට ගෙණ, මේ යතීන්ද යන් වහන්සේ සතොස වැඩූ සේක.

108 අසදෘශ ජාතක කාව්යතය

විස්තර: හස්තාමලකයක්සේ = (57 වෙනි කවට දී තිබෙන විස්තරය බලන්න.)

66. අර්ථය:- බඹ, දෙව්, මිනිසුන්ගේ හිස් මුදුන්හි තම පා නමැති පද්මය පිහිටෙව්වා වූ, අප මුනිඳුන් විසින් දේශනා කරන ලද, ලොකයාහට මොක්ෂ්ය ගෙන දුන් ධර්මුයන් අතුරෙන්;

67. අර්ථය:- මාගේ ඉෂ්ට මිත්ර්වූ ධර්මස්කන්ධ යන නාමයෙන් ශෝභන වූ ඒ යතිවරයා සිය සිත කරුණාව හා එක් කොට;

68. අර්ථය:- මොක්ෂකශ්රීඅය ලබන පරිද්දෙන් ගැඹුරුවූ ධර්මියක් සිංහළ භාෂාවෙන් පද්යාර බන්‍ර-නය කොට කියනමෙන් සතුටින් ආරාධනා කළ හෙයින්;

69. අර්ථය:- ඒ ආයාචනය භාර ගෙණ, විශේෂයෙන් කේලශයන් නැතිකොට මතු කාලයෙහි බුද්ධත්ව-යට පැමිණ යහපත් සේ “ලෝවැඩ කරමි” යි කරුණාවෙන් සිතා;

70. අර්ථය:- ලංකාව එක්සත් කරමින් සතුරන්ගේ මානය බිඳ දමා, විශේෂයෙන් සකල ව්යරක්ථයන්ගේ මස්තකය තමාගේ පා පියුම් දෙකින් සරසා;

71. අර්ථය:- නොයෙක් දුශ්චරිතයන් අත්හැර සිත්හි කුසල චේතනාවන් සම්පූණිකොට, ධර්මකයට ප්රේතමකොට ‘ බුදු බවම ලබමි’ යන ප්රාොර්ථ නය කරමින්;

72. අර්ථය:- සිත්හි ශ්රෙ ෂ්ඨ අදහස් නැත්තා වූ, පඬින් නමැති හස්තීන්ගේ කුම්භයන් භග්න කළාවූ, සිංහයෙකු වැනිවූ, ශ්රීප කාන්තාව උරෙහි වාසය කරන්නාවූ, ශ්රීය රාජාධි රාජසිංහ නමැති නරශ්රෙවෂ්ඨයා වූ;

විස්තර:- ශ්රීා රාජාධි රාජසිංහ: ලංකාවේ සිංහල රාජවංශය නරෙන්දවසිංහ රජුගෙන් කෙළවර විය. 1739 දී එතුමා ජනමාන්තර ගතවූවාට පස උඩරට රජ පැමිණියෝ

                            අර්ථය හා විස්තර                                   109

නායක්කාර් වංශික රජවරු වෙත්. මෙහි සඳහන් රාජාධි රාජාසිංහ රජතුමාද නායක්කාර් වංශිකයෙකි. කීර්ති ශ්රීර රාජසිංහ රජතුමාගේ සොහොයුරෙකු වූ එතුමා 1782 – 1798 දක්වා උඩරට රාජධානිය පාලනය කෙළේ ය.

73. අර්ථය:- ප්රරඥාසාරයෙනි! මේ මාගේ සිත්හි නිස්සාරතාවය හේතුකොට ගෙන ඇති විය හැකි සියලු පද්රධර්ථ ‍ද්රෙපෂයන් දුරුකොට, මධුර පදයන්ගෙන් යුක්තව කියන්නා වූ බණ පද අසනු මැනවි.

74. අර්ථය:- මහා ප්රාාඥවූ පඩිවරයන් පවා නොදුටුවා වු බුදධ ගුණයේ කෙළවර, රඡෙකු වුවත් මම කෙසේ නම් නිසැකව (මුඵමනින්ම) ප්රවකාශ කෙරෙම්ද ?

75. අර්ථය:- බ්ර හ්ම හා සුරයන්ගෙන් යහපත් පුද ලැබූ ආනන්ද කර වූ මුනීන්ද්ර යාට, ජනයා තමන්ට ලැබුණු මඳ දෙයකින් පූජා කළත්, එහි කවර නම් වරදක් ද?

76. අර්ථය:- පූර්වතයෙහි මේ අපගේ බොධිසත්වකවක් වහන්සේ බඹදත් රජුගේ පින්වත් පුතෙකුව ඉපිද වීර්ය්මන පාරමිතාව පිරුයේය.

77. අර්ථය:- උන්වහන්සේ‍ගේ ඒ ගුණ නමැති මහා සාගරයෙන්, අබ පියල්ලකින් ගත් දියත්තක් මෙන්, මඳක්, මේ මාගේ ඥාන ප්රපමාණයෙන්, සිංහල භාෂාවෙන් පද බැඳ කියමි.

78. අර්ථය:- සත් පුරුෂයිනි! අප මුනිරජ පිළිබඳ වූ පූර්ව, චාරිත්ර්යකින් රැඳුනා වූ, මාගේ වචන නමැති අමෘතය, කන් නමැති දෝතින් බොමින්, නිවන් පතා තුටු වව්!

79. අර්ථය:- මේ කල්පයට චතුරාසඬඛ්ය කල්ප ලක්ෂඳයකට පෙරාතුව, නොයෙක් ලෙස ප්ර සිද්ධ වූ සාරමණ්ඩක නමින් කල්පයක් විය.


110 අසදෘශ ජාතක කාව්ය ය

විස්තර:- සාරමණ්ඩන: එක් බුදු කෙනෙකුන් උපදනා කපසාරකල්ප නම් වෙයි. දෙදෙනෙකු උපදනා කප මණ්ඩකල්ප නම් වෙයි. තුන් දෙනෙකු උපදනා කප වරකල්ප නම් වෙයි. සතර දෙනෙකු උපදනා කප සාරමණ්ඩකල්ප නම් වෙයි. පස් දෙනෙකු උපදනා කප භද්රසකල්ප නම් ‍වේ. දැන් මේ කප මෛත්ර.ය තථාගතයන් ඇතුළුවූ බුදුහු පස් දෙනෙක් වෙති. එහෙයින් මේ භද්රත කල්ප නම් විය. පස් බුදු කෙනෙකුන්ගෙන් උතුම්වූ භද්ර‍ කල්පයෙහි, කුකුසඳය, කොනාගමනය, කාශ්යවපය, ගෞතම යන සර්ව්ඥවරයෝ සිව් දෙනෙක් පහළ වූහ.

80. අර්ථය:- ඒ කල්පයෙහි බුදු බවට පැමිණ ෂඩ්වර්ණෙ රශ්මියෙන් දිලිසෙන්නාවූ; ජගත් නමැති උදය පර්වබත මුදුනෙන් දීපඬකර මුනින්ර්නාව නමැති සූර්ය්යාට සමප්රාීප්තව;

81. අර්ථය:- කෙලෙස් නමැති අඳුර දුරු කොට, විනෙයජනයා (හික්මවිය හැකි ජන සමූහයා) නමැති කුමුදු පුබුදුවා, දඹදිව්තලය නමැති අහසෙහි ශරත් සමයෙහි සූර්ය්යා මෙන් වැඩ වාසහ කරන කල්හි;

82. අර්ථය:- ‘සුදර්ශ න විහාරයේ සිට රඹගම් නුවරට ‘වඩිත්’ යයි අසා ජනයා සතුටුව, මාර්ග ය එළි පෙහෙළි කිරීමට පටන් ගත්හ.

83. අර්ථය:- (ඔව්හු) කුණු කසල ඉවත් කොට, වැලි අතුරුවා නොරන් බැඳ, පුන් කලස් තබ්බවා, බොහෝ ලෙස මාර්ගවයෙහි වැඩ කරති.

84. අර්ථය:- සුමෙධ සෘෂින් අහසින් වඩනා කල්හි වහා ඒ දැක, තමා සන්තෝෂයෙන් බිමට බැස; මේ අයුරින් තත්වාය අසා;

85. අර්ථය:- ‘මෙයින් (මාර්ගකයෙන්) ස්වල්පයක් (සවල්ප කොටසක්) දුන්නේ වී නම් ඒ තනමි’ යි; බොධිසත්ව;යන් වහන්සේ කී කල්හි, තෙත් බිම් වලින් යුක්තවූ; මඩ ඇති බිමක්, සිත්වූ පරිද්දෙන් පිස දමන ලෙස දුන්හ.


                         අර්ථය හා විස්තර                                     111

86. අර්ථය:- ප්රෙයමයෙන්, වීර්ය් ය දැඩිකොට, ‘නොපමාව පුරවමි’ යි යන අදහසින් පස් ගෙණ අවුන් දමා, මර්ගරයේ වැඩ නියම කාලයට අවසාන කර ගත හැකි නොවූ කල්හි;

87. අර්ථය:- ‘ශොභන වූ දීපඬකර මුනීන්ර් යන් වහන්සේ, හාරලක්ෂරයක් රහතුන් වහන්සේලාද, නොයෙක් පරිවාර ජනයාද සහිතව වඩින බැව්, සුමෙධ තවුසා දැක;

88. අර්ථය:- ‘අනාගත කාලයෙහිදී මාරයා පිටු දකිමි’ යි; මඩ මතුයෙහි නොවැඩ පිට උඩින් වඩින පරිද්දෙන් අතුරන ලද, දිවිසම පිට (හේ) වැද හොත්තේය.

89. අර්ථය:- ‘මා අනාගතයෙහි වජ්රාරසනය හිඳ බුදුවෙන කල්හි සිතවූ පරිදි සාක්ෂි: කියව’යි; මහී කාන්තාව සිප සැනසුවක් මෙනි.

90. අර්ථය:- ‘විශෙෂයෙන් ජීවිතය පූජා කරමින් සිටින්නාාවූ මේ වීර පුරෂයා කවරෙක් වෙත්දැ’යි; සනෙතාෂයෙන් යුක්තව මුනීන්රොවරෙකත්තමයන් වහන්සේ දිව්යාෙක්ෂීමන් යොමු කොට බලා;

91. අර්ථය:- තාපසයන් වහන්සේගේ හිස ඉදිරියෙහි (සමීපයෙහි) වැඩ සිටියා වූ, ස්ථිර (බුද්ධ) ඥානයෙන් යුත් සර්වයඥයන් වහන්සේ එකල්හි බ්ර හ්ම ඝොෂා කොට විස්තර සහිතව වදාල සේක.

92. අර්ථය:- “දස පාරමිතා පුරමින් චතුරාසඬ්ය්ුත් කල්ප ලක්ෂරයකට මත්තෙහි ගෞතම යන නාමයෙන්, සත්වනයන් සන්තෝෂ කරන්නාවූ; සර්වයඥයන් වහන්සේ කෙනෙක් වෙත් ය” යි;

විස්තර:- දසපාරමිතා: “දානං සීලංච නෙකඛම්මං පඤ්ඤා විරියෙන පඤ්චමං - ඛන්ති සච්චමදිටඨානං මෙත්තු පෙකඛාති මෙ දස” බුද්ධත්වතය ලැබීම සඳහා, බුද්ධාඬකුරයෙකු විසින් පිරිය යුතු පාරමිතා දසයයි මේ. (බුද්ධ කාරක ධර්මයයි ද යෙති.) 112 අසදෘශ ජාතක කාව්ය ය

93. අර්ථය:- සන්තුෂ්ටව විවරණ දානය කෙරෙමින්, තුන් වාරයක්ම ප්ර දක්ෂි ණා කොට, මල් අට මිටක් පූජා කොට මුනීන්ර්ප්රයන් වහන්සේ ඒ බොධිසත්වනයන්ගේ පිට නොපාගා වැඩි සේක.

විස්තර:- පැදකුණු කොට පැ’දකුණු කිරීම නම් දකු’ණත ඇතුළට සිටින සේ වටේට ගමන් කිරීමයි. මෙය උතුමන් පිදීමේ ආර්ය්යද චාරිත්රේයකි. (සොහොන් ගිනි දල්වන අන්දීම ගැන විමසන්න)

94. අර්ථය:- ඒ ස්වාමීන්ගේ ප්රා තිහාර්ය්යව දැක, මහා සඬඝයා ඇතුළු බ්රිහ්ම, දිව්ය , මනුෂ්යතයෝ අතිශයින්ම සිත් සතුටුව, අප්රුමාණවූ භක්තියෙන් නොමඳ පුද පූජා කරමින් ගියහ.

95. අර්ථය:- පූජා කළාවූ නානාවිධ පුෂ්ප මස්තකයෙහි, ශඬකා රහිතව නැගී වැඩ සිට, බුද්ධකාරක ධර්මායන් එකින් එක පිළිවෙළින් සිතන කල්හි;

විස්තර:- බුඬකාරක ධර්මබයන්: බුදු බව සිදු කර දෙන හෙයින් පාරමෟ දම් (92 වෙනි කවේ විස්තර බලන්න)

96. අර්ථය:- ‘ඔබ තුමා බුදු බව ලබන කාලයෙහි වසවර්‍තති මාරයා (එරෙහිව) යුද්ධ කිරීම පිණිස ආවිට, මා දත් සාක්ෂිෙය කියන්නෙමි” යි කායන්නාක් මෙන්, මහීකාන්තා තොමෝ කම්පා වූවාය.

97. අර්ථය:- පඤචවිධවූ මහදන් දෙමින්, සමතිස් පාරමී පුරමින් චතුර්විංශද් ප්ර මාණවූ, මුනීන්ර්්න්යන් වහන්සේලාගේ දවස්හි සිත් සතුටුව විවරණ ලබා ගෙන;

විස්තර:- මහදත් පස: (පඤ්චමහා දාන) ඇස්, ඉස්, මස්, ලේ ජීවිත යන පස දානය කිරීම.

පෙරුම් සමතිස: දශ පාරමී, දශ උප පාරමී, දශ පරමර්ථ පාරමී, යන වශයෙන් ගත් කළ; තිහකි.

                                      අර්ථය හා විස්තරය                     113

සූවිසි විවරණ ලැබීම:

1 විවරණය:- සුමෙධ තාපසව සිට, දීපඬකර බුදුන් වහන්සේගෙන් 2 ,,  :- විජිතා නම් සක්විති රජව සිට, කොණ්ඩඤ්ඤ බුදුන් වහන්සේගෙන් 3 ,,  :- සුරුවි නම් බමුණුව සිට, මඬගල ,, 4 ,,  :- අතුල නම් නා රජව සිට, සුමන ,, 5 ,,  :- අතිදේව නම් බමුණුව සිට, රෙවත ,, 6 ,.  :- අජිත නම් බමුණුව සිට, සෝභිත ,, 7 ,,  :- යක්ෂ සේනාධිපතියෙක්ව සිට, අනෝමදස්සී ,, 8 ,,  :- සිංහ රාජයෙක්ව සිට, පදුම ,, 9 ,,  :- තවුසෙක්ව සිට, නාරද ,, 10 ,,  :- ජටිල නම් මිනිසෙක්ව සිට, පදුමුත්තර ,, 11 ,,  :- උත්තර නම් තරුණෙක්ව සිට, සුමෙධ ,, 12 ,,  :- සක්විති රජෙක්ව සිට, සුජාතා ,, 13 ,,  :- කාශ්යතප නම් බමුණුව සිට, පියදස්සී ,, 14 ,,  :- සුසිම නම් තවුසෙක්ව සිට, අත්ථපදස්සී ,, 15 ,,  :- ශක්ර්දෙව රාජව සිට, ධම්මදස්සී ,, 16 ,,  :- මඬගල නම් රජව සිට, තිස්ස ,, 17 ,,  :- සුජාත නම් රජව සිට, පුස්ස ,, 18 ,,  :- විජිතාවි නම් රජව සිට, ඵුස්ස ,, 19 ,,  :- අතුල නාරජව සිට, විපස්සී ,, 20 ,,  :- අරින්දම නම් රජව සිට, සිඛී ,, 21 ,,  :- සුදර්ශමන නම් රජව සිට, වෙස්සභු ,, 22 ,,  :- ක්ෂේම නම් රජව සිට, කකුසන්ධ ,, 23 ,,  :- පර්ව්ත නම් රජව සිට, කෝණාගම ,, 24 ,,  :- ජෝතිපාල නම් බමුණුව සිට, කාශ්යෝප ,,

යනාදී බුදුවරයන් වහන්සේලාගෙන් තමන් වහන්සේ සථිර වශයෙන්ම බුදුවන බව විස්තර ලෙස දත්සේක.

                                                                                                   8

114 අසදෘශ ජාතක කාව්ය ය

98. අර්ථය:- වෙස්සන්තරාත්මභාවයෙහිද ඉපදී, සප්ත ශතක දානය දෙමින්, බමුණාහට ප්රිවයමබිකාව සහ දරුවන්ද දුන් කල්හි; මහී කාන්තාව සත්වාරයක් කම්ප වූවාය.

විස්තර:- සත්සත දානය: හස්ති, අශ්ව, රථ, ගොන්, මී දෙනුන්, කිරිදෙනුන්, රාජ කන්යාෙවන්, දාසීන්, දාසයන්, ආදී නොයෙක් නොයෙක් දේ සත්සියය බැගින් සාදවා රුවන් ගබඩාවන්හි දොර’ගුලු හරවා, ‘කැමති කැමති ප්රීමාණයක් වස්තු ගනුව’යි නියොග කොට දුන්නාවූ මහා දානයයි. වෙස්සන්තර රජතුමා විසින් මෙබඳු දානයක් දෙන ලදි.

99. අර්ථය:- තුසිත පුරයෙහි ඉපිද නොයෙක් දෙවියන් පිරිවරා ගෙණ මනෙඥවූ ඒ බොධිසත්වෙයන් වහන්සේ බොහෝ කාලයක් සැප විඳ උන් කල්හි;

100. අර්ථය:- දස දහසක් සක්වළ දිව්යස බ්ර හ්මයෝ රැස්ව, සතුටින් වැඳ “බුදු බව ලැබීමට කාලය යි, (එහෙයින් මනුෂ්යප ලොකයට වැඩිය මැනවැ” යි; කීහ.

විස්තර:- සක්වළ: (චක්රකවාට) එක් සූර්ය්ට යෙකු හා චන්ර්ේ ජයෙකුගේ රශ්මි පැතිරෙන ප්රබමාණ ලොක ධාතුව එක් සක්වළකි.

101. අර්ථය:- ඒ බුද්ධාංකුරයන් වහන්සේ, බ්රරහ්ම, දිව්යෙයන් ආයාචනය කළ කල්හි; ප්රකසන්නව දිශානත්ර‍යන් ආවෘත කොට, නිරන්තරයෙන්ම ඓශචර්ය්:මායෙන් පිරුණාවූ, තුසිත පුරය අත්හැර;

102. අර්ථය:- කීර්ති නමැති සඳුන් ආලේපය, දිශා නමැති ඇතුන්ගේ කුම්භයන්හි ආලේප කළ, ධර්මතයට ගිජු වූ,ශරීරාලඬකාරයෙන් හා මනසින් සෘජු වූ, සුධොදන නම් උතුම් මහරජාණන් වහන්සේ නිසා;


අර්ථය හා විස්තර 115

103. අර්ථය:- චන්‍ද්රමයා වැනි මුහුණින් ද, හාස්යියෙන් ද යුක්ත වූ, හංසයන් හැසිරෙන්නා වූ විලක් වැනි වූ; රූපයෙන් හංසයෙකුගේ ශ්රිුය වැනි වූ මායා බිසවුන්ගේ කුසෙහි ජනිත විය.

104. අර්ථය:- එකර්ධජ දශ මාසයක් පිරුණු කල්හි (මාස නවය හමාරක්) ලෝකයට වැඩ සලසන්නා වූ කුමාරෙන්ර්ස යා බිහිව, නැංගා වූ පියුම් මඩිමින් සත් පියවරක් උතුර‍ට වැඩම කොට;

විස්තර:- පිරි මස දස එකඩ : යන්නෙන් සලකා යුත්තේ නවමස් පසළොස් දවසක් පිරුණු විගසම උපන් බව නොව එතෙක් කල් නො පිරි නූපදින බවය. උත්තමයින්ගේ උත්පත්තිය මෙසේමය. ඒනිසා බෝසතුනට දස මාසය හෝ ඊට වැඩි වුවද හෝ කාරණයක් නො‍ වේ.

105. අර්ථය:- අභීත වූ සිංහනාද පවත්වා ශක්රය, බ්ර හ්මාදීන්ගෙන් පුද ලැබ, සත්වයයන් හට ප්රානතිහාර්ය්ුත දක්වා, තුන් ලෝකයෙහිම (තම) කීර්තිය ව්යා ප්ත කරවූයේය.

106. අර්ථය:- ඒ උතුමා, පූර්වය පක්ෂියෙහි චන්ර්ව යා පරිද්දෙන් දිනයක් දිනයක් පාසා වැඩි, සත්ව-යන්ගේ සිත් සතුටුකොට යෞවන භාවය නැමැති ශ්රී, කාන්තාව වැළඳ ගත් කල්හි;

107. අර්ථය:- රම්බා නමැති දිව්යැඬගනාවගේ වැනි නොහොත් කෙසෙල් කඳක් වැනි වටොරින්ද, රන් කළ වැනි පියයුරු වලින් ද යුක්තවූ, රූපශ්රීරයෙන් ශ්රිව කාන්තාව හා සමාන වූ, බිම්බා නම් බිසවුන් අග මෙහෙසිය කොට;

108. අර්ථය:- අනඬගයා වැනි රූප ශ්රීා සාරයෙන් යුක්තව ශක්රමයා පරිද්දෙන් නාටිකාවන් සතළිස් දහසක් පිරිවරා ගෙණ මාගේ ස්වාමීන් වහන්සේ නොයෙක් රජ සැප සම්පත් විඳින කල්හි;



116 අසදෘශ ජාතක කාව්ය ය

109. අර්ථය:- සූර්ය්යඳ රශ්මිය නො වැටෙන්නා වූ, මල් හා ගෙඩිවලින් විසිතුරු වූ, ඝන ශාඛා මණ්ඩල ඇති, වෘක්ෂකයන්ගෙන් සැදුණු උයනට එතුමා යන කල්හි;


110. අර්ථය:- ඒ ස්වාමීන් වහන්සේ, ත්රිවවිධ පූර්ව් නිමිත්ත දැක, (නැවත) ආ රූපය වූ ඉෂ්ට ශ්රසමණ රූපය දැක, ‘මාගේ රූපය මෙසේ වන්නේ කෙසේදැ’යි;

112. අර්ථය:- “සංසාරයෙහි දැවටීමෙකි. එහි ආශා නොකොට යුතුය”යි (කියා) රන් කොඩි බඳනා ලද රථයට නැගී ශක්රයදෙවෙන්ර් රූ ලීලාවෙන් වැඩිසේක.

113. අර්ථය:- තමගේ රූප ශ්රීාය නමැති රසාඤ්ජනය, උතුම් කාන්තාවන්ගේ ඇස්හි ආලේපකොට ජනයන්ගේ සිත් සතුටු කොට, ඒ බොධිසත්වජයන් වහන්සේ රාජ විමානයට වඩිමින්;

114. අර්ථය:- බොහෝ වූ මල් ගැවසූ ශ්රී් යහනාවෙහි වැඩ හිඳ‍ ගෙණ, උණ ලී නළා හා වීණා ආදියේ නාදයෙන්ද, ගී නාදයෙන් ද, මද්දල බෙර විශේෂයේ නාදයෙන්ද;

115. අර්ථය:- නාටිකා ස්ත්රීනන්ගේ නැටුමට තම‍ාගේ සිත සතුටු නොවීමෙන්, මඳ වේලාවක් නිදා සිට පිබිදී, වට පිට බැලූ කල්හි;

116. අර්ථය:- නාටිකා ස්ත්‍රීන් සමූහයා නිද්රොූපගතව, දත් සපමින්, කෙළ පෙර පෙරා සිටිනු දැක; ඒ බොධිසත්ව්යන් වහන්සේ සිත කල කිරී;

117. අර්ථය:- ඡන්න නම් අමාත්යා‍ කැඳවා; “අශ්වයා සරසා වහා දැන් මෙතනට ගෙනෙව” යි බොධිසත්ව්යන් වහන්සේ එවිට කියා;

අර්ථය හා විස්තර 117

118. අර්ථය:- ජන්නාමාත්යමයා අශ්වයා ගෙණා බව කී කල්හි; අපගේ උතුම් වූ බොධිසත්ව යන් වහන්සේ, ඌ පිට නැග මහත් වූ ජවවේග උපදවා; ඒ රාත්රි ය තුළදීම තිස් යොදුනක් වැඩ;

119. අර්ථය:- මහත් වූ කන්ථක නම් අශ්වයා, අනෝමා නම් ඇති පළල ඇති, ගගින් එතෙරට, බොධිසත්ව්යන් වහන්සේ පන්නවා;

120. අර්ථය:- ‘මහණ වෙමි’යි සිතා දකුණු අතින් කඩුව ගෙණ, කේශ කලාපය සිඳිමින් මහා බ්රඑහ්මයා දුන් තුන් සිවුරු දරමින්;

121. අර්ථය:- ‘බුද්ධයට පැමිණෙමි’යි සිත් ආශාවෙන්, උරුවෙල් නම් ජනපදයට වැඩම කොට, හය අවුරුද්දක් මුළුල්ලෙහි බොහෝ වූ දුෂ්කර ක්රිමයා කොට;

122. අර්ථය:- බොධිසත්වදයන් වහන්සේ, ඒ අජපල් නම් (නුග) ගස වටා වූ වෘක්ෂඅ ඡායාවෙහි වැඩ සිට, තුටු පහටුව, සුජාතාව විසින දෙන ලද කිරිපිඬු කළය දකුණතට ගෙණ;

විස්තර:- කිරිපිඬු - සුජාතා: යස කුල පුත්රඒයාගේ මෑණියන් දැ වූ සුජාතා තොමෝ උරුවෙල් දනව්වෙහි සේනාපතිගේ භාර්යාන් ව වූවාය. ඒ පුත්ර් රත්නය ලැබීම න්යයග්රොසධ වෘක්ෂූයට අධිගෘහීතවූ දෙවියෙකු‍ගේ ආනුභාවය නිසා යයි සිත් විය. ඒ දිනය සිහිකරීම සඳහා එදින පටන්ම එතැනට පැමිණ කිරිපිඬු පූජා කිරීම සිරිතක් වශයෙන් කළාය. ‘මෙදින ඒ රක්දෙවියා පහන්වී දෘශ්ය්මාන රූපයෙන්ම ඒ රුක මුල වැඩ සිටිය’යි. සිතා, පැන් නුමුසු කළ කිරිබත් පිස රන් තළියෙක බහා අලුයම එතැනට පැමිණ බෝසතුන්ට පූජා කළාය.

123. අර්ථය:- නෙරඤරාවට වැඩ භෝජන වළඳා තළිය උඩු ගං බලා යවා, (ඒ දැක) බෝසතුන් වහන්සේ සන්තොෂව;


118 අසදෘශ ජාතක කාව්යනය

124. අර්ථය:- මේඝ කූටයක් පරිද්දෙන් දිලුණාවූ, ශාල උපවනොද්යා නයෙහි දිවා විහරණයට සතුටු වී බෝධිසත්වයයන් වහන්සේ එම විටම වැඩම කොට;

125. අර්ථය:- මනාව පිපියාවූ සල් මල්හි හැපී, සුගන්ධවයද හැරගෙණ, එන්නාවූ මන්දඅ මාරුතය විඳිමින්, ගස් මුල වැටෙක රුක් සෙවනෙහි, ධ්යාරන සුවයෙන් වැඩ සිටින කල්හි;

127. අර්ථය:- ‘අද මේ හිමියෝ බුද්ධත්ව යට පැමිණෙති. එය දැකීමට පක්ෂීහන්ට යුග්ම නෙත්රව ඇති වේ. මට ඇස් දහසක් තිබේ’යයි කියන්නාක් මෙන් (මොනරු) පිල් විදහා රඟ දෙත්.

128. අර්ථය:- ‘බෝධිසත්ව යන් වහන්සේගේ විඩාව දුරු කෙරෙමැ’යි (යන සිතින්) හස්තීහු එකෙණෙහිම සොඬින් දිය බින්දු ඉසිමින් පවන් සලන්නාක් මෙන් කන් සෙලෙව්වෝය.

129. අර්ථය:- ‘රාවයක්ද පිම්බෙමු, උන්වහන්සේ පරදීදැ?යි; අපි දනිමු. (අපි) මේ ස්වාමීන් වහන්සේට වන්දි භට්ටයන් වෙමු’ (අපි උන්වහන්සේගේ ගුණ කථනය කරමු) කියන්නාක් මෙන්, කෝකිලයෝ තම තමන් රාවය කරත්.

130. අර්ථය:- ඒ වනයෙහි වෘක්ෂායක්, වෘක්ෂ්යක් පාසා හැසිරෙන්නාවූ, වඳුරන්ගේ ආකාරය කෙලෙස වූ ද යත්? ‘මෙදිනෙහි බුදුවෙත්’ යයි; පිනුම් පනින්නාක් මෙනි.

131. අර්ථය:- “මේ ස්වාමීන්ද්රසයන් වහන්සේ අද බුදු වෙති. මේ වනයෙහි වසන්නාවූ පක්ෂික සමූහයා උන්වහන්සේ දැකීමට වහා පැමිණෙව්” (කියා) කැඳවන්නාක් මෙන්, ගිරව් තුමු ප්රීසතියෙන් නාද කළහ.



                                 අර්ථය හා විස්තර                             119

132. අර්ථය:- ‘බුදුබව ලැබීමෙහි සප්රී තිය අවශෙෂ අයද දැනගනිත්වා’යයි කියන්නාක් මෙන්, උකුස්සෝ අහස් ගැබට නැග රාවය කරත්.

133. අර්ථය:- මෘදුවූ චන්ද්රව රශ්මිය කරණකොට ගෙණ; තන්හි තන්හි කුමුදු පිපුණි. (ආශ්රරයකොට) පුරුදු ඇති, පූර්වද දිශා නමැති කාන්තාව සූර්ය්පුණයා නමැති උතුම් ස්වාමියා ලඟට පැමිණියාය.

134. අර්ථය:- මනොඥවූ බෝ මලුවට පළලින් රියන් අටසියයක් පමණ වූ මර්ගකය, සමතලා කරමින් උතුම් දෙව් කැල මල් සමූහයකින් සැරසූහ.

135. අර්ථය:- ඒ බෝධිසත්වතයන් වහන්සේ, බ්රහහ්ම, ගරුඬ, අනෙක දිව්යක, ගාන්ධ ර්ව‍, සිඬවිද්යා්ධරාදීන් විසින් කරන ලද උතුම් පූජා ලැබ, බොධි මණ්ඩපයට වැඩම කරන කල්හි;

136. අර්ථය:- බොධිසත්වනයන් වහන්සේට, තුටු පහටු වූ සොත්ථිිය නම් බමුණා විසින් දෙන ලද, කුස තණ අට මිට පිළිගෙන, බෝමැඩට වැඩ, පොළොව මතුපිට සැලූ කල්හි.

137. අර්ථය:- දස සතර රියනක් උස්ව පැන නැංගාවූ, වජ්රා සනයෙහි සන්තෝෂයෙන් වැඩ සිටගෙණ, චතුර් අධිෂ්ඨානයන් මනාකොට ඉටා, බොධිසත්වචයන් වහන්සේ සිටි කල්හි;

විස්තර:- සිව් අදිටන්: ‘මාගේ ශරීරයෙහි ලේ, මස්, ඇට, නහර, වියලී ගියෙද, සුණු විසුණු වී ගියද; මාගේ මනොරථය මුදුන්පත් වනතුරු මේ අසුනෙන් නොනැගිටිමි’යි අධිෂ්ඨාන කරගැනීමයි.

138. අර්ථය:- ‘සිද්ධාර්ථියා බුද්ධත්ව.යට පත්වුවහොත්, තුන් ලොවටම අග තැන් පත්වෙයි. ‘මම උත්සාහ කොට එසේ වීමට ඉඩ නොදෙමි’යි සිතා වසවර්ති මාරයා කෝප නමැති ගින්නෙන් දිලීය.

120 අසදෘශ ජාතක කාව්යීය

139. අර්ථය:- මුහුණ පන්සියයක්ද, අත් දහසක්ද මවා ගෙණ, නාන ආයුධ රැගෙණ, රතුවූ මහත්වූ ඇස් කරකව කරකවා;

140. අර්ථය:- දැඩි වීර්ය්ය යෙන් යුක්තවූ මාරයා හා සේනාවෝ අතක් අතක් පාසා ආයුධ ලෙලවමින්, කෲර වචන කියමින්, බොහෝවූ භයංකාර වේශ මවා ගත්හ.

141. අර්ථය:- (මරු තුමු) ගිරිමෙඛලා නමැති හස්ති රාජයා පිටට පැන නැගී කෝපයෙන් දත් කමින්, මෙලෙස කියමින් (මාර) සේනාව මෙහෙයත්.

142. අර්ථය:- රැවුල් අඹරව අඹරවා, මහදත් පෙන්වා (විලිස්සමින්) හඬගා, ඒ සිද්ධාර්ථයන් බිය ගන්වා “අල්වා ගණුව, බඳුව”යි වසවර්ති මාරයා කීයේය.

143. අර්ථය:- මාරයා කෙරෙහි බියපත්වූ සිතැති දෙවිවරු, අත්වලින් ගත්තාවූ පූජා හැර දමාලා, ඒ බොධිසත්ව්යන් වහන්සේ හැර ශක්රායා, බ්රයහ්මයා ආදී සියල්ලෝම ඉවතට දිවූහ.

144. අර්ථය:- අතක් අතක් පාසා නොයෙක් පූජාවන් ගෙණ, රැකවරණය පිණිස හුන්නාවූ දිව්යඅ සමූහයා, බියකරුවූ මාර සේනාව දැක, සැක සිත් පහළවී, ඒ වීරයා හැර ‍(සෙ‍ස්සෝ) දිවූහ.

145. අර්ථය:- අප බොධිසත්ව යන් වහන්සේ සිත කිසිසේත්ම බියපත් නොවී, “මා විසින් ඇති කරන ලද පාරමිතා නමැති යොධයන් දස දෙනෙක් වෙත්”යයි සිතා;

146. අර්ථය:- ‘දස බිමබරක් ප්රතමාණවූ මාර, සේනාවක් පැමිණියත් පාරමිතා නමැති යෝධ භටයන් යව කෲරධාරීවූ ඒ මාර සේනාව ජයගනිමි’යි; බොධිසත්වඒයන් වහන්සේ කල්පනා කොට;


                         අර්ථය හා විස්තර                           121

විස්තර:- දස බිම්බර: බිම්බර යනු ‍යම් තරම් ප්ර මාණයක් පොළො‍ෙව් එක් පැත්තකට ගියවිට ඒ පැත්ත මුළු මනින්ම පහත් ‍වේද? එතරම් ප්රතමාණයක් යයි යෙති. දස බිම්බර යනු එවැනි ප්ර මාණ දශයෙකි. (මෙය තවත් විමසිය යුත්තකි.)

147. අර්ථය:- නවවිධ වර්ෂප වස්වමින්, රෞද්රේ (හඬ ඇති) මහ බෙරද ගස්වමින්, ගිනි පුපුරු ඉස්වමින්, රොෂවූ වසවර්ති මාරයෝද යුඬයට වන්හ.

148 අර්ථය:- “මගේ වඡ්රාෙසනය පිට වැඩ හිදිමට තොපට අයිතියක් නැත. (අසවාමික) වහා පලායව” යි; වස වර්තයති මාරයා රොෂයෙන් කී කල්හි:

149. අර්ථය:- “සිත්වූ පරිද්දෙන් වජ්රාපසනය ලැබීම සඳහා තොප කළාවූ පුණ්යක කර්මුය වහාම කියව”යි ඒ සවාමීන් වහන්සේ කී කල්හි;

150. අර්ථය:- “මේ ආසනය මට හිමි බැව් දන්නෝ වටපිට සිටිත්. තොපට සාක්ෂික කවරෙක් වෙත්දැ?”යි වස වර්තවතිමාරයා ඇසූ කල්හි;

151. අර්ථය:- බුද්ධාඬකුරයාණන් වහන්සේ, පැතුරුණාවූ රක්ත වර්ණ5නවත්, ඇඟිලි නමැති පත්රණයෙන් යුක්ත අත් නමැති, පියුම බිමට දිගුකොට, මහීතලය කම්පා කරවා සාක්ෂි‍ කියවමින්;

152. අර්ථය:- යුද්ධ ප්රාරප්තවූ වසවර්තිති මාරයා විසින් ඔහුගේ හස්තියා මෙහෙයූ කල්හි බෝසත් තෙමේ (හස්තියා) දණ ගස්වා, සිත භය ගන්වා, මාන මර්දධනය කරවීය.

153. අර්ථය:- මාර සේනාව පළවා හැර සැනෙකින් ජය ගෙණ, තමන්ගේ (බල) මහිමය පෙන්වමින් බෝධි සත්වයයන් වහන්සේ නිශ්චලවම හුන්සේක.


122 අසදෘශ ජාතක කාව්යවය

154. අර්ථය:- ඒ ස්වාමීන් වහන්සේගේ ප්රාශතිහාර්ය්ේ ය දැක, දිව්යි, බ්ර හ්මයෝ සන්තෝෂව අවුත්, පූජා කර කර, මේ සක්වළ තුළෙහි පිරී සිටියහ.

155. අර්ථය:- සූර්ය්හන්යා අස්ත පර්වහත ගතවූ කල්හි; (හිරු බැස ගිය කල්හි) ඇති වූ අන්ධකාරය කවරාකාරදැ?යි කියතහොත්; වසවර්තිති මාරයා පරාජිතවී (ඒ) දුකින් කළුපාට ඇඳුමක් හැඳ ගත්තාක් වැන්න.

156. අර්ථය:- බුඬ මඬගල්යාය කෙරෙහි ඇති ආශාවෙන්, දිව්යත සමූහයා විසින් පුජා පිණිස ඉසින ලද විලඳ පරිද්දෙන්, ආකාශයෙහි අප්ර මාණවූ තරු පෙළ පෙනුණි.

157. අර්ථය:- බුඬ මංගල්යදය දැකීමට ආශාවෙන් පෙරදිග නමැති කාන්තාව චන්ර්ර්ථ නමැති දැඩි (ආටෝප) තිලකය තබා රශ්මි නමැති ශේව්ත වස්ත්ර්ය හැඳ සැරසුනාක් වැන්න.

විස්තර:- සඳ සඳ තිලක දි දළ: පූර්ණ චන්ර්ප යා හැඟ වූ අයුරුයි.

158. අර්ථය:- තුන් යාමයෙහි දී ත්රිණවිධ ඥානයන් අවබෝධ කොට ගනිමින්, කෙලශයන් ජය ගනිමින්, සූර්ය්වබෝයා උදාවූ කල්හි දැනගත යුතුවූ සියල්ල අවබෝධ කොට ගෙණ බුද්ධත්ව යට පැමිණ;

විස්තර:- තුන්යමෙහි: ප්රතථම, මධ්යරම, පශ්චිම යන වශයෙන් යාම තුනකි.

තුනමින්: (ත්රියවිධඥානය) ප්රිථම යාමයෙහි පූර්වේනිවාසානුස්මෘති ඥානයද, (පෙර විසූ කඳ පිළිවෙළ දන්නා (නුවණ); මධ්ය ම යාමයෙහි දිව්යප චක්ෂුිරභිඥානයද, (දිව ඇස්), පශ්චිම යාමයෙහි ප්රසතීත්යාසමුතපාද (පාටිච්චසමුප්පාද - නිසා උපදින) ධර්ම‍යන්, අනුලොම (මුල සිට අගට) ප්රිතිලොම (අග සිට මුලට) වශයෙන් අවබොධ කරන ලදි.

                    අර්ථය හා විස්තර                         123

159. අර්ථය:- මහි කාන්තාව නටවමින් දිව්ය බ්ර හ්මයන්ගෙන් නොයෙක් පූජා ලැබගෙණ, සියලු සත්වවයන් සන්තෝෂ කරවා, දෙතිසක් පූර්වැ නිමිතිද පහළ කර;

විසතර:- දෙතිස් පෙර නිමිති: 1. එක පැහැර දස දහසක් සක්වළ කම්පා වීම; 2. ලොකානතරික නරකයෙහි අන්ධදකාර නැසීම; 3. සියලු දශ දිසා ප්රපසන්න වීම; 4. චන්ර්කාරයා අතිශයින් බැබලීම. 5. සූර්ය්දශ යා මනා වූ මොලොක් වූ රශ්මියෙන් දිලිහීම; 6. තාරකා සමූහයා දිලිහීම, 7. සුවඳවත් වූ මඳ සිසිල් පවන් හැමීම; 8. සතර මහාද්වීපයෙහි එක පැහැර වර්ෂි වැසීම; 9. ගඬගා ප්ර වාහයන් යටිගං බලා නො ගැලීම, 10. සමුද්රහ ජලය මධුර වීම; 11. විදෙශයට ගිය නෞකාවන් ස්වදේශයට ඒම; 12. කවුඩු බකමුහුණු ආදී වෛරී සත්වහයන් ඔවුනොවුන් කෙරෙහි මෛත්රී9 කිරීම; 13. අන්ධනයන් රූප දර්ශිනය කිරීම; 14. පිළුන් නෘත්ය. කිරීම; 15. බිහිරන් ශබ්ද ශ්රඅවණය කිරීම; 16. ගොළුවන් ගායනා කිරීම; 17. නරකයන්හි ගිනි නිවීම; 18. ප්රෙ.තයන් දිව්යා භෝජනයෙන් පිණා යාම; 19. පක්ෂීවන් අහසෙහි ගමන් හැර පොළොවෙහි සඤචාරය කිරීම; 20. සත්ව‍යන්ට භය රොග, ශිශිර, පරිදාහ නොවීම; 21. සඬඛලික බන්ධවනාදීනගේ සිඳිම; 22. දොර කවුළු විවෘත වීම; 23. හැම සතුන් ප්රිනය තෙපුල් බිණීම; 24. අවාදිත තූර්ය්; යන් ධවනි පැවැත්වීම; 25. නොසොල්වන ලද ශරීරභාරණයන් මධුර ධවනි පැවැත්වීම. 26. වෘක්ෂ5ලතා සුපුෂ්පිතවීම; 27. පෘථිවි තලයෙහි සත්බුමු මහපියුම් නැගීම, 28. කිබිසිනි ඔලමඛක පද්මයන් ඇති පියුම් විමන් ආකාශයෙහි ගැවසී සිටීම; 29. හාත් පසින් දස දහසක් සක්වළ ආකාශයෙහි දිව්ය වූ පඤ්චාංගික තූර්ය් ඇ නාද පැවතීම; 31. ආකශ ගතවූ හා භූමි ගතවූ රත්නයන් විශේෂයෙන් දිලිහීම; 32. බල්ලන් හා මුවෝ එකතුව කෙළනාහුය.




124 අසදෘස ජාතක කාව්යබය

160. අර්ථය:- සත් සතියක් ගතකොට බ්රසහ්මයාගේ අයැදුම පරිදි ලෝකයා දෙස බලා, ඉසිපතනාරාමයට වැඩ, උතුම් වූ දම්සක් සූත්ර ය දේශනා කොට;

විස්තර:- සත්සති: 1. බොධි පර්ය් වූඬකයෙහි වැඩ සිටීම; 2. බොධීන් වහන්සේට අනිමිස ලෝචන පූජා පැවැත්වීම; 3. රුවන් සක්මන්හි සක්මන් කිරීම; 4. රතනාඝරයෙහි වැඩ සිටීම; 5. අජපල් නුගරුක මුල වැඩ සිටීම; 6. මුචලින්දම නාගරජයාගේ දරණ ගර්භ්යෙහි වැඩ සිටීම; 7. මහා කිරිපලු රුක මුල ධ්යාගන සුවයෙන් වැඩ සිටීම.

161. අර්ථය:- ධර්ම; නමැති හිරු උදාවී; කෙලෙස් නමැත් ගන’ඳු දුරු කොට, බ්රැහ්ම ස්වරයෙන්, හික්මවිය හැකි ජන සමූහයා නමැති පියුම් පුබුදුවා, ඒ ශානති පුරය පුරාලුයේය.

162. අර්ථය:- බ්රාහ්ම, නාග, දිව්යම හා මනුෂ්ය යන් විසින් කරන ලද මනහර වූ පූජා ලබමින්, ප්රා‍තිහාර්ය් හැ දක්වමින්, මේ අප මුනීන්ර්පූජයන් වහන්සේ වැඩ වාසහ කරන කල්හි;

163. අර්ථය:- නිරන්තරයෙන්ම තූර්ය්රන ඝොෂා පැවැත්තාවූ, හස්ති, රථ, අශ්ව සේනාවන හැසිරෙන්නා වූ, වෛශ්ය් වංශයෙහි සම්පත්තියෙන් යුක්තවූ, සැවැත් යන නාමයෙන් යුත් තුෂ්ටිදායක පුරයක් වූයේය.

164. අර්ථය:- අනන්ත නම් නාගරජයා ඒ නගරය වටලා දරණ ලාගෙණ දොරටු පෙණ ‍කොට සිටන්නාක් මෙන් අලඬකෘතවූ පළිඟු මිණිමය පවුර පෙ‍නේ.

165. අර්ථය:- පිරුණා වූ ජලයෙන් හා මනාව පිපියා වූ පියුමින් යුක්තවූ, භාඬග නාදයෙන් යුක්තවූ දිය අගල, පුරස්ත්රීුන්ගේ මහත් වූ උකුලෙහි රැඳුණු දීප්තිමත් මණිමෙඛලා දාමය මෙනි.


               අර්ථය හා විස්තර                                            125

විස්තර:- මිණිමෙවුල: මෙඛලාදාමය හෙවත් මෙවුල් දම, සත්රී න් නම ඉඟ වටා බඳින පටියකි. දිය සැනහෙන විට පවා ‍එය කො ගලවන බව

“මසෙක් ගොදුරු පත මෙවුලේ මිණි ග තා එළඳුන් බිය පතා ගත වෙවුලුම් ග තා එමතු නොවෙයි ඉතා නිල් සෙවෙලැ යි සිතා කොමළඟනන් මුතා සරල් වරල් ග තා (හංස සන්දොශය)

යන කවෙන් පෙනේ. බෝවෙන රෝගාදිය වළක්වා සනීපය රැක ගැනීමේ අටියෙන්, සවර්ණ මාණික්යානදියේ ස්පර්ශය ශරීරයට ගෙනදීම පිණිස පැරැන්නන් භාවිත කළ ස්ත්රීය ආභරණයකි මෙය.

166. අර්ථය:- රන් රිදීමය ධවජ ලීලොපෙත වෙමින් බබලන නීල මාණික්ය මය ප්රා-සාද පංකතිය බලා, විදුලිය කැළුමින් යුත වැසි වළාකුළු යයි (රැවටී) ගෘහ මයුරයෝ කෙකා ධ්වනි කළහ.

167. අර්ථය:- චන්ර්ාසායා හා සමාන මුහුණින් යුක්තවූ නිල් වළාකුළු වැනි කේශ කලාප බැඳගත් කාන්තාවෝ, පේළි වශයෙන් සිටගෙණ සඳලුතල වල පන්දු ක්රීවඩා කරත්.

168. අර්ථය:- පද්මරාග මැණික්මය වූ ප්රාෙසාද කොත්වල රශ්මිය ගෑවුණු පුර ස්ත්රීපන්ගේ මුහුණු නරඹා චන්ර්ණ සයා චිත්ත රොෂය කරණකොට ගෙන රක්ත වර්ණ‍ විය.

169. අර්ථය:- සුදු මැණිකෙන් (පළිඟු වලින්) නිමවන ලද ප්රායසාදවල සඳවැනි මුහුණු (ඇත්තන්) සිටින විට චන්ර්ල යා වෙන් වශයෙන් හඳුනා ගත ‍නො හැකිව සොය සොයා, රාහු හෘද ‍ශෝකයෙන් යුක්තව හැසිරෙයි.

170. අර්ථය:- උසුවූ ශෙවත මාණික්යට ප්රාෘසාදයන්හි, සල්ලාලයන් හා සල්ලාලියන් ක්රීථඩා කරමින් කවුළු වෙත පැමිණෙන කල්හි, (ඔවුන්) යහළු ස්ත්රී න්යයි චන්ර් කලයා උපමා කෙළේය. (හැඳින්වීය) 126 අසදෘශ ජාතක කාව්ය,ය

විස්තර:- සලෙළු: ‘ලළු’ (ලීලා) යුනුද ‘කෙළි’ (ක්රී ඩා) යුනුද සමානාර්ථ යි. ලළු සහිත වූයේ සලළු (සලීල)

171. අර්ථය:- උස්වූ ප්රාිසාද මුදුන්හි ලෙලදෙන්නාවූ ධවජ (කෙබඳුද යත්) බොහෝවූ සූර්ය්ය් රශ්මියෙන් නැවුනා වූ ග්රීවෂ්මය වහා දුරු කෙරෙමැයි අමෘත රශ්මි ප්රාූප්ත වූ චන්ද්ර යා ලෙවන්නාක් වැන්න.

172. අර්ථය:- ප්රාරසාදාග්රවයන්හි චන්ර්රීෙකාන්ත මාණික්යරයෙහි විලාශය (ගත්) එහි චන්ර්්රා රශ්මියෙන් ජනිතව පිරුණා වූ දිය බොමින් සූර්ය්යා.ගේ සතුටු වන්නාහ.

විස්තර:- දිනිඳු හයරිය: (දිනෙන්ද්රම රථාශවයෝ,) සූර්ය්්ය යාගේ රථයෙහි ශෙවතාශ්ව‍යෝ සත් දෙනෙක් යොදන ලද්දාහු යයි යෙති.

173. අර්ථය:- මහා බ්රකහ්මයා විසින් දිව්යය පුරය සහ මේ පුරයන් නොයෙක් සම්පත්තියෙන් පුරවා මහා‍මේරු පර්වමතය නමැති තරාදියේ බහා කිර බැලූ කල්හි ඓශචර්ය්යා යෙන්) සාරවූ ඒ නගරය වඩා බර බැවින් බිමට බටුවක් වැනිය.

විස්තර:- සුරපුර - මෙපුර; මෙර තුලා කර කිරා: බ්රසහ්මයාගේ තරාදියෙහි දඬුව මහමෙරය. තටු සුර පුර සැවැත් පුර යන දෙකය. මහා බ්රපහ්මයා දෙතටුව සම්පත්තියෙන් පුරවා දඬුව නැගීය. මෙපුරෙහි බර කොත‍රම් වීද යත්, ඒ බිමටම බටු‍යේය. සුර පුරෙහි බර කොතරම් අඩුවීද යත්, ඒ, තරාදී දඬු මුදුනෙහිම පිහිටියේය.

සසදාවතෙහි එන ශ්රාරවස්ති පුර වර්ණරනයෙහිද මෙබඳු අර්ථමයක් පද්යාතයට නඟා ඇත.

සුර පුරද තමද - දෙතටු සැපතින් සපුරා නඟන බඹ මෙර තුලා - බෙරෙන් පුර බිම් බටවන් (සසදාවත)


            අර්ථය හා විස්තර                                                127

මේ අර්ථ යෙහි විසිතුරු බව දුටු ශ්රී රාහුලයෝද පරෙවි අස්නෙහි ද ඒ අර්ථථයම පද්යියට නැගූහ.

සුර පුර මෙපුර දෙතටුව සව් සිරින් පුරා මහ බඹ මෙර තුලා කර බලන වර කිරා ලුහු බැවිනෙ’දෙව් පුර රැඳුනෙව් සුනෙර සිරා බට වැනි බරින් ‍ෙද’රණට මෙපුර මන හරා (පරෙවි සන්දටශය)

174. අර්ථය:- සුදු පැහැය නිසා පැහැයෙන් බැබලෙන්නාවූ උස්වූ ප්රා සාද කෙලෙසද යත්; ‘පුර ස්ත්රීෙහු පැරදී දෙව්ලොවට නැංගාහ’යි හාස්ය කරන්නාක් බඳුය.

175. අර්ථය:- එහි නාටිකාවන් නෘත්යා කරන කල්හි, මැණික්මය බිත්ති වලින් පෙනෙන්නාවූ ප්රෙතිබිම්බයන් කෙබඳුද යත්. සුරඬගනාවන් (නෘත්ය්ය) ඉගෙනීම පිණිස මෙහි අවුත් ප්රෙගමයෙන් නටන්නාක් වැනිය.

176. අර්ථය:- යහපත්වූ මධුර (රස ඇති) ගෙඩි වලින් යුක්තවූ, (මැණියෙන් මුක්ත) පිපුණු මල්වලින් ගැවසීගත් රුක් සෙවනෙහි, කෝකිලයන් හා භෘඬගයන් රාවය කරන්නාවූ ඒ නගරයෙහි ගෘහොද්යා්නයන්, කවරෙක් වර්ණ නා කරත්ද?

177. අර්ථය:- නිල් සෙවෙල නැමැති කෙස් කළඹින්ද, පිපුණු පියුම් නැමැති මුහුණින්ද, උපුල් නමැති ඇස් වලින්ද, හංසාකාර පයොධ‍රයෙන්ද, බබලන්නාවූ ඒ නගරයෙහි ගෘහ දීර්ඝිකා තඩාගයෝ ස්ත්රීයන්ගේ ආකාරය ගත්තහ.

විස්තර:- ගෙදිගුවිල් (ගෘහදීර්ඝිකා) ගෙවල් ඉදිරියේ මිදුලෙහි සාදා ඇති ජලාශයකි. (පිහිනුම් තටාක)

178. අර්ථය:- සුදු මැණික්මය (පළිඟු) ප්රාිසාදයන්හි කවුළු වලින් සඳ වැනි මුහුණු ඇති කාන්තාවන් බලන කල්හි, ‘ගෘහ දීර්ඝික තඩාගයන්හි ක්රීිඩා කරන්නාවූ සක්වා ලිහිණි යුවල වෙන්වී ගියහ. 128 අසදෘස ජාතක කාව්යිය

විස්තර:- සක්වා: (චක්ර වාක) කවි සමයයෙහි බෙහෙවින්ම ප්රුසිද්ධ පක්ෂිර වර්ග යකි. දාවල එක්වන සක්වා යුවළ රත්රි කාලය පැමිණෙත්ම වෙන්ව යති. උහු නැවත උදය කාලයෙහිදී එක්වෙති. එහෙයින් රාත්රිුය හැකිළුණු පමණට සක්වාවෝ සතුටු වෙත්. රාත්රිෙයට අධිපති චන්ර්ැකියා විසින් ඔවුන්ගේ වියෝවීම කරන්නාසේයයි කවීහු අදහස් කරති.

හකුළුමවින් රෑ - වඩමින් සතොස සක්වා සැනහීමෙ දිය දිය සිත් - දියුණු කරැ පත් ගිම් කල් (සසදාවත)

ග සා කතින් සක්වා වෙන් කළ පවින නි සා පියඹ සහ තුරු පිරිවර ගියෙන ස සා වෙසින් දුමුරස වෙමිනි එම දින ස සා දරහු බල පල ලද උදෑසන (මයුර සන්දෙ ශය)

179. අර්ථය:- කොඩි එල්ලෙන්නාවූ ප්රාමසාදයන්හි නිතර සිටින්නාවූ, රම්භා නම් දිව්යායඬගානාව වැනි රූපශ්රීපයෙන් යුක්තවූ ඒ පුර ස්ත්රීනහු, සත්ව යන්ගේ සිත් කළඹවා තමන් වෙතට කැ‍‍දෙව්වාහු.

විස්තර:- රම්බා: රම්භා නම් දිව්යාකඩගනාව නලකුමරයාගේ බිරිදයිග

180. අර්ථය :- මුහුණු චන්ර්ව්යයා බඳුවූ, ක්රි ඩා දක්ෂෙතායෙන් අනඬගයා වැනිවූ, පයොධරයෙන් ශක්රැ ධවජ වැනිවූ, ඒ පුර ස්ත්රීූහු ශක්රවයාගේ දිව්යධ ස්ත්රිරහු වැනියහ.

181. අර්ථය:- හංසයිනගේ හා සමාන ගමන් විලාශයද, ශරත් චන්ර් ිදයා වැනි මුහුණද, අනඬග කාන්තාව වැනි රූපයෙන්ද යුක්තවූ පුර ස්ත්රීුන් වර්ණ්නා කරනුයේ කවරෙක්ද; (කවරෙක් සමර්ථ වෙත්ද?)



                                      අර්ථය හා විස්තරය                     113

සූවිසි විවරණ ලැබීම:

1 විවරණය:- සුමෙධ තාපසව සිට, දීපඬකර බුදුන් වහන්සේගෙන් 2 ,,  :- විජිතා නම් සක්විති රජව සිට, කොණ්ඩඤ්ඤ බුදුන් වහන්සේගෙන් 3 ,,  :- සුරුවි නම් බමුණුව සිට, මඬගල ,, 4 ,,  :- අතුල නම් නා රජව සිට, සුමන ,, 5 ,,  :- අතිදේව නම් බමුණුව සිට, රෙවත ,, 6 ,.  :- අජිත නම් බමුණුව සිට, සෝභිත ,, 7 ,,  :- යක්ෂ සේනාධිපතියෙක්ව සිට, අනෝමදස්සී ,, 8 ,,  :- සිංහ රාජයෙක්ව සිට, පදුම ,, 9 ,,  :- තවුසෙක්ව සිට, නාරද ,, 10 ,,  :- ජටිල නම් මිනිසෙක්ව සිට, පදුමුත්තර ,, 11 ,,  :- උත්තර නම් තරුණෙක්ව සිට, සුමෙධ ,, 12 ,,  :- සක්විති රජෙක්ව සිට, සුජාතා ,, 13 ,,  :- කාශ්යතප නම් බමුණුව සිට, පියදස්සී ,, 14 ,,  :- සුසිම නම් තවුසෙක්ව සිට, අත්ථපදස්සී ,, 15 ,,  :- ශක්රමදෙව රාජව සිට, ධම්මදස්සී ,, 16 ,,  :- මඬගල නම් තවුසෙක්ව සිට, සිඬාත්ථ් ,, 17 ,,  :- සුජාත නම් රජව සිට, තිස්ස ,, 18 ,,  :- විජිතාවි නම් රජව සිට, ඵුස්ස ,, 19 ,,  :- අතුල නාරජව සිට, විපස්සී ,, 20 ,,  :- අරින්දම නම් රජව සිට, සිඛී ,, 21 ,,  :- සුදර්ශමන නම් රජව සිට, වෙස්සභු ,, 22 ,,  :- ක්ෂේම නම් රජව සිට, කකුසන්ධ ,, 23 ,,  :- පර්ව්ත නම් රජව සිට, කෝණාගම ,, 24 ,,  :- ජෝතිපාල නම් බමුණුව සිට, කාශ්යෝප ,,

යනාදී බුදුවරයන් වහන්සේලාගෙන් තමන් වහන්සේ සථිර වශයෙන්ම බුදුවන බව විස්තර ලෙස දත්සේක.

                                                                                                   8

114 අසදෘශ ජාතක කාව්ය ය

98. අර්ථය:- වෙසසනතරාත්මභාවයෙහිද ඉපදී, සප්ත ශතක දානය දෙමින්, බමුණාහට ප්රිවයමබිකාව සහ දරුවන්ද දුන් කල්හි; මහී කාන්තාව සත්වාරයක් කම්ප වූවාය.

විස්තර:- සත්සත දානය: හස්ති, අශ්ව, රථ, ගොන්, මී දෙනුන්, කිරිදෙනුන්, රාජ කන්යාෙවන්, දාසීන්, දාසයන්, ආදී නොයෙක් නොයෙක් දේ සත්සියය බැගින් සාදවා රුවන් ගබඩාවන්හි දොර’ගුලු හරවා, ‘කැමති කැමති ප්රීමාණයක් වස්තු ගනුව’යි නියොග කොට දුන්නාවූ මහා දානයයි. වෙස්සන්තර රජතුමා විසින් මෙබඳු දානයක් දෙන ලදි.

99. අර්ථය:- තුසිත පුරයෙහි ඉපිද නොයෙක් දෙවියන් පිරිවරා ගෙණ මනෙඥවූ ඒ බොධිසත්වෙයන් වහන්සේ බොහෝ කාලයක් සැප විඳ උන් කල්හි;

100. අර්ථය:- දස දහසක් සක්වළ දිව්යස බ්ර හ්මයෝ රැස්ව, සතුටින් වැඳ “බුදු බව ලැබීමට කාලය යි, (එහෙයින් මනුෂ්යප ලොකයට වැඩිය මැනවැ” යි; කීහ.

විස්තර:- සක්වළ: (චක්රවවාට) එක් සූර්ය්ඩව යෙකු හා චන්ර්ෙන්යෙකුගේ රශ්මි පැතිරෙන ප්රබමාණ ලොක ධාතුව එක් සක්වළකි.

101. අර්ථය:- ඒ බුද්ධාංකුරයන් වහන්සේ, බ්ර හ්ම, දිව්යයයන් ආයාචනය කළ කල්හි; ප්රකසන්නව දිශානත්ර‍යන් ආවෘත කොට, නිරන්තරයෙන්ම ඓශචර්ය්මාණයෙන් පිරුණාවූ, තුසිත පුරය අත්හැර;

102. අර්ථය:- කීර්ති නමැති සඳුන් ආලේපය, දිශා නමැති ඇතුන්ගේ කුම්භයන්හි ආලේප කළ, ධර්මතයට ගිජු වූ,ශරීරලඬකාරයෙන් හා මනසින් සෘජු වූ, සු‍ධොදන නම් උතුම් මහරජාණන් වහන්සේ නිසා;


අර්ථය හා විස්තර 115

103. අර්ථය:- චන්ර් යා වැනි මුහුණින් ද, හාස්යියෙන් ද යුක්ත වූ, හංසයන් හැසිරෙන්නා වූ විලක් වැනි වූ; රූපයෙන් හංසයෙකුගේ ශ්රිාය වැනි වූ මායා බිසවුන්ගේ කුසෙහි ජනිත විය.

104. අර්ථය:- එකර්ධය දශ මාසයක් පිරුණු කල්හි (මාස නවය හමාරක්) ලෝකයට වැඩ සලසන්නා වූ කුමාරෙන්ර්ස යා බිහිව, නැංගා වූ පියුම් මඩිමින් සත් පියවරක් උතුර‍ට වැඩම කොට;

විස්තර:- පිරි මස දස එකඩ : යන්නෙන් සලකා යුත්තේ නවමස් පසළොස් දවසක් පිරුණු විගසම උපන් බව නොව එතෙක් කල් නො පිරි නූපදින බවය. උත්තමයින්ගේ උත්පත්තිය මෙසේමය. ඒනිසා බෝසතුනට දස මාසය හෝ ඊට වැඩි වුවද හෝ කාරණයක් නො‍ වේ.

105. අර්ථය:- අභීත වූ සිංහනාද පවත්වා ශක්රය, බ්ර හ්මාදීන්ගෙන් පුද ලැබ, සත්වයයන් හට ප්රාසතිහාර්ය්‍ ේ දක්වා, තුන් ලෝකයෙහිම (තම) කීර්තිය ව්යා ප්ත කරවූයේය.

106. අර්ථය:- ඒ උතුමා, පූර්ව් පක්ෂමයෙහි චන්ර්ර යා පරිද්දෙන් දිනයක් දිනයක් පාසා වැඩි, සත්වඒයන්ගේ සිත් සතුටුකොට යෞවන භාවය නැමැති ශ්රීප කාන්තාව වැළඳ ගත් කල්හි;

107. අර්ථය:- රම්බා නමැති දිව්යලඬගනාවගේ වැනි නොහොත් කෙසෙල් කඳක් වැනි වටොරින්ද, රන් කළ වැනි පියයුරු වලින් ද යුක්තවූ, රූපශ්රීරයෙන් ශ්රිව කාන්තාව හා සමාන වූ, බිම්බා නම් බිසවුන් අග මෙහෙසිය කොට;

108. අර්ථය:- අනඬගයා වැනි රූප ශ්රීා සාරයෙන් යුක්තව ශක්ර යා පරිද්දෙන් නාටිකාවන් සතළිස් දහසක් පිරිවරා ගෙණ මාගේ ස්වාමීන් වහන්සේ නොයෙක් රජ සැප සම්පත් විඳින කල්හි;


116 අසදෘශ ජාතක කාව්ය;ය

109. අර්ථය:- සූර්ය්දෘ රශ්මිය නො වැටෙන්නා වූ, මල් හා ගෙඩිවලින් විසිතුරු වූ, ඝන ශාඛා මණ්ඩල ඇති, වෘක්ෂ්යන්ගෙන් සැදුණු උයනට එතුමා යන කල්හි;

110. අර්ථය:- ඒ ස්වාමීන් වහන්සේ, ත්රිෂවිධ පූර්වද නිමිත්ත දැක, (නැවත) ආ රූපය වූ ඉෂ්ට ශ්රමමණ රූපය දැක, ‘මාගේ රූපය මෙසේ වන්නේ කෙසේදැ’යි;

111. අර්ථය:-සිතමින් (ඵ් ගැන) ආශා කෙරෙමින් උයනට පිවිස දිය කෙළ , ශෛල මසතකයෙහි උන් කල්හි, රාහුල කුමාරයා උපනියයි අසා:

112. අර්ථය:- “සංසාරයෙහි දැවටීමෙකි. එහි ආශා නොකොට යුතුය”යි (කියා) රන් කොඩි බඳනා ලද රථයට නැගී ශක්රයදෙවෙන්ර්සතක ලීලාවෙන් වැඩිසේක.

113. අර්ථය:- තමගේ රූප ශ්රීාය නමැති රසාඤ්ජනය, උතුම් කාන්තාවන්ගේ ඇස්හි ආලේපකොට ජනයන්ගේ සිත් සතුටු කොට, ඒ බොධිසත්වේයන් වහන්සේ රාජ විමානයට වඩිමින්;

114. අර්ථය:- බොහෝ වූ මල් ගැවසූ ශ්රීට යහනාවෙහි වැඩ හිඳ‍ ගෙණ, උණ ලී නළා හා වීණා ආදියේ නාදයෙන්ද, ගී නාදයෙන් ද, මද්දල බෙර විශේෂයේ නාදයෙන්ද;

115. අර්ථය:- නාටිකා ස්ත්රීනන්ගේ නැටුමට තමාගේ සිත සතුටු නොවීමෙන්, මඳ වේලාවක් නිදා සිට පිබිදී, වට පිට බැලූ කල්හි;

116. අර්ථය:- නාටිකා ස්ත්රීීන් සමූහයා නිද්රොූපගතව, දත් සපමින්, කෙළ පෙර පෙරා සිටිනු දැක; ඒ බොධිසත්ව්යන් වහන්සේ සිත කල කිරී; 117. අර්ථය:- ඡන්න නම් අමාත්යා‍ කැඳවා; “අශ්වයා සරසා වහා දැන් මෙතනට ගෙනෙව” යි බොධිසත්වායන් වහන්සේ එවිට කියා;

අර්ථය හා විස්තර 117

118. අර්ථය:- ජන්නාමාත්යවයා අශ්වයා ගෙණා බව කී කල්හි; අපගේ උතුම් වූ බොධිසත්ව යන් වහන්සේ, ඌ පිට නැග මහත් වූ ජවවේග උපදවා; ඒ රාත්රි ය තුළදීම තිස් යොදුනක් වැඩ;

119. අර්ථය:- මහත් වූ කන්ථක නම් අශ්වයා, අනෝමා නම් ඇති පළල ඇති, ගගින් එතෙරට, බොධිසත්ව්යන් වහන්සේ පන්නවා;

120. අර්ථය:- ‘මහණ වෙමි’යි සිතා දකුණු අතින් කඩුව ගෙණ, කේශ කලාපය සිඳිමින් මහා බ්රඑහ්මයා දුන් තුන් සිවුරු දරමින්;

121. අර්ථය:- ‘බුද්ධයට පැමිණෙමි’යි සිත් ආශාවෙන්, උරුවෙල් නම් ජනපදයට වැඩම කොට, හය අවුරුද්දක් මුළුල්ලෙහි බොහෝ වූ දුෂ්කර ක්රිමයා කොට;

122. අර්ථය:- බොධිසත්ව;යන් වහන්සේ, ඒ අජපල් නම් (නුග) ගස වටා වූ වෘක්ෂඅ ඡායාවෙහි වැඩ සිට, තුටු පහටුව, සුජාතාව විසින දෙන ලද කිරිපිඬු කළය දකුණතට ගෙණ;

විස්තර:- කිරිපිඬු - සුජාතා: යස කුල පුත්රපයාගේ මෑණියන් දැ වූ සුජාතා තොමෝ උරුවෙල් දනව්වෙහි සේනාපතිගේ භාර්ය් වහව වූවාය. ඒ පුත්ර් රත්නය ලැබීම න්යවග්රොසධ වෘක්ෂුයට අධිගෘහීතවූ දෙවියෙකු‍ගේ ආනුභාවය නිසා යයි සිත් විය. ඒ දිනය සිහිකරීම සඳහා එදින පටන්ම එතැනට පැමිණ කිරිපිඬු පූජා කිරීම සිරිතක් වශයෙන් කළාය. ‘මෙදින ඒ රක්දෙවියා පහන්වී දෘශ්ය මාන රූපයෙන්ම ඒ රුක මුල වැඩ සිටිය’යි. සිතා, පැන් නුමුසු කළ කිරිබත් පිස රන් තළියෙක බහා අලුයම එතැනට පැමිණ බෝසතුන්ට පූජා කළාය.

123. අර්ථය:- නෙරඤරාවට වැඩ භෝජන වළඳා තළිය උඩු ගං බලා යවා, (ඒ දැක) බෝසතුන් වහන්සේ සන්තෝෂව;


118 අසදෘශ ජාතක කාව්යනය

124. අර්ථය:- මේඝ කූටයක් පරිද්දෙන් දිලුණාවූ, ශාල උපවනොද්යා නයෙහි දිවා විහරණයට සතුටු වී බෝධිසත්වායන් වහන්සේ එම විටම වැඩම කොට;

125. අර්ථය:- මනාව පිපියාවූ සල් මල්හි හැපී, සුගන්ධවයද හැරගෙණ, එන්නාවූ මන්දඅ මාරුතය විඳිමින්, ගස් මුල වැටෙක රුක් සෙවනෙහි, ධ්යාරන සුවයෙන් වැඩ සිටින කල්හි;

126 අර්ථය :- විල් හා වළාකුඵ වලට ආශා කළ මොනරු සවකීය ධෙනුන් සමග මහත්වූ ගල් මත නැගී පිල් විදහා නටත්.

127. අර්ථය:- ‘අද මේ හිමියෝ බුද්ධත්වායට පැමිණෙති. එය දැකීමට පක්ෂී්න්ට යුග්ම නෙත්ර ඇති වේ. මට ඇස් දහසක් තිබේ’යයි කියන්නාක් මෙන් (මොනරු) පිල් විදහා රඟ දෙත්.

128. අර්ථය:- ‘බෝධිසත්ව යන් වහන්සේගේ විඩාව දුරු කෙරෙමැ’යි (යන සිතින්) හස්තීහු එකෙණෙහිම සොඬින් දිය බින්දු ඉසිමින් පවන් සලන්නාක් මෙන් කන් සෙලෙව්වෝය.

129. අර්ථය:- ‘රාවයක්ද පිම්බෙමු, උන්වහන්සේ පරදීදැ?යි; අපි දනිමු. (අපි) මේ ස්වාමීන් වහන්සේට වන්දි භට්ටයන් වෙමු’ (අපි උන්වහන්සේගේ ගුණ කථනය කරමු) කියන්නාක් මෙන්, කෝකිලයෝ තම තමන් රාවය කරත්.

130. අර්ථය:- ඒ වනයෙහි වෘක්ෂායක්, වෘක්ෂ්යක් පාසා හැසිරෙන්නාවූ, වඳුරන්ගේ ආකාරය කෙලෙස වූ ද යත්? ‘මෙදිනෙහි බුදුවෙත්’ යයි; පිනුම් පනින්නාක් මෙනි.

131. අර්ථය:- “මේ ස්වාමීන්ද්රූයන් වහන්සේ අද බුදු වෙති. මේ වනයෙහි වසන්නාවූ පක්ෂික සමූහයා උන්වහන්සේ දැකීමට වහා පැමිණෙව්” (කියා) කැඳවන්නාක් මෙන්, ගිරව් තුමු ප්රීසතියෙන් නාද කළහ.


                                 අර්ථය හා විස්තර                             119

132. අර්ථය:- ‘බුදුබව ලැබීමෙහි සප්රී තිය අවශෙෂ අයද දැනගනිත්වා’යයි කියන්නාක් මෙන්, උකුස්සෝ අහස් ගැබට නැග රාවය කරත්.

133. අර්ථය:- මෘදුවූ චන්ද්රව රශ්මිය කරණකොට ගෙණ; තන්හි තන්හි කුමුදු පිපුණි. (ආශ්රනයකොට) පුරුදු ඇති, පූර්ව් දිශා නමැති කාන්තාව සූර්ය්. (යා නමැති උතුම් ස්වාමියා ලඟට පැමිණියාය.

134. අර්ථය:- මනොඥවූ බෝ මලුවට පළලින් රියන් අටසියයක් පමණ වූ මාර්ගථය, සමතලා කරමින් උතුම් දෙව් කැල මල් සමූහයකින් සැරසූහ.

135. අර්ථය:- ඒ බෝධිසත්වමයන් වහන්සේ, බ්ර හ්ම, ගරුඬ, අනෙක දිව්යක, ගාන්ධ ර්ව‍, සිඬවිද්යා්ධරාදීන් විසින් කරන ලද උතුම් පූජා ලැබ, බොධි මණ්ඩපයට වැඩම කරන කල්හි;

136. අර්ථය:- බොධිසත්වනයන් වහන්සේට, තුටු පහටු වූ සොත්ථිදය නම් බමුණා විසින් දෙන ලද, කුස තණ අට මිට පිළිගෙන, බෝමැඩට වැඩ, පොළොව මතුපිට සැලූ කල්හි.

137. අර්ථය:- දස සතර රියනක් උස්ව පැන නැංගාවූ, වජ්රා සනයෙහි සන්තෝෂයෙන් වැඩ සිටගෙණ, චතුර් අධිෂ්ඨානයන් මනාකොට ඉටා, බොධිසත්වචයන් වහන්සේ සිටි කල්හි;

විස්තර:- සිව් අදිටන්: ‘මාගේ ශරීරයෙහි ලේ, මස්, ඇට, නහර, වියලී ගියෙද, සුණු විසුණු වී ගියද; මාගේ මනොරථය මුදුන්පත් වනතුරු මේ අසුනෙන් නොනැගිටිමි’යි අධිෂ්ඨාන කරගැනීමයි.

138. අර්ථය:- ‘සිද්ධාර්ථියා බුද්ධත්වමයට පත්වුවහොත්, තුන් ලොවටම අග තැන් පත්වෙයි. ‘මම උත්සාහ කොට එසේ වීමට ඉඩ නොදෙමි’යි සිතා වසවර්ති මාරයා කෝප නමැති ගින්නෙන් දිලීය.

120 අසදෘශ ජාතක කාව්යීය

139. අර්ථය:- මුහුණ පන්සියයක්ද, අත් දහසක්ද මවා ගෙණ, නාන ආයුධ රැගෙණ, රතුවූ මහත්වූ ඇස් කරකව කරකවා;

140. අර්ථය:- දැඩි වීර්ය්ව කයෙන් යුක්තවූ මාරයා හා සේනාවෝ අතක් අතක් පාසා ආයුධ ලෙලවමින්, කෲර වචන කියමින්, බොහෝවූ භයංකාර වේශ මවා ගත්හ.

141. අර්ථය:- (මරු තුමු) ගිරිමෙඛලා නමැති හස්ති රාජයා පිටට පැන නැගී කෝපයෙන් දත් කමින්, මෙලෙස කියමින් (මාර) සේනාව මෙහෙයත්.

142. අර්ථය:- රැවුල් අඹරව අඹරවා, මහදත් පෙන්වා (විලිස්සමින්) හඬගා, ඒ සිද්ධාර්ථයන් බිය ගන්වා “අල්වා ගණුව, බඳුව”යි වසවර්ති මාරයා කීයේය.

143. අර්ථය:- මාරයා කෙරෙහි බියපත්වූ සිතැති දෙවිවරු, අත්වලින් ගත්තාවූ පූජා හැර දමාලා, ඒ බොධිසත්වසයන් වහන්සේ හැර ශක්ර්යා, බ්රයහ්මයා ආදී සියල්ලෝම ඉවතට දිවූහ.

144. අර්ථය:- අතක් අතක් පාසා නොයෙක් පූජාවන් ගෙණ, රැකවරණය පිණිස හුන්නාවූ දිව්යඅ සමූහයා, බියකරුවූ මාර සේනාව දැක, සැක සිත් පහළවී, ඒ වීරයා හැර ‍(සෙ‍ස්සෝ) දිවූහ.

145. අර්ථය:- අප බොධිසත්වායන් වහන්සේ සිත කිසිසේත්ම බියපත් නොවී, “මා විසින් ඇති කරන ලද පාරමිතා නමැති යොධයන් දස දෙනෙක් වෙත්”යයි සිතා;

146. අර්ථය:- ‘දස බිමබරක් ප්රතමාණවූ මාර, සේනාවක් පැමිණියත් පාරමිතා නමැති යෝධ භටයන් යවා කෲරධාරීවූ ඒ මාර සේනාව ජයගනිමි’යි; බොධිසත්වායන් වහන්සේ කල්පනා කොට;


                         අර්ථය හා විස්තර                           121

විස්තර:- දස බිම්බර: බිම්බර යනු ‍යම් තරම් ප්ර මාණයක් පොළො‍වේ එක් පැත්තකට ගියවිට ඒ පැත්ත මුළු මනින්ම පහත් ‍වේද? එතරම් ප්රකමාණයක් යයි යෙති. දස බිම්බර යනු එවැනි ප්ර්මාණ දශයෙකි. (මෙය තවත් විමසිය යුත්තකි.)

147. අර්ථය:- නවවිධ වර්ෂත වස්වමින්, රෞද්රත (හඬ ඇති) මහ බෙරද ගස්වමින්, ගිනි පුපුරු ඉස්වමින්, රොෂවූ වසවර්ති මාරයෝද යුඬයට වන්හ.

148 අර්ථය :- “මගේ වඡ්රාවසනය පිට වැඩ හිදීමට තොපට අයිතියක් නැත. (අසවාමිකය) වහා පලායව” යි, වස වර්තපති මාරයා රොෂයෙන් කී කල්හි,

149. අර්ථය:- “සිත්වූ පරිද්දෙන් වජ්රාසසනය ලැබීම සඳහා තොප කළාවූ පුණ්යක කර්මුය වහාම කියව”යි ඒ සවාමීන් වහන්සේ කී කල්හි;

150. අර්ථය:- “මේ ආසනය මට හිමි බැව් දන්නෝ වටපිට සිටිත්. තොපට සාක්ෂික කවරෙක් වෙත්දැ?”යි වස වර්තවතිමාරයා ඇසූ කල්හි;

151. අර්ථය:- බුද්ධාඬකුරයාණන් වහන්සේ, පැතුරුණාවූ රක්ත වර්ණිනවත්, ඇඟිලි නමැති පත්රවයෙන් යුක්ත අත් නමැති, පියුම බිමට දිගුකොට, මහීතලය කම්පා කරවා සාක්ෂි‍ කියවමින්;

152. අර්ථය:- යුද්ධ ප්රාරප්තවූ වසවර්ත ති මාරයා විසින් ඔහුගේ හස්තියා මෙහෙයූ කල්හි බෝසත් තෙමේ (හස්තියා) දණ ගස්වා, සිත භය ගන්වා, මාන මර්ද නය කරවීය.

153. අර්ථය:- මාර සේනාව පළවා හැර සැනෙකින් ජය ගෙණ, තමන්ගේ (බල) මහිමය පෙන්වමින් බෝධි සත්වයයන් වහන්සේ නිශ්චලවම හුන්සේක.

122 අසදෘශ ජාතක කාව්යවය

154. අර්ථය:- ඒ ස්වාමීන් වහන්සේගේ ප්රාතතිහාර්ය් හය දැක, දිව්යය, බ්ර්හ්මයෝ සන්තෝෂව අවුත්, පූජා කර කර, මේ සක්වළ තුළෙහි පිරී සිටියහ.

155. අර්ථය:- සූර්ය්යා, අස්ත පර්වතත ගතවූ කල්හි; (හිරු බැස ගිය කල්හි) ඇති වූ අන්ධකාරය කවරාකාරදැ?යි කියතහොත්; වසවර්තිති මාරයා පරාජිතවී (ඒ) දුකින් කළුපාට ඇඳුමක් හැඳ ගත්තාක් වැන්න.

156. අර්ථය:- බුඬ මඬගල්යරය කෙරෙහි ඇති ආශාවෙන්, දිව්යඳ සමූහයා විසින් පුජා පිණිස ඉසින ලද විලඳ පරිද්දෙන්, ආකාශයෙහි අප්ර මාණවූ තරු පෙළ පෙනුණි.

157. අර්ථය:- බුඬ මංගල්යුය දැකීමට ආශාවෙන් පෙරදිග නමැති කාන්තාව චන්ර්ර්ථ නමැති දැඩි (ආටෝප) තිලකය තබා රශ්මි නමැති ශේව්ත වසත්රථය හැඳ සැරසුනාක් වැන්න.

විස්තර:- සඳ සඳ තිලක දි දළ: පූර්ණ චන්ර්ශ යා හැඟ වූ අයුරුයි.

158. අර්ථය:- තුන් යාමයෙහි දී ත්රිණවිධ ඥානයන් අවබෝධ කොට ගනිමින්, කේලේශයන් ජය ගනිමින්, සූර්ය්නයනයා උදාවූ කල්හි දැනගත යුතුවූ සියල්ල අවබෝධ කොට ගෙණ බුද්ධත්වරයට පැමිණ;

විස්තර:- තුන්යමෙහි: ප්රුථම, මධ්ය‍ම, පශ්චිම යන වශයෙන් යාම් තුනකි.

තුනමින්: (ත්රියවිධඥානය) ප්ර ථම යාමයෙහි පූර්වේනිවාසානුස්මෘති ඥානයද, (පෙර විසූ කඳ පිළිවෙළ දන්නා (නුවණ); මධ්ය ම යාමයෙහි දිව්යප චක්ෂුිරභිඥානයද, (දිව ඇස්), පශ්චිම යාමයෙහි ප්රිතීත්ය්සමුතපාද (පාටිච්චසමුපපාද - නිසා උපදින) ධර්මෙයන්, අනුලොම (මුල සිට අගට) ප්ර තිලොම (අග සිට මුලට) වශයෙන් අවබොධ කරන ලදි.

                    අර්ථය හා විස්තර                         123

159. අර්ථය:- මහි කාන්තාව නටවමින් දිව්ය බ්රුහ්මයන්ගෙන් නොයෙක් පූජා ලැබගෙණ, සියලු සත්වවයන් සන්තෝෂ කරවා, දෙතිසක් පූර්වැ නිමිතිද පහළ කර;

විසතර:- දෙතිස් පෙර නිමිති: 1. එක පැහැර දස දහසක් සක්වළ කම්පා වීම; 2. ලොකන්තරික නරකයෙහි අන්ධ කාර නැසීම; 3. සියලු දශ දිසා ප්රෙසන්න වීම; 4. චන්ර්කාරයා අතිශයින් බැබලීම. 5. සූර්ය්යා මනා වූ මොලොක් වූ රශ්මියෙන් දිලිහීම; 6. තාරකා සමූහයා දිලිහීම, 7. සුවඳවත් වූ මඳ සිසිල් පවන් හැමීම; 8. සතර මහාද්වීපයෙහි එක පැහැර වර්ෂා වැසීම; 9. ගඬගා ප්ර වාහයන් යටිගං බලා නො ගැලීම, 10. සමද්රප ජලය මධුර වීම; 11. විදේශයට ගිය නෞකවන් ස්වදෙශයට ඒම; 12. කවුඩු බකමුහුණු ආදී වෛරී සත්වියන් ඔවුනොවුන් කෙරෙහි මෛත්රීඒ කිරීම; 13. අන්ධනයන් රූප දර්ශමනය කිරීම; 14. පිළුන් නෘත්ය5 කිරීම; 15. බිහිරන් ශබ්ද ශ්රඅවණය කිරීම; 16. ගොළුවන් ගායනා කිරීම; 17. නරකයන්හි ගිනි නිවීම; 18. ප්රෙකතයන් දිව්යග භෝජනයෙන් පිණා යාම; 19. පක්ෂී න් අහසෙහි ගමන් හැර පොළොවෙහි සඤචාරය කිරීම; 20. සත්ව‍යන්ට භය රොග, ශිශිර, පරිදාහ නොවීම; 21. සඬඛලික බන්ධවනාදීනගේ සිඳිම; 22. දොර කවුළු විවෘත වීම; 23. හැම සතුන් ප්රිූය තෙපුල් බිණීම; 24. අවාදිත තූර්ය්යීන් ධ්වනි පැවැත්වීම; 25. නොසොල්වන ලද ශරීරභාරණයන් මධුර ධ්වනි පැවැත්වීම. 26. වෘක්ෂලලතා සුපුෂ්පිතවීම; 27. පෘථිවි තලයෙහි සත්බුමු මහපියුම් නැගීම, 28. කිබිසිනි ඔලමඛක පද්මයන් ඇති පියුම් විමන් ආකාශයෙහි ගැවසී සිටීම; 29. හාත් පසින් දස දහසක් සක්වළ ආකාශයෙහි දිව්ය වූ පඤ්චාංගික තූර්ය්න් නාද පැවතීම; 31. ආකශ ගතවූ හා භූමි ගතවූ රත්නයන් විශේෂයෙන් දිලිහීම; 32. බල්ලන් හා මුවෝ එකතුව කෙළනාහුය.




124 අසදෘස ජාතක කාව්යසය

160. අර්ථය:- සත් සතියක් ගතකොට බ්රසහ්මයාගේ අයැදුම පරිදි ලෝකයා දෙස බලා, ඉසිපතනාරාමයට වැඩ, උතුම් වූ දම්සක් සූත්ර ය දේශනා කොට;

විස්තර:- සත්සති: 1. බොධි පර්ය්සක්ඬකයෙහි වැඩ සිටීම; 2. බොධීන් වහන්සේට අනිමිස ලෝචන පූජා පැවැත්වීම; 3. රුවන් සක්මන්හි සක්මන් කිරීම; 4. රතනාඝරයෙහි වැඩ සිටීම; 5. අජපල් නුගරුක මුල වැඩ සිටීම; 6. මුචලින්දි නාගරජයාගේ දරණ ගර්භ්යෙහි වැඩ සිටීම; 7. මහා කිරිපලු රුක මුල ධ්යාාන සුවයෙන් වැඩ සිටීම.

161. අර්ථය:- ධර්‍ම නමැති හිරු උදාවී; කෙලෙස් නමැති ගන’ඳු දුරු කොට, බ්රැහම සවරයෙන්, හික්මවිය හැකි ජන සමූහයා නමැති පියුම් පුබුදුවා, ඒ ශාන්ති පුරය පුරාලුයේය.

162. අර්ථය:- බ්රාහ්ම, නාග, දිව්යය හා මනුෂ්යයයන් විසින් කරන ලද මනහර වූ පූජා ලබමින්, ප්රා‍තිහාර්ය්.වි දක්වමින්, මේ අප මුනීන්ර්පූජයන් වහන්සේ වැඩ වාසහ කරන කල්හි;

163. අර්ථය:- නිරන්තරයෙන්ම තූර්ය්ය ඝොෂා පැවැත්තාවූ, හස්ති, රථ, අශ්ව සේනාවන හැසිරෙන්නා වූ, වෛශ්ය වංශයෙහි සම්පත්තියෙන් යුක්තවූ, සැවැත් යන නාමයෙන් යුත් තුෂ්ටිදායක පුරයක් වූයේය.

164. අර්ථය:- අනන්ත නම් නාගරජයා ඒ නගරය වටලා දරණ ලාගෙණ දොරටු පෙණ ‍කොට සිටන්නාක් මෙන් අලඬකෘතවූ පළිඟු මිණිමය පවුර පෙ‍නේ.

165. අර්ථය:- පිරුණා වූ ජලයෙන් හා මනාව පිපියා වූ පියුමින් යුක්තවූ, භාඬග නාදයෙන් යුක්තවූ දිය අගල, පුරස්ත්රීනන්ගේ මහත් වූ උකුලෙහි රැඳුණු දීප්තිමත් මණිමෙඛලා දාමය මෙනි.


               අර්ථය හා විස්තර                                            125

විස්තර:- මිණිමෙවුල: මෙඛලාදාමය හෙවත් මෙවුල් දම, සත්රී න් නම ඉඟ වටා බඳින පටියකි. දිය සැනහෙන විට පවා ‍එය කො ගලවන බව

“මසෙක් ගොදුරු පත මෙවුලේ මිණි ග තා එළඳුන් බිය පතා ගත වෙවුලුම් ග තා එමතු නොවෙයි ඉතා නිල් සෙවෙලැ යි සිතා කොමළඟනන් මුතා සරල් වරල් ග තා (හංස සන්දොශය)

යන කවෙන් පෙනේ. බෝවෙන රෝගාදිය වළක්වා සනීපය රැක ගැනීමේ අටියෙන්, සවර්ණ මාණික්යා දියේ ස්පර්ශය ශරීරයට ගෙනදීම පිණිස පැරැන්නන් භාවිත කළ ස්ත්රීා ආභරණයකි මෙය.

166. අර්ථය:- රන් රිදීමය ධවජ ලීලොපෙත වෙමින් බබලන නීල මාණික්ය මය ප්රා-සාද පංක්තිය බලා, විදුලිය කැළුමින් යුත් වැසි වළාකුළු යයි (රැවටී) ගෘහ මයුරයෝ කෙකා ධ්වනි කළහ.

167. අර්ථය:- චන්ර්ාසායා හා සමාන මුහුණින් යුක්තවූ නිල් වළාකුළු වැනි කේශ කලාප බැඳගත් කාන්තාවෝ, පේළි වශයෙන් සිටගෙණ සඳලුතල වල පන්දු ක්රීවඩා කරත්.

168. අර්ථය:- පද්මරාග මැණික්මය වූ ප්රාසසාද කොත්වල රශ්මිය ගෑවුණු පුර ස්ත්රීපන්ගේ මුහුණු නරඹා චන්ර්ප්රයා චිත්ත රොෂය කරණකොට ගෙන රක්ත වර්ණ‍ විය.

169. අර්ථය:- සුදු මැණිකෙන් (පළිඟු වලින්) නිමවන ලද ප්රා සාදවල සඳවැනි මුහුණු (ඇත්තන්) සිටින විට චන්ර්ස යා වෙන් වශයෙන් හඳුනා ගත ‍නො හැකිව සොය සොයා, රාහු හෘද ‍ශෝකයෙන් යුක්තව හැසිරෙයි.

170. අර්ථය:- උස්වූ ශෙවත මාණික්යද ප්රා්සාදයන්හි, සල්ලාලයන් හා සල්ලාලියන් ක්රීථඩා කරමින් කවුළු වෙත පැමිණෙන කල්හි, (ඔවුන්) යහළු ස්ත්රීයන්යයි චන්ර්ැමියා උපමා කෙළේය. (හැඳින්වීය) 126 අසදෘශ ජාතක කාව්යිය

විස්තර:- සලෙළු: ‘ලළු’ (ලීලා) යුනුද ‘කෙළි’ (ක්රී ඩා) යනුද සමානාර්ථ යි. ලළු සහිත වූයේ සලළු (සලීල)

171. අර්ථය:- උස්වූ ප්රාිසාද මුදුන්හි ලෙලදෙන්නාවූ ධවජ (කෙබඳුද යත්) බොහෝවූ සූර්ය්ූ ප රශ්මියෙන් තැවුනා වූ ග්රීතෂ්මය වහා දුරු කෙරෙමැයි අමෘත රශ්මි ප්රාූප්ත වූ චන්ද්රායා ලෙවන්නාක් වැන්න.

172. අර්ථය:- ප්රාරසාදාග්ර යන්හි චන්ර්් වකාන්ත මාණික්යවයෙහි විලාශය (ගත්) එහි චන්ර්්රා රශ්මියෙන් ජනිතව පිරුණා වූ දිය බොමින් සූර්ය්යා.ගේ සතුටු වන්නාහ.

විස්තර:- දිනිඳු හයරිය: (දිනෙන්ද්රු රථාශවයෝ,) සූර්ය්යා‍ගේ රථයෙහි ශෙවතාශව‍යෝ සත් දෙනෙක් යොදන ලද්දාහු යයි යෙති.

173. අර්ථය:- මහා බ්රකහ්මයා විසින් දිව්යථ පුරය සහ මේ පුරයන් නොයෙක් සම්පත්තියෙන් පුරවා මහා‍මේරු පර්විතය නමැති තරාදියේ බහා කිර බැලූ කල්හි (ඓශචර්ය්රු යෙන්) සාරවූ ඒ නගරය වඩා බර බැවින් බිමට බටුවක් වැනිය.

විස්තර:- සුරපුර - මෙපුර; මෙර තුලා කර කිරා: බ්රයහ්මයාගේ තරාදියෙහි දඬුව මහමෙරය. තටු සුර පුර සැවැත් පුර යන දෙකය. මහා බ්රපහ්මයා දෙතටුව සම්පත්තියෙන් පුරවා දඬුව නැගීය. මෙපුරෙහි බර කොත‍රම් වීද යත්, ඒ බිමටම බටු‍යේය. සුර පුරෙහි බර කොතරම් අඩුවීද යත්, ඒ, තරාදී දඬු මුදුනෙහිම පිහිටියේය.

සසදාවතෙහි එන ශ්රාරවස්ති පුර වර්ණ නයෙහිද මෙබඳු අර්ථනයක් පද්යවයට නඟා ඇත.

සුර පුරද තමද - දෙතටු සැපතින් සපුරා නඟන බඹ මෙර තුලා - බෙරෙන් පුර බිම් බටවන් (සසදාවත)


            අර්ථය හා විස්තර                                                127

මේ අර්ථ යෙහි විසිතුරු බව දුටු ශ්රී රාහුලයෝද පරෙවි අස්නෙහි ද ඒ අර්ථථයම පද්යියට නැගූහ.

සුර පුර මෙපුර දෙතටුව සව් සිරින් පුරා මහ බඹ මෙර තුලා කර බලන වර කිරා ලුහු බැවිනෙ’දෙව් පුර රැඳුනෙව් සුනෙර සිරා බට වැනි බරින් ‍දෙ’රණට මෙපුර මන හරා (පරෙවි සන්දටශය)

174. අර්ථය:- සුදු පැහැය නිසා පැහැයෙන් බැබලෙන්නාවූ උස්වූ ප්රා සාද කෙලෙසද යත්; ‘පුර ස්ත්රීැහු පැරදී දෙව්ලොවට නැංගාහ’යි හාස්ය කරන්නාක් බඳුය.

175. අර්ථය:- එහි නාටිකාවන් නෘත්ය කරන කල්හි, මැණික්මය බිත්ති වලින් පෙනෙන්නාවූ ප්ර්තිබිම්බයන් කෙබඳුද යත්. සුරඬගනාවන් (නෘත්ය්ය) ඉගෙනීම පිණිස මෙහි අවත් ප්රෙගමයෙන් නටන්නාක් වැනිය.

176. අර්ථය:- යහපත්වූ මධුර (රස ඇති) ගෙඩි වලින් යුක්තවූ, (මැණියෙන් මුක්ත) පිපුණු මල්වලින් ගැවසීගත් රුක් සෙවනෙහි, කෝකිලයන් හා භෘඬගයන් රාවය කරන්නාවූ ඒ නගරයෙහි ගෘහොද්යා්නයන්, කවරෙක් වර්ණ නා කරත්ද?

177. අර්ථය:- නිල් සෙවෙල නැමැති කෙස් කළඹින්ද, පිපුණු පියුම් නැමැති මුහුණින්ද, උපුල් නමැති ඇස් වලින්ද, හංසාකාර පයොධ‍රයෙන්ද, බබලන්නාවූ ඒ නගරයෙහි ගෘහ දීර්ඝිකා තඩාගයෝ ස්ත්රීයන්ගේ ආකාරය ගත්තහ. විස්තර:- ගෙදිගුවිල් (ගෘහදීර්ඝිකා) ගෙවල් ඉදිරියේ මිදුලෙහි සාදා ඇති ජලාශයකි. (පිහිනුම් තටාක)

178. අර්ථය:- සුදු මැණික්මය (පළිඟු) ප්රාිසාදයන්හි කවුළු වලින් සඳ වැනි මුහුණු ඇති කාන්තාවන් බලන කල්හි, ‘ගෘහ දීර්ඝික තඩාගයන්හි ක්රී ඩා කරන්නාවූ සක්වා ලිහිණි යුවල වෙන්වී ගියහ.


128 අසදෘස ජාතක කාව්යිය

විස්තර:- සක්වා: (චක්ර වාක) කවි සමයයෙහි බෙහෙවින්ම ප්රිසිද්ධ පක්ෂිර වර්ග යකි. දාවල එක්වන සක්වා යුවළ රත්රිබ කාලය පැමිණෙත්ම වෙන්ව යති. උහු නැවත උදය කාලයෙහිදී එක්වෙති. එහෙයින් රාත්රිුය හැකිළුණු පමණට සක්වාවෝ සතුටු වෙත්. රාත්රිෙයට අධිපති චන්ර්ැකියා විසින් ඔවුන්ගේ වියෝවීම කරන්නාසේයයි කවීහු අදහස් කරති.

හකුළුමවින් රෑ - වඩමින් සතොස සක්වා සැනහීමෙ දිය දිය සිත් - දියුණු කරැ පත් ගිම් කල් (සසදාවත)

ග සා කතින් සක්වා වෙන් කළ පවින නි සා පියඹ සහ තුරු පිරිවර ගියෙන ස සා වෙසින් දුමුරස වෙමිනි එම දින ස සා දරහු බල පල ලද උදෑසන (මයුර සන්දෙ ශය)

179. අර්ථය:- කොඩි එල්ලෙන්නාවූ ප්රා්සාදයන්හි නිතර සිටින්නාවූ, රම්භා නම් දිව්යායඬගානාව වැනි රූපශ්රීපයෙන් යුක්තවූ ඒ පුර ස්ත්රීනහු, සත්ව යන්ගේ සිත් කළඹවා තමන් වෙතට කැ‍‍දෙව්වාහු.

විස්තර:- රම්බා: රම්භා නම් දිව්යාළඩගනාව නලකුබරයාගේ බිරිදයි. 180 .අර්ථය:- මුහුණු චන්ර්ාළඹයා බඳුවූ, ක්රි ඩා දක්ෂෙතායෙන් අනඬගයා වැනිවූ, පයොධරයෙන් ශක්රැ ධවජ වැනිවූ, ඒ පුර ස්ත්රීබහු ශක්රවයාගේ දිව්යධ ස්ත්රිරහු වැනියහ.

181. අර්ථය:- හංසයින්ගේ හා සමාන ගමන් විලාශයද, ශරත් චන්ර්හු යා වැනි මුහුණද, අනඬග කාන්තාව වැනි රූපයෙන්ද යුක්තවූ පුර ස්ත්රීුන් වර්ණගනා කරනුයේ කවරෙක්ද; (කවරෙක් සමර්ථ, වෙත්ද?)


                    අර්ථය හා විස්තර                                     129

විස්තර:- හස හස සාරායා: (හංසා කාර ගමන් විලාශය) ස්ත්රී න්ගේ ගමන් විලාශය, හංසයින් ගමන් ගන්නා ආකාරයට සමාන කොට දැක්වීම, කවීන්ට අභිමත වූවකි.

හංස සන්දවශයෙහි ජයවද්දන පුර සත්රී වර්ණ්නයෙහි එන

“අප සර ගෙන සරමින් නිතොර පුර මඟා”

යන්නෙන්ද ඒ බැව් පැහැදිළි වෙයි.

182. අර්ථය:- පාද නැමැති ළපැටි දලු වලින්ද, අත් පා තොල් නමැති පෙති හා කුසුමින්ද, පියයුරු නමැති ගෙඩි වලින්ද බරවූ, සල්ලාල නමැති යාචකයන් සතුටු කළාවූ, ඒ නගරයෙහි හැසිරෙන්නාවූ කාන්තාවෝ උතුම් කලාප ලතා වැනියහ.

183. අර්ථය:- ඒ බරවූ මණිමේඛලාවන් රැඳුණාවූ පුරසත්රි,හු පයෝධරයන් හා පුළුල් උකුල්හි බර කරණ කොට ගෙණ දිව්යර පුරය අත් හැර පොළොවට බටුවා වූ දිව්යකප්සරාවන් වැනියහ.

184. අර්ථය:- සක්, මිණි, මුතු, පබළු වලින් යුක්තවූ අමු කපුරු සදිසි වැලිතලා ඇති, නිරන්තරයෙන්ම ඝොෂාව පැතිරි, සමුද්රත විලාශය ගත්තාවූ ආපන ශාලාවෝ ඒ නගරයෙහි පෙනෙත්.

185. අර්ථය:- මුහුණ සුපුෂ්පිත පියුමක් මෙන් බබලන්නාවූ රූපයෙන් ශ්රීඅ කාන්තාව වැනිවූ, ආශාව වඩවන්නාවූ ඒ පුර ස්ත්රීශහු, ඇත් ගමනින් සඤචාරය කරත්.

186. අර්ථය:- ඓශ්චර්ය්යුයෙන් යුක්තවූ ඒ නගරයෙහි ඇති තතු වැනුමට සහ බැලුමට අනන්ත නම් නාගරාජයා හා ශක්‍රයා හැර අන් කවරෙක් සමර්ථ වෙත්ද?


9


130 අසදෘශ ජාතක ක‍ාව්යයය

187. අර්ථය:- මහත්වූ ඥානයෙන් බ්රෙහස්පති වැනිවූ දිව්ය පුරයෙහි සම්පත්තියට ලංවූ නිශ්චල ගුණයෙන්, මහා මේරු පර්වතතය වැනිවූ, කොසොල් නම් රජෙක් ඒ නග‍රයෙහි වූයේය.

විස්තර:- මෙර - මේරූ පර්වහතය රත්නමයය යනු කවි සමයයි. සවර්ණරමයය යනු තවත් මතයකි. ඒ නිසා රන් මෙර - කනා මෙර - රුවන් මෙර යනාදිය ද එයට නමි.

දැඟුම් රුවන් මෙර - සිරි උසුලත් මුනිඳු සඳු

පබළ ගිරි සිරි පාමින් - සඟ වැඩි පිළිවෙළින් (සසදාවත) යන ගීයෙන් ද පෙනේ.

188. අර්ථය:- රූපයෙන් අනඬගයා වැනි වූ, වික්රවමයෙන් විෂ්ණු වැනි වූ, මහත් වූ, ශ්රීය සම්පත් වැළැඳියා වූ, ඔහු (ඒ නරෙන්ර්ම කයා සුනෙර ගිර වැන්න. සේනාව සාගරය වැනිය.

විස්තර:- පස බාණ: (පඤ්ච බාණ) අනඬග පර්ය්ය යි.

මල් සර, මනයොන, අනඟ, මල’වි, මින්දද, මද රද ආදී නම් වලින් හැඳින්වෙන්නේද අනඬගයයි. හේ කාමයට අධිපතියයි, පියුම්, හෝපලු, අඹ, දෑසමන් නිලුපුල් යනුවෙන් හී පසකින් අනඬගයා විදිතැ යි යෙති. ඒ ඒ හීයෙන් විදීම නිසා, (ඒ හී පහර වැදුනවුන්) උමතු බව, ශරීරය කෘශවීම, ස්ථම්භයක් මෙන් සිරි තැන සිහි මුලාව සිටීම, හා ස‍මේමාහනය ද පිළිවෙළින් ඇති වන බැව් යෙති.

189. අර්ථය:- ඒ රජතුමාගේ තේජස නමැති කුඬකුමාඬ්ගරය දිශා නමැති ස්ත්රීඅන්ගේ උරතළයක් පාසා ආලේප කර, ස්වකීය කුලය නමැති නෙළුම් විල; සූර්ය්ආලේයා මෙන් පුබුදු කෙළේය.



                      අර්ථය හා විස්තර                                    131

විස්තර:- කොකුමඟර: කුංකුම අංග රාගය ශරීරය සුවඳ වනු සඳහා ආලේපනය කරන කොකුම් සුණු (කුඩු) ගුත්තිලයෙහි;

සු ව ඳ සඳුන් කොකුමඟ රා පැ හැ ද තමන් වෙර තව රා

යනුවෙන් ;

හංස සංන්දෙනශයෙහි:

තරඟ පැහැර ගතා කොකුමඟරා ගතා යනුවෙන් ද, කුඬකුමාඬ්ගර ආලේපනය ගැන සඳහන් වෙයි.

190. අර්ථය:- ඒ රජුගේ තේජස නමැති ගින්න (වහ්නිය) වැදී, සතුරන් නමැති අගිල් වනය වහා ඇවිලී, විහිදුනාවූ කීර්තිය නමැති හමන දුම් පටලය, සතුරු ස්ත්රීවන්ගේ මල් ගවසන ලද කේශ කලාපය මිදුවේය.

විස්තර:- දුම්නල: මාරුත න්යාහයයෙන් පැතිරෙන දුම්කඳ ඇඟවී.

191. අර්ථය:- ඒ රජ නමැති පූර්ණය චන්ර් යා ලෝක නමැති අහස් ගැබෙහි පෙනුණු කල්හි සතුරු රජුන් නමැති නෙළුම් විල හැම කල්හිම මුළුමනින්ම හැකිළී ගියේය.

විස්තර:- හිමකර: හිම කරනුයේ හිමකරයි. විබත් සමස් මේ චන්ර්ර මයාට නමකි.

192. අර්ථය:- ඔහු (ඒ රාජයා) කඩුව සහ පලහ ගත් කල්හි සතුරු වනිතාවන් විසින් දෙන ලද කඳුලු වැටී පලාවර්ණ වූ උන්ගේ මුහුණු, රාහු විසින් අර්ධායක් ග්ර හණය කරන ලද චන්ර්ල්හයා වැන්න.


විස්තර;- පලඟ: රාහු ඔහුට ‘එණි’ යනුවෙන් තවත් නමෙක් වෙයි. පුරාණ කථාවන්හි එන පරිදි කිරි මුහුද අළලා අමෘතය ගෙන සුරයන් එය බොන කල්හි රාහු ද


132 අසදෘස ජාතක කව්ය්ය

‍ සුරයෙකු මෙන් වෙස් වළාගෙන ගොස් අමෘතය බීමට පටන් ගති. සඳ රිවි දෙදෙන මේ බැව් දැන විෂ්ණුහට මෙය සැළ කළහ. විෂ්ණු චක්ර යෙන් අසුරයාගේ හිස සිඳ ලෑවේ ය. රාහුගේ තොලෙහි යම් තම් හෝ අමෘතය ගෑවී තිබීම නිසා හිස අමර වීය. රාහු නම් වූ මේ අසුර ශීර්ෂෑය එතැන් පටන් සඳ රවි දෙදෙනා කෙරෙහි වෛර බැඳ අවස්ථාවක් ලත් විට චන්ර්න් , සූර්ය්යස ග්ර්හණය කරෙත්ලු, රාහු ඩැහැ ගත් කල විස ඇතිවෙයි. සඳ ලපව ඒ විසට නිල්වැ ගිය තැනක් ලෙස දැක්වීම කවීන්ට අභිමතය ඒ අදහස;

පලඟ ගහණ කළ සඳ විහිදුණු විසඳ ගිරා සන්දෙ ශය

යන්නෙන් පෙනේ.

193. අර්ථය:- ඒ රාජයාගේ දැඩි වූ තේජස නමැති වහ්නිය (ගින්න) එම කාලයෙහි දිශානත්යන්හි පැතිරෙන කල්හි උද්ගත වූ සන්ධායාවලාකුල් යයි සිතා, ඊශ්වරයා අනවබොධයෙන් නෘත්යග කර වෙහෙසට පත්විය.

194. අර්ථය:- නිල් බැම නමැති මේඝය නගත්ම, සතුරු නමැති කාන්ති යෂ්ටීන් දුරලත්ම සත්වියන්ගේ සිත් නමැති ඇල්කෙත අත් නොහැර ඒකාකාරයෙන් වැඩි දියුණු කෙළේය.

195. අර්ථය:- ඒ රජ තුමාගේ පා නිය රැස් නමැති ප්රඅභාමත් වූ සිසිල් ජලයෙන්, සතුරු රජුන් අභිෂේක කොට, චන්දරයා පරිද්දෙන් ස්වකීයයන් නමැති කොඳ වනය සතුටු කරවී.

196. අර්ථය:- රස මුසු අමෘතය වැනි වචනයෙන්, අමෘතය විනා අන්යමක් ප්රාඅර්ථතනා නොකරන්නා වූ අමෘතය හා ශ්රී කාන්තාව විසුවාවූ, අමෘතාකරයාණන් (බුදුන් මෙන්) අතීතය හා අනාගතය දත් සේක.



                          අර්ථය හා විස්තර                             133

විස්තර:- සිඳු දූ: (සාගර දුහිතෘව) ශ්රී කාන්තාව. ලක්ෂ්ෙමී යනු තවත් නමෙකි. විෂ්ණු දෙවියා කිරි මුහුද කැළඹූ කල්හි, ඉන් මතුවූ නිසා මෝතොමෝ සාගර දුහිතෘව හෙවත් සිඳු දූ යන නම ලද.

අමාකර = තත්වාකාරයෙන් දත්බව කී සැටියි.

197. අර්ථය:- මුනීන්ර්බව යන් වහන්සේ පාද නමැති පියුම් නිරන්තරයෙන් ම තම මුදුන්හි සතුටින් දැරුවා වූ, ඒ රජු නොයෙක් දේශයන් ජය ගණිමින් සුවසේ රාජ්යරය කරන කල්හි;

198. අර්ථය:- ජේත නම් කුමාරයා විසින් ඇති කරන ලද උයනෙහි, පණස් සතර කෝටියක් ධන වියදම් කොට අනාථ පිණ්ඩික මහා සිටාණන් විසින් කරවන ලද, පැහැයෙන් දිලිසෙන්නා වූ;

199. අර්ථය:- දිව්යක පුරය සීමාකොට බබළන්නා වූ, උස්වූ ප්රාිසාද මුදුන්හි වූ රන් කොත් කැරළි වලින් සජ්ජිත වූ, සත්වනයාගේ පාප නමැති ග්රීූෂ්මය දුරු කළා වූ, ජේතවනාරාම නම් විහාරයක් විය.

200. අර්ථය:- (ඒ විහාරය) හාත්පස්හි ඇති මනොඥ වූ ප්රාිකාරය (කෙබඳුද යත්?) බුදුන්ගේ බණ අසා සිත සතුටුව, (ඒ කෙරෙහි) ආශාවෙන් උරෙන්ද්රයයා (අනන්ත නම් නාග රාජයා) නිරන්තරයෙන්ම එහි සිටින්නාක් වැන්න.

201. අර්ථය:- පද්ම රාග මාණික්ය්මය රන් කොත් වල පැහැයෙන්, මහත්වූ අඳුර දුරු කොට, සුර්ය්්ය ය විසින් බුදුන් වහන්සේට පුදන ලද රශ්මිය මෙන් රාත්රිකය සහ දවාල බබලන්නේය.

විස්තරය:- මුරුතමල්: පද්මරාග මාණික්ය යන්ට නමකි.





134 අසදෘශ ජාතක කාව්යකය

202. අර්ථය:- නිල් මිණි බිම්හි, ප්ර තිබිම්බිතව පෙනෙන්නාවූ ලෙලදෙන්නාවූ ධ්වජ කෙබඳුද යත්? කාලින්දක ගංගාවෙහි සිත්වූ පරිද්දෙන් ක්රීවඩා කරන්නාවූ, අප්ර,මාණ වූ මත්ස්ය් සමූහයා වැන්න.

විස්තර:- කලිඳු ගඟ: යමුනා නදිය.

203. අර්ථය:- පද්ම රාග මාණික්ය.මය ප්රා‍සාද කොත් රශ්මියෙන් චන්ර්රෙනයා රතු පැහැ විය. (එය කෙබඳුද යත්) (චන්ද්ර යා) මධ්ය යෙහි අඳනා ලද, බොධිසත්වරයන් වහස්සේ සාව උපන්කල්හි, ගිනි මැදට පැන්නාවූ ශ්රී්ය ලද්දේය.

204. අර්ථය:- සුදු මැණික්මය (පළිඟු) බිත්තියෙහි පිළිබිඹුව පෙනෙන නොයෙක ධ්වජ (කෙබඳුද යත්?) නාග, දිව්යි, අසුරයන් ධර්මධ ශ්රෙවණය කරනු කැමැත්(තෙන් පැමිණ සිටියා වැන්න.

205. අර්ථය:- ශක්රර, විෂ්ණු බ්රපහ්මයන් විසින් ශාස්තෘන් වහන්සේට පූජා කරණ ලද අප්රයමාණ වූ ඔටුණු බඳු‍වූ ඉන්ද්රු නීල මාණික්යි, දියමන්ති, හා රත්නයන්ගෙන් ස්ථිර ලෙස සජ්ජිත කළාවූ, නිල් හා සුදු පැහැයෙන් යුත් කොත් මහත්ය.

206. අර්ථය:- දේශනා කරන්නාවූ ධර්ම් නමැති ඝොෂණයෙන්ද, ලෙල දෙන්නාවූ රන් ධ්වජ නමැති විදුලියෙන්ද යුත්, අති නීල මාණික්ය්මය ප්රාැසාද දැක, මේඝ යයි සැක කොට මොරු නද දෙත්.

207. අර්ථය:- තල්ය, පොල්ය, දෙල්ය, කොසඹය, දෙල්ය, සල්ය, කිතුල්ය, බටදොඹය, පිපියාවූ මල් ඇති පළොල්ය, දොඹය, විශාලයවූ සල්ය, මොරය මී අඹය;

208. අර්ථය:- අගිල්ය, තාමලතාය, දේවදාරය, කපුරුය, තකුල්ය, සපුය, දුනුකේය. මුහුණමල්ය, යන වෘක්ෂය පඬ්කතියෙන් (ඒ) ප්රයවර විහාරය බැබළුණේය.



               අර්ථය හා විස්තර                                        135

209. අර්ථය:- (ඒ වනය) කර්ණිකාර හා නාග පුෂ්ප නමැති රන් රිදී ඡත්ර යෙන්ද, සපු කැකුළු නමැති ගෘහ මාණික්යනයෙන් ද, පුවක්මල් නමැති චාමරයෙන්ද යුක්තවිය.

210. අර්ථය:- (ඒ වනයෙහිවූ) සුදු වැලි නමැති මුතු පටින්ද, නොයෙක් පැහැයෙන් යුත්, ලපටි දළු නමැති ලෙලදෙන්නාවූ ධවජයෙන්ද, කරඳ මල් නමැති පොරි වලින්ද, (ලාජ පුෂ්ප වලින්ද) මහී කාන්තව මුනීන්ර්් යන් වහන්සේට පූජා කළාක් වැන්න.

211. අර්ථය:- සඬඝයා නමැති තාරකාවන්ද, මුනීන්ර් වහයන් වහන්සේ නමැති චන්ර්් යාද, ඒ විහාරය නමැති අහස් ගැබට පිවිස, සුන්දවරවූ බ්රතහ්ම විහරණයෙන හා ආර්ය් ි ඊර්යා්ූජ පථයෙන් යුක්තව සිටි කල්හි;

විස්තර:- බඹ විහරණ: කරුණා, මෛත්රී , මුදිතා, උපෙක්ෂාර යන සතරයි.

212. අර්ථය:- ශොභන චතු පාරිශුද්ධ ශීලය නමැති සුගන්ධාීලේප කරමින්, ධර්ම- නමැති ඔටුණු දරමින්, ලජ්ජා භය නමැති ශාටක හැඳ පෙරවාගෙණ;

විස්තර:- සිව් පිරිසිඳු සිල්: ඉන්රිමැත ය සංවර ශීලය, (ඉන්රිෂාර යයන් රැක ගැනීම;) ප්රා තිමොක්ෂට සංවර ශීලය, (ශික්ෂාී පද රැක්ම) ප්රයත්ය;ය සන්නිශ්රීගත ශීලය, (සිව් පසය නිවැරදි ලෙස රැක ගැන්ම) ආජීව පාරිශුද්ධ ශීලය, (පිරිසිඳු ලෙස ජීවිකාව කිරීම) යන සතර ශීලයෙන් සංඝයා යුක්තයෝය.

213. අර්ථය:- (බිමට බැස්සාවූ බ්රකහ්ම සමූහයන් මෙන්, අග්රෙශ්රා්වකයන් වහන්සේලා දෙනමත් සමග, ආර්ය්න ස මහා සඬඝයා සමූහයා තම තමන් වාසය කරන්නාවූ කුටිවලින් පිටත්ව:


136 අසදෘශ ජාතක කාව්ය,ය

214. අර්ථය:- චන්ර් කාන්ත මාණික්යන නමැති භූමියෙන්ද, වෛදූර්ය්යන් මාණික්යත නමැති විශාලවූ කුළුණු වලින් ද, නීල මාණික්යය නමැති වහළින්ද, පද්මරාග මාණික්යවමය කොත්වලින්ද,

215. අර්ථය:- රන් කිකිණි (කුඩා මිණිගෙඩි) හා මුතු පටින්ද, සැමකල්හිම ලෙල දෙන්නාවූ නානා ධ්වජයන්ගෙන්ද, සුධර්මාඩ නම් දිව්ය සභාව වැනි වූ ධර්මග සභාව වැනිවූ ධර්මල සභා මණ්ඩපයෙහි ආශාවෙන් වැඩසිට;

විස්තර:- සුධර්මා : ශක්රායාගේ දිව්යභ සභාව.

216. අර්ථය:- ගුණ නමැති ආභරණ දැරුවාවූ, අනෙක විධ ප්ර‍තිපත්ති පිරුවාවූ, සාරවූ පුණ්ය ක්ෂෙුත්ර යක් (පින් නමැති කුඹුරක්) බඳුවූ, සුවයම ඇති කරවන්නාවූ, මහා සඬඝයා වහන්සේ වැඩ හිඳ;

217. අර්ථය:- පියාණන් වූ සුද්ධෝදන නම් රජතුමාටත්, සුළු මව්වූ ප්රයජාපතී ගෝතමී නම් ක්ෂ ත්රිමය කාන්තාවටත්, ඒ බෝධි සත්වමයන්වහන්සේ සිත් ආශා නොකොට;

විස්තර;- දිනිතාය: ‘දිනිති’ යනු මාතෘ පර්යා ව් ය නාමයෙකි, සංස්කෘත යෙහි ‘ජනයිත්රිද’ යනු වෙයි. එහි අර්ථපය උපද වන්නී, යනුයි.

218. අර්ථය:- බොහෝ කාලයක් හිතවත්වූ, පුරුදුවූ, රූප ශ්රීනයෙන් ශ්රීය කාන්තාව වැනිවූ, බිම්බා බිසව වැනි අනර්ඝතවූ ස්ත්රි්රත්නයක් කෙරෙහිද, මොළොක් සිතක් ඇති නෙ‍ාකොට;

219. අර්ථය:- මනොඥවූ ස්වකීය රූපයෙන් කොටසක් එබුවාවූ විලාශයෙන් උපන්නාවූ කුමාරයා කෙරෙහිද, එකල්හි බොධිසත්ව්යන් වහන්සේ ප්රේිම නොකොට;

220. අර්ථය:- සම්පූර්ණරවූ සතර මහා නිධානයටද, බලවත් වූ චතුරඬගණී සේනාවටද, සුකුමාලවූ පුරස්රීොකො න්ටද, චතුර්විධ කුලයන්ටද, මන්ත්රී න්ටද, සියලු සම්පත්තියටද;

                       අර්ථය හා විස්තර                                       137

විස්තර:- සිව් රඟ සෙනඟ: ඇත්, අස්, රිය, පාබල සේනාව වෙත්.

සිව් කුල: බ්ර හ්මණ ක්ෂවත්රිසය වෛශ්යි, ක්ෂනද්ර. යනු සිව් කුලය යි.

221. අර්ථය:- ‍සත් දිනකින් ලැබෙන්නා වූ, චක්රය රත්නයකින් ශොභමන වූ; සක්වළ ගැබටම නායක වූ අප්රලමාණ වූ ඒ සක්විති රජ සැපතත්;

222. අර්ථය:- මේ සියල්ලම ආශාවක් නැතිව, අලුයම හෙලු කෙළ පිඬක් පරිද්දෙන් අත්හැර, පුණ්යිවන්තවූ අපගේ මුනීන්ර් යා නො නැවතීම මහාභිනිෂ්ක්ර මය කෙළේය.

223. අර්ථය:- සඬඝ සමූහයා මේ ආදීවූ බුඬ ගුණ කියමින් වැඩ සිටි කල්හි, සර්ව:ඥයන් වහන්සේ එය දිව කණින් අසා;

224. අර්ථය:- එතැනට වැඩ සත්වයයන්ගේ කෙලශ නමැති ග්රීරෂ්මය දුරුකොට, ධර්ම- නමැති වර්ෂාිව වස්වමි’යි සිතා මුනීද්ර්යන් වහන්සේ යහනින් නැඟී සිට;

225. අර්ථය:- බඹුන්ගේ හා දෙවියන්ගේ (හිස්) මුදුන්හි තබන ලද, එක්සිය අටක් ලක්ෂයණයන් යුක්තවූ මුනීන්ර්ගේ යන් වහන්සේගේ ශ්රීබ පාදය භූමිය දෙසට දිගු කළ කල්හි,

විස්තර:- සිය අට: (අටෝරාසිය) එක සිය අට.

226. අර්ථය:- මුනීන්ර්ෝර යන් වහන්සේ, සවර්ණී වර්ණයවූ කෙශරයෙන් යුක්ත වූ, සත් දහසක් විහිදුන පෙති ඇති, පොළොවින නැංගා වූ, මහත් වූ ඒ නෙළුම් මතු යෙහි වැඩ සිට;

227අර්ථය:- රැඳුණා වූ ලාකඩ දියෙහි පැහැයෙන් දිලුණු රත් වද මල්, පබව හා පද්මරාග මාණික්ය ප්රැභා, ඉසුලු අඳනය ත්රි මණ්ඩලය වසා ඇඳ,

138 අසදෘශ ජාතක කාව්යුය

විස්තර:- තෙමඬුලු: දෙදණ හා නැබ යන තුන් ස්ථානය (වැසෙනසේ අඳනය ගැට ගැසීම.)

228. අර්ථය:- මේ අපගේ පඤ්‍ච දෘෂ්ටීන් වහන්සේ පබ්ළුලමය යෂ්ටි මිටියක් රන් දමකින් දවටන්නාක් මෙන්, විදුලි කාන්තිය සඟවන්නා වූ (අපහාස කරන්නා වූ පුංචි කරන්නා වූ) පටි ධාතුව බැඳ;

විස්තර:- පසදිටි: පසැස් යනු බුදුන් වහන්සේට තවත් නමකි.

පස+දිටි, දෘෂ්ටි යනු පෙනීමයි. පෙනෙන්නේ ඇසෙනි. දටි යනු ඇස යන අරුත දෙන පදයකි. ඇස් පසක් (පෙනීම් පසක්) ඇත්තේ බුදුන් වහන්සේටය. මසැස, දිවැස, පැනැස, බුදු ඇස, සමතැස යනු ඒ පඤ්චාක්ෂිිහු වෙත්.

229. අර්ථය:- පැතුරුණාවූ සන්ධෂයා වළාකුළකින් මහමේරු පර්වඅතය වසාලන්නාක මෙන්, නුග ගෙඩි සෙයින් ප්රුභාමත් වූ සුගත් චීවරයෙන් බුඬ ශරීරය වසත්ම;

විස්තර:- සුගත් සිවුර: (සුගත චීවරයෙන්) යහපත්වූ ගමන් ඇති හෙයින් ද, සුන්දුර වූ ස්ථානය හෙවත් නිර්වරණයට පැමිණි හෙයින ද, යහපත් වචන කියන හෙයින් ද බුදුන් වහන්සේට සුගත යයි කියති.

බුදුගුණාලංකාරයෙහි:

යහපත් කොට යෙතැ යි සුන්දර තැනට සැප තැ යි සොඳුරු බස් කියතැ යි කියති ඒ මුනි රජුට සුගතැ යි

බුදුන්ගේ සිවුරට පාංශු කූල චීවරයයි කියත් (පාංශු +ආකූල = පස් වලින් තැවරී ගත්) උන්වහන්සේගේ සිවුර සුසාන භූමි ආදියෙන් රැස් කරත්; රෙදි කැබලි වලින් පිළියෙළ කරන ලද්දක් විය.


             අර්ථය හා විස්තර                                       139

230. අර්ථය:- ඉන්ර්තර නීල මාණික්ය යෙන්ද, බිනර, නිල්උපුල්, දියබෙරලිය පුෂ්පයන්ද; අති නීලවූ ගිරිනිල් මල්ද, මොනර පිල් සමූහයද, කසමල්ද, බඳුවූ (විලාසය ගත්).

231. අර්ථය:- නීලවර්ණ වූ බුද්ධ රශ්මිය පැතිර, අහස් ගැබ නීලවර්ණහ වූයෙන් ආශාවෙන් පූජා සඳහා පැමිණි දෙවිවරුද, බ්රශහ්මයෝද, විෂ්ණු දේවයා මෙන් වූහ.

232. අර්ථය:- රත් නෙළුම් වලින් කරන ලද වහළක් මෙන්ද, එරහැඳි මල් ඉසින්නාක් මෙන්ද, උත්තර සාගරය ඉතිරී ගියාක් මෙන්ද, මහා මේරු පර්ව තය දියවී පැතිරුණු පරිද්දෙන්;

233. අර්ථය:- අහසද, පොළොවද, සත් සයුරද, පර්වලත මුදුන්ද, සක්වළ ගලද අත් නොහැර, රන්වන් පැහැයෙන් යුක්තව, මනොඥවූ සවර්ණ්මය කාන්තිය දිවෙයි.

234. අර්ථය:- පද්මරාග මැණික්ද, සන්යාත් වලාකුළුද, රත්වද මල්ද, රත්නෙළුම්ද, ප්ර්වාල සමුද්රද පැහැයද සමානවූ රක්ත රශ්මිය, දිශාවන්හි නොපැකිළී පැතුරුණේය.

235. අර්ථය:- කොඳ මුතු ඉසින්නාක් මෙන්ද, චන්ර්වූ රශ්මිය පැතුරුණාක් මෙන්ද, කිරි සයුරෙහි නැංගාවූ රළ මෙන්ද, මුළු ලෝකයම සුදු පැහැකොට බුදු රැස් විහිදෙයි.

විස්තර:- කොඳ: සන්යාෙහි වෙහි පිපී, අලුයම හැළෙන, සමන් පිච්ච වලට බොහෝ සෙයින් සමාන, වියලි කලාපයේ පදාස වශයෙන් වැවෙන මල් වර්ගයකි. මහ රුක් වසා යන තරමට මේ වැල් වැඩේ. මල් පෙති මුල, මඳ රත් පැහැය වෙයි.

236. අර්ථය:- බුදුන් වහන්සේට පූජා පිණිස පැමිණියවූ දිව්යල, බ්රේහ්මයන් රතු පාටට කැමැත්තන් මෙන්, කොට, මාඤේඡෂ්ට වර්ණන රශ්මිය, (මදටිය පාට) චක්රාුවාට පර්ව්ත ශිඛරය පැනයයි.


140 අසදෘශ ජාතක කාව්යටය

237. අර්ථය:- ලෝකයෙහි ඇත්තාවූ සියලු පැහැ එක්කොට, මනොඥ ලෙස කරණ ලද සිතුවමක්, ආකාශයෙහි විහිදුවන්නාක්මෙන්, ප්රයභාස්වර කාන්තිය දශ දිශාවන්හි විහිදෙයි.

238. අර්ථය:- බ්රයහ්මලොකයෙහි වැදී ඇඹරී නාග ලොකයෙහි කිමිදී නගිමින්, ෂඩ් වර්ණබ රශ්මිය සකල ලොකවාසීන් සතුටු කරවමින් මුළු ලොකයෙහිම විහිදෙයි.

239. අර්ථය:- හමන්නා වූ මන්දි මාරුතය කරණකොට ගෙණ, උජ්වලිතව ලෙලදෙන්නා වූ සවර්ණණ ධ්වජ ඇති ගන්ධා කුටිය අභ්යලන්තරයෙන්, සුදු පාවාඩ පිටින් පිටිත්ව;

240. අර්ථය:- දෙතිස් මහා පුරුෂ ලක්ෂ ණයෙන් යුක්ත වූ මස්තකයෙහි වූ කෙතුමාලාලඬකාරයෙන් හා ප්රාභාමණ්ඩලයෙන් ද දීප්තිමත් වූ මුනීන්ර්ක යන් වහන්සේ ශරත් සූර්ය්යුයා මෙන් වැඩම කොට;

විස්තර:- දෙතිස් ලකුණු: (ධර්ම් ප්රයදීපිකාවෙන් දන්නේය.)

241. අර්ථය:- විදුලි කාන්තිය වැනි රන් දද ලෙලදෙන්නාවූ, මොනරුන් තුළ ප්රේයමය ඉපදවූ වැහි වළාකුළු වැනි සුවඳ දුම් දුම්පටලයෙන් යුක්ත වූ අනර්ඝඉ ඇතිරිලි අතුරණ ලද සභා මණ්ඩපයෙහි;

242. අර්ථය:- සිංහාසනය නමැති උදය පර්වලතයෙහි මුනීන්ර්ුන්යා නමැති චන්ර්යෙහයා පෙනෙන කල්හි සඬඝයා අත නමැති පියුම හකුළුවා සිත් නමැති කොඳ, අතිශයින් සතුටු කොට;

243. අර්ථය:- දහම් නමැති මල් පැනියෙන් යුක්ත වූ; ඒ සර්ව්ඥයන් වහන්සේගේ මුහුණ නමැති පියුමට, තමන්ගේ ඇස් නමැති භෘඬගයන් යවා, සඬඝ සමූහයාගේ භක්ති චිත්තය වර්ධඬනය කොට උන් කල්හි;


                    අර්ථය හා විස්තර                                       141

244. අර්ථය:- සිව් සුවඳ පුරවන ලද රත්රන් කරඬුවක් හැරියක් මෙන්, මුඛය නමැති පියුම පුබුදු කොට ධර්මත සභා ගර්භයය සුවඳවත් කෙරෙමින්;

විස්තර:- සිව්ද අමොද: සඳුන් - කපුරු - කොකුම් තුවරලා,

245. අර්ථය:- “සඬඝයා මෙතැනට රැස්වී කියමින් සිටියාවූ වචන කුමක්දැ”යි සර්වැඥයන් වහන්සේ සන්තෝශයෙන් වදාළ කල්හි;

විස්තර:- සමතැස්: සව්ඥ්්සේතා ඥානයයි. ඒ ඇසින් නොදක්නා දැ නැත්.

246. අර්ථය:- ධර්මසය නමැති අමෘත රශ්මියෙන් හික්මවිය හැකි ජනතාව නමැති කිරි සයුර උද්දාම කළා වූ, මුනීන්ර්ත රයන් වහන්සේගේ වචනය අසල ලද සඬඝ සමූහයා මේ ආකාරයෙන් ප්ර්කාශ කළහ.

247. අර්ථය:- ලොකාග්රආප්රාුප්ත වූ ස්වාමීන්ර්ම යන් විසින්, නොකියන පරිදි අනුදැන වදාරණ ලද්දා වූ, කථා දෙතිසක් ඇත්තේය ඉන් එකක්වත් (අපි) ප්රආකාශ ‍ෙනා‍කළෙමු.

248. අර්ථය:- “සත් දිනක් ඇතුළත ලැබෙන්නා වූ සත්විති සැපතට ආශා නොකොට, මහාභිනිෂ්ක්රුමණය කළා වූ ප්ර වෘත්තිය කීවෙමු”යි කී කල්හි;

249. අර්ථය:- “මහණෙනි! බුද්ධත්ව යට පැමිණෙන්නා වූ සුන්ද ර වූ මේ ජාතියෙහි, තුෂ්ටි කරවූ මෙවැනි රජ සැප අත්හැර, වහාම මහාභිනිෂ්ක්රඅමණය කිරීම, කවර නම් පුදුමයක් ද”?

250. අර්ථය:- “පුරාණයෙහි දී බොධිසත්වය කාලයෙහි ප්ර දේශ ඥානයෙහි සිටිමින්, රාජ සම්පත් අත්හැර මහාභිනිෂ්ක්රකමණය කෙළේ යයි; දේශනා කරමින්;


142 අසදෘශ ජාතක කාව්යිය

251. අර්ථය:- ගුණයෙන් යුත් කථාවෙහි, ව්ය්ක්තවූ යතිවරයෙක් නැගිට, පසඟ පිහිටුවා, වැඩ හුන් මුනීන්ර්ික්යන් වහන්සේට නමස්කාර කොට;

විස්තර:- පස’ඟ: දෙවැලමිට, දෙදණ හා නළල මෙකී ස්ථාන පස බිම වැදෙනසේ වැඳීම පස’ඟ පිහිටුවා වැඳීමයි.

252. අර්ථය:- තමාගේ අත් නමැති පියුම (හිස්) මුදුන්හි තබා. අප්ර5මාණ භක්තියෙන් පූජාකොට, “අතීතයෙහිදී කරන ලද නෛෂ්ක්රවම්යභය, සංසාරයෙන් වැසී ඇති හෙයින් අපි නොදනිමු”

253. අර්ථය:- “තුන්ලොවට ගුරු වූ මුනීන්ර්ි හයන් වහන්ස! ඒ පුවත අපට ස්ථිර ලෙසම ප්ර්කාශ කොට දේශනා කළ මැනව”යි මෙපරිද්දෙන් ආරාධනා කළ කල්හි;

254. අර්ථය:- උණ ලීයෙන් කරණ ලද නළා හා වීණා ආදියේ නාදයක කොවුල් නාදයක යටපත් කොට, බ්රරහ්ම ස්වර පතුරුවා මෙපරිද්දෙන් අතීත කථා වස්තුව ‍දේශනා කළ සේක.

255. අර්ථය:- අහස් ගැබෙහි, සුලඟින් ලෙලදෙන්නා වූ, කොඩි වලින් යුත්, උස්වූ පළිඟු මිණිමය ප්රාකසාද ඇති ශ්රීලයෙන් ආලක මන්දා පුරය වැනි වූ බාරාණසී නම් නගරයෙක් වූයේ ය.

256. අර්ථය:- සැප සම්පත් ඉතිරේදෝ හෝ නොහොත්; දුශ්චරිතයන් වැළකීමටදෝ මහා බ්රරහ්මයා යහපත් සේ මැව්වාක් වැනි වූ ඒ නගරයෙහි රිදී ප්රාරකාරය සජ්ජිත විය.

257. අර්ථය:- චන්ර්හ්මකාන්ත මාණික්ය් ප්රා්සාදයෙහි බඳනා ලද, මාරුතයෙන් කම්පිත වූ රන් කොඩි කෙබඳුද යත්; ඒ කෛලාශකූට පර්වපත මස්ත‍කයෙහි නිතරම ක්රී‍ඩා කරන්නා වූ දිව්යාූඬගනාවන් වැන්න.



                    අර්ථය හා විස්තර                                  143

258. අර්ථය:- උස්වූ ප්රාරසාද පඬකති ඇති, නොයෙක් දේශවලින් ජනයන් රැස්වූ, ජය බෙර නාද කරවූ, ඒ නගරයෙහි නිරන්තරයෙන්ම ශ්රී කාන්තාවද වාසය කළාය.

259. අර්ථය:- පේළි වශයෙන් සෑදී සිට, ඔවුනොවුන් සෝලී කරන්නා වූ කුමාරවරු ශරීරයන්හි දූලි ‍ගාගෙණ තන්හි තන්හි ලී කෙළි කෙළිත්.

260. අර්ථය:- කෝමල වූ ඒ පුරකාන්තාවන්ගේ තොල් වලට උජ්වලිත තුඩු (හොටවල්) පැරදී, ගිරා සමූහයා ගස් බිලයන්හි සැක සහිතව ඉන්නාක් වැන්න.

261. අර්ථය:- මහා බ්ර හ්මයා ඒ පුර ස්ත්රී න්ගේ පුන් පියයුරු ඇති ආකාරයෙන්ම දුටුවහොත් බ්රවහ්මචාරී බව අත් හරමින් ඒ යයි සිතා, (ඒ කාන්තාවන් තම පියයුරු). උතුරු සළුවෙන් වැසුවාක් වැන්න.

262. අර්ථය:- ප්රාිසදාග්රනහයෙහි වූ රන් මිණි කොත්වල පැහැය විහිදී දිව්යෙ පුරයට පැමිණි කල්හි, ළපටි තණදැ?”යි. සතුටු වූ සුරබිදෙන එස සපා බලා රැවටෙයි.

263. අර්ථය:- පුර කාන්තාවන්ගේ මිදුවා වූ කෙශ කලාපයන්ට, සුවඳ ගැන්වීම කරන්නා වූ කළුවැල් අඟුරු දුම් නැගී අහස වැසුණු කල්හි, (එය) ‘වැසි වළාකුළුය’යි සැක සිතා මොනරු නාද කරත්.

264. අර්ථය:- දියමන්තියෙන් කරන ලද කොඩි නමැති තිකගසින් ද, නළඟනන්ගේ නැටීම් නමැති සෙළවෙන වාසක වෘක්ෂියන් ගෙන් ද, බ්රාළහ්මණයන් නමැති කොවුලන් හැසිරෙන්නා වූ මේ නගරය තිරන්තරයෙන් වනයක ශොභාව ඉසුලුවේය.

265. අර්ථය:- ඇත්, අස් සේනාවන්ගෙන් සම්පූර්ණ වූ ඒ නගරයෙහි ශෝභාව නිසරු ලෙස වර්ණඇනා කරතත්; ගණ දෙවිඳු, අනන්ත නම් නාගරාජයා, අගස්ති සෘෂි හැර කවර නම් කිවියරු හැකිවෙත් ද?



144 අසදෘශ ජාතක කාව්ය ය

266. අර්ථය:- මනෝහර වූ ඒ පුර අහසෙහ, සත් පුරුෂයන්ගේ සිත් නමැති කොඳ පුබුදු කොට සතුරන් නමැති සක්වා ලිහිණි දුරු කර, සම්පූර්ණර චන්ර්ූ යා පැමිණි ආකාරයෙන්;

267. අර්ථය:- නානා ශිල්ප ශාස්ත්රණයන් අවබොධ කළ, සම්පත් දීමෙන් කල්ප වෘක්ෂරයක් වැනි, මුඛයෙහි නිරන්තරයෙන් සරස්වතිය වාසය කළා වූ බ්රෂහ්මදත්ත නම් ප්ර්සිඬ ර‍ඡෙක් විය.

268. අර්ථය:- වෛදූර්ය් ප් මාණික්යියෙන් එළි වූ සතුරු රාජයන්ගේ ඔටුණු මස්තකයෙහි, මනරම් ලෙස සුසැදි, ඒ රජ තුමාගේ ශ්රීම පාදය, නිරන්තරයෙන්ම භෘඬග සමූහයෙන් යුක්ත වූ පියුමක සිරිය ඉසිලීය.

269. අර්ථය:- ඒ රජතුමා නමැති හංස රාජ තෙමේ, තේජස් නමැති තුඩින් පර රාජයන්ගේ අත් නමැති පියුම් කෙරෙන්, ත්යාිග නමැති මල් පැණි හැරගෙණ, පුර නමැති විල්හි සිත් වූ පරිදි වාසය කරයි.

270. අර්ථය:- මහා බ්රෙහ්මයා, ඒ රජුගේ කීර්තිය, දශ දිශාවෙහි අලස නොවී ඇන්ඳාවූ තෙලිකූර මෙන් කෛලාශය ද, මකුලු මදින භාජනය මෙන් කිරිමුහුදද පෙනේ.

271. අර්ථය:- පූර්ණ් චන්ර්ල රශ්මිය වැදී උද්දාම වූ කිරි මුහුද පරිදි, ඒ රජතුමාගේ කීරති රාශිය පැතිරී, ලෝ කුස සුදු පැහැ විය.

272. අර්ථය:- පිළියෙළ කරන ලද කීර්ති නමැති සුදු ආලේපනයෙන් දිශා නමැති කාන්තාවන්ගේ පියයුරු ඔප කළා වූ, නිරන්තරයෙන් ම ශ්රිනයා කාන්තාව සිඹ වැජඹුනා වූ, ඒ රජතුමා සම්පත්තියෙන් ශක්රියා මෙන් ශූරය.




                   අර්ථය හා විස්තර                                         145

273. අර්ථය:- ඒ රජ තුමාගේ දෙව හස්තය (නොහොත් ධොවනය කරන ලද හස්තය) ඔසවමින් වර්ෂ වාක් මෙන් නානාවිධ දාන දෙන ලදි. (ඒ රජ තුමාගේ) කීර්තිය නමැති මුතුහර කිරි සයුර වැන්න. රාජ්ය ශ්රී්යෙන් වෛශ්රතවණයා වැන්න.

274. අර්ථය:- මනොඥ වූ වක්ත්ර ය පියුමක් වැන්න. උතුම් වූ ස්ථිර සාර ගුණයෙන් මහාමේරු පර්ව:තය වැන්න. ත්යාිගි භාවයෙන් දිව්යු වෘක්ෂ ය වැන්න. ඒ රජතුමාගේ ව්යාවප්තවූ කීර්තිය මුතුහරක් වැන්න.

විස්තර:- සුරතුර: දිව්ය වෘක්ෂවයයි. ශක්ර පුරයෙහි තිබෙන පරසතු රුකයි. මෙය කල්පස්ථායීලු.

275. අර්ථය:- අමෘත පිණ්ඩයක් වැනි කීරතියෙන් යුක්තවූ, අමෘතාකාර වූ ප්රිමය වචන ඇති, මායා රහිත වික්ර්මයෙන් යුක්තවූ, (තථ්ය වික්රථමය) ඒ රජතුමා, ස්ත්රීයන්ගේ ඇසට අමෘතයක් වැන්න.

276. අර්ථය:- ඔහුගේ ඓශ්චර්ය්තුමයට ලොභයෙන් ඊශ්වරයා හිස් කබලක් ගෙණ, වනයට වැදී, ඇත් සම් හැඳ ගෙණ, පර්ව තයකට නැගී තපස් රැකීමට පටන් ගත්තේය.

277. අර්ථය:- කඩු නමැති විදුලිය ලෙල දෙන්නාවූ ඔහුගේ අත් නමැති වැසි වළාකුල නැගෙත්ම, සතුරු ස්ත්රීවන්ගේ ඇස් බැම නමැති මොනරු පිල්කැල විදහා කෙකා නාදයෙන් යුක්තව නටත්.

278. අර්ථය:- (මේ රජතුමා) ලොක සත්ත්ව නමැති කෙතට මේඝයක් වැන්න. (වර්ෂ-වක් යන අරුත වඩා සුදුසු ය.) සතුරු සටනට ‍ඵෙරාවණ හස්තියා බඳුය. (නොහොත් සතුරු නමැති මහා වනයට ගිනිකඳක් වැන්න. දානයට මේඝයක් වැන්න. සම්පත්තියට ශක්රකයා වැන්න.

10


146 අසදෘශ ජාතක කාව්‍යය

විස්තර:- දලදර: මේඝවාචක ශබ්දයෙකි. දල (ජලය) දරණුයේ නුයි දලදර;

දලදර වරණ: ‍මේඝ පර්යාබ්ද ය දලදර ශබ්දය ශක්රියාට ද නමකි. ඓරාවණයාට දිග දළ අටක්ලු. ඒ ඒ දළ’ග වැව් පොකුණු ඇත්තේලු. එහෙයින් ජලය දරණ වරණායිද යෙති. එහෙයින් දලදරවරණ යනු ශක්රඓයාගේ හස්තියා (ඓරාවණයා) යන අර්ථුය දෙයි.

ජල ධරය වාරණය කරන්නා හෙවත් ජලයට ප්රිතිපක්ෂ වූ තැනැත්තා යන අර්ථයෙහි ලා සළකනවිට ගින්න යන අර්ථෙය දෙන්නේ ය.

දල දර යහන්: මේඝය වාහන කොට ඇති හෙයින් ජලධරායාන (දල දර යහන්) යනු ‍ශක්රෙ වාචක පදයකි.

අට: යුදධාර්ථරයෙහි අට්ට ශබ්දයෙන් ද, වනය යන අර්ථපයෙහි අටවි ශබ්දයෙන්ද අට යන ශබ්දය ලැබේ.

279. අර්ථය:- ත්යා ගශීලිත්ව්යෙන් කප්තුරක් මෙනි. සත්ය වචනයට හරිශ්චන්ර්ෙන රජතුමා වැන්න. ගති පැවැත්මෙන් ලොක්යාහට විෂ්ණු දෙවියා වැන්න. (මේ රජුගේ) චිත්තය ශ්රිරයා කාන්තාවට නිවාස ස්ථානයක් වැන්න.

විස්තර: හරිසඳ ලෙව් ගතින: ගති පැවැත්මෙන් ලොකයාහට විෂුණු දෙවි වැනි වූ; බ්රාහ්මයා ලොව මවයි. විෂ්ණු ලෝකය ආරක්ෂා කරයි ඊශ්ව‍රයා නසයි.

හරිසඳ සැබෑ බසයෙන: සත්ය‍ වචනයට හරිශ්චන්ර් ම රජතුමා මෙන්; ජීවිතයටත් වඩා සත්යට වචනය අගය කළ හරිශ්චන්ර්්බ රජු ඉන්දිතයාවේ අයොධ්යාහ පුරයෙහි විසූ බැව් ප්රහකටය. එතුමාගේ සත්ය‍වාදී බව දෙවියන් අතරදා ප්රයසිද්ධ වූයේය. සියබස් මල්දමෙහි ද

‘නිසල වන දිරි බෙලෙන් මෙර අයුරා, හරිසඳ, නිරිඳු වැනි සබවසට අතිමිහිර,

යනුවෙන් එතුමා වර්ණිතය.

                             අර්ථය හා විස්තර                                  147

280. අර්ථය:- කීර්තිය තේජස පතුරුවා වැජඹුනාවූ ඒ රජතුමා නමැති දිව්ය වෘක්ෂ ය වැළඳ ගත්, කල්ප ලතා වක් වැනිවූ කාන්තාවක්, අග මෙහෙසි තනතුරට පත් වූවාය.

281. අර්ථය:- ඵ් කාන්තාවගේ රූප සාගරයෙන් නිය අගින් (නඛාග්රයයෙන්) ගත් ඡලය පරිද්දෙන් (සවලප ප්රගමාණයක්) අනෙකවිධ අලඬකාර යොදමින් කවියෙන් කියමි. කවි ඡනයිනි, අසනු මැනවි.

282. අර්ථය:- අගිල් සුවඳින් යුක්තවූ, ‍මනා ලෙස පිපියාවූ මල් ගවසන ලද, මයුර පිල් හා සමාන නොවන්නාවූ සිත් සතුටු කරවන්නාවූ, මෘදුවූ ස්නිග්ධවූ දීර්ඝ්වූ, නීල වර්ණමවූ;

283. අර්ථය:- ඒ මෙහෙසියගේ කෙශ කලාපය බලා, එකෙණෙහි වැසි වළාකුළු පැරදී, කඳුලු පොද ඉසිමින් තදින් හඬ නගා අහස් ගැබෙහි හැසිරෙයි.

284. අර්ථය:- එකක් ලෙනෙහි සැඟවීයයි. එකක් මහී කාන්තාව තුළට යයි. ඵකක් දියවී යයි. එකක් වන ගතව නිරන්තරෙයෙන්ම ළපටි වෙවී ක්ෂයයවී යයි.

285. අර්ථය:- ඒ කාන්තාවගේ පටු නළල දැක, අභිනව චන්ද්ර යාද සඳ ලපයෙන් යුක්ත හෙයින්, මහෙශ්වරයාගේ ජටාවෙහි සිට අනාගතයෙහි ජය ප්රාෙර්ථානා කරන්නේය.

286. අර්ථය:- ඒ මනොඥ කාන්තාවගේ දෙ ඇස් බැමට බිඟුවැල සමාන කළ හැකිද? දේදුන්න(දෙබැමට) සමාන නොවන හෙයින් ලජ්ජාවෙන් වළාකුල්හි සැඟවී සිටින්නේය.

287.අර්ථය:- ඒ කාන්තාවගේ දිගු ඇස් ඉන්ර්සමානීල හෝඋත්පල වැනියයි කිව හැකිද? (නො හැක) පෙටි සමූහයා ඒ දැක පරාජිතව (උපන්) භීතිය නිසා දිය තුළ සැඟවී සිටිති.



148 අසදෘශ ජාතක කාව්යැය

288. අර්ථය:- සල්ලාලයන්ගේ සිත් නමැති ඇත් මදය නිවන්නාවූ, ඝනවූ රන් අකුස්සක් වැනිවූ, ඒ සත්රි යගේ දිගුවූත්; උස්වූත් නාසය, දෙමට මල් තුනක් මෙන් පෙනේ.

289. අර්ථය:- ඒ කාන්තාවගේ ඇස් ලෝකවාසීන් බැඳ ගන්නා පුඩ් වැනිය. සිත් සතොසින් මහා බ්රනහ්මයා නිරන්තරයේ ක්රීනඩා කරන්නාවූ රන් උන්සිල්ලා දෙකක් වැන්න.

290. අර්ථය:- යහපත්වූ මනස්කාන්තාවගේ පැහැපත්වූ දෙකපොල, ශක්රනයා විසින් නිරන්තරයෙන් බැලීම පිණිස රත්රන් කැටපත් තනාලූවක් වැන්න.

291. අර්ථය:- වීර්ය්ීම කොටත්, පබළු අඬකුරවලට ඇගේ රතු තොල් ජය ගත නො හැකි හෙයින්, සිත්සේ සමගි වෙමි”යි නිරන්තරයෙන්ම (ඇගේ) උර තලය ආශ්රිය කෙළේය.

292. අර්ථය:- සමන් මල් පොහොට්ටු වලද, ප්රතසන්න අලඬකාර මුතුවැල්යිද, සිරිය ඉසුළුවාවූ, දත් (ඇති ඇය) මුකුළු වචනයෙන් ලොක වාසීන්ගේ සිත් ගත්තාය.

293. අර්ථය:- (ඒ මෙහෙසියගේ) චන්ර්්රත සමාන මුහුණට සමාන මා මිස වෙන කවරෙක්දැ යි, චන්ර් මෙයා පියුම සමග තරඟ කොට හැම දිනම විරුද්ධව විසු‍වේය.

294. අර්ථය:- පුන්සඳ, ලපයකින් යුක්ත බැවින්ද, සුපුෂ්පිත පියුම හැකිලෙන බැවින්ද, සැම කල්හිම පිරිසිදුවූ ඒ කාන්තාවගේ මුහුණ ඒ හා සමාන කොට කියහැකිද? (නො හැක.)

295. අර්ථය:- ඒ කාන්තාවගේ ගෙලෙහි ඇඳි ඇති තුන් ඉරි දැක සැක සහිතව සක (සඬඛය) (ගෙලට) පැරදී රජතුමාගේ දොරක් දොරක් පාසා (තමන් පැරදි) දුක කියන්නාක් මෙන් ශබ්ද පවත්වමින් හිඳින්නේය.

                            අර්ථය හා විස්තර                           149

296. අර්ථය:- සල්ලාලයන් නමැති මත් ඇතුන් බඳින්නාවූ ඝන දන්දමක් බඳුවූ කොමල අත්, අහසෙහි ලෙලදෙන විදුලි කාන්තිය මෙන් පෙනේ.

297. අර්ථය:- මුළු ශරීරයෙහි තරුණ බව ඉතිරී පැතුරුණාවූ බුබුලු මෙන් ළැමැද පිරී සිටින දෙතන බලා එහි ශ්රීීයට සමාන නොවන බැවින්;

298. අර්ථය:- එකෙක් වෘක්ෂහයට නැංගේය. එකෙක් විල්හි සැඟවුණේය. එකෙක් දොරක් දොරක් පාසා හිඳී. එකෙක් පහර කා ඈතට දිව්වේය.

299. අර්ථය:- පියයුරු නමැති කඳු මැදින් වැටුණාවූ යමුනා නදියේ ශොභාව ගෙණ, නාභිය නමැති විලට බසින්නාවූ ශොභනවූ වසාරොද පෙනේ.

300. අර්ථය:- ශ්රී වත්සයටද, අනඬගයාගේ දුනු මිටටද, නිරන්තරයෙන් නිගා කළාවූ, රන් කළ වැනිවූ, පියයුරුවල බරින් වැහැරී ගියාක් මෙන් ඉඟ සිහින්ය.

විස්තර:- සිහිනිඟ: ස්ත්රි රූප ලාවණ්යිය ත්රීේව්රට කෙරෙනුයේ උචිත පරිදි පිහිටි අඟ පසඟිනි. ඉඟ සිහින්වීමද ස්ත්රිා රූපය ලක්ෂිණතර කිරීමෙහි පොහොසත් වෙයි. නාරි වර්ණකනය කළ හැම සිංහළ කවීහුම සිහිනිඟ නිසා කාන්තාව රූමත් වූ ඉඟියක් පළකළහ.

ශ්රීක රාහුලයෝ ද

“සිසිවන උවන ඉඟ සුග ගත හැකි මිටින” (සැළනිහිණි සන්දෙුශය)

යනුවෙන් කීහ.