13 . පරිච්ජේදය


භික්ෂු දමනය


ශාක්යුරජුන් හා කොලියරජහු ිඹුල්වත්නුවර හා කොලිය නුවර හා දෙ අතුරෙහි රොහිණි නම් ගගක් එක් අවුනෙන්1 බදවා බොහෝ ගොයම් කරවති. පොසොන්මසැ ගොයම් මියන කලැ දෙන්වර වැස්සන්ගේ ගොවිහි රැස්වුහ. කොලියනුවර වැස්සෝ “මෙදිය දෙතනට ගෙනයන කල තොපට අපට නොසෑහෙයි. අපගේ ගොයම් එක දිවරින් එයි. දිය අපට දෙව”යි කීහ. කිමුල්වත් නුවර වැදස්සෝ ද “තොප දින්2 මැඬුම් කොට ගේ පුරා තුබුකල ඇපි රත්රන් නිල්මිණි කහවුනු ගෙන මලුපැස් ගෙණ තොප ගෙදොර ඇවිදුනට යමෝද? අපගේ ගොයම් එක දියවරින් එයි. ඇපිදු නොදෙම්හ”යි කීහ. ඔවු දු “ඇපි නො දෙම්හයි”යි කීහු.

මෙසේ කලහ වැසි ල්හි එකේ නැගි එක්හු පහළ හෙ ද නැගි අනෙකක්හු පහල . මෙසේ ඔවුනොවුන් පැහැර රජකුලත්ගේ ජන්ම ඝටා බීණුහු. කොලියනුවර වැසි ගොවිහි “තෙපි කිඹුල්වත්වැසි රජුන් ගෙන ගර්ජනා කරවා3. යම් කෙනෙක් බලුසිගල්ආදින් සෙයින් තමන් තමන් හොත් කුසැ හොත් අගනක් හා වාස කොලෝ ද, ඔවුන්ගේ, ඇත්අස්හු දු ඵලකාසුධයෝ ද අපට කුම් කෙරෙති?” කීහු. කිමුල්වත්නුවර

1.අවුණක් 2. තෙදින් 3. කෙරෙහි


148 අමාවතුර


වැසි ගොවිහි “තෙපි කුෂ්ඨීන් දරුවන් ගෙන ගර්ජනා කරව. යම් කෙනෙක් නිවහලු ව තිරිසන්ගතියැ සතුන් සෙයින් බුහුරුරුක්හි වුසූහු ද. ඔවුන්ගේ ඇත් අස්හුද් ඵලකායුධයෝද් අපට තුම් කෙරෙති?” කීහු.

ඔහු ගොස් එකම්හි යුතු ඇමැත්තනට කීහ. ඇමැත්තෝ ගොස් රජනට කීහු. එකල්හි සැහැරජහු “කුස හොත් අගනක් හා වාස කලවුන්ගේ බල1 දක්වම්හ”යි යුධයට සැරහී නික්මුනුහු. කොලියරජහුදු “බුහුරුරුකැ වුසුවන්ගේ බල1 දක්වම්හ”යි යුධයට සන්නධ්ව නික්මුනුහු. එකල්හි සැවැත්නුවරනිසා දෙවුරම්හි වැඩවසනුවෝ, අලුයම්හි මහකුළුණුසමවතින් නැගි මුවලෝ බලනුවෝ, මොවුන් යුධයට නික්මෙන2 සේ දුටුහු. දැකැ ‘මා ගිය කලැ මෙ කලහ සන්සිදි හොයි? නො සන්සිදි හො?”යි බලනුයෝ “මම එයට ගොස් කලහ සන්සිදුවන සදහා ධර්ම දෙසමි. දෙසුත් අසා සමගවු දෙනුවර වැස්සෝ පන්සියක් රජකුමරුවරුන් දෙති. මම එවුන් පැවිජි කෙරෙමි. මහත් සමාගම් වෙ”යි සනිටුහන් කොට, පෙරවරු අහරිස සාහා පස්වරු ගඳකිලිත් නික්මැ. ඔවුන් යුධසන්නධ වැ න්ක්මුනු වේලෙහි, යම් කෙනෙක්හට නො කියා තුමුහු ම පා සිවුරු ගෙන ගොස් දෙ සෙනඟ මැද අහස පලක් බැඳ සවනක්ර් විහිදුවමින් වැඩහුන්හු.

කිඹුල්වත් නුවර වැස්සෝ බුදුන් දකිමින් ම “අප සැගැරජ කුලට සිළිමිණක්2 බදු බුදුහු වැඩියහ. මේ කලහය දුටු බදහ දැන් වු කල අප අනුන් වෙරැ සැත් නො පැහැරවිය හැක්කැ කොලියනුවර වැස්සන් අප මරත් මැනැ ම ය. පියත් මැනැ ම ය”යි ආයුද දමා පියා සිටියෝ. කොලියනුවර වැස්සෝ ද එසේම බැස, රමණි රෝහිණිගඟ වැලිපිටු මත්තේ පැන්වු අස්නෙහි. නිරූපම බුදුසිරිත් වොරජමින් වැඩැහුන්හු. දෙනුවර රජහු දු බුදුන් වැද පිරිවරා හුන්හු. එකල්හි බුදුහු දනුතුදු හොත් “කුමට ආව? මහරජිනි”යි පුවවුත්හ. “වහන්සේ, ගඟ කෙලනට නො ද ආම්හ3, වන කෙළනට ගල් කෙලනට නො ද ආම්හ1. මේ තැන්හි සංග්රා මයට ආම්හ”යි කීහු. “තොපගේ කලහය කුමක් සදහා වුයේය? මහරජිනි,”යිවදාළෝ “දිය සදහා වුයේ යැ වහන්සේ,”යි කීහු. “දිය කුමක් වටී?”වදාලහ. ‘මඳදෙයක් වටි, වහන්සේ,”යි කීහු. “පොළෝ කුමක් වටී?” වදාළහ. “අනර්ඝ ය; වහන්සේ,”යි කීහු. “රජහු කුමක්

1.බැල 2.නික්මුනු 3.සිවමිණික් 4. බන්දන 5. ආවමස


භික්ෂු දමනය 140


වටිති?’ වදාළහ. “උහුදා අනර්ඝය වහන්සේ” යි කීහු. “අල්පාෂ්ඨ වු දිය සදහා අනර්ඝ වු රජුන් කුමට නසව? මහරජිනි, කලහයෙහි අස්වස් ඇත්තේ නො වෙ”යි පස්දාවක් හා එක් සුතක් දෙසා සමග කොළෝ1.

රජහු පැහැද “ඉදින් බුදුහු මෙයට නොවැඩියාහු නම් ඇසි පිය අතින් ඔවුනොවුන් මරා ලේගගක් පැවැත්වූම්හ2 අප මළ පරිදි අප අමුදරුවනට ගොස් කියනුවෝ නො ද ඇති වුවාහ. බුදුන් නිසා දිවි ලදුම්හ3 ඉදින් බුදුහු ගිහිගේ වුසූහු. නම්, දෙදහසක් කොදිව් පිරිවරන ලදු4. සතර මහදිව්හි රජ වුවාහ. දහසෙකින් වැඩි පුත් වූවාහ. රජපිරිස් පිරිවරා ඇවිද්දාහ. එවැනි සක්විති ඉසුරු පියා නික්ම ගොස් බුදු වුවාහ දැනුදු රජපිරිස් පිරිවරා ඇවිදිත්ව”යි දෙනුවරැ වැස්සෝ දෙසිය පනස් දෙසියපනස් රජක්මරුන් දුන්හු. බුදුහු ඒ පන්සියක් රජ කුමරුවන් පැවිජි කොට , මහාවන නම් හිමවන හා එක් ව සිටි මහත්වනයෙක්හි වසනුවෝ, ඇතැම් දවසක්4 කිඹුල්වත් නුවරැ වළදති. ඇතැම් දවසක්4 කොලියනුවරැ වළදති. දෙනුවර වැස්සෝ මහත් සත්කාර කෙරෙත්. එකල්හි මහලු නෑයන් කෙරේ හරසරින් නොරිසිත් පැවිජි වූ ශාකයභික්ෂුන් පන්සියනට සස්නෙහි උකටලි උපන. ඔවුන්ගේ රජවිරෝධ්හු දු ඔවුනට අනභිරති උපදනා නියායෙන් හසුන් දුන්හු.

බුද්හු ආවජිනා කරන්නාහු ඔවුන් සස්නෙහි අතිරති නැති බව් දැන “මේ මහණහු මා වැනි බුදුරජක්හු හා සමඟ වසන්නාහු උටලිහ. මොවුනට කවර ධම්දෙසුන් සැපය හො?”යි බලන්නාහු කුණාලධම්දෙසුම් දුට්හු දැකැ “මේ මහණුන් හිමවතට ඇර කුනාල්දා දෙසා මාගමුන්ගේ දොස් දක්වා අපභිරති හැර සෝවාන්ඵලයෙහි පිහිටුවුව මැනැවැ”යි සිතා පෙරවරු කිඹුල්වතැ වළදා මහවන එළබ පස්වරු සඟුන් කැඳවා “මහණෙනි, රමණි හිමවුපියෙස් හා දුටුවිරූදැ?යි වදාළහ. “නෙ දුටුවිරූම් හ; වහන්සේ” කීහු. “හිමවු සැරි සරන්නට එවදැ?”යි වදාලහ. “වහන්සේ, අප සෘද්ධ් නැති කිසේ යම්හ?”යි කීහු. “ඉදින් තොල කිසිකෙනෙක් ගෙණ යෙත් නම් යවුද?’යි වදාළහ. “යම්හ, වහන්සේ”යි කීහු. බුද්හු තමන්ගේ ආනුභාවයෙන් ඔවුන් ගෙණ අහසට නැගි හිමවතට එළබ අහස සිට රමණි හිමවුපියෙස රුවන්ගල්

1.කළෝ 2. පැවැත්වූවම්හ 3.ලදිම්හ 4.පිරිවර ඇති 5. දවක් 6.රජුවරහුදු ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍_හැම 7. යාදැයි


150 අමාවතුර


රුවන්කුළු රුවන්ගිරිතලා දු සත්දහකළා දු පස්මහගඟු දු දියෙහි ගොඩෙහි පුප්නා මලුදු දසකුලෙහි ඇතුනුදු අසුනුදු සිංහයනුදු වියනුදු මුවගණ කිනිරිගණ ලිහිණිගණා දු දැක්වුහු. හිමවත්පර්වතය ඉතා මහත. උස පන්සියක් යොජන. අසම්විතරෙහි තුන්දහස් තුන්දහස් යොජන. උස සිය සිය යොජුන් සුවාසුදහස් රුවන්කුළින් දිලියෙනු වුයේ යැ. තන්හි තන්හි රන්ගල් රිදීගල් රත්ගල් හිගුල්ගල් අදුන්ගල් සතු රුවන්ගල් ඈ නොඑක් රුවන්ගල් ඇතියේ1 යැ. ඉදුනිල්මිණි වෙරළුමිණිවරාමිණි පියුම්රාමිණි පිළිමිණි ඇමිණිගල් ඇතියේ1යැ. තන්හි තන්හි රන්ගිරිතලා රිදිගිරිතලා රක්2 හිඟුල් අදුන්ගිරිතලා මිනිගිරිතලා සතුරුවන්ගිරිතලා ඇතියේ1යැ. අයම්විතරෙහිදු ගැමුරෙහිදු පණස් පණස් යොජුන් වට යෙළසිය යොජුන් මිණිවන් පහන් දිය පිරුණු පස්පියුමෙන් සුසන් සත්දහතලා ඇතියේ යැ. සපුපුවඟු නා පනා සල් සලල අගරු දෙව්දුරු නදුන් සඳුන් ඈ තන් විසිතුරු මල්පල්ලෙන් සැදුම් ලදු රුක්රදුන් ඇතියේ යැ. හාත්පසින් බස්නා පන්සියක් ගඟින් විසිතුරු වූයේ යැ.

මෙතෙක්දැ එදා කිසේ දැක්වුහ? යත්:- මේ මතු නො වෙයි. ඒ පර්වදතයෙහි ඇති තාක් රමණි බුදුහු තමන්ගේ ආනුභාවයෙන් එකවටම දැක්වුහු. එපියෙස් දුටුතැන් පටන් ගෙන එ සගනට ඒ අගනන් කෙරෙහි ජන්දරාග ප්ර්හීණ වී. මෙසේ බුදුහු තමන් පුරුෂදම්යෙසාරථී වන බැවින්, එසඟුන් ගෙණ අහසින් කුණාල් දහතලාවට බැස පැලදෙසෙහි සැටයොජුන් සිලාතලයෙහි පිහිටි සත්යොදුන් කල්පස්ථායි මහසල් රුක්මුල තුන්යොජුන් මිණිඅත ලෙහි එ සගුන් පිරිවරා සවණක් රස් විහිදුවමින්, යුඟදුරු මුදුනෙහි සරාහිරක් සෙයින් දිලියෙමින් හිද, මියුරු ගැමුරු ගගින් සඟුන් කැඳවා “මහණෙනි, මේ හිමවියෙහි තොප නුදුටුවිරීදැ දක්ව”යි වදාළෝ.

එකෙනෙහි මිතුකෝකිලයෝ දෙදෙනෙක් දඬුයෙක්හි දෙකෙළවර ඩැහැගෙන මැද කෙවිලිරජු හිදුවාලා ගෙණ යෙති. අටදෙනෙක් පෙරටයෙති. අටදෙනෙක් පසුවයෙති. අටදෙනෙක් දකුණත් පසයෙනි. අටදෙනෙක් වමත් පස යෙති. අටදෙනෙක් යට යෙති. අටදෙනෙක් මතු වැ යෙති. අට දෙනෙක් මියුරු පල පළවමින් යෙති. මෙසේ ඔවුන් චිත්ර්කෝකිලයාහට පිරිවර ව අහසින් යනුවන් දැක ඒ සගහු “වහන්සේ, මුහු කිනම් ලිහිණි කෙනෙකැ?”යි පුවවුත්හු, “මහණෙනි, මේ මා කුණාල්

1. ඇතිවුයේ 2.රත්


භික්ෂු දමනය 151


දහතෙළෙහි චිත්ර කොකිල ව උපන්කල මෙ කෙවිල්ලන් මට කළ පරිචය්ය්තර්‍ාය අද දක්වා පවත්වමින් ආයේයැ. එකල්හි කෙවිල්ලෝ බොහෝහැ. තුන්දහස් පන්සියක් දෙන යැ. අනුක්රලමයෙන් පිරිහි දැන් මෙතෙක්වුහ”යි වදාලෝ. එකල්හි සඟහු ඒ ලිහිණිගණයක් මේ වනයෙහි පරිචය්ය්වර්‍ා කළ පරිදි කියේ යැ?”යි පුළුවුන්හු. “ඇසිසවි ව; මහණෙනි”යි වදාළහ. “එසේ ය; වහන්සේ”යි කීහු. “ඔස අහව”යි තුන්සියක්1 ගාතායෙන් ප්ර;තිමණ්ඩිත වු කුණාලද්දා දෙසුහු. එහි විස්තර ජාතකයෙන් ප්ර;තිමණ්ඩිත වු කුණාලද්දා දෙසුහු. එහි විස්තර ජාතකයෙන් දන්නේ ය. දෙසුන් අවසන්හි පන්සියක් සඟහු සෝවාන්ඵලයෙහි පිහිටියාහ. මහනුවණ හා සමඟ ඔවුනට2 සෘධි උඅපන. බුදුහු “දැන් මේ මහණනට මෙතෙක් පමණැ”යි අහසින් මහවනයට වැඩියහ. ඒ සඟනු යන කලැ බුදුන්ගේ ආනුභාවයෙන් ගොස් එනකලැ තමන්ගේ ආනුභාවයෙන් බදුන් පිරිවරා මහවනයට2 බටහු.

බුදුහු පැන්වු අස්නෙහි වැඩහිඳ එ සගනට “මහනෙනි, හිදුව”යි හිදුවාගෙණ ඔවුනට රාත්වන කර්මුස්ථාන වදාළෝ. සඟහු “වහන්සේ, අපගේ අදහස් දැන දහතළාවියෙස් ඇරැ, අනභිරති හැර සෝවාන් කොට දැන් රාත්වන්නට කමටහන් වදාළහ. අප නොපමා වුව මැනැවැ”යි බුදුන් පාවැඳ හුන්නෙන් නැඟි ගොස් වෙන වෙන ඒ ඒ ගල්බෙයදැ රුක්මුල්හි වැඩ හුන්හු. බුදුහු “මේ මහණහු රාත්ම, තමන් කමත් පිලිවිදු ගුණ කියම්හයි මා කරා එති. ඔවුන් ආකල දාසදාසක් සක්වළැ දෙවියෝ එති. මහත් සමාගම වෙයි. එ සමාගමයට නිසි පියෙස්වුව මැනැවැ”යි රමණි විශාල පියසෙක්හි වනදෙවියන් පැන්වු අස්නෙහි වැඩහුන්හු. හැමදෙනාහට පෙරට වැ කමට හන් ගෙණ ගිය තෙරහු පිළිසිඹියා පත් රාත් වුහ. ඔවුන් එක්බිති අනෙක් තෙරහු රාත් වු හයි. බන්ියක් සඟනු ම පියුම්විලෙක පිපි පියුමුවනයක් සෙයින් පුබුදු වුහ. හැමදෙනා හට පෙරටුව රාත් වු තෙරහු “තමන් පිළිවිඳු ගුන බුදුනට කියම්හ”යි පලඟ විදහා හුනස්නෙන් නැඟි බුදුනට අභිමුඛ වුහ. එසෙයින් ම අනෙක් තෙරහු දු අනෙක් තෙරහු දැයි පත් සියෝ ම වත බැසබොජුන්හල් වදනවුන් සෙයින්4 පිලිවෙළින් වැඩියෝ.

පළමු ආ තෙරහු බුදුන් වැඳ නිසඳුන් සිවුර අතුට4 ලා එකක් පස් වැ හිඳ තමන් පිළිදුදු ගුණ කියටි ව “කිසිකෙණෙක් නැති හොයි?”යි පෙරළි ආ මඟ බලන්නාහු අනෙක් තෙරුන් දුටුහ. මෙසේ හැමදෙනෙම6 අවුදු එකත්පස් වැ හිඳ ඔවුන් ඔවුන්

1.අසවයි සියක් 2.මහනුවණින් හා සැම 3.වනයෙහි . 4.ගල්සෙයින් 5.අතොට 6 දෙන


152 අමාවතුර


කෙරේ ලජ්ජා ඇතිව නො කීහු. රාත්හට උපදනා සිත් දෙ ආකාරයෙකින් උපද්දි ‘මා පිළිවුදු1 ගුන වහා දෙවි මිනිස්සු ප්රරතිවෙධ කෙරෙත්ව’යි යනු එකෙකැ. පිලිවුදු ගුණ නිහියක් ලදු පුරුෂයක්හුගේ අත්තට නො කියවි වනු එකෙකැ මෙසේ අරිගනන් මුළු දුන් විගස, බුධොත්පාදයෙහි ප්රගතිමණ්ඩිතලෝකයා රමණි පරිදි දක්වනු සඳහා පැදුමුදෙසෙහි නැඳු රිදිමුවා මහත්කැටපත්මඬලක් බඳු, නොහොත් නිම්වළල්ලෙහි ගෙන පෙරණලද රිදිසකක් බඳු පුන්සඳ මඬල නැගි නුබතලට පිළිපන. එ වෙනෙහි වැඩහුන් බුදුහු දු මහාසම්මතරජුගේ වංශයෙහි උපන්නාහ. එපන්සියක් සඟහුදු මහාසම්මතයාගේ වංශයෙහි උපන්නාහ. බුදුහු දු එම වංශයෙහි රජකුමරියක බඩැ හොත්හ. ඔුහුදු රජකුමරියන් බඩැ හොත්තාහු. බුදුහුදු රජපැවිජියහ.ඕහුදු රජපැවිජියෝ. බුදුහු දු සේසත් පියා අතට පත් සක්විතිරජය පියා පැවිජි වුහු. ඔවු දු සේසත් පියා අතැ තුබු රජ පියා පැවිජි වුවාහු මෙසේ බුදුහු දු පිරිසිදු පියෙස්හි පිරිසිඳු රාත්රීව බාගයෙහි භුමුතු පිරිසිඳු වුවාහු පිරිසඳුසඟුන් පිරිවරා තරු පිරිවරා2 ලඳු සරාසඳක් සෙයින්, චොරජමින් වැඩ හුන්හු.

එකෙණෙහි එ වනයෙහි දෙවියෝ චලිත ව “භවත්නි, භවත්නි, පිරිසිඳු බුදුන් සඟුන් දක්නට යම්හ”යි මහානාද කෙරෙමින් ගොස් බුදුනුදු එ විගස රාත් වු සඟුනුඳු වැඳ එකත්පස්වැ පියෙනි4 ගවු දෙගවු යොජුන් දෙයොජුන් විසින් තුන්දහස්යොජුන් හිමවියෙහි දු තෙසැට දහසක් නුවරැදු නවානුලක්ෂයක් ද්රොමණමුඛයෙහි දු සයානු දහසක් කෙල පටනෙහි දු තෙපණසක් රුවන්ආකාරයෙහි දු සියලු දඹදිව්තෙලෙහි දු පූර්වනවිහෙයෙහිදු අපරගොගාන5 සෙහි දු උතුරුකුරුදිවැ දු දෙදහස් කොදිව්හිදු සියලු සක්වළ දෙවන සක්වළ තුන්වන සක්වළදැයි, මෙසේ දසදහසක් සක්වළ අරූතල අසඤ්ඤ කල වැසියන් මිස, දෙවිබඹහු අවුදු රැස් වුහු මෙසේ රැස් වු කල්හි දෙවියන් විසින් සියලු සක්වළගබ බබලෝ දක්වා නිරන්තරයෙන් පරිපුර්ණන වී.

කිළිගෙකක් පමණ පහණක් හැමයෙන් පැතැඅ බඹලොව සිට වූහුට, එක් රෑ එක් දවහලෙකින් අටසළිස් දහසක් යොජුන් තන් ගෙවමින් සාරමසක් පොළොවට බස්සී. මෙසේ මහත් අවකාශයෙහි දෙවියෝ පොළෝතලයෙහි පටන් ගෙණ බඹලෝ දක්වා අතුරු නැති ව සක්වළඟල් දක්වා පිරී සිටියෝ. යම් සේ

1.පිළිවුන් 2.රජය 3.පිරිවරණ 4.පියෙහි 5.ගොධා


භික්ෂු දමනය 153


සක්විතිරජහු හුන් තන් නොවෙයි; ආ ආ මහෙශාඛ්ය රජහු හිඳිනට අවාශ ලැබෙති; සෙසු තැන් හක වෙයි; එසෙයින් ම බුදුන් වැඩ හුන් තන් හක නො වෙයි ආ ආ මහෙශාඛ්යක දෙවියෝ ද බඹහු ද සිටුනට අවකාශ ලදහ. බුදුන් වැළැතැ පටන් ගෙන කෙසඟක් පමණ තන්හි දෙවියෝ දහදෙනෙක් විසිදෙනෙක් තිස්දෙනෙක් සියුම් අත්බව් මවා ගෙණ සිටියහ. හැමයෙන් පිටතැ සැට සැට දෙනා බැවින් සිටියෝ. එකල්හි පූඬාසෙයෙහි නැඟි බඹලොව බලන්නාහු, පස්බත බොජුන් හල්ගෙකක් සෙයින් සි් ව තුබූ බඹවිමන් දැකැ, “බඹහු කොයට ගියහ හො?”යි අවජානාහු ඔවුන් මහාසමාගමයට ගියඉව දැන “මේ සමාගමය ඉතා මහත. ඇපි පසු වුම්හ. පසු වුවන් සුටුනා අවකාශයෙන් ලැ‍බෙන්නේ නො වෙයි. ඒ බැවින් ඇපි බුදුන් සගුන්ගේ ගුණ වණා එකෙකි ගාථා බැඳගෙණ යම්හ. ඒ සමාගමයට අපගිය බැව් දන්වම්හ”යි එකෙක් පැඳුම් සක්වළ මුවවිටියෙහි බට. එකෙක් දඛුණු සක්වළ මුවවිටියෙහි බට. එකෙක් පැළ සක්වළ මුවවිටියෙහි බට. එකෙක් උතුරුසක් වළ මුවවිටියෙහි බට. පැඳුම්සක්වලැ මුවවිටියෙහි බට බඹ නිලකිසුණු සමවත් සමවැද නිල්රස් විහිද දසදහසක් සක්වළ දෙවිබඹුන් ඉඳුනිල් මිණි කවජ පොරවන්නක්හු සෙයින් තමා ආ පරිදි දක්වා, බුඬවීථිය කිසිකෙනෙකුන් සිටිනට නොපෙහෛාසත් බැවින් පාළ මගක් බදු විථන් අවුදු බුදුන් වැද එකත්පස්ව සිට”මහාසමයෝ පවනස්මිං” යන‍ාදි ගාථායෙන් බුදුන් සගුන් ගුණ වණා පැඳුම්ලත් සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියේ.

දකුණුසක්වළ මුවවිටියෙහිබට බම පීතකිසුණු සමවත් සමවැද රන්වන්රස් විහිද දසදහස්සක්වළ දෙවිබඹුන් රන්පට පොරොවන්නක්හු සෙයින් , තමා ආබව දන්වා බුඬවීපින් අවුදැ, වැද එකත්පස්ව සිට, “තත්රි භික්ඛවො සමාදහංසු” යනාදි ගාථාවෙන් බුදුන් සඟුන් ගුණ වණා දකුණු සක්වළ මුවවිටියෙහි ම ගොස් සිටියේ යි. පැල සක්වල මුවවිටියෙහි බට බම ලොහිතකිසුණු සමවත් මවැද රන්රස් විහිද, දසදහසක් සක්වළ දෙවිබඹුන් උතුම් රත්පලස්2 පොරවන්නක්හු සෙයින්, තමා ආබව දන්වා බුඬව්ජින් අවුදු, බුදුන් වැද , එකත් පස්වැ සිට “ජෙත්වා චිලං” යනාදි ගාතාවෙයන් බුදුන් සගුන් ගේ ගුණ වණා පැළ සක්වළ මුවවිටියෙහි ම ගොස් සිටියේයි.

1.දෙවි 2.රත්පලස්පට


154 අමාවතුර


උතුරු සක්වළ මුවවිටියෙහි බට බඹ ඕදාතකිසුණු සමවත් සමවැඳ සුදරස් විහිද. දසුදහසක් සක්වළ දෙවිබඹුන් සමන්මල් පට පොරවන්නක්හු යෙින් තමා ආ බව් ද්වා බුඬවිථින් අවුදු බුදුන් වැඳ එකත්පස්වැ සිට “යෙ කෙවි බුඬං සරණං ගතා සෙ” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්ගේ ගුන වනා, උතුරු සක්වළ මුවවිටියෙහි ම ගොස් සිටියේයි.

බුදුන් බලන්නාහු, පොලෝතෙලෙහි පටන් ගෙණ සක්වළ මුවවිටි පය්ය්නර්න්ළත කොට අකනිටාබඹලොව දක්වා සිටි දෙවනාසන්නිපාත දැකැ “මේ දෙවතාසමාගම්ය ඉතා මහතැ. මහණහු ‘මෙසේ මහත් දෙවතාසමාගමයෙක් යනු නො දනිති. ඔවුනට කිව මැනැවැයි”යි “මහණෙනි, දසදහසක් ස්වළ දෙවිබමහු බුදුන් සඟුන් දක්නට ආවාහ. අතීතයෙහි වු තාක් බුදුනට මේ ම පමන දෙවතාසන්නිපාත විය: අනාගතයෙහි වන තාක් බුදුනට මේ ම පමණ දෙවතාසන්නිපාත වෙයි. යම් සේ මට දෙවතා සන්නිපාත වී දැ?”යි වදාළහ. දැන් අනෙක් බුදුකෙනෙකුන් නැත්තෙත් තුන්වනවරැ නො වදාළෝ.

එකල්හි බුදුහු “මහණෙනි. තොපට දෙවියන්ගේ නම් හොත් කියමි”යි වදාලහ. එසඳ දෙවියෝ “මෙසේ මහත් සමාගමයෙහි බුදුහු මහෙශාඛ්ය වු දෙවියන්ගේ නම්හොත් කියන් මිස. අල්පෙශාක්යප වු දෙවියන්ගේ නම් හොත් කුම් කියත් දැ?”යි සිතූුහු බුදුහු ඔවුන්ගේ අදහස් දැන “දසදහසක් සක්වළින් ආවා වු අල්පෙශාක්යූ මහෙශාඛය හැම දෙවියන්ගේ නම් හොත් කියමි”යි සිතූහු. සිතා බුදුහු තමන් හැම තන්හි නො පැකිල පවත්තා අනාවරණ නුවන ඇතිවන බැවින්, දෙවියන් හැමදෙනා භව්යි අභව්යා විසින් දෙකොටසක් කොට අභව්ය යක් හැර භව්යවයන් ගෙණැ, ඔවුන්ගේ චය්ය්යර්‍ානුකූල ධම්දෙසුන් වළුවස්ථා1 කොට “මොහු ආත්මාධ්යා ශය විසින් දෙසුකල දත්නි හෝ? පරාධ්යාුශය විසින් දෙසුකල දන්ති හො?’යි බලනුවෝ, පරාධ්යාුහය විසින් දෙසුකල දන්නාබව් දැකැ “මෙහි දෙවියන්ගේ අදහස් දැනැ චය්ය්සර්‍ානුකූල කොට පැන පුළුවුස්නට නිසියෙක් ඇති හො?”යි බලනුවෝ පන්සියක් සඟන් කෙරෙහි එක්කෙනකුනුදු එයට නොනියි බව් දැන, අසූමහසවුවන් දෙ අගසව්වන් බලා උනුදු නො නිසි සේ දැකැ, “ඉදින් පසේබුදු කෙනෙක් ඇත්නම් , ඔහු නිස්සහ හො?”යි බලන්නාහු. උඅනුදු එයට නොතියේ දැකැ, ශක්රහසුයාවාදි

1.වැවස්ථා



භික්ෂු දමනය 155


දෙවියන් කෙරෙහි යමෙක් නිසි වී නම්, උහු ලවා පැන විසජවමි” බලනුවෝ. ඔවුනුදු කෙරෙහි කිසිවක්හු නො හැකි සේ දැකැ, “මා සේ ම බුදු කෙනෙක් වු කල නිස්සභ . කිසිතැනෙක්හි බුදුකෙනෙක් ඇති හො?”යි අනන්තාපරිමාණලොකධාතුව අනන්ත නුවණ පතුරුවා බලන්නාහු, යම් තැනෙක අනෙක් බුදුකෙනෙකුත් නුදුටුහු. නොදැක. ඉදින් “මම් ම පිළිවිස මම් ම විසජන්නෙම් වීමි නම්, එසේ ද කල මේ දෙවියෝ අධිගම් කරන්නට නොනිස්සග. අනෙක් බුදුකෙනෙකුන් පුවවුස්නා කල මා විභජනකල ප්රණතිවෙද කරන්නට නිසි වෙති. එබැවින් නිර්මිත බුදුකෙනෙකුන් මැවුව මැනැවැ’යි අභිඤාපාදකධයාන සමවැද එයින් නැඟි පාසිවුරු ගැන්මුදු ආලොකත්විලොකන දු පවියන්ගේ1 සං‍කෝචන ප්රොසාරණ දු මා මැ වැනි වේව”යි කමවැජරිසිතින්2 පිරියම් කොට. පැදුම් යුගදුරුමුදුනෙන් නැගෙන සදමඬලක් බිඳ නික්මෙන වත් කොට රූපාවචර සිතින් ඉටූහු.

දෙවියෝ එ දැකැ “අනෙක් සදෙක් නැගෙ”යි කීහු. සද පියා එක් එක් “සද නො වෙයි. හිරෙක් නො වෙයි එක් දිවය විමානයෙකැයි”යි කීහු. වැලි දු ආසන්න ව එත් එත් “දිවයවිමානයෙන් නො වෙයි. එක් දිවයපුත්රසයෙකැ”යි කීහු. වැලි දු අසන්නව එක් එක් “දිව්යකපුත්රනයෙක් නො වෙයි, එක් මහබඹෙැ”යි කීහු වැලිදු ආන්නව එත් එත් “මහබඹෙක් නො වෙයි. අනෙක් බුදුකෙනෙකැ”යි කීහු. එහි පුහුදුන්2 දෙවියෝ ‘එක් බුදුකෙනෙකුන්ගේ මේ බඳු දෙවතාසන්නිපාත වනකලා, දෙ බුදුකෙනෙකුන්ගේ ම දෙවතාසන්නිපාත කිසේ මහත් වෙයි හො?”යි සිතූහ. ආය්ය්තර්දෙබවියෝ වු කලැ “එක කාලයෙහි දෙ බුදුකෙනෙක් නම් නොවෙති ඒකාන්තයෙන් බුදුන් තමන්හා සමඅනෙක් බුදුකෙනෙකුන් මැවුයේයැ”යි සිතූහු.

එකල්හි දෙවිපිරිස් දක්නා සේ ම නිර්මිත බුදුහු. අවුදු බුදුන් නො වැඳ මැ පෙරට ම සම කොට මැවු අස්නෙහි වැඩහුන්හු. බුදුනුදු ගේ දෙතිස්මහ පුරිස්ගකුණැ. නිර්මිත බුදුහුදු ගේ දෙතිස්මහපුරිස් පකුණි. බුදුන් සිරිරින් සවණක්රැස් නික්මෙයි. නිර්මිත බුදුහුදු සිරිරින් සවන්රස් නික්මෙයි. බුදුන්ගේ ශරීරයෙන් රස් නික්ම නිර්මිත බුදුන්ගේ ශරීරයෙහි පහරි. නිර්මිත බුදුන්ගේ ශරීරයෙන් රස් නික්ම බුදුන්ගේ ශරීරයෙහි පයහී. දෙබුදුන්ගේ ශරීරයෙන් නික්මුනු රසුහු අකනිවාබඹලෝ දක්වා

1.පව්‍ර්ත්ගේ (න)යන්ගේ 2.කමවැද සිරිතින 3.බුදුන්


156 අමාවතුර


නැගි බවඅග මැඩ සළා දී බැසැ සක්වලගල්මුදුනෙහි පැහැර පොළෝතෙලෙහි ගැසි දසදිසා පහයමින් වඩිත්1. සියලු සක්වළ ශබා රුවන්මුවා වක්ගෝනැස් ඕත් දාගෙකක් සෙයින් දිලිසේ.

දසදහස් සක්වළ දෙවියෝ ඒ සක්වළැ රැස් වුවාහු දෙබුදුන්ගේ රශ්මිගර්භව අතුරෙහි වැඳ සිටියෝ. නිර්මිත බුදුහු වැඩ හිඳුනාහු ම “පුච්ජාමි මුනිං මහානුභාවං” යන ගාථාවෙන් බුදුන් බෝපලග්හි සව්කෙලෙස් පහා2 පිරිසඳු වු සෙයට සේත්ර්ද කෙරෙමින් වැඩහුන්හු.

එසද බුදුහුදෙවියනට සොම්නමස් ඩනවනු සඳහා “මහණෙනි, දෙවියන්ගේ නම්හොත් කියමි. දිවඇසින් දෙවිපිරි් බලව”යි වදාලහ. සගනු දිවඇසින් බලන්නාහු දෙවිපිරිස් දුටහ. එකල බුදුහු “මහනෙන, මේ කිඹුල්වත්මහවනයෙහි දසදහසක් සක්විළ දෙවියෝ අවුදු බුදුන් සගුන් වැඳ සතුටුසොම්නස් වැ දිලි සිටියහ”’යි වදාරා, එම නියායෙන් දසසහසක් සක්වළ හැමදෙවියන් රුක්දෙවියන් දියෙහි තෙලෙහි ගලැ අභයැ දෙවියන්ටෙග් නම්හොත් වදාළෝ. ඉක්බිති ‘මහණෙනි, දසදහසක් සක්වළ දියරට නම් දසදහසක් වරම් රජහු ඇති. ඔහු හැමදෙන කෙළසුවහස් කෙළෙසුවහසක් ගදැවී3 දෙවියන් පිරිවරා අවුදු පැදුම් දෙයෙහි මෙ වනයෙහි බටන් ගෙණ සක්වළගබ පිරි සිටියාහ. දසදහසක් සක්වල විරූළ්හ නම් විරූපක්ඛ නම්, කුවෙර නම්, දසදහස් දසදහස් වරම්මහරජහු ඇති. ඔහු හැමදෙනෙ කෙලෙසුවහස් කෙළෙසුවහස් අවුදු දකුණුදෙසෙහි පැළදෙසෙහි උතුරුදෙසෙහි මේවනයෙහි පටන් ගෙණ සකවළගබ පිරි ිටියාහ. ඔහු හැම දෙනෙ ගල්මුදුනෙහි දිලියෙන් ගිනිකඳ සෙයින් දිලියෙති.


චත්තාරො තෙ මහාරාජා

සමන්තා චතුරො දිසා

දද්දල්ලමාතා අට්ඨාසු

වනෙ කාපිලවත්ථාවෙ”’’යි

“මහණෙනි, දසදහසක් සක්වළ නාගයන් හා සුපර්ණයෝ අසුරයන් හා දෙවියෝ නෑයන් හා මිත්රසයන් සෙයින් සිනිඳු සිතින් මියුරු බස් බැණ අත අල්ලාගෙන සිප ගෙන දසරියෙහි අත් නඟා තබා සතුටසොම්නස් වැ බුදුන් සරණ ගියහැ. දස දහසක් ස්වල දසදහසක් සක්දෙව්රජහු ද දසදහසක් සයා ව දෙව්රාජයෝ ද, දසදහසක් සන්තුෂිතදෙව්රාජයෝද, දසදහසක්

1.මඩිත් 2.පහයා 3.ගඳබ්


භික්ෂු දමනය 157


සුනිර්මිතදෙව්රාජයෝද, දසදහසක් පරනිර්මිතදෙවරාජයෝද, වෙන වෙන අනන්තපරිමාණ දෙවියන් පිරිවරා අවුදු මෙවනයෙහි පටන්ගෙණ සක්වළගැබ පිරි සිටියහ. එක් ඇගිල්ලක් නගා දහසක් සක්වළ, දසඇගිල්ලක් නඟා දසදහසක් ස්වළ පහන් කරන්නට නිසි සනත්කුමාරාදි දහස් බඹහුද් භාරතාදි සුවහස් සුවහස් බඹහුද් අනන්තාපරිමාණ බඹුන් පිරිවරා අවුදු මෙවනයෙහි පටන් ගෙණ සක්වලගැබ පිරි සිටයාහ. දසදහසක් සක්වළ දුතියජ්ජඣත්1 තලවැසි, තතියජ්ඣ1 තලවැසි සියුනජ්ඣ1 තල වැසි, සුඬාවාස වැසි මහබඹහු අනන්තාපරිමාණ බඹුන් පිරිවරා අවුදු මෙවනයෙහි පටන් ගෙන සක්වළගැබ පිරි සිටියාහැ. “මහනෙනි, මරදෙව්පිත් අතිමහත් දෙවතාසන්නිපාතදැකැ ඔවුනට අභිසමයාන්තරාය කටවි ව, අත්ලෙන් පොළෝතෙලෙහි පැහැර මාරගර්ජනා කොට, මරසෙනඟ හා සමඟ අවුදු අනෙක ප්රාකාර විභිෂීකා දක්වයි දෙවියෝ මාගේ ආනුභාවයෙන් උහුගේ රූප නො ද දක්ති. හඬ නොද අසති’යි වදාළෝ. බුදුහු යම් තැනෙකැ අභිසමය නොවේ නම්, මාරවිභිෂීකා නො වළකති. යම් තැනෙකැ අභිසමය වේ නම් , යම් සේ පරිද් ඔහුගේ රූප නොදකින් ද, ශබ්ධ නො අසද් ද, එසේ ඉටත් මේ සමාගයෙහි වු කල මහාභිසමය වෙයි. එයින් “දෙවියෝ මරහුගේ රූප නො දකිත්වයි; හඬ නො අසත්වයි”යි , ඉටූහු. සත්හු ඵලසමවත් සමවත්හු. එකල්හි මරදෙව්පිත් යම් කෙනෙක්තටද් භය නැති සේ දැකැ සඟුන් අරභයා බුදුනට මෙ ගය කී:-


“සබ්බෙ විජිතසඬගාමා

භයාතිතා යසස්සිනො

මොදන්ති සහභුතෙහි

සාවකා තෙ ජනෙසුත”යි.


බුදුන් මේ මහාසමාගම්ස්ර ත දෙසුකල කෙලලක්ෂයක් දෙවියෝ බඹහු රාත්වුහු අසංඛ්යයයක් දෙවියෝ බඹහු සෝවාන් දෙසගැමි අනගඇමි වුහු. මෙසුත දෙවියනට ප්රි්ය යැ. එ බැවන් මඟුලෙහි කිය යුතු. දෙවියෝ “ මෙ සුත අසම්හයි”යි ත් කුරු කොටගෙණ ඇවිදින්. මෙ සු. දෙවියනට ප්රිහය පරිදි කිසේ යැ? යත්:- කෙළපවුවෙහෙරැ නාලෙණැ දොර තාරුකැ එක් දෙව් දුවක් වෙසෙයි. එක් ලදරු පැවිජිකෙනෙක් ඇතුළුලෙණැ හිඳ මෙ සුත පිරිවහති. දෙවුදු අසා සමහරයෙහි4 මහත් කොට

1.ජ්ඣාත 2.සිවිතජ්ඣාන 3.කන්(ම)රු,කන්කරු 4.සම්භාරයෙහි


158 අමාවතුර


සාධුකාර දුන. පැවිජ්ජෝ “තෝ1 කවරහ2?”කිහු “වහන්සේ, මම් දෙව්දුවක්දු2” යි කිව. “තෝ මට සාධුකාර දුන්හු?”යි කීහ. “වහන්සේ , බුදුන් මහවනයෙහි වැඩහිඳ මෙ සුන දෙසක දවස් ඇසිමි.දැන් අද ඇසිමි. බුදුන් වදාළ නියායෙන් එක් අකුරකුද් නොපිරිහෙළා ගත් දැ ගැ”යි කිව. “තෝ මෙ සුත බුදුන් දෙසන්නා ඇසුහුදැයි?”කිහ “ඇසිමි;වහන්සේ,”යි කිව. ‘එකල්හි දෙවතාසන්නිපාතය ඉතාමහත. තෝ කොතැනැ සිට ඇසුහු?” යි කිහ. “වහන්සේ, මම් මහවනයෙහි දෙව්දුවක්හු2 මහෙශාක්යය දෙවියන් එත් එත් දඹදිවැ සිටුනා අවකාෂ නො ලදිමි. මෙ ලක්දිවට අවුදු දඹුල්තොට සිට අසන්නට වත්මි. එහිදි මහෙෂාක්ය දෙවියන් එත් එත්, අනුක්ර මයෙන් පසුපස්සෙන් බස්මින් අවුද්, රුහුණුදනව්වෙහි මහගම පිටියස ගොළුමුහුදු ගල පමන දියට බැස. එහි සිට ඇසිමි” යි කිව. “ති සිටි තැන් දුරු. බුදුන් දුටුහු දැ?”යි කිහ. “කුම් කියව? වහන්සේ බුදුහු ක්ඹුල්වත් මහවනයේ වැඩහිඳ ධර්ම දෙසන්නාහු නිරන්තරයෙන් මා ම බලති තහනෙයිම්4 විළි ඇතිවැ රග මුවග විමි”යි කිව. “එදවස් කෙළසුවහස් දෙවියෝ රාත් වුහු. නො ද රාත් වු දැ?”යි කිහ. “නැති, වහන්සේ “යි කිව. “අනගැමි වුහු දැ?”යි කිහ. “නැති. වහන්සේ”යි කිව. “අනගැමි වුහු දැ?”යි කිහ.

“නැති වහන්සේ ’යි කිව . “අනගැමි වුහු දැ?” යි කිහ. “නැති වහන්සේ”යි කිව. “සෙදැගැමි වුහු දැ?” යි කිහ. “නැති, වහන්සේ” යි කිව. “සෙදැගැමි වුහු දැ?” යි කිහ. “නැති වහන්සේ”යි කිව. “සෙදැගැමි වුහු දැ?”යි කිහ. “නැති වහන්සේ”යි කිව. “තුන්මහ තුන්පල පත් දෙවියෝ ගණන පථාතික්රාවන්තයහ. ති4 සෝවාන් වුහුයි සිතුයෙමි”යි කිහ. දෙව්දු එදවස් තමා සෝවාන් නුවු සෙයට ලජ්ජා ඇතිව “වහන්සේ, නුපුළුවුන5 මනා දැයක් පුළුවුස්නා දැයැ”යි කිම. එකල පැවිජ්ජෝ “ති දැක්කැටියම්හ”යි කිහ. වහන්සේට දක්වමි”යි කෙසිවිඳින් ඇගිල්ල ඇතුළුලෙනට කළා . සඳ දහස් හිරි දහස් නැති ලක් වැතිවිය. දෙව්දු “නොපමා වන්නේය; වහන්සේ”යි ලදරු පැවිජ්ජන් වැඳ ගියා. මෙසේ මෙ සුත දෙවියනට ප්රි”ය යැ මන වඩයි. දෙවියෝ “අපගේ සුත යැ’යෙත්.

මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්යඩසාරථි වන බැවින් පන්සියක් ශාක්යහභික්ෂුනුදු ‘ආදි’ ශබ්දයෙන් ගත් අතේ සියදහස් උත්කණ්ඨිත භික්ෂුනුදු දමා අමාමහනිවන් පැමිණිවුහ.


බික්ෂුදමන නම් තෙළෙස්වන පරිච්ජේදය නිමි.


1.තෝ හෝ 2 කවර හො 3 දුවත්මි බොහෝ දුම-ඇතැම් 4හහනෙයින් 5.මු තෝ 6.නුපුළුවුස-බොහෝ7.පර්වහතයක්

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-xiii&oldid=4944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි