අනුරාධපුර බැසීම හා වැටීම - i

අනුරාධපුර

බැසීම හා වැටීම



පිරිනැමීම ය.

සංස්කරණය
දියත’ග බව නිසි - පිරිමිනට මැ යැ පැවසෙන 

විසුලු 	බමුණු බණ නො සි‍ඳෙන කහට මු	ල 
මහලු 	වද අකුරු ලන මේ බිමැ සිහ	ල 

	ලැබැ දු ඉතිරි බව - ඉපැදි සිහළ ළෙහෙයෙන් 

දිවයිනැ පිරිමි නම් සැම හෙල’ඹරේ 	දි සී 
තුරු කැල කොට සදා පුතු නම ‍සරා 	සි සී

	වු	හු	ටු 	දෑ දිරිය එඩි කිරණින් 	දු ල් වා 
	අ 	රි	ටු	සතන් ඉන් පිළි කැල් මින් 	ග ල් වා 
	හ 	පු	ටු	සතන් බිඳ නඳ හද ‍කොඳ 	දු ල් වා 
	කු 	දි	ටු	ගන අඳර හළ නැණෙලිය 	ද ල් වා 

2.	සි	ටි	ය	ද	නො දිසි පසැ හිම් නැති සිහල’ඹ	රේ 
	ඇ	ම	ස	ඳ 	කිරණ පෑ සිය දන ගහන’ත 	රේ 
	එ	ඩි	හ	ද 	දේවියනි දුන් මුහුදු රහු කෙ	රේ 
	න	ම	ව	ද 	ඔබ ගෙ රිවි අප හද කමල්ක	රේ 

3.	එ	බැ	වි	න් 	දේවියෙනි තිර ඔබ “වෙහෙර	මහා”
	ගෙනැ	දු	න් සිරිය පුතුනට අනුරපුර 	මහා 
	ව	න	ව	ත් පරිදි පැවැසෙන අප දෙසින් 	මහා 
	මෙපොති න් පුදමු ඔබෙ නම ඉදු බැතින්	මහා! 


සංඥාපනය

සංස්කරණය

මේ වනාහි අප විසින් සම්පාදිත “සිංහල වංශය” නම් ඉතිහාස ග්රූන්ථයෙක එකි කොට සෙකි. සම්පූර්ණ ග්රින්ථය එක්වර ම ප්ර කාශ්ය යට පැමිණවීම අප ගේ පළමු බලාපොරොත්තුව වුව ද නො සිතුවකුදු සිදුවනු සිරිත හෙයින් දෝ රටේ මුදල් තත්ත්වය නොයෙක් දුෂ්කර තාවනයට සියල්ලන් පත් කළ හෙයින් මෙසේ එක් කොටසක් පමණක් ප්රකථම වරට මුද්ර්ණය කැරැවීමට අපි මෙහෙයැවුණුමු. මෙ ද ග්රසන්ථයේ ප්ර්ථම කොටස යථාවකාශනේ මුද්රවණය කරවා ලිමට බලාපොරොත්තුවමු. “‍පොලොන්නරු සමය” නම් වූ තෙවැනි කොටස ද “මෑත ඉතිහාසය” නමින් සෙසු කොටස් සියල්ල ද ප්රකකාශයට පැමිණැවීම දැනට අප කෙරෙහි පවත්නා අදහස වේ. කවර හෙයින් “අනුරාධපුර බැසීම හා වැටීම” නම් වූ මෙම කොටස පළමු වෙන් ප්ර කාශ්යදයට පැමිණැවිමට අපි මෙහෙයැවුණුමුද? “අනුරාධපුර නැඟීම” .නම් වූ ප්රෙථම කොටස පල කැරැවීමෙන් බලාපොරොත්තු ප්රවයෝනය ශිෂ්යණයනට නොලැබිය හැක. සංස්කාරය හා පළකරවත් හොත් පොත විශාල වේ. පොලොන්නරු සමය කියැවිමට පළමු කියවා තේරුම් ගත යුතු වූ ස්ථාන වර්ණනාත්මක විශාල සංස්කාරය භූම් සිතියම් ආදියෙන් අධික වේ. එද මේ අවස්ථාවෙහි පළ කැරැවීමට වැය කර වේ. එහෙයින් ද මේ සුලු වූ කොටසම පළමු වරට ශිෂ්යෙ ලෝකයා අතට පැමිණැවිමට අපි අදහස් කෙළෙමු.

සිංහලයනගේ ඉතිහාසය ඉගෙනීමට ඇති වංශ කථාවන් අතුරෙහි මහා වංශය ප්රේධාන වේ. එහි දු ධර්ම කීර්ති හිමියන ගේ භාගය ඉතිහාස ග්රපන්ථයක් වශයෙන් අන්යත සියලු භාගයනට ශ්රේ ෂ්ඨ වේ. සිංහලයට නඟා පළ කොට ඇති මහා වංශයේ දෙවැනි භාගය උසස් ශික්ෂකයන් වීමට බලාපොරොත්තු වන්නනට ඉගෙනීමට නියමිතය. එසේ වුවත් එය පහසු වෙන් අවබෝධ කොට ගැනීමට ක්රනමයක් හෝ ධර්ම කීර්ති හිමියන ගේ අදහස් තේරුම් ගැනීමට පහසු අන්යක ග්රනන්ථයක් හෝ මේ තෙක් ප්රිකාශ්යවයට නොමැණියේය. ශික්ෂකයන් විමෙහි පුරුම් පුරන ශිෂ්යයයන්ට ද ඉතිහාසය ඉතිහාසයක් වශයෙන් ඉ‍ගෙනීමට ඇති බාධා









ii

වෝත් බොහෝ වෙති. එහෙයින් යථෝක්ත දෙකරුණට ම මඳ උපකාරයක් සැලැසෙන අයුරු මෙම පොත සකස් කොට ලීම අපේ අදහස වී. සිය රට ඉතිහාසය සිය රට ඉතිහාසයක් වශයෙන් උගන්වා උද්යෝමගවත් ශිෂ්යිමානවකයන් පෙළක් ඇති කොට ලීමේ ගෞරවය අත් කොට ගනු රිසි බුහුට් ශික්ෂකයනට මෙම පොත සවැනි සත්වැනි ප්රයමාණයන්හි අතිරේක කියැවීම් පොතක් වශයෙන් භාවිතයට ගත හැකි බව කියමු. මෙහි කරුණු මඳකුදු මුල් පොතින් නො වෙනස්ය. අමුතුව මෙහි වූයේ ශිෂ්යයයනට අතිරේක කියැවිම් පොතක් වශයෙන් ගනු අභිමතනයට ගනු සඳහා බාසාව ලිහිල් කොට ලීම පමණෙකි. මේ ළඟට අප අදහස් කරන්නේ “ඈත ප්රාවෘතීන් පිළිබඳ සම්පූර්ණ සංක්ෂේප විස්තරයක් සහිත සංස්කාරයෙකින් යුක්තවූ “මෑත ඉතිහාසය” නම් කොටස පළ කැරැවිමය.

සිංහල ඉතිහාසය පිලිබඳ වර්ෂ නියමය විජය කුමරුවන් ගේ පැමිණිම හා බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීම හා එක් දිනයෙහි වූ බව දැක්වීමට දරන ලද ප්රුයත්නයෙන් ව්යාමකූල බවට පත්ව ඇත. ඒ පිළිබඳව මින් වැඩි විස්තරයක් මුල් කොටසෙහි විනා මෙම කොටසෙහි නො දක්වත හැක. අනේක ප්ර කාර මතභේදයන ගෙන් යුත් මෙම වර්ෂ ව්යහවහාරය පිළිබඳව විශේෂ විනිශ්චයක් දැක්වෙන තෙක් “මහා නාම මහාවංශානුගත වර්ෂය” මෙහි යොදන ලද බව මෙනෙහි කුරුවීමට සිදු වූ බව සඳහවන් කෙරෙමු. මෙම ග්රබන්ථයෙහි අක්ෂර වින්යාමසය ද්විප භාෂානුගත ක්රබමය විනා කිසිම දේශ භාෂ‍ා විශේෂයක ගේ න්යායයයක් නො අනු ගැමීමෙන් යෙදූ බව සඳහන් කෙරෙමු. එ. ඔ දෙක නොමැති දේශ භාෂාවන් අනුව ඒ, ඕ දෙක සඳහන් කිරීමෙන් ශිෂ්ය යනට ඇති වන පීඩාව ගැන දන්නෝ ශික්ෂකයෝ ම ය. මෙහි අප පිළිපන්නේ ශබ්දයට අනුව ලක්ෂණය යෙදි මේ ද්වීපික ක්ර්මයෙහි වේ.

ප්රිශංසා :- මෙබඳු ග්රදන්ථයක් සැපැයීමෙහි සෑහෙන පමණ කරුණු පිළියෙල කොට ලීමෙහි අප මෙහෙයැවූවෝ නම් අප ශිෂ්යෂයෝ ම ය. නිට්ටඹුවේ බෞද්ධ අභ්යාකස විද්යා ලය යෙහි සහකාර ශික්ෂක මණ්ඩලයෙහි දු බලපිටියේ සිද්ධාර්ථ අභ්යාඅස විද්යා ලය යෙහි සහකාර ශික්ෂක මණ්ඩලයෙහි දු බලපිටියේ සිද්ධාර්ථ අභ්යාභස විද්යා ලයයාධිපති ධුරයෙහි දි සිටි කාලයේ එතන්හි ශිෂ්යි‍යෝ නිබඳවම අප පොළොමවා ලීමෙන් අපට සංග්රධහ කළහ. “තල්ගසට බොරලු දෙන සේ වස්නා බක්මස වැසි පොදින් බරව පලගත් සේ පා නැමී සිටිනා අතු මෙන් නො නැමී සිට අපරාධීන වූ විමර්ෂණ බුද්ධියෙන් අපට චෝදනය කළ නිට්ටඹුවේ බෞද්ධ අභ්යාීස විද්යානලය (1923 – 30) ශිෂ්ය්යනට ද බලපිටියේ සිද්ධාර්ථ (1930- 32) ශිෂ්ය(යනට ද






iii

අප ගේ හෘදයංගම ස්තුතිය මින් පිරිනම මු. අප ගේ සමහර වැරැදි හැඟීම් දැක්වීමෙන් ද පාලි සංස්කෘත ග්රපන්ථයන්හි දැක්වුණු කරුණු පිරිසුදුව දැන්මට සැලැසීමෙන් හා අගනා ග්රසන්ථ කිහිපයක් ආශ්ර්යට පමුණුවා ලීමෙනුත් නිට්ටඹුවේ බෞද්ධ අභ්යාහස විද්යා ලයාධි ලතිව සිට ගෙන අපට සංග්ර්හ කළ මුනිදාස කුමාරතුංග මහතාට ද අප ගේ අවංක ස්තුතිය හිමි වේ. මෙම ග්රවන්ථය ප්ර්කාශ්යකයට පමුණුවා ලීමෙහි නො මැලිව ඉදිරිපත්ව ක්රිියා කළ වේයන්ගොඩ පොත් සාප්පුවේ නිවැසි ඩී. ඇස්. මණ්ඩාවල මහතා විශේෂයෙන් අප ගේ ප්ර්ශංසාවට භාජන වේ. අවසනයට නොයෙක් වාරයන්හි මෙහි පිරිසිදු කිරීම්, ලේඛන කිරීම් ආදියෙහි සහකාරයකු වශයෙන් ක්රිනයා කඵ නිට්ටඹුවේ ද්විභාෂා මිශ්රම පාඨශා‍ලාවේ අප ගේ ශිෂ්ය‍යකුව සිටි ඩී. ආරියසිංහ මහතාටත් මුද්රභණය වැඩ වහ වහා කරවා දුන් ග්රවන්ථ ප්රිකාශ යන්ත්රාකලයෙහිත් අධිකාරි මහතුන්ටත් අප ගේ ප්රැශංසාව හිමි කෙරෙමු.

ආර්. තෙන්න කෝන්

1932 ජනවාරි 1 දින නම්බාදලුවේ දීය.














අනුරාධ නගරයාගේ බැසිම හා වැටීම

සංස්කාරය

සංස්කරණය

(ආ)

ලංකාවේ මධ්යටභාගයේ දකුණු අද්දර මහා කඳු ගැට පඳුරෙකි. එහි සිට නැගෙනහිරට හා උතුරට විහිදි‍ෙය් මහා සම බිම් යායෙකි. උත්තර මහා සමබිම් ක්රෙමයෙන් උතුරට නැමී ඊසානටත් වයඹටත් බැස යේ. එහි මධ්යරභාගය කමතක් වන් කුඩා තැන්නෙකි. මේ කුඩා තැන්න මත්තේ මැදවච්චිය නම් කුඩා නගරයෙක් වේ. එහි සිට උතුර ඊසාන හා වයඹ යන දිශාවන් බලා කුඩා නදීහු ගලා බසිත්. මැදවච්චිය පිහිටි කොට්ඨාශය උතුරු මහා සමභූමියේ දියබෙත්ම වේ. එහෙයින් මහරටේ දියබෙත්ම ඔස්සේ උතුර බලා යන මහා මාර්ගය මේ නගරය මැදින් වැටී ඇති වයඹ අතට හා ඊසාන අතට ඇති බැස්ම උතුරු අතට ඇති බැස්මට වඩා ප්රයපාත සහිත බැවින් අධික වේ. එහෙයින් වැසි සමයේ දී ඒ දෙපැත්තේ බෑවුම්හි ගංවතුරු වේගය හදිස්සියෙන් ම බලතර වේ. වතුරු පසින් යුත් වයඹ දිග මහා සමභූමියේ මතු පිට ලිහිල් හෙයින් වේගවත් වූ වතුරු පහර හදිස්සියෙන් වන් කල්හි පොළොව බිඳී නදින් ගේ මාර්ග වෙනස් වී යේ. මේ නිසා නදීන් තරණය කිරීමෙහි හේ නැංවිම එබඳු තන්හි අපහසු වේ. ඒ කාරණය නිසාත් ගංවතුරු පහරින් බිඳ සේදි යාම වලකනු සඳහාත් දඹුල්ලෙන් නික්මී උතුරු මහා මාර්ගය දිය බෙත්ම මතුපිටින් වැටී ඇත. මැදවච්චි නගරයට මඳක් දකුණු දෙසින් කුඩා තැන්නේ ම බුලන් කුලම් නම් ග්රාුමය වේ. එහි වැවක් වූ බව එම නාමයෙන් පෙනේ. පුරාතන ගාමණි වැව මෙහි වියැ’යි විශ්වාස කරනු ලැබේ. දේශයෙන් පැමිණ වූසුම් ගත් ‍දමිළයෝ වැවට “කුලම්” යන නාමය ව්යේවහාර කළහ. එහෙයින් උතුරු සමබිමේ වැව් පිහිටි තන්හි ගම් නම් “කුලම්” යන්නෙකින් අවසන් වනු පුදුම නො වේ. බුලන් කුලමට මඳක් දුරින් මහා සම බිමේ වයඹට හුරුව උත්තර මහා සම භූමියේ දිය බෙත්ම බද මධ්යනතැන්නේ පැළදිග සීමාව අද්දර අනුරාධපුර නගරය පිහිටා ඇති. දියබෙත්ම පාමුල පිහිටි හෙයින් එහි ජලය සුලභය.








ii

දකුණුපස මහා කඳුයායේ උතුරු අද්දරින් නැඟ එන නදියෙක් මේ අසලින් උතුරු දෙසට ගලා වයඹට නැමීයේ. මධ්යැ තැන්න මඟ හරිනු සඳහා එම නදිය නැවැත උතුරට නැමෙන තැන වංගුව බද කුඩා උස් බිමක් මෝදර ගම් නදිය නැගී වයඹ බලා ගලා බසී. අනුරාධ පුරය අසලින් ගලා බස්නා නදිය පුරාතන අනුරාධපුර නගරයේ උද්යාසනය වූ මහා මේඝ වනය ආශ්රි්ත හෙයින් මල්වතුඔය නමින් ද ප්ර්කටව පැවැත්තේ ය. දමිළයෝ එහි පහත භාගයට අරෙවි ආරු යනු ව්යවවහාර කළහ. එම නදී මෝයට උතුරු දෙසින් මන්නාරම අසල අනුරාධපුර නගරයේ තොටමුණ .වූ මහා තීර්ථය පිහිටියේ ය. දේශ වැස්සෝ එය මාන්තෝට්ටම් නමින් දත්හත මෙහි වුසුම් ගත් දමිළයෝ එයට “පෙරියතුරෙයි” (මාතොට) යන නාමය ද ව්යමවහාර කළහ. මහා සමභූමිය මධ්යපයෝ පිහිටි අනුරාධපුරයට දේශයෙන් පැමිණියෝ බෙහෙවින් මෙහි ගොඩබටහ. දේශයට ගිය ලක්වැස්සෝ ද බොහෝ විට මේ තොටින් නැව් නැංගාහ. මහා නගරයට පැමිණීමේදී එතෙර වීමට හමුවන නදීන් අල්ප හෙයින් මෙහි සිට මහා නගරය ඔස්සේ රුහුණට යන ගමන ද පහසු වී. එහෙයින් සතුරුකමට පැමිණෙන දේශවැස්සන් වලක්වනු සඳහා මේ තොට මුර කළ යුතු වේ. දේශ වැස්සන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිංහල භටයෝ නොයෙක් වර මෙහි රැක සිටියහ 1. මින් මඳක් උතුරු දෙසින් නාගවීපය නම් ප්රෙදේශය බද දූපතෙක ඌරාතොට වේ 2. එහි සිට මහා නගරයට පැමිණීමේදී තරනය කළ යුතු කඩමත්තක්ද නදීන් බොහෝ ගණනක් ද වූ හෙයින් ඒ ස්ථානය මහතොට සේ ප්ර කට නො ‍වී. අනුරාධපුරයට නැගෙනහිරින් දියබෙත්මේ අනික් පැත්තේ හොයින් හා කුඩා කඳුගැට රැසින් ගැවැසි ගංගාතට (ගංතළා) ප්රබදේශය වේ. පුරාතන කොට සමර රට නමින් ප්රටකට වූ සාරවත් දනවුවට ආසන්න මේ ප්රනදේශ පොළොන්නරු කාලයේ රජජයනට මඳ කලකට නිලීන ව සිටීමෙහි ආරක්ෂා ස්ථානයෙක් වී 3. ගංගා තටයෙන් නිරිතට ද අනුරාධපුරයෙන් ගිනිකොනට ද විහිදෙන රේඛා ‍ෙදකෙක් වේ නම් ඒ දෙක සම්මුඛ වන ස්ථානයෙහි පුරාතන මිණිහිරිදනවුව නමින් ප්රමකට මින්නේරි පෙදෙස වේ. මින්නේරියටත් අනුරාධපුරයටත් අතරේ මහාමාර්ගයෙහි








1. ම:ව: L 1.28 2. කයිට්ස් 3. ම:ව: LX 1.43


iii

උතුරු පසින් මහාසෝන යක්ෂයා ගේ වාසස්ථානය වූ සුප්ර සිද්ධ රිටිගල කන්ද වේ. පණ්ඩු අභය කුමරු‍න්ගේ කඳවුරක් වශයෙන් පූර්වයෙහි ප්රදකටව පැවැති මෙහි බොහෝ විහාරස්ථානයෝ වූ කුඩා කඳු ගැට රැසෙකින් යුක්ත වූ මින්නේරි පෙදෙසෙහි අනුරාධපුර සමෘද්ධිමත් කාලයේ මහාසේන රාජයා බැඳැ වූ පියකරු මහා වැව මෙහි දක්නට ඇත. ඉන් මඳක් දු‍රෙහි ගිනිකොන දෙසින් අනුරාධපුරයාගේ පිරිහී මෙන් පසු රජ රට පාලන ස්ථානය වූ පොලොන්නරු පුරයේ නෂ්ටාවශේෂයෝ පියකරු වැවක් අද්දර දක්නා ලැබෙත්. මින්නේරියෙන් ඉසාන දෙස අනුරාධපුරයෙන් සයසතලිස් මයිලයෙකින් ඔබ්බෙහි දකුණට හුරු ගිනිකොන දෙසින් රජ රට සිංහල රාජාවලියේ අන්තිම නරේන්ද්රකයා ගේ අන්තිම කැමැත්ත ලියැවු ස්ථානය වන සුප්රාසිද්ධ මැඬිලිගිරි විහාරයේ නෂ්ටාවශේෂයෝ වෙත් 1. පොලොන්නරුවෙන් ගිනිකොන දෙස පෙර දිගු සමබිම්තීරය රජ රට නමින් ප්රිකට උතුරු සම බිමින් වෙන් කරන්නා වූ මහවැලි නදිය වේ. දකුණු පෙදෙස්හි සිට කඳුරට මඟ හරවා රඩ රටට පැමිණෙන්නෝ මෙහිදී මහවැලි නදිය තරණය කළහ. අනුරාධපුරයෙන් මයිල විසි පහක් දකුණට හුරු ගිනිකොන දෙසින් අනුරාධපුර පරිහානි කාලයේ මුලභාගයේ සිටි ධාතුසේන රජු බැඳැවූ 2 කලාවැව නම් මහා ජලාශයය වේ. ඒ අදබඩ එරජු විසින්ම කරවන ලද කාළවාපී විහාරයේ නෂ්ටාවශේෂයෝ අවුකන විහාරය නමින් ප්රිකටව පවතිත්. කලාවැවින් නික්මගත් කලා හොය වයඹ අතට ගලා බසී පුරාතනයෙහි එය ගෝණ හොය නමින් ප්රපකට වී. එක් කලෙක මෙම නදිය පසුකාලයෙක මායා දේශය නමින් ප්රනකට ව ගිය දක්ෂිණදේශය හා රජ රට අතර දේශ සිමාව වී. නදියේ පුළුලින් ඉතා අඩු කොටස කලාවැව සමීපයේ වේ. එහෙයින් සතුරුකමට හෝ මිතුරුකමට හෝ රජ රටින් දක්ෂිණ දේශයට වන්නෝ ද වැවට සමීප වූ තැනෙක්හි පිහිටි ගෝණ නම් තොටින් එතෙර මෙතෙර වූ. කලා වැවින් දකුණුපස ඒ බද ව ම පොලොන්නරු කාලයේ සුප්රමසිද්ධ රණබිමක් වූ මහාරට වේ. වැව සමිපයෙහිම විජිතපුරය නම් සුප්රකසිද්ධ දෙමල බල කොටුව වේ 2. පොලොන්නරුවේ ශාඛා නගරයක් වූ විජිත පුරය අසා කිසිවෙක් “දෙමළ බලකොටුවත් පොලොන්නරු පාර අසල විය යුතුයැ”යි සිතති. ඒ සාවධ්යක වේ.




1. ම:ව. LXX 1.3 - 5 2. ම:ව: XXXIII 42








iv

උත්තර මහා සමභූමි‍යේ දකුණු පම ස කඳු පඳුරෙක් වේ. පුරාතනයෙ හි මලය 1 දේශය නමින් ප්ර‍කට මෙම කඳු යායේ ගැඹුරු නිම්නයන් ගෙන් හා මිටි කඳු පඬ්ක්තීන් ‍ගෙන් යුත් උතුරු කොටස මේරුකන්දර රට නමින් ප්රනකට වී. එහිම වනපියෙස මේරුමදාරා 2 නමින් ප්රනකට වි. මහා කඳුරැස උතුරු සමභූමියේ ගැටී අවසන් වන සිමාවේ නාලන්ද නම් පැරැනි නගරය වේ. එහි සිට කුඩා කඳු ගැට පඬ්ක්තියෙක් ඊසාන අතට ත්රි්කුනාමලය තෙක් මහ සමබිම මත්තේ නැගී පවතී. එබදුම වූ තවත් කඳුගැට පඬ්ක්තියෙක් වයඹ අත බලා මහාරට තෙක් තන්හි තන්හි නැගී සිටි. ඉසාන දිගට යන කඳු ගැට පඬ්ක්තියේ ඉතා උස් කූටය වූ සීගිරි ගල දඹූල්ලේ සිට හබරනට ඇති මාර්ගයට මඳක් ඈතින් ඉනාමලුව හරියේදි පෙනේ. පුරාතනයෙහි බෙහෙවින් ජනයාගේ පැමිණීම වූයේ දක්ෂිණ දේශයෙන් නොව පෙරදිග සමබිමින් හෙයින් ඊසාන අතට ඇති කඳු ගැට පඬ්ක්තිය වඩා ප්රෙකටවී. මහා සමභූමියෙහි ගොයම් කොල කැටි සේ තනි තනිව නැඟී සිටිනා මෙම කඳු ගැට මේරුකන්දර දේශයේ කඳ මෙන් නිලින ස්ථාන හෝ දේශ සීමාවන් වශයෙන් ප්රුකට නුවූවත් මහා සම බිමේ බොහෝ ඈත පෙනෙන සේ විහාර මන්දිරාදිය ගොඩ නැඟීමෙන් හෝ බලකොටු පිහිටුවා ගැනීමෙන් හෝ කඳුවුරු බැඳැගැනීමෙන් හෝ ප්රීකට වී. බලවත්හු බොහෝ විට මෙම කඳු ගැට වාසස්ථාන වශයෙන් තෝරා ගත්හ. මෙසේ මිහින්තලා කඳු ගැටය සෑගිරියෙක්වී 3. සීගිරිය බල කොටුවෙක්වී 4. ප්රාමචීන තිස්ස පර්වතය කඳුවුරකේවී 5. අරිෂ්ට පර්වතය වාසස්ථානයක් හා කඳුවුරෙක් ද වී 6. මේරු කඳරු නම් මලය ප්රෙදේශයටත් ඊසාන බලා මිණිගිරි දනව්ව ඔස්සේ විහිදී තනි කඳු ගැට පෙළටත් අත‍රේ අමවන පෙදෙස හා දනව්ව නම් පෙදෙසත් වේ. ඒ මධ්යපයෙන් අඹන් ගඟ නැගෙන හිරට හුරු ඊසාන බලා ගලා බසී. වයඹ දිගට මහරට බලා විහිදි කඳු ගැට පඬ්ක්තිය ආශ්ර යෙන් දැනට මිරිස් ගෝණි හොය නමින් ප්ර කට ගෝණ නදී නම් වූ කලා හොයේ ආදිභාගය නැගී ගලා. එහෙයින් මලය දේශය ඔස්සේ මහා සමභූමියට පැමිණෙන්නෝ නදීන් තරණය කිරිම මඟහරවා කඳු ගැට



1. ගල්වල්රට (ස:අ) 2. ම:ව: XLIV 21 3. ම:ව: XX 17 4. ම:ව: XXXIX 2,3 5. ම.ව: XLI, 14 6. ම:ව: XLIV,86,ස:අ: 498 (පිට) ම:ව: X 63








V

දෙපෙළ විහිද දෑතට යන ස්ථානයෙහි වූ නාලන්දා වේ කපල්ල ඔස්සේ දඹුල්ලට පැමිණෙත්. මෙම මාර්ගය ප්ර යෝජන වන්නේ මලයරට බලා හෝ මලය රටින් හෝ පැමිණෙන්නනටය. බෙහෙවින් රජ රට වැස්සෝ පෙරදිග සමබිම් පෙදෙසින් වදනා ජනයයනට මුහුණ පෑහ. කලාතුරෙකින් දක්ෂිණ දේශයෙන් පැමිණෙන්නෝ ද වූ පෙරදිග සමභූමියේ දකුණු කොටස වූ රුහුණු ප්රිදේශයෙහි සිට රජ රටට පෙරදිග සමබිම ඔස්සේ පැමිණියෝ මාගම, කතරගම, ගුත්තල හා බිබිලේ ඔස්සේ පැමිණ කඳු රැස මග හරවා මහියංගනය සමීපයෙන් මාවිලිගංදෙණියට ඒමට ඇති නුග ගල්කඩු දොර මාර්ගයැයි පුකට මාර්ගයෙන් ගියහ. සමහරෙක් දොළගල් වෙල ඔස්සේ පැමිණ මාවිලිගංදෙණියට වැදීමට ඇති ‍සමුද්රත මාර්ගයැයි ප්ර්කට මඟින් ගියහ. මහ කඳු රැස ගෙවීගිය තන්හිදී මඟීහු මහවැලි‍ ගඟින් එතෙරවූ. මේ පිනිස ඌ තුමු දෙ‍ තොටක් දත්හ. ඉන් වඩා ප්රදකට වූයේ පොළොන්නරුවෙන් ගිනිකොන දෙසෙහි පිහිටි මහග‍ංතොටය. පුරාතනයෙහි කච්ඡක තොට නමින් ප්රයකට ව පැවැති මෙ තොටට නුදුරුවම පණ්ඩුකාභය කුමරුන් ගේ කඳවුරක්වූ ධුමරක්ඛස කන්ද දිඹුලාගල නමින් අද දවසේ දර්ශනය වේ 1. මහ ගංතොටින් එතෙරවූවනට පොළොන්නරුවට පැමිණ මිණිහිරි දනව්ව ඔස්සේ අනුරාධපුරයට ද එහිදි මල්වතු ඔයින් එතෙරව මහ තොටට ද පැමිණිය හැකි වේ. මහවැලි නදියට අඹන් ගඟ එක්වන තැනට මඳක් දුරෙහි ඉස්මත්ත දෙසින් පුරාතනයෙහි වර්ධමාන නමිනුදු සහස්ර තීර්ථ නමිනුදු ප්රහකට 2 දහස් තොට වේ. මේ තොටින් එතෙර වන්නනට සමහර විටෙක අඹන් ගඟ ද තරණය කිරීමට සිදු වේ.. ඌ තුමු මින්නේරිය ඔස්සේ රිටිගල සමීපයෙන් ඇති මාර්ගයට පැමිණීමෙන් හෝ සිගීරිය සමීපයේ දී දඹූල්ල ඔස්සේ එන මාර්ගලයට ප්රරවිෂ්ටවීමෙන් හෝ අනුරාධපුරයට පැමිණියහ. රුහුණේ සිට මහා කඳුයායට පැළදික් පසින් අනුරාධපුරයට පැමිණෙනු රිසියෝ බුළුතොට දුර්ගයෙන් .පැළදිගු කඳු පෙළ පැන දක්ෂිණ දේශය මැදින් ගොස් කළුගංමිටියාවතට වදිත්. එයින් කැළණි මිටියාවතට පැමිණ දඹදෙණිය ඉක්මවා බතලගොඩ ඔස්සේ කුරුනෑගල කඳුගැට රැසට බටහිරින් ගොස් මහරටට වැදි ගෝණ ගම් තොටින් කලා හොය තරණය කොට රජ රටට වදිත්. මෙසේ ධූම




1. මෙම රිටිගල සේම යක්ෂයනගේ වාසස්ථානයෙකි. 2. ස:අ: 449 (පිට)







vi

රාක්ෂස (දිඹුලාගල) කන්දේ කඳුවුරු බැඳ සිටි පණ්ඩුකාභය කුමාරයා කච්ඡක (මහගං) තොටින් උතුරු සමබිමට වනි 1. නිමිල තෙමේ දාස්තොටින් එතෙරවි 2. ධාතුසේන කුමරා ගෝණ තොටින් එතෙර වි 3. උතුරු මහා සමභූමියෙහි වූ රජ රට රක්නෝ මෙම මාර්ගයන් ඔස්සේ සතුරන් ගේ පැමිණීම වලක්වනු සඳුහා ආරක්ෂාව ලැවීමට සුදුසු තැන් තෝරා ගත්හ. දහස් තොටින් හා කච්ඡක (මහගං) තොටින් එන්නවුන් වලක්වනු සඳහා මින්නේරියේ හා සීගිරියේ ද මලය දේශයෙන් වදනවුන් රැක්මට නාලන්දේ හෝ සීගිරයේ ද දක්ෂිණ දේශයෙන් මහරට ඔස්සේ එන්නවුන් රක්නා සඳහා කලාවැව සමීපයේ ද දේශයෙන් එන සතුරන් වලක්වනු සඳහා මහා තීර්ථයෙහි ද භට හමුදාවෝ නැවති සිටියහ. සමහර විටෙක දේශ සීමාවන් වශයෙන් සලකන ලද මැවිලි නදි තිරය ද ගෝණ හෝ තෙර ද රැකවල් සහිතව පැවැත්තේය. මේ හෙයින් මහණවෙස් ගෙන ගඟ තරණයට ගිය සඟතිස් ආදීහු මින්නේරියේදී 4 හසු ව සීගිරියට ගෙන ගොස් නසන ලදහ. (3) මුගලන් රජ සීගිරියේදී හසුවී 5. (3) දෙටතිස් රජ කාළවාපියේ කඳුවරු බැඳි 6. ආදිපාද දප්පුල තෙමේ කලාවැව ගම්හි බැඳි බලකොටුවේ විසි 7. මහින්ද සේනාපති ‍තෙම මහා තීර්ථයේ විසී 8. සේන සේනාපති තෙම දේශසීමාවේ විසී 9. (1) සේන රජ තෙම දාස් තොට හා මහ ගංතොට යන දෙතැන ම රැක ගනු සඳහා මාවිලි නදිය හා අඹන් ගඟ එක්වන තැන නැවැතුම් ගති 10.

මහා සමභූමියෙන් දකුණු කොටස මහා ගිරි කන්දර යනගෙන් ගැවැසී ඉතා දුර්ගම වූ මලය දේශ‍ය වේ. අමවන දනවුව බද මලය දේශය මේරුකන්දර ප්ර්දේශයයි. ඉන් දකුණෙහි ගැඹුරු නිම්නයනගෙන් හා ගිරිනදීන් ගෙන් යුත්වූ මධය මලයදේශය මහමලය රට නමින් ප්රවකට වී. මහමොල්ලි වන් කඳු රාශීන්ගෙන් ද එකින් එකින් ඔබ්බෙහි කොත් වන් ව නිගී සිටිනා ගිරිකුළින් හා ගැඹුරු වූ ගිරිකඳුරින් ද කඳුරැලි යෙන්ද ගැවැසී නිරිත දිග කොටස කොත්මලය නමින් ප්ර කටව පැවැත්තේය. ආදි‍යෙහි දුටුගැමුණු කුමරුන් සැඟැවී වූස 11


1. ම:ව: X, 58 2. ස:අ: 447 (පිට) 3. ම:ව: XXXVIII, 24 4. ම:ව: XLIV, 30 5. ම:ව: XLIV, 80 6. ම:ව: XLIV, 104 7. ම:ව: 8. ම:ව: 9. ම:ව: 10. ම:ව: L 37 11. ස:අ: 455 (පිට)








vii

මේ ප්රතදේශ අතිශයින් දුර්ගම ‍වේ. කොත්මලයෙන් නිරිත දිග පාර්ශවය ද කඳුපෙළීන් ගහන වේ. කොත්මල‍යේ සිට ඒ පෙදෙසට බැස්ම අතිශයින් ප්රපපාතාකාරය. ඒ පෙදෙසෙ ගිලී මලය නමින් ප්රඅකටව පවතී. ගිරී නදීන් ආශ්රෙයෙන් ගසා ගෙන යන වැලි හා මිශ්ර. වූ රන්කුඩු ඇති පෙරදිග මලය දේශය හිරන්යව මලය නමින් කලෙක ප්රිකටව පැවැත්තේය. මේ මලය ප්රරදේශ බැලු බැලු අතින් නැගී පෙනෙන කූටයන් ගෙන් හා ගැඹුරු වූ කන්දරයන් ගෙන් ආකූල වූ - ඒ මේ දිගින් හඬා බස්නා දිය දහරින් ගහන මහවනයෙන් වැසී ගිය - ඉතා පියකරු වූ වද අතිශයින් දුර්ගමවූ - රටෙක් වූ. පූර්වයෙහි මේ ප්රපදේශය පාලනයෙහි නියුක්ත තැනැත්තේ මලය රාජ නමින් ප්රඹකටවී. ඒ කෙතරම් වැදලත් නිලයක් වීද යතහොත් “මලය රාජ” යනු පසුකාලයන් හි ඉතා උසස් ගරු නාමයක් බවට ද පත් වී. සතුරනට පහසුවෙන් වැදගත නො හෙන මේ ප්ර දේශය බොහෝ විට නිලීන ස්ථානයක් වශයෙන් ප්ර්කටව පැවැත්තේය. මෙසේ අනුරාධපුර රාජයාගේ බලයට නො අසුව සේනා සංග්රරහ කරගනු පිණිස දකුණු මලය දේශයට වති 1. ගිරි කාශ්යිප තෙම ස්වකීය පියා වූ මහලු උපතිස්ස රජු මලය රට මේරු කන්දර ප්ර දේශයේ නවත්වා සටනට යාමට සිතී 2. සංඝතිස්ස රජ මේරු මජ්ජර වනයට පැලෑ 3. දෙටතිස් කුමර තෙමේ මෙුරු කන්දර ප්ර දේශය බද මලය දේශයේ සැඟවී ගති 4. අසිග්ගාහක තෙම දෙටතිස් කුමරුන් මලය දේශයේ සැඟැවී ගති 5. පොත්ථ කුට්ඨයා මේරු කන්දරයට පලා ගියේය 6. (7) අක්බෝරජ මලය දේශයට පලා ගියේය 7. සංඝග්ර මයේ සටනින් පැරැදි දපුපුල ආදිපාද තෙම මලය දේශයට පැලෑ 8. දමිළයනට පැරැදී (1) සේන රජ මලය දේශය බලා පලා ගියේය 9. යුවරාජ මහින්ද තෙම මලය දේශයේ සැඟැවී ගති 10. රුහුණේ කීර්ති අග්ර් බෝධි කුමරු මලය දේශයේ වන පෙදෙසට වැදැ සැඟැවිණි 11. මලය දේශයේ වන පෙදෙසට වැදැ සැඟැවිණි 11. මලය දේශයේ මධ්ය යෙහි ඇදැ හැලෙන සහස්රැ සංඛ්යාේත කඳු රැලි සමූහයාගේ ජලය ගෙන මුහුදු වදනා මහවැලි නදිය පෙරදිගු සමබිමට පිවිසෙන තන්හිදී


1. ම:ව: XLI, 10 2. ම:ව: XLI, 19, 20 3. ම:ව: XLIV, 21 4. ම:ව XLIV, 28, 62 5. ම:ව: XLIV, 55 6. ම:ව: XLVII, 58 7. ම:ව: XLVIII, 50 8. ම:ව: XLVIIII, 94 9. ම:ව: L, 20 10. ම:ව: LI, 7,8 11. ම:ව: LI, 112








viii

ඌවේ කඳුවලින් වැහෙන ජලධාරාවනගේ දියකඳ ද ඒ හා එක්වේ. එහිදී උතුරු අතට නැමී ගලන නදිය මඳදුරක් ගිය තැන පුරාතන ලක්දිව සුප්ර සිද්ධ මහා නගරයක් වූ මහා නාග වනෝද්යාිනය බද බිම්තැන්න නම් මහියංගන පෙදෙසේ අලුත්නුවර හමුවේ. පුරාතනයෙහි මහා නගර යැයි ප්ර්කට මෙම ස්ථානය කලෙක මිණිහිරිදනව්වෙක් දකුනෙහි වූ සුප්රරසිද්ධ එඩිතර ජනගෝත්රසයක ‍ගේ වාසභූමියව පැවැති මිණිබේ දනව්වේ ප්ර ධාන නගරයවී. එයින් නැගෙනහිර පාර්ශවයෙහි වූ පෙරදිගු සමබිම් කොට්ඨාශය හා ඌවේ කඳුබද ප්ර දේශය පණ්ඩුකාබය කුමරුන් ගේ පියා වූසූ දිගාමඩුලු ප්ර දේශය වේ. බිබිලේ නගරයට විසිතිස් මයිලයෙකින් ඉසාන දෙසින් ද මඩකලපුවට එපමණම නිරිත දෙසින් ද සුප්රපසිද්ධ වූ දීඝවාපිය මහ නක්ඩිය වැව නමින් ප්රවකටව දක්නට ලැබේ. දිගාමඩුලු පෙදෙසේ දකුණු කොටස ‍වලවේ නමින් දැන් ප්රඑකට වාලව නදිය තෙක් පැතිරී රුහුණු දනව්වය. එහි උතුරු සීමාව බඳ මලය ප්ර දේශය බුත්තලින් පැලදිග කඳුගැට රැස ඇතුළුවූ කන්දෙපෙල්ලෙ ප්රාදේශය වේ. පූර්වයෙහි ගිරිමණ්ඩල නමින් ප්ර කට වූ මෙ පෙදෙස්හි කඳු පාමුල ගිරිපාද දනව්ව මුහුදු තීරය තෙක් විහිදී ඇත. ගිරිපාද දනව්ව හා දිගාමඩුලු ප්රිදේශයත් රෝහණ දේශයට අයත්ව ‍බොහෝ කාලයක් ම පැවැති බව පෙනේ. මලය ‍ප්රශදේශයේ හා ඌවේ කඳු නිසා රජ රටින් වෙන් ව රුහුණු ප්රපදේශය රජ රට රාජයා ගේ බලයෙන් ඈත් ව පැවති හෙයින් මහ සමබිමේ රජු‍ගේ උදහසින් දුරුවනු රිසි වූවෝ ද උග්ර ගෙන් අපරාධීනව වසනු රිසියෝ ද බොහෝ විට රුහුණු වනු. තමනට බලය මඳ වූ විට ගිරිමණ්ඩලයට හෝ මලය මණ්ඩලයට පලායාමට ද ඔවුනට හැකි වී මේ හෙයින් වැඩිකාලයක් රුහුණු ප්රෝදේශය රජ රටින් අපරාධීනවම පැවැත්තේය. රුහුණු පෙදෙසින් ගොස් රජ රට යටත් කොට ගත්තකුට විනා අන්යන කිසිම රජරට රාජයකුට රුහුණු දේශය යටත් කොට ගෙන විසීමට අවකාශයක් කිසි කලෙකත් නො ඇතිවී. පොලොන්නරු සමයේ දී හටගත් ස්වදේශීය මහා සංග්රාලම පඬ්ක්තියෙන් රුහුණු වැස්සකු විසින්ම සිය පෙදෙසේ ඖදාර්යය නසා ප්ර්භූන් සමූලඝාතනයෙන් වනසාලන ‍තෙක් ම රුහුණේ අපරාධීනත්වය රැකී පැවැත්තේය. එතෙක් කල්ම එය රජ රටින් පලා එන්නවුනට පිහිට වී. මෙසේ (3) අක්බෝ රජ රුහුණු පැලෑවිසී 1. අග්රුබෝධි



1. ම:ව: XLIV 143







ix

කුමාරයා මහණව සිටි සාඝාකුමරිය ගෙන රුහුණට පලා ගියේය 1. කීර්ති අග්රතබෝධි කුමාරයා රුහුණු වැද රජ රට රාජයාට විරුද්ධව ක්රිලයා කෙළේ ය 2. පසුව හේ ගිරිමණ්ඩලයට පලා ගියේය 3. (4) උදය රජතෙම රුහුණූ හේ ගිරිමණ්ඩලයට පලා ගියේය 3. (4) සේන රජ සෙනෙවියාට හා මවු බිසොවටත් පැරැද රුහුණු ගොස් විසී 5. (5) මහින්ද රජ උතුරු සමබිම කේරල සිංහලාදි භටයනට තබා රුහුණු ප්රුදේශයට පලා ගියේය 6.

රුහුණු පෙදෙසේ ගිරිපාද දනවුව ආදියෙහි දොළොස් දහස් රට නමින් ප්රභකට වී. සමණොල ප්රුදේශයෙන් ගලා බස්නා වලවාහිනී නම් වලවේ නදිය එහි බටහිර සිමාවය. වලවාහිනි නදියෙන් පැලදිගු ප්රරදේශය මුහුදු තෙරට අසල් වන තෙක් ම නැගී සිටිනා කඳගැට පඬ්ක්තීන් ගෙන් යුක්ත වේ. මේ කඳුරැස නම් මලය දේශයේ මහ කඳු පදර ම ය. ඒ නිරිත අතට සමද්රපතීරය පෙනෙන තෙක් මානයේ නැගී සිටි කැලැණි මිටියාවත තෙක් ම මේ කඳුගැට දක්නට ඇතිමුත් පැලදිගු සමුද්රාතීරයට නිරිත දිගු සමිද්රකතීරයට පමණ ම ඒ අසල් නො වේ. මෙම කඳුගැට පඬ්ක්තීන් වයඹ ගිනිකොන දෙදිග බලා නැගී සිටින දේ පෙනෙතත් නිරිතට පිටදී මදක් වක්ව මලය මණ්ඩලය වට කිරීමට මෙන් විහිදී ඇති බව කිව හැක. එයෙහින් මොරවක් කෝරළයේ හා ඉන් පැලදිගු පෙදෙසේ කදු යායක් සහිත දෙරණි යායෙකි. කළුගංමිටියාවතින් උතරෙ හිදී කැලැණි ගංමිටියාවත තෙක් තැනින් නැත නැගී සිටිනා මිටි කඳු රැසෙකි. කැලැණි නදියෙන් උතුරේදී ක්රැමයෙන් කඳුගැට දර්ශනය රට ඇතුළු දෙසට වෙමින් කුරුනෑගල පෙදෙස ‍තෙක් යේ එහෙයින් ගෝණ නදිය හා කැලණි නදිය අතරත් පුළුලින් වැඩි වූ සිනිදු පසින් යුත් සමබිමෙක් වේ. එහි කඳු ගැට හිඟය. එහිදී ප්රාවචීන සමබිම හා ප්රසති වීන සමබිම ඉතා අසල්ව මලය ප්රයදේශය පවු කෙරේ. වලවාහිනී නදියේ සිට ගෝණ නදිය තෙක් මුළු ප්රරදේශය කලෙක දක්ෂිණ දේශය නමින් ප්රලකට වී. පසු කලෙක මෙම ප්ර‍දේශය පාලනයෙහි මහාදිපාදයන් නියුක්තවූයෙන් මායා රට නමින් ඒ ප්රසකට වේ. මහා සම භූමියෙහි මහාරාජයා ගෙන් පසු රාජ්යනය හිමිවන්නෝ මහා ආදිපාද නාමය හෝ යුවරාජ නාමය



1. ම:ව: XLVII, 60 2. ම:ව: LI, 95 3. ම:ව: LI, 111 4. ම:ව: LIII, 44 5. ම:ව: LIV, 62 6. ම:ව: LV, 7






x

ලද්දෝ වූ. ඌ බෙහෙවින් දක්ෂිණ දේශයෙහි අධිපතියෝවූ 1. සමහර කලෙක උපරාජයෝ ද මෙම ප්ර දේශයට අධිපතියෝ වූහ 2. රුහුණු දේශයෙහි දක්ෂිණ දේශයෙහි අපරාධීනත්වය මැඩගෙන සිටීමෙහි අදහස් කළ රාජයෝ ස්වකීය පුත්රහයන් හෝ ළඟ ම නෑයන් ඒ ප්රඅදේශ පාලනයෙහි යවා ආදිපාද ධූරයෙහි පිහිටුවා ලූ. විශේෂයෙන් ම රුහුණු පාලකයෝ ආදිපාදයෝ වූ. එසේ වුවත් රජරට රාජයා ‍ගේ අභාවයෙන් පසු තමනට වඩා බාල වූවකු හෝ ප්රපථම රාජයාහට තමන් හා සම උරුම හෝ අඩු උරුම ඇත්තකු රජ වුව හොත් රුහුණු ආදිපාදයන් අපරාධීනව වසන්නට හෝ රුහුණු භටයනගේ සාහාය්යයෙන් රජ රට රාජ්යා පාලනය ගන්නට හෝ උත්සාහ කරනු ඒකාන්තමවි 3. එකල්හි ස්වදේශීය සටන් ඇති වීමෙන් නොයෙක් හානි පැමිණීම ද නියත වී. එසේ වුවත් මෙබඳු අරගලයක් ඇති වීමේදී ස්වකීය උත්සාහය යුක්ති සහගත කාරණයක් බව දැක්වීමට ද කරුණු වුව මනාවේ. බෙහෙවින් මේ පිළිබඳව දැක්වෙන්නේ රජ බවට ඇති උරුමය හෝ ශාසනයාගේ අභිවෘද්ධියය. කලාතුරෙකින් රජුගේ නීතිවිරෝධ ක්රිායාවෝ ද ඉදිරිපත් කැරෙත්.

(ඇ)

සින්ධු දේශයේ ලාට නම් රට සිංහපුරයෙන් පැමිණි ජනයෝ පූර්වයෙහි ලක්දිව උතුරු සමභූමියේ වුසූවන් මැඩ ලනු පිණිම මාරවත්තේ මඟුල් ගෙදොරදි ස්වදේශ ප්රරධානීන් මරා දමා ගඟින් එතෙර‍ට බොහෝ ජනයන් පලවාහැර රට හිමි කොට ගත්හ. පළමු වැස්සෝ ඒ ඒ තන්හි අප්රරකටව වාසය කළහ. කිසිවෙක් වනගත වූ. බොහෝ දෙනෙක් ගඟින් එතෙරට වන්හ. හින්දු අමුත්තනගේ නායකයා වූ විජය තෙමේ (ක්රික.ව. පෙර 483 – 445) අටතිස්වසෙකින් පරලෝ ගියේය. ඉන්පසු රට පාලනය පිණිස වජය රජු ගේ මලණුවන් පුත් පණ්ඩු - වාසුදේව තෙමේ මෙහි පැමිණියේය 4. මේ රජ මගධ දේශයේ ශාක්ය8 පණ්ඩු රජු ගේ භද්රව කාත්යාපයනා නම් දුව පාවා ගෙන පුතුන් දසදෙනෙකු හා දුවක ලදී. ඒ රජු තිස්වසක් රට පාලනය කොට (ක්රිා;ව; පෙර 444 – 414) මළ පසු උහුගේ වැඩිමහලු පුත්රසයා වූ අභය තෙමේ රජ රට රජ වී. මෙම කාලයේදී මුහු ගේ නැගෙණියන් වූ චිත්රාක




1. ම:ව: XLII, 6 XLV, 23 L, 44,49 2. ම:ව: XLIV, 84, XLVIII, 42, II 7,12 3. ම:ව: LI, 95. LII, 4 4. මෙ තෙම සිංහබාහු රජු පිත් සුමිත්ත කුමරුන් ගේ පුත්රායාය. මුහු පැමිණියේ සාගල නුවරින් යැ’යි රාජාවලිකාරයෝ කියති. (රා:ව: 20 පිට)




xi

කුමරිය ගේ පුත්රරයෙක් මාවිල් නදයෙන් එතෙර සිවදේශීන් ගෙන් උපකාර ලැබ රජ රට රාජයා පහ කොට ලීමෙහි කල් බලමින් සිටියේය. විසිවසක් උපතිස්ස නගරයෙහි වෙසෙමින් රජ පාලනය කළ ඉක්බිත් අභය රජ තෙමේ සොහොවුරන් විසින් රාජධූරයෙන් පහ කරන ලදී. (ක්රිත:ව: පෙර 414 – 394)

දහහත්වසක් රජ අරාජකවී සොහොවුරු කුමරුවෝ එකල්හි රට පාලනය කළහ. (ක්රිර:ව: පෙර 394 – 377). චිත්රාස කුමරිය ගේ හා ඇය ගේ ඇවැස්ස මයිල් 1 පිත් දීඝ ගාමණි කුමුරුන් ‍ගේ පුත්ර: වූ පණුඩු අභය‍තෙමේ ස්වදේශ යක්ෂයන ‍ගේ උපකාරය ලැබ මයිලන් නසා අනුරාධපුරය ‍ගොඩ නංවා ගෙන රට පාලනය කෙළේය. (ක්‍රි:ව: 377 – 307). මේ රජ තෙම හින්දු අමුත්තන්ගේ හා ස්වදේශීන් ගේ භේදය නැති කිරීමටත් ස්වදේශීන් ගේ තත්වය නංවා සිටුවීමටත් උත්සාහ දැරී. මෙ රජු ගේ පුත්රරයා වූ මුටසීව තෙම පියා ඇවෑමෙන් රජ තන්පත්වී 2. අනුරාධපුරයෙහි සුප්රතකට “මහා මේඝවන” නම් උද්යා නය මුහු විසින් කරවන ලද්දෙකි. මුටසීව රජුට (ක්රින:ව: පෙර 307 – 2470 පසු උහු ගේ පුත්ර යා වූ තිස්ස රජ (ක්රික:ව: පෙර 247 – 207) ‍තෙම රට පාලනයට පත්වී.

මගධ දේශයේ සුප්රුකට අශෝක මහ රජ තුන් ගේ අදහස පරිදි අශෝක රජුගේ “ගුප්ත” අධිරාජ්යුයෙන් පිටත ප්ර දේශයන්හි බුද්ධ ධර්මය පතළ කරනු සඳහා යවන ලද ධර්මදූත සමූහයනගෙන් එක් සමූහයෙක භික්ෂූන් වහන්සේ තිස්ස රජු දවස මෙහිදු වැඩියහ. මෙම සමූහයා අතුරෙහි ප්රෂධාන වූයේ අශෝක රජුගේ පුත්රර වූ මහේන්ද්රද මා හිමියෝයි 3. මුන් වහන්සේ ප්රිමුඛ භික්ෂූන් වහන්සේ අනුරාධපුරයෙන් අටමයිලයෙකින් ඔබ්බෙහි පෙර දිගින් වූ කඳු ගැටයෙක්හි වැඩ සිටගෙන මහා රාජයා ප්රයමුඛ සිංහල ජනයනට බුද්ධ ධර්මය ප්රහකාශ කළහ. අධිකව ගොඩ නංගවන ලද සෑ ගිරි විහාර ආදිය නිසා පසුව සෑගිරිය යැ’යි ප්රයකට වූ මෙම කඳු ගැටය ද්විපය පැහැදැවූ මාහිමියනගේ නාමයෙන් මිහින්තලා ගලැ’යි ද ප්රරකටවී. අභිනව ධර්මානුගත ශිෂ්ඨාචාරය වහාම සිංහල දේශයෙහි පැතිර ගියේය. මුට සීව රජු‍ගේ මහා මේග වනය භික්ෂූන් වහන්සේගේ ප්රියෝජනය සඳහා පුදන ලදී. එහි නා නා




1. දීඝායු 2. මීට ප්රේථම ගණතිස්සයකුගේ පාලනයක් ද සමහරෙක් කියත්. 3. උතුරු කථා පුවත් ඇසු සමහරෙක් මුන්වහන්සේ අශෝක රජු‍ගේ සෙ‍ාහොවුරු කෙනෙකැයි කියත් (Early history of India . A. V. S)





xii

තන්හි භික්ෂූන් වහන්සේ ගේ වාසය සඳහා ආවාස ගෘහයෝ ගොඩනංවන ලදහ. ඒ ආවාස රැස පසුව මහා විහාරයයැ’යි ප්රහකට වී. ස්තූපාරාමය ආදි චෛත්යlයෝ ද බදවන ලදහ. මහත් ප්රයබෝධයක් රටේ ඇතිවී. ලක්දිව ඒ ඒ තන්හි පෙර ද්වීපයෙහි නු වූ කදිම ශිෂ්ඨාචාරයක් වන් බව දක්වන සේ පෙර නු වූ ආරාම චෛත්ය ආදිය නැඟී පෙනෙන්නට වන. මඳ කලෙකින් මහේන්ද්රන මාහිමියන ගේ සොහොවුරිය වූ සංඝමිත්තා ස්ථවීරීන් වහන්සේ ද බුද්ධගයාවේ සිරිමා බෝ රුකින් ශාඛාවක් ද ගෙන මෙහි වැඩියහ. සර්ව සාධාරණවූ ශාන්ත ධර්මය මෙහි වන් බව ප්රනකාශ කරවන මෙන් සිංහල කාන්තාවෝ ද මහණව ගෙන මෙහෙණි සසුන් වන්හ. (ක්රි :ව: පෙර 2479)

තිස්ස රජුගේ සමයේදී එ රජුගේ සොහොවුරු වූ මහා නාග නම් කුමාරයා රුහුණු ප්රේදේශය දියුණු කොට ගෙන අපරාධීන ප්රමදේශයක් බවට පත් කෙළේය. උග්රණ පරපුරෙහි වූවෝ දක්ෂිණ දේශයෙහි කැලැණි පුරය ද රාජධානියක්‍ කොට තවත් රාජ්ය යක් ඇති කළහ. මෙසේ තිස්ස රජු ගේ අභාවය වන විට ලක්දිව වෙන්ව පාලනය වන තුන් රාජ්යඇයෙකින් යුක්තවී. අනුරාධපුරයෙහි තිස්ස රජුගේ සහෝදරාදීහු ශතවර්ෂයක් පමණ කාලයක් රට පාලනය කළ පසු චෝළ දේශයෙන් පැමිණි උජු ගෝත්ර යෙහි එළාර නම් ද්රළවිඩ කුමාරයෙක් මහත් ද්රිවිඩ භට සේනාවක් ‍කැටිව පැමිණ අනුරාධපුරය සහිත උතුරු සමබිම නතු කොට ගති. එවකට රුහුණු දේශයේ සිටියේ මහානාග රජුගේ පරම්පරායෙන් පැවැත ආ (කාකවර්ණ) තිස්ස රාජයාය. කැලැණියේ සිටියේත් එම පරපුරෙහි ම වූ තිස්ස රජෙකි. මෙම කාලයේදී මෙහෙසිය සඳහා කැලැණීයේ තිස්ස රජායාත් උහුගේ සහෝදරයාත් අතරෙහි වූ අවුලක් විනා කැලැණියේ රාජධානිය වැටී ගියේය. කැලැණි‍ තිස්ස රාජයා ගේ රට හිමි කොට ගැන්මට සිටි එකම දියැණියන් මාගම (කාකවර්ණ) තිස්ස රජුට මෙහෙසිය වීමෙන් දෙරටක් එක්කොට ගැන්මෙන් බලවත් වූ දෙමහල්ලෝ ඉතිරි රටත් අත් කොට ගැන්මට වුවමනා කරුණු මනා පරීක්ෂා වෙන් ද ඉවැසිවත් කමින් ද නැනවත් අයුරින් ද යොදා ලූ. ද්රවවිඩයන් මැඩ රජරට අත් කොට ගැන්මට උවමනා සියලු ම කරුණු සම්පාදනය කොට ගත් මාගම තිස්ස රජ තෙම සමබිම් වැස්සන ‍ගේ සෘජුවූ ද්රකවිඩ රාජයා හට ඇති පක්ෂ බව









iii

බලවත් හෙයින් එද මැඬලා සටන් කිරීමට වුවමනා කරුණු සම්පූර්ණ කෙරෙමින් සිට සිවුසැට වයසෙහිදී මෙළේය. (ක්රිණ:ව: පෙර 100?)

(කාකවර්ණ) තිස්ස රජු ගේ මරණින් පසු ගාමණි අභයය තිස්සය යන උහු පුත්රායෝ දෙදෙන රාජ්ය්ය සඳහා සටන් කොට ගත්හ. එසේ වුවත් මළ පියා ගේත් තමන ගේත් පරමාර්ථය වූයේ උන්ට සටන් කොට ගැන්මෙහි භට සේනාවන් සපයා තැබීම නොව ද්ර විඩයන් මැඩීමෙහි වුවමනා කරුණු සම්පාදනය කිරීම බව උන්ගේ මෑණීයෝ ප්ර කාහ කළහ. මේ වීර රාජකීය අඹුසැමි දෙදෙනගේ ගුණයෙන්ම පණ පොවන ලද භට හමුදාවෝත් සොහොවුරන් දෙදෙනා ගේ සටන්හිදී පසෙකට වී බලා සිටියහ. එහෙයින් අරගලය බලතර‍ නො වී. ඌ දෙදෙන සමගිය ඇති කොට ගෙන මව ගේ අදහස පරිදි ද්රිවිඩයන් ගෙන් ගඟිනෙතර මහ සමබිම ගන්නට සූදානම්වූ. වැඩිමහලු ගාමණි අභය තෙමේ මාගම රාජයාව නොබෝ දිනෙකින් සිය මවුපියන ගේ අදහස පරිදි ද්රමවිඩයන් හා සටනට ඉදිරිපත්වී. සියලු අතින් ම එයට සැරැසී සිටි මාගම පවුලේ වූවෝ මඳ කලෙකින් ද්රහවිඩ බලය සිඳ ලූ. ගාමණි අභය රජ තෙමේ තමන් විසින් නසන ලද සෘජු ගුණයෙන් සුප්රිකටවූ රජ රට සිංහලයනගේ බුහුමනට හිමිකාරයා වූ එළාර (ක්රි :ව: පෙර 145 – 101) රජු ගේ සිරුර අදාහානය කරවා කොතක් බඳවා ලීමෙන් ද සිංහල ජාතිය පවත්නා තෙක් සියලු සිංහලයන් විසින්ම පුදනු ලබන බුහුමනින් පුදා අණ පැනැවීමෙන් ද නිරපරාධි වූ ද්රසවිඩ රාජයාට සැලැකී.

ලක්දිව සුප්ර කට නෂ්ටාවශේෂයන් අතරෙහි දැන් පවත්නා ලෝහ ප්රානසාදය විශාල කොට තැනැවීම ත් මහා සෑයයැ’යි සම්මත රැවන්වැලිසෑය හා මිරිසවැටිසෑය බැඳ විමත් ගාමණි අභය (දුටුගැමුණු) (ක්රිව:ව: රප 01 – 77) රජු ගේ ශාසනික කෘත්යියෝ වෙත්. මෙ රජුගෙන් පසු උහු මල් තිස්ස (සැදැහැතිස්) රජ තෙමේ රට පාලනය කෙළේය. (ක්රිම:ව: පෙර 77 – 59) මෙම තිස්ස රජුගේ පුත්ර යෝ බලවත් රාජයෝ නුවූ. එහෙයින් මඳ කලකින් ද්ර්විඩයෝ නැවතත් මෙහි බටහ. (ක්රි):ව: පෙර 44) ඌ තුමූ අනුරාධපුරයෙහි සිටි (වට්ට ගාමණි අභය) අජු පලවා හැර තුදුස් වසක් සමබිම පාලනය කළහ. තුදුස් වසකට පසු වට්ට ගාමණි අභය රජු නැවතත් අනුරාධපුරය









xiv

ගෙන රට පාලනය කරන්ට පටන් ගති. (ක්රිව:ව: පෙර 29 – 17) ලක්දිව ඇතිවූ “ධර්මරුචික” නම් නිකායේ මහ බලකොටුව බවට පත් අභය ගිරිවිහාරය 1 මෙ රජු විසින් බඳවන ලද්දෙකි. පසුකලෙක ඇතිවූ සාගලිකනිකායයගේ ජාත බූමිය වශයෙන් ප්රනකට දක්ෂිණ විහාරය 2 මෙ රජුගේ ඇමැතියකු විසින් කරවන ලද්දෙකි. වට්ට ගාමණි අභය රජු ගේ පුත්රවයා කොල්ල කාරයකුව සිටි හෙයින් චෝර නාග නමින් ප්රිකට වී. (ක්රික:ව: පෙර 3 - ක්රින:ව: 9) සුප්රාකට අශිෂ්ට අනාචාර ස්ත්රි යක වූ අනුලා රැජින මුහු ගේ මෙහෙසිය වූ. (ක්රිව:ව: 12 – 16). ඕ තොමෝ භයින් පැවිදිව සිට සිවුර හැර පැමිණි (කාලඛණ්ණි) තිස්ස (ක්රි::ව: 16 – 38) යන් විසින් නසන ලදු. මින් පසු ඇති වූ රාජයෝ නොයෙක් පුන්යණ ක්රිකයාවන්හි ද වැවු බැදැවීමාදියෙහි ද රාජ්යපය සඳහා උනුන් මරා ගැන්මෙහි ද යෙදී සිටියහ. උන්ගෙන් වට්ට ගාමණි අභය රජුගේ මුනුබුරකු වූ (ආමණ්ඩ) ගාමණි (ක්රින:ව: 79 – 89) රජු විසින් සාදවන ලද රිදී විහාරය කුරුනෑගල ප්රරදේශයේ අදත් ප්රණකටව පවතී. නාග මහා විහාරය නමින් ප්රිකට ව පැවැති තිස්ස මහාරාම විහාරයේ සෑය බඳවාලු (ඉළ) නාගරජු (ක්රිර:ව: 93 – 102) පලවා හැර ලැමැනි වංශවත්හු තෙවසක් රට පාළනය කළහ. ඉළනාග රජ තෙමේ සින්ධු දේශයට පලා ගොස් ද්රාවිඩයන ගේ උපකාරය ලැබ ලම්බකර්ණයන් මැඬී.

ශුභ නම් (දොරටුපාල) රජු (ක්රිය:ව: 120 -126) සමයෙහි නැවතත් ලැමැනියෝ බලවත් වූ. එම වංශයෙහි වූ වසභ තෙමේ ශුභ රජු මරවා අනුරාධපුරයෙහි රජ වී (ක්රිය:ව: 127 – 171) මේ රජ බොහෝ වැව් බැඳැවුවෙකි. උහු පුත් (වක්නැහැ) තිස්ස (ක්රිය:ව: 171 – 174) රජු දවස චෝළ දේශයේ රාජ කාවිරියේ වේලලක් බැදැවීමට සිංහලයන් අල්වා ගෙන ගියේය. චෝළ රාජයන් පරදවා දහස් ගණන් චෝළයන් මෙහි අල්වා ගෙන ආ (ගජබාහු) ගාමණි අභය (ක්රි්:ව: 174 – 196) රජ තෙමේ මෙම තැමැනි පෙලෙහි අවසානයාවී. මෙ රජු සමයෙහි පතිනි දෙවියන් ඇදැහීමත් ලක්දිව පතළවී. ගාමණී අභය රජ අල්වා ගෙනැවිත් මෙහි වැස්වූ චෝළයෝ සිංහල ජනකා‍යයෙහි ගිලී ගත්හ. උන්ගෙන් පැවැතෙන්නෝ මේ තෙක් වෙසෙත්.




1. දැනට ජේතවනාරාමය නමින් ප්ර කටය 2. දැන් එළාර සොහොන නමින් ප්‍රකටව පවතින්නේ මෙම විහාරයයි.







xv

වෛතුල්යපවාදයන් නැසීමට ඉදිරිපත් වී පොත් දවාලීමෙන් මෙන් ව්යුවහාරයට පත් තිස්ස රජ තෙම (ක්රිද:ව: 269 – 291) මෙහෙසිය පිණිස සොහොවුරකු විසින් නසන ලදී. විජය කුමාර (ක්රින:ව: 302) නම් රජු දවස තෙවැනි වරටත් ලම්බ කර්ණයෝ බලවත් වූ. (සඟ) තිස් (සඟ) බෝ (ගෝඨක) අභය යන ලැමැති කුමරුවෝ අනුරාධපුර රාජයා මරා රට අත් කොට ගත්හ. උන් ගෙන් ප්රැථමයා විෂ යෙදූ දඹකා මෙළේය. දෙවැන්නා අත්තනගලු වනයේදී (ගොඨක) අභයන් පිණිස මැඟියකු විසින් හිස සිඳලන ලදී. මෙම (ගොඨක) අභය රජු සමයෙහි (ක්රිණ:ව: 305 – 322) දක්ෂිණගිරි විහාරයේ “සාගලික” නිකායය ඇති වී (ක්රි):ව: 311) මුහු ගේ වැඩිමහල් පුත්රස (ජෙට්ඨ) තිස්ස රජ (ක්රිි:ව: 323 – 333) මහවැව් සයක් බඳවා ලීමෙන් රට දියුණූ කෙළේය. පියා ගේ සොහොන වටා ද්රෝඨහ අමාත්යයයන් සැට දෙනෙකු උල හිඳුවා මැරැවීමෙන් මේ තෙමේ කෲරයකු මෙන් වතළ වී හම්බන්තොට පළාතේ මුල්ගිරිගල විහාරය මුහු විසින් තනවන ලද බව සැලකේ. මෙ රජහට මලු වූ (මහා) සේන (ක්රිද.ව. 331 – 361) රජ තෙමේ ලක්දිව සුප්රමසිද්ධ වැව්කාකරයාය. අද දවසේ පවත්නා මින්නේරි වැව කවුඩුලු (රන්තිස) වැව ආදියෙන් (මහා) සේන රජ රටේ දියුණුව සඳහා වෙහෙස ගත් පමණ ප්රසකාශ වේ. සාගලික නිකායයට බලමණ්ඩලය වූ ජේතවනාරාමය 1 මෙ රජු විසින් බඳවන ලදී. මෙ රජගේ පුත්රි ශ්රීල මේඝවර්ණ රජු සමයෙහි කාලිංග දේශයෙන් දළදාව මෙහි ගෙන එන ලද බව වංශ කථාවන්හි දැක්වේ. එවකට සින්ධූ දේශයේ බලවත් රාජයා වූයේ සමුද්රබගුප්ත තෙමේයි. මෙම වංශයෙහිම වූ බුද්ධදාස රජ තෙමේ සුප්ර සිද්ධ වෛද්යරවරයෙක්වූ. වෛද්යෙ ශාස්ත්රුය පිළිබඳ සාරාර්ථ සංග්රදහයක් මෙ රජ කෙළේල. මුහු මල් මහානාම (දෙවැනි) සිවුරු හළ රාජයාගෙන් තෙවැනි ලැමැනි පරපුරත් අවසන්වී. (ක්රින:ව: 431)



1. මෙය දැනට අභය ගිරිය නමින් ප්ර‍කටය. දැන් ජේතවනාරාමයැයි කියන්නේ නියම අභයගිරියටය. ජේතවන විහාරය ජෝතියවනය නම් වූ නන්දන වනයෙහි යගාඩ නංවන ලද්දෙකි. එය මහ වෙහෙරට ළං වූ හෙයිනි. සීමාවක අරගලයක් ඇති වූයේ. අභයගිරිය මහා විහාරයට නො අයල්ව නගරයෙන් පිටත උතුරු දොරටුව සමීපයේ ගොඩ නංවන ලද්දෙකි. වැඩි විස්තර කුමටද? ජේතවන සෙල්ලිපියයැ’යි කියන ලේඛනය කියවා බලනු.









xvi

(ඊ)

අපේ නෑයනගේ රට.

සංස්කරණය

පසළොස්වක දිනෙක සවස සිත්කලු වූ කොළොම්ග තොටින් නැව් නැඟී නෑගම් යනු පිණිස සීතා පිටත්ව යාත්රාො කෙරෙමු. මධ්යවම රාජත්රිමයෙහි පූර්ණචන්ද්රොයා සර්වසාධාරණව කාන්තිය පතුරුවා හැරීමට ආකාශයේ මුදුනට නැඟි සිටි කල්හි නැඟිට පෙම්වත් වූ අ‍පේ රම්යය දේශය සිහි කොට ඇල්මෙන් පසු හැරී බලමු. එකල්හි අහස අප කෙරෙහි ප්ර‍සන්න වත් හොත් මයිල සියෙයෙකින් ඔබ්බෙහි වූ අප ගේ ආදරණීය ලක්මව ගේ මුහුල යැ’යි සම්මත සමනොළ පර්වත කූටය අදුන් කුළක් සේ දර්ශනය වේ. චෝළ මණ්ඩලයේ තැවෙමින් ලක්මව සිහි කොට මළ අපේ (5) මිහිදු රජු හා කන්ද උඩ රට ඇත්තන් පල්ලම් බස්වා දේශ ත්යාටගය කැරැවූ උඩරට ශ්රීද වික්රමම රාජසිංහ නම් වඩුග රජාණන් ද සිහි කොට නැවතත් ඉදිරිපත බලමු. එකල්හි දර්ශනය වන්නේ සඳපහනේ ඔද වැඩි රළ මාලාවන් ගෙන් ගැවැසී බබලන සමුද්ර් තලය ම වේ. එසේ වුවත් තවත් මයිල සියයෙකින් ඔබ්බෙහි ඇත්තේ අපේ නෑයන් වසන සින්ධු දේශයේ දක්ෂිණ කෙළවර වන කුමාරී තුඩුව වේ. මෙම කුමාරි තුඩුවේදී සින්ධු දේශයේ පෙර පැල දෙදින සමුද්ර තීරයෝ එක් වෙත්. එහි සිට වයඹ ඊසාන දෙදිග බලා ක්රයමයෙන් එකිනෙකින් ඈත් වෙමින් විහිදී යන මෙම සමුද්රඹතීර ද්වයෙන් එකක් “කොරමන්ඩල්” වෙරළ නමින් ද අනික “මලබාර්” වෙරළ නමින් ද ප්රවකටය. ඉන් මලය පර්වත ප්රාරන්තය ආශරිබ ත මලබාර් සමුද්රමතීරයෙහි පැලදිග අරාබි සමුද්රවයෙන් නැඟි නැඟී එන‍ රළමාලාවෝ හැපී බි‍ඳෙත්. පෙර පස චෝළ මණ්ඩලය ආශ්රිදත කොරමන්ඩල් සමුද්රමතීරයෙහි බංගාලය මුහුදින් නැගෙන රළ ආශ්රිලත පෙණමාලාවෝ ගැටෙත්. අරාබි මුහුද හා බංගාල මුහුදත් බළල් කන්දෙකක් සේ ක්රිමයෙන් ඉන්දීය මහා සාගරය දෙසට පුළුල් වෙමින් විහිද ඇත. එ දෙක අතරෙහි වූ සින්ධු දේශය සුණුවම් කරන හැඳි තලයක් සේ සින්ධු සාගරය දෙසට හුල්ව විහිදී පවතී. මෙම සමුද්රය තීර ද්වය අතරෙහි වූ සින්ධු දේශය දක්ෂින පථය (ඩැකාන්) නමින් ප්රමකට මධයම ප්රවමාණයේ උස් තැන්නෙකි. මෙම තැන්නේ පැලදිග අද්දර මහා ප්රතපාතයෙක ඉවුරෙකි.









xvii

උස් වූ මහා වැව් වේල්ලක් වන් මෙම ඉවුර පූර්වයෙහි මලය පර්වතය නමින් ප්රහකට වුව ද දැන් බටහිර “ඝාට්” කඳු නමින් දැක්වේ. මෙහි සිට දක්ෂිණ පථයේ භූමිය මඳින් මද ව පෙරදිගට නිම්නව යේ. එහී සීමාවෙහි ද පැලදිග දීමාවෙහි සේ ම වුව ද එයට වඩා මඳ උසින් යුත් ප්ර්පාතයෙක ඉවුරෙකි. එය පෙරදිග “ඝාට්” කඳු නමින් ප්ර කටය. මෙම පෙරදිග “ඝාටි” කඳු නමින් ප්ර කට ඉවුරටත් සමුද්රප තීරයටත් අතරේ පුර්වයෙහි කණ්නාඩි දේශය නමින් ප්රපකට කර්ණටය නම් පහත් සමබිම් තීරයක් වුවද පැලදිග “ඝාට්” කඳු පෙලටත් සමුද්ර තීරයටත් අතුරෙහි ඇත්තේ වේගයෙන් ගලා බස්නා එකම ප්ර පාතයෙකි. මෙසේ සින්ධු දේශයෙහි උස්ව නැගී අරාබි මුහුද දෙස බලා සිටිනා ප්රදපාතාකාර සමුද්ර තීරයක් ද ඉතා පහත්ව බංගාල මුහුද දෙසට මුහුණ පා සිටින සම තල සමුද්රත තිරයක් ද වේ. එහි වැඩෙන වෘක්ෂ පඬ්ක්තීහු සමුද්රපයෙන් නැගී සිටිනා සෙයින් ක්ෂිත‍ිජයේ ගැටී දුරට පෙනෙත්.

නැව ක්රාමයෙන් යාත්රා කරත් කරත්ම - පූර්ණ චන්ද්ර්යා පැල දිග සමුද්රුයේ ගැලෙන්ට සූදානම් වත්ම - මයිල කිහිපයෙකින් ඔබ්බෙහි පැලදිග ක්ෂිතිජයේ ගැටී සිටිනා අඳරුවන් රේඛාවක් දර්ශනය වේ. ක්ර්මයෙන් මෙම රේඛාව මහත් ව වන රොදක් සේ පෙනේ. වඩාත් ළංවත් ම සමුද්ර්තීරයක් හා ඒ ආසන්නයෙහි වූ වෘක්ෂ සමූහයෝ ද නගරයෙක ධවල වර්ණ ගොඩනැඟිලි ද වෙන්වෙන් ව පැහැදිලි ව දර්ශනය වෙත්. මෙම නගරයාගේ ගොඩනැඟිලි අතුරෙහි ප්රිකට ව පෙනෙන්නේ නම් කපු කර්මාන්තශාලාවෝ වෙති. මේ වනාහි කපු ප්ර‍දේශයෙක් වේ. එහි වැසියෝ අපේ කුවණ්ණවන්ගේ කාලයටත් පෙර කාලයෙක පටන් කපු වවා, කපු කැට, කපු වස්තු වියා - කපු රෙදි හැද පුරුදු ඇත්තෝ වෙති. ඒ වනාහි මෙහි සිට ගම්බලා යාත්රාව කරන ද්ර විඩ ජනයන් ගොඩ බස්නා “තූත්තුකුඩිය” නම් තොටමුණු නගරය වේ. අපිදු එහි සමුද්රජතීරයට ගොඩ බසිමු. හෝ ! මේ අපේ චන්ද්රගවංශයේ න‍ෑයන් ‍ගේ පාණ්ඩ්ය දේශය නොවැ. (දෙවැනි) සේනරජුගේ කාලයේ දීත් අපට රිසි සේ හැවිද පුරුදු ඇති අපේ ඥාතී මිත්රශයන් ‍ගේ වෙරළේ අපි ඉතා සතුටින් පාද ස්පර්ශය දී හැවිදිමු. වෙරළින් ඔබ්බෙහි කර්ණට සමබිම ඔස්සේ උතුරු අතට මඳ දුරක් ගොස් අවට බලමු. එසේ වුවත් එක් සෘතුවෙක්හිදී වසින අධික වර්ෂා ජලයෙන් එකල්හි මෙම









xviii

භූමිය අතිශයින් සශ්රි කව පෙනේ. එවිට ගොවිතැනින් ලැබෙන මහත් අස්වැන්න අති මහත් ජනකායයක ගේ වැටීමට ප්රපමාණ වේ. තවත් ඔබ්බෙහි බටහිරි දෙස බලමු නම් පැලදිගු ක්ෂිතිජයේ ගැටී මලබාර් සමුද්රසතීරය බද පර්වතයෝ දර්ශනය වෙත්. එහි උස්තැන්නක් නැත. කර්ණට සමබිමේ දක්ෂිණ කෙළවරේදී බටහිර “ඝාට්” කඳු හා නැගෙනහිරි “ඝාට්” කඳු එකට ගැටී ඒකාබද්ධ වන හෙයින් එහි උස්තැන්නක් පිහිටිමට අතරක් නැත. පෙර පැල දෙ දිගින් එන “ඝාට්” කඳු එක්වීමෙන් නැඟී සිටිනා පර්වත පඬ්ක්තිය පෙර දිගින් වූ කර්ණට සම බිමේ පැල දිගු අද්දර අරාබි මුහුදට බඳිනා ලද මහ වේල්ලක් සේ නැඟී පවති. එහි වූ කූටයෝ ලංකාවේ පිදුරුතලාගල පමණට උස්ව සිටිත්. මෙම කඳු පඬ්ක්තියේ පැල පස බෑවුම කාර්දමන් හෙල් නමින් ප්රණකට ව පූර්වයෙහි චේර හෝ කේරල දේශය නමින් ප්රමකට ව පැවැති කොචින් හා ට්රවැන්කෝර් යන ස්වදේශ ආණ්ඩුව පවත්නා දෙ පෙදෙසට බැස යේ.

කමතක් මධ්යටයේ ගොයම් කොළ කැටි රැසක් වන්ට කර්ණාට සමබිම මධ්ය්යේ තනි තනි ව නැඟී සිටිනා කඳුගැට රැසක් තූත්තුකුඩියෙන් සියක් මයිලයෙකින් ඔබ්බෙහි වේ. ඒ වනාහි අපේ නායක්කාර වංශවත් නෑයන ගේ වාස භූමිය වූ “මථුරා” පුරය පිහිටි ස්ථානය වේ. සාමාන්යනයෙන් දක්ෂිණ මථුරා නමින් ප්රිකට මෙම නගරය වනාහි දක්ෂිණ සින්ධු දේශයේ මහා පුණ්යකක්ෂේත්ර‍ත්ර්යයෙන් එකෙකි. අනික් දෙ පින් කෙත ඉනුත් සියක් මයිලයෙකින් ඔබ්බෙහි එකිනෙකින් නුදුරුව පිහිටි ත්රිකවීනා පොලිය හා තන්පෝරුවත් වේ. මේ දෙතැන ද දැනට පුරයට යාමට ඇති මාර්ගය ආසන්නයෙහි පිහිටා ඇත.

ත්රි වීනාපොලියෙන් එක්සිය පනස් මයිලයෙකින් ඔබ්බෙහි පැල පසින් ඌටි නමින් දක්නා ලද අපේ නුවරඑළිය වන් ඌටකමාන්ඩ් නගරය නීලගිරි කඳු මත්තෙහි වේ. මුහුදු මට්ටමින් අඩි සත්සියයෙකින් මත්තේ පිහිටි මෙම නගරයේ සිට පහත බලත් හොත් අපේ නුවරඑළියේ සිට දකුණුපස බලන කල්හි මෙන් ප්රාපන්තයන ගෙන් ගැවැසි බිමක් දර්ශනය වේ. ඉහල බලත් හොත් පිදුරුතලාගල මෙන් නැඟී සිටිනා (මුහුදු මට්ටමින්) අඩි නවදහසෙකින් මත්තෙහි වූ නීලගිරි









xix

කඳු මුදුන පෙනේ. මේ උන්නත භූමිය වනාහි දක්ෂිණ පථය නම් වූ උස් තැන්නේ දක්ෂිණ කෙළවර වේ. පෙර පැල දෙ දිග “ඝාට්” කඳු එක්වනනේ මෙහි දී ය.

නීගලිරි පර්වත ප්රානන්තයේ සිට දකුණට හැරී බලන කල්හි නෙතට හමුවන භූමියේ දර්ශනය ඉතා ප්රිනයකරුය. එහිදී පැලදිග වෙරළ ඔස්සේ නැඟී විහිදී කඳු පෙල භින්නව බලනේ කඳු මුදුනේ සිට දකුණු දෙස බලන කල්හි පෙනෙන ගිරි කපල්ල වන් වුවත් එයට වඩා පුවල්වූ ගිරි ද්වාරයෙක් දර්ශනය වේ. මුහුදු මට්ටමින් අඩි දෙතුන් දහසකට වඩා උස් නුවූ පුළුලින් විසි මයිලයක් පමණ විශාල මෙම ගිරි කපල්ල නම් කර්නාට සමභූමියේ සිට මලබාර් වෙරළට පැමිණීමට මාර්ගය වූ “පාල් ඝාට්” නම් වූ කොයිම්බතුර් ද්වාරය වේ. මේ වනාහි වර්ග මයිලයකට සාරසියෙකිනුත් අධිකව ජනයා ගහන වූ කර්ණාට සමබිමත් කොචින් හා කලිකට් 1 යන සෑහෙන පමණ යහපත් තොටමුණු සහිත පැලදිග සමුද්රි තීරය බඳ පෙදෙසත් යා කරන මාර්ගය වේ. නීලගිරි පර්වත ප්රාුන්තයෙහි අපේ උඩරට කඳු පා මුල්හි සෙයින් ගෝණ, මුව, කොටි, වලස් අ‍ාදි මෘගයන ගෙන් ගැවසී මහා වනයෝ වෙත්. කඳු බෑවුම්හි මස්කෙළියේ තේවතු වන් තේවතු හා සිංකෝනා වතු දක්නට ඇත.

නීල ගිරියෙන් උතුරෙහි “ඝාට්” කඳු අතර මහතැන්නේ පුරාතන චෝළ දේශයෙන් ද වනවාසයෙන් හා කුන්තල දේශයෙන් ද කොටස් සහිතව කොංගු දේශයත් ඇතුළු වූ මයිසූර් නම් ප්රදදේශය වේ. පැලදිග සමුද්රතය බල බලා පැලදිග ඝාට් කඳු පෙ‍නෙන නැඟී පෙරදිගට බස්නා කාවේරි නදිය මෙම ප්රදදේශයට මැදින් ගලා බසී. පෙරදිග ඝාට් කඳු පෙලින් කර්ණාට සමබිමට වදනා තන්හි දී මෙම නදිය විශාල ඇල්ලෙකින් පහතට ඇද හැලේ. දැන් වනාහි මයිල සිය ගණනෙකින් මත්තෙහි වූ “කෝලාර්” රන් බිමට පවා මින් ආපෝ බලය සැපයේ. කර්ණාට සමබිමට වන් නදිය ත්රි“වීනාපොලිය හා තන්ජෝරුව පසු කොට බංගාල මුහුදට වදී. (වක් නැහැ) තිස්ස රජු සමයේ අපේ මුත්තන් වේල්ලක් බැඳීමට ගියේ 2 මෙම නදිය මැදින් ය. සිංහලයනුදු මුදවා ගෙන සොළිය හුද බඳවා ගෙන එනු පිණිස (ගජබාහු) ගාමනි අභය රජු



1. කෝලි කුට්ටු 2. රා:ව: 45 පිට






xx

ගොඩබැස්සා වූ ද උපකාර ලබා ගනු සඳහා නාරසිංහවර්මන් රජු සේවයේ අපේ මානවර්මන් රජු ‍ෙබාහෝ කලක් වාසය කළාවූ ද ප්රවසිද්ධ කාවේරි පට්ටනම මෙම නදී මෝයේ උතුරු ඉවුර අසල වේ.

මේ වනාහි අනුරාධපුර පරිහානි සමයේ දී අපට න‍ිතොරව ආශ්රියට හමු වූ ද්රවවිඩ ජනයන ගේ වාස භූමිය වේ. දක්ෂිණ සින්ධු දේශයේ බලවත් ජනයන් වූ මුන් ‍ගේ බලය පැවති ප්රනදේශය “පඤ්චද්රාිවිඩ 1” නමින් රාජය පසෙක්හි ලා සඳහන් වේ. එසේ වූවත් අනුරාධපුර සමයේ දී නිබඳව ම අප හා ආශ්ර්යට පැමිණියාහු ඉන් තෙ පෙදෙසක ජනයෝ වූ 2. පූර්වයෙහි දක්ෂිණ සින්ධු දේශය “තමිළ ගම්” නමින් ප්රෙකට ද්ර විඩ දේශය ‍වී. එහි පාණ්ඩ්ය්, චෝළ, කේරළ යන ද්රතවිඩ ගෝත්රියන් හි ජනයෝ වූ හ.

දැන් මදුර, තින්න වෙල්ලි යන නමින් ප්රෂකට පෙදෙස් හා දක්ෂිණ ට්ර්වන්කෝර් පෙදෙස ද පූර්වයෙහි පාණ්ඩ්යි දේශය වී. තින්න වෙලිල් (තෘණවෙලී) පෙදෙසෙහි වූ තාම්රසපර්ණි නමින් සුප්රිකට ව පැවති නදී තීරයෙහි ගොඩ නගන ලද කෝල්කේයි නගරය පාණ්ඩ්යායන ගේ ප්ර ධාන ස්ථානය වී. පසු කාලයෙක පාණ්ඩ්යියෝ මථුරාපුරය ස්වකීය අගනුවර කොට ගත්හ. පෙරදිග සමුද්රාතීරය ඔස්සේ පෙන්නෙර් නදීමොය සිට වෙල්ලාර් නදී මෝය තෙක් ද ගොඩ දෙසින් මලය දේශ සීමාව (දැක් කුර්ග් නමින් ප්රාකට පෙදෙස) තෙක් ද පැතිර පැවැත්තේ චෝළ දේශය වී. උරෙයි යූර් නමින් ප්රරකට ව පැවැති පැරැනි ත්රි වීනපොලිය එහි අගනුවර වි. කාවේරි නදියේ උතුරු ඉවුරේ පිහිටි කාවිරි පට්ටි නම එම නගරයෙහි මහතොට වී. දැනට කොඤ්ජිවීරම් නමින් ප්රාකට ව පවත්නා කාඤ්චි පුරයද අපට අසා පුරුදු ඇති ‍එහි වැදගත් නගර යෙකි.

දැනට ට්රදවන්කෝර්, කොචින්, මලයාලය යන නාමයන ගෙන් ප්රපකට ව පවත්නා පෙදෙස් නම් පුරාතන කේරල දේශය වේ. එහි වැස්සෝ අපේ අනුරාධපුර රාජයනට ආරක්ෂක භටයන් වූ කේරලයන ගේ නෑයෝ වෙත්. ඌ තුමූ “මලයාලම්” නම් ද්රාෝවිඩය භාෂාවක් කථා කෙරෙති. දැනට කොයිම් බටුර් ප්ර දේශය නමින් ප්රකකට රට. සාලෙම් ප්රවදේශයේ දකුණු



1. පාණ්ඩ්යට, චෝළ, කේරල, මහාරාෂ්ට්ර්, කුර්ජර් 2. පාණ්ඩ්යට, චෝළ, කේරළ







xxi

කොටසක් පුරාතනයෙහි කොංගු දේශය නමින් ප්රළකට වී. පසුව එ ද කේරල දේශයෙහි ම ඇතුළත් කොට ලන ලදී. මෙම එක්සත් කේරල දේශයේ අගනුවර පැවැත්තේ දැනට කොචින් නගරයට අසලව පෙරියාර් නදී තීරයෙහි තිරිකාරූර් නමින් පවත්නා වඤ්ජි පුරය වේ 1. පසු කාලයෙක පෙරියාර් නදී මෝය අසල පිහිටි “තිරු වඤ්ජික්කාලමි” නගරය එහි අග නුවර බවට පත්වී.

මෙ පෙදෙස්හි පුරාතන කාලයේ නානා ගෝත්රරයන්හි ජනයෝ වාසලය කලහ. පැරැකි ද්රේවිඩ ග්ර‍න්ථකාරයෝ විල්ලවාර් (වැද්දෝ) මීනවාර් (කෙවුලෝ) නාග යන ගෝත්ර.යනට අයත් ජනයන් සඳහන් කළහ. අද දවසේ වන ගතව වසන භිල්ලෝ මිනාවොත් පළමු සඳහන් දේවර්ගයා ගෙන් පැවැතෙන්නෝ වෙති’යි නාවංශකාරයෝ කියති. නාගයෝ නම් දුනු මළපුඩු ආදිය ගෙන හැසිරෙන කොල්ලකාර සැහැසි ජන කෙනෙක් වූ හ. කොඤ්ජිවීරම් පෙදෙස ආසන්නයෙහි අරුවා නාඩු, අරුවා නාඩ තලෙයි ආදි තන්හි වෙසෙන අරුවාළර් නමින් ප්රිකට ජනයෝ ද එයිනාර්, මරවර්, ඔලියාර් යන නමින් ප්ර කට ජනයන් හා මසුන් මැරීමෙන් ජීවත් වන “පරදවාර්” නම් ගෝත්රියේ ජනයෝත් මෙම නාග වර්ගයට අයත් වෙතැයි කිසිවෙක් සලකති. සේ සියලු ජනයෝ පසු කාලයෙක එ පෙදෙස්හි පැතිර ගත් බලසම්පන්න ද්රකවිඩ ජනකායෙහි නිමග්නව ගත්හ. මෙසේ මිශ්ර වූ ජනයෝ පාණ්ඩ්යස, චෝල, කේරළ යන තුන් රටක් පිහිටුවා ‍ගෙන වෙන් වෙන්ව පාලනය වන්ට පටන් ගත්හ. උන් උන් වර්න් වර සටන් කොට ගත්හ. පාලන පක්ෂයෙහි වූ වෝ වෙල්ළාලර් (කෘෂි කාර්මිකයෝ) නමින් ප්රපකටය හ. රජ තෙමේ උන් ගේ නායකයා වී.

පාණ්ඩ්යන රජ තෙමේ තමා “මාරර්” නම් ගෝත්ර යෙකින් පැවැතෙන්නෙක් යැ’යි කියයි. එහෙයින් පාණ්ඩ්යර කුමාරයෝ “පාළෙයියන් මාරන්” යන නාමය දුරූ. ඌ අපේ මලය රාජයන් සේ ප්රමකට වූ. “පැරැනි මාරන්” තැන ‍ගේ වාස භවනය වූයේ කුමාරි තුඩුවෙන් නුදුරෙහි “පොඬිය” කඳු ගැටය අසල මෝගුර් නගරයයි.



1. ගිරි වංශයෙහි වූ අලකේශ්වර පරපුරෙහි මුල් භූමිය මෙය ල.







xxii

චෝළ රජ තෙමේ තමන් “තිරයියාර්” (සමුද්රර ජන) නම් ගොත්රනයකට අයත් බව කියයි. මෙම ගොත්රලයෙහි ම රාජ්ය්යන් පෙක් කරිකාල් චෝළ රජු සමයෙහි කොඤ්ජිවීරමයෙහි සිටි බව පෙනේ. කේරල රාජයෝ තුමූ “වානවර්” නම් ගොත්රියෙන් පැවැතෙන්නෝ වෙති යි කියති.

මෙම රාජ්යමත්රවයෙන් ඔබ්බෙහි පෙරදිග සමුද්රයතීරය ආශ්රිෝත ව ගෝථාවරී කෘෂ්ණා යන දෙගං මෝය අතරෙහි ආන්ද්ර්යන ගේ තෙලඟු දේශය වී. ආන්ද්රතයෝ ප්ර්ථමයෙන් “ශ්රී් කා කුලම් නම් ස්ථානය අගනුවර කොට ගෙන වුසූ හත පසුව ගුන්ධූර් ප්රයදේශයේ කෘෂ්ණා (කිස්ටිනා) නදී තිරයෙහි පිහිටි “ධරනි කෝට” නමින් ද “අමරාවති” නමින් ද ප්රණකට “ධාන්ය කටක” නගරය උන් ගේ ප්රිධාන නගරය වී. ඉනුත් පසු කලෙක වයඹ දිග හයිදරා බාද් ප්රීදේශයේ ගෝධාවරී නදී තීරයෙහි පිහිටි දැනට “පයිඨන්” නමින් ප්රීකට ව පවත්නා “ප්රෙතිෂ්ඨාන” ය උන්හට අතනුවර වී. ආන්ද්රප දේශයෙන් ඔබ්බෙහි මහා නදී මෝය තෙක් ඔඩ්ඩිස දේශය හා කාලිංග දේශය වී. ඉන් ඔබ්බෙහි අංග, වංග, බංග. (ගෞඩ) ආදී දේශයෝ වූ හ. ආන්ද්රීදේශයට බටහිර පසින් දෙ නදිය අතරෙහි සුප්රේසිද්ධ දණ්ඩක ආරණ්යඩය ය. ඉන් උතුරු පස මහිස්මත් නගරය ප්රසධාන ස්ථානය වූ මහීස මණ්ඩලය ද ඒ හා යාවම මාලාව දේශය ද වී. මාලව දේශයට බටහිර පසින් සමුද්රණ තීරය තෙක් වූ යේ ලාට නම් වූ දක්ෂිණ ගුර්ජර් දේශය යි. ඉන් උතුරහි ගුජරාටි දේශය නමින් ප්‍රකට (උත්තර) ගුර්ජර් දේශය වී. පැලදිග ඝාට් පර්වත පඬ්ක්තිය ආශ්රි ත ව සමුද්රද තීරයට යාවම අපරාන්ත දේශය වී. “සුර්පාරිකා” නමින් ප්රකකට වූ යේ අපරාන්ත දේශයෙහි තොටමුණය. කාලිංග දේශයට බටහිරින් ආන්ද්රපදේශයට උත්රින් දක්ෂිණ කෝශල දේහය වී. වනවාසය ආශ්රි ත ව උතුරු පසින් වූ යේ කුන්තාල දේශය යි.

දක්ෂිණ සින්ධූ දේශ ශිස්ඨාචාරයේ තෝ තැන්න වූයේ මෙම පාණ්ඩ්යඝ දේශයේ අගනුවර ව පැවැති “කෝල්කෙයි” නගරය ය. ද්ර්විඩ ශිෂ්ටාචාරය නමැති ළදරුවාට තොටිලය වූ මෙම නගරය පාණ්ඩ්යල, කේරල, චෝළ යන රාජ්යදන් පිහිට වු වාලු සොහොවුරන් තිදෙනා ගේ වාස භූමිය වූ බව ප්ර කාශ ‍කරවන ආදි කථාවෝ වෙත්. සම්පූර්ණ සත්යායක් වශයනේ ඉතිහාසයෙහි නො සඳහන් කල හැකි වූ මෙම කතා ප්ර වෘත්ති








xxiii

යෙහි යම් කිසි වටනා සත්ය හර අංශුවක් ඇති බව නම් නිසැක ම ය. යථෝක්ත රාජ්යයත්රනය මෙහි වූ ජනයන්ගෙන් දියුණු වූ සොහොවුරු තෙ රටක් වශයෙන් අපට සැලකිය හැක. දැනට තින්නවෙල්ලි මණ්ඩලයේ තාම්ර පර්ණි නදී තීරයෙහි පිහිටි නො වැද ගත් ගමක් වන මෙම නගරය කලෙක මුතු, සක් ආදිය වෙළඳාමෙහි ලෝක ප්රගසිද්ධ පාණ්ඩ්යෙ පුරයක් වී. රාජධානිය මථුරා පුරය වූ කල්හි පවා මෙම නගරය වොටුණු දැරිම හිමි කුමරා ගේ වාසස්ථානය වී. ක්රධමයෙන් සමුද්රා තීරය නැඟී ඒම නිසා කෝල්කෙයි නගරය කරා යාත්රාගවනට පැමිණිම නො හැකිවී ගියේ ය. එහෙයින් එම නදී තීරයෙහි ම තුන් මයිලයෙකින් පහත භාගයෙහි වූ කායෙල් නම් ස්ථානය 1 ප්රමධාන වෙළඳ තොටමුණ වී. එද එසේම පිරිහී ගිය පසු තූත්තුකුඩිය පාණ්ඩ්ය දේශයේ නැවුතොට වී.

පාණ්ඩ්ය දේශය පඤ්ච පාණ්ඩ්යට කුමාර කෙනෙකුන් විසින් පසකට බෙදා ගන්නා ලද බව වාත්තාන්තයෙහි ප්රොකාශ ව තුදු “ඒ වනාහි පඤ්ච පාණ්ඩවයන් පිළිබඳ උතුර් කථා ප්රතවෘත්තිය වරදවා මෙහි අවුල් කොට ගැන්මක් යැ” යි කිසි පඬි කෙනෙක් සිතති. “එසේත් නොව පාණ්ඩ්යහ දේශයෙහි රාජයා හට සියමතානුගතව සාහිසිකයෙකු සේ රට පාලනය කිරීම නො හැකි වනු පිණිස පස් ජන කොටසක් වෙනුවෙන් පෙනී සිට රට පාලනයෙහි රාජයා හා එක් ව ක්රිණයා කළ පඤ්ච මන්ත්රි්මණ්ඩලයන් 2 පිළිබඳ ප්ර්වෘත්තියෙහි ඡායාමාත්ර්යක් වැටීමෙන් මෙම පුවත ඇතිවී යැ”යි සිතීමට එයට වඩා අවකාශ ඇත. අපට යම් කිසිවක් ප්රිථ‍මයෙන් නිසැකව කිය හැකි වන්නේ “නෙඩුම් වෙලියන්” නම් පාණ්ඩ්යි රාජයා ගැනය. මේ තෙම ලක්දිවින් සිංහලයන් ගෙන ගිය “කාරිකාල චෝළ” රාජයා ගේ මුනුබුරු වූ “නඩුමුඩි කිල්ලි” නම් චෝල රාජයාටත් “‍චෙන්කුට්ටුවාන්” 3 නම් බලසම්පන්න කේරල



1. මෙය මුසුලිපටාම් නම් තැනින් අනු මයිලයෙකින් බටහිර පස කිස්ටිනා නදී තීරයෙහි පිහිටි “ශ්රීමවා කෝලුම්” නම් ස්ථානය යැයි සැලකේ. සමහරෙක් ඒ මතය නො පිළි ගනිති. රා:ව: 67 පිට අ:යු 2. ජන, පූජක, නැක්තතෝ, වෛද්යකයෝ, (පාණ්ඩ්යන ජනසමාජයෙහි) (1) න්යාපය වේධීහු 2. ගොවීහු 3. එ‍ඬේරු 4. සිලපීන් හා වෙළෙන්දෝ 5. භටයෝ 6. සමීන්ෂකයෝ 7. මන්ත්රී හු යන පඬ්ක්ති ගතව කටයුතු කළෝ වූ. එසේ වුව ද ඒ කුල වංශයෙන් වෙන්වීමක් නො වේ. 3. චෝළකාරිකාල තෙමේ මේ රජු ගේ මුත්තණුවෝ (මතාමග) ය.






xxiv

රාජයාට ත් (ගජබාහු) ගාමණි අභය නම් සිංහල රාජයාට ත් සමකාලීනව සිටියේයැ”යි කිව හැක. ක්රිි:ව: 640 දී කාඤ්චි පුරයෙහි නාරසංහවර්මන් නම් වල්ලභ රජු වෙත පැමිණි “හ්යු.ඒන්-ට්සාං” නම් චීන භික්ෂූන් වහන්සේ එහි සිටියවුන් ගෙන් අසා දැන පාණ්ඩ්යය (මාලකෝට්ට) දේශයෙහි බුද්ධ ධර්මය පිරිහී ගිය වත් දිගම්බරයන් ගේ ධර්මය අතිශයින් දියුණු වූ බවත් සඳහන් කළ හ.

අටවැනි ශතවර්ෂයේ සිටි “අරි කේසරීන්” නම් පාණ්ඩ්යය රජ තෙමේ චෝළ දේශයෙන් විශාල කොටසක් නතු කොට ගෙන සිටි පල්ලවයන් පරාජිත කෙළේ ල. වරගුණවර්මන් (ක්රින:ව: 862/3) නම් රජ තෙමේ “ශ්රීම පුරම්බිය” නම් තැන සටනින් “අපරාජිත” පල්ලව රාජයා විසින් පරදවන ලදී. මේ රජු හා එක් වූ (1) “රාජ කේසරිවර්මන් ආ‍දිත්යා” නම් චෝළ රජ තෙමේ පල්ලවයන් පරාජිත කොට “තෝන්ඩෙයි නාඩු” ව තෙක් චෝළ බලය පතුරුවා ලි. මෙකල්හි පල්ලව රාජයනගේ ප්රඩදේශයනටත් පාණ්ඩ්යත දේශයටත් අතරෙහි වූ චෝළ දේශය බෙහෙවින් පිරිහී පැවැත්තේ යත වික්රටමාදිත්ය‍ චාලුක්ය රාජයා විසින් නන්දිවර්මන් රජු පරාජිත කිරීමෙන් (ක්රිර:ව: 740) පල්ලව බල පිරිහෙන්නට වනි. ආදිත්ය් (චෝල) යන ගේ ජයින් ඒ වඩාත් ශීඝ්රය වී. දසවැනි ශත වර්ෂය වන විට පාණ්ඩ්යශයෝ චෝළ බලයට නතු වූ හ.

පූර්වයෙහි කේරල දේශය පඤ්ච මණ්ඩල (නාඩු) යෙකින් යුක්ත වූ බව සැලැකීමට කරුණු ඇති. ග්රීන්ථා‍ශ්රියෙන් දතහැකි පරිදි (1) පූලි නාඩු (වැලි මණ්ඩලය) අගලප්පුලයෙහි සිට “පොනානි” ගංමෝය තෙක් වී. (2) කුඩම් නාඩු (පැලදිගු මණ්ඩලය) පොනානි නදියේ සිට පෙරියාර් නදියේ මෝය අසල එරන්කුලම තෙක් වී. (3) කුඩ්ඩම් නාඩු (විල් මණ්ඩලය) කෝට්ටයම ආශ්රි ත ව වී. (4) ඉන් දකුණේ කුමාරි තුඩුව තෙක් වෙන්නාවූ මණ්ඩලය වී. (5) ඉන් නැ‍ගෙනහිරි පස කර්කා නාඩුව (ගිරි මණ්ඩලය) වී. මෙම පස් මඩුල්ලෙක් යුක්ත වූ කේරල දේශය වෙලඳ තොටමුණු රාශියෙකින් යුක්ත වී. කොචිනයෙන් විසි අටමයිලයෙකින් මත්තේ පෙර දිගට ගුරු ඉසානීන් පෙරියාර් නදී තීරයෙහි පිහිටි “තිරුකරුර්” නම් පාලුගම පුරාතන කේරල දේශයේ අගනුවර වූ වඤ්ජි හෝ නඤ්චි පුරයයි. පෙරියාර් නදී මෝයෙහි පිහිටි “කරු වඤ්ජි








xxv

කළම්” නමින් ප්රාකට වූ ස්ථානය පසු කාලයෙහි එහි අගනුවර වී 1. කොයිම්බටුර් ප්ර්දේශය අ‍ාශ්රිකත ව පැවැති පුරාතන කොංගු දේශය ද පසුව කේරල දේශයෙහි ඇතුළත් වී. කේරල රාජයන් ගැන වැඩි යමක් දැන ගැන්ම අපහසු වේ. (1) පරාන්තක රජු ‍ගේ පියා වූ ආදිත්යැ චෝළ රජු හා මිත්රහව සිටි “ස්ථානු රවි” නම් කේරළ රාජයකු ගැන එහි ලේඛනයන්හි සඳහන් වේ. (ගජබාහු) ගාමණි අභය රජු “චෙන්කුට්ටුවන්” නම් බල සම්පන්න කේරල රාජයා ගේ පතිනි දේවාලයෙක උත්සව යෙක්හි සහභාගී වු බව සඳහන් වේ.

චෝළමණ්ඩලය නමින් ප්ර කට චෝළ දේශයෙහි අපට සඳහන් කළ හැකි ප්රමතම රාජයා නම් (වඩ්කනාසික) තිස්ස රජු සමයෙහි ලක්දිවින් සිංහලයන් ගෙන ගොස් කාවේරි නදිය අසල මයිල සියගණනක් දිග වේල්ලක් බඳවාලු කරිකාල චෝළයාය. හෙතෙම “කාවේරි පද්දි නම්” නමින් අභිනව පටුනක් ඇති කොට උරෙයියුර් නගරය වෙනුවට එය රාජධානිය බවට පැමිණ වී. දීර්ඝ කාලයක් රජකම් කළ මේ තෙමේ බෙහෙවින් පාණ්ඩ්යඑයන් හා කේරලයන් සමග සටන් කිරීමෙහි යෙදී සිටියේය. උහුගෙන් පසු ජගතන් පත්වූයේ උහු මුනුබුරු “නෙඩු මුඩි කිල්ලි” නම් තැනැත්තේ ය. මුහුගේ කාලයේදී කාවිරි පද්දිනම මුහුදින් විනාශ වී. ලක්දිවට චෝළයන් අල්වා ගෙනෙන ලද්දේ මෙම කාලයේ දී බව පෙනේ.

අරුවාලර ආදි ගෝත්රනයන්හි ජනයන් නැඟී ඊමෙන් චෝළ පාණ්ඩ්යා දීන් ගේ බලය ක්ර මයෙන් පිරිහී ගියේය. සතරවැනි ශත වර්ෂයේදී චෝළයන්ගේ කාඤ්චිපුරයෙහි පල්ලව රාජයකු සිටි බව පෙනේ. පල්ලවයෝ ක්රයමයෙන් චෝළ මණ්ඩලය අත් කොට ගත්හ. මෙම පල්ලව රාජයන් “මණ්පල්ලවම්” නමින් ද්රකවිඩ ග්රඩන්ථයන්හි සඳහන් වන මණිනාග දිවයිනැයි සිංහලයන් දත් යාපන පෙදෙසෙහි ජනයන් හා සමවංශපරම්පරා ඇතියවුන් බව සිතිය හැක. එසේ නම් ඌ නාග ගෝත්රජ ඇත්තෝ ය. ක්රිිස්තු වර්ෂ 300 ය වමණ කාලයේදී සමද්රළ ගුප්ත රජු දක්ෂිණ සින්ධු දේශය ජය ගැන්මට පැමිනෙන විට කාඤ්චිපුරයෙහි සිටියේ පල්ලව රාජයෙකි. එකල්හි චෝළයන ගේ බලය පිරිහෙමින් පැවැත්තේ ය.



1. කොයිම්බටුර්හි කරූර් නම් ස්ථානය පුරාතන කේරල දේශයේ අග නුවර වශයනේ බොහෝ ග්ර්න්ථකාරයෝ සිතති. ඒ යම් කිසි වැරදි හැඟීමක් නිසා ඇති වූ මතයෙකි.






xxvi

කාඤ්චිපුර පල්ලව රාජයා ගේ රාජසබාවට පැමිණි (ක්රිැ:ව; 640) “හ්යුිඒන් - ට්සාං” නම් චීන භික්ෂූන් වහන්සේ ගේ සටහන් අනුව එවකට චෝළ දේශය අතිශයින් පිරිහී පැවැති බවත් බෞද්ධ ශිෂ්ටාචාරය ඉන් තුරන් ව පැවැති බවත් තේරුම් ගත හැක. එවකට චෝළ දේශ පාලකයා වාලුක්යරරාජබලය නසාලු (ක්රි.:ව: 642) නරසිංහවර්මන් නම් පල්ලව රාජයාට අවනත ව සිටින්ට ඇත.

අටවැනි හත වර්ෂයේ මූල භාගයේ දී කාඤ්චිපුරයෙහි පල්ලවයෝ ද දක්ෂිණපථයේ වාලුක්යූයෝ ද බලය සඳහා අරගල කොට ගත්හ. ඌ චෝළයන් ගණනකට නො ගත්හ. වික්ර මාදිත්යක නම් වාලුක්ය රජ තෙමේ පල්ලවයන ගේ බලය සින්දේය. (ක්රිව:ව: 740). එක් අතෙකින් පල්ලවයන ගෙන් ද අනික් පසින් පාණ්ඩ්යොයන ගෙන් ද මැඩී සිටි චෝළයනට සිය බලය නැවතත් ඇති කොට ගැනුමට මින් සුදුසු ප්රනස්ථාවය එලැඹියේ ය. නව වැනි ශත වර්ෂයේ මැද භාගයේ සිටි “විජයාලය” නම් චෝලරාජයා ගේ පුත්රැයා වූ ආදිත්ය (ක්රි :ව: 880-907) චෝල රජ තෙමේ “අපරාජිත” පල්ලව රජු ජය ගෙන පල්ලව බලය සිඳලී.

ආදිත්යේ චෝළ රාජයාගේ පුත්රථයා වූ (10 පරාන්තක (ක්රි(:ව: 907) රජ තෙමේ පල්ලව රාජ බලය සිඳීමෙන් පමණක් තෘප්තියකට නො පැමිණ පාන්ඪ්ය් දේශය ද ජය ගෙන පාණ්ඩ්යස රාජයා පලවා හැර මතුරා පුරය ද අත් කොට ගති. (5) දප්පුල රජු සමයෙහි සිංහල රජු ගේ උපකාරය සඳහා අනුරාධපුරයට පැමිණ සිට මෙහි ඇති වූ කැළඹීමක් නිසා බියව කිරුළත් දමා කේරලමලය දේශයට පලා ගියේ පරාන්තක රජු විසින් පරදවන ලද මෙම (රාජසිංහ) පාණ්ඩ්යව රාජයා ය.

මෙතැන් සිට චොළයන ගේ බලය වැඩී ගියේ ය. ඌ නිතොරව අසල්වාසීන් හා සටන් කළහ. (3) කෘෂ්ණා නම් රාෂ්ට්රත කූට රාජයා හා කරන ලද “තක්කෝල” යෙහි සටනින් (1) පරාන්තක රජුගේ පුත්රරයා වූ “රාජාදිත්ය ” තෙමේ මරණයට පත් වී (ක්රි(:ව: 947-8) (1) පරාන්තක රජු ගේ මරණින් (ක්රිී:ව: 953) පසු රජ වූ චෝළරාජයෝ පස් දෙනෙක් ම ඉතා වියවුල් සහිත.ව පැවැති ස්වල්ප කාලයෙකින් අවසන් වූ. ඉන් පසු රජ තන් පත් වූ (මහා) රාජරාජ‍ දේව (ක්රි්:ව: 985) තෙමේ රජ බව සඳහා ඇති වූ අභ්ය න්තර වියවුල් නසා ලීමෙන් චෝළ බලය








xxvii

දක්ෂිණ සින්ධු දේශයෙහි අද්වීතීය ස්ථානයට නංවාලී. අටවිසි වසක් රට පාලනය කළ මේ තෙමේ චෝළරාජ්යහය අවට පෙදෙස් නතු කොට ලීමෙන් විශාල කෙළේය. අපේ (5) මහින්ද රාජයා රුහුණට පලවා හැර අඹයක් ඩැහැ ගත් වවුලන් මෙන් අනුරාධපුරය බදා ගෙන පොර කමින් සිටි කේරල, සිංහල භටයන් පලවා රජ රට අත්කොට ගත්තේ මේ චෝළ රාජයා වේ. (ක්රි,:ව: 1001) මුළු මදුරාසිරට මයිසූර් ප්රකදේශයෙන් විශාල කොටසක් හා ලංකාවේ උතුරු මහා සමබිමත් චෝළ මහා රාජ්යටයෙහි කොටස් වී. නොයෙක් පෙදෙස් ජය ගත් රාජරාජ දේව තෙමේ ක්රිරස්තු වර්ෂ 1005 දී කඩුව කොපුවෙහි ලා ඉතිරි කාලය සාම සුවයෙන් ගෙවී. ක්රි‍ස්තු වර්ෂ 1011 දී චෝළ චාරිත්රා නුගත ව පිය රජු හා එක් ව රාජ්යග පාලනය කිරීමට පත් වූ උහු පුත් රාජෙන්ද්ර දේව චෝළ තෙමේ “ගංගෙයි කොන්ඩ” යන නමිනුදු පතළ ව පියා ගේ අවසානයෙහි චෝළ රාජ්යේයේ අග රජ වී (ක්රිජ;ව; 1018) රුහුණින් (ක්රිද;ව; 1017 ?) සිය මෙහෙසිය හා අල්වා ගෙන ගොස් චෝළ මණ්ඩලයෙහි සිර කොට තබනු ලැබ දොළොස්වසක් මුළුල්ලේ පෙම්වත් ලක් මව සිහි කිරීමෙන් තැවී තැවී සිට මළ අපේ මහේන්ද්රළ රජුට අවසාන ගෞරවය දක්වා වුවමනා වී නම් “එක්දහස් එක්සිය තිස්වසෙකින් ඔබ්බෙහි සිට ජාතිකයකු මරා විශිස්ඨ ආකාරයෙන් අවසාන ගෞරවය දක්වමින් ජාතියක් පවත්නා තෙක් නොනැසෙන බුහුමනින් පිදු අභිශිෂ්ඨ මහා සිංහලයා හට ජාතික ණය ගොවීමට අවකාශ ලද්දේ මේ රාජේන්ද්රද චෝළ (ගංගෙයි කොන්ඩ) යාය ! (ක්රිජ;ව. 1029?)

___ // ___


අනුරාධපුර පරිහානි සමයේ දී “වාලුක්ය්” රාජයෝ දක්ෂිණ පථයෙහි බලවත් වූහ. වාලුක්යහ රාජයෝ “තුමූ උත්තර සින්ධු දේශයේ රාජ පුත්රෂ යන ‍ගෙන් පැවැතෙන්නෝයැ”යි ප්රේකාශ කෙරෙති. මෙම රාජයන ගේ ලේඛනයන්හි උන් අයෝධ්යන දේශයේ රාජය පරම්පරාවන ‍ගෙන් පැවත ආ පරිදි අගවන අභූත ප්රධවෘත්තිහු ද වෙත්. ඉතිහාසය පිළිබඳ එබඳු ප්රගවෘත්තීන් ගෙන් කිසිදු පිහිටෙක් නැති. ඒ කෙසේ වුවත් වාලුක්යුයන් රාජපුතානා ප්රයදේශයෙන් පැමිණියවුන් බවත් ඊට පෙර සිට පමුණු මතයන් ආශ්ර‍ය කිරීමෙහි පුරුදු ව සිටි ද්රපවිඩ ජනයන් නතු කොට ගෙන උන් පාලකයන් වූ බවත් පිළිගැනීමට සෑහෙන පමණ කරුණු ඇත්.







xxviii

මෙම වාලුක්යක රාජ පෙල ඇති කරන ලද්දේ බිජාපූර් මණ්ඩලයේ දැනට “බාදාම්” නමින් ප්ර කට “වාතාපි” නගරයේ වුසූ (1) පුලකේසින් (ක්රිද:ව: 550) නම් නායකයකු විසින්ය. හෙතෙම ක්ර මයෙන් තම හට අයත් ප්රිදේශය විශාල කොට ගත්තේ ය. උහු ගේ පුත්රමයන් වූ කීර්තිවර්මන් තෙමේත් මංගලේස තෙමේත් සිය පියා ගේ ප්රිදේශය පෙර පැල දෙ දිගට ම විශාල කොට ගත් හ. මුන් යටතට හසු වූ ජනකායන් අතුරෙහි කොන්කන් මෞර්යයයෝ ද වූ. කොන්කන් යනු බටහිරි ඝාට් කඳු හා සමදුතීරය අතරෙහි වූ බිම් පටියෙකි. එහි මෞර්යයයෝ ප්රකකට මෞර්ය රාජ පරම්පරා ඇත්තෝ වූ ල.

මංගලේසයන ගෙන් පසු වාතාපියේ රජ බව ලැබීමට කීර්තිවර්මයන‍ ‍ගේ පුත්රසයෙක් ද මංගලේසයන ගේ පුත්රමයෙක් ද සටන් කොට ගත්හ. එසේ වුවත් කීර්තිවර්මයන ගේ පුත්රංයා ජය ‍ගෙන (ක්රි :ව: 608) වාතාපියේ රජු මෙන් ඒ ළඟ වර්ෂයේදී ප්රුකට වී. මෙම ධෛර්යවත් රජ තෙමේ විසි වර්ෂයක් පමණ කාලයක් මුළුල්ලේ තම රාජ්යුය අවට පෙදෙස් නතු කොට ගැන්මෙහි ක්රි යා කෙළේ ය. උතුරු පැල දෙපස ලාට (දකුණු ගුජරට්) ගුර්ජර් (උතුරු ගුජරට්) රාජපුතාන මාලන කොන්කන ආදි පෙදෙස්හි මුහු ගේ බලය පැතිර ගියේ ය. (2) පුලකේසීන් නමින් ප්ර්කට වූ මේ තෙම පෙරදිග පෙදෙස් ද ජය ගත්තේ ය. හෙතෙම කෘෂ්ණා නදිය හා ගෝධාවරි නදිය අතරෙහි වූ “වෙංගි” ප්රයදේශය ජය ‍ගෙන උහු ගේ සොහොවුරු වූ කුබ්ජ විෂ්ණු වර්ධන කුමරුන් එහි අග්රග ආණ්ඩුකාර වරයා වශයෙන් පත් කෙළේය. (ක්රිෂ:ව: 611) ඒ ආණුඩුකාර තෙමේ තෙමේ ගෝධාවරී මණ්ඩගයේ දැනට “පීථාපුරම්” නමින් ප්ර කට පිෂ්ට පුරයෙහි වෙසෙමින් එපෙදෙස පාලනය කෙළේය. වර්ෂ කිහිපයකට පසු (ක්රිර:ව: 615) මේ තෙමේ අපරාධීන රාජයකු වශයෙන් ඉදිරිපත් වී පෙර දිග වාලුක්යන රාජ පෙල ඇති කෙ‍ළේය. අන්තිමේ දී චෝළරාජ පෙලෙහි නිමග්නව අතුරුදහන් වන තෙක් .(ක්රිි:ව: 1070). මෙම පෙර්දිෙග වාලුක්ය රාජ පෙල ද පැවැත්තේය. අනුරාධපුරයෙහි අපේ (2) අග්රඅබෝධි රජු සිටියදී යුද්ධයෙහි ආශා හැර මෙහෙසින් සමග මෙහි පැමිණ ස්තූපාරාමයෙහි ජෝතිපාල තෙරුන් සමීපයේ මහණව ගත් කාලිංග රාජයා ද මෙම පුලකේසීන් රජු ගේ සංග්රා මයන් නිසා පසුබට වූවෙකි.









xxix

දකුණු‍ පස චෝළ, පාණ්ඩ්යු, කේරල යන දේශයන්හි රාජයෝ ද මුහුගේ බලයෙන් කැලැඹි ගියහ. පල්ලව රාජයෝ ද මෙම පුලකේසින් රජු හා සටන් කළහ. නාරසිංහවර්මන් නම් පල්ලව රාජයා මෙම පුලකේසීන් රජු හා කළ සටනෙක් හිදීය. අපේ මානවර්චම කුමාරයාත් පල්ලව රාජයා ‍ගේ පක්ෂයෙහි සටන් කෙළේ. ක්රිර:ව: 630 වන විට නර්මදා නදියෙන් දකුණු පස සින්ධු දේශයේ ඉතා බලසම්පන්න රාජයා (2) පුලකේසීන් නම් වාතාපියේ ලත් දැයින් නො සැනැහෙන නරේශ්වරයා වී.

මුළු සින්ධු දේශය නතු කොට ගැනීමේ අදහසින් සටන් කළ හර්ෂ රජ තෙමේ ද ක්රි ;ව; 620 දී වාතාපියට පහර දීමට පැමිණියේ ය. සටනෙහි මනා පටුත්වයක් ඇති ඉතා පරීක්ෂාකාරී ව වසන (2) පුලකේසීන් රජ තෙමේ උහු ගේ සේනාවන් පරාජිත කොට පැලවී. දක්ෂිණ පථයේ මෙම බුහුටි රාජයා ‍ගේ කීර්තිය සින්ධූ දේශයෙහි පමණක් නොව පාර්ශි දේශයෙහි ද පතළේ ය. පාර්ශි දේශයේ (2) බුෂ්රූ රජු වෙත මෙරජු ගේ නියෝජිතයෝ පැමිණිය හ. පාර්ශි රජ තෙමේ ද මෙ රජු වෙතින් තානාපතීන් එවී. “හ්යුමඒන්-ට්සාං” නම් චීන භික්ෂූන් වහන්සේ (ක්රිෙ;ව; 641) පැමිණි කාලයේ දක්ෂිණ සින්ධූ දේශයේ සිටියේ මේ රජ ය. එකලට රජු ගේ වාසස්ථාන වාතාපිය නුවූ බව පෙනේ. උන්වහන්සේ මෙරජු ගේ මාලිගයට වඩනා කල්හි රජු සිටියේ “නාසික්” නුවර යයි පිළිගැනීමට සෑහෙන කරුණු ඇති බව (සින්ධු) දේශ වංශකථාකාරයෝ කියත්. මෙ වකට එහි සිටි සිංහල භික්ෂූන් වහන්සේ ගෙන් අසා ලක්දිව (3) මුලන් රජු ගේ මරණයත් සංඝතිස්ස රජු සමයෙහි හටගත් සාගතයත් මෙම චීන භික්ෂූන් වහන්සේ දත්හ. (2) පුලකේසින් රජු‍ගේ රණසූරතාවය ගැන චීන භික්ෂූන් වහන්සේ ස සඳහන් කෙරෙති.

(2) පුලකේසීන් රජු ක්රි්:ව: 609 සිට නිබඳව ක සටන් නිසා කාඤ්චිපුරයෙහි පල්ලව රාජයෝ පීඩාවට පත්ව සිටියහ. එසේ වුවත් වාතාපියේ රාජයා ගේ ජයත් සදාකාලික නො වි. ක්රි :ව: 642 සිට ජය පල්ලවයන ගේ පක්ෂය දෙසට ද නැමී ගියේ ය. පල්ල.වයෝ පුලකේසීන් රජු පරාජිත කොට නසා ලීමෙහි පොහොසත් වූහ. (1) නාරසිංහවර්මන් 1 නම් පල්ලව



1. ක්රිග:ව: 630 – 68






xxx

රාජ තෙමේ පුලකේසීන් රජු ගේ නගරයන් කොල්ල කා රජුන් නසා ලී. එසේ වුවත් වාතාපියේ රාජයා මහත් උත්සාහයෙන් ඇති කළ වාලුක්යන බලය තවත් තෙළෙස් වසක් වැන‍ි වැනි පැවැත්තේය. එකල්හි දකුණු දෙස වල්ලභ රාජයෝ ප්ර බලයෝ වුහ.

(2) පුලකේසීන් රජුගේ පුත්ර යා වා (1) වික්රභමාදිත්ය‍ (ක්රි :ව: 655) තෙමේ සිය පරපුරෙහි වැටී ගිය බලය නැවතත් නංවාලී. ක්රිය:ව: 674 දී හෙතෙම පල්ලවයන ගේ කාඤ්චිපුර බල කොටු බිඳවා නගරය ගති. පල්ලවයන් හා වාලුක්යුයන ගේ අරගලය සෑහෙන පමණ කාලයක් පැවැත්තේ ය. වරෙක ජය වාලුක්යුයන ගේ වී. තවත් වරෙක වල්ලභයෝ ජය ගත්හ. මෙම ක්ර්මය නිසා එපෙසෙද්හි සටන් තොර වී. මෙම (1) වික්රරමාදිත්ය රජු සමයෙහි වාලුක්ය. රජ පෙළේ තවත් ශාඛාවක රාජයෝ ගුජරාටය අත් කොට ගත්හ. වාතාපියේ වාලුක්යියන ගේ ත් කාඤ්චිපුර වල්ලභයන ගේ ත් අරගලය අනන්ත ස්වභාවයට පත්ව පෙනෙන්නට වී. වල්ලභයන ගේ අගනුවර නැවත්ත වරක් (2) වික්රතමාදිත්යභ වාලුක්ය රාජයා විසින් අල්වා ගන්නා ලදී. (ක්රි්:ව: 740)

කරුණූ මෙසේ පවත්නා අතර අට වැනි ශත වර්ෂයේදී මැද භාගයේ අමුතු පක්ෂයෙක සතුරෝ වාලුක්ය රාජයනට හමුවූ. “රාෂ්ටුකූටයෝ” යැයි ප්ර‍කට පඬ්ක්තියෙක නායකයකු වූ දන්නී දර්ගම නම් තැනැත්තෙක් (2) වික්ර මාදිත්ය රාජයා ගේ පුත්රෙ 92) කීර්තිවර්මන් නම් වාලුක්ය7යා පහ කොට උහුගේ රාජය ගති. (ක්රික:ව: 1753). මුල් වාලුක්යදරජ පෙල මින් අවසාන වී. රාෂ්ට්ර කූටයෝ ද දක්ෂිණ පථයේ ප්ර3බලවත්හුවූ. ශතවර්ෂ දෙකහමාරක් පමණ කාලයක් උන් ගේ බලය ද නො පිරිහී පැවැත්තේ ය.

වාතාපිය ජයගත් දන්තිදුර්ග රාෂ්ට්රවකූටයාට පසු රජ වූයේ උහුගේ පියාහට සොහොවුරු වූ (1) කෘෂ්ණ තෙමේය. (ක්රික:ව: 760) හෙතෙම රාෂ්ට්රරකූට බලය වඩ වඩා තිරකාට ගන්මින් වාලුක්ය් බලය පහ කෙළේය. මුහු ගේ වංශයෙහි ශාඛාවක් ගුජරාට් දේශයෙහි මුල් ගෙන නැගී සිට ගති. (1) කෘෂ්ණයන ගෙන් පසු උහු ගේ පුත්රටයකු වූ (2) ගෝවින්ද තෙමේ ස්වල්ප කාලයක් රාෂ්ට්රසකූටයන ගේ රාජයා වී. උග්රර සොහොවුරු ධ්රැ)ව හෝ ධොර නම් රාෂ්ට්රලකූට තෙමේ සටන් කිරීමෙහි බෙහෙවින් යෙදී සිටියේය. හෙතෙම හින්මාලයේ වත්සරාජ නම් ගුර්ජර රාජයා








xxxi

පරදවා ලූ බවත් වත්සරාජයන් විසින් ගෞඩදේශයේ රාජයා ගෙන් ගත් සෙසත් දෙක පැහැර ගත් බවත් කියයි. “ධ්රැයව” රාජයා ගේ පුත්ර යා වූ (3) ගෝවින්ද (ක්රි :ව: 793 – 815) තෙමේ රාෂ්ට්රයකූට රාජ පෙලේ මහා රන සූ‍රයෙකි. හෙතෙම උතුරු දෙසින් මාලවදේශය ‍හා වින්ධ්යාෂපර්වතය තෙක්ද දකුණු පසින් කාඤ්චිපුරය තෙක් ද සිය බලය පතුරුවා හැරියේ ය. තුංග භද්රාත නදිය තෙක් දකුණට උහු ‍ගේ ම පාලනය පැවැත්තේ ය. හෙතෙම සිය සොහොවුරු වූ ඉන්ද්ර‍රාජයා ලාටදේශයෙහි අග්රත ආණ්ඩුකාර ධුරයට පත් කෙළේය.

අමෝඝවර්ෂ (ක්රිෙ:ව: 815 – 877) නම් රාෂ්ට්රලකුට රජ තෙමේ බෙහෙවින්ම “වෙංගී” පුරයෙහි පෙර දිග වාලුක්යවරාජයන් හා යුද්ධයෙහි යෙදි කාලය ගත කෙලේය. දෙ සැටවසක් පමණ වූ උහු ගේ රාජ්යඉ කාලය බෙහෙවින් ගෙවී ගියේ සටන් සඳහාය. හෙතෙම රාජධානිය නාසික් නගරයෙන් මාන්යබබේත (දැන් මාල්බෙද්) නම් ස්ථානයට පැමිණැ වී. සුලයිමාන් (ක්රිද.ව. 851) නම් වෙළඳහු විසින් “බල්හාර” 1 නමින් සඳහන් කරන ලද රජ නම් මේ අමෝඝවර්ෂ රජ තෙමේ ය. ඒ සටහනේ ප්රරකාරයට හෙතෙම ලෝකයේ සිවුවැනි රාජයා වේ 2. මහලු වයසට පත් අමෝඝවර්ෂ රජ තෙමේ රාජ්ය ය ස්වකීය පුත්රජ (2 කෘෂ්ණ)යා හට පවරා ඉතිරි ජීවිත කාලය තාපස ප්රෙවෘජ්යාමවෙන් ගත කෙළේ ය. මේ කාලයේ දී ජෛනදෘෂ්ටියේ දිගම්බර නිකාය බෙහෙවින් සැලැකීම ලදී.

(3) ඉන්ද්ර (914-916) රජු ගේ කාලයේ දී කන්යිකුබ්ජය ජය ගැනීම ද පඤ්චාල දේශයේ “මහීපාල” රාජයා කලකට නෙරපාලීම ද සිදු වි. මහීපාල රජු යටතේ වූ සෞරෂ්ට්ර“ය ආදී පෙදෙස්හි රාෂ්ට්රලකූට බලය පැතිරී ගියේය.




1. ලේඛනයක්හි නානාප්රයකාර නාමයන්ගෙන් සඳහන් වන හෙයන් දක්ෂිණ සින්ධු දේශයේ රජුන් හැඳිනීම බොහෝ අපහසුය. එක් ලේඛනයෙක තවත් නමකින් ද මේ රාජයෝ පෙනී සිටිති. බොරු පුරාජේරු නාමයනට මූ බොහෝ කැමැති වූ බව පෙනේ. එක් ලේඛනයෙක පෙනෙන නාමයක් මෙසේ වේ. “මේදීකි මිසර ගන්දකත්තාරි ත්රි.නේත්රන සුලව නරසතනායක” (1) පුලකේසීන් නම් වාලුක්යන රජු ද “සත්යා්සුය” “රණවිකුම” “වල්ලභ” යන නාමයනගෙන් පෙනී සිටි බව පෙනේ. අපේ ද එක් රජෙක් විරුදු නාම තුන්සිය සැටක් ඇති ව සිටියේල ! නුවර කාලයේ සිටි අපේ රදලයෝ මෙබඳු දීර්ඝ නාම මාලාවන් පැළැඳ සිටියහ. 2. අනික් රාජයෝ තිදෙන නම්, (1) බෑග් ඩැඩි පුරයේ රජ (කලි - පා) 2. චීනයේ අගරජ 3. කොන්ස්තන්තිනෝපලයේ අග රජ




xxxii

(3) කෘෂ්ණ නම් රාෂ්ට්ර කූට රජ තෙමේ චෝල දේශයට පහර දාන්නට පටන් ගති. රාජාදිත්ය චෝළ රජ තෙමේ සටනෙහි මෙළේය. (ක්රි්.ව. 949) මෙකල්හි හින්දු වේධ ධර්මය හා ජෛන ධර්මය මුහුණුට මුහුණු පා සිට ගැනීමෙන් කෲරතර සටන් ඇතිවී.

(2) කක්ක නම් අන්තිම රාෂ්ට්රහකූටයා තෙයිල හෝ (2) තෙයිලප නම් වාලුක්යම නායකයා විසින් රාජ්යකයෙන් පහ කොට ලන ලදී. (ක්රි(.ව. 973) (2) තෙයිලපයා ගෙන් කල්යාිණි වාලුක්යය රාජපෙල ඇරැඹිණි. එද ශතවර්ෂ දෙකහමාරක් පමණ කල් පැවැත්තේ ය. වාලුක්ය රාජපෙල නැවතත් නංවාලු තෙයිල රජ තෙමේ සුවිසි වසක් රට පාලනය කෙළේ ය. හෙතෙම පූර්වයෙහි සිය රාජ පෙලේ රාජයනට අයත් වූ පෙදෙස් (ගුර්ජර් දේශය හැර) පෙරලා ජය ගති. මුහු වැඩි ‍කාලයක් ගත කළේ ධාරාහී රජ වූ මුඤ්ජ (පරමාර) රජු හා සටන් කිරීමෙහි ය. මුඤ්ජ තෙමේ සය සටනෙකින් ජය ලද්දේ ල. එසේ වුවත් අවසාන කාලයේදී තෙයිලයනට පලි ගන්ට අවකාහයක් ඇති වී. මුඤ්ජ තෙමේ දෙරට සීමාව වූ ගෝධාවරී නදිය ඉක්මවා වාලුක්ය් රජුගේ රටට පැමිණීයේය. තෙයිල රජ එකල්හි සටන් කොට මුඤ්ජ රජු අල්වා ගෙන රාජයයකුට සැලකිය යුතු පරිදි සංග්රතහ කෙරෙමින් සිරකාට සිටවී. පසුව ඉන් පලා යාමට අත්සාහ කළ හෙයින් එ රජුට දොරින් දොර සිඟා කන්ට සලස් වා පසුව හිස් සිඳුවා මරා දැමී. (ක්රි :ව: 951?) මින් දෙවසකට පසු තෙයිල රජ මෙළේය. උහු ගේ පුත්ර යා වූ සත්යා ශ්රටය රජු ගේ කාලයේ දී (මහා) රාජරාජ (ක්රි .ව. 985 – 1012) නම් චෝළ රජ තෙමේ විශාල භට සේනාවක් කැටිව ගොස් වාලුක්යේ දේශය යට පත් කොට ගති. දයා රහිත වූ චෝළයෝ බාල මහලු ස්ත්රිා පුරුෂ‍ භේදය නොතකා ජනයන් ද බ්රාිහ්මණයන් ද වනසා ලු (ක්රිල.ව. 1000?) අපේ රජ රට වැනසීමට පැමිණ (5) මහින්ද රජු අල්වා ගෙන ගියෝත් මේ චෝළයෝ වූ. (ක්රිභ.ව. 1017)