"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
උග්ගල් අලුත්නුවර විටෙක කුඩාකතරගම දේවාලය වශයෙන්ද තවත් විටෙක රජමහාවිහාරය වශයෙන්ද තවත් විටෙක කුඩාකතරගම දේවාලය හා රජමහාවිහාරය යන අංග දෙඅංශයෙන්ම ද බැතිමතුන් අතර වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථානයක්ව පැවති බවට සාධ හමුවේ. ඉදි කළ වකවානුවේ රජතුමාවිසින් දාගොබක් විහාර ගෙයක් කරවා දේවියන් උදෙසා තෙමහල්පායක් කරවා පළමුවරට ඇසල පෙරහර පැවැත්වූ බවද දේවාල පරිපාලනය සඳහා විදිමත් වැඩපිලිවෙලක් සැකසූ බව ද දැක්වේ එකල එය ප්‍රධාන වශයෙන් වැදගත් වී ඇත්තේ කඳසුරුඳුන් උදසා කළ දේවාලය වශයෙනි. 1712 කන්දකුමාර සිරිත ලියද්දී ද දේවලය ඉස්මතුව කැපී පෙනෙන සිද්ධස්ථානය විය. උග්ගල් අලුත්නුවර පළමු පෙරහරේ ධාතුකරඩුවක් වැඩමවූ බවට සාධක නැත. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ වැලිවිට සංඝරාජයාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් උපසම්පදාව නැවත පිහිටුවා මහනුවර දේවාල පෙරහර අතරට පෙරමුණෙම ගමන්ගන්නා දළදා පෙරහර ස්ථාපනය වීමේ ආභාසය උග්ගල් අලුත්නුවරට ද ලැබී ඇති බව පෙනේ. දාගැබ විහාර ගෙය හා ශ්‍රීමහා බෝධිශාඛාව නිසා මේ සිද්ධස්ථානයේ ආගමිකවතාවත් මලදීම හැඩ ගැසී තිබුණේ බෞද්ධ වත්පිළිවෙත් මුදුන්මල් කඩ සේ සලකමින් බැවින් ධාතු කරඩුවට මුල්තැන දී පෙරහර පැවැත්වීමේ සම්ප්‍රදාය ඇතිවීම නිරායාසයෙන් සිදු වුනා වැනිය. කෙසේ වුවද උග්ගල් අලුත්නුවර වැසියන් ගේ ආගමිකවතාවත් විමසනවිට අදද කැපීපෙනෙන ලක්ෂණයක්ව ඇත්තේ බෞද්ධාගමිකවතාවත් වලට මුල්තැන දීමකි. කතරගම දෙවියන් මෙහිදී සැලකෙන්නේ හින්දුසමයේ සැලකෙන කන්දසාමි දෙවියන්ට වඩා ශාසනාරක්ෂක කතරගම දෙවියන් ලෙසය. බෞද්ධවත් පිළිවෙත්වලට පටහැනි වූ ශරීරයට වදහිංසා දීම බිලිපූජා වැනි තත්වයන් කිසිකලෙක තිබූ බවට වාර්තාවක් පුරාණ තොරතුරු අතර හමු නොවේ. ගින පෑගීමේ හා ශරීරයට කටු ගසා වදදීමේ පුද පිළිවෙත් ඇතිවී ඇත්තේ 1970 දශකයෙන් පසුව බව පෙනේ. 1870 විහාර දේවලගම් පනත යටතේ සකසා ඇති ලේඛනය පරීක්ෂා කරද්දී ද ඍජු හින්දුවත් පිළිවෙත් හමු නොවන අතර 1712 කන්දකුමාර සිරතේ කවිවලද බුදු බැතිය මුසුවී ඇති සැටි මනාව පෙනේ. '''මේ හේතූන් නිසා අපූරු ආගමික සහයෝගීතාවක ලක්ෂණ උග්ගල් අලුත්නුවර ආගමිකවතාවත් අතර කැපී පෙනෙයි. දේවලයේ කටයුතුවලට සිංහල බෞද්ධයින් සේම දෙමළ හින්දු බැතිමතුන්ද කිසිදු භෙදයකින් ‍තොරව අදත් සහයෝගය දෙති. වැඳුපිදුම් කරති'''.
 
<big>'''බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් !'''</big>
 
බෞද්ධ සැදැහැවතුන් සියලු දෙනාම දේවාලය ද වන්දනා කර දෙවියන්ට පින් දෙන අතර දේවාලයේ වතාවත්වල හෙවත් රාජකාරියේ යෙදෙන සියලු දෙනාම ද චෛත්‍යය, බෝධීන් වහන්සේ හා විහාරගෙය වන්දනාකර බුදුන්ට මුල්තැන දී දේවාල කටයුතු වල නිරත වෙති. දෙවියන් ඉදිරියේ යාතිකා කරන කපුමහතා පන්සිල් ගෙන බුදුන් වඳිමින් කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනාකර දෙවියන්ට පින් දී දේව යාතිකා කරන බව අදත් දක්නට හැකි ලක්ෂයකි. පෙරහර පිටත් වීමට පෙර පිරිත්නිළය භාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරහරින් වැඩම කරවා පිරිත් ස්ජ්ඣායනා කරවීම ස්ථාපිත පෙරසිරතකි.පිරිත් කියා දෙවියන් සතුටටපත්කර පෙරහර කරවන බව රාජකාරි ඇත්තෝ පවසති. එහෙයින් කතරගම දෙවියන් ශාසනාරක්ෂක වරම් ලැබූ මහේශාඛ්‍ය දෙවියන් සේ බුද්ධාගම රැකගනිමින් බෞද්ධ වූ තමන්වද මෙලෝ වහයෙන් රැකගන්නා බව බැත්මත්තු විශ්වාස කරති. නිතර පින් කර දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතු බව අදහති. '''මේ සඳහා දේවාල මළුව තුළ ස්ථාපනය කර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ පූජාවස්තූන්ට කිරි ආහාර පූජාකිරීම උදය හා දහවල ද හවසට දැහැත් ගිලන්පස ද ත්‍රිවිධ බෝධීන් උදෙසාම පූජා කිරීම සාමාන්‍ය දෛනික පිළිවෙත විය.''' 1870 කොමසාරිස් ලේඛනයේ දැක්වෙන අන්දමට පිරිත් නිලය සඳහා පූජ්‍ය හේවාදිවෙල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කළ අතර '''පූජ්‍ය ගංගොඩඅරාවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගේ කටයුතු ලෙස දක්වා ඇත්තේ “විහාරයේ නිතර රැඳී සිටීම හා උදය දහවල කිරි ආහාර පූජා කිරීම හා උදය සවස මල් පහන් පූජා කිරීම”''' වශයෙනි. එහි අංක 6 යටතේ '''මෙම විහාරයේ නඩත්තුව සඳහා වෙන් කර ඇති ඉඩම් පංගු ද දැක්වේ'''. රජමහා විහායක් වශයෙන් වෙන් කළ විශාල විහාරගමක් නුවූවද ඉහත කී ලෙස 1870 දී ද විධිමත්ව ලේඛනගතවී තිබීමම විහාරයේ පැවති ඓතිහාසික වටිනාකම පෙන්වා දෙනු ලබයි. මහනුවර රාජධානිසමයේ ලියැවුනු '''අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ''' කෘතියක් හැටියට සැලකෙන '''“විහාරඅස්න”''' හෙවත් '''“නම්පොත”''' ලංකාවේ මහනුවර යුගයේ පැවති අධ්‍යාපන කේන්ද්‍රස්ථාන වූ පන්සල් හෝ පිරිවෙන් වල භාවිත වූ '''මූලික පෙළ පොත විය'''. හෝඩිය ඉගෙනීමෙන් පසුව ශිෂ්‍යයා “විහාර අස්න” හෙවත් “නම් පොත” වනපොත් කළ යුතුවේ. ඒ සමගම නම් පොතේ අඩංගු සිද්ධස්ථාන ගැන හැදෑරීම එවන් ස්ථාන වැඳ පුදා ගැනීම පිණිස වන්දනාගමන් යාම මගින් සාරවත් අධ්‍යාපනික අත්දැකීම් ලබා ගැනීමත් සිදුවිය. මේ වන්දනාගමන් යනු සිය උරුමය හදාරන සිසුවාට අධ්‍යාපන චාරිකාවන් බවටපත්වුනා නිසැකය. නමි පොතේ එකල ප්‍රකටව පැවතිලංකාවේ ‍ සිද්ධස්ථාන 267 කි. ඒ අතර “උග්ගල් අළුත්නුවර” ද අන්තර් ගත සිද්ධස්ථාන නාමයකි. මේ අනුව විහාරය හා සමග දේවාලය ද දිවයිනේ ප්‍රකටව පැවතුනු බව කිය හැකිය.