අසදෘශ ජාතක කාව්‍ය-ප්‍රස්තාවනා
ප්‍රස්තාවනා
සංස්කරණයසිංහල භාෂා සිහිත්යේ පොෂණයට තුඩුදෙන, පැරණි ග්රතන්‍ථ වැඩිහරියක්, බෝසත් චරිත වස්තු බීජය කොටගත් එ්ගවාය, ආගමික භක්‍තියෙන් ඔපලූ, සිත් සතුට පදනම් කර, මානුෂික සභ්යමත්‍වය නගා සිටුවීමේ යෝග්යිත්වය සැලකූ පැරණි කවීහු; සමාරම්භයේ පටන්ම, ඒ පිණිස ජාතකපොත් වහන්සේ අසහාය පිටුබලය කොට ගත්හ,
තවම සිංහල සාහිත්යන වංශයෙහි, මහ ඉහලින් කැපී පෙනෙන, දඹදෙනි යුගයට අයත්, කව්සිළුමිණි මහකාව්යතයෙහි;
“කිවි බැව් කිවි දුමේ - කුසුම් සැපතෙහි විපුල් පෙලෙ බෝසත් සරවැනුම් - වියත මුව පවත්වේවා”!යි
යනුවෙන් කරන දේශනය; පසුකල පහළවූ කවීන්ගේ විශේළ සැලකිල්ලට භාජනය වූ බවට, ගද්යල පද්යළ වශයෙන් රචිත; උමංදා, දහම්සොඬ, වීදු, ගුත්තිල, කව්සේකර කුසදා ආදි, බොහෝවූ බෝසත් චරිතයෝම සාක්‍ෂි දරත්. අප මහ බෝසතුන්ගේ නෛෂ්ක්රකම්ය, පාරමිතා මහිමය විවරණයෙන් පළවූ මේ අසදෘශ ජාතක කාව්ය ද, යථොකත මහාකාව්යානරාධනය ගරුසරුව ඉවසීමක් ලෙසද සැලකිය යුතුය.
එදා බුද්‍ධ දේශනයන් වෙන්වූ, සිංහල සාහිත්යලයක් නොවීයයි කිම අතිශයෝක්තියක්, නොවේ. සියළුම සාහිත්යත, රසිකයෝ බොදු සෙවෙනෙහිම වැඩී ගත්තෝ වූහ. මොක්සිරි ලැබීමේ පහසු මඟ ධර්මදානමය කුසලය බැව් හද පත්ලෙන් අදහූ ඔව්හු; අමතර වශයෙන් බහුජන ප්ර දාසයද, සවකීය පාණ්ඩිත්යි පළකිරීමද, සලකා ගැඹුරැ දහම් හා බෝසත් චරිත කවියට නැගීමෙහි අසකතවූහ. සාහිත්යබ කෘතියක් පිණිස කවියෙකු පොළඹවා ගැනීමටද මේ තත්වපවය බොහෝකොට, බලපාන්නක් වූ බව මේ අසදෘශ ජාතක කව්ය්යෙහි එන;
iv
“මට ඉටු මිතුරු වන
නොහොත් දහමට ගුරු වන දම්කඳ නම් සො බන යතිඳු සඳ සිත නොමද කුළුණෙ න
මොක් සිරි ලබන මෙන නොහොත් දහමට ගුරු වෙන කවිකර කියන මෙන කළෙන්ආරාධනා සතො සින”
යන කව් දෙක හොදටම ප්රසමාණවත්ය.
“ඒ අයදුම රැ ගෙන කෙලෙසුන් නසා වෙසෙ සින මතු බුදුවී යෙහෙන ලොවැඩ කෙරෙමී සිතා කුළු ණෙ න”
යන ගම්භීරාධිෂ්ඨානයෙන්, එයම ආභ්යනන්තරික නිමිත්ත වශයෙන් ගෙන, අසදෘශ ජාතක බෝසත් චරිතය, රසාලිප්ත ගැඹුරු අර්ථ රසයෙන් යුතු පද්යඅයෙන් වර්ණනය කරන, රාජාධිරාජසිංහ නරදේවයා; මහනුවර යුගයෙහි විසූ ප්ර තිභා ශක්තිංයෙන් යුත් බහුශ්රැයතයෙකි.
ක්රි්ස්තු වර්ෂ 1739 යේදී නරෙන්ද්රභසිංහ රජු අවෑමෙන්, අභාවයට ගිය සිංහල රාජවංශටය පසු, ලක්රජය හිමි කර ගත්තෝ නායක්කාර් වංශිකයෝය, ඒ වංශයෙහි වූ තුන් වෙනි ලංෙක්ශ්්වරයා මේ ශ්රීව රාජාධිරාජසිංහ රජතුමාය.
නායක්කාර් වංශික, කීර්ති ශ්රීන රාජසිංහ රජු අවෑමෙන් ක්රිජස්තු වර්ෂ 1782 දී, සිංහල රජ්යීපද ප්‍රාප්‍තිය ලත් මෙතුමා, යථොකත රාජසිංහයන්ගේ බාල සහෝදරයාය. බාලවියහිදීම සිය සොහොයුරාත් සමග ලක්දව් බට, රජාධි රාජසිංහයෝ මොරතොට ධම්මක්ඛන්ධ ස්වාමීන් වන්සේගේ සෙවෙනෙහි වැඩුණෝ, උන්වහන්සේ වෙතින්ම ධර්ම ශාසෙත්රාබද්ග්රනහණය කළහ. මේ රජුගේ රාජ්ය කාලය උඩ
v රටට පවා, ලන්දේසීන්ගෙන් නොයෙක් හිරිහැර පැමිණි සමයක් වූ නමුත්, කාලයක් මුළුල්ලේ ගුරැ ස්‍වාමීන් වහන්සේ ගෙන් ලත් ධර්මශාසෙත්රා,ද්ග්රලහණය, ප්රාහඥලෙස රට පාලනය කිරීමට ලොකු අනුබලයක් විය. එවකට විසු කවියන්ගෙන් මේ රජතුමා දෙවෙනි වේ නම්, ඒ තම ගුරු දේවයණන් වූ මොරතොට ධම්මකඛන්ධ ස්වාමීන් වහන්සේට පමණි. ස්වකීය රාජ්යවපදප්රාධපතියෙන් පසු, මේ රජතුමා, මොරතොට ස්වාමීන්ද්රතයන් වහන්සේ ඉටු මිතුරෙකු ලෙස ඉතා ලගින්ම ආශ්රමය කළ බව, පොත පතින්සේම ජනප්රආවාදයෙන් ද පැහැදිළි වන්නකි. ස්‍වකීය ගුරුදේවයාගේ ශීලය පිරික්සීමෙහි ලොල්වූ, “රාජාධිරාජසිංහයෝ, දිනක් සත්රීර වේශයනේ වෙස්ලා ගෙණ, රාත්රිු කාලයෙහි පන්සලට ගොස්, සැතපී සිටි මොරතොට ස්වාමීන් වහන්සේ වෙතට කවුළුවකින් අත යවා, සිය අතෙහි ලූ වලලූ හඩ කළහ”යි යෙති.
මේ අද්භූත සිද්ධියෙන් වික්ෂියප්ත නොවූ හිමිපාණන්; “ලකළ මුවතඹර සිය ගත සිව් මැ ලියේ අසල ක නම් දැක දැක ඉන්ටත් ති ළියේ
ඇසල මස දිටිමි යනවා දෙව් කෙ ළියේ
සකල සිරි ලකට අගරජ ඔබද ලියේ?”
යනුවෙන් කී හිටිවන කව ඇසෙත්ම, රජතුමාද;
“අමර ගුරු හරණ සත දත් පිනා වන් විතර නොවන ගුණ නැණ සපිරිනා වන් පවර නමැති මොරතොට යති මනා වන් සසර වසන තුරු මට වාසනා වන්”
යන කව ගත් කටටම කිෙව්ලු. පහසුවෙන් ඉවත ලිය නොහැකි මේ ජන ප්ර වාදය ගුරැ ගෝල දෙදෙනාෙග් පාණ්ඩිත්යලය මොනවට විවරණය කරන්නකි.
ශබ්ද රසය විසින්, අසදිස දා කව, එතරම් පැසසිය යුතු තත්වයක් නො දරයි, එහෙත් කාව්යියේ එන සමහර වර්ණනයෝ; අනුචිත අයුරින වුවද; ගැඹුරරුත් දනවති.
vi
ඒවා බොහොමයක් අවස්ථාවෝචිතව නොයෙදී ඇති හෙයින්, අර්ථ රසය අතින්ද කාව්ය්යට උසස් පැසසුමක් හිමි නොවන්නේය, මේ ගැඹුරු වර්ණනයෝ කවියාගේ ප්රසතිභා ශක්තිය නොව, පැරණි කෘතීනගේ උද්ධෘත ලක්ෂණණ දක්වත්, සරලින් කෙරෙන කථා පුවත එන්නේ ගුත්තිල කාව්යණයේ සේයාවක් ලෙසින්ම යයි; කීමට බොහෝ නිදසුන් තිබේ.
“දුසිරි නවතා දෝ පිරිතිරෙන ඉසුරට දෝ
ඉදිකල මෙන් සො ඳෝ
බැබැලි එපුරෙහි පවුර කල ෙඳා ”
මෙය ගුත්තිල කාව්යුයෙහි බරණැස් පුර, පවුර වැණෙන කවකි.
“සුසිරි ඉතිරේ දෝ දුසිරි වැලකීමට දෝ මැව් වැනි බඹ සො ෙඳා සැදුනි එපුරෙහි පවුර කල ෙඳා
මෙය ඒ පිණිසම අසදෘශ ජාතක කාව්යපය ඉදිරිපත් කරන කවයි.
“පරසතු මලින් පුද ලත් මුනි සඳුට දිය නඳ වත පස මලින් පුද කළැයි පවසනු කවර වරදද?”
ආරාධනා වර්ණනයෙහි ගුත්තිලය දෙන මේ කව, අසදෘශ ජාතක කාවයනා යෙහි එන්නේ මෙසේය,
“බඹ සුරන් ගෙන් ෙසාඳ පුදලත් මුනි සඳුට නද දෙන ලද දෙයිනි මඳ කළත් පුද එහි කවර වරදද?” යනුවෙනි. vii
වැඩි නිදසුන් නොමැතත්, මේ කව් සමකර බැලීමෙන් අසදිස දා කවේ කථා පුවතේ සරල වැනුම් ගුත්තිල කාව්ය යේ ජීවයෙන් පෝෂණය වී තිබෙන බව කිව යුතුය.
කවියා, තම කෘතිය මහා කාව්යයයක ස්වයරූප ගැන්වීමට තැතනීමක් කළ බවට ෙදස් දෙන, සෙංකඩගල පුර-දළදා හිමි-පුෂ්පාකරාමය-මොරතොට යති පරපුර ආදී වැනීම්ද, දීපඬකර විවරණාදියෙන් අරඹා, බුද්ධත්වය දක්වාවූ සකල අවස්ථා වැණීම්ද, නිසා කාව්යනයෙන් තුනෙන් කොටසකටත් වඩා හෙවත්, කව් 250 ස් ගණනක්ම ප්රනස්තූනයෙන් පිටව තිබේ. ඇරත් ඒවාද අනෙක් වන-මාර්ග ආදී වර්ණනා-සේම, කුස ජාතකය-කව්යශෙඛරය-මයුර සංදේශය ආදීහි එන වර්ණනයන්ගේ කෘශවූ පුනරුත්පත්තියක් සේ පෙනී යන්නේය.
මොරතොට යතිඳුගේ වර්ණනයේදී, “අසව් සතොසින් සතුනි පැනසර” යනුවෙන්ද; කාව්යස නිර්දේශ වර්ණනයේදී “කියන බණ මේ අසව් පැණසර” යනුවෙන්ද කවියා කරන ආරාධනය, කාව්ය්යේ එන ගම්භීරාර්ථය සලකා ගෙනම කරන්නක් බැව් නොහැෙඟන්නේ, තැනත් නොතැනත්, ප්රකඥාසාරයින්ටම කැප කර, ඔවුනටම ආරාධනය කරන නිසාවෙනි. අනුචිත උපමාන යෙදුම් නිසා, කාව්යරය බොහෝ දුරටම නීරස වෙයි. කිරි සයුරට මේ කාව්යරයේන කිසිම නිදහසක් ලැබී නැත. එසේම තුල-සොබන-සඳ-මින-ආදී බහුලව යෙදී ඇති ශබ්දයෝද, ඵ-මේ- ආදී වශයෙන් නෙතැන යෙදී ඇති සක්ත පදයෝද, කාව්යියේ උසස් ජීවය නසා ලති. සක්ත පද විසින් හා අවිචාරවත් වැනුමෙන් මේ කාව්යජය, සියබස් මල්දම හා සම තැන් ගන්නේය. සීමා රහිතම මෙන් යෙදී ඇති කුලක කව්වල කවක්, කවක් පාසාම වාගේ, උක්තය දක්වා තිබීම ලොකුම බොලඳ යෙදුමක් ලෙස රසිකයාට පෙනී යන්නේ; විචාරවත්ව අන්වය ගොනු කිරීමේදීය.
Viii
“වැලි තලැති පළ හෙළ
මුවරඳ වගල මල වල
සුනිමල් පිරි සිසල එවන විල් දැක කුමරැ මන කල”
මීලඟට පිළිවෙළින් එන කව්වල;
“එකුමරිඳු සසො බන” “තනා කුමරිඳු රැගෙන වෙස් ඉසි”
“වැසි එහි නොබෝ කල් - මහසන් තුමා මන කල්
ආයු කෙළවර කල් - ගොසින් බඹලොව උපනි සුනිමල්”
මෙවැනි යෙදුම් වලින් කාව්ය ය ගහණය. එසේ වුවද,
“සියලෙඟහි පැනි රී බුබුලෙව් යොවුන් ඉති රී සිටින ලැම සපි රී මගා සමනොව දෙතන එසි රී”
යනාදී මට සිළුටු සරල වැනුම් ද,
“ක ර කර පුද නොයෙක සු ර වර රැගෙණ උන් රැක ගොර මර සෙනඟ දැක හැ ර එවීර දුර දුවපි වී සැක”
යනාදී ඡඩගම ස්වරෑපයන් ස්වභාවෝක්තියෙන් පළවන වැනුම් ද, කාව්ය කර්තෘගේ ප්රපතිභා ශක්තිය හුවා නොදක්වන්නේ නොවේ, ෙකායිහැටි වුවත්, පෘතුග්රීාසීන්ගේ ආක්ර්මණයෙන් අදීප්නව පැවතුන සිංහල සාහිත්යතය, යළි අසරණ සරණ වැලිවිට සරණංකර ස්වාමීන්ද්රලයාණන් ගෙන් පණ ගැන්වුනු නොබෝ කලකින්ම වාගේ; අප්රමමාණ පරසතුරු උවදුරෙන් පීඩිතව; නොසැනසිලි අවදියක රාජ්යද පාලන මහා වග-
Ix
කීමක් ඇතිවද, සිටිමින් මේ සාහිත්ය කෘතිය බිහි කිරීම ගැන, නූතන රසිකයන්ගේ ගෞරවාදරය ශ්රීුරාජාධි රාජ සිංහයනටද හිමිවිය යුත්තේය. ග්රුන්ථ කාලයේ ලංකාවේ පැවති භාෂා සාහිත්යහය පිළිබඳව විමසුම් සහිතවැ කාලානුරෑපව බලන කල, මේ අසදිස දා කව මහනුවර යුගයේ ජ්යොෂ්ඨ කාව්යලයක් ලෙස සැලකිය යුතුය. ග්රුන්ථයෙහි දක්නා ලැබෙන ඌනතාවයන් රසිකයනයේග රසාස්වාදයට බාධාවක් නොවීම නිසා, මෙය අර්ථ රසය විසින් පැසසුම් ලැබිය යුත්තකි.
මේ සංස්කරණයේදී අපි, අප වෙත තිබූ පැරණි අත් පිටපතක්, ෙකාළඹ කෞතුකාගාර පුස්තාකායෙහි තිබෙන පුස්කොළ පිටපතක් සමග සසඳා බැලුවෙමු. එසේම කලකට පෙර, සූරියගොඩ සුමංගල පඬිතුමා විසින් සකස් කරන ලද අසදෘස ජාතක කාව්යකය සමගද සසඳා බැලුවෙමු. එක වචනය කීපාකාරයකට යෙදී ඇති තැන් අධෝ ලිපි වශයෙන් ඇතුළත් කෙළෙමු.
මේ කෘතියේදී අපට සහාය වූ ඩී.බී. ආර්. සමරනායක හා ඩී. ආර්. දාබරේ යන මහතුන්ට අපේ අවංක ස්තුරතිය මෙයින් පිරිනමමු.
මෙයට,
ඩී. බී. ආර්. සමරනායක
“සරසවි”
සමණබැද්ද
හංවැල්ල.
1959. 7. 10
ජාතක පොතෙහි එන අසදෘශ ජාතක කථා වස්තුව.
සංස්කරණයතවද, ශාක්ය කුල මහා නිධානවූ සර්වරඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි, නෛෂ්ක්රරම්ය් පාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලද: ඒ කෙසේද යත්? එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ, “ඇවැත්නි, සව්ඥ්ෙහියන් වහන්සේ මේ නියා රාජ්යමයක් හැර මහභනිකමන් කළෝවේදැ”යි කිය කියා වැඩඋන් තැනට සර්විඥයන් වහන්සේ වැඩ වදාරා; “මහණෙනි! මා එන්නට පූව්ර්ජ භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැ”යි විචාරා, වදාර, එපවත් අසා; දැන් සර්වාඥ කාලය පැමිණි කාලයෙහි තබා නුමුහු කළ නුවණ ඇති අවස්ථාවෙහි, තමන්ට පැමිණෙන රාජ්ය ශ්රීු හැර මහභිනික්මන් කළෝ වේදැ?” යි වදාරා, “ඒ කෙසේදැ” යි ආරාධිතවූ සර්වනඥයන් වහන්සේ, ඉකුත් වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්? යටගිය දවස බරණැස් නුවර බ්රේහ්මදත්ත නම් රජ්ජුරැ කෙනෙකුන් රාජ්ය ය කරන සමයෙහි බොධිසත්ව්යන් වහන්සේ ඒ රජ්ජුරැවන්ගේ අග්රය මහේෂිකා බිසවුන් බඩ පිළිසිඳ දස එක මසකින් බිහිවූහ. ඒ කුමාරයන් බිහිවූ සමයේ, නම් තබන්නාහු; ‘අසදෘශ කුමාරයෝය’ යි නම් තැබූහ. ඒ කුමාරයන් වැඩිවිය පැමිණෙන අවස්ථාවට, අනිකුත් පින්වත් කුමාරයෙකු බඩ පිළිසිඳ දස එකඩ මසකින් බිහිව, ඒ කුමාරයන්ට ‘බ්රළහ්මදත්ත කුමාරයෝය’ යි නම් තැබූහ. අසදෘශ කුමාරයෝත් වැඩී දිසාපාමොක් ආචාරීන් කරා ගොස්, උගතමනා ශිල්ප ඉගෙණ, රජ්ජුරුවන් කරා අවුත් උන් කලට, පිය රජ්ජුරුවන්ට මරණ කාලය පැමිණි හෙයින්; රජජුරුවෝ කියන්නාහු, “ආමාත්යවයනි අසදෘශ තුමාරයන්ට රාජ්ය්ය දෙව.” ‘බ්රථහ්මදත්ත කුමාරයන්ට යුවරජ තනතුර දෙව” යි කිය; සවර්ගකස්ථ වූහ. එවිට අමාත්යනයෝත් අසදෘශ
Xii
කුමාරයන්ට රාජ්ය ය පමුණුවන්ට උත්සාහ කළහ. ඒ අසා, අසදෘශ කුමාරයෝ රාජ්ය්ය ෙනාගිවිස්සාහ. අමාත්යඅයෝ බ්රටහ්මදත්ත කුමාරයන්ට රාජ්ය ය පමුණුවා බොධිසත්ව යන්ට යුවරජ තනතුරු දුන්නාහ. එවිටත් නොගිවිස නිකම්ම කුමාර සැලැස්මේම උන් අවස්ථවට, එක්තරා අමාත්යකයෙක් රජ්ජුරුවන් කරා ෙගාස්, “නුඹ වහන්සේගේ බෑයන් වහන්සේ, නුඹ වහන්සේ නසා රාජ්ය්ය ගන්ට උත්සාහ කරන සේකැ” යි කියා බිඳවූය. රජ්ජුරුවෝත් එපවත් අසා බිඳී; “බෑයන්වහන්සේ අල්ලව” යි කීහ. එවිට බොධිසත්වායෝ වැඩ පසස්නා අමාත්යරයෙකු අතින් අසා බරණැස් නුවරින් ඒ නුවරට ගොස් වාසල් ෙදාර සිට, “ධනුධ්ර්ි යෙක් ආය” යි කියා, රජ්ජුරුවන්ට දන්වා යවන්නාහු; රජුජුරුවන් විසින් “එන්නේය” යි කියා යවන්නා; රජ්ජුරුවන් විසින් “කොතෙක් පඩි තොපට උවමනාදැ” යි විචාරන්නා; “මසුරන් ලක්ෂපයක් පඩි වුවමැනවැ” යි කියන්නා; රජජුරැවෝත්, පිරිස් අඩු කරන්ට උමවනා හෙයින් “යහපත, ලක්ෂියක් නියායෙන් පඩි දෙව” යි කියා සැල්ස්වූය. මෙසේ පඩි කන අවස්ථාවෙහි, දුනුවායෝ එකතුව “අපට වඩා මූ පඩි කන්නේය” යි කිබා ඊර්ෂවයාවෙන් ගොස් ඉඳියහ. එසමහයහි එක් දවසක් රජ්ජුරුවෝ මගුල් උයනට ගොස් අඹගස්මුල යානක් ලවාගෙණ අඹ ගස අග අත්තේ තුබූ අඹ කැන දැක, මිනිස් කෙනෙකුන් නැගී කඩා ගන්ට බැරි හෙයින් ‘දුනුවායන් ලවා විද්දවා ගනිමි’ සිතා දුනු වායන් රැස්කොට, අඹ කැන විදින්නට කීහ. එවිට රජ්ජුරැවෝ, බොධිසත්වරයන් ගෙනවා, “අඹ කැනට විදුව” යි කීය. “ස්වාමීනි! අපගේ විදමන් දැක වදාළේ ඇත. ලක්ෂ”යක් පඩි කන අලුත් ධනුර්ධසරයාණන් ලවා විද්දවන බවය” යි කීහ. එවිට රජ්ජුරුවෝ, බොධිසත්වවයන් ගෙන්වා, “අඹ කැනට විදුව” යි කීය. බොධිසත්වධයෝත්, “නුඹවහන්සේ වැදහොත් තැනට අරින්ට උවමැනව” යි එතන යාන ඉවත් කරවා; එතන සිටියාහ. සෙසු දුනුවායෝ, බොධිසත්වබයන් අත දුනු ඊතල නැති හෙයින් දුනුවායෝ කථා කරන්නාහු; “අප අත දුනු නැති හෙයින් දුනුවායෝ කථා කරන්නාහු; “අප අත දුනු ඊතල ඉල්ලුවත් කවුරුවත් දුනු ඊතල නොදෙව” යි කථා
Xiii
කළාහ. බොධිසත්ව යෝත් වටකොට තිරයක් බන්දා; ඇතුළේ වැඩ සිට හිණ තුබූ සුදු කඩ ඉවත තබා; රන් සේලයක් ඇඳ බුලත් පයිය ඇතුළේ තිබූ කඩුව උරේ එල්වාගෙණ; බඩ අවාරා රන් ඔලියලක් බඳ, රන් සන්නාවකුත් ලාගෙණ, රන් පටක් නළල ඔලියලක් බඳ, රන් සන්නාවකුත් ලාගෙණ, රන් පටක නළල බැඳ, සන්‍ධිවත් කළ හඟු දුන්න අතින්ගෙණ, පබළු වාලක් හා සමාන දුනු දියක් ලාගෙණ, ඊදඬක් අතින් ගෙණ, පොළොව පළාගෙණ නැංගාවූ නාග මානවකයකු සේ; නිරයෙන් මෑත්ව, විදිනාවූ ස්ථානයෙහි සිට රජ්ජුරුවන්ට කියන්නාහ, “දේවයන්වහන්ස! අඹකැන යන හීයෙන් විසිම්ද? එන හීයෙන් විදිම්ද?” යි විචාළහ. රජ්ජුරුවෝ කියන්නාහු. “යන හීයෙන් විදිනු දුටු විරූ ඇත. එන හීයෙන් විදීම අපූර්වයයැ” යි කියන්නා, “එසේ විදුව” යි කීහ.
බොධිසත්වීයෝ නැවත කියන්නාහු, “මාගේ හීය චාතුර් මහාරජිකය දක්වා යෙයි. එසේ හෙයින් මඳක් වේලා වැඩ සිටිනේ යා පත බලා වදාළ මැනව” යි කිය; වේග දක්වා ඊදඬු විදපූහ. ඒ හීය අඹ කැනින් කැබැල්ලක් කපාගෙණ චාතුර්මහාරජිකයට පැන නැගි බව දැන අනික් හීයක් වේග දක්වා විද්දාහ. ඒ හීය පළමු විදි හීයේ පගිලියේ වැදගෙණ උඩ ගියේය. ඉන් එක හීයක් දේවතාවෝ ඇර ගත්තාහ. අනික් හීය පවනින් ගුගුර ගුගුරා බසින්නට වන. එවිට බොහෝ දෙන, “මේ කිමෙක්දැ” යි බලන්නට වන්නාහ. බොධිසත්වවයෝ ඊ ලඩෙන් පටන් ගෙණ බසින බවයයි කියන්නා බොහෝදෙන “තමන්ගේ ශරීරයෙහි වැටෙත්’ යි; සැකවන්ට වන්නාහ. එවිට හීය ඇවිත්, අඹකැන කැපුණු ස්ථායනයේම කැපී වැටෙන්ට වන. බොධිසත්වතයෝ එක් අතකින් අඹකැන හා එක් අතකින් ඊදඬු අල්වා ගත්තාහ. මේ දුටු සමාධියෙන් දහස් ගණන් ඔල්වර හඬ හා දහස් ගණන් අසුරු සන් හා දහස් ගණන් පිළි හිස සිසාරමින් නැටූහ. රජ්ජුරැවෝත් කෙළ ගණන් සම්පත් දුන්නාහ. එසමයෙහි බරණැස් නුවර අසදෘස කුමාරයන් නැති නියාව අසා සත් රජ්ජුරු කෙනෙකුන් හා සේනාව අවුත් නුවර වටකොට ගෙණ, “රාජ්යෙය හෝ දෙන්නේය. යුද්ධ හෝ කරන්නේය” යි
Xiv
කියා යැවූහ. බරණැස් රජ්ජුරුවෝ එබස් අසා, භයින් ත්රිස්තව, ‘බෑයන් වහන්සේ කොයිදෝහෝ’ යි සිතා, සාමන්තේ රජ්ජුරුවන් ලඟ සිටිනා නියාව අසා, එක අමාත්යියෙකු කැඳවා, “තොප මා වැන්දාකොට වැඳ, මාගේ බෑණන් වහන්සේ කැඳවාගෙණ එව” යි කියා යැවූහ. ඒ අමාත්යෑයා ගොසින් ඒ සැටි කීයේය. බොධිසත්ව.යෝ තමන්ගේ රජ්ජුරුවන්ට කියා අවසර ඉල්වාගෙණ, බරණැස් නුවරට අවුත්, අට්ටාලය පිට සිට ඊ දඬක පත් ලියා බඳනාහු “අසදෘශ කුමාරයෝ නම් මමය, පළමුකොට දිවිහිමියෙන්ම පළායව. දෙවෙනි හීයට සිටියානම් තොප ඇම ජීවිතක්ෂ යට පමුණු වමි” කියා පත්කඩවල් ලියා, ඊ දඬක් විද්දාහ. ඒ ඊ දඬ ගොසින් රජ්ජුරුවෝත්, “දෙවෙනි හීය විද්දොත් ඒ නියාව වන්නේ නියමය” කියා, බිඳී, තමන්ගේ නුවර වලට පළා ගියහ.
බොධිසත්ව.යෝ පිනිබිඳක් සා ලේ පෙතක් නොසොල්වා සත් රජ්ජුරු කෙනෙකුන් ජය ගත්තාහ. එවිට බ්රතහ්මදත්ත කුමාරයෝ “බෑණන්වහන්ස! පළමුත් නුඹවහන්සේ සන්තක රාජ්යරය නුඹවහන්සේ ප්රයතික්ෂෙුප කළ නිසා, මම රාජ්යුය කෙළෙමි. දැනුත් නුඹවහන්සේ රාජ්යපය කළ මැනවැ” යි කී සේක. අසදෘශ කුමාරයාණන් වහන්සේ එබස් අසා, “මා ෙතාපට දුන් රාජ්ය.ය දැහැමින් සෙමෙන් කරවවයි කියා පාවාදී; හිමාලය වනයට ගොස්, සෘෂි ප්ර වෘජ්ජාකවෙන් පැවිදිව පඤවාභාඥ, අෂ්ට සමාපතති උපදවා බඹලොව ගියාහ. ඒ අර්තවථය ප්රපකශ කරන්නාහු සර්වසඥයන් වහන්සේ; “මහණෙනි! ඒ ධනුර්ධරවූ අක්ෂඥරවෙධි, වාලවෙධි, ශරවෙධි ශබ්දවෙයි යනාදී වූ විදමන්ද, වැලි බිසි, පිදුරු බිසි, ගැල්, තඹපත්, යපත් ආදීවූ දෙයෙහි විදමන්ද, යනාදීන් සුසැට කලාවේ දක්ෂරවූ ඒ අසදෘශකුමාර යන්ගේ මලණුවන්ට පැමිණි භය එලවා, ඉක්බිති මහභිනික් මන් කළෝවේදැ” යි වදාරා, අසදෘශ ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි, “බ්රාහ්මදත්ත නම් රජ්ජුරුවෝ ආනන්දව ස්ථවිරයෝය. අසදෘශ රජව උපන්නේ බුදුවූ මම්මය” යි තමන් වහන්සේ දක්වා වදාළසේක.