"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
71 පේළිය:
'''<big>කුඹල් පෙරහර</big>'''
 
මාසෙ‍ පෝයගිය ගිය පෑලවිය දින (අමාවක දින හෙවත් මසෙ පෝය දිනට පසුදින) පටන්ගෙන කුඹල් පෙරහර දින පහක් පැවැත්වේ. කුඹල් පෙරහරමේ දින පහ මෙන්ම ඊ ළඟ වීදි පෙරහර දින පහද මහා පෙරහරට පේවීමක් බඳුය. කුඹල් පෙරහර දින උදෑසන බස්නායක නිළමේ ගේ ප්‍රධානත්වයෙන් දේවාල පරිශ්‍රයේ සිදුවන ප්‍රධාන කටයුත්ත වන්නේ කඩබිම් වෙන්දේසියයි. මෙදින ගැමියන් අතර ඇතිවන තරගයේදී ඇතිවන සුළු ගැටුම් කාරී තරගය මළුවේ විදානේ විග්‍රහකරන්නේ සුරඅසුර යුද්දයේ ආරම්භක නිරූපනය සේය.ඔහුගේ මතය පරිදි පෙරහරේ එක් සංකේතාර්ථයක් වන්නේ ද එම යුද්දයද සිහිපත් කරමින් සුරයන් ගේ ජයග්‍රහනය සැමරීමකි. මේ වෙන්දේසියේදී බොහෝ විට එකම පවුලේ අය අතර පවා ගැටුම් කාරී බවක් ඇතිවේ. එය මෑතදී පමණක් නොව ඉතා ඈතදී පවා එසේම වූ බව ද පැවසේ. මෙහිදී නරක අය යැයි ඔවුන් විස්නම සම්මත කර එක් පක්ෂයක් විසින් හඳුන්වන ප්‍රතිවිරුද්ද පක්ෂයේ අයට '''දේවක්කේඩුව''' ඇතිවන බවක් පවසනු ඇසිය හැකිය. පෙරහර අරඹී නිමවන තෙක්ම බොහෝ රාජකාරි ඇත්තන් ආවේගශීලීව හැසිරෙන ආකාරයක් නිතරම දක්නට ලැබීම ද ස්වභාවයක් බඳුය. එහෙත් මේ සියලුම ගැටුම් දිය කැපීමත් සමග නිමාවන බවත් පෙරසේම පවුල් බැඳීම් ශක්තිමත්ව තහවුරුවෙමින් ප්‍රජාව අතර ඇති සුහද සබඳතාව පුනර්ජනනය වෙමින් තහවුරු වන බවත් මළුවේ විදානේ ගේ විග්‍රහයට ද ඇතුලත්ය. ලේඛකයා ගේ අත්දැකීමද නිගමනයද ඒවා අපූරු තාවකාලික ආරවුල් පමණක් බවය.
සවස '''හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට''' (ප.ව. 4.00 ට පමණ) '''“හැන්දෑදුරවාදනය”''' දේවාලයෙන් ඇසෙයි. ‍එය දවුල් තම්මැට්ටන් සහ හොරණෑව යන උපකරණ යොදාගනිමින් මහ හඬින් වැයෙන හේවිසියකි.
සෙසු නොපැමිණි අයට පෙරහර තේවා(පෙරහර සම්බන්ධ කටයුතු) සිහිපත් කිරීමට නැවත කරන සිහි කැඳවීමක් බඳුය. මේ දක්වා දේවාලයට නොපැමිණි අය වෙත්නම් දේවාලයට යුහුසුළුව එන බව මෙහිදී දක්නට ලැබේ. සියලුම රාජකාරි ඇත්තෝ දේවාලයට පැමිණ '''පළමුවෙන්ම බුදුන් වැඳ පන්සිල් ගෙන දෙවියන්ට පින්දීම සිරිතය'''. චෛත්‍යය බෝධිය හා විහාරගෙට ගොස් බුදුන් වැඳීම, පෙරහර සඳහා කරන අසන්නතම සූදානම බඳුය. ටිකවේලාවකින් නැවතත් හැන්දෑදුරවාදනය හා උංගිරි තේවය හෙවත් '''හුන්කිරි තේවය''' සිදු කෙරේ. හුන්කිරි තේවය යනු දේවාලයට ගිතෙල් හා පොල්තෙල් වැඩමවීම වේ. (තේවාවාදන පිළිබඳ ‍පරිච්ඡෙදය බලන්න) පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනා පිළිබඳ විමසා බලමින් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විධිවිධාන සැලසීම කෙරෙන්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විසිනි. '''ගණිත පංගුව''' භාර රාජකාරි ඇත්තා තමන්ට නියමිත ස්ථානයේ, එනම් දිග්ගෙයට පිවිසෙන දොරටුවේ දකුණු පසින් හමුවන කුළුණ පිටුපස '''“පෑතැටිය”''' තබා ඒ පිළිබඳ නිරීක්ෂනාක්ෂිය යොමු කරගෙන සිටින ආකාරය සෑම පෙරහර දිනවලම දක්නට ලැබෙන විශේෂ ලකුණකි. '''එම කුළුණ ඉදිරිපස ඇත්තේ අත්තනායක නිළමේ ට වාඩිවීම සඳහා පැනවූ මිටි ආසනයයි'''. පුරාණයේ සිට තහවුරු වී ඇති සම්මතයක් දැකිය හැකිය. '''දේවාලයේ වාඩිවීසිටීමේ අවසරය ඇත්තේ අත්තනායක මො‍ෙහාට්ටාල නිළමේට පමණකි'''. ඒ විශේෂ වරමකි. '''“දේවකාරිය”''' හෝ '''“රාජකාරිය”''' සඳහා එන කවරකුටවත් ඒ වරම නැත. බස්නායක නිළමේවරයා වුවද දේවාලයට පැමිණියොත් සිටිය යුත්තේ හිටගෙනය. පෙරහර බැසීමට (දේවාලයෙන් පිටවීමට) නියමිත සුබ වේලාව දැන සිටින්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විදානෙ වරයා කපුමහතා සමග ඇතුළු කට්ටලේ අය වැනි වගකිවයුත්තෝ කීපදෙනෙක් පමණි. '''නැකත රහසක් වශයෙන් තබා ගැනීම පෙරසිරිතය.''' නියමිත වේලාවේ සුබ මොහොත එළඹීමට ආසන්න වෙත්ම ගණිත පංගුවේ රාජකාරි ඇත්තා විසින් ඒ බව අත්තනායක නිළමේට දැනුම් දීමත් එමගින් විදානෙට දැනුම් දීමත් නියමිත නිළ කාර්යයි. මේ දැනුම් දීම් කටවචනයෙන් නොව විශේෂිත සංඥා මගින් හැඟවේ. මෙහිදි කටවචනයෙන් ප්‍රකාශවන සාම්ප්‍රදායික එකම වදන් මාලාව වන්නේ විදානේගේ නියෝගයයි. තමාට නියමිත කුළුණ අසලට යන '''මළුවේ විධානේ පෙරහර සඳහා ආඥාව නිකුත් කරයි'''. එය මහ හඬින් කෙරෙන දැඩි නියෝගයකි. ඒ සඳහා නියමිත සාම්ප්‍රදායික වදන්මාලාව අදත් එලෙසම භාවිත වේ. ඒ විධානය මෙ පරිදිය. '''“ගංදෙකේ නිලමක්කාරයෝ ඇවිල්ල ඉන්නවද ...? ආලත්ති ඉලංගංවලින් ඇවිල්ල ඉන්නවද...? නීලපන්දම අරන්වරේන්..... රාජකාරියට ලැහැත්ති වෙයල්ලා...”''' මේ විධානය මහා හඬින් නිකුත්වීම සමග දේවාලයතුළ පැතිරයන්නේ දැඩි නිහඬතාවයකි. මේ අවස්ථාවේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා ආසනය මත වාඩිවී සිය '''නිළ යෂ්ටිය'''( බස්තම) තබා ගෙන සිටී. මේ සමගම '''හෙවනැන්නැහැවරු''' දිග්ගේ දොරටුව හා හේවිසි මණ්ඩපයේ ඉදිරිපස දක්වා මග ඉඩ ලබාගැනීම පිණිස තම හෙල්ල ඉදිරියට දිගු කර '''“සංහි‍ෙඳ් සංහි‍ෙඳ්”''' වශයෙන් හඬ නගයි. එය තේරුම් නොගන්නා බැතිමතුන් හෝ දරුවන් වෙත්නම් සෙසු රාජකාරි ඇත්තෝ රහසින් මාර්ගයන් ඉවත්විය යුතු බව තේරුම් කර දෙති. මේ සමගම ඉතා යුහුසුළුව පැමිණෙන '''“නීලපන්දම”''' භාර (නිලපන්දම හෙවත් official torch ) රාජකාරි ඇත්තා දේවාලයේ '''ඇතුළු කට්ටලයට'''(වැඩසිටින මාලිගයට) පිවිසෙන මහ දොරකඩ අබියස (Shrine room door) එය බිමතබා තෙවරක් '''“පසඟපිහිටුවා”''' නිහඬව නමස්කාර කරයි. ඒ විගසම '''“ගංදෙකේ නිලමක්කාරයන්”''' ද පැමිණ පේලියට සැදී පසඟපිහිටුවා නමස්කාරකරති. පරිසරය තවමත් නිහඬය. ශාන්තිමණ්ඩපයට හෙවත් හේවිසි මණ්ඩපයට පිවිසෙන පඩි පෙළ අබියසට පැමිණෙන '''“වාහල් බෙරකරු”''' එම බෙරය වාදනය කරන්ට පටන්ගනී. එය අප සාමාන්‍යයෙන් දකින සබරගමු සම්ප්‍රදායේ ඇති දවුල , තම්මැටිටම, උඩරට බෙරය හෝ පාත රට බෙරය ද නොවේ. '''මද්දලයට තරමක සමානකමක් ඇති මේ දේවාලයේ මේ තේවාව සඳහාම ආවේනික විශේෂ බෙරයකි.''' බොල්තුඹයේද මෙවැනි වාහල් බෙරයක් ඇතිමුත් එය හෝ සොරගුණය දේවාලයේ දක්නට ඇති බෙරයට සමානවන්නක් ද නොවේ. වැයෙන පදයේ සාමානකමක් ද නොපෙනේ. එහි වාදන පදය පහත පරිදි අදාල රාජකාරි ඇත්තා දක්වයි.