12. පරිච්ජේදය.


තාපස දමනය

සංස්කරණය

බාවරික නම් මහතවුසා3 දැමුපරිදි කිසේ ය? යත්:- අතීතයෙහි බරණැස්නුවරවැසි එක් රුක්වැසියෙක්4 වාස්තු5 විදයායෙහි ශික්ෂිත වි ය. ඔහු අතැවැස්සෝ සොළොස්දෙනෙක් වූහ. එකත්6 එකක්හු ගේ දහස් අතැවැස්සෝ වූහ. මෙසේ එහු සොළොස් දහස්සතළොස් දෙනෙක් වූහ. ඔහු හැමදෙන බරණැස නිසා වැටෙන්නාහු, ගල්පාතට ගොස් රුක් කපා දැව සැසැ, ඒ ඒ ගෙට නිසිකොට වනලැයෙන්7 ගෙන පසුරු බැඳ ගගින් පරනැසට ඇරැ. රජ කැමැති වීනම්, ඔහුහට එක්බුමු කොටින් හෝ සාවන් සත්බුමු කොටින් හෝ, පහා යොදා දක්වා දෙති. රජ නොකැමැති.

1.නර්මදා 2. දෙයක් 3. නම් තවුසා 4. වැඩියෙක්  වඩුයෙක් 5. වස්තු 6. එහි එකෙක් 7. මු වෑතලයෙන්, වනලයන්.


අමාවතුර 138


වී නම්, සෙස්සන්ට විකුට1 අඹුදරුවන්පුසිත් මෙසේ වැටෙමින් සිට වල් ගිය කලැ එක් දවසක් ඇදුරු වඩු “ගැමි කල් ම වඩුකම් කොට වැටෙන්නට දුක. මහලු කලැ නොදකට හැක්කැ”යි සිතා අතවැස්සනට දුක. මහලු කලැ නොදකට හැක්කැ”යි සිතා අතවැස්සනට “දරුයෙනි,2 මේ දුඹුල් ඇ හර නැති රුත් ගෙණ එව”යි කීය. ඔහු “මැනැව”යි අළහ. හේ ඒ දඩියෙන් ලිහිණියක්හු කොට උහුගේ කුසට වැද යන්ත්‍රය පිරී ය. දඩු ලිහිණි ගුරුළු රජක්හු සෙයින් අහසට නැඟි වනමුදුනෙහි ඇවිද අතැවැස්සන් පෙරට බට.

එකල්හි ඇඳුරුවඩු “දරුයෙනි, 3 මෙබදු කාෂ්ඨවාහන කොට මුළු දඹදිව රජය ගත හැක්ක. තෙපි දු මෙසේම කරව. රජය හැර ගෙණ වැටෙම්හ. වඩුකැමින් වැටෙන්නට දුකැ”යි කීය. ඔහු එසේම කොට ඇඳුරු වඩුහට දැක්වූහ. “දරුයෙනි,4 කවර රජය ගත්මහ?”යි කී ය. “බරණැස්රජය ගත්මහ”යි කීහ. “හේ මට නො නොරිසියෙයි. අප ඒ රජය ගත්කලැ ‘වඩුරජ, වඩු යුවරජ’ යන දු වෙයි. දඹදිව මහතා, අනික් තැනකට යම්හ”යි අඹුදරුවන් හා සමඟ කාෂ්ඨාවාහනයට5 නැගි සරහාගත් ආයුධ ඇති වැ හිමවු දසට ගොස් හිමවියෙහි එක්තරා නුවරකට වැඳ රජගෙහි බැස සිටියෝ. ඔහු එහි රජය ගෙන ඇදූරුවඩුවා රජ කළහ. හේ “කාස්ඨවාහන රජ”යි පාළවිය. එනුවර ද ඔහු විසින් රට දු කාෂ්ඨවාහනරට නම්වී. එරජ ධැමිටු විය. එහෙ යිත්ම යුව රජදු ඇමැති තන්හි තුබූ සොළොස් අතැවැස්සෝද ධැමිට වූහ. රජු විසින් සතරසභාවතින් සඟරා කරණලඳු 6. ඒ රජය ඉතා සමෘධි විය, නිරුපද්රිව වී. නුවරවැස්සෝ ද රටවැස්සෝ ද “භද්ර, රජකු ලදුම්හ. භද්ර. රජ පිරිසකුඳු ලදුම්හයි”යි රජු කෙරෙහි දු රජ පිරිස් කෙරෙහිදු මමත්ව කොළෝ.

එක් දවසක් මධ්යරදේශයෙහි සිට වෙණෙදො බඩු ගෙන කාෂ්ඨවාහනනුවර අවුදු පඬුරු ගෙන ගොස් රජු දුටුහ. රජ “කොහි සිට ආව?”යි කී ය. “බරණැස සිට ආම්හ”යි කීහ. හේ එහි හැම පවත් පිළිවිස “තොපගේ රජු හා මා හා මිත්රබකම් කරව”යි කී යැ. ඔහු “ඉතා මැනැවැයි”යි ගිවිස්සහ. ඔවුනට සංග්රැහ කොට, බඩු පෙරළා ඔවුන් යන කල, එසේ ම කියා නඟා යවී යැ. ඔහු බරණැස් ගොස් රජහට එපවත් සැළ කළහ. රජ “ඉතා මැනැවයි: කාෂ්ඨවාහනරටැ සිට ආ වෙනෙඳනට අද පටන් ගෙන සුංවත්1 හළමි” බෙර පියෙවි.

1.	විකොට 2. දැරියෙනි 3. මු වසන 4. ලද් 5. සුන්වත් ,මු සුන්වත්


තාපස දමනය 135


කරවා “කාෂ්ඨවාහන මට මිත්‍ර වේව”යි1 දෙදෙන නො දැක මිත්‍ර වුහු. කාෂ්ඨවාහන දු “බරණැස සිට ආ වෙණෙඳන්ගේ2 සුංවත් හළමි.” නුවර බෙර පියෙවි කරවි ය. ඔවුනට සංග්‍රහ ද කෙළේ.

එක්බිති බරණැස්මහරජ කාෂ්ඨවාහනරජහට පත් දෙන්නේ “ඉදින් ඒ දනවියැ දක්නට හෝ අසන්නට නිසි කිසි ආශවර්ය්‍යයෙන් ඇත් නම්, අප දක්වන්නේ යැ අස්වන්නේ යැ”යි කී ය. කාෂ්ඨවාහනද් බරණැස්රජහට එසේ මැ කියා යමි. මොවුන් මෙසේ ව්‍යස්ථා කොට වැටෙන කල්හි එක් දවසක් කාෂ්ඨවාහනයහට ඉතා සියුම් අනැගි අටපලගෙක් උපන. ලහිරුරස්කලබක් වැනි මැයි2. මුරුතමල් කලබක් වැනි මැයි රජ එ දැකැ “ම සබද රජහට දී යවුව මැනැවැ”යි යුවරජුන් ලවා අට දළකරඬුවක් ලියවා එකෙකි කරඬියෙහි එකෙකි පලස තබා පියන් ගන්වා පිටත ලාවට සෙයින් ලාකම් කරවා අට ලාවට අට සුමුගෙන තබා පිළින් වසා රජමුද්නෙන් හස්කොට “බරණැස් රජහට දෙව”යි, “මේ පඬුරු නුවර මැද ඇමැත්තන් පිරිවරුහිඳ බලන්නේ ය”යි පත් දි යවි. ඔහු ගොස් රජහට දුන්හු.

හේ පත් කියවා ඇමැත්තන් රැස් කරවා ගෙන නුවර මැද රාජඬගණයෙහි හිඳ හස් හැරැ වසුන් හැරැ සුමුග විවර කොට අට ලාවට දැකැ “ම සබඳ ලාවටින් කෙළනා දරුවනට සෙයින් මට ලාවටදි එවුයේය”යි රැහැණි ව එක් වටක් තමා හුන් අස්නෙහි පහළ. එකෙණෙහි ලා නැඟි ගියේ. දළකරඬුව විවර වී යැ. ඇතුළත තුබූ පලස දැකැ තුබුවා ද විවර කොට බලනුයේ එ ම යේම දිට. එකෙකි පලසැ දිග සොලොස් ගනැ පලල අට ගනැ. පලස් විජහාපි කලැ සියලු රාජාඬගණය ලහිරුරැසින් දිලියෙන්නක් වැනි වියැ. රජ අක්කැමියන් ගෙන්වා ගෙණ එකෙකි පලසැ මිල බැලවිය. හැම පලස මා අමූලය වී.

එකල්හි රජ “පසුව පඬුරු දෙනුවන් විසින් පෙරට වැ දුන් පඬුරට ද්විගුණ කල මැනැවැයි. ම සබඳහට කුමක් දී යවමි?”යි සිති. එසමාහි කසුබුසම්මාසම්බුදුහු උපදා බරණැස වෙසෙති. එකල්හි රජ “තුණුරුවනට වැඩි අනෙක් උතුම් රුවනෙක් නම් නැති. තුණුරුවන් උපන්බව ම සබද හට කියා යවමි” සිති. හේ “බුදුහු ලොකයෙහි උපන්හ: හැම සත්හට සුව1

1.මිත්‍රව වැටෙයි, මිත්‍ර යයි 2. වෙණෙඳන්ගෙන් 3. වැනිවිය 4.හානිවහැම 5.විජහාපු 6.අරක්කැමියන් ,මු අයක්කැමියන් 7. වැඩි


138 අමාවතුර


සදහා ය. සඟහු ලොකයෙහි උපන්හ; උතුම් පින්කෙත්විය”යි රන්පතැ දැහිගුලෙන් ලියවා සතුරුවන්මුවා සුමුගෙක තබා, ඒ සුමුඟ මිණිමුවා සුමුගෙක තබා ඒ සුමුඟ මරාමිණිමුවා සුමුගෙකැ තබා, ඒ සුමුඟ පියුම්රාමිණිමුවා සුමුගෙකැ තබා, ඒ සුමුඟ රන්මුවා සුමු‍ඟෙකැ තබා, ඒ සුමුඟ රිදිමුවා සුමුගෙකැ තබා, ඒ සුමුඟ දළමුවා සුමුගෙකැ තබා, ඒ සුමුඝ සඳුන්මුවාසුමුගෙකැ තබා , ඒ සුමුඟ වේවැල්මුවා1 සුමුගෙකැ තබා, ඒ සුමුඟ පිළින් වසා හස් කොට, මඟුල්ඇතු සවිබරණින් සදා, ඔහුපිට පලග්පත්වා, පලඟ මත්තේ සුමුඟතබා, සේසත් නඟා ගදින් මලින් පුදමින්, පසගතුරුරැවින් පුදා කරවමින්, තියුගී කියවමින්, තමාගේ රාජ්‍ය සීමා දක්වා මඟ සඳවා2, තෙමේ ම ගොස් එහි සිට හාත්පස රජුනට පඬුරු දී “මේ නියායෙන් සත්කාර කොට මේ පඬුරු දී යවන්නේ ය”යි පත් දින. ඒ අසුන් අසා රජහු පෙරමඟට අවුදු කාෂ්ඨවාහනයාගේ රාජ්‍යසීමා දක්වා පුදමින් ගෙණගියෝ.

කාෂ්ඨවාහනරජදු අසා පෙරමඟට අවුදු, එසෙයින් ම පුදමින් නුවරට ඇරැ, ඇමැත්තනුදු නුවර වැසුසනුදු රැස් කරවා ගෙණ, රාජාඬගනයෙහි තබා වැසූ පිළිහැරැ සුමුග විවරකොට, එහි තුබූ සදුන්සුමුග විවර කොට දළසුමුග දැකැ, ක්‍රමයෙන් හැම සුමුඟු විවර කොට, රත්පන ගෙණැ කියවා, තුණුරුවන් උපන්බව් දැනැ “ම සබඳ කප්සුවහස්හිඳු දිලුහි බුදුරුවන්පඬුරු දී එවියැ”යි සතුටු වැ “මා ගොස් බුදුන් දුට මැනැවැ. බණ ඇසුව3 මැනැවැ”යි සිත‍ා ඇමැත්තන් කැඳවා ගෙන “තුණුරුවන් ලොකයෙහි උපන. කුමක් කල මැනැවැයි”යි කීය. “මහරජ, තෙපි මෙහිම හිදුව. ඇප් ගොස් අතුරු දන්මහ”යි සොළොස්දහසක් දෙනා පිරිවරා සොළොස් ඇමැත්තෝ රජු වැඳ “ඉදින් බුදුහු4 ලොකයෙහි උපන්හු නම්, වටාලා දැකුමු නැති. නොඋපන්නු නම් එම්හයි” නික්මුනුහු. රජු බෑනෙක් පසු වැ රජු වැඳ “මම දු යෙමි” කිය. “තෝ බුදුන් උපන හොත් . අවුදු මට කියා”යි කී. හේ “මැනැවැ”යි ගිවිස ගෙණ ගියේ.

ඔහු හැමදෙනම හැම තන්හි එකෙකි රෑ වෙසෙමින් බරණැසට පත්හ. ඔවුන් ගොස් නොවදනා තුරුම බුදුහු පිරිනිවියෝ. ඔහු “බුදුහු කොහිය? කොයට වැඩියහ?”යි වෙහෙර ඇවිදුනාහු5 සඟුන් දැකැ පුළුවුත්හ. ඔහු බුදුන් පිරිනිමි සේ කීහ. “අහෝ! පිරිහුනුමුහ!6 දුරුකතර ගෙවා අවුදු බුදුන් දක්නා පමණකුදු නො ලදුම්හ”යි වැලැප වැහැස “කිම වහන්සේ.

1.වේවැල් 2.සදවමින් 3.අසනු 4.බුදුන් 5.ඇවිදුනා 6.පිරිහිනම්හ.


තාපස දමනය 139


බුදුන් දුන් ඔවා යැ?”යි පුළුවුන්හ. “ඇති උපාසකයෙනි; තෙසරන පිහිටිය යුත්තේ යැ. පන්සිල් සමාදන් විය යුත්තේයැ. පෙහෙවස් විසිය යුත්තේයැ”යි කිහු. ඔහු එු අසා රජු බෑනා1 මිස හැමදෙන පැවිජි වුහු.බෑනෙ2 පරිභෝගධාතු ගත. පරිභෝගධාතු නම් මහබෝරුකැ.පාසිවුරු ආදියැ. මේ වනාහි බුදුන්ගේ ඔබරාව දු මහබෝපල දු වනදහම් ධරා සිටි මහතෙරකෙනෙකුඳු ගෙන නික්මැ ක්‍රමයෙන් කාෂ්ඨවාහනනුවරට ගොස් “බුදුහු ලෝකයෙහි උපන්හ. පිරිනිවියහ”යි රජහට කියා බුදුන් දුන් ඔවා කිය. රජ මහතෙරුන් කරා එළබ බණ අසා වෙහෙරක් කරවා දාගබ්මහබෝ පිහිටුවා තුන්සරණැදු පන්සිලැදු පිහිටා පෙහෙවත් වෙසෙමින් දන්දෙමින් ආ පමණින් සිට, දෙව්ලොවැ උපන. ඒ සොළොස් දහසක් පැවිජියෝ ද පුහුදුන්වැ මියැ එ රජහට පිරිවර වැ උපන්හු.

ඔහු එක් බුදතුරක් දෙව්ලොව ගෙවා, අප බුදුන් උපදනා පෙරට දෙව්ලොවින් සැවැ, මහකොසොල්රජුගේ පෙරෙවි බමුණා3 දරු වැ උපන. කැමින් බාවරි4 නම් වි යැ. තුන් මහා පුරුෂලක්ෂයෙකින් උපෙත යැ. තුන්වේදයෙහි පාරයට ගියේ යැ. පියබමුණා ඇවැමෙන් පෙරෙවිතත් පත. සෙසු සොළොස්දහස්හුදු එම සැවැත්නුවර බමුණුකුලෙහි උපන්හැ.ඔවුන් කෙරෙහි උගත්තු. මෙසේ ඔහු හැමදෙන පුත දු එක්5 ම වුහු.

මහකොසොල්රජ මෙළේ. ඔහු පුතු පසේනදිරජහු රජයෙහි පිහිටවුහ.බාවරිබමුණු ඔහුටද පුරෝහිත වි. රජ පියා දුන් භොගදු අනෙක් භොගයනුදු ඔහුහට දිනි. ඒ ලදරු කලැ එහු කෙරෙහි ශිල්ප උගත්තේ යි. එක්බිති බාවරිබමුණු පැවිජි වියට්වැ රජහට කි ය. “ආචාය්‍ය්ර්‍, තොප සිටිකලැමි බපානෝ6 සිටියාහුමයැ. පැවිජි නො වව”යි කිය. “කුමටද? මහරජ, පැවිජි වෙමි7” කිය. රජ වළකන්නට නොහැකි වුයේ “රැසිම්මෙහි දු සවසැදු මා දක්නට නිසි තැන. රජ උයන්හි, පැවිජි වන්නේ ය”යි. අයජි යැ. ආචාය්‍ය්ර්‍ සොළොස්දහසක් බමුණුදරු පිරිවර ඇති සොළොස් අතැවැස්සන් හා සමඟ තවුස් පැවිද්දෙන් පැවිජිව රජඋයන්හි විසි යැ. රජ සතරපසයෙන් උපස්ථාන කෙරෙයි. රැයිම්මෙහිදු සවසැදු ගොස් දක්කි.

1.	බෑනෙ 2.බෑනෝ 3. බමුණු,බමුණුභව 4.බාවරික 5.එකක් 6.මපණෝ,මව්පියාණෝ 7. කුමටද මහරජ පැවිජි නොවන්නේ.


149. අමාවතුර


එක් දවසක් අතැවැස්සෝ “ආචාය්‍ය්ර්‍, නුවර වෙන වාස මහාපරිරොධය .නිරාකූල තැනකට යම්හයි; පැවිජියනට ගැඹුරු වල් නිස්සැ”යි කීහ. ආචාය්‍ය්ර්‍ ‘මැනවැ’යි ගිවිස රජහට කි ය. රජ තුන්යලක් කියා වළකන්නට නොහැකි වුයේ දෙඇමැත්තන්හට දෙලක්ෂයක් දී “යම් තැනෙක්හි තවුසො විසියට වුහුනම් එහි ආශ්‍රම පදයක් කොට දෙව”යි යෙදී. ආචාය්‍ය්ර්‍ සොළොස් දහසක් ජටිලයන් පිරිවරා පස් පස් යන ඇමැත්තන් ඇතිවැ උතුරුදනවියෙන් දකුණුදනව් බලා ගොස් අස්සක නම් මූලක නම් දෙ රදුන්ගේ දෙරට ගෝදාවරිහෝ මැද තුන්යොදුන් ගිවුළුවනයෙහි සරහඬගාදින් වුසු පියෙස් දැකැ “මේ පෙරැ තවුසන් වුසු පියසෙක් වන. පැවිජියනට නිස්සැ”යි ඇමැත්තනට කීයැ. ඇමැත්තෝ බිම් තනන්නට1 අස්සකරජහට ලක්යන් දුන්හ මුලකරජහට ලක්ෂයක් දුන්හු. මෙසේ දෙරදුන් දුන් දෙරට මැද පස් යොජනක් පමන තන් වී. ඇමැත්තෝ එහි ආශ්‍රමපද කරවා, සැවැත්නුවර යවා යලිදු ධන ගෙන්වා ගෙන ගොදුරුගම් පිහිට්වා දී ගියෝ.

තවුසෝ වනයෙහි කදුමුලු2 පලයෙන් හා කෙණෙසිඅහරින් යපෙති. එගැම කෙළෙඹියෝ බදුකරවුවරින් ලක්ෂයක් ධන නගාගෙණ අස්සකරජු කරා ගෙන ගියහ. හේ “මම නොගන්මි. ආචාය්‍ය්ර්‍හට දෙව”යි කීය. ආචාය්‍ය්ර්‍ ද නොගෙන දන් දින්. හේ මෙසේ හවුරුදු හවුරුදු පතා දන් දෙන්නේ එක් හවුරුද්දක් මහදන් දී ගැමින් නික්මැ ආශ්‍රමපදයට ගොස් පන්සල වැඳු දන් අවජමින් හුන්නේ යි.

එකල්හි ලදැරිබැමමිණියක් “බමුණ, මම තිත්තෙන් තාගේ ගෙහි මෙහෙ නො කට3 හෙමි. එම්බල, බාවරිබමුණු හවුරුදු පතා ලක්ෂයක්4 දන් දෙයි. තෝ ගොස් පන්සියක් ඉල්වා ගෙන මට දාක ගෙන එ’යි සැමියා නගා යවු. බමුණු බාවරිමහතවුසා කරා ගොස් “පන්සියක් දෙ”යි කි යැ. “ඇති ද හැම දන් දින්මි. මාගේ පන්සියෙක් ඇත්තේ නො වෙයි. හදහා”යි කි ය. බමුනු “ඉදින් තෝ කියතුද් , ධන නොදෙහි නම්, සත්වන දවස් තා හිස් සත්කඩක් කොට පළාපියමි” කියා, එවැනි විධියක් තමා නොදනිතුද් බවාපියමි5” වනමල් කුසතන ආදි වෙලෙවි වෙලෙවි වැ ගෙණ ගොස් බාවරි ගේ පන්සල්දොරට ඇරැ ගොම්යන් මඬුල්ලක් කොට, එහි මල්.

1.නගන්නට 2.මුල 3.නොකොව 4.ධනලක්ෂයක් 5. බාවරියවි මු බාවාජි මැරියව් 6. ගෝම



තාපස දමනය 141


හිසැ ලා, තන අතුට1 ලා, වම්පස කමඬලායෙහි2 දියෙන් දෙව්3, සත්පියවරක් තැනට ගොස්, බාවජිහි හිස සත්කඩක් වි පැළේවි”යි ඇසෙන සේ කියා ජප කරන වත් වැ තොල් සලසලා හුන්නේ යැ. මහතවුස් ‘සැබැව”යි සිතා බියපත්වි.

එකල්හි ආශ්‍රමපදයෙහි දේවිතා බාවරිහිගේ දුක් දොම්නස් දැකැ කරුණායෙන් උහු කරා එළබ ‘මහතවුස, ගේ මුදුන් නො ද දන්නි. මුදුන් පළනසේ නො ද දන්නි. ධන කැමැති කුහකයෙකැ”යි කිව. “තෝ මුදුනුදු මුදුන් පළන සේ දු දන්හි?”යි කිය. “මම් ඒ නොදන්මි. එවැනි නුවනෙක් මට නැති” කිව. “කවරහ ඒ දන්නාහු?”යි කී ය. බුදුන් එකුන්තිස් හැවිරිදි කල්හි නික්මුනු බාවරිබමුනු ගෝදාවරීතීරයෙහි වසන අටහවුරුද්දක් කුත් කල්හි ලොකයෙහි බුදුහු උපන්හු. බුදුන් උපන් පරිදි දක්වන දෙව්දු “ඔකාරජහු මුනුබුරෙක්4 සිධත් කුමර කිඹුල්වත් නුවරින් නික්මැ බුදුවැ ලොකයෙහි ධම් දෙසයි. තෝ ගොස් උහු පුළුවුස. හේ තට කිය”යි කිව. ‘බුදුහ” යන බස් අසත්ම බමුනාට ශොක නැති විය. විපුලප්‍රීති ඇතිවී හේ සතුටු සොම්නස් වැ “බුදුන් කොහි වෙසෙති? ‍කොයට ගොස් දක්මහ”යි කීය. “සැවැත්නුවර වෙසෙති”යි කියා අතුරුධන් වුව.

එක්බිති එ තවුස් අතැවැස්සන් කැදවා “බුදුහු ලොකයෙහි දිලිසිහ5 දැන් බුදුකෙනෙකුන් උපන්හු ල තෙපි වහා සැවැත්නුවර ගොස් අතුරු දන්ව”යි කි ය. ඔවුන් දැකැ ‘බුදුහු’ යනු කියේ දන්මහා” යි කිය දෙතිස්මහපුරිස්ලකුනු වේදයෙහි ආයේ යැ ඒ මහපුරිස්ලකුණු සමික්හට ඇද්ද. හේ ගිහිගෙයි සිටියේ සක්විතිරජ වෙයි. පැවිජි වී නම්. බුදු වෙයි. තෙපි මාගේ වයසුදු ගොතදු ලක්ෂණ දු උගත්ගතුදු මාගේ ශිෂ්‍යයනුදු මුදුනුදු මුදුන්පැළුමුදු සිතින් පුළුවුස්ව.ඉදින් හේ බුදු වී නම් , තොප සිතින් පුළුවුන් පැන තෙපුලෙන්6 විසජ”යි කී ය. බාවරිමහ තවුසා තෙපුල් අසා සොළොස්බමුණෝ, කසුබුසමුමාසමුබුදුන් සස්නෙහි පැවිජිවැ සිල් රැකි සොළොස්දහසක් බමුණන් පිරිවරා ඔහු වැඳ පැදකුණු කොට, දළමඹු ලු අඳුන්දිවිසමත් සැරහී උතුරුදස බලා නික්මුනුහු. එයින් කිය:-

1.අතොට 2. කමඩායෙහි 3.එව-හැම 4.මුණුබුරෙක් 5.දිලුබහ,දිලුබුහ 6. තෙපලෙන්



142 අමාවතුර


“බාවරිස්ස වචො -සිස්සා සොළොස බ්රා හ්මණා,

අජිතො තිස්සමෙතෙත්ය්යො -පුන්ණකො අථ මෙත්තගු

බොතකො උපසීවො ච - නන්දෝ ච අථ හෙමකො,

තොදෙයයකප්පා දුගයො -ජතුකන්ණි ව පන්ඩිතො.

භද්රයවුඩො උදයො ච-පොසාලො චාපි බ්රා,හ්මණො,

මොඝරාජා ච මෙධාවි -පිඬගියො ච මහාඉසි

පච්චේකගර්ණමනො සබ්බෙ -සබ්බ ‍ලොකස්ස විස්සුතා.

ඣාසි ඣානරතා ධීරා පුබ්බවාසනවාසිතා.

බාවරිං අභිවාදෙත්වා -කත්වා ච නං පදක්ඛිණං.

ජටාජිනධරා සබ්බෙ - පක්කාමුමුත්තරාමුවා”යි.

එයින් මුලක නම් නුවරට ගියහ. එයින් අස්සක් නම් නුවරට ගියහ. එයින් මාහිස්සති නම්, උජ්ජයිනි නම්, ගොධිපුර නම්, මිදිසා නම්, වල් සැවැත් නම් , කොසඹැ නම් නුවරට ගියහ. එයින් සං‍ේත පුරයට ගියෝ. එයට යන්නා හා ඔවුන්ගේ සයොජුන් පමණ පිරිස් වී. එකල්හි බුදුහු “බාවරිහිගේ ශිෂ්‍යයෝ මහපිරිස් ගෙණැ එති. තව ඔවුන්ගේ ඉදුරෝ නො පිරිපැසුනහ. මේ දෙහය ද සැප නොවෙයි. මගධරට පහණ උනට සැපැයැ. එහි හිඳැ දර්ම දෙසන කල බොහෝ දෙනාහට අභිසමය වෙයි. හැම නුවරටම වැදැ එනල් බොහෝ දෙනා හා සමග එනු වෙති” මහසඟුන් පිරිවරා සැවැත්නුවරින් නික්මැ දනවු සැරිසරමින් රජගහානුවර වැඩියෝ. ඔහු හැමදෙනෙම සැවැත්නුවර අවුදු වෙහෙර වැද “බුදුහු කවරහ? කොහිය, බුදුහු හො?”යි සොයමින් යන්නාහු ගඳකිළි1 දොරට ගොස් බුදුන් පද ලස් දැක සව්නේ දන්නා බුදුන් පරිදි දත්හු. බුදුහු ක්‍රමයෙන් , සෙතව්‍යානුවර, කිඹුල්වත්නුවර. කුසිනාරානුවර,පාවානුවර, ගොගනුවර, විශාලානුවර, රජගහානුවර ගොස් රමණි රාණසෑවෙහෙර වැඩියෝ. හේ පෙරැ මහත් ගල්පිටෙක්හි වු දෙවොලක බුදුන් උපත්ලැ වෙහෙර විය. එ ම නම් වී.

තවුසෝ ද එම විගස සැවැත්නුවරින් නික්මැ හැම නුවර වැදැ පුළුසුවමින් වෙලෙවි වැ බුදුන් අනුව යන්නාහු,පස්වරු වැඩි මහගෙනැ පෙරවරු යන්නාහු ,පෙරවරු වැඩි මඟ ගෙණැපස්වරු යන්නාහු, පාණසැ පැමිණ “බුදුහුමිහිය” යනු අසා සිහිල්පැන් ලද් පිපාසිතයක්හු සෙයින් මහාභොගලද් වෙණෙදක්හු සෙයින්, හිතින් කලකිරි2 සිහිල්සෙවන ලද් මගියක්හු සෙයිත්, සොම්නස්වැ එ ගලට නැගියෝ. එයිත් කීහ:-

1.ගඳකෙළි              2.මු,ගිම්කලැ පිරි


තාපස දමනය 143


“තසිතොව උදකං සීතා-මහාලාභාව වාණිජො.

ජායං සම්මාහිතතේතාව-තුසිතා පබ්බතමාරුහුං”යි.

එල්හි බුදුහු පාණසැතන්හි සක්දෙවුරජහු මැවු රුවන් මඬියෙහි සේසතින් සැදි රුවන්පලඟ මතුයෙහි සඟපිරිස් පිරිවරා සවණක්රස් විහිදුවමින් වැඩ හිඳ මියුරු සරයෙන් ධර්මස දෙසත් එයින් කීහ:-

“භගවා ච තස්මිං සමයෙ - භික්ඛුසඬ්ඝපුරක්ඛතො,

භික්ඛුතං ධම්මං දෙසති - සීහො’ච නදති වනෙ” යි.


එසඳ තවුසෝ ගොස් බුදුන් දැකැ සතුටුවැ පිරිවැරැහු. ඔවුන් අනුවැ ඒ ඒ රටින් ආ මිනිස්පිරිස්1 බුදුනට ම පිරිවර වී. එ දවස් බුදුන් පෙරටදි පිටිපසද් දකුණුපසද් සයොජුන් සයොජුන් පමණ පිරිස් විය. අයම්විතරෙහි දොළොස් යොජුන් වි ය. වටා සතිස්යොජුන් වි. එපිරිස් මැද බාවරි මහතවුසා අතැවැසි සොළොස් බමුණන් කෙරෙහි දෙටඅතැවැසි අජිතමාණව, බුදුන් විසින් කරනලද සාමීචි ඇතිවැ තෙමේ ද බුදුනට පිළිසඳර කොට එකත්පස්වැ සිටැ බලනුයේ, පණුරැසි පෙහෝදවස්2 සොළොස්කලාපයෙන් පිරිහුන්3 සඳක් සෙයින් බුදුන් දෙතිස්මහපුරිස්ලකුණෙන් පිරිහුන්4 සේ දැකැ සතුටු වැ, මනසින් පැන පුළුවුස්නේ “අප ආචාය්‍ය්ර්‍යාගේ වයස් කියව. හොත් කියව. ලකුණු කියව.උහු උගත් ගත් කියව. උහුගේ ශිෂ්‍යයන් කියව”යි සිතීඑකලැබුදුහු“තාගේ බමුණු එක්සිය විසිහැවිරිද්ද හොතින් ස්‍රවරයා මුනුබුරු වන බැවින් ප්‍රාචරි ය. ලෝකයෝ ‘බාවරි’ය යෙති. උහුට තුන් මහාපුරුෂලක්ෂණයෙක් ඇති. ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පියොවින් අලස වු නුවණ මඳ පන්සියක් දරුවනට වේද කිය”යි වදාළෝ.

“උහුගේ තුන් මහාපුරුෂලක්ෂණයෝ කවරහ?” යි සිතින් පිළිවිත්. “තමා දිවින් මුහුණ වසයි. නළල උණුලොම් ඇති. උහුගේ අඦගජාතය ඇතුළත ගෝ සැගවෙ”යි වදාළෝ. මෙසේ ඔහු මනසින් බුළුවුන් පැන වචසිත් විසවු කල්හි සතිස්යොජුන් පිරිස්වැසියෝ අසා ‘කවරදෙවියෙක් බඹෙක් මෙසේ විසජනුයෙන් වී?”යි. සාධුකාර දී ගුගුරා මුදුනෙහි ඇඳිලි බන්හු4. මෙසේ පස් පැනයක් බුදුන් විසජුකල්හි තුබු දෙපැනය පුළුවුස්නේ “අපගේ ආචාය්‍ය්ර්‍ මුදුනුඳු මුදුන් පැළුමුදු පුළුවුස්සි. ඒ කිවස”යි සිතී. “අවිජ්ජා සංසාරයැ හිස් වන බැවින් මුදුනැ. රාත්මඟ නුවණින් ඇය කැඩෙන බැවින් විද්‍යා මුඳුන් පැළුමැ”යි5 වදාළෝ.

1පිරිවරත් 2පණු(ණ)රැසිපොහොය 3පිරිපුන් 4බත්හු 5පැළමැයි



144 අමාවතුර


එකල්හි අජිතමාණව පැනවිසජුන් අසා ප්‍රීතින් මත්1 වැ අඳුන්දිවිසම් එකක් කොට ලා ‘බා රිබමුණු සතුටු සොම්නස් ව ශිෂ්‍යයන් හා සමඟ භවත්හු පා වදි”යි ආචාය්‍ය්ර්‍යා වැදමෙන් බුදුන් පාවිට හිස් තබා වැන්ද. බුදුහු උහුගේ ආචාය්‍ය්ර්‍යාට දු උහුට දු ආ වඩන්නාහු -

“සුධිතො බ වරි හොතු -සහ සිසෙස්හි බ්රයහ්මණො,

ත්වඤ්චාපි සුධිතො හොති -විරිජිවාහි මාණව’යි

වදාළහ. ඉක්බිති පැන පුළුවුස්නට අවසර ඉල්හු කල්හි “බාවරිහිගේ වුව මැනැමය. තොප හැම දෙනාගේ වුව මැනැ ම ය. යම් සංසයක් පුළුවුස්ව”යි සර්වඥප්රමවාරනයෙන් පැවරූහු.

බුදුන් අවසර දුන් ල්හි අජිතමාණව වැඳ එත්පස්ව හිඳ පැන පිළිවිත් “කෙනෙස්සු නිවුනො ලොකො” යන‍ාදින් ඔහු පැන පුළුවුන් පරිදි දු “අවිජ්ජාය නිවුනො ලොකො” යන‍ාදින් බුදුන් පැන විසජු පරිදි දු සුන්තනිපාතයෙහි පාරායනසුතින් දන්නේ යැ. දෙසුන්අවසන්හි අජිතමාණව තමා අතවැසි දහසත්2 හා සමඟ රාත්වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්හුදු අධිගම් කොළෝ. රාත් වත්ම අජිතමාණවයාගේ හා අතැවැස්සන්ගේ තවුස්පිරිකර අතුරුධන් වඅයැ. හැමදෙනම සාධිමය පාත්‍රචිවරධරවැ දෙඅඟුල් පමණ කෙහෙ ඇති වැ එහිභික්ෂුභාව යෙන් පැවිජිවැ බුදුන් වඳිමින් බදැදිලි වැ හුන්හු.

එක්බිති මොඝරජ පැන පුළුවුස්නට වන. බුදුහු උහුගේ ඉඳුරන් පරිපාකයට නොගියබව් දැනැ “තෝ සිට අනෙකෙක් පැන පුළුවුසීව”යි3 වදාලෝ. එකල්හි තිස්සමෙත්තෙය්‍ය නම් මණෙවු4 පැන පිලිවිත් “තො ඔ සන්තුසිතො ලොකෙ” යනාදිනි් පැන විසජු පරිදි දු බුදුන් “කාමෙසුබ්‍රහ්මචරියවා” යනාදින් පැන විසජු පරිදි දු එම සුතීන් දන්නේ යැ දෙසුන් අවසන්හි මෙබඳු අතැවැසි දහසු දා5 හා සමහරුත් වියැ සෙසු නොඑක්දහස් මෙබඳු අතැවැසි දහසු දා හා සමහරුන් වියැ සෙසු නොඑක්දහස් මිනිස්හු දු අධිගම් කොළෝ. රාත් වෙමින්මැ ඔහු හැමදෙන පළමු නියායෙන් එහිභික්ෂුභාවයෙන් පැවිජිවැ බුදුන් වදිමින් මැ බදැදිලි වැ හුන්හු.

එක්බිති පුණ්ණක නම් මණෙවු4 බුදුන් පෙර සේම මොඝරාජයා පැන පුළුවුස්නට වන්නහු පිළිබැහු කල්හි පැන දිළිවිත් “අතෙජා මූලදස්සාවි” යන‍ාදින් ඔහු පැන පුළුවුන් පරිදි දු ‘යෙකෙවි ඉසයො මනුජා” යනාදින් බුදුන් පැන විසජූ

1 ප්‍රීතිමත් 2.දහසුන් 3.පුළුවුස්වය 4.මණෙවු



තාපස දමනය 145


පරිදි දු එම සුතින් දන්නේයැ. දෙසුඅවසන්හි ත්මෙසිදු අතැවැසි දහසුන්1 හා සදග රාත් වි යැ. සෙසු නො එක්දහස් මිනිස්හු දු අඳිගම් කොළෝ . රාත්වෙසින්ම ඔහු හැමදෙන2 පෙර සේ ම එහිභික්ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වදිමින් බදැදිලි වැ හුන්හු.

මේ නියායෙන් මෙත්තගු නම්, ධොතක නම් , උපසීට නම්, නන්ද නම්, හෙමක නම්, තොදෙයය නම්, කප්ප නම්, ජතුකණ්ණි නම්, භද්‍රාවුධ නම්, උදය නම්, පොසාල නම්, මේ එකොලොස් දෙනා දු පැන පුවවුන්කල්හි බුදුහු පැන විසජුහු. මොහු තමන් තමන් අතැවැසි දහස් දහසුන් 1 හා සමග රාත් වැ එහිභික්ෂුභාවයෙන් පැවිජිවැ බුදුන් වැඳ බදැදිලි වැ හුන්හු.

එක්බිති මොඝරාජ “වහන්සේ, මම් දෙයල් පැන පිලිවිස් සැටි ව අවසර ගෙණ භවත්හු විසින් ප්රසතික්ෂිප්ත වීමි. ‘මේ තුන්වනවර පුවවුන්කල කියති’ යනු ගෝදාවරීතිරියෙහි ලා ම ඇසීමි දන් කලි වදාල මැනැවැ”යි පැන පිලිවිත. බුදුහු උහුගේ ඉඳුරන් මරිපැසුනුබව දැන ගිවිස්සහ. “කථා ලොකං අවේක්කන්තං මච්චුරාජා න පස්සති” යනාදින් උහු පැන පුවවුන් පරිදිදු “සුඤ්ඤතො ලොකං අටේකස්සු” යන‍ාදින් බුදුන් පැන විසංු පරිදි දු එම සුතින් දන්නේ යැ. දෙුත්අවසන්හි මෙයිදු අතැවැසි දහසුන්1 හා සමඟ රාත්වියැ. සෙසු නො එක්දහස් මිනිස්සු දු අධිගම් කලහ. රාත්වෙමිත්ව ඔහු හැම දෙනෙ2 පෙර සේම එහිභික්ෂුබාවයෙන් පැවිජිවැ බුදුන් වඳිමින් බදැඳිලි වැ හුන්හු.

ඒබිති එක්සියවිසිහැවිරිදි පිංගිය නම් බමුණු ‍සොළොස් වනුව බුදුන්පැන පිලිවිත. “ජිණ්ණො හමස්මි අබලො විචණ්ණො” යනාදින් ඔහු පැන පුවවුන් පරිදි දු “ දීස්වාන රූපෙසු විභඤ්ඤමානෙ” යන‍ාදින් බුදුන් පැන විසජු පරිදු ද එම සුතින් දන්නේ ය. දෙසුන් අවසන්හි පිංගියබමුණු අනගැමි වී යැ. හේ අතරතුරෙහි “ම මයිල් බාවරිබමුනු මේ විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ අසනු නොලද” යන සෙනෙහෙන් වික්ෂිප්තව රාත් නො වී. ඔහු අතැවැි දහස වු කලි රාත් වුහු. පිංගියබමුණා හා ඔහු අතැවැස්සන්ගේ තවුස්පිරිකර අතුරුධන් වි. හැමදෙනෙ1 මැ සාධිමයපාත්‍රචීවරධර වැ දෙ අඟුල් පමණ හෙ ඇති වැ, එහිභික්ෂූභාවයෙන් පැවිජිවැ බුදුන් පිරිවැරූහු.

මෙසේ බුදුන් මගධරට පහණසතැත්හි4 වැඩහිදැ බාවරි මහතවුසා අතැවැසි දහස් පිරිවර ඇති සොළොස් මහ

1.දහසුන් 2.දෙන ම 3.හැමදෙනෙ 4. සතන්හි.


146 අමාවතුර


තවුසුන් පුවවුන් පැන විසජා පාරායණුසුත දෙසු දවස් සොළොස් දහසක් තවුසෝ රාත් වුහ. තුදුස්කෙළක් දෙවිමිනිස්සු සෝවාන් සෙදැගැමි වුහු. එයින් කීහ:-


“තතො පාසාණකෙ රමේම -පාරායණසමාගමේ,

අමතං පායසි බුධො වුද්දස පාණකොටියො”යි.

ධම්දෙසුන් නිමි කල ඒ ඒ සිටැ, තවුන් අනුව ආ මිනිස්සු බුදුන්ගේ ආනුබාවයෙන් තමන් තමන්ගේ ගම්නියම්ගම් ආදියට පැමිණුනුහු. බුද්හු ‍ෙසො‍ොස්දහසුන් හා සමඟ නොඑක් දහස් සඟපිරිස් පිරිවරා සැවැත් නුවර මැ වැඩියෝ. ‘එහි ිට පිංගියම්හතෙරහු බුදුන්වැඳ “වහන්සේ, මම් බාවරිමහතවුසාට බුදුන් උපන් පරිදි අවුදු කියමියි පිළිණ කොට ආයෙමි” සැළ කලහ. බුදුහු අනුදත්හ. ඔහු චිත්තගතින් ගොදාචරිතීරයට ගොස් පාදගතීන් ආශ්ර මපදයට ගියෝ.

එකල්හි බාවරි පෙරමඟ බලබලා හුන්නේ යැ. ඔවුන් දුරැ මැ තවුස්වෙස් හැරැ මහණවෙසින් එනමුත් දැකැ, බුදුන් ලොකයෙහි උපන්බව් දැනැ, අවුදු වන්කලැ “කිම්, පිංගිය, බුදුහු ලොකයෙහි උපන්හ?”යි පිළිවිත. “බුදුහු උපන්හ.පහණසෑතන්හි1 වැඩහිඳ අපට ධම් දෙසූහ. එ දහම් තට දෙසන්නට ආමි”කි යැ. එකල්හි බාවරිබමුණු මහත් සත්කාර කොට සඟපිරිවරින් ඔවුන් පුදා අසුන් පැන්වී යැ. එහි වැඩහිදැ පිංගියමහතෙරහු , තමන් ගොස් බුදුන් දුටු සොම්නින්, වචසින් මනසින් පැන පුවවුන් සේ කියා, තමා බුදුන් කෙරේ ඇසූ නියායෙන්, අපාරවූ සංසාරසාගරායාගේ2 නිර්වාණපාරයට පමුණු වන්නෙන් පාරායන නම් ලදු සුත දෙසූහැ. දෙසා “යම් සේ ලිහිණියෙක් කුඩා වනයක් පියා ගොස් මහත්මදුර ඵලහරිත වනයේහි අවුදු මෙසේ ද, එසෙයින්මැ මම් මඳනුවන ඇති තා වැන්නන් පියා මහත් උදකරාශි ඇති අනුතත්දහතලයට පත් හස්රජක්හු යෙින් සවිනේ දන්නා බුදුන් කරා ප්රාජප්ත වීමි. රඋදාවල් බුදුන් කෙරෙන් මොහොතෙක්හි දු වියෝ නොව සිය ගිය දසායෙහි ඇසිත් දන්නහු සෙයින් සිතින් බුදුන් දැක වැඳ වැද වෙසෙමි”කීහු.

එසඳ බුදුහු පිංගියමහතෙරුන් හා බාවරිහිගේ ඉඳුරන් පිරිපැසුනු බව් දැනැ සැවැත්නුවරැ සිට රන්වන් රස්කලඹක් වුහුවහ. පිංගියමහතෙරහු බාවරිමහතවුසාහට බුදුගුණ කියමින් හුන්නාහු බුදුරස් දැකැ “මේ කිම හො?”යි බලන්නාහු. බුදුන්

1පතන්හි 2 සංසාරයාගේ


භික්ෂු දමනය 147


තමන් පෙරටසිටියවුන්සේ පැණෙනුවන් දැකැ “බුදුහුවැඩියහ”යි කීහු. බමුනු හුනන්නෙන් නැගි බදැදිලිවැ සිටියේ යැ. බුදුහු රස් පතුරවා බමුනුහට තමන් දක්වා ‘යථා අහු වන්කලි මුත්තසධො” යනාදින් සිවුපැදි ගයක් වදාලහ. දෙසුන් අවසන්හි පිංගියමහතෙරහු රාත්වුහ. බාවරිමහතවුසා අනැගැමි විය. එහු අතැවැසි පන්සියක් බමුනුදරුවෝ සෝවාන් වුහු.

මේ සෙයින් බුදුහු තමන් පුරිසදම්මසාරථි වන බැවින් බාවරිමහතවුසා ද ඔහු අතැවැසි සො‍ළොස්දහස් සොළොස් තවුසනුදු බමුනුදරුවන් පන්සියනුදු, ‘ආදි’ ශබ්දයෙන් ගත් අග්ගිදත්තාදිතාපසයනුදු දමා අමාමහනිවන් පැමිණිවුහු.


තාපස දමන් නම් දොළෝවන පරිච්ජේදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-xii&oldid=4943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි