"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
128 පේළිය:
මෙය වීදි පෙරහර ලෙසින් හැඳින් වෙන්නේ පළමුවරට වීදියට බැස දේවාලය පැදකුණු කරමින් පෙරහර මග දිගේ පරිර්‍ශ්‍රය වටා ගමන්ගන්නා බැවින් විය හැකිය. එය මහ පෙරහරට කෙරෙන පෙර සූදනමේ දෙවන අවස්ථාව වැනිය. මීට දෙවේලේ පෙරහර යන ව්‍යවහාරයක් ද පවතී. ඒ නම භාවිතාවන්නේ කුමක් නිසාද යනු නිශ්චිතව සිතිය නොහැකිය. සමහර විටෙක ඒ මහපෙරහරට පේවීමේ දෙවන අවස්ථාව විය හැකිය. මළුවේ පෙරහර මෙන්ම මෙය ද දවල් පෙරහර (රාත්‍රියේ වඩා වේලාසනින් යන පෙරහර) හා රාත්‍රී පෙරහර ලෙස දිනකට දෙවරක් යාම පෙරසිටම පැවත එන සිරිත වේ. මෙය ද දින පහක් පැවැත්වීම කෙරන බව කියුවද කෙම්මුර දින එල්ලවන ආකාරයට හා පසලොස්වක පෝය දින යෙදෙන ආකාරය අනුව සමහර වසර වල දින හතරකට සීමා වේ. මේ පෙරහර බසින මුල්ම දින කපුටා අඬන වෙලාව හෙවත් උදෑසන 5.00 ට පමණ පුරප්පට්ටු නාදය ඇසෙයි. ඒ නාදය මළුවේ පෙරහරේ තිබුණ අංගවලට අමතරව තවත් විශේෂාංග කීපයක් වීදි පෙරහරට එක්වන බව හැඟවීමක් බඳුය. '''වීදි පෙරහර දිනවලට එක්වන නව විශේෂාංගයක් වනුයේ හෙන්දිරික්කාමල් පිපෙන වෙලාව හෙවත් "මල්වෙලාවට" (හවස 4.00ට පමණ) පැවැත්වෙන මල්තේවාව හෙවත් මල්වැඩමවීමේ පෙරහරය'''. මේ සඳහා '''මලවරපංගුවේ''' විශේෂ රාජකාරිකරුවකු වේ. '''ගැට්ටපාන ප්‍රදේශයේ පිහිටි මල්වත්ත''' පුරාණයේ දී සමන් පිච්ච වැල් රාශියක් වැවූ වත්තකි. සමන්පිච්ච වැල වසර සියගණනක් වුවද පවතින්නකි. '''ඉමිහිරි සුවඳක් විහිදුවන මේ සමන් පිච්චමල් විශේෂයෙන් අක්ෂි රෝග වලදී යොදාගන්නා වටිනා ඖෂධයක්වන අතර එම වැලේ කොල, පොතු, මුල් ආදී සෑම කොටසක්ම හෙල වෙදකමේදී භාවිතවන වටිනා ඖෂධීය කොටස් ද වේ'''. තද සුදු පාටට මෝදුවන මල් කැකුල අනිවාර්යයෙන්ම '''හවස හයට පමණ පිපී සුවඳ විහිදුවයි'''. පිච්චමල් පිපෙන වෙලාව ද හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව මෙන් මේ ප්‍රදේශයේ වෙලාව ගණනය සඳහාද යොදා ගැනුනකි. මේ මල පරවීමෙන් පසුව වුවද ඉවතදමන්නක් නොවේ. ඒවා එකතු කර හිසට තබාගන්නා කොට්ට සෑදීමට සුදුසු වේ. එහෙත් මෙසේ සකස් කරන '''සුවඳවත් මල් කොට්ටය බුදුන් පුදන්නක් මිස මිනිසුන් හිස තබන්නක් නොවේ.''' මේ පූජනීය මල් වල්ලි දේවාලයේ සිට මල් කරුවා විසින් ‍කතරගම දෙවියන්ගේ දේවාලයට වැඩම වීමේ පෙරහර මල්තේවය ලෙස ව්‍යවහාර වේ. එය පැවැත්වෙන්නේ හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට හෙවත් ප.ව. 4.00 ට පමණය. සිව්දෙනකු විසින් අල්ලන සුදු උඩුවියනක් යටින් අත්පන්දම් කරුවකු ද සමග මුකවාඩම් බඳින ලද මල් කරුවා සමග නිළ හේවිසි කණ්ඩායම වසින් සාමාන්‍ය ගමන් හෙවිසි නාදය පතුරවමින් මල් වැඩමවීම සිදුවේ. මෙවැනි පෙරහර අංගයක් අන්‍ය කුඩා කතරගම දේවාලවල දක්නට නොහැකිය. '''එම තේවාව රහස් රාජකාරියක් සේ''' සැලකෙන්නක් බැවින් වැඩිවිස්තර ලබා ගැනීමද නොහැකිය. මල්තේවා භාර රාජකාරි ඇත්තා විසින්, තමාට ප්‍රකාශකළ හැකියයි පවසන තෙරෙතුරු ස්වල්පය වන්නේ කලින් දින තමා විසින් පසු දින පිපෙන මල් කැකුළු, වෛතාල වෙලාවට නෙලා දෙහිගසක් මත තබන බවත් එම මල් රහසේම වල්ලි දේවලයට ගෙනැවිත් තබා පසු දින මල් තේවාව සඳහා යොදාගන්නා බවත් පමණි. මල් වැඩමවනු ලබන්නේ ද සුදු පිරුවටයකින් ආවරණය කර හිස තබාගෙන බැවින් කිසිවකුට වැඩමවනු ලබන්නේ කුමක්ද යනු දක්නට ද නොහැකිවේ. වීදි පෙරහරේ දක්නට හැකි මේ විශේෂ පෙරහර ඉන් පසුව මහ පෙරහරේ දින පහේදී ද පැවැත්වේ. පිච්චමල් පිපෙන වෙලාවට දේවාලයේ හැන්දෑ දුරය වැයීම ඇතුළුව මළුවේ පෙරහරේ පැවැත්වුනු තේවා සියල්ලම මේ දිනවලත් එපරිදිම පැවැත්වවේ. මළුවේ පෙරහර ‍පළමු දිනදී මෙන්ම මෙදිනද කාලතුවක්කු නාදය පෙරහර බැසීම සමගම නිකුත් වේ. විශේෂත්වය වන්නේ කාලතුවක්කු නාදය නිකුත්වන්නේ දේවාභරණ දේවාල පඩි පෙළ ඉක්මවා වීදියට සම්ප්‍රාප්තවීම පිණිස '''හඳගලට ළඟා''' වීමේදී වීමය. මේ සමගම වාගේ පත්තිනි දේවාභරණ රැගත් දෝලාව ද වීදි පෙරහරට එක්වීම සඳහා එහි සිට දේවාලය අබියසට පැමිණේ. අනතුරුව කුඹල් පෙරහරේ මෙන්ම පළමුව පලිහවඩන පංගුවේ අය විසින් "කපු නැටුම" ලෙස ද දකිනත නැටුම ලෙස ද ගැමියා හඳුන්වන දැකුම්අත් නැටීම සිදුවේ එය ද කුඹල්පෙරරේදී මෙනි. මේ සඳහා නියමිත ඇඳුම සුදු පිරුවටවලින් සැරසුන වේට්ටියක් හෝ සුදු සරමක්ද අත්දිගටම වැසෙන සේ හැඳගත් කමිසයක්ද වේ. එම කමිසය සරමට යටකර අඳින ලද්දකි. හිසේද සුදු තලප්පාවක් බැඳසිටී. ඊට ආව්නික පුරාණයේ සිට පවතින ඇඳුම එයම බව පැවසේ. නැටුම ඉදිරිපත් කරන්නේ තනිපුද්ගලයෙකි. ගායනය හා නැටුම් විලාසය කුඹල් පෙරහරටම සමානය. ඉන් අනතුරුව කුඹල්පෙරහරේ මෙන්ම කෝලක්කාරපංගුවේ නැටුම ද ආවේනික නයියන්ඩි නැටුමද පැවැත්වේ. මෙහිදී ඉදිරිපත්වන ගායනා දේව බලමහිමය හා මේ දේවාල පුවත් අඩංගු ගායනාවෝ වෙති. ඒ මගින් දෙවියන්ට සෙත්පතා සතුටු කරනු ලබන බවත් ගමට රටට සේත් සාදන ලෙසත් ඉල්ලා සිටින බව කියවේ. ඇතැම්විට දෙවියන්ට නෝක්කාඩු පවසන ගායනාවන් ද ඉදිරිපත් කෙරෙති. නැටමට දෙදෙනෙකු හෝ සමහරවිට සිව් දෙනකු සහභාගී වන අතර පෙරදී මේ සඳහා අට දෙනකු සහභාගීවූ බවද ඊටත් පෙර දහසය දෙනකු සිටි බව ද කියනු ලැබේ. මේ ගායනා සහ නැටමු නිමවීම සමගම මළුවේ විදානේගේ අණ නිකුත්වන්නේ සක් පිඹින්නාටය. මෙහිදී '''" හක්කාරයෝ "''' යනුවෙන් නිකුත්වන නියෝගය සමග මහ හඬින් සක්නාදය පැතිරයයි. ඒ සමගම පෙරහර පිටත්වීම සඳහා දවුල් තම්මැට්ටන් හොරණෑ තුරම්පේත්තු නාදය පැතිරයමින් පෙරහර දේවාල වීදියේ දේවාලය පැදකුණු වන ආකාරයෙන් ගමනාරම්භවේ. මෙලෙස පෙරහර ගමන් කරමින් ගැට්ටපාන ගමට යාවන පාර ඇරඹෙන තෝණ්ඩිය හන්දිය ආසන්නය දක්වා දේවාභරණ වැඩමවන හේවිසි නාදරටාව තෝණඩිය හන්දියෙදී වෙනත් නාදරටාවකට පෙරලීම පිණිස හෙවිසි කැඩීමේ වට්ටම නාද වෙයි. ඉන් අනතුරුව පෙරහර කොස්උරුප්පය දක්වා ගමන් ගන්නේ වෙනත හෙවිසි නාද රටාවකිනි. එම නාද රටාවද තානායම අසලදී සාමාන්‍ය ගමන් හේවිසි නාදරටාවට පැමිණේ. කොස්උරුප්පයට ගෙවදීමෙන් අනතුරුව කෝලම් නැටුම් හා නයියන්ඩි නැටුම් දැක්වෙන අතර එයින් අනතුරුව පෙරහර සිංහාසන වීදියෙට සම්ප්‍රාප්ත වේ. මෙහිදී ද හේවිසිය වෙනස්ම නාදරටාවක් බවට පත්ව තොටපල්ල පාලම ගම් දක්වා දිවෙන පාර ඇරඹෙන සිංහාසනගොඩ මංසන්ධිය දක්වා දේවාභරණ වැඩම කෙරේ. සිංහාසනගොඩ මංසන්ධියේදී හෙවිසි නාද කැඩීමේ වට්ටමකින් අනතුරුව පත්තිනි දේවාලය හා වල්ලි දේවාලය දක්වා දිවෙන මගට යොමුවන්වා සමගම නැවත ගමන් හේවිසි නාද මාලාව වාදනය වනු ඇසිය හැකිය. මෙහිදී පත්තනි දේවාභරණ එම දේවාලයට වැඩම කිරීමෙන් අනතුරුව ආලත්ති තේවාව පැවැත්වී පත්තිනි දේවාල පෙරහර නිමා වේ. මේ වනවිට වල්ලි මාතා කෝවිලට කතරගම දේවාභරණ වැඩමවා ඇති අතර පත්තින් දේවාල කටයුතු නිමවීමෙන් අනතුරුව වල්ලිදේවාලයේ ආලත්ති තේවය හා දිග්ගේ නැටුම පැවැත්වේ. කවිකාරපංගුවේ ගායනාවලින්ද අනතුරුව වල්ලි දේවාලයෙන් පෙරහර මහ දේවාලය කරා සම්ප්‍රාප්ත කරවන මහ දේවල වීදිය හෙවත් පහළ වීදියේදී වාදනය වන හේවිසි නාද මාලාව අමතුම එකක් බවට පත්වේ. පෙරහර හඳගලෙන් ඇතුළුව පඩි පෙළ නැගයන්නේ ද තවත් අමුතු හේවිසි නාද රටාවකිනි. මෙලෙස පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන් තේවාව පවත්වා නරවත රාත්‍රී පෙරහර හෙවත් රෑ පෙරහර පළමු පරිදි චාරිත්‍ර සියල්ල සමගින් පෙරහර මග දිගේ දේවාලය පැදකුණු කෙරෙන ආකාරයෙන් ගමන් ගනී. වීදි පෙරහර ද දිනකට දෙවරක් බැගින් ගමන් ගන්නා අතර මහ පෙරහර ආරම්භක දිනය කෙම්මුර දිනයක් එල්ලවන පරිදි දින පහක් හෝ හතරක් පැවැත්වේ. පෙරහර ගමනේදී හතර වීදියේ හේවිසි නාද රටා හතරකි. මේ දේවාලයටම අවේනික තාලපද සහිත මේ වාදන ශිල්පීය හැකියාව පරපුරෙන් පරපුරට උරුම කර දෙමින් ආවා මිස එහ් තාල පද හෝ කීමට වාදකයෝ ද නොදනිති. පෙරසිරිත හා වැඩිහිටියන් සමග වාදනය කරමින් ලද කළ පුරුද්ද හා පලපුරුද්ද අනුව වාදන සම්ප්‍රදායයන් මේ දක්වා සුරක්ෂිතව ඇතත් ඒවායේ අනාගත පැවැත්ම පිළිබඳව ඇති අවදානම සුළු එකක් නොවේ. පෙරහර දැක ඇති ඈත සිටින කෙනෙකුට එක් එක් නාද ශෛලීන් අනුව පෙරහර ගමන් ගන්නේ කුමණ වීදියේද යන්න නිවැරදිව අනුමාන කළ හැකි තරම් එකිනෙකට වෙනස් රටාවන් සහිත මේ වාදන සම්ප්‍රදාය උග්ගල් අලුත්නුවරටම අයත් එහි පමණක්ම දක්නට ලැබෙන අපූරු හා අසිරිමත් එකකි.
 
<big><big>'''මහා පෙරහර'''</big></big>
 
වීදි පෙරහරේ අවසන් දින රාත්‍රියේ දේවාලයට සම්බන්ධ සියලු රාජකාරි ඇත්තෝ රෑ පෙරහර නිම කර ගෙවලට නොයති එදින රාත්‍රිය පුරා පසු දිනට සූදානම්වීම දේවාලය සැරසිලි කිරීම මහා පෙරහර වැඩම කිරීමට ැවශ්‍ය විශේෂිත භාණ්ඩ වර්ග වෙන් කිරීම, පිරිසිදු කිරීම, ඔපගැන්වීම, සුළු අලුත්වැඩියාවන් කිරීම, නියමිත රාජකාරි ඇත්තන් වෙත භාර දීම ආදී කටයුතු රාශියක් සිදු වේ. මේ අවස්ථාවන් වෙනත් අයට දැකබලා ගැනීමට ද තහනමක් පෙරසිරිත අනුව පනවා නොමැත. එය ඒවායේ සුරක්ෂත තාව පිළිබඳව සලකා ඇති වූ සිරිතක් වැන්න. එහෙත් දේවාභරණ වැනි වැඩහිටින මාලිගයේ භාණඩ පිළිබඳ රහස්‍ය භාවයේ සීමාව ඇතුල් කට්ටලේ යා හැකි රාජකාරි පංගුහිමිකරුවන් කීප දෙනකු දක්වා පමණක් ලිහිල්වෙමින් සීමා සහිත එකක් බවට පත්වේ. ඒවා කිසියම් ආකාරයකින් දැකීමට අමතර අවස්ථාව ලැබෙතොත් ඒ රන්සළු පංගුවේ හිමිකරුවකුට හා නවම් පංගුවේ නියම්ත උරුමකරුවාට පමණකි. එය ද එදිනටම පමණක් වීම ද විශේෂතාවක් වේ. නානුමුර මංගල්‍යයේදී අවශ්‍ය වන් විශේෂ සේවාවන් නිසා මේ අයගේ සම්බන්ධතාව ලබාගන්නා බව කියනු ලැබේ. ‍නානුමුර මංගළ්‍ය අවස්ථාවේ පිටත සියලු රාජකාරි ඇත්තන් රැඳී සිටිතත් සුබ මොහොතෙන් සිදුවන මේ අවස්ථාව නිමවනතුරුම හේවිසි නාදය ප්‍රදේශය පුරා පැතිරයයි. නානුමුර මංගල්‍යය සඳහා දෙවියන්(දේවාභරණ ) "අහරතලාව" හෙවත් "ආරශාලාවට" වැඩමවන බව කියන අතර වැඩසිටින මාලිගය වටා ඉදි කර ඇති අඩි 10 ක් පමණ උසැති තාප්පයකින් ආවරණය වන ස්ථානයක් බැවින් එහි රහස්‍ය භාවය සීමා වේ. පිටස්තරයන්ට ඇසෙන හේවිසිනාදයෙන් ඒ ඒ අවස්ථා අන් අයගෙන් අසා ඇති ආකාරයෙන් සිතේ මවා ගැනීමට වැඩි දෙයක් කළ නොහැකිය. එය එතරන්ම '''රහසිගත විශේෂිත දේව මංගළ්‍යයකි'''. පසුදාට පහන් වීමට පෙර "වෛතාලවේලාවට" යෙදෙන සුබ මොහොතකින් මේ කටයුත්ත සිදුවේ.
පසුදාට පහන් වෙත්ම වීදිය මහා පෙරහරට ලහිලහියේ සූදානම් වේ. මහබඹා බැඳීම රහසිගත ස්ථානයක සිදුවන අතර සුබ මොහොතින් රථය රථ ගෙයින් දේවාල මිදුලට වැඩමවනු ලබන්නේද මේ අවස්ථාවේ වෙයි. එයින් පසුව මීත්‍රීගේ පංගුවේ අය සහ තවත් විහශ්ෂිත රාජකාරි පංගුවල ඇත්තන් විසින් රථය සූදානම් කෙරේ. රථය පේකිරීම පිණිස සැරසීමෙන් අනතුරුව නයියින්ඩිකාර පංගුවේ ඇත්තන් විසින් නටමින් ඉදිරිපත් කරන යාදානි ගායනා සිදුවන්නේ පස්වරු ‍2 කත් 3ත් අතරදීය. උඩවීදියේ ‍තානායම අබියස ඊට මීටර 200 ක් පමණ නුදුරින් රත්වර්ණයෙන් යුත් කොඩියක් මුදුනේ ලෙල දෙන පරිදි "කුඹගස" සිටුවනු ලැබේ. එය මීටර් 12 ක් පමණ(අඩි 40 ක් පමණ) උස පිරිසිදු කළ ශක්තිමත් පුවක් ගසකි. මුදුනේ රතු වර්ණ කොඩියට අමතරව පෙරදී සුද කොඩියක් ද වූ බව කියවේ. මෙවැනිම කුඹ ගසක් පත්නි දේවාලය අබියස ද සිටවීම කළ අතර එය මෑත සිට ඉටු නොවේ. (පෙරහර පසුවී දින හතක් යනතුරාම මෙය නොගලවා තැබීම ද පෙරසිරිතකි)හෙන්දිරික්කා මල් පිපෙන වේලාව හෙවත් "මල් වෙලාවට" මල් තේවාව සිදුවේ. මහබඹා සූදානම් කර දේවාලය ඉදිරිපිටට ගෙන එනු ලබන්නේ මල් වෙලාවද පසුව ගිය විටය. එහි මුහුණ තවමත් සුදු රෙද්දකින් වසා තැබෙන අතර සැරසීම ද සම්පූර්ණ කර නොමැත. එය සම්පූර්ණ වන්නේ පෙරහර පිටත්වීමට සූදානම් වීමට ආසන්න මොහොතේදීය. ඒ සඳහා මල් චීත්ත කැබෙල්ලක් ලබා ගැනීම පිණිස රාත්‍රී හතට පමණ නයියන්ඩිකාර පංගුවේ රාජකාරි ඇත්තා බස්නායක නිළමේ හමුවට එයි. එය ද පෙරසිරිතට අනුව සිදුවන්නකි. එය සෑම පෙරහරකදීම පළමු දිනයේ අලුත් චීත්ත කැබෙල්ලක් බස්නායක නිළමේවිසින් ඒ සඳහා ලබා දීම ද පෙර සිරිතය.මහා පෙරහර පිටත් වීමට පළමු මලදීම සිදුවන "මහබඹා නැටීමට ආසන්න මොහොත්වන තුරුම මහබඹාගේ මුහුණු ආවරණය ඉවත් නොකර තබන අතර මුහුණු ආවරණය ඉවත්වන්නේ නැටීමට සූදානම්වන අවස්ථාවේදීමය.