18. පරිචෙජදය


බ්‍රහ්ම දමනයසංස්කරණය

බක නම් බඹුහ් දැමු පරිදි කිසේ යැ? යත්:- බුදුන් උක්කට්ඨා නම් නුවර නිසා සුහඟනවනයෙහි සාපරාජමුලයෙහි වැඩ වසනකල්හි බක නම් බඹහට පව්ව සහස්වනදිට්හ උපත්. බුදුහු උහුගේ අදහස් දැන දික් කළ අතක් වක් නොකරණ තුරු ගොස් බඹලොවැ පහළ වුහු. බක නම් බඹ බුදුන් නමා කරාඑනුවන් දැකැ “මොබ එ මෙ නිත්ය යැ ධ්රැකවි යැ. සහස්වත යැ. මෙ බඹලොවැ මහලු වන්නෙක් හෝ1 මියන්නෙක් හෝ නැති. මෙයින් අනික් නිසරුනෙක්2 ඇත්තේ නො වෙ”යි කී යැ. ාමාස් කියනුයේ මත්තෙහි තුන්ධ්යා”නගුම් දු සතරමහ සතරඵල දු තෘවණ දු තැනි බකිවා වේ.

එකලැ “මොහයෙත් මුසය,3 බකබ්රිහ්ම. අනිත්යායට ‘නිත්ය ය’ යෙයි 4. අධ්රැිවයට ‘ධ්රැ්ව ය’ යෙයි5 . අසහස්වනයට

1. ශබ්දයෙන් ගත්. 2. බුදුහු. 3. නිසරු කෙනෙක්. 4. මුඨයව. 5. යෙහි.



206 අමාවතුර


‘සහත්වස ය’ යෙයි. ‘මෙහි මහලු වන්නෙක් හෝ මියන්නෙක් හෝ නැති’යි යෙයි. ‘මෙයින් අනෙක් නිසරුනෙක් ඇත්තේ නො වෙ’යි යෙයි. අඳුරුවට වන්නක්හු වැන්නැ”යි වදාළෝ.

එකල්හි මරදෙව්පිත් “මහණගොයුම් කොහි යැ හො?”යි. බලනුයේ බඹලෝ වඩත්තන් දැකැ, “මොහු බඹනට බණ කියා මාගේ විෂය නො ඉක්මවන තුරු ධර්ම දෙසුන් වින‍ාශ කළ මැනැවැ”යි ගොස් ඔවුන් අතුරෙහි නො පෙණි සිට බුදුන් බකබ්ර හ්මයාට ගර්ග කළකලල්හි මහාබ්රිහමතලවාසීන් හෝ බ්රනහමපුරෝහිතනලවාසීන් හෝ වෙරැ ආවිෂ්ට1 වන්නට අසමත්ථර වුයේ, බ්රබහමපාජිදාතලවැසි බඹක්හුගේ ශරීරයෙහි ආවිෂ්ට1 වැ “මහණ, මහණ, ඕහට තින්දු නො කර. ඒ බඹ මහ බඹැ. හැම බඹුන් අභිඟවයි.තෙමෙහෙ අතභිභූත යැ, සපිදර්ශි යැ, හැමදෙනා තමා විසියැ වටයි. ලොකයෙහි ඉසුරැ. ලොකය මැවුයේ යැ. පොළොව හිමගල් මෙරගල් සක්වළගල් මහමුහුදු හිරි2 සඳ මුහු විසින් මවන ලද්දේ යැ. ලොකයට උතතම් යැ. ‘තෝ ක්ෂුත්රිදය වා. තෝ බ්රාිහ්මණ වා. තෝ වෛශ්යහ වා. තෝ සසුන් වැසි වා. යටත් පිරිසෙයින්, ‍ෙ.ා් ඔටු වා. තෝ ගොන් වා’යි(හැම මවන්නේ යැ)3 . උපන් සතුනුදු උපදනා සතුනුදු පියෙ යැ. හැම සත්හු මැ මුහු දරුවහ. මහණ තට පෙරට4 වැ ලොකයෙහි මහණ බමුණෝ වුහ. ඔහු .ා සෙයින් මැ පොළොව අනීත්යබ යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි ගැරහුහු5 . එසෙයින් මැ දිය හරහා ගිනි හරහා සුළඟ හරහා ගියැ ගොස් සතර අපායෙහි උපන්හ. තා ගැරහුවා සේ මැ එ නො හරහා ‘නිත්යහ යැ, ධ්රැවව යැ, සහස්වත යැ’යි පැසැස්සාහු මියැ ගොස් බඹලොවැ උපන්හ. මහණ, මා තට කියන දායෙක් නම්-බඹ යමක් කී ද, උහු කීවා කරන්නෙ යැ. උහුගේ තෙපුල් නො ඉක්මෙන්නේ යැ. ඉඳින් තෝ බඹහුගේ තෙපුල් ඉක්මිනිති නම්, ගෙට සිරි වදුත් මොහෙල්6 ගන්නා වෙයි. මහණ,යම් පුරුෂයෙක් සියක්පුරුෂයක් පමණ ගැඹුරු ප්රේපාතයෙකැ හෙන්නේ අතින් ගන්නට නිසි දෙයක්7 හෝ පයින් ධරන්නට නිසි දැයක් හෝ නො ලදු වී නම්, ප්රපපාතයෙහි ගොස් හෙයි. තෝ බඹහුගේ තෙපුල් ඉක්මිනිහි නම්, උහුට වු දැ තට වෙයි. මහණ, තෝ මෙහි මුළු8 දුන් බඹපිරිස් යශසින් හා ශ්රීයයෙන්10 හා දිලියෙන සේ දුටුයෙහි වෙහි ද? ඔහු හැමදෙන බඹහුගේ

1. ආවේශ. 2. හිරු. 3. ගෙන්වා යි ය. මු. ගොන්වා ගෙන්වා යි යැ. 4. පෙර මි. 5.හැරපුයහ,හැරවුනු. 6. බඹහු. 7. මෝලු. 8. දැයෙක් 9. පුළු. 10. ශ්රිහයායෙන්.



බ්‍රහ්ම දමනය 207


තෙපුල් පිදුවාහ. තො ද බඹහුගේ තෙපුල් නො ඉක්මැ උහු කීවා කරන්නෙහි විහි නව, මොවුන් සේ මැ යශසින් හා ශ්රි යෙන් දිලියෙහි”යි කී යැ.

එකල්හි බුදුහු “පවිට මම තා හදුනමි2 මා තා තො හදුනති ‘යි නො ගනු. තෝ මාරයෙහි. මෙහි යම් බඹපිරිසෙක් ඇද්ස, ඔහු හැම තා හසන3 ගතයහ. නට වශගයහ. ‘මේ මා හසගතයැ: මෙ මට වශඟ යැ’ යන්දු තට දැනෙයි. මම් වනාහි තා හස්නගතයෙම නො ද වෙමි. තා වශගයෙමි නො ද වෙමි”වදාළෝ.

එකල්හි බක නම් බඹ “මම් නිත්යොය මැ6 ‘නිත්ය යැ’ යෙමි. ධ්රැකවයැ මැ ‘ධ්රැොව යැ’ යෙමි. ශාශවතය7 මැ ‘ශාශවත යැ’ යෙමි. හඬ තෙනෙත්හි වුවෝ වැ මහලු නො වෙද්ද, නො මියෙද්ද, අනෙක් නිසරුනෙක් නැද්ද, එ මැ කියමි. මහණ, තට පෙරට වමැ ලොකයෙහි මහණබඹුණෝ වූහ. ඔහු මහත් තව ඇත්තාහ. මෙයිත් අනෙක් තිසරුනක් නුදුටුහ. නො ද මෙයින් අනෙක් නිසරුණක් නුදුටුහ. නො ද මෙයින් අනෙක් නිසරුනෙක් නො දත්හි8 . හුදක් හට වෙහෙසයෙන් මත්ත තා සිතන්නේ යැ යි. ඉදින් තෝ පොළොව ආදීන් තෘෂ්ණාමාන දෘෂ්ටීන් තහවුරු කොට ගත්තෙහි එයි නම්, මා යන කලැ වැළැත ගෙණ යනු ලැබෙයි. සිටුනා කලැ වැළැත සිටුනා ලැබෙයි. හිඳුනා9 කලැ එළැත හිඳුනා9 ලැබෙයි. ගොනාකලැ වැළැත හෝනා ලැබෙයි. මා කෙරෙහි මට අරක් ගෙණ සිටුණා ලැබෙයි. වම් තා කැමැත්තක් කෙරෙමි. සෙස්සන් හැර තා ඇතුළත් කෙරෙමි. නො එසේ නම්, ගිරිහි10 කොළගසටද් වඩා තා බිමැ ඇලිඝි කෙරෙමි”යි කී යැ.

එකල්හි බුදුහු “මේ බඹ මානතිඃශ්‍රීත යැ. ‘මට දත්මි’යි ගත්තේ යැ. කමාගේ යශසිත් මතැ. තමා වෙර පහරණට නිසි කිසිවක්හු නො දක්කි. මුහු නිගන මැනැවැ”යි සිතා “මම් තාගේ ගති දු දන්මි. ජුනි11 දු දත්මි.බකබ්ර0හ්ම මෙසේ මහර්ධික යැ: මහානුභාව යැ: මහෙශාඛ්යය යැ යත්රම දන්මි”යි වදාළෝ. ඒ “කියේ යැ හෝ දන්නා පරිදි යැ?”යි කී යැ.

බුදුහු”ගිරි සඳ දෙදෙනා දශදිශා බබුලුවමින් ඇවිදුනා තාක් තැන් එකක් සක්වළෙක් වෙයි. මෙසේ වූ සක්වළ දහසෙක් තා විසියැ වැටෙයහි. මේ සක්වළ ඇතුළු වැ සක්වළ දහසැ හීන

1. ශ්රී යායෙන්. 2. හඳුනෙමි. 3. හඳුනෙති. 4.සහස්න. 5. නිත්ය යට 6. ධ්රැ.වයට. 7. ශාශවනයට. 8. නොදක්හිඳු. 9. හිඳිනා. 10. මු.ගිරිහි. 11.වුනි.


207 අමාවතුර


ප්රිණිතසත්ව1යන් දන්හි.‘මේ සරාශය, මේ චිතරාග1 ය’ යනු දන්හි උපදනවුන්.නස්නවුන් දන්හි. තෝ වනාහි ‘ඉතා මහත්මි’යි ගත්තෙහි. තෝ නම් සහස්රිෝ බඹෙක්හි. තට වැසි සිටි ද්විසහස්රිව චතුසහස්රිව පඤචසහස්‍රි දශසහස්රි් ශතසහස්රිි බඹුන්ගේ පමණ නැති. තෝ සතරරියන් කඩෙක පමණ ගන්නට ව්යාණයාමයක් කරණුවක්හු වැන්නෙහි”යි නිලන්හු. නිගෙන “බ්රාහ්මය, අනෙක් තුන් ධ්යා්නභූමියෙක් ඇති. එයින් තා සැවැ ආ පරිදි තෝ නො දන්හි. මම දන්මි. මෙසේ දැන්මෙන් තෝ මා හා නො මසයෙහි. මම තට වැඩි සිටියෙමි”යි වදාළෝ.

මොහු තුන් ධ්යාිනභූමියෙන් සැවැ ආ පරිදි කීසේ යැ? යත්:- මෙ බඹ අබුඩොත්පාදයෙහි තවුස්පැවිජියෙහි පැවිජි වැ කිසුණු භාවනා කොට සම්වත් උපයා ධ්යාපනයෙන් නො පිරිහී මියැ සතර වන ධ්යා නභූමියැ වෙහපිඵල නම් බඹතෙලෙහි පන්සියක් කපට ආ ගෙණ උපනැ. එහි දු ආපමණින් සිටැ එයින් පාත උපදනට තුන්වන ධ්යාභන පිණි කොට හවා සුහකිණ්ණ නම් බඹතෙලෙහි සුසැට කපකට ආ ගෙණ උපන. එහි දු ආපමණින් සිට එයින් පාත උපදනට දෙවන ධ්යාින2 පිණි කොට හවා ආහසසර නම් බඹතෙලෙහි අටකපකට ආ ගෙණ උපන. එහි දු ආ පමණින් සිට එයිත් පාත උපදනට පළමුවන ධ්යාහන පිණී කොට හවා මහාබ්රතහම නම් බඹතෙලෙහි කලකට ආ ගෙණ උපනි. හේ පළමු තමා3 කළ පින්කමුදු උපන්තැනුදු දතී4 . කල් යත්යත් දෙක ම සඳහන් නො කොට සසසතදිට්සි යත් එසඳ බඹ “මහණගොයුම් මාගේ ආයු දු උපන් තැනුදු පෙර කළ පින්කමුදු දන්නි. මිස, මොහු පුළුවුන මැනවැ”යි සිතා තමා පෙර කළ පින්කම් පිළිමිත. බුදුහු වදාළෝ කෘසේ යැ?යත්:-

පෙරැ මෙ බඹ කුලකෙනෙක්හි උපැද කාමයෙහි ආදිනම් දැකැ ‘ජරාමරණින් මිදි ගිය මැනැවැ’යි ගිහිගෙන් නික්මැ ඉසි පැවිජ්ජෙහි පැවිජ් වැ ධ්යාින උපයා අභිඥලාභි වැ ඟඟක් අසැ පන්සලක් කෙට ගෙණ දහන්සමවතීන් දවස් යවයි. එකල්හි සත්ත්වාවෝ පන්සියක් ගැළැ බඩු පුරවා මරුකතර පිළිපන්හු එවුහු ැඑක්තරා හුණුවැල්ලෙකැ,දවල් නො ඇක්මුසු හැක්කෙත් රෑ රෑ තමන් යෙත්. එහි පළමු යන ගැළ අල්වියෙහි බඳ ගොන්න යෙමින් සිට ආ මඟ බලා නැමුනාහ. හැම ගැල්හු එ ගැළ ගිය නියායෙන් මැ ගියෝ. හිරු නැඟිකලැ ගැල් නැවති බව දත්හු. හේ ඔවුන් කතර ඉක්මහැ යන දවස යැ. දිය දර

 1. විරාග. 2. පළමු තුන් ධ්යාැන. 3. හේ තමා. 4. දන්නි


බ්‍රහ්ම දමනය 209


හැම ගියේ ය. මිනිස්හු “දැන් කලී අප දිවි ‘නට”යි සිතා ගොනුන් ගැල්සක පැඳපියා ගැල්සේශයෙහි වැදහොත්හු. තවුස් වනාහි පන්සලින් නික්මැ පන්සල්දොර හිඳ ගඟබලනුයේ, ගන මහත්වතුරෙන් පීරී, වැටෙමින් එන මිණිකඳක් සෙයින්, එන්නා දැකැ, “මෙලොවෙහි මෙබඳු මියුැු දිය නො ලදින් නස්නා සත්හු හා ඇති හො?”යි අවජනේ මරුතකතරෙහි සත්වාවත් දැකැ “මෙ සත්හු නො නසිත්ව යි, මෙයින් මහත් දියකඳෙක් කැඹි මරුකතර සත්වාවත් කරා යේව”යි ඉටි යැ. එ මැ විගස ඇව්ත් යන දිය සෙමෙන් දිය එසට ගියේ. මිනිස්හු දිය දැකැ සතුටු සොම්නස් තමන් කැමැති තැනට ගියෝ.

මෙසෙයින් බුදුහු එ මහබඹහු පූජියෙහ් ගිමැ නස්නා මිනිස් හට පැන් දුන් සේ වදාරා, එවූහු මැ ගේ අනෙක් පින්කමක් දැක්වුහු. කීසේ යැ? යත්:- එ බඹ අනෙක් අත්බැවෙකැ එසෙයින් මැ පැවිජි වැ ගගක් අස පන්සලක් කොට ගෙණ වල්ගමක්1 නිසා වෙසෙයි.එකල්හි සොරහු ගම පැහැර අත්සරු2 රුවන් ගෙණ ගෙරි ගෙණ එහි මිනිසුන් ලව‍ා ගෙන්වාගෙණ යෙති. ගෙරිදු බල්ලෝ දු මිනිස්සු දු මහහඬින් හඬති. තවුස් එහඬ අසා “කිම හො?”යි අවජනේ මිනිස්හට භය උපන්බව දැනැ “මා දන්නා සේ මේ සත්හු නො නසිත්ව”යි දහත් සමවැජ නැඟී සොරුන් පෙරමඟ සිවුරඟසෙනඟ මැව් යැ. සොරහු. බෙරැ අතෙවමින්3 එන සෙනඟ දැකැ “රජ ආ වකැ”යි තමන් තමන් ගත් වොලො දමාපියා පැලැහැ තවුස් “යමෙක් යමක්හු ගැත්තේ ද, හේ ඔහුහට මැ වේ ව”යි ඉටි ය. හේ එසේ මැ වි ය. ගම්වැස්සනට සෙත් වී.

මෙසේ බුදුහු එ බව බඹහු පුථීජන්මයෙහි සොරුන් ලුහුබැඳපියා ලම්වැස්නට සෙත් කළ පරිදි වදාරා උහු මැගේ අනෙක් පින්කමක් දැක්වුහු. කීයේයැ? යත්:- එ බව අනෙක් ජන්මයෙක්හි එසෙයින් මැ පැවිජි වැ ගඟක් අස පන්සලක් කොට ගෙණ වෙසෙයි. එකල්හි උඩුගඟ වැසි එක් කුලෙක් යටිගඟ වැසි එක් කුලයක් හා සමඟ මිත්ර කම් කොට නැවහඟුළු බැඳ බොහෝ තන බොන දැ දු ගඳවලුදු නැවට නඟාගෙණ දියපිටින් එති. මිනිස්සු නමින් බොමින් නටමින් ගයමින් දෙව්විමනෙකින් යනුවන් සෙයින් සොම්නස්හැ. ඒ ගසැ වසන නාගරාජ දැකැ දැහැවැ “මොහු මා ඇතිසි යන සිතූ දු නො කෙරෙති. දැන් මොවුන් මුහුදුබත් කළ මැනවැ”යි මහත් අත්බවක් මවා දිය දෙකක්

1. චල වූ ගමක්. 2. අන්තර. 3. අන්වමින්. අතෙවමින්. 4. අත්බැව්.



210 අමාවතුර


කොට පළාපියා නැගි පැණ කොට සුස්මෂිත් සිටියේ යැ. මිනිස්හු දැක බියපත් වැ හඬා නැජගාහ. තවුස් පන්සලැ හුන්නේ එ හඬ අසා “මොහු ගයමින් නටමින් සොම්නස් වැ එති. දැන් වනාහි භයරවයෙන් හැඬුහ. කිම හො?”යි අවජනේ නාරජු දැකැ “මා දන්නා සේ මෙ සත්හු නො නසිත්ව”යි යන සිතින් සම්වත් සම්වැජ නැඟි ගුරුළුවෙසක් මවාගෙණ නාරජහු දැන් පී ය. නාරජ බියපත් වැ පැණස හකුළුවාගෙණ දියෙහි ගැලී ගියේ. මිනිස්නට සෙත් වී.

මෙසේ බුදුහු එ බඹහු පුවජනස්මයෙහි ගුරුළුවෙ‍ස් ගෙණ නා රජහු ලුහුබැඳපියා නැවැ මිනිස්නට යෙත් කළ පරිදි වදාළෝ.

මෙසේ බඹහු බකජාතකාදි නොඑක් අත්බැවැ කළ දෑ බුදුහු වදාළහ. බුදුන් කියත් කියත් ඔහු පූර්වබජන්මයෙහි කළ පින්කම් පහන් දහස් දිලියෙන ගෙනෙක්හි රූ සේ පහළ වී. එසඳ එබඹු බුදුන් කෙරෙහි පැහැද “තෙපි මාගේ වැන්නා මතු දන්නා නො වව්. තොප නො දන්නා දැ නම් නැති. එයින් මැ තොප ද9ිලියෙන ආනුභාව ඇත්තේ යැ. සියලු බබඹලෝ බබුලුවමින් සිටියේ යැ”යි කී යැ.

එකල්හි බුදුහු බඹහුගේ දුලද් බිදිනට “පඨවිං බො අතං බ්ර හ්මෙ” යනාදින් අසමතා2 දැක්වුහු. මෙහි විස්තර මැදුම් සඟියැ බ්ර්හමනිමනණ්ය සුතින් දන්නේ ය.

එ බඹ තමා ගත් දුලද බුදුන් විසින් විහිදුවාපි කල්හි ගන්නට නිසි දැයක් නො දැකැ ලලිතකම් කටට්වැ “ඔස, මම් අතුරුඩත් වෙමි”යි කී යැ. “පොහොසත් විහි නම්, අතුරුධන් වා. තෝ අතුරුධන් වන්නට නො හැක්කෙහි”යි වදාළහ. “හේ සෙස්නට අවිෂය වූ සියුම් මුල්පිළිසඳට ගොස් අතුරුධන්වෙමි”යි සිති ය. බුදුහු මෙ “බඹ නො යේව”යි ඉටුහු. එයින් හේ අතුරුධන් වෙම්”යි සිතා විමන්හි හැලෙයි. කපුරුකක්හි හැලෙයි. උළුළයෙන්3 හිඳි. උහු දැකැ බුදුහු “මේ බකබ්රකහ්ම විමන්හි හැලෙයි. කප්රුකක්හි හැලෙයා. උඵලයෙන් හිදී. තෝ ‘අතුරුදන් විමි’යි සිතුයෙහි”යි පරිහාස කළහ. හේ බුදුන් විසින් පරිහාස කරණ ලද්දේ දළ බුන් සපත්හු සේ තෙජ වි ය. මත් නැති වි ය.

එකල්හි බුදුහු එ බඹහට “මම අතුරුධන් වෙමි”යි වදාළෝ “පොහොසත් වුව අතුරුධන් වව”යි කී යැ. එසඳ බුදුහු “මෙ බඹලෝවැසියෝ මා නො දකිත්වයි: බස් අසවන්ව”යි ඉටා සුනස්නෙහි මැ අතුරුධන් වැ වැඬහිඳ-

1. පණය. 2. අසම්මතා. 3. උළුයෙන්. 


බ්‍රහ්ම දමනය 211


“භවේ වා’හං භයං දිසවා ගවඤච විඟවෙසිතං,

ගවං තාහිවදං කඤ්චි නන්දිිඤච න උපාදිසිං”


යන මේ ගාථාව වදාළහ. අතුරුධන් ව හිඳ මේ ගය කුමට වදාළහ? යත්:- බඹගණ “මහණගොයුම්හු මෙතැන ඇති බව් නැති බව් කවුරු දතිත් ද?”යි කියන්නට අවකාශ නො දෙනු සඳහා වදාළෝ.

මෙයින් බඹලෝවැසියෝ බුදුන්ගේ සෘඩිප්රාඅතිහාය්ය්ඳර්‍ දැකැ “ඇපි මෙසේ වූ සෘඩිප්රා තිහාය්ය්තර්‍ කරණ මාණබමුණු කෙනකුන් පෙර නොදුටු වුරුමන. නො ද ‘විරිමහ”යි විස්මතවැ ගුගුළෝ.

මෙසේ සිවුසස් දිස්වා බුදුහු ධර්මි දෙසුහු. දහසක් බඹහු රාත් වුහු. මෙසෙයින් බුදුහු තමන් අනුතතර වූ “පුරුෂදම්ය සාරව”වන බැවින් බකආදි බ්රිහ්මයන් දමා අමාමහනිවන් පැමැණිවුහු.


බ්‍රහ්ම දමනය නම් අටළොස්වවන පරිචේජදය නිමි.



මෙසෙයින් තුන්ලොවෙහි සැරිසැරූ උපාලිගහපනී ඈ සිවු නුදු, කුටදනන ඈ බමුණනුදු, අජාසත් ඈ රජුනුදු, අඟුල්මල් ඈ සොරුනුදු, සහිය ඈ පරිබ්රාිජකයනුදු, සථිවක ඈ නුවට දරුවනුදු, පාටිකප්රරත්රර ඈ නුවටනුදු, සච්චබද්ධ ඈ ජටිලයනුදු, බාවරි ඈ තවුසුදු, සාක්යාහිකුකඩු ඈ මහණනුදු, නන්දෙනපනඥ ඈ නාගරාජ යනුදු, නාලාගිරි ඈ මහානාගයනුදු, ආළවක ඈ යක්ෂසනුදු, රාහු අසුරයනුදු, සක්දෙව්රජ ඈ දෙවියනුදු, බක ඈ බමුනුදු, දමා අමාමහනිවන් බමුණුවමින් තරුපිරිවර ලද පුන්සඳක්හු සෙයින්, පිරිබඬවු පිරිවර ලද රුවන්මෙරක් සෙයින්, පත්පෙළ පිරිවර ලද පියුම්කෙමියක් සෙයින්, අරීගණා පිරිවරා දෙව්රම් මහවෙහෙරැ වැඩ විසූහ, බුදුහු.


සසී’ව තාරාගණසම්පුරකඛතො

ගිරී’ව මේරූ පරිගණඩගනතරෙ,

සරෙසු ථුල්ලම්බුජකණිණිකූපමො

වඝී ජීනො ජෙතවනෙ පහඩකරො.


බුදුතුණ අනතන වන බැවින් නවගුණ හැම කියත් නොපිමි වනින් එහි ‘පුරිසදම්මසාරථි’ යන පදය ගෙණ විසතර තෙරෙමින් දුජ්දසතදමනය, සථසතානදමනය, පරසතනානදමනය, ගෘහපතිදමනය, බ්රායහමණදමනය, රාජදමනය, චොරදමනය,


පරිබ්‍රාජකදමනය, මාණවකදමනය, දිලමිබරදමනය, ජඛිලදමනය, තාපසදමනය, භීක්ෂුදදමනය, නාගදමනය, යක්ෂදදමනය, අසුරදමනය, දෙවදමනය, බ්ර්හමදමනය, යන අටළොස් පරිච්ජේදයකිනව් පිරිසුන් මෙ ගත් කරණ මා විසින් සම පින්කමෙක් ගගනොපම කොට රැස් කරණ ලද ද, එ පින්කම් ගගනොපම හැම සතවයනට පැමිණේවා යි.


යාව තාට්ඨති සෙලින්දෙ - යාව චන්දේ චිරොවතී,

තාච තිට්ඨතු ගන්ථො’යං - පසාදෙනෙනා මහාජනනතී.


ගුරුළුගෝමින් විසින් කරණ ලද අමාවතුර නම්

පුරුෂදම්යනසාරථි’ පදවණර්නා. නිමි.


(බුදුගුණ මුත් තෙපුල් - මෙත්බහටුත් මුත් සිත් නො වේවා කෙණෙක්හි දු - පරවැඩ මුත් පියෝ මා*)

1. ඇසී. 2. සැරි සැරැ.  3. ඈරියගණයා.
"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-xviii&oldid=4950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි