7.පරිච්ඡෙදය.


අඟුල්මල් දමනයසංස්කරණය

අඟුල්මල්සොරහු දැමුපරිදි කීසේ ය? යත්:-කොසොල් රජහුගේ භාගිව1 නම් පුරෝහිතයා පිණිස මන්තාණි නම් බැමිණි ශඩ් ගෙණ රෑ2 පුතකු ප්ර්ස සව කළා. ඔහු මවුකුසින් නිත් මෙන කලැ සියලු නුවරැ ආයුධ3 දිලින. රජුගේ යහන්හි තුබු මඟුල්කඩුව ද සෙසු අවි ද දිලින. බමුණු නික්මැ නකත්තරු බලන්නේ සොරඟකතිත් උපන්බව දැකැ රජු කරා ගොස් “දවස් ගිය සේ සුව දැ?”යි පිළිවින. රජ “දවස් ගිය සේ නො සුව ය. රෑ මාගේ මඟුල්අවි දිලින. රජයට‍ හෝ දිවියට හෝ අන්තරාය වෙ’යි යන සිතින් නිදි නො ලත්මි”කී යැ. “මහරජ, නො බව4. මාගේ ගෙහි කුමරෙක් උපන. උහුගේ ආනඅභාවයෙන්, තොපගේ මතු නො වෙයි, සියලු නුවරැ ආයුධ දිලිනැ”යි කී යැ. රජ එකල්හි “කිමෙක් වෙ”යි පුළුවුත්තෙන් “සොරෙක් වෙ”යි කී යැ. “එක සොරෙක් වෙයි හෝ? බොහෝ සොරුන් ගෙණ රට පහරණට නිසි සොරෙක් වෙයි හෝ?”යි කියැ. “එක සොරෙක් වෙයි මහරජ”යි කීයැ. එසේ කියා තමා රජු සිත් ගන්නා සඳහා “උහු හැරපිව5 මැනැවැ හෝ?” යි කී ය. “එක හොරකු බැවින් කුම් කෙරෙයි? පිළිදගුව උහුය”යි කී ය. ඔහු නම් තබන්නාහු “සියලු නුවරැ දිලියෙන ආයුධයෝ කිසි කෙ‍නක්නට හිංසා නො කළහ”යි අහිංසක’ නම් තුබුහ.

ඔහු වියපත්කල්හි මවුපියෝ සිල්ප උගන්නට තක්සලා නුවර යවුහ7 හේ ධර්මාසනෙතවාසික වැ ශිල්ප උගන්නි. වන්ස පුත්රඋ. කී කී දැයක් වහා සපයයි. මන වඩන නිය‍ායෙන් හැසිරෙයි. පෙම් වඩන නියායෙන් බෙණෙයි. සෙසු දරුවෝ පිටත් වුහු. ඔහු “අහිංසකමානවකයා ආ තැන් පටන් ගෙණ ඇපි නොපෙණෙම්හ. උහු කීයේ බිඳවම්හ?”යි බැණ ගන්නාහු “හැමදෙනාහට වඩා නුවණැති පැවින් ‘නුවණ නැත්තේ ය’යි නො ද කිය හැක්ක. වත්සපනින් ‘නොවත් සපනැ’යි නො ද කිය හැක්ක. ජන්ම ඇත්තෙන් ‘අජන්ම වතැ’යි නො ද කිය හැක්ක. කුමක් කරම්හ?යි ‘ආචාය්ය්නර්යාන අමුව හා සසන ඇත්තේ ය’යි බිඳපියම්හ”යි බැණගෙණ තුන් රැසක් වැ පළමු ඇතැම් කෙනෙක් ආචාය්ය්පර්යාක කරා එළඹ වැදසිටියාහ. “කිම්ද? දුරියෙනී” කියෙන් “මෙහි ඇසෙන දැයක් ඇති”යි කීහ. “කිමෙක හො?”යි කියෙන් “අහිංසකමාණවකයා තොපට වරද්දහයි8 ගත්තම්හ”යි කීහ.

1.ගගි-ඇතැම්      2. රූ     3. නුවර රජුන්ගේ ආයුධ   4.දැන  5. මු. නුබැව.       6. හැරපියා       7.නඟා යවුහ.        8. මු. වැරැද්දයි


අඟුල්මල් දමනය 89


ආචාය්ය්්ර්‍ උනට දැහැව “සවත්ති, ම පුතු මා කෙරේ නො බිදැ පියව”යි තෙරපී යැ. අනෙක් වටැ අනෙක් රැසැ ඇත්තෝ ආහ. අනෙක්වටැ අනෙක්රැසැ ඇත්තෝ ආහයි තුන්රැසැ මැ ඇත්තෝ අවුදු එසේ ම කියා “අප නො හදහා නම් තෙපි ම පිරික්සා බලව”යි කීහ.

ආචාය්ය්ාර්‍ ඔවුන් තමා සනා ව1 බණන සේ දැකැ “ඇය හා ඔහු සසන ඇති සේ ය”යි බිඳී, “ඔහු මරමි” සිතී. “ඉදින් ඔහු මැරුයෙම් වීම්2 නම් දිසාපාමොක් ඇදුරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මර’යි කියා වටාලා ශිල්ප උගන්නට එන්නෝ නො වෙති. එසේ වන්නා හා3 මට ලාභ පිරිහෙයි.එසේ බැවින් ශිල්පසමාහාරයට උපචාරය යි කියා මිනිස්දහසක් මරන්නට කියමි. එකාන්ත යෙන් එයින් එකෙක් ඔහු මර”යි සිතා “පුත, මිනිස් දහසක් මැරුව සැනැවැ. එසේ වන්නා ශිල්පයට උපචාර කළා වෙ”යි කී ය. “ඇවි අන්නට හිංසා නොකරණ කුලෙහි උපන්නම්හ. එසේ නො කට හැක්කැ”යි කී ය. “ශිල්පයට උපචාර නො කරන්නා ඵල නො දෙයි, පුතැ,”යි කී යැ. හේ පඤ්චායුධ ගෙණ ආචාය්ය්ඵර්යාක වැඳ අටවියට වදනාතන්හි ද අටවිමධ්ය යෙහි දු අටවියෙන් නික් මෙන තන්හිදු සිටැ මිනිසුන් මරයි. පිළි ඈ කිසි අයනියක් නො ගන්නි. ‘එකෙක, දෙකෙකැ’යි ගණන් මතු කෙරෙමින් යෙයි. මොහු නුවණ ඇත ද, පණිවා කරණුවන් සිත් නො පිහිටන බැවින්, කල් යත් ගණනුදු නො දත. එකෙකි ඇඟිලි කපාගෙණ තබයි. තුබු තුබු තැනැ ඇඟිලි නස්සි. එනස් නා සේ දැකැ ඇඟිලි විදැ මාලාකොට බැරිය. එයින් හේ අංගුලි මාල නම් විය.

හේ හැම අරණ්යයයෙහි හසර නැති කෙළේ. දර පලා සඳහා වල් යන්නාහු නැති. රෑ ගමට වැද පයින් පැහැර දොර ගලවා පියා එහි හොතුවන් මරාපියා ‘එකක, දෙකෙකැ’යි ගැණ ගෙණ යෙයි. එකල්හි ගම්වැස්සෝ ගම්පියා ගොස් නියම්ගම් වන්හ. නියම්ගම් වැස්සෝ ගොස් නුවර වන්හ. තුන්යොජනක් තන්හි මිනිස්සු ගේ පියා දරුවන් අතැ ගෙණ ගොස් සැවැත්නුවර වටා කඳවුරු බැඳ රාජාඔගණයෙහි රැස්වැ “මහරජ, තාගේ රට අංගුලිමාල නම් සොරෙක් වී ය”යි කියකියා වලපිත්.

පියබමුණු “මපින් වන්නේ වෙ”යි සිතා මවුබැමිණියට “අඟුල්මල් නම් ාසාරක් උපන. හේ අනෙකෙක් නො වෙයි. හි පිත් අහිංසකකුමාර යැ. දැන් රජ ඔහු ගන්නට යෙයි.

1. ඇතිවන් ව       2.වී         3. වන්නාහ        4. සිටි         5. පුතු



89 අමාවතුර


කුමක් කට යුත්තේදැ?යි” කී ය. “යා ‍හිමි, මපුතු ගෙණ එ”යි කිව. “සොඳුර, මම් යන්නට නො නිස්සෛමි. සතරදෙනෙකු කෙරේ විස්වස් නැති. සොර ‘පෙර මා සබඳ’යි විස්වස් නො ද කට1 යුත්තේය. තමා පළමු අතුට හුන් කොළ . ‘මා පෙරැ වලද ගත්තේ ය’යි විස්වස් නො ද කට2 යුත්තේය. රජ ‘මා හා සබඳ’යි විස්වස් නො ද කට යුත්තේය . ස්ත්රීය - මට විසී3 ය’යි.විස්වස් නො ද කට යුත්ති ය”යි කීය. මවුන් වනාහි ල මෙ ළෙක් වෙයි. එයින් හෝ “මම මැ මපුතු ගෙණ එමි” නික්මුන.

එදවස් බුදුහු දෙවිරම්හි වෙසෙමින් අලුයම්සමාහි ලෝ බලන්නාහු අඟුල්මල්සොරහු දැකැ “මා ගියකලැ ඔහුට සෙත් වෙයි. ගමනැැති තැනැ මහවල්හි සිටි සේ සිවුපද ගයක්4 අසා මා කෙරෙහි පැවිජි ව රාත් වෙයි. ඉදින් නො ගියෙම් නම්, මව මරා සසරින් නො නැඟිය හැකි වෙයි. ඕහට සංග්ර්හ කළ මැනැවැ”යි පෙරවරු සුගත්මහපවුල් හැඳැ පෙරෙවැ නුවර වළඳා වෙහෙර ගොස් ඔහුහට සංග්රරහ කටවි වැ දෙව්රමින් නික්මැ අදන්මග පිළිපන්හු. එකල්හි ගොන් රක්නාහු වස් සත් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු බුදුන් එකලා වැ බුදුරස් නො විහිදා වඩනවුන් දැකැ නො හැඳින “මහණ එ මිගට නො යා. එ මගැ අඟුල්මල් නම් සොරෙකැ. දරුණු ලෙහෙමුඬු අත් ඇත්තේ ය. සතුන් කෙරේ කුළුණු නැත්තේය. නම් නොගම් කෙළේ. නියම්ගම් නොනියම්ගම් කෙළේ. දනවු නො දනවු කෙළේ. මිනිසුන් මරමරා ඇඟිලි විදැ මාලා කොට ඩරසි. මහණ, තෙල මගට පුරුෂයෝ දසදෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකුදු සැක ඇතිවැ සන්නඩ වැ වගවැ යෙති. ඔහු දු අඟුල්මල් සොරහු අතැ නස්ති” කීහ. බුදුහු ඔවුන් තුන් යලක් කිසතුදු නො බැණ නැඟි වැඩියෝ.

සොරු එසමානි දුගිභොජනයෙනුදු දුක්ඛසෙය්යා යෙනුදු උකටලී වී. ඔහු මැරූ මිනිස්හු උනු දහසක් දෙන යැ. හේ වනාහි “එකකු විසින් දහස සපිරෙ”යි යන සිත් ඇති වැ “යමක්හු පළමු දිටීම් ද, ඔහු මරා ගණන් සපුරමි5 ශිල්පයට උපචාර කොට දැළි කප්වා නහා පිළි පෙරළා6 මවුපියන් දක්මි”යි අයවියට වදනා තැනට අවුදු මඟින් පහවැ සිටියේ, බුදුන් දැකැ විස්මිත වැ “මෙමගට පුරුෂයෝ දසදෙන දු විසි සතළිස් පණස් දෙන දු සැක ඇති වැ සත්නඩ වැ වග වග වැ

1.නොකට.   2.විස්වස්.   3.සිවුපදයක්.   4.මුසු.   5.සපුරෙමි   6.හෙළ 


අඟුල්මල් දමනය 91


එති. ඔහු දු මා අතැ නස්ති. එතෙකුදු හොත් මේ මහණ එකලා වැ මා අභිභවරින් මෙන් එයි. මේ මහණහු මැරුව මැනැවැ”යි කඩුපලක ගෙණ දුනුහියොවුර1 බැඳ බුදුන් පස්පස් ලුහු බඳවමින් යෙයි යම් සේ අඟුල්මල් සොරහු බුදුන් පියවි ගම නින් යන්නවුන්2 බලපමණින් දිවෙනුයේ3 හඹා නො ගත‍ හේ ද, එ වැනි අධිෂ්ඨානයක් කොළෝ. කීසේ ය? යත් - “මහපොළොව නැඟි නැඟි බස්නා රළ සෙයින් උහු ඇර බහබහා සිටුවයි, හිය සනක් පමණතැන් පියා යෙයි. ගියකල බුදුහු පෙරව් මහත් අඬගණයක් දක්වා තුමුහු මධ්යය වෙති. හේ අන්ත වෙයි. “දැන් මොහු හඹා ගන්මි.” බල පමණින් දිවෙයි. බුදුහු ඒ අඬගණයෙහි ‍කෙළවර වෙති. සොර මධ්යබයෙහි වෙයි. හේ “මෙතැන දී ඔහු හඹාගන්මි6”යි වෙලෙවි වැ දිවෙයි. බුදුහු එහි පෙරට වළක් හෝ ගොඩක් හෝ දක්වති. මේ නියායෙන් ඔහු තුන් යොජනක් තැත් ගෙණ වැඩියෝ.

සොර ක්ලාන්ත මිය. මියෙති කෙළ සිඳි ගියේ. ශරීරයෙන් සෙමද ඔස්යි. එකල අඟුල්මල්සොර විස්මිත වැ “මම් පුර්ව යෙහි දිවෙන7ඇතුන් ලුහුබැඳ ගණිම් ම යැ. දිවෙන මුවන් ලුහුබැඳ ගණිම් ම යැ. එතෙකුදු හොත් මම් මේ මහණහු පියවිගමනින් යන්නහු බල පමණින් දිවෙනුයෙම් හඹා නො ගත හෙමි”යි සිටැ බුදුනට “සිට , සිට මහණ”යි කී ය. බුදුහු “මම සිටි‍යෙමි. තොද සිට”යි වදාළෝ. එසඳැ අඟුල්මල්සොරහු “මේ සැහැ8 මහණහු සබව් කියති. මේ මහණ යනුයේ ම ‘මම සිටියෙමි. නො ද සිට’යි යෙමි. යම් කාරණයෙකින් මේ මහණ යනුයේ ‘සිටියා’ නම් වේ ද, මම් සිටියෙමි. ‘නො සිටියා’ නම් වෙම් ද ඒ කාරණය පිළිවිස බැලුව මැනැවැ”යි සිතා “මහණ, තෝ යන්නෙහි, ‘සිටියෙමි’යි යෙහි. මා සිටියාහට ‘නො සිටියාහ’ යෙයි. තෝ කීයේ සිටියෙහි? මම් කීසේ නො සිටියෙමි?” පිලිවිත්.

එසඳ බුදුහු “අංගුලිමාලය, හාංසා සඳහා සතුන් කෙරේ පැවැත්විය යුතු යම් දඩෙක් ඇද්ද, ඒ හැමකල්හි පියා ක්ෂා න්ති මෛත්රිඩයැ සිටි වන බැවින් මම් ‘සිටියා’ නම් වෙමි. මෙතෙක් දහස් 7තන් මරණ තා ක්ෂාැන්තිමෛත්රිමයැ නො සිටි වන බැවින් තෝ ‘නො සසිටියා’ නම් වෙහි. දැන් තෝ ඉරියවු විසින් සිටි යෙහි ද, නිරයැ හෝ සිටිති8. තිරිසන්යෝතියැ හෝ ප්රෙහත විෂ යෙහි හෝ අසුරකායෙහි හෝ සිටිහි”යි වදාළෝ.

1.හියොයුර. හියයුර. 2 මු. වඩිනවුන්.  3  .දිවනුයේ.    4.ගන්වමි   5.දිවන.    6. හැම.   8. දවස්.   9. සිටියෙහි.


92 අමාවතුර


එකල්හි අඟුල්මල්සොර බුදුන්ගේ දේශනා අසා “මේ වැනි සිංහනාදයෙක් අනෙකක්හට වන්නේ නො වෙයි. මේ මහා මායා දේවිය පුතු සිද්ධත්මහණරජුගේ ගර්ජනා යැ. මම් තියුණු නුවණ ඇති සම්මාසම්බුදුන් විසින් දක්නා ලද බන්දෙමි1බුදුහු මට සංග්රමහ සඳහා මෙයට වැඩියහ”යි සිතා “දෙව්මිනිසුන් විසින් පුදන ලද බුදුරජ, බොහෝ කලක් ගිය කලැ මට වැඩ සඳහා මේ මහවලට වැඩි ය. මෙ තැන් පටන් ගෙණ පව් නො කෙරෙමි; තොපගේ මියුරු කථා අසා ය”යි තමාගේ පඤ්චායුධ ප්ර ප:තයෙහි ඔහාපියා බුදුන් වැඳ පැවිජි අසදිය. බුදුහු ඕහට එහිභික්ෂුභාවයෙන් පැවිජි දුන්හ.

බුදුන් මොවුන් පැවිජි කරණ කල “කර සෙවුවමැනැව, පා සිවුරු සෙවුව මැනව” යන කිස නැති. මොහු පුර්වුයෙහි සිල්වත් තට අටපිරිකර දුන්බව දැනැ “එව මහණැ”යි දකුණත දික් කළහ. එවිගස ගිහිවෙස් අතුරුඩන් වී ය. මහණවෙස් පහළ වී ය. සෘද්ධිමය පාසිවුරු ශරීරයෙහි ප්රැතිදික්ත වී ය. හෙ ම ඔහු හට උපසපන්තානට සඟුන්ගේ වෙන උපසම්පත්කම ඇත්තේ නො වෙයි.

මෙසේ බුදුහු අඟුල්මල්සොරහු දමා මහණ කොට පා සිවුරු ගන්වා ගෙණ සැරිසරමින් සැවැත්නුවර ගොස් දෙව් රම්වෙහෙර වැඩවෙසෙති. එදවස් ඔවුන් මවු ඒ වනයට ගොස් අට ඉස්බක් පමණ තනින් අන්තරිත වැ “පුතැ, අහිංසකය, කොහි සිටියෙහි? කොහි හුන්නෙහි? කොයට ගියෙහි? පුතැ, මා හා නො බැණෙහිනො?”යි කියමින් වැදැ ඇවිද නො දැකැ ගෙට කියා.

එකල්හි මහාජනයෝ කොසොල් රජුගේ වත්දොර රැස් ව2“මහරජ, තොපගේ රට අඟුල්මල් නම් සොරෙකැ. දරුණැ. ලේමුඩු3අත් ඇත්තේය. සතුන් කෙරෙහි කුළුණු නැත්තේ ය. ගම් නොගම් කෙළේ. මිනිසුන් මරා ඇඟිලි විදු මාලා කොට ඩරයි. ඔහු වළකා”යි කියා මහහඬින් හැඬුහු.

රජ නොයෙක්වරැ “ඔහු ඇතැණියෙන් තීරු4කොට ගන්නේ ය”යි ඇතුන් දී යවී ය.අසැණියෙන් තීරු5කොට ගන්නේ ය”යි අසුන් දී යවී ය. “රථැණියෙන් තීරු6කොට ගන්නේ ය”යි රථ දී සවිස. ඔවුන් ගොස් එය වටහාගත්කල්හි

1.ලදු බන්දයයෙවි.   2.රජුගේ සෙට ගොස් දොර රැස් ව සිට   3. ලේමුසු   4. කීරැ.


අඟුල්මල් දමනය 93


ඔහු නැගී “මම අඟුල්මල්මී” ශබ්ද කරන්නා හා ආවුඩ පෙර ළන්නට නිසි එකෙකුදු නැති. හෙ හැම දෙනා කොට මරයි. ඇත්තු මල්ඇත් වෙති. අස්හු වල්අස් වෙති. රථ එහි ම තිබි නස්යි. එකල රජ මහජනාගේ ගිගිරියෙන් “මා මැ ගිය මැනවැ. ඉදින් සොරහට පරාජය වී නම්, ලුහුබැඳ ගන්මි. ඉදින් මට පරාජය වී නම්, සල්හු ව පලායෙමි” පන්සියයක් අසුන් සදාගෙණ සිවුරඟසෙනග ගෙණ සැවැත්නුවරින් නික්ම සොරු කෙරේ බිරි1සිතින් නො යාවි2වුයේ ද ගරහනු බියෙන් යනුයේ “බුදුන් දැකැ ගිය මැනැවැ”යි දෙව්රම්වෙහෙර ගියේ.කුමක් සිතා ගියේ ය? යත්:- “ගොස් බුදුන් වැඳ එකත් පස් වැ හිඳිමි. ‘කවරහෙයින් බල3ගෙණ නික්මුනුහු?’ යි බුදුන්වහන්සේ මා පුළුවුස්නාදෑ යැ.එකලැ මම් කියමි. බුදුහු වනාහි මට හුදු පරලොවින් ම සංග්රැහ කරන්නාහු නො වෙති. මෙලොවිනුදු සංග්රලහ කෙරෙත් ම යැ. ඉදින් ම‍ට ජය වේ නම්, ගිවිස නො බැණ වැඩහිඳිනාදෑය.පරාජය වේ නම්, ‘මහරජ, එක සොරකු සඳහා තා ගිය මනා නො වෙ’යි වදාරණදෑ ය. එකල මහාජන යෝ ‘රජ සොරු නසන්නට යන්නේ බුදුන් විසින් නවතන4ලද’ යනු දන්ති.එසේ වන්නා හා මා නො හරහනී” යන සිතින් වෙහෙර ගියේ. ගොස් බුදුන් වැද එකත්පස් ව හු‍න්නේ ය.

එකල්හි බුදුහු “කිම්, මහරජ, තට බිම්සරම්රජ කුපිත වී ය හෝ? විසාලාමහනුවරවැසි ලිච්ඡවිරජහු කුපිත වුහ හෝ? සෙසු ප්රලතිපක්ෂච රජකෙනෙක් කුපිත වුහ හෝ?”යි වදාළහ. “වහන්සේ, මට දැහැමි රජකෙනෙක් ඇත්තාහු නො වෙති. මාගේ රට අඟුල්මල් නම් සොරෙකැ. උහු ගන්නට යෙමි” කී ය. එකල බුදුහු “ඉදින් මහරජ, තෝ අංගුලිමාලයා කෙහෙබහා සිවුරු හැඳැ පෙරෙවැ පාවිජි වැ පණ්වාඈපව්කැමින් විරත වැ එක්වේලේ වළඳා බඹසරවස් රැකැ සිල්වත් වැ කලණ දහම් පුරා වසන්නාහු දිවිහි නම් උහුට කුමක් කෙරෙහි?”යි වදාළහ. “වහන්සේ,ඇප උන් වදම්හ. දුටුකලැ හුනස්නෙන් නැගෙම්හ. හිඳිනා අසුන් දෙමිහ. සතරපසයෙන් උපස්ථාන කරම්හ”යි කී යැ.කියා තබා “බුදුහු ඔහුගේ උපනිඃශ්ර ය බලා උහු ඇරැ පැවිජි කළාහු වුහු නම් සහ ය”යි සිතා බුදුන් පිරික් සනු සඳහා “වහන්සේ ඒ දුසිල් පවිට්හට මෙ බඳු ශීලසංයම යෙක්6 කොහි වේ දැ?”යි කී යැ. එසමාහි අඟුල්මල් මහතෙරුහු බුදුනට නුදුරුතන්හි වැඩහුන්නාහ. බුදුහු දකුණත නකා “මහ රජ, මේ අඟුල්මලැ”යි වදාළහ.

1.බිරින්.  2.නොයවි.  3.බැල බලා  4.නවත්නා.  5.බ්රකම්  6.සංයමෙක් 


94 අමාවතුර


එසඳ කොසොල්රජ බියපත් වැ වෙවුලා ගියේ. තුබු මහ ජනයෝ බියපත් වැ කඩුපලක දමාපියා ඒ ඒ දසායෙහි හී පලා නුවර වැද දොර පියාලා අගුළු ගෙණ අටල්ලට නැඟී බලමින් සිටියාහු “අඟුල්මල්සොර ‘රජ මා කරා ඒ ල’ යනු දැන පළමු අවුදු දෙව්රම්හි හුන්නේ යැ. රජු ගත. ඇපි පලා ආ‍වමෝ දිවි ලදුම්හ”යි කීහු. බුදුහු රජහට භය උපන්බව දැන “නො බව.මහරජ, නො බව. මහරජ, මේ දැන් කිහිබියකුදු දිවි නො ගළවයි. මුහු කෙරෙන් තට භය නැති” වදාළෝ.

බුදුන් මෙසේ වදාරත් ම රජහට භය සන්හිත. රජ අඟුල්මල් මහතෙරුන් කරා එළඹ “වහන්සේ, අඟුල්මල් දෑ ය හෝ?”යි කී යැ. “එසේය මහරජ”යි කී යැ. රජ “පැවිජියනට දරුණු කැමින් ලද නම් කියනු නො යෙදෙයි. මවුපියන්ගේ ගොත් විසින් බැවහර කරණු මැනැවැ”යි සිතා “වහන්සේ, තොප පියේ කවර? මවු කවර?”යි පිළිවිත. “මහරජ මා ‍පියේ භාගිව1 නම් බ්රාකහ්මණ යැ.මවු මහතාණ් නම් බ්රා හ්මණී ය”යි කීහු. “වහන්සේ, අප වත්හිමියෝ භාගිවයෝ2 මන්ත්රාගණි පුත්ර යෝ සස්නෙහි අභිරත වෙත්ව යි. මම් සතරපසයෙන් උපස්තා‍න කෙරෙම්ව”යි කී යැ. කියමින් ම බඩැ බඳ සළුව ඇරැගෙණ මහ‍තෙරුන් පාමුල තිබී යැ. මහතෙරහු තමන් තෙළෙස්ජුගග3 සමාදන් වැ පවුල්සිවුරු පොරෝණෙන් “මහ රජ, තුන්සිවුරු සපිරැ ඇති”කීහ. රජ බුදුන් කරා එළැබ වැඳ එකත්පස් වැ හිඳ “ආශ්වය්ය්ිර්‍ ය! වහනසේ, අද්භූත ය! වහන්සේ, යම් තාක් අදාන්ත සතුන් දමනදැය. අශාන්ත සතුන් සන්හිඳුවන දැය. නොපිරිනිවි සතුන් කෙලෙස්පිරිනිවණින් නිවනදැය. වහන්සේ, ඇපි දඬියෙනුදු සැතිනුදු සතුන් දමන්නට නො මැක්කම්හ. වහන්සේ සතුන් නොදඩියෙන් මැ නොසැතින් මැ දමනදෑ ය. වහන්සේ, ඇපි යම්හ. බොහෝ කාය්ය්්ර්‍ ඇත්තම්හ”යි කී. “කල් දනැ, මහරජ”යි වදාළෝ රජ බුදුන් වැඳ පැදකුණු කොට ගියේ.

මහ‍තෙරුන් කුලගම් සිඟන්නට ගියකලැ මිනිස්හු ඔවුන් දැක වෙවුලත් ම යැ. පලත් ම සැ දොර පියාලත් ම යැ. ඇතැම්හු අඟුල්මල් නම අසමිනි ම පලාවලට හෝ වදිති4. ගෙට වැද දොර පියාලා අගුළු හෝ ගන්ති. පලා නො යා හෙන්නාහු පිටි පෑ ස්ටිති. මහතෙරහු ලුවක් හඹු දු කොණස්සක් බතු දු නො ලැබෙති. අහරින් ක්ලාන්ත වෙති. අහර නො ලබන්නාහු

1. භර්ගන.    2. භාර්ගතයෝ.   3.දුහ(ව) හ.   4.වදති.


අඟුල්මල් දමනය 95


“නුවර නම් සර්ව5සාධාරණ ය”යි නුවරට වදිති. යම් දොරෙකින් වන්හු ද, එහි මිනිස්සු “අඟුල්මල් අයැ”යි කළ1 දහස්ගණන් බිඳිමින් පලත්. එක්දවසක් අඟුල්මල් මහතෙරුහු පෙරවරු පා සිටුරු ගෙණ සැවැත්නුවර වැද, සපදන්සැරි වන බැවින් ගෙපිළිවෙළින් කෙණෙසි අහර සිතන්නාහු මුස්ගරිහ වැ නො වැද්ද2 හෙන මාගමක දැක කරුනායෙන් කම්පිත වුහු. ඔවුන් පෙර එකත්හු උනු දහසක් මිනිසුන් මරන්නානට එක දවසකුදු කුළුණු නො උපන. මුසගර්භ මාගම් දුටුපමණින් කුළුණු කීයේ උපන ? යත්:- පැවිජිබලයෙන් උපන.

එකල්හි අඟුල්මල්මහතෙරහු අහරකිස කොට බුදුන් කරා ‍එළැට වැඳ එකත්පස් වැ හිඳ “වහන්සේ, සැවැත්නුවරැ කෙණෙසිඅහර සිඟනුයෙම් මුසගර්භ මාගමක දිටිමි. ඇස විඳුනා3 දුක් මට නුරුස්සී” කීහ.”එසේබැවින් තෝ ඈ කරා ගොස් ‘මා උපන්තැන් පටන්ගෙණ දැනැ දැනැ සතක්හු දිවි නො ගැළවීම් නම්, එ සසින් තිට ද්රු ගබට දු සෙත් වේව’යි සස්කරා”යි වදාළෝ. “වහන්ස, හේ මට මුසවා වෙයි. මා විසින් බොහෝ සත්හු දැනැ දැනැ මරණලදහ”යි කීහු. “අංගුලිමාලය, හේ තා ගිහිමිනිස්කලැ. ගිහිමිනිස්හු නම් සතුන් මරණු ආදි කෙරෙති. දැන් තට ‘ආය්ය් ර්‍’ නම් ජාතියෙක් ඇති. එසේබැවින් තෝ ‘මා උපන්තැන් පටන්ගෙණ ය’යි කියන තැන කුකුස් ඇති විහි නම් ‘ආය්ය්ිර්ජා්තිය උපන්තැන් පටන් ගෙණ’ය කියා”යි නගා යවුහු.

මහතෙරහු “මැනැවැ, වහන්සේ”යි එයට ගොස් “තමන් සස් කොට සෙත් කරන්නට ආපරිදි කියා”යි යවුහු. මිනිස්සු වටා ජවනිකා වැඳ මහතෙරනට ජවනිකායෙන් පිටතැ පුටුවක් තුබුහ4. මහතෙරහු ඉහි වැඩහිඳ “මා ආය්ය් ර්ජාාතීන් උපන්තැන් පටන් ගෙණ දැන දැන සතක්හු දිවි නො ගැළවීම් නම්, එසයින් තීට දු ගබට දු සෙත් වේව”යි සස් කළහ. එ සස්තෙපුල් හා සමග ඩබරායෙන් ගුලු දියත්තක්5 සෙයින් දරු නික්මිනි. දිපුතු6 මවුනට සෙත් වී.

මහතෙරුන් හිඳ සස්කළ තන්හි පිලක් කළහ. මුසගර්භ වු තිරිසන්ගතියැ. සත්හුදු ඇරැ එහි හොවති. එවිගස ම සුවයෙන් බර මුසිත්. යමක් දුර්බල ද, ගෙණ එන්නට නො හැකි ද, ඇයට පිල දෙවි දිය ඇර හිස ඔත්පලැ එකෙණෙහි ම බර මුසි. සෙසු රොග ද සන්හින්දි. මේ කප සිටිනා පෙළහරයි.

 1.අය යි.අයත් කළ.     2.නො වැද.     3.විඳිනා.     4.තිබුහ.   5.දියක්. දියසක්.  6.දිපත.


98 අමාවතුර


කිම හෝ බුදුහු මහතෙරුන් ලවා වෙදකම් කරවුවා වෙති හෝ? යත් :-එසේ නොවෙයි. කීයේ ය? යත්:- මහ‍ෙතරුන් දැකැ මිනිස්හු බා පලති. ඔහු කෙණෙසිඅහර නො ලදින් ක්ලාන්ත වැ මහණුවම් කරන්නට නො තිස්සහ. මෙසේ වන්නා හා “දැන් අඟුල්මල් මහ‍ෙතරහු මෙත්සිත් පිළිලදින් සස්කොට මිනිස්නට සෙත් කෙරෙති”යි මිනිසුහු මහතෙරුන් නො යා එළැබියටි වෙති. එකල්හි අහරින් ක්ලාන්ත නො වැ මහණුවම් කරන්නට නිසි වෙත් එයින් බුදුහු ඔවුන් කෙරේ අනුග්රනහයෙන් සත්ය්ක්රිායා කැරැවුහ. සස් කොට සෙත් කරණු වෙදහම්1 නො වේ. මහතෙරුන් “මහණුවම් කෙරෙමි”යි කමටහන් ගෙණ උන්කල්හි අටවියෙහි මිනිසුන් මැරූතැන්ම පහළ වෙයි: “වහන්සේ, දුගිමි. බොහෝ දරුබිලිඳුන් ඇත්තෙමි. මට දිවි දෙව”යි මරණ බියෙන් වලප්නා පරිදි දු, අත් පා සිපන පරිදි දු, ආපාතයට එහි. ඔහු විපිළිසර ඇති වැ හුන් තෙනින් නැඟි යෙති. එයින් බුදුහු ඔවුනට ඒ ජාතිය අබ්බොහාරික කොට, “එසේ වන්නා හා ම විදර්ශඔනා වඩා රාත්බව් ගත්ති”යි පැවිජි වු තැන් මුලිකොට ආය්ය්ුර්ජාාතීන් සත්යනක්රි යා කැරැවුහ.

එකල්හි අඟුල්මල්මහතෙරහු නො පමා ව මහණුවම් කොට රාත් වුහ. මහතෙරුන් කෙණෙසිඅහර සිඟන්නට නුවර වන් කල්හි කවුඩුබලු ආදින් නෙරණා සඳහා වටා හිසණක් පමණ තන්හි යම් කවර දිශාභාගයෙකින් දමාලු දඬු පහණ හකුරු අවුත් මහතෙරුන් වෙර හෙයි. ඔහු මහසම් සිදි.ඇට දක්වා බුන්ඉසින් ලේ වගුරුවමින් බුන්පා ඇති වැ හිනැ හිරුණු සිවුරු ඇති වැ බුදුන් කරා ගියාහ. බුදුහු ඔවුන් දැක “බ්රාිහ්මණය, අධිවාසනා කරා . බ්රා හිමණය, අධිවාසනා කරා යම් කමක් භගේ විපාකයෙක්, සසර සිටිය හොත් නොයෙක් වා දහස් සුවහස් තිරයැ පස්සි ද, එ කම්හුගේ විපාක තෝ මෙ අත් බැවැ විඳිති” වදාළෝ.

මෙහි සත්ජවන්සිත්හි කුසල් ව අකුසල් ව හෝ උපන් පළඳු ජවන්සිත් මෙ ම අත්බැවැ විපාක දෙයි. මෙ අත්බැවැ විපාක දෙන්නට නො පොහොසත් වී නම් විපාක නො දෙන බවට පැමිනේ. සත්වන ජවන්සිතින් අනතුරු අත්බැවැ විපාක යෙි. අනතුරු අත්බැවැ විපාක දෙන්නට නො පොහොසත් වී නම්, මවාලා විපාක නො දෙනබවට පැමිණේ. එ දෙදෙනා අතුරෙහි පස්ජවන්සිත් අනාගතයෙහි යම්කලෙක අවකාශ ලද නම්, එකල විපාක දෙයි. සසර සිටිනා තාක් කලැ විපාක නො

 1. වෙදදහම්. මු. වෙද්දහම්.


අඟුල්මල් දමනය 99


දෙන බවට නො පැමිණේ. මේ කමියන්ගේ විභාග ධම්ප්රටදීපිකා නම් මහාබොධිවංශපරිකථායෙන් දන්නේය. හේ බුධ්ධර්ම‍ යැ. මේ බුඬචරිත යැ.

මෙ මහතෙරනට වු කලැ1 අනතුරු අත්බැව් දු2 අනාගත යෙහි යම් කලෙක දු විපාක දෙන කර්මයෝ රාත්මැගින් කැඩුනහ. මෙ අත්බැවැ දෙන කර්ම වු කල රාත්බවට ප්රාගප්තයනට3 ද වේ. එයින් එ වි. එකල්හි අඟුල්මල්මහතෙරහු රහොගත වැ වැඩහිඳ එලසමවත්සුව විඳ එයින් නැඟී බුදුන් තම්හට වහල් වු සේ සිතා සොම්නස් වැ උදන් අහන්නාහු:-

“දණ්ඩනෙකෙ දමයන්ති - අංකුසෙහි කසාහි ව,

අදණ්ඩෙන අසත්ථෙමන - අහං දන්තොම්හි තාදිනා”

යනාදි ගාථායෙන් උදන් ඇනුහු.

මෙසෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරපි’ වනබැවින් අඟුල්මල් සොරහු දු ආදිශබ්දයෙන් යත් සංතිච්ච නම් හෙරණ පානන් අතැවැසි පන්සියක් සොරුනුදු අතිමුක්තක නම් හෙරණපාණන් අතැවැසි පන්සියක් සොරනුදු ටානු කොණ්ඩඤ්ඤ නම් මහතෙරුන් අතවැසි පන්සියක් සොරු නුදු කෙළරුවන්කල ‘මහතෙරුන් අතවැසි නවසියක් සොරු නුදු මේ ඈ නො එක් සිය නො එක් දහස් සොරුන් දමා අමාමහනිවනින් පැමිණිවුහු.


අඟුල්මල්දමන’ නම් සත්වන පරිච්ඡෙදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-vii&oldid=11285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි