අමාවතුර-xiv
14. පරිච්ජේදය
නාග දමනය
සංස්කරණයනන්දෝ නම් නාගරාජයා දැමු පරිදි කිසේ ය? යත්:- බුදුන් දෙව්රම්හි වැඩවසනු කල්හි , අනේවඩුමහසිටානෝ බුදුන් කෙරේ බණ අසා “වහන්සේ, සෙට පන්සියක් සඟුන් ගෙණ මාගේ ගෙට වඩුත් මැනැවැ”යි තිමන්ත්රවණ කොට ගියහ. බුදුහු අධිවාසනා කොට එදවසැ සිටි වේලාව දු රැසිදු ගිය කල්හි, අලුයම්හි දසදහසක් සක්වළ බැලූහ. එකල්හි නන්දොපනන්ද නම් නාගරාජ බුදුන්ගේ නුවණැස්හි පැණින. බුදුහු “මේ නාගරාජ අපගේ නුවණැස්හි පැණෙයි. මුහුට උපනි1ශ්රනය ඇති හො?”යි ආවර්ජනා කරන්නාහු “මේ මිසදිට්හ ගත්තේ ය. තුන්රුවන්හි නොපහන්තේයැ”යි දැකැ ‘මුහු මිසදිටහයෙන් තොර කරන්නට නිස්සෙක් කවර හො?”යි අවජනාහු මහමුගලන් මහතෙරුන් කැඳවුහු.”’අනඳ,පන්සියක් මහනනට කියා ‘බුදුහු දෙවචාරිකාවට යෙති කියා”යි.
එ දවස් නන්දෝපනන්දයාගේ අවන්බිම් සැදුහැ. හේ දිසරුවන් මුවාපලඟ මත්තේ දිවසේසත් යට තුන් වැදැරුම් නළුපිරිස් හා නාපිරිස් පිරිවරා දිවසේසත් යට තුන් වැදැරුම් නළුපිරිස් හා නාපිරිස් පිරිවරා දිවඛජනෙත්2 එළවු අන්නපානවිධි බලමින් හුන්නේයි. එකල්හි බුදුහු, යම් සේ නාගරාජ දකි ද, එසේ ම පැනෙනුවෝ උහුගේ විමන් මුඳුනෙන් ම පන්සියක් සඟුන් හා සදඟ තව්තිසාදෙව්ලෝ බලා වඩති. එල්හි නන්දෝපනන්ද නම් නාගරාජහට මෙබඳු පවිට්දිට්හයෙක් උපනි. “මේ මුඬු මහණපියෝ අපගේ විමන් මුඳුනෙහි ගෙණ තව්තිසාවැසි දෙවි යන්ගේ භවනට වදිත්ම ය. නික්මෙත් ම ය. දැන් මේ තැන පටන් ගෙන ඔවුන් අප මුඳුනෙහි ගෙණ පියපස් බමින්2 නො යා දුන මැනැවැ”යි හුනස්නෙන් නැගි වෙරගල්පාතට ගොස්, එවෙස් හැර සියවෙස් ගෙන මෙරගල් සත්දරණ පටෙකින් වසා මෙරමුඳුනෙහි මහත් පැගයක් කොට තව්තිසා දෙව්නුවර කිබිසිති කල පැනයෙන් සොයා අදසුන් බවට පැමිනිමි.
එල්හි රටපල්මහතෙරහු “වහන්සේ,මම් පෙර මෙපි යෙස්හි සිටියෙම් මෙරගල් දක්මි. සක්කුළුපවු දක්මි තව්තිසා දෙව් නුවර දක්මි. විජයත් මහපහා දක්මි. පහාමුඳුනෙහි ගගන දද දහස් දක්මි වහන්සේ, කවර හේතුවිත හෝ දුන් මෙරගල් නො ද දක්මි? විජයත්මහපහා නො ද දක්මි? පහාමුදුනෙහි දද නො ද දක්මි?”යි බුදුනට කිහ. එසද බුදුහු “රටපලා මේ
1.බොජුනෙන්. 2.මු ඔබමින්
160 අමාවතුර
නන්දොපනන්ද නම් නාගරාජ තොපට දැගැමිය. මෙරගල් සත්දරනින් පිරිබෙව් කොට මුදුනෙහි පැණයෙක් පිලිසොයා අඳුරු කොට සිටියේ ය”යි වදාළහ. රටපල්මහතෙරහු “මම් ඔහු දමමි වහන්සේ”යි කිහැ බුදුහු නොඅනුදත්හ.එසෙයින් ම භද්දියමහතෙරහු රාල්මහතෙරහු දැයි අනුක්රුමයෙන් හැම සගනු අවුද් බුදුනට සැල ළහ. බුදුහු නො අනුදත්හ. අවසන්හි මහමුගලන් මහතෙරහු අවුද් “වහන්සේ, මම් නාරජහු දමමි” කිහ “දමා මුගලනැ”’’යි බුදුහු අනුදත්හැ.
මහතෙරහු මහනවෙස් හැර මහත් නාරජවෙසක් මවාගෙන නන්දොපනන්දනම් නාගරාජයාගේ සත්දරණපට පිට තුදුස්දරණ පටක් එවැ මොහුගේ පැණය මුදනෙහි තමන්ගේ පැනය තබා මෙරගල් හා සමඟ පෙලාලුහ.නාරජහුගේ දුමින් මහතෙරහට බාධානැති. මහතෙරුන් දුමිත් නාරජහට බාධා වි ය.
එක්බිති නාරජදිලියින. මහතෙරහුද් දිලියෙන්නාහු “තාගේ ශරීරයෙහි මතු දල ඇත්තේ නො වෙයි. මයිඳු ගේ ශරීරයෙහි ද් දල ඇති” දිලිසුනහ. නාගරාජයාගේ දලයෙන් මහතෙරනට නාගරාජ “මේ මහණ මා මෙරගල් හා සමඝ පෙළාලා දුමයි. දිලියෙ”යි සිතා “භවන,තෝ කවර?”යි පිළිවිත. “’නන්දය, මම් මුගලන්මි”’යි කිහ. “වහන්සේ, තොපගේ මහනවෙසින් සිටුව”යි කිය. මහතෙරහු නාරජ වෙස් හැර, මහන වෙසින් ඔහු දකුණු කණින් වැඳ වම්කණින් නික්මෙති. වම්කණින් වැද දකුණු කණින් නික්මෙති. එසෙයින්ම දකුණුනාසාබිලයෙන් වැද වම්නාසා බිලයෙන්1 නික්මෙති. වම් නාසාබිලයෙත්1 වැද දකුනු නාසා ඛීලයෙන්1 නික්මෙති. එක්බිති නාරජ මුව2 විවර කෙළේ.මහතෙරහු මියෙන් 3 වැද ඇතුළුකුස හිස පටන් ගෙන වල්පත් දක්වා,4 වල් පටන් ගෙණ හිස දක්වා4 සක්මන් කෙරෙති. බුදුහු “මුගලන, මුගලන, සිහි එළවා. මහත් සෘධි ඇත්තේ ය, නාරජ”යි වදාළහ. මහතෙරහු ‘වහන්සේ, මාවිසින් සතරසෘධීපාදයෝ භවනලද්දාහ. නන්දෝපනන්ද සිටිවයි, මම නන්දොපනන්දයා වැනි නාරජුන් සියකුද් දහසකුද් දහසහසකුද් දමමි”යි කීහ. නාරජ සිති “මහණු කුසට වදනාකල නො දිටිමි. හික්මෙන කල දැන් දළ අතුරෙහි හොවා
1.පුටුයෙන්, සිදුරෙන් 2.මුවය. 3.මුවයෙන් 4.දක්වාද්
නාගදමනය 151
මිරිකා කමි”යි සිතා, “නික්ම යව, වහන්සේ. මා ඇතුළුකුස ඔබට මොබට සක්මන් ොට මා නොපෙළව”යි කිය. මහතෙරහු නික්ම පිටත සිටියාහ. නාගරාජ මහතෙරුන් දැකැ “මේ හේ යැ”යි1 නාසාවාතයක් පිහිට. මහතෙරහු සියුතජ්ඣන් සමවත්හ. ලොම් කුවකුදු ඔහුගේ විෂවාත සොල්වන්නට නො පොහොසත් වි ය. “සෙසු සඟහු ආදිය පටන් ගෙන හැම පෙළහර කරන්නට පොහොසත් වුවද, මෙතෙනට පැමිණ මෙසේ වහා සමවදනට නො නිස්සහ”’යි ඔහුනට බුදුහු නාගරාජයා දමන්නට නො අනුදත්හු2. නාගරාජ “මම් මෙ මහණහු නාසාවාතයෙන් ලොම්කුවකුදු සොල්වන්නට නොපොහොසත් විමි. මහන මහත් සෘධිඇත්තේ ය”’යි සිති. මහතෙරහු මහණවෙස් හැර ගුරුළුවෙසක් මවාගෙණ ගුරුළුවා2 ද්වා නාරජහු ලුහුබන්හු4. නාරජ එවෙස් පියා මණෙවුවෙසක් මවාගෙන “වහන්සේ, තොප සරණයෙමි” කියනුයේ මහතෙරුන් පා වැන්දැ.මහතෙරහු “නන්දය, බුදුහු වැඩියාහ, එබුදුන් කරා යම්හ”යි නාරජහු දමා නිර්මිත කොට ගෙන බුදුන් කරා ගියහ. නාරජ බුදුන් වැඳ “වහන්සේ, තොප සරන යෙමි”යි කී ය. බුදුහු “සුවපත් වා, නාරජ”යි වදාරා ධම් දෙසන්නාහු “නන්දය, සතුරන් කෙරෙහි ක්රොගධ නො කට යුත්තේ ය. ක්රොනධ ඇති පුගුල් වැදු4 මවට දු දා පියාට දු මල් බෑයනට දු නෑයනට දු මිතුරනට දු අප්රි්ය වෙයි. වහන්නට ආ සපක්හු සෙයින් අඩවියෙහි නැඟි සොරක්හු සෙයින්, කන්නට ආ යකක්හු සෙයින්, ත්රා ස උපයනු වෙයි. හැඳ පැලදද් සිටිය විවණ වෙයි. පුන්සදක් බදු මුහුණෙන් වී නම් දල පහළ පියුමක්* සෙයින්, මල ගත් රන්කැට පතක් සෙයින්, විරූප වෙයි. ක්රොසදයෙන් තුමු තමන් ඇන මියෙති. වීථි කා මියෙකි. දිව ඇඳ මියෙති. ප්ර පාතයෙහි හී මියෙති. මෙලොව අනුන් විසින් ගරහනු ලැබෙති. පරලොව නිරය ආදිය උපැදු කුරුරු දරුනු දුක් විඳුත්. ඉදින් මිනිස්පියක් ලද්දාහු නම්. උපන් තැන් පටන් ගෙන රොගි වෙති. චක්ඛුරොග සොතරොගාදි රොගයක් කෙරෙහි එක්තරා රොගයෙකින් නැංගෝ නම්. අනික් රොගයෙකැ හෙති1. රොගයෙන් නො මිදි සියලු දු් පත් වෙති. එ බැවින් හැම සතුන් කෙරෙහි මෙත්සිත් ඇතිවිය යුත්තේ ය. හිතසිත් මෙළෙක්සිත් ඇතිවිය යුත්තේ’යි අවවාද කොට සරණ පිලැ පිහිටවා,සගුන් පිරිවරා අනේපිඬුමහසිටානන්ගේ ගෙට
1.මෙහෙය නොයි.මු. වෙහෙසය හොයි. 2.අනු නො දත්හු. 3.මුං ගුරුවවාද. 4. ලුහුබඳහු. 5.වැඳ 6. වැඳ.වැඳ 7. හොති.*ජාලාභිගත්පදුම-ජාතකට්ඨකඨා 1-423
162 අමාවතුර
වැසියෝ අනේපිඬුමහසිටානෝ “කිම්, වහන්සේ. දව වැ වැසිදා නො’යි කීහු. “මුගලන්හු හා නන්දොපනන්දයා හා දෙදෙනාගේ සංග්රාහමයෙන් වි ය”යි වදාලහ. “වහන්සේ.කාහට ජය යැ? කහට පරාජය?”යි පුවවුන්හ. “මුගලන්හට ජය ය. නන්දයාහට පරාජය”යයි වදාළහ. එකල්හි අනේපිඩුමහසිටානෝ “වහන්සේ, අද පටන් ගෙන සතියක් දවස් මාගේ බත් අධිවාසනා කරණු මැනවැ”’යි අයැජ “මහතෙරනට ජයමඟුල් කෙරෙමි”යි සතියක් දවස් පාමොක් පන්සියක් සඟනට මහත් සත්කාර කොළෝ.
නාලාගිරිදමනය
සංස්කරණය‘නාග’ ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් මෙසෙයින්ම නාලාගිරිනම් ඇත්රජහු දැමු පරිදි කියවේ2. කිසේ ය? යත්:-
බුදුන් රජගහා නිසා ගිජුකුළුපර්ව යෙහි වැඩ වසන කල්හි. දෙව්දත්තෙරුන් විසින් බුදුන් මරණු සඳහා මෙහෙසු දුනුවාවන්3 කෙරෙහි පළමු මෙහෙසු දුනුවාවා අවුදු “මම්,වහන්සේ, (බුදුන්) මරන්නට නො නිස්සෙමි. බුදුහු මහත් ඉදුහ ඇත්තාහ. මහත් ආනුභාව ඇත්තාහයි”යි කිකල්හි “තා මහණගොයුම්හු මරත්නට නො නිසි බැවින් මම් ම මරමි” කියා බුදුන් ගිජුකුළුපව්යෙහි සක්මන් කරණ කල්හි ගිජුකුළුපවුවට නැගි “මේගල් කුළින් මහනගොයුම්හු දිවි ගලවමි”යි යන්ත්රබවේගයෙන් මහත් ගල්කුළක් වුහුවහ. දෙගල්කුව කෙනෙක් එක්වැ එගල්කුව පිළි ගත්හ. එයින් පපථිකායෙක් නැගි බුදුන් පයෙහි ලේ සෙල්විය. බලවත් වේදනා වි ය. ජීවකයෝ බුදුන් පය සැහින් පලා දොස් ලේ හැර බෙහෙත් එවැ නිරොග කලහ. බුදුහු පෙර සෙයින් මැ සඟ පිරිස් පිරිවරා මහත් බුඬලීලායෙන් ඇවිදිති.
එකල්හි දෙව්දත්තෙරහු ඒ දැකැ සිතුහු: “මහන ගොයුම්හු ගේ රූපයෙන් අගපත් සිරිරු දැකැකිසි මිනියෙක් උපක්රසම කරන්නට නොනිස්සැ: රජුගේ නාලාගිරිනම් ඇත් චණ්ඩයැ පරුෂයැ බුදුරුවන්හි ධමුරුවන්හි සඟුරුවන්හි ගුන නොදන්නි සේ ඔහු මර”යි4 ගොස් රජහට කිය. රජ “මැනවැ”යි ගිවිසැ ඇතැජරා ගෙන්වා ගෙන ‘සබඳ. සෙට නාලාගිරි මත්කොට පෙරවරු මහනලොයුම්හු පිලිපන් විථිය විහිද”යි කී යැ. දෙව්දත් තෙරහු දු “සෙසු දවස් මෙ ඇත් කෙනෙක් රහ බෝ දැ?”යි ඔහු
1.කියුවෙත් 2.දුනුවායන් 3.රූපයෙහි 4.හේ ඔහු (ලවා) මරවමි (මැරීම්)
නාලාගිරිදමනය 163
පිළිවිසැ ‘අට කළක් රහ බො”’යි කියෙන් “සෙට සොලොස් කළක් රහපොවා මහණ ගොයුමුහු පිළිපත් වීථීයට විහිද”යි කිහ. හේ “ඉතා මැනැවැ”යි ගිවිස්සැ රජ “සෙට නාලාගිරිහි මත්කොට නුවර විහිදුවති. නුවර වැස්සෝ රැයිම් මහිමැ හැම කිස කොට අතුරුවෙයට නොබසිත්ව”යි නුවර බෙර පියවි කරවිය. දෙව්දත් තෙරහු දු රජගෙත් බැස ඇත්හයට ගොස් ඇත්ගොවුවන් කැදවා ගෙන “ඇපි තොප වවන්නටද් නසන්නටත්1 න්ස්සම්හ තොපට ඉදින් යස්සෙන් කම් ඇත්නම්,සෙට පෙරවරු නාලාගිරිහි නිහිණි රා සොළොස්කළක් පොවා මහණගොයුම්හු එනවේලෙහි තොත්රපතොෂිරයෙන් විඳැ විඳැ දයවා, ඇත්හල් බිඳුවා මහනගොයම්හු පිළිපන් වීථියට මෙහෙයා, ඔහු මරුපියව”යි කීහ. ඔහු “ඉතා මැනැවැ”යි ගිවිස්සහ.
එපවත් මුළුනුවර පැතිර ගියේ. තුනුරුවන්හි පහන් උපාසකවරහු ඒ අසා බුදුන් කරා ගොස් “වහන්සේ, දෙව්දත් තෙරහු රජු හා එක්වැ සෙට තොප පිළිපන් වෙයට නාලාගිරිහි විහිද්වති. සෙට නුවර නො ගොස් මිහි වැඩ හිදුනේයැ. ඇපි වෙහෙරමැ වඩාහිඳුවා බුදුපාමොක් සඟනට දන් දෙම්හයි”කියැ. බුදුහු “සෙට නුවර සිගන්නට යම්හ”යි නොවදාරාමැ ‘මම් සෙට නාලාගිරිහි දමා පෙලහර කොට තිථයත් මැඩ. රජගහානුවර නොසිගාම.බික්සඟුන් පිරිවරා නුවරින් නික්මැ වෙළුවනමැළුම්” යන සිතින් ඉවසුහු. ඔහු බුදුන් ඉවසු බව් දැන වැඳ නුවර ගියෝ.
බුදුහු පෙරයම්හි ධම් දෙසා. මැදියම්හි දෙවියන් පුළුවුන් පැන විසජා. අලුයම්හි පලමුවන භාගයෙහි සිංහශය්යාි කොට දෙවන භාගයෙහි පල සමවතින් දවස් යවා තුන්වන භාගයෙහි මහකුළුණු සමවත් සමවැද, විනේජනයන් බලා නාලාගිරිදමන යෙහි සුවාසු දහසක් දෙනාහට අභිසමය වන සේ දැකැ පහන් වු කල සිරිරු පිළිදැගැ. අනඳමහතෙරුන් කැඳවා ගෙන “අනඳ, අද රජගහා නුවර පිරිවරා සිටි අටළොස් වෙහෙරැ හැම මහණුන් මා හා සමඟ රජගහා වදනට කියා”යි වදාළහ. මහතෙරහු එසේ කලහ. හැම සගහු වෙළුවන රැස්වුහු.
බුදුහු මහභික්සඟුන් පිරිවරා රජගහනුවර වන්හු. ඇත් ගොව්වෝ කි පරිද්දෙන් පිළිපන්හ. මහත් සමාගමය විය. තුණුරුවන්හි යහන් සැදැහැ ඇති මිනිස්සු “අද මහානාගයන් දෙදෙනාගේ සංග්රා්ම වෙයි. නිරුපමවු බුඬලීලායෙන් නාලාගිරිහි දමන සේ බලම්හ”යි බහා සඳලු ගෙසියන් ආදිය නැගි සිටියහැ.
1.වවන්නට,වනසන්නට 2.සදමඬුලු
164 අමාවතුර
සැදැහැ නැත්තාහු, මිසදිට්හ ගත්තාහු “නාලාගිරි චණ්ඩ යැ. පරුෂ යැ. කිසිකෙනෙකුන්ගේ ගුන නො දන්නි. හේ අද මහන ගොයම්හුගේ රන්වන් සිරිරුදු බිදැ බිදැ මරාපියයි. අද අප දතුරා පිට් දක්මහ”යි (රුක්) පහාආදිය නැගි සිටියෝ ඇතුද් බුදුන් එන්නන් දැකැ, මිනිසුන් උත්ත්රා.ස කරවමින් ගෙ විදහමින්.ගැල් සුන්1 සුන් කෙරෙමින්. සොඬ බුදුන් කරා දිවි. එහු දැක සගහු බුදුනට “වහන්සේ, මේ නාලාගිරි ණ්ඩ යැ. පරුෂයැ. මිනිමරු යැ. මෙ මෙයට පිළිපන්නේ යැ. බුදුන් ආදින්ගේ ගුන නොදන්නි වහන්සේ., භවත්නේ මැනැවැ. තවත්නේ මැනැවැ”යි කිහු. මහණෙනි, නො බව මම් නාලාගිරි දමන්නට පොහොසත්මි” වදාළෝ එකල්හි සැරැයුත්මහතෙරහු “පියහට උපන් කිසියෙක් “සැරියුත, බ්රැද්බල තොරැ.සවුබල තොරු. තොසිට”යි පිලිබැහුහු. මෙසෙයින් බොහෝ සේ අසුමහසව්වෝ අයජියහ බුදුහු හැමදෙනාමැ පිළිබැහුහු.
එකල්හි අනදමහතෙරහු බුදුන් කෙරේ බලවත් සෙනෙහෙන් අධිවාසනා නො කොට හී “මේ ඇත් පළමු මා මරව”යි බුදුන් සදහා දිවි පියා බුදුන් පෙරට නොසිට”යි වදාළෝ “වහන්සේ මේ ඇත් චණ්ඩ යැ. පරුධ යැ. මිනීමරු යැ.යුගන්මිණි වැන්නැ.පළමු මා මරා පසු තොපවහන්සේ කරා යේව”යි කීහු. බුදුන් තුන් යලක් කියතුද් එසේ ම සිටියාහ. පහ නො වුහු. එකල්හි බුස්හු ඉදුහ බලයෙන් ඔවුන් පිළිබහා සඟුන් අතුරෙහි සිටුවුහ. එකෙණෙහි එක් මාගමක් නාලාගිරිහි දැකැ මරණභයභිත වැ පලායන්නි උකුළින් ශත් දරුවකු ඇතු හා බුදුන් හා අතුරෙහි දමාපියා පලාගියා. ඇත් ඇය ලුහු බැඳපියා නැවති දරුවා කරා ගියේ. දරු මහහඬින් හඩයි. බුදුහු නාලාගිරිහි උදෙසා මෙන් පතුරුවා ඉතා මියුරු බඹගොස්4 විහිද “භවත් නිලිගිරිය, තා සොලොස් කලක් රා පොවා මත් කරන්නාහු අනෙකක්හු යන්නට කලාහු නො වෙති. මා ගන්නට කලාහු වෙති. අකාරණයේ කකුල් කලකුරුවා නො ඇවිදු3 මොබ එ”යි වදාලහ.
හේ බුදුන්ගේ බස් අසා ,ඇස් විවර කොට,බුදුන්ගේ රූසිරි බලා,පිළිලද සංවේග ඇතිවුයේ බුදුන් තෙදින් සිදි ගිය සුරාමද ඇත්තේ,අත බහා කන්පත් සලමින් ගොස්.බුදුන් පාපිට බැස හොති. එකල්හි බුදුහු “නාලාගිරිය, තෝ තිරිසන්වරණයෙහි.
1.විදහමින් හල සුන්-හැම 2.ගොස් හඬ 3.ඇවිද 4.සිරිරු
නාලාගිරි දමනය 165
මම් බුදුවරණයෙමි. මෙතන පටන් ගෙන චණ්ඩපරූප නො වා මිනීමරු නො වා1. මෙත්සිත් පිලිලබ”යි වදාරා දකුනු අත දිග් කොට කුම පිරිමැදැ “මාතුඤ්ජර නාගමාසදො” යනාදින් ධම් දෙසූ2.ඔහුගේ ියල් සිරිරැ ප්රීසතින් නිරන්තර වැ පිරිණ. ඉදින් හේ තිරිසන් නො වී නම්. සෝවාන් වුයේය.
මින්ස්සු ඒ පෙලහර දැකැ සංකාඛ මුහුදුහඬ සෙයින් ගුගුළහ. සෙනහඬ සෙයින් අපොළාපීහ. ඔහු සොම්නස් ව නන්අබරන බසපීහ. ඒ අබරණින් ඇතු සිරිරු පිලිසන් විය. එතන පටන් නාලාගිරි “ධනපාල” නම් විය. ඒ සමාගමයෙහි සුවාසුදහස් දෙනෙ අධිගම් කලහ. බදුහු දනපාලයා පන්සිලැ පිහිටවුහු. හේ සොඩින් බුදුන් ඇකුත් තැනැ පස්ගෙණ තමා මුඳුනෙහි එවැ පසුපස්සෙන් බස්මින් ගොස්, දසුන් විදහන තැන් සිටැ බුදුන් වැඳැ,නැවත ඇත්හල් වන. එතැන පටන් කිසිවක්හු නො නොවෙහෙසි2 මෙසේ කොපොලත්හි පැහැර මදැදැලි මුසුව බමන මත්බඹරමුලුහඬ මැ බෙර ඇති. කෝගිනින් දිලියෙන, යුගත් ගිනිකඳ මෙන්4 යන ධනපලුවා විසින් ඔවුන් අකුසුසියෝ මඟුල්ලකුණු පිරිවර ලඳු සක්ලකුනෙන් විසිතුරු දෙපත්ලෙහි බැස හෙවැ වදනාලද.
එයින් කීහ පාදපංඛකජයනවයෙහි-
“ගණ්ඩස්ථලීලුඨිතදානමසිනිෂෙක
භ්රාගනේතාන්නදද්ක්රෙමරමිණ්ඩිමෙන,
ක්රොගධොෂ්මණාභිදවතා1 ධනපාලකෙන
පාදවයෙ ප්රථණතමාය්ය්තර් ධැතාංකුහෙ තෙ”යි
බුදුහු නිපන් මනොරථ ඇති වැ “යම් කෙනෙකුන් විසින් යම් දනයේ ඉසපියනු ලද ද, ඒ ධන ඔවුන් ම කරා සේව”යි ඉටා අද මා විසින් මහත් පෙලහරක් කරන ලද. මෙ නුවර සිගනු සොබනේ නො වෙ”යි තීථයත් මැඩැ සගපිරිස් පිරිවරා දුනුරජක්හු සෙයින් , නුවරින් නික්මැ වේවවනවෙහෙර මැ වැඩියෝ.නුවර වැස්සෝ අපමන අන්නපාන ගෙන වෙහෙර ගොස් මහාදාන පැවැත්වුහු.
මේ සෙයින් බුදුහු තමන් ‘පුරුෂදම්යගසාරති’ වන බැවින් නන්දෝපනන්ද නම් නාගරාජයා ද. ‘නාග’ ශබ්දයෙන් ඇතුනුදු
1.නොව. 2.යනාදින්.,දෙසු 3.වෙහෙසෙයි. 4.හිනිමෙන් 5.ක්රො ධොෂ්මසාභිදයතා ---හැම
168 අමාවතුර
කියන බැවින් ධනපාලක නම් මහානාගයාදි ආදි ශබ්දයෙන් ගත් අපලාල නම් ධුලොධර නම් මහොදර නම් අග්නිශිඛ නම් ධුමසිඛ නම් ආරවාල නම් නාගරාජයනුද් දමා සරණසීලැ පිහිටුවුහු.
නාගදමන නම් තුදුස්වන පරිච්ජේදය නිමි.