3. පරිච්ඡෙදය


පරසන්තාන දමනයසංස්කරණය

මෙසේ බුදු වැ උදන් අනා හිඳැ “මම සිවුරාසැකිකප්සුවහසක් මෙ පලඟ සඳහා* දිවීමි. ඒ තාක් කල් මෙ මැ පලඟ සඳහා1* හිස් කඩා දින්මි. ඇස් උදුරා දින්මි. හදමස් උපුටා දින්මි. රන්ලිය සෙයින් වොරොජනා දරුවනුදු නවයොවුනෙන් දිලියෙන අගනනුදු අන්නට දස් කොට දින්මි. මෙහි මැ හිඳැ මාරවිජය කෙළෙමි. මා මෙහි හුන්නහුගේ මනදොළ පිරිණි. මෙ පලඟින් දැන් නො සතියක් මැ එහි හැ වැඩ උන්හ. එකල්හි ඇතැම් දෙවි කෙනෙක් “සිඬත්කුමර තට පලඟ නො පියයි. බුදු නො වූ බඳැ” යි2 සිතූහු. එකල්හි බුදුහු ඒ දෙවියන්ගේ අදහස් දැන අහසට නැගි ඇඟින් යුවලයුවල කොට යමාමහපෙළහර දක්වා දෙවියන්ගේ කුකුස් හැරැ අ හසින් බැසැ මහබොයින් ඉසාන දෙසෙහි වැඩැසිටැ “මේ රුක්මුල්හි හිඳැ බුදු වීම්” යි සිටුරාසැකිප් සුවහසක් පිරූ පැරූ වෙහි පල ලද තැන් සත්දවසක් එක ඉරියව්වෙන් වැඩැසිසිටැ ඇසියපිය නො හෙළා පස්පෑ දිස්නා දිගු පුළුල් ඇසින් පිදූහු. එක්බිති බෝපලඟ හා නුවනින් පිදූ තැන් හා දෙඅතුරෙහි 2 දෙවි යන් මැවූ පැළපැදුම්දිග රුවන්සක්මන්හි සත්දවසක් සක්මන් කොළෝ. එක්බිති මහබොයින් වායව්යා දෙසෙහි දෙවියන් මැවූ රුවන්ගෙයි වැඩැහිඳැ සත්දවසක් දහම් සිමිඳියෝ. මෙසේ සතර සතියක් බෝමැඩ දවස් යවා අජපල්නුගමුලට එළැඹැ වැඩහිඳ සත් දවසක් සසවත්සුව අනුභව කොළෝ. එ කල්හි මාරකන්යාත වෝ තුන්දෙන “බුදුන් කාම්පාසයෙන් බැඳගෙණ යම්හ”යි අවුදු තුන්දෙන තුන්සියයත් විලස් දක්වා නොයෙක් ලීලායෙන් භාවශායෙන් නො පෙලඹීයැ හි ගියෝ.

එක්බිති6 මුදලිදුවිල්තෙරට එළඹැ මිදෙල්රුක්මුල හි වැඩ හුන්හු. එකල්හි මුදලිඳුනාරජ විලින් නැඟී දසදෙසෙහි ගැවසී සිටි නිල වඳුල් දැකැ බුදුනට වැසිසුලඟ මැසිසදුරු පිරිපත් වළකනු සඳහා වටා සත්දරණපටක් එවැ පණයෙන් සොයාගෙණ සිටියේ යැ. බුදුහු පිළිමිණිමුවාගඳකිළියෙක්හි වසනුවන් සෙයින් දරණගැබැ සත්දවසක් සමවත්සුවෙන් දවස් යවූහු. එක්බිති කිරිපලුවනයට එළඹැ කිරිපලුරුක්මුල්හි වැඩහිඳැ සත්දවසක් සමවත්සුවෙන් මැ දවස් යැවූහු. මෙසේ සත්සතියැ එකුන්පණස්දවසක් අහරකිස නැති වැ සමවත්සුවෙන් දවස් යවූ කල්හි සක්දෙව්රජ අමාඅරළු ඇරැදින. ඒ වැළඳු කල්හි බුදුනට සිරිරුකිස ඇති වී යැ. එක්බිති

1.*මේ ලකුණු අතර කොටස මුද්රිතත පොතෙහි නැත.  2.නොවූයේ බඳු යි.   3. මු. දැතුරෙහි.  4.මු. එකල්හි.  5. මු. හැසී ගැවැසී.


22 අමාවතුර

ඔහු මැ දුන් නාලියදැහටි1 වළඳා අනෝතත්දහතළාපැනින් මුව ‍දෙවැ එ මැ රුක්මුල් හි වැඩ හුන්හු. එසැඳ තපස්සු භල්ලුක නම් දෙබෑ වෙණෙදො පන්සියයක් ගැලින් බඬු ගෙණැ කිරිපලුවනය වෙතට ගෙණ යෙති. පෙරැ ඔවුන් නෑ වූ දෙවුදුවක් ‍ඒ වනයෙහි වසන්නී ඔවුන් ලවා බුදුනට දන් දෙවියැටි වැ ඔවුන් ලවා බුදුනට දන් දෙවියැටි වැ ඔවුන්ගේ පන්සියයක් ගැල් නැඹ දක්වා පොළොව ගලාපිව. ඔවුන් ගඳමල්දුම් පුදා දෙවියන් අයදනට වන්කල්හි දෙව්පිරිස් පිරිවරා අහස්හි සිටැදෙවිඳු බුදුන්ගේ අපමණ ගුණ කියා බුදුනට දන් දෙනු කළා. ඔහු2 මිහපිඬු ගෙණ බුදුන් කරා එළෙඹැ මීපිඬු පිළිගන්නට අයදියහ. මහබඹු දුන් පය බුදුන් කිරිපිඬු පිළිගත් දවස් අතුරුදහන් වි යැ. කිරිපිඩු පිළිගත් පය නාලෝවැසියනට සෙත් නිසා නිවාමන් ගියේ. බුදුහු “කිමෙකින් මීපිඬු පිළිගන්මි හො?” යි සිතූහු. එසඳ සතරවරම් මහරජහු ඉඳුනිල්මිණිමුවා සතරපයක් එළවුහ. බුදුහු එ ප‍ා නො පිළීගත්හු. එසැඳැ මුගුවන්පැහැ ඇති සෙල්මුවා සතරපයක් එළවූහු. බුද්හු සතරදෙව්පුතුන් කෙරෙහි අනුකම්පාවෙන් සතරපය පිළිගෙණැ වළඳා අනු මෙවනි කොට දෙවෙණෙදන් බුද්සරණ දම්සරණ දෙකැ පිහිටවුහු. එව්හු පුදන්නට නිසි වතක් ඇරවූහු. බුද්හු දලවුල් අත්ලෙන් හිස් පිරිමැද කෙස්දා දී වදාළහ. ඔහු රුවන්කඬියෙත් පිළිගෙණ රථයේ වඩා පුද කෙරෙමින් සියනුවර ඇරැ දාගඬ් කොට දා නිදන් කළහ. බුදුන්හුනස්නෙන් නැඟී අජපල්නුගමුලට එළැඹ එහි වැඩ හිඳැ තමන් පිළිවුදු දහම් ගැඹුරු සේ, සතුන් කෙලෙස්බැරි සේ, සිතත් සිතත් බුදුනට “ධර්මල දෙසම්හ” යි යන සිත් නො උපන. එකල්හි මහබඹ බුදුන්ගේ අදහස් දැනැ “මුළුලෝ නස්සි” යි දසදහසක් ලෝඩා උපුල්වා මහහඬින් හඩා දසදහසක් සක්වළ බඹපිරිස් දෙව් පිරිස් පිරිවරා දික් කළ අතක් වක් නො කරණ තුරු අවුදු බුදුන් පෙරට පෙණි බුදුන් වැඳැ අඩදැණී වැ මුදුනෙහි ඇඳිලි බැඳැ ධර්ම දෙසුව මනා සෙයට ආරාධන කෙළේ4. එසැඳ බුදුහු බුදුඇසින් දසදහස්ලෝඩා බලනුවෝ විනේජයන් දැකැ මහබඹු අයජමෙහි ගිවිසැ “පළමු ධර්මද කහට දෙසම් හො?”යි සිතා “ආලාරකාලාම් නම් උදරම් නම් දෙ මහ තවුසෝ නුවණ ඇතියවිහු”යි බලනුවෝ ඔවුන් එයට පෙරට වැ මැ මියැ අරූතල ගිය සේ දැකැ පස්වගසඟුන් තමනට වහල් සේ සිතා “ඔහු වෙසෙති ‍හො?” යි බලනුවෝ බරණැස් නිසා ඉසිපතන්ති වසනුවන් දැකැ “එයට ගොස් උන්ට

1. දැවටී. දැහැටු- ඇතැම්. 2. ඔවුහු. 3. එකක්. 4. මු. කොළෝ.


පරසන්තාන දමනය 25

ධම්ස ක් පැවැත්වුව මැනැවැ”යි කිහිප දවසක් බෝමඩ අබියෙස්හි වැසැ ඇසළපුණූපොහෝ දවස් බරණැස් වඩනට අ‍ට‍ෙළාස් යොජුන් මහ පළිපන්හු.1 අතරමඟ උපක නම් ආජීවකයක්හු දැකැ මත්තේ ඕහට වන වැඩ දැකැ තමන් බුදු පරිදි වදාරා, එ මැ දවස් සවස් වේලෙහි ඉසිපතනයට වැඩි‍යෝ. පස්වගසඟනු බුදුන් වඩනවුන් දුරින් දැකැ”මේ පධනින් පහ වැ ඉසුරුකුලෙහි ඉපැදූ2 සිනිඳු අහර වළඳා පිරිපුන්සිරිරු ඇති වැ පහන් ඉඳුරන් ඇති වැ රන්වන් වැ එයි. මුහු2 නො ද වඳම්හ. හුන්සනෙන් නො ද නැ‍ඟෙම්හ. උතුම් කුලයෙහි තබා කතිකා කොට හුන්හු. බුද්හු ඔවුන් අදහස් හැම දැන හැම සතුන් කෙරෙහි පැතිරැ සිටි මෙත්සිත් හකුළුවා ඔවුන් කෙරෙහි පැවැත්වූහු. එව්හු බුදුන් වඩුත් වඩුත් තමන්ගේ තකික‍ායෙහි නො සිටියැ හී හුනස්නෙන් නැඟී ගොස් වැඳැ පාසිවුරු ගෙණ වඩා හිඳුවා පා දොවා බුදුබව නො දන්නා‍හු නම් කියකියා බෙණෙති. එකල්හි බුදුහු “මහණෙනි, මට නමිනුදු ‘ආවුසො’ වාදයෙනුදු ව්ය හාර නො කරවු. මම රාත්මි. බුදුමි”යි4 .තමන් බුදුබව හඟවා පැන්වූ උතුම් අස්නෙහි දස දහස්ලෝඩාහි දෙව්බඹපිරිස් පිරිවරා වැඩහිඳැ පස්වගසඟුන් අමතා ධම්සක්පවතුන්1සූතත් දෙසූහ. ඔවුන් කෙරෙහි කොණ්ඩඤඤමහතෙරහු සෝවවාන් වූහු. අට‍ළොස්කෙළක් බඹහු රාත් වූහු. අසංඛ්යෙසයක් දෙවියෝ ‍සෝවාන් සෙදගැමි අනගැමි වූහු. බුදුහු එහි මැ වස් තුබූ සතර දෙනාහට සතරදවසක් අවවාද කොට සෝවාන් කළහ. විසේණියැ පස්දෙනාහට අනත්ලකුණුසුත් දෙසා රහත් කොළෝ. එකල්හි බරණැස යසනම් සිව්චැරියෙක් හිමත් ගිමන් වසත් යන තුන් ඍතුවට කරවනලද තුනපහාහි නළුපිරිස් පිරිවරා උඩු මහමලෙන් යටිමහල් නො බැස වසනුයේ එදවස් රෑ නැටුම්ගඳැවූ විදුමින් හෙවැනිදනුයේ පිබිද තමන් තමන් ගත් පසඟුතුරා‍යෙහි වැතිර හෙවැ නිදන මාගමුන්ගේ විකාර දැකැ සංවේග ඇති වැ හොත් යහනින් නැඟී රුවන්මරවැඩිසඟල පයින් ගෙණ පහසින් බැසැ නුවරින් නික්මැ ඉසිපතන් ගොස් අලුයම්හි විහාරයෙන් නික්මැ අබවස්හි5 දිලියෙන පහන්රුකක් සෙයින් සිටැ සක්මන් කරණ බුදුන් දැකැ “මොබ6 එව, යස ය”යි වදාළකල්හි නිසැක වැ අවුදු වැඳැ ධර්මයදෙසුන් අසා සෝවාන් වැ අලුයෙහි සොස්මින්7ආ පියහට දෙසූ දෙස්නෙන් රාත් වී යැ. පියේ2 සෝවාන් වී. ඔහු

1. පිළිපන් බුද්හු.   2.ඉපද. මු.ඉපිදු.  3.ඔහු. මොහු    4. මු. රාත්මි යි.     5. පැවතුම්.   6. අහස්හි    7. මු. මුඹ. 8. සොයමින්- ඇතැම්.  9.පිය.


24 අමාවතුර

සබඳ සෙසු යිම්දරුවෝ සූපණස්දෙනෙක් ‘ඔහු පැවිජි වූහ’ යනු අසා ඉසිපතන් ගොස් දැකැ බුදුන් කෙරේ බණ අසා එහිභික්ඛුභාවයෙන් පැවිජි වැ රාත් වූහ. මෙසේ ලෝකයෙහි බුදුන් ඇතුළු වැ රාතන් එක්සැටදෙනෙකු නිපන්කල්හි බුදුහු වස් වැසැ පවරා “මහණෙනි, දනවු සැරිසරන්නට එළඹෙව. දෙදෙනෙක් එකමඟින් නො යව. ගිය තන්හි ධර්මස දෙසව. සත්වැඩ සාහව” යි සඟුන් සැටදෙනා ඒ ඒ තැනට නඟා යවා තුමුහු උරුවෙල්දනවු වඩනාහු අතරමඟැ කපුවනඋයන්හි කෙළනට ගිය රජකුමරුවන් තිස්දෙනාහට ධර්මන දෙසා සෝවාන් සෙදගැමි අනගැමි කොට එහිබික්ඛූභාවයෙන් පැවිජි දී සැරිසරණූවට නඟා යවා උරුවෙල්දනවු එළඹ තුන්දහස් පන්සියසොළොස් පෙලහරක් දක්වා තවුස්දහස් පිරිවර ලද උරුවෙල්කසුබ් ගයාකසුබ් නදීකසුබ් නම් තුන්මහතවුසන්ගේ දුලද බිඳැ එහි භික්ඛුභිවයෙන් පැවිජි දී ගයා‍සීසයෙහි වැඩැ හිඳ ආදිත්තපරියායසුත්න් දෙසා රාත් කොට ඒ රාත් සඟුන් දහසක් දෙනා පිරිවරා බිම්සරමහරජහට දුන් පිළියෙන් මිදෙනු සඳහා රජගහානුවර අබයෙස්හි යටි වනඋයන් වැඩියෝ. එකල්හි රජ බුදුන් වැඩි පරිදි උයන්පල්ලා අතින් අසා දොළොස් නුහුවක්1 බමුණන් හා සඟපිරිස් පිරිවරා අවුදු තරු පිරිවර ලද පුනසඳක් සෙයින් සඟපිරිස් පිරිවරා සවණක් ඝන බුදුරසින් දිලියෙමින් වැඩ බුදුන් දැකැ සක්ලකුණෙන් විසිතුරු පතුල් දැකැ වැඳැ සහ පිරිවරින් එකත්පස්ව හිනි2 ඒ පිරිසැ ඇතැම්2 කෙනෙක් “කිම හො? මහමහණ උරුවෙල්කස්බෝ මහමහණු නිසා බඹසරවත් සෙරෙති හො?” යි සිතූහු. බුදුහු ඔවුන්ගේ අදහස් දැන “කස්බ, දනයන් සිතැ කුකුස් හර” යි වදාළෝත එකල්හි උරුවෙල්කසුබ් මහතෙරහු හුනස්නෙන් නැඟී බුදුන් වැඳැ “බුදුහු මට ගුරුහ. මම් බුදුන්ගේ සවුයෙමි”යි අහස්හි තලයක් පමණ තැනට දුමදුමා දිලිදිලී හෝමින් හිඳිමින් සිටිමින් සක්මන් කෙරෙමින් අතුරුධන් වෙමින් අහසින් බැසැ බුදුන් පා වැඳ තමන් සවුපරිදි හඟවා, දෙවනවටැ අහස්හි දෙතලයක් පමණ තැනට නැඟී, තුන්වනවටැ තුන්තලයක් පමණ තැනට නැඟී, පස්වනවටැ පස්තලයක් පමණ තැනට නැඟී, සවනවටැ සතලයක් පමණ තැනට නැඟී, සත්වනවටැ සත්නලයක් පමණ තැනට නැඟී, දුමා දිලී හෙවැ හැඳැ සිටැසක්මන් කොට අතුරුධන් පැමිණැ පෙළහර දක්වා අහසින් බැස” බුදුහු

 1. නුවක්.   2.මු. හිඳි.   3. මු. එකල්හි ඒ පිරිස්  අතුරෙන් ඇතැම්   4.කසුව්වන්.    5.කෙරෙයි. 


පරසන්තාන දමනය 25

මාගේ ගුරුහ. මම බුදුන්ගේ සවුයෙමි”යි බුදුන් පා වැඳ එකත්පස් වැ හුන්හු. එකල්හි මුළුපිරිස් වැසියෝ එ පෙළහර දැක “අහෝ! බුදුහු මහානුභාව ඇතිවම්හ. එබඳු දුලද් ගෙණැ ‘රාත්මි’යි වැටෙන උරුවෙල්කස්බෝ ද පවා දුලද් බිඳැ බුදුන් විසින් දමන ලදහ”යි බුදුන්ගේ ගුණ වැණුහු. බුදුහු “මුහු දැන් මතු දැමූයෙම් නො වෙමි. අතීතයෙහි දු දැමුයෙමි” යි ඔවුන් කරා එළැඹ “මෙලෝ නැත. පර‍ලෝ නැති. කම් නැති කම්පල නැතැ”යි ගෙණ වැ‍ටෙන කල්හි තමන් බඹ වැ1 ඉසිවෙසින් අවුදු ධර්මණ දෙසා දුලද් බුත් පරිදි දක්වමින් මහානාදකස්සප ජාතකය දෙසා සිවුසස් වදාළහ. එකල්හි බිම්සරමහරජ එකොළොස්නූහුවක්2 හා සෝවාන් වි ය. එක් නහුවක්2 වැඳ සරණ ගි‍යෝ3. රජ බුදුන් කෙරෙහි හිඳ තමාගේ පස්මනදොළක් පිරුනු සේ . කියා සරණ ගොස් සෙටදවසට පවරා හුනස්නෙන් නැඟී බුදුන් වැඳැ පැදකුණූ කොට නුවර ගියේ4. . අලුයෙහි බුදුන් දුටු නුදුටු අටළොස් කෙළක් රජගහාවැසියෝ4 බුදුන් දක්නට උදය මැ නුවරින් නික්මැ සව්වනඋයන් මිනිසුන් විසින් අතුරු නැති වි යැ. සියලු යටිවනඋයන් මිනිසුන් විසින් අතුරු නැති වි යැ. මහජනයෝ තමන්ගේ ඇස්පසුරෙන් බුදුන්ගේ රූමුහුදු පිහිනා පරතෙර නො දැක්කැ හෙත්. මෙසේ දෙතිස්වර ලකුණෙන් සැදුම් ලද අසූ අනූ ව්යතඤ්ජනයෙන් දිලියෙන බුදුන් බඳ මහජනා අතුරු නැති වැ උයනැ දු හැසී ගැවසී සිටිකල්හි එක් පැවිජි කෙනෙකුනුදු නික්මෙන්නට මග අවසර නො වී. එකල්හි සක්දෙව්රජ බුදුන් සඟුන් සුන්බුන් වන බියෙන් යහපත් ම‍ණෙටු වෙසක් මවා ගෙණ බුදුන්ගේ ගුණ වණා යසගී කියමින් පෙරට ව ගියේ. මහජන‍යෝ ඔහුගේ රූසිරි දැකැ “ අපි මෙ වැනි දරුවකු යම්කලෙක නුදුටු විරීම්හ. මේ කෙ සේ වූ දරුයෙක් හො? යි කීහු. එකල්හි දෙව් රජ තමා බුදුන්ගේ මෙහෙකරු පරිදි කී යැ. බුදුහු සක්දෙව් රජහු අවසර කොට දුන් මඟ පිළිපැද මහණ පිරිවරා රජගහ නුවරට වන්හ. රජ බුදුපාමොක් මහසඟනට දන් දී “වහන්සේ , මම තුණූ රුවන් විනා වාස කරන්නට නො හැක්කෙමි. වේලේ වුව මැනැ වී යැ. නො වේලේ වුව මැනැ මැ යැ. බුදු්න කරා එළඹෙමියි. සවිවනඋයන් ඉතාම දුරැ. මේ මාගේ වෙළුවනඋයන් නො දා

  1. බඹලොව.  2. නුහුයෙක්.   3. ගියේ.   4. ගියෝ-හැම.   5.කෙළක්   6.පෙරමඟට.   7. දැරියෙක්.

20 අමාවතුර

දුරැ. නො ද ආසන්න යැ. යන එන කලට සුව යැ. බුදුනට මේ සෙනස්න නිසි යැ. මාගේ මේ උයන් පිළිගන්නේ මැනවැ”යි රන්කොතුරුයෙන් මලින් ගඳින් වැසුනු මිණිවන් පහන්දිය ගෙණ වේළුවනඋයන් තබා පොළෝ ගුගුරුවා ගත් අනික් වෙහෙරක් නැති. ලක්දිව මහවෙහෙර තබ‍ා පොළෝ ගුගුරුව‍ා ගත් අනික් වෙ‍හෙරෙක් නැති. බුදුහු වේළුවනඋයන් පිළිගෙණැ රජහ‍ට අනුමෙවුනි කොට හුනස්නෙන් නැඟී සඟුන් පිරිවරා වේළුළුන උයන් වැඩියෝ. එකල්හි සැරියුත් මුගලන් දෙදෙන දෙසියපණස් දෙනකුන් ගෙණ බුදුන් කරා එළඹ එහිභික්ඛුභාවයෙන් පැවිජි වැ සහපිරිවරින් රාත් වැ අගසවුතත් පත් වූහ.

	මෙසේ බුදුන් මේළුවනඋයන්හි සත්වැඩ සාහමින් වසන කල්හි සුදොවුන් මහරජාණෝ  “මපුතණුවෝ බුදු වැ ධම්යක් පවත්වා රජගහා නිසා වේළුවන උයන්හි වෙසෙති. යනු අසා එක්  ඇමත්තක්හු දහසක් පුරුෂයන් පිරිවරා රජගහානුවර ගොස් “සුදොවුන් මහරජානෝ ‍තොප දත්කැටියහයි, මපුතනුවන් ගෙණැ අය මැනැවැ” යි නඟා යවූහ. හේ “ඉතා මැනැවැ”යි සුදොවුන් මහරජානන්ගේහ තෙපුල් මුදුනෙන් පිළිගෙණ  දහසක් පුරුෂයන් පිරිවරා වහා ම ඩ සැටයොජුන් මග ගෙවා ගොස් බුදුන්  පිරිස් මැද  වැඩහිඳ ධර්මන දෙසන වේලායෙහි වෙහෙරට වැද “රජුගේ හසුන් දැන් තබම්හ”යි පිරිස් අන්තයේ සිට බුදුන් කෙරේ බණ අසා සහපිරිවරින් රාත් වැ නො බැණැ බුදුන්  කෙරේ විසී. රජානෝ ‍මේ නියායෙන් අනික් අ‍ටවරෙක්හි දහස්  පුරුෂයන් පිරිවර දී ඇමැත්තන් අ‍ටදෙනෙකු යවුහ. ඔහු හැමදෙන රාත් වැ පැවිජි වැ වෙනා බැණැ බුදුන් කෙරෙහි මැ වුසූහු. රජානෝ හස්නකුදු ඇරැ1 කියන කෙනෙකුත් නො ලදින් “එතෙක් දෙනා කෙරෙහි මට සැනහැත්තන්2 නැත්තෙන් මට හස්නකුදු ඇර නො කීහු. මා කීවාක්  කරන්නෙක් කවර හො?” යි  සියලු බලනුවෝ තමන්ගේ හැම කාය්ය්වර්‍ සාධන,ඇතුළත්, විස්වස් ඇති, පුතනුවන් හා  එකදවස් උපන්, වැලිකෙළියෙහි පටන් ගෙණ ඔවුන් හා  පුරුදු සබඳ කාළුදායී  නම් ඇමැත්තක්හු දැක ඔහු කැඳවාගෙණ “මපුතනු වන් දැක්කැටි ව නව  වරෙකැ නව ඇමැත්තෙකු දි නව දහසක් පුරුෂයන් යවීමයි.එකෙකුදු3 ඇවිදු හස්නකුදු නො කී යැ4. දිවියෙහි  නියත නැති. මා දිවි ඇති විගස මපුතනුවන් ඇරැ මා
   1.  හැර.   2.මු. සෙනෙහැත්තන්.   3.මු. එකතු.  4.නො‍ කී හු.


පරසන්තාන දමනය                             27

දක්වන්නට නිස්සෙහි දැ?” යි “මහරජ, මම් පැවිජි වන්නට අවසර ලැබෙම් නම්, තිසිසෙමි” යි කී යැ. “තෝ පැවිජි වැ හෝ තො පැවිජි වැ හෝ මපුතනුවන් ඇරැ මා දක්ව” යි කීහ.හේ “ඉතා මැනැවැ” යි රජානන්ගේ හසුන් ගෙණ රජගහනුවර ගොස් බුදුන් ධර්මක දෙසන වේලෙහි පිරිස් අන්තවේ සිට බණ අසා සහ පිරිවරින් රාත් වැ එහිභික්ඛුභාවයෙන් පැවිජි වී. ඔහු සතටත් දවසක් ගියකලැ මැදින්දින පුරපොහෝදවස් “හිමින් කල් ඉකුත්තේ යැ. වසත්කල් පත්තේ යැ. පොළෝතල නිසිකලැ”යි සිතා4 බුදුන් කරා එළැඹ සැටදහසක් බුදුන් කුලනුවර එළෙඹිය මනා පරිදි කියා ගමන් වැකුණු. එකල්හි බුද්හු “කිම්, උදය, මියුරුසරයෙන් ගමන් වැණුහු. එකල්හි මහතෙරහු “ වහන්සේ, මුඹ පියානෝ සුදොවුන් මහරජානෝ මුඹ දැක්කැටියහ”යි කීහු. “මැනවැ, උදය, නෑයන්ට දංග්රරහ කෙරෙමි. මික්සහට සැළ කරව” යි වදාළෝ. “මැනැවැ,වහන්සේ ” ගොස් සඟනට සැළ කළහ. බුදුහු අඟුමගධ දෙරට වැසි කුලදරුවන් දසදහසක් දෙනා හා කිඹූල්වත්වැසි දසදහසක් දෙනා හා මෙසේ විසිදහසක් රාත්සඟුන් පිරිවරා හස්ගණ පිරිවර ලද හස්රජකු සෙයින් රජගහනුවරින් නික්මැ ‘එක් දවවසකට එක් යොජනක් බැවින්4 රජ ගහා නුවරින් සැටයොජුන් කිඹුල්වත් නුවරට යොජුන් යොජනෙහි වෙසෙමින් දෙමසකින් ගිය මැනවැ’ යි නික්මුනුහු. මහතෙරහු ‘බුදුන්නික්මුනු පරිදි රජහ‍ට සැළ කළ මැනැවැ’ යි අහසින් ‍ගොස් රජගෙයි පාළ වූහු. රජානෝු මහතෙරුන් දැක සතුටු වැ මහාරහපලක් මත්තේ වඩාහිඳුවා තමනට යුතු කොට තුබූ නන්6 රසබොජනෙන් පය පුරා දුන්හු. මහතෙරහු හුනස්නෙන් නැඟී යන ආකාර දැක්වූහු. “හිඳැ වළඳන්නේ යැ” යි කීයෙන් “බුදුන් කරා ගොස් වළඳම්හ”යි කීහු. “බුදුහු කෙ‍ාහි යැ පුතනුවෙනි?”යි කීයෙන් “විසිදහසක් සඟුන් පිරිවරා තොප දක්නට නික්මුනාහ” යි කීහු. රජානෝ සතුටු වැ “තෙප් වළඳව. මපුතනුවන් මෙ නුවර දක්වා මොබින් බත් ගෙණ වඩව” යි කීහු. මහතෙරහු ගිවිස්සහ. රජානෝ මහතෙරුන් වළඳවා පය ගඳසුන්නෙන් උළාපියා උතුම් බොජනෙන් පුරා “බුදුනට දෙව”යි මහතෙරුන් අතැ තුබූහු. මහතෙරහු හැමදෙනා දක්නා සේ පය අහසට විහිදැ තුමුහු ද අහසට නැඟී ඔත් ඇරැ

 1.දක්වා ලන්නට නිස්සෙහි  දා යි.     2. මු.  ළැබී.  3.අමතා.     4.බැගින්.   5. නන්තන්.


28 අමාවතුර

බුදුන් අතැ තුබූහු. බුදුහු වැළඳුහු. ඒ නිය‍ායෙන් මහතෙරහු දවසැ දවසැ බත් ගෙණ යෙති. බුදුහු අතරමගැ පියමහරජානන් ගේ ම බත් වැළඳුහු. මහතෙරහු බුදුන් බත් වැළඳවූහු. ඉක්බිතිතෙන් දවසැ දවසැ “බුදුහු මෙතෙක් තැන් වැඩියහ. මෙතෙක් තැන් වැඩියහ”යි බුදුන්ගේ ගුණ කියා සියලු රජකුලන් බුදුන් නුදුට ද බුදුන් කෙරෙහි ප්රෙසාද ඉපදවූහ. එහෙයින් ඔවුනට බුදුහු කුල පහදවන්නන් කෙරෙහි අගතනතුරු වදාළෝ. සැහැරජහු බුදුන් වැළැතට වැඩිකල්හි “අපගේ නෑ උතුමා දක්මහ” යි රැස් වැ බුදුන් වාස1 කරන්නට නිසිතැනක් බලන්නාහු නිග්රොුධ නම් ශාක්යැරජහුගේ උයන රමණී ‍ෙස් දැකැ. ඒ සදන්නට යොදා තුමු ගඳමල් ගෙණ පෙරමඟට යනනාහු පළමු වැසවබරණින් සැදි ලදරුවන් හා ලදැරියන් නඟා යවූහු. එක්බිති රජකුමරුවන් හා රජකුමරියන් හා නඟා යවුහු. ඔවුන් එක්බිති තුමුහු ගොස් ගඳින් මලින් පුදමින් බුදුන් ගෙණ නිග්රොුධාරාමයට වැඩූහු. බුදුදු එහි විසිදහසක් සඟුන් පිරිවරා පැන්වූ බුදුඅස්නෙහි වැඩ හුන්හ. සැහැරජහු අභිමානයෙන් “සිඬත්කුමර අපට ලදැරි යැ. අප මලැ. අප බෑනෙ යැ. පීතැ. මුනුබුරෙ යැ” යි සිතා ලදරු ලදරු ර‍ජකුමරුනට “තෙපි වඳව. ඇපි තොප පිටිපසැ හිඳුම්හ”යි කීහු. ඔවුන් එසේ හුන්කල්හි බුදුහු ඔවුන්ගේ අදහස් දැනැ “ මා නෑයෝ නො වඳති. ඔස මොවුන් වැඳැවුව මැනැවැ”යි සතරවන ඩෑත් සමවැද හුනස්නෙන් නැඟී ඔවුන් හිසැ පියපස් ඕනවුන් සෙයින් අහසට නැඟී සියල්සිරින් දියකඳ ගිනිකඳ විහිදමින් සවණක් රස් විරමින් යමාමහපෙළහර දැකැ” වහන්සේ, මම් තොප උපන් දවස් කළුදෙවුල්2 නම් මහතවුසා වඳනට එළවුවන්ගේ පා පෙරළී එුහ මුදුනේ පිහිටි සේ දැකැ තොප වහන්සේ වැන්දෙමි. හේ මා‍ෙග් පලමුවන වැඳීම යැ3. වප්මඟුල් දවස් දඹරුක්පයැ සිරියහන්මතුයෙහි පලක් බැඳ වැඩහුන්නිහු දැකැ දඹසෙයදු නො පෙරෙළෙන සේ දැක වැන්දෙම් ම යැ. හේ මාගේ දෙවන වැඳීම ය. දැන් මේ4 නොදුටුවීරී පෙළහර දැකැ වඳිමි55 . මේ මාගේ තුන්වන වැඳීමැ” යි (කීහ). රජානන්4 වැඳිකල්හි බුදුන් නො වැඳ සිටිනට නිසි එක රජෙකුදු නො වී ය. හැම දෙනම වැඳියෝ. මෙසේ බුදුහු නෑයන් වඳවා ගෙණැ අහසින්බැසැ පැන්වූ අස්නේ වැඩහුන්හු. බුදුන් වැඩ හුන් කල්හි නෑයන්ගේ සමාගම මුදුන් පැමිණි යැ. හැමදෙන එකඟයිත් වැ හුන්නාහැ.

1.	වහස.  2.කළුලු දෙව්. කුළුල් දෙව්.   3.  වැඳීම ය.       4.මා. 5.වැන්ඳෙදමි.   6. වැඳැමැයි රජාන්-හැම.


පරසන්තාන දමනය 29

එකල්හි මහමේ නැඟී පොකුරුවැසි වට. ඒ වැස්සෙහි “තෙමෙම්හ” යි සිතුවෝ තෙමෙති. “නො තෙමෙම්හ1 ” යි සිතුවන් වෙර දියබිඳෙකුදු නො‍ හෙයි. එ අසිරි පෙළහර දුටු රජහු විස්මපත් වූහු. බුදුහු “දැන් මතු නො වෙයි මාගේ නෑසමාගමයෙහි පොකුරුවැසි වටුයේ.2 අතීතයෙහි දු වට”යි වෙසතුරු වදාළහ. ඒ ධම්දෙසුන් අසා හැමදෙන මැ හුනස්නෙන් නැඟී වැඳැ නුවර ගියහ. එක්රජෙක් හෝ රජඇමැත්තෙක් හෝ අනික් දවසට පැවරූ කෙනෙකුදු නො වූහු.‍‍ බුදුන් අනික් දවස් විසිදහසක් සඟුන් පිරිවරා කිඹුල්වත් නුවර සිඟන්නට වැඩියහ. බපෙරමඟට ගොස් පා ගත් කෙනෙක් හෝ පැවරූ කෙනෙක් හෝ නො ද වූහු. බුදුහු එළිපතැ වැඩසිට “පෙර බුදුහු කුලුනුවරැ කිසේ පිඬු පුරූහ3 හො? ගෙපිළිවෙළ හැරැ ඉසුරු ජනන්ගේ ගෙට එළඹියහ හො? නොහොත් සපන්දන්සැරි සුරුහ හො” යි බලනුවෝ ගෙපිලිවෙළ පියා එක් බුදුකෙනෙකුදු නෙ වැඩී සේ දැක “දැන් මසිඳු එ ම වංශය රැක්ක මැනැවැ. අනාගතයෙහි මාගේ සව්වෝ මා අනු වැ හික්මෙන්නාහු සප්දන්සැරිවත් පුරණු වෙති” කෙළවරැ ගෙහි පටන් ගෙණ සිඟමින් වඩිති. “අප හිමි සිඬත්කුමර පිඬු සෙරේ ල”යි දෙබුටු තුන්බුටු ආදී පහාහි සිහිමැදුරු විවර කොට බලන ජනයෝ දැක්මෙහි මැ ව්යාිවට වූහ. යශොධර‍ාදෙවි වනාහි “හිමියා පිත් මෙ නුවර රුවන්රිය අරා දෙව්පිරිස් බඳු මහපිරිස් පිරිවරා හැසිරැ දැන් මුඬු වැ කහවත් හැඳැ පෙරවැ පාකබලක් ගෙණැ අහර සිඟා‍ ල. හේ ඕ හට හොබි හෝ? නො හොබි හො?”යි සිහිමැදුරු විවර කොට බලන්නී බුදුන් නන්විසිතුරු පැහැයෙන් දිලියෙන සිරුරුරසින් නුවරැ හෙමේ බබුළුවමින් ව්යායමප්ර්භාවෙහි4 ගැලී සිටි අසූ අනූ ව්යවඤ්ජනයෙන් බබලන දෙතිස්වරලකුණෙන් සැදුම් ලද රූපකාස ඇතියවුන් උපමා නැති බුදුසිරින් වොරජනන් දැකැ හිස පටන් ගෙණ පතුල් දක්වා නරසීගානම් අටගයකින් බුදුන් වණා සුදොවුන් මහරජානන් බකරා ගොස් “තොප පුතනුවෝ අතුරුවේ බැසැ සිඟති”යි කීව. මහරජානෝ බියපත් වැ සළුව හඳිමින්වේලෙවි වැ ගොස් බුදුන් පෙරට වැ සිටැ “වහන්සේ, මට ලජ්ජා කුමට‍ කරව? කුමක් සඳහා සිඟව? මා මෙ සඟනට බත් නො දිය හෙතියි ගත්තාව” යි කී ය. මහරජ,මේ අපගේ වංශචාරිත්ර යැ” යි වදාළහ. “ වහන්සේ , තොපගේ මහාසම්මත

   1. තොමෙමුව.   2.වුවයේය යි.    3.මු. සැරූහ.    4.රශ්මප්ර වායෙහි-ඇතැම්.    5. වංශය.  


80 අමාවතුර

වංශයෙහි එකර‍ෙජකුදු සිඟයේ නො වෙ” යි කීහු. “මහරජ, හේ තොපගේ වංශ යැ. අපගේ වූ කල බුඬ්වංශය යැ. හැම බුද්හු මැ සිඟා වැටුනහ”යි අතුරුවෙයැ සිට ගාථාවක් වදාළහ. ඒ ගාතාව අසා සෝවාන් වුහු. දෙවන ගාථාව අසා සෙදගැමි වූවා‍හු මහදම්පල්දා අසා අනගැමි වූහු . මියෙනකලැ සේසත් යට සිරියහන් මත්තේ හෙවැ රහත් වුහු. රජානෝ සෙදගැමි වූවාහු බුදුන් අතින් පා ගෙණ විසිදහසක් සඟුන් හා බුදුන් පහයට වඩා සිනිඳු මියුරු බත් දුන්හු. බත් වළඳා උන් කල්හි සතළිස්දහසක් නළුවෝ බුදුන් වැන්දාහ. යශොධරාදෙවි වනාහි “බුදුන් වදනට එව”යි කීයෙන් “සැබැවින් මම ගුණවත් වීම් නම්, ඔහු මැ මා කරා එති. එකලැ මැ වඳිමි” යි නො ගියා. බුදුහු පියමහරජානන් ලවා පය ගෙන්වා ගෙණ දෙ අගසව්වවන් හා සමඟ ඇයගේ සිරි යහන්ගබට එළඹ “ඇය රිසි ‍ෙස් වඳනාකල්හි නො වැළකන්නේ ය”යි වදාරා පැන්වූ අස්නෙහි වැඩහුන්හු. දෙවි වෙලෙවි ගෙ‍ාස් ගොප්මස අත් ලා1 ගෙණ පා පිට හිස් තබා වනවනා වැලැපැ රිසි සේ වැන්ද. රජානෝ ඇය බුදුන් කෙරෙහි සනා බුහුමන් ඇති පරිදි කියන්නාහු “වහන්සේ , ම දූ තොප ‘කහවත් හන්හ’යි යනු අසා කහවත් හන. තොප ‘එකවේලේ වළඳති2 ’ යනු අසා එක්වේලේ වළඳයි. තොප මහත් සම්පතක් පීබව දැනැ මල්ගඳ විලෙවුන් හළ. තමා නෑයන් කෙරෙහි ‘ඇපි ඇපි පස්වවම්හ’යි හසුන් දුන්කලැ එක් රජක්හු දු කියෙහි නො ගිවිස්සි. ම දූ මෙස් ගුණවතැ” යි කීහු. “මහරජ, දැන් තොප විසින් රක්නා ලද්දිය මෙසේ වැටෙනු කිසි පෙළහරක් නො වෙයි. පෙරැ කිසිකෙනකුන් විසින් නො රක්නා ලද්දි නොපිරිපැසුනු නුවණැ දු තමා1 රැක්කැ”යිවදාරා සන්4 කිඳුරුදා දෙසා ඇය වස්වා හුනස්නෙන් නැඟි වැඩි‍යෝ. දෙවනදවස් තමන් මලු නන්ද කුමරහුගේ තනතුරුමඟල් ගෙවදනාමඟල් විවාමඟුල් මේ තුන් මඟුලට සරහනකල්හි ඔහුගේ ගෙට එළඹ පැන්වූ අස්නෙහි වැඩහිඳැ මඟුල් වදාරා ඔහු පැවිජි කටැටි වැ පය අතැ නඟා තබා හුන්ස්නෙන් නැඟී වැඩියෝ. ජනව්කලණ නම් රජකුමරිය බුදුන් හා යන කුමරහු දැකැ “හිමියා පිත, වහා එව” යි කියා කර දික් කොට කවළියෙන් බැලුව. පිත, වහා එව” යි කියා කර දික් ‍කොට කවළියෙන් බැලුව. හෙ ද බුදුනට “පය ගන් ව, වහන්සේ ය”යි කියන්ට

  1. අල්වා-ඇතැම්.    2. වළඳනු.    3. නුවන දුන් මා.  4. සඳ.


පරසන්තාන දමනය 81

නොපොහොසත් වුයේ බුදුන් හා මැ වෙහෙරට ගියේ. බුදුහු ඔහු නො කැමති සේ පැවිජි කරවුහු මෙසේ කිඔල්වත් නුවර ගොස් තුන්වනදවස් නන්දජකුමරහු පැවිජි කළහ.

 සත්වනදවස් යශොධරාදෙවි තමා ප්රපතු රාල්කුමරහු කුමරබරණින් සදා මේ “විසිදහසක් මහණගණ පිරිනඑරණ ලද, රන්වන් උතුම් රු ඇති.මහබඔහු සෙයින් දිලියෙන, මහණ තා පියේයැ. ඔහුගේ මහානියි සතරෙක් ඇති .ඔහු කරා ගොස් දායාද ඉල්වා ගණැයි පියන් ගැනි දෙයෙක් නම් පුතුන් ගැනි වෙ දැ “ යි නගා සවු යැ. කුමර බුදුන් කරා ගොස් “මුහු මපිසානග” යන සෙනෙහෙන් සතුටුතිත් ඇතියේ “මහණ, තාගේ සෙවන සුව ය”යි ලදබොලඳ බස් බෙණෙයි .බුදුහු වළද අනුමෙවෙනි කොට හුනස්නෙන් නැගි වැඩියහ. කුමරද දායාද ඉල්වමින් බ්රහදුන් හා ම ගියේ. බුදුහු දරුවෝ නො  නැවතුහ. පරිජනයෝ ද බුදුන් යන්තාහු නවන්වන්නට නො නැව්තුහ. පරිජනයෝ ද බුදුන් හා යන්නහු තවන්වන්නට නොපො‍හොසත් වුහ. මෙසේ හේ බුදුන් මා සමග අරම් ගියේඑසඳ බුදුහු “මෙ පිය අයත් ධන ඉල්වයි.  මොහුට සසර වැසි කරණ ධන නො දුන මැනැවැ .මා බෝමැඩෙහි ලත් සත්වැදුරුම් අරිධන දුන මැනැවැ ලොවුතුරාදායාදයෙහි මොහු හිමි කළ මැනැවැ” යි සැරියුත් මහතෙරුන් කැදවා “මොහු පැවිජි කරව” යි වදාළහ. රාහුලකුමරහු පැවිජි කළේ.
   

ඔවුන් පැවිදි වු කල්හි සු‍ඳොවුන් මහරජානන්ට බලවත් දුක් උපන. අධිවාසිනා කරන්ට නොපොහොසත් වුවාහු බුදුන් කරා එළබා “මවුපියන් නො අනුදන් දරුවන් පැමිජි නො කරවන්ට වරයක් මට පදාරණු මැනව. වහන්සේ “යි කියා. බුදුහු ඔවුන්ට ඒ වරය දුන්හ. අල්ලේ, දවස් බුදුන් රජගෙයි දළදා වැඩහුන් කල්හි රජානෝ “වහන්සේ .මම් තොප පඩ්න්ති යොග කරණ කල්හි එක් දෙව්දුවක් අවුදු “මහරජ , ත පින් මෙලේයි කි කලිහි ,’මපින් බුදු ව මිස නො මියේ”යි දෙවිදුව කියා නොහැදහිම් “යි කිහ්රද බුදුහු “මහරජ. තෙපි දැන් කියේ හදහව? පෙර ‘තපින් මෙළේ’යි ැට ඇර පැකල්හි දු නො හැදවුව” යි වදාරා මහදම්පල්දා දෙසුහ. දෙසුන් අවසන්ති රජානෝ අනගැමිපල පසක් කෙලේ.මෙසෙයින් බුදුහු පියානන් තුන්මග තුන්පග ලමුණුවා සගපිරිස් පිරිමරා කිඹුල්වතින් නික්මා රජගහනුවර ගොස් සිතනයෙහි වැඩැ වුසුහ.

  1.ගෙණෙවයි 2.දරුවානන් 3. වැඩි 4. බෝමැඩ හිද 5.සැරැසුන් 6. අනෙක් 7. දුවක්.


82 අමාවතුර

එකල්හි සැවැත්නුවර අනේවඩුමහසිවු පන්සියයක් ගැලින් බඩු ගන්වා ගෙණ. රජගහානුවර තමා සබද සිටිහු ගෙට එළඔැ එහි සිට බුදුනු උපන්බව දැනැ රැ බොහෝවෙලෙහි ම දෙවින් හළ දෙරින් නික්මැ බුදුන් කරා එළබැ බණ අසා සෝවාන් වැ අනෙක් දවස් බුදුපාමොක්සගනට මහදන් දි බුදුන් සැවැත්නුවර වඩනට ගිවිස්වා ගෙණ අතරමග පන්සාළිස් යොජනක් තන්හි ලක්ෂස ලක්ෂප විසදා යොජනෙහි යොජනෙහි මහවෙහෙර කරවා සැවැත්නුවර ගොස් ජෙත නම් රජකුමර හුගේ උයන මසුසුලසින් අතොට අටළොස් කෙළකින් විකිණිගෙණ් ඒ රමණි උයන් මැද බුදුනට ගඳකිළි කරවා, ඒ වටා සෙසු සෙනසුන් කරවා, පවුරු යොදා රැවටන් දිවාවටත්සක්මන් පිරි ලොකුණු කරවා අටළොස් කෙළක් ධන විසදා මනොරම කොට වෙහෙර කරවා බුදුන් කරා සවි.

බුදුහු මහසගුන් පිරිවරා රජගහනුවරින් නික්මි අනුකුමයෙන් සැවැත්නුවර වැඩියහ. මහසිටි වෙහෙරමහත් සරසා බුදුන් දෙවිරම්වෙහෙර වඩනා දවස් පුතු සව්බරණින් සදා එසෙයින් ම සැදි පන්සියයක් දරුවන් දි බුදුන් පෙරමනට යළිය. දරඅ සනපිරිවරින් පස්පැහැයෙන් දිලියෙන පන්සියයක් දදයෙණ බුදුනට පෙරට වියැ. ඔවුන් පස්පස් මහාසුභදා නම් චුලභද්රන නම් දෙ සිවිදුහු සවිඨරණින් සැදි පන්සියයක් කුමරියන් හා සමග පුන්කලස ගෙණ නික්මුනාහ. ඔවුන් පස්පත් සිවිදු සවබරණින් සැදි එසෙයින් මැ සැදුනු පන්සියයක් අනනත් හා සමග පුන්පැන ගෙණ නික්මුනාහු ය. කොසොල්රජහු .දු සමන්කුමරි පන්සියයක් රථපිරිවරින් මල් ගඳ ගෙණ නික්මුනාහ. හැමදෙනාට ම පසු ව මහයිට් දඟවලු හා පිළි හැද තම‍ා සෙයින් ම දහවලු හත් පන්සියයක් සිටුන් හා සමග ගදමල් ගෙණ බුදුන් කරා ගියේ. බුදුහු මේ උපාසකපිරිස් පෙරට කොට මහ සඟුන් පිරිවරා සවණක්සනරසින් දසනුදෙස බබුළුමන් අනත් අපරියේ බුදුසිරි වොරොජසින් දෙවුරමිවෙහෙර චන්සු එකල්හි සිටි බුදුපාමොක් සගනට වෙහෙර දින බුදුහු අනුමෙවෙනි කළහ. සිටි අනෙක් අටළොස්කෙළක් ධන විසදා වෙහෙරමහන් කරවි.


මෙතෙයින් බුදුහු තමන් පුරිසදමමසාරට් වන බැවින් ධම්සක්පවත්නෙහි පටන් ගෙන් අනෙකසෘඩිප්රාසතිහාඨ්යෙන් හා දෙසනාවිලාසයෙන් හා මහණ දුළුලු බමුණු ගැහැවි සැගැරජ ඇ අනේසියදහස් සතුන් සතන්හි දුලද් බිඳැ දමා

1.ජෙතවන  2. සක්මන්හල් 3. පැන්කලස 4. බුදුරසින්.


උපාලි දමනය 83

අමාමහනිවන් පමුණුවමින් ගොස් අනේවඩුමහසිවිහු සුපණස් කෙළක් ධන පිසද‍ා කරණලදු දෙවිරම්වෙහෙරැ හැම බුදුන් වුසුඅතන්හි අමාරස වහන පුන්සදක් සෙයින් විනේකුමුදුනවන පුබුදුවන් වැඩවුසුහ.


“පරසනතානදමන” නම් තුන්වන පරිචෙජදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=අමාවතුර-iii&oldid=4932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි