අවසර ගැන්ම
අවසර ගැන්ම
සංස්කරණය40. මෙනිරිඳු මෙවන් ගුණ - මිණි රැස් අද නදන්හි
කෙරෙමින් නදන් සී අස් - නොවිහිද අදර අදසින්
41. සුර ගඟ තරඟ වැළ - මැද වන් සුපුන් සඳ රඟ
බඳ සෙල් වියන් යට වට මුතුලැලින් යෙදූ
මන කල් නිමල් දළ පුඬු සේසතින් රැදූ
හැම කල් දිලි විමල් - හර සෙල් සදිසි සිහසුන
සරා උදය දිවයුරු විලස නුබ ගැබේ
සරා බරණ කිරණින් එකෙ’ලි කර සබේ
ර න් මිණි වළලු නද දෙන කොමළ’තින් ළඳ
දු න් සුදු සිනිඳු වල්විදුනා පවන් විඳ
නන් සුර සෙනඟ මැද වන් සුරනිඳු සෙ නඳ
උන් සඳ පවර සිරි පැරකුම් නිරිඳු සඳ
42. සු ර’ඹ ලෙ සින් දන මන නෙත් ඇද වෙතට
ස ළ ඹ ගොසින් රන හස රැවු නිසරු කොට
නළ’ඹ තොසින් දෙන රැඟුමට පළමු කොට
මෙනුඹ ගොසින් වැද එනිරිඳු සබ මැදට
43. සු බ ඳ සියල් සිවු වේ දැන පිවිතුරුව
පැ ල ඳ කසුන් හූ අබරණ විසිතුරුව
නොමඳ පෙරෙවි බමුණන් සිට නිරතුරුව
එ ස ඳ කියන ජය තුති නද අනතුරුව
44. ඉගෙන අදිකරණ දැන රද නිය නොයෙක
නිති න පෙමින් මුළු සත් වග රකින ලක
එ දි න පැමිණි කටයුතු දන්වා නිසැක
සි ටි න දෙපස හැම මහ මැතිවරන් දැක
45. මු ද ලි ඳ බෙයද මුල සැඬ නෙලෙනි ඇම කලා
වැද වැද උලැඟි වන සිඳු තරඟ සිරි සුලා
ර ද ප ද තඹුරු කිරුළ’ග මිණි රසින් බලා
වැඳ වැඳ නැෙඟන පිරිවර නරනිඳුන් බලා
46. දෙ ස’ තු රු ඉසුරු නිරිඳුන් පියෙදූ ලකුළු
වි සි තු රු මහරු මිණි මුතු රන් පට පබළු
පි වි තු රු කපුරු කස්තුරු නිසි කසී සළු
පි ය ක රු පඬුරු නරනිඳුහට පෑ පැසුළු
47. ප ර සි දු කිවිඳු තෙපුලෙන් බැඳි දසට රට
මෙනිරිඳු විරිදු නොහැරම තෙසිය සැට
ලෙළවිදු රතත් රැඳි වැදි ගණ සිට දෙ පිට
ද ල නිඳු ගොසෙ’ව් තුති ගොස කර නැවති විට
48. ලි ය න කියන ලිය ගී රස විඳ නො හැර
වි ය න රඳන මිණි කිරණින් උන් පවර
න ය න නඳන පැරකුම් රදු දැන එතර
ත ය න ගමන සැළ කර සෙද ගන’වසර
49. ළකල් මිණි බිම් බිතු - කැල්මේ ගැලි නොපෙනී
ලිය ගී ලොබින් නොම සිට - එසබෙන් අවුත් මඳ තැන්
50. පෙර උවිඳා ගෙන ගිරි ඳා කිරි සයුර
කලඹන දා නැඟිනොමඳා ගොස අයුර
තුරු සමුදා නද ඇම දා දෙන නොහැර
වැද දළ දා ගෙට දළ දා වඳු මිතුර
51. දළ දා පුදට දිව සෙන් එන ගුවන් මග
ඇමදා දිලෙන දුටුවන් කර නුවන් දඟ
විහි දා කිරණ බබලන රන් කැරලි අග
සුස දා මඳක් ඉඳ බඳ අගමිණක් රඟ
52. තෙල රතු ඔබ තුඬ’ගින් මැද පියාසර
ස ල සිත් නොවී සතොසින් කොට පියාසර
නි ල පුල් කලබ විලසින් යන පියාසර
නි ල ඹර අරා කෙරෙමින් සෙද පියාසර
53. ස රි ව ති දි ව පුර සුර කුමරුවන් මිළි
සු රු ව තු රු ව ඉඳ නොව නුවරුවන් මැළි
ග ර ව ලොලව තබමින් රන් රුවන් කිළි
ගි ර ව බ ල ව කෙළනා සොඳ රුවන් කෙළි
54. නිතොර ගිගිරි දෙන මිණි සලඹ ලාගෙන
අ ද ර සරණ අතුලෙන් සඳ වලාගෙන
පැති ර යනෙන මනහර සුර’ඹ ලාගෙන
ප ව ර පුරඹ රඟ වේ මග බලාගෙන
55. දි මු ත් සඳලුවල කෙළනා ළඳ අදර
සු ර ත් බැබලි බිඹු පල යයි කර අදර
පු ව ත් නොදැන ගොස් අසු නොව සෙද මිතුර
අ වු ත් සොඳුරු විසිතුරු මේ වෙහෙර’ තුර
56. සැදි මුනි සඳ සසුන් - නැව ගන කසුන් කුම් යුරු
සිවු පිරිසුදු සිල් සිවු රඟ සෙනඟ ගෙන
පවු බල රුදු මල්සැවු දළ දප හරන
විනය නය දම් නය - දැක දැන නුවණ පහනින
දහම් විදු රු පාරින’රින පිළිඇදුරු
දහම් ඇදුරු මාහිමි සඳ සහ සොඳුරු
ය හ ප ත් සිල් සුවඳ විලවුන් ගෙන නිබඳ
පිරි මෙත් නැණ කුලුණු මිණි අබරණ පැලඳ
දිය සෙත් කර රඳන කෙලෙසුන් සිඳ පසිඳ
පිළි වෙත් සරු මහරු මහ සඟ ගණ නැමඳ
57. පොරණ රුසින් කී තොප යතුරට පවර
ලද නිදොසින් රිවි දින නැකත දිනකර
කුමරි රැසින් කිවි සුරගුරු සිටි නො හැර
මිතුර තොසින් වඩු සිහි කර මෙත් සුතුර